LightReader

Chapter 13 - 13

තවත් එක වතාවක් පියුම් හාමු දිහා කදුලු බැදුන ඇස්වලින් බලන් උන්න මං දහයෙ කනිසම වෙනකොට ඉස්කෝලේ ගාවට එන පොරොන්දුව එක්ක එන්න ආවා....

මගෙ ඇස් ආය අඩනවා...

මන්දා...මොනාකාර කරුමයක්ද මේ කියලා...චුට්ට බැරි වෙනකොට සන්තෝසේ උහුලන්න බැරි උනහම කදුලු එනවා...ආයම මටවත් අදාල නැති වෙන එවුන්ගෙ සෝකාලාප වෙනුවෙනුත් මගෙ ඇස් වලට කදුලු එනවා...

ඇස් වලට කදුලු ගෙන්නන වරදට හදවත හත් අවුරුදු හිරබත් කන්ඩ බෝගම්බර දැම්මත් පාඩු නෑ ප්‍රේමිය.....මෙයාකාර කදුලු උල්පතට පන ඇවිලෙන්න මයිනහම අදින්නා හදවත නෙවේදයි මට කියාපන් සොදුරිය...?

මං මගෙ තෙත් වුන ඇස් ඇගිලි තුඩුවලින් පිහදැම්මා...මයෙ අප්පුච්චා කියන්නෙම උඹ තියෙන්නෙ පුදුමාකාර අහිංසක මයෙ පුතා කියලා.....තමන්ගෙ වේදනාව දරාගන්න හයිය තියන උඹට අනුන්ගෙ හිත් වේදනා දරාගන්න හයියක් දෙන්න මටවත් උඹලව වදාපු මයෙ මායියටවත් දෙන්න බැරි උනා කියලා....ඒකයි උඹ ඩින්ග ඇත්නම් බඩෙ බත් ටික හරි ඇදලා අරන් දෙන්න දගලන්නෙ කියලා....

ඇත්ත....මං ඇවිදින් බෙනෙ මට උඹගෙ හදවත දියන් කිව්වොත් දෙවංගියක් නොහිතා හදවත පවා ගලවලා දෙන මනුස්සයෙක්...ඒත් කරුමෙට මේ මුලු ගමකගෙම ඇස් වලට මං ඇවිදින් පවුකාරයෙක්.....දැක්කොත් වගතුවක් නැති එකෙක්....

ඉතින් දෙයි හාන්දුරුවනෙ මං වත් මගෙ අප්පුච්චා වත් පන උන් ඇදන් ඇවිත් එම්බාම් කරනවද...මේ අත්වලින් පව්කාර කමක් කෙරුවා නම් ඒ කෙරුවෙම මනෝරත්න මුදලාලිගෙ කරදරෙ ඉහගහන්න බැරිව වලදාපු මලකද ගොඩට අරන් ආපිට පෙට්ටිය අරන් ආව එක විතරනෙ.....

කාලකන්නි ජීවිත.....මනෝරතන මුදලාලි උඹ මලකදන් වලටත් අසාධාරණකම් කරනවා....

අද දවසට ඔව්වා කල්පනා නොකර ඉමු.....තුන්සිය හැටපස් දවසෙම අනුන්ගෙ මුන්ගෙ පදවලට හිත් තලාගන රහසෙම අඩන මට අද දවස වත් මං වෙනුවෙන් ගෙවලා දාන්න ඕන.....ඒත් ඉතින් කොහෙ කියල එහෙම කරන්නද .....මක්කවත් උනොත් මගෙ හිත මටත් කලින් ඉස්සර වෙනකොට....

පපුව පුරවලම බර හුස්මක් ගත්ත මං අනිත් පාර අතරින් පතර වලාකුලක් දෙකක් රැදුන නිල්පාට ආකාසෙ දිහා බැලුවා....

නිල් අහස්තලෙ දැක්කත් හරිඅනෙ මගෙ මූනට හිනාවක් මතු උනා..

නිකම්ම නිකන් හිනාවක් නෙවෙ...මං හිතන්නෙ මගෙ කනකුත් රත ගහන් මනමාල හිනාවක් මතු උනා..වෙන මොකටවත් නෙවෙ ප්‍රේමනීය ආකාසයක් මතක් වෙලා.....

"කලාත්ම සියපත් ආකාස...." උඹලට තියෙන්නෙ පුදුමාකාර ලස්සන නමක් හාමු මහත්තයා....කොයි නමට වැඩියෙන් ආසයි කියලා කියන්නද මට තේරෙන්නෙ නෑ...ආසයි කියනවට වඩා මං උඹගෙ මුලු නමටම හරි ආදරෙයි මගෙ ආකාස හාමු.....

අන්කර කෙක්කක් ...වචනයක් මග ඇරුනත් උඹ මා එක්ක එල්ලෙන්නෙ හරියටම නොදරුවෙක් වගෙ....ඒත් එ තත්පරෙම්ම උඹ මට දෙස් තියන්න ගන්නෙ මගෙ අප්පච්චි වගේ....අරක ද මේකද....ගගා උඹ මට තරවටු කරාකොට වචන ගොලු කරන් බිම බලාගන්නෙම මං උඹ තනිකරම මගෙ අප්පච්චි වගෙ හින්දා සියපත් හාමු....

මොන තරම් ඉහල පැලැන්තියක උනත් උඹ හරි නිහතමානියි කලාත්ම හාමු...උඹත් එහෙමයි පියුම් හාමුත් එහෙමයි....උඹලට තියෙන්නෙ රත්තරන් හදවත්...

උඹට ගොඩක් පින් මගෙ සුදුමහත්තයා...ආකාසෙ දකින පමාවට මගෙ මූනට හිනාවක් දෙන්න තරම් උඹ මට ලන් උනාට...ගිනිගහන පූටක අවුවට කරවෙලා...කරවෙලා අවසානෙදි ඉහිලුම් නැති තැන පිපිරුම් පැල්මවල් කට ඇරුනා හ හා සමාන ඉරි කඩතොලු හදවතක් එක්ක කඨෝර ජීවිතයක් තිබුන මට උඹගෙ වචන තනිකරෝම තව්තිසාවෙන් මිහිපිටට ඉහින පිරිත් පැන් වගේ....

දෑහින් නොදැකපු තුසිතයක් හා සමාන උඹගෙ හිනාව හන්දම උඹ නොදන්නවා උනාට මාව සුවවෙන්න අරන් මගෙ හාමු තැන.....උඹට ස්තූතිය කියන එක මට සිල්ලර වැඩී හන්දම මං උඹට මගෙ ජීවිතෙ අහවරවෙන තත්පරේ වෙනකම්ම පින් දෙන්නම් කලාත්ම...

 උදේ පාන්දර සර්වාංගෙම ඉඹගන යන මැදි හුලගට හිරිගඩු පිපෙනකොට මං හිනා තැවරුන මූන පිටින්ම අර වේලුම් කාපු තනකොල යාන්ගෙත් පාලුවට ගියපු හේන් කට්ටියත් දිහා බලාගනම ඉස්සරහට ආවා...

ගම්තුලානෙටම අරක් ගත්ත කැලෑ කුරුල්ලෙක් හිතට දුකත් පාලුවත් කැන්දා එන හැගීම් මුහු උන කටහඩකින් දිරාපු ගස් අරටුවක් උඩ ලැගන් අඩාගනම ඉන්නකොට හිමෙ සුද ගත්ත කිරි කොක්කු අහුරක් අහසට නැග්ගා.....

තවම හිරිමල් ගැටයෙක් හා සමාන ඉර හීන් සීරුවට අහසට නගිනවා...හිරිමල් කාලෙදි ඒකගෙන් එලි පයින රැස් කදට පිට හම පිච්චුන් නැති උනත් ඒක අහස් මුදුනට නැග්ග ගමන් රෙදි මාරු කරන්නා හිරිමල් ගැටයව කපාගන තලතුනා පිරිමි පරානයක් මතු වෙනවා....ඉතින් කොච්චරවාත් පිච්චෙනවා....දියබිදක් නැති මහ පොලව නේද නොහිතා ඒකා හයිරන් කන් පානවා....

කාරි නෑ...කාරි නෑ...උඹගෙ රාජාකාරියත් ඇවිලෙන එකනෙ...ඇවිලුනාට කාරි නෑ ආකාසෙට රිද්දනෙ නැතුව....

නාඹර ඉර දිහාවත් තවමත් තැන් තැන්වල ඉතිරි උන සීනිකොහු පාට ගැහුන අහස දිහවත් බල බල ගල් ඇනි ඇනිමගෙදර එන මගෙ යටි හිත අද මනමාල කතා කියනවා....අගලක වැවුන කැලැමල් දැක්කත් ඒ දිහා නොබල දූවිලි කාගන උන්න ගඳපාන පදුරු දිහා බලන් ගඳපාන මල් එක්කලා හිනා වෙනවා...ඒ අස්සෙන්

අඩක් ඉරුන විස්කෝතු පැකට් එක පන්මල්ල ඇතුලෙ ඉදන් මා එක්කලා හිනා වෙනවා.....

අනේ දෙවියනෙ ඉහලට ගන්න පිට දාන වාරයක් පාසාම මගෙ හුස්ම ඇතුලෙ කලාත්ම හාමු ජීවත් වෙනවා...

මෙච්චර කාලෙකට නිකම්ම නිකන් ගුරුපාරක් උන ගුරුපාර දැන් කලාත්ම හාමුගෙ මතක උහුලන කටු ගෙයක් වෙලා...ඇස් හීන් කරන් හිනා වෙවි මේ පාර පුරාවටම හාමු තැන මා එක්ක හරි හරියට එහා මෙහා ඇවිද්ද.....

දකින දකින කැලෑගෙඩි වහද නැද්ද නොබලා කටේ ඔබාගන්ඩ ගිහින් මගෙන් බැනුම් ඇහුවා.....

උඹ හරි මගෙ කලාත්ම....මං මේ ගුරුපාරෙ ඇවිදන වාරයක් පාසාම මට උඹව දැන් ඕනාවටත් වඩා මතක් වෙනවා...ගිනිගහන පූටක අවුවක උනත් පයට සෙරෙප්පු කබලක් නැතුව උනත් මට මේ ගුරුපාරෙ නිස්කලන්කෙ එන්න පුලුවන් තරමට උඹ මතක හන්ගලා ගිහිල්ලා.....

අනෙ ඉක්මනටම දහයෙ කනිසම වෙනවා නම්....මට උඹව දැහැන් ගතවෙලා වගෙ අහන් ඉන්න තිබුනා...

රෑ නින්ද නැතුව හීන දකින දා.....

