LightReader

Chapter 6 - 06

මන්දාරම් ....

කාරි නෑ හාමු මහත්තයා කාසි එපා...මනුස්සකමට කාසි හිලව් කරන්ඩ බෑ ....

දැන් මං මන්දාරම්ගෙ මනුස්සකමද මේ කාසි වලටහිලව් කරන්නෙ??එහෙමද හිතාගන ඉන්නෙ...

මං බිම බලාගත්තා.....කාසි වල කතාවක් නෙවෙ....මං හිතුවා වගේම නවරත්න මුල් ගුරු තැන මා දිහා බලාගන පුපුර පුපුර උන්න විදිහට තව එක මොහොතක් රැදිලා මේ මහත්තයා එක්ක කරන්න උපන් ආසාව මරාගත්තා...මේකවද මුනිච්චි උනෙ කියලා බිමට ගහපු කෙල පාර ඇත්තටම වැදුනෙ බිමට නෙවෙ....

මගෙ ආත්මෙට....!!

මගෙ ආත්මෙම කෙල වලින් නෑවලා....මගෙ හදවතම කෙලවලින් පෙගිලා ගිහිල්ලා.....

උදේකට එලි බහින්න දහස් වතාවක් හිතන්න ඕන.....

සුභ කටයුත්තකට යන එකෙක් මගකදි හම්බෙයි කියලා පපුව බය වෙනවා.....දන්න දා ඉදන් මේ කතා අහනවා...

දන්න දා ඉදන් මේ කෙල පාර වදිනවා.....මගෙ ආත්මෙමම කෙල පාරවල් වලින් පෙගිලා ගිහිල්ලා....මගෙ ආත්මෙම කෙල ගන්දස්සාරෙන් නෑවිලා ගිහිල්ලා....

මං එන්න හැරුනා.....පියුම් හාමුත් කලාත්ම හාමුත් මගෙ දිහා බලාගන උන්නා.... නිකන් නෙවෙ ඒ ඇස් හතරෙම තිබුනෙ මට මොකක්ද මේ හැගීම කියලා ලෙහාගන්න බැරි හැගීමක් වෙද්දි අඩ අන්දකාර ගොම්මනෙ උනත් මං බලාගන කලාත්ම හාමුගෙ අර පිරිසිදු ඇස් දෙක තෙත් කනවා.....මට ලෙහාගන්න බැරි හැගීම් ඉපදුන ඇස් තෙත් වෙවී යනවා...

මං කොහොම කියලා නන් කතා කරන්නද....වලව් ඇත්තන්ට පස්ස හරවලා එන එක තවත් උදහසක් හන්දා මන් කෙරුවෙම ගුරුන්ගෙ පරුශ වදන් අහන් කර බාගන අර මහත්තය මිටිමොලවන්ඩ ගියපු ගතමනාවත් එපාය කියලා ඇහෙන නෑහෙන ගානට මුමුනලා දිරාන යන බයිසිකලෙත් ඇදන් පස්සෙන් පස්සට ආව එක....

මයෙ සරම පැටලෙනවා...ජාති දෙකෙන් දාන් උන්න බාට කබලත් මේ වෙලාවෙම පටිය කැඩිලා යනවා....

අසරන කම මට මගෙ හුස්ම තරම් ළඟ උනත් ඒ ඇස් ඉස්සරහම බාට පටිය කැඩිලා ගිය එක කවදටත් වඩා මට බරට දැනුනා....කම්බි දාලා...දාලා ආය සැත්කම් කරන්ඩ ඉඩක් නැතිවෙන්නම මැහුම් ගැහුව බාටෙ ඒ ඇස් පනා පිට ආය නොඑන ගමන් ගියා..එහෙම්ම මන් බාට දෙක කකුලෙන් ගලවන් ලැගේජ් එකට හිර කෙරුවා ....

කනා මැදිරි පියාඹනවා.....පදුරු අස්සෙ ඉදන් කෑගහන වන්ඩිල්ලන්ගෙ කරච්චලේ රෑ වෙන්න රෑ වෙන්න වැඩි වෙනවා....හේනක් උඩින් පියාඹන් යන කෑදැත්තෙක් ඒකගෙ උගුර ගෙවෙනකන් වතුර ඉල්ල ඉල්ල කෑ ගහනවා....අපිටත් වතුර නැති කොට උඹට කොහෙන් කියලා වතුර හොයලා දෙන්නදෝ කියන්න කෑරලෙකුත් කරන් ගැට්ට උන තල හේනක් උඩින් පියාඹන් යනකොට මං බලාගන දිරාපු ගස් කදක් උඩින් අහස් ගර්ඹෙට නැගපු වටකුරු හද එන්න එන්නම කහ එලිය වැඩි කරන්න ගන්නකොට මං බලාන එ වටකුරු දාර පන්නන් එලි බහින සද දියෙන් තෙමෙන්න බලාන වලා සේල හදට කිට්ටුවෙනවා ....

අනේ මක්කට මං වගෙ එකෙක් හන්දා ඔය ඇස් විල් බොර කරගන්නවද හාමු...ඔය වචන අහල මට හුරුයි ..ගන්න හුස්ම වගේම මට දැන් ඔය වචන හරි හුරුයි හාමු...මේ කෙල පාර මට ඕනවටත් වඩා හුරුයි .....

කාටක අවුවට කර වෙලා...කර වෙලා තැලුම් පිපිරුන් පාරවල් ,ගෝනි නූලක් දාලා වත් මහන්න බැරි තරමට කට ඇරුන මුඩු බිමක් හා සමාන මේ පපුවට උඹලගෙන් ලැබුන වචනෙත් අවාරෙ වැහි වගේ හාමු මහත්තයො....ඒ පිනම ඇති උඹලට බුදුන් දැකලා නිවන් දකින්න.....!!

පියුම් බේබි හාමු.....පොඩි බේබි...තවත් මේ රෑ යාමෙ එලිපත්තෙ ඉදන් මක්ක කරනවද...

ඥෑ....ව්ව්...ඥෑ....ව්ව්

ඕන් ආව....ඕන් ආවා...දඩාවතෙ ගිහින් ගිහින් රෑ වෙනකොට තමයි මේ පීසිට ගේ හරිය මතක් වෙන්නෙ...බේබි හාමුලා එන වෙලාව කිව්වා නම් කාට කලියෙන් මං එනවනෙ....එහෙම උනා නම් අරකව මුනිච්චි වෙන්නෙ නෑනෙ.....

ඔවුන් මිනී කපන එවුන්.....උදැහැන්නක දකින්ඩ වත් නාකයි....එහෙව් එකේ...රාජකාරිය් කරන්ඩ ගමට බැස්ස ඉස් ඉස්සරදාම මුනිච්චි උනේ ඕකව උනහම අපිට තරහ යන්නෙ නැද්ද....ඇරත්.....හාමුලා මොන තරම් වැදගත් කමට ඉන්න මිනිස්සුන් ...සෙංකඩගලට ඇවිදින් ධර්මසේන හාමුගෙ වලව්ව ඇහුවම නම අහන එවුන් පවා කුද්ද ගහනවා.....

බේබිහාමුලාව මෙහාට එව්වෙ බොහෝම විස්වාසය තියලා....මයෙ අම්මා මුත්තා කාලෙ ඉදන් ඔය වලව්ව ගැන අපෙ ගෙව වල කතා බස් කරනවා...බොහෝම ගරු නම්බු ඇතුව.....

බේබි හාමු....මේක කොලොම්තොට වත්.....හාමුලා ආස්සරේ කොරාපු වලව් ඈයො ඉන්න සෙන්කඩගල වත් නෙවෙ....මෙව්වා ගම්...හේන් කාරයො.....මස් මරන්නො....රෙදි අපුල්ලන එවුන්.....ඔය ඔක්කොම එක්ක.....ඔය.....මිනි කපන එවුනුත් ඉන්නව.....ඒකයි මං මේ කියන්නෙ....

මං උන්නෙ වැටකඩුල්ල පනින්ඩ ඔන්න මෙන්න...නවරත්න ගුරු තවමත් අර මහත්තුරු දෙන්නට මාව මුනිච්චි උන එකෙ තියන බරපැන කියලා දෙනකොට පස්සෙන් පස්සට ආව මං උන්නෙ වැටකඩුල්ල කිට්ටුව.....ගුරා කියවගන ඉන්නවා....ආස්සරේට සුදුසු කව්ද.....නැත්තෙ කව්ද...මේ ඔක්කොම එලිපත්තෙ තියාගනම ඉදල අවසානෙදි ඒකා ඇතුලට යන් බේබි හාමු කියනවත් එක්කම මං වැටකඩුල්ල පැන්නා....

පැන්නෙ වැට කඩුල්ල උනත් ....මට හිතුනෙම මං රත් උන තැටියකින් බිමට වැටුනා වගේ කියලා...

නවරත්න ගුරා කියවගන ඉන්නවා....පියුම් බේබි නෙවෙ වගේ වගකට කියන දේ මායිම් කෙරුවෙ...යන් කිව්වත් කලාත්ම බේබි හාමු නෙවෙ කන් ගත්තෙ.....

අච්චර ගව් ගානක් දුර ඉදන් මගෙ මේ කෑලිහැලෙන සයිකලේ පටවන් ආව බෑග් කද තවම බිම වෙනකොට පියුම් බේබි හාමු අවසානෙදි බෑග් එක අතට ගත්තා....ඒත් කලාත්ම හාමු.....තවමත් අත් දෙක පිටිපස්සට බැදගන වටකඩුල්ල පැන්න මා දිහා බලාගන ඉන්නවා...

තනිම සුදු කමිසෙ ඇදන් උන්න කලාත්ම හාමුව හද එලිය නාවනවා....හාමුලා නුවර ලු....නවරත්න ගුරාගෙ කතාවෙ කොටසකින් මට ඇහුනෙ....සෙංකඩගලට විතරද බේබි හාමු හද පායන්නෙ...

නෑ...මෙහෙටත් පායනවා....

කොලොම්තොට අහසට විතරද හද පායන්නෙ.....නෑ බේබි හාමු...මෙහෙටත් පායනව....

වෙනසකට තියෙන්නෙ....හද පිනි අහුරු වලට් බැරි උනා මේ ගිනියම් උන මහ පොලව එක තත්පරේකට තෙත්කරන්න....ඒත් ඒ හද එලියම ලෝබකමක් නැතුව කලාත්ම හාමුව ලෝබ කමක් නැතුවම නාවනවා.....

