LightReader

Chapter 12 - 12

අනෙ දෙයියනෙ කලාත්ම හාමු...එහා පැත්තෙ ඉන්නෙ කලාත්ම හාමු කිව්වා විතරයි උපන්දා ඉදන්වත් නැති ගොතයක් මට ඇල්ලුවා.....ගමක් ඇවිදින් බැන්නත් ගොත නොගහා වචනයක් ගැටගහන මට මෙච්චර ආදරෙන් කතා කරන හාමු ගාවදි මට ගොත හැහුනා....

ඒ අස්සෙන් පියුම් මහත්තයා.....අනෙ පියුම් මහත්තයා අතින් කට වහන් උරහිස් ගස්ස හිනා වෙවී අහක බලනවා.....මේ පැත්තෙන් කලාත්ම හාමු....ඒ අස්සෙන් හාමු මට රත්තරන් කියනවා.....රත්තරන් කියන්කොට අනෙ දෙයි හාමුදුරුවනෙ මට නැති බඩේ කැකුමුත් අල්ලනවා...

...බ්..බේබි....හාමු...ම්..මට ඇහෙනවා මහත්තයා.....

මං කතාවෙන් පිට පැන්නා...එහෙන් පියුම් මහත්තය වෙසකට පෙන්න රූකඩ නැට්ටුව වගෙ අතින් පයින් මක්කදො කර කර ගේ පැත්ත පෙන්න පෙන්න ළඟ තිබ්බ පදුරකුත් පෙන්න පෙන්නම වෙනම නාටකයක් පෙන්නදි උපන්දාම අසරන වෙලා උන්න මං තක් බීර් වෙලා මේ හාමුලා දෙන්නා අතරට මැදිවෙලා බයවෙලා වගෙ බලන් උන්නා.....

යසෝද මල්ලි ඔයා කතා කරලා ඉවර වෙලා ඕක මේ පදුර අස්සට දාන්න...අර අම්මන්ඩි ඔයාවයි මාවයි දැක්කොත් උදෙම්ම පටන් ගනි ...පුදුම කෙලියක් ඒක නම්....

හ්...හා බේබි හාමු...

අනෙ පියුම් මහත්තයා දුවනවා...කතා කරලා ඉවර වෙලා ඵෝන් එක මේ පදුර අස්සට දාන්න කියාපු පියුම් හාමු අඩියට දෙකට ගුරු ගෙදරට දුවනකොට කතා කරන්න වචනත් අමතක මං කකුලට ජාති දෙකෙ බාට කබල් දෙකක් දාන් උන්න මගෙ කකුලෙන් ගුරුපාරෙන් බලිකුරුට්ටක් ඇද ඇද මටවත් ඇහෙන්නෙ නැති ගානට අර වටින කියන ඵෝන් එක දෑතින්ම මිරිකන් හාමුට කතා කෙරුවා....

ම්....මහත්තයා.....

ම්ම්.....මගෙ ළමයා දැන්ද ඔය පැල් රැකලා ගෙදර යන්නෙ ?පින්න බාන්නෙ නැද්ද .....ගොයියෙක් උනහම පාන්දර පින්නෙන් බේරෙන්න නම් ඉහට ජටාවක් වත් ගැටගහන්න ඕන....ඉතින් මගෙ ළමයා ඔහේ යනව නේද ම්ම්ම්....?

.එ...එ..එහෙමයි මහත්තයා....ඔහේ...යනවා...

මාව අන්දුන් කුන්දුන් වෙනවා.....මට ගොවියලු ....ඒ පාර මගෙ ලමයලු...අනෙ වෙලාවකට රත්තරන්ලු.....කලාත්ම හාමු සියපත් මහත්තයා කියන්නෙත් උඹ බව නොකියා නොකියා හරි අපූරුවට මගෙ කටින් දහයෙ කනිසමෙන් එන සියපත් මහත්තයට හිතනම් වෙච්ච සාර කෙතේ පීදුන කුලුදුල්ම පලදාව නම් වෙච්ච වචනෙකින් වත් කිලිටි නොවුන ආදරෙ හරි හරියට අහගත්ත උඹ දැන් බය හැක නැතුවම හිතුමනාපෙට ආදර වචන කිව්වත් අනෙ මහත්තයො මගෙ හිත කුලෑටි කම් පානවා.....

ඇත්තට ඔහේ යනවද....එහෙම නන් බෑ දැන් මගෙනෙ ....ඉතින් කෝ උත්තර...

ම්...මොනවටද මහත්තයො....උත්තර

ඔන්න ඔන්න ඉතින් උදේ පාන්දරම මගෙ පොඩි ගොවියගෙ බොරුව.....මං කියපු එක මොකක්ද කියන්න හොදටම මගෙ ලමයට ඇහුනා.....හැබැයි ඇහුන් නෑ වගෙ මග ඇරියා එහෙමනෙ.....ඇහුන් නෑ වගේ රගපාන්න එපා මගෙ මන්දාරම්.... මට ඔයාව දැනෙනවා හුගක් මට කියන්න.....මං ආයමත් සුභ පතන්නද .....නැත්තන් ආදරෙයි කියන්නද ම්ම්ම්...

........ක්...කලාත්ම....හ්...හාමු...

ම්ම්ම්ම්.....කලාත්ම හාමු...කලාත්ම හාමු....මගෙ නම චක්කරෙ වගෙ මතුරන්නෙ ඇයි ලමයො...දැන් පියුම් තව ටිකෙක් ආවොත් මට හැන්දෑ වෙනකන් බලන් ඉන්න වෙනවා...එච්චර වෙලා බලන් ඉන්නෙ කොහොමද ම්ම්ම්ම් .....අනික ඔය මහත්තයා කෑල්ල....මොකද ලමයො කොයි වෙලෙත් මහත්තයො ගාන්නෙ..මේක හරි කෙලියක් උනානෙ...ඕන නෑ මට මහත්තයා කියන්ඩ...

ඒ අස්සෙන් හොදට උන්න සියපත් මහත්තයා රතිඥ්ඥයක් වගේ පුපුරන්න ගන්නවා....මේ ඔක්කොම මැද මට නිකන් මොක්කද වගේ...අනෙ ලැජ්ජාව උතුරන්න එනවා.....මහත්තයගෙ කටින් ආදරෙයි කියලා අහගන්න ආසාව ඕනාවට වඩා තිබුනත් අනෙ මං වගෙ එකෙක්ට මගෙ අම්ම අප්පගෙන් පස්සෙ පිටින් ලැබෙන පලවෙනිම ආදරෙ මේක වෙනකොට මට හාමුගෙ ආදරේ තරමට ඇස් දෙක කෙවි කෙවි මේ උදෙම්ම අඩන්න හදනවා...මං වගේ දුප්පතෙක්ට මේ ආදරෙ බර වැඩි නැද්ද දෙයියෙනෙ...

ආදරෙයි කියල දවසක් වත් ගෙවුන් නෑ.....හෝරා දුසිමක් වත් ගෙවුන් නෑ....අනෙ මට කොලොම්තොටෙ ඉන්න ආකාස ගව්වෙ ආදරෙ බරටම දැනෙනවා.....

නුහුරු නුපුරුදු ආදර වචන වලට මගෙ කදුලු විල පන ගහන්න හදනවා.....මං මෙහෙන් ආදරෙ හන්දා අසරන වෙනකොට අර උදේ පාන්දරට එන කරච්චල් රේඩියෝව වගේ සියපත් ආකස බෑගිරි තියනවා...දෙයියනෙ මං අර දහයට අහන නිවින කටහඩට වස් වැදිලාදො.....?

ස්...සියපත් මහත්තයො....

ම්ම්ම්ම්ම්ම්...කියන්න මන්දාරම්...අහන් ඉන්නෙ....කොච්චර කිව්වත් ලැජ්ජත් නෑනෙ ආයම මහත්තයලු...

කලාත්ම හාමු මට බනිනවා මහත්තයා කම් කියනවා කිය කිය නෝක්කාඩු කම් කියනවා....මගෙන් හුස්මක් පිට උනා...මං කොහොමද මෙච්චර වටින මනුස්සයෙක්ට බුහුමන් නොදී කතා කරන්නෙ .....පාගන්න පුලුවන් උපරිමේට මාව පාග පාග කතා කරන එකාට පවා මං නොකර බැරි කමට මහත්තය කියනවා....

කිසිම මහත්මා ගතියක් නැති උද්දච්චයන්ට මං ලෝබකමක් නැතුවම මහත්තයා කියනවා නම්....ඇයි දෙයියනෙ මට බැරි මහත්මා ගතිය උතුරන මේ බේබි හාමුට කට පුරා මහත්තයා කියන්න.....

එක්කො සියපත් මහත්තයා පියුම් මහත්තයා කියන්නෙ තව්තිසාවෙන් මේ ලෝකෙට බැහැපු මනුවෙස් ගත්ත දෙවිවරු වෙන්න ඕන....ඒ හිනාව...පුදුමාකාර තරම් පින්කාරයි.....සියපත් හාමු කියන්නෙම සියපතකටත් එහා ලස්සන මලක්.....

දෙයියනෙ ඒ ඇස් මට මැවි මැවී පේනවා.....මටත් නොදැනිම මගෙ මූනෙ ලාවට වගේ හිනාවක් ඇදුනා....

මන්දා...වයසට ගියත් මා එක්ක ඇවිලෙන්න හදනකොට සියපත් මහත්තයා ගාව හුරුතලයක් තිබුනා...මං හිතුවෙම ඒක මගෙ ඇස් වල දෝසයක් කියලා...

මං මහත්තයට ස්තූතියි කිව්වොත්...මහත්තයා මා එක්කලා තරහා ගන්නවද?

තත්පර ගානක් මුනිවත රැකලා රැකලා මං ආයම කතා කෙරුවා...ඒ වෙනකොටත් දහසක් ජාති කියාපු මගෙ ආදරනීයම සියපත ආයම නිවිලා ගිහින් තිබුනා

.......ස්තූතිය කියන හේතුව අනුව මං තරහා ගන්නම්....මගෙ ළමයා දැන් මොකටද මේ උදෙම්ම ඔයාගෙ මහත්තයට මේ ස්තූතියි කියන්න ලෑස්ති වෙන්නෙ....ම්ම්ම්ම්

......

මන්දාරම්...?

........

ඇයි මේ....මන්දාරම් අඩනවා නේද?හිනා වෙන්න හේතු නැති උනාට කාරි නෑ මගෙ මන්දරම්...ඒත් ඔයා අඩනවා නම් මට අනිවාර්යයෙන්ම අඩන්න හේතු ඕන.....ඔයා මගෙනෙ.....ඔයාට කොහොමද අයිතියක් මට වත් කාරනාව නොකියා තනියෙන් අඩන්න...????මන්දාරම්...හිනාවෙලා හිනා වෙලා මූන රතු උනත් මං මූන රත ගහනනක් හිනා වෙන්න හේතුව මොකක්ද අහන්නෙ නෑ.....මොකද මට ඕන මගෙ අහිංසක කැලෑ හද විසිහතර පැයම හරි හිනා වෙලා ඉන්නව දකින්න...හැබැයි ඔයාගෙ ඇස් යන්තමට වත් තෙත් වෙනවා නම්...කරුනාකරලා මට අඩන්න සාදාරන හේතුවක් දෙන්න ....

.......

මං බිම බලාගත්තා...එක තත්පරේකට නිහඩ උන නිහඩවිල්ල එක්ක සියපත් මහත්තයා තත්පරේට වචන අහුරු ගනන් කියව කියව මගෙන් ඇස් තෙත් වෙන්න හේතු අහනකොට අනෙ බුදු මහත්තයො මගෙ ඇස් තෙත් වෙන්න එකම හේතුව වෙන මක්කවත් නෙවෙ උඹගෙ මේ ආදරේයි කියල කියන්න හැදුවත් දහයෙ කනිසමට ඇවිත් නිවෙන සියපත ඇවිලෙන ගමන් උන්නා.....

මට කියන්න...මොකාද ඔයාව ආපිට රිදෙව්වෙ....අර ගුරාද....නැත්තන් අර සමුපකාරෙ ඉන්න ගස්තරයද.....මොකාද කියන්න...ඔයා දන්නෙ නැ මන්දාරම් මගෙ හැටි මට තරහා ගියෝතින් මං දැන් බස් එකක එල්ලිලා එනවා ඇවිත් ඕකගෙයි ගුරාගෙයි කන්ගැටෙ පලනවා....මේක හරි කෙලියක්නෙ....ගමෙ ඉන්න අහිංසකයෙක්ට ඉන්න නෑනෙ හයිරන් කාරකම් පානවනෙ...මොකො උන්ට ගියපු රටද....හිටින්කො උන් තවම දන්නෙ නෑ මේ සියපත් මොකාද කියලා...කුදලන් ඇවිදින් වීසි කරනවා නුවර වැවට මගෙ හැටි දන්නෙ නෑ ඔවුන්...

අපෙ....අප්පො...සියපත් මහත්තයො.....

ඇයි....මොකද....මේ ලමයගෙ වැඩෙත් එපා කියන එකම කිය කිය මුරන්ඩු කම් කරන එකනෙ...මන්දාරම්.....

මහත්තයො.....

ඇයි අඩන්නෙ මගෙ මන්දාරම්.....මට කියන්න.....

මං පපුව පුරවලම හරි බරටම හුස්මක් අරගත්තා....

මහත්තයට ස්තුතියි කියන වචනෙත් සිල්ලර වැඩී මහත්තයො....බුදුබව අත්වෙයි...මං වගේ එකෙක්ට ඔය තරම් ආදරෙ කරනවට මහත්තයට උපනුපන් ජාති ජාතිත් මේ සංසාරෙ කිසිම දවසක වේදනාවක් නම් දැනෙන්න එපා....මහත්තයට ජාති ජාතිත් පින්...

..............

තත්පරයයි දෙකයි....තුනයි...

ස්තූති කතාවක් කියන්න ගිහින් ස්තූතිය පිනකට හැරවුන හන්දද මන්දා මෙච්චර වෙලාම රේඩියෝ එකක් වගේම දෙස් තිය තිය උන්න කලාත්ම හාමුගෙ කට වැහිලා ගියා...

.........මන්දාරම්....

මහත්තයො....

ඔයා හැටි පින් දෙන්න එපා මන්දාරම්....මගෙ හිත උඹ වෙනුවෙන් පේ වෙන්නෙ ඔය හැටි පින් අරගන පින් අරගන ඇහි පිල්ලන් ගහන පමාවට බුදුවෙන්න ගියහම උඹට පුලුවන් ද මන්දාරම් මට බුදුවෙන්න දීලා කදුලු හලපු

බිම්බා දේවි වෙන්න....?බුදුවෙන්න කලින් මට ආදරෙ කරන්න දියන් ...

මං කිව්වා මට ඕනම උඹට සෙත් කවියක් වෙන්න...විස් පොවාපු කටු වලින් හූරලා හූරලා තුවාල කරපු ඔය පපුවට ස්නේහ වැහි වස්සන්න...අමතක කරන්න එපා මන්දාරම් මං ඇවිදින් ස්නේහ ආකාසයක්...උඹ වෙනුවෙන්ම පිරිත් පැන් ඉහින ආකාසයක්....ඔය හැටි පින් දෙන්න එපා මං බයයි .....

දන්නවද...මේ දවස් ටික මං උන්නෙ කොහොමද කියන්න.....තාර පාර රත්වෙවි....රත් වෙවී තාර ගද ගහන දුම් ගදගහන කොල්ම්‍තොට කියන්නෙම අපායක් මන්දාරම්....කුලී කාමරෙට ඇවිදින් ලෙහාගන්න කඩ බත් පැකට් එකෙ සුවද විතරයි රහක් නෑ.....ඒත් දැන් දැන් මට තාරපාරෙන් එන අර තාර ගද දැනෙන් නෑ....උඩු හුලන්...යටි හුලන් මැදි හුලන් ...මේ හැම හුලගකම තියෙන්නෙ කැලෑමල් පුසුඹ.....දුකකට තියෙන්නෙ මුලු කොලඹ පීරුවත් මට මන්දාරම් හදාපු හාල්මැස්සො හොද්දෙ රහ හොයාගන්න බැරි එක...

හ්ම්ම්ම්....උඹ තනිකරම කැලෑමලක්....කාටත් එපා උනත් මට එපා නොවෙන ගදපාන මලක්...!

මිනිස්සු ගදපාන මල් පුසුඹට මනාප නැති උනාට....මගෙ කැලෑ හද...උඹ දන්නවද මං මනාපම දැන් ගදපාන මල් වලට.....මන්දාරම් ගාව ගදපාන මල් පුසුඹයි....මං ඒ පුසුඹට හරි ආදරෙයි...