හිත ආදරයක බැදුනිද මන්දා...

මට හිනා ගියා....අනෙ කවරදාකවත් නැතුව මං මේ පාලුවට ගියපු ගුරුපාරෙ තට්ට තනියෙන් හිනා උනා මදිවට දූවිල්ලෙන් වැහිලා ගියපු ගඳපාන පදුරකින් එකපාටකින් නැතුව පාට පාටින් පුංචි පුංචි මල් පිපුන ගඳපාන මලක් කඩාගන ඒ පුසුඹ පවා ඉව කරලා බැලුවා....කලාත්ම හාමු මගෙන් හරි ආදරනීයව ඉල්ලපු සින්දු කෑල්ල ගඳපාන මලට කියාපු මං ඒ මල පපුවට තුරුලු කරගත්තා....

මං ගාවින් ගඳපාන මල් පුසුඹ එනවලු....!!!හ්ම්...හිත ආදරයක බැදුනිද මන්දා නෙවෙ හාමු....මගෙ හිත ආපිට මටවත් ගොඩගන්න බැරි තරමට උඹ එක්කලා ආදරෙන් බැදිලා...

*

*

*

කැහ්.....කැහ්...

සමනගෙ අප්පච්චි....මේන් මේක බීලා හිටින්කො...ඊයෙ රෑ අහවර වෙනකන් වත් උඹලගෙ කැහිය අහවර උනෙ නෑ දෙයියා .....කෝ මේක බීලා හිටින්කො...

මගෙ යටි හිත උඩු හිත කියාපු සින්දුවට නැවතීම් තිතක් වැදුනා...නවරත්න ගුරුගෙදර පහු කරාන ආව මම සමනගෙ ගේ පහුකාරන යන්න ගිහිනුත් ආපිට නැවතුනා.....උන්ගෙම හේන රැකලා වචනයක් වත් නොදොඩා මන් යන්න හැදුවෙම ආපිට දහයෙ කනිසම වෙනකොට ඉස්කෝලෙට යාගන්න සුනන්ගුවෙයි කියන බයට උනත් පිල්කඩ දිහාවෙන් ඇහුන බල්බල් ගාන සෙම කැහිය එක්ක මගෙ කකුල් නැවතුනා...

තවමත් කුප්පි ලාම්පුව ඇවිලෙනවා....වැඩියෙන් තෙල් බෝවි කියල මහ විසාලෙට නොදා අඩුවට හිටින්න දාන දල්ල තවමත් හුලන් අතට ගැස්සි ගැස්සි පන අදිනකොට ලාම්පු දැල්ලට හපන් සමනගෙ අප්පා පන අදිනවා.....

.උන්දෑ හූල්ලගන වගේ ඉහලට අදිනවා...කැහැල කැහැලමද කොහෙද උන්දැට සුවාසෙත් නැතිව උන්දැ දිරාපු වහල දිහාව බලාන ඉන්නවා....

අනිත් පැත්තෙන් සමනගෙ අම්මා...අතෙ බෙලෙක්කයක් තියාගන මක්කවත් පොවන්න තදියම් වෙනවා...

එකපාරක් පන් මල්ල දිහාවත් ගුරුපාරම දෙදරවන් ඈතින් එන හමුදා ට්‍රක් එක දිහාවත් බලාපු මං වැටකඩුල්ල පැන්නා....

සමනගෙ අම්මෙ....මොකෑ මුන්දැට...

කැහි නරක් කරලා සමනා....ඊයෙ රෑ නින්දක් නෑ......හුස්මක් කටක් ගන්ඩ නෑ...කොච්චරවාත් කියනවා නේන්නම් ඔය පපු කබලට හුලන් වද්දන්නෙ නැතුව ගෙයින් ඉන්ඩයි කියලා....කෝ....අහන් නෑ.....එක්කො *ලබ්බ උස්සාන වැවට යනවා....

එක්කො බලාගත්ත අත බලාන බුලත කොටනවා.....

(*ලබ්බ මදෙ අහක් කරලා වේලල ගත්ත ලබු ගෙඩියක් කලයක් විදිහට පරන මිනිස්සු පාවිච්චි කෙරුවා)

කැහ්....කැහ්...කැහ්....

දියන් ඕක...

සමනගෙ අම්මා අඩන්න ඔන්න මෙන්න තියාගන දෙස් තියනවා...සමනගෙ අම්මා තනිකරෝම දෙනවක හාමිනෙ වගේ...හූල්ලන් ඉන්න හීල්ලිල්ලට ඒකිලාගෙ ඇටකටුවලට වතුර පුරවන්න තරමට ඒ ශරීර කූඩුව දිරලා ගිහින් තිබුනා....දන්න දා ඉදන් රෙ හිල්ලුම එහෙම්ම වෙනකොට අනෙ උන්දෑ දෙස් තිය තිය උනත් සමනගෙ අප්පුච්චගෙ සුවාසෙ නැති පපු කද අත ගානවා.....

එකයි දෙකයි තුනයි කියලා ගනින ඇහැකි තරමට ඒ පපුව දිරලා ගිහිල්ලා....

අනුන්ගෙ පපු ගැන ඇටකටු ගැන වද උනාට මක්කද...මටත් අමතකයි මට තියෙන්නෙත් එහෙව් සර්වාංග පරඩැලක් කියලා...

හරිහමන් කෑමක් බීමක් නැති අපිට ඇට වැහෙන්න තිබුනෙ හම මිසක් මස් නොවෙනකොට ඇට ගනින්න පුලුවන් බව අහන්න දෙයක්ද...

කෝ දියන් ඕක කියපු මම උන්දැ අතින් තැනින් තැන පතුරු ගියපු බෙලෙක්කෙ අරගත්තා...නාහෙට ලන් නොකර පාටෙන්ම කියන්න පුලුවන් උන්දෑ මේ නහින්නෙ කසායක් පොවාගන්ඩ ...

සමනගෙ අප්පුච්චේ....කෝ කෙලින් වෙයන් මේක බිලා හිටින්ඩ....

මං උන්ඩැව වත්තන් කරගත්තා...කකුල් ඉදිමිලා...බඩ ගෙඩිය දවසින් දවස ලොකු වෙනවා...ඇස්වල තිබුන කහ ගතිය වැඩිමිසක් අඩු නොවෙනකොට එදා රෑ පානෙ ඉස්පිරිතාලෙ දුවාපු වලට තාම ඒ කකුල් ණය ගෙවනවා කියන්න දැකපු මට බඩ පපුව හෝස් ගාලා යන්න ආවා.....

මුන්දෑ මේ තරම් ලෙඩ උනෙ එදා රෑ පානෙ ඉස්පිරිතාලෙ දුවලා සමනගෙ අම්මෙ....උඹලා මක්කට ආවඩ මං කොලුවා අරන් දුවනකොට....ආය ඉතින් ලබ්බ කරන්ඩද මගෙ පස්සෙ දුවන් ඇවිදිල්ලා....

....................එවෙලෙ ඇවිලුන හිතෙ ගින්දර වලට එහා මක්ක මතක් වෙනවද සමනා...අගුනෙට හිටියෙ රෑ හුලග වෙන්ඩෑ...දැන් කී දොහක්ද....අඩුවක් නෑ...තුන්වේල කසාය තම්බනවා කෝ ඉතින් ගුනයක් නෑ.....

කැහ් ...භ්භ්.....කැ....භ්භ්...

හා..හා...හෙමින් බීපල්ලා...හෙමින් බීපල්ලකො....

භ්භ්....භ්භ්....භ්.....බ්....ක්ක්ක්.....

සමනගෙ අප්පච්චිව වත්තන් කරන් උන්න මං හීන් සීරුවට කසාය එක පොවන්න ගත්තා....එත් කොහෙ කියලා පොවන්ඩද දෙයියනෙ උන්දැට උගුරක් පෙවුනත් අර මුරන්ඩු පපුව ඒකගෙන් පන්න පන්න පලිගන්නවා....හුස්මක් වැටුනොත් තත්පරගානකට හුස්ම හිරකරාන කැස්ස එනවා...

එක කසාය උගුරයි....එකම එක කසාය උගුරයි......බොරපාට ඇස් වලින් කදුලු කැට කඩාහැලෙන වෙලාවක උන්දෑ සෙම වමනෙ තලියක් මගෙ ඇගට හැලුවා.....

උහුලන්න බැරි ගන්දස්සාරයි...මගෙ ඇස් පනාපිට කඩතොල්ල බැදුන මැටිපිල්කඩ තෙත්වේගන ගියා .....කැස්සෙ සැර ඉහිලුම් නැතුව උන්දැට සුලුදිය පහවෙනවා.....

ඒත් මම නෙවෙ උන්දැව අහක් කෙරුවෙ....අමු අමුවට පන ගියපු සර්වාංග දෙබෑකරන මට ...අමු අමුවට සංසාරෙ හැටි ඇස් පනාපිට දකින මට මේ කලු ගැහුන සෙම තලියත් සුලු දියත් කියන්නෙ කිවිසුමක් තරම් ඇබිත්තන් දෙයක් වෙනකොට මං මක්කවත් නොකියා උන්දැගෙ පපුව අතගෑවා.....

උඹලට දැන් වත් හෑල්ලුවක් දැනුනද බන්.....

පපු කටු ගනින්න පුලුවන් පපුව අත ගගා මන් උන්දැගෙන් දැන්වත් හෑල්ලුවක් දැනුනද අහනකොට ඒ ඇස් වලින් තවත් කදුලු කැට අහුරක් කඩන් වැටුනා....

මක්ක කරන්නද බුදුහාමුදුරුවනෙ....මේකලා දැන් මෙහම පරඩැල උනාට කාලෙකට කලියෙන් මහපොලව එක්ක හැප්පි හැප්පි සමනාලාව රැකපු හයි හත්තිය තිවුන පිරිමියෙක්නෙ.....

තෙත රෙදි කඩක් එක්ක සරමක් දියන් සමනගෙ අම්මෙ ....

තත්පර ගානක් උන්දැව වත්තම් කරගන උන්න මං පපුව අතගෑම අහවර කරල අනිත් පාර සමනගෙ අම්මා දිහාවට හැරිලා තෙත රෙදි කඩක් එක්ක සරමක් ඉල්ලුවා විතරයි උන්දැත් කර කඩාවැටුන හැට්ටෙත් අතින් හද හද ගෙයිඇතුලට දුවනවත් එක්කම මං අහගන ගෙයි ඇතුලෙන් කොලු පැටියත් අඩනවා...

බ් ...බ්....බෙ.....බ්.....කැහ්...කැහ්....

