LightReader

Chapter 25 - 25

මම උඩ බැලුවා.....අරකා ඉන්නවා.....නිකන් නෙවෙ....මහ උජාරුවට මහා සිංහල ශබ්ධකෝශෙ කියලත් කිව්වා....ඒක මලලසේකරේ වගෙ දහගුනයක් බරයි.....

ඒක වැටුන වැටිල්ල කොයි තරම් සැරද කියනවා නම්..මං දැක්කෙ ගුරුලුගෝමි පඩිතුමා අමාවතුර ලියන ලාංජනේ නෙවෙ.....

මලගලදොන් ගුනසේන මහත්තයා ගස්ලබු බෑවක් අතේ තියන් එරමිනියා ගොතන් ඉන්නවා වගේ....

ඒතරම් ඒ පාර සැරයි....සමහරු කියනවා තරු විසි වෙනවා කියලා ..මට තරු නෙවෙ...සද තරු මල් මන්දාකිනි මේ හැමදේම පෙනුනා....ඇස්වලට කදුලුත් මතු උනා....

චූත් පොඩ්ඩක් ගියාද මන්දා.....

ඔච්චර රගන්න එපා....මං ඔලුව පැලෙන්න නෙවෙනෙ වැට්ටුවෙ ....අනික මල්ලි සම්පූරනම පොත ඔයාගෙ ඔලුවට වැටුන් නෑ....දෙන්නට බාගෙ බාගෙ එන විදිහට වැට්ටුවෙ.....බොරූවට රගනවා.....සවුත්තු කමනෙ

....

මං උඹට...නි...ම්න...මං...උඹගෙ....මාව අවුස්ස ගන්න එපා නිම්න උඹ.....

එ..එපා...මයුරයා...අනේ...එපා....ඕකට තරහා ගියොත් ඊට හපන්..ඌ ඉදන් ඉන්නෙ ඩික්ශනරි තියන කබඩ් එක උඩ...අර බලපන්...එක පේලියට තියෙන්නෙ ඔක්ස්ෆර්ඩ් පේලියක්....ඊට යටින් මලලසේකර..දෙකම හාර්ඩ් කවර්.....මූගෙ තියන ඊරිසියාවෙ හැටියට කබඩ් එකම ඇගට පෙරලන්නත් පුලුවන් ..පෙම් සුව කෙසේ වෙතත්...නිවන් සුව විදින්න වෙයි .අනේ...මුට ගිහින් චූචි බුංජියට එන්න කියපන්....මූ එක්ක හැප්පෙන්න බෑ....මයුරයා...පොඩි මොලේ තැලුනද මන්දා.....යෝහ්....වේදනාවයි...

මට කක්කිත් ටිකක් ගියාද මන්දා....

අරූ මාව නැවැත්තුවා...මෙච්චර ලොකු ජඩ වැඩක් කරලත් මගෙ නිම්නයා මට රගන්න එපා කිව්වා...ලගකදි ඉදන් මුගෙ කට වැඩී.....චීනි නැඥි කෝපි එකක් ජෙන්න ගානකොට දෙකට ගනින්න බැරිව උන්නෙ...දැන්.....දැන් මේකගෙ කට වැඩී හොදටම...මිනිහනෙ කියලා බලලා වත් පොඩ්ඩක් යටහත් පහත් වෙන්නෙ නෑ....ඊරිසියා කාරයො දැකලා තියනවා මේතරම් ...ඊරිසියා කරන උන්...

දැක්කෙ නම් නෑ හාන්දුරුවනෙ....

ක්...කල්පනයා...දෙයක් කියන්නම්...කවදාවත් ...වැඩිමල් හිතකට නම්...පෙම් කරන්න....එපා...මොන..දහම් ගැටේ දාලා හරි...උදාරයවම...දාගනින්....උඹ...

උදාරයවම දාගනින්.....රවිදුවට කියපන් අර අක්කා පස්සෙ යන එකත් නවත්තන්න කියලා ....මට නිකන් උඹව දෙක වෙලත් පේනවා....වාසනා ඇපල් කේක් කෑවා වගෙ.....

මං ඔලුව අත ගගා ජයවර්දනයත් ඉන්නවද නැද්ද බල බල කල්පනයට උදාරයවම දාගනින් උදාරයවම දාගනින් කියනකොට මං බලාගන කබඩ් එක උඩ ඉදගන කකුලක් පද්ද පද්ද උන්න මහ නිම්නයා ඇස් හීනි කරගත්තා.....රවා ගත්තා.... එබි එබි මහ පාර දිහා බලන්නගත්තා...

කිව්වෙ නම් ඊරිසියා කරන්නෙ නෑ කියලා ...ඒ උනාට ඊරිසියාව පෙරෙනවා....වෙලහට අරූට එන්න කියලද දන්නෙ නෑ . ...

උදාර බබී මගද දන්නෙ නෑනෙ මල්ලි.....මං එයාට කිව්වා හෙමින් එන්න කියලා ...පාරෙ වාහනනෙ...මං කැමති නෑ එයාට සීරුමක් වත් වෙනවට....

බ්..බබී.....උදාර බබී.....???උඹට මම.....ඇත්තමයි....නිම්න..ගහනවා මැරෙන්ඩ.....

ඇත්තදූ.....මට ගහන්න...වරෙන්...ගහපන්...ඉතින් වරෙන්කො...ගහපන්කො.....ඇයි අමාරුද මල්ලිට...මල්ලි නෙවෙ...සුදූට...සුදූට.....පිස්සු...

අ..අනේ...එපා...යකො...එපා...නිකන් ඉදුකො..මයුරයා..අනේ..ආව....වැඩෙ කරන් යමුකො.....මූ කරන්නෙ අපිට අඩි හයක් යටට ටිකට් එක දෙන්න.....වර...මේ...පෙම් කෙලියා ඇති...අනේ...අයියෙ මං ආය මූට සුදූ කියන්නෙත් නෑ...මූ මට බබා කියන්නෙත් නෑ.....

අනේ....නෑ..නෑ....කල්පන...කරගන යන්න...එහෙම ප්‍රශ්නයක් නෑ...කිසි අවුලක් නෑ....මයුරාල්පන....ගැලපෙනවා....නැද්ද මයුර මල්ලි....හැම අතින්ම ගැලපෙනවා...පාටින්...වයසින්...උසින්....හැම දෙකිම්ම...

මං රවාගන බලන් උන්නා...ඒ පාර නිම්නයා මාව කල්පනට පාවා දෙන්න ගත්තා....නිකන් නෙවෙ...එතනත් ඊරිසියාව වැක්කෙරෙනවා....වයසට ගිහින් තියෙන්නෙ අකලෙට...රැවුල වැවිලා තියෙන්නෙ අකලෙට....ඇයි සුචිත්‍රා අම්මෙ මූ මෙහෙම ....දැන් නම් මට දික්කසාදෙ ඉල්ලන්න හිතෙනවා...

