LightReader

Chapter 21 - 21

වඳ ගෑනි...කව්ද වඳ ගෑනි.....මොකක්ද ඒකෙ තේරුම.....??.

ආච්චම්මා අම්මට වඳ ගෑනි කිව්වා....ඇයි ඒ.....ඒ වචනත් එක්ක අම්මගෙ අස් වලින් කදුලු පේලියක් එකම දිගට කඩාගන වැටෙන කොට අම්ම මාව පැත්තකට කරලා නැගිට්ටා....නැගිටලා ආච්චම්මා ගාවට ගියා....

ඔව්...මම වඳයි...මම වඳයි....හැබැයි ඒක මගෙ මිනිහට මෙච්චර කාලෙකට ප්‍රශ්නයක් නෑ....හැබැයි අම්මට හැමදාම ඒක ප්‍රශ්නයක් උනා.....

මම කෑවත් අම්මට වැරදි ...මම බිව්වත්...මම ඇන්දත් මම ඇවිද්දත් කොටිම්ම අම්මට මම හුස්ම ගන්න එක පවා වැරදි ...දෙයියන්ගෙ නාමෙට මම අහන්නෙ....මම ඔයාට කරපු හතුරු කම මොකක්ද අම්මෙ....මම මේ දරුවා අම්මට කරපු හතුරු කම මොකක්ද....මේ නොදරුවා අම්මට කරපු වරද මොකක්ද.....ඇයි මේ ලමයගෙන් ඔහොම පලිගන්නෙ....මට ඕන දෙයක් කිව්වත් කමක් නෑ...අගෙ කොලට ඇයි අම්මෙ ඔහොම කරන්නෙ .....ඇයි මෙච්චර අපේ ජීවිත වලට ඇගිලි ගහන්නෙ...??

රෙහාන්....උත්තර දීපන් ...ඇයි අහපන්....ඇයි අහපන්....එක දරුවෙකුත් නැති උන මම දැන් ඉන්නෙත් හොද සිහියෙන් නෙවෙ රෙහාන්....ඉස්පිරිතාලෙ ඉදන් එන්නත් කලින් උඹ මාව අතෑරලා මදිවට මේ ලමයවත් ඉල්ලනවා....අනිත් පැත්තෙ මේ අම්මන්ඩි කොල්ලව දීලා දාපන් කියනවා....උඹලට ඕන ඕන විදිහට දීලා දාන්ඩ මගෙ කොල්ලා සෙල්ලම් බඩුවක්ද.....?? අම්මෙක් වෙන්ඩ වදන්ඩම ඕනෙද රෙහාන්...උත්තර දීපන්....උත්තර දීපන්....රෙහා....න්...මට උත්තර ...දීපන්...මෙච්චර කල්ම....හොදට උන්න උඹට.....දැ...න්...දැන්....මාව වහ කදුරු වෙන්න එකම හේතුව අර ගෑනි උනේ කොහොමද රෙහාන්.....කෝ...උඹගේ....ආදරේ.....කෝ....රෙහා...න්

අහකට පලයන් ගෑනියෙ දැන් වත්

අම්..අම්..අම්මෙ....අම්මෙ...එපානෙ...එප්....එප්....එපා.....හ්....එපා...හ්..

මම කෑගැහුවා.....අත් දෙකෙම්ම කන්දෙක වහගන ඔලුවත් හොලව හොලවම කෑ ගැහුවා.....අම්මා තාත්තගෙ ඇගේ එල්ලීගන කෑ ගහනකොට තාත්තා අම්මව තල්ලු කරනකොට .....තාත්තා අම්මට අහකට පලයන් කියනකොට ....මේ ඔක්කොම දිහා ආච්චම්මා ගානක් නැතුව බලන් ඉන්නකොට මම කෑ ගැහුවා ...

තාත්තා අම්මව එපා කියනවා...

අම්මට වඳ ගෑනි වඳ ගෑනි කිය කිය කෑ ගහනවා...

මාව දීලා යන්ඩ කියනවා.....

මාව දෙන්ඩ බෑ කියනවා.....

ගොතයෙක් ගෙන් වැඩක් නෑ...ඔය ඔක්කොම අමතක කරපන් කිය කිය ආච්චම්මා එහෙන් කෑ ගහනවා...

අනේ මේ හැම දේම නේ පුංචි හිතට බර වැඩී ජේසුනේ....

කසාදයක් කටු ගානකොට තැලෙන්නෙ අපිනෙ...

අම්මට් තාත්තට අපිව එපා වෙනකොට තැලෙන්නෙ අපිනෙ...

අමේ...යෙවීන්ට වේදනාවයි ...

යෙවීන්ට පපුව පැලෙන්ඩ වේදනාවයි...

මම කෑ ගගහා....අඩ අඩම ජනෙල් තිර අස්සෙ හැංගෙනකොට තාත්තා අම්මට හයියෙන් කෑ ගැහුව්.....මාව දෙන්න බැමයි කිව්වා.....උඹ ඕන දෙයක් අරන් පලයන් කියලා කෑ ගැහුව...අම්මට මට කන්න දෙන්නවත් පිච්චියක් නෑ කියලා යටි ගිරියෙන් කෑ ගහනකොට අනේ අම්මා එහෙම්ම බිම ඉදගත්තා ....මෙච්චර වෙලාම කෑ ගහලා බැනපු අම්මා අනිත් පාර ඔහේ ඉදගත්තා .....

අනේ...අම්මගෙ මූනෙ දුක.....

තාත්තා සැරින් සැරේම අම්මා දිහා බලනවා...ආය අහක

බලනවා

සලාන්....

රොවිනා!!!!

මම අත් දෙකෙම්ම කන්දෙක වහගත්තා .....

වීදුරුවක් මහ සද්දෙන් බිදිලා යනකොට තාත්තා අම්මගෙ නම කියලා කෑ ගැහුවා.....

මගුල් ඵොටෝ එක....ඒක අම්මගෙයි තාත්තගෙයි මගුල් ඵොටො එක...

අනේ අම්මා පොලවෙ ගහලා තියෙන්නෙ අම්මගෙ මගුල් ඵොටෝ එක...

මගෙ තුවාල ඇදුම් කනවා....අඩාගන්න බෑ දැන් පපුව රිදෙනවා.....කතා කරගන්න බෑ මට වෙනදට වඩා දහ ගුනයක් අද ගොත ගැහෙනවා...

උඹගෙයි මගෙයි බැදීම බිදිලා තියනකොට ඵොටෝ එලකින් මොනවා රකින්නද රෙහාන් ....උඹ මාව පාන්කඩයක් වගේ පැත්තකට විසික් කරලා දැම්මා.....උඹ මගෙ ඇගෙ තුවාල හොද වෙන්න කලියෙන් පපුව තුවාල කෙරුවා.....උඹ හැම දේම තියාගන මට මගෙ ලමයව දීපන් රෙහාන් ....උඹගෙ අම්මට වගෙ නෙවෙ මට මගෙ දරුවව වටිනවා .....

අම්මා තාත්තගෙන් ආය ආයන මාව ඉල්ලුවා ඒත් තාත්තා නෙවෙ අම්මව ගනන් ගන්නෙ.....

තාත්තා අම්මට රිදවනවා...

මම අඩ අඩම තව හැංගුනා....අම්මා තාත්තට ගානක් නැති උනාට මම උන්නෙ දොර රෙද්ද අස්සෙ හැංගීගන මේ හැම දේම අහගන....අම්මා තාත්තට කියපු ...තාත්තා අම්මට කියපු හුගාක් කතා මගෙ ඔලුවට වද දෙන්න ගත්තා .....මම ඒ දෙන්නගෙ නෙවෙ කියන එක මගෙ ඔලුවට ආය ආයම ඇතුල් වෙනකොට කතා කරගන්න බැරි මම නොසෑහෙන්න වේදනාවක් වින්දා...

මාව අරන් හෆ්හා ගත්තලු.....

මාව අරන් හදා ගත්තලු ...

මාව අරන් හදා ගත්තලු ...

මගෙ ඔලුව අස්සෙන් එ වචන කිය කිය කවුරු හරි කෑගහනවා වගේ ඇහෙන තරමට ඒ වචන බර වැඩි වෙනකොට මම මගෙ නලල බිත්තියෙ ගහගත්තා ....එක දිගට....එක දිගට.....එකම දිගට....

මාව අරන් හදා ගත්තලු....

ගොතයෙක් බව නොදැන අරන් හදා ගත්තලු.....

ආච්චම්මගෙ වචන පිහි පාරවල් වගේ.....

මාව අරන් හදා ගත්තලු....

ගොත ගහන මට වචන අමතක උනා....

අඩුම ගානෙ අම්මෙ එපා.....දැන් ඇති කියන්නවත් මට බැරි උනා....

මට කතා කරගන්න බැරි උනා....

මාව ගොළු උනා....

දරා ගන්නම බැරිම තැන

මගෙ පොඩි පපුවට....

පොඩි ඔලුවට උහුලන්න අමාරුම තැන....

" ගොතයා....ගොළුවෙක් උනා..."

රෙහාන්....උඹගෙ අම්මට ඒ දරුවා අරන් හදාඩම්ගත්තු ගොතයෙක් වෙන්න පුලුවන් ....ඒත් හොදට කල්පනා කරලා බලපන්.... ගොත ගගහා හරි මුලිම්ම තාත්තා කිව්වෙ උඹට නෙවෙද...ගොත ගගහා හරි අම්මා කිව්වෙ මට නෙවෙද....ආ රෙහාන්....කතා කරපන්....කතා කරපන්.....උඹ පව්කාරයෙක්....උඹ අම්මයි දරුවයි වෙන් කරන පව්කාරයෙක්...

පව් කාරයෙක්.....උඹ එක්ක යවලා කොල්ලට කන්න බොන්න නැතුව මැරෙන්ඩ ඇරියොතින් තමා මම පව් කාරයෙක් වෙන්නෙ....උඹට ළමයව දෙන්නෙ නෑ...හැබැයි උඹ වැඩිය කෑ ගහන් ආවොත්....උඹට ලමයව බලන්ඩ දෙන්නෙත් නෑ.....ඒක මතක තියාගනින්....

රෙහාන්....!!! උඹට...උඹගෙ අර සක්කරවටමට පුලුවන්ද මගෙ ලමයව බලා ගන්න....ආ.....උඹගෙ අර සක්කරවට්ටමට පුලුවන්ද මගෙ ළමයා ගොත ගගහා හරි කියන දේවල් තේරුම්.ගන්න....මමයි උගෙ අම්මා....අනේ උඹ ඕන ගෑනියෙක් එක්ක පලයන් මගෙ දරුවව මට දීලා රෙහාන්.....අනේ....පින් ....පින්.....අයි....ති වෙයි.....

බිත්තිය රතු පාට උනා.....

සුදු පාට ගාලා තිබුන බිත්තිය ටික ටික රතු වෙන්න ගත්තා...

ඉස්කෝලෙන් කොන් වෙන.....

ගෙදරින් කොන් වෙන....

අවසානෙදි අම්මා තාත්තා පවා මන් හින්දා මටම නැති වෙන්න යන....

වචනයක් කතා කරගන්න බැරි මට තව දුරටත් මේ කිසිම දෙයක් දරා ගන්න බැරිව ගිහින් මගෙ වචන සම්පූරනම නැත්තටම නැති වෙලා යනකොට මට අවසානෙදි නලල පුපුරලා ලේ එන එකවත් දැනෙන්නෙ නැති උනා....

මම හරියටම බැටරි බැස්ස ඔරලෝසුවක් වගෙ.....

නවතින්න ඔන්න මෙන්න තියලා කටුව එක තැන එහා මෙහා වෙනවා වගේ....

පන තිබ්බට ඇතුලතින් සම්පූරනම මැරිලා ගිහිල්ලා....

ඇත්ත....පුංචි යෙවීන් මැරිලා ගිහිල්ලා....

උන් හැමෝම ගොත මාව මරා ගත්තා....

මගෙයි කියන්න හිටපු හැමෝවම උන් මගෙන් උදුර ගත්තා ...

සංධීර් මැරිල....නෑ....අපෙ සංධීර්ව පුච්චලා මරලා .....

අපෙ සංධීර්ව ඇදක ගැටගහලා මරලා...

මගෙ අම්මා තාත්තව කවදාවත් උදුරගන්න දෙන්නෙ නැ කියන සංධීර්ට ආයම කවදාවත් එන්න බැරි වෙන්න උන් එයාව මරලා දැම්මා...

යෙවීන්ව හදාගන්න අරන්ලු.....

මම ආතක් පාතක් නැති එකෙක්ට ජාතක වෙන්ඩ ඇතිලු...

ගොතයෙක්ලු.....

ඕකව දීලා දාපන්ලු...

ආච්චම්මා යෙවීන්ව පන පිටින් මරනවා.....

අම්මට මාව ඕනෙලු.....

තාත්තට අම්මව එපා උනත්.මාව ඕනෙලු....

ඒත්....ඒත් කිසිම කෙනෙක් ඇහුවද...යෙවීන්ට කාවද ඕනෙ කියලා .....

නෑ.....

යෙවීන්ගෙන් ඇහුවද අම්මවද තාත්තවද ඕනෙ කියලා.....

නෑ....

කවුරුත්ම ම නෑ....

උන් හැමෝම යෙවීන්ව මරාගත්තා .....

ඇස්වලින් වැටෙන කදුලු එක්ක මම ඔහේ මගෙ නලල බිත්තියට ගහගත්තා ....කාමරේ ඇතුලෙ වීදුරු කුඩු වෙන සද්ද....අම්මා අඩන සද්ද....අවසානෙදි ....අම්මා කවදම හරි දවසක මගෙ ලමයව ගන්නවා කියන වචනත් එක්ක මග්ගෙ කම්මුලට තාත්තා ගහපු පාර දැකපු මම හයියෙම්ම නලල බිත්තියෙ ගහගන්නකොට බාප්පා දොර ඇරන් ආවා...හැබැයි නිකන් නෙවෙ...පොරවකුත් අරගන...

දෙයියන්ගෙ නාමෙට....තෝයි...තෝයි ඔය රන්ඩුව නවත්තනවද නැද්ද යකො.....ආ.....එහෙන් එකෙක් මැරිලා... තෝ මෙතන ලෙඩ ගෑනිව කනවා.....තොට ලමයා ගැන කැක්කුම නම් උගෙ අම්මව ඌට දීපිය....තොට ලමයා ගැන කැක්කුම නම්...තෝ වෙන එකියෙක් එක්ක හැමනෙන්න්ඩ හදන එක නවත්තපිය.....තොට ඔය කියන තරම් ලමයා ගැන කැක්කුම නම්....මම.මෙච්චරයි කින්නෙ.....දැන් වත් ඔය නාඩගම නවත්තලා ලෙඩ ගානෙ ඉන්න දරුවව බලපිය....

මල්ලී...උඹ...

කට වහපන්...උඹ කටවහපන්.....පේනවනෙ අතේ තියන එක....මම දැන් ඉන්නෙ කොහොමත් හොද සිහියෙන් නෙවෙ....වෙන එකෙක්ව බාවන්ඩ ඉන්න වෙලේ...එ තැනට උඹ එන්නෙ නැතුව ඉදපන් හරි....ආය වචනයක් කිව්වොත්...දෙයියො බුදුන් පල්ලයි...මම තෝව මේකෙම්ම දෙකට පලලා මම හිරේ යනවා...

දෙයියානේ....නෙහාන්...නෙහා...න්....අහකට පලයන්...අහක...ට පලයන්..නෙහාන්.....උඹලා සහෝදරයෝ නේද යකෝ...බල්ලො බලල්ලු වගේ කාගන්නෙ...

ඔය ආවෙ....ඔය ආවෙ...ඔක්කොම අවුලල ඔය ආවෙ.....මරු අම්මා...අම්මෙ අම්මා තමයි මෙතන ලොකුම හෙනේ....උන් දෙන්නගෙ මැදට ගිනි අවුලපු එකම එකා ඔයයි අර අරක්කු කාරයා බැදගත්තු අක්කා කියන පට්ට .....

බිත්තිය පුරාවටම ලේ පාවරල්...හරියටම මඩට වැටුන බෝලෙකින් සුදු පාට බිත්තියඅට ගැහුවම හිටින පාරවල් වගේ ...බාප්පා කෑගහනවා....ආච්චම්ම පොරවට බයේ බාප්පව අදිනවා...මෙච්චර වෙලාම කෑගහපු තාත්තා බාප්පා පොරව උස්සනවා එක්කම පැත්තකට වෙනකොට මගෙ ඔලුව ගහගන.වැඩි කමටම මාව කර්ට්න් එකත් කඩාගන වැටුනා....

යෙ...යෙවී...න්...

අනෙ මල්ලි මගෙ දරුවා....

යෙවීන්...මගෙ පුතේ ...

අහකට පලයන්...අහකට පලයව් තොපි එකෙක් අල්ලන්නෙ නෑ ආ ...

මල්ලි අනෙ මගෙ ළමයා....මල්ලි.....අනේ...යෙවීන්.....මගෙ පුතේ...අම්මගෙ යෙවීන්.....

යෙවීන්.....

අම්මෙ....උඹ නාවට කමක් නෑ.....දෙයියන්ගෙ නාමෙන්....උඹ....නාවට....කම....ක්..නෑ....

මම ඔහේ උන්නා...අම්මෙ රිදෙනවා කියන්නවත් මට කතා කරගන්න මට බෑ....ගොත ගහගහා වත් මට කතා කරගන්න බෑ..මෙච්චර වෙලාම මරාගත්තු අම්මා තාත්තා ...බය උනා.. ආච්චම්මා පවා බය උනා....වෙනමොකටවත් නෙවෙ....මාව වඩාගත්තු බාප්පා අපේ පස්සෙන් එන්න ආව ආච්චම්මට කෑගැහුවෙ එසෙ මෙසේ නොවෙන කෑගැහිල්ලක් නොවෙනකොට ආච්චම්මා ඉස්සරහට තිබ්බ කකුල ආයම පස්සට තියලා මාව හරහට උස්සන් පහලට දිව්වා....

අක්කෙ ගනින් මේ කොල්ලව...

අක්කට ගන්ඩ බෑ මෙහෙ දියන් ලමයව.. 

ඇයි ඒකිගෙ අත පය කොරවෙලා නෑනෙ.....ඒකිට පුලුවන් ....උඹටයි බැරි .උඹටයි බැරි....උඹටයි බැරි ...

අනේ මල්ලි....ලමයට අමාරුයි මල්ලි...අනේ ඇති දෙවියනේ....ඇතී....හ්....යෙවීන්....මගෙ පුතේ අම්මගෙ පන.....අම්මගෙ වස්තුව ...කතා කරපන් මගෙ අම්මා...අනේ.....යෙවී.....න්න්න්න්

මම උන්නෙ අම්මගෙ උකුලෙ....එයා ගාව තවමත් අර අමුතු සුවදයි . නලලෙන් ලේ ආවත් පොඩි පපුව පුපුරන්න ආවා උනත් කියන්න බැරි තරම් ඔලුව වේදනා දුන්නත් අනේ මම අම්මගෙ පපුව මැදට මූන තියා ගත්ත විතරයි මේ ඉන්නෙ මගෙ අම්මා මිසක්...මේ ඉන්නෙ මගෙ අම්මා නෙවෙ කියන දේ බොරු හිතුනා .....

අම්ම මගෙ නෙවෙ නම් ඇයි අම්මා අඩන්නෙ....

ඇයි මාව ඉල්ලන්නෙ...

ඇයි මගෙ පුතා..අම්මගෙ පන....අම්මගෙ වස්තුව කියන්නෙ.....

උන් බොරු කියනවා....අනේ....උන් බොරු කියනවා...

.මේ ඉන්නෙ යෙවීන්ගෙ අම්මා....

.අනේ අම්මෙ...එපා කසාදෙ කටු ගාන්ඩ.....

යෙවීන්වත් සංධීර් වගේ මැරිලා යාවි.....අනේ....එපා.....එපා....හ්හ්

අම්මගෙ පපුවට හේත්තු උන මම් හයියෙන් හුස්ම ගත්තා.....

මට නහයෙන් ගන්න හුස්ම මදි වෙනකොට මම අම්මව මිරිකගත්තා....

අම්මගෙ ඇස් වලින් වැටෙන කදුලු මගෙ මලානික මූන උඩට වැටෙනකොට මම අම්මා දිහා බලන් උන්නා .....හරියටම අම්මව දකින අවසානම දවස අද වගේ ....

මම හුස්ම ගන්න් බැරි උනා...එන්න එන්නම අමාරු උනා....අනිත් පාර මම කට ඇරලා හුස්ම ගත්තා...

කට ඇර ඇර හුස්ම ගත්තා....

අනේ..මල්ලී....මල්ලි....දෙයියනේ...

ඉක්මන් කරපන් මල්ලි .ඉක්මන් කරපන්කො....යෙවීන්.....අනේ...අනේ...යෙවීන්....යෙවීන්...අනේ පුතේ.....යෙවීන්....ඇයි.....දෙයියනේ ..ඇයි....අනේ...යෙවීන්.....

අම්මා මගෙ පපුව අතගගා යෙවීන් යෙවී යෙවීන් ගෑවා.....

උරහිස් වල තුවාල ආය ආයම පෑරෙනකොට මැහුම් දාපු ඉදිමිලා තිබුන දාපු දත් නැති කට ලාවට මම හෙලෙව්වා ....

අම්මෙ...

මට අම්මෙ කියන්න ඕනාඋනා...

.එකම එක පාරක්...

එක්ම එක පාරක්....

අම්මෙ...මං ආදරෙයි....යෙවීන් ආදරෙයි . කියන්න ඕනා උනා....

ගොත ගහන්නෙ නැතිවම.....

ඒත් මට කතා කරගන්නම බෑ ...අම්මෙ කියන්නවත් මට හුස්ම අල්ලගන්න බෑ.....මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා ... ...

අම්.....

මම හුස්ම ඇද්දා... අම්මෙ කියන්න ඕන තැනට අම් කියන වචන මග හිර වෙනකොට මම පපුව පිරෙන්නම ලොකූ හුස්මක් අරගන මම අම්මව මිරිකගත්තා .....මට අහු උනේ අම්මගෙ කොන්ඩෙ වෙනකොට හුස්ම ගන්න දගලපු මම අම්මගෙ කොන්ඩෙන් ඇදගන එක අතකින් අම්මගෙ මූන අතගෑවා...

අ...ම්...මෙ....හ්...

මගෙ පුතාට ...මගෙ පුතාට....අනේ ...පින් අයිති වෙයි....මගෙ පුතා.....අනේ....මල්ලි .....හ්.....අනේ....මල්ලී...හ්...මගෙ...

ඩොක්ටර් ....කොල්ල ඇයි කතා කරන්නෙ නැත්තෙ ඇයි ඩොක්ටර් .....ඇයි...මගෙ කොල්ලා....ඇයි කතා නොකරන්නෙ ....

ඔයා එයාගෙ කව්ද ..දරුවගෙ තාත්තද....

ඔ...ඔව්....ඩොක්ටර් ...මම...මමයි තාත්තා....මමයි...තාත්තා.....

කලබල වෙන්න එපා කියන්න බෑ...මොකද....දරුවට තියෙන්නෙ දරාගන්න බැරි කම්පනයක් ....සමාවෙන්න මම හිතන්නෙ....දරුවට ආයම කතා කරගන්න.....

අනේ ...අනේ...අනේ.....මල්ලි....මල්ලි....මල්ලී...හ්හ්........රෙහාන්....මගෙ කොල්ලට ....මගෙ...කොල්ලට...

උදාන....උදාන...මේ මොනවද කියන්නෙ....මේ මොනවද උදාන කියන්නෙ.....කතා කරපන්...මගෙ කොල්ලට....මගෙ කොල්ලට අනේ ...උදාන.....

නෙහාන්.....මචන් .....

ඇස් කොන්වලින් වැටුන කදුලු බින්දුව කොට්ටෙ උරේට වැටෙනකොට බාප්පා යහපතාව හොලව හොලව මොනව හරි අහනකොට යහපතා කිව්වා මට කතා කරන්න බැරි වෙයි කියලා ...ඒ එක්කම වයර් ගොඩක් අමුනන් උන්න මගෙ ගාවට අම්මා දුවගන ඇවිත් මාව අත ගගා අඩන්න ගත්තා .....

අම්මෙ කියපන්....රත්තරන් ...අනේ....අම්මෙ...

කියපන්....මගෙ පුතේ අම්ම....අම්මා....කියපන් .... රත්තරන් ... අනේ.. අම්මා.....කියපන්....රත්තරන් ....අම්ම...දාලා...යන්නෙ නෑ .....අම්ම...දාලා...යන්නෙ නෑ.....

.අම්මා මාව දාලා යන්නෙ නෑ කිව්වා....අම්මා.....මාව දාලා යන්නෙ නෑ කිය කිය අඩනකොට අනේ අම්මෙ ...අඩන්න එපා කියන්නවත් මට කතා කරන්න වචන්න නැති උනා.... .....

අවසානෙදි .....ගොතයෙක් විදිහට ඉපදුන යෙවීන්ව උන් එකතුවෙලා අවසානෙදි ගොළුවෙක් කරල දාලා තියනකොට මම ඔහේ උන්නා.....මම ඔහේ අහන් උන්නා...

මගෙ රත්තරන් ...අම්මා මගෙ පුතාව දාලා කොහේ....වත් යන්නෙ නෑ.....මගෙ පුතාව....අම්මහෙ පුතානෙ.....අම්මගෙ පුතානෙ උඹ රත්තරන් ....අම්මගෙ....පුතා....උඹව අම්මා දාලා යන්නෙ නෑ...අම්මා....අම්මා....උඹව බලාගන්න.....අම්ම...අද...ඉදන්..... අම්මා....අද.. ඉදන් උඹගෙ....තාත්තා....ඉල්ලන..... සල්ලි...එකතු කරන්නම්....උඹ.....ව...බලාගන්න නැති....සල්ලි.....අම්මා ....අද...ඉදන්.....

සල්ලි.....එකතු.....කරන්නම්....මං...උඹව අම්මා ගාවට අනේ....මගෙ දෙයියෝ...කතා කරපන්...අනේ...කතා කරපන්කෝ....

අම්මා අඩනවා....තාත්තා ඔහේ බලන් ඉන්නවා.....තාත්තා දිහා බලපු බාප්පා තාත්තව එලියට තල්ලු කරලා දානකොට යහපතා මගෙ ඇවිත් හිනා නොවී හිනා හිනා වෙනගමන් මගෙ ඔලුව අතගාලා යෙවීන්...කියන කොට මගෙ ඇස් දෙකෙන් ආයම කදුලක් වැටුනා වගේම එක පාරම කඩාගන බිදගන රොබින් කුරුල්ලත් ආවා...

උදාන...

කීයටද බොඩි එක හම්බෙන්නෙ රොමේන්.....

පහ....පහයි කාල...විතරට ගේනවා කිව්වා...ඒකෙ ගන්න දෙයක් නෑ.....මූන විතරයි අතපය ඇකිලිලා.....

පහට පහයි කාලට????

ම්ම්ම්ම්....

මේ....ජොබික්කට හැපි කිස්මස් එකට තෑග්ගක් හම්බුනානෙ.....අයි....අයි...

සෙනාරි.....නංගා....

ස්තූතියි ඔයාට ගොඩා.....ක්🥺🥺🥺😘😘❤️❤️❤️ආතරෙයි....

ජොබික්කියා නිදහා...ස්ස්

..." පහයි කලයි....."

...අග්ගිය එක්ක එන්නම් ඇ...😂😂👉👈🤭🤭..ම්හුක්...ජොබීත අවදානෙ ඕන උනානෙ😂

....මම

Ferdeesha ❤️💚😘 ....

..

More Chapters