මගෙ හිතෙ හැම බිම් අගලම මන්දාරමකට යටවෙලා....කොහෙ ගියත් මට මන්දාරම් ආකාසයක් දකිනකොට මටත් හොරාවට ඇස් වලින් කදුලු කැට එනවා.... ඒක මහ පුදුමාකාර ආදරයක් මන්දාරම්... ...

කිව්වට විස්වාස කරන්න....මගෙ තුන් හිතකවත් මන්දාරම් ගැන කිලිටක් දැනිලා නෑ....දැනෙන්නෙත් නෑ....මන්දාරම්ව මට ආය අමුතුවෙන් මතක් වෙන්න දේකුත් නෑ....තුන් තිස් පැයම මගෙ හිත ඔයා ගැන මුමුනවා...ඒ හැම වේලාවකම මං ස්නේහයෙ නගරයයි අහනවා....රාගයක් පේනතෙක් මානෙක නැති තරමට මන්දාරමට මං ස්නේහෙ විතරක් දෙනවා...

සත්තයි මගෙ කැලෑ හද....උඹවෙනුවෙන් මගෙ හදවත තනිකරම ස්නේහයෙ නගරයක්මයි...

මං ආපිට වලව්වට ගියා මගෙ ලමයට පාලු හිතෙන බව දැන දැනම මං ආපිට නුවර ගියා මන්දාරම්....මලක් පහනක් හදුන්කූරක් අවුලලා මං බුදුන්ගෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි.....

හැමදාම අහසට මන්දාරම සින්න කරන්න කියලා විතරයි ....සියපතකට ගිනිගහන අහසක් කරන්නෙම රිදවන එක.....මන්දාරම් අහසක් යට හැම හිතෙක්ම නිවෙනකොට මට බැරි උනා සදාකාලික නොවුන ලෝකෙකෙ ඉදන් අමරනීය මන්දාරමක් ඉල්ල ඉල්ල බුදුන්ට වද දෙන්න....

මන්දාරම් නුවර ගිහින් නෑය කිව්වා.....

ඔ..ඔව්..මහත්තයා...

දවසක මා එක්ක දලදාවට යන්....රොබරෝසියා පිපෙන කාලෙට සෙංකඩගල තනිකරම තව්තිසාවක්මයි මන්දාරම්...මල් අහුරක් පූජා කරලා වෙනමොකුත්ම නැතුව මං උඹ ව විතරක්ම ඉල්ලලා වැව රවුමට ඇවිදින් වැව දිහා බලන් අනන්තයක් නැතුව ඔහෙ බලන් ඉන්න මට ඔය උරහෙ ඕන මගෙ මන්දාරම්...

...........දන්නවද මගෙ කැලෑ හද මනුස්සයෙක්ට නිවෙන්න පුලුවන් සමාන්තර ආත්මයක් ලැබුන දාට ඒ මනුස්සයා තරන් වාසනාවන්තයෙක් මෙ තුන් ලෝකෙ කොහෙවත් නෑ ...මං දිනලා අහවරයි...දෑත බදලම වැලදගන්න මට උඹගෙන් සමාන්තර ආත්මයක් හදි ගැහුනා.....

දවසක පැල් රකින රෑක කලුවර දෙකඩ කරන් අහසට නගින කැලෑ හද මගෙ වස්තුවට " මන්දාරම් " කියලා කතා කෙරුවොතින් බය වෙන්න එපා හොදද.....මොකද...ඒ තරමටම මං ඔයා ගැන කොලොම්තොට්ට පායන හදත් එක්ක කතා කරනවා මගෙ මන්දාරම්....

මං උන්නෙ ගොලුවේගන.....මට කියන්න වචනත් හිග වේගන.....රේඩියො එකට කියවලා කියවලමද කොහෙද කලාත්ම මහත්තයට තිබුනෙම හුස්මක් අල්ලන්නෙ නැතුව උනත් කියවන්න හපන් කමක් වෙද්දි මං උත්තර බැන්දෙ හීනෙකින්ද කියන්න හිතාගන්න මටවත් බැරි උනා....

බේබි හාමු මගෙන් දලදාවට ගිහින් තියනවද අහනවා.....රොබරෝසියා කාලෙට නුවර තනිකරම තව්තිසාවක් වගේය කියනවා...කැලෑ හද මගෙ නම කියලා කතා කෙරුවොතින් එපා බය වෙන්න කියනවා...අනෙ හාමු උඹගෙ හිත නම් අමු අමුවටම ස්නේහ නගරයක්මයි හාමු....

මන්දාරම්....

මහත්තයා....

අඩන්නෙ නෑනේද දැන් මගෙ ළමයා....

නෑ මහත්තයා...අඩන් නෑ....

එහෙනම්...අවසරයි නේද ආදරෙයි කියන්න මගෙ කැලෑහද.....?

මං හිතන්නෙ ජීවිතෙ පලවෙනි පාරට මගෙ බලනහර ගැහෙනකොටම හදවත හැහෙන එක නැවැත්තුවා...ඒ තරම්ම ආදරයක් ඒ කටහඩ පුරාවට තිබුනා.....ඒ තරම්ම නිවුන හැගීමක් ඒ කටහඩ පුරාවටම අරක් අරගන තිබුනා.....

දහයෙ කනිසමට ඇවිදින් මගෙ තුන් හිතම ස්නේහයෙන් නිවපු හැගීමම ඒ කටහඩ පුරාවටම තිබුනා....අනෙ බුදුහාමුදුරුවනෙ මට ලෝබ හිතුනා.....

කලාත්ම මහත්තයා ඉන්නෙ තවම රේඩියො එකට කතා කරන තැනද මන්දා....මේ තත්පර ගානට මුනිවත රැක රැක උන්න මට එ අස්සෙන් ඈතින් සින්දුවකුත් ඇහෙන්න ගත්තා.....මොන පුදුමයක්ද මන්ද අනෙ මගෙන් උත්තර ඉල්ලපු කලාත්ම හාමු ඈතින් ඇහෙන සින්දුව මගෙ ගාවින් ඉදන් මුමුනන්න ගත්තා....මෙච්චර වෙලාම නැවතිලා තිබුන මගෙ පපුව ගැහෙන්න ගත්තා...

මල් මිටක් තියන් ඔබ අතේ....

මට කියා කොයින්ද මල් වනේ....

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ...

තුරුලතා පවා දුකෙන් වගේ

අතවනා සොයන්නෙ ඔබ කොහේ

හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න

මගෙ හදෙ ....

සියපත් මහත්තයා...

ම්න්....ඉතින් මගෙ කැලෑහද...අවසරයි නේද....?

.......................එ....එහෙමයි.....

මං උඹට කල්ප කාලාන්තරේකට ඇතිවෙන්න ආදරෙයි මගෙ මන්දාරම්...ආකාසෙට සින්නක්කර උන මගෙ ප්‍රේම්නීයම මන්දාරම.....සාරසංඛ කල්ප ලක්ශෙකටම ඔය අහිංසක හිත මේ ආකාසෙ වෙනුවෙන්ම සින්නකරාපන් මගෙ වස්තුව....

කලාත්මගෙ පන.....සියපත්ගෙ මන්දාරම.....ආකාසගෙ යශෝද.....මේ ඔක්කොටම වඩා මගෙ කටහඩට නොයිදුල්ම වටිනාකමක් දුන්න තුන්ලෝකෙට ඉන්න මා දන්නා එකම අහිංසකම හදවතක් තියන ප්‍රේමනීයම රසිකය.....

"මේ ආකාස උඹට පපුව පුරවලම ආදරෙයි මගෙ ලමයො....."

උඹගෙ ආදරෙ තරම මං පපුව පුරවලම අහගත්තා...ඉතින්...උඹගෙන් මං ආය ආයම ඒ ආදරෙ ගැන අහලා අහිංසකයව අතරමන් කරන්නෙ නෑ....ඒත්...දෙයක් කියන්නම්....මගෙ පැත්තෙන් මං උඹට ආත්ම හතකට ඇතිවෙන්න ආදරෙයි මගෙ මන්දාරම්...

බ්...බේබි....හ්...හාමු...ස්...සියපත්....ම්...මහත්තයො.....

