LightReader

Chapter 64 - 64

සුනීතා .....සුනීතා .....හ්හ්හ්හ්

අනෙ.....සුනීතා ....

සුනීතම්මගෙ උගුරු දන්ඩෙම්ම කපලා ගිහින් තිබුනා...බෙල්ල කපන් ගිය පාරට කානුවක් කපලා වගේ කට ඇරිලා තිබුනා....කහ පාට ඔසරිය බලාගන ඉද්දි ලේ පෙගිලා ගියා ... ගොජ ගොජ ගාලා ලේ විද්දවන්න ගත්තෙ හරියටම වතුර බටලයින් එකක් පිපිරුවහම වතුර ලීක් වෙනවා හා සමානවම වෙනකොට වලව්වට හෙන පිට හෙන වැදුනා....

අහසෙ පුපුරපු හෙන පාරට රත් කෙහෙල් ගාලම කඩාගන වැටුනා ....අත්තම්මා විලාප තියනකොට ගුරාගෙ ගෝලයො ඊට වඩා කෑ ගහනවා.....

ගුරුන්නාස්සෙ.....ගුරුන්නාස්සෙ...ගුරුන්නාසේ...හ්හ්හ්.....

අප්පච්චි .....

ගුරුන්වහන්සෙ....

මම අප්පච්චි දිහා බලන් උන්නා...අප්පච්චි උන්නෙත් තුශ්නිම්භූත වෙලා වගේ උන්නා...පහන් පැල සම්පූර්නයෙම්ම ඇවිලිලා ගිහින්...රීරියකා ආවේස උන එකා ගිහින් තිබුනෙ ගුරුන්වහන්සෙගෙ බෙල්ල කඩාගන වෙද්දි කපපුදෙහි සීසීකඩ විසි වෙලා තිබුනා...

සුනීතා.....අයියෝ.....මහත්තයා....මගෙ කෙල්ල....සුනීතා...හ්හ්හ්...අයි අයියෝ...සුනීතා....මගෙ කෙල්ල...සුනීතා..

ආච්චි අම්මා තනි ඇහෙන් ඉදන් සුනීතා ගගා ගිරිය පලාගන කෑ ගැහුවා....එහෙන් ගුරුන්වහන්සෙ ....මේ පැත්තෙන් සුනීතම්මා අවසන් ගමන් ගිහින් තියනකොට සෙන්කඩගල අහසට අද දුක අහල අවසානෙදි දුකට හේතුව හොයපු දවසක් වෙනකොට මටවත් අප්පච්චිටවත් දුක් වෙන්න හේතුවක් පේනතෙක් මානෙක නොවුන කොට අවසානෙදි මම වගේම මගෙ අප්පච්චි පපුව පිරෙන්න හුස්මක් ගත්තා ...

අයියෝ....සුනීතා....අපෙ...මහත්තයා.....සුනීතා.....හ්හ්...

මහ පාන්දර මල් ශාලවෙ හර්ස් එක ගේ ඉස්සරහින් ගහනකොට තමන්ගෙම දරුවව මරාගත්තු අම්මෙක් උන සුනීතා මොල්ලිගොඩට පව් පඩිසන් දීලා තිබුනා .....කඩාගන වැටුන තහඩුව සම්පූරනම ගලවලා දාපු වලව්වෙ උන් අවසානෙදි දොල පිදේනි වලට කරගන්න දෙයක් නැතිව අහුවෙන තුන්මන් හන්දියකට දාලා වතුරට පෙගුන උඩ හම ගැලවි ගැලවි යන මල කුන අරන් ගිහින් කැරකොප්පුවට දානකොට ඉර පායන්නත් කලින් මොල්ලිගොඩ වලව්වට අලුත් දවසක් නැති වෙලා තිබුනා ...

මගෙ මැනිකෙ .....

හෝරා ගානක්ම මල පෙරේතයො එක්ක ඔට්ටුවෙලා ..මල කදන් එක්ක ඔට්ටු වෙලා අවසානෙදි පායපු ඉර එක්ක එයා එක්ක නාපු පාලු කුඹුකෙන් මං තනීයම ගිහින් නාගන අවා....මල මිනිස්සුන්ට වඩා බයවෙන්න ඕනෙම ජීවත් වෙන මිනිස්සුන්ට වෙනකොට නද්‍යව ඉස කුඩිච්චි දම්මන්න අරන් යනකොට දස වද විදපු පොඩි අවසානෙදි මැරිලා වගේ නිදාගන උන්නා වගේම මම එයාට කෝල් එකක් ගත්තා ....

සුදු මහත්තයා ....ඔයා කොහෙද ...එන ගමන්ද.....අනේ ඉක්මනට එන්න....හැබැයි පරිස්සමින් ...හෙමින්...මං අද ගෙදර...ඔයාට මොනවද කන්න ඕනා කියන්න මං හදලා තියන්නම්.....

අනේ එයා කියවනවා...හුස්මක් නොගෙනම කියවනවා.....මං අහන් උන්නා එයා බලන් ඉන්නෙ මං ගෙදර එනකන් වෙනකොට මං කට හදන් උන්නෙ එන්න වෙන්නෙ නෑ කියලා කියන්න උනා...

විතේන් .....සුදු මැනික ...

ඕ.....කියන්න තේශි අහන් ඉන්නෙ....

සුදු මහත්තයට එන්න වෙන්නෙ නෑනෙ...

