අප් ...ප..ච්චි .....
මාව කරකවලා ඇතෑරියා වගේ උනා....
මම අප්පච්චි දිහා බැලුවා....එයා අප්පච්චිට කතා කෙරුවෙ සුදු මහත්තයා කියලා....

අප්පච්චි ඇයි...ඒ...ඔයා....
මෙච්චර වෙලාම ඔලුව කැක්කුමයි කියපු අප්පච්චිට ඔලුව කැක්කුම දෙපිටින් ගියාද කොහෙද ...මං එහෙම්ම හැන්ඩියා වගේ ඉන්න මාමන්ඩියා දිහා බැලුවා....යකො....පුතාට වඩා තාත්තා ලස්සනද මන්දා...

එව්ව්ව්....මේ මොන මගුලක්ද මේ...
මගෙ අත කටට ගියා....එතකොට රසානි අම්මා.....අනේ මේ මොන මගුලක්ද දෙයියනෙ....මගෙ අප්පච්චි එතකොට ....
අප්පච්චි මට ටිකක් කතා කරන්න ඕනා...එලියට එන්න
මොනව ගැනද .....
මං කතා කෙරුවෙ මගෙ අප්පච්චිට තාත්තා .....පොඩ්ඩක් ඉන්න.....ඔයාට ඇහුනනෙ මම කිව්වෙ අප්පච්චි කියලා ....තාත්තා කියලා නෙවෙනෙ.....ඒක නිසා මම මගෙ අප්පච්චි එක්ක කතා කරලා එන්නම්...
සුදු මහත්තයා ...හෙල්ලෙන්නෙ නෑ ආ....
මම මගෙ අප්පච්චි දිහා බලලා කතා කරන්න ඕනා කියනකොට විතේන්ගෙ තාත්තා මට සද්දයක් දැම්මා වගේම මම එයාට උත්තර බදිනකොට තාත්තා සුදු මහත්තයා හෙල්ලෙන්නෙ නෑ ආ කියලා ආයම සද්දයක් දැම්මා...දැන් එතකොට මොකාටද හෙලවෙන්න එපා කිව්වෙ.....??
තාත්තා ...හෙළ වෙන්න එපා කිව්වෙ මටද...
අප්පච්චි ටද ..නැත්තන් ...ලමයටද....?මොකද....දැන් බලන් යනකොට මෙතන අපි තුන් දෙනාම සුදු මහත්තයලනෙ.....
මම තාත්තා දිහා බලාගන කාටද හෙලවෙන්න එපා කිව්වෙ අහනකොට මං බලාගන අප්පච්චි මම විතේනයා ගාව මූන ඇඹුල් කරගන්නවා වගේ තාත්තා ගාවත් මූන අඹුල් කරගන ඉන්නවා....
නැගිටලා හිටපු මම ආයම ඉදගන අප්පච්චි දිහා බලන් ඉදලා මේසෙට යටින් කකුල දාලා අප්පච්චිගෙ කකුල පෑගුවා.....ඇයි යකො....
අම්මා...එතකොට ඔයා දන්නවද අම්මා.....
මම බැරිම තැන අම්මා දිහා බැලුවා..එයා ඔලුව හොලවන ගමන් ඔව් කියලා බේබි පොටෑටො එකක් අරන් ඇගිලි තුඩු වලින් පොඩි කරලා අපි කන දිහා බලාගන ඇගිලි උරවන පොඩි එකාගෙ කටට
තිබ්බම ඒකා තලු මරන්න ගත්තා ....
එතකොට ශෙනෝන්...ඩියෝන්.. උඹලා....
න්න්...නෑ....අඩෙ.....අපි....දන්නෙ නෑ බන් නිතේශ....යා ...
ඈ අප්පච්චියො....ඔයා ගේ කුරුල්ලෙක් කියලා නිකමටවත් නොකියා උන්නෙ ඇයි ..ඈ...එයි...අනේ සෙනෝනයා ගහපිය ඔය අප්පච්ව්යගෙ පිට පුපුරන්න ඩෑස් දෙක තුනක් ...මට සිහි මුර්ජා වෙන්න වගේ....යෝ.....හ්....ඉතින්..මෙ වයසක මිනිස්සුලා කරන වැඩ අනේ...
උන දේ මටවත් ....ශෙනෝනයටවත් ඩියෝනයටවත් හිතා ගන්න බැරිව කොලඹ කාක්කො වගේ කට ඇරන් අප්පච්චි දිහ බලන් උන්නා වගේම අම්මගෙ උකුලෙ ඉදන් අත පය ගගහා උන්න චූටි සුදු මහත්තයා මගෙ චුච්චුවා මොනවට හරි කෑ ගහනකොට මම ලමයා දිහා බැලුවා...
මගෙයි විතේන්ගෙයි ලමයා වගෙම....අප්පච්චිටයි තාත්තටත් ලමයෙක් උන්නොත්....ඒව්ව්ව්....නෑ..නෑ...අනේ...නැ....අනේ.....හ්.....
අන්ද්වේ......හ්හ්!!!!
ඒකවෙන්න බෑ...අනේ...ඒක වෙන්න බෑ....ඒක නම්...වෙන්න බෑ....
මම අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගන අප්පච්චි දිහා වගේම තාත්තා දිහා බැලුවා ..
අප්පච්චි ....තාත්තා ...මෙච්චර දවසක්.....මෙච්චර ..දවසක්..මං..හිතන් උන්නෙ....අප්පච්චි ...ආදරේ කෙරුවෙ...අම්මට කියලා ...ඒත්....ඒක..බොරු ...අප්පච්චි ...