ජයවර්ධනයා ඉන්න කම්ම මීක් නොගා උන්න නිම්නයා ඒ මිනිහා ගියා විතරයි යුද්දෙ ප්‍රකාශ කරන්න ගත්තා....එහාට ඇවිද්දා මෙහාට ඇවිද්දා....අර රාක්ක උඩ එහාට යනවා මෙහාට යනවා....වට පිට බල බල කෑ ගහන්නත් බෑ කවුන්ටර් එකෙ ඉන්න කෙල්ල හිතයි අපිට පිස්සු කියලා

වස්තු බහුබූත කතා නොකියා පහලට එනවද.....ඔය ඔතනින් උඹව වැටෙයි බන්....පහලට වරෙන්කො නිම්න....

........බෑ

නිම්න...ඔයාට කොහෙද යන්න ඕනෙ කිව්වා නේ...?

.......නෑ

ඇත්තමයි මට ඔය පඩ ලයින් තමයි අල්ලන්නෙ නැත්තෙ....වරෙන්කො නිම්න....හැබැයි එක්ක යන්නෙ නෑ ආ....වරකො ....

වයසට ගරු කරපන් මල්ලි....

මං කල්පනයා දිහා බැලුවා...ඌ නෙවෙ කටක් හෙලෙව්වෙ.....ඌ බය වෙලා වගේ උඩ ඉන්න නිම්නයා දිහා බලන් උන්නා...ඇයි අහිංසක විදිහට ඉදලා ඊලගට මොන පොතෙන් දමලා අතාරියිද කව්ද දන්නෙ....වයසට ගරු කරන්නලු....වයසට ගරු කරන්න තිබ්බා කරන්නෙ වයසට ගැලපෙන වැඩ නම්.....

මූ නිකන් තනිකරම කෑගහන මාට්ල් වගෙ මයුරයා.. ....උඹයි මායි කරලා තියෙන්නෙ දෙබරකෙට ගල් ගහන එක....දෙබරුත් එලෝ එලො විදින්නෙ ....ඒ වගේමයි උඹගෙ පෙම්බරයත්....

මූ නිකන් දෙබරෙක් නෙවෙ කල්පනයා....මූ ඇවිත් හුජ්ජ දෙබරෙක්...

උඹ කිව්වා වගෙ නිම්න කියලා නෙවෙ නම දාන්න තිබ්බෙ කෑ ගහන මාට්ල් කියලා ...වරෙන් යන්න ඔය ශෝ ඉවර උනහම එන්නෙ නැතෑ...ඕනාවටත් වඩා සෙකන්ඩ් වෙන්න ගියොත් බලු වෙන්න වෙන්නෙ...

මං බිම තිබ්බ මහා සිංහල ශබ්ධකෝශෙ අත් දෙකෙම්ම උස්සලා අරන් වෙන තැනකින් තිබ්බා...තියලා නිම්නයා දිහා හැරිලවත් නොබලා අරූ නොමිලෙ දුන්න පොත් ටිකත් අරන් කවුන්ටර් එකට ආවා....අරකා තාම එතනමයි.....උදාර බැබී එනකන් වෙන්න ඇති ඔය ඉන්නෙ....එයි....එයි....මේන් කියලා එයි...

මිස් මේ පොත් ටික....

ඕකට සල්ලි ගෙව්වා.....

මං හිනා උනා ....නිකන් නෙවෙ නිම්නයට පේන්නම...කවුන්ටර් එකේ උන්න කෙල්ල ලස්සනයි....මේ බුක්ශොප් එකෙ කෙල්ලො ඔක්කොම ඇදන් උන්නෙ සාරි...මොනර පිහාටුවෙ පාට සාරි කොන්ඩ මෝස්තරෙත් එක වගෙ...ශ්‍රිලංකන් එකේ වගෙ....

තියන මනමාල කමනෙ...

මොන සවුත්තු කමක්ද මේක.....

ඇත්තමයි මල්ලි....මහ වේසයි ආ....

උදාර ගෙන් මැසේජ් එකක් ඇවිත්ද බලන්න ...

මහ චපලයෙක් ....

ඇත්තමයි මාව රවට්ටන්න හැදුවොත් මං අම්මට කියනවා.....

මං හිතන්නෙ මං සාර්තකයි....කවුන්ටර් එකෙ උන්න කෙල්ල මගෙ පොත් ටික බෑග් එකට දානකොට කොල්ලන්ටම ආවේනික උන පිරිමි මායන් දෙක තුනක් දදා කෑ ගහන මාට්ල්ගෙ රතු කට්ට පන්නවන්න හදනකොට ඒකා මාව කොනිති ගහන්න ගත්තා ...හපන්න ගත්තා ...අර ජාතික වාක්‍ය අම්මට කියනවා කිව්වා.... චපලයි කිව්වා...කල්පනයා නිසා ඉගන ගත්තු කුනුහර්පෙත් කිව්වා....

මිස් පහෙ ශිශ්ශ්‍යත්ව පේපර්ස් කොහෙද...

ඇයි....ඒවා මොකටද....?

මොකක්ද සර් බලන්නෙ....සතරද..මාස්ටර් ගයිඩ්ද....අකුර ද...සමනලද.....

 අකුර ගනින්...ඒක හොදයි මල්ලි.... පුහ් සර්ලූ.....අයියො....පව්...

මාස්ටර් ගයිඩ් එක තියනවද...පොත නේවෙ පේපර් බෑග් එක.....

මං කිව්වෙ අකුර ගන්න කියලනෙ...

ඉල්ලුවෙ ඒක නෙවෙනෙ නිම්න...ඉල්ලපු එකනෙ ගිහින් දෙන්න ඕනෙ.....මහ ලොකු ආදරෙලු....

ක්..කව්ද ඉල්ලුවෙ....මොකාද...

කව්ද....තමුන්ගෙ අලුත් බෝයි තමයි.....උදාර.....මේ තියෙන්නෙ මැසේජ් එක....

"මයුරයා අපෙ අරකිට පාස්පේපර්ස් බෑග් එකක් ගෙනෙන්....මාස්ටර් ගයිඩ් එකෙන්..මේකි ඒක නැති කරන් අම්මා මරන්ඩ යන්නෙ"

මං දන්නවා...අතීසාර්තක ලෙස ගින්න ඇවිලුනා....උඹට මාව කල්පනයට පාවා දෙන්න පුලුවන් නම්...ඇයි මට බැරි....ඇයි මට බැරි මන් අහන්නෙ වයි.....?වයි.....???

මං නිම්නට මැසේජ් එක පෙන්නුවා ...උදාරයා එනකන් මග බලන් උන්න කුලුදුල් පෙම්වතාගෙ මූන ගොරකා ලෙල්ල වගෙ ඇකිලුනා...පාස්පේපර්ස් බෑග් එක අරන් ආව කෙල්ල බා කෝඩ් රීඩර් එකට පොත අල්ලන්නෙ නැතුව උලාගන ඉන්න කිව්ටෙක්ස් වල ලස්සන්න පෙන්නන්න හින්දා අර ලස්සන ඇගිලි වලින් චට චට ගගා පොතෙ කෝඩ් එක ගහගන ගහගන ගිහින් එන්ටර් බටන් එකට දඩෝන් ගාලා ගැහුවා ....චිරි චිරිස් ගාලා බිල් එක එලියට ආවා....