අනෙ උඹ බොරු කියනවනේද.....?

නෑ මැනිකෙ....සුදුගෙ අම්මා නැති උනා....

සුදු ගෙ ....සුදු අක්කගෙ.....?

ම්න්.....

මොනව වෙලාද...

එයා අහනවා මොනවා වෙලාද කියලා.....එයා අහනවා මොනවා වෙලාද කියලා ....කිසිම දේකට කෙටි උත්තර දීලා බේරෙන්න බැරි විතේන්ට මම සම්පූරනම විස්තරේ කිව්වා...එක අකුරක් නෑරම....එයා අහන් උන්නා...එහා පැත්තෙ ඉදන් මගෙ මූන දිහා බලන් උන්නා....ඒ ඇස්වල කදුලු .....එයාට මගෙ මූන අතගාන්න බැරි කමට එයා ඩිස්ප්ලේ එකෙන් මූන අතගානකොට මම එයාට එහෙම්ම ඉන්න දුන්නා....

අනේ...උඹ පරිස්සම් වෙයන් සුදු මහත්තයා ....උන් කරපු කිසිම දෙයක් හරි නොවුන කොහොමද සුදු මහත්තයා උන්ට පව් කියලා වත් කියන්නෙ...එහෙම කියන්නවත් කට හදා ගන්නෙ කොහොමද ... ...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...අනේ ඔය මගුල් ඉවර උනාම මා ගාවට ඉක්මනට වරෙන් මගෙ රත්තරන් .....

එයා එන්න කිය කිය කියවනකොට මම මට දෙන්න පුලුවන් ලොකුම.උත්තරෙ හා කියන එක දෙනකොට මං අහගන ගඩාපි පැටියා කෑ ගහනවා...

විතේන් අයියෙ.....මගෙ.....විතේන් අයියේ....ඔයා කෝ.....ඈ....කොහෙත ඉනෙ...මගෙ විතේන්...

මං අහන් උන්නා....ගඩාපි පැටියා ගේම හොලවනකොට මගෙ විතේන් උත්තරයක් නොදීම මා දිහා බලන් උන්නා....

හීහ්....මේ ඉන්නෙ....මගෙ විතේන් අයියා.....ඇයි ඒයි මං අච්චර කතා කරලත් මීක් නොගා උන්නෙ.....මේ ළමයා බය උනා අප්පා හරීයට ...අපේ නිතේස් අයියා මගෙ බෙල්ල කපාවි .....

ඒකා දන්නෙ නෑ මං ලයින් එකේ ඉන්නවා මන් මගෙ විතේන්ටත් සද්ද නොකර ඉන්ඩ කිව්වා..මං බලාගන උන්නා මේකා ඇවිත් ඇදට නැග්ගා .....

ම්හුක්.....මගෙ විතේ අයියේ.....

ඇයි....

ඔයා දුක් වෙන්න එපා පුතේ.....අපේ නිතේස් අයියා කවදාවත් බොරු කරන මිනිහෙක් නෙවෙනේ...එයා ඉක්මනට ඒවිනෙ...

........

ඒ ළමයා මොනවා කරනවදෝ දන්නෑ අප්පා.....කොහෙද..මට ඒ දරුවට කෝල් එකක් වත් ගන්න බැරි උනානෙ...මායි අපෙ සෙනෝනුයි දවසෙන් බාගක්ම උන්නෙ බලු දොස්තර ගාවනෙ ඒයි...අපේ දෝනියා ඇන්තූරියම් ගහ යට උන්න ගෙම්බෙක් කටේ දාගනෙ...ඒ ළමයත් අපිට හරීයට වද දෙනවා...එහෙන් එයා.....අනිත්පැත්තෙන් සෙනෝන්.....ඔයාවත් මම ඇස් දෙක වගේ බලාගන්නව ඒයී....ඉතින් මට මගෙ නිතේස් ව අමතක උනා ...මොනවා හරි උවමනාවක් තිබුනොත් මට කියන්න පුතේ ....හංගන් ඉන්න එපා තේරුනාතේ.....

හා..හා.....

පලිගුවෝ....පලොගුවෝ...මේ නැන්දියා ගාවට එන්න පුතේ...අම්මියා ඉදි ආප්ප එක ලිපේ තියලා ආවෙ.. ....

මං අහන් උන්නා.....ඒකගෙ විකාර කතා....මගෙ විතේන් මා දිහා බලාගන හොරාවට හිනා වෙනවා....ගඩාපි පැටියා පව්...ඒක දොන්තෙට දොන්තෙ විකාර කියවනවා...කොච්චර රන්ඩු උනත් මාව බෙදා ගන්න දැගලුවා උනත් ඒකා මගෙ මැනිකට ආදරේ කෙරුවා ...ඒක ඌ නොකිව්වත් අපි දැන්න් උන්නා...

ඒකා කතා කෙරුව පාරට චූටි පලිගුවත් කොහෙන්දෝ ඉදලා කඩාගන බිදගන දූවගෙන ඇවිදින් මගෙ විතේන්ව කෙල වලින් නෑව්වා..ඒකිට ඉස්පාසුවක් නෑ....මගෙ විතේන්ගෙ මූන කෙලවලින් නාවනවා...අනේ...ඇහැට පේන්නෙ නැතුව උන්න පලිගුවා ලොකු වෙලා තියන තරම්....කාලෙ කොච්චර නම් ඉක්මනින් යනවද.....වෙච්ච ප්‍රශ්නත් එක්ක ඒකී අපේ ඇස් වහලා ලොකු වෙලා...

ගඩාපි පැටියා මගෙ විතේනව පලිගු කික්කි එක්ක දාලා ගියා...අනේ ඉතින් එයා ආයම මා ගාව තනි උනා....

මට උඹ නැතිව පාලුයි තේශි.....ඔෆිස් ගියත්...බලන බලන තැන්වල ඉන්නෙ උඹ.....තේශී....

අහන් ඉන්නෙ මගෙ මැනිකේ....

එයා මොනවා හරි කියන්න හදනවා.....වලව්වෙ මිනිස්සු එහෙ දුවනවා..මෙහෙ දුවනවා...ආයාම බැනර් ගහනවා....අඩන උන් අඩනවා...ඒත් ඒ හැම දේටම වඩා මට මගෙ විතේන් ලොකු වෙනකොට මම් කාමරෙ දොර වහන් එයා වෙනුවෙන් අහන් උන්නා.....

තේශි .....මට...හැමදාම වගේ.....උඩ උන්න දෙවියො දුන්නෙ...හුගාක්ම ආදරනීය මිනිස්සු ...සමාවෙයන් රත්තරන් .....හිත රිදවන්න නෙවෙ ඒත්.....අදීශ් මට ආදරේ කෙරුවා ....ඌට මගින් යන්න උනා ...බෑ බෑ කිය උනත් උඹ මගෙ ලගටආවා...අවසානෙදි උඹ මටත් වඩා ආදරේ කරනවා..ඒත්...සැරින් සැරේම උඹව මගෙන් උන් ඈත් කරනවා මගෙ තේශි .....අනේ...මට පාලුයි....උඹ නැතුව මේ ගේම පාලුයි.....උඹ නැති හැම රැයක් මට දිගයි මගේ තේශී...

නාඩා ඉදින් මගෙ මැනිකේ...මං එනවනෙ...

මං බලන් ඉන්නවා තේශී..උන් උඹව ගෙන්න ගන්න ගෙන්න ගන්න දවසක් ගානෙම මං උඹ නැතුව උව එක්ක බලන් ඉන්නවා මගෙ තේශී...

අනේ එයා ඇස් පිහදානව....එයා කිව්වාහරි...පැලෙන්න ආදරේ කරන්න ගත්තු දා ඉදලා උන් හැමදාම මොනවටම හරි එයාගෙන් මාව ගෙන්න ගත්තා ....එයා මගෙ දිහා බලන් ඉන්නවා.

මං එනකන් දින ගනිනවා .....ඒ ඇස් යට කලු වෙලා තිබුනා ...මං නැතිව ඒ ඇස් ඇහැරිලා ඉදලා තිබුනා ....

මං දිහා බලන් ඉන්න ඇස් නිදා වැටෙනවා ....මං ඵෝන් එක තවත් ලගට ගත්තා ...ඒ හුස්ම පවා ඇහෙන තරම් ලගට ගත්තා .....

මගෙ මැනික දොයියන්න....

මං එයාට නිදා ගන්න මිමිනුවා ....

සබදිනී...මා ඔබේ....

සබදිනී....මා...ඔබේ....

රතදර කෝඩු කාර..

කරමින භාර හාර...

දින ගැන ගැන හිදිමි

සබදිනී....මා ඔබේ....

රාමුවකට ගන්න දෙනවදෝ...

ඔය හිනාව.....

නෙළුම් තුඩු වටා...

ඇන්ද නිය රටා...

සළු පොටින් වසා...

ඉන්නම් හීන බල බලා...

නින්ද ගියා..මගෙ සබැදිනීට අවසානෙදි නින්ද ගියා.....මගෙ කෝල් එකේ ඉද්දිම එයාගෙ විඩාබර ඇස් මං බලන් ඉන්නකොටම පිය වෙලා යනකොට මම සෑහෙන්න වෙලා මගෙ මැනික දිහා බලන් ඉදලා එලියට ආවා....

සුදු පාට කොඩි වැල් මොල්ලිගොඩ වලව්වට ආයන ඉලව් අරන් ඇවිත් තියනකොට අනත මනතෙන් උන්න පොඩී අද හොද සිහියෙ උනත් පැත්ත ගහලා උන්නා.....වෙනද හත් අට පාරක් පයින් අනින පුංචි එකා නැතුව ඒ බඩ පාලුවට ගිහින් තියනකොට තනපුඩුවලින් වෑස්සෙන කිරි බින්දු ඔහේ අහක ගියා....

මට කවුරු වෙනුවෙන්ද දුක් වෙන්න ඉනා කියන එක නොතේරෙනකොට මම බලාගන නාද්‍යා කකුලක් අද්ද අද්ද එහා මෙහා යනවා.....ඒකිට බැරි නම් ගෙදරට වෙලා නිදියන්න ඕනා....මගුලට ලකුනු දාගන්න මෙහෙ ඇවිල්ලා.....

මම බලන් උන්නා...හිතේ තරහව හිතේම තියනකොට උන්ගෙ පහත් පලිගැනීමක් අද හැම දේම උඩු යටි කුරු කරලා තිබුනා.....

