LightReader

Chapter 91 - 91

සුදු මහත්තයා ....නිතේශ් ...නිතේශ් .....මිනිහෝ....අනේහ් නිතේශ් .....

එයා මාව හොලව හොලව කෑ ගැහුවා ..මෙච්චර වෙලාම අන්දකාර වෙලා තිබුන කාමරේ කහ පාට ලයිට් එලියෙන් පාට වෙලා යද්දි මං තුන් මුනින් දාඩිය දාගන උන්නා....

සුදු මහත්තයා ..

රන්...රන්...රන්මලී.....මගෙ...දෙයියනේ...විතේන් ...රන්මලී...ඒකිව වැටෙයි විතේන් ...ඒකිට බෑ ඔරිව අරන් යන්න....ඒකිට...කොහොමද ...අර....ඒකිට...කියපන්....

නිතේශ් ...නිතේශ් ....අනේ...අප්පච්චි ....අප්පච්චී...තාත්...අනේ...නිතේශ් ....

අතෑරපන්.....ඒකිට...බෑ....බේබි...හාමු..ගගා...ඒකි....වැවට ගියා...ගිහින්...ඒකිට...ඒකිට..මං කිව්වා...කව්ද...ඒකිව...වැවට

අනේ අප්පච්චි ....අප්පච්චි ....දෙයියනේ නිතේශ් ....

සුදු මහත්තයා .....නිතේශ් කොල්ලො...

පහන් වතුර එකක්...වතුර එකක්....

නිතේශ් .....නිතේශ් ...යකො නිතේශ් ....

චටාස්!!!!

අප්...අප්පච්....

තේශී ..අනේ....

මම මුනින් අතට පෙරලිලා මගෙ ඔලුව බදාගත්තා ..මගෙ ඔලුව මේ දැන් පුපුරලා යයි...මේ දැන් පොඩි පට්‍ටම් වෙයි කියලා මට බය හිතෙනකොට මම ඔලුව බදාගනකෑ ගැහුවා..මගෙ ඔලුව පුපුරල යන්න තරන් කැක්කුමයි...

අනේ...අප්පච්චි ...මගෙ ඔලුව...අනේ..දෙයියනෙ...මගෙ...ඔලුව කැක්කුමයි....

මම කෑ ගැහුවා...හීනෙන් දැකපු රන්මලී වතුරෙ ගිලිලා ගියේ මගෙ ඇස් පනාපිටම වෙනකොට මගෙ පපුව වේදනා දෙන්න ගත්තා ....ඒකි ගෙ මූන බලන් ඉන්නකොට විරූපි වෙලා ගියපු හැටි ...ඇදන් උන්න පාට ගියපු චීත්ත ගවුම පිටිපස්සෙන් රතු පාටට ලේ වලින් පෙගෙන හැටි මම ආය ආයම මතක් උනා...තත්පර ගානක් ඇතුලත දැකපු හීනෙ ඇතුලෙ මගෙ ඔලුව විකාර කරවන දේවල් තිබුනා...සර්වාංගෙම පුරාවටම ඉදි කටු අනිනවා වගේ දැවිල්ලක් එක්ක අම්මා අප්පච්චි ඉන්නවා නොබලා මම සරමත් කඩාගන බාතෲම් එකට දිව්වා...

අනේ නිතේශ් ...නිතේශ් ....අනේ දෙයියනේ මේ දොර ඇරපන් මගෙ නිතේශ් ...

විතේන් මොකද උනේ ...මොන මගුලක්ද උනේ විතේන් ...

අප්පච්චි අපි දෙන්නම නිදාගන උන්නෙ...වෙනදට මහපාන්දර වෙනකනුත් ඵෝන් එක එක ඔබ ඔබ ඉන්න එයා අද ඔලුව කැක්කුමයි කියලා කිව්වා.නහය බරයි කියලා සමහන් එකකුත් ඉල්ල ගත්තා ...එතනින් එහාට ආය මොකුත් කිව්වෙ නෑ ..හොදට නිදාගන ඉදපු මනුස්සයා රන්මලී කියලා කෑගහන් නැගිට්ටෙ....

මම අහගන උන්නා ....මගෙ විතේන් වෙච්ච කෙරිච්ච දේවල් අකුරක් නෑර කියවනකොට මම මේ මහ පාන්දර ගිනි ගහන සීතලේ ඉදන් මම නෑවා...මගෙ සර්වාංගෙම කස කස දැවිල්ල ගන්නකොට හීනෙන් ආව රන්මලී මගෙ ඔලුව කන්න පටන් ගත්තා ....

සුදු මහත්තයා ....මගෙ පුතේ.....

අප්ප...ච්චි...

මම උන්නෙ ශවර් එක් යට....විතේන්ගෙ උත්තරේට මගෙ අප්පච්චිගෙ හිත හදන්න බැරි වෙලා හින්දද..නැති නම් මම එලියට එනකන් වත් ඉවසීමක් නැති හින්දද කොහෙද මගෙ අප්පච්චි දොරට ගහලා ගහලා දොර ඇරගන්නකොට මම වතුර මල යට බය වෙලා වගේ හිටන් උන්නා.....

නිතේශ් ...නිතේශ් ....මගෙ පුතේ.....

අනේ....අප්පච්චි ...මාව....මගෙ ඔලුව....කැක්කුමයි...අප්පච්චි .....මගෙ...ඔලුව පුපුරන්න එන්නෙ...අනේ...මගෙ..ඔලුව....කැක්කුමයි දෙයියනේ..

ඇතුලට ආව අප්පච්චි ශවර් එක වහලා දානකොට මගෙ විතේන් ඇවිත් ඇගට ටවල් එක දැම්මා...මගෙ මුලු සර්වාංගෙම කැහැබිලියා ගෑවා හා සමානව කහන ගන්නකොට සර්වාංගෙට ඉදි කටු තුඩවල් අනිනවා අනිවා අනිවා වගේ දැනුනා....මම ඔලුව කැක්කුමයි කිය කියම ඔලුව බදාගන්නකොට අම්මා මගෙ තෙත කොන්ඩෙ පිහිද පිහිද ඉතිපිසෝව මුමුනන්න ගත්තා....