මායම තියන.....ලස්සන කොල්ලෙක් ආවම මායම.... දෙන්ඩ තියෙන්නෙ මේකිට ඇඹරිලා යන්න.....

ඇරත් අනිත් බට්න් වලට හිමින් තට්ටු කරලා ඇයි එන්ටර් බට්න් එකට විතරක් ඔහොම තඩි බාන්නෙ....ඇයි ඇත්තටම ....වයි....වයි....??

අනූ....මමත් නියපොතු වැව්වොත් ලස්සනට තියේවි නේ මල්ලි.....

කොටු නියපොතු ලස්සනයි නේද....

රවුම්...එව්වත්...ශේප් ....

ම්හුක්....මගෙ දතක් කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි අනූ....

ඔලුවත් පැත්තක් හිරි වැටීගන එන්නෙ .....

ගනන් ගන්නෙ නෑනෙ මාව....

ඇත්තමයි ඔහොම චපල වෙන්න එපා.....

සවුත්තු කමනෙ.....පැනි පෙර පෙර බලන් උන්න හැටි විතරක් ...

වනචරයෙක් මහ.....

මගෙ ඇගෙ පැත්තක්ම පන නැති වේගන වගෙ එන්නෙ අනූ....සීතලෙත් අල්ලනවා.....ඇයි අනූ ඒ.....

මං නෙවෙ මීක් ගෑවෙ....මං නෙවෙ වචනයක් කිව්වෙ.....නිම්නයා කියලා කෙනෙක් ඉන්නවද කියලා වත් නැති විදිහට මං උන්නෙ....හොදම වැඩෙ ආවා මෙතන බබී ගාන්.....ලෙඩ වාට්ටුවක්....මූව අරන් යන්න ඕනෙ මාරවිල මහ ඉස්පිරිතාලෙට.....කොයි වෙලෙත් කැක්කුම...

අනූ .....මගෙ ඔලුව චුට්ටක් කකියන් එන්නෙ ....ඇයි අනූ ඒ....

උඹට ඉරුවරුදාවද බන් කොයි වෙලෙත් ඔය ඔලුව කකියන්නෙ....අවදානෙද ඉල්ලන්නෙ...

ම්ම්ම්හ්ක්.....බනිනවා...චූටි නිම්නනෙ ඉන්නෙ.....

මොකා උනත්...කොයි වෙලෙත් කැක්කුම....

දැන් ඔය මට බයිනවද....???

 නැතුව....බනිනවා තමයි....වයසට හැසිරෙනවකො නිම්න...

හ්ම්.....ඕකෙ....ආය විහිලු නෑ...කමක් නෑ....ඔලුව කැක්කුමයි කියලා මං උදාරටවත් කියනවා....කෝ ඵෝන් එක දෙනවකො...

අපි එහෙ තමයි මේ යන්නෙ....ගියහම කියනවකො...මගෙ ඩේටා නෑ...ඔය කොන්ඩෙ එහෙම හදා ගන්නවා.....මනුස්සයගෙ ගෙදර නෙ අපි යන්නෙ....උදාරයා ආස ලස්සනට ඉන්නවට...අනික ඌ ආස නෑ ඔය ලදරු බාසාවට....හැමෝම මං වගෙ නෑනෙ...අනික ලෙඩ වාට්ටු වලට....මං වගෙ ඉවසන පිරිමි හැම තැනම නෑනෙ අයියෙ....අනික.....ඌ එහෙම වයසක බල ඇනි වලට එච්චරම පන්නන්නෙත් නෑ...පහු පහු වෙනකොට ඔව්වා කොහු කොහු වෙනවනෙ....හැමෝම මං වගෙ වයසක උන්ට ආදරෙ නෑ...

විශේශම කාරනව....ඌ ආස නෑ ඩිකිය ලොකු උන්ට.....කල්පනයගෙ එච්චරම නෑනෙ.....මං වගෙ නෑ හැමෝම.....ඌ ආස හිනා වෙනකොට කට කොටු වෙන උන්ට...මං මේ ඔයාට ඉතින් අපේ එකාගෙ කැමති අකමැති කම් කියලා දෙනවා.....නැතුව වෙන දෙයක් නෙවෙ...හැමෝම මං වගෙ නෙවෙනෙ අයියෙ....

අර මූන දෙක උනා.....හිටපන් ...ආය මගෙන් පිට මිනිස්සු ගැන කියවන් එයිද බලන්න ....උදාර බබී...යැයි ...යැයි....තමයි.....මට ඥීනි නැචි කෝපි ගාන් එනකොට දෙකට ගනින්න බෑ...ඔලුව උස්සන්න බෑ.....අම්මෙ...පව්...උඹව මං මකනවා නිම්නයා..ආය මේ මිනිහගෙ හැටි දන්නෙ නෑ...

කල්පන කෝ

ඌ ගෙදර ගියා....අච්චර ලොකු පොතකින් කාලා ඌ ඉදීද.....නෑනෙ...ඌට උනෙ වදින්න ආව දේවාලෙ ඉහෙ කඩන් වැටුනා වගෙ වැඩක්...

කල්පන නැතිව අපි එහෙ යන එක හරිද අනූ.....

ඇයි ...ඌ උදාරයගෙ මිනිහද.....ඌ නැතුව යන එක හරිද අහන්නෙ....ඌ නෙවෙනෙ උගෙ මිනිහා....ඌ නෙවෙනෙ...උඹනෙ උගෙ මිනිහා....

.....

මායන් නොවි නගින්න....නැගලා අල්ලගන්න...තවත් බොරුවට මායන් වෙනවා...මොනවා හරි උනොත් මන් එපැයි වග උත්තර බදින්න.....උදාරයට ඕනා නිකැලල එකෙක්

....

මං කිව්වෙ අල්ලගන්න....

නෑ...මට මාව ශුවර්....ඔයා තව ටිකක් ඉස්සරහට යන්න...

මන් දැන් හැන්ඩ්ල් එක උඩ....මගෙ නිම්නයා ශීට් ගැට්ටෙ...අපි දෙන්නා අතර පරතරෙ කොච්චර ද කියනවා නම්....තව හතර දෙනෙක්ට ඉදගන්න පුලුවන් ....ඒ තරම් දුරක අපි දෙන්නා උන්නෙ දකිනුන් හිතයි මෙච්චර ඉඩ තියන් හැන්ඩ්ල් එකේ යන්නෙ මට පිස්සු කියලා උන් දන්නෙ නෑනෙ මායි මගෙ මිනිහයි තරහා වෙලා ඉන්නෙ කියලා ...

එක්කො අපි දික්කසාද වෙමුද මල්ලි.....