ම්න්...මක්කද....උඹලට කතා කරන්ඩ හයිය නෑනෙ.....ඔහොම ඉදිල්ලා...

මං උන්නෙ ගෙයි පිටිපස්සෙ....කිව්වට විස්වාස කරපල්ලා සෙම හලාගන හුජ්ජ වක්කරගන උන්න උන්දැව මන් හරහට අරගන්නකොට මට දැනුනෙම මෝචරි ලැල්ලට දාන්න හදන මලකදක් හරහට ඉස්සුව ගානට...

උන්දැගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා...යන්තන් වත් රස්නෙ තියෙන්නෙ කැහැට්ට ගැහුන පපු කබලෙ විතරක් වෙනකොට පාට ගියපු පතුරු ගියපු ප්ලාස්ටික් පුටුකබල උඩ මඩෙ හිටවපු ඉන්න වගෙ අමු හෙලුවෙන් උන්න උන්දැ ඒකගෙ පිරිමි ඇග මායිම තෙත රෙදි කඩින් පිහ පිහ උන්න මගෙ අත අර කෙසග අතින් හරි තදේට අල්ලනවත් එක්කම මං ඒ මූන දිහා බැලුවා...ඒකල මක්කවත් කියන්ඩ ගොත ගහනවා....

උඹලට ලැජ්ජද සමනගෙ අප්පුච්චෙ...මාත්සමන වගේනෙ බන්....මක්කටද උඹ ලැජ්ජ වෙන්නෙ.....ඇරත්.....මට අමතක නෑ...හිච්චා කාලෙදි සමනා එක්ක සෙල්ලමට වැටුන වෙලාවක හදිසියේ වත් දොට්ට පිලට ගියහම උඹලා මගෙත් පුක හේදෙව්ව කියන්න....මට ඔව්වා අමතක නැ සමනගෙ අප්පුච්චෙ....ලැජ්ජ නොවී ඉදින්....

මන් උඹලව ඩිස්පැන්සරියට එක්ක යන්නම්.....ඩිස්පැන්සරි නෝනා අද ඉන්නවා....හැන්දෑ වෙනකම්ම ඉන්නවා....ඔය කසාය බිව්වා මදෑ බන්...හිටින්කො උඹව පිහින්ඩ...මෙහෙම යන්ඩ පුලුවන්ද බෑනෙ....

මං නෙවෙ අරුන්දට කතා කරන්ඩ දුන්නෙ....ඒ ඇස්වල පිරුන කදුලු කැට දැක දැක....මං කොහොම කියලා නම් ඒ පපු කබල මහන්සි කරවන්නද...

තෙත පිරුන රෙදිකඩ අරගන මං ඒ මුලුසර්වාංගෙම පිහදැම්මා...හිතුමනාපෙට නාගන්ඩ කොහෙන්ද වතුර...මඩ වතුර නාගන්ඩ වත් වැවට අරන් යන්නෙ කොහොමද. ..මගින් මග බිම තිය තිය ගියා උනත් පපුවට බැදුන් සෙම මේ කලු කරලා තියන කෙරිල්ලෙ හැටියට උන්දට වතුරත් අගුනයි නේද....

ගෙයි කෑල්ලෙන් නැලවිලි සද්ද මැද නොදරු විලාප ඇහෙනවාම්...පැටියා එක්කො අඩ නින්දෙන් ඇහැරලා....ආයම අහිපියවෙනකම්ම ඕක දැන් අඩනවා.....මගෙ හාමු තැන උන්නා නම් අනෙ මටත් නැලවෙන්න කවියක් අහගන්න තිබුනා....

පිත්තල කොරහෙ තිබුන මඩ පාට ගැහුන වතුර පොගවපු රෙදි කඩ තවත් පාරක් මිරිකපු මං කොලුවගෙ ඇඩිල්ල අහගනම උන්දගෙ පපුව හරි හිමීට පිහ දැම්මා..මෙච්චර වෙලාම තටම තටම උන්න උන්දෑ එක පාරම මගෙ අත අල්ලගත්තා....කවදාවත් නැති තදකින් උන්දැ මගෙ මැනික් කටුව ගාවින් තදින්ම අල්ලගත්තා...

බ්...බෙ...බෙනා.....

මාමා...කියාපන් මක්කද .....

එ බොරපාට ඇස් ගැහෙනවා....කලු ගැහිලා ගිහින් මදිවට වතුර බිදක් නොදැකපු රලු පොලවට අන්ත වේලුම් කාපු කලු ගැහුන යටි තොල් උඩු තොල් වෙව්ලනවා....

ස්....ස්...සමනා.....එ..එනවා...

සමනා....

කැහ්....කැහ්...ස්...සමනා...ම්ම්..මාව.....එ...එක්..කා....න....ය්..යන්ඩ....එනවා...

උඹටල මසක්කම.....ඒකා කොහෙ එන්ඩද උඹලව එක්ක යන්ඩ...අර කොලුවා ලොකුවෙනකන් උඹ ඉන්ඩ ඕන...ඒකා දනගායි...බඩගායි....ඔව්වා බලන්ඩ උඹ ඉන්ඩ ඕන.....මේ කැහිය අඩු උනහම මං වතුර ඇදලා උඹව නාවන්නම්...

මගෙ අත් ගැහෙනවා....මලකදන් කපලා...කපලම මට මැරුන එවුන්ගෙ පාටවල් ආත්මෙටත් වඩා කිට්ටුවෙන් දැනෙද්දි සමනා උන්දැව එක්ක යන්ඩ එනවා කිව්වා විතරයි මටත් නොදැනි මගෙ ඇගිලිවලට අර රෙදි කඩ ඇතෑරුනා.....

නිලමැස්සෙක් මායන් වෙනවා..කිරිසුවද කාන්දු වෙන්න ඕන ගෙදරක් උනත් කිරිසුවද දැනුනෙත් අඩමානෙට වෙනකොට ඕනාවටත් වඩා මට ෆෝමලීන් පුසුඹ දැනෙන්න ගත්තා.....

උඹට පිස්සු ....පිස්සු නොකර ඉදිල්ලා....ඉදිල්ලකො මං ගෙදර ගිහින් උඹව ඩිස්පැන්සරියට එක්ක යන්ඩ එන්නම්...

වැටුන රෙදිකඩ ආයමත් අහුලගත්ත මං උන්දැට සැර කරගනම ඇතුලට ගිලා බැහැන් යන ඇහැට නොපෙනී යන පිරිමි ඇග ආයමත් පිහදැම්මා.....උන්දැ කහිනවා පිහිල්ල නවත්තල මං අර පපුව අතගෑවා...

අනෙ බුදු හාමුදුරුවනෙ අත් එකතු කරලා වදින්නම් සමනගෙ ගෙදරට දර ඉපලක් හා සමාන උනත් කාරි නෑ පිරිමි පරානයක් ඉතුරු කරාපල්ලා....මේ හුස්මත් ගියෝතින් නම් අනෙ ඉපදෙන හැම එකාම දවසක මැරෙන බව දැන දැනම අර ගෑනි නොමල ගේකින් අබමිටක් ඉල්ල ඉල්ල දුවාවි.....

ඔන්න හරි....

බෙනේ....

ම්ම්ම්....

උඹලා ආපිට එනවදයි....

උඹ දැන් කී වංගියක් මේකට කසාය පෙව්වද....කෝ ගුනයක් නෑනෙ.......මං ගෙදර ගිහින් එන්නම්....

...........

මං උන්නෙ සමනගෙ අප්පොච්චා ළඟ ....තෙත රෙදිකඩින් පිහදවලා ආපිට හරහටම උස්සන් ආව මං උන්දැගෙ හෙලුව වහලා දැම්මා....ඒ ඇස් වල බොරපාට එන්න එන්න වැඩිවෙනවා....සමනගෙ අම්මා අසරන කමෙ ආගාදෙ ඉදන් මගෙ දිහා බලන් ඉන්නකොට මං බලාගන යන්තන් පරක් කරගත්ත නොදරුවව වඩාගන උන්න සමනගෙ ගෑනි මගෙ දිහා බලාගන ඉදලා ඉදලා ආපිට අර ඇබිති ගෙයි කෑල්ලට වැදුනා...

මේ ඔක්කොම අස්සෙ අවේලාවෙ කෑරලෙක් ගෙයි උඩහින් අඩාගන කැලෑ වැදුනා...!

අයියෙ...

මේකට තේ වතුර ටිකක් වත් දියන් ....සීතලේ අල්ලයි....මේ පිටට උනත් ගැනුනොත් ඒකලාටමයි අමාරුව.....

වෙලාවෙ හැටියට කරන්න පුලුවන් උදව් උපකාර වෙලාවෙ හැටියට කරාපු මං පිල්කඩ පැන්නෙම අරුන්දා හලාපු තවමත් මගෙ ඇදුම් වල ශේශ උන සෙම් සෙම කැහි පිහ පිහ වෙනකොට ඇතුල් වැදුන සමනගෙ ළපටි ඇඹේනි එලියට ආවා.....

අයියෙ.....

.දෙවනි වතාවටත් ඒකි මට අයියෙ කිව්වා.....එක අතක කිරිසප්පයා.....අනිත් අතෙ කලුපාට සිලි බෑග් එකක්...

මයෙ පුතා නැගිට්ටා ....මයෙ අම්මා දොයිය පුතා කියල අහවර උනා.....අප්පුච්චා ගාව දාඩියයි මයෙ අම්මෙ.....මා කොල්ලා ඇයි අම්මෙ උදෙම්ම අඩන්නෙ.....ඕ....

දෙවංගියක්ම අයියෙ අයියෙ කිව්වත් ඇයි කියලා වත් අහලා උත්තර නොබැන්දත් අනෙ මට බැරි උනා මගෙ කොල්ලට වචණයක් කතා නොකර ඉන්ඩ...සමනගෙ අම්මා.....අප්පච්චි ඒකගෙ ගෑනි....මේ ඔක්කොම මැද මගෙ හිත තදින්ම අල්ලගත්ත බැදීම සමනගෙම පුසුඹ කාන්දු වෙන මගෙ නිවන් විතරක්ම වෙනකොට ඇදන් උන්න ශර්ට් එක එතනම ගලවලා බිමට දාපු මං ඒකිගෙ අතින් මගෙ කොල්ලව උදුරලා වගේ වඩාගන පපුවට තුරුල් කරගත්තා...

