LightReader

Chapter 23 - 23

...අනෙ ලමයො...මහ පිරිතවත් දාගන යන්කො.....ඒ බැරි නම් මං වත් පිරිතක් කියන්ඩද ....එක්කො මේ.....මං ජයමංගල ගාථාව වත් කියන්නද ලමයො.....මේක පුදුම කෙලියක්නෙ අනෙ....කතා කරන්නෙ නෑනෙ...ලමයො...ලයන්න...මයන්න...යෝ....යන්න....ලමයෝහ්හ්හ්හ්හ්හ්හ්...

මං කියන දේ ඇහෙනවද මගෙ ළමයෝ...

........ම්න්.....

එපා වෙනවා අප්පා..මං යාලුවෙලා ඉන්නෙ ගොලුවෙක් එක්කනෙ...මට ඕන මං තරහා වෙච්චම අත පය කපාගන්න එකෙක්.....

.......(වයස පස්සට යන විගඩමක් ....මගෙ කන කැක්කුමයි දෙයියො...)

අනෙ බෙනෙ....මේ ලමයො.....

ම්න්....

එක්කො මං ඔයාගෙ අතකින් වත් අල්ලගන්නද.....ඔයාගෙ ආරක්ශාවට...නැතුව වෙන මගුලකට නෙවෙ...අනික මං මෙහෙම පිස්සට හැතැප්ම නෑ වගෙ කියවන්නෙ වෙන දේකට නෙවෙ අනෙ...ඔයාට මේ යන ගමනෙ ස්ට්‍රෙස් එකක් තියනවා නම් ඒක රිලීස් වෙන්න තේරුනාද...අනික මං අයියා කෙනෙක් ඔයාට තේරෙනවනෙ බබො...දහයක් වැඩිමල් කියන්නෙ.....

ඒක නෙවෙ...ඇත්තටම මං ශිශ්‍යත්වෙ ලියනකොට නේ ඔයාව හම්බෙලා තියෙන්නෙ.....මං හයවසරට යනකොට පොඩි බෙනප්පුවට අවුරුද්දයි....යෝහ්...ඉන්න ඇති පොඩි බිබික්කමක් වගේ නේ...පොඩි ඇටයෙක් වගේ අම්මා ගාවට වෙලා ඉන්න ඇති....ඒකාලෙත් ඔහොම ගල් බිල්ලා වගේ උන්නද දන්නෙ නෑ....

එක්කො ඔයා හැම වෙලාවෙම චූටි කමට අඩන්න කටහදන්න ඇති නේ...

චූට්ටකට නැති චූටි කටක් එක්ක රවුම්ම රවුම් බෝල ඇස් දෙකක් එක්ක පිම්බුන කම්මුල් තියෙන්න ඇති ....ඔය කාටත් වඩා වින්නඹු අම්මලාට ළමයි හදන්න අත්ගුනෙ තියනවා ...කිරිබිදක් අහක නොදා පොවන්ඩ ඇබිති බඩට හුලන් පොත්තක් වත් යන තරන් හිඩැස් හිටින් නැතිවෙන්ඩ තනකටෙ ගස්සන්ඩ උන්ට දන්නවා....

මං දන්නවා..අගහිග කම් කොහොම තිබුනත්..මගෙ මන්දාරම් පැටියෙක් කාලෙ නම් පුහුල් කුට්ටියක් වගෙ ඉන්ඩ ඇති ලමයො...

මගෙ පැටියා උඹ මන්දාරම්.....

මං උඹව එකපාරක් ඉඹින්නද වස්තුව....දෑහින් නොදැක්ක කිරිකැටි කාලෙ ගැන මගෙ හිත හිතුමනාපෙට උඹගෙ රූපෙ මගෙ හිත අස්සෙ අදිනකොට මට උඹ ගැන පුදුම ලෝබයි මන්දාරම්.....

අර කොලු පැටියා හිත පුරාවටම කිරි සුවද ඇතිරුවත්.....මට උඹ ඇබිත්තන් කාලෙ මගෙ හිත අස්සෙන් මවාගන්නවා එක්කම උඹව මට ජාතක උන දරුවෙක් ගානට මගෙ පපුවෙ උඹ ගැන ආදරෙ දලු දානවා මන්දාරම්.....

මං උඹව ඉඹින්නම් මගෙ මන්දාරම්....වෙන කොහොවත්ම ඒපා...මට කම්මුල ඉඹින්නදියන් ගදපාන මල....

...........

මං දන්නෙ නෑ...මට කතා කරගන්න තේරුමක් නෑ.....වයසට වඩා ලාබාලයෙක් වගෙ මගෙ ඉහම කැක්කුම් කරවන් මගෙ හාමු තැන හුස්මක් කටක් නොගෙන කියවගන කියවගන යනකොට මං කෙරුවෙම යන්තමට හූ මිටියක් තියාගන ම්න්...ම්න් ගාපු එක....අනෙ ඒකලා මයෙ කටින් වචනයක් ගන්ඩ බැරි එකට දාහක් ජාති කතා කියෙව්වත්....මූනිච්චාවට මාත් ඒකලාගෙ දිහාව බල බල රවාගත්තා උනත් මයෙ යටි හිත ගිරවෙක් වගේ එකම දිගට කියවන් යන හාමුතැනගෙ බුහුටි කතා අහන්ඩ පෙරේත කම් කරන තරම දන්නෙ මමම විතරක් වෙනකොට මං කෙරුවෙම මගෙ හාමු රත්තරමගෙ කතාවලට රව රව උන්න එක උනත්.....

මක්කටද මන්දා කාරනාවකට ඒ දෑහැට නොදැක්ක මයෙ ඇබිති යාමෙ ගැන කියන්න ගන්නවත් එක්කම මයෙ ඇස් පනාපිටම ඒ කටහඩ එහෙම් පිටිම්ම කනපිට ගැහුවා.....

ගිනි මද්දහනෙ පාළුවට ගියපු ගුරුපාරත්.....හේන් කට්ටියකින් අහස් නගින කොකෙක්ගෙ මක්කද මන්දා කතාවකුත් තාල කඩාගන ඇහෙනකොට අර කවුකචර් එක වෙනුවට තුන්හිතම බරකරන දහයෙ කනිසමෙ පිපෙන සියපත මගෙ ඉස්සරහා ආයමත් වංගියක් පනගහනවත් එක්කම මෙච්චර වෙලාම මයෙ කකුල තදඋන ක්ලච් එක මටත් නොදැනීම ගිලිහිලා ගිහින් ගල්පොත්ත හන්දියත් වැව් යාන්ගෙත් පේන මායිමේදි යක්කු ගස්නගින වෙලාවෙදිම හර්ස් එකෙ පන කෙන්ද හීන් සීරුවට නිවිලා ගියා.....වචනත් අහිමි හුස්මත් අහිමි...නාඩිත් අහිමි මං එහෙම්ම මයෙ ඔලුව හරවලා බලනවත් එක්කම මං බලාගන මයෙ හාමු තැන මයෙ දිහා ඇස් බලාගන ඉන්නවා.....

රත්තරන්....මගෙ මන්දාරම්....එක තත්පරේකට මගෙ ඇස් දිහා බලාගන ඉන්නවද...එක තත්පරේකට මං කියන වචන අහන් ඉන්නවද....මොකද මේ හැම වචනයක්ම ඉපදෙන්නෙ මගෙ පපුවෙන් මගෙ බෙනරගම.....මේ හැම හැගීමක්ම උනුසුම් වචන විදිහට මගෙන් පිටට පනින්නෙ පපුවම උඹ හන්දා ආදරෙන් උනුවෙන හන්දා....කොයිම මොහොතක වත් ආදරෙන් කතා කරන කිසිම මොහොතක ඇස් මගාරින්න එපා මන්දාරම්.....

මිනිස්සු හිතන්නත් බැරි වේගෙන් මැරිලා යනවා....මිනිස්සු මැරුනට මතක මැරෙන් නෑ....ඒක මගෙ බෙනරගම කාටත් වඩා හොදටම දන්නවා....ඒත් මතකවලට පුලුවන් මිනිස්සුන්ව නොමර මරන්න .....උඹ දන්නවද මගෙ බෙනරගම උඹගෙ මතකත් මාව එක්තරා විදිහකට නොමරා මරනවා....මහ රෑක කොලඹ අහසෙ ඇනෙක්සියට ඉහලින් කෑරලෙක් කෑගහන් ගියෝතින් මං එලිවෙනකම්ම පියුම්ට වද දෙනවා...

බලපන් මගෙ කොල්ලා ගෙදරද කියලා.....ගිහින් බලපන් පියුම් මගෙ කොල්ලා තට්ට තනියම අර ගහ උඩද කියලා.....උඹ ගාව මුඛරි කමට කියවන් යන්නෙ වෙනමොකටවත්ම නෙවෙ මන්දාරම්.....කතාවක් අස්සට නිහඩ වගේම දෘඩ ආදරවන්තයො දෙන්නෙක් වැඩි හන්දා.....අහිංසක රෝමාන්තිකයො දෙන්නෙක් එකම කතාවකට වැඩි හන්දා....

ඒත්....මේ කටේ පන ඔක්කොම අහවරයි මේ ගම් මායිම පැන්නගමන්....මගෙ පපුව පුපුරන්න එනවා....සීටීබියෙ ජනේලට ඔලුව හේත්තු කරගත්ත වෙලාවෙ ඉදන් මට ආයම දූවගන උඹ ගාවට එන්න හිතෙනවා....මගෙ පපුව ඉකිගහන තරන් මම වත් දන්නෙ නෑ බෙනරගම.....ඒතරම්ම මං උඹට පුදුම විදිහට ආදරෙයි රත්තරන්....

උඹ තවම යන්තන් විස්සක් පිරුන කොලු පැටියෙක් මන්දාරම්....මහමෙරුවම ඉහ තියාගන පවුල් දෙකකටම අප්පාකම් කරන උඹ තවම නාඹර ගොයම් කරලක්.....මට රිදෙනවා...එදාට වඩා අද ඇදිලා ගිහින් තියනකොට....මේ අත්වල නහර ඉලිප්පිලා යටිපතුල් ගල් ගැහිලා තියනකොට මට ඔක්කොටම වඩා රිදෙනවා මන්දාරම්....

ආදරෙ පැනිරහයිලු බන්...ආදරෙ තනිකරම පැනිවලල්ලක් වගේ පැනිරහලු...ඒත් මගෙ ආදරෙ ඇතුලෙන් යන්තමට ලුණු රහක් එනවා....උඹ ගැන මතක් වෙන හැමමොහොතකම මගෙ ඇස් තෙත් වෙනවා.....

මං උඹට දරුනුවටම ඇබ්බහිවෙලා බන්.....මේ හිනාව...තනිකරම නිකිනි හදක් වගේ....ඉදහිට කවි ගොතන ටෙම්පරි කවියෙක් උන මම අදටත් හොයනවා රහම වචන මොනවද කියලා උඹ ගැන රහටම ගොතන්න...

මේ ආදරේට හේතු නෑ...

උඹ වෙනුවෙන් ඉපදෙන මේ ආදරේට හේතු නෑ මන්දාරම්....දැකපු පලවෙනි තත්පරේම් මගෙ පපුව මටම කිව්වා ඔන්න උඹගෙ වස්තුව ඇස් ඉස්සරහා පිට ඉන්නවා කියලා.....

මට වචන මදි...මේ ගෙවෙන තත්පරෙත් උඹ වෙනුවෙන් මගෙ පපුව ඇතුලෙ පුදුම විදිහට ආදරෙ ඉපදෙනවා මන්දාරම්.....

මට මේ ජීවිතේ සින්නකරේටම දියන් මන්දාරම්...සත්තයි...අහසපොලව නමින් පලිගහන්නම්...කවදාවත්ම හැඩි කරන් නෑ රත්තරන් හැඩකරනවා මිසක්.....

උඹ එක්ක සසදන්න පුලුවන් මනුස්සයෙක් මට මගෙ ජීවිතෙ අහවර වෙනකන් වත් හම්බෙන්නෙ නෑ මන්දාරම්...මගෙ උමතුවෙ තරම බලපන් වස්තුව...උඹ මගෙ බව දැන දැනමත් මං උඹගෙන් ආය ආයම උඹව ඉල්ලනවා....

මයෙ ඇස් කෙවෙන්න ගත්තා....මයෙ මුලු මූනම ඒ සිනිදු අත් දෙකෙන් අල්ලගත්ත ආකස හාමු වෙනකොහෙවත්ම නොබලා මයෙ ඇස් දිහාම විතරක් බලාගන ආදරෙ අකුරු කරන්න ගන්නකොට දරන්නම බැරිම තැන ඇසුත් ඉරාගන කදුලු බිදක් මයෙ ඇස් ගැට්ටෙන් පාතට පෙරිලා කම්මුල තෙමාගන යන්න හැදුවත් නොහිතපුම වෙලාවක ආකාස පරානෙ නිල් අහසෙන් වැහි බිදක් වෙනුවට ඇහිවිලෙන් ඉපදුන කදුලු බිදකට මයෙ මූන තෙමන්ඩ දෙන්න බැහැයි කියනන්ද කොහෙද ඒ කදුලට හාදුවක් තිබ්බා...අනෙ මයෙ කම්මුල උඩ මැරෙන්න බලාන ආව කදුලු බිද හාමු තැනගෙ දෙතොල අතරම අන්තරස්දාන් වෙලා ගියා....

මගෙ වස්තුව අඩනවා....ඒ තරමට මගෙ වචන මන්දාරම්ව අඩවනවද මන්දාරම්.....

...........උඹම ඒක දන්නවා හාමු තැන.....

.......මොනවා කරන්නද මන්දාරම් ආදරෙ බරම තැන පපුව කකියනකොට.....මං උඹව ඉඹින්නද මන්දාරම්....මං උඹව ඉඹින්නද ...පපුවට තදකරලම හිරකරගන මං උඹව ඉඹින්නද මන්දාරම්......ඉස්සරහට මොනම දේ උනත් මේ අත මං අල්ලගත්තෙ අතාරින්න බලාගන නම් නෙවෙ මන්දාරම්...මං ආදරෙයි බන්...මට ඉඹින්න දියන්. ....

ආකාස හාමු මාව ඉඹින්න අහනවා....මූනට මූන හම්බුනත් බිම බලාගන යන දමලා ගහන වචන වලින් පපු කදම අමු අමුවට කුඩු පට්ටම් කරන මිනිස්සු රෑනක් මැද හුස්ම අල්ලන මාව හාමු තැන ඉඹින්ඩ අහනවා....මට කියාපල්ලා...මෙච්චරත් ආදරෙන් අහනකොට මං කොහොමද එපා කියන්නෙ.....මොන දේ උනත් අතාරින්න බලන් මේ අත අල්ලගත්තෙ නෑ කියලා කියනකොට සත්තයි මයෙ පපුව පුරාවටම යන්තම් අන්දකාරයක් ගැහුව උනත් ඉඩෝර මහපොලවක ඉපදුන මට මොන තරන් නියන් කාල ආවත් මල් වැහි වහින වස්සානයක් ගැන හීන පිට හීන දකින මං ඇයි හාමු උඹලා එහෙම කිව්වෙ කියන එක වත් නාහම ඒ වචන මයෙ පපුව අස්සෙම මරා දැම්මා....

යන්තමට උනාපු කදුලු බින්දට හිරවෙලා තිවුන කලු ඉන්ගිරියාව එහා මෙහා නටන ඇස් දිහාව බලාන උන්න මං යන්තමට ඔලුව වැනුවා.....ලයාදරිය.....පිරිමිකම උතුරන්ඩ තියන හාමු පපුවක මාව සනීපෙට ගුලිවෙලා හදවතම දෙදුරුම් කන තරම් බරින් හාදුවක් නලල මත්තෙන් නැවතුනා.....!!!!ජීවිතේ වැහි නොදකිනම කාර්තුවකදි අවාර වැස්සක් මං හාදුවක රූපෙන් දැක්කා...ඉතින්..උඹගෙ අතෙ හයියත්...මේ අත්වල හයියත් මැරෙන තාක් විස්වාස කරන මං කොහොම කියලා නම් මොන හෙනෙ ඉහට වැටුනත් උඹව අතාරින්නද මගෙ හාමු තැන.....

මං ආදරෙයි....මං හුගක් ආදරෙයයි මන්දාරම්...අහසම කඩාන ඉහ උඩ වැටුනත්...පය ගහන මහපොලව හත්කඩකට දෙදුරුම් කෑවත් මං ආදරෙයි...හද නොපෑව්වත් කවදාවත්ම ඉරපායන් නැතුව තියෙන් නෑ මන්දාරම්.....ඉතින් මේ ආදරෙත් ඉරවගෙ ...හද දිහාව බලාගන උඹ ගැන කවි ලිව්වට...මගෙ ආදරෙ ඉරක් වගෙ...ඒ තරන් ස්තීරයි....

මාත්.....මාත් උඹට හුගක් ආදරෙයි මගෙ සුදු මහත්තයා.....උඹ මට ආදරෙ කරන තරම කොයි තරම්ද....ඊටත් වැඩියෙන් මං උඹට ආදරෙයි ආකාස හාමු....මං උඹගෙ වචන හාර හාර අවුස්සන්නෙ නැ හාමු.....ආදරේට ගදපාන මල කිව්වට ....වෙලාවකට මං පතොක් මලක් ආකාස....පතොකක් වෙලා පිපෙන්නෙ ඉඩෝරෙ ගැන නොදැන නෙවෙ මයෙ හාමු...මං මයෙ අම්මට මටත් වඩා ආදරෙයි...

මං හිනා උනා.....ඒ අත් මැද හිරවෙලා උන්න මන් ආයම වංගියක් කෙලින් උනා...හැබැයි මුනිවත රකිනවට වැඩිය මං මයෙ පපුව මුමුනන හැගීම ඒ ඇස් දිහාව බලාන ආදරෙන්ම මුමුනනවා එක්කම හාමු තැන මයෙ අත් දෙකම අරගන පපු මැද්දෑවට ගුලිකරගත්තා....

මම උඹට ආදරෙ කරනවටත් වැඩියෙන් උඹ මට ආදරේ කරනවද මන්දාරම්...?

සත්තයි... මං උඹලට උඹ මට ආදරෙ කරනවටත් වැඩියෙන් ආදරෙයි මයෙ හාමු ...කිව්වා වගේම ගම් හතකට උතුරන්න ආදරෙයි.....මයෙ මුලු ජීවිතේම දිනන්ඩ අමාරු යුද්ධයක් වගේ ආකාස....හුස්මක් කටක් සැනසීමෙන් ගන්ඩවත් නිනව්වක් නැති තරම් ලොකු යුද්දයක්....මයෙ අප්පුච්චා කියනවා දෙයියො උනත් අමාරුම යුද්දෙකදි ඉස්සරහටම දාන්නෙ හයියම එකාව කියල...පවුල් දෙකකටම මමයි පලිහ ආකාස...රත්තරන් ...අද නැති උනත්....කවදම හරි මටත් මල් පිපෙයි නේද ආකාස...

මයෙ අම්මා වින්නඹු ගෑනියෙක් වෙලත් මට අද වෙනකන් අහන්ඩ බැරි උනා ගෑනු ඇග ඉරාගන එලි බහින නොදරුවො කුලුදුලේම අඩාගන එලි බහිනවා වෙනුවට හිනාවක් එක්ක එලි බහිනවා උඹලා දැක්කෙම නැද්ද කියලා...එහෙව් නොවුනා නම්.....මං හිතන්නෙ නෑ ආකාස අපි වගේ එවුන්ට මේ තරම් නහින්ඩ වෙයි කියලා.....ඒත්....මං දන්නවා...දවසක මේ මහපොලව අනිවාරෙම්ම අහස් ගව්වෙන් එන වැහි කදුලින් නෑවිලා යනවා.....මං දන්නවා මටත් මල් පිපෙනවා....මං ආදරෙයි ආකාස....රහට කියන්න බරම වචන දන්නෙ නෑ.....

............වචන නැතුවට ආදරෙ තරම උඹගෙ ඇස් මට කියනවා මන්දාරම්.....අමතක කරන්න එපා ඇස්වලටත් කතා කරන්න පුලුවන් කියන්න.....තව එකපාරක් ආදරෙයි කියන්න....මට ඇතිවීමක් නෑ ආදරෙයි කියලා උඹ කී වතාවක් කිව්වත්.....

මගෙන් හුස්මක් පිට උනා....ඇත්ත හාමු තැන කිව්වත් වගේම මට අමතක උනා.....ඇස්වලටත් කතා කරන්න පුලුවන් විත්තිය .....ආකාස හාමුගෙ ඉල්ලීම් හරි ආදරනීයයි.....අහිංසකයි....චන්ඩ වෙන තැන්වල තියන දග ගතියට හාත්පසිම්ම වෙනස්...

ආකාස හාමු හුස්ම ටික ඉල්ලපන්.....වෙස්සන්තරත් පරාද වෙයි මං දන්දෙන තරම දැක්කොතින්.....මං උඹට ඒ තරමට ආදරෙයි....

මං එයාට ආයම වතාවක් ආදරෙයි කිව්වා...තත්පර ගානක් බලාගන උන්න ආකාස හාමු මහ බරට හුස්මක් අරගන ජනේලෙන් පිටත බලලා ආයම මගෙ දිහා බැලුවා.....ඒ බලලා මගෙ ඉහම අත ගාලා නලලෙන් පහලට වැටුන කෙස් රොද අරගන කන පිටිපස්සට කෙරුවා....

මන්දාරම්...

සුදු මහත්තයා.....

මං අප්පච්චි කෙනෙක් මන්දාරම්....

බ්...බේබි හාමු....??

මගෙ ලොකු වෙලා ගියා...කොටින්ම උගුර කටපවා වේලිලා ගියා...මයෙ හාමු තැන මයෙ මූන දිහා බලාගන ඉදල ඉදලා ඇහෙන නෑහෙන ගානට මං අප්පච්චි කෙනෙක් කිව්වා.....

මං අප්පච්චි කෙනක් මගෙ මන්දාරම්.....වෙන කාටවත්ම නෙවෙ උඹට

නිවන්ව මගෙ පපුවට තුරුලු කරගන්නකොට ඉපදෙන්න තිබුන හැගීම හරියටම ඉපදුනෙ උඹ පපුවට ගුලි වෙනකොටයි මන්දාරම්...

මගෙ වස්තුව ....මගෙ කැලෑමල....මගෙ නිකිනි හද...ආකාසටම විතරක් කැප උන මන්දාරම....,මගෙ මන්දාරම් දන්නවද තිහෙ දශකෙ මනුස්සයෙක් උන මට මේ ලෝකෙ තියන ඉහලම සතුට මොකක්ද කියන්න.....ඒ උඹ.....ඒ උඹම විතරයි මන්දාරම්.....උඹ දන්නවද හදවතිම්ම දෙන හාදු මොන තරම් රහද කියන්න...

රත්තරන් මං ප්‍රාර්තනාවක් කරන්නම්.....සංසාර චාරිකාවෙ කොයිම තැනක හරි මට ජාතක වෙයන් මන්දාරම්...කොයිම තැනක හරි මගෙ ධාතුවකින් පනගහපන්.....උඹලගෙ අම්මා කියනවා උඹලා බුදුවෙන දාක බුදුන්ව දරන්ඩ ඒ කුස දෙන්නම් කියලා...රත්තරන්...කොයිම තැනක හරු මටත් ජාතක වෙයන් මන්දාරම්...මට ඒ තරමටම උඹව අතාරින්ඩ ලෝබයි මන්දාරම්....

උඹලා හැමොම එකතුවෙලා මට නියත විවරන දෙනවා.....රත්තරන් එහෙව් කියන උඹලම මට මෙහෙම ආදරෙ දුන්නොත්....කියපන් ආකාස හාමු හිත හදාගන මං කොහොමද ගිහි ගේ අතෑරලා බුදුවෙන්නෙ.....බුදුවෙන්ඩ හිතාන නේරන්ජනාව එතෙර උන සිද්ධාර්තයො වෙනුවෙන් කන්ටක පපුව පලාගත්තා...මට බයයි කන්ඨක කෙනෙක් නැති උනත් උඹගෙ පපුව පුපුරයි කියලා.....එපා මට ඔයාකාර විවරන දෙන්න...මං කිව්වනෙ හාමු.....බුදුවෙන්න කලින් මට උඹට ආදරෙ කරන්ඩ ඕනය කියලා.....

............ ..මගෙ කොල්ලා උඹ.....මන්දාරම්.....අ...අර...අර සද්දෙ.....අර සද්දෙ ඇහෙන්නෙ...ලමයො....අපි ඉන්නෙ අර හන්දි පොත්තෙ නේද....අ..අනෙ...මන්දාරම්....ගස් නගින යක්කු මදිවට.....මූත් දැන් මෙතනින් මාරුවෙන්ඩ හැදුවොත්...

මට හිනා යන්න ආවා...ආදරෙ කියන කාරනව බරසාරෙම්ම මයෙ පපුවට එන්නත් කරන මගෙ ආදර වස්තුව ඈතින් ඇහුන ඒකදන්තයගෙ පිඹිල්ලත් එක්ක බය වෙලා කුරුළු පැංචෙක් වගෙ මයෙ අත් අස්සට රින්ගන්ඩ හදනකොට මට හිනා ගියා....අනෙ මන්දා...මහබඹා මයෙ අම්මව මොනාකාරෙන් අඹල තියනවද කියන එක ඒකවත් නොදන්නවා ඇති.....

මේක අවේලාව...ඕකා මෙවෙලෙට පාරමාරු වෙන්නෙ නෑ හාමු....ඒත් ඕකගෙත් හිත මඩේ ඉන්දෙව්ව ඉන්න වගේ....අවේලාවෙත් මාරු වෙනතැන් නැතුවම නෙවෙ...වෙලහට ඔය කොහෙට හරි වෙලා වැලි නානවා ඇති...නැත්තන් ගස් කදක පිට අතුල්ලගන්නවා ඇති...මොකො ඌට තියෙනවයි ආය කොරන්ඩ කියලා රාජකාරි...කරන ඔක්කොම සුම්මකර මනුස්සයො උන අපිටනෙ.....

ආකාස හාමු මාව මිරිකනවා...මයෙ අත් ගොබේ ඇතුළට මුන ගහනවා....දෑතින්ම මයෙ අත බදාන ඉන්නවා...ඒකලාට පුලුවන් නම් මයෙ උකුලටත් ගොඩවෙනවා.....මං බලාගන උන්නා.....අනේ මන්දාරම්...අනෙ මන්දාරම් ගෑවට මොකද මේකා හොර හොරාවට මයෙ අත ඉඹින එකයි කරන්නෙ.....කපටි නයිදෙ කෙනෙක් මේක....

..ආකස....

........හුම්.....

ඒකලා දුර ඉන්නෙ...අහකට වෙයල්ලකො ඉතින්...තවත් හෝරා බාගයක් සුනන්ගුයිනෙ මයෙ අම්මෙ...බොලා බයයි බයයි ගගා හුරුතල් වෙන එක නේදයි ඔය කොරන්නෙ.....

...ම්හු...ක්...අනෙ මන්දාරම්.මං ආදරෙයිනෙ.....ආදරෙ වැඩිම උනහම මට ඉඹලම මරන්න හිතෙනවා....

.........හුරුතලයක්...ඔයාකාර ඇස් කරකවන්ඩ එපා මයෙ හාමු....මාත් මනුස්සයෙක්...නාඩි වැටෙනවා....ඔයාකාර දගල දගල හුරුතල් වෙන්ඩ එපා මයෙ අම්මෙ.....

ඇත්තට...මාත් ආසයි ඔය වැටෙන නාඩියෙ සැර බලන්ඩ....නාඩියක උනත් රහම හරිය නිල අල්ලල හරියටම උච්ච සුවරෙටම සුසර කරන්න්ස් ඕන පායපු හද එලියක ගහක අටවාපු පැලක් උඩ....ඕකයි මගෙ දොලදුක...මන්දාරම්...ආදරේ රහම තැනක් ඔය සෘංගාරය....වයස තිහක් උනාට....මං අකලට වයසට ගියපු එකෙක් බන් .....මට උඹගෙ නිරුවත හද එලියෙන් දකින්න ඕන...එ දකින යාමෙදි උඹව දාහයෙන් නෑවිලා තියෙන්න ඕන....

ඔ...ඔන්න...ඔන්න....රතු උනා.....යකො මන්ද දැන් ඔය නාඩි කතාව පටන් ගත්තෙ...මං කිව්වෙ මට ඕන දේනෙ....

අ...අහ....අහකට වෙයල්ලා....සුනන්ගු කරන්ඩ එපා හාමු.....

බොරුව නොදා ඉදින් ලමයො.....අහකට වෙයල්ලා අහකට වෙයල්ලා ගෑවට.....හදම වහගන වලාකුලක් නවතින වෙලාවක උඹගෙ ඇස්වලින් මේ හාමුගෙ හෙලුව දැක්කම උඹට හිතේවි තුසිතය තියෙන්නෙ හත් ගව් අහස පහු කරගන නෙවෙ...උඹගෙ සර්වාංගෙට යටවෙන මේ හාමු ගාව කියලා.....මෝඩ කොල්ලා...කන් පෙත්තෙ රතු බලපල්ලකො....ඔහොම ලැජ්ජා උනොත් ඇති...උඹ වෙලාවකට එරබදු මලක් වගේ මගෙ මන්දාරම්....මේ ලොකෙ පුරාවටම මොන තරම් උපමා තිබුනත්..මං හිතන් නෑ මගෙ මන්දාරම් උඹට සමාන කරන්න මට උපමාවක් හම්බවෙයි කියලා...

මං දන්නවා..දවසක මං උඹගැන කව් ලියලම හෙම්බත් වෙලා මැරෙයි....උඹ නොදන්නවා උනාට මං උඹගෙන් නිවෙනවා මන්දාරම්...මං ඇගිලි ගනිනවා...හදකින් එලිය උන රැයක උඹට තුරුලු වෙන්න මං පෙරුම් පුරනවා මන්දාරම්.....පලල් උරහිස් වල මගෙ අත් පටලාගන ආදරෙන් තැලි තැලි අඩන එකත් ආදරේම කොටසක් මන්දාරම්...

සෘංගරෙ පුදුමාකාර රහක්....පිස්සුවෙන් වගේ ආදරෙ කරන මනුස්ස පරාන දෙකක් එකට හදි ගැහුනම මන්දාරම්....

කිව්වත් වගෙ මයෙ මුලු කනම ගිනිගහනවා.....ආය ආයමත් මුඛරි වේගන ආව හාමු තැනම ආයම මාන බලලම මයෙ සියුම්ම නිල තද කරනවත් එක්කම මං මෙච්චරවෙලාම නිසන්සලෙ උන්න හර්ස් එක පනගස්සවගත්තා.....නොවින්ද වගේම විදින්ඩ පෙරුම් පුරන සෘංගාරෙ ගැන රහ කර කර කියවන් යන ආකාස තැන දිහාව බලන්න හිතුනත් මං කෙරුවෙ පන ගස්සවාපු හර්ස් එක හීන් සීරුවට ඉස්සරහට අරන් ගිය එක වෙනකොට ජනෙල් පලුවෙන් එලිය බලාගන ආව මං මෙච්චරවෙලාම පිඹ පිඹ උන්න ඒකදන්තයව දැක්කා...

කිව්වත් වගෙ ඒකල ගස් කදක ඇතිල්ලි ඇතිල්ලි පිට කහනවා.....ගෝමර වැටුන කන්පෙතිත් හොඩෙත් කොම්බුවක් වගේ උස්සාන ඒකා ඒකගෙ පිට ගස් කදක අතුල්ලගන්නවා....

සුදු මහත්තයා...ආන් ඉන්නවා ගමේ චන්ඩයා....

රතගහපු කන්පෙත්ත හීන් සීරුවට කසාගන්න ගමන්ම මං ආකාස දිහාවට හැරිලා ගස් කදක් එක්ක ඔට්‍ටු වෙවි පිට කහන ඒකදන්තයව පෙන්නුවා විතරයි අනෙ හාමුවට මක්කද මන්දා කිල්ලක් අහු උනා වගේ ඒකා මාවත් පෙරලගනම ජනෙලෙ දිහාට බර උනා තව ටිකෙන් මිනියක් ගේන්ඩ යනවා වෙනුවට තව කාටහරි ඇවිදින් අපි දෙන්නා පටවන් යන්ඩ වෙනවා....

අම්මට.....ම...හුඩු.....අර ඉන්නෙ පොර....ආ ලමයො....ඒකගෙ සයිස් එක.....ඒකදන්ත කිව්වම මට මතක් වෙන්නෙම සංජේදත්ව ලමයො...මොන මගුලක්ද මන්දා.......මට සංජේදත්ට දල දෙකක් ඇවිත් තියනවා මැවිලා පේනවනෙ.....

.....මක්ක...කිව්වා...

කෝ අරක නෑනෙ.....??අපෙ පියුමා කිව්වා මූට මදන කුලප්පුව අල්ලලයි කියලා....පියුමා නම්අරක දැක්කයි කිව්වා....කෝ ඒක බැහැලද...

....(අරකට හපන් මේකා...ඕන් පටන් ගත්තා මට පවු පුරවන්ඩ....)හාමු අහකට වෙයල්ලකො...කීයටද කියපල්ලකො යන්නෙ..ඇරත් කටත් ඇරන් මක්කද ඔය බල්න්නෙ ඔයාකාරෙට බෙල්ල කරකව කරකව...

අලි බිජ්ජ අනෙ.....අලි බිජ්ජ.....කෝ ලමයො ඒකගෙ බිජ්ජ නෑනෙ....පියුමා කිව්වා ඒක තනිකරම වංගෙඩියක් කියල...වලව් වත්තෙ බදින හරකගෙයි දඩෝරියගෙයි නම් ඉහෙ කෙස් ගානට දැකල තියනවා....බලු බිජ්ජ වගේද අලි බිජ්ජ.....අනෙ මන්දාරම් පෙන්නනවකො....

ශික්....කේහ්.....මොනාකාර කටක්ද හාමු ඕක....මොනාකාර කටක්ද එහෙමවත් අහන්ඩ...

ඉතින් කොල්ලො නොදන්න දේ උගන්නන එක නෙවෙද කරන්න ඕන....ආන්..ආන්....අරූ හිටගන්ඩ යන්නෙ...වැටිය....වැටිය...අනෙ...වැටියා....න්න්න්...ඒ උනාට පව්....අලි බිබික්කම ගහෙ දලු කනවා නේද.....බැන්නට පව් කියලත් හිතෙනවා නේ ළමයො...

............

අම්මටම සි....රි....ලමයො අර...අරකා.....සර්කස් පැසිපියා වගේ.... ...අර...අර...මන්දාරම් අර අර තියෙන්...නෙ....බිජ්ජ...අයියො....ඒක බැහැල ගිහින්නෙ.....ශිහ් ....නගින්නෙ නැද්ද දන්නෙ නැ ආය නේ???අපරාදෙ අනෙ බැහැලා...කඩෙ පදුමව දැක්කොත් නගීද දන්නෙ නෑනෙ....ඕකිට නම් අලියෙක් ඇරලත් මදි.....පියුමා ලක් කාරයා...අපරාදෙ ඕක බැස්සා කියන්නෙ මූ කාට හරි සොට් එක දීලා කියලනෙ....අරූ නන් කිව්වෙ ඩොගී ස්ටයිල් එක වෙන්ඩ ඇති කියලා.....ඔයා ...

අහකට පල කිව්වම අහල....!!යකො සීමාවක් නෑනෙ මේ නොසන්ඩාල කටට.....

කුනුහර්ප කියන්ඩ ගත්තම නිමාවක් නෑ...කට වක්කඩ කැඩුවා වගේ...කට තලනවා ආය කුනුහර්ප දෙසන්ඩ ගත්තොත්...උඹ දන්නෙ නෑ මයෙ හැටි ආය....දාගන් ඔය බෙල්ට් එක....වෙලහට අරහෙත් උඹ නාඩගම් නටනවා ඇති....හමගහනව දැනගන්....

මට යකා ආරුඪ උනා....කියවන ගත්තම ඇගට පතට නොදැනි හද්ද කුනුහර්ප තොගයක් වමාරන්ඩ ගත්ත ආකාස හාමුව බෙල්ලෙන් අල්ලන් සීට් එකට වීසි කරපු මං ඒකට සැර උන සැරවිල්ලටද කොහෙද හුස්මත් ඉහලට අල්ලාන මයෙ දිහා බලාගන ඉදලා මීයා වගෙ බෙල්ට් එක දාගන නියපොත්තක් හපන්ඩ ගත්තා....

මයෙ මුන දිහා කෙලින් බලන්ඩ බැරිකමටද කොහෙද ඇස් කොනින් මයෙ දිහා බල බල මොන මොනවදො හෙමි හෙමීට මුමුනන්න ගත්තා....

........(ලමයො ලමයො කිව්වට මූ යකෙක්නෙ...ම්හුක්...ඔක්කොම රැස් මට විතරයි....ඔක්කොම.රැස් මට විතරයි....මෝ...අහකට පල කිව්වනෙ....)

ගල් පොත්ත හන්දියත් වැව් යාන්ගෙත් ඒ වටම තිබුන සබ්බ සකලමනාවම පහුවෙලා ගියා...ආදර බස් මුමුනාපු දිරාපු රූස්ස ගස් කද පවා පහුවෙලා ගියා....අරකා තවම මතුරනවා හොර හොරාවට මයෙ දිහා බලනවා....ම්හුක් ගානවා...හුකුක් ගානවා.....දගලනවා.....ආයම ගස්සනවා...ඒත් මං නෙවෙ ආය වචනයක් කතා කෙරුවෙ.....මේකව මට්ටු කරන්ඩ වෙන්නෙ තදට ඉදලා නැත්තන් මේකල නාඩගන් නටනවා අහවරක් නෑ....

කිව්වොත් අයියා මලො කුනුහර්පයක්මයි...සින්හලෙන් බැරි නම් ඉංග්‍රීසියෙන් ඉංගිරීසියෙන් හරි කුනුහර්පයක්මයි....

මන්දාරම්....

ම්න්.....

මැතිරිල්ල ඇතිවෙලාද කොහෙද.....මූනත් කුන්ඩහට්ටියක් කරන් උන්න මගෙ හාමු වස්තුව මට කතා කෙරුවා.....

අර පදුමා බිච්ගෙ කඩේ ගාවින් චුට්ටක් නවත්තන්න....

....පදුමා....මො...කක්...කිව්වා....???

සුදුමහත්තයා උඹලට ලැජ්ජාවක් නැතුවද කියාපල්ලා...ඒකිලා එක්ක උදේ වරුවෙ කටගහන් ගිහින් මක්ක ගන්ඩ යනවද....

පදුමගෙ කඩේ ගාවින් නවත්තන්නලු...පදුමා කිව්වට අනිත් මගුල නම් මැතිරුවෙ ඉන්ගිරිසියෙන්...ටක්කෙටම කුනුහර්පයක් වෙන්ඩ ඇති...මූව හදන්ඩ නම් මට ගලෙ ගහන්ඩ වෙනවා..උදේ අල්ලපු අඩව්ව මදිවෙලාද මන්දා....ඇරත් ලැජ්ජාවක් තියෙනව නම් ආයම ඕකට රින්ගයිද.....මේකා හිතුවක්කාර කම්කර කර මට අද වැඩ ඔක්කොම සුනන්ගු කොරනවා....මුදලාලියා දැනගත්තොතින් මාව එම්බාම් කරනවා...

ඒක නරක වචනයක් නෙවෙ මන්දාරම්....ඔක්කොටම ඇවිලෙන්න එපා... පුදුම රුදාවක්නෙ මේක.....ඕකි හොර ගෑනිද....ඔය තරම් රිදෙන්නෙ.....මට හප හප යන්ඩ මොනවා හරි ඕන...උස්වත්ත තරු ටිපිටිප් තියනවද දන්නෙ නෑනෙ....කොලපාට එක....මට එව්වා ඕන...පොඩ්ඩක් ඉන්න.....මට ඕනමයි....ඇරත් ලැජ්ජා වෙන්නෙ මොකටද....ඒකිමට බඩු නොදුන්නොත් ඒකිගෙනෙ බිස්නස් කැඩෙන්නෙ....මගෙද නෑනෙ.....ඒකි දැනගන්න ඕන කස්ටමර් සර්විස් එක හරියට දෙන්න....

අන්න මිසිස් පදුමා බිච් ඉන්නවා.....මේකි මැරෙන්නෙ නෑ...අර අර....හර්ස් එක දැක්කා විතරයි දුවනවා....මොන ලබ්බටද දුවන්නෙ.....අනෙ මුන් අමරනියයිනෙ...අම්මෙ...අම්මෙ.....

ළමාතැනී...ඉතින් මට රවන්නෙ...මං ඇත්තනෙ කිව්වෙ...මගෙ අම්මො... මන්දාරම් ඇතිනි මැතිනි කඩේ ඇතුලෙ පෙරලෙනවා...ඒකිගෙ තට්ටමෙන් කිව්ව හැකි ඕකිගෙ විසෙ තරම.....

දෙයියන්ගෙ නාමෙට....උඹ ගන්ඩ ඕනා ගගා නහින උස්වත්තක් අරන් එනවද...බොලාවා නැත්තන් මග හලලා ආව රාකාරියට මන් යන්ඩද...??යකො මුරන්ඩු කමක තරම...උඹ මගෙන් කන්ඩ යන්නෙ ආ....

හරි...හරි...වන් මිනිට්....වන් මිනිට්....මොකද අනෙ මල්ලි ඔයාගෙ වසකම...අමතක කරන්න එපා...මං ශිශ්ත්වෙ ලියනකොට ඔයා ඉපදුනෙ.....සෝ අන්න එක අමතක කරන්න එපා....ඔයාට වඩා මන් දහයක් වැඩිමල්....ඔයා අම්මා කුක්කු බොනකොට මේ අයියා පහෙ ශිශ්‍යත්වෙ.....අනික මං කිව්වා යක්කු ගස් නගින ටයිම් බලලා එලියට බහින්න එපා කියලා....උඹටත් යකෙක් ගහලද කොහෙද.....ඇයි යකො ඔච්චර යකාට අදින්නෙ....ඔයාටත් මුරුක්කුවක් ඕනද මල්ලි....???

මට ඕන රෙද්දක් නෑ...අරන් වරෙන් ගන්න එකක්....

මට තමයි ඔක්කොම ගෑස් ...අරකිටත් දාපල්ලකො.....මටම විතරක් දාන්නෙ...ගමෙ කාක්කො කොච්චර කෙටුවත් මීක් නෑ.....මන් වචනයක් කිව්වම තමා පුපුරන්නෙ....අනික මට උඹ බන්කියන්නෙ වැඩිහිටියන්ට ගරු කරන්න බැරිද.....ඉදා මේක...ඉදා....

අ...ආ..ආකා...භ්භ්....

ගහන්නෙ හදාගන්න මල්ලි....ගහන්නෙ හදාගන්න....ඔය ගලවහගනින්කො...කොයි වෙලෙත් ඕක එලියෙ දාන් ඉන්නෙ ...හුජ්ජට බිලන් වදින්ඩද...එහෙමවත් අහන්ඩ.....වහගනින්...න්න්න්න්න්.....මට මෙහෙම ඉද්දි ඕක පේනවා....

මං දෙවනි වතාවටත් සැර උනා.....ඒත් ඒකා නෙවෙ වචනයක් අහන්නෙ.....එන්න එන්නම මුරන්ඩුකම් කරන මගෙ ආකාස පරානෙට තිබුනෙත් කටින් දිනන්නඩම උපන් හපන් කටක්ම වෙනකොට අනෙ හාන්දුරුවනෙ ඒකා අයියකමක් ඉහට පටවන් මයෙ කටත් මිරිකලා මයෙ පිටටත් පාරවල් දෙකතුනක්ම අතෑරියා....ඒකා ගහන්නෙ මාව හදාගන්ඩය කියන්නෙ....

අනෙ සමාවෙලා කියහල්ලා හාන්දූරුවනෙ ...මං ඔප්පු නොකරපු බාරෙ මක්කද...මාව අහු උන කිල්ල මක්කද.....??

මං බලාගන උන්නා...ඇදන් උන්න සරම ත් අඩමානෙට උස්සන් උන්න හන්දමද කොහෙද මයෙ දනහිස් දෙකම තිවුනෙ එලියෙ වෙනකොට දනිස් දෙක දැකපු මටම ආයම හොර හොරාවට හිනා ගියා....මා එක්ක අන්කරේට පැටලුන හාමු තැන ආයම වෙස් මාරු කරගන....මෙච්චරවෙලාම නොදරුවා වගෙ අන්කරේට පැටලුන හාමු තැන හාමු ලීලාව ආරූඪ කරගන අත් දෙක පිටිපස්සට බැදගන බර අඩිතියනවා.....

ඒක තනිකරම අන්කර කෙක්කක්.....දසවලත්ත කතා කෝටියක් උනත් ඇගට පතට නොදැනෙන්ඩ කිව්වට උඹලගෙ ඔය හැම කෝලමම මට විතරනෙ හාමු.......උඹලගෙ හැම හුරුතලයල්ම මයෙ ඉස්සරහා විතරනෙ හාමු....

*

*

*

මන්දාරම්... ලමයො...

ආවද සුදු මහත්තයා....

කඩේට ගියපු ආකාස හාමු ආයම ආවා...තරු ටිපිටිප් ඕනයි කියලා නටාගන ගියපු එයාගෙ අතෙ තරු ටිපිටිප් නම් තිබුන් නෑ ....එක අතකට ටිපිටිප් දාලා මොක්කු කනවා කියලද ටිපිටිප් ඊටත්???

දඩාස්....

හාමු තැන දොර කඩලා අතට ගන්ඩ යනවා.....කරස්...කරස් ගගා ඇන්ජිම අඩ අඩ උන්න හර්ස් එක පාරට දාගත්ත මන් ඇහිබැම අකුලන් මූනත් අකුලන් ඉන්න හාමු තැන දිහාව බැලුවා.....

එයා එක අතකින් අර උඩු රැවුල කරකවනවා...මා එක්ක් අල්ලන අංකරයක් වගේ නන් නෙවෙ....මේ මූනට අබ අහුරක් දැම්මොත් පුපුරනවා.....

සුදු මහත්තයා.....ආවද කියලනෙ ඇහුවෙ...මයෙ අම්මා ඇයි මේ උඹලා තරහෙන් පුපුරන්නෙ කියලනෙ ඇහුවෙ.....

ස්ටියරින් වීල් එක තනි අතින් කරකවන ගමන් මං මූනත් මක්කද කරන් මහපාර දිහා බලාගන දත්මිටි කන හාමු තැනගෙ කලවෙ උඩ තිබුන අත හිමීට පිරිමැද්දා...තත්පර්‍රෙකට උඩහින් මමම සැරකරපු මගෙ වස්තුවට මමම ආයමත් වංගියක් ආදරෙන් කතා කර කර ඇවිලෙන ගින්න ඩින්ග ඩින්ග නිවාගන්ඩ හදපු මං යන්තමට ඒ අත පිරිමැද්දා....

හහ්ම්...ආවා...පරට්ටි මගෙ අතින් සල්ලි ගත්තෙ මී කුනක් අල්ලන ගානට.....යකො මුන් මහ පුදුම ජාතියක්නෙ මන්දාරම්.....මුන්ට මේ වාහනෙ ඔයතරම්ම අවුල්ද ...මන්දා මන්දාරම් අඩුපාඩු කෝටි මැද ඉන්න එවුන්තමයි අනිත් උන්ට වඩා හොදටම යතාර්තෙ දන්නෙ...ඒත්.....මෙවුන්...??මුන් අමරනීයයි කියලා කවුරුහරි තහවුරු කරලද කොහෙද...

....සුදු මහත්තයා....

නෑ..නෑ...අරක මේක කියලා මගෙ හිත හදන්ඩ වත්.....ඔවුන් අරහෙමයි මෙහෙමයි කියල සාධාරනීකරනෙ කරන්ඩ හදන්න එපා මන්දාරම්....මේලෝකෙ සාධාරනි කරනෙ කරනෙ කරන්න ඕන දේවල් තියනවා...නැති දේවල් තියනවා ..කරන්න පුලුවන් ඒවලත් සිමාවක් තියනවා...ඇත්ත මට ඕන ටිපිටිපක් නෑ...වස්තු මං උඹ එක්ක ආදරේට රන්ඩු කරගත්තට මගෙ තුන් හිතකවත් උඹලා එක්ක තරහක් නෑ මන්දාරම්...

බොරු කියන්ඩ ඕන නෑ මන්දාරම්...මං තවම ඉන්නෙ උදේ කාරනාවට තරහෙන්...මං ඇවිත් නයා වගේ මනුස්සයෙක් වස්තු...උඹ දන්නෙ නෑ.....උඹ ගාව හුරතල් වෙවි කියව කියව උඹගෙන් බැනුම් අහන මේ ආකාස කියන්නෙ ආය නයෙක් වගේ මනුස්සයෙක්...පලි ගන්ඩ ගියහම පන්න පන්න පලිගන්නෙ...

මට මේ ලෝකෙ ඕන රෙද්දක් ඉවසන්ඩ පුලුවන්.....නිර්දෝශි මිනිස්සුන්ගෙ කදුලු හලවන එක තරම් සාපයක් මේ තුන්ලෝකෙවත් නෑ මන්දාරම්....උඹ කියන්නෙ හතර අතින්ම ගත්තොත් නිර්දෝශි අහිංසක කොලු ගැටයෙක්....එදා වේල හම්බකරන් කන අහිංසකයෙක්....උඹ හොරෙක් වත් කුඩ්ඩෙක්වත් නෙවෙ මගෙ මන්දාරම්...

මං ඇවිත් කුඩ්ඩොත් ආස්‍රෙ කරලා තියනවා..හොරු තක්කඩි බඩු කාරයො එක්ක පවා එක බත්පත කාලා තියනවා ....කොලඹ ජීවිතෙ එහෙමයි...හැබැයි මං කුඩු ගහලත් නැ.බඩු ගහලත් නැ....උඹගෙ බත්පත ඇතුලෙ තියන බත් ඇටයක් ගානෙම තියෙන්නෙ උඹගෙ නිර්දෝශි සල්ලි මන්දාරම්....අම්මගෙ අප්පච්චිගෙ නිර්දෝශි සල්ලිවල මහන්සිය මන්දාරම්.....

හොටු නාගන කෑවත් රත්තරන් මං එක රොටි කුඩක් බිම දැම්මෙ නෑ බන්....ඒ තරම් නට උඹලගෙ අගෙ තේරෙනවා...එහෙව් එකෙක්ට මුන් කරන මේ අසික්කිත සක්කිලි වැඩවලට මගෙ ඇවිස්සුන තරහව එහෙම ලේසියෙන් නිවන්න බැ මන්දාරම්.....ඇවිලුනොත් ඇවිලුනාමයි..නිවිලි බොරු....

මගෙ ආකාස කියවනවා...කියවනවට වඩා තරහෙන් පුපුරනවා කිව්වොත් හරි....ඒ දිහාවත් අඩමානෙට බල බල පාරම බදු අරන් වගේ කොට කොට යන ඩෙලිකා එකට හෝන් එකක් ගහගනම ඕවර්ටේක් කරපු මං අනිත් පාර තරහෙන් කියවන හාමුදිහාව බැලුවා....

ඒ මූනෙ මස් පිඩුතද වෙලා.....කලවෙ උඩ තියන් ඉන්න අතේ ඇගිලි පහම කිටි කිටියට තද කරගන මදිවට මං අහගන එයා දත්මිටි කනවා....

සුදු මහත්තයා....තවමත් ඇවිලෙනවද...මේ බලපන් රත්තරන් මං ඉන්නෙ නිවිලා....උඹ නිවෙනකන් මාත් ඇවිලෙන්නද ....?නැත්තන්.....

බැරිම තැන මං එයාට ඇහෙන නෑහෙන තරන් හිමීට කතා කෙරුවා ඒ අත උඩින් මගෙ අත තියාගත්තා....අවසානෙදි එයා මගෙ දිහාව බලල හරි බරට හුස්මක් පිට දැම්මා...

කියන්ඩ ඕන ජාති දාහක් හිතේ හිරකගරගත්ත මිනිස්සු හුගක් වෙලාවට කෙරුවෙම මේ වගෙ බරම බර හුස්මක් අරන් නිහඩ වෙන එක මන්දාරම්.....මේක ගැන මෙයින් එහා කතා නොකර යන්ඩ ආව ගමන යන්.....ඒත් කොයිම තැනක වත් අමතක කරන්ඩ එපා මන්දාරම් ආකාස වෙච්ච මං මම ආදරෙ කරන මනුස්සයගෙ ගෞරවය ගැන හැම අතින්ම හිතනවා කියන එක...මේ ලෝකෙ කාට කාටත් ගෞරවයක් තියනවා මන්දාරම්.....ආය මගෙ කනට ඇහෙන්ඩ වචනයක් කිව්වොත්...

......

කට කඩනවට වඩා මට ලේසියි බෙල්ල කඩන එක මන්දාරම්....ඒ තරමට මං උඹගෙ ඇස් ගැනත් හිත ගැනත් හිතනවා....ඒකයි මං දන්න ආදරේට මගෙ අතින් දෙන වටිනාකම....මගෙ ආදරෙ සිමාන්තික නෑ මන්දාරම්...මගෙ ආදරෙ මේකයි කියලා මට එකින් එක වචන කරන්න එක තැනක් කියලා නෑ....මන් උඹට ආදරෙයි කියන වචනෙට තියෙන්නෙ අකුරු නවයයි වචන තුනයි....අකුරු ගනින්න ජගත්තු උන්නට ඔය වචන අස්සෙ තියන බර මැනපු එකෙක් මේ තුන්ලෝකෙ කොහෙවත් නෑ මන්දාරම්......

මං ඒ ඇස් දිහා තත්පරේකටත් වඩා අඩුවෙන් බලන් ඉදලා ආයම මහපාර දිහාව බැලුවා ගම්මැද්දාව වගේ නෙවෙ...අවු කාටකේට පුපුරු ගහන තාර පාරම අරක් අරගත්ත වාහන එකාකාරෙට වෙනකොට කොලඹ අනුරාධපුරක් අපිව පහු කරගන වංගුව ගත්තෙම ‍රෝද හතරම පොලවට ගහනවා වෙනුවට රෝද දෙකකින් වෙනකොට ඈතින් පේන මහ ඉස්පිරිතාලෙ මහ ගේට්ටුව වෙනුවට පස්ස ගේට්ටුව ළං කරල මං හර්ස් ඒකේ වේගෙ හීන් සීරුවට අඩු කරගන සිගනල් ලයිට් දාලා හැරෙව්වා....

බේත් ගන්ඩ පෝලිම් ගනන් .සීනි කාරයො ..ප්‍රෙශර් කාරයො.....පපුවෙ අමාරු කාරයො.....ඔපරේශන් කරන්ඩ දින ගන්ඩ ආව එවුන්....මැහුම් කපන්ඩ ආව එවුන් එකාකාරෙට වෙනකොට වරු ගනන් හිටන් ඉදල ඉදලා උන්ගෙ ලෙඩ තව වැඩිකරගන ගස් ගල් ගානෙ ඉදන් ඉද්දි ගේට්ටුවෙන් ඇතුළට දාපු හර්ස් එක දිහා බලාගන උන්නා....

මං දන්න තරමින් පල්ලි පන්සල් කෝවිල් ඇතුලෙදි ඇහෙන යාදිනි වලට වඩා මේ ඉස්පිරිතාල බිත්ති යාදිනි අහනවා.....රජයෙන් දෙන බේත් පෙත්ත ගන්ඩ වරු ගනන් පෝලිම් වල ඉන්න අම්මලාගෙ නහරවැල් පෑදිලා තියන තරම කොච්චරද කියනවා නම් උන්ට මේ දුක නැති වෙන්ඩ එල්ලිලා මැරෙන්ඩ හිතුනොත් ආය අමුතුවෙන් කඹ හොයන්ඩ ඕන නෑ නහර වලින් හරි එල්ලෙන්ඩ පුලුවන් තරමට ඒ නහර උඩ මතුවෙලා තිබුනා....

ආකාස හාමු.....

පස්සට රිවර්ස් කරලා ගහපු හර්ස් එකෙ පන අඩාල කරපු මං අවසානෙදි බෙල්ට් එක ගලවලා එයා දිහා බලලා ආකාස හාමු කියනකොටත් මං බලාගන එයාගෙ ඇස් දෙක ඉස්පිරිතාලෙ හතර අත දුවනවා...

අඩාගන ඉපදෙන මිනිස්සු අඩවගන යන්න යනවා.....රෝස පාට නිල්පාට පැනල් එකක එතුන කිරිකැටියව හිනා වෙවි තුරුල් කරන් ඉස්සරහ දොරින් සමහරක් යනකොට යකඩ ඇදක් උඩට වැටුන සුදු රෙද්දෙන් එතුන මලකදන් සීතල උන මලකදක් බදාගන සමහරක් පපු පලාගන ඉකි ගහනවා..... ඉතින් ජීවිතේ කියන්නෙම මේක.....අඩාගන එලි බහින එවුන් අඩවගනම යන්න යන එක.....

කැහැපට කවන් උන්න සරම ලෙහා දාපු මන් ඉස්පිරිතාලෙටම අරක් ගත්ත ඉස්පිරිතාල පුසුඹ කාන්දු කරන කොරිඩෝව දිගෙ ඉකමන් අඩි තිය තිය මෝචරිය දිහාවට යනකොට මගෙ ආකාස හාමු අඩියක් දෙකකින් මට පහු උනා...අඩි දහයක් ඉස්සරහට යන මං කෙරුවෙම ආය ආයම පස්ස හැරි හැරි බලපු එක වෙනකොට මං බලාගන එයා අර පුරුදු විදිහටම් අත් දෙක පිටි පස්සට බැදගන වට පිට බල බල මගෙ පස්සෙන් එනවා.....

මෘත ශරීරාගාරය...

තනි පාට බෝර්ඩ් එකෙ ලියවුන සුදු අකුරු තැනින් තැන මැරිලා ගිහින් ...බෝර්ඩ් එකෙ බරදරාගන උන්න යකඩ දම්වැල මලකඩ කාලා ගිහින් තිබුනා...ඇස් පනාපිට හතර අතම අනිත්‍ය අමු අමුවට පෙන්නනකොට මෝචරි කාමරෙ දොර ගාව හිටන් ඉන්න නමට සුදු පාට ගත්ත පාන්ඩු කහපාට ගැහුන කලිසමත් කමිසෙත් ඇදන් උන්න මෝචරිය බාර දෙන්නා උන් උගෙ කතාවක ගිලීගන ඉන්නකොට මං බලාගන කනුවකට වාරු වේගන මෝචරියෙ දොර දිහාව බලාගන කොල්ලෙක් හූල්ලගන වගේ ඉන්නවා...

ඒ ඇස් රතු වෙලා ගිහිල්ලා.....

හූල්ලන් ඉන්න තරමටම ඒකගෙ උරිස් ඇට පවා ගිලිලා ගිහින් තිබුනා...මේ ගෙවෙන තත්පරෙත් මෝචරි කාමරෙ දොර දිහාව බලාගන ඉන්න ඒ ඇස්වලින් කදුලු කැට අහුරු අහුරු කඩා වැටෙන හැටි මන් මගෙ ඇස් පනා පිට දකිනකොට මෝචරි කාමරෙ ඉස්සරහා ඉන්න මනුස්සයන්ට මාව අමුත්තෙක් නොවෙන කොට මාව දකිනවත් එක්කම දොර ඇරියා....ඒ එක්කම මෙච්චර වෙලාම අර කනුවට හේත්තු වේගන හූල්ලගන උන්න කොල්ලා අඩියට දෙකට ඇවිදින් මයෙ වැලමිටෙ එල්ලුනා...

එක පැත්තක ඇස් ලොකු කරන් අපි දිහා බලාගන ඉන්න මගෙ ආකාස ....

අනිත් පැත්තෙන් වචනයක් වත් නොකිව්වත් මයෙ අතේ එල්ලුන මනුස්සයො දිහා සානුකම්පිතව බලාගන උන්න මෝචරි කාමරෙ මුරකරන් උන්න මනුස්සයො දෙන්නා....

උඹලා ආවෙ ඒකි අරන් යන්නද......අනෙ ඒකිලා මැරිලා නෑ බන් .....අනෙ ඒකිල මැරිලා....නෑ....මයෙ අම්මට නින්ද ගිහින් බන් ..අනෙ ඒකිලා අරන් යන්ඩ එපා බන්....

......

වදින්නම්....අනෙ....බන්....ඒකිලා අරන් යන්ඩ එපා.....

බෙනරගම...

අර කොල්ලා මයෙ කකුල් බදාගන ඒකිලාව අරන් යන්ඩ එපා එපා ගගා ඉකිගහනවා...මගෙ කකුල් බදාගන ඉකිගහන කොල්ලා දිහ බලාගන ඉන්න මගෙ ආකාස වස්තුවගෙ මූන මගෙ ඇස්පනාපිට පරවෙලා යනවා...ඒ ඇස් තව එකෙක්ගෙ දුකක් වෙනුවෙන් තෙත් කනකොට ඇරපු මෝචරි දොරෙන් එකම පෙලට තිබුන මිනි බස්සපු අයිස් ලාච්චු ගොඩට ඉස්සරහින් තිබුන යකඩ ඇඩ උඩ සුදු රෙද්දකින් වැහුන මලකදක් තිබුනා...

සබ්බං පාහිය ගමනීයන්!

සියල්ල අතහැරදා යායුතුය...මෝචරි කාමර දොරෙන් ඇතුලත ජීවිත යතාර්තෙ වංගු නැතුව පන ගහන උන්ට අකූරු කරනකොට මං මයෙ කකුල් බදාන උන්න කොල්ලව උරිස්වලින් අල්ලන් නැගිට්ටවනවා එක්කම මයෙ මූන දිහා බලපු කොල්ලගෙ තොල කට සුදු මැලි වෙලා ගිහින් තිබුනා...

........ම්..මීට....ත්...එහා....දුකක්....නෝදි.....අනෙ....මයෙ....අ...අම්මව...

නොරිද්දව.....කපපන්....

🌸🥺🥺🥺

THANK YOU

More Chapters