සුදු ඇදුමට හද එලිය වැටිලා මෙහෙම ලස්සන නම්.....

සියපතකට හද එලිය වැටුනම...

මට ඉබේටම හුස්මක් වැටුනා....සියපත් මහත්තයො....දවසකට හරි පින් තියනවා නම් උඹව මට හද එලිය යට දකින්න....ළඟින් නැති උනත් කාරි නෑ.....ඈතින් ඉදන් වත්....කමක් නෑ....උඹගෙ කටහඩ විතරයි මාව රිදෙව්වෙ නැත්තෙ .....

ඒත්...මං හිතාන උන්නෙ එහෙම....දන්නවද සියපත් මහත්තයො....මක්කද මන්දා සංසාර හුරුවක් එක්ක ආව කලාත්ම මහත්තයත් මට වෙනසක් නොකරම කතා කෙරුවා...

උඹලා වගේ බෝසත් පිරිමි ඉන්නකන් අපිවගේ පයට පෑගෙන උන් මොහොතකට වත් සුව වෙයි....!!

තත්පර ගානක් බලාගන උන්න මං අනිත්පාර සයිකලේට නැග්ගා....මගෙ තනියට මං විතරයි ...හුලු අතු එලියක් මේ මොකුත් නෑ...හද එලිය විතරයි පාර කියන්න ඉන්නෙ....

..නව‍රත්න ගුරු,

බේබි හාමු....

එතකොට ඔය කියන විදිහට මිනී කපන මිනිස්සුත් උන්නෙ නැති උනොත්.... ඒකගෙ පවුලෙ උන් තියාගන මිනිය කනවා ඇති ....ඒත් නැත්තන් පවුලෙ එකෙක් කපනවා ඇති නේ....මං නම් කියන්නෙ එහෙව් ගරහන එකාගෙ මලකදට කරගහන්ඩ වත් ගම්තුලානෙ එකෙක් නැතිවෙන්ඩ ඕන....!පියුම්....කා ලව්වා වත් හාමු කම් කියවගන්නෙ නැත්තන් මනාපයි මම!!

එහෙමයි මලයා,

මගෙ අත් වලට ඉබේටම බ්‍රේක්එක මිරිකිලා ගියා....

ඒත්,

මං නෙවෙ ආපිට හැරිලා බැලුවෙ....නිවුන මූනක්...නිවුන ඇස් දෙකක් එක්ක පින්සාර රූ සම්පත්තියක් තිබුන කලාත්ම හාමුගෙන් හරි බරට පිට උන වචන අස්සෙ හාමු කම උතුරන්න තියනකොට මගෙ කකුලට තද උන පැඩල් එකෙන් වටයක් කැරකුනා.....තට්ට තනි මා එක්ක මගෙ තනියට උන්න හද එලිය එක්කම මං මගෙ පැලට එන්න ආවා....

*

*

*

කටස්.....කර ...කටස්.....චටස්....

චේන් එක පැන්නා.....

සයිකලේට වත් නොදැනෙන්න හරි පරිස්සමට පැදන් ආවට මොකද සුදු කොඩි වැල් පේන මානෙදි චේන් එක පැන්නා.....

එක අතකින් සයිකලෙ අල්ලගත්ත මං ඒ පාමුලම ඉදන් ඇන තියාගන පැනපු චේන් එක දාගත්තා...අහවරක් නැතිව කැලෑ සත්තු අදෝනා තියාන රෑ යාමෙ පටන් ගන්නවා එක්කම රෑ හුලන් රැල්ල දැනී නොදැනී යන ගානට මට පුලුටු සුවදක් දැනුනා.....

රොටී පුච්චන සුවදක්...

වෙන කොහෙන්වත් නෙවෙ...

සමනගෙ ගෙයි පැත්තෙන්...සුදු කොඩි වැලෙ පාටවත් මැරෙන්න කලින් ඒ පැල් කොටෙ තට්ට තනිවෙලා ගිහිල්ලා.....මලගමට ආව උන් සුසානෙම්ම සමුදීලා සමනගෙ පවුලට තනිකන්දෝසෙ අල්ලන්න දීලා ගිහිල්ලා තිබුනා....

ඈත ඉසව්වක හේනකින් ඇහෙන හූවකුත් එක්ක පත්තු වෙන අලිවෙඩිල්ලක සද්දෙකත් එතිගන දරු නැලවිල්ලක් උඩුගම් බලා පීනන් යනකොට මං අහගන කිරි සප්පයා අහවරක් නැතුව ඔහෑ ...ඔහෑ ගානවා...

පැටියෙක් වදාපු ගෙයක් පහු වෙනකොට උතුරන්ඩ කිරි සුවද දැනුනා උනත් සිය වතාවක් මං සමනගෙ ගෙයි දොරකොඩින් ගියත් මට බැරි උනා කිරි සුවදක් එන හැටි බලන්න....මට බැරි උනා ළදරු සබන් පුසුඹක් එක්ක හුස්මක් ගන්න...

ඒකිට කිරි නැතුවද කොහෙද ...කිරි එරෙන්නෙ කොහෙද ඒකිගෙ ඇගේ හයිය ගලන කදුලු වලට දියවෙවී යනකොට ...වදාපු ගෑනුන්ට තියෙන්නෙම පලල් උකුලක් එක්ක වැලටත් බර ගෙඩි වගෙ වටකුරු වගේම එරුන කිරෙන් බර උන දෙතන් උනත්...මට සමනගෙ ගෑනිගෙන් ඔය මොකුත් හොයාගන්න බැරි උනා.....

මරනෙ දා මං බලාගන අර කිරි සප්පයට කටට ගහපු තනෙ හැටි.....සමනා මලගම් ගිහින් තියෙන්නෙ ක්ශීර නාලිකත් මරාගනද කොහෙද ....

මගෙන් හුස්මක් පිට උනා.....අර කිරිසප්පයා ඔහෑ ඔහෑ ගගා හුස්ම අල්ලන්නෙ නැතුව අඩාගන ඉන්නවා....පිල්කඩෙ කොනක පත්තු වෙන ලාම්පුවටත් දුක හිතිලද කොහෙද ඒකත් ගැස්සි ගැස්සි එලිය අඩු කර කර නිවෙන්න හදනවා....කොලුවගෙ ඇඩිල්ලත් එක්ක සමනගෙ ගෑනි නැලවිලි කවි කියනව...නැලවිලි කවියට එන්න එන්නම තාලෙ නැතිවෙනවා....ඒකිට හති වැටෙනවා....

උඹගෙ කොලුවව මට දීලා උඹ කොහොම නම් ගියාද සමනො...මාත් තනිකරම මඩේ හිටවපු ඉන්න වගේ.....ඒත්.....මට උඹගෙ පැංචා වෙනුවෙන් කෙලින් ඉන්ඩම වෙනවා....ඒ පන කෙන්ද මගෙ නමට ලියලා ගියපු උඹ සත්තකින්ම මහ පොලවට පස් වෙන්න ගියා නම්...මං මේ පැටියා නොරැක්කොත් උඹලගෙ ආත්මෙත් අඩාවි...මටත් වස් වදීවි.....අම්මෙක් නැති උනාට....මයෙ ලේ නොදිව්ව්ට මක්කද.....දීලා ගිය "උඹව "මං පන දීලා හරි රකින්නම් සමනා....බඩේ බත් පත පවා දෙන්න දෙපාරක් නොහිතපු උඹට කොහෙන් හරි සැනසීමක් තියෙන්නම ඕන.....

නගා...

බ්..බෙනේ අයියෙ....

තත්පර ගානක් සමනගෙ ගෑනි කිරිසප්පයා එක්ක ඔට්ටු වෙන ඔට්ටු විල්ල බලාගන උන්න මං ගුරු පාර දෙදරවන් ගියපු ආර්මි ලොරිය යනවත් එක්කම වැටකඩුල්ල පැන්න.....

ඕක ඔය යනව ඇත්තෙ මායිම් ගමෙ කදවුරුවල ඉන්න උන්ට කන්ඩ අරගන වෙන්න ඇති...

උන් යුද අනාතයො....

අපි...????

උක්කූන්....දෙන්නා.....ම්...බබො....

උක්කූන්...දෙන්...නාම්....බබෝ...

නගා කියලා කතා කරනවත් එක්කම අර නැලවිල්ල නැවතුනා...විලි වැහෙන්ඩ වස්තරයක් වත් නැති කිරිසප්පයව උනුහුම් වෙලා තිබුන එකම රෙදි කඩ මල්වල පාට පවා මලගම් ගියපු චීත්ත රෙදිකඩකින් වෙනකොට මං බලාගන අඩලමද කොහෙද මූනු පොඩිය තඩිස්සි වෙලා තිබුනා....

මේකා නැලවෙන්නෙම නෑ...තනෙ ගැහුවත් කටට ගන්නෙ නෑ...බඩ රුජාවක්ද....මොන කරුමයක්ද කියන්ඩ මං දන්නෙ නෑ.....මේකා වරුවක ඉදන් බෑගිරි තියනවා...දෙයියො බුදුන්ට මගෙ ඉහට මේ කරදර දීලා ඇතිවිමක් නැතුවද...???වාහෙ ගත්තා මදිවට....ඒකලා කරන්නෙ .....ඉහ්....

නාඩපන්.....මං ආවනෙ....

සමනගෙ ගෑනිට ඉකි ගැහුනා.....මලගමෙ පයින්ඩෙ ආ දා ඉදන් කදුලු හලලම ඒකිගෙ කටහඩ ගන්න දෙයක් නැති උනා....පුරුදු විදිහටම මිදුල මැද තිබුන රූස්ස ගහයට තිබුන කොටේ උඩ ඉදගන බලාගත්ත අත බලාගන උන්න සමනගෙ අප්පා වංගෙඩි පොඩ්ඩට බුලත් හපයක් දාගන කොටන්නන් වාලෙ කොටාන ඉන්නවා....

ටොක්...ගානවා....ටොක්....ගානවා....ටිකක් නවතිනවා...ආයම කොටනවා.....තට්ට තනියෙන් මක්කද කියනවා....ආයම ඔලුව වනනවා....ඒ චුට්ටකින්ම සමනා වරේන් නාගන එන්ඩ වැවට යන්ඩ කියනවා.....මේ ඔක්කොම කතා සුසුම් වේදනා උඩු හුලගට ගහන් යනකොට ගෙයි දොරකොඩ තිබුන පහන් පැලේ පහනට හුලග දරාගන්න බැරිව නිවිලා ගිය...