මම පොඩීදිහා බලන් උන්නා..ඒකි කදුලු පිහිනවා...ඒකි පවා නම් හෙව්වා...දලදාව ගාව වරු ගනන් වැදන් ඉදලා පින්වන්ත දරුවෙක් ප්‍රාර්තනා කෙරුවා ....ඒත් ඉතින්...තවත් අම්මෙක්ගෙ කදුලු බල බල...

දෙවියො උන්ට පිහිට වේවිද....දුකයි.....ඒත් ඉතින්....වාහෙලා දෙන්නගෙන් ඒක් ආයම ඒකිව් බඩකරන්නෙ නැතැයි....ඒත් මැනිකා....අවුරුදු දාහරක කෙල්ලව කොහෙන් ගේන්නද...මොකද ඒකි ගිහින් ආයම මිනිස්සු එක්ක ලගින්නද....සීයා තාත්තා එක්ක ලගින්නද ...

පිරිමි නැති ගෑනුන්ට කවදා කියලා හම්බුන හව්හරනක්ද.....සයිමන් නවගත්තෙ ගම පවා කෙරුවෙ ඒක.....මිනිහා මහ උලු ගෙට ගියාට පස්සෙ ගෙදර අඩු පාඩු අත මිට පනමක් නැති වෙනකොට ඒකි කෙරුවෙ කඩේ මුදලාලියට චීත්ත රෙදි පය කඩලා කකුල් ඈත් කරපු එක්...

අවසානෙදි ...ඒකිගෙ මිනිහා ඇවිදින් මොකක්ද කෙරුවෙ ..ඒකිගෙම බඩ උඩ නැගන් අවසානෙදි ඒකිවත් කීතු කීතු කරලා ඒ හැමදේටම තිත තිබ්බාම්....මිනිහා නැති ගෑනිට කඩේ මුදලාලිගෙන් අතවර උනා...හැබැයි කැමැත්තෙන්....ඒකිට ඕනා උනේ බඩ වියත රැක ගන්න.....මුදලාලිට ඕන උනෙ ඉනෙන් පහල සනසවන්න.....

ඉතින් මොල්ලිගොඩ හාමුදුරුවො කෙරුවෙත් ඒකමයි...උන්ට ඕනා උනෙත් බඩ වියත රැක ගන්න.....මොල්ලිගොඩ හාමුදුරුවන්ට ඕන උනෙ මහ මැනිකෙ ඇතුලට යන්න නොදෙන ස්වර්ණ විමානෙට පය ගහන්න...

ඉතින් ..කව්ද වැරදි....කව්දහරි.....

අවසානෙදි උනෙ ...වරදක් නොකරපු පුංචි උන් තුන් දෙනෙක් ඇස්වහපු එක වගේම ආදරේ හොයන් ඉගිල්ලෙන්න හදපු එකෙක්ගෙ තටු කපපුනෙක වෙද්දි වලව්ව මෙහෙම හරි ඉතිරි උනා පුදුමයි කියලා හිතුනා...

සුදු මහත්තයා ....

සීයා තාත්තා ....

මම සීයා තාත්තා ගාවට ගියා වෙනදට හයිරන් කාර කමට ඉන්න මොල්ලිගොඩ හාමුදුරුවන්ගෙ ඇස් දෙක අද ගොරකා ලෙලි වලට අන්ත වෙලා තිබුනා.....මට කියන්න දෙයක් කටට ආවෙ නෑ එයා කියන්නෙ මොනවද කරනවා ඇරෙන්න....

මේන් මේක අප්පච්චිට දිපන් පෙට්ටියට බදින්න කියලා ....

මොනර මිටි දෙකක්...අඩුම ගානෙ කීයක් තියනවද නොදන්න මොනර මිටි දෙකක් මගෙ අතට මිටි මොලවපු සීයා තාත්තා ආයම කාමරේට යන්න යනකොට අත්තම්මා ඔලුව බදාගන සුනීතම්මා ගැන කිය කිය ඇඩුවා ...වෙනදට වලව්වෙ හයිරන් කාර කම ඕනවටත් වඩා ඔලුවට ගහපු අම්මා පවා අද ඔහේ හූල්ලනකොට මන් මගෙ අප්පච්චි හොයන් ගියා ..

අප්පච්චි ...ඇයි මේ....

මගෙ අප්පච්චි කොඩි හිටවන්න වල් කපනවා ...

ඉහින් කනින් දාඩිය පෙරාගන .....වලව්වෙ කොඩියක් හිටවන්න කුලියටවත් මිනිස්සු කැමති උනේ නැති උනා....උන් මුලු ජීවිත කාලෙම කරලා තියෙන්නෙ නම්බුව වෙනුවෙන් අසරනයන්ගෙ හිත් තලපු එක වෙනකොට මරනෙකට කොඩියක් ගහන්නවත් එකෙක් නැති උනා....වලව්වෙ මිනිස්සුන්ට බැරි උනා කවදාවත් වලව්වෙ ආරුක්කුවලට එහායින් ලෝකයක් දකින්න....

උන් ආරුක්කුවෙන් එහා දැක්කෙත් නෑ...අපිට බලන්න දුන්නෙත් නෑ...මුන්ගෙ වංසක්කාර කමට මුන් ආශ්‍රේ කෙරුවෙ තවත් මේ වගේම වංසෙ කබල්.ගාපු උන් වෙනකොට උන් ඒවිද කාගෙ වත් මරනෙකට වලවල් කපන්න..... උන් ඒවිද කාගෙවත් මිනියක් කර ගහන්න.....පෙට්ටිය ගෙනියන්න එකෙක් උන්නෙ නැතිනම් මිනිය ගේ මැද තමා ගිනි තියන්න වෙන්නෙ....

