LightReader

Chapter 101 - 101

අප්පච්චි .....

අනේ....අප්....පච්චී....අප්පචි..මගෙ....අප්පච්චි ....

මට කතා කරගන්න බැරි උනා ...ඇගපත පිරෙන්න උන්න මගෙ අප්පච්චි උන්නෙ රෝද පුටුවක.. ...ඇස්වල කදුලු ඇරුනම මගෙ රත්තරන් අප්පච්චිට කතා කරගන්න වත් හයියක් නැති කොට මං උලුවැස්සට ඔලුව ගහගත්තා .....මට වාවන්නෙ නෑ..

මට මගෙ අප්පච්චි ඉන්න විදිහ බාර ගන්න බෑ...දෙපයෙන් උන්න අප්පච්චි අද රෝද පුටුවෙ ඉන්නකොට මට ඒක දරා ගන්න බැරිම තැන මම කෑ ගහලා ඇඩුවා....මගෙ අප්පච්චි කිය කිය මං ඇඩුවා...නැගිටලා පයින් වත් යන්න මගෙ කකුල් මටම වාරු නැති වෙනකොට මම බඩගාගන වගෙ අප්පච්චිගෙ රෝද පුටුව ගාවට ගිහින් කකුල් දෙක උඩ මූන ගගන් මං ඉකි ගැහුවා ...

සු...දු...මහ....ත්ත්...තයා...

අනේ....අප්පච්චි ..මට උන්නෙ උඹ විතරයි. ...මට උන්නෙ උඹ විතරයි මගෙ අප්පච්චි .. ...අනේ උඹට මොකද උනේ මගෙ රත්තරන් අප්පච්චි . ..

මම අප්පච්චිව අත ගගා ඇඩුවා...කෑ ගගහා ඇඩුවා ...මොකද උනේ ගගා අඩනකොට වචනයක් කතා කෙරුවොත් ඊලග වචනෙ කතා කරන්න කටහඩ නැති මගෙ අප්පච්චි වෙව්ලන අත්වලින් මගෙ ඔලුව අතගෑවා .....

නිතේශයා....නැගිටපන්...මචන් නැගිටපන්කො .....දැන් ඔය මදැයි....උඹල අඩපු කාලෙ ඉවරයි නිතේශයා...දැන් ඉතින්....උන් අඩන කාලෙ ....කෝ කිව්වම අහලා නැගිටපන්කො ....

මම නැගිට්ටා ...අඩ අඩ උන්න මම ශෙනෝන්ගෙ වචන එක්ක නැගිට්ටා....

ශෙනෝන්...මට කියපන්...මට කියපන් බන්...මොකක්ද මේ උනේ කියලා...මට කියපන් ...පින් අයිති වෙයි...

මන් ශෙනෝන්ගෙන් මගෙ අප්පච්චිට උන දේ අහනකොට එයා මගෙ අප්පච්චි දිහා බලලා ලොකු හුස්මක් ගත්තා ....

උඹ නොදන්න දේවල් බොහෝමයි නිතේශ් .....ඒත්...මං ඒ ඔක්කෝම කෙටි කරලා කියන්නම්...

ඒත්...ඊට කලින් මොනවා හරි බීලා ඉදපන්....

මට එපා..බඩගිනි නෑ...මට කියලා ඉදින්...කො මගෙ විතේන් ...කෝ...මගෙ මැනිකෙ කොහෙද කියලා කියලා ඉදින්....

මම වෙච්ච දේ ආය ආයාම අහනකොට ශෙනෝන් මොනවා හරි බීලා ඉදින් කියලා මාව එක්කන් යන්න හදනකොට මම නවත්ත ගත්තා...මට බොන්න නෙවෙ ..මට මගෙ අප්පච්චිට මට...මගෙ විතේන්ට.....අපි හැමෝටම උන දේ අහන්න ඕනා උනා..මං මෙච්චර කල් ජීවත් උනේ ඇවිදින මලකදක් ගානට වෙද්දි අවසානම තත්පරේදි මාව පුපුරලා යන්න ඔන්න මෙන්න උන්නා...විතේන්ව පෙන්නන්නම් කිව්වට මගෙ විතේන් පේන තෙක් මානෙක නැතිවෙනකොට මං තවත් කලබල උනා...

උගුරෙන් පහලට වතුර බිදක් යන්නවත් මගෙ කට ඇරුන් නැති වෙනකොට මට ඕන උනේ මොන හෙනයක්ද මුන් පාත් කෙරුවෙ කියලා බලන්න වෙනකොට මම ශෙනෝන්ගෙ අත තදින් මිරිකන් ඉන්නකොට එයා මාව එහෙම්ම මිදුලෙ තිබුන අඹ ගහ යට තිබුන සිමෙන්ති බංකුව ගාවට එක්කන් ආවා....

ඩියෝන්...ඩියෝන්...බබා.....ඩියෝන්...

ලමයෝ....

ඕ සෙනෝන්....ඇයි....මේ...අම්මියා පොල් ගාන්න කිව්වා ඒයි...

මේ රෑ උඹ පොල් ගිලින්නෙ...බඩ රිදෙන්න තමයි....මේ නිතේශ් අයියට බොන්න මොනවා හරි ගේන්න.....

.ම්හුක්...එහෙනන් පොල් සම්බෝලා කන්නෙ කොහොමත...ම්හුක්....මගෙ නිතේස් අයියෙ...මොනවත බොන්නෙ...ක්‍රීම් සෝඩා බොනවද.....යෞවනයේ පොපියන චමත්කාරය...ඈ...ඒයි....

ඩියෝනයා.....

හා අනේ හා....ඉතිම්...නිතේස් අයියෙ....ඒනම් ගේනවා ඈ...අම්මියා මෙගා බෝතලයක් ගෙනාවනෙ අප්පච්චිට බේත් ගුලි බිලා තොල කට වේලෙන හින්දා . ....

මම අහන් උන්නා...ඩියෝනයා කියවනවා...කියවනවා ඉවරයක් නෑ...

මූ ඉස්සරත් මෙහෙමද බන්....

අරූගෙ බ්‍රේක් නැති කට දිහා බලන් උන්න මම ශෙනෝන් දිහාවට හැරිලා ඒකා ඉස්සරත් එහෙමද අහනකොට ශෙනෝන් ලාවට හිනා උනා.....

ඌ කලින්ට ඔයිට අන්තයි...උඹ ඌට කියන්නෙ ගඩාපියා කියලා ...පොඩි බොටමා කියලා ....ඌට මං කොච්චර ආදරේ උනත් ..අවංකවම ...ඌ මටත් වඩා ආදරේ උඹට .....ඌ කොයි වෙලෙත් රින්ගන්න හදන්නෙ උඹ අස්සට....ඌට ඕන උඹ ගාව හුරතල් වෙන්න...ඌට...මම උඹ කියලා වෙනසක් නෑ..ඇදේදි ඇරුනම ....ඌට අපි දෙන්නම එකයි...උඹට මතක නැතුව් ඇති....ඌ උඹව විතේනයට වික්කා...මුල්ම කාලෙ .....ඒ කාලෙ...ඒකාලෙ තිබුන සතුට අද නෑ නිතේශ් ....

ඒත්...උගෙ සතුට...උන් උදුර ගත්තා .....උන් උඹේ සතුට ...අපි හැමෝගෙම සතුට උදුර ගත්තා නිතේශ් ....ඒ හැම දේම නරක හීනයක් කියලවත් කවදාවත් අමතක කරන්න බැරි තරම් මහ වේදනාත්මක දේවල් ...

නිතේස් අයියෙ....ආ මගෙ අයියො...මේක බොඥ්ඥ පුතේ....සෙනෝන් තොට නෑ...මගෙ නිතේස් අයියට විතරයි ....

ශෙනෝන්ගෙ කටහඩ පුදුමාකාර තරම් බර උනා....ඒ කටහඩ අස්සෙ තිබුනෙ අමුවේදනාවක් විතරක්ම වෙනකොට වෙන කිසිම හැගීමක් තිබුන් නැති උනා...ඩියෝන් ගෙනාව ක්‍රීම් සෝඩා වීදුරුවෙන් එක උගුරක් බීපු මම ශෙනෝන් කියන්න හදන ලොකු කතාව අහන්න ඒ පැත්ත බැලුවා....

මගෙ අප්පච්චිට මොකද උනේ කියපන් ශෙනෝන්...මගෙ අප්පච්චි ඔහොම උන්න මනුස්සයෙක් නෙවෙනෙ නිතේශ් ....මගෙ අප්පච්චි හොදට උන්න මනුස්සයෙක් ශෙනෝන්....මට කියපන් මගෙ අම්මා කියන අර යක්ස ගෑනි මට වගේම අප්පච්චිට මොකද කෙරුවෙ කියපන්...මගෙ විතේන්ට මොන සහගහන අපරදෙද කෙරුවෙ කියපන් ...

මට ඉවසිල්ලක් තිබුන් නෑ ශෙනෝන්ට හුස්මක් වත් ගන්න ඉඩක් නොතියම මම උන දේ මොනවද මොනවද ගගහා අහනකොට ශෙනෝන් හිස් අහස දිහා බලන් උන්නා....

නිතේශයා....උඹට මතකද .....උඹට සැරින් සැරේ ඔලුව කැක්කුම ගත්තා ....විතේන්ට උන ගත්තා ...ඒ කාලෙදිම අප්පච්චිට කැස්සක් ඇල්ලුවා....උඹට මෙලෝ දෙයක් මතක නැතුව ඇති ....ඒත්.....මං මේ කියන දේවල් පපුවට ඉවසපන් කියල අහන් ඉදින් ....උඹට මේවා කියන්නම ඕනා නිතේශ් ....

උඹලගෙ අත්තම්මට අමාරුයි කියලා උඹයි අප්පච්චි ගියාට ආය ආවෙ නෑ... අඩුම ගානෙ උඹලගෙ ඵෝන් එකක් වත් වැඩ කෙරුවෙ නෑ...ඒකෙරුවත් උඹලගෙ අර නමට අම්මා උන ගෑනි ආන්ස්වර් කරන්නෙ...නැත්තන් අර පට්ට වේසි නාද්‍යා....උන් උඹේ විතේනයට නොදීපු දුකක් නෑ ....උඹ හොද සිහියෙන් ඉන්නකොට දැක්කා නම්...උඹගෙ පන යනවා නිතේශ් ...

ඒකගෙ එක හිස කෙස් ගහක් නැති වෙන්න ඔක්කොම හැලුනා...සර්වාංගෙම වැහෙන්න තුවාල දැම්මා....උඩින් විතරක් නම් කමක් නෑ බඩ වැල් පවා තුවාල කෙරෙව්වා ....එහෙම දුකක් වේදනාවක් නම්....වනේ වන හතුරෙක්ට වත් වෙන්න එපා කියලා මං ප්‍රාර්තනා කරනව බන්....ඌව බලාගන ඉන්නකොට මලකුනක් ගානට වැටුනා...

ඌට හිටගන ඉන්නවත් කකුල් පන නැති උනා....ඒ උනත්...ඌ බලන් උන්නා...අපි හැමෝම බලන් උන්නා උඹ එයි කියලා .....ඒත් උඹ ආවෙ නෑ....ඉවසලා ඉවසලා බැරිම තැන...කදුලු බීලා බීලා බැරිම තැන ඌ මට වැන්දෙ නැති ටික විතරයි උඹව බලන්බඩ එක්ක යන්න කියලා ....

කරුමෙ කියනදේ කොයි තරම්ද කියනවා නම්....උන් ඒ දවස් දහයම උඹව ජීවත් කරවලා තියෙන්නෙ මතුරපු තැඹිලි වලින්....උඹ ඇස් ඇරලා නෑ ...උඹ මැරිලා වගේ ඉදලා තියෙන්නෙ ...උඹව සම්පූරනම කාලා තිබුනා.....

මචන් ...වේදනාව කියන එක මනින්න මිනුම් දන්ඩක් තිබ්බට.....අපි කාගෙත් හිත්වල වේදනාව මනින්න මිනුම් නැති උනා බන්....උඹ....ඌව අදුනන් නෑ කිව්වා ...යකෝ....පන දෙන්ඩ ආදරේ කරපු උඹ ඌව අදුනන් නෑ කිව්වා...උඹගෙ මතකෙ සම්පූරනම හිර කරනකොට .. .උන් අප්පච්චිගෙ කටහඩ හිර කරලා තිබුනා ....ඌ මොන තරම් යකෙක්ද කියනවා නම්...තොපි දෙන්නා පෝරුවට නගින එක පවා බලන් උන්නා....නිතේශයා...මගෙම පපුව පැලිලා මැරෙන්ඩ ආවා....

උන් උඹලව කෑව....උඹලව සහ මුලිම්ම කෑවා.....උඹලව....නැත්තටම නැති කෙරුවා බන්.....

අප්පච්චිට නැගිට ගන්න බැරි වෙන්න....කතා කරන්න බැරිවෙන්න...කොටිම්ම අබ්බගාත වෙන්න උන් අප්පච්චිට මතුරලා තිබ්බා....හොදට උන්න අප්පච්චි අබ්බගාතයෙක් උනා....අප්පච්චිව ඉස්පිරිතාලෙකට පටවලා තිබුනා...සක්කිලි හැත්ත .....ඒ වෙදනාව දරන්ඩ අමාරුයි නිතේශ් ....ඒ වේදනාව මිහිපිට මනුස්සයෙක්ට දරා ගන්නඩ අමාරුයි....

උන් ඒත් නැවතුන් නෑ....උඹලගෙ වලව්වෙ ඉන්නෙ අහම්බෙන් මනුස්ස පරාන උන යක්කු නිතේශ් ..

උන් නැවතුන් නැ....උන් නවතින්න හිතුවෙ නෑ...

උන්ට තවත් මදි උනා....උන්ට තවත් මදි උනා....

එහෙන් උඹලා තුන්දෙනා නොසෑහෙන්ඩ විදවනකොට ...උඹගෙ අම්මා රසානි අම්මගෙනුත් පලි ගත්තා නිතේශ් .....රන් කදක් වගේ උන්න...අපි කාටත් එක වගේ සලකපු රසානි අම්මට පවා අනීතා ගුරු කම් කරලා තිබුනා....

ඒ ඔක්කොමත් වේදනා එම පිට එක පිට ඔලුවට කඩා වැටෙනකොට ...අපිට යන එනමන් නැති උනා .....මොන දුකක්ද බලපන්...මොන වේදනාවක්ද.....

අම්මට...මොක...ද උනේ.....නිතේශ් ...

මන් උන්නෙ කතා කරගන්නවත් බැරි තරම් වේදනාවක් ඇතුලෙ...මගෙ අප්පච්චිගෙ කට හඩ උන් බැදලලු....මගෙ මතකෙ උන් හිර කරලලු.....මගෙ විතේන්ව නැත්තටම නැති කෙරුවලු....අනේ මගෙ අසරනයා දෙයියනේ ඒ දුක කොහොමද රත්තරන් උඹ ඉවසුවේ...බලාගන ඉන්නකොට ඇගේම කෙස් හැලිලා...අත පය කොර වෙලා යනකොට ...උඹ කොහොමද මගෙ රත්තරනේ ඉවසුවෙ....

සර්වාංගෙම පුරාවටම තුවාල දානකොට ....ඒ ඔක්කොමත් ඉවසලා...මමත් උඹව දන්නෙ නෑ කිව්වම....මං අරකි එක්ක...පෝරුවට නගින එක බලන්න තරම් උඹ හිත ගල් කර ගත්තෙ කොහොමද මගෙ රත්තරනේ.....අනේ...දෙයියෝ...මන් උඹව අදුනන් නෑයි කිව්වලු....

දෙයියනේ ඒ වේදනාව....ඇස් දෙකේ තියන් ...අත් වලින් තුරුල් කරන් පරිස්සම් කරපු කොල්ලව මං පිලිකුල් කෙරුවලු ....

උඹ කොහොමද මගෙ මැනිකේ ඉවසුවේ...උඹ කොහොමද ඉවසුවේ....උඹ මට ලේසියකට සමාවක් නම් දෙම එකක් ඈ...ඒත් කමක් නෑ...උඹ ඔය අත් දෙකෙම්ම මාව මැරුවත්...මං උඹත් එක්ක තරහා නෑ මගෙ විතේන් ...උඹට දීලා තියන වේදනාව එක්ක බලනකොට මාව ඔය අත් වලින් මැරුවත් මම තරහක් නෑ මගෙ රත්තරනේ ....