ආදරේ කරන්නෙ තාත්තට ..ඒක වෙන්න බෑ...ඒක වෙන්න...බෑනෙ...අනෙ...අප්පච්චි ..ඒක වෙන්න බෑනෙ....අප්පච්චි .....අනේ...හ්හ්.....
අන්ද්වේ ...හ්හ්හ්
මම අර මීම් වල ඔලුව බදාගන අඩන කලු කොලුවා වගෙ ඔලුව බදාගන කෑ ගැහුවා....අනික වැව රවුමෙ තිබුනෙ....දහම්.....රස්...දහම්....රසා.....
මගෙ ඔලුව ගුඩු වෙච්ච පොල් ගෙඩියක් වගෙ.....මම විතේන් දිහා බැලුවා .....ආයම තාත්තා දිහා බැලුවා ..
තාත්තා මේක ...මේක ප්‍රෑන්ක් එකක් නේද . ...ආ අප්පච්චි ...මේක මේ අර එක එකා කරනවා වගේ ප්‍රෑන්ක් එකක් නේද ..අර සිමෙන්ති බංකුවෙ තිබුනෙ ....දහම්....
මොනවද තිබුනෙ විතේන්ගෙ සුදු මහත්තයො ...
තා...ත්.....තා....එදා....
එයාගෙ සුදු මහත්තයා උත්තර දෙයි කියලා හිතලද කොහෙද තාත්තා මට විතේන්ගෙ සුදු මහත්තයා කියනකොට මම අප්පච්චි දිහා බැලුවා මට එන තරහවට අප්පච්චිට කුකුලගෙම්ම දමලා ගහන්න හිතුනා උනත් මම තාත්තා දිහා බලන් උන්නා....
දහම් රස්.....ඒ උනාට ....මේ එතන ..
එහෙනම් විතේන්ගෙ සුදු මහත්තයා එතන තිබුන අකුරු ටික කියන්න බලන්න.....
Daham...ra....s...
ම්ම්ම්...එච්චරයි නේ...ඉතින් ඔයා හිතුවෙ එතන තියෙන්නෙ රසානි කියලද.. .
ඕ...ඔව්...එහෙම නෙවේද....ඈ තාත්තා .....
ම්ම්ම්හ්හ්....නෑ....
එහෙනම්....
මගෙ දෙවනි නම...
දෙවනි නම.....
ම්ම්ම්....පහන් රශ්මික ඩි සිල්වා...දැන් හරිද....
ඒව්ව්.....එව්ව්.....එව්ව්....!!!!
මම අත් දෙකෙම්ම කන්දෙක වහගත්තා ....මගෙ සර්වාංගෙම රත් වෙලා ගියා.....තාත්තගෙ නම පහන් රශ්මිකලු....අනේ දෙයියනේ....මං මෙච්චර කල් නැහුනෙ...රසානි අම්මව බන්දලා දෙන්නනෙ...මම මගෙ වැලමිට මේසෙට ගහන් ඔලුව බදාගන ඉන්නකොට මේ ඔක්කොම දේවල් දැනන් හීබිච්චා වගේ උන්න මගෙ විතේනයා තේශී තේශී ගගා අත ගානකොට මම ඒකා දිහා බලලා අලුවෙලා යන්නම රැව්වා....
ම්හුක්....මට රවන්නෙ. ...ඉතින් ..එපා කිව්ව හින්දනෙ....ම්හුක්....
ම්හුක්...හුකුක් හුකුක්...තමයි...උඹ...උඹව...මම.....
විතේන්....
ඇයි...ඇයි . .බන්...
මම ආයම ඔලුව ගහගත්තා මගෙ ඔලුවට එක එක විකාර එනකොට මගෙ කන් දෙක රතු වෙන්න ආවා...ඒ අස්සෙන් අමන සිතුවිලි පවා පහල උනා....මම කටට අත තියා ගත්තා . .අනේ...යකො දහමො....සුදු මහත්තයා ගගා ඉදලා මාවත් උඹ රවට්ටලා නේද අප්පච්චි ...
තේශී....අනේ සුදු මහත්තයා .....තේශී....
මම නෙවෙ ඔලුව ඉස්සුවෙ...මගෙ හිතට මගෙ ඔලුවට ප්‍රශ්න කෝටියක් වද දෙනකොට මම සෑහෙන්න වෙලා ඔලුව ගහන් ඉන්නකොට මං අහගන අම්මගෙ සුද්දා ඌත් කැඩිච්ච සිංහලෙන් සුදු මහත්තයා ගානවා.....ඒ කාටද දන්නෙ නෑ....
තේශී....
මගෙ විතේන් මට කතා කරනවා...මගෙ පපුවත් එක්ක හිර වෙන්න ආවා...අප්පච්චි ...තාත්තා ....ඒත්...එදා අප්පච්චිගෙ පිට පුරාවටම තිබුන නියපොතු පාරවල්.....එතකොට අම්මා නයිට් ඩ්‍රෙස් එක හද හද එලියට ආව හැටි.....අනේ මගුල.....මගෙ ඔලුව ගිනි ගන්න වගෙ එනවා...
මම නැගිට්ටා ...හිත ඇතුලේ ඔලුව ඇතුලෙ ප්‍රශ්න කෝටියක් කැරකෙනකොට හිතට ලොකුවටම වද දෙන ප්‍රශ්නෙ අහන්න කියලා හිතාගන මම පුටුවත් තල්ලු කරන් නැගිටිනකොට එකම එකෙක්...ඇරෙන්න ඉතුරු ඔක්කෝම මා දිහා බලාගන කට ඇරන් බලන් උන්නා..විතේන්ගෙ තාත්තා විතරක් ඇහි බැම රැලි කරන් බලන් උන්නා....යක්සයා....
තාත්තා ....අප්පච්චි ...මට දේවල් දෙකක් දැනගන්න ඕනා....