මට සමනා මතක් උනා....රෑ යාමෙ මගෙ පැලට වැදුන ඒකා ඇස්වල කදුලු පුරවන් මට ලෝබයි දුකයි කියපු හැටි මතක් වෙනකොට මගෙ පපුව ඇවිලෙන්න ගත්තා විතරයි ඌ කොහෙ හරි ඉදන් බලන් ඉන්න බව දැන දැනම කොලු පැටියගෙ ඉහ මුදුන ඉඹගත්තා...

මං උඹව රකිනවා මගෙ පුතේ ....නිවන්....උඹ ඉන්නෙම මේ අප්පොච්ච්ගෙ පපුවෙ උච්චම තැන....හීන අස්සට එන උඹගෙ අප්පොච්චට කියාපන් බෙනා ඇවිදින් උඹව පපුවෙ තියාන නලවන බව....

මං හිනා උනා...ළදරු ඇස් දිලිසනවා...වටකුරු ඇබිති ඇස් වලින් ඒකා මගෙ දිහා බලාගන කට පොඩිත්ත උල් කරනකොට මං පාලුවට ගියපු අර දිහා බලාගන උන්නා.....

මං උඹලට අප්පොච්චගෙ පංචයුදෙ ගෙනත් දෙන්නම් ම්ම්ම්...මයෙ අම්මා අප්පොච්චගෙ පංචායුදෙ දානවද....ඕ...මයෙ කොල්ලට දැන් කතා කරන්ඩ පුලුවනයි....ඕ අම්මෙ.....ඕ....හරි...හාරි...මයෙ අම්මට කිචියිනෙ.....ඔව්නෙ....මයෙ පුතාට අප්පොච්ච්ගෙ රැවුල සිද්දෙව්වනෙ......

ගනින් මේකලාව...

දහවතාවක් විතර කොලුවව ඉඹලා ඉඹලා යන්තමට අඩාගන එනකොටම ආයම ඇබිති තට්ටමට තට්ටුවක් දාලා ඒකව පරක් කරන ගමන්ම අම්මගෙ අතට මාරු කරනකොට ඒකි අර කලුපාට උරෙ මගෙ දිහාවට දික් කෙරුවා.....

නගා....

පැටියගෙ අප්පුච්චා මලගම් ගියත් හරි ..හීල් දාණයක් වත් දීගන්ඩ බැරි උනා....

......

මං ඕක අරන් තියාන උන්නෙම මයෙ දෙයියා නිවාඩුවට ආවම ඕකත් අන්දන් මයෙ අම්මා අප්පා බලන්ඩ යන්ඩ....ඒත්....ඊට කලින් උඩ ඉන්න එවුන්ගෙ තව්තිසා පුටු හිස්වෙලා පුරප්පාඩු පුරවන්ඩ මයෙ එකාව උදුරගත්තා .....ඕක උඹලට ඇගෙ තියල මැස්සුවා වගේ ඇති බෙනේ.....

මටත් නොදැනිම මගෙ උගුරු ගැටෙ දෙතුන් වංගියක්ම උඩ පහල යනකොට මං අර උරේ ඇරලා බැලුවා.....කමිසයක්.....සමනට දෙන්නයි කියල ගෙනාව කමිසෙ ඒකි මට දීලා....

මීට කලින් මයෙ දෙයියා එවාපු ලියුම් කඩදහි වල උඹලව රූලෙන් රූලට මතක් කරල තිවුනා....අද දහ අට.....උඹලගෙ උපන්දිනේ.....ඒකත් මයෙ රත්තරන් දවසක් ලියලා තිවුනා...

මගෙ පපුව හිරකරනවා....අරකී හූල්ල හූල්ල සමනට මයෙ දෙයියා කිය කිය කතා කරන වාරයක් වාරයක් පාසම මට රෑ හද එලියෙන් දැකපු සමනගෙ මූන මතක් වෙනකොට මං ඒකි දුන්න කමිසෙ එලියට අරන් උන් බලාගන ඉන්නකොටම ඇදගත්තා විතරයි එකිලා මගෙ පය පාමුල කඩාගන වැටුනා.....

.උඹලා මයෙ කොල්ලා බේරා දුන්න පිනම ඇති උඹල මයෙ ආයුශත් අරන් ජීවත් වෙන්ඩ...උඹලා මයෙ දෙයියගෙන් ඉතුරු උන එකම වස්තුව මට බේරලා දුන්න පිනම ඇති සංසාරෙ කොයිම තැනක හරි මේ නාරවලෙන් ගැලවෙන්ඩ.....දුකක් නැතුවම මේ සංසාර චක්කරේ අහවර කරන්න පින් ඇති උපන්දිනක් වේවා උඹලට!!

අවසරයි මට මේ කකුල් මගෙ කදුලුවලින්ම හෝදලා මන් හින්දා උපන් වේදනාව හෝදලා අරින්ඩ...

..

සහෘදය....ඒකිලාගෙ ඇස් වලින් උපන් උනුසුම්ම කදුලු කැටවලින් මගෙ දූවිලි වැදුන තුවාල ලප තිබුන ආයමත් පරන තුවාල අලුත් උන කකුල් හේදීගන යනවත් එක්කම හදවත නම් දුක්ඛ දොම්නස් කෝටි ප්‍රකෝටියක් උහුලන් ඉන්න ගිරිකුළ මුළුමනින්ම නාය ගියා!!!!

*

*

*

*

මං එන්න ආවා....පන්මල්ල තවත් අවුසෙකින් බර උනා.....දහයෙ කනිසමට කලියෙන් පියුම් හාමුවත් බලාගනම අරුන්දව ඩිස්පැන්සරි එක්ක යන පොරොන්දුව පිට මං එන්න අවා.....

මගෙ පපුව බර වෙනවා....සතුටක් දැනෙන්නෙ ඉදහිටක උනත් දුක කියන විශය කාරනාව මගෙ තුන්හිතේ ස්තීර නේවාසිකයෙක් වෙලා තියනකොට සමනගෙ වැටකඩුල්ල පැනපු මම හන්ගන් උන්න් කදුලු කැටේට ඇහි දාර පන්නන අවසර දීලා නිල්පාට ආකාස දිහාව බලාගන කොලොම්තොට ඉන්න මගෙ ප්‍රේමයනීයව මතක් කෙරුවා...

කලාත්ම....වෙන මොකුත්ම නැතුව මට උඹට තුරුල් වෙන්න තිබුනා නම් මගෙ හාමු....

අහවරක් නැති නියතවිවරන වලින් මට ගිහි ගෙදර දුරවෙලා නිවන ලන් වෙයි කියලා දැන් බයයි හාමු...

එතනින් පස්සෙ මං පස්ස නොබලක එන්න ආවා....එක පැත්තකින් සමනගෙ මහ තැනගෙ වචන වලට මගෙ පපුව බරකරනකොට ඒ බර වෙන හිතම සුව කරන්න සියපත් පුසුඹක් මැදි හුලගෙ එතිලා එනකොට මගෙ හාමු තැන මට මගෙ ලමයා කියලා කතා කරපු හැටි මතක් උනා විතරයි අනෙ මගෙ කනකට ගිනි ඇවිලෙන්න ගත්තා...

උඹ ආයම එන්නෙ කවදද හාමු....ගම් තුලානෙ විස්තර ලියලා එවන්නයි කිව්වත් මට මුලු ලියුන් කඩදහිය පුරාවටම ලියල එවන්න හිත දෙන්නෙ එකම දෙයයි හාමු....වෙන මක්කවත් නෙවෙ....මාව බලන්න උඹ කවදද එන්නෙ කියන එක විතරයි ....

..ගඳාපාන මල් පිපෙනවා...කැලෑමල් පිපෙනවා....රෑ බෝ වෙනකොට කනාමැදිරි එලි අහුරු පිටින් කැලෑ පදුරු අස්සෙන් මතුවෙනවා...හැමදාකම ඈඩියාවකට අවඩන කෑරලෙක් ඈත ගිරිකුලකට පරවේනි කම් කරන උලලේනියෙක් කනකොකෙක් ඇග කිලිපොලවාගන අඩාගන යනකොට ගම්මු මල ඉර බහින්ඩත් කලියෙන් අලිවෙඩි තුරුලු කරගන්නෙම ඒකදන්තයගෙ හයිරම් කාරකම්වලට කොයි වෙලේ මූන දෙන්න වෙයිදෝ හිත හිත..... 

ගුරුපාරම දෙදරවාන යන හමුදා ලොරි රැයක් දවාලක් නැතුව උතුරට යනකොට ගම්තුලානට ඉන්න කොල්ලො කුරුට්ටොත් කලුනික ගාන වෙනවා...

ගෑනු බලාගන ඉන්නකොට කනවැම්දුම් වෙනකොට හේන් කෑලි වලට ඇස්පනා පිට හෙන වදිනවා....

මගෙ හාමු තැන...මේකයි ගම්තුලානෙ ජීවිතේ ....සත්මහල් ප්‍රාසාද පිරුන කොලොම්තොට උන් මෙව්වා නොදන්නවා උනාට අපාදුක් විදින උන් මේ මායිම් ගම්වල ඉන්නවා...

ඉතින් මට කියාපන්කො හිත හදාගන මෙහෙව් කාරනා අකුරු කරන්නෙ කොහොමද කියල.....

ඉස්සරහට තියන අඩියක් අඩියක් පාසාම මං ලියමනට අකුරු කරන්ඩ ඕන කාරනා එක්කාසු කෙරුවා....නොදැකපු තව්තිසාව වෙනුවෙන් පාරමි පුරන අන්ත අසරන මනුස්ස පරාන නරාවලක ඉදන් අපාදුක් විදින හැටි රහ කරලා ලියන්න මට තේරුමක් නැතිවෙනකොට දැනෙන හැටියෙන් ලියන්න මං හිතාගත්තා.....

උඹගෙ ගෙදර අද කලවම් පලාවකුත් ඉදෙනවද......?රට දෙල් බෑවකුත් තියන එකෙ ගොඩ මස් කෑල්ලක් තිවුන නම් පන්කාදුයි බන්....කොහෙද ...උඹට මාව පැලට ඇදන් යන්ඩ හදිස්සියනෙ.....කියාපන්...රෑ හමාර වෙනකම්ම මට උඹ ගාවත් ලගින්ඩ දෙනවද සුද්දියෙ...

කට පියාන වරෙන්...මගින් මගටම එකම දේ නාහ....

මෙච්චර වෙලාම ලියමනට ඕන කලමනා හිත හිත.....මගෙ සියපත ගැන හිත හිත බිම බලාන ආව මං මගෙ ඉස්සරහින් ඇහුන කටහඩත් එක්ක ඔලුව ඉස්සුවා.....

