LightReader

Chapter 20 - 20

ස්ස්. ..ස්...සංධීර් ...

අනේ ...නළුවෝ....ඔයා කොහොමද නළුවෝ එක පාර ඔහොම මැරෙන්නෙ....ඔයා කොහොමද නලුවෝ....යෙවින්ව දාලා යන්නෙ ...ඔයා කොහොමද යෙවීන්ව දාලා යන්නෙ .....

මන් උන්නෙ අඩ අඩ.....තට්ට තනීයම ....බාප්පා එහෙන් කියවනවා ...රොබින් කුරුල්ලා යහපතාගෙන් මොන මොනවද අහනවා .....එයාට නින්ද ගිහින්ලු...අනේ...එයාට තුවාල වේදනාවට නින්ද ගිහින් ලූ.....ඇදේ බැදලු.....

නින්ද ගිහින් උන්න සංධීර්ව පුච්චපු එකා ඇදේ බැදලලු....

මගෙ ඇස්වලින් කදුලු බේරෙනවා ...එයා ආයම කවදාවත් බොසා....බයිකටක් දෙන්නද අහන්න එන්නෙ නැති බව දැනෙනකොට මට තව තව කතා කරගන්න බැරි උනාට ....

අනෙ නලුවෝ ....යෙවීන් තවම පොඩියීනෙ...යෙවීන්ට බාප්පා වගෙම නලුවවත් ඕනා සංධීර් ...ආපහු එන්නකෝ...

වචන විතරක් ගොත ගහන හැගීම් ගොත නොගහන මම මගෙ හිතින් පුලුවන් තරම් සංධීර්ට අඩගැහුවා ....එයාගෙ ගෙදර සම්පූරනම පිච්චිලා යනකොට අපි හැමෝටම නලුවෙක් නැති උනා....

අම්මා තාත්තා මගෙන් උදුර ගන්නෙ නෑයි කියලා පොරොන්දු උන සංධීර් නැති උනා....

සංධීරයා ....ඇයි බන් උඹට මෙච්චර දෙයක් වෙනකනුත් නොදැනුනෙ...

අනේ උඹට ඒ තරම් නින්ද ගියාද ...උඹව ඇදේ තියලා උන් ගැටගහනකනුත් උඹට තේරුමක් නැති තරමට උඹට තුවාලවල වේදනාවටම නින්ද ගියාද මගෙ එකා???..

..මට කියපන් ...මට කියපන් යකො ....මට දැන් කව්ද ඉතුරු ....මට දැන් කව්ද ඉතුරු ....සංධීර් .....අනෙ....ඇයි...ඇයි යකෝ....තොට ඇගැරෙන්න බැරි උනේ.....ඇයි යකො...

ඒ අපේ බාප්පා ..යහපතාට රොබින් කුරුල්ලා උන්නත් බාප්පට අදින් පස්සෙ හොදම යාලුවෙක් කියලා කෙනෙක් නෑ කියන හැගීම් එක්ක එයාව පිස්සු වැටිලා තියනකොට බාප්පා ඔහේ කියෙව්වා .....ඔහේ කෑ ගැහුවා .....වෙලාවකට ඇඩුවා.....එයා ගාවට එන උන්ට ගැහුවා...කොටිම්ම බාප්පට මාව පවා අමතක වෙලා ගියා...ඇවිලුන ගෙදර දුම් රොඩු ඉහලට නගිනකොට කර ගද විතරක් ඉතිර් වෙන්න අපි හැමෝට්ම වටින සංධීර් ව එයාලා පීපෝ...පීපෝ...ගාලා කෑ ගහන ඇම්බුලන්ස් එකෙන් අරන් ගියා.....

ඕක කෑ ගහන් ගියාට දැන් සංධීර් එනවද .....එයාට කවදාවත් යෙවින්ට උන පොරොන්දුව රකින්න බැරි වේවි....

මං...මං ..දන්නවා...මං...දන්නවා....මං දන්නවා...ඕක කෙරුවෙ මොකාද කියලා..

නෙහාන් ...නෙහාන්....දෙයියන්ගෙ නාමෙන් නැවතියන් යකො...දෙයියන්ගෙ නාමෙන් නැවතියන්...

රොමේන් අනේ මූව අල්ලපන්...නෙහාන්.....උඹ හදන්නෙ උඹත් මැරෙන්ඩද....උඹත් මැරිලා යන්ඩද...මේ කොල්ලට මොකද වෙන්නෙ...නැවතියන් ...දෙයියන්ගෙ නමෙට නැවතියන්...

බ්බ්...බ්බ්....බාප්පෙ...බාප්පේ........ බ්බ්...බ්බ්.....බ්බ්...බා....ප්...පෙහ්....

බාප්පා දිව්වා...එයා පිස්සෙක් වගේ කෑ ගගහා දිව්වා..එයා දන්නවලු...අනේ එයා දන්නවලු....අපේ සංධීර්ට මේක කෙරුවෙ කව්ද කියලා ...බාප්පා දන්නවලුනෙ...අනේ...බාප්පා දන්නවලූ.....

එයා දුවනවා එයාගෙ පස්සෙන් අනිත් දෙන්නත් දුවනවා...ඒ කාටත් මාව මතක නැතිකොට අනේ මාත් ඒ පස්සෙන් වැටි වැටි දිව්වා...කටේ තුවාල...උරහිසෙ තුවාල මගෙ වේදනාව වැඩි කෙරුවා උනත් මට බාප්පා පස්සෙන් දුවන්න ඕනා උනා..මට බාප්පා පස්සෙ දුවලා මොකාද සංධීර්ව මරාගත්තෙ අහගන්න ඕනා උනා ...ඒත් එයාට දුවා ගන්න බෑ....එයාව අල්ල ගත්තා...රොබින් කුරුල්ලා වගේම යහපතා බාප්පව අල්ලන් පෙරල ගත්තා ...

අතැරපන්...අතැරපන්....අර කාලකන්නියා.....අර...කා...ල...කන්නියා.....උඹලට....දුක නැද්ද යකො....උඹලට...දුකක්....නැද්ද...අනේ....උඹලට....දුකක් ...වේදනාවක්...දැනෙ..න්නෙ...නැද්ද ...දෙයි ..යනේ. ....

මම කවදාවත් දැකලා තිබුන් නෑ....මම කවමදාවත් දැකලා තිබුන් නෑ....බාප්පා මේ විදිහට අඩනවා කවදාවත්ම දැකලා තිබුන් නෑ. .එයා අඩනවා .. එයා අඩනවා...පපුවට ගහගන්න ගමන් අඩනවා....එයා අහනවා දුක නැද්ද කියලා ....එයා අහනවා දුක නැද්ශ කියලා ...දුක නැත්තෙ කාටද....

යෙවීන්....

මම උන්නෙ බිම වකුටු වෙලා .....බාප්පා අඩලා කෑ ගහලා හැම දේම ඉවර උනාට පස්සෙ ගොලුවෙක් වගෙ උන්නා . ..රොබින් කුරුල්ලට පොලිස් ජීප් වලින් ආව අය එක්ක වැඩ තියනකොට යහපතා විතරක් මාව දැකලා ලගට ගන්නකොට මට ඇයි කියලා අහන්න වත් ගොත ගහගන්න බැරි උනා.....

යෙවීන්...දැන් හුගාක් රෑ වෙලා...එලිවෙන්නත් ලගයි ...ඔයා බාප්පා එක්ක ගෙදර යනවද....අනික මේ තුවාල ආයම පෑරුනෝතින් ...ඔයාට උන ගැනේවි...

ස්ස්....ස්ස් ...සංධී...ර්...ට...අ...ඇයි.....ඇහැ....රුන්...න්න්...නැත්තෙ....?

ඒ මගෙ වචන ඇහෙන නෑහෙන ගානට මම ඇහුවෙ එච්චරයි ...ඇයි සංධීර්ට ඇහැරුන් නැත්තෙ කියලා විතරක් වෙනකොට එයා මගෙ මූන අත ගෑවා ....එයාට මට දෙන්න උත්තර නැතිව යන්න ඇති.... බාප්පට සිහි කල්පනාවක් නැතිව යනකොට යහපතා මාව වඩාගන්න හැදුවා ...ඒත් මම එපා කිව්වා ....

මට සංධීර්ව මතක් උනා....එයත් එහෙමයි...මම බයවෙනකොට අඩනකොට වඩා ගන්නවා ...ඒක වෙන කවුරුත් මූනිච්චාවට වඩා ගන්නවා වගෙ නෙවෙ.....

එයා බාප්පා වගෙ.....මට බාප්පා එක්ක අපායට උනත් යන්න බයක් නෑ වගේම සංධීර් එක්කත් යන්න බයක් තිබුන් නෑ...ඒත්...දැන් එයා නෑ....එයාව කව්ද මරලා දාලා....

යෙවීන්ට ආයම දුක කියන්න බැට් මෑන් කෙනෙක් නෑ.....

අනෙ නලුවෝ.....මගෙ හිතත් දැන් අර වීදුරුව වගේ බිදිලා ඉවරයි නලුවො.....

යහපතා දිහා බලලා වඩාගන්න එපාය කියපු මම අනිත් පාර බාප්පා දිහා බලාගන කදුලු පුරව ගත්තා...එයාලා අපි දෙන්නව ගෙදර යවන්න යන්නෙ...එයාලා බාප්පව තියා ගන්න බෑ කියලා ගෙදර යවන්න යන්නෙ ...

එහා මෙහා දුවන කොට එක එකාගෙ ඇගේ හැප්පිලා විසික් වෙනකොට වැටුන තැන්වල තිබුන ගල් මුල් ඇනිලා මගෙ එක දනක් තුවාල වෙලා තිබුනා.....තුවාල කකුලෙන් නොන්ඩි ගගහම බාප්පා ගාවට ගියපු මම ඔහේ බලාගත්තු අත බලන් උන්න බාප්පව අතින් ඇද්දා...

.බ්බ්...බාප්පෙ ....

දැන් ඉතින් උඹටයි මටයි හිතු මනාපෙට ගිහින් හිතුමනාපෙට එන්න තැනක් නැති වෙනවා යෙවීන්.....උඹගෙ....බාප්පට...ආය....දුක...කියා...ගන්ඩ....එකෙක්...නැති....වෙනවා....උඹගෙ...බාප්පට...ආය....කවදා...වත්...උඹගෙ...බාප්පට....ආය....ක...කවදාවත්... කවදා...වත්....ම....

.බ්බ්...බ්බ්....බාප්..පෙ...අනෙ.....අඩ....න්....අඩ...න්...න....එපා.....අනේ....

මම ගොත් ගගහ...ගොත ගගහා අඩන්න ගත්තා...මෙච්චර වෙලා කට තද කරගන උන්න මම අනිත් පාර කෑ ගහලා අඩන්න ගත්තා ....බාප්පට අඩන්න එපා කිය කිය අඩන්න ගත්තා...මට බාප්පා අඩනවා බලන් ඉන්න බැරි තැන...එයා කියන කතා අහන් අහන් ඉන්න බැරි තැන ගොත ගගහා අඩන්න ගත්තා....

බ්බ්...බ්බාප්...පේ...අඩ ..න්න....එපා.....ස්ස්....ස්ස්...සංධීර්.....ස්ස්...ස්ස්....සංධීර් .....අනේ.....බ්බ්...බ්බ්..බාප්පට....අඩන්න එපා....කියන්න...නලුවෝ...

මම පොඩි කමට උනත් බාප්පගෙ ඔලුව අත ගගා අඩන්න එපා කියනකොට බාප්පා මාව තුරුල් කරගත්තා .....

වරෙන් යෙවීන් අපි යමු....ආය කවදාවත් උඹටයි මටයි මේ ගෙදර දොර අරින්න කෙනෙක් නෑ යෙවීන් ....උඹටයි මටයි ආය මෙහෙ කවුරුත් නෑ.....වරෙන් යන්න....කාටත් වඩා අසරන වෙන්නෙ උඹයි මගෙ යෙවීන්...කාටත් වඩා අසරන වෙන්නෙ උඹයි මගෙ රත්තරන් ....

බාප්පා කිව්වා කාටත් වඩා අසරන වෙන්නෙ මමයි කිව්වා.....කාටත් වඩා අසරන වෙන්නෙ මමයි කිය කිය බාප්පා අඩන්න ගත්තා ....

ඇයි කාටත් වඩා මම අසරන වෙන්නෙ....

ඇයි...එ...අනේ...අනෙ.....සංධීර් .....ඇයි...

ඔයා නැතුව මම අසරන වෙන්නෙ.....අනේ....ඇයි....

එයා මාව වඩා ගත්තා.....වඩාගන ආයම කා දිහා වට් නොබලම එන්න ආවා....හැබැයි ඒ එන මගදිගටම බාප්පා කුනුහර්ප කිව්වා...කාටද ඇමතියෙක්ට...එයා පුලුවන් තරම් බැන්නා....තෝව මරනවා කිව්වා...අහු උනෝතින් නම් මරලම දානවා කිව්වා..... ....

ආව ඇතුලෙන් ඉන්දපු බාප්පා ශීට් බෙල්ට් එක දැම්මා...දාලා එයා එහාපැත්තෙන් ඉදගත්තා .....එතනින් එහාට බාප්පා නෙවෙ වචනයක් කිව්වෙ....මමත් එතනින් එහා වචනයක් කිව්වෙ නෑ...මට කතා කරන්න දෙයක් ඔලුවට ආවෙත් නෑ.....මම උන්නෙ දුකෙන් .....වේදනාවෙන්....කලු පාට අහස ටිකෙන් ටික පාට වෙන්න ගන්නකොට සංධීර් යන්න ගිහින් තිබුනා...

යෙවීන්...

ම්ම්ම්...

මගෙ පුතා...උඹ දැන් ගෙදර ගියහම කාමරෙන් එලියට එන්නෙ නැතුව අම්මා ගාවම ඉදින්.....අර වයසක උන්දා මොනවා කිව්වා උනත් උඹ ඒ එක දෙයක්වත් අහන්න එපා.....තේරුනාද....?

මෙච්චර වෙලාම කටපියාගන උන්න බාප්පා අපේ ගේ ගාවදි මගෙ ඔලුව අතගාලා අම්මා ගාවටම වෙලා ඉන්න කිව්වා....ඒ කියන්නෙ මගෙ අම්මා ගෙදර ඇවිල්ලද...??අම්මට දැන් හොදයිද....?

මගෙ හිත ඇතුලෙ තවත් ප්‍රශ්න පත්තරයක් එකතු වෙනකොට මම දොර ඇරගන ගෙට දිව්වා.....කොර ගගහම ගෙට දිව්වා..ඒ යනකොටත් ආච්චම්මා මේ උදේ පාන්දරම දුම් අල්ලන්න අරන් තිබුනා....කොර ගගහා දුවපු මම ආච්චම්මව දැකලා ආයම හැංගුනා ...

ආච්චම්මා කැමති නෑනෙ මාව උදෙම්ම දකිනවට...එයා කියනවනෙ ..දවසම ඉවරයි කියලා ...මාව උදෙම්ම දැකපු හැම දාකම එහා ගෙදරට පොල් අත්තක් වැටුනත් ඒකට ආච්චම්මා බැන්නෙ මට වෙනකොට මට බය හිතුනා...මය අය හිතුනා ආච්චම්මා මාව දකී කියලා ....

ඇයි මෙතන....

කදුලු පුරවන් හැංගිලා උන්න මාව දැකපු බාප්පා අනිත් පාර ඇයි මෙතන අහන කොට මම ඇස් වලින් ආච්චම්මව පෙන්නුවා....

මෙහෙ වරෙන් යෙවීන් යන්න....මේක ඹගෙ ගෙදර හැංගි හැංගි ඉන්න උඹ හිගන්නෙක්ද....හොරෙක්ද....නෑනෙ...වරෙන් යන්න....

බ්බ්..බ්බ්..බාප්පෙ...අනෙ...එපා...නෙ....

මොනවද එපා....මොනවද එපා....යෙවීන්....මම තරහෙන් වේදනාවෙන් ඉන්නෙ.....මුරන්ඩු කම් කරලා මගෙන් ගුටි කන්න එපා...වරෙන් යන්න .....හැංගිලා ඉන්නවා.....

ඇතුලට යන්න බෑ කියලා පස්ස ගහන මාව බාප්පා ඇතුලට ඇදන් යනවා එක්කම සුරුවම ගාව වැදගන උන්න.ආච්චම්මා අපි දෙන්නව දැක්කා....මුන අමුතු කර ගත්තා ...හැබැයි බාප්පා නෙවෙ මට වචනයක් කියන්න ඉඩක් දුන්නෙ කෙලිම්ම මාව අතින් ඇදගන උඩට ගියා.....ගිහින් අම්මලාගෙ කාමරේ ගාවටම එක්ක ගියා.....

රොවිනා.....ඩිවෝර්ස් එක දෙනකන් මෙහෙ ඉන්න....දරුවට එක පාර ගියහම දරා ගන්න බැරි වේවි....

දරුවට දරාගන්න බැරිවේවි.....එතකොට රෙහාන්...මට....මට දරාගන්න පුලුවන්ද රෙහාන්...මට දරාගන්න පුලුවන්ද ....මම ඩිවෝර්ස් එක ගන්න කන් ඉදි...මම කොහොමද ළමයා නැතුව ඉන්නෙ....ඔය ගෑනි....ඔය ගෑනි මගෙ කොල්ලට රිදවනවා කියන දේ දැන දැන ඇයි රෙහාන් මගෙ ලමයව මට නොදෙන්නෙ.....?

උඹට කොල්ලව බලාගන්න වත් කමක් තියනවද.....

වත් කමක්....වත් කම කෙසේ වෙතත්.....උඹගෙ අම්මටයි....අර ගෑනිටයි ළමයා බලාගන්න හිතක් පපුවක් තියනවද....උත්තර දියන් රෙහාන්....උඹ මට මෙහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද.....මා එක්කම ජීවත් උන උඹ ඇයි රෙහාන් මට මෙහෙම කරන්නෙ...අනේ....වදින්නම්....වදින්නම්..ආපි වෙන ගෙදරකට යමු....කොච්චර කොහොම හිත හදාගත්තා කිව්වත්....මම....මගෙ කොල්ලා නැතුව.....උබ නැතිව ඉන්නෙ කොහොමද රෙහාන්...අනේ....පින් අයිති වෙයි....අම්මට කියපන්..රෙහා...න්...පින් අයිතිවෙයි...මේ පවුල කඩන්න එපා කියපන්....අනේ.... රෙහාන්....

..රොවීනා..මා තීරනයක් අරන් ඉවරයි.....මට මගෙ ජිවිතේ තවත් විදවන්න බැ...දරුවව ඕන දවසක ඇවිත් බලලා යන්න දෙන්නම්...ඉන් එහා වෙන දෙයක්.මගෙන් බලාපොරොත්තු වෙන්න එපා...මට හැමදාම මෙ කරුමෙට කර ගැහිල්ල ඇති වෙලා තියෙන්නෙ.....උඹලගෙ රන්ඩු බේරලා මට ඇති වෙලා තියෙන්නෙ...

රන්ඩුව විසදන එකම ක්‍රමේ මාව අයින් කරන එකද රෙහාන්....මාව අයින් කරන එකද .....උඹට ලමයි වදන්න ගෑනියෙක් ගන්න පුලුවන් උනාට මගෙ කොල්ලට අම්මෙක් ගන්න පුලුවන් රෙහාන්....?.??

මම අහන් උන්නා...ආච්චම්මා පහල තට්ටුවෙ ඉදන් දුම් අල්ලනවා....ඒත් මෙ උදේ පාන්දර අම්මා තාත්තා එක්ක රන්ඩු වෙනවා...මාව ලගතියාගන උන්න බාප්පා මාව මිරිකගන ඉන්නකොට අම්මගෙ ඉකිගහන සද්දෙ දොරෙන් එලියට ඇහුනා....

උඹ ...ඕන ගෑනියෙක් එක්ක යමන් රෙහා...න්...අනේ උඹට මාව එපාම නම්.....ඕන ගෑනියෙක් එක්ක පලයන්...මට මගෙ දරුවව දීපන්...පින් අයිති වෙයි.....මෙච්චර කාලෙකට මගෙ වැරදි නොපෙනුන උඹට දැන් මගෙ වැරදි පේන්න ගත්තෙ කොහොමද රෙහාන්....උඹ එක්ක අවුරුදු ගානක් උන්න මට මේ ගින්දර දෙන්න එපා...අනේ..මට මගෙ ලමයවවත් දීපන්...

.ලමයව දීලා ඌ බඩගින්නෙ මැරෙන්නද....උඹට උඹව බලාගන්නවත් පුලුවන්ද රොවිනා..ශිහ්...අම්මා කියපු කතාව ඇත්ත....උඹව කරගහන්න එපා කියන්න එපා කියන්න මම කරගහ ගත්තා...එදා ඒ කියපු දේ අහලා මට අර ගෑනිව බැදගත්තා නම්...මගෙ කර උසට වත් ලමයි ඉන්න ගියා....ආදරේ ආදරෙ කියලා කරගහන ඇවිත් තියෙන්නෙ වද මගුලක්.....උඹට ළමයෙක් හදන වාසනවක් නෑ . උඹට මම කොල්ලව දෙන්නෙ නෑ.....ඕන වෙලාවක ඇවිදින් බලලා යමං...එච්චරයි ...දැන් වත් ඔය ඈඩියාව නවත්තපන් ..මගෙ ඔලුව කැක්කුමයි...

අනෙ....රෙහා....න්..මට...මගෙ...දරුවව...

දීපන්.....අනේ...රෙහාන්....මට මෙහෙම කරන්න එපා....මට මෙහෙම කරන්න...එපා.....රෙහා..න්..මට..අගෙ...ලමයව...අනේ....මාව....මැරේවි...

මැරියන් ...දෙයියන්ගෙ නාමෙන් මැරියන්.....උඹලා ඔක්කොම මැරියන් ...මට සැනසීමයි....

අයියේ....හ්!!!..

බාප්පා කෑ ගැහුවා...බාප්පා යටි ගිරියෙන් කෑ ගැහුවා.....මට අහන් ඉන්න බැරි තැන මම අත් දෙකෙම්ම කන්දෙක වහගන අඩනකොට බාප්ප කෑ ගැහුවා...

අක්කෙ...අක්කෙ නැගිටපන්....නැගිටපන්...උඹට සනීප නෑනේද තවම...නැගිටපන්...

මල්ලි...අනේ.....මල්ලි...මගෙ...දරුවව...ඉල්ලා..දීපන්...මල්ලි...මගෙ...දරුවව...මාව එලෙව්වත් කමක්....නෑ...මගෙ...දරුවව....ඉල්ලා දීපන්....

අම්...මෙ...අම්...මේ.....අම්මෙ...හ්....

යෙවීන්..මගෙ...රත්තරන් ...මගෙ...රත්තරන් පුතා...අම්මගෙ....පන...අම්මගෙ...පන...

අනේ...අම්මගෙ....පන....යෙවීන්.....

මම අම්මා ගාවට දිව්වා.....මෙච්චර කල් මල්ලි බබා උන්න ලොකුවට තිබුන බෝල බඩගෙඩිය තිබුන් නෑ.....හැබැයි කාමරේ තිබුන තොටිල්ල උඩ මල්ලි බබෙක් උන්නෙත් නෑ....අම්මා උන්නෙ තාත්තගෙ කකුල් ගාව...අම්මගෙ මුලු මූනම රතු වෙලා....ඇස් චූටිම චූටි වෙලා ගිහිල්ලා.....

අනේ මගෙ අම්ම රෑ එලිවෙනකම්ම අඩලා...තාත්තා අම්මට එලිවෙනකම්ම බැනලා...තාත්තගෙ කකුල් ගාව උන්න අම්මව බාප්පා ඇද උඩින් ඉන්දනකොට මම අම්ම ගාවට දුවලා තුරුල් උනා වගේම තාත්තා මගෙ දිහා බලලා අහක බලා ගත්තා .....

උඹට හිතක් පපුවක් නැද්ද අයියෙ ....යකො පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ඉදින්කො....උඹ මම තාත්තව ඉල්ලල කොච්චර ඇඩුවද....ඒ වේදනාව දැන දැන

මල්ලි...මේක මගෙ ප්‍රශ්නයක්....උඹ කට පියාගන ඉදපන්....අනික මේ ගෑනි ලමයව ඉල්ලන්නෙ කන්ඩ බොන්ඩ වත් දෙන්ඩ පුලුවන්ද ??මමයි මේ ගෑනිව මෙහෙම හරි කෙලින් කරලා ගත්තෙ....අතේ පිච්චිය නැතිව එදා වේල නැතුව උන්න උන්ට පුලුවන්ද ළමයෙක් බලාගන්නෙ.....

තුහ්....උඹ....යකො කරලා කියවන්ඩ එපා.....කරලා කියවන්ඩ එපා ...උඹ මෙච්චර කල් වෙනකන් අක්කගෙ වැරදි දැක්කෙ නෑනෙ...උඹ මෙච්චර කල් මෙ ගෑනිගෙ වැරදි දැක්ක නෑ....හැබැයි දැන් දකිනවා ..මොකද අලුත් එකී දැක්ක ගමන් උඹේ ආදරේ පෑල දොරෙන් දිව්වද....උඹ හොදට මතක් කරපන්....එදා විත්ති කූඩුවෙ උන්න තාත්තව ඉල්ල ඉල්ල අපි කොච්චර ඇඩුවද.....අම්මව තාත්තව දෙන්නම ඕනෙ කිය කිය අපි ඇඩුවද....ඒ දුක මේ කතාකරගන්ඩ බැරි නොදරුවට දෙන්ඩ එපා යකො.....

උඹ කියන්නෙ කොල්ලව දීලා බඩගින්නෙ මැරෙන්ඩ අරින්නඩ කියලද නෙහාන්...?

බඩගින්නෙ මැරෙන එක සැපයි ඌ....උඹලගෙ විගඩම් බලනවට වඩා....උඹගෙ අලුත් ගෑනියි අම්මයි එකතු වෙලා මේ කොල්ලව නොමර මරයි....කරුනාකරලා කොල්ලව අක්කට දීලා උඹ ඔය ගේන වහන්තරාව එක්ක ඉදපන්....

ඒක අපි බලා ගමු.....සංධීර්ට කියපන්....

සංධීර්ට ....සංධීර්ට මොනවා කියන්නද ..... ආ යකො....සංධීර් ...උඹ...දන්නවද ....සංධීර්....කොහෙද ...ඉන්නෙ කියලා.....නෑනෙ....උඹගෙ මේ පව්කාර වැඩේට ඌ කවදාවත් අත ගහන්නෙ නෑ.....ඌ කවදාවත් අත ගහන්නෙ නෑ...

තාත්තා සංධීර්ට කතා කරන්න කියනකොට බාප්පා තාත්තගෙ කොලර් එකෙන් අල්ල ගත්තා... අල්ලන් හෙලෙව්වා...එයාගෙ ඇස්වලට ආය ආයම කදුලු පිරෙනකොට සංධීර් කවදාවත් ආයම එන්නෙ නෑ කියපු බාප්පා මේඅඑ උඩ තිබුන තාත්තගෙ ඵොටො එකත් පොලවෙ ගහන් යන්න ගියා ....

මගෙ.....පුතා...

බාප්ප යන්න ගියා....ඒත් මගෙ අම්මා මාව අත් දෙකෙම්ම තුරුල් කරන් මගෙ ඇගේම තිබුන තුවාල අත් ගෑවා ...ඇඩුවා .....අම්මව දාලා යන්න එපා පුතේ කිය කිය ඇඩුවා .....ඒත් තාත්තා නෙවෙ අම්මගෙ කදුලු පිහ දැම්මෙ....තාත්තා නෙවෙ අම්මා දිහා බැලුවෙ.....තාත්තට නෙවෙ දුක හිතුනෙ.....එයා නෙවෙ අම්මට අඩන්න එපා කිව්වෙ ...

මට පලවෙනි පාරට තාත්තව එපා කියලා හිතුනා....අම්මව දාලා අර අලුත් ගෑනිව ගේන්න හදන තාත්තව එපාමයි හිතුනා.....මම සෑහෙන වෙලා හිතල හිතලා අම්මට කතා කරන්න ගොත ගැහුවා.....

අම්....අමේ.....අම්මෙ.....

.ඇයි මගෙ රත්තරන් ...ඇයි මගෙ...සුදු මහත්තයා.....අම්මව...අම්මව...දාලා යන්න එපා...යෙවීන්....අම්මව..දාලා...අනේ...අම්මව...දාල යන්න....එපා.මං...උඹව..... බලා ගන්නම්...මං...උඹව බලාගන්නම්...

අම්මා අඩනව...අම්මව දාලා යන්න එපා ගගා අඩනවා...ගොත ගහන මම අම්මගෙ බෙල්ලෙ එල්ලෙනකොට මෙච්චර වෙලාම වැහිලා තිබුන.දොර ඇරුනා...අම්මගෙ උරහිසෙ ඔලුව ගහන් උන්න මම ඔලුව උස්සලා බැලුවා....වෙන කවුරුත් නෙවෙ..ආච්චම්මා...මෙ හැම දෙම කරපු ආච්චම්මා...අම්මව එලවපන් කියන ආච්චම්මා .....

ලොකු එකා....ඔන්න ඕකව දීලා දාපන්...ඊයෙ රෑ ඉදන් ඈඩියව නේද.....උඹට ලමයි එකට දහයක් උනත් හදාගන්ඩ පුලුවන් නෙ....දීලා දාපන්....කොහෙන්වත් ගෙනාව එකෙක් හන්දා මෙච්චර නහින්ඩ හදන්නෙ ඒකි වද උනාට උඹ වද නෑනෙ ...

අම්මා...කට!!

🥺ආය එන්නම්.....

.මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters