LightReader

Chapter 84 - 84

මාව ගල් ගැහුනා....කර කියාගන්න දෙයක් නැති උනා..මට යට වෙලා උන්න එයාගෙ මූන එකම එක තත්පරේකින් සුදු මැලි වෙලා ගිහින් තියනකොට මහ අත්තම්මා සීයා තාත්තා මැදට අම්මත් ඇවිත් හිටගන්නකොට මට ඇදරෙද්ද අරගන හෙලුව වහගන්නවත් වෙලාවක් නැති උනා....

සුදු පුතා.....උඹ මොන කුනුහර්පයක් ද මේ කරන්නෙ....

කරුනාකරලා එලියට යනවලා....

මං කෑ ගැහුවා.....අපි දෙන්නම උන්නෙඅමු හෙලුවෙන් බද දැක දැකම උන් හැදුවෙ මෙතනම නඩුව විසදන්න වෙනකොට මම ගිරියෙන් බෙරිහන් දුන්නා.....

අනේ..තේශි.....තේශී...

හරි...හරි...මැනිකේ...මේ අහපන්කො රත්තරන් ...කවදම හරි මේ මගුලට අපිට මූන දෙන්න වෙනවනෙ....නේ.....

සීයා තාතගෙ ඇස් ගොරකා ගෙඩි වෙලා තිබුනා.....එදා එලදෙන ගහපු පාරත් එක්ක අත්තම්මාගෙ ඇහැට ලේ බැහැලා ඇහැ අයින් කරන්න තරම් නරක අතට ඇවිත් තියනකොට උන් ඇස් බලවන්න මෙහෙ ආව ගමන් මගෙ ගෙදරටත් කඩාගන පාත් වෙලා ...ඒකත් අපේම.කරුමෙට මේම වෙලාවට වෙනකොට සාලෙන් ඇහෙන අමු කුනුහරුප වැලවල් සාප දෙස් දෙවොල් එක්ක මගෙ විතේන් බය වෙලා උන්නා....

කොච්චර කොහොම උනත්...සමහර තැන්වලදි මට වඩා කෙලින් කටින් උන්නා උනත් අපි දෙන්නා හිටපු විදිහ එක්ක මගෙ විතේන් බයවෙලා උන්නා...එයාගෙ බය සාදාරනයි දෙයියනේ..මම පවා බයවෙලා ඉන්නකොට මගෙ කොල්ලා බය නොවී ඉදීද.....

කවුරු කොහොම කිව්වත් පිටින් ප්‍රශ්නෙ බලන උන්ට මේකට අරවිදිහට කරපන් මේ විදිහට කරපන් කිව්වා උනත් ඊලගට කරගන්න ඕනා මොනවද කියන්න නොතේරෙන්නෙ ප්‍රශ්නෙ ඇතුලෙ ඉන්න මිනිස්සු වෙනකොට මටයි එයාටත් ඊලගට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වෙනකොට සීයා තාත්තා ආයමත් කමරේ ගාවට ආවා වගේම එවෙලෙ මම එයව බයටම අත් දෙකෙන් තුරුල් කරන් බිත්තියට හේත්තු වෙලා උන්නා...

තොපි දෙන්නා තවමත් හැමනෙනවාද ....නිතේශ් ....වරෙන් එලියට ...මං උඹව අද පතුරු ගහනවා....

කාමරේට නාවා උනත් දොරෙන් එපිට ඇහෙන ගෝර නාඩුවට මගෙ විතේන්ගෙ ඇස්වල කදුලු පිරුනා ...

සුදු..මහත්තයා.....අනේ...උඹ දොර වැහුවෙ නැද්ද දෙයියනේ ..

එයා මගෙ ඇගේ එල්ලීගන දොර වැහුවෙ නැද්ද අහනකොට පලිගුවා සෙල්ලමට එහා මෙහා දුවන හින්දා මං දොර අඩවන් කරලා තිබ්බා කියන එක මතක් වෙද්දි මං එහෙම්ම ඔලුව බිත්තියට ගහගත්තා ....

මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා .....සෙනාරිගෙ මගුලට අච්චර මාව කාපු උන් මෙතන මොනවා කරයිද කියන්න දන්නෙ නැතිවෙනකොට මගෙ පපුව බයටම පුපුරන්න ආවා....

විතේන් ඇදගනින්කො ...

මගෙ ඇගට ඔලුව ගහන් අනත මනත වෙලා උන්න එයාට මං ඇදගන්න කිව්වට ඒකට මෙලෝ සිහියක් නැතිව වගේ ඉද්දි මං එයාට අතට අහුවෙන එකක් ඇන්දෙව්වා වගේම මාත් ඇදගත්තා ...

තේශී....

කමරෙන් එලියට යන්න හදපු මාව එයා ආයම අල්ලගත්තා ....ඒ ඇස්වල තිබුනෙ තනිකරම බය විතරක් වෙනකොට මටත් බයයි මැනිකෙ කියලා කියාගන්න ඕනා උනත් මාත් බයයි කිව්වොත් එයාට ඔහොමවත් ඔලුව තියන් ඉන්න බැරි වෙයි කියලා හිතෙනකොට මං එයාගෙ කම්මුල් මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා .....

මං ඉන්නවා විතේන් ....මං ඉන්නවා මොන දේ උනත් මං ඉන්නවා .....

එයා බලන් ඉන්නවා ...ඒ ඇස්වල කලු ඉන්ගිරියාව මගෙ මූන පුරාවටම දුවනකොට මං ඒ මූන දිහා බලන් උන්නා ...

