LightReader

Chapter 16 - 16

පියුම් හාමු....දැන් මොකද කරන්නෙ....?කලාත්ම දෙස්තියනවා

දැන් මොකද කරන්නෙ අහන්නෙ?ආ ළමයො අයිතිකාරයා කිව්වෙ මොනවද?

........

ඔන්න දැන් ඉතින් හරිනෙ අහගත්තනෙ කටහෝදලම?යසෝදට මං කිව්වනෙ කලාත්ම එක්ක බේරෙන්න බෑ කියලා කෝ ඇහුවද.....ඇහුවෙ නෑ.....නෑනෑ...මහත්තයා මට ඇදපුවා දෙන්ඩ හැව් හැව් ගෑවෙ..මං නම් කිව්වා යසෝද....කෝ ඇහුවෙ නෑනෙ...දැන් ඉතින් ගන්ඩ කිව්වනෙ..දැන් ඉතින් ගන්න එකයි ..හැබැයි අපෙ කලාත්ම නම් ඔය විච්චූරන සකරමොටන් පාටවලට ආස නෑ මලයා...යසෝද ආසම ඔය ලා පාට වලට.....නිවෙන පාටවලට

එ උනාට ඒ පෝරිසාදයා කොයි වෙලෙත් ඇවිලුන ගමන් ඉන්නෙ...ඔය හාදයා හන්දා අපි කලින් උන්න ඇනෙක්ස් එකෙනුත් අපිව දොට්ට දැම්මා...මේකා කෙලියෙ නැතෑ ඒකෙ අයිතිකාරයට නෑඹිලියකින් ...පොලිසි නොහින් බේරුනෙ වැදල වගෙ

මට නෙවෙ උත්තර තිබුනෙ ..කොටින්ම මයෙ ඇරිලා තිවුන කට තනිකරෝම පෑවිල්ලට අහුවෙච්ච මඩ කඩිත්තකට එහා වේලුම් කෑවා...හුස්මක් කටක් ගන්ඩ වත් නැවතුමක් නැතිව වටේම තියන ගල් මුල් වලටත් පයින් ඇන ඇන ඒ මදිවට කතා කරන වාරයක් පාසාම හිනාවෙන වාරයක් පාසම මගෙ පිටට දඹ දඹ ගාලා ඩෑස් පිට ඩෑස් අතාරින පියුම් හාමුගෙ කන් දොස්කිරියාවයි මගෙ සුදු මහත්තයගෙ වීරකමුයි එක්ක මගෙ උගුර කට පවා වේලිලා ගියා...

මලයට කියන්ඩ නෑඹිලිය තනිකරම පියාඹන පීරිසියක් වගේ...ඇහැ වහල ඇහැ අරින පමාවට මෙන් යකො නෑඹිලිය යනවා උඩී.....න් යනවා...අරකගෙ තට්ටෙ පැලුනා යකො....ඇනෙක්සියෙ අයිතිකාරයා තට්ටයෙක්...අපෙ හාදයා ඉලක්කෙ බලල කෙලල්ලා ඇරියෙම ඒකගෙ දිලිසෙන තට්ටෙටනෙ . ...නැඹිලි කටු හැමතැනම.....

පියුම් හාමු නගින්ට...නැත්තන් මෙතනම සුනංගුව...

බයිසිකලේට නැගපු මන් බැරිම තැන කවුකචර් එකක් වගේ කියවන් ඉන්න පියුම් හාමුට බැරිම තැන බයිසිකලේට නගින්ඩ කිව්වා...

මට බයෙ බෑ.....කියවිල්ල අහවරක් නැතිව යනකොට මගෙ හිත කිව්වෙම හාමුවගෙ පපුව ගහල යයි කියන කාරනාව වෙද්දි හුස්මක් නොගෙනම සුදු මහත්තයා නෑඹිලි කෙලියෙ යෙදුන හැටි කියවනකොට මට ඊටත් වඩා ලැජ්ජා හිතුනා....මට පනපිටින් ෆෝමලින් විදගන්න හිතුනා

දෙයියනෙ අර නිවුන කටහඩක් තියන සියපත් මහත්තයා එහෙම කෙරුවා කිව්වම ..???නෑඹිලියකින් දමලා ගැහුවා කිව්වම....ඇරත් මානම බලම තට්ටෙට ගැහුවා කිව්වම....

දහයෙ කනිසමෙන් ඇවිදින් හතරදිග්බාගෙමයි මාවයි සනීප කරන උඹ මෙහෙව් චන්ඩයෙක් කියලා මං කොහොමද විස්වාසකරන්නෙ සියපත් මහත්තයො?

මං බලාගන උන්නා....හෝරාව කියන ඔරලෝසුවෙ කටුත් හැල්මෙ දුවනවා ඇති.....සුනන්ගුවෙන තත්පරයක් ගානෙම මට එක අහකින් ඒකදන්තයවත් අනිත් අහින් සුද්දියා කම්මුතුන්කරාපු ඒකිට ජාතක වෙන්ඩ ධාතුව දුන්න එකාගෙ මලකදත් මතක් වෙනකොට බයිසිකලේට නැගිල්ලයි සාප්පු සවාරියි මේ ඔක්කොම අහකට දාලා මගෙ සුදු මහත්තයගෙ රෙදි ගලවන පියුම් හාමු නිසා ඒ අස්සෙන් මගෙ කනුත් රත් වෙන්ඩ ගත්තා.... ඒතරම් ලැජ්ජාව....

නෑඹිලි කෙලිය විතරක් යෑ...මේකා දවසක් ඒකගෙ වචනෙට උඩින් ගියාය කියලා ඔෆිස් ඒ මහතැනට දෙස් තියාල තිබ්බා ...මහ තැනට වෙනකාටත් නෙවෙ මහ තැනට...එතනිනුත් අපෙ එකාව එලෙව්වනෙ...මේකා කව්ද මහ එකාට එහෙම කතා කරන්ඩ...ඔක්කොමත් හරි අපෙ පොරිසාදයගෙ වැඩේම අහුවෙන එකෙන් ඔලුවට කෙලින එකනෙ...මේකගෙ මදාවි කම කියන්නෙ මූ නම් යසෝද අකලටමයි වයසට ගියෙ....රස්සාවෙන් දොට්ට දැම්මට පස්සෙ හැන්ගීගන මග් රැකගන ඉදලා ටොයිලට් එකට යන්ඩ ආව මහතැනට බාල්දියක් ඔලුවට නවලා දුවලනෙ....

පියුම් හාමු....නගින්ට පූටකෙනේ නිස්කාරනෙ මේ කරවෙන්නෙ?

මට මේ කතාව නවත්තගන්ඩ ඕන උනා...අනෙ සීවරන් දෙයියනෙ මගෙ යටි බඩ කොරවේගන එනවා...රස්සාවෙන් දොට්ට දැම්මයි කියලා මහතැනගෙ ඉහට බාල්දියක් නවලයි කියන්නෙ...අනෙ හාන්දුරුවනෙ කක්කුසි බාල්දියක්....

මට සාප්පු සවාරි එපා උනා...පියුම් හාමුවා මේ කතා රහ කරනවා...අපෙ එකා...අපෙ පොරිසාදයකා...කලාත්ම ගගා දහසක් නම් එක්ක මගෙ සුදුමහත්තයගෙ වීරකම් එකින් එක් කියවනකොට මට එකපාරම සමුපකාරෙ ගනන් බලන එකාට දාපු සද්දෙ මතක් උනා...

මගෙ කන් දෙකම ගිනි ගන්නවා...කරන තරම් මගෝඩි වැඩ කරලා තියෙන්නෙ කලාත්ම හාමු උනත් ඒවා අහන් ඉන්න මගෙයි රෙදි ගැලවෙන්නෙ වගේ හැගීමකින් මාව වැහීගන යනකොට මට හපාගන්නවත් නියපොතු නැතිවෙද්දි දෙවංගියටත් මං පියුම් හාමුට බයිසිකලේට නගින්ඩයි කිව්වා...ඒත් මොන!!

පොඩ්ඩක් හිටින්ඩකො මේක කියල ඉවර කරන්ඩ...?මේවා මට අපෙ එකාව කග තියාගන කියන්ඩ බෑ මලයා...ඕකට අනක් ගුනක් නෑ වෙලාවකට....මටත් දමලා අතාරියි....

.යනගමන් අහමු අපෙ හාමු.... යනහමන් අහමු...මේ මදෑ කතන්දර ඇහුවා අරකා මාරු වෙන කනිසමත් ලගයි .....

ඌ මෙවෙලෙ මොන මගුලෙ යනවද....හැන්දෑවෙ නෙවෙද යන්නෙ...?හිතුන හිතුන වෙලාවට ඒකා එහාට මෙහාට පනිනවද....?

අනෙ දෙයියනෙ මගෙ කන්දෙක ගොඩ වෙන්ඩ එනවා...සියපත් මහත්තයගෙ හපන් කම් ඇරුනම වෙන් කිසිම දෙයක් ගැන නිනව් නැති හාමුට මං ඒකදන්තයා ගැන් මතක් කෙරුවා විතරයි දෙයියො හාමු තැන ඒ පාර ඒක්දන්තයටත් වචන වලින් හයිරන් කාරකම් පාන්න ගත්තා.....

ඒකගෙ සරු දවස් හාමු...ඉන්නෙම මද කිපිලා....ඒකට සහවාසෙ යෙදෙන්ඩවත් අඹුවක් හොයාගන්ඩ රැලට පූට්ටු වේගන්ඩ විදිහක් නැතුව ඔය ඉන්නෙ...මයෙ අප්පොච්චා කිව්වා ඒකගෙ රස්සාවම දූවිලිම නාන එකය කියල...මක්ක කරන්නද දඩබ්බරයා උනත් දලක් නැති උනහම ඒකට වඩා හයිරම පාන්ඩ එකෙක් ඉස්සරහට ආවම....