නිතේශ් .....මේන් මේක උඹගෙ අප්පච්චි අද කිව්වා කියලා මතක තියාගනින් පුතෙ.....සල්ලි හම්බ කරන්න කලින් මිනිස්සු හම්බ කරපන්....මගුලට මිනිස්සු නාවත් කමක් නැ සුදු පුතා මරනෙට ගේ පිරෙන්න මිනිස්සු ඉන්න තැනට වැඩ කරපන් ...

නිතේශ් මිනිස්සු හිනා වෙලා ඉන්න තැනට නෙවෙ...මිනිස්සු අඩන තැනට එකතුවෙයන් ...සතුටින් ඉන්න මිනිස්සුන්ගෙ දකුනු ඇහෙන් ගලන කදුල පිහනවට වඩා....වේදනාවෙන් මිරිකුන මිස්සුන්ගෙ වම් ඇහෙන් ගලන කදුලු පිහිදපන් සුදු පුතා.....

මං බලන් උන්නා...නමට පිරිමින්ට උන්න අනිත් උන්ගෙ වාහෙලා මාරුවෙනකොට වලව්වෙ ඊලග කොදු නාරටිය උන දිසානායක හමුලා අවසානෙදි උන්ගෙ මරනේ කොඩිය හිටවන්න ගත්තා ....

රැයක් එලිවෙනකන් යක්කු පෙරේතයො ගෙන්නපු වලව්වෙ මිදුලෙ අවසානෙදි ඉතිරු වෙලා තිබුනෙ ප්‍රේත ගොටු වල කනු හිටවපු පාරවල් වෙනඔට මං අප්පච්චි එක්ක වැඩ කෙරුවා ....

මං එක පැත්තකින් කොඩි අදින කොට අප්පච්චි අනිත් පැත්තෙන් ඇද්දා....

අප්පච්චි ....මේන් මේ සල්ලි එක සීයා තාත්තා දෙන්න කිව්වා මල්ශාලාවට බදින්න කියලා .....

මෙච්චර ??

ම්න්....මන්දා අප්පච්චි ...ජීවත් වෙලා ඉන්නකන් කිසිම හොදක් නොකරපු උන්ගෙ මලකදට මෙච්චර විසික්කරන වෙලේ....වැඩක් නෑ එක අතකට ඔව්වා කිව්වා කියලා මේ වලව්වෙ කවුරු තේරුම් ගන්නද.....

මං අප්පච්චි එක්ක කතා කර කර උන්නා....අදත් ශ්‍රි ලංක්ස්න් එකේ එයාර් හොස්ටර් වගේ පුදුමාකාර ඔලුවකින් තේ අදින නාද්‍යා අපි දෙන්නා ගාවට එනකොට මට කලින් මගෙ අප්පච්චි ගෙ මූන ඇඹුල් උනා...

මේකිවත් අරන් ගියෙ නෑනෙ....

අප්පච්චි ඈතින් එන නාද්‍යට බැන බැන ඵෝන් එක කනෙ තියා ගත්තා ....

"අයියෝ....ඔයාගෙ සුදු මහත්තයව මං බලා ගන්නම් පුතෙ.....මේන් මෙතන වල් කපනවා මා එක්ක...."

අප්පච්චි ....

මං අප්පච්චි දිහා බැලුවා .....තේ බන්දේසිය අරන් මගෙ වෙන්න හිතන් ඉන්න අඹුව නැලවි නැලවි ඇවිත් අපි ගාවින් හිටගන්නකොට අප්පච්චි බොරූවට ඵෝන් එකෙන් කියෙව්වා ...හටියටම මගෙ කෙල්ල එක්ක කතා කරනවා හා සමාන වෙනකොට මං බලාගන නාද්‍යගෙ මූන දෙක වෙනවා ....

අංකල් තේ...

දෙන්න දරුවො..සුදු පුතා ඉදා මේ ඵෝන් එක උඹෙ පිස්සු කෙල්ල උඹව අහනවා ....

අරකි අප්පච්චි දිහා බලාගන උන්නා ..නිකන් නෙවෙ රවාගන වෙනකොට අප්පච්චි අඹරපු ගුලිය මාත් තව ගුලි කරන ගමන් ඵෝන් එක කනෙ තියා ගන්නකොට මගෙන් තේ එකක් වත් ඕනද කියලා වත් නාහම ඒකි ගස්සන් යන්න ගියා....

උඩින් හොදට උන්නට යටින් තනිකරම යකින්නක්....උඹලගෙ අම්මා වගෙම...පේන් නැද්ද...උඹලගෙ අම්මත් එහෙමයි.....බදින්න කලින් උන්නෙ දෙකට ගැනගන්න බැ වගෙ...

අප්පච්චි තේ එක් උගුරක් වත් නොබීම හලල දාලා මා දිහා බැලුවා...

මගෙ අප්පච්චි හැමදාම හිතුවෙ මං ගැන...එයා අතට තිබ්බ සල්ලි මිටි දෙක සාක්කුවෙ ඔබාගන යන්න යනකොට මම සුනීතම්මගෙ බැනර් එක දිගෑරියා...