මේ සම්බන්දෙ වෙන විදිහකට අහු උනා නම් හොදයි කියලා මගෙ හිත තත්පරේට ලක්ශ කෝටි වාරයක් කියනකොට මං ඒ අත මගෙ අතට කිටි කිටියට තද කරගත්තා ....

මගෙ පපුව ගැහෙනවා .....හරියටම එල්ලලා මරන්න ඉන්න මරන දන්ඩනේට නියම උන හිරකාරයෙක්ගෙ අවසානම තත්පර ගානෙදි ඒ පපුව ගැහෙන විදිහටම මගෙ පපුව ගැහෙන්න ගත්තා ....

දන් ගෙඩියට බෙල්ල තියන්න නියමවෙච්ච එකෙක්ට දැනෙන මරනීය බය මට දැනෙන්න ගත්තා ....සීයා තාත්තගෙ මූන අලුගෝසුවෙක්ට අන්තයි කියන එක මතක් වෙනකොට මාවගැහෙන්න ගත්තා ....මං එහෙම්ම ඒ මූන දිහා බැලුවා...බය කියන දේ ඒ මූනෙ උපරිම වෙනකොට මං එයාව එක්කන් එලියට ආවා.....

ආ නිතේශ් ....උඹට

කරුනාකරලා කෑ ගහන්න ලෑස්ති වෙන්න එපා අම්මා හරි.....ආහ්....ව්

අපි දෙන්නා එනවත් එක්කම අම්මා මාරාවෙසෙ වෙලා වගේ කෑගහන් එනකොට මං අම්මට කෑ ගහන්න එපා කියනවත් එක්කම සීයා තාත්තා අතින් වැදුන කම්මුල් පාර මගෙ කම්මුල රත් වෙලා ගියා ...

උඹ මොන අසික්කිත රොඩී වැඩක් ද යකෝ මේ ගේ අස්සෙ ඉදන් කරන්නෙ....??පිරිමියෙක් නේද තෝ....ආ නිතේශ් ....කතා කරපිය....තෝ මොන අසික්කිත වැඩක්ද කර කර උන්නෙ...මූත් එක්ක බුදියන්ඩ තරම් තොට මොන පිස්සුවක්ද ඉහට ගැහුවෙ ...කතා කරපන් නිතේශ් ...

සීයා තාත්තා මාව හොලව හොලව බෙරිහන් දෙනකොට මං පුපුරු ගහන කම්මුල නිකන්වත් අල්ලලා බලන්නෙ නැතුව දත් මිටි කාගන අහන් උන්නා...

ආ සුදු මහත්තයා උඹ තාමත්....තාමත් ලැජ්ජ නැතුව මුගෙ අත අල්ලන් ඉන්නවද අතෑරපන්....සීවරන් දෙයියනේ අම්මා මුත්තා කාලෙවත් අහපු දැකපුවද දෙයියනේ මේ උඹ කරන්නෙ.....ආ නිතේශ් ....උඹ මෙහෙම කරපුවාම අපිට මොකද වෙන්නෙ....වලව්වෙ උන්ට කෙල ගහයි...අතැරපන්...අතෑරපන් ඕකගෙ අත...කොහ්වත් යන රොඩී වේසියක්ට ජාතක උන එකෙක් එක්කද තෝ නටන්නෙ...දන්නවනම් උඹ රොඩියෙක් කියලා වල්ලව හතර මායමක වද්ද ගන්නෙ නෑ ....අහකට පලයන් වේස කොල්ලා.....උඹ වලව්කාරයෙක් කිව්ව නේද.....වේස හැත්තට ජාතක උන කොහෙද වලව් කාරයො වෙන්නෙ.....රොඩී වේසාවියක්ට ජාතක වෙලා මෙගෙ ලගින්ඩ ආවද....

ඕක නවත්ත්පන් අත්තම්මා .....

ආ...අහ්....

දෙයියනෙ නිතේශ් ....උඹ මොකක්ද යකෝ ඒ කෙරුවෙ...අනේ අම්මා.....

මොකක්ද කෙරුවෙ අහන්නෙ ..මොකක්ද කෙරුවෙ අහන්නෙ....උඹට ඇහුන් නැද්ද මොකක්ද උඹගෙ අම්මා කිව්වෙ කියලා ආ....අහපන්...අහපන් උඹගෙ අම්මද මගෙ එකාගෙ අම්මට වේස කම් කරන්ඩ ලාම්පුව ඇල්ලුවෙ කියලා....ඉතින් අහපන්...කට තිබ්බ පලියට වචන කතා කරන්ඩ එපා කියපන් යකෝ...කක්කුසි කටක් වගේ කටක් තියාගන එක එකාට වේස පද හදන්නෙ ...උඹලද ලාම්පු ඇල්ලුවෙ .....ආ උඹලද....

(චටාස්.....)

අනේ තේශී.....කරුනාකරලා නවත්තන්වා...නවත්තපියව් .....

කටවහපන් පරයා...මූත් එක්ක ඇදේ ලැගලා අසික්කිත වැඩ කරපු තෝ කොහොමද මට අනදෙන්නෙ යකො..මං මොල්ලිගොඩ හාමු... ...අනිකා නිතේශ් ....උඹ ඔහොමද අම්මට කතා කරන්නෙ....උඹ ඔහොමද අම්මට කතා කරන්නෙ ..කොහෙවත් යන පරයෙක් හින්දා.....උඹ ඔහොමද යකෝ අම්මලාට කතා කරන්නෙ.....

මගෙ කන රත් වෙන්න තවත් පාරක් පාරක් වැදුනා....දවසක් හරි අම්මෙක් කියන්නෙ කාටද කියලා උගන්නපු අම්මට වේස පද කියනකොට මට වාවන්නෙ නැති උනා...අවුරුදු තිහක් ගිහිනුත් අම්මෙක්ගෙ ආදරේ මොන තරම් ගැඹුරුද අම්මෙක්ට අහසක් කියන්නෙ ඇයි කියලා කියලා දීපු ගෑනිට වේස පද කියනකොට මට මගෙ ඉවසීම නැති උනා....අම්මෙක්ගෙ ආදරේ කවදාවත් මිමක් නැ කියන්න කියලා කියලා දුන්න ඒ ගෑනිට කියපු නොහොබිනා කතා කියනකොට වාවන්නෙ නැති උනා.....කොටිම්ම....මට අනීත කියන්නෙ දැන් නිකම්ම නිකන් රොඩ්ඩක් වෙනකොට අප්පච්චිගෙ සම්බන්දෙ පැත්තකට දැම්මත් නේ දවස් ගානට ඒ ගෑනි මට දීපු ආදරෙ ඉස්සරහා අනීතා කියන්නෙම දූවිල්ලක් ගානට වැටුනා...අම්මේ කියාගන ගෙට එනකොට ගෙදර එන අපි වෙන් බත් තම්බන් බලන් ඉන්න ඒ අම්මට දෙස් තියනකොට මට වාවන්නෙ නැති උනා වගේම උන්මගෙ විතේන්ට පවා වේස පද කියනකොට ඉවසන්න බැරි වෙච්ච තැන මං මහ කුමාරිහාමිව අල්ලා තල්ලු කරලා අරිනකොට සීයා තාත්තා අත පුරවලම මට ගහනකොට ම්ගෙ විතේන් කෑ ගැහුවා ...

සීයා තාත්තා ....වේස ගෑනු එක්ක ලගින්නෙ හොද මිනිස්සුද කියපන්....උඹලා කියන්නෙ මගෙ කොල්ලගෙ අම්මා වේස ගෑනියක් කියලද.....

උඹේ කොල්ලා.....උඹේ කොල්ලා .....ක්‍රැහ් තූ.....මේ අහපන් නිතේශ් ....මේ සීයා හොදට හොදයි ..නරකට නරකයි.....මේක මතක තියා ගනින්.....මෝල් ගස් එකට හැප්ලුනාට පිටි කොටන්ඩ බෑ...හරි ...වේස ගෑනුන්ට ජාතක උන හින්දා තමයි මේ වගේ අසික්කිත වැඩ කරන්නෙ....

සීයා....

තේශී....පැත්තකට වෙයන්.....

මාව වෙව්ලන්න ගත්තා ...සෙනාරිගෙ ප්‍රශ්න වලදි අඩපු මාව අද ගිනි ගන්න ගත්තා ....ඉවරයක් නැති වේස පද ගාව මාව වෙව්ලන්න ගන්නකොට මගෙ විතේන් මාව අල්ලගත්තා ....

මොල්ලිගොඩ හාමු....තමුන් මගෙ අම්මට වේස පද කියන්න....මගෙ අම්මට රෙද්ද ඉස්සුවෙ උඹද??උඹ මගෙ අම්මට වේස පද කිව්වට...අදටත් මගෙ අම්මට ඉන්නෙ මගෙ තාත්තා විතරයි ....ලමයෙක්ට කියලා ඉන්නෙ.....මම විතරයි ...හැබැයි උබට...උඹගෙ ඔය කකුල් මැද තියන දන්ඩ කීයකට එබුවද කියන්න දන්නෙ උඹ....උඹට ළමයි කියක් ඉන්නවද දන්නෙ උඹ...නුවර වටේටම ගෑනු තියාගත්තෙ උඹ...එහෙම බැලුවම මගෙ අම්මා නෙවෙ වේස ගෑනි...උඹයි මහ වේසාවා...උඹගෙ ළමයි තමයි වේස ළමයි....

මොකක්ද පරයො තො කිව්වෙ....

ඇයි...උඹට ඇහුන් නැද්ද ....උඹ ඉන්නෙ කොලඹ මිසක්.....නුවර නෙවෙ හාමු ...ඒක මතක තියා ගනින්....ආයම උඹගෙ ඔය අත...මගෙ නිතේශ් කම්මුලේ හිටියොත් ....මං නරකයි කියන්න එපා හරී..මං ඉවසන් උන්නා ...මං අන්තීම තත්පරේ වෙනකන් ඉවසන් උන්නා.....

මං බලාගන අම්මගෙ අත්තමගෙ ඇස් ලොකු වෙනවා .....සීයා තාත්තා තරහෙන් වෙව්ලනවා ..මූනටම මහ වේසාවා කියලා බනිනකොට දත්මිටි කනවා මං බලන් උන්නා...කාමරෙන් එලියට එනකොට වෙව්ලපු විතේන් උන්නෙ නෑ...ඒ වෙනුවට උන්නෙ පොඩ්ඩ බැරි වෙනකොට නහින්ඩ හදන විතේන් වෙනකොට එයාව වෙව්ලනවා .....

නිතේශ් ....උඹ ලගින්නෙ මේවගෙ උන් එක්කද ...ආ....නිතේශ් ....යකො...උඹ ඔහොම කරන්නෙ...උඹට කෙල්ලෙක් උන්නෙ නැද්ද නිතේශ් ....මිනිස්සු අපිට හූ කියයි..කෙල ගහයි.....

ඇයි මම හොයා ගත්තු එකීව උඹලම නේද එලවගත්තෙ ආ අම්මා....උඹලාම නේද ඒ කූඩුවත් කඩලා දැම්මෙ...උඹලාම නේද අපි හැමෝගෙම ජීවිත කෑවෙ ආ...