මට ඇඩුනා....අනෙ මට ඒ ආදරෙ උහුලගන්න බැරිම තැන ඉකිගැහුනා...

සබඳ හැගීම් බරම තැන නාරි දෑහ විතරක් නෙවෙ පිරිමි දෑහුත් කදුලු කැට වක්කරනවා මොකුත් නොහිතම.....

මගෙ ඇස් ඇඩුවා....පපුව ඉකිගහනවා.....ආදරෙට බරම තැන්දි නැවතුන පපුව පවා ගැහෙන්න ගද්දි මං අඩන බව දැනිලමද කොහෙද කලාත්ම හාමු එදා මගෙ නොදරුවව නලවන්න කවි කිව්වා වගෙ මාවත් නලවන්න අහනවා.....

නොදරුවා අඩනවා.....අඩන ළමයි නලවන්න නැලවිලි කියනවනෙ.....මාත් නලවගන්න සින්දුවක් කියන්නද....අඩන්න දෙයක් කිව්වෙ නෑ මම මගෙ ලමයට ඇයි ඉතින් මේ....?

උ...උඹලා දන්නෙ නෑ මහත්තයො...උඹලගෙන් වස් කවියක් පිට උනත්....ම්...මං වගේ එකෙක්ට...ඒක.....ත්...තනිකරෝම....ස්..සෙත් කවියක්....වගෙ....

ඉකිය අස්සෙන්ම මං හාමුට උත්තර බැන්දා...මං අහගන මගෙ වචන මැදම මගෙ ප්‍රේමනීයම සියපතගෙ පපුවටත් බර හුස්මක් පිටවෙනවා...අනෙ ඉතින් දෙයි හාන්දුරුවනෙ වේලක් වත් ආදරෙ නොලැබුන මට ඉස්මුරුත්තාවට එනකන් ආදරෙ දුන්නම මට ඉකිගැහෙන් නැද්ද.....

තත්පරයක් දෙකක් වත් යන්න නැතුව ඇති....නොදරුවා අඩනවා කියපු එයා එහාපැත්තෙ ඉදන් හැගීම් වලට තාලකවන්න ගත්තා....

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

සිනාසී

මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ

සිනාසී

ඔබයි ගෙන ආවෙ වසන්තය මලසේ.....

මගෙ තුන් හිතම නිවුනා...ආදරේ බර වැඩිම තැන්වල අඩාපු මගෙ ඇස් වලට වගේම තුන් හිතටම තව්තිසාවෙන් නිවනක් එවලා තිබුනා.....

ගුරුපාර ට චුම්බන තියාගන යන හුලන් රැල්ල නේ උදේම්ම ගුරුපුසුඹත් කුදලගන කොහෙදෝ යන්න යනකොට මන්ගාවින් ගදපාන මල් පුසුඹ කාන්දුවෙනවා කියලා හරි ආදරේට කියාපු කලාත්ම හාමු සිනාපිපෙනා මේ වසන්තය කියලා අහවර කෙරුවෙම නියගෙට අහු වෙලා ඉරිතැලුජ මගෙ පපුවට මන් හීනෙකින්වත් නොදැක්ක වස්සානයක් ඇස් පනාපිට ජීවමාන කරලා වෙද්දි අනෙ මං හරි අහම්බෙන් වගේ දූවිල්ලෙන් නෑවුන ගදපාන පදුරක පිපිලා තිබුන සුදුපාට ගදපාන මලක් දැක්කා.....

හුගක් ලස්සනයි මහත්තයා.....

මන්දාරම්....

මහත්තයා...

මහත්තයා කියන එක නොකියම බැරිද....නැත්තන් මගෙ ළමයා මුරන්ඩුකම් කරනවද.....තවත් නඩුවක් මට විසදගන්න තියනව...ඊට කලින් මං මේක කියන්නම්කො...මේ කොල්ලා මං කියන එක අහන්නෙත් නෑනෙ...

ම්..මොකක්ද මහත්තයා න්..නඩුව....ම්...මං මොකුත් කෙරුවෙ නෑ...අනෙ සත්තයි.....

........ඇයි ඔය තරමටම අහිංසක මන්දාරම්...?සත්තයි කියලා දිවුරන්න තරම් දෙයක් මගෙ මන්දාරම කරලා නෑ මේ ආකාසට.....මං කියන දේ අහන්නෙත් නැත්‍තන්...මහත්තයා කියන එක නවත්තන්නෙත් නැත්තන් මන්දාරම්ට පුලුවන් ඔය වචනෙට විශේශනයක් එකතු කරන්න.....ආදර විශේශනයක්....මන්දාරම්ට පුලුවන් ඕකට මගෙ කියලා හරි සුදු මහත්තයා කියලා හරි එකතු කරන්න.....මන්දාරම්ට සින්හල පුලුවන් නේද ..

ඔ...ඔව් මහත්තයා....සිංහල පුලුවන්.....

හොදයි...එහෙනම් කියන්න බලන්න මහත්තයා කියන වචනෙ ඉස්සරහට මගෙ කියන කොටස එකතු උනහම මොකක්ද එන්නෙ....ම්ම්ම්

මගෙමහත්තයා...නේ මහත්තයා....

අන්න හරි.....එතකොට මහත්තයා කියන තැනට සුදු කියලා එකතු උනහම මොකක්ද වෙන්නෙ....

සුදුමහත්තයා.....ක්...ක්..... කලාත්ම මහත්තයා හිනාවෙන්නෙ ඇයි...

අහිංසකයි....හැබැයි හුරතල්.....මන්දාරම් දන්නවද මං හරි ආසයි මන්දාරම්ගෙ කන රතුවෙනකොට...මං ලගට එන්න එන්න මන්දාරම් මගෙන් ඈතට යනකොට මට දුකක් දැනුනත් මට අනිත් පැත්තෙන් මා එක්කම පුදුමාකාර ලෝබකමක් දැනුනා මන්දාරම්.....සියපත් කියන්නෙත් මටම බව නොදැන තව හෙවනැල්ලක් ඔය ඇස් වලට වැටෙන නොදි උඹ වහන් උන විදිහට මටම ලෝබ හිතුනා...දන්නවද මන්දාරම්..... අහස සේ නුඹ අනන්තයි මේ ආකාසෙට....!එක වතාවක්.....සැනසීමෙන් ඇදට වැටිලා ගදපාන මල් පුසුඹක් මැද කලුවර දෙකඩ කරන් පායන කැලෑහදක ආදරෙ ගැන හීන දැක දැක නිදියන්න මට එකම වතාවක් ආදරෙන් කතා කරපන් මගෙ මන්දාරම්...

මට දුක හිතුනා...කලාත්ම කියන්නෙත් සියපත් කියන්නෙත් එකම මනුස්සයට බව දැනගත්ත මට මේ උතුම් මනුස්සපරානෙ මිනිකපන්නෙක්ගෙන් ආදරෙ ආයාචනා කරන විදිහ දැක්කම මගෙ පපු කදට දුක දැනුනා....

දුවිල්ල වැදිල්ල වැදිලා මඩ පාට උන සුදුපාට ගදපාන මලෙ දූවිලි අංශුවෙන් අංශුව හුලන් රැල්ලත් යන්න ගියා.....මෙච්චර වෙලාම මඩපාටට තිබුන ගදපාන මලට උරුම ශ්වේත් වර්නය හීන් සීරුවට පනගහනකොට මට දැනුනෙම එක දෙයයි....

මගෙ ජීවිතෙත් තනිකරම ඔය ගදපාන මල වගේ කියලා ...කලාත්ම හාමු ඇවිදින් මගෙ ජීවිතේ පුරාවටම ගෑවිලා තිබුන හැම සන්තාපයක්ම මකලා දැම්මා වගෙ...

කලාත්ම හාමු.....

ම්ම්...මන්දාරම් කියන්න ....

 අද ඉදන් සුදු මහත්තයා කියන්නද....කල්පකාලාන්තරේකට අහේතුකව අඩන්න උන මගෙ ජීවිතේට හිනාවෙන්න සහේතුවක් උන උඹට මං සුදු මහත්තයා කියන්නද....මට කැපයිද...?හෙට ගැන දන්නෙ නැති මගෙ ජීවිතේ අද දවස මං සුදු මහත්තයා වෙනුවෙන් කැපකරන්නද කලාත්ම හාමු.....?ඉතින්...මගෙ වේලුම් කාපු ආත්මෙට සෙත් කවියක් වෙයන් මගෙ සුදු මහත්තයා...මං බුදුවෙන දාක කල්පකාලාන්තරයක් සිද්ධාර්තයන්ට පේ වුන බිම්බාදේවි උඹ වෙයන් ඒ ඇති....දවසක මේ සංසාර චක්කරෙ එකටම අහවර කරලා ප්‍ර්‍රෙමෙන් නිවෙමු කලාත්ම...