තේශී....අනේ සුදු මහත්තයා ...
පොඩ්ඩක් ඉදින් විතේන් .....හරි ..පොඩ්ඩක් ඉදින්.....ඩියෝන් ඔය බෝතලේ දීපන්....
මේ අරක්කු බෝතලේද නිතේස් අයියේ...
ඔව්...ඔව්...ඔය මොකක් හරි ලබ්බක් දීපන්.....
ආ නිතේස් අයියේ ..බීලා සත්තිය අරගන්න මගෙ අයියො.....
මේ...මද්‍ය පානෙ බීම ජොලිය පහන් නොදන්නෙ....රෙද්දෙ රෙවෙන්නෙ අදනම් ගමකට කන්නෙ...
කැහ් . .කැහ්....කැහ්..පගෝ...කැහ් ..
විතේනයගෙ තාත්තගෙ මූන තනිකරම ඔසාමා බින් ලාඩන් වගේ වෙනකොට හිතේ තියන ප්‍රශ්නෙ අහන්න නම් බොන්න ඕනා වෙනකොට මම ඩියෝනයා ලව්වා එතන තිබුන පරන අරක්කු බෝතලේ ඉල්ලන් කටේ ගහන් බොනකොට ඌ ප්‍රශ්න දෙපිටින් යන්න තවත් මගුලක් කියනකොට මට අරක්කු නහයෙන් කටින් එලියට ආවා...
ඒ කොහොම උනත් මං බෝතලෙන් බාගයක්ම ගැහුවා ....ගහලා අප්පච්චි දිහා වගේම තාත්තා දිහා බැලුවා ...දැන් තමා මගෙත් අද්‍යාත්මික මොකාද එකා නැගිට්ටෙ.....
අප්පච්චි ...ඒ කියන්නෙ මේක ඇත්තක්...
මට...සමාවෙයන් සුදු මහත්තයා ...
නෑ නෑ අප්පච්චි මං අහන්නෙ මේක ඇත්තක්.....එහෙමනෙ....එහෙමනෙ....නේද ...
මම අප්පච්චි දිහා බලාගන ඇස් හීනිකරන් ඇහිබැම රැලිකරගත්තා වගේම අප්පච්චි ඔව් කියලා කියන්න කියන්න ඔලුව උඩ පහතට වනනකකොට මම ලොකු හුස්මක් ගත්තා ....ඒකියන්නෙ එහෙනම් ඒක ඇත්ත .....මම තාත්තා දිහා බැලුවා ආයම අප්පච්චි දිහා බැලුවා....
අප්පච්චි ....තාත්තා ....මං මේක අහන්න ලැජ්ජා වෙන්න ඕන් නෑනෙ....මොකද ..මෙතන තනිකඩ කවුරුත් නෑනෙ ..නේ.....
තේශී...ඉදගන්නකො අනෙ.....අනේ ඉදගන්නකෝ....
පොඩ්ඩක් ඉදින් උඹ එක්ක මම මේ නඩුවෙන් පස්සෙ අල්ල ගන්නම් ලමයව අරන් කාමරේට පලයන්කො.....
බීපු අරක්කුවලට ලාවටලාවට මතේ එනකොට මම මගෙ විතේන්ටත් සැර කෙරුවා වගේම එයා මාව අල්ලලා ඉන්දවන්න හදපු අතත් මම ගසලා දාලා ලමයවත් අරන් කාමරේට යමන් කියලා සද්දෙකුත් දැම්මා...
දැන් තමුන්ට මොනවද අහන්න තියෙන්නෙ විතේන් ...
තාත්තා .....මට දැනගන්න ඕනා මෙච්චරයි ....
ක්ක්...කව්ද...බොටම්.....
මම මොන මගුල ඇහුවද කියන්න මම දන්නෙ නෑ ....හැබැයි මම ඇහුවා.....හිතට වද දීපු එකදෙයක් මම මූනටම අහලා දැම්මා වගේම මා දිහා ඇස් හීනි කරන් බලන් උන්න තාත්තා ඊලග පාර අප්පච්චි ගෙ මූන දිහා බලලා අප්පච්චි ඊයෙ පෙරේදා ඉදන් කනේ දාන් තිබුන කරාබුව ගලවලා අතට ගත්තා හරියටම මම කරාබු දැම්මම එයා ගලවනව වගෙ...
හැමදාම කියනවා මේ මගුල් දාන්න එපා කියලා අහන් නෑ.....මොකක්ද විතෙන්ගෙ සුදු මහත්තයා ඇහුවෙ ..කව්ද බොටම් කියලද ....බයවෙන්න එපා.....අප්පච්චි නෙවෙ ...මමයි බොටම්....හැබැයි ...නිකන් බොටම් නෙවෙ පවර් බොටම් .....එහෙම නේද සුදු මහත්තයා ....ම්ම්.....
ආ....හක්...සුපිරි .....ආය...සු....කැහ්...කැහ්.....පි.....රි...කැහ්.....
මට කැස්සක් ආවා....එයාගෙ තාත්තා ගානක් වත් නැතුව බොටම් කිව්වා..නිකන් නෙවෙ පවර් බොටම් කියනකොට සත්තයි මට අප්පච්චි ගැන දුක හිතුනා...විතේනයම මගෙ ඔලුව කන කැවිලි එක්ක ඒකගෙ තාත්තා මගෙ කකුල කඩන්න කියලා ගානක් නැතුව කියපු හැටියට මගෙ අප්පච්චි කොහොම ඒකා එක්ක ඉහගහන් ඉන්නවද කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියො බුදුම්ම විතරක් වෙනකොට මම දෙවනි ප්‍රශ්නෙට යොමු උනා....
හරි ...ඒකත් හරි ...ඒක වෙන්න ඕනා...මාත් ටොප් නම්...මගෙ අප්පච්චිත් ටොප්....ඒක හරි .....
අනේ තේශි මේහ්...උඹ මගෙන් මැරුන් නොකා ඉදගන්නවද අනේ තාත්ති මේහ් ඔයත් පොඩ්ඩක් ඉන්නවද...නමට බොටම් මිනිහා ...චුච්චු දැක්ක ගමන් මූ තරම් දොන්තයෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ.....
ආ ..ආ ..ඔයා වැරද්දක් තමා කරනවා මැනිකේ .....
අප්පච්චි ටොප් කිව්වා විතරයි මම අප්පච්චිට දශමෙකින් විතර සමාව දීලා ටොප් වෙච්ච එකේ සතුට සමරනකොට මගෙ බොටමා මගෙ රෙදි ගැලෙව්වා....
කමක් නෑ.....එතන අප්පච්චි එහෙම නෑයි කියලා වත් හිත හදාගන්න තිබුනා....ඒත් ඒ ඔක්කොටම වඩා මගෙ ඔලුවට වද දෙන තවත් ප්‍රශ්නයක් තිබුනා ....හිතපු නැති දේවල් වෙලා වෙලා මට ප්‍රෙශර් නගිනකොට මට හිතුනා මගෙ විතේන්ට වගේ එයාගෙ තාත්තටත් ලමයෙක් ඇතියි කියලා ...ඇත්තටම ඒ දේ නම් මගෙ ඔලුව සම්පූරනම අවුල් කෙරුවා ....ඇයි දෙයියනෙ එහෙම උනෝතින් මගෙ අප්පච්චි නේද ඒකට හරි ඒකිට හරි අප්පච්චි වෙන්නෙ...ඒකත්....මටයි විතේන්ටයි වඩා වැඩිමල් ....
ඒකා කොල්ලෙක් උනෝතින්.....
අපේ අයියා.....එව්ව්...
ඒකී කෙල්ලෙක් උනෝතින්...
අපේ අක්කා....ඒව්ව්ව්.....
ශික්කේ මට අර හැම දේටම අපෙ අපේ කියලා අත් දෙක දික්කරන් යන වරත්තු හාවව මතක් උනා...අපේ අක්කා....එව්ව්ව්ව්....අපේ අයියා...ඒව්....අනේ දෙයියනේ ඒකනම් වෙන්න එපා...ඒක නම් වෙන්න එපාමයි...අනේ...අනේ....එක වෙන්න එපා.....
මම උන්නෙ තවමත් හිටගන ...නියපොත්තකුත් හප හප...කම නෑ...මං හැමදාම හිතුවෙ අප්පච්චි සතුටින් ඉන්න ඕනා කියලා...ඒක තියෙන්නෙ විතේන්ගෙ තාත්තා ගාව නම්....කමක් නෑ...අවසාන මොහොතේ හරි....අප්පච්චි සතුටින් සැනසීමෙන් ඉන්නවා නම් ඇති....අනේ දෙයියනේ ..ඒත්....අප්පච්චි ලාට ලමයෙක් ඉන්න එපා.....
මම නියපොත්ත කන එක පැත්තක දාලා අප්පච්චි දිහා බැලුවා .....
අප්පච්චි ...අප්පච්චිගෙ සතුට තියෙන්නෙ.....තාත්තා ගාව නම්...මං කවදාවත් මොකුත් කියන්නෙ නෑ අප්පච්චි ....අප්පච්චි අඩපු තරම්....විදවපු තරම් දැක්කෙ මම....අප්පච්චි සතුටින් ඉන්නවා නම්.... ඒගැන මේ ලෝකෙ කාටත් වඩා.....සතුටු වෙන්නෙ මම මගෙ අප්පච්චි ...මං තරහා නෑ...මට තරහා වෙන්නත් බෑ...මං අප්පච්චිට නයයි....අවුරුදු ගානක්..මං වෙනුවෙන් අම්මා අප්පච්චි දෙන්නම උනාට. ....ඒත්....ඒත් අප්පච්චි ...අනේ....අහන්න....ඔය...දෙන්නට .මං කියන්නෙ...මටයි ...මගෙ විතේන්ටයි වගේ ලමයෙක් එහෙම නෑනේද අප්පච්චි ..අනේ...නෑ කියන්නකො ....
මම මගෙ අප්පච්චි .....තාත්තා බාන් ඉන්නකොට එහෙම නෑයි කියලා කියන්න කියන ගමන් ඒ දෙන්නා දිහා බලන් ඉන්නකොට මට ඇහුනා ඉස්සරහා දොර ඇරුනා.....
කවුරු හරි ආවා....
තාත්තී.......විතේනයෝ....කෝ මගෙ නිහාරයා.....
මගෙ කන් දෙකේ ඉදන් රත් වෙලා ගියා...ත්....තා....තී....අනේ....ඇතුලට ආව එකා ආවෙම තාත්තී ගාගන වෙනකොට මම හැරිලා බැලුවා....
පොල් කාවයියා .....ද්..දෙ....යි...යනේ....පොල්...කාවයියා ..අනේ....හ්...අනේ.....හ්....අනේ....හ්හ්
අන්ද්වේ........හ්හ්හ්
මම පපුවත් අල්ලන් පුටුවට වැටුනා....දෙයියනේ ...පොල්කාවයියා ....මූ.....තාත්තට තාත්ති කිව්වා....අනේ....හ්...මූ...අපේ අප්පච්චිගෙද...අපේ....අයියද.....
වි...තේ...න්....විතේ...න්...මූ....මූ...අපේ...අයි...යද...අනේ...
යෝහ්....නෑ මිනිහෝ...නෑ....හ්...නෑ..... අනේ තාත්ති.....මගෙ මිනිහට හතිය හැදෙනවා අරූ අම්මිගෙ කලින් එකාගෙ කියන්නකො.....යෝ...තේශීහ්.....හුස්ම ගනින්කො...පොල්කාවයියා අම්මිගෙ සුද්දගෙ යකෝ....නැගිටපන්කෝ.....
පොල් කාවයියව දැක්ක ගමන් මට පපුවෙ අමාරුවක් අල්ලනකොට මම එහෙම්ම පුටුවට වැටුනා වගේම මගෙ විතේනයා බෙරිහන් දුන්නා....
අනේ....විතේ....න්...පොල්...කාව....
නෑ...නෑ.. .කාවයියා කවුරුත් නෙවෙ ..අනේ සුදු මහත්තයා .....අනේ තාත්ති .....
එයා මැරෙන්න හැදුවා...කාවයියා ඒ අස්සෙන් මගෙ ලමයව ගන්නකොට ඒකත් ඌට දඩා..දඩා...ගන්න ගත්තා විතරයි මම නැගිට්ටා ...මට ඒකගෙත් පොඩි පුක පුපුරන්න ගහන්න හිතුනා ....
මට කෑවා ඇති...
කනවා තියා කබ්න හිතපු වත් නැති මම ඔලුව විකාර වෙන්න එන අප්‍රබ්‍රංස දිහා බලලා බලලම කෑවා ඇති කියලා නැගිට්ටා. .හැබැයි මට නැගිට්ටට වඩා වේගෙන් ඉදගන්න උනා .....
කොහෙද යන්නෙ නිතේශ් වාඩිවෙනවා....
ඇයි ...
ඇයි අහන්නෙ ඉදගන්න කිව්වම ඒක කරනවා...අප්පච්චි ලා පුතාලාව මම හුරතල් කරන්නෙ නෑ කිව්වම අහලා වාඩි වෙනවා.....
යන්න නැගිටපු මම ආයම ඉදගත්තා ....අප්පච්චි වගේ නෙවෙ මාමන්ඩියා ඕකට කිසිම හිතක් පපුවක් නෑ.....නැත්තන් කැත නැතුව කියයිද මගෙ කකුල කඩන්න කියලා ....නෑනෙ...අප්පච්චි ට කියන්න ඕනා ඕක හරියන්නෙ නෑ වගේ කියලා හිතෙනව නම් වෙන එකක් ටෝක් කරමු කියලා .....
ශෙනෝන්....ඩියෝන්.....නිතේශ් විතේන් ඒවගේම....දහම් තමුන් හරි...
මම බලන් උන්නා ...වක ගහගන කුකුල් තට්‍ටක් එක්ක ඔට්ටු වෙවී උන්න ඩියෝනයා කිරි සමනට තිස්තුන්දාහා වැදුනා වගේ කෙලින් ඉදගත්තා ...
අනිද්දා පොඩි එකාගෙ බැප්ටිසම් එක.....හරි...නිතේශ් කාවද ගන්න හිතන් ඉන්නෙ.....
අනිද්දා ....??
මගෙ කට ඇරුනා...අපි දිනයක් වෙන් කෙරුවෙත් නෑ අනික ඒවට අන්දන්න පොඩි එකාට ගවුමක් ගන්න ඕනා...කලිසන් සූට් අන්දන්නෙ නෑනෙ....මේ මොන මගුලක්ද මේ.....ඔක්කොම ගහෙන් ගෙඩි එන්නා වගේ.....මම මගෙ විතේන් දිහා බැලුවා...
අනේ මැනිකෙ අනිද්දා....අපි ලෑස්ති උනෙත් නෑ...අනික ලමයට ඇදුම්...
මෝඩයා මේක ලන්කාව නෙවෙ....පුක කඩාගත්තු කඩි වගෙ දුවන්න ඕන් නෑ....සීනි බෝලෙ ඉදලම ගන්න තියනවා.....
මම එයාට කුටු කුටු ගානකොට එයා මට කුටු කුටු ගාලා මාව කෙනිත්තුවා ...
නිතේශ් ...විතේන් ලමයට කාවද ගන්නෙ කියලා තීරනේ කෙරුවද.....
ඔ...ඔව්....තාත්තා ...ශෙනෝන්..ලව....
ආ...හක්....සුපිරි ....සු...පි....රි...ආය.....
ශෙනෝන්....ඩියෝන්....හෙට තමුන්ලා දෙන්නා උදේ නවය වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනා.....
හෙට...ඇයි...තාත්තියෝ...ඒ....
අම්මයි මායි ගන්න එන්නම්....ලමයෙක් බැප්ටිසම් කරන්න යන්න තමුන්ලත් බැප්ටිසම් වෙන්න ඕනා....ඒකියන්නෙ....තේර්‍ර්න්නෙ නැත්තන් කෙටියෙන් කියන්නම් ....නිතේශ් ගෙනුයි විතේන්ගෙනුයි පස්සෙ ලමයට භාර කාරයො වෙන්නෙ ඔය දෙන්නා....අම්මා අප්පච්චි හා සමානව දරුවෙක් බලා ගන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි ඒ තැන දෙන්න පුලුවන් .....
ශෙනෝන් ....ඒ වගේම ඩියෝන්...මං දන්නෙ නෑ...නිතේශ් වත් විතේන්වත්....හිතේ තියන් ඉන්නෙ කාවද කියලා ඒත්.....මගෙ හිත කියන්නෙ....ලමයව බලාගන්න පුලුවන්ම දෙන්නා ඔය දෙන්නා කියලා .....කොටිම්ම ඥාන මව්පියො කියන්නෙ දෙවනි අම්මා තාත්තා .....ඒක ලොකු වගකීමක්...හදවතින්න රකින්න ඕනා බැදීමක්....
මම අහන් උන්නා...මෙච්චර වෙලාම සැර වැර කර කර උන්න තාත්තා ඊලග පාර නිවුන කටහඩකින් කතා කෙරුවා ....ඩොයෝන් වගේම ශෙනෝන් නොතේරෙන අප්‍රබ්‍රංස අහන් උන්නා උනත් මගෙ දරුවගෙ දෙවනි අම්මා තාත්තා වෙන්න සුදුසුම දෙන්නා ඒ දෙන්නා කියනකොට මන් බලාගන ශෙනෝනයා ඇස් පිහනවා....ඇත්ත ....උන් දෙන්නට ඒ අයිතිය අනිවාර්යයෙන්ම යන්න ඕනා...
මම මගෙ විතේන් දිහා බලන කොට එයා ලාවට ඔලුව හෙලෙව්වා.....
ඩියෝන්....ශෙනෝන් .....වෙන ආගමක කෙනෙක්ට එහෙම කරන්න බෑ...ඒකට එයාලත් බැප්ටිසම් වෙන්න වෙනවා....එයාලත් බෞතිස්ම වෙන්න වෙනවා....මං දන්නෙ නෑ....ඔයාලා ඒකට ....
මං ඒකට කැමතියි තාත්තා ...මං....ඒකට කැමතියි....
මාත්....මාත් කැමතීයි...තාත්තියෝ.....ඩියෝන් බබා කැමතීනේ...
ම්ම්ම්....මං විස්වාස කරනවා...මං තෝරගත්තු දේ හරියි කියලා..මොකද....මොන දේ උනත්...මොන කරදර ආවා උනත්...මම හැම දාම තෝරගත්තෙ හොදම කෙනාව ශෙනෝන්...හරියටම ....මේ වගෙ...හරියටම මගෙ පුතා වගේ....මගෙ හිතට කවදාවත් ලේසියකට මනුස්සයෙක්ව අල්ලන්නෙ නෑ...ඒත්...පහු ගිය දේවල් එක්ක බලනකොට ...නිතේශ් ...ඒ වගේම විතේන් ....දහම්....මම...අපි හැමෝම උඹලට නයයි පුතෙ.....
අවසානම හරිය මට අහන් ඉන්න බැරි උනා....මොකද තාත්තා මගෙ අප්පච්චිගෙ අතට අත පටලවන්.....එයා හැම දාම තෝර ගත්තෙ හොදම කෙනාව කියලා අප්පච්චි දිහා බලනකොට මාත් එක්කම දුක් විදපු මගෙ අප්පච්චි හිනා උනා.....ඇත්තටම මීට තත්පර ගානකට උඩදි මැරෙන්න හදපු මම අප්පච්චි දිහා බලාගන අවංකවම සතුටු උනා.....
මට විශ්වාසයි...මගෙ අප්පච්චි ගෙ හොදම කාලෙ පටන් ගත්තා කියලා ...විතේන්ට පුලුවන් උනා නම් මට ජිවිතේ දෙන්න....තාත්තට මගෙ අප්පච්චි ව ජීවත් කරවන්න බැරි කමක් නෑ.....
අම්මයි මායි හෙට එන්නම්....අම්මටයි මටයි පුලුවන් ඔයදෙන්නා වෙනුවෙන් ඒක කරන්න.....අනිද්දට මගෙ පොඩි එකාගෙ බෞතිස්මෙ...ඉන් අනිද්දට ...නිතේශ් ...විතේන් .....ඒ වගේම....දහම්....මං හිතනවා.....තව දුරටත් .....අපි කාටත් තහංචියක් නැයි කියලා ...මම මේ දවස එනකන් බලන් උන්නෙ අදක ඊයෙක නෙවෙ...උත්සව මොකුත් ඕන් නෑ...ශෙනෝන්...ඔයාලටත් පුලුවන් තීරනයක් ගන්නෙ ....
මගෙ විතේන් මගෙ අත මිරිකුවා...ඇත්ත....මම එයා බලන් උන්නෙ ඒ දවස වෙනකන්....එත් මොකක්ද කරුමෙකට හැම දේම උඩු යටිකුරු වෙලා ගිහින් අපිහැමෝම දුක් වින්දා....දැන් ඉතින් තහන්චි දාන්න කිසිම කෙනෙක් නැති වෙනකොට මම එයා...අප්පච්චි තාත්තා .....අපි හැමෝම අපේ වෙන්න බලන් උන්නා වගේම මෙච්චර කල් එකට ජිවත් උන ශෙනෝන්ලා පවා අවසානෙදි කසාද මුදු හුවමාරු කරගන්න අපිට එකතු උනා ඉතින් හෙටින් පස්සෙ පටන් ගන්නෙ අපේ ජීවිතේ ලස්සනම දවස් ...
සුදු මහත්තයා තව ඕනෙද...
එපා විතේන් .....
මීට ටික වෙලාවකට කලින් කන්න බෑ කියලා නැගිටලා යන්න හදපු මම ආයම අපූරුවට කන්න ගත්තා . .. .මට පපුවෙ අමාරුවක් හදවලා මරන්න ගියපු පොල් කාවයියා මගෙ පොඩි එකාව නලවනකොට ඒකා ආයමත් දඩා...දඩා ගාන්න ගන්නකොට මම රවාගන බලන් උන්නා....පොල් කාවයියව හම්බෙන්න ඉද්දිලු තාත්තා අම්මව බැදල තියෙන්නෙ ...ඒ කොහොම මොන සහෝදර කමක් තිබුනත් මගෙ පොඩි ඇටයට වටින් නෑනෙ මම වගේ අප්පච්චි කෙනෙක් ඉන්නකොට කොහෙවත් යන කාවයියෙක්ට දඩා කියන්න...
මම කන එක නැවැත්තුවා..ලමයා අරූ එක්ක ඉන්නකොට ඊරිසියාවෙන් පුපුරන්න ආවා වගෙම මම පුටුවෙන් නැගිට්ටා නැගිටලා කාවයියා ගාවට ගියා ...
..ඔයා කන්න මං මෙයාව ගන්නම්....
.ආ ..ඒකට කමක් නෑ නිතේශ් ...ඔයා කන්න ....
ද්...ද්...ද....ඩා...
මම ලමයව හුරතල් කර කර උන්න කාවයියගෙන් ලමයව ගන්න හැදුවා වගේම මූ මට කන්න කියන ගමන් පොඩි එකාව වඩාගන හුරතල් කෙරුවා වගේම මගෙ එකත් ඒකට දඩා ගෑවා.....මාව පුපුරන්න ඔන්න මෙන්න වෙනකොට මම ලමයව ගිහින් උදුරගන කාටත් නොපෙනෙන්න පොඩි එකාගෙ චූටි පස්සටත් පාරක් දීලා ඒකට කුටුකුටු ගගා බයින්න ගත්තා පොර අඩන්න කට හැදුවා...
මෙහෙට වර යන්න ....ආවා මෙතන දඩා කියාගන.....හිටපන්කො මන් අද අම්මා කුක්කු ඔක්කොම බොනවා.....කොහෙවත් යන කාවයියන්ට දඩා කියනවා....දෙනවා චූටි පුක පුපුරන්න.....ඔව් ...මගෙ කට දිහා බලන් කට හදන්නෙ...මොකද අඩන්නද යන්නෙ ඇඩුවට වැඩක් නෑ අවදානෙ දෙන්න එකෙක් වත් නෑ උන් ඔක්කොම කපල් වෙලා.....ඔව්...කට හැදුවටවැඩක් නෑ.....ඇඩුවට අවදානෙ දෙන්න එක බල්ලෙක් වත් නෑ... ඔව්.....මගෙ පුතා අවදානෙ ගන්න ඇඩුවට වැඩක් නෑ.....අයිගෝ.....නෑ...නෑ....අම්මෝ....නෑ....ඉතින්....
අනේ මිනිහො ඔය ලමයව අඩවන් නැතුව ඉදපන්කෝ.....
අම්මෝ...මගෙ සුදු මහත්තයව හැම වෙලාවෙම අර පොල්කාවයියා අඩවනවා...කෝ එන්න මගෙ පුතාට අප්පච්චි පලිගුවව පෙන්නන.....පලිගුවෝ...දෝනියෝ...මේ මල්ලි බබා...අඩනවෝ....කූකූ...කූ...පලිගුවෝ....
මම මගෙ ඇසුත් ලොකු කරන් කටත් උල් කරන් පොඩි එකාට එක එක ඒවා කියවනකොට ඒකා මගෙ කට දිහා බලන් ඉදලා අඩන්න කට හදලා හදලා අඩන්න ගත්තා විතරයි මගෙ විතේනයා මාව මරන්න හදනකොට මම ඉක්ම්නටම කාවයියව අල්ලලා ලමයව අරන් පලිගුවව පෙන්න පෙන්න හොරා වගෙ එතනින් මාරු උනා.....
සුඩු මහත්තයා .....අප්පච්චි කියන්න පුතෙ...කෝ...අ.....ප්....ප.....ච්....චී
ම්ම්ම්....ප.....ප්.....
අඩන්න ගිය පොඩි එකාව පැත්තකට අරන් ආව මම එයාව කකුල් උඩ හිට ගස්සවගන එයාට අප්පච්චි කියන්න උගන්නකොට කොල්ලා මගෙ කට දිහා බලන් ඉදලා පප් ...පප්....ගෑවා....අම්මේ....එ ඇති....ඒ හොදටෝම ඇති...දැන් අරූව පෙන්නලා කාවයියා කියලා කියන්න උගන්නන්න ඕනා....
සුදු මහත්තයා ....අප්පච්චි කෝ...මගෙ පුතගෙ අප්පච්චි කෝ.....මේ ඉන්නෙ...මේ ඉන්නෙ...මේ ඉන්නෙ සුදු මහත්තයගෙ අප්පච්චි .....කව්ද...කෝ.....අප්පච්චි කියලා කියන්න චුච්චුවො.....
ප...ප්....ප...ප්....
අ..න්න...හරි ....මේ ඉන්නෙ මගෙ පුතාග් අප්පච්චි ...එතකොට අර ඉන්නෙ කව්ද...කාවයියා....කව්ද...කා....ව...යි....යා....කව්ද අම්මියො ඒ ඉන්නෙ.....කාවයියා.....කා....වයියා....
ම්ම්ම්ම්ම්.....පප්.....ප...ප්....
නෑ..නෑ...පප් පප් මේ ඉන්නෙ....ඒ ඉන්නෙ කාවයියා....කෝ කාවයියව පෙන්නන.....
ම්ම්....කා...ම්ම්....ප....ප්..ප...ප්....
මම කොල්ලට සෑහෙන්න වෙලා යනකන් අප්පච්චි කියන්නයි කවයියව පෙන්නනයි ඉගැන්නුවා වගේම අවසානෙදි අප්පච්චිව පෙන්නන්න කියනකොට කොල්ලා මාව පෙන්නුවා ....ඒ ඇති...ඒ හොදටම ඇති...
සුදු අප්පො.....එයාව දෙන්න හෝදවලා නිදි කරවන්න ....
අනේ මැනිකෙ....තාම නවයයිනෙ....