මනුස්සපරාන දෙකයි...එකක් ගෑනු පරානයක්.....අනික පිරිමි පරානයක්.....වෙන එකෙක් නම් මේ උදේ පානදර මට මුනිච්චි උන එක දෙස් තිබ්බ්ත් කෙල පාරක් ගහන්න ගියා.....ඒත් ඒ දෙස වත් කෙලපාරවත් එලියට වැටුන් නෑ....

සුද්දි.... උපන් නම මක්කද කියන්න මන් වත් දන්නෙ නෑ.....මුලු ගමම පටබදිම නම සුද්දි කියන්න විතරක් දන්න මයෙ අම්මට වඩා ඩිංගිත්තක් වැඩිමහලු උන සුද්දි නම් වෙච්ච ගෑනු පරානෙත් කන්කුරා නම් වෙච්ච නෑයෙක් වේයෙක් අම්මෙක් අප්පෙක් කව්ද නොදන්න ඕපපාතික පිරිමිපරානයක් උන කනක් ඇතුල් අතට නැවුන කන් කුරාත් කැලෑවක් අස්සෙන් එලි බැහැන් ඇවිදින් ගුරුපාරට ගොඩ උනේම මගෙ ඉස්සරහින් වෙද්දි මන් උන් දිහා බලාගන උන්නා....

"බෙනා...."

වෙසගන...වේස ගෑනි....වේසි.....වේසාවි...ගමේම මායියලා එකාට එකා රහස් කතා කරගන්නකොට සුද්දිට කතා කෙරුවෙම එහෙම....රෑ බෝවෙන්ඩ රෑ බෝවෙන්ඩ ඒකිගෙ පැල වටේ පිරිමි පරාන කැරකෙන්නෙම මලට ඇදෙන බඹරු ගානට වෙනකොට ඒකිගෙ රස හොයන්ඩ ආව එවුන්ගෙ සමහරක් මායියල රෑ දෙගොඩ ජාමෙ පැදුර හිස් බව දැනුන පමාවට දොරපොලු අරගන සුද්දිගෙ පැලට කඩා පාත්වෙනව.....රතු කෙලි අස්සෙ කෙහෙවලු පැටලුම් මන්ගල්ලයයි....ආව එවුන් දුවන්නෙ ඇදිවතත් එපාය කියලා වෙනකොට උපන් ඇදුමෙන් දුවන පිරිමි පරානෙ අන්ගජාතකෙ එවුන්ගෙ අත් වලින් විතරක් මුවා උනා....

හ්ම්....ඒකි වෙසගනක්....!!

වටකුරු දෙතන විතරක් අර කපාපු හැට්ට කරෙන් එලියට පේන හැටි මගෙ ඇස් දකිනවා.....ඒත්.....අවුරුදු ගානක් වෙනකන් මාත් දැක්කෙ ඒකිගෙ ලැම විතරයි උනාට.....මයෙ අම්මා දවසක් ඕකිගෙ ළය ගැන කිව්ව දා ඉදන් මං ඒකිගෙ හැට්ට කරෙන් ළය විතරක් දැක්කා...ලැම වෙනුවට මගෙ ඇස් හැමදාමත් හාරවල කපාපු හැට්ට පලුවෙන් දැන් ළය විතරක් දකිනවා.....

මගෙ ඉස්සරහටම මුනිච්චි උන සුද්දි මට බෙනේ කියනවා.....වචනයක් වත් නොකිව්ව මන් ඒකිගාවම උන්න කන්කුරා දිහා බලන් උන්නා..... ඒකා ජීවත් වෙන්ඩ කරන එකම දේ වල් ඌරන්ට වෙඩි බදින එක වෙද්දි සමහරක් මේකට කන්කුරා වෙනුවට වැද්දා කියනවා.....

සුද්දිගෙ කොන්ඩෙ අවුල් වෙලා ගිහිල්ලා....පලාමිටියක් කිහිලි ගහන් උන්නට මොකද ඒකිගෙ බෙල්ල ගාවම රතුවෙච්ච් පාරක් තිවුනා...ඒ පැල්ලමම ඒකිගෙ වම් තන උඩත් තිබුනා.....ඇදන් උන්න් චීත්තපට තැන් තැන්වල තුත්තිරි ඇමිනිලා වෙනකොට මට ඉන් එහා මොකද උනෙ කියන්න අමුතුවෙන් හිතන්න දෙයක් නැති උනත් කන්කුරා අද දවසම ඒකිගෙ පැලේ ලගින්ඩ අහපු හැටි විතරක් මගෙ ඔලුවෙ රැදෙනකොට මට ඊයෙ පෙරේද කොටහලු උන නිකිනි මතක් උනා.....

වෙන මක්කටවත් නෙවෙ සතකුප්පාවට වත් හෝදලා අහක් කරන්ඩ බැරි උන මගෙ අම්මගෙ අතින්ම එලි බැහැපු එකෙක් ඒකිගෙ පැලෙත් හුස්ම ගන්නවා.....

ඒකිත් මගෙ නංගි නිකින් වගේමයි....අබ්බගාත ලමිස්සියක්....දෙයියන්ට පිරිමහන්ඩ නැති තරහවක් මගෙ නංගි පිටින් පිරිමහලා ඒකිව අබ්බගාත කෙරෙව්වට ඒකි වදාපු එකී අබ්බගාත වෙන්ඩ එකම හේතුව ඒකිම වෙනකොට මං ඒකිගාව හිටගන වට පිට බලන කන්කුරා දිහා බලාගන ඉදලා දෙවනි පාරටත් බෙනේ ගාපු සුද්දි දිහා බැලුවා...

නෑයෙක් නෑකම් නොකියන...මුලු ලෝකෙටම වැරදි කාරියක් උන ඒකිගෙ ලැම දිහාව නොබලා ළය දිහා විතරක් බලන්න පුලුවන් කරුනු කාරනා හොයලා දුන්න මගෙ අම්මටත් ඕන කුදක් ගහගන්ඩ කියලා මට මේකිට දෙකක් කියන්ඩ හිතුනත් ඒකි මට ඉස්සර උනා....

බෙනේ.....පයින්ඩයක් අහන්ඩ.....දෙතුන් වංගියක්ම මං උඹලයි අම්ම හොයාන ආවා.....ඒකිලා ගෙදර නැතුවා....

සුද්දි....උඹ කතා කරගන්න දෙයක් කතා අරන් වරෙන්....මන් ඉස්සර වෙනවා.....මට නුපුරුදු පැලනෙවෙනෙ ඕක

මං නෙවෙ උත්තර දුන්නෙ...මා දිහාව එක සැරයක් බලපු කන් කුරා ඒකිවත් මාවත් පහු කරාන ඒකි නැතුවම ඒකිගෙ පැලට යනකොට ගෙදර උන්න අබ්බගාත කෙල්ලව මතක් උන මට ඉහිලුම් නැති උනා.....මගෙ අහිංසක කම මටත් නොකියම පෑල දොරෙන් ඉගිලුනා....

මහ පොලවට එලි වැටෙන්ඩත් කලියෙන් ජවුසන් අල්ලලා මදිපාඩුවටද බොන්ඩියෙ අරකව ගෙනියන්නෙ.....??අරකා තනි පන්ගලමෙ තොගෙ පැලට රින්ගන්ඩ හදනවා....අර කෙලීවත් කම්මුතු කරන්ඩද උඹ හදන්නෙ.....??? ගමම වේස පද කිව්වට උඹ අම්මෙක් නේද ...???

ගමෙ එවුන් මොන කයි කතන්දර කිව්වත් කන් නොගෙන මං උඹට එක්ක වචණයක් වත් කතා කෙරුවෙ උඹගෙ පැත්තෙත් සීයට සීයක්ම වැරදි තිබුන් නැති හන්දා...ඒත් උඹ මක්කද කරන්නෙ ??? ලැජ්ජයි බොන්ඩියෙ

උපන්දිනේ දාම මගෙ කටහඩ තද උනා.....මොකා මක්ක කිව්වත්....කෙලපාරට කෙලපාරවල් දාහක් ගැහුවත් කරබාන මම සහෝදර කැක්කුම ගාවදි අන්ත අසරන එකෙක් වෙද්දි මගෙම නොවුන එකියෙක් වෙනිවෙන් ලේ රත් කරගත්තා.....

මන් ඒකිට බැන්නා.....සැර උනා....දත්මිටි කාගන ඒකිලාගෙ මුනටම ලැජ්ජයි බොන්ඩියෙ කියනවත් එක්කම ඒකිලාගෙ කිහිල්ලට හිර වෙලා තිබුන පලාමිටිය බිම වැටුනා ....ඊට වඩා මහ සද්දෙන් ඒකිගෙ ඇස්වලින් වැටුන කදුලක් ගුරුපාරෙ ඉහ ඇනගත්තා....

සුද්දි...අතෑරපන් මාව....

එකී මගෙ අතින් අල්ලගත්තා...අල්ලගත්තා මදිවට ගුරුපාරෙන් අගලට පැනලා මාවත් ඇදගන අර කැලෑ ව ට වැදුනා...

.උ....උඹ .....මක්කද ගෑනියෙ කරන්නෙ....

මට කෑ ගැස්සුනා...අවුපූටකේට මඩපාට උනත්....කාලෙකට කලියෙන් තිරිවානා පාටට තියෙන්ඩ ඇති කියලා හිතෙන නිරුවස්ත්‍ර කලවය මගෙ ඉස්සරහා ඉතුරුවෙන්න අදිවතක් බිම තිවුනා...

මේ අත් වලින් මන් අනන්ත අප්‍රමාන නූල්පටක් නැති ගෑනි සරුවාංග අත පත ගාලා තියනවා....මේ ඇස් වලින් මන් අනන්ත අප්‍රමාන නිර්වස්ත්‍ර ගෑනු සර්වාංග අර මෝචරි ලෑල්ල උඩ දිගෑරගන බල නහර හොයලා තියනවා...මගෙ නාඩිවල ගැස්ම නෙවෙ මේතාක් කාලෙකට වැඩි උනේ...

එත් මේකිලාට පන තියනවා.....පුදුමයි...මගෙ නාඩි අදත් ගැස්මක් නැතුවම ඔහෙ ගැහෙනවා....තිරිවානපාට නිරුවත් කලවෙ කැපුමක්.....තවමත් අමු ලේ එලි පනින කැපුමක්...රෙදි කඩකින් කිටි කිටියට ඔතාගන වහන් කරන් උන්න කැපුමක්...සෘංගාර දත් පාරවල් ක්‍රෑර වෙලාදො ඒකිලාගෙ හෙලු දෙපැරන්ද මට දුක කියනවා....

.සුද්....දි.....නැ...න්දෙ....

මගෙ කටහඩ වෙනස් උනා....අර රලු කටහඩ මැර්‍රිලා ගියා මදිවට මන් වෙසගනකට නෑකම් කිව්වා.....

ඊයේ...රෑ...දෙගොඩ ජාමෙ මයෙ අතෙන් එකෙක් කම්මුතු උනා බෙනා.....

ලෙහපු රෙදි කඩින් ආයම විලි වැහීගන යනකොට ඒකිලාගෙ වෙව්ලන කටහඩත් උනන කදුලුවල ලුනට ඔරොත්තු නොදී රත ගගන ඇසුත් මාව නිකන් කරකවලා අතාරිනකොට ඒකි ගහක් කපන් වැටුනා වගේ බිම ඉදගත්තා...

ගමම වේසි කිව්වත්...මට ඉහිලුම් තියනවා බෙනා.....දැන් මයෙ හිත ඔව්වට ඔරොත්තුයි....

මයෙම අප්පා අතින් කම්මුතු උන බව මයෙ අම්මා පිලිගත්තෙ නැතුවා....ඒකිලයි මට මුල්ම වේසා පදෙ හැදුවෙ බෙනා...වංගියක්...දෙවංගියක්...නෙවෙ....ඉහෙ කෙස් ගානට මාව ජාතක කොරාපු එකාගෙම බර මන් අඩ අඩාම උහුලාන උන්නා....

කොහෙන්දෝ ඉදන් කඩාන පාත් උන එකෙක් එක්ක මාව දීග යැවලා මාව වදාපු එකී මාව ගෙයින් පන්න ගත්තා ඇස්වලින් වැටෙන කදුලුවලට කවදාවත් සාදාරනයක් නොකරම ඒකිලා වාහෙ පැත්ත ගත්තා බඩෙන් වදාපු මන් කම්මුතු වෙන්ඩ ඇත්තෙ වෙන එකෙක්ගෙන් බව කිය කියා ඒකිලා මාව නොමර මරනකොට මං කම්මුතු උනෙ මාව ජාතක කරපු එකාගෙන්මයි කියන එක උඩ ඉන්න දෙයියොත් නෑහුනා වගේ උන්නා.......

මං දීග ආව.....ජාතකෙ මක්කද නොදන්නවා උනාට...ඒකත් පිරිමියෙක්....නිදිපැදුරෙ පැල්ලම එලිවෙනකොට පෑලදොරෙන් පැනල ගිහින් කිය කිය එකා මාව නොමර.මැරුවා....දෙවනි වතාවට වේසිය කිව්වෙ මට කරගස්සපු වාහෙයි බෙනා.....

ඒකල උදේ පාන්දර පැලෙන් එලි බැහැලා ආයම පැලට ගොඩ උනේම ඇස් රත කරන් කදුලු පුරවාගන වෙනකොට ඒකා ගාව වැද වැටීගන මන් කම්මුතු උන හැටි එකට කියනකොට අදහපන් බෙනා ඒකා මයෙ ඉහ අතගාලා මාව බදාගත්තා...සුද්දියෙ සමාවෙයන් මැනිකෙ කිව්වා...

මන් ඒ පපුව මැද ආය ඉපදුනා....පරන කතා වලදාපන්...ආතපාත නැති උනාට මං නරක එකෙක් නෙවෙ බන්....මලක නෑඹුල් කහට ඇහැ දකින්ඩවත් මං පින් කරල නැද්ද කියන තරහට මං උඹව නොමර මැරුවට මට ඉන්න එකම පවුල උඹයි කිය කිය ඒකා මා එක්කල පවුල් කන්ඩ මුල් ගල තිබ්බා තිබ්බමයි...හත් දොහක් යන්ඩ කලියෙන් පිපිරුම් කාපු මැටි පිලෙ පිපිරුම් වහන්ඩ මැටි ගේන්ඩය කියලා හුඹහ කැපුව කැපුවමයි....මාව විස්වාසකොරලා හත් දොහක් කිලිටක් නැති පිරිමි පපුවක රස්න්‍ර් දුන්න ඒකලාට මාව සදහටම දාලා යන්ඩ ඕන වෙලා තිවුනා බෙනා....

ඔය පැලෙ මන් තනි උනා....මලකද පොලවට පස් වෙන්ඩ හිතලවත් නැතුවා....පැලෙ දොර රෑ දෙගොඩ ජාමෙ දෙදුරුම් කන්ඩ ගත්තා...වක් පිහිය කොට්ටෙ යට තියාන උන්නට මක්කද ගෑනු හිත ගිඩි ගිඩි ගාන සද්දෙ පොල්ව පුපුරනවට වඩා සද්දෙයි බෙනා....

ආයම වංගියක් මයෙ පැලෙ දොර කැඩිල ගියා.... එදා රැයක් එලිවෙනකම්ම ජාතක කරාපු එකාගෙම ලාටු වලින් මයෙ යටි බඩ පිරුනා.....ඒකා යන්ඩ ගියා.....අම්මට කිව්වොතින් මරනවා කිව්වා.....එදා පටන් රැයක් ගානෙම මං වදාපු අප්පගෙ බර උහුලනවා....

ඇස්වලින් කදුලු කැට හලපු හැලිල්ලට ගම් හතකට වතුර දෙන්ඩ වැව් පිරෙන්ඩ ගියා...ඒත් ඒකගෙ හතිය මයෙ මූනෙ වැදිලම කදුලුත් කර උනා....

දවස් ගෙවුනා....මිනිහා නැති ගෑනිගෙ දුක අහන්ඩ රෑට රෑට එකා දෙන්නා දොරකොඩ ගාව ඉදන් මුර කරන්ඩ ගත්තා.....අරක දෙන්නම්...මේක දෙන්නම් කියනවා...දුක උහුලගන ගල්පෝරනේ ගල් කපන්ඩ ගියත් මක්කද කවුරුත් නැති වෙලාවක් බලලා මුදලාලියා කෙරුවෙත් මයෙ යටි බඩෙගඩොල් පුච්චපු එක...හති හලලා හලලා ඒකටත් යන යාමෙදි තනක් හපාගනම ඒකත් මට වේසිය කිව්වා....

පිට පිටම මං තුන්වතාවක් වැරදි නොකරම වෙසගනක් උනා...බේරෙන්ඩ කොච්චර හැදුවත් දවසගානෙම වහන බඹරු දොරකොඩ පොර බදන්ඩ ගත්තා..... උදව් ඉල්ලපු හැමතැනකදිම මගෙ රෙදිකඩ පය පාමුල වැටි වැටි යන්න ගන්නකොට මං මගෙ ආත්මෙ මරාගන මං විහින්ම වෙසගනක් උනාබෙනා....

පොලීස් ගානෙ ගියත්....ලියවිල්ල ලියන තැන එකා ලියන්නෙත් ඒක රහ කරකර වෙනකොට පිටුවෙ කාබන් මැකෙන්ඩත් කලියෙන් කාකි ඇදුමකත් මයෙ කදුලු කැට හිර උනා.....

දවස් ගෙවෙනවා....පැලෙ පැදුර තෙත් කනවා.....

ගිලෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ කියන්නා වගේ මන් එල්ලෙන්ඩ පිදුරු ගස් පවා හෙව්වත් මට බැරි උනා....අවසානෙදි වරුවක් බොර වතුරෙන් නාපු මං කවදාවත් නැතුව එදා රෑ හැඩ උනා.....වහන් කරාන උන්න දෙතන් අඩමානෙට එලි දැම්මා....කම්මලෙ යකඩෙ වගෙ ඇති පදන් තලපන් යනකොට අතට කීයක් හරි මිටමොලවපන් කියන තැනටම මං වැටුනා බෙනා.....අඩන ගෑනු ඇස්වලට කදුලු කැට හලන්ඩ මන් තහංචි දැම්මා.....එදයින් පස්සෙ මං යටි තොල ට දුක දුන්නා මිසක් ඇඩුවෙ නෑ බන්...

එහෙව් යාමෙක බඩට ආව එකාව මන් මරාගන්නෙ නැතුව වදාගන්ඩද කියන්නෙ කියලා...බිව්වට සතකුප්පා.....මං නොදන්න පූරුවෙ කරුමයක් මට ගෙවන්න තියන හන්දම ඒ පන ගලේ ගහලවත් මරන්ඩබැරි පනක් වෙලා උඹගෙ අම්මගෙ පිහිටෙන් මං මහ රෑක ඉන්නෙ මොකාද නොදැන වදාගත්තා....

කවදාවත් නැතුව මගෙ ඇස් අර තහංචි කඩාගන එලියට පැන්නා....අප්පාමොකාද බව දන්නෙ නෑ බන්.....ඒත් උඹලගෙ අම්මා වැදුම් කතුරෙන් වැදෑමහ වෙන් කරලා මයෙ තනට ලන් කෙරුවෙ ඇබිත්තන් රෝස මලක්...

ඒකි කෙල්ලක්...හද ඇති රෑක මයෙ පැදුරු කඩමාල්ල උඩට පුපුරපු තනපුඩුවෙන් කිරිබිදක් වැටුනා....මං ඒකිලාට සදති කියල නම් තිබ්බ.....

අසරනී.....බිව්වට සතකුප්පා හේදිලා නොගියත් ඒකිලාගෙ කකුල්වල පන අරන් තිබුනා....

බෙනේ...ගමටම වෙසගනක් උනත්....මං මගෙ කෙල්ලට අම්මෙක්.....වදන්ට කලින් මරාගන්ඩ හැදුවෙත් මං ඒකගෙම හොදට.....ඉපදෙන එකා අමු අමුවෙ මැරෙයි ගමක් එකතුවෙලා අම්මට වෙසගන කියනකොට....වදාගන්ඩ කලියෙන් මරාන්ඩ හැදුවට....වදාගත්තට පස්සෙ මං ඇහෙ මූනෙ තියාන ඒකි හදාගත්තා.....

එකි වෙනුවෙන් මං ආයම පේ වෙන්ඩ ගත්තා.....කිලිටි හැම එකක්ම හේදිලා පලයන් කියලා මං වරු ගනන් නාලා ඒකිට අම්මෙක් වෙන්ඩහැදුවා....

ඒත්............................