දියන් පැටියව....

දහ වතාවකට වඩා සරමෙන් අත් දෙක පිහිදගත්ත මන් අවසානෙදි කොලුවව වඩාගන පපුවට තද කරගත්තා.....පාට මැරුන චීත්තකඩ මගෙ පය පාමුල රූටල වැටුනා....

පොඩි ඉකා ඉකි ගහනවා....ඔහෑ...ගානව ආයම කෙදිරි ගානවා...නොදරුවන්ටම උරුම උන්ගෙම ඈඩියාවෙන් හුස්ම අල්ල අල්ල අඩන අතට අහුනොවෙන නිවනව පපු මැද්දෑවට තුරුල් කරගත්ත මං හීන් අඩි තිය තිය පස්සට තට්ටු කරන්න ගත්තා...

ඒකට ඒකත් මදිද කොහෙද ...ආයම අඩනවා.....හිරයක්වත් නොගෙම අප්පෙක් උන මට කොයින්ද නැලවිලි ගී කියන්ඩ කවි පොත්....දහයෙ කනිසමෙන් ඇහෙන ප්‍රේම ගීතිකා ඇරුනම මං දන්න සින්දුවකුත් නැතිවෙද්දි මං කරාපු එකම දෙ පැටියව මගෙ පපුවට තුරුලු කරගන අර හද එලිය යට මුලු මිදුල පුරාවටම එහා මෙහා ගිය එක වෙනකොට යන්තන් වත් කරාපු පිනක් පඩිසන් දීලද කොහෙදෝ මට රාසිං දෙයියන්ගෙ ධාතුවක් උහුලාපු වැදි කුලෙක කැකුලියක් පැටියා නලවන්ඩ කියාපු සින්දුව මතක් උනා....

චන්දෝ මා බිලිදේ නුඹ

නාඩන්...

කිම්දෝ කුමලත නුරිදුට දාවුන්

පතර බලැති සිරි කුන්ද විධාරන

පතර බලැති සිරිධර පංචන පාලන

බාලොලි ලොලි ලොලි ලොල්ල

බිලින්දෙ ...

නාඩනු දැන් එනු බෑ.....

මං දන්නෙ නෑ මගෙ නැලවිල්ලෙ ස්වර්ස්තාන හරියට පිහිටෙව්වද කියලා ..වයසට වඩා කරන් ගැට්ටි උන ...නාඹර උනත් එකයි දෙකයි කියලා ඇගිල්ලෙන් ඇන ඇන ගයින්ඩ පුලුවන් මෝචරි ලෑල්ලටත් වඩා ගල් උන මයෙ පපු ලෑල්ල උඩ පැටියෙක් සැනහුනා....

උගුරු ගැට පැනපු ගොරහැඩි කටහඩින් ඒකට විතරක් ඇහෙන්ඩ බාලොලි ලොලි ලොලි කියනකොට මං බලාන චූට්ටන් ඇගිලි වලට මගෙ උඩු කය පඩංගු වස්තරෙ ගුලි වෙලායනවා...අඩ හෝරාවක් හීන් අඩි තියතිය රාසින් දෙයියන්ගෙ පැටව් නැලවුන කවියෙන් මං තවත් වීරයෙක්ගෙ පැටියව නැලෙව්වා..අවසානෙදි ලෑලි උනත් මක්කද "මගෙ නිවනට" නින්ද ගිහින් තිබුනා.... හීන් සීරුවට මං ඒ ඉහ මුදුනට හාදුවක් තිබ්බා...මගෙ හාදුවටදෝ.....එහෙමත් නැත්තන් ගොරහැඩි රැවුල පැංචට රිද්දුවදො මන්දා එක පාරක් කෙදිරි ගාපු කොලු පැටිය ආයමත් නින්දට වැටුනා...හද එලිය යටදි මන් ඒ මූනු පොඩිය දිහා බලා "නිවනගෙන්ම නිවුනා....."

..දවසක.....උඹ මට අප්පච්චි කියාවි .....

මං බොලාව මයෙ උරිස්සෙ ඉන්දාන මේ මුලු ගම් තුලානෙම ඇවිදින්නම් මයෙ අම්මා.....අප්පුච්චෙක් කරන්නෙ මක්කද....මං ඒ ඔක්කොම එකින් එක කරන්නම්...

මලගම් ගියපු අප්පගෙම මූන අරන් ඉපදුන උන උඹව මං පොරොන්දු රකින්ඩ ඇහේ මුනෙ තියාන රකින්නම් නිවන්....ජාතක කරන්ඩ ලේ දුන්නෙ නැතිඋනාට මක්කද.....මේ අප්පට පුලුවන් හදන්ඩ දාඩිය හලන්ඩ...මං උඹලව ඇස් අස්සෙ තියාන රකින්නම්....මගෙ පැටියා පරිස්සමට ලොකු වෙයන්.....

බෙනෙ අයියෙ....

මං උන්නෙ පැටියව තුරුල් කරාන.....නින්ද ගියත් මක්කද මට ලෝබ හිතුනා මේකව ආපිට ඔතලා ඒකගෙ අම්මට දෙන්ඩ...

ලමයව මට දීලා කුසිය දිහාවට බඩගාපු සමනගෙ ගෑනි ආයම අඩ හෝරාවකින් මගෙ ගාවට ඇවිදින් නෑහෙන ගානට බෙනෙ අයියෙ කියනවත් එක්ක මං ලමයව මගෙ ඇගට තද කරගත්තා.....මට ඒකව අරන් යන්න හිතුනා...හරිහමන් පිරිමි පරානයක් නැති ගෙදර ඒක දන්තයා හතර වටම කැරකිලා ඒ කුයිලෙ තවමත් හුලන් රැල්ලෙත් තියනකොට මට කිරි සප්පයා හන්ගන්න හිතුනා.....

රොටී පිච්චුවා.....කාල යමල්ලා .....

ඒකි මට රොටී කන්න අඩගනවා.....සමනගෙ මරනෙත් එක්ක මං හිතන්නෙ උන්ගෙ අම්මට මාව දැන් මුනිච්චි වෙන එක හොද වෙලාද කොහෙද ....කටින් වචනයක් කියලා නොබැන්නත්...මිනිස්සුන්ට හැමදාම අමතක වෙනවා එවුන්ගෙ ඇස් වලටත් කතා කරන්න පුලුවන් වග....

මේකව තියන්ඩ තැනක් තියනවද.....

ඇදක් තියා මෙට්ටෙයක් වත්ගෙට ගන්න වරම් නැති තවත් මගේම දෛවය උරුම මනුස්ස පරානෙකගෙන් මේකව තියන්න තැනක් තියනවද අහපු මං ඒකිගෙ ඇස් දිහා බලාගන උන්නා.....

සිනිදු සේල....අතට කිරි පබලු...බෙල්ලට පංචායුද...මේ මොකුත් නැති කිරිසප්පයට තවත් දුකක් දෙන්ඩ හීතල මහපොලවක ගුලිවෙන්න ඉඩක් තියන්න මට හිත දුන්නෙම නෑ.....අඩුම ගානෙ චීත්තපටක් වත් බාල්කෙක ගැටගහලා කොලුවව ‍රෙදි තොටිල්ලක වත් තියන්න ඕන වෙනකොට මේ ගෙදර ඔව්වා කරන්න මොකෙක්වත් නැති බව මට මතක් උනා.....සමනගෙ අම්මා කරන්නෙම මහ පොලව එක්ක හැප්පෙන එක....මේකා බඩට ආව දා ඉදනුත් මේ ගැනි කෙරුවෙත් පූටක අවුවෙ පොලව කොටාපු එක....

මට චීත්තපටක් හරි පරන සාරියක් හරි දියන් නගා ...

අතෙ උන්න පැටියව හරි පරිස්සමට ඒකිගෙ මෑ දඩු දෙක වගෙ කෙසග අත් වලට ගුලිකරාපු මං සාරියක් හරි චීත්තපටක් හරි ඉල්ලනවත් එක්කම මක්කවත් කියන්ඩ ආව සමනගෙ අම්මා ආයම කුද්ද ගගගා පැලට ගොඩ උනා....

කොල්ලා...

විනාඩියක් යන්න ඇති ..දෙකක් යන්ඩ ඇති...

සමනගෙ අම්මා ඇතුලට යනවත් එක්කම ඒ පස්සෙම ගෑනිත් ඇදුනා...මෙච්චර වෙලාවෙම වගේ වගක් නැතිව ඉන්නෙ මොන ලෝකෙ කොයි කෙරවලද කියන්න නොදන්න සමනගෙ අප්ප මට කොල්ලා කිව්වා...කෙටිල්ල අහවර උනා...විසි හතර පැයම පරංගි හටන් කාලෙ තරම් පරන ලබ්බක්(කලයක්..ලබුකැටයක්) ළඟ තියාන උන්න එකා මට ලගට කතා කෙරුවා එහෙම්ම මං ඒකා ගාවට ගිහින් පහත් වෙනව එක්කම උන්දෑ මට අර හීන් වෙන්ඩම කොටාපු බුලත් අහුර දුන්නා....

ඉද.....

මගෙ අල්ලෙන් අඩක් පිරෙන්ඩ වැටුන විට මං එහෙම්ම කටේ ඔබාගන්නකොට මං බලාගන ඒකා ආයම මඩිස්සලෙ කූරු ගගා පුවක් හොයනවා...පුවක් කෑල්ලක් අතට ගත්ත උන්දෑ මඩිස්සලෙ අස්සෙ තිබිලා ආදි පරංගි කාලෙ අරගත්තු හතරට නවාපු හිස් කෝපි පැකට් එකක් එලියට ගත්තා....

එකක්....උඹලට....අනික.....සමනට....ඕකා ආසයි හපෙ කන්ඩ...හපයක් දුන්නම වේලක් දෙකක් මගෑරන් ඉන්ඩ ඌ දස්සයා.....

........

බොලාට ඇහැක් නම්....කොරලියෙක් අල්ලා දියල්ලා.....චප්පෙ කාලම....ඒකගෙ කටටත් දැන් ලුනු රහ නෑ.....හැබෑද බන් ඔය කියන කතා .....කැලේට ගියාම කාගන්ඩ වෙලාවක් වත් නෑය කියලා...

.......

කොහෙ කන්ඩ වෙලාද ....දුව දුව බේරි බේරි ඉස්සරහට යන්ඩ ඕන මිසක්....

