LightReader

Chapter 95 - 95

කිසි දා නොවින්ද....

ආදරය වින්ද....

අප පෙම් කතාව ....

මෙතනින් නිමයිද.....

යන්න පෙර දුරට....

නැවත නොපෙනෙන්න....

ඔබ නැතුව ඉන්න....

මට කියලා දෙන්න.....

ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි තැන අසරන වෙන දොස්තරලා ගාව තවත් අසරන වෙන්න බැරි මම ගෙදර එන්න ආවා....

රකින්න දෙයක් නැති....කෙනෙක් ආපහු එයි කියලා බලාගන ඉන්නත් නැති ජීවිතේ සම්පූරනම හිස් පිටුවක් වෙලා ගිහින් තියනකොට එයා ගාව අද හොයන්නවත් නැති...මං ගාව විතරක්ම ඉතිරි හුස්ම ගන්න මතක දිහා බලාගන මම හීල්ලූවා.....

බැල්කනි එකේ දොර ඇරියම පේන්නෙ දවස් ගානකට උඩදි හිනා වෙවි...අඩ අඩ...බැනු අහ අහ ...රන්ඩු කර කර උනත් අපි ආදරෙන් ජීවත් උන ගෙදර වෙනකොට ....අද ඒ ගෙදර අපි කාටත් අයිති නැති තැනක්....අපි හැමෝම පිට මිනිස්සු වෙනකොට එක ආදරේක මලගමක් උහුලපු ඇද උඩ මම ඉදගන ඇස් පනා පිට මැරිලා ගියපු ආදර කතා දෙකක් මැද පන අදින ගමන් උන්නා.....

මම ඒ හිනාව දිහා බලන් උන්නා.....

මම ආයම මේ මූන අතගාන්නෙවත් කොහොමද සුදු මහත්තයා .....උඹ මන්ගාව ඉන්නකොට උඹ තරම් ආදරෙන් පිස්සු වැටුන මිනිහෙක් ගැන දැනන් උන්නෙ නෑ නිතේශ් .....මේ හිනාව...මේ කතාව....උඹගෙ උනුහුම ....මේ හැම දේම මගෙ ඇස් පනා පිටම අද වෙන ගෑනියෙක් අයිති කරගන්නකොට .....සත්තයි.....මට උඹගෙ ඇස් ඉස්සරහ මැරෙන්න හිතුනා...

ඇයි.....සුදු අප්පො...මෙහෙම උනේ...උඹ මම ...මොන වරදක් කෙරුවටද...මෙහෙම උනේ....

උඹ නැතුව අපි හැමෝම දුකෙන්....උඹ නැතුව අපි හැමෝම වේදනාවෙන්....."මැනිකේ...." කියාගන උඹ ආයම එයි කියලා මම බලන් ඉන්නවා...."අම්මා"කියාගන උඹ ගෙට ගොඩ වෙයි කියලා අම්මා බලන් ඉන්නවා.....අම්මෙ බඩගීනි කියාගන අම්මා පස්සෙ එනකන් අම්මා බලන් ඉන්නවා....මැනිකෙ මගෙ කලුසරම කෝ කියලා අහනකන්...මං අපන් ඉන්නවා මගෙ නිතේශ් ....අනේ...මට කියපන්....උඹ මැනිකෙ මගෙ කලු සරමකෝ කියලා ඒකිගෙනුත් අහයිද .....උඹ ඒකිගෙන් කොහෙ අහන්නද...මට උඹෙන් කියලා ඉතුරු උනේ...උඹේ උඹේ සුවද කියලා මට ඉතුරු මේන් මේක විතරමයි මගෙ තේශි...

උඹ ආයමත් එන්නෙ නැති බව දැනදැන....මම මැරෙන තරම් ....උන් උඹටයි මටයි...කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරලා....මම උඹව අතාරිනවා කියලා නොකිව්වා..නම්...උන් උඹට තවත්...වහ පොවයි මගෙ තේශි .....

මම මගෙ අත් දෙකෙම්ම ඔලුව බදාගත්තා .....

සිනිදුවට තිබුන කොන්ඩෙ අහුරු අහුරු පිටින් ගැලවිලා අතට එනකොට මගෙ සම්පූරනම ඔලුවෙ පවා තුවාල දාලා තිබුනා....ගනින්න බැරි තරම් පුංචි පුංචි බිබිලි කාන්දරාවක් මගෙ සර්වාංගෙම වහගන්නකොට මාව දකින මිනිස්සු මාව පිලිකුල් කරන එක සාදාරනයි කියලා හිතුනෙ මාව දකිනකොට මටම අප්පිරියාවක් දැනුන හින්දම වෙනකොට මම ආය මගෙ දිහා බලන්නෙ නැතුව උන්නා ..

විතේන් .....

එකම එක ලයිට් එකක් වත් පත්තු නොකර මම උන්නෙ ඇදේ මුල්ලක ඉදගන වෙනකොට ශෙනෝන් මට කතා කරනවා එක්කම ලයිට් එක දැම්මා විතරයි මම බ්ලැන්කට් එක අස්සෙ හැංගුනා...මට දුකයි ...මට බයයි ...මට මිනිස්සුන්ගෙ ඇස් වලට පේන්න එලියට එන්න බයයි....මාව පිලිකුල් කරනකොට ....මාව දැකලා ඈත් වෙනකො.....මාව ප්‍රතික්ශේප කරනකොට මගෙ පපුවට දරන්න බැරි තරම් දුකක් දැනෙන කොට මම ඒ හැමෝගෙම්ම හැංගුනා.....

විතේන් .....

එයාගෙ අඩි සද්දෙ ....ඒ කටහඩ ඇහෙනකොට මම කෙරුවෙ තවත් ගුලි උන එක...රෙදි අස්සෙ හැංගුන එක.....දැනෙන අසරන කම එක්ක මම යටි තොල හපාගන අඩනකොට එයා ඇවිත් මන් හැංගිලා උන්න බෙඩ් ශීට් එක පැත්තකට දැම්මා....

ශෙනෝන්....පින් අයිති වෙයි ....එපා ...

මොනවද....මොනවද එපා කියන්නෙ.....ආ

එයා සැර කෙරුවා ..හරියටම මගෙ නිතේශ් හා සමානවම....මොනවද එපා කියන්නෙ ගගා අහ අහ මට සැර් කෙරුවා ...

මට මෙහෙම ඉන්න දෙන්න....එපා මාව බලන්න වත් එන්න .....මිනිස්සු ..මාව දකිනකොට ..මගෙන් ඈත් වෙන එක දර්ස ගන්න අමාරුයි.....ශෙනෝන්.....ඒ වේදනාව මගෙ පපුවට පුදුමා කාර තරම් බරයි ශෙනෝන් .....

මම මගෙ මූන හංග හංග ඇඩුවා...

ඩියෝන්.....ඩියෝන්.....

එනවා සෙනෝන්...මේ වතුර එකට වෙනිවැල් ගැට කෑල්ල දාලා එන්නම් ඒයි...අපේ..විතේන් අයියව නාවන්න එපැයිනෙ...

මගෙ මුලු පපුවම කීරි ගැහුනා....මගෙම එකා පවා මාව පිලිකුල් කරලා පැත්තකට වෙනකොට මාව නාවන්න උන් දෙන්නා වතුර උනු කරනවා...ඒ ලෙංගතු කම පපුවට දරන්න අමරුම වේදනාවක් ගෙනාවා...

පිලිකුල....ප්‍රතික්ශේප කිරීම් කොයි තරම් හදවතට වද දෙනවද කියන්න මට දැනෙන්න ගත්තා ...ඒක වේදනාවක්...හත් කඩකට පපුව පැලිලා යනවා හා සමාන වේදනාවක්....පාරෙ ඉන්න හිගන්නෙක් දිහා බලලා .....බරවා හැදුන මනුස්සයෙක් දිහා බලලා...සර්වාංගෙම තුවාල පිරුන මනුස්සයෙක් දැකලා මූන ඇඹුල් කරගන්නකොට ....අපි පිලිකුල් කරන මනුස්සයගෙ හිතට දැනෙන වේදනාව මම අමු අමුවෙම අත් විදින්න පටන් ගත්තා .....

ඇගේ තියන හැම රෝම කූපයක්ම...ඇහි බැම පවා ඉතිරි නොවී හැලි හැලි යනකොට ....කොන්ඩෙ අහුරු පිටින් ගැලවිලා යනකොට...නියපොතු පවා හැලිලා යනකොට මම බය උනා..මගෙ කටේ දත් පවා නැති වේවි කියලා ...මම ඇඩුවා...එක පාරම මාව මරලා දාපල්ලා....මාව මරපල්ලා කිය කිය අම්මා තාත්ගෙන් උන්ගෙන් අත් දෙක එකතුකර කර් වැද වැද මම ඇඩුවා.....

අවසානෙදි මට කරන්න ඉතුරු දේ කාගෙත් ඇස්වලින් වහන් වෙලා ඉන්න එක වෙනකොට මම අන්දකාරෙ එක්ක හුස්ම ගන්න පුරුදු වෙන්න හැදුවා...මිනිස්සුන්ගෙන් හැංගෙන්න හැදුව...හරියටම ලාදුරු හැදුන මිනිස්සුන්ව කැලේට අතාරිනවා වගෙ මමත් මගෙ මූන මුලු ලෝකෙම්ම හංගගන්න ඇදරෙදි අස්සෙ හැංගුනා.....ඒඋනත් ශෙනෝන් මාව එලියට ඇදලා ගත්තා ...

ඇයි විතේන් හැංගෙන්නෙ?

එපා...මට මගෙ

පාඩුවෙ ඉන්න දෙන්න...අනේ...පින් අයිති වෙයි...මට...මගෙ...පාඩුවෙ...ඉන්න දෙන්න....ශෙනෝන්...මගෙ....මූන..මටවත්..බලාගන්න..බැරි...තරම් .....

ඇති.....කිව්වනෙ....සැරයක් කිව්වම ආය ආය එකම දේ කියවන්ඩ එපා....උඹ අපි දිහා බලන්නෙත් ....ඒ මිම්මෙන් නම්...අපි යන්නම්.....උඹට අපිවත් පිට උන් ගානට පේනවා නම්...අපි යන්නම් විතේන් ...

මම රෙද්දට ගුලිවෙලා ශෙනෝන් කියන දේවල් අහන් උන්නා.....ඌ බනිනවා ....ඉවරයක් නැතිවම බනිනවා මන් අහන් උන්නා....

සෙනෝන්.....වතුර එක හරී....

එන්න යන්න.....ඔහොම ඉන්න බෑනෙ . ..ඔය ඇග වටෙ රෙදි ඔතා ගන්න එපා...ඔයාටමයි අමාරු ...කෝ නැගිටින්න....

අනේ....ශෙනෝන්....අනේ...දෙයියනේ මං වදින්නම් මට ඔහොම සලකන්න එපා ශෙනෝන්.....ඔහොම සලකන්න එපා.....

විතේන් ...මල් පිපෙන කාලෙට මිනිස්සු ඕන් නෑ.....ඒ කාලෙට මිනිස්සුන්ව බලාපොරොත්තු වෙන්නත් එපා...ඒකාලෙට මිනිස්සු ඉබේම තමන් ගාවට ඇදිලා එනවා.....ඒත්.....ඇත්තටම තමන්ගෙ ලගට කාව හරි ඕනෙ....මල්පිපෙන කාලෙට නෙවෙ විතේන් ..නියන් කාලෙට.....කර්ශක පොලව ඉරිතැලිලා යන කාලෙට වහින වැස්ස මිසක්...සීත කාලෙට වහින වැස්ස මොකටද විතේන්.....උඹගෙ..ජීව්තේ ආයම දවසක අනිවාර්යයෙන්ම මල් පිපේවි.....ඒත්....නියං කාලෙට අහුවෙලා පිපෙන මල් තමයි....ලස්සනම....ආදරනීයම.....වසන්ත කාලෙම ජීවිතෙ පුරාවටම තිබුනොත් ...ඒ වසන්තෙ කොයි තරම් වටිනවද කියන්න කාටත් නොතේරේවි....වසන්තෙක වටිනා කම දැනෙන්න නියඟයක් එන්නම ඕනා..උඹත් මේ ගෙවන්නෙ නියං කාලයක්.....හිත හයිය කරන් මේ කාලෙ හුස්ම ගනින්...මොකද මල් පිපෙන්න ගත්තම...උඹට හුස්ම ගන්න එක පවා අමතක වේවි...ඒක හින්ද මගෙ හොද කොල්ලා වගේ.....වරෙන් දැන්.....

බිදුන හිත හදන්න දහසකුත් කතා කියපු ශෙනෝන් ඇදරෙද්දෙන් ඔතන් උන්න මාව එයා ආයම එලියට ගත්තා ....ඇගෙන් පිට වෙන තුවාල වලින් එලියට එන සැරව ඇද රෙදි වල ගෑවිලා රෙදි ඇගට ඇලෙනකොට ආයම ඒවා ගලවද්දි මට වේදනා දැනුනා....ඒ ඔක්කොටම වඩා උන් මට සලකන විදිහ මට ඉවසන්න අමාරු වෙනකොට තුවාල වල වේදනාවට වඩා පපුවෙ වේදනාව ලොකු වෙද්දි මම මට ඔහොම සලකන්න එපා එපා කියන එක කනකට වත් නොගෙන ඌ මාව උස්සන් ගිහින් බාතෲම් එකේ පුටුවක ඉන්දුවා.....

මගෙ විතේන් අයියෙ...ඇස් වහගන්න පුතේ...මේ වතුර එක දාන්න.....මේව්ට වෙනිවැල් ගැටයි කොහොඹයි....දාලනෙ තියෙන්නෙ....ඇස් දැවිල්ල ගනීනෙ...

වෙනදට නානකොට එන සබන් සුවද අද අතුරු දහන් වෙලා ගිහින් තිබුනා ....ඒ වෙනුවට තිබුනෙ තනිකරම බෙහෙත් සුවද වෙනකොට මම ඔහෙ උන්නා....කොර වෙලා ගියපු අත පය වකුටු වෙලා යනකොට මගෙ ඇගිලි පවා වක ගැහිලා ගිහින් තිබුනා.....

ඩියෝන් පොඩ්ඩක් ඉන්න....

ඇයි...ඇයි සෙනෝන්.....

එයාගෙ කොන්ඩෙ කපන්න ඕනා....

මම අහන් උන්නා..මොකද..මට අහන් ඉන්නව ඇරෙන්න දැන් කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුන් නැති හින්දා .....ඔලුවය අතක් තිබ්බත් කොන්ඩෙ අහුරු ගනන් ගැලවිලා එන කොන්ඩෙ ගැන කිසිම බලාපොරොත්තුවක් ආසාවක් තිබුන් නැති මම ඔහේ ඉන්නකොට ශෙනෝන් මගෙ කොන්ඩේ සම්පූරනම තට්ටෙ ගාලා දැම්මා..ඇහිබැමක් කියන දේ නාමයක් නැති.....කෙස් ගහක් ආසාවට නැති මන් දිහා මම ඔහේ බලන් උන්නා....මගෙ ඇස් පනාපිටම මාව දිරලා යන්න ගත්තා ..මගෙ ඇස් පනා පිටම මාව මකඩ හැලෙනවා වගේ හැලිලා යන්න ගත්තා .....

මං බලන් උන්නා...කොන්ඩෙ කපන මැශින් එකට අහුවෙච්ච කෙස් ගස් බෙල්ල මුලිම්ම කපන් යන හැටි...මගෙ ඇස් වලින් කදුලු වැටුනා...කලු පාට කොන්ඩේ බිම පුරාවටම ගිහින් තට්‍ටෙ පෑදෙන හැටි.....

මට මාවම බලන් ඉන්න බැරි තැන ඇහිපිහාටු වල ගල් කැට එල්ලුවා හා සමාන කදුලු කැට එල්ලෙනකොට මම ඇස් පියාගත්තා ...කනට නෑහෙන සද්දෙත් එක්ක මැශින් එක මගෙ ඔලුව පුරාවටම එයා පුදුමාකාර පරිස්සමකින් අරන් ගිහින් මගෙ මුලු කොන්ඩෙම කපලා දානකොට මම මගෙ වක ගැහුන ඇහිලි වලින් පුටු ඇන්ද මිරිකගන මම ඉවසගන උන්නා....

මැශින් එකෙ සද්දෙ ඉවරයක් නැතිවම ඇහෙනවා...ඒත්...මට දැනුනා...මැශින් එක යන්නෙ මගෙ ඔලුව උඩ නෙවෙ කියලා ....මම ඇස් ඇරියා

දෙයියනේ....ශෙනෝන්....ශෙනෝන්...නවත්තපන්...අනේ...පින්...අයිති වෙයි...නවත්තපන්කො.....අනේ..ඩියෝන්...නවත්තන්න...කියපන්කෝ.....

අසාවට හිස එස් ගහක් නැති මගෙ ඔලුව තනිකරම මුඩු බිමක් වගෙ වෙනකොට මට ශෙනෝන්ව දැකලා කෑ ගැස්සුනා ....එයා සම්පූරනම කොන්ඩේ කපාගන්න ගමන් උන්නා...මම එයාව ඇද ඇද කෑ ගැහුවා...ඒත්..එයා නෙවෙ නැවතුනෙ...ශෙනෝන් සම්පුරනම කොන්ඩෙ තට්ටෙ ගාලා ඩියෝනයගෙ පවා කොන්ඩෙ කපලා දැම්මා...මට කෑගලා අඩනවා ඇර වෙන කරන්ම දෙයක් නැති වෙනකොට ඩියෝන් අඩන මාව තුරුල් කරගත්තා .....

අපි ඉන්නවනේ....කවුරුත් නැති උනත්...නිතේස් අයියා නැති...උනත්....අපි ඉන්නවනේ...එයා.....එනකන්...අපි ඉන්නෙවනේ...සෙනෝන් ඉන්නවනේ....ඩියෝන්...බබාත් ඉන්නවනේ....දෝනියත් ඉන්නවනේ...විතේන් අයියෙ....

ඒකා කියවනවා...මගෙ එකම.කෙස් ගහල් වත් නැති තුවාල විතරක් පිරුන ඔලුව අත ගගා අපි ඉන්නවනෙ කියනකොට මම අහන් උන්නා...මෙච්චර කල් දොන්ත බිබික්කමා ගගා හිටපු ඌ මහ එකා වගේ මගෙ හිත හදනකොට අද කිසිම දෙයක් කරගන්න පන නැති මම අහන් උන්නා...

ඇගේ හයිය එක්ක ලැජ්ජාව පෑල දොරින් පැන්ලා යනකොට උන් දෙන්නා මාව නෑව්වා....ඇග පුරාවටම මොන මොනවදෝ ඇඹරපු කොල ජාතියක් ගගා...තුවාල වලට අමු කහ උල උල මාව නෑව්වා...මම ඔහේ උන්නා.....මහ නාකියා ගහපු පාරට පලිගුවගෙ අතක් කැඩිලා තියනකොට වෙනදට පොලවෙ ඉන බැරි ඒකි අද අත ඔතාගන අත උස්සන් පැත්තකට වෙලා බලන් ඉන්නවා...හිටපු ගමන් ඔලුව තට්ටෙ කරන් කදුලු පුරගන බලාගන ඉන්නවා...කාගෙ හරි කටින් මගෙ සුදුමහත්තයගෙ නම කියනකොට ඒකි කන් දෙක උස්ස උස්ස ඔලුව හරව හරව බලන් ඉන්නවා...බැරි බැරි ගාතෙ අන්ඩ උස්සන් ජනෙල් ගාවට දුවනවා.....

වාහනේක සද්දයක් ඇහෙනකොට එක අන්ඩෙන් දොරවල් පහුරු ගානවා....

අනෙ දෙයියනේ...ඒකිටත් මගෙ තේශි නිතේශ් නැති අඩුව.....ඒකිගෙ මාමියා නැති අඩුව දැනෙනවා.....ඒකිට් මගෙ තේශිව හොයනවා ...වෙනදට ෆෑන් එකක් වගේඑ වනන පලිගුවා දවස් ගානක ඉද්න් ආසාවට නැට්ට වැනුවෙ නෑ...ඒකිගෙ හදවත මැරිලා ගිහින් කියන්නද කොහෙද ඒ වලිගෙ බිමට පාත් වෙලා තිබුනා....

ශෙනෝන්....අම්මයි....තාත්තයි...කෝ....

නාවපු මාව උන් දෙන්නම ඇදට අරන් ඇවිත් කපු රෙද්දකින් පිහලා යට ඇදුමක් විතරක් අන්දවලා නෙට් එක දැම්මා...නැත්තන් මැස්සො මදුරුවො වහලා ආයම මාව කසන්න ගනී කියලා .....තුවල අස්සෙ නිල මැස්සො බිත්තර දාලා පනුවො ගහයි කියලා .....

"පනුවො ගහයි කියලා...."ඒ දේවල් ඇහෙනකොට හිතෙනකොට මට මහා වේදනාවක් දැනුනා...පනුවො ගහන තැනටම එන්න උන් මට කොඩි වින කරලා කියන එක මතක් වෙනකොට මම මටම වෛර කෙරුවා...මම මටම කොච්චර වෛර කෙරුවා උනත්...එයාව මුනගස්සපු....දෛවයට ආදරේ කෙරුවා .....

මොන දේ උනත්...ඒ ඉන්නෙ පන....මාව සිය දහස් වාරයක් ප්‍රතික්ශේප කෙරුවත්...ඒ ඉන්නෙ.....මට පන වගේ ආදරේ කරපු මගෙ තේශී....ඉතින්....එහෙම උනාම....මම මටම වෛර කරගත්තා උනත්.....එයාව මට මුන ගස්සපු දෛවයට වෛර බදින්නෙ කොහොමද ....

මම නෙට් එක අස්සට වෙලා ඔහේ කල්පනා කෙරුවා ...අම්මා තාත්තගෙ සද්දයක් නැති වෙනකොට මම අම්මා තාත්තව හෙව්වා....

අම්මයි තාත්තයි මාතර ගියා...

මාතර....

ම්ම්ම්...

ඇයි ..ඒ....

ඇයි...ඒ කියන එක....කවද හරි දවසක දැනගන්න පුලුවන් විතේන් .....විතේන් හැම අම්මා තාත්තම නිතේශ්ගෙ අම්මා වගේ නෙවෙ ....හැම පවුලක්ම මොල්ලිගොඩ වගේ නෙවෙ උන් ලමයි මරාගන සම්ප්‍රදායන් රැක්කට.....දරු කැක්කුම ලේ නහර අස්සෙ ...සර්වාංගෙම අරක් ගත්තු දෙමව්පියො සම්ප්‍රදාය මරාගන හරි දරුවො රකිනවා.....

උඹගෙ අම්මා තාත්තා උනත් එච්චරයි ....අනීතට පුලුවන් උනාට අපේ එකාව පිස්සෙක් කරලා උන්ගෙ නම්බු රකින්ඩ.....ඒත්...උඹහෙ උන්ට නම්බුව මරලා හරි උඹලව රකින්ඩ ඕනා උනා...වෙන්නෙ..මොනවද....කරන්නෙ...මොනවද...කියන එක..මගෙ ඇස් දෙකෙන් දැක්කම හොදටම ඇති...මැනිකව හම්බ උනෝතින්...එහෙමයි....නැති උනෝතින් ....ඒත් එහෙමයි...අපි බලමු....

ශෙනෝන්...අම්මලා...ගියේ.....

ඔව්....මැනිකව හොයන්න....මුලු මාතරම හරි...පීරලා....උන් මැනිකව හොයා ගනී.....උඹට මොන දේ උනත් ඉන්නෙ රත්තරන් අම්මෙක් තාත්තෙක් ....මම එහෙම කියන්න හේතුව උඹම දන්නවා....උඹගෙ අම්මා තාත්තා ඔව්වා පස්සෙ පන්නන උන් නෙවෙ කියන්න දන්නවා...ඒ උනත් ගිනිපෙරෙල්ලෙන් එක පාරක් ගුටි කාපු එක ඒ රස දන්නවා අවුරුදු ගානට කලින් උන දේ ආය ආයම වෙනකොට උන් දන්නවා...වෙන්නෙ මොනවද කියලා බලන් ඉදින් විතේන් .....අනිවාර්යයෙන්ම බලන් ඉදින්...උඹ වෙනුවෙන් අපි හැම දේම කරන්නම්....උඹ අපි වෙනුවෙන් කරන්න ඕනා එක දෙයයි .....ඉක්මනට සනීප වෙයන්....

අමතක කරන්න එපා...නියං කාලෙ ඉවර උනාම මල් පිපෙන්නෙ බලන් ඉන්න උන්ට හීක් ගෑවෙන්න කියලා ...

මම ඇද වියලට හේත්තු උනා.....ඒත් මම තත්පරෙන් කෙලින් උනා...පිට පුරාවටම තිබුන තුවාල වල වෙදනාව එක්ක හේත්තු වෙන්න බැරි වෙනකොට මම ආයම කෙලින් උනා.....

ඩියෝනයා එහට යනවා මෙහාට යනවා...එකම එක කොනඩ ගහක් වත් නැති උගෙ ඔලුව ඇබිත්තකය නැති වෙනකොට මමත් දැන් ඒ තර නේද කියලා දැනුන මට හුස්මක් පිට උනා....

ශෙනොන්.....

ම්ම්ම්.....

අපි...හෙට වෙඩින් එකට....යනවද...

මොන පකෙ වෙඩින්....මලගෙදර යනවද අහපන්...නොයා බෑනේ...යන්න ඕනා...මේ ඇස්වලින්ම බලාගන....වෙන හැම දේම වීඩියෝ කරන්...ඕකට හොද සිහිය ආවදාට පෙන්න පෙන්න ගහන්න යන්න ඕනා..උඹ විදපු දුක දැකලා ඕකත් අඩන්න ඕනා....විතෙන් ...උඹෙ ඇස් වලින් වැටෙන කදුලක්..කදුලක් ගානෙම උන් විදවයි..මං පොරොන්දු වෙනවා..උඹේ නිතේශ් ලව්වම....මං උන්ගෙ මිනිවලවල් කප්පනවා...අනිවාර්යයෙන්ම ...මෙක මගෙ පොරොන්දුවක්...කඩවුන පොරොන්දු වගේ නෙවෙ මේවා.දැන් කාලා නිදාගනින්...හෙට උදේය මල ගෙදර යන්න ඕනා.....

මට කන්න බෑ ශෙනෝන්....

උඹ කන්නම ඕනා....උඹ කන්නම ඕනා විතේන් ..... අරකි අරූ එක්ක හිනා වෙවි පෝරුවෙ ඉන්නවා බලන්න හයිය ගන්න ඕනා නම්..... උඹ කන්නම ඔනා.....

උඹත් එක්ක මවපු හීන ...ඒකි බලෙන් උගෙ ඇගේල්ලිලා පාට කරනවා බලන්න උඹ හයිය ගන්න ඕනා....

අවසානම මොහොත වෙනකන්.....එක කදුලක් නොවට්‍ට ඉන්න උඹ හයිය ගන්න ඕනා විතේන්...

මං අහන් උන්නා ...එක දිගට උන ගත්තු මට එයා ලුණු කැද පොවන්න කොච්චර දේවල් කිව්වද කියලා මතක් වෙනකොට මගෙ ඇස් වලට කදුලු ඉනුවා....එදා ඒ ලුනු කැද ටික පොවාගන්න එයා මොන කතා කිව්වද...

ශෙනෝන් ගෙ අතේ තිබුන ලුනු කැද එකට මගෙ ඇස්වලින් වැටුන කදුලු ඇස් පානාපිට අතුරු දහන් වෙලා යනකොට එදා බොන්න බෑ කියපු කැද එම අද මං උගුර වේදනා දෙනකොට බීලා දැම්මා ....එකම එක හැන්දක් වත් ඉතිරි නොකරම....

පින් සිද්ද වෙනවා උඹට ...

අවසානම කැද් හැන්ද මගෙ උගුරෙන් පහලට යනකොට මං.ශෙනෝන්ගෙ අත ඇල්ලන් පින් දෙනකොට ඌ පිට අල්ලෙන් මගෙ කට පිහිදලා ආයම මදුරු දැල හතර වටින් වටකරලා යන්න යන්න යනකොට මං තනි උනා.....

තේශී ...

උඹ කොහොමද තේශී....පෝරුවට නගින්නෙ ...

උඹ හරි ලස්සනට ඉදීවි සුදු මහත්තයා ....

මං එයාගෙ ඵොටෝ එක මගෙ පපුවට තුරුල් කර ගත්තා ....අවසානෙදි ...මේ බැදීමෙ හැම හිමිකමක්ම....හැම අයිතියක්ම....උඹත් එක්කම මට නැති උනා නිතේශ් .....

අල්ල ගත්තු අත මගින් ඇතෑරුනාම කොයි තරම් වේදනයිද කියන්න ...උඹත් දන්නවා.....එ වේදනාව...මං ආයම විදිනවා මගෙ නිතේශ් .....

මමම උඹේ ජීවිතේට ඇවිත්.....උඹට ආදරේ කියා දීලා...උඹට ජීවිතේ කියා දිලා.....ආපහු හැරෙන්න වෙනකොට මේ පපුවට වේදනයි මගෙ නිතේශ් ...උඹට ආදරේ කියලා දුන්න මට.....උඹට ජීවිතේ කියලා දුන්න මට.....අවසානෙදි මට මාවත් නැත්තටම නැති උනා මගෙ සුදු අප්පො...

ඇස්වලට එක කදුලක් උනනකොට බලාගන ඉන්න බැරි වෙනකොට මාව තුරුල් කරගන කදුලු පිහන උඹම අද මාම මැරෙන්න වැටිලා උන්නත් ගානක් නැති වෙනකොට මේ පපුවට බරයි මගෙ විතේන් .....

මොනවා කරන්නද.....මල් උනත්...පරවෙන දවසක් එනව නම්...දුන්න ආදරේ ඇස් පනා පිටම ලුනු වහෙ උන් දිය කරලා දැම්මම....අයමත් මල් පිපෙයිද සුදු මහත්තයා ....

පිපෙන්න කොතනද....එතන ඉදන් සුවද බෙදපන් රත්තරන් ...

ඇස්වලින් වැටුන කදුලු තව තව අඩන්න පාර පෙන්නනකොට මම හිතින් පිච්චි පිච්චි තනීයම කියෙව්වා ....වෙලාවකට හිනා උනා....වෙලාවකට ඇඩුවා....වෙලාවකට බැන්නා.....මගෙත් හොද සිහිය මගෙන් ටික ටික යන්න යනකොට ශෙනෝන් පොවපු නිදි පෙත්තක පිහිටෙන් පුපුරු ගහන ඇස් වලට නිවනක් හම්බුනත්.....ගැහෙන පපුව උමතුවෙන් විලාප තිබ්බා...

"නොපෙනෙන සේ රැඳී....

එක මොහොතක් හරී...

ඔබ දැක ගන්න මොහොතක් යලී...

නෙතු කඳුලින් පෙගී

ඇති හිස් තැන් මැකී...

ජීවත් වන්න මට ඒ ඇතී....

අන්සතූ ඔබ තරම්

ලෙංගතු හදවතක්

අමතක වෙන්නෙ නෑ කිසිම දා...

මට ඔබ නැති හෙටක්

නොගෙවෙන කල්පයක්

එය මට වැඩිය ඔබ දන්නවා..."

විතේන් .....

ම්ම්ම්ම්....

උඹ ඇහැරන්ද මැනික...

ශෙනෝන්.....

....

මං තවමත්....ජීවත් වෙනවද ශෙනෝන්...අද පායන ඉරත් එක්ක...

මගෙ සුදුමහත්තයා ඒකිගෙ වෙනවා දැන දැනම මම තවම හුස්ම ගන්නවද ශෙනෝන්....

උන් දෙන්නා පෝරුවට නැගලා මුදු මාරු කරනවා කියන එක දැන දැනම..මම...ජීවත් වෙනවද ශෙනොන්...

ශෙනෝන්...උඹ දන්නවද ....මිනිස්සු ගෙවන ලොකුම කරුමෙ මොකක්ද කියලා .....තව කෙනෙක්ට අසීමාන්තිකව ආදරේ කරන එක....ඒ අත අතෑරුනත්....තමන්ව ජීවත් කරවගන්න බැරි තරමට තමන් වෙනුවෙන් වත් ආදරයක් ඉතිරි නොකරගන ආදරේ කරන එමට ශෙනෝන්.....

හැම ආදර් කතාවක්ම.....සතුටින්...කෙලවර උනා නම්....මන් වගේ අඩන මිනිස්සු.....විදවන මිනිස්සු.....පිස්සුවෙන් හැසිරෙනමිනිස්සු කොහෙද ශෙනෝන්.....ආදරෙ ගැන දැනගන්න...නම්.....මොල්ලිගොඩ උන්ව එක්කො....අංගොඩ යවන්න ඕනා..නැත්තම්...බෝගම්බරේට යවන්න ඕනා.....ඒත්....තිස්තුන් කෝටියම නෙවෙ...බුදු හාමුදුරුවො පවා.වැඩියත්....සක්කරයගෙ පුතා...වයිමා ආවත්....උන් කවදාවත් මිනිස්සුන්ව අමු අමුවෙ මරන එක නවත්තණ් නෑ.. ශෙනෝන්...

කමක්..නෑ.....මට පුලුවන් ..දරා ගන්න....මට....පුලුවන්...පපුව පැලෙන්න...ආවත්.....ඌ වෙන එකියෙක්ගෙ වෙනවා බලන්න...

මට පුලුවන් ..මගෙ ඇස්වල කදුලු පුරවන්...ඌ හිනාවෙනව බලන්න.....

මටපුලුවන් ...මට මැනිකෙ කියපු කටිම්ම....මගෙ ආදරෙ උදුර ගත්තු ඒකිට මැනිකෙ කියනවා අහන් ඉන්න...

අවසානෙදි පිස්සෙක් වෙලා....උගෙ ආදරේ මත්තෙම නැහිලා යන්න....

මං හිතේ වේදනාව වචන කරලා අමාරුවෙන් ඉදගන්න හැදුවා ...ඇගිලි ඔක්කොම පිච්චුන මනුස්සයෙක් හා සමානව ඇකිලිලා යනකොට දනහිස් ඔක්කොම අබ්බගාත වගේ වක ගැහිලා තියනකොට මට හිනා ගියා....

හිමීට නෙවෙ....මහා හයියෙන් ....ඇස්වලින් කදුලු ව්ද්දවනකොට මට හිනා ගියා...මං මගෙ කොර උන අත ශෙනෝන්ගෙ පැත්තට දික් කෙරුවා ....

මේ වගෙ වක ගැහුන ඇගිලි වලට දෛවය කවදාවත් කසාද මුද්දක් දාන්න ඉඩක් දෙන් නැතිවෙයි ශෙනෝන්.....

විතේන් ....

ම්ම්ම්ම්....

අපි....ආව.....

මං ඔහේ බලන් උන්නා ....පන වගෙ ආදරෙ කරපු මගෙ තේශි වෙන එකියෙක්හෙ වෙනවා බලන අව මම ඔහේ උන්නා...ඇස් දෙක විතරක් පේන්න මුලු සර්වාංගෙම වැහෙන්න ඇදපු මම ශෙනෝන් මාව රෝද පුටුවට උස්සලා තියනකන් බලන් උනා....

මුලු වෙඩින් හෝල් එකම.සරසලා තියනකොට මොල්ලිගොඩ ..රන්දෙනිගල ...තවත් වලව් වලින් ආව මිනිස්සු උජාරුවට එහේ මෙහේ යනකොට පෝරුවෙ චාරිත්‍ර පටන් අරන් තිබුනා.....

අශ්ඨක කියනවා.....

ශෙනොන්.....

කියන්න.....

විනාඩියක් ඉන්න.....

මම එක විනාඩියක් ඉල්ලුවා...එකම එක විනාඩියක් ඉල්ලුවා .....එයා ඒකි එක්ක පෝරුවෙ නැගලා ඉන්නවා බලන්න හිත හයිය කරගන්න මම විනාඩියක් ඉල්ලුවා....

මැරෙන්න හදන මගෙ හදවත පිරෙන්න හුස්මක් ගත්තු මම එයා දිහා බලලා හරී කියන කොට එයා මාව අරන් ඇතුලට එනකොටම අනීතා කඩාගන ආවා...

උඹලා....

උඹගෙ නම්බුව ඕනා නම්....අහකට පලයන් ....නැත්තන් විලිවහගන්ඩ රටේම රෙදි මදි වෙන්ඩ මම කට අරිනවා අනීතා මැනිකෙ....මූ මෙහෙම විදවන්නෙ උඹ හින්දා...හොදට බලන් ඉදින්...උඹවත් මේ වගේ ඇකිලිලා...හොරි දාලා ඇගේම පනුවො වහන විදිහට වැඩ වෙන්නෙ නැද්ද කියලා .....දැන් අහකට පලයන් ...

අනීතා අට අරින්නත් කලින්ම ශෙනෝන් දත් මිටි කනකොට නම්බුව ලොකු අනීතා කටපිය පැත්තකට වෙනකොට ශෙනෝන් මාව සෙනග අස්සෙම්ම පෝරුවෙ ඉස්සරහාටම ගෙනියනකොට .....

මං හිතන්නෙ..මම මැරුනා.....

ඒමූන..නාද්‍යගෙ හිනාව...දැකලා...මම එවෙලෙ මැරුනා....

එයා ඉන්නවා....අශ්ටක කියනවා.....ජයමංගල ගාතා කියනවා....පෝරුවෙ චාරිත්‍ර මේ ඔක්කොම වෙන හැටි මම හුස්ම හිරකරන් බලන් උන්නා...අඩුම ගානෙ...එකම කදුලක් වත් වැට්ටුවෙ නෑ.....

ජයමංගල ගාතා කියනකොට මෙච්චර කල්....වෙච්ච කෙරිච්ච හැම දේම මම හුස්ම හිරකරන් බලන් උන්නා.....

" බාහුන් සාස්ස.....

මට එතනින් එහා....කිසිම දෙයක් ඇහුන් නෑ.....වෙච්ච කෙරිච්ච දෙවල් ඇස් වලට පෙනුනා ඇරෙන්න ....මට මගෙ හුස්ම වැටෙන එක පවා නොදැදෙනකොට

බුලත් අත පහලට පහලට දාන එක.....

අලුත් හාල් ගන්න එක...

රෙදි කච්චි හත අම්මගෙ ඔලුවට තියන එක.....

එයාම නාදයගෙ ඉන වටේට සුදු පිරුවටේ ගැටගහන එක.....

මුදු මාරු කරන එක

අවසානෙදි කැති පාර එක්ක පොල් ගෙඩිය දෙකට මැද්දෙන් පැලිලා යන එක.....ඒ දෙන්නම අත් වැල් පටලන් පෝරුවෙන් බහින එක...

කොටිම්ම...මගෙ තේශි ....." අන්සතු වෙච්ච එක"

එ ඔක්කොම මගෙ ඇස් දෙක බලන් උන්නා වගේම මම මෙච්චර වෙලාම දාන් උන්න මාස්ක් එක පහලට ගැලවිලා වැටෙනවා එක්කම අවසානම පාරට මගෙ කටින් " සුදු මහත්තයා " කියලා එයාගෙ නම මිමිනෙද්දි ඇස්පිය උන මගෙ ඇස් කොන් වලින් වැටුන කදුලක් බිමට වැටෙනකොට ම

මාව රෝදපුටුවෙන් බිමට වැටුනා.....

ඉතින් සෙංකඩගල....අශින් පස්සෙ ...මගෙ ආදරේ....එකිගෙ....

Vithen pov end....

🥺මාව....මරපියාව්...හුවෑ....(🙂)

ආය එන්නම්...ඈ.....

ම්හුක්...

මුව පැතියත...දුක හිතිලලූ.....

ම්හුක්...ජැක්කානේ...

Ferdeesha ❤️💚😘 ..

More Chapters