උඹට පිස්සුද මිනිහො...ලමයව රෑ නමය වෙනකනුත් ඇහැරවන් ඉන්නද...මෙන්න මෙහෙ දීපන් කොල්ලව උඹ නම් කියයි.....අනේ තේශී...මාව තරහා ගස්සවන්න එපා අප්පා.....
හා...හා....ඉතින්...ජෝ හෝදන් එන්න මගෙ චුච්චුවෝ....
මං මගෙ අතේ උන්න ලමයව විතේන් අතට දීලා කෑම මේසෙ අස්කරන අම්මට උදව්වට ගියා ....මගෙ රැවුම් ගෙරවුම් මැද රෑට කාපු කාවයියා යන්න යනකොට ශෙනෝන් ලත් යන්න ලෑස්ති උනා වගේම මං බලාගන නාකි ජෝඩුව සෝෆාවෙ ඉදන් පෙම් කෙලිනවා ...ඒඑව්ව්.....ඇගත් එක්ක මොකක්ද උනා.....
නිතේස් අයියේ.....අපි ගිහින් එන්නම් ඒයි...හෙට ජේසු පල්ලි යන්නත් තියනවනෙ....අපේ චුච්චුවට කියන්න අපි ගියා කියල.....දෝනියෝ..එන්න පුතේ යන්න.....
නිතේශයා හෙට එන්නම්...උඹ දැන් ඉතින් ආය එන්නෙ නෑනෙ...මෙහෙම ඉදපන්.....
මම දොරකොඩට වෙලා බලන් උන්නා...ආව අය එකා එකා යන්න ගියා.....අම්මා අවසානෙදි කාවයියයි සුද්දයි එක්ක යනකොට මමයි තාත්තයි අප්පච්චි විතරක් ඉතිරි උනා...
අනේ මැනිකෙ .....කොන්ඩෙ කපන්න නම් බෑ....
අනේ මේ දහම් කන පලා ගන්ඩ එපා ආ....දැන් සීයා කෙනෙක් නේද ..ඕන් නෑ ස්ටයිල් කරන්න...තොට වෙන උන් දිහා බලන්න...උඹ මොන ජාතියෙ එකෙක්ද සුදු මහත්තයා ....
එව්ව්.....නාකි සමයන්...මේ මොන නාඩගමන්ක්ද මේ....ඊටත් තාත්තගෙ හුරතලේ...කොලේ වහලා ඔක්කොම කරලා...දැන් ඉන්න ලස්සන බලපල්ලකො.....ශිකෙ...මම නැහීගන අම්මව බන්දවන්න හැදුවා ....
යෝ...නිකන් ඉන්නකො පහන්.....
හරි....පොඩ්ඩක් ඉන්න ඉතින්...මෙතන මෙ සුදු ගහක්....මෙක විතරයි ...අනේ සුදු මහත්තයා මිනිස්සු හිතයිනෙ උඹ වයසයි කියලා ....
මම දොර කොඩ ඉදන් අප්පච්චි ලාගෙ නාකි කෝලන් බල බල උන්නා...තාත්තා අප්පච්චිගෙ සුදු වෙච්ච කොන්ඩ ගහක් පස්සෙ එලවනකොට මට ඕක බදින්න වෙන්නෙ නෑ ගාලා කෑගන් කාමරේට දුවන්න හිතුනා උනත් පව්නෙ කියලා සද්ඩ නැතුව බලන් ඉන්නකොට මම ඉන්නවා කියලා නොදැනද කොහෙද විතේනයගෙ තාත්තා මගෙ අප්පච්චි ගෙ කට කන්න හැදුවා විතරයි මම බිත්තිය දිගේ ඇලීගන වගෙ ගිහින් දොර රෙද්දක් අස්සෙ හංගුනා. ...
මගෙ අම්මෝ....මේ තාත්ත පුතාට හපන් වගේ පේන් නැද්ද මගෙ එකා...එව්ව්ව්...මගෙ කන් දෙකත් එක්ක රතු වෙලා...ශික්කෙ ...එදා එහෙනම්....අප්පච්චි ..අනේ යකො අප්පච්චි ....දෙකට ගයින්න බෑ වගෙ ඉන්නෙ. . .
මම දොර රෙද්ද අස්සෙ රිංගන් සෑහෙන්න වෙලාවක් කුටු කුටු ගාල නාකි කපල් එක තාම එලියෙද බැලුවා...
නෑ..නෑ....කාමරේට ගිහින්...
මම ඉස්සරහා දොර වහලා ලයිටුත් ඔක්කොම නිවාගන අපේ කාමරේට ඇගිලි තුඩු වලින් ගියා ..එයා ඉන්නව.....බිත්තිය පැත්ත හැරීගාන සින්දුවකුත් මුමුන මුමුන.....මං බලාගන චුච්චුවගෙ චූටි කකුලක් එහා මෙහා වෙනවා...ආයම අතක්...මම හොරා වගේ ගිහින් එයගෙ ඇග උඩින් ඇස් දෙක දැම්මා....චුච්චුවා චුච්චු බොනවා...අනේ....ඉතින් මගෙ පැටියගෙ හුරතලේ...

රවුමට තියන චූටි ඇස් දෙක දිලිසනවා...මාව දැක්ක විතරයි මෑන්ට හිනාවක් ගියා වගේම කතා කරන්න කට හැදුවා....
ප....ප්.....ප....ප්...!!!!
හිහි...
ආය එන්නම්....ඈ...
පයිස්සමින් ඉන්න....
චූචි පොල් කාවයියා බුජි....ඔය පොල් කාවයියො ටිකත් බුජියන්න 🤭🤭
ගුම්ත් නයිත්....!!!
.ferdeesha .....