ඔව්...උඹ හොයා ගත්තොත් හොයා ගන්නෙම කොහෙවත් යන කුලයක් මලයක් නැති අඩුකුලේ පර හැත්තන්ව නේද.....ආ නිතේශ් මූවලව් කාරයෙක් කිව්ව නේද.....මේකගෙ වාසගමට එන්නෙ සිල්වනෙ ...පර සුද්දන්ට රෙද්ද උස්සලා බෝ උන හැත්ත ...

අනේ අම්මගෙ රෙද්ද....අතැරපන් තේශි....යකො....සුද්දොන්ට රෙද්ද ඉස්සුවද කියන්න උඹ බලන් උන්නද.....උඹලා හරි ලස්සනට නම්බු නාම ගැන කතා කරනවා ...උඹලට ඕනෙ තොපි නැමි පනාව ගහන් බස්තම ඇන ඇන එනකොට හාමු මහත්තයා ගාගන ගිහින් වදින එකෙක්ද .....උඹ මට බනිනවා නම් බැනපන් හාමු .හැබැයි...මගෙ අම්මා තාත්තට කතා නොකිය...උන් අපිව මේ විදිහට හදපු හින්දයි බොක්කෙ තියන දේ හරි අපි දෙන්න පුරුදු උනේ....උඹලා මට වෙට්ට පද කියනවා මගෙ අම්මට වේස පද හදනවා අහපන් උඹේ ඔය සුජාත දෝනියැන්දගෙන් ...මගෙ එකාට අද වෙනකන් අම්මෙක්ගෙ ආදරේ දුන්නද කියලා ....මගෙ එකා අඩනකොට ඒ ඇස්වල කදුලු පිහ දැම්මද කියලා ..

ඌ අසනීප වෙලා තට්ට තනියෙන් දුක් විදිනකොට පුතේ මේ අම්මා ඉන්නවා කියලා උඹලා කිව්වද.....නෑ....එකෙක් ආවෙ නෑ...උඹලා හැමදාම කෙරුවෙ වංසෙ කබල් ගාපු එක.....මොල්ලිගොඩ මහ හාමු....උඹගෙන් මං දෙයක් අහන්ඩද ...උඹ කිව්වා නේ මෝල්ගස් එකට හැපුනාට පිටි කොටන්න බැහැයි කියලා ....උඹලා ආදරේ කරන්නෙ කකුල් මැද බලලද හාමූ.....ආ....ඇයි මට ආදරෙ කරන්න තහනම්ද ...??අපි ඔක්කොම එකම ජාතියෙ මිනිස්සු නෙවෙද ....ඇයි...මට තියෙන්නෙ හිතක් පපුවක් නෙවේද හාමු....මගෙ ඇගෙ තියෙන්නෙ උඹලගෙ ඇගේ යන ලේ නෙවේද....

අනෙ යකො.....උඹ හිතන් ඉන්නෙ මූව උඹට දෙයි කියලද .....කෑලි කපලා ගගක මූදකට දැම්මත් මගෙ එකෙක් රොඩීන්ට දෙයි කියලා .....නිතේශ් පලයන් වහාම....නේ දැම්ම යන්ඩ ලෑස්තිවෙයන්.....උඹ අදම...අදම ඔය අසික්කිත වැඩේ නවත්තන්න ඕනා.....අඩු කුලේ උන්ගෙ ලේ තියාගන තෝ මොන හයියටද යකො අපිට පෑහෙන්න ආවෙ ....ඇරත් පිරිමි....පිරිමි.....මොන අසික්කිත කමක්ද...නිතේශ් ....උඹ මේක නවත්තන්නම ඕනා ...මං උඹව මරනවා නිතේශ් ...පලයන් ...පලයන් ...ලෑස්ති වෙයන් වලව්වට යන්ඩ ..වේස ගුබ්බෑයම් අස්සෙ රින්ගන් ඉන්ඩ උඹව හැදුවෙ නෑ...කිව්වම අහල පලයන් යකෝ...

තේශී....අනේ තේශී.....

එයා කෑ ගැහුවා ...මාව පැත්තකට කරපු එයා හිතේ තියන වේදනාවටම කෑ ගැහුව...අම්මගෙ වැඩේම අප්පච්චිට ගත්තු එක වෙනකොට මගෙ කොල්ලා හුස්ම අල්ල අල්ල කෑ ගගහා බැනලා එයාට ආදරේ කරන්න තහනම්ද අහනකොට සීයා තාත්තා ගගක මූදක දැම්මත් දෙන්නෙ නෑ ගානකොට මං බලාගන මගෙ විතේන්ගෙ ඇස් වලට කදුලු උනනවා.....වලව්වට යන්න ලෑස්ති වෙයන් කියනකොට මගෙ අතේ එල්ලුනා.....ඒ ඇස් බය වෙලා...ඒ පපුව බයවෙලා....කොයි තරන් එකට එක කිව්වා උන්ත් එයා ඉන්නෙ බයෙන් කියන්න මම ඒ මූනෙන් දැක්කා....සීයා තාත්තා මාව පලයන් ගගා එයාගෙන් ඈත් කරනකොට එයා මැරෙන්න හැදුවා .....

නෑ සීයා තාත්තා ....නෑ.....මං කොහෙවත් එන්නෙ නෑ...ඒ වගේම හැම පාරම වගේ මං මේ පාර උඹලට නැමෙන්නෙත් නෑ...මං මේක නවත්තන්නෙත් නෑ....මං නවත්තන්නෙ නැ කිව්වොත් නවත්තන් නෑමයි....නෑ කියන්නෙ නෑම තමයි.....නෑ කියන්නෙ නෑමයි යකෝ.....පින් අයිති වෙයි....පින් අයිති වෙයි....තොපි මට මගෙ පාඩුවෙ ඉන්න දීලා පලයව් ...මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්න දීලා පලයව්....උඹලා ඔහොම නෙවෙ කොහොම කිව්වත් මං මගෙ විතේනව අතාරින් නෑ...මාව කෑලි කැපුවත්...මං අතාරින්නෙ නෑ හාමු....මාව මරපන්.....මාව මරපන්....ඒත් මං අතාරින්නෙ නෑ...නෑ කියන්නෙ නෑමයි....නෑමයි....නෑ....ම.....යි....මං....අතා....රින්....නෙ.....නෙ....මං....මගෙ.....

නිතේශ් ...කටවහපන්...කටවහපන් ....කටවහපන්.....පරයා...උඹ මේක නවත්තන්නෙ නෑ කියන්න...කොහෙන් ආව හයියටද මගෙ වචනෙට පිටින් යන්නෙ.....මොන හයියටද උඹ කට ගහන්නෙ යකො...පලයන් ...

මං යන් නෑ යකො...කිව්වනෙ....!!

(චටාස් ...)

එපා.....අනේ...තේශී...නවත්තපන් මිනිහො.....අහකට පලයන්....අනේ...සුදු මහත්තයා ...අනේ...අනේ....අනේ...හ්....දෙයියනේ...තේ....ශී...

ගහන්න අප්පච්චි ....ගහන්න.....කමක් නෑ...කොහෙවත් යන රොඩියො එක්ක එකතු වෙලා මූ හැම දාම අපිට ලැජ්ජා කෙරුවා.....එක පාරක් එකියෙක් අල්ලගන....නැටුවා....දැන් මේ කොහෙවත් යන පරයෙක් අල්ලන්.....මං කිව්වා..මං කිව්වා අර පහල ඉන්න හිගන හැත්තව එලවපල්ලා කියලා....මූට මොන හෙනයක්ද ගැහුවෙ දෙයියනේ.....අර මිනිස්සු දැනගත්තොත් අපි ඉන්නද.....

අනේ...නිතේස් අයියෙ....විතේන් ....අනේ..සෙනෝන්...මේ...නාකි හුත්තා අපේ නිතේස්ට ගහනවා...අතැරපන්...නාකියො.....

අතැරපන්...උසී...පලිගුවා..උසි...උසි...පලිගුවො...කාපන් දෝනියො...කාපිය...මේ ඔක්කොමවම කාපිය....උසි...

මම කෑ ගැහුවා....නහර පුප්පගෙන කෑ ගැහුවා....එයාව අතාරින්නෙ නෑමයි ගගා මැරෙන්න හැදුවා.....ඇස්වල කදුලු පුරවන් කෑ ගැහුවා.....අවසානෙදි මගෙ තරහව පපුවටත් දරන්න බැරිව කාලෙකට කලින් හුස්ම ඇද ඇද ගැහුන පපුව ආය ආයම හුස්ම අදින්න ගත්තා ...හිතේ ආවෙගෙ දරන්න බැරිව මගෙ ඔලුව පුපුරන්න එනකොට අම්මා අත්තම්මා නම්බුව ගැබ කිය කියම දෙස් දෙවොල් තියනකොට සීයා තාත්තා අපේ එකට පැටලුන අත් ගලවන්න හදනකොට මගෙ කම්මුල්වලට පාර පිට පාර වදිනකොට මං ආයම හති අරින්න හුස්ම අදින්න ගත්තා ....පපුවට අතක් තියාගන මං හුස්ම අල්ලනකොට මගෙ විතේන් මාව බේරගන්න සීයා තාත්තව තල්ලු කරනකොට මන් බලාගන එයාටත් බස්තම් පාරවල් දෙක තුනක් වැදුනා...ඒ කොච්චර ගුටි වැදුනත් එයා නෙවෙ මාව අතෑරියෙ .

තේශී....තේශි ගගා එයා කෑ ගැහුවා....වලව්වෙ උන්ගෙන් මාව බේරගන්න එයා කෑ ගැහුවා...ඒ කෑගන සද්දෙ එක්ක පහල ගෙදර්ස් ඩියෝනයා පවා එනකොට සීයා තාත්තා මට ගහනවා දැකපු ගඩාපියා නහින්ඩ හැදුවා බැල්ලිව පවා උසි ගැන්නුවා...

අහකට ගන් මේකිව.....තොපි ඔක්කොම රොඩී ගුබ්බෑයම් වල ජාතක උන හැත්ත....අහකට පල වේස බැල්ලි.....

අනේ දෝනියෝ...නාකි මූසලයෝ....උඹ මගෙ...උඹ මගෙ....දෝනියට ගැහුවා.....පලයන්...අපෙ නිතේස්ට ඉන්න දීලා පලයන්...අපි රොඩියො වෙන්න ඇති...ඒ උනාට උඹලට වඩා අපි ගාව මනුස්සකම තියනවා...උඹලා තනිකරම හුලවාලියො...චන්ඩාලියො...නැත්තන් කොහොමද උඹලා උඹලගෙම උන්ව මරාගන්නෙ...උඹලා මිනි මරුවො...උඹලා සුදු අක්කව මරා ගත්තා....උඹලා රන්මලියව මරාගත්තා...සාප කාර නාකි හැත්ත අනේ...මැරිලා පලකෝ....

කටවහපිය පරයා.....තො කොහොමද යකො මගෙ මුන ඉස්සරහට එන්නෙ.....පර හැත්ත ...අනීතා...ගනින් දහම්ට කෝල් එකක්...එන්ඩ කියපන් ඉන්න තැනකින්....මේකා මෙහෙ වේස බල්ලෙක්ට එකතු වෙලා මුලු පරම්පරාවෙම දැලි ගානවා...ඒකත් මූට වචනයක් කියලා සැර කරන්නෙ නෑ ගනින්...මෙ දැම්ම ගනුන් කෝල් එකක්.....නිතේශ් ...නැගිටපන් ...නැගිටපන් ....කිව්වම අහලා නැගිටපන් ...මං උබව ගහලම මරන්ඩ කලින් නැගිටපන්....

සීයා තාත්තා කෑ ගැහුවා.....මගෙ වටේට මගෙ උන් ඉන්නකොට සීයා තාත්තා කෑගැහුවා බැල්ලිට ගහපු පාරත් එක්ක ඩියෝනයා එකින් එක කරපු වැරදි ගැන කිය කිය යක්සාරූඩ උනා...වෙන වෙලාවට හුරතල් වෙන ඩියෝන් හොයන්න නැති වෙනකොට උන් මගෙ ගාවට සීයා තාත්තට ලන් වෙන්න වත් ඉඩ නොදී ඉන්නකොට මගෙ විතේන් අඩ අඩම මගෙ පපුව අතගෑවා .....මගෙ ඔලුව කුඩු පට්ටම් වෙන්න පුපුරන්න යන කොට මම එයාගෙ අත කිටි කිටියට තද කරගන්නකොට සීයා තාත්තා පුලුවන් තරන් මාව විතේන්ගෙන් ඈත් කර්ස්න්න හැදුවා වගේම අම්ම ලව්වා අප්පච්චිට කෝල් ගන්න හැදුවා ....

සීවරන් දෙයියනේ....අපෙ මහත්තයා ...මේන්...මේ ඉද්දකින්...මේකලා ඵොටෝ පවා ගහලා...මේ බඩකඩිත්තු කොහොමද යකො ලැජ්ජාවක් නැතිවම එල්ලගත්තෙ...ඒ මදිවට කසාද මුද්දකුත් දාගන....මූ ඒක තමා අර අච්චර අපූරු දැරිවිව එපා ගගා පර සක්වල ගැහුවෙ.....උඹට ගෑනියෙක් එක්ක යන්ඩ බැරි මූ එක්ක මගුල් නටන්ඩද යකෝ....පර හැත්ත...මං කිව්වා...වලව්වට වද්ද ගන්නකොටම කිව්වා ....

සලාන්...!!!

එපා.....හ්හ්හ්

අත්තම්මා ගෙයි පුරාවටම තිබුන අපේ ඵොටෝ බල බල සීයා තාත්තව තව උසි ගැන්නුවා ....එකින් එක දේවල් කිය කිය එයාගෙ මගෙ හිත්වලට පුලුවන් තරම් ගින්දර දුන්නා...ඇස් පනාපිටම එයාගෙ මගෙ ඵොටෝ එකින් එක කුඩු වෙලා යනකොට වේදනාවෙන් වගේම අනතමනතින් උන්න මං කෑ ගැහුවා ....

එයාගෙ මගෙ පොටෝ බිදින අත්තම්මව සීයා තාත්තව තල්ලු කරලා ඇරියා ....

එපා...අනේ.....හ්....අත්තම්මා ...නවත්තපන්....දෙයියන්ගෙ නාමෙන් ....නවත්තපන්....විතේන් ....අනේ..මුන්ව නවත්තපන්....

සලාන්....

විතේන් ....!!!!

මං යටගිරියෙන් කෑ ගැහුවා .....එයා අරන් දුන්න අර වලන් සෙට් එක...මැනිකක් රකිනවා වගේ රැකපු වලන් සෙට් එක....එයාගෙන් මට හම්බ උන දේව ගොඩේ තියනකොට ආවෙසෙන් වගෙ එයාගෙ මගෙ හැම දේම කුඩු පට්ටම කරපු සීයා අතින් කෑලි වලට කැඩිලා බිදිලා යනකොට මං දිව්වා ...බිදුන ඵොටෝ වල වීදුරු කටු වලට කකුල් කැපෙනකොට ...උල් කටු යටි පතුල් හිල් කරන් ගියා උනත් මම කෑලි කැඩුන වලන් සෙට් එක ගාවට දිව්වා.....

විතේන් ....විතේන් ...විතේන් ....

තත්පර ගානකට මම පිස්සෙක් උනා...අවංකවම කිව්වොත් මගෙ ජීවිතේ තිබුනෙ එයාගාව...එයා දීපු පොඩි දේ පවා මට පන හා සමාන වෙනකොට එක තත්පර ගානකින් මාව නිකන් අවුරුදු ගානක් පහලට ඇදල දැම්මා වගෙ උනා....මානසීකමට්ටම අඩු ලමයෙක් හා සමානවම මම විතේන් ගගා මැරෙන්න හැදුවා .....සිය පාරක් ලුනු රස බලපු පරිප්පු හොද්ද මතක් වෙනකොට ....වලන් සෙට් එක අත් දෙකෙම්ම බදාගත්තු හැටි මතක් වෙනකොට මමඇරෙන්න හැදුවා....උන්ට මේක නිකම්ම මැටි ගොඩක් වෙනකොට මට මෙක ඇතුලේ මගෙ ජිවිතේම තිබ්බා....

විතේන් ....අනේ...විතේන් ...විතේ...න්...එක...එක....එක....

මම වීදුරු කටු වලට කකුල් කපාගන උනත් කෑලි එකතු කර කර කෑ ගැහුවා.....සීයා තාත්තව අත්තම්මව අම්මව පෙනුනෙම අපායෙන් ආව උන් වගේ වෙනකොට මම කෑ ගැහුවා....