මොල්ලිගොඩ ආරච්චිගෙ සුනීතා මිහිදුම් මොල්ලිගොඩ

මිහිදුම් .....?? මම ඒ නම දිහා ඒ පින්තූරෙ දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා වගේම සාක්කුවෙ තිබුන මගෙ ඵෝන් එකට කෝල් එකල් ආවා වගේම වලව්වෙ අස්සෙන් ආයම අඩන සද්දයක් ඇහෙන්කොට මම රින්ග් වෙන ඵෝන් එක කනෙ තියා ගත්තා....

බේබි හාමු.....

මැනිකා.....මැණිකා..

නම්බර් එක බලන්නෙවත් නැතිවම ඵෝන් එක ආන්ස්වර් කරනකොට එහා පැත්තෙන් අවෙ මැනිකගෙ කා හඩ වෙද්දි මං අතේ තිබුන උදැල්ල පැත්තට දාලා මම මැනිකගෙ කට හඩන් ඉන්න.....

බේ .....බී....හාමු....

මැනිකා...උඹ අඩනවා.....ඇයි මේ අඩන්නෙ...

බේබි....හාමු....අම්මා....අන්ත්‍රා.....උනා...

බේබි....හාමු...

මැ..නිකා...

අනේ....මගෙ...අම්මත්.....යන්න ගියා හාමු....

මට නිකන් අත දිගෑරල කනේ පාරක් ගැහුවා හා සමාන වෙනකොට එහා පැත්තෙන් ඒකි අඩන සද්දෙ එක්ක මම අහන් උන්නා....

මැනිකා...නාඩා කියපන්කො මොකද උනේ කොහොමද එතනා මැරුනෙ කියලා...

අනේ....හාමු....පාන්දර ජාමෙ උන්දා පුරුද්දට එලි පහලියට ගිහිල්ලා ....ඒ කලුවරේම නාගමාපිලෙක් උන්දට දස්ට කොරලා...හෝරා ගානක් ගියාට පස්සෙයි දැක්කෙ....

එහා පැත්තෙ උන්න මැනිකගෙ ඉකිය දුක මම අහන් උන්නා...නාග මාපිලෙක් ....ඒ කියන්නෙ ගුරුන්වහන්සෙගෙ පිල්ලිය ගිහිලා ..එතනට.....එතකොට මැනිකාටත් වඩා මේක කරලා තියෙන්නෙ එතනද .....මට තේර්‍ර්න්නෙ නෑ ඒකි අවසිහියෙන් ඉදනුත් ඔව්වා කරලද...

මම ඵෝන් එක කනේ ගහන් අහන් උන්නා....අහන් උන්නට මගෙ කල්පනාව තිබුනෙ වෙන තැනක වෙනකොට මම ඔහේ උන්නා...

බේබි හාමූ....

.....

බේබි හාමු...

බේබි හාමු....

ම්...මැනිකා...කියපන් අහන් ඉන්නෙ.....

මට කියාපන්....මට කියාපන්....වලව්වෙන් මොකාද ගියේ කියලා මට කියාපන් හාමු.....

ඒකි මගෙ අහනවා වලව්වෙන් ගියේ මොකාද කියල....එතනගෙ මරනෙට අඩපු මැනිකගෙ කටහඩ ආය ආය වෙනස් උනා.....

සුනීතම්මයි....ගුරයි.....

ඒකි හිනා උනා....ඒකිගෙ හිනාවත් මහ කුරීරු හිනාවක් වෙද්දි මම මොකුත් නොකියම විලාප තියන වලව්වට දිව්වා ...

නිතේශ් . ..අබෙ නිතේශ් ....

මං ගේ පැත්තට දුවන් එනවා එක්කම නාද්‍යා කොර ගගහා දුවන් ආවා...

මොකද ....

පොඩීට අමාරුයි .....අයියලා දෙන්නගෙන් කවුරුත් නෑ....

ඒකි කියනවා පොඩීට අමාරුයි කියලා...

මැනිකගෙ හිනාව අස්සෙ තිබ්බ වෛරය තරහව අඩුවක් නැතිවම දැනුන මම කෙලිම්ම පොඩීගෙ කාමරේට දිව්වා....

සුදු පුතා....සුදු පුතා කාර් එක ගනින් සුදු පුතා 

මම යනකොට අම්ම පොඩීව උකුලෙ තියාගන උන්නා වගේම ඒකි ඇකිලීගන යටි බඩ තද කරන් උන්නා...සුදු ඇද රෙදි කුනු ලේ පාට වෙලා තියනකොට ඒකිව සුදු මැලිවෙලා ගිහින් තොල්පට තනිකරම පොල් කෑල්ලක් හා සමාන වෙලා උන්නා.....ඒකිගෙ සරුවාංගෙම ලේ යන්න යනවදෝ මන්දා...

අත්තමා ඉවරයක් නැතිවම ඒකිට පිරිත් කිය කිය වතුර පොවනකොට මම එකීව උස්ස ගත්තා .....එදත් මෙහෙමයි...උන් සුදූට පොවපු වතුර පෙව්වා....උන් හැමෝම ඒකි යටි බඩ අල්ලන් වේදනා දෙන කොට වට වෙලා බලන් උන්නා...එකම සිද්දිය හේතු දෙකකට දෙවිදියකට උනා ...උන් සුදූව මරාගන්න පොරකනකොට පොඩීව බේර ගන්න පොරකනවා ...වලව්වෙ උන්ට දෙයියො හුස්මක් ගන්නවත් ඉඩක් දෙන්නෙ නෑ කියන්නද කොහෙද මං ඒකිව උස්සන් එලි බහිනකොට සුනීතම්මගෙ මිනිය තියන්න හර්ස් එකෙන් බඩු මූට්ටු අරන් එනකොට මං බලාගන සීයා තාත්තා හාන්සි පුටුව උඩට කඩා වැටුනා....

සියල්ල හැරදා යා යුතුය ....

මේ ධර්මතාව වලව්වට අකැප උනා....උන් නම්බුව මත්තෙ විතරක් නැහුනා.....උන් හිතුවෙ හැමදාම ජීවත් වෙන්න ...අනිත් උන්ව පාගන් ඉන්න....මහන්තත්ත කම අනිතුන්ට පෙන්නන්න ....

අවසානෙදි මිනිකොලයක් අලවන්න බල්ලෙක් නැති උනා...රන්මලියගෙ මරනෙට කැරම් අතක් ගහලා තනි රකින්න ආව උන්ගෙ හේයාවක් වත් දකින්න නැති උනා....

වලව්වෙ මිනිස්සු කරලා තියෙන්නෙ එසේ මෙසේ පව් කන්දරාවක් නොවුනකොට මලගෙදරක් උනහම ආරාධනාවක් නැතුවම දුක අහන්ඩ එන මිනිස්සු තියා බලු බල්ලෙක් නැති උනා ...

නාද්‍යා පිටිපස්සෙන් ගිහින් නගිනවා ...

මං සුදූව පිටිපස්සෙ ශිට් එකෙන් තියනකොට අරකි ගිහින් ඉස්සරහා ශීට් එකට නගින්න හැදුවා ..හිතේ ඇති බිබික්කම වගෙ ඉස්සරහින් යන්ඩ....

නොන්ඩි ගගහම නාද්‍යා පිටිපස්සෙ ශීට් එකට නැගලා ඉදගන්නකොට අනිත් පැත්තෙන් පොඩීගෙ අම්මා ඉදගත්තා ...

අනේ සුදු පුතා ඉක්මනට යමල්ලා...මේකි මැරේවී.....

විනීතම්මා අඩනවා ....පොඩී මැරෙන්න ඉල්ලනවා....ඒකිට වේදනාව දරා ගන්න බෑ කිය කිය කෑ ගහනවා ....

උන් කරපු පව් උන්ටම පඩිසන් දෙනවා....බිනරියා පන පිටින් ඉන්නකොට උන් ඒකිගෙ පාන්සු කුලේ දීලා පව්ලෙන් ඈත්කරලා දැම්මා...මොකක් හරි පිනකට ඒකි අද මගෙ විතේන්ගෙ අම්මලා ගාව ඉදන් සැප විදිනකොට වලව්වෙ උන්හෙ ඇස්වලට කදුලු වගේම හිත්වලට උහුලන්න අමාරු ගින්දර වල් ඇවිලෙන්න පටන් අරන් තිබුනා....

පාරේ වාහන එකා කාරේට....වෙනදට පාරෙ යන්නෙ නැති මිනිස්සු පවා ගමන බාධා කරවන්නමද කොහෙද එලි බැහැලා තිබුනා කියලා මට හිතුනා...

අනේ....හ්....අම්මා....මාව මරලා දාන්ඩ.....මටඋහුලන්ඩ බෑ.....මේ....වේදනාව....අනේ....හ්හ්.....

මම කනාඩියෙන් බැලුවා ..ඒකි වීදුරු කඩාගන එලියට පනින්න හැදුවා .....ඒ තරම් වේදනාවක් ඒකි වදින්නෙ.....මම කියලා මොනවා කරනන්ද....උන් පව් කෙරුවා ටිකක් නෙවෙ නොසෑහෙන්න...

සුදු මහත්....ත්තයා...මට කෙලී...ගාවින් එන්ඩ වෙන් නෑ...අනේ ...මට ඒකිගෙ ඇදුම් කැඩුම් ගෙනත් දියන්....

ඉස්පිරිතාලෙට ඇවිත් හෝරා ගානක් උනා.....ඒකිව ප්‍රසවහා නාරි වාට්ටුවට දැම්මා....නාද්‍යා පුටුවක් උඩ තැපන් ඉන්නකොට විනීතම්මා පුලුවන් තරම් කදුලු බිව්වා ...මං පුලුවන් තරම් සිගරට් බිව්වා ...දුකට නම් නෙවෙ..මගෙ ඇගේ පතේ වෙදනාවට...

උදේ ඉදන් මගෙ කකුල් වලට සැනසීමක් තිබුන් නෑ..තොවිලෙ පටන් ගත්තු දා ඉදන් මට සැනසීමක් තිබුන් නෑ.....අවසානෙදි ආපහු අනිත් හූනියමත් එක්ක ආයම වලව්වට එන්න පිටත් උනා...

නිතේශ් .....මේ අහන්න ටිකක්...