ඉතිපි සො භගවා අරහං

සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ

සම්පණ්ණෝ සුගතෝ ලෝකවිදූ

අනුත්තරෝ පුරිසදම්ම සාරථි

සත්ථා දේවමනුස්සානං බුද්ධෝ

භගවාති

ළමයා බයවෙලා දහම්....මේ පේන් නැද්ද මනස් ගාත කියවනවා.....

අනේ අම්මී...

මම අම්මගෙ උකුලෙ ඔලුව තියාගන උන්නා...එයා ඉතිපිසෝව මුමුන මුමුන මගෙ ඔලුව අත ගගා ඕඩික්ලෝන් ගගා අප්පච්චි එක්ක මම බය වෙලා කිව්වා .....බය වෙන්නෙ නැද්ද දෙයියනේ. බය වෙන්නෙ නැද්ද. ...එකිගෙ ඔලුව ඔරු කදේ වැදුන විදිහටම වැදිලා පැලිලා යනකොට .....බය වෙන් නැද්ද ඇදන් උන්න පාට ගියපු චීත්ත ගවුම රතු වෙලා මූන විරූපි වෙලා ගිහින් ඒකිව වතුරට වැටෙනකොට .....අවසානම තත්පරේ වෙනකන් රන්මලී මැරිලා නෑ කියලාම හිතුන මට මගෙ ඔලුව සම්පූරනම අමූම අමූ විකාරයක් වෙනකොට මම අවසිහියෙන් විකාර කියෙව්වා ...

දහම් කව්ද රන්මලී .....

ගෙදර වැඩට උන්න මැනිකගෙ කෙලී....

මොකද උනේ...

ඒක මෙහෙම වචනෙන් දෙකෙන් ඉවර කරන්න පුලුවන් කතාවක් නෙවෙ රසානි....ඔයාලා නොදන්න හුගාක් දේවල් වලව්වෙ උනා....කරුමෙ කියන්නෙ....අර ගෑනිගෙන් කිරි බීපු වල ණය ගෙවන්නද කොහෙද සැරින් සැරේම වෙච්ච කරදර වලින් නිවනක් නැති උනේ මගෙ කොල්ලට....උන් සැනසීමක් නොදුන්නෙ මගෙ කොල්ලට....

මුලින් මුලිම්ම කසාදෙ කටු ගාන්න නොදුන්න පල විපාක මම ගෙවනවා රසානි...කොච්චර ගෑනිව හදාගන්න හිත හදාගත්තා උනත්...ලමයා බඩට එන්න කලින් මම මගෙ අප්පච්චි ගාවට ගිහින් කී පාරක් නම් කන්නලව් කෙරුවද මෙ කසාදෙ කටු ගාන්න දෙන්න කියලා .....එක යකෙක්ට මගෙ දුක පෙනුන් නෑ...උන් හැමෝම.කිව්වෙ අපෙ පරම්පරාවල උන් උසාවි ගානෙ ගියෙ නෑ ....ඔය කතාව....අවසානෙදි අම්මා කිව්වා ළමයෙක් හදපන්.....එතකොට ඔව්වා හරියාවී....ළමයෙක් හම්බෙන්න ඉන්නකොට ගෑනු වෙනවස් වෙනවා..ගැනු තැම්පත් වෙනවා ගගා මගෙ ඔලුව කෑවා...

මුගෙ අම්මා මුගෙ ඔලුව කෑවා වගේම මගෙ අම්මා මගෙ ඔලුව කෑව...අප්පච්චිට කරන්න දෙයක් නැති කමට අප්පච්චි කට පියවන් උන්නා...කසදෙ කටු ගාන්න අහන්න ආව මම ඊලග පාර කෙරුවෙ ළමයෙක් හදපු එක...මට තේරෙන්නෙ නෑ...රසානි...මගෙ ජීවිතේ කාලකන්නිම වෙලා ගියේ ඔය ගෑනිව බැන්දට පස්සෙ.....ළමයා බඩට ආවම හැදෙයි කිව්ව ගෑනි හිටියට වඩා අන්ත උනා...මේ ලමයා නොදන්නවා උනාට...මූ තරම් පොඩි කාලෙ දුක් වින්ද ළමයෙක් කොහෙවත් නැතිව ඇති...වලවේ මහ වේසිගෙ ඔලුවෙ තිබුන මන්ස්ගාත එක්ක මාස දෙකේ තුනේ නොදරුවට කරපු බහුබූත එක්ක මම අරකිව නොමැරුවා විතරයි ...

මට දැන් නම්...තවත් කරන්න දෙයක් නෑ...රසානි...මට මේ ජීවිතේම තිත්ත වෙලා ...මං දවලුත් ලෝයර් එක්ක කතා කෙරුවා ....මට දැන් ඉතුරු මෙච්චරයි ..මේ නඩු හබ එක්ක මට එන්න බැරි උනත්.... මම එනකන්...මං ඉල්ලන්නෙ මෙච්චරයි මගෙ කොල්ලව බලාගනින්...මම විතේන්ට සැලකුවෙ කොහොමද ..ඒ වගේ මගෙ කොල්ලව බලාගනින් රසානි ...මම වැරදි කසාදෙකින් දුක් වින්ද තරම දන්නෙ මං..මගෙ කොල්ලට ඒ වගේ කාලකන්නියෙක් වෙන්න දෙන්න බෑ...මං නාවත්..මගෙ සේසතම විකුනලා හරි ඌට යන වියදම දෙන්නම්...ඌව අරන් යමල්ලා....මට තව ජීවිතේ විදින්න දෙයක් ඉතිරි නෑ....

ඇයි...ඇයි...ඔයා එහෙම කියන්නෙ.....මිනිස්සු ජීවත් වෙන්නෙ එක පාරයි දහම්.....සමහර විට ...මේක වෙන්න ඇති ඔයාලා දුක්විදින අවසානම දවස් ....ඒක පන්නගත්තොතින්....

......

දහම්...නැතිවෙච්ච ජීවිතේ කකුල් දෙක ගාවට ආවම පයින් ගහන්න එපා....විසදුමක් නැති ප්‍රශ්න මෙ ලෝකෙ කොහෙවත් නෑ ..

ඒක ඇත්ත....විසදුමක් නැති ප්‍රශ්න මේලෝකෙ නෑ...හැබැයි උත්තරේ එන වෙලාවට ඌයි මායි දෙන්නම මැරිලා ඉදීවි.....

දහම්....

මං ඉල්ලපු දේ මට කරලා දෙන්න...එක ඉල්ලීමක්.....

අම්මගෙ ඇගිලි මගෙ හිස කෙස් පුරාවටම යනකොට මන් ඇස් වහන් උන්නා....බුදු බන ගාවදි වේදනාව ටිකෙන් ටික අඩුවෙලා යනකොට මං ඇස් පියාගන උන්නා වගේම මට නින්ද ගියා කියලා හිතාගන රහස් මුමුනපු අම්මගෙයි අප්පච්චිගෙයි කතාව අහන් උන්න මගෙ ඇස්වලින් ඒ කාටත් හොරාවට කදුලු බින්දුවක් වැටුනා .....

තේ....ශී...

විතේන් ....අනේ...යන්න එපා....

නෑ...සුදු අප්පො....මං යන්නෙ නෑ ...

සෑහෙන්න වෙලාවක් යනකන් ඔලුව අතගාපු අම්මා මාව පොරවලා යන්න යනකොට මගෙ විතේන් රහසින් කතා කරනවා එක්කම මං ඇස් ඇරියා...ඇස් වැහුවම බහු බූත පේන මට තනියම ඉන්න බයක් දැනෙනකොට මං එයාගෙ ටී ශර්ට් එකේ කොනක් තදින් මිරිකගන යන්න එපා කිව්වා...මාව දාලා යන්න එපා කිය කිය නොදරුවෙක් හා සමානවම මං ඒ ඇගේ එල්ලුනා . .

වචනවලට පෙරලන්න නොතේරේන අමූතු බය...මූසල හැගීම..සැරින් සැරේම අල්ලන ඔලුවෙ කැක්කුම එක්ක මගෙ සර්වාංගෙම මටවත් නොතේරෙන වේදනාව එක්ක මං එයාට මාව තනිකරන්න එපා කියනකොට මං එයාව තුරුල් කරගන්නවා හා සමානවම ....එයා මගෙ ජීවිතේට ආව මුල් දවස් වලදී මාව තුරුල් කරගන්නවා හා සමානවම මාව තුරුල් කරගන්නකොට මන් අර මිරිකගත්තු ටී ශර්ට් කොන අතාරින්නෙ නැතිවම උන්නා....

එයාගෙ දිගැටි ඇගිලි මගෙ හිසකෙස් පුරාවටම යනවා ...ආයම පිට දිගේ....සැරින් සැරේම සුදු මහත්තයා දොයියන්න දොයියන්න ගගා එයා මගෙ තට්ටමකට තට්ටු කෙරුවා ....

විතේන් . ....

සුදු අප්පො...

ඇත්තටම ...ඒකි...මැරුනද....මැනිකේ...

අනේ...සුදු මහත්තයා ...ඒ කෙල්ල මැරුනා....උඹට මතක නැද්ද .....ඒකිව ගොඩට ගන්නකොටත් පන ගිහින් උන්නෙ ...

මගෙ පපුවට බරයි...මගෙ ඔලුවට බරයි මගෙ විතේන් ....අගෙ සර්වාංගෙම පුදුමාකාර තරම් වේදනා දෙනවා ....

එතනින් එහාට වචනයක් වත් නොකියපු මම එයාගෙ පපුව මැදට මූන ගහන් ඇස් පියාගන්නකොට මම අහගන එයත් අම්මා හා සමානවම ඉතිස්පිසෝව කිය කියෝම මගෙ ඔලුව අතගෑවා.....

සැරින් සැරේම මගෙ ඇස අස්සෙ රන්මලියගෙ රූපේ කැරකෙනකොට මට මැනිකව මතක් උනා....එ එක්කම මගෙ සර්වාංගෙම කීර් ගැහීගන ගියා ...මැනිකා කියපු කතාව මතක් වෙලා....ඒකි කිව්වා වගේම හංගන්න හදන දේවල් එලියට එනවා කිව්වා වගේම ඒ හැම දේම එලියට ආවා...ඒකි කිව්වා ප්‍රවේසම් වෙන්න....කතාවෙන් බාගයක් ඉවරයි...හොදම හරිය ඉස්සරහට කියපු කතා ආය ආයම මතක් වෙනකොට මම නැගිට්ටා.. මම ඉද්ද ගැහුවා වගේ ඉදගත්තා ...

සුදු මහත්තයා ...

විතේන් මැනිකගෙ නම්බර් එක තියනවද....

මැනිකගෙ....

ඔව්...මැනිකගෙ.....නම්බර් එක.....කෝ මගෙ ඵෝන් එක....ඔයාගෙ එක...කෝ ඒක....

මම පිස්සුවෙන් වගේ කොට්ටා පෙරල පෙරල ඵෝන් එක හෙව්වා....

දෙයියනේ තේශී.....අනේ දරුවො....මේ දැන් මහ පාන්දර දෙයියනේ .....මැනිකට මෙවෙලෙ කතා කරන්නෙ කොහොමද .....

නෑ....නෑ..... මට....නම්බර් එක...නම්බර් එක දීපන් විතේන් ...මට නම්බර් එක දීපන්...