සුදු අප්පො...සුදු මහත්තය.....සුදු මහත්තයා....දෙයියනේ නිතේශ් ...නිතේශ් ...යකො නිතේශ් ...

එයා කෑ ගැහුවා...මෙල්ල කරගන්නම බැරි තැන එයා මගෙ කම්මුලට ගැහුවා.....

මම උඹව දාලා යන්නෙ නෑ...මං උඹව දාල යන්නෙ නෑ මගෙ මැනිකේ..මං...මං..මැරුනත්...යන් නෑ...මාව යවන්න එපා...අනේ....යවන්න...එපා ...මට උඹව ඔනා....ඩියෝන්...මුන්ව...එලවපන්....අනේ...මුන්ව එලවපන්කෝ....විතේන් .....

සුදු මහත්තයා ....සුදු මහත්තයා ....

එයා මාව තුරුල් කරගත්තා ....මම උන්නෙ එකම වචනෙ කන්දෙකත් අත් වලින් වහගන කියව කියව වෙනකොට මෙච්චර දවසක් ආදරේ පිරිලා තිබුන ගේ සීයා තාත්තා මගෙ ඇස් පනාපිටම කෑලි කරලා දැම්මා...

උඹ මොකක්ද මිනිහො කරන්නෙ....උඹ හිතන්නෙ ගහලා කරලා අරන් යන්න නිතේශ් කියන්නෙ ළමයෙක් කියලද...අහකට පලයන්.....අහකට පලයන් යකෝ....

පලයන් යන්න පරයා...තොපි ඔක්කොම මෙහෙ රිංගන් පිනට කකා ඉන්නවා...ඌ හැදෙන්න ඕනා අපි කියන විදිහට ....තොපිට වනචර කම් කරන්ඩ ලැජ්ජ නැති උනාට අපිට නම්බු තියන් බලන් ඉන්ඩ පුලුවන්ද ..ආ යකො...පිරිමි පිරිමි බුදියන ලෝකයක් තියනවද...

අනේ....හ්හ්...පව්....පව්....උඹ කටක් ඇරලද නම්බු ගැන කියන්නෙ....යකො අපිට ලැජ්ජයි නාකි පකෙක් වෙලා තෝ තාම ගෑනු පස්සෙ යනවට.....මේ කව්ද අඩෙ මූ...මෙන්න මේ නාකි පකාව කොහෙ හරි ඉන්දපියව්...මැරිලා යන්ඩ ඕනා උන් හුස්ම ගන්නකොට තියන වැරද්ද තමයි....

මොකක්ද රොඩියො උඹ කිව්වෙ...

ඇයි මැනිකෙ...උඹටත් ඒ හුප්පදෙම්ම අහගන්ඩ ඕනෙද ..මොල්ලිගොඩ මැනිකෙ..උඹලා අපේ එකාගෙ නෑයො වෙන්ඩ පුලුවන් .හැබැයි එකක් මතක තියාගනින් ....අපි වගේ රොඩියො හින්දා තමයි ඌ තාම ජීවත් වෙන්නෙ නැත්තන් ඌ මැරිලා වලලපු තැන්වල ගසුත් පැලවිලා....මට තොපිත් එක්ක කොහොමත් ඇරියස් එකක් තිබ්බා...එදා තොපෙ මොල්ලි ගොඩ ගුබ්බෑයමට රින්ගපු දා මගෙ එකා ඉදගත්තා කියලා තොපි පුටු පවා විසික් කෙරුවා ....ඒවා තාම මතකයි හරී....

අනිත් එක....තොපි ඔය උඩදාගන වංසෙ කබල් ගෑවට...එදා පොඩී කියන එකීගෙ මගුල දා මොන රෙද්දටද ඕයි අපේ එකාගෙ කාමරෙට අර බිනරිද මොන හුත්තිවද එව්වෙ...ඉතින් කතා කරපිය....විතේනයා....බිනරි කියන එකීව නේ එව්වෙ....

උඹ් කාටද යකො ඔය කතා කරන්නෙ...

ඇයි....ඇයි....ආ....මොකද මොල්ලිගොඩ හාමු.....අද උඹලට අපේ උන් රොඩී උනාට කාලයක් තිබ්බ නේ රොඩීන්ගෙ කරෙත් වලව්වෙ ලමා තැනීලව කරගස්සවන්න හැදුවා ....උඹලගෙ පව් වලට තමයි එකියක් අර සදහටම වද උනේ....තොපි කරපුවටමයි තොපේම එකියක්මැරිලා ගියෙ....අත්තම්මෙ....කෝ උඹෙ අර එක ගෙයි කන මහලොකු පුත්තු...ආ??කෝ දැන්...ඒකලාගෙම වලව්වෙ එකියෙක්ගෙ කරේ නේ අපෙ එකාවත් ගහන්න ලෑස්ති වෙලා උන්නෙ...ආත්තම්මා.....උඹ නේ ද ඒ පරස්තා ඔක්කොම කතා කෙරුවෙ....

අත්තම්මා ...මන් කවදද බොල තොට අත්තම්මා උනේ...තෝ හිතුවද අපිත් තොපි වගෙ පදුරු අස්සෙ ජාතක උනා කියලා.....ආ පරයො....තොපි ඔක්කොම සුද්දට රෙද්ද උස්සලා ජාතක උන පරයි...ඌට ඕන ගෑනි හොයන්නෙ අපි මිසක් තොපි නෙවෙ...අන්න ඒක හොදට මතක තියා ගනියව්...වලව් කාරයෝ පෑහෙන්ඩ ඕනෙ වලව්වල උන්ට මිසක්කා රොඩීන්ට බෝ උන තොපිට නෙවෙ.....

අනේ...අම්මෙ....මට මේ නාකි මගුලට ඇනගන්න බැරි හැටියක්...මේ..අනේ වදින්නම්...පලයල්ල...පලයල්ලා...තොපි වගෙ ගොබ්බ හැත්තක්.....නම මොල්ලිගොඩ නේ...තොපි අපේ වංසෙ හොයන්න කලින් මොල්ලිගොඩ කියන මහ පරයා ඒ කාලේ කරපු කෙරුම් හොයා ගනියව් .....මොල්ලිගොඩ වේස හැත්ත.....නම්බුව.....නකෙ පම්බුව රෝල් කරලා ගහගන් රෙද්ද අස්සට....තොපි වගේ නාකි හැත්තවල් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද.....තොපිව යවන්න ඕනා කන්ද කාඩු...මහ ලොකු මොල්ලිගොඩ...තූ නොදකින්....තූ...යකෝ...තූ....විතරක්.....රොඩී මොල්ලිගොඩ හැත්ත...

සිවරන් දෙයියනේ තොගෙ කටට පනුවො ගහන් නැනෙ....නිතේශ් නැගිටපන්....නැගිටපන්...උඹ අපිට තවත් ලැජ්ජා කර්න්න ඕකව බදාගන ඉන්නෙ...නැගිටපිය කිව්වම.....නැගිටපන් නිතේශ් ...අපි කොහෙවත් යන උන්ගෙන් බලු කත අහන්ඩ ඕන උන්ද ...නැගිටපිය ඔය හොරිකඩයව අතෑරලා...වලව්වෙ උන්ගෙ රෙදි හෝදවගන්ඩවත් වටින් නෑ.....

මං බෑ කිව්වා නේ...කිව්වනෙ එක සැරයක්..මං යන්නෙ නෑ.....මං යන්නෙ නෑ මං...යන්නෙම..නෑ....උඹලා මාව මේ ගෙයි මැරුවත් මං තොපිට ඕන දේ කරන්නෙම නෑ...මං කවදාවත් මගෙ විතේන්ව අතාරින්නෙත් නෑ....අනික තොපේ කිලුටු හෝදවන්න මගෙ එකා....අනේ මැරියන් අත්තම්මෙ ...මැරියන්...උඹ....

මගෙ දෙයියනේ...නිතේශ් ....උඹ අත්තම්මට නේ යක් ඔය කතා කරන්නෙ....මේ දහම්ගෙ ඵෝන් එක වැඩ නෑ...උඹගෙ අප්පච්චි දැනගත්තොත් මරයි උඹව.....

ශෙනෝන් කෑගැහුවා ...උන් කරන කෙනෙහිලි කම් බල්ස්න් ඉන්න බැරි තැන ඌත් පරන තරහවල් මතක් කර කරෝම කෑ ගැහුවා ..මගෙ විතේන් නැත්තන් මන් මැරුන තැන ගස් ගල් පැලවිලා කිය කියොම කෑ ගැහුවා ...ඌ උගෙ වේදනාව අමු අමුවෙම එලියට දානකොට මාත් කෑ ගැහුවා...මගෙ උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවා....මගෙ ආදරේ වෙනුවෙන් මම කෑ ගැහුවා.....

මූලු ගෙදරම තිබුන හිනාව එක තත්පර ගානකින් හේදිලා යනකොට වලන් සෙට් එකේ මැටි කටු උඩට මගෙ ඇස්වලින් වැටුන කදුලු අතුරු දහන් වෙලා ගියා ...උන් මගෙ සතුට කෑවා...උන් මගෙ පවුල කෑවා..කොටින්ම උන් මගෙ ගෙදර අපායක් කෙරුවා ...

මගෙ විතේන් බයවෙලා උන්නා ....පපුවෙ ගැස්ම එක්ක උන්ගෙ කටින් පිටවෙන අමු කුනුහර්ප මට දරන්න බැරි වෙනකොට මම එයාගෙ අත කිටි කිටියට අල්ලන් උන්නා ...

නිතේශ් නැගිටපන්...නිතේශ් නැගිටපන් ගගා අම්මා මාව අදිනකොට මගෙ විතේන් මාව බදාගන උන්න වගේම තනි කරපු පව් පල දීලා ඇහැකුත් නරක් කරගත්තු අත්තම්මා වීදුරු කටු කියල නොබලා එයාගෙ මගෙ හිනාව ආදරේ අපේ මතක පිරිලා තිබුන ඒ ඵොටෝ එකක් නැරම සාප කර කරම ඉරලා දානකොට මම මගෙ ඔලුව බදාගන කෑගැහුවා වගේම ඉවසලා ඉවසලා බැරිම තැන මම යක්ශනියක් හා සමානවම මගෙ විතේන්ට අහන් ඉන්න බැරි කතා කිය කිය බනින අත්තම්මගෙ කොන්ඩ ගෙඩියෙන් අල්ලා පැත්තකට වීසි කරලා දලා එතන තිබුන වීදුරු බඩු මුට්ටු ඔක්කොම පොඩිපට්ටම් කරල දැම්මා.....

තොපි ඔක්කොම මකබෑවිලා පලයව්.....

අ...නීතා....

අනෙ...අප්පච්චි අම්මා....

නිතේශ් උඹ...!!!

🙂මුව පැතියා දන්න දෙයක් තියනවතේ...😢😢

එපනෙ....තරවටු කරන්න ..එපානේ.....

ආය හෙට ඈ....පීතිමත් සුභ රාත්‍ර්‍රියක් වෙවා.....

මුව පැතියා කන්න යන්නෙ...ඔය ලමයිනුත් කන්න.....😂😂👉👈

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters