ප්‍රේමා..."
මගෙ මූනට ලාවට වගේ හිනාවක් මතු උනා..මොනාකාර හදවත් වේදනා තිබුනත් මොකද පියුම් හාමු පැටියගෙ අම්මගෙ නම අහනවත් එක්කම මගෙ නාස් පුඩුවලට පෙම් සුවදක් දැනී නොදැනී ගියා.....
හිස් අහස්තලේ ඉදන් හතර දිග් බාගෙම ගිනියම් කරන මුලු ගුරුපාරටම උන්නෙ මම විතරක්ම වෙනකොට මට සමනගෙ ගෑනිගෙ නම මතක් උනා....සමනගෙ ගෑනි....නැත්තන් නගා කියනවා ඇරුනම මේතාක් මට ඒකිගෙ උප්පැන්නෙ නම කියන්න උවමනාවක් නැති උනා.....
සමන් ප්‍රේමා ඒ සුසංයොගෙන් ඉපදුන ළදරු පියුම නිවන් ...මගෙ පුතා...මගෙ වස්තුව නිවන්....
පියුම් මහත්තයො...උඹ මේ අසරනීගෙ නම් ඇහුවෙ මක්කටද....මගෙ හිතට දැනී නොදැනී යන කාරනාව හන්දද....ඒත් නැතිනම් අනුකම්පාවකටද.....
අනුකම්පාවක් වෙනුවට උඹගෙ හිත ඇතුලෙ ආදර අංකුර මතුවෙනවද පියුම් හාමු...
...ඒක එහෙම දෙයක් නම්.....අනෙ ඒකිලාට හිනා වෙන්න පාර කියාදීපන් ...හිනාව...සැප කියන දේ මොකක්ද කියන්න උපන්දා ඉදම්ම නාදුනන ඒකිලාට ජීවිතේ කියන්නෙ මීට වඩා පැනි රහ දේකට කියන්න අකුරු කරන්න පුලුවන්නම් උඹලට අනේ ඒ පිනම ඇති මතු උපදින හැම ආත්මෙකම උඹලට සුරසැප ලැබෙන්ඩ.....
ඒත් එහෙම දෙයක් නැතුව හිතේ අනුකම්පාවක් විතර නම් තියෙන්නෙ....අනෙ පින් අයිති වෙයි හාමු.....පරඩැල් උනත් ඒකිලාගෙත් නාඩි වැටෙනවා...හිතේ පැලපදියම් කරන් ඉන්න සමනගෙ මිනි කන්ද පසාරු කරන් රතු රෝස මල් වලට නම් උඩ මතුවෙන්න දෙන්න එපා....ඔය පිපෙන අරලියාවම පිපිලා පරවෙලා ගිය දෙන්....
මං ඔහේ කල්පනා කෙරුවා...මගෙ සුදුමහත්තයා ගැන කල්පනා කරන්න තියන විනාඩි ගාන මං සමනගෙ ගෑනි වෙනුවෙන් කැපකර කර ඒකිලා ගැන හිතුවා...ඒකිලා මට මගෙ එකකුස උපන් නංගි වගේ....හිතෙ කොනකවත් අහිතක් හීනෙකින් වත් ගෑවිලා වත් නැති සමනගෙ ගෑනි ගැන මට තිබුනෙ සහෝදර හැගීමක් විතරක් වෙනකොට අයියෙක් නංගිකෙනෙක් ගැන වද වෙන විදිහටම මං ඒකි ගැන වද උනා....
අවුපූටකේට මැදි උන හුලන් රැල්ලත් සර්වාංගෙත් උනුහුම් කරගන ඔහේ යන්නම් වාලෙ ගහගන යනකොට බයිසිකල් පැඩල් එක පාගන් ඉන්න කකුල රවුමක් කැරකෙන වාරයක් පාසාම මගෙ ඉරි ඉරි සරමට හුලන් බැදුවා.....
ඒකිලා හවහට කොරලියෙක් ඉල්ලනවා...එහෙන් පියුම් හාමු ගිනිපූටකෙ සාප්පු සවාරි යන්න හදනවා.....
මේ ඔක්කොම මැද උදේ පාන්දර මුනිච්චි උන සුද්දියවත් කන්කුරාවත් ඒකිගෙ කෙල්ලවත් මතක් උන මගෙ අත් මටත් නොදැනි බ්‍රේක් පලු තද කරනවා එක්කම මං අර ගිනිගහන පූටකේම බොරලු පාර් මැද සයිකලේ නැවැත්තුවා...කොට්න්ම කිසිම සැප පහසුවක් නැති පොල් මට්ටයක් වගේ ගොරහැඩි සීට් එකේ ඉදන් උන්න මාව එහෙම්ම බයිසිකල් පොල්ල උඩට රූටලා වැටුනා....
සුද්දියා කන් කුරාව ඒකිගෙ පැලට අරන් යන හේතුව අමු අමුවටම අකුරු කරනකොට ඒකිගෙ ඇස් අස්සෙ තිබුන වේදනාව ආය ආයම මතක් වෙනවා එක්කම මට මගෙ පැල්කොටේ ඉන්න නිකිනිව මතක් උනා....සමනගෙ ගෑනිටත් හැගීම් තියනවා කියලා ඒකිවෙනුවෙන් දුක් උනමට මගෙම ලේ දුවන අසරන කෙල්ලව මතක් වෙනවත් එක්කම මගෙ හදවත හත් අටපලකට පුපුරලා ගියා....
අතපය අබ්බාගත මිනිස්සුන්ව අනන්ත අප්‍රමාන දැකලා තිබුනට මං මේ වෙනකන් හැගීම් අබ්බාගාත මනුස්සයෙක් දැකලා තිබුන් නෑ.....
හුලන් පාරට මුලු ගුරුපාරෙම දූවිල්ල උඩ ගහනවා...හතර වටම ගුරුපාට වේගන යනයාමෙකෙ මං බලාගන හුලගත් එක්ක උඩුගම් බලාපීනන දූවිලි අංශු වතුර බිදක් මහපොලවට නොහලන අහස එක්ක හර්තාල් කරලා කරලා දිනාගත්ට ඉල්ලීමකුත් නැතුවම මලගම් ගියපු තනකොල උඩ නවතිනවා...දූවිල්ලෙන් වැහිලා යන තනකොල වලට වඩා වේගෙන් මගෙ පපුව වේදනාවෙන් වැහිලා යනවා....
නිකිනි......
අතපය හතර අබ්බගාත උනාට උඹගෙ හැගීම් අබ්බගාත නෑනේද මයෙ රත්තරනෙ...ළපටි ගොයමත් දවසක රන්වන් පාට ගහනවා....නොදරු සන්දියේදි නිල් අහස දිහාව බලාන හරි හරියට කියවන් ගියාට රන්වන්පාටින් කොටහලු වෙනකොට උනුත් බිමබලාගන්නවා...පස් පෙති වහන් ඉන්න ළපටි මලුත් දවසක පෙස් පෙතිදිගාරිනවා..පුසුඹ කාන්දු කරව කරව බඹරුන්ට උන් රොන්ගන්ඩ හුලග දිගෙ පයින්ඩ යවන්වා.....
උඹත් මලක්....තවම පොහොට්ටුවක්....උඹත් ළපටි ගොයමක්....ඒත් මට පුලුවන්ද රත්තරන් කාලෙ පියාඹන එක නවත්තන්න.....??
මට කියාපන්...එහෙව් හැගීම් මෝරනදාට මේ අයියා මක්කද කරන්නෙ මයෙ අම්මෙ??
මගෙ තුන් හිතම පුපුරුගහනවා....මේ මහපොලවෙ හුස්ම ගන්න හැම ජීවියෙක්ටම විදින්න උරුම රහ උඹටත් විදින්න ඕනයි කියලා දැනෙන කාලෙට සුද්දි වගේ කන්කුරෙක් ගෙට ගන්නද නිකිනි?
උඹගෙ අයියා මේ අත්වලින් ඉහෙ කෙස් ගානට මලකදන් කපලා කොටලා තියනවා....ඒත් මං වලදැම්මෙ මලකදන් මයෙ නංගියෙ...හැගීම් වලදැම්මෙ නෑ...
මිනිස්සු හැගීම් එක්ක වලදාන එක උඩ ඉන්න කෝටි තිස්තුන වත් උහුලන්නෙ නෑ බන්.....මලකදක් එක්ක හැගීම් වලදාන එක සොබාදහමවත් උහුලන්නෙ නෑ බන්....
පිරිමි මටම හීන් හුලන් ඇබිත්තක් යන්තමට ඇග ගෑවි නොගෑවි යනදාක උකුල් ඇටපහලින් දැනුන ඉලිප්පීගන ගියපු හිරිය වදාපු හදාපු උත්තමයන්ගෙ ඇස් වහන් කරලා හරි මං එලි බැස්සෙව්වා.....එහෙව් වෙලාවට කකුල් පූට්ටු කරගන දත්මිටි කෑවට පිට පනින්ඩ හදන මල් පැගිරි මල් සුවදට පිට වෙන්න නොදි හිරකරගත්තම දැනෙන තෝන්තුව මටත් දැනෙනවා නම්.....මට කියාපන් මගෙ අම්මෙ ලෙඩා දුකා උන උඹලට කටක් ඇරලා කියාගන්න බැරි වෙනකොට තව්තිසාව දකින්ඩ පෙරුම් පුරුන මේ හිතට දැනෙන්න නරකාදියක ඇවිලෙන ගිනිජාලාවට අන්ත ගිනිජාලාවක් නෙවෙද.....
විඩෙන් විඩේම ආර්මි ට්‍ර්ක් යන බව දැන දැනම හිටි තැනම ගල් ගැහුන මම තැනින් තැන මලකඩ පැල්ලම්බැදුන බයිසිකල් හැඩල් එකට ඔලුව ගහගත්තා.....
තතපරයක් දෙකක් යන්න නැතුව ඇතිඒ එක්කම මං අහගන පාරම දෙදරවන් යුධ හමුදා කියලාලියවුන අංක තහඩුව දරාගන ඉන්න රට වෙනුවෙන් ස්වකැමැත්තෙම්ම මලගම් යන්න හිත හදාගත්ත තාම තරුන කාලෙ වත් හරියාකාර විදපු නැති කැලෑගම්වල පිපුන කැලෑමල් අහුරක් පටවගත්ත ලොරි කදක් එනවා....දැන් දැන් උතුරට යන වාර ගාන වැඩි වෙනවා...දවසින් දවස කොල්ලො අහුරු අහුරු කැලෑව ඇතුලෙ අතුරුදහන් වෙන වාර ගාන වැඩි වෙනවා...හේනකින් ඇහෙන අලිවෙඩිල්ලට වඩා සද්දෙන් උතුරෙන් පිපිරුම් සද්ද එනවා
මං අගලට උනා....හතරවටම ගුරුම ගුරුපාට කරගන ගුරුපාරම දෙදරවාගන යුධ හමුදා කියලා ලියවුන ට්‍රක් එක මාව පාස් කරගන යනවත් එක්කම උඩ ඇවිස්සුන දූවිල්ලට මගෙ ඇස් වලට යන්න නොදී මං ඇස් හීන් කරන් මාවපහු කරාන ගියපු ට්‍ර්ක් එකේ පිටිපස්සෙ ඉදන් උන්න කොල්ලො රොත්ත දිහා බැලුවා....
සමනා මට හුගක් බොරු කියලා.....
එතන මටත් වඩා තුනී ලෑල්ල ගැහුන කොල්ලො අර තුවක්කු කද පපුවට තදකරන් ඉන්නවා හාමුදුරුවනේ .....
දූවිලි වලාවට මුවා වෙලා ඇස් හීන් කරන් උන්න මං ඒ කොල්ලො දිහා බලාගන උන්නා.....
ඒ ඇස් වල හැගීම් මැරිලා.....ඒ මූනවල් වල ලේ හිදිලා ගිහිල්ලා.....යාමක් මිස ආපිට ඒමක් ස්තීර නැති ස්වකැමැත්තෙන්ම කැලැ වදින ජාතියෙ මුර දේවතා එලි රෑනක් නිහඩව නිසලව හිත් ගල්කරගන යන හැටි බලාගන උන්න මන් සමනා මට පෙන්නලා තිබ්බ විදිහට සයිකල් කට්ටෙන් බැහැල සැලියුට් එකක් ගැහුවා...
අපිව නැතත් උඹලව ජාති ජාතිත් දෙයියො රකින්න ඕන .....
ට්‍රක් එක යන්න ගියා....ඒත් ගුරුපාට දූවිලි වලාව එහෙම්මයි...පපුවට දැනුන අර අමුතු වේදනාව එහෙම්මයි.....මගෙ එතන උන්න බාගෙට බාගයක්ම යන්තම් මගෙ වයස පහු කරාපු උන් වෙනකොට මොට වෙන්න කපලා තිබුන කොන්ඩ මට මතක් කෙරුවෙම සමනා ගමෙන් යන්න කලින් මොට වෙන්නම කොන්ඩෙ කපන් ඇවිත් මට පෙන්නපු විදිහ වෙනකොට මගෙ ඇස් කෙවෙන්න ගත්තා....
.
බෙනේ මේන් බලපන්කො ...මගෙ කොන්ඩ් කට් එක.....
මගෙ කන් අස්සෙ තවමත් ඒ වචන දෝන් කාර දෙන්න ගත්තා...දූවිලි වලාව මැදින් ඉබේටම ඉහල අහස දිහාව බලපු මට තවමත් උගෙ මලගමට ඇදපු ඉටිකොල වැල් හුලන් අතට එහා මෙහා වෙනවා පෙනුනා....මගෙන් බර හුස්මක් පිට උනා....උඹ හමුදාවට ගියත් හරි මං ආය කවදාවත් උඹගෙ වැවුන කොන්ඩයක් දැක්කෙ නෑ සමනා....
උඹ ඇයි මට බොරු කිව්වෙ....මං වගෙ දර ඉපල් හමුදාවට හරියන්නෙ නෑ කිව්වෙ ඇයි....
මටත් වඩා කටු ගැහුන කොල්ලො ඉන්නවනෙ සමනා.....
ඉහල අහස දිහාවට ඔලුව උස්සන් උන්න මං සමනගෙ මලගමට ඇදපු දූවිලි පාට ගත්ත සුදුපාට රැලි කපාපු ඉටිකොල කොඩි වැල දිහා බලාගන ඉදලා ඉදලා කදුලු පිටින්ම ආපිට බසයිකල් එකට නගිනවා එක්කම මං අර දූවිල්ල මැදින් මනුස්ස රූපයක් දැක්කා...
බර අඩි තියන....කලිසමට යටකරාපු කමිසෙත් පයට සපත්තු දෙකක් දාගනඑක උරහිසක ගුඩ්විල් බෑග් එකක් එල්ලගන ඉස්සරහට එන මනුස්සරූපයක්...
".සමනා..."
බර අඩියයි උරහෙ එල්ලෙන බරට බර බෑග් එකයි ඇදන් උන්න ඇදුමයි කකුලෙ තිබුන ඩෙක් ශූස්ද මොකක්ද කියන සපත්තු ජාතියයි දැක්ක ගමන් බුදුනෙ මට මතක් උනේම සමනව වෙනකොට ඌ මැරිලා කියන එක පවා අමතක උන මං මෙලෝ සිහියක් නැතුව බයිසිකලෙත් බිම අතෑරලා දූවිලි වලාව මැදින්ම මගෙ ඉස්සරහට බර අඩි තිය තිය එන මනුස්ස රූපෙ ඉස්සරහට දිව්වා....
සමනා.....සමනා.....උඹ...උඹ නිවාඩු එනවද සමනෝ....
මං කෑගැහුවා.....
අයි දෙයියා උඹ මට නොකිව්වෙ .....සමනා...ස්....ස්...
මං.හිතන්නෙ එක තත්පර ගානකට මගෙ සිහිය සම්පූරනම විකල් වෙලා ගියා....ඒකා මල බව සක්සුදක් සේම දන්නවා උනත් අනෙ තිලෝකෙටම අදිපති බුදුහාමුදුරුවනෙ මාව මන්මුලා වෙලා ගියා.....
නැගන් උන්න සයිකලෙන් බිමට පැනලා ඒකත් අතෑරලා ඉස්සරහට දුවන් ගියපු වේගෙට මගෙ සරම් ගැටෙ පවා බුරුල් වෙලා ගියා....කකුලෙ තිබුන සෙරෙප්පුවක් පවා කකුලෙන් ගැලවිලා ගියා.....සමනා...ඇයි උඹ මට නොකිව්වෙ කිය කිය කෑ ගහන් ඉස්සරහට දුවනවත් එක්කම දූවිල්ල කපාගන මගෙ මූනට මුනිච්චි උන මනුස්ස රූපෙත් එක්ක මගෙ කට සම්පූර්නම ගොලුවෙලා ගියා....
ර්.....රූ....රූ... රූපෙ අයියෙ...
මට ගොත ගැහුනා.....කොච්චර උනත් ඌ නිවාඩු එනකොට මමයි සමනව ගන්ඩ පාරට යන්නෙ.....අහවල් දිනේට මට එන්ඩ පුලුවන් වෙයි බෙනා කියලා එවන ලියුන් කඩදහිය ලැබුන දා ඉදන්ම මගෙ සිහිය දින ගනින එක.....එනවා කියන වෙලාවටත් කලින් මහපාරට යන මං ඌ එනකන්...උන්ව අරගත්ත යුධහමුදා කියල ලියවුන බස් එක එනකන් මං මගෙ ඇස් ගෙවෙනකන් බලාගන ඉදලා තියනවා.....
එහෙම ආව දාට උගෙ උරහිසෙ තියන ලොකු රෙදි මල්ල හැඩල් එක උඩ තියාගන්න සමනා සයිකල් පොල්ල උඩ ඉදගත්තම ඌ කියන කතා අහගන්න තියන ආසාවට මං කරන්නෙ උගෙ උරහෙට උඩින් බෙල්ල දාගන ඌ කියන.කියන එකට කන් දීගන වට දෙකක් පැද්දොත් චේන් එක පනින මේ සයිකලෙ පැදන් ගෙදර එන එක...
ඒත් අද....??
උගෙ නමින් මට එන ලියුන් කඩදහි නැවතුනා.....
ඌව බස්සන්න වෙනදට නවත්තන බස් එක අද ඌ බහින තැන පහු කරන් යන්න යනවා.....
සමනා ගිහිල්ලා....ඌම ඇවිදින් ඌ මැරිලයි කිව්වත් මගෙ පපුව ඌව බලාපොරොත්තු වෙන තැන අනන්ත අප්‍රමාන තිබුන ...ඌම ඇවිදින් මට ඌ තවදුරටත් මෙ ලෝකෙ කොයිම කොනකවත් නෑ කියලා ගියත් තවමත් මං මොන ප්‍රාතිහාර්‍යක් වෙලා හරි උගෙන් මගෙ නමට ලියුන් කඩදහියක් එයි කියල බලාගන උන්න තැන් තිබුනා....
දූවිල්ල මැදින් එලියට මතු උන බර අඩි තිය තිය මනුස්ස රූපෙ පැහැදිලියට පේනවත් එක්කම මට ගොත ගැහුනා.....ඒ එක්කම අහස්කුසින් දියබිදක් නොහලන වේලුම් කාපු මහපොලවට මගෙ ඇස් වලින් ගිලිහුන කදුලු කැටයක් මහ සද්දෙන් බිමට වැටුනා....
බෙනේ කොල්ලා....මේ උඹනෙ....
රූ...පෙ.....අයියෙ...
රූපෙ...මගෙ ඇස් ඉස්සරහා උන්නෙ වෙන කවුරුත්ම නෙවෙ රූපෙ....මේ ගමින් බගෙට බාගයක් පිරිමි පරාන සින්න උනේම යුධහමුදා රෙජිමේන්තුවට වෙනකොට සමනා ගාගන කෑගහන් දුවපු මගෙ ඉස්සරහා නැවතුන රූපෙ අයියා මෙච්චර වෙලාම වම් උරහෙ එල්ලන් උන්න අර ලොකු රෙදිමල්ල දකුනු උරහෙට මාරු කරන ගමන් බෙනේ කොල්ලා කියලා කතා කරනවත් එක්ක මං මගෙ කදුලු හන්ගන් මිහිපිටට වැඩි දෙයියට මට දෙන්න පුලුවන් ඉස්තරම්ම දේ උන හිනාව දුන්නා....
.රූපෙ අයියා නිවාඩු ආවයි.....
ඔව් කොල්ලා....මාස කීයකට පස්සෙද...තුන හතරකටත් වැඩියිද මන්දා බන්....අවුකාටකේටයි ...වෙඩ් සද්දවලටයි මතකෙත් මැරෙනවා.....බෙනා කොයියනවද මේ.....
සමනගෙ අප්පොච්චට බෙහෙත් ඩින්ගක් ගේන්ඩ ඩිස්පැන්සරි නෝනා ගාවට ගියා රූපෙ අයියා....
............අසරනයා....
පැංචෙක් ඉන්නවලු නේද....දරුවගෙ මූනවත් සැනසීමෙන් දකින්ඩ ලැබුනද...
........
මං රූපෙ අයියා දිහාව බලාගන උන්නා...ගිය දිහාව අහපු රූපෙට ගිය අහ ගැන කිව්වයින් සෑහෙන වෙලාවකට පස්සෙ අර එල්ලෙන කොඩි වැල් දිහාව බලාගන උන්න රූපෙ අයියා හිතේ වේදනාව හන්ගගන හීන් සීරුවට මිමිනුවා....ඒ එක්කම මං ඒ මුන දිහාව බලාගන ඉදලා ඉදලා ගමෙ එවුන් මට මොනාකාර සැලකුවත් කමක් නෑය කියලා හිතන ගමන් බිම දාලා ආව බයිසියිකලේ ගාවට ඇවිත් ඒක කෙලින් කරන් බයිසිකලේ ආපිට හරවන් නැගලා ඉදගන තවමත් කොඩි වැල් දිහා බලාගන උන්න රූපෙ අයියා එනකන් බලන් උන්නා.....
කොච්චර කියලා නම් පයින් යන්නද....ඒකත් මේ පූටකේ.....ඒ ඇස් වලට...ඒ කකුල් වලට නම් දුවන දිවිලි හැටියටයි ඇවිදින ඇවිදිලි වලටයි මේ දුර මහ දෙයක් නෙවෙ වෙන්න ඇති.....ඒත් අනෙ මේ විනාඩි පහ දහය හරි මට ඒමනුස්සයා වෙනුවෙන් ඉතිරි කරලා දුන්නොත් සැපට නිදියන්න වත් පුලුවන්නෙ...
රූපෙ අයියෙ....යන් මං ගිහින් දාන්නම්....
කොඩිවැල් දිහා බලාගන උන්න රූපෙ අයියා මගෙ ගාවට එනවත් එක්කම උරහෙ තිබුන බෑග් එක අවසරයක් නැතුවම ඉල්ලගන හැඩල් එක උඩ තියාගත්ත මං ගිහින් දාන්නම් කියනවා එක්කම රූපෙ අයියා හිනා උනා.....
බෙනෙ තාම අප්පොච්චා එක්කද වැඩ....
මං හිනා උනා.....මං තවම අප්පච්චි එක්කද වැඩ අහපු රූපෙ අයියා බයිසිකල් පොල්ල උඩ ඉදගන්නවා එක්කම සයිකලෙ බර උනත් එක්කම මං පැඩල් එක උඩ තිබුන කකුල මහපොලවට තදකරන් මගෙන් ගිලුහුන සමබරතාවෙ රැකන් ආයම පැඩල් එකට කකුල තියාගත්තා.....
සමනගෙ ගෙදර උන්ට දැන් අමාරු ඇති...ඊට වඩා මැරුන සමනට අමාරු ඇති බන්....මොනා කරන්නද...කව්ද දන්නෙ බන් මේක මගෙත් අන්තීම නිවාඩුවද කියලා...එහෙම උනොත් උඹට පුලුවන්ද මාව ලස්සනට අන්දවලා ගෙදරට දෙන්ඩ?
අනෙ දලදාහාමුදුරුවන්ගෙ පිහිටෙන් උඹලට මක්කවත් වෙන්නෙ නෑ රූපෙ අයියෙ.....ඔහොම පපුව කඩන කතා නොකියා ඉදින්.....දෙයියන්ට උනත් හැමවෙලාවෙම මේ නරලෝකෙ දිහා බලන්ඩ නිවනක් නැති හින්දා වෙන්ඩ ඇති උන්නාන්සේලා උඹලව අපිට දෙන්ඩ ඇත්තෙ.....එහෙව් එකෙ ඔහොම කතා කියන්ඩ එපා රූපෙ අයියෙ....
මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට හිනාවක් විතරක් දීපු මං රූපෙ අයියව දාගන බයිසිකලෙ පදින්න ගත්තා....ගුරුපාට උන කොඩිවැල් ඔහෙ හුලගට එහා මෙහා වෙනකොට රූපෙ අයියා ආයමත් සමනා ගැන කියවන්න ගත්තා.....සැරින් සැරේම බර හුස්මවල් ඉහලට පහල දැම්මා....ඉදලා ඉදලා අවසානෙදි පපුවම කෑලිවලට ඉරලා දානකතාවක් කිව්වා විතරයි මගෙ වචනත් හිර උනා...
මාවත් ලස්සනට අන්දලා ගෙදරට දෙන්ඩ අහනවා එක්කම මට මා එක්කම් තරහක් දැනුනා.....
ඇයි දෙයියන්ට බැරි උනෙ මල උන් සරසනවා වෙනුවට පන උන්ව සරසන්න මගෙ අත්වලට පින දෙන්න.....????
......වෙච්ච කෙරෙන දේවල් එක්ක මලත් කාරි නෑ බෙනා....ඒ කොහොම උනත් උඹලා බය නොවී ඉදිල්ලා.....සමනා ...මම වගේ හුගක් උන් අර උතුරෙ උඹලා වෙනුවෙන් හරි හරියට වෙඩි වරුසා මැද ඉස්සරහට යනවා....
මාත් හමුදාවට බැදෙන්ඩ කියලා රූපෙ අයියෙ.....
..........??බෙනෙත් හමුදාවට බැදෙන්ඩ?
රූපෙ අය්යා කියන කතාව අහන් උන්න මං අනිත් පාර මාත් හමුදාවට බැදෙන්ඩ කියලා කියනවත් එක්කම රූපෙ අයියා මගෙ මූන දිහාව හැරිලා බැලුවා....
ඔව්....අයියෙ ගමට වෙලා මිනිකප කප උන්නා කියලා හරියන්නෙ නෑ...අනික සමනගෙ කොලුවත් ඉන්නවා...
........උගෙ නමින් කොලු පැටියෙක් වත් ඉන්නවා එක අතකට
එතනින් එහා අපි අතර කිසිම වචනයක් හුවමාරු උනෙ නැති උනා...දිගින් දිගටම තිබුනෙ එල්ලෙන කොඩිවැල් විතරක්ම වෙනකොට තවම පෙලවහක් කරන් නැති රුපෙ අයියා සමනගෙ නමින් කොලු පැටියෙක් හරි ඉන්නවා කියලා මටත් කට උත්තර නැති කරලා නිහඩ වෙලා ගියා...
සමනගෙ පැල්කොටෙ.....නවරත්න ගුරාගෙ ගුරුගෙදර.....දිරාපු ගස් බෙන....පුරන් වෙච්ච හේන් කන්ඩි...ඇහෙ කදුලු දිය කරලා අස්වද්දාපු හේන් ඉස්කෝලෙ ඩිස්පැන්සරි ය මේ හැම දේම පහු කරගන මං රූපෙ අයියව දාගන බයිසිකලෙ පැදගන ආවා...අව්කාටකෙ තද තරම කොච්චරද කියනවා නම් අව් සැරට පාර පුරාවටම එහා මෙහා පේන ඉටිකොලයක් එලලා වගේ බොද වෙවී පේන්න ගද්දි ඉබේටම අර ඇස් තවත් හීන් වෙලා ගියා ..
"සිතාරි"
මෙච්චර වෙලාම අපි අතර තිබුන නිහඩ කම බිදිලා ගියා.....පාර කෙරවලි මතු උන ගෑනු රූපෙ දැක්කා විතරයි මෙච්චර වෙලාම බර කල්පනාවක උන්න රූපෙ අයියට මිමිනුනා.....
සිතාරි.....බෙනේ නවත්තහන්....
"සලාන්"
මැටිකලගෙඩියක් බොරලුපාරෙ වැදිලා මලගම් ගියා!
කියන පමාවට මං බයිසිකලෙ නැවැත්තුවා...හිස් කලගෙඩියක් උකුලෙ තියාගන තවත් හිස් කලයක් ඉහෙ තියාගන අපි ඉස්සරහට ආව කෙල්ලගෙ ඉහෙ තිබුන කලගෙඩිය රූපෙ අයියව දකිනව එක්කම ඉහින් බිමට වැටුනා...
ඇගටම දියවෙලා ගිය චීත්ත ගවුමට උඩින් තවත් චීත්ත පටක් ඉනට පටලවන් උන්න ගෑනු පරානෙගෙ ඇස් යට ගිහින් තිබුනා....ගැහැනියකට උරුමයි කියන අර පංචස්කන්දයෙන් අබමල් රේනුවක තරම් දෙයක් ඒකිට තිබුන් නැති උනා.....වටකුරු මූනක්....පිම්බුන කම්මුල්....පිරුන දෙතන්....පලල් උකුල් නා දල්ලෙ පාට ගත්ත දෙතොලක් අඩසදවන් නලලක්...මොනරපිල් වගේ කෙස් වැටියක්...මේ කිසම දෙයක් නැති උනා....කොටින්ම හේන් ඉනිවැට තරම් දිරච්ච මානව රූපයක් විතරක් මගෙ ඉස්සරහා හිටහන උන්නා...
ගිලාබැහැපු කම්මුල්...කුහර ගැහුන ඇස්.....වතුර බිදක් නැතුව වේලුම් කාපු අවර්න පාට දෙතොල් බොරපාට ඇස් විතරක් උරුම කෙල්ලගෙ උරහිස් කුහර වලට වතුර අහුරක් පුරවන්න තරම් ඒ උරහෙ ගිලා බැහැලැ තිබුනා.....හත් ගව්වක් කලේ උකුලෙ තියන් ගිහින් හින්දද මන්දා උකුල ඉගටිය විතරක් හීන් වෙලා තිබුන කෙල්ලගෙ කබල් පපුවෙන් ඉකියක් පිට වෙනවා එක්කම අර බොරපාට ඇස් වලින් ආකාසෙට මහපොලවට හලන්න බැරි වැහි කදුලු පරදාගන ඇහි කදුලු අහුරක් කඩාගන වැටුන...
ර්...ර්....රූපෙ අයි...යේ.....
සිතාරි...නගේ....
උන්ගෙ කටවල් වලින් වචන දොට්ට පනින්ඩ කලියෙන් එ ඇස් කතා කරනවා...පපුකැනැත්ත පුරාවටම වේදනා දෙන හැගීම් දියර වෙවී ඇහිමුල්වලින් වාන් දානවා...ඉහෙන් බිමට වැටිල කෑලි උන කලගෙඩියෙ කෑලි පයට පෑගෙන යාමෙක රූපෙ අයියා ඇස් වල කදුලු පුරවන් මුවැත්තියක් හා සමානව ඉකිබිදින සිතාරිව දෑත බදලම තුරුලු කරගත්තා...අනෙ මට එකපාරම මගෙ සුදුමහත්තයා මතක් උනා...
මගෙ කලාත්ම....උඹ සැප සනීපෙට නිදිකුමාරි තුරුල්ලෙද ...විඩාවක් හීනෙකදිවත් නොදැනන සුව නින්දක් මගෙ හාමු...
ස්....සිතාරි....සිතාරි....ඇයි.....මේ.....
ර්..රූපෙ අයියෙ...
තත්පර ගානකට කලාත්ම හාමුගෙ ආදර ලෝකෙට පියාඹපු මාව ගැස්සිලා ගියා....මගෙ දැහැන බිදිල ගියා.....ඇස්වල.කදුලු පුරවගන ලියවැලක් හා සමානව ආදරෙන් වෙලුන කුරුලු ජෝඩුවට මක්කවත් ඇස්වහක් වැදිලද මන්දා....රූපෙ අයියගෙ දෘඪ පපුවට තුරුලු උන සිතාරි එක පාරම ඒ අත්වලින් එලියට පැන්නා....කොටින්ම සිතාරි රූපෙ අයියව ඒ අත් වලින් ඈතට කෙරුව....
ඇයි සිතාරි...මේ.....සිතාරි ඇයි මට මෙහෙම කරන්නෙ...
මං උඹලට ලියමනක් ලිව්වා රූපෙ අයියෙ...
ඔව්...උඹ මට ලියමනක් එවලා.තිබුනා....ආදරේ කරන්න බෑය කියන්නෙ කොහොමද සිතාරි.....උඹට හිතක් නෙවෙද තියෙන්නෙ නගෙ...ආදරෙ දැක දැකම ආදරෙ නොකර යාලුකම් පාන්න විතරක් අවසර දෙන්නෙ.....
.........උඹට වත් මටවත් ආදරෙ කරන්න අවසරයක් නෑ ...මේ බැදීම යාලු මිත්‍රකමක් මිසක් ඉන් එහා බැදීමක් නෑ රූපෙ අයියෙ.....
ඇ....ඇයි රත්තරන් .....උඹ ඔහොම උත්තර බදින්නෙ...මතක ඇති දා ඉදන් මං.උඹගෙ හිත ඉල්ලනවා....
............
මට තව දුරටත් ඒ කතා අහන් ඉන්න බැරි උනා..රූපේ අයියා අදරේ හිගමන් ඉල්ලනවා....අඩන ඇස් වල අයිතිකාරි යාලුකමකින් එහා හිතන්නවත් බෑ කිය කිය ඒ ආදරෙ ප්‍රතික්ශේප කරනවා.....රූපෙගෙත් ඒකිගෙත් ඇස්වල දුක දැක දැක තවත් ඒ මැද හිටන් ඉන්න පුලුවන් කමක් නැතිවෙනකොට මං උන් දෙන්නට ඕන දෙයක් කතා කරගන්න දීලා තව චුට්ටක් ඉස්සරහට ඇවිදින් පිච්චෙන බොරලු පාර ගැන අනුකම්පාවක්.හිතිලද කොහෙද මහ විසාලෙට අතු විදහාන උන්න මාර ගස් හෙවනින් නැවතුනා....
පාර දෙපැත්තම.කැලෑ වැදිලා...තනිකරම කටුපදුරු විතරමයි....වතුර බිදක් නැති මහපොලවෙ කටු ගස් පදුරු ගැහුනත් මොකද කටු පදුරු පරදාගන තුත්තිරි මල් පීදිලා තිබුනා....
බෙනේ...යමු....ද....
රූපෙ අයියෙ....
කටුපදුරු පරදාගන පිපුන තුත්තිරි මල් දිහා බලාගන උන්න මාව ගැස්සිලා ගියා....මෙච්චර වෙලාම සිතාරි එක්ක කියවගත්ත රූපෙ අයියා....මගෙ උරහිසට අත තියාපු රූපෙ අයියා ඇස්වලට උනාපු කදුලු කැට පිට අල්ලෙන් පිහන ගමන් යමුද අහනකොට මං මගෙ බෙල්ල් හරවලා සිතාරි දිහා බැලුවා...මේ වෙනකොටත් ඒකි අර ඉතිරි උන කල ගෙඩිය උකුලෙ තියාගන සෑහෙන දුරක් ගිහිල්ලා....
මොන යුද්දෙන් දිනුවත් වැඩක් නෑ බෙනා....ආදර යුද්දෙදි මගෙ ආදරෙ පෙනේරයක් වෙන්නම වෙන්නම වෙඩි කාලා.....දිනුමක රහක් යන්තමට වත් විදින්නෙ නැතුවම මං පරාද වෙලා බෙනේ....
ර්...රූපෙ අයියෙ.....ඇයි මේ....
ඒකිට යාලුකමින් එහා යන්න බෑලු බන්....ඒකිට වඩා හොද එකියක් හොයාගන්නලු...එලිසබෙත් මහ රැජිනව ගෙනත් ඒකිගාවින් තිබ්බත් මගෙ හිතේ ඒකි ගැන දලුදාපු ආදර්‍ර්ට ඒකි තරම්.ගෑනියෙක් මට මේ තුන්ලෝකෙ වත් නෑ බන්...සටන් විරාම නෑ...මොකුත් නෑ ඒකි මගෙ ආදරේට මෝටාර් එකක් ගහල යන්න ගියා...
හිත අස්සෙ තියන ආදරෙ එක්කම මාව උතුරෙ මැරුනදෙන් බන්....
රූපේ!!!!මනුස්ස හුස්ම ඔයාකාර සිල්ලර කරන්ඩ එපා බන් ....දෙයියො බුදුන් උඹලව රකිනවා...අපි වගෙ උන්ගෙ දුක තව්තිසාවට දැනිලා දැනිලම සක්කරයගෙ පුටුව රත්වෙලා වැඩිකමට උනුවෙලා උනුවෙලා දියවෙලා ඇති....ඔහොම කතා කියන්ඩ එපා රූපෙ අයියෙ....
...............හැමදේම අතාරින්ඩ කියපු බුදුන් ගාවට ගිහින් මට ඉල්ලීම් නයට ඉල්ලන්ඩත් හිතක් නෑ බෙනේ....තවත් ඕන නෑ....ඇස් ඉස්සරහා අනියතෙ දකින මට මොන ආදර කතාද...කාරි නෑ...ඒකිට යාලුකමක් නම් ඕන....ඒක එහෙමයි

"සිහිනය මිය යායුතුය මේ ලෙසින්....."
*
*
*
මයෙ පුතා...මක්කද උඹලා ඔය බත්පත අතගාන්නෙ.....දැන් වරුවක ඉදන්...බත් කට කටේ දාගන්නෙ නෑ ඔහෙ ඉන්නවා.....බොලාට මක්කවත් අජීර්නයක්ද මයෙ කොල්ලා....
න්..නෑ.....නෑ...අපෙ අම්මා....එහෙම දෙයක් නෙවෙ.....
එහෙනම්....නිකිනි...කෝ ආගපල්ලා....
මං උන්නෙ මැටිපිල්කඩ උඩ...රූපෙ අයියගෙ බර උන ඇස් වලින් වැටෙන කදුලු වලට සරනක් වෙන්න පිනක් නැතිව උන්න මං වචනවලින් සනසවන්න පුලුවන් උපරිම සන්සවලා ආපිට ගෙදර ආව මං උන්නෙ තැනින් තැන පතුරු ගැල උන බෙලෙක් පිගාන මගෙ කකුල් දෙක උඩ තියාගන බලාගත්ත අත බලාගන වෙනකොට මට නිකන් හීනෙන් වගේ අම්මගෙ කටහඩ ඇහුනා.....
වැටකඩුල්ල පැනන් පැලට ආව මට ගෙට ගොඩවෙනකොටම මුනිච්චිඋනේම මගෙ නංගි නිකිනව.....උරහිස් වල ලෙලි ගියත් කමක් නෑ කිය කිය වැවෙන් වතුර ඇද ඇද ඒකිව ගෙදර නාවන්න කිව්ව දා ඉදන් අම්මා කරන්න ඒකිව ගෙදර තියන් නාවන එක වෙද්දි මං දැක්කෙම නාලා කොන්ඩෙත් කඩාදාගන පිල්කඩ පුරාවටම තට්ටම් වලින් බඩගාන මගෙ නංගිව ....
ඊයෙ පෙරේදා පීදුන මලක් උන මගෙ රත්තරන් නංගි කොටහලුවෙන් පස්සෙ වෙනස් වෙලාද මන්දා.....මූන පුරාවටම තිබුන ඒකිගෙ ලමාපාට යන්තමින් යන්තමින් මැකීගන යනවද මන්දා.....
ඒකිම බඩගාලා මැටිපොලවෙ තැන් තැන්වල වලවල් ගැහිලා තිබුනා....මුලු සර්වාංගෙන් හරි අඩක් මැටිපොලව දිගෙ ඇදි ඇදි යනකොට ඒකි බඩගාන්න වීරිය ගත්තෙම අත් දෙකෙන් වෙනකොට ඉස්සරහට නැවෙන වාරයක් පාසාම ඒකිගෙ ගවුම් කර පාතට වෙනවා....තෙත් ගැහුන කොන්ඩෙ එකට ඇලිලා අක්බමරු වෙලා ඒකිගෙ මූන තවත් හැඩකරනකොට මා දිහා බලාගන වචන ගොලු උනත් ඇස් වලින් හිනා උන මගෙ රත්තරන් නංගිගෙ මූන පහුකරගන මං දැක්කෙම පාතට උන ගවුම් කර අස්සෙන් ළපටි කැකුලු දෙතන වෙනකොට සුද්දිවත් ඒකිගෙ දුවවත් මතක් උන මගෙ පපුව කරකුට්ටන් වෙලා යන තරමට ෆෝමලීන් පාරක් වැදුනා මාව පනපිටින් එම්බාම් වෙලා ගියා....
නිකිනි උඹ එන්න එන්න නඹර වෙනවා....අබ්බගාත උනාට හැදෙන තැන් හැදෙනවා.....
අම්මගෙ නෝක්කාඩුවට උත්තර් බැන්ද මං වචන කතා කරගන්න් බැරි නිකිනි දිහාව බලලා ලොකු ඇට හාලෙන් ඉදුන තක්කලි හොද්ද වැටුන බත් පතෙන් කටක් කටේ ඔබගත්තා ඒ එක්කම මගෙ වම් අත්ගොබේට උනුහුමක් දැනුනා...
ආ...ආ....ඔය මක්කද කරන්නෙ.....අයියට කන්ඩ දිලා වරෙල්ලකො....
නිකිනි....මෙච්චර වෙලාම අම්මා ගාව උන්න ඒකි අනිත් තත්පරෙ මගෙ ගාවට බඩගාගන ඇවිදිල්ලා මගෙ අත් ගොබේට මුන හේත්තුකරන් මා දිහා බලාගන ඉන්නවා...අරුංගල් කුට්ටම නැතිපාලුවට ගියපු කන්පෙති දකින වාරයක් ගානෙ මට රිදෙනව....
දවසක අනිවාර්යයෙන්ම ඔය කන්පෙති උඩ අරුංගල් දෙකක් දිලිහේවි මයෙ මැනිකෙ....
කෝ ආගාපල්ලා.....
පෙනේද මේ.කෙල්ලගෙ තරම...මං බත් කටක් කවන්ඩ සන්නි දහ අටම අල්ලන්ඩ ඕන...අයියා කාරයා එකපාරක් බත් කටක් දික් කෙරුවම ඇරෙන්න නැති කටවලුත් ඇරෙනවා...
බත් මඩක්කුවත් අනාපු බත් කටත් අතේ තියාගන උන්න අම්ම ආයම නෝක්කාඩු තියන්න ගත්තා...තරහවක් කියන හැගීමෙන් නාමයක් නැති ආදරෙ පිරුන නෝක්කාඩුවක් ...
මට දුක හිතුනා...අනාපු බත්කට ඒකිලාගෙ කටට ලන් කරනවත් එක්කම ඒකි බත් කටට කට ඇරියා ඒකි නොදන්නව උනාට ඒකිගෙ අයිය තුන් හිතින්ම ඒකිලා හන්දා අඩනවා.....
ආ මයෙ පුතා...දැන් ඔය හාමු මහත්තයා මක්කටද මේ ගිනිපූටකේ ටවුමට දුවන්ඩ හදන්නෙ.....
රෙදිවගයක් ගන්ඩයි කියන්නෙ....මයෙ අම්මා...මේන් මේ පන්චායුදෙ මට දියල්ලකො...
මනෝරතන මුදලාලිගෙ මඩුවට ගියපු අප්පච්චි තවමත් මිනිපෙට්ටි ගොඩක් එක්ක ඔට්ටු වෙනවා කියපු මයෙ අම්මා ලිග්ගල් තුනෙන් බිමට බාපු බත් මුට්ටියෙන් හා හා පුරා කියලා පැත්තකට කරලා තිබුන අප්පුච්චගෙ බත්පංගුව තවත් බෙලෙක් පිගානකින් වහන ගමන් මේ ගිනිමද්දහනෙ පියුම් හාමු ටවුමට දුවන්න හේතු අහනකොට මං උන්නෙ මේ ගෙයි හරියටම තිබුන රත්තරන් පොත්ත වෙච්ච මාත් මගෙ එකම නංගිත් බෙල්ලෙ දාපු පංචායුදෙ අතට හිරකරගන කුසියෙ දොරකොඩ හිටගන වෙනකොට යතන්මින් සනිප වේගන එන කලුවා නොන්ඩි කොට කොට මගෙ ඇගේ ගැවි නොගෑවි කුසියට රින්ගගත්තා ඒ එක්කම අම්මා මගෙ මූන දිගා බැලුවා....
ගෙයි හරියටම රත්තන් කියන නමට වත් තියෙන්නෙ ඔය පොත්ත විතරයි යසෝද....බොලාව වදලා මාසෙන් උඹලගෙ අප්පොච්චා හරි උජාරුවට ඕක උඹලගෙ කරට දැම්මෙ.....එදා ඒ ඇත්තගෙ මූනෙ තිබුන ආඩම්බරෙ තරම මට අදටත් මතකයි...
හෙලු කොට්ටෙන් මයෙ තනෙ එල්ලීගන උන්න උඹලට බඩපුරවගන්ඩ වත් ඉඩක් නොතියා ඕක කරට දානකොට මං ඒ ඇස් දෙකේ තිවුන ආදරෙ තරම දැක්කා යසෝද....රැට එන හීන් හුලග පිල්කඩ තව හිතල කරන බව දන්න හන්දම රෑ ජාමෙ එලියට ආව මං පිල්කඩ උඩ නිදාගන උන්න උඹලගෙ අප්පොච්චව රෙද්දකින් පෙරෙව්වා....
මයෙ පුතේ....එ රත්තරන් අත්වල වෙනදට වඩා කරගැට මතුවෙලා තිබුනා.....
මගෙ උගුර හිර උනා.....ඇස්වලට උනාපු කදුලු කැට අතට හිරවෙලා තිබුන පන්චායුදෙ උඩට වැටෙනවත් එක්කම මට ජීවමානව දකින දොරෙ බුදුන්ව මතක් උනා....
මයෙ අම්මා කියනවා මයෙ කරට පංචායුදෙ දානකොට ඒ ඇස් වල ආඩම්බරෙ පිරිලා තිබ්බා කියලා...ඒ ආදරේමයි අදත් අර සෙරෙප්පු කුට්ටම දෙනකොට මං දැක්කෙ....
මගෙ රත්තරන් අප්පච්චි ...අනෙ මටත් කලියෙන් උඹලා බුදුවෙන්ඩම ඕන....
කාරි නෑ...ඕක ගනිල්ලා...ගිහින් දාපන්.....ඒකට කවුරු කියලා නම් පංචායුදයක් දාන්ඩද.....
නෑ....එපා මයෙ අම්මා...
මගෙ අත උඩින් අත තියාපු අම්මා පංචායුදෙ ගිහින් පැටියගෙ කරට දාන්ඩ කියනවත් එක්කම මන් ඒ පන්චායුදෙ ආපිට ඒ අතටම ගුලිකරන ගමං ඔලුව දෙපැත්තට වන වන එපාය කිව්වා....
ඇයි....ගනිල්ලා....පව් කිරිසප්පයගෙ කර පාලුයි....
..........මේක මගෙ කරට දාපු දා....මයෙ අප්පොච්චගෙ අත්වල වෙනදට වඩා කරගැට තිබුනා නම්....මයෙ පැටියගෙ අප්පච්චි ගෙ අත්වලත් මීට වඩා අලුත් කරගැට එන්ඩ ඕන මයෙ අම්මා....තියාගනිල්ලා....මාත් ඒ ආඩම්බරෙ මගෙ ඇස් අස්සෙ ඉපදෙනවට මනාපයි...
"ආදරෙ හංගල දුන්නෙ පියවරුමයි....."
*
*
*
මයෙ පුතා යසෝද.....
අප්පුච්චෙ...
මනෝරත්න මුදලාලි උඹලට පයින්ඩයක් කියන්ඩයි කිව්වා....මායියෙ මුට්ටියෙ තව බත් කටක් ගන්ඩ තියෙයිද ...
මං උන්නෙ රෙදි කඩක් තියාන මගෙ සුදුමහත්තයා මට දීලා ගියපු සෙරෙප්පු කුට්ටම පිහ පිහ.....ඇදපැලදගත්තට මොකද තවමත් පියුම් හාමුගෙ හේයාවක් වත් නැති තැන මන් මග බල බල උන්නා....
දා බිදු හලාගන බාගෙට මැරීගන ආව මයෙ අප්පොච්චගෙ අත් දෙක පෙට්ටිවලට ලී යතු ගාලම රත ගහලා තිවුනා...පූටකේම පයින් ගාටලා ගාටලා ඒ ඇස් වලින් පනගිහින් තිවුනා...පිල්කඩට ගොඩ උන ගමන්ම අනේ ඒකා කෙරුවෙම මැටිකලේ පුරවලා තිබුන පොල් කටුව පුරවලම වතුර එකක් බීපු එක .... උගුරක් උගුරක් ගානෙම කියුල දැනෙන වතුර එක එකම හුස්මට බීපු එක....
මයෙ අම්මා හනිකට කුසියට දිව්වා....ඉහිලුම් නැති බඩගින්දර ඇස්වලින් පවා වාන් දාන අප්පුච්චා බත් කටක් ඉල්ලුවෙත් සැකෙන් සැකෙන් වෙනකොට අනෙ මයෙ අම්මා ඒ මූන දිහා බලාගන හිනාවක් දුන්නෙම බයවෙන්ඩ කාරි නෑ මුට්ටියෙ තව බත් තියන්න කියන්ඩ වගේ වෙද්දි මට එකපාර මතක් උනා මං අම්මබත් කන් එක හරි හැටි දැක්කෙ නෑය කියල....
මයෙ අම්මෙඋඹලා බඩෙන් බාගෙටද බත් කෑවෙ.....???
මයෙ අප්පුච්චා....මක්කද මුදලාලි තැන කිව්වෙ?
ගුරුපාට සෙරෙප්පුව පොල්තෙල් වල ගිල්ලපු රෙදිකඩකින් මැද මැද උන්න මං මගෙ අප්පුච්චා දිහා බැලුවෙම හිතේ හොරයක් තියාගන....මනෝරතනයා පයින්ඩයක් කිව්වා කියන්ඩ කියනකොටම මට මතක් උනේම තවමත් මං දෑහැට නොදැක්ක සුද්දියගෙ මහ එකාගෙ මලකද වෙනකොට යාමෙ බලලා මලකද ගල්පොත්ත අලිමංකඩට දාන්න හිතාන උන්න මං මගෙ කකුලෙ ඇගිලි දහයෙන්ම මහපොලව මිරිකගත්තා.....
ආන් ඒකලාගෙ කුඹුරෙ ගොයම හෙට අනිද්දා දිහා කපනවයි කියලා උඹලටත් එන්ඩ කියන්ඩ කිව්වා....මේ ටික දොහෙ මක්කවත් නැති එකේ උඹට කතා කොරන්ඩ කිව්වෙ...හෙට දිහා නම් වඩම්වලට සව්කොල මල් හදනවයි කිව්වෙ.....අමු මල් ගන්ඩ ඔය හැටි කාසි කොහෙද අහනවා...ඒකත් හැබෑව...නුවර එලියෙන් මෙහෙට්ට එනකොට කොච්චර ජාති මලට ගහන්ඩ ඕනද....ඇරත් මේ හත් අටදහෙ පෙට්ටි වලට අමු මල්....
ඉන්නකන් පනගහන මලක් ලබන්ඩ පින් නැති උන්ට මහපොලවට පස් වෙන්ඩ යනකොට මොකට කියල අමු මල් දෙන්ඩද.....
කාට කටත් හොරාවට රහසක් හංගාන ඉන්න මගෙ පපුවෙ බර අවුසයක් විතර හෑල්ලු උනා....ඒ එක්කම මං බලාගන වැටකඩුල්ල ගාව මනුස්ස ජායාවක් එහා මෙහා වෙනවා....
සමනගෙ අම්මා...නිකන් නෙවෙ මේ මද්දහනෙ දරුපැටියවත් තුරුල් කරගන.....පැටියා බෑගිරි තියනවා...අවුපූටකේ උහුලගන්ඩ බැරුව කොලුවා හූ තියනවා....
අතේ තිබුන පොතෙල් පොගාපු රෙදිකඩයි සුදුමහත්තයගෙ සෙරෙප්පුවයි දෙකම එකට බිමට අතෑරෙනවත් එක්කම මං වැටකඩුල්ල ගාවට දිව්වා....
ස...සමනො...
මක්කදයි අම්මෙ මේ ....කෝ දියන් ඕකව.....ආ...ආ....හරි...හරි....මයෙ අම්මා....ඇයි මේ.....
ඔහෑ...ඔ..ඔහෑ....
කොලුව අඩාගනම ඉන්නවා...චීත්තපටත් එහෙන් මෙහෙන් අටවන් උන්න සමනගෙ අම්මගෙ අතින් කොලුපැටියව උදුරගත්ත මං ඒකගෙ පිට අත ගගා මයෙ අම්මා ඇයි ඇයි ගගා දරුපැටියව නලවනවත් එක්කම බත් ඩින්ගක් බෙදාගන ආව අම්මත් වැටකඩුල්ල ගාවට දුවගන ආවා.....සමනගෙ අම්මට සුවාසෙත් නැතුවා මදිවට ඒකිලාට පිට පිටම මගෙ නමත් අමතක වෙලා යනවා....
මක්කද බන් බේබි නෝනෙ මේ?
උඹලට සුවාසෙත් නෑ...ඇරත් මේ නොදරුවා කරපින්නන් ගිනිපූටකෙ???
මයෙ රත්තරනෙ.....ඇයි අම්මෙ....ඕ...මයෙ රන්කද මක්කද මේ අඩන්නෙ...අවුපූටකේ....ඕ....මයෙ කොල්ලට අවු සැර වැදුනා...හා...හා...හාරි....අම්මෙ...හරි...කෝ.....නාඩපල්ලා...මයෙ රන්කදනෙ මේක....අප්පුච්ච ගාවනෙ මයෙ පුතා ඉන්නෙ....
වැටකඩුල්ල ගාව උන්න මං ලමයව තුරුල්.කරන් පිට වගේම ඔලුව අත ගගා ඒකව පරක් කරගන්න හුරතල් කතා ආදර කතා කිය කිය එහා මෙහා වෙනකොට දියෙන් ගොඩ දාපු මාලුවට අන්ත කටත් ඇර ඇර හුස්ම අල්ලන සමනගෙ අම්මගෙ පිට අත ගගා මයෙ අම්මා මක්කද මේ අහනකොට මන් බලාගන සුවාසෙ නැති සමනගෙ අම්මා වචන ඇහිදිනවා....
උඹ..උඹලාගාව සව්..හාල් තියෙයි නම්...අල්ලක්....දියන් ...
සව්හාල්...සව්හාල්මක්කටදයි...
සමනගෙ අප්පට....හුජ්ජ බිදක් පහ වෙනකොටත් ඒකා හූ තියනවා....කෙදිරි ගානව....කෙල්ල ඒකා ගාව ...මේකා එහෙන් අඩනවා...
මයෙ පුතා.....මයෙ අම්මා අප්පොච්චා ගෙදර බයියනවයි...ඕ....හා...අප්පොච්චගෙ ගෙදර බයියමු......
ඒකලා මගෙ සුවද අදුනනවා....අනෙ ඒකා මයෙ කටහඩත් අදුනනවා...මෙච්චර වෙලාම හුස්ම අල්ලන් මූන රත කරන් හූ තියාපු කිරිකැටියා මගෙ ලෑලි ගැහුන පපුවට ගුලිවෙලා අනිත් පාර කඩින් කඩ ඉකිගහන්න ගත්තා...මං ඒ ඉහ මුදුන ඉඹ ඉඹම දරුවගෙ දුක නැති කරන්න වචන අමුනනකොට මං අහගන සමනගෙ අම්මා සව් ඇට අහුරක් ඉල්ලනවා....
තියන වේදනා මදිවට මුත්‍රා අමාරුවත් ඇවිදින්ද කොහෙද.....
දෙයියොත් දුක වේදනාව උනත් හොය හොයාම ගිහින් දෙන්නෙම දුගියටමද කොහෙද.....
*
*
මයෙ පුතා.....ඕන් ඔය චීත්තපට දාපල්ලා තොටිල්ලට.....මේ හිගන පැටියට නින්ද ගියා ...
මේකා තාම නෑනෙ....ගුරු තැන පියුම් හාමුව් නිවාස අඩස්සියෙවත් දාලදො.....මේක මගෙ උවමනාවට යන ගමනකුත් නෙවෙ හන්දා අනෙ එන්නෙ නැති උනෝතින් හොදයි....එහෙම උනෝතින් මට පුලුවන් වැවට ගිහින් කොරලියෙක් අල්ලගන්ඩ...කෝ දැන් වෙලාව කීයද....බස් එක මගෑරුනොත් බයිසිකලෙ පාගන්ඩ තමා වෙන්නෙ ටවුමටම...රෑ පානෙ කොහොම කියල එන්ඩද ....මං ගමෙ එකා....ඒත් පියුම් හාමු...නිකමට වත් අර වස්වර්තියා මුනිච්චි උනෝතින් ....
වැටකඩුල්ල දිහාව බලාගන පියුම් හාමු දැන් එයි දැන් එයි කිය කිය ඇහිපිල්ලමක් වත් නොගහ උන්න මං මෙච්චර වෙලාම ගෙයි ඇතුලෙන් ඇහුන නැලවිලි කවිය අහවර වෙනවත් එක්කම අම්මගෙ විදානෙත් එක්ක අඩියට දෙකට ගෙට වැදුනා....
කිව්වත් වගේ හැට්ට කරින් අඩක් එලියට ආව අම්මගෙ දෙතන මැද මූන ඔබාගන උන්න නොදරුපැටියට පුදුමාකාර සනිපේට නින්ද ගිහින් තිබුනා...
දන්නවද රත්තරනෙ...මයෙ අම්මට තිබුනෙම පුදුමාකාර විදිහට ප්‍රාතිහාර්‍යපාන අත් දෙකක්...ගෑනු සර්වංගේම බාගෙට මරාගන යෝනි තොල් ඉරාගන ඔහෑ ගාගන එලි බහින පැංචව වැදෑමහ කතුරෙන් අම්මගෙන් වෙන් කරන පලවෙනි තත්පරේ ඉදම්ම ඒකා මයෙ අම්මගෙ අත්වල උනුහුමට හුරුවෙනවා.....
මයෙ අම්මගෙ අත් දෙක තනිකරෝම තුසිතයෙන් මිහිබට එවාපු තොටිල්ලක්...
නින්ද ගිහින් මයෙ අම්මෙ.....
මේකට බඩගින්නයි තෙහෙට්ටුවයි.....අරකිලාට හරිහමන් කෑමක් නෑ...මේකගෙ බඩ පිරිලා තියෙන්නෙ හුලන් වලටමයි මයෙ පුතා....කිරි උගුරක් වත් බඩගෙඩියෙ නැතුවද මන්දා.....ඒකිව තවත් දර ඉපලක් වගේ දිරලා තියෙද්දි කිරි කදුලු කොහෙ උනන්නද බන්...
අම්මගෙ වචන එක්ක මගෙ පපුව හරහම ඇම්මක් වැටීගන් ගියා....කොලු පැටියගෙ බඩ පුරවලම තියෙන්නෙ කිරිකදුලු වලින් නෙවෙ හුලන් වලින් කියනකොට ලේ නෑකම් නැති අප්පා උන මගෙ පිරිමි දෙතන් පුපුරු ගැහුවා....
උඹලට තියන ආදරේට මගෙත් ලේ කිරි නොවෙන්නෙ ඇයි රත්තරනෙ....?
වරෙල්ලා මයෙ අම්මා...
හිතම බරකරන වේදනා වැහිවලා තුන් හිතම වහගන්න යාමෙක මං අම්මගෙ උනුහුමෙ ගුලිවෙලා නිදාන උන්න පොඩි සමනව හරි පරිස්සමට ගෙයි මැද්දෑවෙ එල්ලපු තොටිල්ලෙ තියනවත් එක්කම ඒකා නින්දෙන් හිනා උනා...
සමනා අනෙ නොදරුවව බලන්ඩ ඒකගෙ හීනවලට එබෙනවද උඹ?
*
*
*
ඔයාකාර මා එක්කලා එල්ලෙන්ඩ එපා මලයා...මං කී වංගියක් කිව්වද යසෝදට....එපාම කියනවා නම් මක්ක කරන්ඩද...උඹත් පුදුමාකාර මුරන්ඩුවෙක් තමයි කලාත්ම....එහෙන් මට ඔක්කාරෙට වගේ...අරගෑනි කොස් ඇට හටටියක් උයාගන ගෙයින් එකයි පඩ ගන්දස්සාරෙ....ඒකිලාගෙ වැඩෙ එහාට යනකොටත් පඩින එක....මෙහාට යනකොටත් පඩින එක.....
කොස් ඇට අහුරකටම කරවල කට්ටක් බත්පතට තිබුනෙ...මැල්ලුමට තිබ්බෙ තනකොලද මන්දා....වලව්මහතැන මෙවුන්ට කාසිත් ගෙවනවා නේ....???
ඒ ඔක්කොම අස්සෙ උඹත් පුපුරනවනෙ.....පුදුමාකාර නෛයියාඩගමක් තමයි මේක...
මොකක්....හරි කෙලියක් උනානෙ කියන්නෙ මොනාද උඹ...කලාත්ම ඔයාකාර කියවන්ඩ එපා මගෙ ඉහමොල කැක්කුමයි....
මට තරහා ගියෝතින් ඇත්තමයි කලාත්ම මං මෙ ගුරුපට්ටම බල්ලට දාලා මෙහෙන් හිරයක් කරන් අමුඩයක් ගහන් හේනක් කොටන්ඩ ගන්නවා ඇයි යකො.....
සීවරන් දෙයියො.....පියුම් හාමු.....අර මක්ක්ද හාමුදුරුවනෙ අර.....
මං මගෙ කටට අත තියාගත්තා...කොලු පැංචව තොටිල්ලෙන් තියලා කෙලින් වෙන්න හම්බුන් නෑ වැටකඩුල්ල දිහාවෙන් ඇහුන බෙරිහන් දීම එක්ක අඩියට දෙකට එලියට එනවත් එක්කම මං දැක්කෙ පියුම් හාමුව...කලුවට හුරු තදම තද කොලපාට තනි පාට සරමට ක්‍රීම්පාට අත්කොය කමිසයක් ඇදන් උන්න පියුම් හාමු අතපය ගස ගස කා එක්ක හරි අන්කරේට යනවා....
අත එහාට ගසනව...මෙහාට ගසනවා...අවසානෙදි ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සගන ඉනිවැටටත් පයින් පාරක් අනින ගමන් මගෙ සුදුමහත්තයගෙ නම කිව්වා විතරයි අනෙ හාන්දුරුවනෙ මට උන් හිට් තැනුත් අමතක උනා....
මේක හරි නෛයියාඩගමක් උනානෙ යකො.....මගෙ ඉහ පුපුරන්ඩ එන්නෙ.....කටපියවපන් දත් කූට්ටම ගලවන්ඩ කලියෙන්...
මට දුවන්න හිතුනා...දූවලා ගිහින් පෙට්ටගම අස්සෙ හැංගෙන්න හිතුනා...අනෙ දෙයියනෙ හාමුල දෙන්නා කාකොටා ගන්නවා...
පියුම් හාමු හදන්නෙ මගෙ සුදුමහත්තයගෙ දත්කුට්ටම ගලවන්න.....
ඇයි දෙයියනෙ හාමු තැන් දෙක උන්නෙම දෙකට ගයින්ඩ බෑ වගේනෙ....දැන් දැන් පෙරලෙන වෙස මොකක්ද මෙ.....
පිල්කඩෙ හිටන් උන්න මං පියුම් හාමු කලාත්මගෙ දත් කුට්ටම ගලවනවා කිව්වා විතරයි මගෙ දත් කූට්ටම අත් දෙකෙන්ම හන්ගගන හීන් සීරුවට බිත්තිය මුල්ලට හේත්තු උනත් මක්ක්ද ඒකදන්තයා වැහිලා වගේ උන්න පියුම් හාමුවා මාව දැක්කා විතරයි දුන්න වගේ නවාගන උන්න මගෙ කොන්ද ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා...
ආන් ඉන්නවා.....අන් ඉන්නවා....පෙනේද පෙනේද ...කව්ද ඉතින් උඹගෙ දරු පැටියා....උඹටම හරියන මුරන්ඩුවෙක්....පෙනේද බිත්ති බිත්ති ගානෙ හැන්ගෙනවා....
තේරුමක් නෑ...හැන්ගිලා කොහෙමටත් තේරුමක් නැති වෙනකොට හොරෙක් වගේ අහුව දිගේ ගාටපු මං බිත්තියට හේත්තු කරල තිබුන බයිසිකලෙත් අරන් කුලප්පු වෙලා උන්න පියුම් හාමු ගාවට ඇවිදින් හිටගත්තා විතරයි අනෙ හාමුදුරුවනෙ පියුමා මගෙ කන මිරිකුවා ...ආව්හ් ගාන්න හදපු මං මගෙ ආව්ව කට අස්සෙම හිරකරන් නිරපරාදෙ ගුටි කන්න හේතු අහන්න පියුම් හාමු දිහා බලනවත් එක්කම මගෙ සියපත් එක්ක අංකරෙන් උන්න හාමු තැන ඉනිවැටට ඉන්දවලා තිබුන වැටමාර ඉන්නෙන් මතුවෙලා තිබුන දල්ලක් කඩාගන කටේ දාගත්තා....
අනෙ හාන්දුරුවනෙ මේ අයියා මලෝගෙ වැඩේම ජරාව කටේ ඔබාගන්න එකනෙ....
හ්ම්....හ්ම්....මලයට මං කිව්වනෙ....මට මේකව හදන්ඩ බෑ...උඹගෙනෙ....හොදින් කියලා අහන්න බැරි නන් නරකින් හරි කියපන්.....මට බෑගිරිතියලා අහවල් එක කොරන්ඩද .....පෙනේද මෙතනට වෙලා මීයා වගෙ මගෙ මූන දිහා බලන් ඉන්න හැටි...උඹගෙ කැලෑ හදට උඹම කියන දෙයක් කියපන් මා එක්ක අංකරෙට එන්නෙ නැතුව...
.......
කලාත්ම...මං මේ තව කාරනවක් කියඩ උන්නෙ...
කනත් අඹරවගන අගක් මුලක් නොදන්න කාරනාවකට බැනුනුත් අහන් උන්න මන් වැටකඩුල්ල ත් පැනල බයිසිකල් හැඩල් එක කොනිති ගගගහා එක කකුලකින් ගුරුපාරෙ බලිකුරුටු ඇද ඇද ඉන්නකොට මෙච්චර වෙලාම පුපුරාපු පියුම් හාමු එකපාරටම නිවිලා ගියා...නිවිලා ගියා කියන්නෙ අර අපූරුවට තිබුන කොන්ඩෙත් ආය ආය අතින් හද හද මොනවා හරි කියන්න තටමනකොට මං බලාගන හාමුගෙ මූන රතු වෙනවා....
කලාත්ම....මට අද රෑ දහය කනිසමෙන් සින්දුවක් ඕන.......මං හිතන්නෙ...මාවත් මේ කැලැගමට සින්න වෙන්න යන්නෙ...මොනතරම් අඩුපාඩු තියනවා කියල මගෙන් පැනලා යන්න හැදුවොත් සත්තයි කලාත්ම මං ඒකිව උස්සනවා...හදෙ උනත් ආවාට අනන්ත අප්‍රමාන තියනවා.....මට කියපන් කලාත්ම අද වෙනකන් හදට දොස් තිබ්බ එකෙක්ව??.....
සඳ හා නැගී....
තරුවක්ව ළඟ ඉන්න
හිරු හා දිලී
කුසුමක්ව පිඹිදෙන්න
සිතහා බැදී
මගෙ ලෝකෙ මට ලංව
හැමදාම සනසස්න් ලඳෙ....
පින්බර සුදු ලඳුනෙ
නෑමා හඩවන්නෙ
ළංවූ බැදි ආදරෙන්...සියපත්...මට පින්වතියෙ මාගෙ සින්දුව ඕන....ආකාසට මන්දාරම එකතුවෙලා මන්දාරම් ආකාස එකතු බිහිඋනා වගේ....පියුම්ටත් ගහට පොත්ත හා බැදුන නමක් උරුම වෙන්නයි යන්නෙ.....!!!
"ප්‍රේමාපියුම්"!!!
මං උන්නෙ හුස්මත් ඉහලට අල්ලගන....සරස්වති දේවිගෙම පිහිටයි....අනෙ පුදුමාකාර ලස්සනයි....
කලාත්ම හාමුගෙන් භාව ප්‍රකාශ එක්ක කියවෙන ලස්සන සින්දු අහලා තිබුනට පියුම් හාමුගෙ කටින් සින්දුවක් අහපු පලවෙනි වතාව වෙනකොට ඒ ධෘඩ කටහඩෙ තිබුනෙ පුදුමාකාර රහක් වෙනකොට සරස්වති දේවි මේ හාමු තැන් දිහාවට බැල්ම දාලා තියෙන්නම ලෝබකමක් නැතුව කියලා හිතෙනකොට මන්දාරම් ආකාස ගාවින්ම තවත් ප්‍රේමකතාවක මුල්ගලක් ඉන්දවුනා...ඒ
එක්කම පියුම් හාමු මගෙ දිහාවට ඵෝන් එක දික් කෙරුවා....දික් කෙරුවා මදිවට බයිසිකලෙත් මගෙ අතින් උදුරගත්තා....
හ්..හෙලෝ....සුදු මහත්තයා...
මගෙ ලමයො....
ප්‍රේමිය කියාපන් මට,
පනපිටින් තව්තිසාව දැනිලාතියනවද?
මගෙ තුන් හිතම නිවිලා ගියා....ගොත ගගහා සුදු මහත්තයා කියපු මට මගෙ සියපත කතා කරපු විදිහට මගෙ තුන් හිතම දිව්‍යමය හැගීමකින් පිරීගන යනකොට ආදරෙ දැනුන තරම උහුලුනු බැරු වස් මයෙ ඇස් කදුලුවලින් ඉතිරිලා ගියා....
බේබි හාමු....සුදු මහත්තයා මේ විගහට ඇයි නැගිට්ටෙ...
ම්ම්ම්....ඇයි මගෙ ලමයො මේ අකීකරු වෙනවයි කියන්නෙ ම්ම්ම්ම්....ඔහොම අකීකරු වෙනකොට සුදු මහත්තයට කෝ නින්දක්....ඇයි මගෙ මන්දාරම් ආසාවෙන් දෙන දෙ එපාය කියන්නෙ...
දුකයි කලාත්ම....රුපියලක් හොයන්ඩ නැහෙන්න ඕන තරම් දන්නවා...මන් වගේ එකෙක්ට මොකට ඔය සාප්පු ඇදුම්ද...
බම්බුව!!!මේක මහ පුදුම කෙලියක්නෙ...ලමයො,
අනෙ සියපත් මා එක්කලා අංකරේට එන්ඩ එපා.....පුලුවනි නම් ඔය ඇදාලා අහක් කරනකමිසයක් දෙකක් ගෙනත් දෙනවද...සාප්පු කමිසනෑ කියලා මන් තරහා නෑ...කඩසාප්පු සුවද වඩා මන් සියපත් උඹලගෙ සුවදටහරි මනාපයි මගෙ හාමු....ඒ පුසුඹ මට හරි අමිලයි සුදුමහත්තයා
මන් හිතන්නෙ මගෙ හාමු තැන මෙල්ල උනාද කොහෙද.....ඇයි මුරන්ඩු කම් කරන්නෙ කියල අහන ගමන් මා එක්ක අන්කරේට පැටලෙන්න හදාපු මගෙ සුදු මහත්තයට මගෙන් පිට උන වචනත් එක්ක හරි අර හුස්මක් පිට උනා...
ඔයතරම්ම මට ආදරේ කරනවද මගෙ මන්දාරම්....
ඔව්....මන් උඹලට පුදුමාකාර විදිහට ආදරෙයි ආකාස.....
මගෙ අහිංසකයා...මට උඹව අත් දෙකෙම්ම හරි පරිස්සමට තුරුලු කරගන ඉහමුදුන ඉඹින්ඩ ඕන මන්දාරම්...ඒ තරම්ම උඹ හරි අහිංසක කැලෑමලක්......පියුම් කිව්වා වගෙ හදේ ආවාට තිබුනට අද වෙනකන් හදට ඇද කියපු එකෙක් හම්බවෙලා නෑ මගෙ මන්දාරම්.....උඹත් තනිකරම හදක්.....මේ ආකාසෙට පායපු කැලෑ පුරහදක්....
මන්දාරම්.....
සුදුමහත්තයා...
හුගක් ආදරෙයි මගෙ කැලෑ හදට....
මන් හිතන්නෙ මගෙ තුන් හිතම සෝවාන් වෙලා ගියා...හාමු තැනගෙ කටින් එලිබහින ප්‍රේම ගාථා ආහන් උන්න මගෙ තුන් හිතම සෝවාන් වෙලා ගිහින් තිබුනා....හුගක් ආදරෙයි මගෙ කැලෑ හදට කියනවත් එක්කම මන් මගෙ පපුව ගැහෙන එක නතර වෙලාද බලන්න මගෙ අත පපුවෙ වම් පැත්තට තිබ්බා.....
සියපත්...මගෙ හාමු තැන.....මේ මන්දාරම් කියන්නෙම පලුදුවෙලා ගියපු අන්දකාරෙකට අතෑරලා දාපු පෙට්ටගම අස්සෙ තියන හම්පඩ ගැහුන රෙදි කඩක් නම්.....උඹලා ඇවිදින් ඒ රෙදිකඩ උඩට වැටුන කපුරු බෝලයක් සියපත්.....කොහෙන්ද දුර ඈතක ඉදන් ඇවිදින් උඹලා මාව සුවදින් නාවන පිනම ඇති මගෙ හාමු.......
මයෙ සුදුමහත්තයා....මන් උඹලට ගම් නියන් ගම් යටවෙන්න ආදරෙයි ආකාස හාමු......
මට දුක හිතුනා...ආදරේ වැඩිකමට දුක හිතුනා.....අවසානෙදි ඉකිගැහෙන්න එන ඉකිය කාගනම මන් හරි අමාරුවෙන් ආදරෙයි කියනවත් එක්කම මන් අහගන හාමුට හීල්ලෙනවා.....
මගෙ ප්‍රේම මුද්‍රාව....උඹ මාව අසරන කරනවා මන්දාරම්...ඒක උඹ දන්නවද මගෙ ලමයො ම්ම්ම්ම්.....?මට උඹව හුගක් මතක් වෙනවා මන්දාරම්....මට මගෙ ලමයව මතක් නොවෙන තත්පරයක් නෑ මන්දාරම්....මාව පුනරුත්ථාපනෙ කරලා වත් ගොඩගන්න බැරි තරමට මන්දාරමට ඇබ්බැහි වෙලා මන්දාරම්....
බලන බලන තැන ඉන්නෙ මගෙ මන්දාරම්.....
මං හරි ආසයි ආදරෙ රහම තැන් ආය ආය මතක් කරලා රහ විදින්න...ඒක මහ අමුතුම නොස්ටැලජික් හැගීමක් මගෙ ලමයො....රත්තරන් දන්නවද....ඔය ඇස් දැක්ක පලවෙනි තත්පරේම මගෙ හදවත කෑ ගැහුවා...." මෙයා තමා කෙනා" කියලා....මන් හරිආසයි මන්දාරම් ඇස් අස්සෙ ආදරෙ මෙට්‍රික ටොන් බරගානක් පුරවන් මයෙ සුදු මහත්තයා කියනකොට....ඔතනිනුත් රහම කොටස "මයෙ" කියන එක .....
ඒක පපු කන්ද හාරගන ඇතුලටම කිදා බහිනවා මන්දාරම්.....
ඇරත් අපෙ සින්හලෙ සමහර තැන් වෙනස්...මම මගෙ ළමයා කියනකොට මන්දාරම් මට මයෙ සුදුමහත්තයා කියනවා...ඔතනින් මගෙ කියනවට වඩා මයෙ කියන අකුරු දෙක තනිකරම පැනි වලල්ලක් තරම් රහ වචනයක් රත්තරන් .....
සින්හලත් රහයි බන් උඹ හින්දා!!...
මට හිතාගන්න බැරි උනා.....කලාත්ම හාමු හුස්මක් නොගෙන උනත් හරි මෘදුවට කියන මේ වචන අස්සෙ තියන ආදරෙ තරම හිතාගන්න බැරිව ගියා...
මගෙ ලමයො.....එකම එක කමිසයක් මන් වෙනුවෙන් ගන්නවද....මන් ආසයි ඊලග නිවාඩුවෙදි මගෙ ළමයා ඒක ඇදන් මාව එක්ක යන්න එනවා දකින්න.....
මට දුක හිතුනා.....පව්කියලා හිතුනා....වෙලාවකට වෙස් පෙරලෙන මගෙ ප්‍රේමනීය ආකාසෙ මගෙන් අයදිනකොට මට තව දුරටත් ඒ හිත තලන්න හිතක් නැති උනා...
ගන්නම්...
.ඔය ඇත්තමද.....
ම්න්.....ගන්නම් මයෙ අම්මෙ.....මට උඹලව රිදවන්ඩ ලෝබයි සියපත් හාමු....පින් මයෙ හාමු උඹලගෙ රත්තරන් අත් දෙකට...මයෙ අම්මව ජාතක කරාපු ඒ උත්තමයන්ටත් පින් ...
ම්ම්ම්...පින්දීලම මාව දැන් තව්තිසාවට ඇදගන යනවා....පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්ඩ ...මට ඉන්නෙ මගෙ ලමයා විතරයි....ඒක හන්දා පරිස්සමින් මන්දාරම්.....
.....................මට කියලත් දයහයක් නෑ හාමු....ඉන්නෙ උඹලා විතරයි...දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි සුදුමහත්තයා.....
හෝව්....මන්දාරම්....විනාඩියක් ඉන්න පුලුවන්ද...?
දලදා පිහිටත් පැතුවට පස්සෙ ආයමත් හාමු තැන මාව නවත්තගත්තා....එක විනාඩියක් ඉල්ලුවා...ඒ චුට්ටකින්ම මගෙ සියපත් හරි සීරුවට කොදුරන්න ගත්තා.....
අවාරයේ හමු වූ ප්‍රේමනීය මිනිසා වෙත ආදරයෙන් ලියා තබමි,
පුරහඳ ඇති හැමරෑකම නොස්ටැලජියාවක හිත අතරමන් කරන පුසුඹ දෙන "ගඳපාන මල්" දිහා හරි ආදරයෙන් ඇහිපිය නොහෙලම ආකාසයක් බලා ඉන්න බව දන්වා සිටිමි ප්‍රේමාන්විතව....
ඉතින් ඉගිල්ලෙන්න තටු දුන්නොතින් ඉගිලෙනවට මේ ආකාසෙ පුරාවටම...
කලාත්ම සියපත් ආකාස දහයෙ කනිසමෙන්.....
.මන් හිතන්නෙ උපන්දා ඉදන් කතා කරපු මාව ගොලුවෙලා ගියා....ප්‍රේමයෙ තරම කියන්නෙ ගව් ගානක් දුරින් ඉන්න කලාත්ම හාමුගෙ ආදරෙ උනුහුම මගෙ ආත්මෙටම දැනුනා...ස්පර්ශයක් වත් නැතිවම මට ඒ උනුහුම දැනුනා.....මේ ආදරේ ඒ තරම්ම ප්‍රබලයි....
මේක...කොහොමද මගෙ මන්දාරම්.....
මාව අතරමන් කරාපු මගෙ සියපත මේ කොහොමද අහනකොට ඒකට උත්තර බදින්නවත් වචනයක් හොයා ගන්න නැතිව උන්න මාව තවත් ගොලුවෙලා යනකොට හාමු කියන්න ගියපු මට ගොතත් හැහුනා....ගව්ගානක් දුරින් උන්න සියපතක් හිනා උනා....හිනාවෙන සියපතක් කැලෑහදක් වෙනුවෙන් සින්දුවක් මිමිනුවා....
බ්..බේ.....
.ඉතින්....තටු දුන්නොතින් මේ ආකාසෙ පුරාවටම පියාඹනවා නේද මගෙ ලමයො උඹ.... ....ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්.... ප්‍රේමයට ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න..පිනිවැස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින්.....සිහිනෙ සනහා.....කිරනින් දැවෙනා....!!
මං ආදරෙයි මගෙ කැළෑ හද.....තිසරන සරනයි....ඉක්මනින් එන්නම් මගෙ ලමයට තුරුලු වෙන්න...තුරුල් වෙලා ආදරෙ කරන්න....මේපාරත් මට බත් කටක් කවනවද මන්දාරම්....
අනේ.....කවන්නම් මයෙ අම්මෙ...!!!
🌸🥺❤️ආදරෙයි හරිත......
THANK YOU