LightReader

Chapter 83 - 83

දැනුයි හුස්මක් වැටුනෙ...

හෙට මාව උසාවි දානවලු...

ඇමතියා මං පැනලා යයි කියලද කොහෙද දොර ගාවට තවත් ඇමති කුක්කො දෙන්නෙක් තුන් දෙනෙක් දැම්මා වගෙම මාත් ඌට සෙකන්ඩ් වෙන්න බැරි හින්දා මට ජීවිත තර්ජන තියනවා කියලා පොලිස් පොතේ ඇන්‍ට්‍රි එකකුත් ලියව ගත්තා....

දැන් මොකද බන් කරන්නෙ.....

මං උන්නෙ සීනි බෝලයක් සූප්පු කර කර...ආව ඇමතියට මගෙ බොරු විකාර අහන් ඉදල බැරිම තැන යන්න යනකොට පොලිස් ජීප් යනකන් ඉදලා රොබිනා අපේ කාමරේට පියාඹන් ආවා...

මෙ ඇටයා කියන බොරු කාන්දරාව යකො....

ම්හුක්.....උ..උනට....ම්ම්.මෙතනත්....ඇ..ඇත්ත....ක්..කිව්වම....උ...උන්...හෙ...හෙට....ව්..වෙන්කොට ....ස්..සාක්කි....ම්..මකයිනෙ...

මම ඔලුව කැසුවා...කසලා සාක්කි මකයිනෙ කියලා කියනකොට සංධීර් රොබිනා දිහා බැලුවා.....

බල්ඩ් රිපෝර්ට් එක හරිද.....?

එක හරි....

එක් දශමෙකින් වත් වෙනස් නෑනෙ...

ඒක හරි.....

ම්ම්ම්....එහෙනම්....එච්චරයි ...

ස්ස්...ස්ස්..සංජීර්.....ද්ද්...දැන්...ම්..මොකක්ද.....ක්ක්..කරන්න...ඕනෙ.....

කියපු බොරුව දිගටම කියපන් බොසා...

එයා කිව්වා කියපු බොරුව දිගටම කියපන් කියලා.....මොකක්ද බොරුව....ඩ්‍රග්ස් ගත්තා කියපු එකද...

ඒක එහෙම නම්....

ම්ම්ම්...ම්ම්..පිස්සු කෙලලා බෑ...හෙට හොද සිහියෙන් උත්තර බදින්න ඕනා..කියන බොරුවට සාපේක්ශව සාක්කි තියාගන්න ඕනා...

ඇබිත්තමා...රැට මොනවද කන්නෙ....

ක්ක්...ක්ක්..කොත්තුවක්...ව්.ව්..වත්...ගෙනත්...ද්දෙන්න....ර්..රොබිනෝ.....ස්...ස්...

සුප්....ග්..ගිලලා....ගිලලා...ද්දැන් නම්....එ..එපාවෙලා....

මම කොත්තුවක් ඉල්ලුවා එක හක්කකින් වත් හපනවා මොනවා කරන්නද....හෙට එසේමයි ස්‍වාමිනි කියන්න හයිය හත්තිය එපැයිනෙ...

මං එහෙම්ම හැරිලා සංධීර් දිහා බැලුවා....එයා ඉන්නෙ බර කල්පනාවක.....එයා ඉන්නෙ වෙනම ලෝකෙක....හෙට උසාවි දාන්න ඉන්න හින්දා වගේම මං පැනලා යයි කියලමද කොහෙද මාව බලන්න දෙන එකත් තහනම් වෙනකොට ඇමතියා යන්න ගියේම මගෙ සංධීර් දිහා මහා සීතල බැල්මක් දාගන වෙනකොට උඩින් හිනා වෙවී උන්නත් හිත යටින් මාත් පිච්චෙන ගමන් උන්නා .....

සංධීරයා උඹට මොනවද ඕනෙ....

ලමයට ඕන දේ ගෙනත් දියන්....

රොබිනා සංධීර්ගෙන් මොනවද ඕනෙ අහනකොට එයා ඒත් කෙරුවෙ ඇහෙන නෑහෙන ගානට ලමයට ඕන දේ ගෙනත් දියන් කියන එක වෙනකොට මම බිම බලාගන උන්නා...

ස්ස්...ස්...සංධීර්.....

ම්න්....

රොබිනා යන්න ගියා....තනි සුදු ගාපු බිත්තියෙ කලු පාටට හුරු පුංචි සමනලයෙක් වහලා ඉන්නකොට ඒකා තව දුරටත් බිත්තියේම නොයිද ලයිට් එක වටේ කැරකෙන්න ගත්තා .....

ඕකව පිච්චෙනවා දැන්.....

මම බලන් උන්නා....ඌ විතරක් නෙවෙ තවත් කලුපාට පුංචි පූච්චො දෙන්නෙක් තුන්දෙක්ම ලයිට් එක වටේ කැරකි කැරකි පියාඹනකොට අර මෝඩ සමනලයා ලයිට් එක උඩ වැහුවා ...එක තත්පරයක් වත් ගියෙ නෑ..ඌව පිච්චුනා....

මං බලාගන ඉන්නකොට ඌව බිමට වැටුනා ....

ස්ස්...සංධීර් ....

මං ආයම සංධීර්ට මිමිනුවා....

එයාගෙන් කිසිම සද්දයක් නෑ.....

මං එහෙම්ම බෙල්ල හරවලා බැලුවා .....

එයා නිදි

හැබැයි ඇස් දෙක ඇරගන..

එයාට මගෙ පැත්තට කතා කරන්නත් බෑ ...එයාට වෙන්නෙ හෙට අනිත් පෙරකදෝරුවො එක්ක බලාගන ඉන්න.....

යෙ යෙ.....

එයා මිමිනුවා....තත්පර් ගානක් යනකන් එක එල්ලෙ සිවිලිම දිහා බලන් උන්න සංධීර් යේ යේ කියලා මුමුනනකොට මං එයා දිහාවට හැරුනා.....

අද එයයි මායි දෙන්නම එක ඇදෙ...

තුරුල් වෙන්න....

එයා මගෙ දිහා බලාගන තුරුල් වෙන්න කියලා මිමිනුවා .....

අනේ ඇයි මගෙ සංධීර් ..ඇයි.....උඹ කවදාවත් නැතුව ඔහොම කතා කරන්නෙ...ඇයි මගෙ රත්තරන් ....

මගෙ හිත ගැහෙන්න ගත්තා ....

ලබ් ඩබ් ගාන පපුව පුපුරන්න ආවා ....

මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තු සංධීර් එහෙම්ම මගෙ පැත්තට හැරුනා ....

එයා මොනවද මට හංගන්නෙ.....

එයා මොනවද මට නොකියා ඉන්නෙ...

ඇමති කාලකන්නියා ඇවිල්ලා ගියත් හරි එයාගෙ මූන වෙනස් වෙලා ගියා .....

කමක් නෑ මගෙ සංධීර් ...උඹවත් මමවත් තනි නෑ.....අපිට අපි ඉන්නවා .....උඹ කිව්වා වගේම උඹ ඇතුලට ගියෝතින් ...මං හිර බත් අදින්නම්.....

ආදරේ වෙනුවෙන් පන උනත් දෙන්නම් කියන මිනිස්සු සීයක් ගත්තොත් එතනින් අනූ නවයක්ම ඒක කියන්නෙ කටවචනෙට...ඒත්....මං එහෙම නෑ මගෙ සංධීර් ...

මං එයාගෙ මූ දිහා බලන් ඉදලා අත් දෙකෙම්ම මූන අල්ලගන්නකොට එයා ලාවට හිනා උනා....

බයයිද.....

එයා මිමිනුවා .....මං නෑ කියලා කිව්වා ....

න්න්...නෑ.....ඔ..ඔයා....ඉ...ඉන්නකන්....ඇ...ඇයි....ම්..මං....බයවෙන්නෙ.....

ම්න්....

ස්ස්...සංජී.....ර්

ම්ම්ම්ම්ම්...

ම්ම්...මං....හ්..හරි.....ආදරෙයිනෙ.....

සමහර විට.....මං ඔයාව තුරුල් කරන් නිදියන අවසානම දවස මේක වෙන්න පුලුවන් ඇබිත්තම .....

......

ප්‍රවේසමෙන් ....මොන දේ කෙරුවත් ....මොන හිතුවක්කාර කම කෙරුවත් .....ප්‍රවේසමෙන් ....මේ නාකි මිනිහට ඉන්නෙ උඹ විතරයි ...

අ...අනේ.....ස්....ස්ස් ....

ශ්ශ්....ශ්ශ්....නාඩා ඉන්න...

මගෙ පපුව නතර වෙන්න ආවා.....මං එයාට ආදරෙයි කියලා කියනකොට එයා මට ආපිට ආදරෙයි කියනවා වෙනුවට දුන්නෙ හිත පාරන උත්තරයක් වෙනකොට මං මගෙ දරාගැනීමෙ උපරිමේ උන්නා....

මං දන්නවා ....එයයි මායි මේක වෙනවා කියලා දන්නවා....

මැරෙන්න හිත හදාගන්න මිනිස්සු අවසානම තත්පරේදි මරනෙ ගාවදි අඩා වැටෙනවා ....අනෙ මට මැරෙන්න බැහැයි කියනවා

එයාටයි මටයි උනෙත් ඒකමයි.....අපි දෙන්නම වෙන දේට මූන දෙන්න හිත හදා ගත්තා උනත්....තත්පරෙන් තත්පරෙ ගෙවිලා යනකොට ආදරේ කරපු කාලේ ඉවර වෙලා විරහව විදින්න තියන කාලෙ ලන් වෙනකොට මං එයාගෙ පපුවට මූන ගහගත්තා ....

ස්ස්....සංධීර් ....

මං මිමිනුවා.....අනෙ මට විරහව විදින්න බයයි...ආදරෙට වඩා කවි ලියවුනෙ විරහව වෙනුවෙන් විතරක් වෙනකොට මට ඉස්සරහට අහන්න වෙන්නෙ විරහ ගීත විතරක් වෙයි කියලා මං මගෙ හුස්ම හිරකරගන උන්නා...

ස්...සංධීර් .....ම්..මං...ව්...වෙනුවෙන් ... ප්...ප්‍රවේසම් වෙන්න....ම්ම්..මගෙ....ස්...සංධීර් ....

ම්ම්..මං....උ..උඹ වෙනුවෙන් ..බ්බ්..බලන් ...ඉන්නම්.....

ම්ම්...මං....උඹවෙනුවෙන් ප්‍රවේසම්....වෙන්නම්...

ම්..මේ.....ග්....ගොත....ක්..කොල්ලව....අ...අමතක....ක්ක්...කරන්න...එපා.....මගෙ.....ස්ස්..සංදීර් ....ම්ම්...මට ඉන්නෙත්....උ..උඹ විතරයි ..මගෙ....ස්...සංධීර්

මං ඉකි ගැහුවා ....කොච්චර යකා වගේ කියෙව්වත්....කොච්චර එයා එක්ක රන්ඩු කෙරුවා උනත්....අපි මේක නවත්තමු ගගා නහින්න හැදුවා උනත්.....එයාව මගෙන් උන් උදුර ගන්නවා කියන එක දන්න මං ඉකි ගැහුවා ....

මාව අමතක කරන්න එපා කිව්වා ....

මට ඉන්නෙ උඹ විතරයි කිව්වා ..

මොකූත්ම නොකියා ගොත ගහන මං කියන හැක දේම අහන් උන්න එයා අවසානෙදි මගෙ හිස්මුදුනට හාදුවක් තියලා කන් පෙත්ත ගාවට පහත් වෙලා ආදරෙයි කියලා කියනකොට මගෙ ඇස්වලින් කදුලු බේරුනා ....

මං ආදරෙයි බබා....

සංධීරයා....

රොබිනා....

ඒ ආවෙ රොබිනා.....මං.තවමත් උන්නෙ සංධීර්ගෙ පපුවට මූන ගහන්....අඩපු කදුලු වලටම එයාගෙ ටී ශර්ට් එක පෙගිලා ගිහින් තියනකොට එයා මාව ඉන්දෙව්වා ....

සුප් බීලා බීලා කන්න බෑ කියලා කොත්තු ඉල්ලපු මට කොත්තුවක් ගෙනාව රොබිනා කොත්තු උරෙ මගෙ අතට දුන්නා....

සුවදයි....

ඒත් මගෙ කෑම පිරිය යන්න ගියාද කොහෙදෝ.....

යෝ බොසා.....අඩනවද...

අඩල නම් බෑ බොසා.....අඩලා කොහොමද ආ...ඔව්වා ගනන් ගන්ඩ එපා ඇටයා....නැට්ට පිටින් අලි මැරෙන්නෙ.....

කොත්තුව තුරුල් කරන් මූන උගුඩුවෙක් වගෙ කරන් උන්න මගෙ මූන අත ගාපු රොබිනා මගෙ හිත හදන්න අනම් මනම් කියනකොට සංධීර් මට පිටිපස්සෙන් ඉදන් මාව තුරුල් කර ගත්තා වගේම රොබිනා ඉන්නවා කියලවත් නොහිතා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා...

ආ...ආ....සංධීරයා ඕකගෙ ඇගෙ තාම තුවාල වේලිලා වත් නෑ...මූට හෙට විත්ති කූඩුවෙ නින්ද් යයි කන්ඩ දීලා ඕකව අල්ලලා බුදි කරවපිය....

යෝ....බාප්පෙ...මේ රොබිනා බාප්පගෙ කොල්ලට ආදරේ කරන්න දෙන්නෙ නෑනෙ.....

රොබිනා මායි සංධීරුයි දිහා බලලා විහිලු කරනකොට මං අද මගෙ පලහිලව්ව ගැන බාප්පට කියව්වා කියන්න හදනකොටම රොබින මට කලියෙන් කට ඇරියා ...

ර්...රොබිනෝ.....ම්.මං...අද....බ්බ්..බාප්පට.....ම්ම්..මගෙ...

ආ...ආ...පොඩ්ඩක් හිටු.....ඔහොම්ම පොඩ්ඩක් හිටු.....මට මේ මගුල් අස්සෙ අමතක වෙලා උන්නෙ...මොනවද උඹ අර කියලා තියෙන්නෙ.....??

ම්හුක්...

හුකුක් හුකුක් නෙවෙ....සංධීරයා උඹෙ ඇබිත්තමා අර යකාගෙ ඔලුව කුරුවල් කරලා ආ...අන්න ඌ මුගෙ ප්‍රේම කුරුල්ලව අඩු කඩන්න හොයනවා...

හ්හ්...හත්...තුක්කේ.....බ්බ්...බ්බ්...බාප්පෙ....

බාප්පෙ තමා....මේ බලපිය....කී පාරක් මට කෝල් අරන්ද....මැසෙජ් කීයක් එවලද....ඒ එවපු හැම එකකම තියෙන්නෙ අපෙ එකාගෙ අඩු කඩනවා කියලා .....

මේ බාප්පා නම් මහ http තනිකර....ඔච්චර නහින්න ඕනෙද ආ

.....මං කියන්නෙ.....ඉතින්...

මං හොරා වගෙ සංධීර් දිහා බලලා රොබිනා අතේ තිබුන ඵෝන් එක අතට ගත්තා ....අතට අරන් බාප්පා එවල තිබුන මැසේජ් බැලුවා ...

මේ ජඩයා කොල්ලෙක් එක්ක යාලුවෙලාලු රොමේනයා...

මට කියපන් මූට මං මොකද කරන්ඩ ඕනෙ කියලා

ඕකව පරිවාසෙකට දාමුද ??

අනෙ...බාප්පෙ උඹ නැහියන්කො....

මන් ඔලුව කහ කහ බාප්පා මට බැන බැන එවලා තියන මැසේජ් කියවන ගමන් මං මගෙ සංදීර් ලව්වා කවා ගන්න පටන් ගත්තා .....

රොමේනයා...මූ නොමග යයිද ...

මට බයයි...මූ මම වගෙ එකෙක් වෙයිද ....

ඇයි http මැසේජ් එකක් දාපියකො...මූ කිව්වනෙ මූට කොල්ලෙක් ඉන්නවා කියලා ...

ගහන්ඩත් බෑ.....

බනින්ඩත් බෑ....

මූ කිව්වනෙ සුයිසයිඩ් කරන් ඒකටත් අපිව අල්ලනවා කියලා ....

මගෙ ඔලුවත් එක්ක කැරකෙනවා....මූ.මං වගෙ හැදුනොත් විනාසයි...

අනෙ බන් අපෙ එකා මොන ජඩයටඩ පැටලිලා තියෙන්නෙ බලපන්කො....

මන් සංධීරයටත් කිව්වා....ඕකව හොයාහන ගිහින් නෙලමුද?

මට හීන් දාඩිය දාන් ආවා..

ඉද බීපිය මේ වතුර ටික....බලපන්....මම ඔව්වට කොහොමද උත්තර දෙන්නෙ...උඹ ඔය කඩන්න හදන්නෙ අපේ එකාගෙම අඩුනෙ කියලා කියන්නද...

රොබිනා මගෙ අතෙ තිබුන ඵෝන් එක අරගන්න ගමන් මටයි සංධීර්ටයි දෙහි කපනකොට මගෙ මිනිහා ලොකු මස් කෑල්ලක් අරන් පොඩියට කඩලා මගෙ කටට දානකොට රොබිබා අහක බලන් බනින්න ගත්තා ...

මේ ජඩයින්ට කියලා වැඩක් නෑ....තොපිලා දෙන්නා ඕන පුකක් කර ගනිල්ලා...හැබැයි මෙන්න මූ ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකන් ඉදලා 

ගානක්වත් නැතුව කන...කවාග්න්න අපි දෙන්නා දිහා බලාගන බැනපු රොබිනා කියවලා කියවලා අවසානෙදි මගෙ ඔලුවට අනින්න හැදුවා විතරයි සංධීර් ඒකව අලු වෙලා යන්න රැව්වා රොබිනා තිස්තුන්දාහක් අමු අමුවෙ වැදුනා වගෙ අත අහකට ගත්තා .

ඇබිත්තම ...හෙට දහයට නඩුව....මොන දේ උනත්....අපි හැමෝම ඉන්නවා ....අනිත් පැත්තෙ එකා කොහොම උඹව බය කරන්න හැදුවත් කමක් නෑ පුතෙ .උඹ හිත හයිය කරගනින්....හරි...අපි ඉන්නවා....

මෙච්චර වෙලාම බැනඖ රොබිනා අනිත් පාර මගෙ ඔලුව අත ගෑවා.....බය වෙන්න එපා ඕන දේකට එයාලා ඉන්නවා කියනකොට ආයම මගෙ ඇස් වල කදුලු පිරුනා වගේම රොබිනා මගෙ මිනිහගෙ අතින් මැරුම් කන්න බලාගන මාව තුරුල් කර ගත්තා ....

ර්‍ර්...ර්...රොමේන්.....මගෙ....ස්ස්..සංධීර් ...ව.....

ඌට මොකුත් වෙන්නෙ නැ උඹට මොකුත් වෙන්න දෙන්නෙත් නෑ.....බය නොවී ඉදපන්...

අවසානෙදි රොමේන් මගෙන් ඈත් උනා....ඈත් වෙලා සංධීර් දිහා බලලා ලාවට ඔලුව වැනුවා ..... රොබිනා ඔලුව වැනුවා උනත් මං දන්නවා මට එහා පැත්තෙන් ඉන්න සංධීර් මට නොදැනෙන්න අනිවාර්යයෙන්ම මොනවා හරි කියන්න ඇති .....

කමක් නෑ...මොන දේ උනත්...අපිට අපිව අහිමි නොවී.....

මම මොකුත් නොකියා උන්නා අඩලා තේරුමක් නෑ....මට ඉවසන්න වෙනව.....අපි වෙනුවෙන් මට ඉවසන්න වෙනවා...මං කඩාගන වැටුනොතින් කොහොමද මගෙ සංධීර් හිත හදාගන්නෙ ....

මම අඩනකොට මගෙ සංධීර් කොහොමද ඒ හිත හයිය කරගන්නෙ....

අපිට අපිව රැකගන්න ඕනානම්.....අපි වෙන්නම ඕනා...

කමක් නෑ...ළඟින් ඉදන් ආදරෙ කරන අපි...දුරින් උන්නම...මීටත් වඩා ආදරේ කරාවි.....

මම සංධීර් දිහා බැලුවා.....එයා මොකුත් නොකියම ඉදලා අවසානෙදි රොබිනත් එක්ක හිනා වෙනකොට රොබිනා යන්න ලැහැස්ති උනා.....

ඉක්මනට වරෙල්ලා...අපි බලන් ඉන්නවා....

ආ..ඇබිත්තමා...උඹගෙ අර කිකිලි පැටියා....ඒ ජඩයා හැම තැනම රෙනවා තව ටිකක් බලලා මස් කරනවා.....

රොබින් කුරුල්ලා මාව අවුස්සන්න හැදුවා ...ඒත් මම නෙවෙ මීක් ගෑවෙ..මම ඔහෙ අහන් උන්නා....සංධීර්ගෙ අතෙ ඉදුල් සුවද මගෙ නහයට දැනෙනකොට මම ඒ අත දිහා බලන් ඉදලා ඒ අතට මගෙ අත පටලව ගත්තා ....

මිනිස්සුන්ගෙ ආදරෙ කියන්නෙ රහස් ගුහාවක්.....

අදරේ රකින්නම ඕනෙ ...ළඟ ඉන්නවටත් වඩා...දුර ඉන්නකොටයි....

ඇස් දෙකට පෙන්නකොට තියන ආදරෙ අගයක් නැති වෙනකොට ....ඇස් වලින් ඈතට යන ආදරෙ...හැමදාමත් ආදරේ කොයිතරම් වටිනවද කියලා දෙනවා....

එයා හරි.....ආදරෙ හරි බරයි.....ආදරෙ දැනෙන උන්ට...

එයා නැති උනාට මල් නොපිපි තියෙන්නෑ...ඒක ඇත්ත ..හැබැයි....එයා නැතුව පිපෙන මල් වලින් මට වැඩක් නෑ....ඒකයි මට කියන්න ඕනෙ...

එයා නැති තැනක...සුවදක් දැනෙන මලක උනත්..මට සුවද දැනෙන්නෙ නැතුව යාවි...

ස්ස්..සංධීර් ....

උ..උඹ...න්න්..නැති....උ..උනාට....මල්.....නොපිපි....ත්ත්...තියෙන්නෙ.....න්..නැත්තෙ...නෑ.....ඒ...ත්....උඹ...න්න්..නැති.....ත්ත්...තැනක....පිපෙන....ම්ම්..මල් වලි...න්.....වැඩක්....නෑ....මගෙ...ස්ස්...සංධීර් ...

මගෙ.....ඇබිත්තම....

මගෙ....ස් ....සංධීර්.....හැම.....ඍතුවකම ම්ම්..මල්...පිපෙනවා....මොක....උනත්...මොන...ඍතුවක...උනත්...මල්....පිපෙනවා.....ඒත්....මට...මල්...පිපෙන්න...නම්....උ...උඹ....ඉ...ඉන්න...ඕනම....ඕනා..මගෙ...ස්..සංධීර් ....මගෙ....

මං ඇස් වලින් බේරෙන් කදුලු කැටයක් එක්කම එයාගෙ ඉදුල් අතට හාදුවක් තියනකොට එයා මගෙ ඔලුව අත ගෑවා...

පුංචි....පියෝනි මල.....

සංධීර් ගෙ...

ටික්...ටික්.....ටි....ක්.....

ටික්....ටික්.....ටි.....ක්.....

සංධීර්ගෙ අත් ඔරලෝසුවෙ කටුව හිමින් හිමින් ඉස්සරහට යනවා....

වෙලාව මහ පාන්දර එකයි.....

අනෙ එයාට නින්ද ගිහිල්ලා.....

උඩ බෙලි අතට නිදාගන්න අමාරු මම නිදා ගත්තෙ පැත්තට හැරිලා වෙනකොට එයා නින්දෙන් උනත් මම හැරෙනකොට පෙරලෙනකොට මාව අල්ල ගත්තා .....

නඩු අංක .....

මම බලන් උන්නා...

සුදු ටී ශර්ට් එක ඇදලා කලු ඩෙනිම ඇද උන්න මගෙ අතේ නියපොතු ඔක්කෝම මම කාලා තිබුනා...

කොයි වෙලාවෙ එලි උනාද.....

කොයි වෙලාවෙ ඉර පෑව්වද මං දන්නෙ නෑ.....හැබැයි....මම දැන් උන්නෙ උසාවිය අස්සෙ .....අපිට කලින් එක නඩුවක් කතා කරන ගමන් උන්නා...

දික්කසාද නඩුවක්.....

නැ...වන්දි නඩුවක්.....

වන්දි පැහැර හැරීම් නඩුවක්.....

දික්කසාද උන තාත්තා ලමයගෙ වන්දි පැහැර ඇරලා...තාත්තගෙ පඩි වාර්තාව...බලපු නඩුකාර හාමුදුරුවො පෙරකදෝරුවා ලව්වා තව තව දෙවල් ඇස්සෙව්වා වගෙ මොන මොන හරි කියපු පෙරකදෝරුවා ආපිට එපමනයි ස්වාමිනි කියනකොට ඩන් ඩන් ඩන් ගාලා අර ලී මිටිය මේසෙ උඩට තට්ටු උනා...

නඩු අංක....

ආයමත් සද්දෙ ඇහුනා....

කලුපාට ලෝගු ඇදගත්තු මිනුස්සු ෆයිල් අතෙ තියාගන එහා මෙහා එහා මෙහා යනකොට මම බලාගන මගෙ සංධීරුත් ඉදන් ඉන්නවා....

අවුරුදු කීයකට පස්සෙද...

අවුරුදු කීයකට පස්සෙද මම එයා මෙහෙම ලෝගුව ඇදන් ඉන්නවා දැක්කෙ....

රොබිනලාට මැදි වෙලා උන්න මම උසවියෙ වහල දිහා බැලුවා...පහලට එල්ලෙන සුදු පාට ෆෑන් දඩ දඩ ගාලා කැරකෙනකොට මම ෆෑන් එකක් යටක උන්න ඇමතියා දිහා බලල සාප කරන්න ගත්තා 

මෙයින් එකක් තොගෙ ඔලුවට වත් වැටිලා මැරිලා යන්නෙ නෑනේ මෝඩ මූසලයා...

එනම්.....පහු ගිය...සදුදා....

නඩුව පටන් ගත්තා.....

සුදුපාට සාරියක් ඇදන් ටයිප්‍ රයිටර් එකට කොටන අක්කා තත්පරේට වචන කෝටියක් විතර කොටාගන කොටාගන යනකොට විත්ති කූඩුවට නැගපු ඇමතියා ඒකගෙ සාටකෙ පල්ලයි ගගා දිවුරනකොට මම බලන් උන්නා....

ස්වාමිනී...හිටපු අමාත්‍ය සිල්වා මහතාගෙ පුත්...එනම්...පසුගිය .....දින මිය ගිය අශාන් සිල්වා

පෙරකදෝරුවා ගරු ස්වාමීනි ගගා එහා මෙහා යනකොට මම බලන් උන්නා.....නඩුව පටන් ගත්තු වෙලේ ඉද මගෙ සංධීර් නෙවෙ මා දිහා බැලුවෙ....එයා හැසිරුනේම මාව නොදන්න කෙනෙක් ගානට දාලා වෙනකොට ඇහින් දුටු සාක්කි කාරයව කැදවන්න පෙරකදෝරුවා අවසර ඉල්ලනකොට ගරු අධිකරනෙන් ඇහින් දුටු සාක්කි කරුවන්ව කැදවන්න අවසර ලැබෙනකොට

මම විත්ති කූඩුවට නගින්න කලිම්ම දෙවියන්ගෙන් සමාව ඉල්ලුවා...මොකද ...මම බයිබලේට අත ගහලා පවා කියන්නෙ බොරු....

මම උඩ ඉන්න දෙයියන්ට මගෙ පව් සමාකරගන්න එක්වරු අල්ලන්නම් කියලා පොරොන්දු උනා....

අනෙ මට සමාව දෙන්න දෙවියනෙ.....

මම අවසානෙදි විත්තිකූඩුවට නගිනවත් එක්කම ශුද්ධ බයිබල් එක ගෙනාවා වගේම ඒකට අත තියලා මම සියලුම සාක්කි නිවැරදි ඒවා කියල දිවුරන ගමං බොරු කියන්න හිත හදාගත්තා ...

කමක් නෑ....උ අපිට කෙරුවෙත් හොදක් නෙවෙ...

ගරු ස්වාමීනි....මේ විත්ති කූඩුවෙ සිටින....යෙවීන් සංජාන....වයස අවුරුදු දහ අටක ළමයා....

පටන් ගත්තා ...මං ඌ එක්ක උන්නා ගගා කියන්නෙ මම උගෙ ආව තේව කම් කරන්න උන්නා කියකො...මම ඌ එක්ක උන්නා උන්නා ගානකොට මට හිතෙන්නෙම මම ඌ එක්ක බුදියෑවා වගේනෙ.....

අර පෙරකදෝරුවා ගරු ස්වාමිනි ...ගරු ස්වාමිනි ගගා නහිනකොට මම මෙහෙන් වෙන වෙන බහුබූත හිතුවා....

දැන් පුලුවන් පටන් ගන්න...යෙවීන්...සංජාන...අවසානම.ඇහින් දුටු සාක්කි කරුවා තමුන්....

එ...එ..එහෙමයි....

එදා මොකක්ද උනේ.....

ඇමතියා බලන් ඉන්නවා....එද මොකක්ද උනෙ කියල අහනකොට මම එක පාරක් විතර මගෙ තුවාල ඔලුවට අත තියලා පොඩ්ඩක් කෙදිරුවා..කොදුරලා කතාව පටන් ගත්තා .....

ස්...ස්...ස්වාමීනි.....

එදා.....මම.....අශාන්....ම්ම්..මහත්තයගෙ...ආව....තේව...ක්ක්..කම්...කෙරුවෙ...ම්ම්.....මම...එක...ස්..සම්පූරන...ම...ඇත්තක්....

හරි....තමුන් අශාන් සිල්වගෙ ආවතේව කම් කෙරුවා ....හරියටම ....රෑ නවයෙ කනිසම...පහු වෙනකොට අශාන් සිල්වා තමුන්ට වෙන් කරගත්තු.කාමරේට යනවා...

ත්ත්...තනිවම...න්..නෙවෙයි....ස්..ස්වාමිනී.....එ..එදා.....ත්ත්...තවත්...ක්..කාන්තාවක්....උ..උන්නා.....ඒ..විතරක් ...න්..නෙවෙ...ත්ත්...තව....ප්..පිරිමි කෙනෙකුත් උන්නා....

ආව මෙතන ඌව සුද්ද කරන්...තාත්තට දුක ඇති....පුතා බඩුවක් ගැහුවා කියන්න...

මම ඇස් යටින් පෙරකදෝරුවා දිහා බැලුවා...බලලා ආපහු නඩුකාර හාමුදුරුවො දිහා බලලා මාව කන්න හදන පෙරකදෝරුවා ට උත්තර බදින්න ගත්තා ....

මූ නිකන් 360°ට කරන දිල්කා වගේ...මරන්න හදනවා.....

තමුන් ඇනවුමත් අරන් හයවෙනි කාමරේට ගියා.....

එ..එ....එහෙමයි.....

ඒ යනකොට ඇතුලෙ කවුරුද උන්නෙ....

අ..අශාන්....ම්ම්.මහත්තයා ...ව්..වගේම....අර....ග්..ගෑනු...ක්..කෙනයි.....ප්..පිරුමි කෙනයි.....

තුන් දෙනෙක්...තුන් දෙනෙක්...පුද්ගලික කාමරේකට මොකටද තුන්දෙනෙක්....??

එ....ඒ..එක....ම්..මං...ක්..කොහොමද ...ද්..දන්නෙ....ම්ම්..මං...ක්..කියන්නෙ.....මම...ද්..දැක්ක..දේ.....ග්..ගරු....ස්..ස්වාමිනී...ඇ..ඇත්තෙම්ම...එ...දා...එ..කාමරේ....තු ..න්..කට්ටුවක්...උ..උනා....

හරි....තුන්දෙනෙක් උන්නා...තමුන් ආයම කියනවා....ඒ ගොල්ලොඔනව ගැනද කතා කෙරුවෙ....ඒ ගොල්ලො...මොනවද කරන ගමන් උන්නෙ...

පෙරකදෝරුවා මගෙ ගාවට ඇවිදින් රවගන වගෙ අහනකොට මම ඌට හැමනියන් කියලා හිතින් හිතන ගමං වයසක නඩුකාර හාමුදුරුවො දිහා බලලා.

උන් හිටියෙ කුඩු ගහන ගමන් කියලා කියල දානවත් එක්කම ඉදගන උන්න සිල්වා වෙඩි කාපු ඌරෙක් වගෙ කෑ ගහන්න ගත්තා ...

ස්..ස්වාමිනී....මම...ඇ..ඇතුලට....ය්.යනකොටත්....අ..අශාන්...ම්..මහත්තයා...

උන්න්නෙ...ම්ම්....මත්....වෙලා....

මොනවයිද.....බීමතින්...

න්න්.....නෑ....ම්..මහත්තයගෙ....අ..අතේ...ඊ..ඊයම්...ක්ක්..කොලයක්....ත්ත්...තිබ්බා....ම්ම්..මං...හ්..හිතන්නෙ.....ඩ්..ඩ්‍රග්ස් .....වෙන්න...ඕනා.....ඔ...ඔව්.....ඒ.....ඩ්‍රග්ස්.....

නවත්තපන් උඹගෙ බොරු කිවිල්ල...මගෙ පුතා කවදාවත් ඔය ජරාව කටෙ තුයන් නෑ.....

නිහඩවෙනු...!

ඇමතියා මගෙ පුතා ඔය ජරාව කටේ තියන්නෙ නැ කියන්න නෑ කියන්න මම කිව්වා අශානයාඅ උන්නෙම මත්වෙලා.....සිහි කල්පනාවෙන්නෙවෙ කියලා ...ඇරත්.....උන් කතා කර කර උන්නෙ ගනිකා නිවාසයක් ගැන කියනකොට ඇමතියා ආයම මැරෙන්න හැදුවා ...

ස්වාමීනී....බොරු ...ඔය...කියන්නෙ තනිකරම බොරු.....

නිහඩ වෙනු....තමුන්ට කියන්න දෙයක් තියනවා නම්...විත්තිකූඩුවට නගින්න පුලුවන් .....

ආයමත් අර ලී මිටිය මෙසෙ උඩට වදිනකොට පෙරකදෝරුවා කිව්වා මම විතරක් බේරුනා කියලා .....මම ආපිට නඩුකාර හාමුදුරුවො දිහා බැලුවා....

ගරු...ස්ස්...ස්ස් ස්වාමීනි.....මම.....මාවම...බ්..බෙරගන්න..එක....ව්..වැරදිද...මත්...ක්ක්.කුඩුවලින්...වගෙම.....මත් ...පෙති...වලින්...ම්ම්..මත් වෙලා උන්න උන් අස්සෙදි....හ්..හිද...ස් ...සිහියෙන් උන්න...මං....බෙ..බේරෙන...හ්..හදපු..එක....ව්..වැරදිද......ඇරත්...අ..අශාන්...ම්..මහත්තයා...ම්.මට...ක්ක්.කරපු.....ය්..යෝජනාව....ප්...පතික්...ශේප....ක්..කිරීම....හ්..හින්දා...මට.....හ්.හම්බුනෙ...දත්....ග්..ගැලවෙන....අ..අතුල්....ප්..පාර්ක්...ස්..ස්..වාමීනී...

මොකක්...යෝජනාව.....මොන යෝජනාවක්ද...

මම ඇස් දෙක අත් දෙකෙම්ම පිහිදගත්තා ....පිහිදන් බිම බාලගන උන්නා...

මම..ආයමත්...තමුන්ගෙන්...අහනවා...මොකක්ද ඒ යෝජනාව....

ස්ස්...ස්..ස්වාමීනි....ඔ.ඔවුන්....ම්ම්..මට...

කරුනාකරලා .....කටහඩ පැහැදිලිව කතා කරන්න කියල මම මතක් කරනවා....එදා මොකක්ද එතන උනෙ.....තමුන්ට මරනීය පිහිපාරවල් එල්ල වෙන්න තරම් තමුන් මොකක්ද කෙරුවෙ ....ඇරත්.....තමුන් කොහොමද එතනින් එලියට ආවෙ...

පෙරකදෝරුවා ආය ආයා.මාව කන්න හදනකොට මම සෑහෙන්න වෙලා සද්ද නැතුව ඉදලා අවසානෙදි අශාන් කාරයා වගේම අනිත් උන් මාව සමූහ දූශනෙට ලක් කරන්ම හැදුවා කිව්වා....

ග්..ගරු....ස්..ස්වාමීනි...ඔවුන්....ත්ත්..තිදෙනාම...උ..උන්නෙ..මතින්...මෙලෝ.....ස්..සිහියකින්...නොවෙ....දවල්...රෑ...අදුනගන්න...බැරි....තරමට.....කාන්තාව මත් වි...උ..උන්න..වගේම....අශාන්...මහත්තයා වගේම....නන්නාදුනන....ප්.....පිරිමියා....එ..එතනදි.....ග්..ගෑනිව...බ්..බෙදා...ගන්න...බ්බ්...බැරිව....බ....බහින්....බ්..බස්....වීමක්....උ..උනා....

එතකොට තමුන් මොනවද කර කර උන්නෙ.....

ම්ම්..මම....උ..උන්නෙ..ඇද....ර්..රෙද්ද....ම්ම්.මාරු....කර...කර....

ඇද රෙද්ද....???

ම්ම්..මට....ම්ම්..මතක....හ්....හැටියට....ග්..ගනිකාවක්.....ප්‍රසිද්ද....ප්ප්..පෙලේ....ග්..ගනිකාවක්.....විදිහට...ඇදින්...උන....අර....ග්..ගැහැනු...ක්..කෙනා...ඇද...උඩම

.....ව්ව්..වමනෙ...ද්..දැම්මා.වගේම....ඇද....ර්....රෙ...ද්ද...ම්ම්..මා...රු....ක්..කරලා....ඉ..ඉවර..වෙනවත්...එක්කම.....

මම අත් දෙකෙම්ම මූන වහගත්තා ...උසාවිය මීයට පිම්බා වගෙ ඉන්නකොට මම අත් දෙකෙම්ම මූන වහන් ඉන්නකොට අර.යක්සයා ආයම මගෙ සාමෙට බාදා කෙරුවා .....

එතනින් පස්සෙ.....

එ..එතනින්....ප්....ප්...පස්සෙ....

මම බය වෙලා වගෙ බලන් උන්නා...අත් දෙකෙම්ම කන්දෙක වහගත්තා ...

ගරු ස්වාමීනි...මාගෙ සේවාදායකයා සිටින්නෙ තවමත් පූර්න සුවයෙන් නොවෙ.....ඔහු රෝහල ගත කරනකොටත්..මානසීකව වගේම....ශාරිරීකව....බෙහෙවිම්ම අසාද්‍ය තත්වෙයේ සිටි අයෙක්.....

මගෙ පැත්තට උන්න ලෝයර් දෙයියො බැලුවා වගේ කතා කරනකොට මම ඉකිගහන්න ගත්තා ....

මොකක්ද එතනින් පස්සෙ උනෙ...

අ..අශාන්....ම්..මහත්තය....මතින්...උ..උන්න...අශාන්...ම්ම්.මහත්තයට....ම්..මාව...අ..අදුනන්න...වත්....ස්..සිහියක්.....ත්ත්..තිබුන්...නෑ...මහත්තයෝ.....

මාව...මාව....උ..උන්....ත්ත්....තු ..න්..දෙනාම...ඇදට....ප්..පෙරලගත්තා....ම්..මහත්තයෝ...අ..අසරන.....දුර්වල...මාව....උ..උන්...

තමුන් ඔය කියන්නෙ අමූලික බොරු.....මම විරුද්දයි ස්වාමිනී.....මාගෙ...සේවාදායකයා.....එසේත් නැතිනම්...මිය ගිය තරුන මහතා කිසි දිනකත්..

අරූ කියවන්න ගත්තා ....කියවන්න ගන්නකොට මම මගෙ පෙරක දෝරුවා දිහා බලලා ආපහු නඩු කර හාමුදුරුවො ගාවට හැරුනා .....

හැරිලා ඇස් වල කදුලු පුරවන් ගිත ගහන්න කලින් ඔලුව වනන්න ගත්තා ....

මට කතා කරන්න හරි අමාරු කෙනෙක් කියලා පෙන්නන්න හැදුවා ....ඒ මතක...මාව නොසෑහෙන්න රිදවනවා කියල ඔප්පු කරන්න සැරින් සැරේම.මගෙ කොන්ඩෙන් ඇදගන කන් වලින් ඇදගත්තා ...

කොටිම්ම.....අශානයගෙ මිනිවලට පවා. හෙන ගස්සවන්න....මම ඌ ලමා අපචාරකයෙක්....ගෑනු සල්ලාලයෙක්.....මත්ද්‍රව්‍ය.වලට ඇබ්බැහි උන එකෙක් කියන්න ඒත්තු ගන්නන්න එක එකා.දේවල් ගොත ගගහා කියන ගමං එදා රෑ මම දූශනෙ උනා කියලා කියනවත් එක්කම මුලු උසාවියම හූල්ල ගත්තා වගේම මම මගෙ අත් දෙකෙම්ම.මූන වහන් කෑ ගහල අඩන්න ගත්තා ...

ස්..ස්....ස්..ස්වාමිනි ....එ..එදා....ර්..රාත්‍රියේදි ....ම්ම්....මා.....ලි...ලිංගික....අතවරයට.....ල්ල්...ලක්....උනා.....එදා....ර්..රාත්‍රියේදි ...මා.....ප්ප්...ප්ප්..පිරිමින්..ද්..දෙදෙනෙකු...හා....ක්ක්..කාන්තාවක්...අතින්....අ..අපයෝජනෙට.....ල්..ලක්...උ..උනා....ස්..ස්වාමීනී....කතා..කරගන්නවත්...ප්ප්...පනක්...නැති...මාව.....උන්...න්න්.....අ..අනේහ්....අම්ම්.....අමෙහ්.....අම්මේ.....හ්හ්......

🤭.....ජොබී ...නිදහාස්.....

More Chapters