නාද්‍යා මං ඉන්නෙ ඔලුවෙ කැක්කුමෙන් මට අහන්න දෙයක් නෑ...කියන්න දේවල් මොකුත් ඉතිරි කරගන්ඩත් එපා..මොකද තමුන්ලා දෙන්නා එකතු වෙලා කරපු සක්කිලිම සක්කිලි වැඩෙ හින්දා අද වෙනකොට හැම දේම අනිත් පැත්තට කැරකුනා....සුදූගෙ මරනෙත් එක්ක හැම දේම යට ගියා.....තොටයි ඒකිටයි පුදුම පුකේ අමාරුවක් නෙ තිබ්බෙ මං අර පොඩි එකීට මොනවා හරි ගෙනත් දුන්නම....ඈ බොල තෝ ඒකි එක්ක එකතු වෙලා ඔව්වා කෙරුවෙ නෑනල නෑනලා කතා වෙලා උන්නද ත්‍රී සම් පාරක් වත් දාන්න ....ක්‍රෑ....හ්හ් තුහ්.....

මම ඩ්‍රයිව් කරන ගමන් කාරල කෙල පාරක් ගැහුවා ....එදා ඉදන් සැනසීමක් නැති උනෙ මටයි මගෙ අප්පච්චිටයි ..... ආදරෙන් ඉන්න තියන මොහොත පවා නැත්තටම නැති උනේ මටයි මගෙ විතේන්ටයි .....අහක යන හැම දේටම කර ගහන්න උනෙත් මටම වෙනකොට මම නාද්‍යට බැන්නා ....නිකන් නෙවෙ කියන්න ඕනා දේවලුයි එපාදේව්ලුයි ඔක්කොම අල්ලලා...

උන් එදා පොඩි කෙල්ලව මරා ගත්තෙ නැති නම්....අද හුගක් දේවල්නොවී ඉන්න තිබුනා....

හොදට මතක තියා ගනින්....අද සුනීතම්මා මැරුනෙත් තොපි දෙන්නා නිසා....තාත්තා මොකාද කියලා නොදන්නවා උනත් මේලෝකෙ දෙයක් නොදන්න නූපන් දරුවෙක් මැරුනෙත් තොපි දෙන්නා හින්දා ....හැමදේම යටගිහින් පොඩී වෙනුවෙන් ළමයා වෙනුවෙන් බලන් උන්න හැමෝගෙම ඇස්වලට කදුලු ගෙනාවෙත් තොපි දෙන්නා...මට නම් තොපි ගැන දුකක් කියන නාමයක් නෑ නාද්‍යා....හැබැයි හොදට මතක තියාගනින්...මේ හැම දේටම මුල....උඹයි ඒකියි ....දැන් බැහැපන්...බැහැලා ඒකිගෙ රෙදි අරන් උඹගෙ අයියෙක් එක්ක පලයන්....තොපේ නම්බු හින්දා බලු බල්ලෙක් නැති මලගෙදරට අපිටයි නැහෙන්ඩ වෙලා තියෙන්නෙ ....

වලව්වට මෙහායි න් කාර් එක නවත්තපමං ඒකිට හුස්මක් නොගෙනම බැනලා බැනලා නවත්තනකොට ඒකි ඇස්වල කදුලු පුරවන් නොන්ඩි ගගහා යන්න ගියා...

අඩන්න විතරයි දන්නෙ...ඔක්කොම කරලා අඩපුවාම හරි ....ඉන්නෙ දෙකට ගනින්න බෑ වගෙ....

මං තනීයම බැන්නා....

වයධම්මා සංඛාරා .....

අනිච්චාවත සංඛාරා .....

නිවන් සුව ...

සුනීතම්මගෙ මූන ගහපු බැනර් දෙක තුනක්ම වලව්වෙ වැටවල් වල ගහල තියනකොට පාරෙන් යන මිනිස්සු බැනර් එකක් බලලා යන්න ගියා මිසක් මේ පැත්තට එන්නවත් හිතුවෙ නැති කොට මං කාර් එලේ ඉදන් ඔහෙ බලන් උන්නා....

අත්තමගෙ ඇස්වල කදුලු සීයා තාත්ත්ගෙ මූන....අම්මගෙ ඈඩියාව ...පොඩීගෙ වේදනාව ...මේ හැම දෙයක්ම උන් විහින් ගෙන්නගත්තුවා වෙනකොට මං බලන් උන්නා...මොකද අනේ අපොයි කියලා කියන්න ඕන මිනිස්සුත් ඉන්නවා නැති මිනිස්සුත් ඉන්නවා .....

අඩු කුලෙ පර හැත්ත...පර හැත්ත ගගා අහිංසක උන්ට ගරහපු උන්ට අවසානෙදි රොඩියෙක් වත් අඩු කුලේ එකෙක් වත් නැති වෙනකොට උන්ගෙ මිනී වලවල් උන්ටම කපා ගන්න උනා...

ශ්‍රී සිරිපුර ...

මගෙ ඇස් දෙක තිබුනෙ තවමත් සුනීතම්මගෙ බැනර් එක ගාව වෙනකොට මාව පහු කරන් සුනීතම්ම්ගෙ මල කද අරගත්තු තනි කලු හර්ස් එක ඇතුලට යනකොට අත්තම්මාගෙ විලාපෙ මට මෙතනට ඇහුනා ...

සුනීතා ...හ්හ්....

හැමොගෙම දුක අහන සෙන්කඩ ගල අහස පවා අද උන්ට පිටිපස්සෙ හරවලා තියනකොට මං ඈතින් පේන දලදාව දිහා බැලුවා ...

මේ හැම දේම උන්ම හදා ගත්තු පව් අපෙ හාමුදුරුවනෙ .....

🙂ආය එන්නා....ම්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters