LightReader

Chapter 26 - 26

නවම් හද එලිය තව තවත් දිදුලනවා.....හදෙ තනිකඩ බව මකාලන්න ගිනිගන්න ගමන් උන්න අරුන්දතියන්ගෙ හිනාසද්දෙ මැදම මං තවත් තත්පර දෙකතුනක් ඇස් පියාගනම උන්නා .....

හතර දිග්බාගෙම කෑලි කපන්න පුලුවන් තරමට කලුවර වැටිලා....ඉදහිටක ශෝකාලාපයක් ගැන කිය කිය වරූ ගනන් අඩන උලලේනියෙක්ගෙ සද්දෙත් කෑරලෙක්ගෙ සද්දෙත් ගව් හතක් ඈතින් ඇහෙන බල්ලෙක්ගෙ උඩු බිරුමත් ඇරුනම මලකදක් එක්ක හර්ස් එක ඇතුලෙ උන්න කුලුදුලේම දෙතොල් හාදුවක රහ වින්ද මගෙ ආකාස පරානෙගෙ හුස්ම වැටෙන සද්දෙන් මගෙ පපු බිත්ති දෙදුරුම් කෑවා...

මගෙ පපුව ගැහෙනවා....කොටින්ම අනෙ මට වහන් ඉන්න ඇස් අරින්න ලෝබ හිතෙනවා...ඉවසල...ඉවසල බැරිම තැන ලෝබකම හිතෙ හන්ගාගනම මං ඇස් ඇරියා...

අනේ ඒ වෙනකොටත් ආකාස හාමු දිලිසන ඇස්වලින් මයෙ දිහා බලාන ඉන්නවා.....

ඒ ඇස් දිලිසනවා...සමනොල සිරසින් කඩා හැලෙන මහ වැලියත් පරදවාගන ලෝබකමක් නැතිවම මහපොලවට ඇදහැලෙන නවම් හද එලියෙන් පාට වැටුන ඒ ඇස් දිලිසනවා....

ඒත් ඒ ඇස් වල දිස්නෙට හේතුව නවම් හද එලිය නම් නෙවෙ දෙයි හාන්දුරුවනෙ...

ඒ ඇස්වල දිස්නේට හේතුව උනේම කදුලු කැටිති වෙනකොට ඒ හුස්මෙන් පවා පපු බිත්ති දෙදරවන සන්වේදි හිතක් තිබ්බ මයෙ ඇස් ඉස්සරහම අර දිලිහුන කදුලු කැටිත්ත ඇහි ගැට්ට පන්නලා කම්මුල් තෙමාගන ඇවිදින් සියපතක පාට ගත්ත යටි තොලෙ නැවතුනා...

මයෙ පපු යාන්ගෙම ආයම ගැස්සිලා ගියා

තනපත් අතර රැදෙන පිනිබිදුවක් වත් මේ තරම් ලස්සන නැතිව ඇති.....සඳ පිනි දියෙන් නෑවෙන සියපතක් වත් මේ ජීවමාන සියපත තරම් ලස්සන නැතිව ඇති....

ඇයි මයෙ අම්මෙ මේ...?උඹලට බඩෙ දැවිල්ල කිව්වා...ආකාස ...උඹලට හුගක් අමාරුද කියපන්...?

යටි තොලම අයිතිකරගත්ත කදුලු කැටිත්ත දිහා බලාගන උන්න මං ඇහෙන නෑහෙන ගානට ඇයි අම්මෙ මේ ඇහුවා ඩින්ග වෙලාවකට ඉහලදි කියාපු බඩෙ දැවිල්ලද ඇහුවා....මං කියන වචනයක් වචනයක් ගානෙම අහන් උන්න ආකාස යන්තමට වගෙ ඔලුව දෙපැත්තට වනලා මේ අඩපු ඇස්ම ඒ තත්පරෙන් ආයම හීන් කරන් හිනා වෙන්න ගත්තා වගේම මගෙ ඔලුව අත ගෑවා.....

උඹට පින් මගෙ වස්තුවෙ...

ආකා...ස

මන් ඇවිදින් උඹගෙ මුල්ම ආදරෙ ...උඹට ආදරේට අත්පොත් තියන්නෙ මේ ආකාස උන මමයි.....ප්‍රේමයෙ ඇදුරු තැන මමයි...අල්පමාත්‍රයකින් වත් කිලිටි නැති ආත්මයක් අරක්ගත්ත උඹගෙ කුලුදුලේම දෙතොල් හාදුවම මට සින්න උනහම මේ ඇස්වලට කදුලු උනනවා මන්දාරම් ....ආදරෙ මාත්‍රාව පිට පනිනකොට ඔක්කොටම වඩා මගෙ පපුව හීරෙනවා....මන් උඹලට පුදුම විදිහට ආදරෙයි බන් බෙනරගම.....

මගෙ පපුව දාලා යන්න ආවා.....වෙන කිසිම අහක් නොබල මගෙම දිහාව විතරක් බලාගන ප්‍රේමයෙ ඇදුරු තැන මමයි කියපු මගෙ ආකාස වස්තුව කියාපු වචනත් එක්ක මගෙ බඩ පපුව ආදරෙන්ම පිච්චෙන්න ආවා...අවසානෙදි මං ඒ අත් දෙකම අරන් මගෙ පපු මැද්දෙන් හිරකරගත්තා..

මයෙ ආකාස....හරි හමන් ආදරයක් විදින්න ලැබෙනවා කියන්නෙත් එක්තරා නිර්වානයක් කියලා කියන්නෙ මේ හන්දයි මයෙ ආකාස.....

හ්ම්....මන්දාරම් දන්නවද....මන්දාරම්ව මතක් වෙනහැම තත්පරයක් ගානෙම මං කවි ගොතනවා....හද එක්ක මගෙ මන්දාරම් ගැන කියවනවා....රෑ නින්දක් නෑ මන්දාරම්.....තුන් හිතේම උඹ සක්මන් කරනකොට ගස් බැදපු පැලක් නැතිවම උනත් මන් අර ඇනෙක්සියෙ පැල් රකිනවා...

කොලඹ අහස අයිති හද එලියට නෙවෙ මන්දාරම්....කොලඹ අහස අයිති පාට පාට නියෝන් එලිවලට....වටකුරුවට පායන හද වැඩියෙම්ම ආදරේට හන්තානට...පේරා කැම්පස් එකෙ ලතාමඩුලු අස්සෙ ආදරකතා කියන කුරුලුජෝඩුවලට.....උඹ හම්බෙන්ඩ කලියෙන් මං හිතාගන උන්නෙම එහෙම...

ඒත්....උඹ දැක්කත් හරි....මේ හද අයිති වෙන්න ඕනම කැලෑගමට මන්දාරම්.....කොලඹ අහසට පායන හදමයි....ඒත් කැලෑගමට ඉහලින් වළාරොතු එක්ක දඟ කරන මේ හද අයිති උඹලටමයි.....

නෑ..මගෙ මන්දාරම්....උඹට විතරමයි....කාලි දාසගෙ කාලෙ මම උන්නා නම්....සත්තයි මන්දාරම්...කාලි දාසගෙ මේඝදූතෙට කලින් මගෙ අතින් උඹ වෙනුවෙන් සන්දේ කාව්‍යක් ඉපදෙන්ඩ ගියා.....උජ්ජේනියෙ උන්න කාලිදාසට වඩා කොලොම්තොටෙ ඉන්න මගෙ විරහව බරට දැනෙන්ඩ ගියා....

මං උඹට ආදරෙයි මන්දාරම්...සරල කරල මගෙ හැගීම් අකුරු කරනවා නම්....වචන තුනයි අහවරයි...ඒත් දැනෙන හැම හැගීමම වචන කරන්න ගියෝතින් මට කල්පෙත් මදි මන්දාරම්.....

මං උඹව ඇස් අස්සෙ තියන් රකිනවා මන්දාරම්....උඹ දන්නවද....දහයෙ කනිසම පටන් ගන්ඩ හදන හැම වෙලාවකම ...මයික් එක ඔන් කරන්න හැම වෙලාවකම මට මතක් වෙන්නෙම උඹව....

අනූඅටයි දශම අටෙන් මං කලාත්ම සියපත් ආකාස භ්‍රහ්මනගේ කියලා පටන් ගන්න හැම වෙලාවකම මට හිතෙන්නෙම උදේට බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් එක කරන එකාට වගේ මටත් මගෙ පුටුව එහා පැත්තෙන් තව කවුරු හරි උන්නා නම් කියලා....

ඒ වෙන කවුරුත් නෙවෙ උඹව...

දවස ගානෙම දහයෙ කනිසමට එන ලියුම් අහුරෙ අනුන්ගෙ කතා වෙනුවෙන් දැන් මට මගෙ හැහීම් දියකරන්ඩ හරි ලෝබයි මන්දාරම්.....

දහයෙ කනිසම නැති කරලා මට උඹ වෙනුවෙන් දහය වෙනකන් කතා කරන්න ඇති නම් කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමානයි මගෙ බෙනරගම.....

උඹ දන්නෙ නෑ බෙනරගම....මට උඹව මගෙ සන්සාරෙ කරගන්න තරම් මං උඹට ආදරෙ කරනවා කියන්න....මට හරි ආසයි මන්දාරම්...එකම දවසකට වත්.....එකම දවසකට වත්....දහයෙ කනිසම කරන වෙලාවකට කැලෑගමට පායන වටකුරු හද මගෙ පුටුවට එහාපැත්තෙන් පායනවා නම්.....

මන් උඹව අනන්ත අප්‍රමාන මවන් තියනවා මගෙ ලමයො උඹ මගෙම කමිසයක් ඇදගන මං වගේම මට එහාපැත්තෙන් හිටගන ඉන්නවා....මං වගේම දැන් වෙලාව රෑ දහය පහුවෙලා විනාඩි දහයයි අනු අටයි දශම අටෙන් ඔබත් එක්ක රැඳී ඉන්න මම මන්දාරම් යශෝධ බෙනරගම කියල කා දිහාවත් නොබලා මගෙ දිහා බලන් කියනවා නම්.....

මේ කියන තත්පරෙත් මගෙ හිත අස්සෙ උඹගෙ රූපෙ මැවෙනවාමන්දාරම්.....

මේ ආදරෙ ඇතුලෙ මං පුරන පාරමිතාවන් පුදුමාකාර තරම් පාරිශුද්දයි මන්දාරම්.....නිකැලැල්....ඒ වගේම අහිංසකයි....බුදුන් ගාව වදින මොහොතක් ගානෙම මං උඹව ඉල්ලනවා මන්දාරම්....

මලක් දීලා ආදරෙයි කියනවට වඩා.....මන්දාරම් මට බැරිද රත්තරන් උඹ වෙනුවෙන් මල්වත්තක්ම වවලා උඹට ජීවිතෙ දෙන්න?නටුවෙන් මලක් වෙන් කරන් ආදරෙ කියනවට වඩා ඒක හොද නැද්ද.....මල්මර මර ආදරෙ කියන්න මට බෑ මන්දාරම්.....

මට මහන්සී....මං හුගක් කියෙව්වා....මට උරහෙ දියන් මන්දාරම්...

මං නෙවෙ හුස්මක් ගත්තෙ...මං නෙවෙ වචනයක් කිව්වෙ....මට නෙවෙ කියන්න වචන මතක් උනෙ.....මගෙ ආකාස පරානෙ ආදරෙ වචන කරපු කෙරිල්ලෙ තරම කොයි තරම්ද කියනවා නම් මට අමතක උනා...විසි අවුරුදු වෙච්ච මට කතා කරන්න පුලුවන් කියන එක පවා....

එයා මගෙ උරහිස ඉල්ලනවා....මලකදක් මුනිච්චි වෙවී...වෙවීම කුලුදුල්ම දෙතොල් හාදුව රහකරාපු මගෙ ආකාස වස්තුව උරහෙට බරවේගනම අවසර ඉල්ලනවා...අනෙ මං කොහොම කියලා නම් එපාය කියන්ඩද.....

මයෙ ආකාසවස්තුව උඹ ...ඩින්ගක් මෙහෙම්ම ඇහැපියවපල්ලා ...තව ඩින්ග දුරයි සුදුමහත්තයා ...

නිදාගන්න ඕන නෑ....මට ඕන මේ උරහෙට බරවෙලා මන්දාරම්හෙ සුවද හුස්මගන්න....

යන්තමට හිනා උන මං එහෙම්ම ආපිට අර පන නහලා තිවුන හර්ස් එක ස්ටාර්ට් කරන ගමන්ම උරහෙට බර වෙලා උන්න ආකාස හාමුගෙ ඉහට මගෙ පැතලි කම්මුලෙන් හාදුවක් තිබ්බා....මලගමක් ඉහ උඩ තියාගනම ආදරෙන් මත්වෙලා උන්න මයෙ ප්‍රේම ඇදුරට මේ මහ රෑයාමෙ සින්දුවක් කියන්න හිතිලා තිබුනා...

ඈත කදුකර හිමව් අරණේ....

සීත චන්දන ළපලු සෙවනෙ....

මේකනම් රනින් කරාපු උරහිසක්මයි මන්දාරම්.....!!නිදහසයි සැනසීමයි.....නිවනයි....!!

*

*

*

සුදු මහත්තයා.....

ම්ම්ම්.....

උඹලා නිදිද ...

නැ.....අපි ආවද ලමයො

ආන් අර කහලාම්පු ඇවිලෙන ගෙදර...

ආදර කතා කියවපු සින්දු කියපු මගෙ ආකාස වස්තුවගෙන් තත්පර ගානකට මීක් සද්දයක් නැති උනා....නින්ද ගිහින් ඇතිය කියලා හිතාගන උන්න මං කෙරුවෙත් ඇහැරවන්නෙ නැතුව හෙලවීමක්වත් නැතුව මලගෙදර තිවුන දිහාවට හීන් සීරුවට හර්ස් එක අරන් ආව එක වෙනකොට මලගෙයක් උනාට මනුස්ස පුලුටක් කියන නාමයක් නැති කනාමැදිරි එලි තරම් එලියක් විහිදුවන කහලාම්පු එලි ඇවිලෙන ගේ එයාට පෙන්නුවා...

ඔයාට හොදටම ශුවර්ද මන්දාරම්.....ඒකයි මලගෙදර කියලා.....???

ඔව්...මුදලාලි කිව්ව විස්තර අනුව ගෙදර ඕක...වෙන්.....න ඕන...අනෙ මන්දා සුදුමහත්තයා .....මරනයක් උනහම මලකද කපපන්ඩ කලියෙන් හරි කපනකොට හරි ගෙදර ඥාතියෙක් එන්ඩ ඕන....ඒත්

මෙහෙන් බලු බල්ලෙක් වත් ආවෙ නෑනෙ.....අඩුම ගානෙ කෙල්ලගෙ අප්පච්චි වත්....

ම්න්.....

මැරිලත් මුන් තරහා පිරිමහනවද මන්දා.....පඩත්තර හැත්ත අඩුම ගානෙ කොඩිවැලක් වත් ඇදලා නැනෙ ලමයො...කොච්චර උනත් මේ කෙල්ල තාම අන්මැරීඩ්නෙ මන්දාරම්....කොළඹ පැත්තෙ කසාද නොබැදපු එකෙක්ගෙ මරනයක් මගුලක් ගන්නවා වගේ ගන්නවා ...එකපාරක් අපෙ ඇනෙක්සියට කිට්ටුව තිබුන ගෙදරක උන්න කොල්ලෙක් හැප්පිලා මැරුනා....මිනිය උස්සනකොට රතිඥ්ඥාත් පත්තු කෙරුවා....ඒ විතරක් නෙවෙ මන්දාරම් සුදු පාවඩත් එලුවා...මල් විමානයයි....යකො මරනයක් උන ගෙයක් කියලා ගෑවිලා වට් නෑනෙ ළමයො...

මෙච්චරවෙලාම මයෙ උරිස්ස බරකරාන උන්න ආකාස වස්තුව ආපිට කෙලින් උනා....කෙලින් උනත් හරි කෙරුවෙම හුස්මක් කටක් නොගෙන මරනෙ අයිති ගෙදරට දෙහි කපාපු එක වෙනකොට ගෙයි දොරකොඩ කිට්ටු වෙනවත් එක්කම මං බලාගන පිල්කඩ උඩ ඉදගන උන්න වයසක උන්දෙක් හර්ස් එක දකිනවත් එක්කම හැරමිටෙ පිහිටෙන් ඉදන් උන්න තැනින් නැගිට ගත්තා....

උන්දැව වක ගැහිලා...තනිකරම වප් පිහියක් ගානටම උන්දැගෙ කොන්ද කුද්ද ගහලා තිවුනා.....කරකපාපු හැට්ටෙන් පපුවට සීතල වදින හන්දම දෙවුරත් එක්කම වැහිලා යන්ඩ උන්දැ චීත්තපටක් පොරවාන උන්නා වගේම ඒ චීත්තපට හද හදෝම අර හැරමිට්ට කොට කොට ඉස්සරහට ආවා...ඒ එක්කම මං ආකාස හාමු දිහාව බැලුවා.....

මෙහෙ එවුන්ට ජීවත් වෙනවට වඩා අමාරුයි සුදු මහත්තයා මලගම් යන එක....එක දවසක් හුස්ම ගැට ගහන්ඩ උන් කල්පයකට ඇතිවෙන්ඩ මැරෙනවා....මේ ඔක්කොම දේවල් කරන්නෙ එක දවසක මැරෙන්න බලාගන ....කොළඹට මලගම් වගේ නෙවෙ මෙහෙ මලගම්...පාවඩ එලුවට එලාපු පාවඩ උඩට වැටෙන්ඩ සුවද ගහන මල් නෑ ආකාස....ඒ වෙනුවට තියෙන්නෙ බර උන සුසුම් විතරයි.....

ඔක්කොටම වඩා ගෙදරක අප්පා කියන මුදුන් කනුව මැරුනහම....ඒ අප්පා එක්ක මුලු පවුලම මලගම් යනවා ආකාස...උන්දැගෙ ඇස් පියවුන තත්පරෙ ඉදන් ඒ පවුලත් ඇහැකන පියාගන්නවා...මේ මුලු ගම්තුලානෙම එවුන් ජීවත් වෙන්නෙ කබලෙන් ළිපට වැටිලා....මට කියාපන් ආකස ලිපෙනුත් කොයි අහටද වැටෙන්නෙ කියලා.....

උඹ කියන්නා වගේ මමත් දහසක් ජාති කල්පනා කෙරුවා.....මරනෙට ඉටිකොලයක් වත් ඇද්දෙ නැත්තෙ කෝන්තරයක් පිරිමහන්ඩද කියල....කව්ද දන්නෙ මේ ගෙයි හතරමායමක වත් පිරිමි කුයිලක් නැතුවද කියලා.....

කුද්ද ගගහා හර්ස් එක ඉස්සරහට ආව වයසක උන්දැ දිහාව බලාගන ඇහෙන නෑහෙන ගානට මගෙ ආකාස වස්තුවට මුමුනාපු මං එහෙම්ම කැහපට කවාගන උන්න සරමත් ලෙහාදාගන දොරපියනත් ඇරන් එලියට බැස්සා.....බැහැල කඩුල්ල අල්ලන් කඩුල්ලෙ පිහිටෙන් හිටන් උන්න උන්දැගෙ දිහාවට කිට්‍ටු කෙරුවා....

අත්තම්මෙ...කෙල්ල් ගෙනාව....කොයි ගෙදර කවුරුත් නැතුවද??

කුද්ද් ගැගිලා හින්දම මගෙ බඩගාවට විතර වක ගැහිලා උන්න වයසක උන්දැ දිහාවට පහත් උන මං කනත් ඇහෙන්නෙ නැතුවැති කියන කාරනාවත් අනුමාන කරගනම ගෙදර කවුරුත් නැද්ද අහනවත් එක්කම උන්දැ මගෙ දිහා බැලුවා.....ඒ ඇස් දැක්ක මට ඉබේටම හීල්ලුනා.....

කියක් තියනවද කියලා ගනින්නත් අමාරු තරමට රැල්ල වැටුන මූනෙ ගිලා බැහැපු ඇස් රතේ රත ගහලා...වයස යන්ඩ යන්ඩම හීන් වෙන් ඇස් අඩලම රතුවෙලා කියන්න හර්ස් එකෙ ලාම්පු එලියෙන් දකිනවත් එක්කම තවත් වචණයක් නොකියම මං ආකස හාමු හර්ස් එකෙ ඉන්නැද්දිම කෙල්ලගෙ ගෙදරට ගියා...

බලු බල්ලෙක් නෑ...මලකදක් ගේනවයි කියලා වගේ වගක් නෑ....ඇවිලෙන්නම් වාලෙ ඇවිලෙන කුප්පිලාම්පුව හැදුවෙත් හීන් හුලන් රැල්ලට පවා නිවිලා යන්න වෙද්දි නිවෙන්න ඔන්න මෙන්න තිවුන කුප්පි ලාම්පුවෙ දැල්ල හදාපු මං ලාම්පුව බිත්ති කන්දට මුවාකරලා එහෙම්ම ගෙට ගොඩ උනා.....

හූල්ලගන වගේ ඉන්න ගෑනු පරානයක්....

ඕන් ඔච්චරයි මුලු ගෙයි හරියටම ...පිපිරුම් පාරවල් සීයක් විතර ගියපු බිත්තියකට පිටදීගන ඉදගන හූල්ලගන වගේ ඉදගන උන්න ගෑනුපරානෙ ගාවට ගියපු මං එහෙම්ම දනහිස්වලින් නැවුනා....

මිනිය ගෙනාවා.....නැද්ද තව කවුරුත් පෙට්ටිය ගෙට අල්ලගන්ඩ?

*

*

*

ලමයො....අපි දෙන්නා විතරක් කොහොමද පෙට්ටිය අල්ලන්නෙ.....??මේ ඇත්දලෙ හරිද....

ම්න්....

ආ මන්දාරම්....ඔයා ඇහුවෙ නැද්ද අර ඇතුලෙ ඉදගන ඉන්න කෙනාගෙන්.....මේක එලියට ගන්නවත් එක්කම ආයම බර වෙල මිනියත් බිම වැටෙයි.....ශිහ් ළඟපාත ගෙයක් වත් නෑ...තියන ගෙවල් වලත් උන් මැරිලා වගෙ බුදිද මන්දා...මලගෙදරක් උනහම ඉලව් රකින්ඩ වත් එන්ඩ එපැයි.....

එයා තියාපු ඇද්දලෙ අනිත් ඇත්දලේට සමාන්තරව තියාපු මං මගෙ පස්ස පාරෙ කැරකි කැරකි කුටු කුටු ගාන ආකාසවත් අතින් අල්ලන් එලියට ආවා....වයසක උන්දැ තාම හර්ස් එක ගාව...අර ගෑනි හූල්ලගත්ත ගමන් බලාගත්ත අත බලාගන....ඒ ඔක්කොම මැද එයා තව කවුරුත් නැද්ද ගගා අහවරක් නැතුව අහනකොට බැරිම තැන එයාවත් අතින් අල්ලන් මිදුලට බැස්ස මං එයාගෙ අහවරක් නැති ප්‍රශ්න වැලට උත්තරක් බැන්දා.....

ගෙදරට උන්න එකම පිරිමි පරානෙව අසූ අටේදි යූඇන්පීයෙන් උස්සන් ගිහින් දසවද දීලා මරාදාලලු.....ගෑනිටයි මිනිහටයි ඔක්කොටම ඉදලා තියෙන්නෙ ඔය මැරිච්ච එකී විතරයිලු ...ඒකීටත් දුකක් නොවෙන්ඩයි අරකා එක්ක යන්ඩ එපාය කියලා තියෙන්නෙ...මන්දා ආකාස මෙව්වා අනුන්ගෙ දුක්ගැන්විලි මට තියන ප්‍රශ්න මදිවට මගෙ ඉහෙ තව කොහෙ ඉඩද මේ දුකත් මගෙ ඉහට දාගන්ඩ...

මේ අම්මත් පව් ...මේකිගෙ පන ඉල්ල ඉල්ල නහින අරකත් පව්....ඒ ඔක්කොටම වඩා ඩින්ග ඇත්නම් පපුව හිරිවැටෙන්ඩ එන මම පව්.....වරෙල්ලා යන්ඩ....ඔය පෙට්ටිය අල්ලලා ගෙට දාලා ඩින්ග වෙලාවක් ඉදලා යන්ඩ...මලකදක් එක්ක ගෑනු දෙන්නෙක් තනිකරලා යන එක පිරිමිකමටත් ලැජ්ජාවක් ආකාස....

මෙච්චර වෙලාම ඒ අත අල්ලන් උන්නමන් අවසානෙදි ඒ අත අතෑරලා දැම්මා...මේ ගෙයි තුලානට පිරිමි පරානයක් නැතිදයි අහපු මට ලැබුනෙම පපුව පුපුරන උත්තරයක් වෙනකොට මගෙ පස්ස පාරෙ ආව මගෙ ආකස හාමුතැනටත් මං කිව්වෙම මට ලැබුන උත්තරෙන් හතර පන්ගුවක්ම හන්ගගන උනා.....

කෙල්ලගෙ අප්පව අලින්ගෙ ආන්ඩුවෙන් අරන් ගියා මදිවට අනේ ඒකව දහවද දීලා මරාදාලා මදිවට මුන්ගෙත් පපු හුස්ම නහන්ඩ මැරුන මිනිහගෙ ඉහ වැට ඉන්නක අමුනලා ගිහින් තිවුනලු.....

අනෙ බුදු හාමුදුරුවනෙ.....පුලුවන් නම් මට කියාපල්ලා....හතරමහ අපායම හිස්නේද....අවීචියම හිස් නේද....හතරමහ අපායෙ වාසෙ කරන්ඩ නියම එවුන් මේ මහපොලවෙ වාසෙ කරනකොට අපාය හිස්වෙන්නෙ නැතුවද...??

ඒ අත අතෑරපු මං ආයම එන්න ආව....හර්ස් එක මිදුලට ගන්න පුලුවන් උපරිම අරගන තිබුන මං අවසානෙදි තවමත් පිටිපස්සෙ ඉතිරිවෙලා තිබුන පෙට්ටියට අත තියල මං ආකාස දිහා බැලුවා...

සුදුමහත්තයා...

ලමයො...මේ පෙට්ටිය ආයම කොහොමත් බර වෙනවා...මං මේ කියන්ඩ කලින් සමාව ඉල්ලන්නෙ.....මගෙ කටින් හුගාක් කුනුහර්ප දැන් කියවෙන්න පුලුවන් ...අනිත් එක මල්ලියො මන් මේ කුනුහර්ප කියන්නෙ අර්ථ රසයට නෙවෙ ශබ්ධ රසයටනෙ...!!

ඔය පෙට්ටිය බරකරන්ඩ බලාගන ඉන්න වේස යකින්නගෙ අම්මෙක් අප්පෙක් ඉන්නවා නම්...උන්ගෙන් මට වැඩක් නෑ...බරකරන එකාට ලින්ගික කර්ත්‍යව කරලා ගන්ඩ.....###$$$@##@@@ඕක අල්ලපන් හුත්තො පන නැද්ද.....

පඩිය පඩිය.....පඩියට තව දුරද .....දත්මිටි කාගන ඉන්නෙ කතා කරකො මල්ලි.....

මේ නාකි අම්මන්ඩිත් කොහෙ මායන් වෙනවද මන්දා හැරමිට්ට කෙල කෙල....

ෆක්යු බිච්.....මේ පැත්ත බර වෙනවා....බරකරන එකී යූ මදර් ෆකර් ඈස්....හෝලි...ශිට් ..මල්ලි...මගෙ ඇගිල්ල....මගෙ ඇගිල්ලට දාලා....ටෞකන්.....#####

අකාසෙන් පෙරීගන එන හද එලිය එලි බහිනකොටම මුනිච්චි වෙන දෙල් ගහ අස්සෙනුත් පෙරීගන ඇවිදින් මහපොලවට වැටිලා තිබුනා.....

ආයමත් වන්ගියක් දත් මිටිකාගන මලගම් ගිය එකීගෙත් අර කාලෙකට කලියෙන් මලගම් ගියපු අප්පවත් මතක් කර කරම හතර අත ඉන්නවයි කියන ඔය අමනුස්ස පරාන විතරක් නෙවෙ ඒකට වඩා බරක් දරාගන ඉන්න මාවත් බඩවෙන සුද්ද සින්හල කුනුහර්ප අහුරක් කෑගහලම පිටකරාපු ආකාස හාමුත් මාත් මලකදක් එක්ක ගෑනු පරාන දෙකක් තට්ට තනිකරල ආපිට යාගන්ඩ බැරිකමට දෙල් ගහ යට පුටුදෙකක් තියාගන ඔහේ ඉදගන උන්නා...

හෝරාවෙන් හෝරාව ගෙවෙනවා...කුප්පි ලාම්පු දැල්ලෙ එලියත් එන්න එන්නම අඩුවෙනවා.....දෙවන්ගියකට විතර අල්ලට සීනි අහුරක් එක්ක කෝපි කෝප්ප් දෙකක් බිව්වා විතරයි බඩට බත් ඇටයක් නැති වෙද්දි වෙනකවරදාටත් වඩා මට අද බඩගින්න දැනුනා...

අනෙ මං බලාගන මයෙ අම්මා මට නොකිව්වට බඩගින්නට ඈනුම් අරිනවා...

සුදු මහත්තයා.....

දැන් නම් මට හුගක් බඩගිනී ලමයො.....

අනෙ සීවලි හාන්දුරුවබනෙ....මගෙ බඩපපුව දාලා ගියා...

බඩගින්නත් මේ ගම්තුලානෙ මිනිස්සුත් කියන්නෙම උපන්දා ඉදන් ලේ නෑකම් ඇති උන් ගානයි වෙනකොට බඩගින්න දැනුනත් ඒ ගින්න් උහුලන්න ඕනාවටත් වඩා පන්නරයක් තිවුන මට මගෙ දිහාව බලාගන දැන් නන් මට හුගාක් බඩගිනී ලමයො කියනවත් එක්කම ආකාස හාමුගෙ ඇස්වල තිබුන අහින්සක කමත් නිදිමත ගතියත් දැක්ක මාව ඉබේටම පුටුවෙන් නැගිට්ටවුනා....

යමු.....

එතකොට මේ ගෙදර පාළුවට යනවනෙ මන්දාරම්....

එලි වැටෙන්ඩ ළඟයි ...මලවුන් වෙනුවෙන් බඩගිනිදර උහුලන්ඩ නිදිවරන්ඩ උඹල කැපවෙන්ඩ ඕන නෑ මයෙ අම්මෙ....වරෙල්ලා යන්ඩ.....මයෙ අම්මා ළිපට කරාපු මක්කවත් ඇති.....ගිහිල්ල කමු....

ම්ම්ම්ම්...මන්දාරම්.....

ම්න්...

මාව තුරුල් කරන් නිදාගන්නවද....අර මැටිපොලවෙ.....මං දැක්ක මන්දාරම් හරි සනීපෙට නිදාගන ඉන්නවා...බලන් උන්න මට පපුවට කටු ඇන්නා උනත්.....දරුපැටියා උස්සාගන පයින්ම ඉස්පිරිතාලෙට දුවපු දා උඹ ඒ මැටිපොලවෙ මැරිලා වගේ නිදාගන උන්නාමන්දාරම්....

මටත් අද මැරිලා වගේ නිදාගන්න ඕන මන්දාරම්.....මට උඹට තුරුල් වෙලා සනීපෙට නිදාගන්න බැරිවෙයිද...?

එලිවැටෙන්ඩ තව හෝරා දෙකතුනයි කියලා එයාට කියපු හර්ස් එකෙ දොර පියනත් එයා වෙනුවෙන්ම ඇරලා දුන්න මං ආකාස හාමුගෙ මූන දිහා බලාගන උන්නා.....

අනෙ දෙයි හාන්දුරුවනෙ මේ අහිංසකයා මට තුරුල් වෙලානිදාගන්ඩ අහනවා....ඒකත් මැටිපොලවෙ.....

තුරුල් කරන් නිදිකරවගන්ඩ මයෙ හිත පාරමිතා පුරන හැටි දන්නෙ මම විතරක්ම උනත්...මයෙ අම්මාඅප්පා දැක්කොතින්....

බැරිද මන්දාරම්.....මට තේර්‍ර්නවා...වෙලාවකට මාත් ඔහේ කියවන් යනවා.....අම්මයි අප්පච්චියි ඉන්නකොට මං කොහොම එහෙම අහන්නදනේද....කමක් නෑ...මට උඹට දුරින් හරි නිදාගන්න ඕන...උඹගෙ හුස්ම වැටෙන රස්නෙ වත් මට වදිනවා නම් ඇති මන්දාරම්...මන්දාරම්.....මං අහපු දේ.....භ්භ්භ්.....

මෝඩයා ..................ම...ගෙ.....!!කාරි නෑ....පිලට වඩා පැල සැපයි මයෙ ආකාස.....!!!

🌸🌸🌸🌸👉👈

THANK YOU

More Chapters