..........

......... මං දන්නෙ නෑ මන් ඔච්චර වචන ගොඩක් කොහොම කිව්වද කියලා.....මං දන්නෙ නෑ වචණයක් කියාගන්නත් නැති ගොතයක් ආව මං කොහොම ඔය කතා ගොඩක් කිව්වද කියලා.....සුදු මහත්තයා කියන්න අවසර ඉල්ලපු මං කලාත්මට මට දෙන්න පුලුවන් බරම වචන කියලා අවසානෙදි නිහඩවෙලා යනවත් එක්කම දහයෙ කනිසමට එන සියපත් මහත්තයම ආයම මගෙ කනට කොදුරන්න ගත්තා....

ඔබ හමුවුන දා පටන්..

මා හදවත අවදියෙන්....

රැය පහන්වෙලා යයි

නොවී නිදි දැහැන්.....

දන්නවද මගෙ මන්දාරම්...මේලෝකෙ පනගහන අහිංසකම හදවත ට ආදරෙ කරන එක ...ඒක තනිකරම බුදුන් වදින්න මල් පහන් තියන්න පේවෙන්නා හා සමාන හැගීමක් ....ඒක ඒ තරම් ලේසි නෑ....

පරිස්සමින්....මං ඉල්ලන්නෙ එච්චරයි .....දහය කනිසම අහන්න...මේ සංසාරෙ අහවර වෙනකම්ම මගෙ මන්දාරම් ජීවත් වෙන්න ඕන....දහයෙ කනිසමට සැනසීමෙන් පන පොවන්න මේ ආකාසට මන්දාරම් පරිස්සමින් ඉන්නම ඕනා....වෙනදට විරහවට විතරක් වැඩි ඉඩක් වෙන් උන දහයෙ කනිසම මට දැන් මගෙ ප්‍රේමවන්තයව නිවන්න වෙන් කරන්න වෙනවා.....

මගෙ ලමයට අහන්න ආස සින්දුවක් තියනවද ....දැන් ඉතින් හතර කුටීරෙම ආදරෙ මගෙ වෙලා ඉවරනෙ....කියන්න.....

කලාත්ම මහත්තයා මගෙන් ආස සින්දුවක් තියනවද අහනවා...අනෙ රෑ එලිවෙනකන් පැල් රකින මට සින්දු නැතත් මහත්තයගෙ කටහඩ අහන එකම සින්දුවක් වගේ කියන්න හිතුනත් මං සින්දුවක් ඉල්ලුවා.....

අ...අහස සේ....ඔබ අනන්තයි දෙන්න පුලුවන්ද.....?

අහස සේ ඔබ අනන්තයි.....සයුර සේ ඔබ අනන්තයි.....දෙන්නම්.....කොහොමත් මේ ආකාස දැන් මේ මුලු විශ්වයෙම්ම දකින්නෙ මන්දාරමක් විතරයි ....

..........

දැන් හුරතල් උනා ඇති.....ඔය ලමයව මං අල්ලගන්න උන්නෙ.....

....ම්...මාව...අනෙ ඇයි මහත්තයා...

සුදු සුදු....කෝ ඉතින් සුදු කෑල්ල....පේනවද ඒක කියන්නෙ නෑ.....මේ කොල්ල මහ හොරෙක්නෙ.....කෝ දැන් සුදු කෑල්ල.....ඒක හැලිලා...පුදුම කෙලියක් අප්පා මේක නම්....

ස්...සුදු මහත්තයා.....

අන්න හරි...සුදු මහත්තයා...දැන් මං අර මගෙ සෙරෙප්පු දෙක තියලා ආවෙ ඇයි.....?? දුම් අල්ලන්නද....මං ඒක තියලා ආවෙ දාන්න...මොකද ලමයො ඔය ගල් ඇනි ඇනි යන්නෙ ??

....මං සෙරෙප්පු දානවා....

දානවා දානවා බිබික්කමක් දානවා....ඔය ලමයට මං දැන් ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනද හැබෑටම....අහට්ට මෙහට්ට යනවලු කකුලෙ බාට කෑල්ලක් වත් නැතුව...

හ්...හත් දෙයියනෙ....

මටත් නොදැනිම මගෙ අත ඉබේටම කටට ගියා...මෙච්චර වෙලාම ආදරෙන් කතා කරපු කලාත්ම මහත්තයා යකා නැතුවම ආවේස උන යකදුරා වගේබැනගන බැනගන යනකොට මං ඇති තරන් බනින්න දීලා කරබාගන උන්නා...

එක අතකට මහත්තයලාට මේ බාට කෑල්ලක් වත් නැතුව පාරෙ යන එක අමුත්තක් වෙන්න ඇති....උපන්දා ඉදන් කලාතුරකි බාට කෑල්ලක් දාන...ඒදැම්මත් අඩියටම ගෙවුන එකක් දාන එක අපි වගෙ උන්ට මහ අරුමයක් නොවුනට මහත්තයලාට ඒක අමුතු ඇති.....

මන්දාරම්..

මහත්තයා.....

ඔය ඉතින්...ඔය ඉතින් ඇහෙන් නෑ වගෙ ඉන්නවා..මේක නම් පුදුම කෙලියක් අප්පා....ඇයි කන් ඇහෙන් නෑ වගෙ ඉන්නෙ ...අඩුම ගානෙ හුම් වත් කියන්න බැරිද....

ප්...පුලුවන්....

ඕන්නෑ....ඕන්නෑ...මටෝන් නෑ....මෙක මහ අසාදාරා ලෝකයක් අප්පා.....

අ..අනෙ....ඇයි මේ තරහින්.....

හුම් ගාන්න කිව්වම ම හිතුවෙ මොකුත් නොකියා ඉදී කියලා..පුලුවන් කිව්වෙ මොකටද.....එහෙම කියන්නෙ නෑ ලමයො.....ඔයා කියන්න මං ආය සෙරෙප්පු නැතුව පාරෙ යන්නෙ නෑ සුදු මහත්තයා කියලා ....

.......

මන්දාරම්....

සුදුමහත්තයා.....

මං ඕක දුන්නෙ පරිස්සම් කරන්න නෙවෙ....කකුල් වල ගල් ඇනි ඇනි කටු ඇනි ඇනි යනකොට ඔයාට රිදුන් නැති උනාට අහන මට රිදෙනවා.....ඔයාට මන් වෙනුවෙන් ඔයාව රිදනවන්නෙ නැතුව ඉන්න බැරිද මන්දාරම්.....

මහත්තයට තරහා යන එක සාදාරනයි...

ඒත් මේ කකුල් වලට මේ කාටක පොලව ඔරොත්තුයි....මේ කාටකෙ එක්ක ඔට්ටු වෙන්න ඔව්වා දාන් බෑ මහත්තයා .....

කමක් නැ.....ඔට්‍ටු වෙන්න බැරි උනාට කොහොම හරි දාන්න පුරුදු වෙන්න.....හැතැප්ම ගනන් පයින් යනකොට මගෙ පපුවයි ඇවිලෙන්නෙ...පිරිමි පපු උනාට මෙව්වටත් දුක දැනෙනවා මන්දාරම්....වටකුරු ගැනු පපු අස්සෙ විතරක් නෙවෙ මන්දාරම් පිරිමි පපු අස්සෙත් නිවීම තියනවා...මෙච්චර කියන්නෙ වටකුරු පයෝදර නැති මගෙ පපුවත් ආදරේ කියන විශයකාරනාව ගාව හරි සන්වේදීයි කියන්න...

නිවෙන්න ඕන තරම් මගෙ පපුවෙ ඉඩ තියෙනවා....ඒත් මං නිවන්න හදන උඹව අනෙ රිදවන්න එපා මගෙ මන්දාරම්....

හ්...හා..මහත්තයා.....

සුදු සුදු....කෝ??

හ්...හා....සුදු මහත්තයා....

...හොද ළමයා.....හොද උනාට හොද කියන්නත් බෑ...පියුම්ට විතරනෙ දැන් බත් අදින්නෙ....

මං හිතන්නෙ වැස්සක් වැහැලා ආහවර උනාද කොහෙද....වෙලාවකට ආදරෙන් කතා කරන වෙලාවකට මට අහවරක් නැතුව මට දෙස් තියන් කලාත්ම හාමු අවසානෙදි හොද ලමයා කියලා ආයම පියුම්ට විතරයි බත් අදින්නෙ කියලා ආයම මා එක්ක එල්ලෙන්න හදනව එක්කම ගුරුගෙදර දිහාව බල බල නවරත්න ගුරා දකීදෝ කිය කිය හැන්ගි හැන්ගි උන්න මට කට්ටකුත් ඇනුනා...

අනෙ දෙයියනෙ.... දහය කනිසමට එන අර නිවුන සියපතට උදේට මොකෙක් හරි වැහෙනවද කොහෙද...

සියපත් හාමු ඒපාර බත් එකකට එල්ලෙනවා...අනෙ සරු නැති බත් පතට මගෙ සියපත මා එක්ක එක්ක නිකන් තරහා ගන්නවා....එ අස්සෙන් මේ උදේ පාන්දර කවුරු හරි මාව දැකලා දෙස් තියයි කිය කිය අනෙ මං ගස් කොලන් අස්සෙ වහන් වෙවි පියුම් හාමු එනවද බලනවා...

මන්දාරම්.....

ම්න්....

එක්කො ඔයාට බැරිද මට දවසගානෙම ලියන්න...මට ඔයාව අහන්න ඕන ඒ වගේම මට මන්දාරම්ගෙ අකුරු දකින්න ඕන.....ඒ හැමදේකින්ම මං දකින්නෙ මන්දාරම්ව.......

ලියන්න.....මහත්තයා....නෑ මං කියන්නෙ සුදු මහත්තයා කියන්නෙ මට ලියන්න කියලද....

ම්ම්...ඔව්....ගමේ දේවල්....ඉයාගෙ දේවල්...එතකොට මට පුලුවන් දවස ගානෙම දහයෙ කනිසමෙන් එක් සින්දුවක් කැලෑගමට වෙන් කරන්න...කැලෑ ගමෙ පුරහද කලුවරට වෙන් කරන්න...කොලොම්තොටට කැලෑහද ඈතයි කියල දැනෙන්න නොදී මට උඹ එක්කම හුස්මගන්න ඕන මන්දාරම්....

මං....එවන්නම්....

හ්ම්....පරිස්සමින් මගෙ මන්දාරම්....පරිස්සමින් ඉන්න...මට ඔයාගෙන් අබමල් රේනුවක තරම් වත් දෙයක් නෑ...ඔය පන කෙන්ද මගෙ හුස්මටත් වඩා වටිනවා මගෙ ලමය දන්නෙ නෑ....ඒක නිසා පරිස්සමින්....ඉතින් එහෙනම්...චිරාත් කාලයක් සතුටින්ම ඉන්න ලැබෙන නිදුක් නීරෝගි සුභ උපන්දිනයක් මගෙ මන්දාරම්.....මගෙ ආයුශත් අරන් මගෙ ලමයා ජීවත් වෙන්න ඕන...තිසරන සරනයි...

තිසරන සරනයි සුදුමහත්තයා....ස්තූතිය කලාත්ම හාමු...උඹට අනන්ත අප්‍රමාන පින් සිද්ද වෙනවා මන් වෙනුවෙන් මේ දුන්න තෑග්ගට .....මහත්තයට මේක මහ දෙයක් නෙවෙ උනත්....මහමෙරුව තරම් බරක් ඉහෙ තියාගන හුස්ම ගන්න මට උඹගෙ වචනත් ඇති නිවෙන්න මහත්තයා...උඹලව මුලු තව්තිසාවෙම ඉන්න් දෙවිවරු රකින්න ඕන....තිසරන සරනයි...

ඉතින් කියාපන් කව්ද කියන්නෙ ප්‍රේමිය අමාවකට හදපායන්නෙ නෑ කියලා...ඔය පායන්නෙ අපූරුවට!!!

*

*

*

මගෙන් හුස්මක් වැටුනා....අනෙ මගෙ හතර කුටීරෙම ආදරෙන් උතුරනවා...පිටාර ගලනවා .....වේල්ලටත් දරාගන්න බැරුව හදවේල්ල පවා පුපුරන්න එනවා....පියුම් හාමු නම් මේක තනකොල ගොඩට දාලා යන්න කිව්වට අනෙමට පුලුවන්ද එහෙම කරන්න.....මෙච්චර දෙයක් කරපු හාමුගෙ වටින දේවල්.....ඇරත් මට බෑ දෙයියනෙ පාලම හැදුවයින් පස්සෙ තොටියට ස්තූතියි වත් නොකියන මිනිස්සු වගේ මේක දාලා දුවන්න....

කලාත්ම හාමු එක්ක කතා බහ අහවර කරාපු මං නවරත්න ගුරු ගෙදර දිහා එබිකම් කර කර පියුම් හාමුව බැලුවා....ගුරු නෝනා එලියට එනවා ආපිට යනවා.....උන්දැට නම් මක්කවත් ලෙඩක්ද මන්දා....මස් පරුවතයක්....උලුහාල්මයි කෙලින්නෙ කිය කිය පියුම් මහත්තයා නහින්න හදනවා...

ආයම නවරත්න ගුරා එනවා...කහට කෝප්පයක්ද මන්දා තියාගන රහ කරනවා.....කහට නම් වෙන්න නැතුව ඇති...මං දැක්කා සම්පකාරෙ කිරි පිටි ටින් තියනවා...අනෙ මන්දා මං නම් මතක ඇති කාලෙක ඔව්වා බීලා නෑ...අඩුම ගානෙ කිරි වල රහ මොකක්ද කියන්නත් මට දැන් අමතකයි....

අමතක කිරි රහ මතක් කරගන්න කියලා මං කොහොම කියලා නම් නහින්නද.... අනෙ ඊට කමක් නෑ...උගුර දිගෙ පහලට බහින කහට කෝප්පෙට පුලුවන් සොවින් පිරුන මගෙ හිතට අල්පමාත්‍රීක සතුටක් වත් ගේන්න...

ස්ස්...ස්....

ස්ස්....යසෝද....

පියු...හත් දෙයියනෙ...පියුම් මහත්තයා...

මං උන්නෙ කැලෑ ගස් ගොඩක් අස්සෙ රිංගන් අමතක කිරි රහක් ගැන මතක් කර කර වෙනකොට මං අහගන ගම්මිරි වැල ගාවින් සූසූ ගාන සදදයක් ආවා....වෙන කවෘරුත් නෙවෙ අනේ පියුම් මහත්තයා.....වටපිට බලපු මං අඩියට දෙකට අර මහ විසාලෙට හැදුන ගම්මිරිස් පදුර ගාවට දිව්වා...

පියුම් හාමු.....

ආ මේක.....මං හිතුවා යසෝද මලයා ඔය කිව්වට ගිහින් නැතුව ඇති කියලා....

ම්....මේ...මේ මොනවද හාමු....

දුඹුරුපාට බරවුන් පේපර් උරයක්.....ආ මේක කියලා වටපිට බලනගමන් හාමු මගෙ දිහාවට දික් කෙරුවෙ බරවුන් පේපර් උරයක් වෙනකොට අනෙ එපා නොකියම දෑතින්ම ගත්ත මං උරේට බෙල්ල දාලා බැලුවා...බොරපාට ඇස් අස්සෙ තරුමන්දාකිනියක්ම දිලිහුනා...

අ...අනෙ..හා...මු....මං එක දවසක් මේවයින් එකක් කාලා තියනවා...හරි...රහයි හාමු.....

මං ගාව වෙන දෙන්න දේකුත් මෙවෙලෙ නෑ යසෝද...ඕක නිකන් දෙන්නත් මොකක්ද වගේ.....

මේක මට මහ මෙරක් හාමු....මෙව්වා අපෙ නංගි කාලවත් නෑ හාමු....

දෙහි රහ එන විස්කෝතු පැකට් එකක්...ඒ බ්‍රවුන්පාට උරේ ඇතුලෙ තිබුනෙ විස්කෝතු පැකට් එකක්...පියුම් මහත්තයට මේක මහ දෙයක් නෙවෙ උනාට මෙ විසි අවුරුද්දට මං මෙයින් කාලා තිබුන එකම එක විස්කෝතුවක් විතරක් වෙනකොට කිරි රස අමතක මට දෙහි ගෙඩි දකිනකොටම ඒ රස මතක් වෙනකොට වයසට දරන්න බැරි තරන් දුක් විදින මගෙ කටු ගැහුන මූන පුරාවටම හිනාවක් මතු උනා.....මේවා අපෙ නංගි වත් කාලා නෑ හාමු කියනකොට අනෙ පියුම් හාමු මගෙ ඔලුව අතගෑවා....

නංගිටත් ගෙනත් දෙන්නම්....

අනේ....එපා අපෙ හාමු....මේක අපි හැමෝටම ඇති....

යසෝදලාගෙ ගෙදර අද කිරිබත් හදනවා ඇති නේ....

අනෙ ඔව් හාමු....මයෙ අම්මා කිව්වා ඒකිලා අද උදෙම්ම කිරිබතක් ලිපට කරනවා මට ගෙදර එන්ඩයි කියලා.....මයෙ අම්මගෙ ලුණුමිරිස පන්කාදුයි හාමු ..අනෙ ඒ රත්තරන් අත්දෙකට නම් ඇස් වහවදින්ඩ එපා...බේබි හාමු ඊයෙ රැ බත් එක කෑවද?

මගෙ මූන පුරාවටම තවම අර සතුට ඉහිරිලා.....සියපත් මහත්තයා හන්දා පෙම්පාට ගත්ත මූනට පියුම් මහත්තයා ඇවිදින් තවත් සතුටු අහුරක් වීසි කෙරුවා විතරයි අනෙ....වැහි නැති අහසින් වැහිබිදක් හැලුනා හා සමාන සන්තෝසෙකින් මාව පුපුරන්න ආවා...

යසෝදලාට සීවලි හාමුදුරුවන්ගෙ පිහිටයි....අනෙ බුදුන් පල්ලයි කරපින්චා කොලයක් වත් අහක් නොකර මං මුලු බත්පතම රහ කෙරුවා මල්ලි....අරුන්දැගෙ කායන් කාලා මගෙ රස නහර මැරෙනවා....ඕන් අද උදෙම්ම දමාගන දෙලක් තම්බනවා.....වලව්වෙ ඉන්නකොට වත් මං දෙල් කන්නෙ නෑ උදේට...මේ අම්මන්ඩි උදේටත් දෙල් දෙන්ඩ හදන්නෙ ...ඕකටත් උලු හාල් කෙලියොත් නම් අම්මාපා මං ඔය උලුහාල

ගහනවා ඕකිලාගෙ ඉහෙ....මේක හරි කෙලිය මල්ලි....එලකිරිය කියලා කිරි එකක් දුන්නා...තනිකරම වතුර...මට යන්ඩ එන්න තැනක් තිබ්බා නම් මන් මුන්දැගෙ රෙස්පට් බලන් නෑ යසෝද මල්ලි....

මට පව් කියලා හිතුනා...උදේට දෙලක් තම්බනවලු...අනෙ ඉතින් අපිට නම් ඕන එකක් ඔට්ටුයි . ඇරත් උදේට කනවා කියලා අපි හැමදාම උදේට කන්නෙත් නෑ...තුන් වේලෙන් හරියට කන්නෙත් එක වේලයි...හාමුලාට ඔව්වා හුරු නැතුව ඇති ...මයෙ අම්මා නම් දෙල් තම්බලා පොල් එක්ක දෙනවා.....

හාමු....මේක ආ...

මේ මොකද මේ....

හාමුලාට ඔව්වා හුරු නෑ....මට නැතුවට කාරි නෑ හාමු.....හාමු මේක මට දෙන්න ගෙනාව පිනත් ඇති හාමු කවදාවත් හාමුට දුකක් දැනෙන්න හොද නැ....මේක ගන්න හාමු....

යසෝ...ද.....මේ මොකද...පිස්සු නැතුව හිටින්ඩ මලයා....

දෙල් ගැන කියනවත් එක්කම මං බලාගන පියුම් හාමුගෙ මුන අගුරු ගහනවා....දුන්න විස්කෝතු පැකට් එක උන්නෙ ඒ වෙනකොටත් මගෙ පපුවෙ වෙනකොට මං ආපිට ඒක හාමු කෙරුවෙ ආපිට ඒක මගෙ අතට මිටමොලවාපු එක...

පියුම් හාමු බඩගින්නෙනෙ.....අපි වගේ උන්ට නම් බඩගින්න ඕනාවටත් වඩා හුරුයි.....ඒත් හාමුලා සැපට හැදුන ඈයො...

එ කියලා දුන්න දේ ආපිට දෙන්නෙ....කාරි නෑ ඕක මං දුන්නෙ යසෝදගෙ උපන්දිනේට හිස් අතින් යවන්නම හිත නැති හන්දා ඕක දුන්නෙ.....

විස්කෝතු පැකට් එක ආපිට මගෙ මල්ලට වැටුනා...ඒත් මගෙ හිතට හරි නෑ.....නාඹර ඉර අව්ව වේලුම්කාපු මහපොලවට හාදු තියන්න පටන් ගත්ත යාමෙක ඊයෙ රැයක් එලිවෙනකන් පිපිරුම් කාපු මායිම් ගම පැත්තට යන ආර්මි ට්‍රක් එක දැක්ක ගමන් මට සමනගෙ වචන මතක් උනා....ඒකා ඇහුවෙත් උඹලගෙ අම්මා කිරිබත් හදයි නේද කියලා......අනෙ ඌ මයෙ අම්මගෙ කිරිබතට වහ වැටිලා.....

දූවිල්ල කාගන යන්න ගියපු යුධ හමුදා කියලා කියවුන ට්‍රක් එක ගුරුපාර දිගේ අනන්තෙටම යන්න යනකොට මං පියුම් මහත්තය දිහ බැලුවා...

මහත්තයා.....දහයෙ කනිසමට මහත්තයට පුලුවන්ද අර කෝන් ගහ ගාවට එන්ඩ...

දහයෙ කනිසමට?

ඔව්.....මං මහත්තයට මයෙ අම්මා ලවා කිරිබත් කැටයක් කප්පන් එන්නම්.....

........යසෝද....මල්ලි....

මගෙ හිත නෑ හාමු....හාමු බඩගින්නෙ තියාගන හාමු දීපුවයි රහ බලන්න....

අපෙ මලයා හරි යසෝද....

ම්...මොක්කද හාමු....

යසෝදට තියෙන්නෙ හරි අහිංසක හිතක් කියන එක කලාත්ම මන්තරෙ වගෙ මතුරන එක හරි....

මං ලාවට හිනා උනා....රතුකැකුලු කිරිබතට අස්වැන්න හිටිනවා...අනෙ දන්කුඩ කන්නත් ඉතුරුවෙන තරමට අම්මා කිරිබතක් ලිපට කරනකොට මට පුලුවන්ද හිතක් පපුවක් නෑ වගෙ ඉන්න..පියුම් මහත්තයා කන කටක් ගානෙම අනෙ සමනා උඹට ඒ පින අනුමෝදන් වෙන්ඩ ඕන බන්.....

යසෝද මල්ලි.....මං ඇතුලට යන්නම්...දැ අරුන්දා යන්ඩ තදියම් වෙනවා....ඔයා.....

ආ.....ආ.....ඒ...ආ...ආ...ආ...

ක්...කව්ද....ක්..කව්ද.....යසෝද ඒ ...ආන්...ඒ ගෑනු කෙනා මෙහෙට්ට එන්නෙ...අයියො...යසෝද...උන්දැගෙ ඉනවස්තරෙත් ලෙහිල වැටුනා අපෙ අප්පෙ...හෙලුවෙන්...අනෙ පව්....

පියුම් මහත්තයට නෙවෙ කතාව අහවරක් කරන්න හම්බුනෙ....ගුරුපාරෙන් මතු උනෙ ඉහකෙස් තනිකරම පිස්සිගෙ පලාමල්ලට අන්ත උන ගෑනු රූපයක්....කාලෙකට කලියෙන් රඹපාටට ඉදලා ඉබාගාතෙ ගිහින් ගිහින්ම අංගාර පාට ගහපු ගෑනියෙක්.....කෙසග සර්වාංගෙ ඇට පෑදිල්ල කොයි තරම්ද කියනවා නම් උරිස් ඇට දෙකට වතුර උනත් පුරවන්න පුලුවන්...ගනින්න බැරු තරම් ගව් ගනන් ඉබාගාතෙ ඇවිදලා ඇවිදලම කකුල් වල ලෙලි ගිහින්....

" පිස්සු ගෑනියෙක් "ගමම කියන්නෙ එහෙම පියුම් මහත්තයා...

මං මිමිනුවා.....පියුම් මහත්තයා ඒ කව්ද අහනකොට නූතන පටාචාරාවක් වන් වෙච්ච ගෑනු පරානෙට මුලු ගමම එකතුවෙලා දුන්න ගෞර්ව නාමෙ උන පිස්සු ගෑනි කියල කියනකොටම අනේ අර ඉනකඩ මගෙඇස් පනාපිට කඩන් වැටුනා.....රෙදි ලෙහුනත් ඒකිට නෙවෙ වගක් උනේ.....

උපන් දා ඉදන් කතා කරන්න පුලුවන් කම තිබුන ඒකිලාගෙ වචන හොරු අරන් ගිහින්....දන්න එකම වචනෙ ආ...ආ....විතරක් වෙනකොට උදේ පාන්දරත් ඒ ඇස් වල කදුලු කැට කඩාවැටෙනවා....

පිස්සු ගෑනියක්.....?

හ්ම්.....ගමම කියන්නෙ එහෙම මහත්තයා....ඒත් ඔය තියෙන්නෙ දරු දුක ඉහවහා ගිහින් පපු කදට දරන්න බැරි වේදනාවක් පියුම් හාමු.....බුදුන්ගෙ කාලෙ නම් පටාචාරට නිවෙන්න බුදුන් වත් උන්නා.....ඒකිලාගෙ ඇස් අචරවතියට හපන් කදුලු හලනවා මහත්තයා.....

ඇයි යසෝද ඒ....

ආ...ආ....ආ...

ඉදල්ලා...මේක කාපල්ලා...උඹලාට මතක දා ඉදන් වත් කාලා නැතුව ඇති...

ආ ආ....ගගා අඩ අඩ මුලු ඉහටම ඉතුරු කෙස් ගස් දෙක තුන අතින් ඇද ඇද පපුවට ගහ ගහ අඩ අඩ උන්න ගෑනු පරානෙ අපි ගාවට ආවා විතරයි පයුම් හාමුට බය හිතිලද කොහෙද ගම්මිරිස් වැල් අස්සට රිනගනකොට මන් අච්චර ආසාවෙන් තුරුල් කරගත්ත විස්කෝතු පැකට් එක ඉරලා දෙකක් අරන් ඒ කිලිටි අත උඩ තිබබ විතරයි ඒ දෙකම මගෙ ඇස් පනාපිට බිම වැටුනා....

නහයක් තියාන ඉන්න බෑ හඩු ගද...කිලිටි ගද....මල මුත්‍ර ගද....මේකිලාට මෙ ගම්තුලානෙම කොල්ලො කුරුට්‍ටො ගල් මුල් වලින් ගහනවා...මහ එවුන් පවා පිස්සු ගෑනි ගගා කවටකම් කරනවා...ඒත් අද වෙනකන් කාටත් බැරි උනා පිස්සියෙක්ගෙ මාතෲත්වෙ දකින්න....

පිස්සියෙක්ගෙ ආදරෙ තරම දකින්න.....

ඒකිලා අඩනවා...ආ..ආ..ගගා කෙල වක්කරන් අර හඩු ගද ගහන අත්වලින්.මගෙ මූන කට අතගානවා...මුලු ගමක්ම එකතුවෙලා ඒකිවත් මාවත් පිලිකුල් කරනකොට මොකට කියල මන් අහකට වෙන්නද.....වෙනසකට තියෙනෙ සිහිය ඇති නැති පරතරෙ විතරක් වෙනකොට මගෙ මූනකට අතපය අතගාන ඒකිට මාව අල්ලන්න දිලා මං එහෙම්ම ගම්මිරිස් වැල අස්සට රිංගන් බය වෙලා වගෙ බලන් උන්න පියුම් හාමු දිහා බැලුවා....

මේ ඉන්නෙ දොස්තර පුතෙක්ගෙ අම්මෙක් හාමු මහත්තයා...මුලු ගමෙන්ම දොස්තර වාසිටියට ගියපු කොල්ලගෙ අම්මා....මේවා අසූ අටෙ ඉදන් ගලන කදුලුලු මහත්තයා...මට යන්තන් දෑවුරුදුයි...එකම පුතයි.....ජූලිය කාලෙ දි මරලා දාල...ඉහට පරාල ඇන බස්සලා.....දෙන්න පුලුවන් දෙතිස්වදේම දීලලු...ඇගිලි විස්සෙම නියපොතු ගලවල යටි පතුල් පලලා තිබ්බලු.....බඩට වේලක් කාලා....වේලක් නැතුව හරි උස්මහත් කරපු එකම පුතාව ජූලියෙ මරලා දාලා මහත්තයා....

පුතාගෙ මලකද බාරගත්ත වරදට අප්පොච්චවත් ලයිට්කනුවක ගැටගහලා පුච්චලලු මහත්තයා....එහෙව් ගෑනිට පිස්සු නොහැදුනොත් තමා පුදුමෙ... කන්ඨකලාගෙ විතරක් නෙවෙ පපු පුපුරන්නෙ මහත්තයා...

ජ්..ජූලිය....කිව්වෙ....කලු ජූලියෙ....

ම්ම්....ඔව් බේබි හාමු....මං නොදරුවා මට ඇති මතකයක් නෑ.....ඒත්...මේ ගම්වල කොටි කරදර අලි කරදර මැද මයෙ අප්පච්චිලාට ඔය කලබලෙන් බේරෙන්නත් කැලේ පනින්න වෙලා...එක වෙඩි සද්දෙයි පිරිමි මලකදයි අනිවාර්ය උන කාලයක් තිබිලා.....එහෙව් කාලෙදි ගලන්න ගත්ත කදුලු මහත්තයා ඔය.....මේ මහපොලවට සාප වැදිලා තියෙන්නෙ නිදොස් කදුලුයි ලේයි හැලිලා හන්ද වෙන්න ඇති මහත්තයා...

මැරෙන්න හේතුව සාදාරන නැති මලකදන් කීයක් මේ මහපොලවෙ වැලලෙනවද බේබි හාමු....ඉතින් වස් වදින එක සාදාරන නැතුවද මහත්තයා.....

අරුන්දා මගෙ මූන අතගාලා....අතගාලා ආයම ඔලුවෙ තිබුන කෙස් ගස් දෙක තුන දෑතින්ම ඇද ඇද හෙලුවෙන්ම යන්න හදනකොට වචනත් ගොලු කරන් උන්න පියුම් මහත්තයා දිහා බලපු මං අඩියට දෙකට ගිහින් බිම වැටුන කඩමාලු ඉනකඩෙ ඇහිදන් උන්දැගෙ ඉනට පටලනවත් එක්කම ඒකිලා මා දිහා බලාගන උන්න....අර බොරපාට ඇස් වලින් කදුලු කැට පෝලිමක් කඩන් වැටුනා...පපුව පලාගන ඉකියක් ඉපදුනා....

වෙදනලාව දාන් එයි කියලා බලන් උන්න පුතාගෙ ඉහ පසාරු කරපු පරාල ඇන දැකපු ඒකිලාගෙ පපුවට පරාල ඇන ගෝනියක් බස්සපු තරන් වේදනවක් එක්ක හොද සිහියත් මලගම් ගිහිල්ලා...

ඉදින් මේ දෑහෑට නොදැකපු නිදහස් අද්‍යපනය වෙනුවෙන් හුස්ම ඇරපු උදාර විරුවන්ගෙ විරුමවුන් පටාචාරවකට එහා හදවත් පලාගත් හ..... නොමල ගේකින් අබමිටක් නොලද කිසාගෝතමියන් සත්කඩකට පපු පලාගත් හ.... 

භීශන දූශන රජවූ දෙරණක

සුභ සෙත සළකා මලෝය උන් සැම.....!

බේබි හාමු.....දහයෙ කනිසම එක්ක මං එන්නම්....හාමුලා මේ වගෙ ගම්වලට ඇවිදින් ඔය ඇස් පාදන්නෙ උන් මැරීගන දිනවලා දුන්න නිදහස් අධ්‍යාපනෙ පියුම් මහත්තයා...

BYE

More Chapters