ශෙනෝන්ගෙ කතාව ඉවරයක් නෑ...ඇස්වලින් ගලන්නෙ කදුලුද.....නැතිනම්...ලෝදියද කියලා හොයන්න බැරි තරමට මගෙ දිය වෙවී යන හැගීම් උනුසුම් උනා ....කිව්වත් වගේ...හොද සිහිය එන්නත් කලින් වෙච්ච කෙරිච්ච දේව්ල් අහනකොට මගෙ පපුව නවතින්න ආවා...උන් රසානි අම්මට පවා කොඩි වින කරලයි කියනකොට අවංකවම මට මගෙ අම්මව....මාව මේ ලෝකෙට ගෙනල්ලා ..නමට විතරක් අම්මා උන අම්මව මරන්න තරම් තරහක් වේදනාවක් දැනුනා....

අවංකවම මගෙ අම්මා මේ වගේ කියල දන්නවා නම්...මට ජිවත් වෙන්න වෙනවට වඩා විදවන්න වෙනවා කියලා දන්නවා නම් මම බඩ වැලෙම්ම බෙල්ල වැල දාගන්නවා...

ශෙනෝන්.....රසානි...අම්මා....

...උඹලා තුන් දෙනා එහෙන් අසනීප වෙනකොට ...අම්මවත් අසනීප උනා.....අම්මට...දිගට හරහට බ්ලීඩ් වෙන්න ගත්තා ...බලන් ඉද්දි පත්තර පිටුවක් වගේ සුදු මැලි වෙන්න ගත්තා ...මුලින් මුලින්...අම්මා කිව්වෙ....සමහර විට පීරියඩ්ස් නවතින්න වෙන්න ඇති කියලා ...ඒත්....හොස්ප්ටිල් නවත්තලත්.....කරන්න පුලුවන් දේවල් කරලත් නැවතීමක් උනේ නැති වෙනකොට අපිට...ආයම කරන්න ඉතිරි උනේ....ගුරෙක්ගෙ පිහිට හොයන එක විතරයි බන්....

මෙ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මගෙ අම්මා කියල මතක් වෙනකොට ...මට වහ කන්න හිතෙනවා ශෙනෝන්...මං මේ තරම් අවාසනාවන්ත ද හිතෙනවා ශෙනෝන්.....මෙච්චර කාලකන්නිද හිතෙනවා...

මම අත් දෙකෙම්ම ඔලුව බදාගත්තා ...අම්මා කරලා තියෙන්නෙ සුලු පටු පවක් නෙවේ වෙනකොට මට දරා ගන්න හයියක් නැත්තටම නැති වෙලා ගියා....

ශෙනෝන්...මට....මේක කියපන්...කො..මගෙ විතේන්.....මෙච්චර දේවල්...මන් වෙනුවෙන් ඉවසගත්තු මගෙ කොල්ලා කෝ කියපන්....අප්පච්චි ඉන්නවා....ඒත්...එයා කෝ...මට මේ ගැලවුන දම්වැල් පුරුක් ආයම පාස්සවන්න ඕනා ශෙනෝන්....මට මේ වෙච්ච දේවල් අයින් කරනවට වඩා....ආපිට කප්පන්න ඕනා...මට දුන්න හැම වේදනාවක්ම උන් විදවන්න ඕනා.....ඒ ඔක්කොටම කලින් මගෙ කොල්ලා කෝ ශෙනෝන්...මගෙ හුස්ම ටික කෝ...

වෙච්ච කෙරිච්ච දේවල් මම අහන් උන්නෙ ගිනි ගොඩක් උඩ පිච්චි පිච්චි වෙනකොට අවසානෙදි මම මගෙ විතේන්ව ඇහුවා...මගෙ අප්පච්චි උන්නත් මගෙ කොලා පේන්න නැති වෙනකොට මම මගෙ විතේන්ව ඇහුවා....මෙච්චර වෙලාම මා ගාව ඉදන් උන්න ශෙනෝන් නැගිට්ටා ...මෙච්චර වෙලාම මගෙ අත අල්ලම් උන්න ශෙනෝන් මගෙ අත අතෑරලා හිටගන්නකොට මගෙ සර්වාංගෙම අමූතුම විදිහකට හිරි වැටිලා ගියා...ඌට මගෙ මූන දිහා බලන් උත්තර දෙන්න බැරි හින්දද....කොහෙද ශෙනෝන් මගෙන් අඩි දෙක තුනක් ඉස්සරහට යනකොට මම නැගිට්ටා.....

මට කියපන්...මට තව මැරෙන්න දෙයක් නෑ බන්...මං දැනටම මැරිලා ඉවරයි...මේ වෙච්ච දේවල් එක්ක ....ඌ මාව අතෑරලා වෙන කෙනෙක් ගාවට ගියාද.....ඒත් මං දරා ගන්නම්...මගෙ ගාව පිච්චි පිච්චි ජීවත් වෙනවට වඩා...හිතේ සතුටින් ජීවත් වෙනවනෙ කියලා හරි මම හිත හදා ගන්නම්...මට කියපන්...මට කියපන් බන්.....

අනේ..මගෙ පපුව මෙතනම පැලිලා ගියත් කමක් නෑ...කියපන්...මගෙ ඔලු කට්ට පුපුරන්න වගේ....මට කියපන් ශෙනෝන්....

.ඌ ගියා.....

ක්...කොහෙ...ද....

ඌ.....උඹව...මාව...අපි හැමෝවම දාලා යන්න ගියා ...ඌව අරන් ගියා ...තාත්තාම්..ඌව අරන් ගියා ශෙනෝන්...අඩුම ගානෙ....උ කොහෙද ඉන්නෙ....කියන්නවත්.....අපි දන්නෙ නෑ.....තාත්තා ....ඌව ..අම්මව...අපෙන් ඈතට අරන් ගියා....

කොහෙ...ටද....මට....කියපන් ..අනේ...මට කියපන්...මං මේ ලංකාව පීරලා හරි හොයා ගන්නම්...

මෙහෙ නෙවෙ නිතේශ් ....උන් ආපහු යන්න්න් ගියා ...ෆ්‍රාන්ස් වලටම.....ඒ ගියා..ගියාමයි.....අදටත්....මේ මොහොත වෙනකනුත්...කෝල් එකක්වත් නෑ...කිව්වත්...වගේ...තාත්තා ....උඹලගෙ අපේ ....හුලගක් වත් වදින්න ඉඩක් නොතියා ...යන්න ගියාබන්.....

මගෙ හුස්ම නැවතුනා ....මගෙ මුලු ලෝකෙම නැත්තටම නැති උනා ...උන් කඩලා බිදලා දාපු ලෝකෙ එයාව හම්බෙයි කියන බලාපොරොත්තුවත් එක්ක මං ආයම ගඩොලින් ගඩොල බැදන් එයාව හම්බෙයි කියන බලාපොරොත්තු පොදි බැදන් ආව ඒ ලෝකෙ ඇස් පනාපිට කුඩු සුන් වෙලා යනකොට මන් එහෙම්ම සිමෙන්ති බන්කුව අල්ල ගත්තා .....

නිතේශ් ...

මචන් ....මගෙ....එකා...ජීවත්...වෙනවද ...කියපන්..මගෙ.....පන...මගෙ....විතේන් ....ඌ...

මචන් ..නිතේශයා ...නිතේශ් ....නිතේශ්.....

ඩියෝන්.....ඩියෝන්...ඩියෝනයා...හ්

සෙනෝන් ..ඇයි....ඇයි..

වතුර ...වතුර එකක් ගෙනෙන්.....

නිතේශ් .....නිතේශ් ...මචන් ඇස් ඇරපන්කෝ....අනේ...බන්....අනේ....ඇස් ...ඇරපන් මගෙ එකා...උඹේ පනට මොකුත් වෙලා නෑ.....අනේ නැගිටපන්කො දෙයියනේ...මට එන තරහවට අනීතව මරන්ඩ හිතෙනවා...යකෝ නිතේශයා.....

නිතේස්...අනේ මගෙ..නිතේස්...අයියෙ...

එයා මගෙන් ඈතයි....මගෙ හැම දේම මගෙන් ඈතයි....අඩුම ගානෙ ඒ සුවදවත් මගෙ ළඟ පාත නෑ...ඉන්නෙ කොහෙද ....ජීවත් වෙනවද ....කතා කරන්න විදිහක් වත් නැහැයි කියලා දැනෙනකොට මට මගෙ දරාගැනීමෙ හයිය නැත්තටම නැතිවෙලා ඇදගන වැටෙනකොට ශෙනෝන් මාව අල්ලගන වත්තම් කර ගත්තා ....මට ජීවත් වෙන්න බැහැ මැරෙන්න ඕන කියලා හිතුනා ...කාලෙකට කලින් ...මැරෙන්න හිත්න් නුවර වැවට පැනපු වෙලේ මට ආයම හුස්ම පිඹලා ජීවිතෙ දුන්න සුරදූතයා නැහැයි කියලා හිතෙනකොට මට මැරෙන්න හිතුනා .මගෙ හුස්ම නැවතියන් කියලා මන් ප්‍රාර්තනා කෙරුවා ....

වතුර වලින් තෙමලා තෙමලා මගෙ සිහිය ආපහු උන් ගන්නකොට මම උන්නෙ ශෙනොන්ගෙ පපුවට හේත්තු වෙලා වෙනකොට මම එහෙම්ම ඒ මූන දිහා බැලුවා.....

ශෙනෝ...න්....මට....කියපන්...මම්....මේ තරම් ...පව් කාරද...ශෙනෝන්.....

මන් ඔහේ උන්නා...මට තව දුරටත් ජීවිතයක් නැහැයි කියලා හිතුනා....මොල්ලිගොඩ පරම්පාරාවට මාව කාලා තිබුනා...

නිතේශ් .....

මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දියන් බන්....

උඹට ඔහොම ඉන්න දෙන්න තිබුනා..හෙට යන්න කොහෙවත් තිබුන් නැති උනා නම්.....

ශෙනෝන්ගෙන් ඈත් උන මම උන් මට ගෙට යන්න එන්න කියනකොට මන් තනියම ඉන්න ඕනෙයි කියනකොට මගෙ ගාවට ආව ශෙනෝන් මගෙ අතින් අල්ල ගත්තා ...

නැගිටපන් ..විතේනයා උඹ වෙනුවෙන් කොතනක හරි ඉදන් හුස්ම ගන්නවා ඇති.....ඒක හින්දා උඹ නැගිටලා වරෙන් ...උඹ නැගිටින්නම ඕනා....උඹගෙ අප්පච්චි නැගිටින්නම ඕනා.....උඹලා ආය එකතු වෙන්නම ඕනා...උඹලට මෙහෙම කරපු උන් මැරෙන්නම ඕනා.....මං මුලු මාතරම පීරලා මැනිකව හොයා ගත්තෙ නිකන් නෙවෙ නිතේශ් .....මං උඹේ විතේනයට පොරොන්දු උනා ...ඒක හින්දා වරෙන්....

මං නැගිට්ටා ....නැගිටල එහෙම්ම ශෙනෝන් දිහා බැලුවා ...ඌ මගෙ අත් දෙකම අල්ල ගත්තා ....

කරපු පින් පව් ආපිට පඩිසන් දෙනවා කියන්නෙ බොරුවට නෙවෙ ...උඹ දිහා අහසෙ ඉන්න තිස් තුන් කෝටියම නොබලන්න පුලුවන් ....ඒත්....එතනින් එකෙක් හරි...උඹ දිහා බලපු හින්දයි උඹ ගාව අපි ඉන්නෙ....දරා ගනින්....හෙන ගැහුවත් දරා ගනින් ...මොකද සමහර තැන් තියනවා හෙන ගැහුවත් දරා වන්න වෙනවා...වෙන මොකටවත් නෙවෙ...දරා ගන්නවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැති හන්දා ....

උඹව...අප්පච්චිව අපි අනිවාර්යයෙන්ම සනීප කර ගන්නවා ....හුස්ම් ගනින්...ආයමත් දවසක...අර තට්ටු හතරේ බිල්ඩින් එකේ...උඩ තට්ටුවයි...යට තට්ටුවයි....අපේ කටහඩවල් වලින් පිරිලා යන දවසක් අනිවාර්යයෙන්ම එයි නිතේශයා.....

කොයිම මොහොතෙ හරි....එකම එක ප්‍රාතිහාර්‍යක් හරි වේවි...ඉවසපන්....දැන් වරෙන් යන්න ..අප්පච්චිට කන්න දීලා බෙහෙත් දීලා...හෙට මාතර එක්ක යන්න ඕනෙ තෙල් සාත්තුවට....උඹගෙ ඇගේ තියන මගුල් අයින් කරන්න ඕනා

....මං උඹගෙ නමට අම්මව රෝදපුටුවට වැට්ටුවෙ නැත්තන් බලාගනින්කො ....

දහසක් දේවල් කියවපු ශෙනෝනයා මාවත් එක්කන් ගෙට යනවා එක්කම මට කෝල් එකක් ආවා.....

වලව්වෙන්....මං එහෙම්ම ආන්ස්වර් කෙරුවා ...

හෙලෝ..

සුදු මහත්තයා ...

ඇයි....

සුදු මහත්තයා ...මොනාද බන් මේ උඹේ ගෑනි ඇදන්,ඇවිත් තියන විලි සංගෙ නැති ඇදුම්...

දැන් ඕක කියන්නද තකහනියෙ මට ගත්තෙ ...?

නිතේශ් ....උඹ නාවෙ ඇයු...මේකි ආවෙ වෙන එකෙක් එක්ක..අර වනචර ඇදුමකුත් ඇදන්...ආ නිතේශ් ....උඹ නෑවිදින් මේකිව පිට උන් එක්ක එව්වෙ මොලේ හොද නැද්ද ..

ඇයි අම්මා අහලා නැද්ද ගෑනු කසාද මිනිහට වඩා හොර මිනිහට පට්ටා අවංකයි කියලා ...ඒ ආවෙ ඒකුගෙ හොර මිනිහා...ම්ඇරත් ඒකි මගෙ කසාද ගෑනි වෙන්න කලින් ඉදන්නෙ මොල්ලිගොඩ උන්ට ලේලි උනේ....කරගන්ඩ තියන වැඩක් කරවගන්ඩ මට සැරින් සැරෙ කතා කරන්ඩ එපා...මොකද ඕකිට බතක් වත් උයාගන්ඩ බෑ...කඩෙන් කන්න හරි මගෙ පන කෙන්ද ගැට ගහගන්ඩ මට සල්ලි ඕනා...

නිතේශ් ...

මං කෝල් එක කට් කරලා දැම්මා.....

ඇයි...අරකිගෙ නඩුවක්ද....

ම්න්...

ඕකිට ඔහොම්ම නටන්න දීපන්කො.....ඒකිගෙත් රෙදි බොහෝම ඉක්මනට ගැලවෙයි....

ඵෝන් එක ඕෆ් කරපු මම එහෙම්ම ගෙට ඇතුල් වෙනකොට මං බලාගම හොද සිහිය තිබුනත් අප්පච්චි වෙන කොහෙදෝ බලන් උන්නා...එයාගෙ කල්පනාව වෙන කොහෙදෝ තිබුනා...මම ආවා කියලා නෑ.....දැන් දැන් වචනෙ දෙක තුන කතා කරන අප්පච්චිව සනිප කරගන්න ආයම හෙට මාතර යන්න ඕනා....අපිට කරපු කොඩි වින ආපිට කප්පන්න හෙට මාතර යන්න ඕනා....

නිතේශයා වරෙන් කාලා ඉන්න.....

කැම කාමරෙ ඉදන් ශෙනෝනයා කෑ ගහනකොට මම අප්පච්චි ගාවට ගියා ගිහින් දනඔබා ගත්තා .....

මගෙ අප්පච්චි ...අපි ඉක්මනට සනීප් වෙලා.....ඔයාට...මට....නැති උන හැම දේම....ආයම ගමු මගෙ අප්පච්චි ....උන්...මට හැම දේම අමතක කෙරෙව්වා...මගෙ අප්පච්චිට කතා කරගන්න බැරි කෙරෙව්වා ...අතපය වාරු නැති කෙරෙව්වා .....ඒ හැම දේටම උන්ට ගෙවන්න වෙයි අප්පච්චි ...

මා.දිහා වත් නොබලා වෙන කොහෙදෝ බලාගන ඇස් වල කදුලු පුරවන් උන්න අප්පච්චිගෙ අත් පය අත ගගා මම අපි ඉක්මනට සනීප වෙමුයි කියනකොට මන් බලාගන ඒ උරහිස් ලාවට ගැස්සෙනවා.....මගෙ අප්පච්චි මා දිහා බැලුවා...ඒ ඇස් රතු වෙලා....ඒ මූන වේදනාවෙන් පිරිලා...

සුදු...මහත්....ත....යා....උන්...අපි....දෙ.....න්නව..ම....දාලා...ආය....ම.....යන්....න.....ගි.....යා...උ...න්.....හැමෝ....ම.....උඹ....ව....මාව...දාලා.....ගි...යා...උන්...ට....යන්...න...සි....ද්..ද...උනා.....නි...තේ....ශ්.....

අප්පච්චි ...අනේ...නාඩා ඉන්නකො...හැම දේම අපි විසදගමු....අප්පච්චි...මම...තනිවෙලා නෑනෙ අප්පච්චි ....නාඩා ඉන්නකො....

අප්පච්චිගෙ ඇස් වලින් කදුලු බේරුනා....එයාලා අපිදෙන්නව දාලා ගියා කිය කිය අකුරු ඇහිදින අප්පච්චි ගෙ ඇස්වලින් කදුලු බේරුනා ....අප්පච්චි කොහොම ඉවසන්නද....ඇස් පනාපිට තමුන්ගෙ උන්ම මෙහෙම කරනකොට ....මම හිත හයිය කරගත්තා ...අප්පච්චිගෙ රෝද පුටුව තල්ලු කරන් මම කෑම මේසෙට එනකොට ශෙනෝන්ගෙ අම්මා තාත්තා බලන් උන්නා.....

එයාලා ඩියෝන්ට පන ඇරලා....මගෙ එකාටත් ඔය විදිහට සැලකුවා නම්...අපි කවුරුත් මෙච්චර විදවන් නෑනෙ .....

මම බෙදලා තිබුන බත් එක ඇගිලි තුඩු වලින් ඇනුවා...මට බය හිතුනා....කදුලු වැටිලම බත් එකේ ලුනු රස වැඩිවෙයි කියලා....

අප්පච්චි ...ආ ගාන්න.....

මම පලවෙනි බත් කටම අප්පච්චිගෙ කටට ලන් කෙරුවා ...අම්මගෙ ආදරේ බිංදුවක් වත් ලැබුන් නැති මට අම්මා තාත්තා දෙකටම උන්න අප්පච්චිට මං කැව්වා...උන් අපිව අබ්බගාතයො කරලා..උන් අපිව නැත්තටම නැති කරලා...කවදාහරි අතාරින්න වෙන නම්බුවක් ගාව උන් අපිව නැත්තටම නැති කරලා....

ඇ...ති....

අනේ...අප්පච්චි .....කන්නකො....අපි හෙට යන්න ඕනානෙ ..

මම වදෙන් පොරෙන් බත් කටක් ලන් කෙරුවත් අප්පච්චි උගුර දනවයි කියල ඇතියි කිව්වා...බත් කටක් ගිලින වාරයක් පාසාම උගුර වීදුරු කටු වලින් හූරලා දානවා වගේ වේදෙනාවක් දැනෙන කොට බත් කටවල් දෙකකට වඩා නොකාපු අප්පච්චි හෙම්බත් වෙලා වගේ උන්නා...

මුන්ට නම් සහගහන්ඩ ඕනා දෙයියනේ....

මගෙ මැනිකෙ ...උඹලා අපිව දාලා ගියාද මගෙ විතේන් ....අප්පච්චි අඩනවා.....අප්පච්චිට.....දැන් නැගිටින්නත් අමාරුයි.....බත් කටක් වත් කන්නෙ නෑ ...මට මෙලෝ මගුලක් මතක නෑ.....කිව්වොත් ඇරෙන්න...මට මෙලෝ දෙයක් මතක නෑ. ..උඹටත් එහෙමද විතේන් ....උඹටත් උඹේ සුදු අප්පොව අමතකද....

අප්පච්චිට කන්න දීලා මටත් කටවල් දෙක තුනකට වඩා කන්න බැරි උනා...උන් අපේ ඇගවල් වලට යක්කු බන්දල වගේ කන කන දේ ආපිට යනකොට මම වගේම අප්පච්චි බඩගින්න දැනුනා උනත් බඩගින්න උහුලන්න පුරුදු උනා. .සමහර වෙලාවට දැනෙන වේදනාව දරන්න බැරි උනත් අපිට දර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුන් නැති උනා.....

අප්පච්චි මට එහා පැත්තෙ නිදාගන හූල්ලනකොට මම අනිත් පැත්තෙන් හිස් අහස දිහා බලාගන හිස් අහසට මගෙ දුක කිව්වා.....මගෙ වේදනාව අහන්න තරුවක් වත් නැති කොට අහසත් පාලුවට ගිහින් තිබුනා..හරියටම මගෙ ජීවිතේ වගේ...

අපො කරපු එකම වැරද්ද ආදරේ කරපු එක.....උන්ට නොගැලපෙන අපිට ගැලපෙන තැන් හොයන් ගියපු එක...අපි කරපු එකම වරද සැනසීම හොයපු එක....හිර කරපු කූඩුවෙන් එහා ලෝකයක් දකින්න හදපු එක.....‍රාමුවකට කොටු කරලා හදපු අපි රාමුවෙන් පිට පනින්න හදපු එක.....

බලාගන ගියහම මේ ලෝකෙ තියන ලොකුම වරද...හිත නැවතුන තැනට ආදරෙ කරන එක.....

මම බලාගන උන්නා.....කට්ට කලුවර අහස දිහා . ..එයත් මං ගැන මම හිතනවා වගේම හිතනව ඇතිද කියලා මම කල්පනා කෙරුවා ....මම එයාව මතක් කරනව වගේම එයාටත් මාව මතක් වෙනවා ඇතිද කියලා කල්පනා කෙරුවා ...

උඹ ඉන්නෙ කොයි පැත්තෙද කියලා දන්නව නම්...උඹ කොච්චර ඈතින් උන්නත් ..උඹේ සුවද අරන් එන හුලගට පවා මම ආදරේ කරන්න ගියා මගෙ විතේන් .....

නිතේශ් ....

ම්ම්ම්....

තව චුට්ට දුරයි.....මැනිකලාගෙ ගෙදරට .. එතනින් එහා පැත්තෙ කෙලිම්ම දේවාලේ.....

දේවාලෙ කියන්නෙ සාත්තර කියන තැනද....

ම්ම්ම්.....වෙදගෙදරක් ..අප්පච්චිව බෙහෙත් ඔරුවෙ බස්සවලා සාත්තු කෙරුවම ඔය අතපය වල හයිය ගන්න පුලුවන් .....නැති උන හැම දේම අපිට ආයම ගන්න පුලුවන් .....

මුලු රැයෙන් බාගයක්ම කල්පනා කරලා...කරලා....හිස් අහසට දුක කියපු මම ඉරටත් කලින් නැගිටලා අප්පච්චිව මගෙ අත් වලිම්ම නෑව්වා.... වෙනමොකටවත් නෙවෙ....වින කරපු උන්ට ආපිට කප්පන්න මාතර යන්න.....

උදේ නැගිටපු වෙලේ ඉදන් වාහනේට නැගලා මාතරට එනකන්වත් අපිකාගෙන් වත් හාවක් හූවක් තිබුන් නැති වෙනකොට මම උන්නෙ අප්පච්චිගෙ සීතල උන අතට මගෙ අත පටලවන් හිතන්න දේවල් හුගාක් තිබුනත් කිසිම හැගීමක් දැනීමක් නැති එකෙක් ගානට වෙනකොට මම උන්න හිස් ලෝකෙ බිදගන මට ශෙනෝන්ගෙ කට හඩ ඇහුනා.....

අපි මාතර ආවලු....

අප්පච්චි ...ඔහොම්ම මගෙ කර වටේ අත දාගන්න...

මම කාර් එකේ පිටිපස්ස ශීට් එකේ ඉදන් උන්න අප්පච්චිව මම උස්සලා අරන් රෝද පුටුවෙන් තියලා ඉස්සරහට තල්ලු කරන් යනකොට තලෙලුවට හුරු ගෑනි කෙනෙක් මා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් ඉදලා මා ගාවට ආවා....

බේබි හාමු...

මම අප්පච්චි දිහා බැලුවා....

මැ....නි....කා.....

අප්පච්චි කෙදිරුව.....ඒ ඉන්නෙ මැනිකලු....දෙයියනේ...මට ඒකිව අදුනගන්නවත් බැරි තරම් වෙනකොට මට කතා කරගන්න වචන නැති උනා....

බේබි හාමු...එන්න.....මේවා පහු කොරන්ඩ ඕනා කාරනා නෙවෙ....දැන් ඉතින් තියෙන්නෙ කරපු ගුරු කම් ආපිට කප්පන කාලෙ.....

අප්පච්චිගෙ සර්වාංගෙටම ගලේ උරච්චි කරපු බෙහෙත් ගාලා ගාලා....මතුර මතුර...පිරිත් කියකිය සාත්තු කරපු පිරිමි වරු දෙකකට අප්පච්චිව බෙහෙත් ඔරුවක ගිල්ලවනකොට මැනිකා මගෙ ඉස්සරහට බේසමක් තියලා අතට මතුරපු තැඹිලි ගෙඩියක් දුන්නා.....එකක් නෙවෙ ...තැඹිලි ගෙඩි විසි එකක්.....දෙයියනේ...මේක බොන්නෙ කොහොමද ....

කතර ගම දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි කියලා මේන් මේක බීලා ඔය බඩේ ඇලුන වහන්තරාව යනකම්ම වමනෙ කරපල්ල....උඹලට කරන්ඩ තියෙන්නෙ එච්චරයි .....අදින් පස්සෙ....වලව්වට හෙන ගැහුනා කියලා හිතා ගනිල්ලා හාමු...අද මල ඉර බහින්ඩ කලියෙන් උඹලට වලව්වෙන් අදෝනවක් ඇහෙන් නැද්ද බලාපල්ලා හාමු.....

එහෙනම්...දෙයියනේ කියලා බීහල්ලා....

😒හුහ්...

ආයම කොටසකින් එන්නා....ම්ම්ම්

මම

Ferdeesha ❤️💚😘 ..

ජැක්කනේ...!!!

More Chapters