 ........

සමනට දුවන්ඩ ඇහැක්....මතකනෙ ඒකා ගම හරහා දුවලා ....හහ්...හහ්.....පව්....මයෙ කොල්ලට....ඒකට ගම වටෙ දුවලා හම්බුන් ....බෙලෙක් ජොග්ගක්.....හහ්...හ...හ්...කැහ්....කැහ්.....ක්ක්.....ක්ක්...කැහ්....කැහ්.....

මං උන්නෙ කටට හලාගත්ත චප්පෙ හපාගන්ඩ බැරුව.....සමනගෙ අප්පා පරන කතා දිගෑර දිගෑර හිනා වෙනවා...හහ් ..හහ් ගගා හිනා වෙන වාරයක් ගානෙම ඒකට කැස්ස අල්ලනවා...නිකන් නෙවෙ සෙම කදක් පිරුන පපුවකින් එලියට බහින බල් බල් කැස්සක්....

සමනගෙ කෙරුවාව කිය කිය හිනා උනාට මක්කද මං බලාගන බොරපාට ඇස් වල කදුලු බැදෙනවා.....

මං ඒකව හීනෙන් දකිනවා.....ඒකා ලොරියෙන් බැහැලා බෑග් එකත් කර පින්නාගන හිනා වේගනම ඇවිදින් මයෙ අප්පුච්චෙ ගාන් වැටකඩුල්ල පයින හැටි මං හැමදාම හීනෙන් දකිනවා....ඒත්.....

චටස්!!

මගෙ අතින් මදුරුවෙක් මැරුනා...කටට හලාගත්ත බුලත් හපෙ ඒ හක්කෙන් මේ හක්කට මාරු වෙවි දත්වලට ඇඹරිලා යනකොට රෑ බෝවෙන්ඩ රෑ බෝවෙන්ඩ පදුරු අස්සෙන් එලි බහින මදුරු රෑන සන්තකේටම තියන ලේ බිද හූරාගන බොන්ඩ හැදුවා...උන්දැගෙ කතාව අහන් උන්න මං අනිත් පාර මං මගෙ අත් ගොබේට ගහගත්තා මලගමක් කොඩි වැලක් නැතුවම මදුරුවෙක් මලගම් ගියා.....

තු...හ්...

කෙලපාරක් ....කට්ට ගැහුන පොලවට කෙලපාරක් වැදුනා....බල් බල් ගගා කැහි සෙම අහුරත් ඔය රතු ගැහුන බුලත් කෙලපාරත් එක්ක මුහුවෙලා පොලවට වැටෙනකොට උන්දෑ අර සෙම බැදුන පපුවෙන් බර හුස්මක් අරන් එලියට දාලා කලුවර දෙබෑකරන් අහස් නැගපු හද දිහාව බැලුවා.....

ඒත්...මං ඒකව එදා හීනෙන් දැක්කෙ නෑ.....කවදාවත් නැතුව මට ඇදිවතේ සුලු දිය ගියා.....ලාම්පු එලිය යන්තමට වැටුන මිදුලෙන්.....කනකොකෙක් මාරු උනා....

........සමනගෙ අප්පෙ.....

......ඒකා මැරිලා.....නෑය කිය කිය....උඩු හිත කිව්වට....යටි හිත හතර කොනම කොඩිවැල් එල්ලෙනවා ...කැහ්....කැහ්.....

මං බලාගන උන්නා....කියන්ඩ දෙයක් හොයාගන්ඩත් නැතුව මාවත් අසරන වෙලා යන වෙලාවක වෙලාවකට සමනා මැරිලා නෑ අරක ගේන්ඩ ඕන...මේක ගේන්ඩ ඕන කියන උන්දැම ආයම වෙලාවක එක මැරන බවපිලිගන්නවා...

ඔය ඔක්කොමත් අහගන උන්න මං නිකමට වගේ ගරා වැටුන වහලක් එක්ක තැනින් තැන කැඩිලා ගියපු පිල්කඩක් තිබුන මැටි ගෙපැල දිහා බැලුවා...සමනගෙ අම්මා ඉන්නවා සාරියක් අතේ තියාගන අපි දිහා බලාගන .....ඒ එක්කම කොහෙන්ද ආව තනි කලු සමනලයෙක් තටු ගහගන ඇවිදින් බිත්තියක වැහුවා...මෙච්චර වෙලාම ඉදන් උන්න මං නැගිටලා ගිහින් උන්දෑ අතෙ තිබුන සාරිය අතට ගත්තා....මගෙ අත උඩට ගිනියමට මක්කදො වැටුනා ..

...කදුලු බින්දුවක්.....!

මගෙ අත උඩට වැටිලා තියෙන්නෙ කදුලු බින්දුවක්....සමනගෙ අම්මගෙ ගිලා බැහැපු ඇස් වලින් වැටුන කදුලු බින්දුවක් ....

"සමා...වෙයන්"

ඔන්න ඔච්චරයි මට ඇහුනෙ....නොහිතපු වෙලාවක මට තිබුන එකම සන්තකේ නම් උන හදවත නැවතුනා....මක්කවත් කියාගන්න වෙලාවක් නැති උන මං මගෙ අත ඒ ඉහ මුදුනට තිබ්බා.....

සමාවෙයන් .....මින් එහා බර වචන මං දන්නෙ නෑ...සමාව ඉල්ලනවා.....උන්දැ නොදන්නවා උනාට මං උන්දැට එදාකාලෙම සමාව දීලා බඩට ගිය බත් ඇටයක් ඇටයක් ගානටම කල්පකාලාන්තර්‍රෙකට ඇතිවෙන්න පිනුත් දීලා අහවර වෙලා තිබුනා...

දියල්ලා ඕකව.....

සාරි කොන් දෙක බාල්කෙ ගැට ගැහුනා ...වටින වටින රෙදි කඩවල් නැති උනාට මක්කද අත්තම්මගෙ ආදරෙ සුවද තුරුලු කරාපු සාරියෙන් පැටියට තොටිල්ලක් ඉපදුනා...

එකම කාමර කෑල්ල හරියටම තිබුන මේසෙ උඩ තිබුන බූමිතෙල් ලාම්පු එලියෙන් මුලු මැටි කාමරේම කහපාට ගහනවා....සමනගෙ අම්මා දොරකොඩ ඉදන් එක අතක් පපුවට තියාන බලාන ඉන්නවා.....අනිත් පැත්තෙන් පැටියව තුරුල් කරාන සමනගෙ ගෑනි උන්නවා...දාපු ගැටෙ හයියද කියන්න දහ දොලොස් වතාවක් බලාපු මං ඒකිලාගෙ අතෙ සැපට නින්ද ගිහින් උන්න කොලු පැටියව දෝතින්ම ගත්තා...කොටින්ම කොලුවටවත් නොතේරෙන තරන් මුදුවට මන් පොඩි අතපය එකට එකතු කරන් පැටියව අතටගත්තා....

හුස්ම ගිය මලකදන් දෙබෑ කරකර හදවත බඩ බොකු උගුල්ල උගුල්ල ෆෝමලින් ගහන අත් දෙකෙන්ම මං තවම පිපෙන්න වත් පටන් ගත්තෙ නැති ඇබිත්තන් මල් පොහොට්ටුව හරි ආදරෙන් මගෙ අතට අරන් ඒ මූන දිහා බලාගන උන්නා....මොට්ටුවක් වත් නැති නලල පාලුවට ගිහිල්ලා....සමනගෙම මූන කට බලාගන අඹලා මදිවට ඌටවගෙම දෙකට බෙදුන නිකටත් ඒ විදිහටම පිහිටලා.....

අවසානෙදි මං ඒ නලලට හාදුවක් තිබ්බා....ලේ බැදීමෙන් අප්පොච්චෙක් නොවුන මම සංසාර බැදීමකින් අප්පොච්චෙක් වෙලා තිබුනා...රැවුල වැවුන මූනෙන් තියාපු හාදුව හන්දද කොහෙද මන්දා නොදරුවා යන්තමට ඇඹරිලා නින්දෙන් වගේ හිනා උනා මගෙ පපුව දාලා ගියා .. .

." නිවන් මගෙ පුතා...."

පූදින පියුමෙ ළය පතුලේ...

මා ගැන නොසිතේ පුතු ලඟනේ....!!

*

*

මා පුතා ...තව හොදි ඩිංගක් දාන්ඩ ඔය මඩක්කුව අල්ලහල්ලා...

කාරි නෑ අප්පුච්චා .....මේක නංගිට දියල්ලා....මට දැන් කොච්චර බෙදුවද....මදෑ මේ.....

මං උන්නෙ පිල්කඩ උඩ...කොලු පැටියව තොටිල්ලට දාලා ආවත් මොකද මගෙ හිත දිව්වෙම ඒකා ගාවට වෙද්දි පිල්කඩ උඩ ඉදන් ලාම්පු එලිය යට ඉදන් රෑ බත අන අන උන්න මං අප්පුච්චා ආයම වංගියක් මගෙ මඩක්කුවට තක්කලි හොද්ද දානකොට මං ඔය මදෑ කිව්වා...

මක්කවත් නෑ.....තක්කලි හොද්දක් රහ වෙන්නෙම අඩුම ගානෙ කීරමීන් නැට්ටක් වත් තිබ්බොතින්.....ඒත් ඉතින් කීරමින් කොහෙන් කියලා ගන්ඩද...ගින්දර වගේ ගනන් ගිහින් තියනකොට ....

එක පැත්තක කුරහන් රොටි කෑල්ල තියාගන උන්න මං බත් කටක් අනගන කටේ ඔබාගන ගෙයි ඇතුක දිහාව බැලුවා . ...

අප්පච්චි එනකොට ලැජ්ජාවට ඇස් හන්ගන ගෙට උන කැලෑමලට වතුර වැටෙනවත් එක්කම ඉකිගහලා ඇඩුනා....

ඒකිගෙ සර්වාංගෙ ලෙඩ උනාට....කව්දැයි කිව්වෙ සබද හිතත් ලෙඩවෙලාය කියලා....

ජාතකෙ දුන්න පිරිමිපරානෙගෙ අත් කිලිටි කරන්න බැරි කමට වගේම ලැජ්ජා නහරවලට පන තියන හන්දා ඒකි මූන හැගුවත් මක්කවත් නාහම රෙද්දෙන් ඔතාගන කරට අරගත්ත මගෙන් ඒකිට ඇස් හන්ගන්න බැරි උනා..