මම එයාගෙ ඵෝන් එක උදුරන් නම්බර් එක හෙව්වා...මැනිකා...මැනිකා...මැනිකා.....මම නම මුමුන මුමුන එයාගෙ කන්ටෑක්ට් ලිස්ට් එක පීරුවා....ඒත් හම්බුන් නෑ...ඒත් නෑ....මගෙ එක හෙව්වා...ඒකත් ඉවරයි....අනේ..දෙයියනෙ....නෑනෙ.....

අනේ...දෙයියනෙ විතේන්...නැනෙ....නෑනෙ....ඒකිගෙ නම්බර් එක නෑනෙ විතේන් ...

මම කෑ ගැහුවා ....ඵෝන් දෙකේම නම්බර් එක නැතිවෙනකොට මන් ඇදරෙද්ද ඇග වටේ ඔතාගන මන් අප්පච්චිව හොයාගන දුවනකොට අප්පච්චි තාත්තා එක්ක මේ මහ පාන්දර මොන මොනවද කියවන ගමන් උන්නා..මාව දැක්ක ගමන් ඒ කතාව නැවැත්තුවා ...

අප්පච්චි .....

සුදු මහත්තයා ...

අප්පච්චි ..මැනිකගෙ නම්බර් එක් තියනවද 

මැනිකගෙ...ඒ මනුස්සයට නම්බර් එකක් තිබුන් නෑ නිතේශ් මහ පාරෙ බොක්ස් වලින් නෙ කතා කෙරුවෙ ....ඇයි දැන්....

අප්පච්චි ...මට මැනිකට කතා කරන්න ඕනා....මට...මැනිකව....මැනිකගෙ එඩ්‍රස් එකක් වත් තියනවද.....අප්පච්චි ....මාතර නේද ඉන්නවා කිව්වෙ...මාතර ..මාතර කොහෙද අප්පච්චි ....

නිතේශ් ...නිතේශ් ....මේ අහපන්...මේ අහපන්...අනේ පුතේ....උඹ අසනීපයි...උඹට අසනීපයි නිතේශ් ....මේ මහ රෑ තිස්සෙ උඹට මොකද වෙලා තියෙන්නෙ නිතේශ් ....දෙයියන්ගෙ නාමට ඔය පිස්සුව නවත්තපන් ...දෙයියන්ගෙ නාමෙට ඔය පිස්සුව නවත්තපන් නිතේශ් .....

අප්පච්චි මගෙ උරහිස් වලින් අල්ලගන මාව හොලව හොලව කෑ ගෑහුවා....මගෙ අතේ තිබුන ඵෝන් එක බිමට වැටුනා ....

මැනිකා.....

මං එහෙම්ම බිම ඉදගත්තා ...රන්මලියා එහෙන් වද දෙනකොට අනිත් පැත්තෙන් මැනිකා වද දෙන්න ගන්නකොට මම මැනිකගෙන් වත් පිහිටක් හොයන්න මැනිකව හොයනකොට මට මැනිකව හොයා ගන්න එකට පවා දෛවය හරස් වෙලා තිබුනා.....

තේශී....අනේ .....තේශී...

මම එහෙම්ම බිම ඉදගන්නකොට මගෙ විතේන් ඇවිත් මාව හෙලෙව්වා.....

ගිහින් අහපන්....රත්තරන් ...මැනිකා...ඒ කිව්ව...කතාවෙ...තේරුම....මොකක්ද...

කියල...ගිහින්...අහපන්කො....

මම මගෙ විතේන්ගෙ අත් අල්ලගන මැනිකගෙන් අහන්න අහන්න කියනකොට වස් වැදුන පවුලේ හැමෝම මා දිහා දුකෙන් බලන් උන්නා.....

අප්පච්චි .....හෙට...පන්සලට ගිහින් එමුකෝ....

එයා මගෙ අප්පච්චි දිහාවත් නොබලම අප්පච්චිට කතා කෙරුවා ....ඒ ඇස් තිබුනෙ මා ගාව ..එයා බය උනා...එක ඇහිපිල්ලමක් ගහන මොහොතෙ පවා මං මොකක් හරි කියයි කරයි කියලා ...අවංකවාම මටත් දැනුනා මම ඉන්නෙත් මේ ලෝකෙ නෙවෙ වගෙ...මිනිස්සු උන්නට...මම ඇදිනුවට...මට ඇගට දැනෙන හැහීම්.කියන්න තේර්‍ර්න්නෙ නැති ගතියක් දැනෙන්න ගත්තා.....

තේශි.....අනේ සුදු මහත්තයා ....අපි නිදාගන්න යමු.....

එයා මගෙ ඔලුව අත ගගා...ඔලුව අතගගා මට නිදාගන්න යන්න එන්න කියනකොට මම නැගිට්ටා .....අම්මා.තාත්තා අප්පච්චි සාලෙ මැද ඉතිරි වෙනකොට එයා මාව එක්කන් කාමරේට ආවා.....අනත මනතෙන් උන්න මම ආයමත් එයාගෙ පපුවට තුරුල් වෙනකොට මට දැනුනා එයා බරම බර හුස්මක් පිට කෙරුවා ....

තේශී.....මගෙ සුදු මහත්තයා.....

........

තේශී.....සුදු අප්පො.....

එයා කතා කරනවා....මම තවමත් උන්නෙ ඊයෙ නිදා ගත්තු විදිහටමයි ...දෙකට බෙදුන එයාගෙ පපුව මැදමයි....එයා මට මුමුනනවා...මගෙ මූන අතගානවා....එයාගෙ කට හඩ එක්ක ඇස් ඇරුන මට ගෙයි ඇතුලෙන් පිරිත් සද්දයක් ඇහෙන්න ගත්තා ....ගෙදර පිරිත් දාලා... ....රෑ එලිවෙනකන් පුපුරු ගහපු ඔලුව ආයම සැහැල්ලුවෙලා තිබුනා මට කට අරින්නවත් හිතුන් නැති නිසාම මං කෙරුවෙ එයාට තවත් තුරුල් වෙලා ඇස්පියාගත්තු එකවෙනකොට එයා තනියම මුමුනන වචන මගෙ පපුවට පුදුමාකාර තරම් බර උනා....ඊයෙ රෑ මන් හැසිරුන විදිහ මේ ඔක්කෝම එක්ක එයා උන්නෙ හිතේ වේදනාවෙන් වෙනකොට මං එයාගෙන් ඈත් වෙලා ඇදෙන් ඉදගත්තා ....

ඒකිට පින් මදිවෙලාද විතේන් .....උන්ගෙ අම්මට ඒකි නමින් බත් පතක් වත් දීගන්න බැරි වෙලා ඒකි මාව හොයන් ආවද.....නැතිනම්....ඒකිගෙ අම්මත්.....

සුදු මහත්තයා .....නිදි පැදුරෙම්ම මැරිච්ච උන් ගැන හිතලා දවස පටන් ගන්න එපා දෙයියනේ ....

එයා මාව හෙලෙව්වා ....මට දොස් කිව්වා .....ඇත්ත....බුදි පැදුරෙම්ම කොහොමද මල උන් ගැන හිතන්නෙ...ඒකිට පින් මදි නම්...අනේ දෙයියනෙ කියලා බඩහින්නෙ ඉන්න කාට හරි ඒකි නමින් බත් වේලක් වත් දෙන්න තිබුනොත් .....

මම තනීයම හිතලා එයා දිහා බැලුවා.....

මැනිකෙ....අපි ඒකි වෙනුවෙන් බත් පතක් වත් දෙමුද විතේන් ...ඒකිට හම්බුනේ....එසෙ මෙසේ මරනයක් නෙවෙ...හුස්ම අල්ලන්න පොර බදපු මරනයක්.....ජීවත් වෙන්න දත කනකොට මාරයා ගාවදි පැරදුන මරනයක්....හිතේ වේදනාව...අම්මා දාල යන්න බැරි දුක....ඒකිගෙ හිතේ හුගාක් දේවල් පන යන අවසානම තත්පරේදි තියෙන්න ඇති විතේන් ...

මම එයාගෙන් බත් පතක් දෙමුද අහනකොට එයා හා කියන්න ඔලුව වැනුවා....මගෙ හිත කිව්වෙම ඒකිට පින් මදී කියලා....මැනිකටත් මොකක් හරි වෙලාම කියලා මගෙ හිත කිව්වා..මට තේරෙන්නෙ නෑ ...එක එක වෙලාවට මගෙ හිත එක එක මගුල් කියනකොට මම ආයම ඇදේ පෙරලුනා....මට නැගිටලා ඉන්නවත් ඇගට පන තිබුන් නැති වෙනකොට මම ආයම පෙරලුනා....

තේශී....

ම්ම්ම්

ඇගට අමාරුද තේශී.....

නෑ මැනිකෙ නිදිමතයි....

මම බොරු කිව්වා.....ඒ ඇස් දිහා බල බල බොරු කිව්වා...මං කොහොමද කියන්නෙ මගෙ සර්වාංගෙම වේදනා දෙනවා කියලා ....දනහිස් වැල මිටවල් ගාවට ඉදි කටු බස්සනවා වගේ දැනෙනවා කියලා ...

තේශි....ඔයාට අද කොහෙවත් යන්න බැරි එකෙ....හෙට පාස්පෝර්ට් ඔෆිස් යමුද....

එයා මගෙන් අහනවා අද කොහෙවත් යන්න බැරි හින්දා හෙට යමුද කියලා ...එයා මම හිතන් උන්නෙ පාස්පෝර්ට් නැති අපේ පාස්පෝර්ට් හදවන්න දෙන්න යන්න...එයාගෙ මුන සම්පූරනම මලානික වෙලා ගිගින් තිබ්නා...සාදරනයි ....එහෙම වෙන එක සම්පූරනම සාදාරනයි....

මම මෙහෙම ඉන්නකොට ඒ මූන මෙහෙම මැලවිලා යන එක ආයම අහන්න දෙයක් නෙවෙ කියන ඕනවටත් වඩා මගෙ පපුවට දැනෙනකොට මම බැරි උනත් නැගිට්ටා ..මම වෙනුවෙන්...එයා වෙනුවෙන්...අපි වෙනුවෙන් .....

නෑ...අදම යමු....කමක් නෑ....

ඔයාට සනිප නෑනෙ තේශි....

ඒක එච්චර අමාරුවක් නෑ මැනිකෙ ...කමක් නෑ...මොන මගුල කරලා හරි මෙහෙන් යන්න තියනවා නම් එච්චරයි....

මම කම්මුලකට හාදුවක් තියලා ඇදෙන්න බැස්සා.....ඒත් බැහැලා අඩිය තියන්න් වරයක් ගානෙම මගෙ යටි පතුල් පුදුමාකාර තරන් වෙදනා දුන්නා.....කකුල් වලට වීදුරු කටු ඇනලා වගේ ....මොන දේ උනත් දැන් මම පන ගහාල ඉන්න ඕනා...අප්පච්චි ඊයෙ රසානි අම්මා ගාව කියපු අකුරක් අකුරක් නෑරම අහන් උන්න මට අප්පච්චි ගැන දැනුන වේදනාව වචන කරන්න බැරි උනා....

ඇත්තටම අම්ම ඇයි එහෙම කෙරුවෙ...

අප්පච්චිග් අම්මා එදයින් එදාම අප්පච්චිව මේ උගුලෙන් බේරිලා ආවා නම්...මගෙ අප්පච්චි අද මෙහෙම දුක් විදින් නෑ.....බලාගන යනකොට වලව් අස්සෙ ඉන්න හැම කුමාරි හාමි කෙනෙක්ම කරලා තියෙන්නෙ එකම දේ....

අත්තම්මට ලොකු උනේ අප්පච්චිගෙ සතුටට වඩා වලව්වෙ නම්බුව රකින්න....අත්තම්මට ඕන උනෙත් ඒක....මොල්ලිගොඩ නම්බුව වෙනුවෙන් අපේ ජීවිත බිල්ලට දෙන්න...මොල්ලිගොඩ වලව්ව වෙනුවෙන් අපිව විකුනලා දාන්න උනත් අත්තම්මලා දෙපාරක් හිතන් නෑ කියන්න උන් හැමදාම සාක්කි දුන්නා .....

ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි...මං හැමදාම හිතුවෙ ඒක...කව්ද දන්නෙ බලාපොරොත්තු කොච්චර අහස උසට පොදි බැන්දත්....මෙතන නාන මාව මෙතනම මැරිලා වැටුනොත්.....?

මිනිස්සු හැම දාම කෙරුවෙ ජීවත් වෙන්න ඕන දේවල් රැස් කරගන්න නැහුන එක...බඩගෝස්තරේ වෙනුවෙන් නැහුන එක...ඔලුවට හෙවනක් වෙනුවෙන් නැහුන එක.....විලි වහගන්න රෙදි කඩක් ගන්න සොච්චමක් වෙනුවෙන් නැහුන එක.....එහෙන බලන් ගියහම මේ ලෝකෙ ජීවත් උන මනුස්සයෙක් නෑ...ජීවත් වෙන්න මැරිච්ච මිනිස්සු ඉදලා තියෙන්නෙ...වලව්වෙ මිනිස්සු නම්බුව වෙනුවෙන් මැරෙනකොට අපි උන්ගෙන් බේරෙන්න නැහුනා.....

මට ලොකු හුස්මක් පිට උනා ..සැරින් සැරේම මැනිකගෙ වචන ඔලුවට වද දෙනකොට මම මගෙ නලල අත් දෙකෙම්ම මිරිකගත්තා .....

ඇත්තටම මෙච්චර කල් පන්සලේ හාමුදුරුවො ඉපදීම දුකක් කියලා දේශනා කරනකොට මේ තාක් වෙනකම්ම මට ඉපදීම දුකක් කියන වචනවල තේරුම මං තේරුම් ගත්තෙ...මට දැනුනේ බාගෙට හැබැයි....දැන් මේ නිතේශ් ට ජීවිතේ කියන්නෙ එසේ මෙසේ දුකක් නෙවෙ...අමූ දුකක් කියලා මට වලව්වෙ මිනිස්සුම තේරුම් කරලා දුන්නා ...

එක තැනකින් වැරදෙනකොට මං හිත හදා ගත්තා ...මට තව එක පැත්තක් හරි තියනවනෙ කියලා ....ඒත්....දැන් දැන් මගෙ අත් වලින් ඒ හැම දේම මටත් නොදැනීම ලෙස්සි ලෙස්සි යන්න පටන් ගත්තා වගේ හැගීමක් දැන් දැන් දැනෙන්න ගන්නකොට මටවත් නොතේරෙන බයක් මගෙ පපු කුහරෙ ඇතුලෙ හැංගිලා තිබුනා...

මං ජීවිතේ හිනා වෙලා තියෙන්නෙ ඉහේ කෙස් ගානට වඩා අඩුවෙන් ....

ජීවිතේ සැබසීමෙන් ඉදලා තියෙන්නෙ අතේ ඇගිලි ගානට අඩුවෙන්....

ජීවිතේ වින්දට වඩා මං විදව විදව දරා ගත්තු එකයි කෙරුවෙ....

ජීවිතේ වැටුනා.....මැරෙන්න හැදුවා...කල කිරුනා...අන්තෙටම කඩා වැටිලා..අවසානෙදි ප්‍රතික්ශේප කිරීම් බර ගානකට පස්සෙ මං ස්වර්ගෙන් බැහැපු එක්තරා දූතයෙක්ට මගෙ ජීවිතේ බාර දුන්නා ....තැලුන...කැඩුන..ඉරුන...මගෙ ජීවිතේ එයාගෙ අතට දුන්නා....එදයින් පස්සෙ එයා වැටෙන්න වැටෙන්න මාව අල්ල ගත්තා ....කැඩෙන්න බිදෙන්න යන හැම වෙලාවකම මගෙ ලගින් උන්නා...

මගෙ විතේන් ...මගෙ ආදරනීයම විතේන් ....අප්පච්චිගෙන් පස්සේ..ඇහැට දකින...පපුවට දැනුන...ආදරේ පරිසමාප්‍තිය උනේ මගෙ විතේන් .....නැවතුන මගෙ පපුවට ආයම පන පෙව්ව මගෙ විතේන් ...

ඒත්...කරුමෙ කියන්නෙ.....දෛවය මට කවදාවත් එක දිගට සැනසීමෙන් හුස්ම ගන්න දුන්නෙ නෑ....හැමදාම එක එක සුලි සුලන් එව්වා....මං දන්නෙ නෑ...දෙවියො මට වරමක් දුන්නොත් මම ඉල්ලන්නෙ එක් දෙයයි ..මට ජීවත් වෙන්නෙ තියෙන්න එකම එක තත්පරයයි නම්...මගෙ අවසානම හුස්ම පොද ගාව මගෙ අප්පච්චි වගේම මගෙ විතේන් ඉන්න කියලා විතරයි ...

කෙනෙක් මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ සතුටයි සැනසීමයි කෝ කියලා මට පෙන්නන්න ඉන්නෙ ඒ දෙන්න විතරයි ....

තේශී.....

මේ එනවා මැනිකේ....

දොරෙන් එලියෙ උන එයා දොරට ගගහා කතා කරනවා...ඇගට දැනෙන වේදනාව හිතේ තියාගන මම මූනෙන් හිනා උනා...හදවතින් ඇඩුවා...මොකද මම ඇඩුවොත්....එයාව කඩන් වැටෙනවා....මට ඒ දේ වෙන්න දෙන්න බෑ..මට හයියක් වෙන විතේන් පවා සමහර වෙලාවට වැටෙනවා...

තේශී....ඔලුවෙ කැක්කුම තියන් නෑවෙ ඇයි...මිනිහො.....

අනේ මැනිකෙ....ඔලුවෙ නැති දෙයක් නෑනෙ.....තෙලුයි ඕඩික්ලෝන් මේ ඔක්කොම එක්ක ඔලුව මුඩු ගදගහයිනෙ....

අනේ..මේ...උඹේ ඔලුව ඉඹින එකම එකා මමනෙ....නේ...ඉක්මනට ඇදගනින්...මිනිහො.....අසනීප තියාගන නාලා මාව යකා ආවේස කරනවා

මෝ.... ඉතින්...දිසානායක මැනිකෙගෙ වස....

අහකට පලයන්....අනේ සුදු මහත්තයා උඹ මගෙ ලේ පුච්චනවා ...

ලේ පිච්චුවත් මං උඹට ආදරෙයි මගෙ විතේන් ....ඒක විතරක් මතක තියා ගනින්.....

මං එයාගෙ නලලට හාද්දක් තියලා එයාම මං වෙනුවෙන් එලියෙන් තියපු ඇදුම් ඇදගත්තා ...දෙවියන්ගෙ පිහිටෙන් මටඒ මල හූනියමෙන් යාගන්න තිබුනොත් ඇති.....

තේශී.....පොත් හතරම ඔයා ගාවනේ....

ඔව්.....

උදේ ගියපු පාර ආයම ගෙදර එනකොට හැන්දෑවෙ පහත් පහුවෙලා තිබුනා ...පාස්පෝර්ට් ඔෆිස් එකේ ඉන්න මිනිස්සු දැක්කම මේ ලන්කාවෙන් යන මිනිස්සු කී දහක් නම් ඉන්නවද කියන එම මං මේ වෙනතුරුත් කල්පනා කෙරුවා ....

පාස්පෝර්ට් ඔෆිස් එකේ පැය ගානක් ඉදලා ඉදලා ආව මං පලිගු දෝනියගෙ පෙට් පාස්පෝර්ට් එක දිහා බලන් උන්නා....අපේ දොන්ත බිබික්කම....

මොනාද තේශි බල බල හිනාවෙන්නෙ ..

මේ මේකිගෙ මූනෙ පාට් එක බලන්නකො ....

දොන්ත බබක්කා.....

පලුගු මැනිකේ ....නම දකිනකොට මට බකස් ගාලා හිනා ගියා උනත්....මොල්ලිගොඩ වලව්වෙ පලිගු මැනිකෙව මතක් වෙනකොට මගෙ හිනාව සම්පූරනම අතුරු දහන් උනා . ..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය....

කුනු ලේ රතුවට හුරු පාස්පෝර්ට් එකේ රත්තරන් පාට අකුරු උඩ මගෙ ඇස් දෙක සියපාරක් විතර ගියා.....පාස්පෝර්ට් එක අතගානකොට මට හිතට සැනසීමක් දැනුනා...වලව් අපායෙන් යන්න යනවා කියන එක මගෙ පපුවට දැනෙනකොට මං නිදහසේ හුස්මක් ගත්තා ...

තේශී.....සුදු මහත්තයා ...සුදු අප්පො....ලොකු පුතා ...නිතේස්....නිතේශයා....ඔය වචන දවස පුරාවටම මගෙ කන් අස්සෙ එහා මෙහා කැරකෙනකොට හැමදාම පායන ඉර ..හවස් වරුවෙ බැහැගබ යන ගමන් දවසින් දවස ගෙවුනා...

තේශී...එම්බසි එකට යන්න ඕනා...තේශී පොලිස් රිපෝර්ට් ඕනා...තේශී අරක ඕනා...කෝ ඔයාගෙ උප්පැන්නේ.....කෝ ඔයාගෙ අරක...කෝ ඔයාගෙ මේක.....අරුන් දෙන්නට අරක කියන්නකො...මේක කියන්නකො ගගා දවස පුරාවටම කියවන විතේන්ගෙ නිරුවත උඩ හති අරින ගමන් උන්න මට වෙනදට එක වටෙන් ජම්මෙටවත් නැවතුන් නැති උනත් අද මට ඔලුව කෙලින් කර ගන්නවත් බැරි උනා.....

දවස් ගානකට උඩින් ඇගට දැනුන අර කටු අනිනවා වගේ වේදනාව ආය ආයමත් දැනුනා වගේම රන් මලියා වෙනුවෙන් වගේම සුදු අක්කා වෙනුවෙන් බත් පතක් දීලා පිනුත් අනුමෝදන් කෙරුවට පස්සෙත් හැම රෑකම රන්මලී මගෙ නින්ද කඩා ගත්තා .කාටත් නොකිව්වත් මං.රෑට බය වෙන තරම...නින්දෙන් ගැස්සිලා ඇහැරෙන තරම දන්නෙ මමම විතරක් උනා.....

සුදු අප්පො...

අනේ...මැනිකේ....ආය...නම්...බෑ..මගෙ ඔලුව පුපුරන්න වගේ...

අනේ...ඒකට නෙවෙ තේශී...උඹට උන කියලා කියන්න කතා කෙරුවෙ .....

මං උන්නෙ තවමත් එයාගෙ ඇග උඩ...බෙල්ල අස්සට මූන තියාගන....යටිපතුල් වගේම දනහිස් වලින් එන වේදනාව...ඇගේ දැවිල්ල මිරිස් ඇතිල්ලුවා හා සමාන වෙනකොට මං අදත් එයාව දාලා බාතෲම් එකට දුවනකොට මගෙ අප්පච්චි උගුර කඩාගන කහිනවා මං අහන් උන්නා....දවස් ගානකට උඩදි අල්ලපු කැස්ස එක්ක අප්පච්චිගෙ උගුර සම්පූරනම තුවාල වෙලා ගිහින් තිබුනා..කැහැලා කැහැලම වෙලාවකට කතා කරගන්නවත් පන නැති අප්පච්චි මලකද වගේ ඉන්නකොට මම පුදුම විදිහට අසරන උනා.....

ගන්න පුලුවන් හැම තැනිම්ම බෙහෙත් ගත්තා ඒත් අප්පච්චිටවත් මටවත් අඩුවක් උනේ නෑ...අම්මා හැමදාම බෝදිපූජා තිබ්බා...පිරිත් කියලා මතුරලා බෙහෙත් පෙව්වා.....

ඒත්....අප්පච්චිටවත් මටවත් ගුනයක් නොවෙනකොට මගෙ හිතට මහා අමුත්තක් දැනෙන්න ගත්තා .....

ඇග දැවිල්ල ගන්ත්තු මං මහ රෑ එලිවෙනකන් කසලා කසලා තුවාල වෙලා රතු වෙච්ච තැන් බල බල නෑවා .....වෙනදට දවස් ගානකට පස්සෙ එයාගෙ ඇග උඩට නගින මං වරුවක් යනකන්වත් බැස්සෙ නැති උනාට අද මට එක දෙක උස් පහත් වෙනකොට මට එයාගෙ මූන පවා බොද වෙලා පේන්න ගත්තා ....

මොන හෙනයක් ගහලදෝ මන්දා .....

ටවල් එක ඉනට පටලවගත්තු මං පියරු බෝතලේම පියරු ඇගට උලාගන ගෙට එනකොට එයා මං එනකන් බලන් උන්නා ...

සුදු මහත්තයා ....

ඇයි මැනිකේ...මේ...

මට බයයිනෙ ...

ඇයි.....

ඒ ඇස් රතු වෙලා....ඒ මූන මලානික වෙලා....අප්පච්චි ඉවරයක් නැතිවම කහිනකොට මං අහගන තාත්තා අප්පච්චිට ඉස්පිරිතාලෙ යන් කිය කිය බනිනවා....මට බයයිනෙ කියපු එයා මගෙ ඇගට හේත්තු වෙනකොට මං යටි පතුල් වලට දැනෙන,වේදනාවට මන් කකුලෙ ඇගිලි වලින් ටයිල් පොලව තද කර ගත්තා ....

අද දිනේ කීයද මැනිකේ ...

තවමත් තුවය පිටින් ඉන්න මගෙ ඇගේ එල්ලිලා ඉන්න මගෙ වදුරු පැටියගෙන් දිනේ ඇහුවා ...

අද දහවෙනිදා... ..

දහවෙනිදා .....මේ මාසෙ ඉක්මනට ගෙවිලා යනවා නම්....නාගන එන්න මැනිකෙ....

මේ මාසේ ඉක්මනට ගෙවිලා යනවා නම් කියපු මම එයාට නාගන්න දීලා එහෙම්ම ඇදුමක් ඇදන් කැහැ කැහැ පස් පංගුව හුමාලෙ අල්ලන අප්පච්චි ගාවට ගියා...

අප්පච්චි ...

කැහ්...කැහ්...සුදු...මහ....කතා...කර..ගන්ඩ ..වචන...එන්..නෙත්...නෑ...

මගෙ පපුව කීරි ගැහිලා ගියා....අප්පච්චි පපුවත් අල්ලන් කහිනකොට මං පිටයි පපුවයි දෙකම අතගෑවා ...කැහැලා කැහැලා අවසානෙදි තත්පරේ හුස්ම ගන්න ඉඩක් ඉල්ලලාදෝ අප්පච්චි ඇස් පියාගන සෝෆාවට වැටෙනකොට අම්මා ආයම කසාය එකක් තම්බන් එනකොට තාත්තා අම්මවත් මරන්න හැදුවා අප්පච්චිවත් මරන්න හැදුවා ..

රසානි ඔය කසාය තැම්බිල්ල නවත්තලා මේ ම්ණුස්සයගෙ රෙදි ටිකක් බෑග් එකට දානවා ඉස්පිරිතාලෙ අරන් යන්න...බේත් බොනවා බොනවා ඉවරයක් නෑනෙ.....

මං බලන් උන්නා...තාත්තා කෑ ගහන හැටි අහන් උන්නා..ඒ අහගන අප්පච්චි ගෙ පිට පපුව දෙකෙම අතගානකොට මන් බලාගන ඒ ඇස් කොනකින් කදුලු බින්දුවක් වැටුනා ඒ එක්කම අප්පච්චිගෙ ඵෝන් එක රින්ග් උනා....

අම්මා....

අප්පච්චිගෙ ඵෝන් එකෙ ඩිස්ප්ලේ එක දිහා බලන් උන්න මං කෝල් එක කට් කරලා දානකොට අම්මා ආයම ගත්තා මං ආන්ස්වර් කෙරුවා ...හැබැයි මට හෙලෝ වත් කියන්න හම්බුන් නෑ අම්මා අඩාගන කතා කෙරුවා ...

අනේ...ද....හ ..ම්....අම්මට....අන්තී...මයි.....

අම්මා....

සු...දු...මහ...ත්තයා....අප්...පච්චි...කෝ.....

අප්පච්චිට සනීප නෑ...

අනේ....පුතේ....අත්...ත..ම්ම...ට.....අන්...තීමයි...හරකා...පයින්...ඇන්...න...එක...මොලේට...ග...හ...ලා....

🙂අත්තම්මා නිවන් ගීන්....අපිත හුගක්...ඈතයි.....

ජැක්කනේ...

ජැක්කනේ.....ඈ...

ආයම හෙට එන්නම්....

තටා බායි....

උම්ම්ම්වා....හ්හ්....

ලයි...යූ...

චුක් ...😘චුක්😘 චුක්

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters