LightReader

MAYURANIMNA

ELIZABETHSOFIA
112
chs / week
The average realized release rate over the past 30 days is 112 chs / week.
--
NOT RATINGS
10.8k
Views
Synopsis
COMPLETED
VIEW MORE

Chapter 1 - 01

මම ඇහැව්වා හොරෙන් හදවතින්

මම ඇත්තට ඔයාට ආදරේදෝ...කියා.....

මගෙ හදවත කිව්වා තව පොඩ්ඩක්

කල්පනා කලොත් හොදයි කියා...

කොල්ලො.....අත ඉක්මන් කරලා ඕක පිහදපන්කො...කිරිවැල් ඇබ දෙක කනේ ඔබා ගත්තම මේසෙකට තට්ටු කර කර ඉන්නවා ඇරුනම මූට සිහි නෑනෙ...මුගෙ මේ සින්දු කෙරුවාව හන්දා මගෙ නහර ගහලා යනවා දැන්....

(මයුර අනුශ්ක කළුතොටආරච්චි)

ආ.....හ්....මොකක්ද අප්පච්චි කිව්වෙ....

ඕක පිහපිය ඉක්මනට...දැන් කීයෙ ඉදන්ද එකම මේසෙ අතුල්ලන්නෙ....මං උඹගෙ ඇගිලි දහය කඩනව ආපහු බෙලෙක් පිගන් වලට තට්ටු බට්ටු දාන්න ගත්තොත්....ඔකොම පිගන් යට තැලිලනෙ.....

මං කනේ තිබුන හෑන්ඩ් ෆ්‍රී එකෙන් එකක් ගැලෙව්වා...වෙන මොකටවත් නෙවෙ...අප්පච්චි මගෙයි රූකාන්තගෙයි ආදරේට හරස් උනා.....අප්පච්චි මේ උදේ පාන්දරම ආවේස උන කපුවා වගෙ ගිණි පාගන්න ගත්තා.....

මේසයක් පිහනවා...චුට්ටක් අතු ගානවා කොස්ස අරන් ගිටාර් එකක් විදිහට හදාගන ඔලුව පොඩ්ඩක් උස්ස උස්ස පහත් කර කර මගෙම ලෝකෙක ඉදන් වැඩ කරනකොට අප්පච්චිට මායි රූකාන්තයි අතර වෙන මේ හාදකම තවත් ඉවසන් ඉන්නම බැරි තැන මට දරනුවකින් දමලා ඇරියා....

"මයුර හෝටල"

උදේ දිවා රාත්‍රී ....කියලා ලියලා...ඒ ලොකු අකුරෙන් බත් කමු කියලා තිබුනා....

මං කොච්චර කිව්වද...මේකට මයුර හොටෙල් කියලා සුද්දගෙ බාසාවෙන් ලියමු කියලා...නෑ.....අහන් නෑ....ඒක සිංහලෙම්මයි තිබුනෙ...

කමනි....කමනේ...ඔය පරිප්පු හොද්ද ගෙනාවානම්.....

සිල්වර් පාට බාජනේ පිහදපු අප්පච්චි අනිත් පාර අම්මගෙ නම කියලා බෙරිහන් දුන්නා...උදේට බත් කමු කියලා ලිව්වට මොකද....කඩේ අරින්නෙ මහ පොලවට ඉර එලිය වැටෙන්න හිතන්නත් කලියෙන්...උදේට නෙවෙ පාන්දර ඉදන් බත් කමු කියලා ලියන්න තිබුනෙ

එක පැත්තකින් බෝයිස් එක...අනිත් පැත්තෙන් බාලිකා එකට යන පාර...අනිත් පැත්තෙන් ජාතිකේයට යන පාර...අනිත් පැත්තෙන් ගියහම සෙන්ට්‍රල් එක....ඒකට නම් ඉතින් නොසෑහෙන්න දුර යන්න ඕනෙ.....

මීටත් වඩා කෙටියෙන් කිව්වොතින් අම්මගෙයි අප්පච්චිගෙයි දාඩියෙ හැදුන අපේ පුංචි කෑම කඩේ තිබුනෙ මාරවිල ටවුන් එකෙ...මහ පාන්දරට යන ගල් වැලි අදින කහ පාට ටිපර් පෝලිමක් අල්ලන්නෙ මෙතන....පාන්දරම පෝරනෙන් ගේන රෝස් පාන් එක්ක උන් කන්නෙම පරිප්පු හොද්ද එක්ක බලමාලු මිරිස් හොද්දයි ඉගුරු දාපු ප්ලේන් ටී එකයි ....ඉස්කෝලේ ලමයි එන්නෙම බත් ගන්න.....

වෙලාව යන්තන් හතරහ මාර පහු උනා විතරයි .....මං ඇවිදින් අප්පච්චිගෙ ස්තීර සේවකයා ...පඩි නැතුව...ඊටිඑෆ්...ඊපීඑෆ් මොකුත් නැතුව වැඩකරන එකම ගෝලයා...චුට්ටක් සැර උනාට මොකද අප්පච්චිගෙ හැම දේම ...අම්මගෙ නම් ඉතින් එකක් කියලා නෑ....අම්මගෙ පන කියයි හුස්ම කියයි...රටේ නැති නම්...අම්මලාට කොල්ලො කියන්නෙම ඉතින් ආය රටක් රාජ්‍යක් තමයි...

ඕනම මනුස්සයෙක්ට ජීවිතෙ එක එක කාලවලදි ..එක එක පිස්සු ගහනවා.....සමහර කාලවලදි කියනවා අපි ආස මෙයා වෙන්න මෙයා වෙන්න කියලා ...කොල්ලෙක් උනහම...උන්ට සහලවලම පිස්සු ගහන කාලයක් එනවා...උන්ට එක එක කාලෙට එක එක රැලි එනවා.....සමහරු එක රැල්ලට හොටෙල් ස්කූල් යන්න ගන්නවා..සමහරු එක රැල්ලට ටෙක් යනවා.....ඒවා ඇවිත් උන්ගෙ හීන ...උන්ගෙ ඔලු අස්සෙ හදාගත්තු එක එක හීන....සමහරු ජපන් පනිනවා...කොරියන් එක්සෑම් ලියනවා...රුමේනියා මැලේශියා ඩුබායි පනිනවා....එවා ඉතින් මිනිස්සුන්ගෙ හීන...අඩියෙන් අඩිය පාට ගාන....

මන්දා....මට ඉහට ගහපු එකම උන.....බෑන්ඩ් එකක සෙල්ලම් කරන එක....එක පැත්තකින් මාරවිල මේරියන්ස් එක ....අනිත් පැත්තෙන් කටුනේරිය ෆ්ලෑශ් බෑක් එක....ඉතින් දෙයියනේ මට සහලවලා පිස්සු හැදෙන්නෙ නැද්ද.....කාර්නිවල් කාලෙට මෙගා බ්ලාස්ට් තියන කාලෙට මට ඉතින් සන්නිපාතෙ.....

ඇස් ඇරුන තත්පරේ ඉදම්ම මගෙ ජීවිතේ ගෙවුනෙ සින්දුවෙන්...මේරියන්ස් එකේ අන්පලගඩ් එකක් ගහනවා කිව්වොත් මම යන්නෙ නෑ....පිඹිනවා...

කොන්ඩෙ මුදු මුදු ගැහුන නලින් පෙරේරා ඇවිත් මීගමුවෙ කොන්වන්ට් එකෙ අන්ජලී.....කා.....ගාලා ඇස් දෙක පියාගන කියනකොට ඒක අහන් ඉන්න මගෙ ඇගිලි ඉතින් නලියනවා...

කෝටු කෑලි දෙකක්.....පිගානක්....වැඩිය ඕන්නෑ හිස් වෙච්ච අලියා බාගෙ බෝතල් දෙකක් එක්ක රුපියලේ කාසි දෙකක් තිබ්බත් ඇති....මගෙ වැඩේ ඕකට තට්ටු කරන එක.....

.නැත්තන් කොස්ස අරගන ගිටාර් ගහනවා වගේ ඕක එක්ක ඔට්‍ටු වෙන එක.....

ඒක ඇවිත් හරි ලස්සන හීනයක්....අපිටම කියලා බෑන්ඩ් එකක්....ඒක මා එක්ක ඉන්න අනිත් කොල්ලො කුරුට්ටො හැම දෙනාගෙම හීනයක්..ඒත්..ඉතින්.....ධනපාල හැමදාම ඇවිදින් ඒ හීනෙට උදැල්ල දැම්මා...

මං අප්පච්චි දිහාව බැලුවා...

මං හිතන්නෙ...මං හොදි බෙදන තසිමක පස්ස ආයම තලලාද කොහෙද ...ඒකයි අප්පච්චි මගෙ ඇගිලි දහයම තලනවා කිව්වෙ....

කොල්ලො....

අප්පච්චි ...

පුතේ ගිහින් පොල්කට්ට පිච්චෙන්න දාපන්....

ඕන් ඉතින් අප්පච්චි .....මීට කලින් මගෙ ඇගිලි දහය තලනවා කිව්වෙත් ඔය අප්පච්චි .....මීට කලින් මය දරණුවකින් විසි කරල ගැහුවෙත් ඔය අප්පච්චි ....හැබැයි...ආයම පුතේ කියල කට පුරා කතා කෙරුවෙත්...ඒ අප්පච්චිමයි.....

ඇතුලෙ තිබුන හැම මේසයක්ම පිහදපු මම පිහපු රෙදි කෑල්ලත් උරහෙ දාගන කඩෙ පිටිපස්සට යනකොට අම්මා ඉන්නවා ...ලාෆ් ගෑස් එකක් හයි කර කර

කෝ...එහාට වෙන්න...ගමකට ගහන්න කමනිට කට තියනවා..ගෑස් එක ගහගන්න පන නෑ...

මං අම්මව තල්ලු කරලා කහපාට ලාෆ් ගෑස් එක ගහනකොට අම්ම ඇදන් උන්න ඒප්‍රන් එකෙන් අත් දෙක පිහදගන මගෙ දිහාව බැලුවා....

ආ බන්.....

ම්ම්න්න්න්....

කවදද ගෑස් එක ගෙනාවෙ....අද ඉවරයිනෙ...

ඉවරයිනෙ කියන්නෙ...ඉතින් ඔය ගෑස් එක වහන්නෙ නිදියන ටිකට විතරනෙ අනේ....

මන් පොල් කටුවක් මුනින් අත හරවන් පොඩු අත් මෝල් ගහෙන් ඒක තලලා එහෙම්ම දර ලිපට එබුවා....

කඩේ ඉස්සරහා නම් බබා වගේ ..ඒත් කඩේ දොර පන්නවලා මෙතනට ආවම කතරගම දෙයියො වැහුන කමනිව බලාගන්න පුලුවන් .....දන්සල් වලට උයන කල්දේරම් නම් කීයක්ද.....මං ආසම නැති දේ ළූණු සුද්ද කරන එක....ලූණු සුද්ද කරනකොට මගෙ ඇස් වලින් සුනාමියක් ගහන තරමට කදුලු එනවා.....මැල්ලුම් සුද්ද කරනකොට...අගුනුකොලවල නැටි කඩනකොට එපා වෙනවා...ඒත්.....මට බෑ බැ කියන්න...මට බෑ මාරුවෙන්න...

අම්මා අප්පච්චි ගෙ එකම කොල්ලා මම....මගෙ වයසෙ අනිත් උන් ලස්සනට අදලා කරලා යනහැටි මං මේසයක් දෙකක් පිහන් බලන් උන්න...සමහරු අඩේ උඹ අම්මා එක්ක බත් තම්බනවද ඇහුවා.....උන් ටයිපොල්ල දාලා විසිදහේ පඩියට ගිහින් ගෙම්බර් දානකොට මං මෙතන මහත්තයා මොනවද ඕනෙ අහ අහ සතියටම ඒ ගාන හෙව්වා...

මචන්...ඇදුමෙන් පඩියෙ පිටිපස්සට එන බින්දු ගාන හදන්න එපා මං කියන්නෙ....කියන්න බෑ...තව අවුරුද්දක් දෙකක් යනකොට මේක ඇවෙන්රා කාරයගෙ හොටෙල් එක වගෙ වෙන්න පුලුවන් ....නොහිතන වෙලාවක හැම දෙම කනපිට ගැහෙන්න පුලුවන් ....මීහමුවෙ ඇවෙන්රා එක අද නොදන්න කෙනෙක් නෑ.....ඒකෙ අයිතිකාරයගෙ දුව සෙනසුරාදට ලැම්බොගිනිය බස්සනකොට බලන්නෙ නැති එකෙක් නෑ.....කහපාට හැමර් එක මේක දිහා නොබලන එකෙක් නෑ.....හැබැයි උනුත් අන්තීම අඩියෙ උන්න උන්.....

ඉතින්...කවද හරි මාරියො හෝටලේ ශැංග්‍රිලාවක් වෙන්නත් බැරි කමක් නෑ.....

රතුම රතු පාට ගිනි ගොඩ අස්සෙ පොල්කටුව ඇවිලෙනවා...මට එහා පැත්තෙ උන්න කමනි බිත්තර සුද්ද කරනවා....අලුත් බිත්තරද කොහෙද ..සමහර කටු ගලවන්නම අමාරුයි බිත්තරෙ සුදුමදෙන් බාගයක් කටුවට ඇලවෙනවා..සමහර දාට අම්මා බිත්තර තම්බන කල්දේරමට ලුණු දානවා..සමහර දාට ගොරකා දානවා....

ඇත්තම කිව්වොත් මට බිත්තර දැකලම බිත්තර එපා උනා...තම්බපු බිත්තර ඉතුරු උනදාට කරන්නෙ ඒකම ආපහු ගැඹුරු තෙලේ බදින එක.....කුකුල් අඩු ඉතුරු උන දාට කරන්නෙ හෝදලා ෆ්‍රීසර් එකට දාලා පහුවදාට අලුත් හොද්දක් හදන එක....

ඔව්වා....සාමන්‍ය දේවල්...ඕනම කඩේක පස්සෙ දොරෙන් ඇතුලෙ වෙන දේවල්....ඒක අපේ කියලා නෑ...ඒක අපිට කියලා අලුතුත් නෑ.....ජීවත් වෙනවට වඩා වැඩි කාලයක් වීදුරු පෙට්ටියෙ ඉන්න අර බැදපු කුකුලා තමයි කොත්තුවට යන්නෙත්.....රයිස් එකට යන්නෙත්....මං ආසම එක අප්පච්චි නැති දවසට කොත්තු ගහන එක....එකම හේතුව...මට කොත්තු තැටිය වගේ පේන්නෙම ඔක්තොපෑඩ් එක....නැත්තම් ඩ්‍රම් සෙට් එක...

මං දකින ලස්සනම හීනයක්.....ඒක.....බෑන්ඩ් එකක සෙල්ලම් කරන්න යන එක...ඒ පිස්සුව මට උත්සන්නම වෙන්නෙ ෆ්ලෑශ් බෑක් එකෙ රොශාන්ගෙ පින්තූරෙ ගහපු ලොරි පේලිය අපේ කඩෙ පහු කරන් යන දාට...නැත්තන් මේරියන්ස් එකේ නලින්ගෙ පින්තූරෙ අපේ කඩේ පහු කරපු දාට....ඉතින් එදා දවසෙම මම ඉන්නෙ තට්ටු කර කර....

මොනවා උනත්...ඒ මනුස්සයො දෙන්නා මගෙ හීනෙ පර නොවී තියෙන්න දුන්නා.....අද මුලු රටම දන්න රොශාන් කියන්නෙත් හරි පුංචි තැනකින් ආව මනුස්සයෙක්.....කින්සිලි පීරිස් කියන්නෙ...ගස්ලබු කඩපු මනුස්සයෙක්....ඉතින්...එහෙම මින්ස්සුන්ට අද රටක් ආදරේ කරනවා....ඉතින්...මෙ බත් කඩේක ඉන්න මට...අප්පච්චි නැති දාට කොත්තු තලන මට නැගිටින්න බැරි කමක් නෑ...

ලමයො අර පොල් කට්ට දැන් අලු වෙනවා...

මට ආයම පාරක් මගෙ හීනෙන් ඇහැරෙන්න උනා...සල්ලි ටිකක් තව හොයා ගත්තා නම්..අපිටත් අර අඩු පාඩු ටික හදා ගන්න තිබුනා...එත් ඉතින් ඩ්‍රම් සෙට් එකක්ම අද කියක්ද...කනාවට හරි කාගෙ හරි කොටහලු මගුලකට වත් අපිට එන්න කියපු දාකට රට වටේ දුවන්න ඕනා නයට බඩු හොයාගන....

මං පොල්කටු අගුරු එක දුම් කබලට දාගන සාම්බ්‍රානි පැකට් එකත් අරන් ආපහු කඩෙ ඇතුලට ගියා....අප්පච්චි ඉන්නවා...බුදු පහන අවුලලා...මහ පිරිත දාලා...හදුන් කූරු අහුරකුත් අවුලලා...සුවදේ බෑ....එක පැත්තකින් බුදු සාදු...සීවලි හාමුදුරුවො ....එතනින් එහා පැත්තෙ හින්දු දෙවි වරුන්ගෙ පින්තූර කාර්ඩ් එකයි...ඊට මෙහා පැත්තෙන් කතෝලික ආගමෙ සාන්තුවරුන්ගෙ පින්තූර කාර්ඩ් එකයි...

අප්පච්චි ආ.....

මං අප්පච්චි අත්ට දුම් කබල දීලා ලා කහපාට ගැහුන සාම්බ්‍රානි කුඩු අහුරක් අරගන දානකොට මුලු කඩේම සාම්බ්‍රානි සුවදින් පිරිලා ගියා...

මං නිදහස්.....මෙතනින් පස්සෙ තියෙන්නෙ කවුරු හරි කෙනෙක් එනකන් කැශියර් එකට වෙලා අප්පච්චිගෙ කැරකෙන පුටුවෙ ඉදගන්න...මොකද කල්පිටි ඉදන් එන කරවල ලොරි එන්නෙ පහට...පහමාරට. .ඒක ඇවිදින් ස්තීර වෙලාවක්...දංකොටු යන ටිපර් එන්නෙ හයට විතර.....

මං අප්පච්චිගෙ පුටුවෙ ඉදගත්තා .....මට ඉහලිම්ම මල්මාලයක් දාපු අප්පච්චිගෙ අප්පච්චි මගෙ සීයගෙ පින්තූරයක් එල්ලලා තිබ්බා....මෙච්චර කාලයක් අපි ජිවත් උනෙ අප්පච්චි ගෙ මහ ගෙදර ඒත් හදිසියෙ ආව දේපල තන්නාස එක්ක අප්පච්චිගෙ සහෝදරයො කා කොටා ගන්න පටන් ගන්නකොට අපිට ගෙදරින් එලු බහින්න සිද්ද උනා...ගෙවල් කීයක් බැලුවද...ගෙයක් ගන්නකන් කුලියට වත් ඉන්න .....ගිනි ගනන්....ඇති මගුලකුත් නෑ....ඒත් මං ආසම පරන තාලෙ ගෙවල් වලට....

අප්පච්චි ...

ඵෝන් එකට ඇන ඇන උන්න මම රූකාන්තව අර සින්දුවත් එක්කම අතරමන් කරලා නලින් පෙරේරගෙ අන්ජලිකව හොයන් ගිහින් අන්ජලිකා එක්ක ගිලෙන්න කලින් අප්පච්චිට කතා කෙරුවා .....

ම්ම්ම්ම්....

අප්පච්චි ...අර ගෙදර ....මහවැව තියන ගෙදර ...

ඉතින් ...

ඒකටද අප්පච්චි අපි යන්නෙ...

ලාච්චුවට දාන්න ගත්තු සල්ලි මිටියෙ තිබුන විස්සෙ කොලේ ඉදන් දාහෙ කොලේ වෙනකන් නෝට්ටු ටික පිලිවලට ලාච්චුවට දාපු අප්පච්චි ලාච්චුව වහලා මගෙ දිහාව බැලුවා ..

ඒක පරන ගෙයක් බන්.....

ඒත් අප්පච්චි කරන්ට් වතුර හැම මගුලම තියනවනේ....ඇන්ටික් උනාට...ඒක හරි නිස්කලන්කයි.....ඊටත් වැව පේන මානෙ.....පිටිපස්සෙ වෙල...ඔය ඔක්කොමත් එක්ක හරි නිස්කලන්කයි ....මහපාරට ළඟ. ....

ඒකා මාසෙට විස්සක් ඉල්ලනවා බන්....තට්ටු දෙක උනාට මොකො අපි තට්ටු දෙකේම බඩගානවද.....???

විස්සක් කියන්නෙ ඉතින් මේ කාලෙ හැටියට ඒකත් පාඩුත් නෑ අප්පච්චි ...අනික දහයට ගෙවල් දෙන්නෙ කව්ද ....ඇරත්....ඒක දහයට දෙන එක උන්ටත් පාඩු ඇතිනෙ....

ම්ම්ම්....බලමුකො....දබරේර කිව්වනෙ පහලවකට කතා කරලා දෙන්න පුලුවන් කියලා උන් ගේ විකුනන්නලු හිතන් උන්නෙ . ඔහොම ගිහින් විකුනයි.....ගානක් ආවොත්

කීයකට.....?

ඇයි ඒ කටු ගේ උඹ ගන්ඩද.....??

අප්පච්චි යන්න ගියා....ඒත් වැව පේන මානෙ පරන ටයිප් එකට හදාපු ගෙදර මගෙ හිත උදුරන් තිබ්බා....උඩම කාමරෙ ජනෙල් පියන ඇරපු ගමන් පේන්නෙ වැව ....ඕලු මල් වැහි වැහපු වැව....පිටිපස්සෙන් වෙල.....මන්දා ....මට ඒ ගේ බලන්න ගියපු දවසෙම මගෙ හිත කිව්වෙම ඒක තමයි ගන්නම ඕනෙ කියලා ....මොකද අනිත් ගෙවල් එකක් වත් මට හරිගියෙ නැති හන්දා .....ඒ මිනිස්සු පිටරට පදිංචියට යන්නලු...අපරාදෙ මොනවා උනත්....පට්ට ගෙදර ....

තවත් විනාඩි ගානක් විතර කල්පනා කරපු මං ආයම අංජලිකා එක්ක ගිලෙන්න ගත්තා ....

අප්පච්චි .....ප්ලේන් ටී දෙකයි.....බිත්තර ආප්ප දෙකයි ප්ලේන් ආප්ප එකයි...

වෙලාව අට පහු උනා....දැන් ඉතින් මට ආය අංජලිකා එක්ක පෙම් කෙලිලි නෑ...මෙච්චර වෙලාම හිස් වෙලා තිබුන පුටු මේස එකා දෙන්නා එකා දෙන්නා අයිති කරගන්නකොට මං එක ටේබල් එකක උන්න වයසක ජෝඩුවක් කාපු බීපු ජාති අප්පච්චිට කියනකොට අප්පච්චි ගනන් බලන්න ගත්තා ....මං නිකමට වගේ ඒ වයසක උන්දලා දෙන්නා දිහාව බැලුවා .....

මගෙ පපුව හෝස් ගාලා ගියා ...වයස අසූවට කිට්ටු කරලා ඇති....මනුස්සයගෙ කකුල් වල සෙරෙප්පු දෙකක් වත් නෑ...පැනි පාට ගැහුන කොන්ඩෙ....රබර් පටියක් දාලා ගැටගහන් උන්න කන්නාඩි කුට්ටම.....වයසක උන්දගෙ අත් වෙව්ලනවා....විස්සෙ කොල කාසි අරන්ගනිනවා.....මට පව් කියලා හිතුනා....වයසක ගෑනු කෙනා අර මනුස්සයා ගැන ගැන දෙන සල්ලි එක අතට මිට මොලව මොලව බලන් ඉන්නවා....

අප්පච්චි ...

මං හීමීට කෙදිරුවා...මං දැක්කා....පාට ගියපු ඉටි බෑග් එකක් අස්සෙ තිබුන ඉස්පිරිතාලෙ ක්ලිනික් පොත....

අප්පච්චි ප්ලේන් ආප්පෙ සල්ලි විතරක් ගමු අප්පච්චි ...සල්ලි ඇහිදිනවා අප්පච්චි පව්.....

මටදුක හිතුනා...රුපියලේ දෙකේ කාසිත් ගනිනකොට මට දුක හිතුනා බොර පාට ඇස් තිබුන උන්දා හිතලා හිතලා බිත්තර ආප්ප දෙකක් ඉල්ලපු විදිහ මතක් වෙච්ච මට දුක හිතුනා...

සල්ලි ඕන් නෑය කියපන්. 

මං අප්පච්චි දිහාව බැලුවා .....තත්පර ගානක් බලන් උන්න අප්පච්චි සල්ලි එපාය කියප්ව්න් කියනකොට මං ඔලුව වැනුවා .....

උන්දලා දෙන්නා යන්න ගියා ...වරුවක් විතර කට පුරාවටම පින් දුන්න ඒ වයසක ජෝඩුව යන්න ගියා . . වයස උන්දව කුදු ගැහිලා හොදටෝම .....ඇදන් උන්න චීත්තෙත් පාට පිච්චිලා ගිහින් මදිවට දාන් උන්න රබර් සෙරෙප්පුවෙත් අඩි ගෙවිලා හොදටෝම....ඒත්.....උන්දව වාරු කරන් උන්න සීයගෙ අත බැරි බරි ගාතෙ ගාටන ඒ අත අල්ල්න් උන්නා තදිම්ම...

මොන අඩුපාඩුව තිබ්බත්....අදටත් පොරොන්දු රකින මිනිස්සු ඉන්නවා හැංගිලා හරි....

මං ආපිට කඩේට එන්න ආවා ...ඒ එනකොට ඇතුලෙ දාලා තිබුනෙ ටීවි එකෙ සුදු ඇදුමින් සින්දුව යනවා ...

.

කෑම එකක් අරන් යන්නද කන්නද.....

චිකන් කෑම දෙකක් පාර්සල්ද.....

අප්පච්චි මේකෙන් කෑම තුනකට සල්ලි ගන්න....

මං නිකන් වයින් කරාපු බෝනික්කා වගෙ ....දවල් දොලහා කියන්නෙ....මට ගිනි කසෙන් බැට කාපු එකා වගෙ වැඩ කරන්න වෙන එක වෙලාවකට අප්පච්චි කැශියර් එකට දුවනකොට අනිත් වෙලාවට මං දිව්වා....පිටිපස්සෙ උන්න කමනිට කතරගම දෙයියො ආරුඪ වෙනවා. ...චිකන් කෑම...මාලු...එලවලු මොන මස්ද අයියෙ....හරක් මස් තියනවද අහන උන්...වැඩිය බෙදන්න එපා චුට්ටක් බෙදන්න කියන උන්ගෙන් කඩෙ පිරෙනවා....

ලමයො.....

මං උන්නෙ රුපියල් දහයක් මදි උන එකෙක්ට හැක්ස් ටොපි දෙකක් පංගරාත්තු කරලා බැනුම් අහ අහ....එහෙන් ටීවි එකේ දාලා තිබුන කැරොකෙ එකෙ සල්ලි පොකුරු මිල්ලෙ අහුරු හුලගට විසි වෙනකොට ඉස්සරහ තිබුන සපත්තු කඩෙ කෙල්ලත් කෝල් කරලා අයියෙ බත් එකක් තියන්න කියනකොට මං ඒකිගෙ බත් පාර්සලෙත් අහක් කරනවා එක්කම කවුරු හරි මට කතා කෙරුවා ....

දබරේරා අංකල් ....අපෙ බ්‍රෝකර්

කියන්න අංකල් ...

රෝහන මහත්තයා ඇවිල්ලා....

රෝහන...කිව්වෙ...අංකල්

මහවැව ගෙදර ...

ආ...ආ...හරි....මං අප්පච්චිට කියන්නන් විනාඩියක් ඉන්න.....

.කොල්ලො මේකෙන් ඉස්සො කෑම දෙකකුයි බිත්තර රෝල්ස් එකකටයි සල්ලි ගනින්...

අප්පච්චි සීයෙ මාරු නෑ.....අන්න දබරේරා අංකල් ඇවිත්...

මං අප්පච්චි අතෙ තිබුන දාහෙ කොලෙ අර්න් සීයෙ කොල නෑ කියන ගමන්ම දබරේරත් ඇවිත් කියලා කියලා අර බත් වල ඉතුරු සල්ලි දුන්නා

නෑ ...සල්ලි හදිස්සියක් .....දැනට දහයක් ගෙවන්න තියනවා නම් ඉතුරු ටික හිමින් හිමින් හරි ගන්න තිබ්බා....

හතලිකට වැඩි නැද්ද මහත්තයා .....ගෙදර පරනත් එක්ක....

ඇති යන්තන් බීශනෙ අඩු උනා .....අප්පච්චි හම්බෙන්න ආව දබරේරටයි...මහවැව ගෙදර අයිතිකාරයටයි අලියා බීම දෙකක් උස්සන් ගියපු මට අප්පච්චිගෙ මුනු මුනුව ලාවට ඇහුනා....ගෙදර විකුනන්න යනවද .. ලක්ශ හතලිහට නම් පාඩුයි .....ගෙදර පට්ට පරනයි....

බඩුමූට්ටු ඔක්කොම එක්ක දෙන්නෙ ...ඕක හතලිහට වඩා වටිනවා.....

ඒ දබරේරා...

මං බීම දෙක තියලා දබරේරගෙ මූන දිහා බලනකොට ඊට මේස දෙක තුනකට එහායින් උන්න පිරිමි ලමයෙක් කොල ටිකක් අතේ තියන් මා දිහා බලන් උන්නා....බලන් ඉදලා මට ඔලුවෙන් අඩගැහුවා .....

මං ඉක්මනට එතනට ගියා.....

ඔයා මොනවද ඕනෙ .....බත් ද ....නැත්තන්...

ස්..සීනි නැති කෝපි එකක් දෙනවද .....?

එච්චරයිද ...

ඔ..ඔව් .ඒක විතරයි ....

(නිම්න තිහස්වර ....)

🦚මයුරනිම්න...!!!

පරිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි ගොඩාක් .....

හෙට ඊලග,වස්සානෙ එක්ක එන්නාම්...

.මම ජොබී

Nedeesha