...........දැන් එතකොට ඒකගෙ පස්වෙනි කකුල එල්ලෙනවද මලයා...

ම්න්....

මං අහක බලාගත්තා..මක්ක අහනවදො මන්දා....වැදලා වැදලා වගේ අර කියවිල්ල බලෙන් වගේ නවත්තගත්ත මං හාමුතැනව බලෙන් වගෙ බයිසිකල් පොල්ල උඩ ඉන්දවන් බයිසිකලෙ පදිනකොට නපුරා උනත් ඒකට වෙලා තියන අකරතැබ්බ ගැන කම්පාවෙන් වගෙ කියවනකොට ඉදගන උන්න හාමු තැන එකපාරම බෙල්ලත් හරවලා මගෙ දිහා බලලා කිසිම ගානක් නැතිව පස්වෙනි කකුල එල්ලෙනවද අහනකොට අනෙ හාන්දුරුවනෙ කිව්වට විස්වාස කරපල්ලා හුස්ම වගේ හුරුපුරුදු මේ බයිසිකල් කටුවෙ හැඩල් එකත් එහා මෙහා කැපිලා ගියා බැරිම තැන මං ඒ ඇස් මගෑරලා අහක බලාගත්තා...

ඒක ලොකුද යසෝද මල්ලි...බලන්ඩකො...මෙච්චර වෙලත් මං ඕක දැකල නෑනෙ.....ඒකත් අර කකුල වගේම කලුද?නෑ ඉතින් මං අහන්නෙ අලියා සුදු එකෙක් නෙවෙනෙ.....ඒකයි....ඕන් අපෙ වත්තෙ බදින හදයගෙ එකයි ගෙදර ඉන්න දඩෝරියගෙ එකයි නම් මායි අපෙ මලයයි දැකලා තියනවා....

අනෙ දෙයියෙනෙ මේ මොනාකාර පරික්සාවක්ද මේ දුන්නෙ....හාමු තැනගෙ විලිය කෝ දෙයි හාන්දුරුවනෙ...ඉස් ඉස්සරෝම දකිනකොට උන්නෙ හුස්ම උනත් පරිස්සමට ගත්තු හාමුතැන් දෙකක් උනාට පහු වෙන්ඩ පහු වෙන්ඩ ඇයි මෙවුන් දුම්මල වැදුන යක්කු වගෙ දගලන්නෙ.....??

අනෙ කලාත්ම හාමු උඹලගෙ වීරකම් හන්ද අහින්සක මගෙ පන යන්ඩ එනවා...

මං නෙවෙ කටක් හෙලෙව්වෙ .....පස්වෙනි කකුල ලොකුද...ඇහුවා මදිවට කට හද හද තව එවුන්ගෙ අහවල් අහ දැක්කා කියලා කිව්වා මදිවට ඒවල වරුනෙ දිග පලල අගලෙන් අගලට කියවනකොට අනෙ මට දූවලා ගිහින් ගලපොත්ත හන්දියෙ උඩුබෙලි අතට දිගා වෙන්ඩ හිතුනා.....ඒ තරම් මට ලැජ්ජහෙ බැරි උනා

ඕකට ගෑනියෙක් හොයාගන්ඩ ඔය තරම්ම අමාරු නම් අර උලුහාල් කෑල්ලව පූට්ටු කෙරුවා නම් හරි ..ඒකිලාට තියන උලු හාල් රුදාව එකගමනින් අහවර වෙයි ....ඇරත් මුල් ගුරාට නම් ඔය වන්ගෙඩිය ආන්බාන් කරන්ඩත් බැරිව ඇති කියලා ඉස් ඉසරෝම ඒකිලාව දැක්ක හැටියෙම අපෙ මලයා මගෙ කනට කෙදිරුවා.....නවරත්න මායියව ඒකදන්තයට දුන්න නම් හරි...

දෙයි හාන්...දුරුවනෙ....පියුම් හාමු!!!

ආ...ආහ්...යසෝද...ය....ය...සෝද.....ම්...මලයෝහ්...!!

මට කරකියාගන්ඩ දෙයක් නැති උනා....බයිසිකල් පොල්ලෙ ඉදන් යන පියුම් හාමු අනිත් පාර විරිත්තන් වගෙ මගෙ දිහා බලාන කියපු කතාව එක්ක ඒකලාවත් දාගන බයිසිකලේ පැදන් ආව මට කවදාවත් නැතුව වාරු නැති උනා.....

දෙයි හාන්දුරුවන්ට ඔප්පු වෙන්ඩ අනෙ බයිසිකල් හැඩල් එක ඒ අත මේ අත හැම අතම කැරකිලා අවසානෙදි බේබිවත් මාවත් තනකොල පදුරු ගොඩක් උඩ පත බෑවෙනවත් එක්කම මං බලාගන පියුම් හාමුගෙ කකුල්කෙට දෙකම උඩට ඉස්සිලා තිවුනා...

ස්..සීවරන් දෙයි....යො....අනෙ පියුම් හාමු.....පියුම් හාමු උඹලට කරදරයක් නෑනෙ හාමු...

ය්...ය.....යසෝද...අපෙ අම්මෙ...වැටුනානේද...නෛයියාගම් කරන්ඩ ගියා මදෑ....මට කරදරයක් නෑ මලයා.....ඔයාට තුවාලද.....

එ..ඒ....හ්....හ්..හාමු....ස්..සරම...සරම උස්සන්ඩ එපා හාමු...

පොඩ්ඩක් හිටින්ඩ මලයා...කලාත්මයා නිවාඩු ඇවිත් මාව පොලෙ ගහයි...

මට තුවාල නෑ....දෙයියා...අනෙ හාමු රෙද්ද ගැලවෙයි....

මං උන්නෙ අන්තෙටම අසරන වෙලා.....පදුරු ගොඩට වැටුන වැටිල්ලට මං මටත් වඩා බය උනේම අනෙ පියුම් හාමුට හීරුමක් වත් වෙයි කියන කාරනාව උඩ වෙද්දි වැටිලත් කකුල් දෙකම උස්සන් ඉන්න හාමුව ඇදලා අරන් කෙලින් කරපු මං ඒ සුදු කකුල් වල හීන් හීරුමක් වත් තියනවද බැලුවා.....

මගෙ අතපය කියන්නෙම තුවාල කැලැල් උහුලන්නම උපන් අත්පය වෙනකොට අනෙ මට පියුම් හාමුට හීන් හීරුමක් වත් වෙන්න දෙන්න හිතක් නැති උනා....

මන් ඒ අත් දෙකම අතපත ගෑවා...හරව හරවම බල බල හීන් හීරුමක් වත් තියනවද කිය කියෝම මගෙ ඇස් කරකව කරකව බැලුවා....ඒත් කොහොම කියලා නම් හරියාකාරව බලන්ඩද...

කොහොම කියලා නම් මයෙ හිතෙ තියන සැක ඇරලා බලගන්ඩද.....එක තත්පරයක් ඇතුලත මාව පියුම් හාමුගෙ අත්වලට රූකඩයක් වෙලා ගියා...

හාමුගෙ කකුල් අතපයෙ හීරුම් ලකුනු හොය හොය උන්න මට කෑ ගැස්සුනා....

අනෙ සන්තො හාමු මගෙ ඇදිවත ගලවන්ඩ හදනවා....මට තුවාල නෑමලයා.....මලයට තුවාලද අහ අහ මාව එහා මෙහා කර කෙව්වා මදිවට අනේ ඒකලා මගෙ සරමත් ඉස්සුවා විතරයි මං මගෙ කකුල් දෙකම එකට පූට්ටු කරගත්තා...

මට තුවාල නෑ හාමු....කිව්වම අහපල්ලකො...මක්කද මේ කරන නාඩගම...

ඔහොම හිටින්ඩ යසෝද...මගෙ කකුල් වගෙ නෙවෙ...යසෝදට ඇල්පෙනෙත්ති තුඩකවත් හීරුමක් වෙලා තිබුනොත් මට තමයි අර ඒක දන්තයා එක්ක දීගයන්ඩ වෙන්නෙ......

යසෝදට කියන්ඩ අර පොරිසාදයා කුඩා කාලෙ මගෙ පස්සෙන් පිහියකුත් අරන් පැන්නෙව්වා....ඒක එතකොට දෙකෙ පන්තියෙ.....

මං මගෙ කටට අත තියාගත්තා...දෙයියො.....දෙකෙ පන්තියෙ ඉන්නැද්දි ඔයාකාර චන්ඩකමක්????????ඒ වයසෙදි මන් නෙවෙ වචනයක් කියල වචනයක් කියන්නෙ...

බේබි එන්ඩ...

පියුම් හාමුගෙ කටින් මං මගෙ සුදුමහත්තයගෙ අහවරක් නැති වීරකම් අහලා අහලා අවසානෙදි කන් කරච්චලේ බැරිව යාගන එනකොටම මං බලෙන් වගේ පියුම් හාමුව ඇදලා බයිසිකල් පොල්ල උඩින් ඉන්දවගත්තා.....

කලාත්මට කියන්න ඕන මං අහස සේ ඔබ අනන්තයි සින්දුවට ආසයි ඒකත් දෙන්න කියලා....යසෝද මල්ලිට මොනවද හිතෙන්නෙ ඒකට....කලාත්මත් ඔය සින්දුවට හරිආසයි...ඒක අහනකොට හරි අමුතුයි ..පපුව ගලවලා අතට අරගන මිරිකනවා වගේ...පලවෙනි කොටස කියලා ඒ ටිකකින්ම යන වයලීන් එකයි බටනලාවෙ සද්දෙයි එකට ඇහෙනකොට පපුවම බරයි මල්ලි....

හොදම දේ කියන්නෙ ඒ සින්දුවෙ තියන වචනයක් වචනයක් ගානෙම පපුවට කාවදින්නෙම මේ වගෙ පාලුවත් දුකත් වේදනාවත් බර හුස්මවල් විතරක්ම පිරුන ගමක ඉන්නකොට.....

දෙතිස් පැයම රත්වෙච්ච තාරපාරවල් වලින් එම තාර ගදත්...දුමෙන් වැහුන සත්මහල්ප්‍රාසාද පිරුන කොලොම්පුරේ ඉදන් මෙව්වා පපුවට දැනෙන්නෙ නෑ....

බයිකලෙ පදින වාරයක් වාරයක් ගානෙම මලබැදුන චේන් එක කට කටස් ගානවා....ඉදහිටක හමාගන යන හුලන් කැරැල්ල්ත් එක්ක එකයාන්ගෙට වැවිලා තියන ඉලුක් ගාලම නැලවීගන යනවා...දිරාපු ගස් කදක්...පුරන් උන හේන් කට්ටියක්....පුරන් කුඹුරෙ මක්ක හොයනවද මන්දා නිස්කාරනෙ බිමට බැහැපු කොක් නයිදෙ කෙනෙක් ආපිට අහසට නගින යාමෙක සතුටට වඩා දුකම උහුලන ....සැනසීමට වඩා ගින්දර උහුලන

ගම්තුලානෙ මැදින් වැටිලා තිවුන ගුරුපාරදිගෙ තවත් මනුස්සප්‍රානියෙක්ගෙ බරත් එක්කම බයිසිකලෙ පදින මම මේ මනුස්ස ප්‍රානියා කියන වචනයක් වචනයක් ගානෙ හූමිටියක් වත් නොතියම අහන් උන්නා....

පියුම් හාමුගෙ නවනින්ගිරා කතා අහවර උනා...ගල්පොත්ත පේනමානෙදි මං ඒකන්දතයගෙ ජායාව දැක්කා.....ඒකා බාගෙට මැරුන වැව් යාන්ගෙ දිහාට යනවා.....කරන්න පුලුවන් චන්ඩිකම් ඔක්කොම කරකරත් ඒකා ජීවත් වෙන්නෙම පුදුමාකාර අහංකාරකමකින් වගේම තේජාන්විත භාවෙකින් වෙනකොට පියුම් හාමුගෙ වචන වලට කන්දීගනම පොඩි වෙන ඉලුක් ගාල දිහාව ඇස් කොනින් බලාපු මං අරකා ඉන්නවාය කියන එක නිකන් වත් හාමුට දැනෙන්ඩ ඉඩක් නොතියම ඇගේම හයිය අරන් බයිසිකලෙ පැඩල් එක පෑගුවා.....

ගහගන යන හුලන් රැල්ලත් එක්ක මනුස්ස කුයිලෙ එතිලා යනවමයි...ගෙවෙන තත්පරයක් ගානෙම ඒකා ඉන්නෙ හොස්ස ළඟින් මැස්සා යන්ඩ බැරි තරහකින් වෙනකොට වතුර බීමත් පැත්තක දාලා පස්ස පාරෙ පන්නන්ඩත් බැරි නෑ....

අනෙ ඉතින් උඹලට අඹුවක් නැති තරහවටත් අපි තැලෙන්ඩ ඕන.....උඹලට සා ගින්දරෙ ඉහ ගැහුවමත් අපි තැලෙන්ඩ ඕන.....උඹලට කම්මැලි කමක් දැනුනමත් අපි තැලෙන්ඩ ඕන...අසරන අපෙම්ම මෙහෙම පලිගන්නෙ උඹට අපි ගැන දුකක් නැතුවද සද්දන්තයො....

අහස සේ...ඔබ අනන්තයි.....

පොලව සේ....ඔබ අනන්තයි...

මේ විශ්‍වයේ....මා දකින්නෙ....

ඔබමැ පමනයි...

නොහිතෙන යාමෙකදි මගෙ තුන්හිතම හෙලවිලා ගියා....නිවීමක් නැතිවම කියවන් ගියපු පියුම් හාමු මොනම වෙලාවෙ හරි මගෙ සුදුමහත්තයගෙ කටහඩ හොරාගන....

ඒක තනිකරම ප්‍රාතිහාර්‍ය්ක්...සියපත් මහත්තයා....කලාත්ම හාමු...ආකාස නම් මගෙ වස්තුව.....අස්තාවර කවියක් හා සමාන මගෙ ජීවිතේට ස්තාවර තනුවක් උන හැටිම මිහිපිට සිද්ද උන පුදුමාකාර ප්‍රාතිහාර්‍ය්ක් වෙද්දි කලාත්මගෙන් සින්දුවක් ඉල්ලන්න ඕනයි කියපු පියුම් හාමු මගෙ කකුලෙ වේගෙ බාල කෙරෙව්වා....

මූන දිහා බලාගන අහගන උන්නොතින් විතරක් මේ සින්දුව කියන්නෙ පියුම් හාමු කියන්න පුලුවන් ...ඒත්...අහල බලාගන ඇහිපිය වහගන ඇහුවොතින් මාව මන්මුලා වෙනවා....ඒත්...ඒත් මීට කලියෙන් එක දවසකත් මන් පියුම් හාමුගෙ සින්දුවක් ඇහුව...එදා මට මගෙ කලාත්මගෙයි පියුම් හාමුගෙයි අතර තිබුන වෙනස හොදාකාරවම තේරුනා....

ඒත් අද .....

අද මගෙ සර්වාංගෙ පුරාවටම හිරිගඩු පිපීගන යනවා....

සියපත් මට පියුම්ගෙනුත් උඹලගෙ කටහඩ දැනෙන්නෙ මගෙ ලේ නහරයක් නහරයක් පාසාවටම ඉන්නෙ උඹලා විතරක්ම හන්දද කියාපන්....?මං උඹගෙ අදරෙන් අසරන වෙලා මගෙ සියපත්.....උඹට තිබුනෙම හදවතට කතා කරන පුදුමාකාර කටහඩක්.....උඹගෙ වචන වංගු නැතිවම වැලදගත්තෙ මගෙ හදවත සියපත් හාමු....

අඩ සඳක් සැගවෙන තැනක් ඔබ

රළ පෙළක් පෙරලන තැනක් ඔබ

සිසිලසක් දනවන තැනක් ඔබ

උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ...

මේ වචන වලටත් මේ තනුවටත් පුලුවන් මනුස්සයෙක්ව පනපිටින් නිවන් දොරටු ගාවට ගිහින් නතර කරන්න යසෝද.....මේවා තනිකරම මාත්‍රාව ඉහවහ ගියපු අධිමාත්‍රීක හැගීම් ගේන සින්දු මලයා.....

මං හිතන්නෙ දහයෙ කනිසම පහුවෙනවත් එක්ක තමයි රෝමාන්තිකයන්ගෙ ප්‍රේමනීයම සුයාම පටන්ගන්නෙ....හතර දිග්බාගෙම නිහඩ වෙන රෑක අහසට අරක් ගන්න හදත් එක්ක පටන් ගන්න මේ ප්‍රේම සුයාමෙට පුලුවන් යසෝද මනුස්සයෙක්ගෙ හැගීම් හිතුමනාපෙට මල්වර කරන්න...

රෑ පායන හදෙ ලස්සන ගෙන්දගම් පොලවට වඩා කැලෑවට ඉහලින් පායන් එනකොට පුදුමාකාර ලස්සනයි ...යසෝදට කලාත්ම මේ වචන කිව්වද දන්නෙ නෑ...

මොනවද හාමු.....

තුන්‍ යම දකින හැම හීනෙකම යසෝද එනවලු හාදු වැහි අරගන කලාත්ම ගාවට.....මන්දා මිනිස්සු ආදරෙන් මත්වෙන්න ගත්තම මදුවිතෙන් මත් උනාට හපන් ...කලාත්මගෙ වචන වලින්.....කලාත්මගෙ ඇස්වලට යසෝද කියන්නෙම හදක් නෙවෙ තනිකරම තරුවක්!

මගෙ පපුව නවතින්න ආවා....හැල්මෙ පැදපු බයිසිකලෙ වේගෙ එන්ඩ එන්ඩම බාල වෙන්ඩ ගත්තා....වෙලාව පහු උනෝතින් ආය හෝරා දෙකකට එහා මිසක මෙහාවෙන් බස් එකක් එන්නෙ නැති බව දැන දැනම මගෙ වේගෙ බාල උනා....වෙන කිසිම දේකට නෙවෙ කලාත්ම හාමු නම් වෙච්ච මගෙ සුදු මහත්තයා මට නොකියපු කාරනාවක් පියුම් හාමු අතින් කියවෙනකොට මට මගෙ තිබ්බ හැම හයියම දියවෙලා යනවා වගේ දැනුනා...

පියුම් හාමු....ම..මගෙ සියපත්.....

හ්ම්....ඔයාගෙ තමයි....දන්නවද යසෝද මන් හිතනවා කලාත්මත් යසෝදත් පුදුමාකාර වාසනාවන්ත මිනිස්සු කියලා.....වෙනමොක්ටතවත් නෙවෙ යසෝදටත් කලාත්මටත් තියෙන්නෙම සමාන්තර ආත්ම දෙකක්.....සහෘද ආත්ම දෙකක්....ලයාදර මනුස්ස ආත්ම දෙකක්...ඒක වචනවලට පෙරලන්න මන් දන්නෙ නෑ ...කලාත්මගෙ නම කියවෙන වාරයක් පාසාම යසෝදව එලිය වැටෙනවා.....

යසෝද ගැන කියන වාරයක් පාසාම කලාත්මගෙන් බරහුස්මවල් පිටවෙනවා...

ගව්ගානක් දුර උන්නත් ඒ නමින් අංශුමාත්‍රයක් ඇහුවත් ඇති හෘද වස්තු කකියනවා...ඒක මං දන්නවා.....ඒක මට දැනෙනවා.....කලාත්ම කියන්නෙම යසෝද කියන්නෙ හදක් නෙවෙ...ආකාසෙට අරක් ගත්ත තරුවක් කියලා...

වෙනමොකටවත් නෙවෙ...කඩන් වැටුන හදවල් ගැන මේ තුන්ලෝකෙම ලියවිලා නෑ...එහෙම ලියවුනත් කඩන් වැටුන හදකගෙන් කිසිම මනුස්සයෙක් ප්‍රාර්තනාවක් කරලා නෑ...හදකට බෑ යසෝද කඩාවැටෙන තරුවක් තරන් පරාථ කාමීවෙන්න....මොකද තරුකැටේකට විතරයි කඩාවැටෙනකොටත් අනුන්ගෙ ප්‍රාර්ථනාවක් අහන්න....

ඉතින් මේ කැලෑවත් ඝන අන්දකාරෙත් දෙකඩ කරගන අකාසෙට පුරහද පෑව්වත් කලාත්ම ආදරේම අර අහිංසක තරුකැටේට.....!!යසෝද ඒතරම් පරාර්තකාමි මනුස්සයෙක්....යසෝද ඒතරම් අහිංසක මනුස්සයෙක්...කබලෙන් ලිපට වැටිලා උන්නත් බත් කටක් ඉල්ලුවොත් බඩපලලා හරි බඩෙ බත් ටික දෙන මනුස්සයෙක්....

ඉහ දන් දුන්න වෙස්සන්තරලා ගැන කහ පිටුවල ලියවුන කලු අකුරු වලින් කියවනවට වඩා නූතන වෙස්සන්තර කෙනෙක්ව ජීවමානව දකින එක මට දැනෙනවා පියුම්....දවසක මාව දාලා බුදුවෙන්න ඇහුවොත් මං ඒකටත් හා කියනවා.....ඒ තරමට මං මගෙ මන්දාරම් වෙනුවෙන් පේවෙනවා.....!!

මේවා මගෙ වචන නෙවෙ රෑ තුන්යාමෙ ප්‍රේම තන්ත්‍ර උච්චෙටම සුසරවෙන සුයාම් වල කලාත්මගෙන් පිටවෙන වචන මන්දාරම්....මගෙ මල්ලි යසෝදට පුදුමාකාර විදිහට බැදිලා....

ඔය හිනාව වෙනුවෙන් කලාත්මට හනුමන්තා කෙනෙක් වෙන්නත් බැරි කමක් නෑ...හතර දිග්බාගෙම ගිනිතියාවි ....

මගෙ ඇස් දෙකට කදුලු කැට පිරුනා.....මගෙ ළමයා මගෙ ළමයා ගගා කියවන කලාත්ම හාමුගෙ ආදරේ විදිනවට වඩා අහලම මගෙ ඇස් වලට කදුලු කැට පිරුනා....ඒ අදරෙ බරසාරකමටම මාද දියවෙන්න ආවා.....

සියපත් මහත්තයගෙ ඇස් වලට මං පුරහදක් නෙවෙ තරු කැටයක්ලු....තරුවකට විතරමලු පුලුවන් කඩාවැටෙනකොටත් මනුස්ස හදවතක් වෙනුවෙන් ප්‍රාර්තනාවක් ඉශ්ඨ කරන්න...මාත් ඒ වගේලු.....මං වෙස්සන්තර කෙනෙක් වගේලු....ඒත් මගෙ හාමුතැන....

උඹගෙ මන්දාරම්ට ආදරෙ දන්දීලා බුදුවෙන්න තරන් හයියක් නෑ සුදු මහත්තයා....උඹලා හැමෝම මට බුදුවෙන්න විවරන දුන්නට මමත් තනිකරම බුදුන්ගෙ දවස දැකලත් නිවන් යන්න බැරි උන එකෙක් වගේ ....මට ඔය විවරන දැන් දැන් බරයි හාමු තැන.....බුදුවෙන්න කලින් අපි ආදරෙ කරලා ඉමු ආකාස?

යසෝද අඩනවා...

මං හිතන්නෙ මගෙ ඇස්වලින් එලියට පැනපු කදුලු කැට පියුම් හාමුගෙන් වහන්කරහන්න මට වෙලා මදි උනා.....ගුරුපාරෙ කෙරවල මහපාර වෙනකොට බස් හෝල්ට් එක පේනමානෙ තිබුන කඩ අගුවෙන් බයිසිකලේ දාන්න හාමුව බස්සනවත් එක්කම මගෙ ඇස් වලින් පිරිත්පන් තරම් පූජනීය ආදරයක් වෙනුවෙන් උනාපු කදුලු කැට අහුරක් ගලාගන ගියා...සමනල කදුමුදුනින් වත් මේ ආකාරෙට දියෑලි කඩාවැටෙන්නෙ නැතිව ඇති....ඒතරමට මගෙ ඇස් අගිස්සෙන් ප්‍රේමය වෙනුවෙන් ඉපදුන කදුලු හැලුනා....

ම්න්...මට ඇ...ඩෙනවා හාමු....

මං අකුරු ඇහින්දා.....ආයමත් ඒ හිනාව මගෙ ඇස් ඉස්සරහා ජීවමාන වෙන දවස කවදද කියන්න වත් නොදන්න මං ඒ වචන අහලා ඇඩුවා.....

යසෝදට දෙයක් අහන්න දෙන්නද .....අඩන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් අනින්න මනාපයක් නෑ....ඒත් ආදරෙ කරනකොට වට්න්නෙ නැත්තෙ මොනවද යසෝද...මං තනිකරම මගෙ මලයත් යසෝද මලයත් අතර මැද හිරෞන දූතයෙක් වගේ.....මං මගෙ ජීවිතෙ කිසිම දවසක කලාත්ම මනුස්ස හදවතක් ගැන මේ තරම් සංයමේකින් කතා කරනව දැකල නෑ...මං වගේ නෙවෙ...

කලාත්මගෙ කුලුදුලේම ආදරෙ යසෝද....මට ඉහ කෙස් ගානට එක එකා උන්නා....ඒත් මට මේ වෙනකන් මගෙ සමාන්තර ආත්මෙ හොයාගන්න බැරි උනා.....හැබැයි...මං විස්වාසකරනවා...මගෙ සමාන්තර ආත්ම අයිතිකාරි කියන්නෙ තැලුන මලක් කියලා...තැලුනත් කාරි නෑ....තැලුන මල් වලිනුත් රොන්ගන්න බඹරු නැතුවම නෙවෙ.....!!…

මේක අහල ඉන්න...මං මේක හොරාවට රෙකෝර්ඩ් කෙරුවෙ....මාව උලතියාවි ඕකා...කටක් හොලවන්න එපා...

මං නෙවෙ වචනයක් කිව්වෙ.....කොහෙ කියලා වචණයක් කියන්නද.....මට මාව පවා අමතක වෙලා යනකොට.....බරම බර වචන අහුරකට පස්සෙ පියුම් හාමු ඵෝන් එක කුටු කුටු ගාලා ඔබලා ඔබලා මගෙ දිහාවට දික් කෙරුවා...

කනේ තියාගන්න...

ඒ එක්කම මං කනේ තියාගත්තා...අනෙ බුදුනෙ මගෙ හුස්ම නැවතුනා.....

"ඔයාට පුලුවන් මන් වෙනුවෙන් හදක් නොවි තරුකැටයක් වෙන්න....

මොකද හදකට බෑ කවදාවත් තරුවකට තරම් පරාර්ථකාමි වෙන්න...තරුවකට විතරමයි පුලුවන් අහසකින් කඩාවැටෙනකොටත් මනුස්ස ප්‍රාර්තනාවක් අහගන ඉන්න...

ඉතින් ලයාදරය,කවදාවත් කොතනකවත් අහසින් කඩාවැටෙන තරුවකින් ඉල්ලපු ප්‍රාර්තනාවක් ඇරුනම හදකින් ඉල්ලපු ප්‍රාර්තනාවක් ගැන ලියවිලා තියනවද?!!

පියුම්....මගෙ මන්දාර්ම්ගෙ අහිංසක ඇස් මේ වගේ කතා හුගාරිකක් දොඩවන හැටි මගෙ හීන අස්සෙත් පේනවා....මන්දාරම් ආකසෙ මොනතරම් ප්‍රේමනීය සුසංයෝගයක්ද ඒත්....මං ආසයි එයාව මගෙ අහසට පායපු තරුකැටයක් නමින් අදුන්නන්න.....මං ඒ කොල්ලට පුදුමාකාර ආදරෙයි පියුම්...හදවත ගලෝල ඉල්ලුවොත් මං හිතන්නෙ නෑ මට ඒ වචන අහලා ඉවර කරන්නවත් පන තියේවි කියලා.....එයා වචන ඉවර කරන්න කලින් ඒ පය පාමුල මාව මැරිලා ඉදීවි...මොකද මං ඒ වෙනකොටත් මගෙ හදවත ගලවල ඒ අල්ල උඩ තියලා හමාරයි....

මගෙ කොල්ලව බලාගනින් පියුම්....මොකෙක්ටවත් ඒ හිත රිදවන්න දෙන්න එපා...එහෙම උනෝතින් මං එකින් එකාව අල්ලන් ඇවිත් වැවෙ ඔබලා මරලා. දානවා...

මට ආදරෙ නාමෙන් වෙස්සන්තර වෙන්නත් පුලුවන් ...ඒ වගේම අංගුලිමාල වෙන්නත් පුලුවන් "

ස්...සුදු මහත්තයා.....

මන් මගෙ දරදඩු අතින් පපුව මිරිකගත්තා...මගෙ ඉස්සරහා උන්න පියුම් හාමු බලාගන ඉන්නකොටම මං අර ඵෝන් එක සැප කියන දේ අල්පමත්‍රයක් නැති පපුවට තුරුලු කරගත්තා.....

බුදුන් දැක නිවන් දකින්ඩ හිතාන දෙවුරම යන්න පාර අහන දුගියෙක් උන මට ආකාස කියන්නෙම නිවන්පුර රුවන් දොරටුවක් හා සමාන වෙනකොට දෙයියො බුදුන් පල්ලයි අනෙ මං ආදරෙන් සෝවාන් උනා....

මං උඹට මගෙ පපුව පුරවලම ආදරෙයි මගෙ සියපත්....උඹ තනිකරම ප්‍රේම දූපතක්!ප්‍රේමවිමානයක් මයෙ ආකාස!!!

මගෙඅත් වෙවිලනවා...තුරුලු කරගන උන්න ඵෝන් එක ආපිට පියුම් හාමුට දෙනකොට මං බලාගන යකඩ ලදරමක් උන බස් එක එනවා..මගෙ උරහෙට දාපු තට්ටුවත් එක්ක ඇදන් උන්න කමිස සාක්කුවට අත දාපු පියුම් හාමු විස්සෙ කොලයක් අරන් අතමිටමොලවනකොට අනෙ මට කලාත්ම එක්ක ඉස්පිරිතාලෙ ගිය හැටි මතක් උනා...මගෙ පපුව තව තවත් පෑරිලා ගියා .....

මල්ලි කොහෙටද....

.බස් එක එකම උනාට කොන්දොස්තර මහත්තයා පිටගම් කාරයෙද කොහෙද.....කවදාවත් නැතිව මල්ලි කොහෙටද අහනකොට බාගෙට බාගයක් හිස් සීට් තිවුන බස් එකෙ මැද හරියක ඉදගන උන්න මම ටවුමට ටිකට් දෙකක් ගන්නකොට මං බලාගන ජනේලෙ පැත්තෙ උන්න පියුම් හාමු අර ඵෝන් එක එහා මෙහා පෙරලනවා....මේ ඔක්කොම මැද බස් එකටම ඇහෙන්න ටීඑම් මහත්තයගෙ සින්දුවක් දාලා.....

ටීඑම් මහත්තයට වඩා පියුම් මහත්තයා ඒ වචන වලට අයිතිවාසිකම් කියන්න හදනවා...

මං අහගන බරමහුස්මක් එක්ක සමනගෙ ගෑනිගෙ නම මිමිනෙනවා.....

"ප්‍රේමා...."

මාරුතෙ හමා වනෙ මල් උයන් දිගෙ

පාවෙනා වලාකුලෙ සිසිලසක් වගේ

වේදනා නිවී ඔබෙ සුනීල නෙත් විලෙ

ජීවිතෙ සිනා නගාවි සෙනෙහසින් හදේ!

පියුම් මහත්තයා....

...හ්ම්.....

මහත්තයා අපෙ එකාගෙ ගෑනිට ආදරෙ කරන්නෙ මගින් හැරෙන්ඩ නෙවෙ නේද පියුම් හාමු....?

ඒකි අසරනී පියුම් මහත්තයා....ඒකි මටත් නගා වගේ....ගෑනු හූල්ලනකොට අහස පොලවත් කම්පා වෙනවා...අරූගෙ මලකද වත් තවම මහපොලවට උරාගන නෑ.....ඒකිලා ආස ඇති රෝසපෙති මොන තරම් මටසිලිටුද බලන්න....ඒත් ...උඹලා අරලියා උඩම රෝසමල් වගාකරලා හිටි හැටියෙ උදුරලා දාන්ඩ එපා හාමු...කටු විස වෙලා ආයමත් ඒකි මැරිලා යයි.....

බැරිම තැන මං පියුම් හාමුගෙ මුන දිහා බලාගන සමනගෙ ගෑනි ට ආදරෙ කරන්නෙ ඇත්තටමද අහනවත් එක්කම මගෙ දිහාව බලගන උන්න පියුම් හාමු මගෙ අත ඒ අතින් මිරිකලම අල්ලගත්තා...

මං ඕන තරම් ගෑනු දැකලා තියනවා...ආදරෙ කරලත් තියනවා යසෝද....ඒත්....මොනාකාර පවක්ද මන්දා....මට ලැබුනෙම සාගරයක් තරම් ආදරෙ හූරාගන දෝතක් තරමට වත් ආදරයක් නොදුන්න එවුන් ...

පපුව පිගන් මැටියෙන් හදලා තිබුනා නම් ....මේක රෙපයාර් කරන එකාට පොටි දාලම විසේ යන්න ගියා...ඉරෙන ඉරෙන පමාවට මහන්න ගියා නම් මේ තුන්ලෝකෙටම අද ඉදිකටුයි නූලුයි හිඟයක් එන්ඩ ගියා...

මං ඒකිට ආදරෙයි.....මේ වචන අස්සෙ ඉදුලක් ගෑවිලාවත් නෑ යසෝද....පිරුන දෙතන්...රියසක වගේ පුලුල් උකුල් ..නා දලු දෙතොල්...අඩසද නනල් මොනරපිල් වගේ කෙස් වැටියක්....මල්පෙත්තෙ පාට ගත්ත රතදර නැතිවට කාරි නෑ යසෝද.....

ප්‍රේමයකට බැරි නෑ මලයා දර ඉපලක උනත් දලුලාන්න.....

ආදරෙ කියන විශය කාරනාව ගාවදි මං තරම් ෆේල් එකෙක් නැතුව ඇති යසෝද.....කලාත්ම උඹට දෙන ආදරෙ දැක්කම මගෙ පපුවත් බලාගන ඉන්නවා ආයම පිස්සුවෙන් වගේ ආදරෙ කරන්න....

පරන තුවාල තවමත් සැරින් සැරේම රිදව රිදව යනවා....පැලෙන්ඩ ආදරෙ කරපු එවුන් විතරයි යසෝද විරහවෙ තියන වේදනාවෙ තරම දන්නෙ...ආදරේ කරන කාලෙට වඩා විරහව විදින කාර්තුවෙදි අතෑරුන ප්‍රේමය වෙනුවෙන් දැනෙන ප්‍රේමාදරෙ වැඩියි යසෝද....

යසෝද දන්නවද.....,

සෑහෙන බ්‍රේකප් ගනනාවකට පස්සෙ මන් අවසානෙදි මෙහෙම හිතුවා...එක්කො මන් සදහටම නොබැද ඉන්නවා.....නැත්තන් සෙක්ස් පාර්ට්නර් කෙනෙක් විතරක් තියාගන්නවා....සෘංගාරෙ ඉහවහ යනකොට ආදරෙයි කියල යටි උගුරෙන් බෙරිහන් දෙන්න විදිහක් නැතිව ගියත් අඩුම ගානෙ අවසානෙදි හති ඇරලා හරි ජීවිතෙ එක හිස්කමක් වත් තාවකාලිකව වහගන්න මට සෙක්ස්පාර්ට්නර් කෙනෙක් ඕන ....

ඒත් දවසක් ආයම මට මෙහෙමත් හිතුනා...තවමත් මම කියන මනුස්සයට උරුම සමාන්තර ආත්මෙ හම්බවෙලා නෑ කියලා.....හැබැයි එහෙම හම්බ උන දාකට මන් මගෙ හදවතට දරන්න පුලුවන් කැපෑසිටි එක කුඩුපට්ටම් වෙලා යන්න අර උරුමක්කාරයට ආදරෙ කරනවා කියලා...

ඉතින් පේනවද මගෙ හදවත දැන් අයමත් බිදිලා...

තවත් බ්‍රේකප් එකක්ද.....????

නෑ.....මන් දැන් කැපෑසිටි එක කුඩුපට්ටම් වෙලා යන්න ආදරෙ කරනවා!!

ඒ වෙනකාටවත් නෙවෙ....අරලිය මල්අහුරක් මැද අඩන ප්‍රේමියක් වෙනුවෙන්...

ආදරෙ කරන හිත්වලට විරහව විදින්න වෙන කාර්තුවල තදින් වැල්දගන්න කාවම හරි ඕන යසෝද....

කාට කාටත් යශෝධරාවට කලියෙන් මහාමායව හම්බවෙන්න ඕන.....යශෝධරාවක් හිමිවෙන්න පින් නැතත් චින්චිමානවිකාවන් හන්දා බිදෙන හිත් වැලදගන සුව කරන්න අඩුම ගානෙ මහාමායාවක් වගෙ අම්මෙක් වත් ඉන්න ඕන....

ඒ වගේම,දේවදත්තලා දාහකට පස්සෙ හරි ගෑනුන්ටත් සිදුහත් කෙනෙක් හම්බවෙන්නම ඕන....ප්‍රේමයෙන් නිවිලා...ප්‍රේමයෙන් නික්මිලා අවසානෙදි ප්‍රේමයත් පහුකරගන ගිහින් බුද්ධත්වය ලැබෙන්න ඕන!!!

මං ඒකිට ආදරෙයි.....යසෝධරාවත්...මහමායාවවත් මං ඒකිගෙම්ම හොයාගත්තා යසෝද!!!

ඒකිව මට සින්නකරලා දියන් ...පැංචව මට වැඩි නෑ...මං ඒකට අප්පෙක් වෙන්නම්....කහටක් තියනවා නම් පැටියට මන් වෙනසක් කරාවි කියලා.....මං මගෙ ධාතුවකට පනගහන අයිතියත් මරලා දාන්නම්.....ඒ ගෑනිගෙ බොරපාට ඇස් මට සින්නකරපන් යසෝද...

මං මගෙ යටිතොල දෙකඩවෙලා යන්නම හපාගත්තා....පියුම් හාමු සමනගෙ ගෑනිව ඉල්ලපු විදිහත් එක්ක මන් දිව්‍යලෝකෙට ඉගිලුන සමනට මගෙ යටි හිතින් මගුල් කාරනාව කිය කිය මගෙ යටි තොල හපාහන ඉදලා අවසානෙදි පියුම් හාමු දිහා බැලුවා....

අප්පච්චිලා දරුවන්ව දෙන්නෙ නෑ පියුම් හාමු.....මයෙ කොල්ලා මයෙ ගාව හැදුන දෙන්....ලේ නොදුන්නට මං ඌට අප්පා වෙලා අහවරයි...ගෑනිව සින්නකරගනින්...

*

*

*

ආ මයෙ පුතා ....උඹලා හරි හැඩයිනෙ මේකට.....මයෙ අම්ම යස ඉලන්දාරියනෙ....නෙ අප්පච්චි .....අප්පච්චි මේන් මේකා උඹලා ගැටයා සන්දියෙ වගේ ....

කිව්වත් වගෙ මේකා මයෙ ගැටයා කාලෙ වගේමයි.....මේක හුගක් ගනන් උනාද මා පුතා....

සාප්පු කමිසෙ පුදුමාකාර තරම් පුසුඹයි.....අනෙ කලාත්ම හාමු උඹලට ජාති ජාතිත් පින් අයිතිවෙනවා මයෙ හාමු...

ඉරබහින යාමෙත් ලන්වෙලා.....පිල්කඩින් එකයි කඩචෝරු පුසුඹ....කොච්චර එපා කිව්වත්.....කමිසවල ගනන් මිමි දැක්කම හාමුව ඇදන් එලියට යන්ඩ හැදුවත් අනෙ මට බැරි උනා පියුම් හාමුගෙන් බේරෙන්ඩ...

එපා හාමු....එපා හාමු ගගා කට කඩාගන වැදවැටුන මන් අවසානෙදි පපුවටත් දෙස් තියතිය කමිසයක් ගත්තා.....

වෙන කිසිම පාටක් නෙවෙ...ළපටි සියපතකට උරුමකරගත්ත ලා රෝස පාට අත්දිග කමිසයක්...

ගෙනාව වෙලේ ඉදන් අනෙ මයෙ රත්තන් අම්මා අප්පච්චි කෙරුවෙම මාද කරකව කරකව හැඩබලාපු එක වෙනකොට මන් බලාගන වචන නැති නිකිනිගෙ ඇස් පවා දිලිහෙනවා.....

මයෙ අම්මගෙ ඇස්වල සතුටු කදුලු බුබුලු දාන මොහොතක මං බලාන දොරෙබුදුන් ද්‍රෝනයක් ධාතුන්වැඩහිටින ඉසව්වදිහා බලාගන හාමුතැනව ජාතක කරපු එවුන්ට පවා පින් ඉල්ලනවා...

අලුත් පුසුඹ කාන්දු කරන කමිසෙ හරි පරිස්සමට ගලවලා ආපිට කවරෙට දාපු මං මුලු ගෙදරම ඈයන්ගෙ කඩමාලු උන රෙදි කෑලි පවා පරිස්සමින් හන්ගන් ඉන්න පෙට්ටගමට දාපු මං පුරුදුව් විදිහටම පරන පාට කමිසෙකුත් පඩුපාට ගහපු සරමකුත් ඇදගත්ත මං එහෙම්ම පිල්කන්න පැත්තෙන් ගිහින් හිස් උන මැටිකල දෙක අතට ගත්තා....ගොම්මනට කලියෙන් මලකද පාරට දාගත්තොත් ඇති....

මලගම් යන යාමෙ ඒකගෙ හිතෙ මොනවා තිවුනද කව්ද දන්නෙ...ඉහෙ කෙස් ගානට මලකදන් එක්ක ගනුදෙනු කෙරුවත් යාමෙ දෝසයක් උනෝතින් මක්ක කරන්ඩද.....?

මයෙ පුතා යසෝද...

අප්පුච්චා....

පිල්කඩ උඩ උන්න අප්පුච්චා ලී වංගෙඩි පොඩ්ඩ උකුලෙ තියාගන බුලත් කොටනවා....කඩචෝරු මල්ල බදාගන උන්න නිකිනිගෙ කොන්ඩෙ කරල් දෙකට ගොතන අම්මත් කලගෙඩි දෙකක් එක්ක ගොම්මන් කිට්ටුවෙ එලිබැහැපු මයෙ දිහා බැලුවා....

උඹලා මේ අවේලාවෙ කොහෙ යන්ඩද?

වතුර කල දෙකම හිස්වෙලා අප්පුච්චෙ.....

කාරි නෑ...ආන් අර කුසියෙ තව ගෙඩි දෙකක්ම තියෙන්නෙ....මේ පිල්කන්නෙත් හරි අඩක්ම තියෙන්නෙ.....මේන් මෙහෙන් ඉදිල්ලා....මොකො හෙට එලිවෙනකන් මදිද ඕක...

හදිසියෙ දොට්ටපිලට වත් යන්ඩ උනොතින් බේසමේ වත් වතුර ඩින්ගක් නෑනෙ අප්පුච්චෙ....ඇරත් නගාගෙ මූනකට වත් හෝදවලා නෑනෙ...

ආ මයෙ පුතා ...බොලාට මසක්කමක් ගහලද...?

මං උන්නෙ යාගන්න තදියමෙ.....වැටකඩුල්ල පැනගන්න හැදුවත් මක්කද අම්මයි අප්පුච්චයි කෙරුවෙම මාව නවත්තගන්ඩ හදාපු එක.....නිකිනිගෙ කොන්ඩෙ ගෙතිල්ල පැත්තක දාපු මයෙ අම්මා අනිත්පාර පනාවත් ඔහෙ අමුනගන මට මසක්කමක් ගහලද ඇහුවා.....

ඇයි මයෙ අම්මා.....

ඇයි අහන්නෙ...බොලාම දැන් කර කඩාගන වතුර ඇද්දා නේද ආය කොහෙ යනවද?අප්පුච්චෙ මේන් බලාපන් මේකට ගහලා තියන තදියමක තරම...

යසෝද....මා පුතා....පැන්නා නේද මේකා...කලුවා මා පුතා අයියා පස්සෙ පලයන් බොලාගෙ අයියන්ඩිට අම්මා කියන්නත් වගේ මසක්කම ගහලා.....

මම නෙවෙ නැවතුනෙ...මයෙ අම්ම අප්පුචා මාව නවත්තගන්ඩ දාහක් ජාති කියනකොට යන්නෙ වතුර අදින්ඩ නෙවෙ කියන්ඩ සහසුද්දෙන්ම දන්න මං අනිත්පාර වැටකඩුල්ලත් පැනන් එන්න එනවත් එක්කම මයෙ අප්පුච්චා යන්තන් සනීප වේගන ආව කලුවව මයෙ පස්සෙන් එව්වා....අනේ ඒකත් බඩපුරවන බත් කටට ණය නැතිවෙන්ඩ නොන්ඩි කොට කොට ම මයෙ පස්ස පාරෙ එනකොට මගක් වෙනකන් ආව මං කලගෙඩි දෙක අකුලක හන්ගලා නොන්ඩිකොටන කලුවා ගැන කම්පා වෙවි ඒකව වඩාගත්තා...

වරෙල්ලා යන්ඩ....යෝහ්...උඹලත් මහ එකා කියන එව්ව ඔක්කොම අහ අහ මයෙ පස්ස පාරෙ එනවා...කෝ බලපාල්ලා කකුල් පොඩිය....මයෙ පුතාගෙ කකුලට දැන් හොදද කලුවො...

නොදරුවෙක් උකුල් ඇටෙ උඩ ඉන්දවගන්නා හා සමානව කලුවව උකුල් ඇටෙ උඩ ඉන්දවගත්ත මන් ඒකගෙ වෙලාපු කකුල අල්ලනවා එක්කම ඒකා ඩිංගි‍රිත්තක් කෙදිරි ගාලා කන් දෙකත් පාත් කරගන ඉහම තට්ටෙ කරන් ඉදලා එකපාරම මයෙ කටු ගැහුන උරහෙ අස්සෙ මූන ගහගත්තා...

...හා...හා...හරි..හරි...මයෙ කොල්ලගෙ කකුල තාම රිදෙනවා....ඕ.....හරි ..හරි......

*

*

සුද්දි පලයන් ගෙට...

පාලුවට ගියපු පැල්කොටෙ හතරමායිමම වෙරලු මල් පුසුම කැරකෙනවා....ආ කාරිය කොරාපු කන් කුරා ගිහින් තිවුනෙම හතරමායිමෙත් වෙරලුමල් පොහොට්ටු හලාගන වෙනකොට ගොම්මනේම වැටකඩුල්ල පනිනකොටත් සුද්දි උන්නෙ තට්ට තනි පිල්කඩ උඩ හූල්ලාන වෙනකොට ඒ වෙනකොටත් ඒකිගෙ කම්මුල් වල වේලුම් නොකාපු කදුලු පාරවල් අහුරුගනන් තිවුනා.....

ඒකි අඩනවා....හූල්ලනවා...සැරින් සැර්‍රෙම තටු ගහන් යන මා වවුලෙක් ගෙ තටුවල සද්දෙත් කෑරලුන්ගෙ ඈඩියාවෙනුත් සර්වාංගෙම හිරිගඩු පිපීගන යන යාමෙක අඩ අඩ උන්න ඒකිලා පැල්කොටේට වැදිලා ආපිට එලියට ආවෙ ඇල්මැරුන පට ගත්ත චීත්තපටක් අරන් වෙනකොට මන් බලාගන පාට මැරුන මලක පෙත්තක් විතරක් පනපාටින් තිවුනා.....

ඒකිලා දැන් ගෑනියෙක් බෙනේ....!!ඒකිව ඉදුල් කෙරෙව්ව මාව කොහෙට යයිද කියන්න මන් උඩ ඉන්න එවුන් කාගෙන් වත් අහන්නෙ නෑ....කොහෙ ගියත් කාරි නෑ....ඒකිලා කකුල් පූට්ටු කරන් දත්මිටි කනව අහනවට වඩා ඒක සැපයි....

මන් නෙවෙ වචනයක් කිව්වෙ....නිල්පාට ආකාසෙම හවස් යාමෙ පිපෙන හේන්දිරික්කා පාට අරගන තිවුනා..කටු අකුලක හන්ගාපු මලකද පෙන්නපු සුද්දි උන්නෙ ඒකිලාව ජාතක කරාපු මහ එකා කියනවට වඩ ඒකිව හප කරාපු තිරිසනා දිහා බලගන වෙනකොට ගල් ගෙඩියක් ගත්ත මන් තවත් වංගියක් ඒකගෙ ඔලු කට්ට පොඩිකරලා දැම්මා....වෙනමක්කටවට් නෙවෙ...අරකා අතින් මේකාගෙ ඔලුව පොඩි කෙරුවයි හිතන්ඩ.....

උඹලා ගාව කැකිරි ගෙඩියක් තියනවා නම් ඒකත් මල්ලක දාලා අතපය හෝදන් උඹලා ගෙටවෙයන් සුද්දි....හෙට එලිවෙනකොට මනෝරත්න මුදලාලිගෙ කන වැටුනම ඔක්කොම අහවරයි...

මලකද දිහාව බලාන උන්න මන් අවසානෙදි ඒකිලාගෙන් කැකිරිගෙඩියක් ඉල්ලන්කොට ඒකි අඩියට දෙකට පැල්කොටෙ දිහාට දුවනකොට යක්කු මායන් වෙන යාමෙ මන් මලකදත් එක්ක කටු අකුලක තනි උනා.....

උඹලා උඹලගෙ පනටත් එක්ක නවනිංගිරා කරගන බන්.....වදාපු ගුනේ වත් නෑ....උඹලගෙ මරනෙ ගැන කොහොම කියලා.කම්පාවෙන්ඩද කියාපන් මට?

බෙනේ...

විනාඩි පහක් වත් යන්ඩ නැතිව්ද් ඇති.....පැලට දුවාපු සුද්දියා කැකිරිගෙඩිය එක්ක ආපිට මගෙ උස්සරහින් මතුවෙනකොට ගෝනිකඩමාල්ලකින් වහන් කරගත්ත මලකද වම් උරහෙට ගත්ත මන් ඒකිලාගෙ අතේ තිවුන කැකිරි ගෙඩිය ගන්නවා එක්කම පපුවට ගහගනම ගස් කදට හේත්තු උනා.....

මේ ජීවිත පුදුමාකාර දුශ්කරයි...වැටෙන හුස්ම රැකගන්ඩ මිනිස්සු නහින විදිහ එක්ක මට හිතුනෙම ජීවත් වෙනවට වඩා මලගම් යන් එක සැපයි කියන එක...

මේ ජීවිතේ පුදුමාකාර වෙහෙසයි බුදුහාමුදුරුවනෙ....

ජීවිතේට පිපෙන්න තියන මල්ද කොහෙද ගස්වල පිපෙන්නෙ....!

ඈත කෙරවලකින් කනකොකෙක් අඩාගන යනකොට සුද්දියට තවත් වංගියක් ගෙට යන්ඩයි කියලා කියාපු මන් අන්ත් පාර මලකදත් කරගහන් එන්ඩ එනවත් එක්කම කලුවත් පපුවම හූරගන උඩුබිරුව.....!

*

*

*

මයෙ පුතා යසෝද......මේන් මේ බත් ගෙඩිය උඹලගෙ එක.....මේන් උඩ එක අර මහත්තයගෙ.....කඩල පරිප්පුවක් තෙම්පරාදු කරල තක්කලි හොද්දයි පුච්චපු කරවල කෑල්ලක් එක්ක සම්බෝලෙකුයි තියනව ...

මං උන්නෙ බුදු පහන ගාව වැදගන.....මෙච්චර වෙලාම බුදුන් වැන්ද මන් බුදුන්ටත් දෙයියන්ටත් ඕනාවට වඩා රස්නෙ ගහන්ඩ හොද නැති හන්දා පහන ඩින්ගක් පස්සට කෙරුවා.....බුදුන් ගෙන් ඉල්ලන්න දේවල් මහා දේවල් නැති මට දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් ඇත්තෙම නැති උනා...

වදාපු එවුන්ව නිවනට ගන්නකන් රැකගන්න මේ අත්වලට හයිය දෙන්න කියන එකත් හත් ගව්වක් දුර ඉන්නමගෙ සුදුමහත්තයව රකින්නත් මගෙ එකම නන්ගිවත් පැටියවත් සමනගෙ ගෙදර ඈයන්වත් රැකගන්න පිහිටත් ඉල්ලපු මං අවසානෙදි නිවන් පුර ගියපු සමනව රුවන් දොරටු ගාවින් හරවන්නෙ බුදුන්ගෙ මූන දකින්න පිහිට ඉල්ලුවා...

එයි න් එහා මං මොනවා කියලා ඉල්ලන්ද....යාන වාහන.....ඉන්ඩ හිටින්ඩ කියල රම්‍ය සුරම්‍ය මාලිගා ඉල්ලන්ඩද ...???

මං කොහොම කියලා අර උඩ ඉන්න කෝටි තිස්තුනෙන් ඔව්වා ඉල්ලන්ඩද...දෙයියො පවා අරක් ගන්නෙ ගහක ගලක නම්???

මයෙ අම්මා....

තෙරුවන් සරනයි....පරිස්සමින් ගිහින් මයෙ දෙයියා ...ඉදල්ලා බත්ගෙසි දෙක...වතුර එක මං හොදටම කොදිච්චි කරලා නිමලා තියෙන්නෙ....අහන අහන එකාට දැන් බඩෙ රුජාවන් මයෙ පුතා....

මං නෙවෙ වචනයක් කිව්වෙ....අමාරුවෙන් ඉන්දවගත්ත ඉද්ද ගහෙ පෙති පහෙ මල් හරියාකාරාව වතුර නැතිව පස් පෙතිම කුරිඥ්ඥන් වෙලා ගිහින් තිවුනට සෝක වෙවී උන්න මගෙ පපුවට තව දුරටත් මලක් වෙනුවෙන් දුක් වෙන්න හිතක් නැති උනා ..අහන අහන එකාට බඩේ රුජාවන් කියනකොට දවසින් දවස ඉදිමෙන සමනගෙ අප්පගෙ බඩගෙඩිය මතක් වෙලා මං අම්මට උත්තරයක් නොදී කොලත් කහ ගැහුන ඉද්ද ගහ දිහා බලාගන ඉන්නවත් එක්කම මං බලාගන නටුවෙන් ගිලිහුන මලක් කඨෝර මහපොලව උඩ වැටිලා වේදනාවෙන් මැරිලා ගියා....

අප්පුච්චව ගෙට ගනිල්ලා මයෙ අම්මා.....

වැටකඩුල්ල පැනපු මං ගෙපැල දිහාව බලාගන අප්පච්චි ව ගෙටගනිල්ල කියාගන ගොම්මන් අන්දකාරෙම පැල් රකින්ඩ එන්න ආවා.....

පන් මල්ල ඇතුලෙ බත්ගෙඩි දෙකයි.....වතුර බෝතලෙයි මං සන්තකව තිබුන එකම නිදානෙයි මං සන්තකේම හූරාගන ගිහින් මදිපාඩුවට හදවත හරි උගස් කරලා ගාන පියවන්න කියලා පියුම් හාමු එක්ක සාප්පු සවාරි ගිය වෙලා ගත්ත ඇදුම් පොඩියත් පරිස්සමට ගුලි වෙලා උන්නා....

අප්පච්චි උඹට ලස්සන ලස්සන ඇදුම් අරන් දෙන්නම්...මට නොලැබුන දේවල් උඹලට ලැබෙන්න හොද නෑය කියල නෑ නිවන්.....

*

*

*

යසෝද මලයා.....

බත් ගෙඩිය මයෙ අම්මා පියුම් හාමුටමයි එතුවෙ...බඩකට පිරෙන්ඩ කන්ඩ හඋ....

උඹලටයි වදාපු එවුන්ටයි ජාති ජාතිත් පින් යසෝද...

සමනගෙ පැලට නොයා අදුම් පොඩිය වැටකඩුල්ලෙන් එල්ලලා ආව මං ඔතාගන ආව බත්ගෙඩිය පියුම් මහත්තයට දීලා හුලු අතු එලියෙනුත් හද එලියෙ පිහිටෙනුත් රෑ පානෙම පැලට යනකොට රැයක් දවාලක් නැතුව වන්නි හටනට කොල්ලො අරන් යන හමුදා ලොරියක් මාව පහුකරගන යන්න ගියා....

මං උන්නෙ පැල උඩ...හතර දිග්බාගෙම අංගාර පාට වෙලා තිවුනා....ඉදහිටක අඩලනවා වෙනුවට අහවරක් නැතිවම ඇඩියාව කියාගන යන කෑරලාගෙ සෝකාලාපෙත් අහ අහ දර ඉපලක් උන මගෙන් ලේ බිදක රහ බලන්න ආව මදුරුවොත් තල තල උන්න මං මගෙ සියපත් මහත්තය එනකන් ඇගිලි ගැන්නා.....

ගොම්මන් යාමෙදි ආකාසෙට උරුමකම් කියන හේන්දිරික්කාවෙ නයට ඉල්ලගත්ත රෝසපාටත් තැඹිලිපාටත් මැකිලා ගිහින් හෝරා ගානක් පහු උනා.....දවල් වරුම නිල් පාට ගත්තට මක්කද ගොම්මන පහු වේගන එනවත් එක්කම මුලු අහස් ගව්වම දැලි වලන් පාට ගන්නවා...

පදුරු පදුරු ගානෙ ඉන්න වන්ඩිල්ලො බෑගිරි තියන අතර මැද චිමිනි ලාම්පු එලි ඇවිලෙන පැල්කොට වලින් සැරෙන් සැරේ පැල්කවි ඇහෙද්දි මගෙ වස්තුව එනකන් බඩගින්නක් කියන නාමයක් නැති මං අනූ අටයි දශම අට නූලට තිතට සුසරකරගන බලාගන ඉන්නකොට මැදිරිය පුරාවටම සියපත පිපෙනකන් ඒ පාලුව මකන්න අමරසිරි මහත්තයගෙ ලයාන්විත හඩ හීනියට ඇහුනා....

පුදුමාකාර වචන අහුරකට හදවතම හීනියට රිදවා නොරිදා යන තනුවකුත් එක්ක අමරසිරි මහත්තයා රුදු වදන් කටු ඇනී හීරුන සමනල තටුවල කොටස කියනවත් එක්කම මට සියපත් මහත්තයා...මගෙ සුදු මහත්තය මගෙ පපුවට සෙත් පැන් ඉහින්න අහපු හැටි මතක් උනා...

චටස් .....

අමරසිරි මහත්තයා යන්න ගියා...ගනින්න බැරු තරම් පාංශුකුල අහිමි මලකදන් අහුරක් මගෙ අල්ල උඩ ඉතිරි වෙල තියෙද්දි කලුවර උනත් හැඩකරන පුරහදට වහන් වලාපටලයක් සෞම්‍ය චුම්බනේකෙ ඉන්න යාමෙක සිරිලකටම දහයෙ කනිසම උදා උනා.....!!

දහයෙ කනිසම...අනෙ දුප්පත් මට අවුරුදු වගේ....

.

දහයෙ කනිසම ලැබුවා...මැදිරියක්ම සුගන්ධයෙන් නාවන් සියපතක් මන්දාරමක් වෙනුවෙන් පෙතිදිගෑරියා...පැල්කොටෙ මදුරුවො තල තල හුස්ම රැකගන්න ඔට්ටු වෙන මන්දාරම් නම් වුන මන් පනපිටින් නිර්වාන සුවය අත්විදින්න පේ උනා.....

සැදෑ අදුර ලොව ගලන වෙලාවට

කවුලු පියන්පත් වැසෙන වෙලාවට

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්

මගෙ සවනත පාරයි....

වෙලාව හරියටම දහයි...අනූ අටයි දශම අටෙන් දහයෙ කනිසම අරගන ආව මං කලාත්ම සියපත් ආකාස .....!ඉතින් මගෙ ප්‍රේමනීය හදවත් කොහොමද....හොදින් ඉන්නවද...මං ඊයෙ ඉන්න කිව්ව විදිහටම පරිස්සමින් ඉන්නවද....සතුටින් ඉන්නවද...?අමතක නොකර හිනා වෙන්න...හිනාව තරම් වැදගත් දෙයක් මේ තුන්ලෝකෙ කොහෙවත්ම නෑ...

අප්‍රමානිකව ආදරේ කරනකොට අමතක නොකරම හිනාවකුත් තෑගි කරන්න!!

නිමල පැතුම් පැතුම් සපුරාරගන හද තුල

සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට

අරුණලු නැගෙන පැයේ හසුනක් දෙමි

ජීවන මල් ගොමුවෙ-ඔබෙ ආදර ජීවන මල්ගොමුවෙ....

මං නෙවෙ අඩුම ගානෙ ඉහලට අදින හුස්මට සැනසීමෙන් පහලට වැටෙන්න දුන්නෙ.....සැදෑ අදුර ලොව ගලන වෙලාවත් එක්ක පිපුන මගෙ සියපත සින්දුව මැදින් අර නිවුන කටහඩින් කතා කරනවත් එක්කම මෙච්චර වෙලා මදුරුවො තලපු මං මදුරු ඝාතනෙත් නවත්තලා දැම්මා....ඇතිපදන් උඹල මගෙන් ලේ උරාගනිල්ලා කියලා මං මගෙ හුස්ම පවා නිහඩ කරලා දැම්මා...

.එයා කියවනවා....ඒ කටහඩ ආයම නිවිලා ගිහිල්ලා...කොච්චර වාත් අන්කරේ අල්ල අල්ල සුදුමහත්තය කියවගන්න මගෙ දඩබ්බර සුදුමහත්තයගෙ කටහඩ පුදුමාකාර විදිහට නිවිලා ගිහිල්ලා....

එයා අහනවා සතුටින් උන්නද කියලා පරිස්සමින් උන්නද අහනවා...

ඔක්කොමත් අහලා හිනා උනාද කියලත් අහනවා....උඹගෙ හැම වචනෙම මට නේද මගෙ සියපත්???

ඉතින්.....වෙනදා වගේමයි....අදත් මගෙ අත පුරාවටම කාබන් සුවදත් එක්ක අකුරු කරාපු ආදර කතා අහුරයි...කාබන් සුවද කපාගන කාන්දුවෙන කදුලු සුවද තැවරුන කතා නම් බොහෝමයි....

දන්නවද....ආදරේ කියන විශය කාරනාව බරටම දැනෙන්නෙ කොතනද කියලා...විරහව විදින්න පටන් ගන්න පලවෙනි තත්පරේමයි.....

ආදරෙ කියන්නෙම මහ පුදුමාකාර දෙයක්.....අදටත් හරියටම ප්‍රේමයට නිර්වචන දුන්න කෙනෙක් වත්..ප්‍රේමය හදුනාගත්ත කෙනෙක් වත් නැහැයි කියනවා.....

මැරෙනතාක්ම මනුස්ස හදවත් ප්‍රේම කරන්නත්....ප්‍රේමය මොකක්දයි කියන්නත් ඉගනගන්නවා...

ඉතින් එහෙනම් පලවෙනි ආදර කතාව පටන් ගන්නම්.....කාබන් පාට පවාබොදකරන් තවමත් ඉකිගහන විරහ කතාවකට කලින් මං දෝරෙ ගලන ආදරයක් වචන කරන්නම්...

ඉතින් සුපෙම්වත....ලෑස්තිද?

අවාරයේ හමු වූ ප්‍රේමනීය මිනිසා වෙත ආදරයෙන් ලියා තබමි,

පුරහඳ ඇති හැමරෑකම නොස්ටැලජියාවක හිත අතරමන් කරන පුසුඹ දෙන "ගඳපාන මල්" දිහා හරි ආදරයෙන් ඇහිපිය නොහෙලම ආකාසයක් බලා ඉන්න බව දන්වා සිටිමි ප්‍රේමාන්විතව....

ඉතින් ඉගිල්ලෙන්න තටු දුන්නොතින් ඉගිලෙනවට මේ ආකාසෙ පුරාවටම...

 ඉතින් ආයමත් වෙලාව මතක් කරනවා..දහය පහුවෙලා විනාඩි දහයයි...අනූ අටයි දශම අටෙන් ප්‍රේම කතාවලට පන පොවන මම කලාත්ම සියපත් ආකාස!

පලවෙනිම සින්දුව මේ තුන්ලෝකෙටම ඉන්න අහිංසකම ප්‍රේමනීයයා වෙනුවෙන්....අහිංසකම ප්‍රේම විමානෙ වෙනුවෙන්.....

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසෙ....

විදගන්න ඒ සිසිල මා සිත්සේ.....

මට දෙන්න ඒ වරම

කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්...!!

.

🌸🌸🌸ආයමත් එනකන් සතුටින්පරිස්සමින් ඉන්න....

අමතක නොකර ආදරෙ කරන කෙනාට හිනාවක් තෑගි දෙන්න....!!!

ආදරෙයි...දහයෙ කනිසම ගෙනාව මම

ඔයාලගෙ දීශක්කා❤️❤️❤️

LOVE YOU GUYS

More Chapters