දාඩිය හලාගන දඩු ඉන්දල චීත්තපටවල් ඇදලාඅහුරාපු නාන කොටුවට මං රෑ නොබලා උරිස් ඇට කැඩෙනකන් වතුර කල කරේ තියාන ගෙට ඇද්දා....

දහ වන්ගියකට පස්සෙ යන්තන් කබල් ගැහුන බේසම පිරුනයින් පස්සෙ කලුවත් ඇස් බෝලකරන් බලාන ඉන්නකොට ලාම්පු එලිය අඩවන් කරන් මං ඒකිව උස්සාන අහුරපු කොටුවට ගෙනල්ලා හේදෙව්වා...

කතා බතා බෝමෙට තියනවා....කිලිටි ලෙයට කෙල හදන පෙරේතයො බොමයි කියනවා.....ඒ හන්දම ඒකිව හෝදන් යන වතුර බිදක් වත් ඉතිරි නොවෙන්ඩ මං වලක් කොටලා නාවපු වතුර ඒ වලට හැරෙව්වා....අවසානෙදි වතුර වැටුන සනීපෙටත් වඩා කටු ගහපු යට කලිසමට වඩා කඩෙන් ගෙනාව කෝටස් එකෙ(සනීපාරක්ශක තුවාය) සනීපෙටද මන්දා මලක ඇස් කදුලු වලින් තෙත් වෙලා ගියා... අබ්බගාත අත් දෙක එකට එකතු උනා.....!

මං හිතන්නෙ කටින් දෙන්න බැරිව ගිය පින ඒකි මට හිතින් දුන්නා.....!!

කලුවා පුතා.....උඹට කොහොමයි කොල්ලා....අප්පුච්චා බේත් තෙල් ගෑවයි බොලාට .....ඉදල්ලා මේන් රොටි කෑල්ලක්.....කෝ බලන්ඩ...හරි...හරි....ඕන් අඩනවා....ඕන් අඩනවා....මේකට කන්ඩ දුන්නත් දුක කියනවා....අත ගෑවත් දුක කියනවා....හා...කාහල්ලකො ඕක...බොලාගෙ අම්මා හෙට අනිද්දා දොහෙ ඒවි....

කකුලක් අද්ද අද්ද ආව කලුවා මගෙ දිහා බලාන ඉන්නවා....ඒකගෙ වටකුරු ඇස් වලට කොච්චර වාත් කදුලු උනනවා....ඔලුව අත ගෑවත් අඩනවා...කන්ඩ දුන්නත් අඩනවා....අඩ අඩ මක්කද මක්කද කියනවා.....කන් දෙක පස්සට දාගන ඔලුව තට්ට කොරාගන ඒකගෙ හදවතට ඈදුන වල්ගෙ වනනව....

ඒ අස්සෙන් කොල එලි පත්තු කරන් කනාමැදිරි පියාඹනවා.....චූට්ටකට නැති මගෙ රේඩියො පොඩ්ඩ දහයෙ කනිසම වෙනකන් පේවෙලා මුනිවත රකිනවා.....

අප්පුච්චා ....

හ්ම්...

තක්කලි හොද්දෙ තිවුන හතරට පලාපු මාලු මිරිස් කරල ඇගිලි තුඩුවලින් පොඩි කරාපු මං මට එහාපැත්තෙම්ම ඉදන් බත් කට අනන අප්පච්චි දිහාවට හැරුනා....උන්දැට මගෙ වයසින් හරි අඩට ඩිංගිත්තක් වැඩි ඇති ඕනා නම්.....ඒත් වයසට වඩා වයස ගිය ගානයි....අකලටත් කලු කෙස් පැහිලා.....වයසටත් ඔරොත්තු නොදෙන තරමට හකු පාඩා ඇතුලට බැහැල.....

මෙහෙ කාත් කවුරුත් ඔච්චරයි....එකම බලාපොරොත්තුවම හුස්ම ගන්න එක විතරක් වෙනකොට ගන්න හුස්ම රැකගන්න මිනිස්සු කරන්නෙ නොමැරන එක විතරක් වෙද්දි සැප කියන්නෙ මක්කදවත් නොදන්න මිනිස්සුන්ගෙ ජීවිතෙ හේනට වගේම අඩි හයක් යට මහපොලවට වැලලිලා ගියා.....

සමනා මට වඩා දෑ වුරුදු වැඩිමල් ඇති මට නිච්චි විදිහට.....ඒත් ඒකත් මාත් උන්නෙ එකම පන්තියෙ....දෙවංගියක් විතර එකම පන්තියෙ ඉන්ඩ වෙලා වෙලා ඒකව මගෙ පන්තියට තල්ලු උනා...උපන්දා ඉදන් නිර්ධන පන්තියට වැටුන අපිට ඉහල පන්තියකට යනවා කියලා යන්න තිබුනෙත් ඔය පන්තිය විතරක්ම වෙද්දි ඌත් මාත් ඉස්කෝලේ කෙරුවාව නැවැත්තුවා...

ඒකගෙ ගෑනිත් මට වඩා අවුරුද්දක් බාලයි....තල හේනකට වෙලා මහ පොලව කොට කොට උදැල්ලට අත්කරංගැට්ටි උන එකියක් ....මන්දා...පත්තර කෑලිවල...පොත් අස්සෙ ගෑනුරූප ගැන තරම් ලස්සනට අකුරු අමුනපු තැන් ඇරුනම මට මේ ගම් තුලානෙන් එහෙව් මටසිලිටු ගෑනියෙක් හොයාගන්ඩ බැරි උනා.....

මගුල් තුලා නෑ...හත් දොහෙ මගුල් කෑම් නෑ.... මෙ මක්කවත් නෑ...බහ දුන්නද පහු දා ඉදන් ගෙදර...

එක අතකට හතර වටින් ගිනි ඇවිලෙන ජීවිත වලට මක්කට තව නැකත් ද??

අප්පුච්චා ....පෙට්ටි හදන තැනින් අහක් වෙන ලී ටිකක් ඉල්ලා දියන්කො.....

........

මට අරකව බිම තියන්ඩ මක්කද වගේ.....මගෙ කටින් කියලා සාරියක් එල්ලුවෙ...ඒකව කෙසග වෙනවා දැන් අඩලම...ඒකිලාට කිරිත් නැද්ද මන්දා බන්.....

......

මන් කියවගන උන්නා...ගෙදර ආ.මොහොතෙ ඉදන් මට මතක් උනේම කොල්ලව වෙනකොට රුයිතෙට හරි ඒකට තොටිල්ලක් පූට්ටු කරපන් ගගා මගෙ යටි හිත කොච්චර වාත් කන් කෙදිරි ගානකොටමන් මගෙ ළඟ උන්න අප්පොච්චා ට මගෙ යටි හිතෙ අදෝනාව අකුරු කෙරුවා....

මා පුත.....

අප්පුච්චා ...

කාරනාවක් කියන්ඩ....

.

....කියාපන්.....

කකා උනබත් කට වම් හක්කට හිරවෙලා යන වෙලාවෙ මං මගෙ ගාවම ඉදන් අන්න ගත්ත බත් කට ආයම මඩක්කුවට දාලා ඈත හේනකින් ඇහුන පැල් කවියත් අහගන සැරින් සැරේම වලාකුලින් වැහි වැහි යන හද දිහාවත් බලාගන ඉදලා හුස්මක් පාත දාන ගමන් මගෙ දිහාවට හැරුනා...

...........බොලා පැංචට ඕන උදව් පදව්වක් කොරාපන්....කාරි නෑ.....හිතෙ අබමල් රේනුවක අමනාපයක් කහටක් ඇත්තෙ නෑ.....ඒත් උඹලා තාම කොලු ගැටයා....හරි හරියට මා එක්කලා ඔට්ටු උනාට.....වයසට වඩා කරදඩු මෝරන් ආවට....තාම වයස විස්සක් වත් නැති ලපටියෙක්.....ඒකිලත් පැංචෙක් වැදුවට මහ පොලවට කටෙ කිරිසුවද මුහු කරාපු නාඹරියක්....

බැදපු ගෑනියක් ආයම බැන්දට කාරි නෑ.....උන්ට ජීවිතෙ තනියෙන්ම ගෙවන්ඩ ඕනා කියලත් නෑ...ඒත්....පැංචට තියන ලෙංගතුව පහු පහු දාක අම්මා වෙනුවෙනුත් ඇතිවෙන්ඩ ගත්තොත්.....

අප්පුච්චා ....උඹලා...

මයෙ අමනාපයක් නෑ...සමනගෙ ගෑනිට අනුකම්පා කරල උදව් පදව් කරාපම්....දවසක උඹලට ඒකිට වෙනාකාරෙක ලෙනගතු කමක් දැනුනොත් ඒකත් කාරි නෑ.....බාර කරගනින්.....ඒත් මා පුතා....බොලාගෙ හිතෙ තුන් හිතකවත් එහෙම හැගීමක් පැලපදියම් වෙන්නෙ නෑය ඉර හද තරම්ම විස්වාස නම් බොලා ඕනාවට වඩා හාදකම් පාන්ඩ අප්පා කම් පාන්ඩ යන්ඩ එපා.....ඒකිට වෙන එකෙක් එක්ක වත් දීගෙක යන්ඩ බැරිවේවි...මක්ක උනත් ඒ නම තියපන් මා පුතා...මං බොලාට ලී ටිකක් දෙන්නම්....පව් කිරිසප්පයා.....අප්පා නැති උන අහිංසකයා.....

මං නෙවෙ වචනයක් කිව්වෙ.....මට නෙවෙ කියන්ඩ දෙයක් ඉතුරු උනේ....අවසානෙදි තොටිල්ලෙ කලමනා දෙන්නම් කියලා අවසානම බත් කටත් කටේ ඔබාගන පිල්කඩින් නැගිට්ටා. 

මා පුතා...

අප්පුච්චා .....

මක්කැයි කිව්වා අර වලව් උත්තමයන්ගෙ නම්.....

කලාත්ම කිව්වා...අනිත් හාමු තැන පියුම් කිව්වා.....අනේ අප්පුච්චෙ ඒ උත්තමයන්ගෙ නම් හාමු කමක් නම් ගෑවිල වත් නෑ...උන්ව තිස්තුන් පැයම දෙයියො බුදුන් රකින්ඩ ඕන ...

*

*

*...

වෙලාව හරියටම දහයයි ....දහයෙ කනිසම වැදුනා විතරයි පිල්කඩ උඩ එලාගත්ත පැදුරු කඩමාල්ල උඩ දිගෑදුන මං අනූ අටයි දශම අට සුසර කෙරුවා.....

පායපු හද සැරින් සැරේම ගස් කොලන් අස්සෙන් එබී එබී මගෙ පැල්කොටේ දිහාව බලනකොට දහයෙ කනිසම ලබාපු සතුට හන්දම මං හදත් එක්ක පවා හිනා උනා....නින්ද අහලක වත් නාව අප්පුච්චා කලුවව ළඟ තියාගන නිමක් තෙරක් නැති කල්පනාවක ගිලීගන ඉන්නකොට ඔලුවටම දිය උන කොට්ටෙට ඔලුව තියාගන අම්මගෙ සුවද උරාගත්ත චීත්තපටත් පොරවගන උන්න මං ප්‍රේමනීය සියපත අර නිවුන බරසාර කටහඩින් වෙලාව හරියටම දහයයි....අදත් දහයෙ කනිසමට ප්‍රේම කතා අහුරක් එක්ක ඔයා ගාවට එන මම....සියපත් ආකාස බ්‍රහ්මනගෙ කියනකන් මං බලාගන උන්නා....

දහයෙ කනිසම ලැබුව...

මං ප්‍රාර්තනා කරාපු විදිහටම උඩ හැම වචනෙම කිව්වා...ඒත්....

දන්නවද හිතවත....සියපතක සුවද පුරුදු මට අද ඒ මැදිරියෙන් සියපතෙ සුවද කාන්දුවෙනවා දැනුන් නෑ.....

කොටින්ම මාව ඉන්දවුනා....

ද්..දෙයියනෙ...එයා....එයා කෝ....

අනේ උඹ කෝ සියපත් මහත්තයො.....උඹ කොහෙද ...????

ඇබිති රේඩියෝ එක අතට ගත්ත මගෙ ඇස් වලට කදුලු ඉනුවෙ මටවත් හිතාගන්න බැරි මොහොතක වෙනකොට මහපොලවට වැහි කදුලු වලින් තෙමෙන්න පින් මදි උනාට පැදුරු කඩමාල්ලට මගෙ ඇහි වැහිවලින් තෙමෙන්ඩ පින් තිවුනා...

දෙවියනෙ ...එක කටහඩක් නැතුව ගිය පමනින් මගෙ හදවත මේ තරම් විදවනවද....

අනූ අටයි දශම අට ...

කිව්වට විස්වාස කරපල්ලා රත්තරනෙ...දෙයියො බුදුන් පල්ලයි මං සිය වතාවකට වඩා ඒ කටහඩ අල්ලගන්න මෙ අනූ අටයි දශම අට ඇල්ලුවා....රේඩියෝ එකෙ වරදක්දො හිත හිත දහවතාවක් වහ වහ ආයම දැම්ම...

නෑ....ආවෙ නෑ...

සියපත්ගෙ හිත නිවන කටහඩ ආවෙ නෑ....මාව නිකන් හෝන්දු මාන්දු වෙලා වගෙ ගියා.....රේඩියො එක ඇතුලෙ ඉද න් කියවන මහත්තයා හිමි හිමීට කියවනවා....සින්දුවක් දෙනවා....විරාමෙකට යනවා.....ඒත් ඒ කටහඩට බැරි උනා මාව නිවන්න.....

ඒ කටහඩට බැරි උනා මාව වෙනදා වගේ හරි පරිස්සමට නිදි කරවන්න....

"....සොදුරිය ඉතින් මං තවමත් විරහා කදුලු එක්ක ගනුදෙනු කරනවා.....උඹ එක්ක ...උඹ නැතුව මං මගෙ මතක මාවත් දිගෙ ඔහේ ඇවිද යනවා....

ඇතුගල කන්ද තවම තියනවා...පුපුරන්න හිතලවත් නෑ...ඒත්.....ඇතුගල දකින වාරයක් ගානෙම මගෙ පපුව පුපුරනවා.....

වැව රවුම පුරාවටම උඹගෙත් මගෙත් මතක කතා තනියෙන් වැව රවුම පහු කරන් යන මා දිහා බලලා හූල්ලනවා..."

.

මං ඔහේ උන්නා...තත්පර විනාඩිවෙවි....විනාඩි හෝරවන් වලට ගෙවි ගෙවි යනකොට එය දැන් එයි.....මෙ දැන් එයි කිය කිය බලාගන උන්න මගෙ හදවත මට හිතන්නවත් කාලයක් නොදීම පාලු අම්බලමක් වෙලා ගියා.....

මං උඹගෙ කටහඩට බැදිලා තියන තරම්...

සියපත්....අයිති නැති උනත් මක්කද....දෑහට නොදැක්කත් මක්කද....උඹව දරාගන්න ...උඹට පිපෙන්න ඉඩ දෙන මනුස්ස හදවිල හරි පින්කාර ඇති.....

සමාවෙයන් ...මං වගෙ එකෙක් උඹ වෙනුවෙන් හෝරා දෙකක් හූල්ලගන බලාගන උන්නට...

එයා යන්න යන්නෙ.....හෝරා දෙකක් විරහව කවාපු ප්‍රේම කතා අහුරක් කියවපු එයා යන්න හදන්නෙ...අවසානම කතාවත් කියලා එයා මුලු මැදිරියම අන්දකාර කරවන්න හදන්නෙ.....

මම වරකපොලින්

කල්හාර!

...........ඇය නැතුව ....ඇය එක්ක තවමත් හුස්ම ගන්න පෙම්වත.....කදුලු එක්ක ගනුදෙනුකරන ප්‍රේමය වෙනුවෙන් ඉකි ගසා හඩන අතීතයක් බාරකරනවා ඔය හිතට

කව්ද කල්හාර.....

මොන කල්හාරද...මං මේ මොකුත් දන්නෙ නෑ....ඒත්.....ඒත් කල්හාරට දුන්න සින්දුව වැදුනෙ මට.....

කල්හාරට කියාපු වචන දැනුනෙ මට....

මට මගෙ නොවෙන ආදරයක් තිබුනා...

මගෙ පපුව හීරුම් කෑවා...මා වවුලෙක් තටු ගහන් යන යාමෙක කොට්ටෙ උඩට තවත් උනු කදුලු කැට පේලියක් එක්ක ගිනියම් උන හුස්මක් මගෙන් පිට උනා.....

ඉන්න තැන කොතන උනත්...පරිස්සමින් ඉදින් සියපත් .....මගෙ ප්‍රාර්තනාව එච්චරයි ...නින්දක් නැතිවෙයි...මට අද රෑ එලිවෙනකන් හූල්ලලා පන යයි....

නොදන්නව උනාට දුප්පත් මට ඉන්න එකම සැනසීම....මං සන්තක එකම වස්තුව උඹ විතරයි .....

සමාවෙයන්....උඹට අද නහය කඩාගන කිඹුහුම් යනවට...පයට පෑගෙන දූවිලි තරම් නොවටින මං වගෙ එකෙක් අහවරක් නැතුවම උඹ ගැන හිතනවා....

ඉතින් හිතවත,වලාකුලක් ඇවිදින් වටකුරුවට පායපු හදට හරි පරිස්සමට හාදුවක් තියාගන යන මොහොතක කදුලු වලින් බර උන දෑස් කවුලු පියන් මං කදුලු හලාගනම වහලා දැම්මා ,පුලුවන් නම් ..හීනෙන් වත් මගෙ පපුව මැද පෙති දෑගෑරපන් සියපත!

*

*

*

*

බ්....බ්..බෙනේ...බෙ..බෙනේ....අයියෙ...අ..අනේ....බෙ...බෙනෙ....අ..අයියෙ....

ඔහෑ.....ඔහෑ.....ඔ...ඔ..ඔහෑ....

අනෙ...දෙයියා...බෙනේ ....අයියෙ.....බෙ....බෙනේ....අයියෙ...හ්හ්

අ...අප්පු...අප්පුච්ච.....අලි...අලි....එනවද...අලි...ගහනවද...අ....අප්පු.....න්...නගෙ.....!!!

ඔහෑ.....ඔහෑ....

මං දන්නෙ නෑ...මේ යන්නෙ රැයෙ කීවෙනි යමෙද කියලා...කදුලු වලින් බර උන ඇහිපියන් වැහුනා වැහුනමයි...ප්‍රේමයක් නොවිද විරහව විදපු තෙහෙට්ටුවටමද කොහෙද මටත් නොදැනින් නින්ද ගිහින් තිබුනා වගේම එකපාරම ඇහුන විලාපෙත් එක්ක ඇහැරුන මට උතුරු දකුන මාරු උනා.....විඩි හතර පැයම හදවත මිරිකන ඒකදන්තයා හන්දා දැනෙන මරන බය කොයො තරම්ද කියනවා නම් මං ඇස් ඇරියෙත් ඒක දන්තයා ඇවිදින්ද අහන් වෙනකොට ඇස් ඇරපු මං දැක්කෙ සමනගෙ ගෑනිව....

හුස්මක් කටක් අල්ලන්නෙ නැතුව පපුවට තුරුල් කරාන උන්න කොලු පැටියව....

ඒකිගෙ පපුව පුපුරන්න එනවා...ඒ තරන් වේගෙන් ඒ පපුව ගැහෙනවා.....හුලු අතතක් වත් නැතුව වැලහින්න වගෙ අඩාගන කෑගහන් ආව ඒකිගෙ කොන්ඩෙ මූන පුරාවටම ඉහිරිලා තිබුනා....අලි ගහන බය එක නැගිට්ට මං මිදුලෙ ඉදන් විලාප තියන සමනගෙ ගෑනි ගාවට දුවනවත් එක්කම මාව පැදුර පැටිලිලා පිල් කඩ උඩම වැටුනා....ඒත් මං ආයම නැගිටලා ඒකි ගාවට දිව්වා.....

බුදු පුතේ......මයෙ අම්මා...නිවන්.....!!!

මට කෑ ගැස්සුනා...ඒකිගෙ කැහැටු පපුවට ගුලිවෙලා අඩාගන උන්න නොදරුවගෙ කකුල දැකපු මට කෑ ගැස්සුනා...කිරිමස වත් හරි හැටි නැති කකුල් පොඩිය ඉදිමුන් කාලා නොදරුවට වේදනාව උහුලගන්ඩ බැරිව මැරෙන්ඩ අඩනවා.....

මා පුතා....

අප්පුච්චා ...අනෙ අප්පුච්චා ...මේ බලපන්...මගෙ පුතා.....

කඩ්වර දෙයි හාන්දුරුවනෙ...කෙලි මක්කද කියාපිය මේ...මයෙ අම්මා.....පුතා...මා පුතා.....

අප්පුච්චෙ...මේකව....මේකව...ඉස්පිරිතාලෙට.....

.මක්ක කියන්නද...කාට කෑගහන්නද...කොල්ලගෙ කකුල දැකපු අප්පච්චි සමනගෙ ගෑනිගෙන් හේතු ඇහුවත් ඒකිට බැරි උනා උත්තර දෙන්න...ගැහෙන පපුවටයි හැල්මෙ දුවන් ආව කකුල් වලටයි පන නෑ කියන්නද කොහෙද ඒකිව මිදුල මැදම ඇදන් වැටෙනවා එක්කම සමනගෙ අම්මයි අප්පයි අනේ කුන්දු ගගහා...කුන්දු ගගගා යාදිනි කිය කිය වැට කඩුල්ල පැන්නා.....

කොලුවව පත්තෑයෙක් කෑවදො.....ඊට වඩා නරක එකෙක් කෑවදො.....

මක්ක කෑව උනත් කිරි සප්පයට උහුලන්න පුලුවන් වේදනාවක් නොවෙනකොට මට ඕනා උනෙ කොලුවව ඉස්පිරිතාලෙ ගෙනියන්න ....

ඒත්...හැතැප්ම ගානකට එහායින් තියන ඉස්පිරිතාලෙ ට....මක්කෙන් යන්නද....

තුන්ලෝකෙටම සෙත දුන්න බුදුනෙ....මයෙ කොල්ලගෙ පන රැකපන් මං අත් දෙක එකට තියලා වදිනවා...

කොල්ලව මගෙ පපුවට තුරුල් උනා....ඒකා හුස්ම අල්ලන් අඩාගන ඉන්නවා........

ඔහෑ....ඔහෑ........

මයෙ පුතා...කොල්ලො....හත් දෙයියනෙ.....බොලා....වැටෙයි....

අන්දකාරෙ.....

..මට ඔච්චරයි මගෙ අප්පුච්චගෙ කටහඩින් ඇහුනේ....ඒ වෙනකොටත් මං අඩන කොල්ලව තුරුල් කරන් වැට කඩුල්ල පැනල අහවරයි....

දෙපයෙ හයිය විතරක් පිහිටට ඉන්නකොට මාරයා පවා ගහෙන් බහින වෙලාවෙ ගල්පොත්ත හන්දියෙ පාලුකපන ඒකන්දතයා මග රැකන් ඉන්න බව මොකවත් නොහිතා මං හද එලිය යට කොලුවවත් තුරුල් කරාන අර හැතැප්ම ගානම ඉස්පිරිතාලෙට දුවන්න පටන් ගත්තා.....!!

ලේ දෙන්න බැරි උනත්....ඒකගෙන් කාපු බත් ඇටේට ණය ගෙවන්ඩ ,

අන්තිම හුස්ම යනකොට ත් ඒ හිත මාන් ඒකගෙ පැටියා බලාගනී කියලා තිබ්බ විස්වාසෙ රකින්ඩ.....

ගුරු පාර දිගෙ හුලු අතු එලියක්වත් නැතුව හුස්මක් ගන්නවත් ඉඩක් නොගෙන මං අඩන කොල්ලව තුරුල් කරගන ඉස්පිරිතාලෙට දිව්වා....

මයෙ අම්මා....බොලාවට මං පොරොන්දු දුන්නා.....අප්පුච්චා උඹලව රකිනවා නිවන්!!!

.

*

*

*

*

*

බුහ්....බුහ්...

කලුවා...මා පුතා බොලා කාටදැයි ඔය බුරන්නෙ....

බුහ්....

කලුවා...කොල්ලා කාටද බොලා ඔය බුරන්නෙ...

බුහ්....බුහ්....

....කලුවා....කොල්ලා....මහත්තයො.....

....මන්දරම්ගෙ අප්පච්චි .....

ඉර එලිය වැටෙනත් කලියෙන්ම.....මේ මහත්තයා .....මහත්තයා වෙන්ඩ ඕන අපෙ කොල්ලා කියාපු ගුරුගෙදරට ආව හාමු මහත්තයා .....

....හාමුලා නෑ මන්දාරම්ගෙ අප්පච්චි .....ගුරුගෙදරට නවතින්ඩ ආවෙ නම් අයියා....පියුම්....ඉස්කෝලෙ ගුරුපුරප්පාඩුවට ආවෙ....පියුම් නම් උදෙන්ම නවරත්න ලොකුතැනත් එක්ක ඉස්කෝලේ ගියා.....කොලඹට වඩා ගමට පායන ඉර ලස්සන හන්දා කාටත් නොකියා මං එලියට බැස්සා...ඊයෙ නැවතුන පුරුද්දට මං ඉතින් මන්දාරම්ගෙ ගෙදරටත් ආවා.....

අනේ...එහෙමයි මහත්තයො... කොච්චර දෙයක්ද මහත්තයගෙ අයියා කරන්නෙ....එ ඇත්තනට පින්.....සමාවෙන්ඩ ඕන අනේ මහත්තයො....ඈදි ගන්ද කියන්ඩ වත් හිතක් නැ....ගෙයි හරියට පුටු කබලක් නෑ...ඇරත් ....අපි වගෙ උන්ගෙ ගෙපැලට මක්කට පුටුද මහත්තයො...එන එකා වැටකඩුල්ල වත් පනින්නෙ නැති කොට....ගමට පායන ඉර නම් ලස්සන බව හැබෑව....ඒත් නොදන්න ගමක තනිපන්ගලම නරකයි.....ඇරත්....ඊටත් වඩා....නරකයි.....ඉර එලිය මෝරන්ඩත් කලියෙන් මේ පැලට වැදුන එක....මහත්තයට දොස් අහන්ඩ වේවි.....අපිට නම් දෙහි කැපිල්ල හුරුයි මහත්තයො ...

ඔය මොකද කරන්නෙ...මක්කටද ඔය පිල් කඩට රෙදි එලන්නෙ.....මන්දාරම්ගෙ අප්පච්චි හදන්නෙ මට ලැජ්ජා කරන්ඩ...ඇරත් කවුරුත් මොකටද මට දෙස් තියන්නෙ...හරි කෙලියක්නෙ.....මට ඕන තැන මං යනවා.....මං නොදරුවෙක් නෙවෙ මන්දාරම්ගෙ අප්පච්චි ....

.............

මන්දාරම් තවම නිදි....

අනෙ එහෙමයි මහත්තයො...කොල්ලා තාම බුදි....

මෙහෙම...මේ පිල්කඩෙ....හීතලෙ...පැදුරක....??

.......ඔව්වා මේ සර්වාංගවලට ඔරොත්තු දෙනවා මහත්තයො....රෑ හීතල.....පූටක අව්ව...ඔක්කොටම මේ සර්වාංග කබල දැන් ඔට්ටුයි.....මේකා හිච්චා කාලෙ ඉදන් බුදියෑවෙ මගෙ ගාව...මේ පිල්කඩ උඩ....හතරකට ගෙයි බුදියන්ඩ ඉඩ මදි.....ඒත් මං මේකට කියනවා ඇතුලට පලයල්ලා කියලා....මේකා නෙවෙ අහන්නෙ...මං මුගෙ පන කියන්නෙ...මේකා ඔය කටින්මයි ඔය කතා කියන්නෙ....ඒක මනාප මගෙ ගාව ඉන්ඩ නම්....කොහොමද වලව් හාමුදුරුවනෙ මං ඒකව එලවන්නෙ.....

.........

........

මන්දාරම්ගෙ අප්පච්චි ....

අපෙ බේබි මහත්තයො....

ඔච්චර නම්බු එපා...මං පිට වගෙනෙ...හාමු පට්‍ටන් ....වලව් පට්ටන් මගෙ උගුර හිරකරනවා...ඊට නරකද...මට නම කිව්ව නම්...

අනේ..දෙයියො....ඒක නම් කරන්ඩ බැරුවා...පන ඉල්ලපල්ලා මහත්තයො...මං වෙස්සන්තරවගේ පා දෙන්නම්....ඒත් අපිවගේ එවුන්ගෙ කටකින් මහත්තයලා වගෙ ඉහල තැන්වල ඈයන්ට නම කියනව ඇහුනොත් ගුරු ගෙදර එවුන් මා හතර වහල් කඩෙ එල්ලාවි.....

..........හ්ම්...මනාපයක්...

......

මක්කද මේ මන්දාරම්ගෙ කකුලෙ ලෙලි ගිහිල්ලා.....??කීපොලකද....ඊටත් දූවිලි කන්දයි....මක්කද මේ...

අනේ.....දෙයියො බුදුන්ට කියන්ඩ...සමනගෙ කිරිසප්පයව පත්තෑයෙක් කාලා....කාට කියල මේ යාදිනි කියන්ඩද මහත්තයො...දෙයියො බුදුන් පවා අහක බලනකොට ....යාමෙ මක්කදවත් දන්නෙ නෑ....අයියො මේකා නොදරුවැ උස්සන් අර හැතැපම ගානම ඉස්පිරිතාලෙට දුවල...හතිඅරින්ඩ වත් නැවතිලා නෑ....ගෙදට්ටඇවිල්ල වැටුන වැටිල්ලමයි....මයෙ කොල්ලගෙ කකුල් වල ලෙලි ගිහිල්ලා...

පව්.....බෙහෙත් ටිකක් වත් නැද්ද.....අඩුම ගානෙ මේ ලෙල්ල ගිය තැනට වත් ගාන්ඩ ?

මං මේකගෙ ඇගිල්ලට කෝපි කුඩු ටිකක් බදින්ඩ ගියෙ ලේ නවත්තන්ඩ...කොහෙද එපා අප්පුච්චා ගාල ඇහැ පියෙව්වා.....

හ්ම්...අහිංසකයා.....

.........

" පව්......මෙහෙම ලෙලි යන්ඩ කොච්චර වේගෙන් දිව්වද...ගමට ඉර පෑව්වට....ඉර පායපු නැති අහිංසක ජීවිත....."

ම්ම්ම්හ්හ්...හ්හ්හ්ම්....

ශ්ශ් ..නිදාගන්න...නිදාගන්න....

මං උන්නෙ මර නින්දක....පැටියව උස්සාන හති හලාන ඉස්පිරිතාලෙට දුවපු මං ආපිට ආවෙ වෙන්ඩ ඕන ඔක්කොම.කරන් සමනගෙ ගෑනිත් ඒ රෑම හැතැප්ම ගාන ඉස්පිරිතාලෙට බඩගෑවට පස්සෙ වෙනකොට වැට කඩුල්ල පැනපු පිම්ම මං නැවතුනෙ පැදුර කඩමාල්ල උඩ ඇස් පියාගන වෙනකොට ලෙලි ගියපු තැන් ගල්වලට හිල් උන තැන් ගැන බලන්නවත් මට වගක් නැති උනා.....

මට ඒ තරම්ම මහන්සිය.....

නින්දක් යාගන එනකොටම එකට උන්ඩි කරාගන නවාගන උන්න සරමෙන් පිට පැනපු කකුලක් දිගෙ මක්කවත් එහා මෙහා යනව එක්කම නින්දෙන්ම කෙදිරි ගෑවුන මම කකුල ගසාගන්න හැදුවා විතරයි හීන වල පවා ඒකදන්තයගෙ හොඩ වැල් පාරවල් වලින් බේරෙන්න දුවන මම එකපාරම ඇස් ඇරියා...

දෙවියො බුදුන්ට ඔප්පු වෙන්න නිදිමත බේරන් උන්න මගෙ නිදිමත අතුරුදන් උනා....

ක්..කලාත්ම මහත්තයා .....!!!

මට කෑගැස්සුනා...වෙන මක්කටවත් නෙවෙ....දූවිලි නෑවුන මගෙ ලෙලි ගියපු කකුල උඩ අර දිගැටි ඇගිලි තිබුන අත තියාගන උන්නෙ වෙන කවුරුත් නෙවෙ කලාත්ම මහත්තයා වෙනකොට මං එකපාරම හිටගත්තා....

මන්දාරම්ව මං ඇහැරෙව්වද...

මං හිතන්නෙ මට හීන්දාඩිය දැම්මා...වෙන මක්කටවත් නෙවෙ.....ඉස් ඉස්සරෝම මාව මුනිච්චි උනාට අච්චර බැනුම් අහපු හාමු මහත්තයම අද මගෙ දුප්පත් පැලෙ පිල්කඩ උඩ මගෙ ගාවම ඉදගන ඉන්නවා දැක්ක මට හීන් දාඩිය දැම්මා.....

හාමු තැන හිනා වෙනවා....මන්දාරම්ව මං ඇහැරෙව්වද අහපු කලාත්ම හාමු හිනා වෙනවා.....කැලැමලක් වත් මෙච්චර ලස්සනට හිනා වෙන්නෙ නැතුව ඇති...

ඒ හිනාවම හරි පින්පාටයි ...සාරසොභාවයි ....තනිකරම වතුසුද්ද මලක් සමානයි....

*

*

මන්දාරම් ...

.......

තරහද මා එක්ක....

මහත්තයා වගේ පින්ඇත්තෙක්ට ලගින්ඩ ඕන තැන් නෙවෙ මහත්තයා මේ පැල්කොට කියන්නෙ...

නැගිටිනකොටම උතුර දකුන මාරු කරන් නැගිට්ට මං දඩිබිඩියට මූන කට හෝදන් වෙන ඇදුමකට මාරු වෙලා කලාත්ම හාමු ඉදන් උන්න පිල්කඩ උඩම ඈදිගත්‍තා....

ඒත් මං නෙවෙ ආයම එ මූන බැලුවෙ...

මං නෙවෙ ආය වචනයක් කිව්වෙ....වෙන මක්කටවත් නෙවෙ....මං වගේ එකෙක් හන්දා මන් වෙනුවෙන් එක වචනයක් වියදම් කරාපු හාමු මහත්තයා ආයම බැනුම් අහයි කියන වේදනාවට මන් මූන එල්ලන් අහක බලාගන උන්නා...

කොච්චර පිල්කඩ උඩ ඉඩ තිබුනත් කලාත්ම හාමු මන්දාරම් ගගා මගෙ ලගට ලන් වෙන වාරයක් පාසාම මං පිල්කඩෙ අනිත් කොනට රිටුවා...

මන්දාරම්...

පින් අයිති වෙයි...බේබි හාමු යන්ඩ.....අපි වගෙ උන්ට බැනුම් පුරුදුයි....ඒත්....අපි වගෙ උන් හන්දා...ඔය හිත් තැලුම් කෑවොත්...ඒ වේදනාව අපිට වද දෙයි.....

ඔය තරම්ම රිදුනද මන්දාරම් ....ඔය තරම්ම තරහද...?

තරහක් නෑ අපෙ හාමු.....තරහවක් නෙවෙ .....අපි කව්ද හාමු.....හාමු මෙහෙම පිල්කඩවල් ගානෙ වැටීගන ඉන්නවා දැනගත්තොත් ගුරු ගෙදරින් ඇවිත් මයෙ පැල්කොටෙ ගිනිබත් කරයි...

කලාත්ම හාමු මගෙ දිහා බලාගන ඉන්නවා.....ඊයෙ දැකපු තෙතින්ම අදත් ඒ ඇස් මේ උදෙම්ම තෙත්වෙනකොට අනෙ මගෙ පපුව ඇදුම් කෑවා....ඒත් මට හිතක් නැ දෙයියනෙ හාමුට බැනුම් අස්සවන්න....

...........සමාවෙන්න.....

බ්...බේබි හාමු.....

මාව ගැස්සිලා ගියා....මෙච්චර වෙලාම ඔයා තරහද....ඔයා තරහද ඇහුව හාමු එකපාරම කට තදකරන් උන්න මගෙ දිහා බලලා සමාව ඉල්ලනවා එක්කම මට ගොත ගැහුනා...

මට කියන්න දෙයක් දන්නෙ නෑ....ඉර එලියවත් හරිහැටි මෝරපු නැති වෙලාවක මං වෙනුවෙන් ජීවිතෙ පලවෙනි වතාවට කරුනාභරිත වචනයක් කියාපු උප්පැන්න නමින් කත කරපු මේ රත්තරන් මනුස්සයා මගෙන් සමාව ඉල්ලනවා.....

ඔයාට රිදුනා...නෑ කියන්න එපා.....රිදුනත් ...රිදුනෙ නැ වගෙ රගපාන්න එපා.....මන්දාරම් .....ඔය හිත හුගක් රිදුනා.....හද එලිය යට උනත් ඔය පපුව ඇවිලෙන හැටි මං බලාගන උන්නා...

..........පිහිපාරවල් වගෙ වචන මට හුරුයි අපෙ හාමු....විස කටු වගේ වචන මාව පදම් කරලා අහවරයි හාමු...මක්කට සමාව ඉල්ලනවද....නවරත්න මහත්තයගෙ පැත්තෙන් එහෙම හිතන එක හරි....

..........හරි...මොකක්ද.....එතන හරි තැන් තිබුන් නෑ මන්දාරම් ...මන්දාරම්ට රිදෙනවා....

......ඔව්....රිදෙනවා....ඒක තේරුනෙ....මහත්තයට විතරයි ...ඒක තේරුම් ගත්තු එකම කෙනත් බේබි හාමු විතරයි

............

මං බලාගන උන්නා...මගෙ කටින් ඕනාවට වඩා කියවුනාද මන්දා.....කලාත්ම මහත්තයා තෙත් උන ඇස් වලින් මගෙ දිහා බලාගන ඉන්නකොට මං මගෙ කුයිලෙකින්වත් ඒ රත්තරන් මනුස්සයව කිලිටි කරන්න බැරි කමට තවත් චුට්ටක් ඈතට උනා....

මන්දාරම්...

සමහර විට හෝරාවකට කිට්‍ටු වෙන්න ඇති ..මගෙ කතාව හිදිලා ගියා.....කලාත්ම හාමු අවසානෙදි ආයම අපි අතර තිබුන හිඩැසත් වහලා දැම්මා.....මොකුත් නොකියපු මං බැල්මකින් විතරක් උත්තර බැන්දා. ..

දන්නවද.....මට ඕන සෙත් කවියක් වෙන්න....වෙන කවුරුත් වෙනුවෙන් වත් නෙවෙ...හිතන්නවත් බැරි තරම් වේගෙන් උඩු දුවන විස රැදුන වචන වලින් ඔත්පල උන හදවත් වෙනුවෙන්...

ක්.....කලාත්ම හ්...හාමු....

මන්දාරම් ...මේ ආකාස සෙත් වැහිබිදු මහපොලවට හලන්නම්....එනවද තෙමෙන්න...?කවදාවත් නැතුව මට මන්දාරම් අදුර මැදින් සින්දුව හුගක් මතක් උනා....

මාව ගොලුවෙලා ගියා....

මාව සදහටම ගොලුවෙලා ගියා වගේ දැනුනා.....සංසාර පුරුද්දක හැගීමක් ආය ආයම කාන්දු වෙවි කාන්දුවෙවි මාව අසරනකරනකොට රැයක් පුරාවටම මාව අඩවාපු සියපතෙ පුසුඹ මං නොදන්න ඉසව්දකින් ගලාහන එනවත් එක්කම කලාත්ම හාමුගෙ වචන වලින් මාව සදහටම ගොලුවෙලා යනවා එක්කම මං බිම බලාගත්තා...ඒඑක්කම මාව ගැස්සිලා ගියා...

සින්දුවක් අහමුද...

ආයමත් කලාත්ම හාමු.....මටවත් උහුලන්න බැරි වචන ගොඩක් එක්ක සෙත් වැස්සක තෙමෙන්න ආරධනා දුන්න බෙබි හාමු මගෙ කනට මක්කදවයර් එකක් හිරකරලා පුංචි හතැරස් පෙට්‍ටියක් අතෙ තියාගන සින්දුවක් අහමුද ඇහුවා....

මට හා කියන්නවත් බෑ කියන්නවත් ඉඩක් තිබුන් නෑ....සොදුර සින්දුව පටන් ගත්තා...

මහ වැස්සක් බිමට හලා

නිදහස් වූ අහසක් සේ.....

ඔබ නිසොල්මනේ එපා හිදින්න.....

ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න....

අනෙ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න....

ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න....!!

🥺ආයමත් එනකන් පරිස්සමින් ඉන්න...

ජොබී ආදරෙයි....

අමතක නොකර කමෙන්ට් එකක් දාන් යන්න...!!

THANK YOU

More Chapters