මං උන්නෙ නිල්පාට ආකාසෙ දිහාව බලාගන...දිරාපු ගස් දෙබොක්කාවක තිවුන කුරුලු කූඩුව දිහාවෙන් අහවරක් නැති කිචි බිචි සද්දෙ ඇහෙනවත් එක්කම ආකාසෙ දිහා බලන් උන්න මං ආකාසෙට පරිස්සමින් ඉන්න කියලා කොහෙන්දෝ ඉදන් පියාඹාන ආව කිරිලිලි කූඩුවට වහන හැටි බලාගන උන්නා...ඒකි තටු ගහනවා.....ළදරු කිචි බිචිය අහගන ඒකි තටු ගහහනවා....ඒචුට්ටකින්ම ඒකිලාගෙ කුරුලු පිහාටු ගැලවි ගැලවි හුලන් අතත් එක්ක බිමට වැටෙනවා...පැටව්න්ටත් වඩා සද්දෙන් ඒකිලාගෙ බෙරියමත් තටු ගැහිල්ලත් වැඩිවේගන වැඩිවේගන යනවත් එක්කම ගස් දෙබොක්කාව උඩ ඉදන් ගැරඩියෙක් බිමට වැටුනා..... ඒ තත්පරෙම්ම මං බිම වැටීගන උන්න සුද්දි දිහා බැලුවා....

කොයි අම්මත් එකයි!!!

මක්කද උනේ.....

ඒකි තවමත් වෙසගනක්ම නොකියා කියාපු ඒකි දිහාව බලාගන ඇහෙන නෑහෙන ගානට අහපු මං බලාගන තවමත් පාට මැරුන් නැති ලේ පැල්ලමක් ඒ චීත්තකොනෙ තියනව....

උඹට මං මේවා කියන්ඩ ලැජ්ජා වෙන්නෙ නෑ බෙනා.....මලකදන් එක්ක ඔට්‍ටුවෙන උඹට හෙලුවක් කියන්නෙ නිකන් අකුරු ටිකක් විතරයි කියන්ඩ මං දන්නවා....හෙලුව ගාව නාඩි වැටුනත් උඹ එහෙව් තිරිසනෙක් නෙවෙ වැරදිලා මනුස්සයෙක් උන දෙයියෙක් කියන්ඩත් ම දන්නවා....

බෙනා...මයෙ කෙලී අබ්බගාතයා...

ඒත්....

ඒකි කතා කරනවා.....ආය නවතිනවා.....මෙච්චර වෙලාම ආවේගෙන් කතා කරන් ගිය ඒකිට ඉකිගැහෙන්න ගන්නවා...මයෙ කෙලී අබ්බගාතයා කියපු ඒකි මගෙ දිහා ඇස් වල කදුලු පුරවන් බලාගන ඉන්නවා...

ඒකිගෙ ගෑනු හැගීම් අබ්බගාත නෑ බෙනා...

මං හිතන්නෙ මගෙ ඉහ උඩ අකුනක් පිපිරුවා....ඒතරම් තදට මගෙ හිතට සුද්දිගෙ කතාව තදට වැදුනා...ඒකිගෙ අතපය අබ්බගාත උනාට ගෑනු හැගීම් අබ්බගාත නෑ කියනවත් එක්කම මගෙ මම එහෙම්ම ගස් කදට හේත්තු උනා...

ඒකිලා ඔහොම විදවන්නෙ මං හන්දා.....අතපය විතරයි ඒකිගෙ හිත වත්...ගෑනු හැගීම් වත් අබ්බගාත නෑ බෙනා.....ඒකිගෙ අබ්බගාත් මලකද පොලවට පස් කෙරුවට මට බෑ බන් ඒකිගෙ හැගීම් මහපොලවට නිස්කාරනෙ පස් කරන්ඩ.....මං ගෑනියෙක්...

ගෑනුන්ට එන ආසාවන් මං නොදන්නවා නෙවෙ...වැරදි විදිහට හරි මගෙ ගෑහීම් අර පැදුරට උරාගන්නවා.....මාස් සුද්දිය වෙන දාකට ඒකිලා කලවා අබරාන කෙදිරිගාන හැටියෙන්ම මට කියන්ඩ පුලුවන් දැන් ඔය කෙදිරිල්ලෙ තේරුම.....ඒකිගෙන් මං වහන් උනාට....මටත් හිරකරගන්ඩ බැරු කෙදිරුම් තිබ්බා බෙනා...

මං කොහොමත් වැරදි ගෑනි.....

මගෙ මලකදට පනුවො ගහාවි....මැරුනත් කැරකොප්පුවට ගෙනියන්ඩ බලු බල්ලෙක් නැති වෙවි....ඒත් මට දුකක් නෑ....මගෙ කෙල්ලට.....ඒත් ඒකිව නිලමැස්සො අතින් ඉදුල් වෙන්ඩ දෙන්ඩ බෑ බෙනා.....

ඒකිව කරගහන්ඩ බලු බල්ලෙකුත් නෑ...ඔයාකාර අබරන් ඉන්න කලවයන්වලින් පිටවෙන ගිනි නිවන්ඩ එකෙකුත් නෑ.....පදුරකට ගල් ගැහුවත් ගෑනුවෙසගනක් හොයාගන්ඩ පුලුවන් උනාට.....මයෙ කෙල්ලව නිවන්ඩ මට පිරිමි වෙසගනක් හොයාගන්ඩබැරි උනා...ඒ හොයාගන්ඩ පුලුවන් උනත්..අනෙ බන් මං අම්මෙක්නෙ....අබ්බගාත උනත්...මට පුලුවන්ද දෙයියො මයෙ කෙල්ලව ඉදුල් කරන්ඩ වෙසගනකට දෙන්ඩ...බෑ..බන්..බෑ.....ඒකමයි...ඒකමයි.....මං...මං...කන්කුරාට.....

එතනින් පස්සෙ මං නෙවෙ ආය මක්කවත් කියන්න ගියෙ.....කන්කුරාව අරන් යන හේතුව මොකටද කියන එක හාර හාර අවුස්සන්න හේතු ඕන නැතිවෙනකොට මං ඒකිලා ගාවට ගිහින් දන ඔබාගත්තා....

කියාපන්.....මොකාවද උඹ කම්මුතු කෙරුවෙ....මක්කද ඒකිට හදි කරන්ඩ ආව නරුමයා..මොකාද කියපන්.....උඹගෙ ගාවට ආව එකෙක්ද....කියාපන්...මොකාද....

මොකාවද උඹ කම්මුතු කෙරුවෙ.....

මයෙ....මහ.....එකාව.....

මං ඒකිව හොලවගන හොලවගන ගියා...පිරිමි පරාන දෙකක් ගාව කොටහලු උනත් මගෙ නන්ගිව මායි මයෙ අපුච්චයි රැක්කෙ ඇස් දෙක වගේ වෙද්දි ඒකි කියාපු කතාව එක්ක ඒ උරහිස් උඩ නැවතිලා තිබ්බ මගෙ අත් කඩාගන වැටුනා.....මගෙ ඇස් ඒකිගෙ කදුලු වලින් බර උන ඇස් උඩ මහ හයියෙන් හැප්පුනා....

ගමක්ම වෙසගන කිව්වට කාටත් බැරි උනා ඒකිගෙ පපුවෙ තිබුන දුක දකින්න....වේදනාව දකින්න....

ඒකොගෙ මහ එකා...

ඒකි එහෙමයි කිව්වෙ ...ජාතකෙ දීපු එකාම ඉදුල් කෙරුවා මදිවට වේසනාමෙත් අලවලපු නරුමයම...???

මලකද ඔතපන්...මට පුලුවන් කවුරුත් නොදන්න ඉසව්වක වලදාන්ඩ...

සුද්දි.....මේ අත්වලින් මන් ඉහෙ කෙස් ගානට මලකදන් කපලා ඇති...මං ඇවිදින් මලකදටත් බුහුමන් දෙන එකෙක්.....වෙන මක්කවත් නෙවෙ මලකදකින් එදාවේල හොයාගන්න හන්දා.....

.ඒත් මෙහෙව් එකෙක්ගෙ කුනක් කපලා මේ අත් කිලිටි කරන් පහු දාට බුදුන්ට වත් පහන තියන්ඩ බැරිවේවි....

ඒකිලා දිහාව බලාගන උන්න මන් එන්න් හැරුනා....ඈත ඉසව්වෙන් ගහන් ආව මැදි හුලග මගෙ ඇගපතෙ වැදීගන ගියේම වෙරළුමල් පුසුඹකුත් මුහුකරාගන වෙනකොට පපුවට අත තියාගත්ත සුද්දි නම් වෙච්ච සම්මාන නොලත් එක්තරා ආකාරෙක පිරිසිදු ගැහැනු ආත්මයක් හිස් අවකාශෙ දිහා බලාගන උන්නා....

ලෝකයා මොනාකාර වාග්ප්‍රහාර එල්ල කලත් මක්කද....කාගෙ කාගෙත් කතා ඇතුලෙ උන් උන් සර්ව සාධාරනයි සහෘදය...!!

ලැමපමනක් ලොවට පෙනෙන....

ළය නොපෙනන ලදුනෙ....

*

*

*

මයෙ අම්මට තිසරන සරනයි....මයෙ කොල්ලා උහුලන බරෙ හැටියට උඹලට දවසක උතුරන්ඩ හරියන්ඩම ඕනා මයෙ පුතා.....

.අප්පුච්චා....උඹලා නිකන් සල්ලි නහස්ති කරලා.....අනෙ ඉතින් මක්කද බන් මේ....

රබර් සෙරෙප්පු කුට්ටමක් .....වෙන මක්කවත් නෙවෙ....සිලි උරේක දාපු රබර් සෙරෙප්පු ජෝඩුවක්.....තිසරන සරන දහවතාවකට එහායින් පතාපු මගෙ දුප්පත් දොරෙ බුදුන් මගෙ අතට මිට මෙලෙව්වෙ රබර් සෙරෙප්පු ජෝඩුවක් වෙනකොට රබර් උනත් මක්කද මට ඒක මහමෙරටත් අන්ත වෙනකොට මං අප්පච්චි අම්මා නිකිනි ඉස්සරහම ඒ සෙරෙප්පුකුට්ටම දාලා පෙන්නනවා එක්කම අම්මා ඇවිදින් දෙජාතියෙන් තිබුන ගෙවිලා ගෙවිලා ආය ගෙවෙන්න දෙයක් නැති බාට කබලට විස්‍රාම දුන්න සදහටම.....

ඔයාකාර පින් දෙන්ඩ එපා මගෙ පුතා...මෙ විසි අවුරුදු වලට උඹ මට ඒ දෙන හයිය එක්ක උඹට මීට වඩා හරියන්ඩ ඕනා..මේ අප්පච්චි ත් ආසයි මයෙ රත්තරනෙ. .අනිත් ඉලන්දාරි වගෙ මයෙ එකත් හැඩට වැඩට ඉන්නවට....

ඕන්න ඉතින් උඹලා අඩන්න තියාගත්තා... ඕකනෙ බැරි....මයෙ අප්පුච්චා...මේන් මේක මට හොද වැඩිත් එක්ක.....උඹලා මට මක්කවත් නොදුන්නත් මං තරහා නෑ මයෙ අප්පුච්චා....උඹ මාව හොද හිතක් තියන පිරිමියෙක් කරාපු එකම මට ඇති....!!අම්මෙ උඹ ලේ කිරිකරලා මට පොවාපු පිනම ඇති තව කල්පකාලාන්තරේකට උඹලට නිදුකින් ඉන්ඩ.....!!

*

*

මයෙ පුතා යසෝද....

.අපෙ අම්මා....

පරිස්සමින් ගිහින් වරෙල්ලා....

සුද්දිලාගෙ කතාව අහවරයි.....අහවරයි කිව්වට කාටවත් ම නොපෙනන ගැඹුරක හිත පත්ලෙ හන්ගගත්ත මං ගෙදර ඇවිදින් කෙලින්ම වැවට ගිහින් නාගන ආවෙම උරහිස් දෙකම වතුර කලගෙඩි දෙකකින් බරකරගන වෙනකොට කිව්වත් වගේම අම්මා ලිපට කරලා තිබුන කිරිබත මං තලු මැරුවෙ මගෙ අම්මගෙ අත්වලට දහස් වාරයක් පින් ඉල්ල ඉල්ල....

තවාපු කෙහෙල් දල්ලට වැටුන කොටු කපාපු රතු හාලෙ කිරිබත් කැට උඩට වැටුන ගලේ අබරාපු ලුනුමිරිස් තලිය හරි සීරුවට අම්මා ලව්වම ඔතාගත්ත මං අප්පුච්ච්ගෙ බයිසිකලෙත් අරන් වැටකඩුල්ල පනිනවත් එක්කම මයෙ අම්මා මට පරිස්සමින් ගිහින් එන්න කියනකොට මං බලාගන මගෙ අබ්බගාත නංගි අත් දෙකෙම්ම දෙහි රහ එන විස්කෝතුවක් හරි පරිස්සමට රහ කරනවා...

උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන පියුම් හාමු...!

*

*

*

.

..වෙලාව හරියටම දහයෙ කනිසම ලැබුවා විතරයි ....සමනගෙ අප්පච්චි ව කැන්දාන ඩිස්පැන්සරි යන්න බලාහන ආවත් මක්කද උන්දැව වත්තන් කරන් එන්න බැරි තරමට වෙව්ලුම් කාලා උන අරන් තිවුනා.....

උන්දෑ නැතුව හරි නෝනගෙන් බෙහෙත් ඩින්ගක් අරගන එන පොරොන්දුව පිට ආපිට එක හුස්මටම මන් බයිසිකලෙ පැද්දෙ ඉස්කොලේ ගාවට වෙනකොට දහයෙ කනිසම කියන යකඩෙ වදිනවත් එක්කම මං කෙරුවෙ හාමුට හිට්න්ඩයි කියපු තැනට පේනතෙක් මානෙ ඉදන් පියුම් හාමු එනවද කිය කිය එබිකම් කරාපු එක...

.

එකම කෑ කෝ සද්දයයි....දහයෙ කනිසමට කන්ඩ කියල අඩ හොරාවක් වෙන් කෙරුවට මක්කද උන්ගෙ බඩට තව වේලකින් සප්පායම් කරන්ඩ අම්මා අප්පට බැරි විත්තිය දන්න කලෑමල් කෙරුවෙම මඩ වතුරෙන් බඩ පුරවන් එහා මෙහා දුව දුව බඩගින්දර අමතක කරාපු එක වෙද්දි මං බලාගන පියුම් හාමු වටපිට බල බල මං කියාපු කෝන් ගහ ගාවට දූවගන එනවා...

නිකන් නෙවෙ...ආයමත් අර හතරහැ ඵෝන් එක කනේ තියාගන...

අනෙ මගෙ සියපත් මහත්තයද...???

මගෙ පපුව් ගැහෙනවා.....හාමු මහත්තයා නොදැක පවා ඒ නම මතක් වෙන තැනත් මගෙ පපුව ගිඩි ගිඩි ගානව.....

ස්..ස්.....

ස්...ස්...

යසෝද මල්ල්ලි....

හ්...හාමු...හිටින්ඩ...මං එන්නම්.....

මාව ගැස්සිලා ගියා...එක තත්පරෙත් ඇති සියපත් මහත්තය ඇතුලෙ මාව අතරමන් වෙන්න වෙනකොට ගහගාවට ආව පියුම් හාමු ස්ස් ස්ස්...ශූශූගානවත් එක්කම මාව ගැස්සිලා ගියා අඩියට දෙකට මං හාමු ගාවට දිව්වා.....

බේබි හාමූ....මේන්.....

ඔහොම හිටින්ඩ මලයා...මේන් යසෝද ආවා.....ආ මේක ගන්ඩ...මෙයාගෙන් වදෙ නවයෙ කනිසමෙ ඉදම්ම.....

බ්.බේබි.....

මොනවා හිතන්ඩද....මොනවා අහන්ඩද....දික් කරපු ගමන් කිරිබත් මුල ගත්ත පියුම් හාමු කනට තදකරන උන්න ඵෝන් එක මගෙ අතට දෙනවත් එක්කම අත් දෙකෙම්ම ඵෝන් එක අල්ලන් උන්න මං පපුව ගිඩි ගිඩි ගාන බයෙන් බයෙන් ඵෝන් එක කනෙ තියාගත්තා විතරයි අනෙ මගෙ තුන් හිතම නිවන සියපත් මහත්තයගෙ කටහඩ ඇහුනා...

මගෙ ළමයා ආවද...

බ්.....බ්.....

හා...හා....සුදු මහත්තයා....බ්බ්...බ්බ්..ගගා ඔය තටමන්නෙ බේබි හාමු කියන්ඩ නේද .....

ස්....සුදු මහත්තයා...

.ඉතින් මට කිරිබත් නැද්ද මගෙ ලමයො...ම්ම්ම්ම්ම්ම්?

අනේ.....සුදු මහත්තයා...

ආවම හදලා දෙනවද එහෙනම්...මට පියුම් එක්ක ඊරිසියා හිතීගන එන්නෙ ..මගෙ ලමයට ඒක තේරෙනවද...

හාමු මගෙන් කිරිබත් අහනවා...අනෙ අගෙ පපුව හෝස් ගාලා පත්තු උනා...එහා පැත්තෙ උන්න සියපත් හාමු මට දැන් පියුම් හාමුත් එක්කත් ඊරිසියා හිතීගන එනඑන්නෙ කියනකොට සයිකල් පොල්ල උඩ ඉදගන උන්න මං අනිත් පාර එක අතකින් ඵෝන් එක අල්ලන් අනිත් අතින් හැඩල් එක පුරාවටම බලිකුරූටු අදින ගත්ත...

..සුදු මහත්තයා කිරිබත් වලට මනාපද.....

හ්ම්...ඔව්....මගෙ ළමයා දෙනවා නම්...මට දැන් වහත් රහයි මන්දාරම්.....උඹ මට මගෙ නින්දත් නැති කරලා මන්දාරම්...

අනෙ...හාමු....

හ්ම්.....උඹ නොදන්නවා උනාට..මගෙ හීන පවා දැන් ගැබ්බරයි මගෙ මන්දාරම්....ඒ උඹගෙ නමින්....ඊලග බස් ඒකෙ එල්ලිලා ගමට එන තරමට මගෙ හීන ගැබ්බරයි මන්දාරම්...ඔය අත් දෙකෙන් දෙනවා නම්...මට දැන් කොහොඹ උනත් පැනිරහයි ..අන්න ඒකයි මන්දාරම් ආදරේ ඇතුලෙ තියන මායාකාරීබව.....උඹ මාව උඹගෙ ඇතුලෙ අතරමන් කරවල මන්දාරම්....

........

මන්දාරම්, මගෙ ලමය දන්නවද ....මෙ කොලොම්තොට පුරාවටම අඩියක් අඩියක් පාසාම තියෙන්නෙ සින්හල හෝටල්.....දෙමල සයිවර් කඩ.....ශැන්ග්‍රිලාව වගේ ලොකු ලොකු මිනිස්සු යන තැන්....

මං ඔය හැමතැනකිම්ම කාලා තියනවා.....

එත්....මගෙ හිත ගත්ත එකම හොද්දට ශැන්‍ර්ගිලාව පරාදයි මන්දාරම්...මට කියන්න තේර්‍ර්න්නෙ නෑ...මගෙ ඇටමිදුලු වල පවා උඹ වෙනුවෙන් ආදරෙ ඉපදෙනවා......

සුදු මහත්තයා .....

උඹ මාව අහන්න දහයෙ කනිසම වෙනකන් ඇගිලි ගනිනවා...මන් උඹව අහන්න නිදිමර මර බලන් ඉන්නවා...ඇස්දෙකම නින්ද ඉල්ලුවත්...තුන් හිතම මන්දාරමක් ගැන අහනකොට ආකාසයක් උන මට මන්දාරමකට හැමතත්පරේම පේවෙන්න සිද්ද වෙනවා....

ආකාස.....

.....හ්ම්....

නිදාගන්න....උඹට මහන්සියි මගෙ සුදු මහත්තයා....

නිදාගන්නම්....එකපාරක් සින්දුවක් කියනවද ...

සින්දුවක්....

හ්ම්...

මොකක්ද....

මන්දාරම්.....අදුර මැදින්.....මගෙ කන්දෙකට නිවනක් නෑ....මන්දාරමක් ගැන අහලම...එක තත්පරයක් උඹව අහන් ඇහැපියවන්න.....ආපිට දකින දවස එනකන් මට උඹ වෙනුවෙන් ජීවත් වෙන්න ගෙවෙන තත්පරයක් ගානෙම වියදම් කරන්න මතකයක් දියන් මගෙ මන්දාරම්...

හාමුගෙ වචන අසරන මගෙ තුන් හිත ආදරෙන් නන්නත්තාර කරනවා.....මටත් නොදැනිම බයිසිකල් හැඩල් එක මගෙ ගොරහැඩි අතට මිරිකෙනකොට අනෙ මං ඇහෙන නෑහෙන ගානට මගෙ හාමු තැනට නැල්වෙන්න මන්දාරම් අදුර මැදින් කියන්න ගත්තා....

මා හා ඇවිදන් යන්නට....

ඔබ සිටියා...නම්.....ඔබ සිටියානම්.....!!

.🌸🌸ආදරෙයි!!!

THANK YOU

More Chapters