කැමැත්තක්....වන්දි නඩු නැතුව ...මොකද....මෙතන වංචා කෙරුවෙ තමුන්නෙ අයියෙ.....වෙන මිනිස්සුන්ට එන්න කියලා මැසේජ් එහෙම දාලා....මට මොකුත් කියන්න එපා...මොකද මං මෙතන සාධරනයි ..කරන්න කලින් කිව්වා....මාත් අහන්න ගියෙ දික්කසාද වෙමුද කියලා මොකද චපල උන් එක්ක පවුල් කන්න මටත් බෑනෙ....උදව් කරන්න ආව උන්ව මට පාවා දුන්නා.....ඔව්වා හරියන කසාද නෙවෙ...

අනික අපෙ කමනි උනත් කියන්නේ...ගහ මරන් හරි පවුල් කන එකෙක් ගෙනෙන් කියලා ...නැතුව මේ....පොඩ්ඩ බැරි වෙනකොට දික්කසාදෙ ඉල්ලන එවුන් නෙවෙ.....

උදව් කරන්න ඇවිදින් නිස්කාරනේ ගුටි කාපු කල්පනයා ආවටත් වඩා වේගෙන් ආපිට යන්න ගියා..... 

ඒ අස්සෙන් මට හිනා යනවා අම්බානෙට ...ෆුල් ෆේස් හෙල්මන්ට් එක හින්දා පේන්නෙත් නෑ.....අරක ගැට්ටෙ ඉදගන නියපොතු කකා ඇස් කරකවනවා....ආවා මෙතන දික්කසාද වෙන්න.....ගැට්ටෙ ඉදගන මාව එපා ගගා දික්කසාදෙ ඉල්ලලා උඹ යන්න නම් හදන්නෙ පලයන්කො බලන්න......

තත්පරයයි.....දෙකයි...තුනයි....

මගෙ හිතේ මිම්ම හරි නම්.....හතර වෙනි තත්පරේදි මිනිහා පහලට රූටලා අඩා වැලපෙන්න ඕනෙ...

පස් වෙනි තත්පරේදි මාව බදාගන්න ඕනෙ.....

හය වෙනි තත්පරේදි මාව දාලා යන්න එපා ගගා වැලපෙන්න ඕනෙ....හත් වෙනි එකේදි...මට ඔයා නැතුව බෑ කියලා අඩන්න ඕනෙ.....

අටේදි මන් ඔයාට හුගාක් ආදරෙයි කියලා නවයෙදි සමාව අරන්...දෙන්න්න දෙමහල්ලො සමාදාන වෙන්න ඕනෙ...ඔව්වා ඇවිදින් ප්‍රේම කතාවල රතුඅකුරින් ලියවෙන ජේද...

ම්හුක්.....අනූ....

හරි ...ඔඅන්න ...මං කිවවෙ....මිනිහා එනවා....ඔන්න....එනවා...ආවා.....!!!

අනුවෝ.....එන්නකො අනෙ ලගට...

ඔයා ඔය කොහෙද ඉන්නෙ....හැඩ්ල් එක උඩනෙ....වස්තු තනියෙන්නෙ අනූ ....

හරි....මන් කිව්වෙ බොරුද.....පහලට රීටුවා.....ඒ විතරක් නෙවෙ....මාවත් ලගට ඇදලා අරන් මාව මිරිකගත්තා....උරහිස උඩට මූනත් ගහගත්තා.....තනිකරම එකට ඇලුන මදුරු කොයිල් දෙකක් වගෙ....කෝ...අපි බලමු...බලන්න....ඊලග එක.....

අනූ.....මාව ඔයා උදාරට දෙනවද අනේ ....නෑනේ...ද.....මාව උදාරට දීලා ඔයා කල්පන එක්ක යනවද ....දාලා යන්න එපා අනූ....

....ම්ම්ම්...ඒකනේ....ඔය එන්නෙ.....තව අඩපන්....තව අඩපන්...අඩ අඩ වැලපියන්...

අනූ .....කතා කරන්නකො.....කොච්චර එපා කිව්වත්....ඊරිසියා හිතෙනවනෙ...ඔයාට වටින් නෑනෙ...බබා කියන්න...ඉඹ ගන්නත් ගියා....දාලා යන්න එපා අනූ....මට ඕනනෙ....

...පව් අප්පා...දුකේ..බෑ.....මන් කිව්වනෙ...වස්තු...හරි....දැන් දාලා යන්න එපා කියලා කියන එක හරි.....ඊලග එක.....

අනූ ඇත්තමයි ...මන් උඹට ගහනවා.....මාව දාලා යන්න එපානෙ .මට උඹ නැතුව බෑනෙ අනූ ....මට උඹ නැතුව බෑ....අනූ...අනේ ..කතා කරපන්කො....මට දික්කසාදෙ එපා.....මන් අයියෙක්නෙ....අඩවන්න එපා අප්පා.....මගෙනෙ...මගෙ...තමයි...මට ඕන උදාරයෙක් නෑ....අනික උගෙ ඇග පුරාවටම පච් නේ අනූ....අනූ...අර අප්පච්චි .....හෝන් එකක් ගහන්න....ගහලා...ලයිට් එකත් ගහන්න.....

හ්ම්...හ්ම්...අයියා කියන දෙයක් තමයි .....ඒ උනාට කමක් නෑ....අගේ දැනෙන්න අඩපන්....

මන් තවත් කට තද කරගත්තා.....අරකා දැන්හෝ.....ගාලා කියවනවා.....කඩේ ගාවදි අප්පච්චි දැකපු රොහාන්ගෙ බෑන පොඩ්ඩ හෝන් එකත් ගහලා....ලයිට් එකත් ගහන්න කිව්වා...ඇයි...ලයිට් ගහන්න ට්‍රැෆික් රාලහාමිලා ඉස්සරහා ඉන්නවද නෑනෙ .මන් හෝන් එක විතරක් ගැහුවා....අප්පච්චි සැලුට් එකක් ගැහුවා ...

අනූ . .තරහා වෙන්න එපා....මං උඹට හුගක් ආදරෙයි මගෙ මයුර.....මන් ආදරෙ නිසානෙ තරහා ගන්නෙ...බොලද වෙන්නෙ ..... .. ආදරේ කරනකොට වයස කියන්නෙ නිකන් ඉලක්කමක් අනූ...වෙලාවකට මට වයස අමතක කරලා උඹ ලග හුරතල් වෙන්න ඕන.....වෙලාවකට මට උඹව හුරතල් කර්න්න ඕනෙ...මං උඹට හරි ලෝබයි අනු .....මොන දේකදි උනත්...මට බෙදාගන්න අමාරුයි...

මට පව් කියලා හිතුනා.....බද වටෙ අත් දෙක තද කරන් උන්න මගෙ නිම්න මාව අතගාන්න ගත්තා...එක අතක් පපුව දිගේ ඉහලට යනවා...පහලට යනවා....දිගැටි ඇගිලි...සිනිදු අත්....හරි ආදරනීය ස්පර්ශයන්.. ...මන් ආදරෙ ගාවදි බලාපොරොත්තු වෙන්නෙම මේක...එක ස්පර්ශෙක පවා මහා පරිමානෙන් ආදරෙ ගැබ් වීමක්.....එයා හරි....එයාට ඕනෙ....එකම නිම්නව දෙකට බෙදාගන හුරතල් වෙන්න වගේම....හුරතල් කරන්න.....පොඩි නිම්න ගගා දගලන එයා කරන්නෙ මං ලව්වා හුරතල් කරවගන්න එක....පරිනත නිම්න කරන්නෙම කියවන එක අඩු කරලා මාව හුරතල් කරන්න හදන එක.....මං හිතන්නෙ නිම්නට මුහුනු තුනක් තිබුනා...එක වෙලාවක එයාට ඔය චරිත දෙකම ආරූඪ උනා. .එවෙලෙට තමයි එයාට ඊරිසියාව ඉහට ගහන්නෙ...මල්ලි මල්ලි ගගා නහින්න හදන්නෙ... 

එයා මාව ඉඹිනවා...චූටි චූටි හාදු ගොඩකින් මගෙ උරහිස බර වෙනවා....මට දුක හිතුනා ඇයි මං එයාව අඩවන්නෙ හිතුනා...මං දන්නවා....මෙවෙලාවෙ හැටියට මට මේක ආතල් එකක් උනත්....දවසක් එනවා....ඇයි මං එහෙම කෙරුවෙ කියලා මගෙ හිත මට වද දෙන්න ගන්න...

දන්නවද....මිනිස්සුන්ගෙ ජීවිතෙ අවස්තාවක් එනවා...ඒ මොහොතෙදි ඒක ආතල් එකක් වෙලා දවසක හිතෙනවා ඇයි මම එහෙම කෙරුවෙ...මට එහෙම නොකර ඉන්න තිබුනා කියලා හිතෙන මොහොතක්....හැබැයි ඒ මොහොතෙදි....ඒ අතල් එක හිතට දුකක් ගේන්න පුලුවන් ....මං එයාව අවුස්සන එක නැවැත්තුවා.....තවත් මට තරහා වෙලා ඉන්න බෑ හිතුනා ...බොරුවට උනත් අපරාදෙ කියලා හිතුනා....මං එහෙම්ම.මගෙ බෙල්ල ටිකක් පහලට ඇල කෙරුවා ....එයාගෙ කම්මුල් මගෙ මූන වෙනුවට හෙල්මන්ට් එකෙ වැදුනා....එයා ඉන්නෙ මගෙ උරහිස උඩ වගේම මගෙ ඔලුව පිටිපස්ස යන්තමට වගේ එයාගෙ උරහිස උඩ වැදුනා....හරියටම කතිරයක් වගේ ...

මං ආදරෙයි අනූ ..දාලා යන්න එපා....ඒ උනාට ඔයාට තිබුනා එහෙම නොකර ඉන්න...

ඔයා නිසානෙ මාත් එහෙම කෙරුවෙ....හරි...ඔයා කිව්වා තමයි....මෙහෙම කරන්නෙ මේ හේතුව උඩ කියලා ....ඒත්....මම ආදරෙයිනෙ අනූ....මමනෙ හුගක් ආදරේ.....දුක හිතෙනවනෙ...තරහා යනවනෙ.....

අනික...බබා...එහෙම කියන එක හරි නෑනෙ....අනූ....

මගෙනෙ....ඔයා...

ඔයාට තේර්‍ර්නවනෙ...නේද....මං මේ කියන්නෙ මොනවද කියලා ....

කල්පන උදාරගෙනෙ...අනූ.....

ආය එහෙම කරන්න එපා...අනු...මං ඔයාට සමාව දෙන්නම්...

ආදරේ .....නැතිව ඉදලා...ඉදලා...ලැබෙනකොට ....මං ඒකෙ හැම අංශුවටම හරි ලෝබයි මයුර ....

කමක් නෑ....ඔයා මට වඩා බාලයි ....සමාව දෙන්න බැරි කමක් නෑ මට...

එයා මුමුනවා....ආදරෙයි කියනවා...හැබැයි...නව වෙනි තත්පරේ...මං අර හිතින් ඇස්තමේන්තු කරාපු නව වෙනි තත්පරේ.....මගෙන් සමාව ගනී කියන කාරනාව.....නෑ...ඒක තිබුන් නෑ...මගෙ නිම්නයා කපටියා....මූ කරන්නෙ ගෑනුන්ගෙ ක්‍රමේට සමාව ගන්න හදන එක....කෙලින් අල්ලන්න තියන නහය අත කරකවලා අල්ලන්න හදන එක...මට සමාවෙන්න අනූ කියලා නොකියා..... මේකා මට සමාව දෙන්නම් කියනවා...නොකියා කියන්නෙ මට සමාව ගන්න කියන එක නෙවෙද.....

මං මාරවිල මූදුකටුව ඇතුල් පාරට හැරෙව්වා...උදාරයා ඉන්නෙ මූදු කටුවෙ රවිදුවා ලන්සිගම....කල්පනයා විතරයි හූවෙ දුර....

මග දුරක් ආව මං බයික් එක අයිනට කරලා නැවැත්තුවා....

ඇයි අනූ .....

බහින්න....

...ඇයි ...

බහින්න...

එයා බැස්සා...බය වෙලා.....

ස්ටෑන්ඩ් එක ගහපු මමත් ,බයික් එකෙන් බැස්සා...කකුල බාච්චු වොශ් කරපු දනිහ ගාව පදාසයක් ඉරුන ඩෙනිමට වේව්ස් එකෙ නේවි නිල් සෙරෙප්පු දෙකයි ඇඩිදාස් කලු ටීශර්ට් එකයි ඇදන් උන්න මං එහෙම්ම ෆුල් ෆේස් හෙල්මට් එක ගලවලා ඒක හැන්ඩ්ල් ඒකෙ එල්ලුවා.. ....එල්ලලා මගෙම ඇදුමක්...ඇදන් ඉන්න එයා දිහාව බැලුවා.....

ලස්සනයි...කලු පාටට එයාව තවත් කැපිලා පේනවා...සමහර විට...සුදු පාටට එයා මීට වඩා හුගක් ලස්සන ඇති ....මගෙ ළඟ සුදු ඇදුම් අඩුයි....කලු විතරමයි....

අනූ....ඇයි...අනූ ඔහොම බලන් ඉන්නෙ

 මං සමාව ඉල්ලුවොත් ..සමාව දෙනවද වස්තු.....

මං සමාව ඉල්ලුවා....තව පාරක් කියවන්න කලින් සමාව ඉල්ලපු මන් එයාව මගෙ කකුල් මැදට ඇදලා ගත්තා.....ඇදලා අර තුරුල් කරගත්තා.....

දාලා යනවද අහන්නෙ...දන්නෙ නැද්ද මට උඹ නැතුව බැ කියලා ම්ම්ම්....මං ආදරෙයි බන් උඹට...අවුස්සන්නෙ එපා හින්දා නෙවෙ.....ආදරෙ වැඩි කමට.....මං හැම දේම කරන්නෙ...උඹ හින්දා වස්තු....නැතුව....උඹ ඇරෙන්න මේ තුන් හිතේ කොනකවත් වෙන කවුරුත් නෑ රත්තරන් ...

මං නිම්නගෙ ඔලුව අතගෑවා...අවසානෙදි ඒ කම්මුලට වගේම රැවුල් කොට වැවුන නිකටට හාදුවක් තිබ්බා.....

අපි සමාදාන වෙමු අනූ.....

ම්න්...

ආය ඒම කලන්නෙ නෑ කියන්න....

එව්....දොන්තෙ....හරි....ආය කලන් නෑ.....

ඒකනෙ..මං දන්නවනෙ.....අනූ.....නිම්නගෙ ම්හ්‍...ක්

අම්මෝ....නැගු ....නැගු....කැක්කුම් පටන් ගන්න යන්නෙ.....එනගමන් මාරවිල මහ ඉස්පිරිතාලෙ යන්....නිකන් නෙවෙ උඹව අරන් යන්නෙ මාතෘ වාට්ටුවට....කොයි වෙලෙත් කෙදිරිය...ඔච්චර කෙදිරි ගාන්න එපා මනුස්සයො...

ඇයි....නගිනවද ම්හ්ක්...

නිම්න!!!!!

මාත් කොල්ලෙක් තමයි මල්ලි...

මං මොකුත් නොකියම තත්පරයක් විතර චරිත කෝටියක් විතර ආරූඪ වෙන මගෙ වැඩිමහල් ප්‍රේම් වන්තයා දිහා බලන් උන්නා....පව්....ඇත්ත එයාට මගෙ ඇදුම් එල්ලෙනවා...පර්ස් එකට මැස්සො වහනවා...ඒත් මට එයාට මොනවා හරි අරන් දෙන්න ඕනෙ.....

වස්තු...

ම්ම්ම්...අනූ

අපි ශොපින් කරන්න යමුද ....මට නෙවෙ...මං ආසයි මගෙ නිම්නට මොනවා හරි අරන් දෙන්න....

මට.....?

ම්න්...බබා දන්නවද මං කවදාවත් කාටත් මොකුත් අරන් දීලා නෑ...කමනිටයි රොහාන්ට අරුන් ඇරුනම...මට විශේශෙම්ම විශේයි කියලා කෙනෙක්ට මං කිසිම දෙයක් අරන් දීලා නෑ.....

.....

ඇයි වස්තු...ඇයි මේ...

එයා මගෙ දිහා බලාගන උන්නා..රැවුල වැවුන මූන....විඩාබර වෙච්ච ඇස් .....ඒ ඇස් වලට කදුලු මතු උනා මං බය උනා

නෑ...මට ඇදුමක් අරන් දෙන්න වද උන එකම කෙනා.....ඔයයි අනූ.....

ඉතින් මං මිනිහනෙ බන්..

ඒත්...මගෙන් කියලා තඹ සතේක දෙයක් ...

වස්තු....ආදරෙ කරනවා කියන්නෙ....මං දෙයක් දුන්නොත්....උඹගෙ සතුට ප්‍රාර්තනා කරනවා ඇර...උඹ ඒක අරන් සතුටු වෙනවා ඇර. ...නැතුව....උඹගෙනුත් ආපිට දෙයක් බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙ මගෙ නිම්න......මං මේ හැම දේම කරන්නෙ හරි සතුටින්.....මට ඕනෙ උඹගෙ සැනසීම මගෙ නිම්න....මං....ප්‍රාර්තනා කරන්නෙ.....උඹගෙ සැනසීම....

මට ඔය තරම්ම ආදරේ කරන්න එපා අනූ....උඹගෙ පපුව පැලේවි...

ඒකෙ ආය අමුතුවෙන් පැලෙන්න දෙයක් නෑ වස්තු....ඒක පැලිලා හමාරයි......අවසානය දුර උනත්...මගෙ පපුව පැලිලා හමාරයි.....ඔය කියන තරම් පිරිමි හිත් ගල් වෙන්නෙත් නෑ නිම්න....නැත්තන් ඇයි උඹය විහිලු කරනකොට මට රිදෙන්නෙ.....ගලක් වගේ මට දැනෙන්නෙ නැතිව යන්න තිබ්බනෙ....

මට ඕනෙ මෙච්චරයි ...මගෙ නිම්නව ලස්සනට දකින්න ...මං ඔයාට මේක හැම වෙලේම කියනවා....මයුර ආදරෙයි මේ නිම්නට.....

එයා හිනා උනා.....හිනා වෙන ගමන් මගෙ ඔලුව අත ගෑවා...දැන් තියෙන්නෙ එයා මාව හුරතල් කරන වෙලාව...මගෙ ඇදුම හැදුවා...තත්පර ගානක් බලන් උන්න නිම්න මගෙ නලලට හාදුවක් තිබ්බා.....

මට කවදාවත් මේ සුවද අමතක නොවේවි මගෙ මයුර.....ඔයාට මට මොනවා හරි අරන් දෙන්න ආස නම්...අරන් දෙන්න...හුගාක් සල්ලි වියදම් නොවෙන පුංචි දෙයක්...මං කැමති නෑ.....ආදරේ කරනවා කියන්නෙ..මහ පරිමානෙන් බලාපොරොත්තු වෙන එකත් නෙවෙ....

ම්න්....

අනූ...මලගිය ඇත්තො කියවලා තියනවද.....

ම්න්....

ඒකෙ....නොරිකො තැනක කියනවා...යන්න එපා දෙවොන්දෙරා සං කියලා...එතනදි....දෙවොන්දෙරා කියනවා...නොගිහින් බෑය කියලා ...

අවසානෙදි නොරිකො හිත රිදව රිදව උනත් හදාගන්නවා...හැබැයි එයා මෙහෙම කියනවා...යන්න...හැබැයි....ඔයාගෙ සිරුරෙ සුවද..මේ ඇදුම් වල සුවද.....මගෙ ගාව තියලා කියලා ....

ඉතින්....මමත්...මගෙ සුවද ඔයා ගාව ඉතිරි කරලා....යන්නම්....මගෙ මතක එක්ක...මගෙ සුවද.....අනූගෙ තනියට තියලා යන්නම්....

මං අහක බලාගත්තා.....දාගන උන්න බාට දෙක ඇගිලි දහයෙන් මිරිකගත්තා....මගෙ ඔලුව අත ගගා...අත ගගා...එයා කෙරුවෙ මගෙ හදවත අතට අරන් මිරිකන එක...

ඇයි දෙයියනෙ...මං ආත්මයක් එක්ක ආදර්‍ර්න් බැදුනෙ...

අනූ.....

...

අනූ...ඉන්නෙ දුකෙන්...

ම්ම්ම්....උඹ කියන සමහර කතාවලට පපුව රිදෙන්නෙ එක තත්පර්‍රෙකට දෙකකට නෙවෙ නිම්න...කල්ප කාලාන්තරේකට....උඹ ඇවිදින් ටිකින් ටික..මට විරහව දරා ගන්න උගන්නවා නේද මගෙ නිම්න.....

මං එයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....ඒ ඇස් අඩන්න හදනවා...ඒත්....මං බලාගන එයත් හරි අමාරුවෙන් හැගීම් හංගනවා.....

අනූ...සමහර ආදර කතාත්....කාලයක් යනකොට ....මැරිලා යනවා....ඒත්....කවදාවත් ...කොතනක්වත්.....අහල තියනවද අනූ.....පුරාවෘත මියදුනා කියලා ...අනූ....මයුරනිම්න කියන්නෙ....පුරාවෘතයක්....ඉතින්...

කියපන් මගෙ අනූ....මේ පුරාවෘතෙ මියදෙයිද...?දුරුතු සද අහසින් කඩන් වැටුනා කිව්වට...කව්ද මැනික දන්නෙ...වැටුනමද කියන්න.....

ආදරෙයි මගෙ අනූට....හුගක්...

මං හිනාඋනා....කදුලු මැදින්ම හිනා උනා.....

නිම්න කියන්නෙම වචනවල පරිසමාප්තියෙන්ම ආදරනීයම ප්‍රේමවන්තයෙක්....ඇටමිදුලු වලටම කා වැදෙන්න හාදු තියන්නෙක්....

මෙච්චර වෙලාම රිදෙන කතා කියපු නිම්න අනිත් පාර මට හාදුවක් තිබ්බා....ඒකත්....යටි තොලට....අවසානෙදි හාදුව අවසන් උන්නෙම මට උඩු තොලත් අහිමි කරවගන.....ඇත්ත...නිම්නට පුලුවන් මාව හාදුවකින් වසගෙට ගන්න.....මං තත්පර ගානක් එ උරහිසට බර වෙලා උන්නා.....

මෙච්චර ආදරනීය මනුස්සයෙක්ව කාටත් තේරුම් ගන්න බැරි උනා....

අනූ .....

ම්න්...

ඔයා මොකද කරන්නෙ....මන් අහන්නෙ ඔය පොත් වලට.....

තව දවස් දෙක දෙක තුනකින් මන් මිනිහව හම්බෙන්න යනවා....බය වෙන්න එපා.....අපි තවම මුලනෙ.....මිනිහට මාව අදුනගන්න ඕනෙ...කල්පනවයව අදුනගන්න ඕනෙ...ඒක නිසා.....දැම්ම මොකුට් කරන්නෙ නෑ....ඔයා බය නොවී ඉන්න.....

කොහොමත් ...වැඩේ වන වෙන්නෙ නෑ...විස්වාස කරන්න....

.......ඒත්...

හිතන්න එපා.....ම්ම්ම්ම්ම්ම්.....යමුද වස්තු....වෙලහට මංගලිකා පොඩි සිරික්කිව හමගහලද දන්නෙ නෑ.....

කව්ද.....

උදාරයලාගෙ අම්මා....

එයාගෙ නම මංගලිකද.....

ම්න්.....

එතකොට නංගිගෙ....

ඒකිගෙ නම....මතකත් නෑ...මොකක් හරි අලුත් තාලෙ නමක්....ශ්වේතා....ඔහොම මොකක්ද.....ශ්වේතා සිනෙලිද කොහෙද ....උදාරයගෙ නම සිනෙත් උදාරනෙ.....අරකි සිනෙලි...මොකද උඹට....ඔව්වා...ආ....හොයනවා නේ....

...යෝ...අනූ....නිකන්නෙ.....ම්හුක්.....

පටන්....ගත්තා.....

ඕකම කියවන්න එපා අප්පා....

නිම්නගෙ ඔලුව කැක්කුමක් එන්නනෙ යන්නෙ.....

අල්ලගනින්.....මගෙ පිස්සු හොල්මන උඹ....කොයි වෙලෙත් කැක්කුම....ඇයි...උදාරයා ලව්වා ඔය බොත්තම් දෙක එහෙම අතගාවගන්නෙ නේද හැදුවේ.....

අනූ...නිම්නගෙ දකුනු හක්ක පන නෑ.....

වම් අතත් නලියනවා...ඇයි ඒ.....

කපටි කමට ඒ...හයියෙන් අල්ලගනින් වස්තු...මෙ පාර පුරාවටම වලවල්....ළමයෙක් හම්බෙන්න ඉන්න එකෙක් පියාජියො ත්‍රී විල් එකක ගියොත් ලමයා කටින් එනවා.....

හොද වෙලාවට මට ළමයෙක් හම්බෙන්න නැත්තෙ....

හදමුද ලමයෙක්.....ම්ම්ම්ම්ම්ම්.....රෙදි කෑලි ගැන දුකයිනෙ....

...යෝ....අනූ....මහ වනචරයි අනේ.....

කතාවෙන් කතාව...වල් පිරුන පාරෙ...එහාට කප...කප...මෙහාට කප...කප.....මං එයා එක්ක උදාරයගෙ තට්ටු දෙකෙ බන්ගලාව ඉස්සරහට ඇවිදින් බීරංගයක් වගේ තියන හෝන් එක ගැහුවා....මංගලිකා මේ අවෙලාවෙ අතුගානවා.....

මංගලිකා...මේ ගේට්ටුව අරින්ඩෝ.......බල්ලා බැදලද අනේ....

ඇයි උඹ බල්ලව බදින්නද අහන්නෙ.....

ඒකිව බැන්දොත් ඇට නැතුව ඉන්න වෙන්නෙ...මෙන්න මේක අරින්න අනේ....

ඇයි අනූ...මෙහෙ බල්ලෙක් ඉන්නවද....

ඔව්....රොට්වයලට් කෙනෙක්...ඒත් ඒකා හීලෑයි....වෙලාවකට පොඩ්ඩක් පඩත්තරයි....ඒකයි අනික උන් බරයි වස්තු ...කෙලිම්ම අත් දෙක තියන්නෙ උරහිසට....වාවන්නෙ නෑ වෙලාවකට...ඔයා බල්ලන්‍ට බයද...

...ඔ..ඔව්...අනු...අනික....උන්ට...අපිව...පේනවා.....ඔයාලගෙ....ටූත්ලස් ..නම්...මෝඩයා....ඌට මං හරක් කට්‍ටක් විතරයි දුන්නෙ...දැන් කන් පාත් කරලා එන්නෙ....

අනේ යකො.....උඹ නම්.....

ඉතින්...ඇත්තනෙ....අනේ...අනූ...කියන්නකො.....බදින්න කියලා .....

මංගලිකා බල්ලා බැදලනේ....උදාරය කිව්වා ඌට මදනෙ ගහලා කියලා .....

ඌව ක්‍රොස් කරන්න අරන් ගියා බන්...වරෙන්....

බොරූ...කවදා...මේ පාර මටත් පැටියෙක් ඕනා එහෙනම්....

උඹලගෙ මහ එකා බල්ලව හැරෙන තැපෑලෙන් මෙහෙ ගෙනත් අරී....

නෑ.....අනෙ...කමනි පොඩ්ඩක් ඇඩුවම හරි...පැටියෙක් තියන්න...කෙල්ලෙක් උනත් කමක් නෑ.....

.....බලමුකො....බලමුකො.....

අරූකෝ.....

ඇතුලෙ...

දැක්කනෙ...ඒකා.....නෑලු.....

ඇති යාන්තන්....මං බය උනා...ඔයාලගෙ හැමෝම අම්මලා මෙහෙමද අනූ.....

මෙහෙමද අහන්නෙ....

විහිලුද.....

ම්න්...අනික...වස්තු...මේවා...අපිට ගෙවල් වගේ....අවුරුදු ගානක්නෙ....එහෙම...වෙනසක් නෑ....අපෙ කමනියි....මංගලිකා...එතකොට...

රවිදුවාගෙ අම්මා නිලන්ති....කල්පනයගෙ අම්මා....නිශාන්ති....ඔක්කොම....ඉතින්....තකට...තක.....ගානක්...නෑ..මොකද ....

ඉස්සර අපේ පිනාටයි..... අපේ අම්මලාටයි මාසෙකට සැරයක් සුලූ..සුලු දෙමාපිය රස්වීම් තිබ්බනෙ....ඒ කියන්නෙ....ඒ හතරයි...පිනයි විතරයි.....ඉතින්...එදා ඉදන්...එයාල එකට....

අන් මගෙ නිම්නගෙ අතත් අල්ලන් උදාරයලගෙ ගෙට ඇතුල් උනා.....ඒ ගෙදර සෑහෙන්න තිබ්බෙ රට බඩු....හුගක්ම තිබුනෙ...ඔය අරාබි සුවද එන එක එක ගැජමැටික් ...ලී වර්ග දාපු පොඩි...පොඩි පෙට්ටි.....උන්ගෙ අප්පච්චි රටනෙ...

උදාරයා....

මන් නිම්න්වත් එක්කන් කෙලින්ම උන්ගෙ නංගිගෙ සකරමොටන් කාමර්‍රෙට ගියා...සකරමොටන් කාමර්‍රෙ කියන්නෙ...ඒක ගිනි ගහන රෝස...ඒකිට පොඩි කාලෙ ඉදන් රෝස පිස්සුව....බාර්බි.....ෆ්ලෙමින්ගො ...අර රෝස උරා...අනික ඒකි අදින්නෙත් එහෙමයි....සකර මොටන් රෝස.....උඩත් රෝස...යටත් රෝස....කකුල් අත පය ඔක්කොම රෝස....

උදාර.....

මං දෙවනි පාරටත් අරූට කතා කරන්ම ඇතුලට ආවා....උදාරයා ඉන්නවා.....අහක බලාගන.....සීයට අරන් දාහට දීලා වගෙ ...අරකිත් ඉන්නවා....අහක බලාගන.....ඒකිගෙත් මූන ඒ වගේ.....ඒක්ගෙ අතකුත් රතු වෙලා.....මූ ගහලද මන්දා....මුන්දෙන්නා කා ගන්නවමයි.....කා....ගන්නවමයි....

හැබැයි බොරු කියන්න ඕන් නෑ...මේකිට අපිත් බයයි.....පොඩි htti...

කෙල්ලගෙ මූන...මේකි යකින්නද කොහෙද අනූ....දෙයියනෙ...අනූ....අර බලන්න...ඒකිගෙ....ඇහි බැම දෙකම නෑ...මෙ කෙල්ල ඇහිබැම සූරගන නේද.....??

කිව්වත් වගේ.....අන්.හරුයටම ඒකිගෙ මූන දැක්කෙ දැන්....කෝ යකොඩෝ....ඇහිබැම....ඕකිගෙන් නම් අහන්න බෑ.....අනිවාර්යයෙන්ම උදාරයගෙ රැවුල කපන මැශිම අහු වෙලා....මේකිට ඕන් නැති මගුලක් නෑ....දවසක් ඕකිව මමත් උකුලෙ තියන් ඉන්නකොට නහයෙන් පැනපු මයිලක් ඇද්දා අහන්නෙ වත් නැතුව....යස්සනි.....

උදාරයා මේන් ඉල්ලපු එක...මොකද බන් අවුලෙන් වගෙ....

අවුලෙන්....උඹලා කවුරුත් ආය මන් නැති දාක මේකිව ගන්න යන්න එපා...

ඉතින්....අනේ.....චීච....ලිව්වෙ...

කටවහපිය.....චීච.....තමයි...දතුත් කඩාගන තව කියවනවා...ඇස් කටේනෙ....මෙන්න මේක කියවපන්.....උඹලා කාගෙත් හුරතලී....මේකි රචනාවක් ලියලා....අයියාටත් යහමින් ඇත...අයියගෙ යහලුවන්ටත් ඇතැයි සිතමි.....මට එන තරහට මේකිට ගහන්නමයි හිතෙන්නෙ අනිත් දතුත් ගැල වෙන්න.....

ගහපන්කො...බාන්න.....අප්පච්චිට කියනවා උඹව...අලුත් පේ ස්ටේසන් එකක් ගත්තා කියලා...හාද...

යැයි...යැයි....තමයි....අප්පච්චිට කියලා කරයි ...මේන් කියලා...ශ්වේතා නෙවෙ...කුඩම්මා කියලා දාන්න තිබ්බෙ.....ප්ලේ ස්ටේශන් එක ගත්තෙ මගෙ සල්ලි වලින්.....කේලමි....ඔක්කොම කනේ තියනවා දයාවතී....

අම්මෙ....මේ....බා.....භ්භ්භ්.....බ්භ්.....භ්භ්..භ්භ්....

ඒ...හරි..හරි....අයියා ආදරෙයිනෙ......මැනික....මගෙ.....

මෙච්චර වෙලාම බැනුන් අහපු පිඩි යකින්නි අවසානෙදි උදරයවත් කොර වෙන තැන අම්මට කියන්න යනවා එක්කම උදාරයා ආරකිගෙ කට වහල ආයම ඒකිව ඉන්දවනකොට මායි මගෙ නිම්නයි අරකිගෙ රචනාව කියවන්න ගත්තා.....හැබැයි....මට කියවන්න ගත්තු මෝඩකම කියලා හිතුනා.....මෙකි රචනාවෙ මාතෘකාව මාරු කරන් ලියලා.....

ඇට සැකිල්ල වෙනුවට මේකි ලියන් තියෙන්නෙ ඇටකැසිල්ල.....මේ මොන නව නිංගිරාවක්ද....අයියාට යහමින් ඇත කියන්නෙ...යෝ.....වනාන්තරෙ එලි කරපුදාට ඉතින් ඕක වෙනවනෙ....මේකි නම්.....මන් ඉක්මනට පොත වහල දැම්මා...මොකද නිම්නයා මේකිට හපන්.....

අයියාගෙ....යහලුවන්ටත්....ඇතැයි...

සිතමි.....අනූ...තියනවද.....???

🤭එන්නම්....ඈ....

ආතරෙයි....අහස තරම්...

ජොබී....

Nedeesha 😘❤

More Chapters