LightReader

Chapter 10 - 10

ආපහු...ඉස්කෝලෙ යන්ඩ....විකාර....විකාරද...මොලේ කොලොප්පම්ද.....මොලේ විකාරද.....

මං මිමිනුවා...මොකද මට හයියෙන් බැනගන්නත් බෑ....අරුන් තුන්දෙනා බියර් කියලා බීලා තියෙන්නෙ සෙවනගල ගුලි දිය කරලද මන්දා....දෙවියනේ රවිදුවගෙ ඔලුව මුගෙ පනත් හරි....ඔය කහපාට කරන් ඉන්න කොන්ඩෙත් හරි....අරූගෙ කොලපාට කොන්ඩෙයි සදුනිකයි දෙන්නම එක තරන් ඌට වටිනවා.....උදාර ...අනේ බන්....උඹගෙ කරාඹු ටික....

බලපන් මුගෙ ඔලුව....තනිකරම සූප්පලා සූප්පලා අතෑරපු විලාට්ටයක් වගේ.....මෙව්වා තියන් උඹලව ඉස්කෝලෙ ගේට්ටුව ගාවට වත් ගන්නවද....???

ඉ..ඉතින්...දැන් කව්ද ඉස්කෝලෙ එන්නෙ....මං කිව්වනෙ...අපි එකෙක් එන්නෙ නෑ....

එහෙමද...?? ඒකද උඹගෙ අවසානම උත්තරේ...???

හරි...උදව්වට උදව්වක් කියල මං කිව්වනෙ...උඹට මගෙ දරුවා කොයි තරම් නම් විදෙව්වද කියලා බලාගන්න උවමනාවක් නැද්ද මයුර....

මගෙ දුව....මගෙ පුතා...උන් ලැජ්ජ උන හැටි එක පාරක්වත් බලන්න ඕන නැද්ද කියපන්.....

උන් මුලු මුලු ගානෙ හැංගි හැංගි කොච්චර ඇඩුවද....අම්මා උන මටවත් උන්ව බේරන්න බැරිව ගිය හැටි උඹට බලන්න ඕනකමක් නැද්ද මයුර.....

මං අහක බලාගත්තා....තටමලා තටමලා මං උදව් කරන්න හා කියලා කිව්වත් ඒ අස්සෙන් මේ ගෑනි කරන්නෙ අපි හතර දෙනාව ඉස්කෝලෙ යවන්න....

මං රවාගත්තා...

මගෙ වටේ කැරකි කැරකි උන්න ගෑනු කෙනා වචන වලින් මගෙ හිත නවන්න හැදුවා...ආපහු ඉස්කෝලේ යන්න...ඒකත් ආයම අවුරුදු ගානක් පස්සට ගිහින්...

.ඒ කියන්නෙ මම ආපහු නිම්නලාගෙ පන්තියට වැටෙනවද.....?????අපි හතර දෙනාම ආපහු නිම්නාගෙ පන්තියට වැටෙනවද .... 

ඒ කියන්නෙ..අපි හතර දෙනා ආපහු නිම්නලාගෙ පන්තියට වැටෙනවද....????

වැනි වැනිම උනත් හරි අමාරුවෙන් හිටන් උන්න උදාරයට වාරු වෙන රවිදුවා තාමත් උඹලා හැදුනෙ අපෙ අත්වල කිය කිය උදාරයව දමාගන ඉඹින හැටි බලාගන මං අර ගෑනු පරානෙගෙන් අපි ආයම ඉස්කෝලේ යන්න ඕනෙ නිම්නලාගෙ පන්තියටද අහනවත් එක්ක කල්පනයා හූ තියලා අඩන්න ගත්තා නිකන් නෙවෙ...සදුනිකා...උඹ මාව රැවටුවා සදුනිකා ගගා.....

සදුනිකා.....උඹ මාව රැවටුවා....උඹ..කිව්වා..යකො...පැටව්...ටික..එලියට යයි....තා...ත්ති.....ඉ...ස්සරහා...දොරට .ලී....පටි ගහන්ඩ...කියලා ...දැ....න්...මං....කාගෙ...පැටව් ..ගැනද....

මං කන්දෙක වහන් අහක බලාගත්තා.....මටම ලැජ්ජ හිතුනා...මටම පොලව පලන් යන්න හිතුනා.....

ඌ මොන පැටව් ගැනද ඔය කියන්නෙ....

උගෙ කෙල්ලයි ඌයි හැමදාම මහ රෑට ඵෝන් එකෙන් ළමයි හදලා...උන් එලියට යයි කියලා දොරට ලෑලි පටි ගහන්න කියලා ..එතනින් එහා අහන්ඩ එපා..මටත් බඩ බුරුල් වෙනවා.....

මං අත් දෙකෙම්ම කන් වහන් වෙච්ච කෙරිච්ච දේවල් ටික කියනකොට මට නොපෙනුනත් අර හොල්මන් පරානෙ හරි සද්දෙට හුස්මක් ගන්නවා ඇහුන මං ලග තිබුන හිස් බියර් ටින් එකක් විසි කරලා කල්පනයට ගැහුවා...නැත්තන් මූ මෙතන උගෙ ජාතකේම දිගෑරගන්නවා.....වැලන්ටයින් එකට දුන්න ටච් මහලුයි...අරකයි මේකයි ඔක්කොම කියන්න ගත්තොත් හොද සිහියෙන් ඉන්න මම ලැජ්ජා වෙලා මැරෙනවා...

ඒ අස්සෙන් රවිදුවා බිම දිගා වෙලා පීනනවා....අනේ ඇයි යකො...ඇයි මේ...උදාරයා විතරක් මගෙ නම්බුව රකින්න තනි කෙලින් හිටන් උන්නත් ඊලග තත්පරේදිම ඌත් මගෙ නම්බුව කෑවා....

ර් ....ර් රවිදුවා....බ්..බලාගන...පීනප....න්.....ක්..

කටු...කිඹුල්ලු...ඇති.....

මන් හිතන්නෙ මුන් ගුලි කාලා...මං නැති වෙලේ මුන් අනිවාර්යයෙන්ම ගුලි කාලා...නැත්තන් මෙච්චර වදින්න විදිහක් නෑ....

ඉතින්..උඹට මේකටත් සතියක් ඕනෙද....?? පොඩ්ඩක් හිතලා බලපන්....එක අතකින් උඹලගෙ නන්නත්තාර අනාගතේ වත් ගොඩ යයි.....

මට කරන උදව්වට මං ණය නෑ මයුර...ඌ හදන්නෙ පව් කරලා මුලු ගෙටම සුදු හුණු ගාන්න.....මං උඹට සතියක් කල් දෙන්නම්.....පුලුවන් නම් මුන්ගෙ හිත් වෙනස් කරපන්....උඹට බැරි නම්..මට කියපන්.....

මට බෑ...ඕන මගුලක්...මං එන්නෙ නෑ.....උදව් කරන්න.....ඒ..ඒ....යන්න එපා..මගුල කිය කිය ඉන්නකොට මැදින් යන්නෙ....

මං නිකන් දැන් නයා මැරුන අහිකුන්ටකයා වගේ...මං කටකැඩෙනකන් එන්න බෑ කිව්වත් මට ඉන් එහා කියන්න දෙයක් ඉතිරි නොකර එයා යන්න ගියා.....

මං උඹලා එක්ක මේවා කොහොමද බන් කතා කරන්නෙ.....

බිම දිගේ පීනන රවිදුවයි....ඔරු පදින උදාරයයි දිහා බලන් උන්න මට කල්පනයව දැකලා මේ සසර කොයිතරම් නම් බයානකද හිතුනා.....

ඒ..එ.එ....මේ...කල්පනයා ..ඇස් ඇරපන්...අඩේ...ඇස් ඇරපන්කො.....උදාරයා මෙන්න මේ හුත්තව මගෙ ඇගට ගැටගහපන්.....

මොන මගුලක්ද මයුරයා උඹ අරන් ආවෙ....සිරාවටම මගෙ ඔලුව නෑ වගෙ...වෙනදට වදින්නෙ නැති එක ඇයි බන් අද මෙච්චර වැදුනෙ.....

මං උඹට කිව්වා උදාරයා....අර මගුල කරනකොටම.....ආය නම් බොන්නෙ...බ්ව්...බ්වෑ...ක්...අනෙ..

දෙයියනේ...අදට විතරක් ...මාව බෙරගන්ඩකෝ.....ව්ව්....ව්ව්...බ්බ්බ්...වෑ....ක්ක්...ආය.....නම්...බොන්නෙ...නෑ...

වෙලාව රෑ හතට....අටට විතර වගේ.....අරුන්ගෙ වෙරි හිදුනා...හැබැයි එකෙක්ගෙ ඇර....කල්පනයගෙ.....ඌට වෙරි මතට වඩා විරහව ඉහට ගහලා....ඌ අරකිව අතාරිනව කියනවා...ඒ ටිකකිම්ම අම්මී.....උඹ නැතුව ඉන්නෙ කොහොමද අහ අහ අඩන්න ගන්නවා....වෙරි හිදීගන එනකොට රවිදුවා අර ගහක් අල්ලන් දෙවියන්ගෙන් සමාව ඉල්ල ඉල්ල වමනෙ කරන්න ගත්තා...ඌ හැමදාම ඕක කියනවා.... අන්තිම පාරට විතරයි බොන්නෙ කියලා බීපු දාට ඌ ආයම දෙවියන්ට ඌව බේරගන්න කියනවා....

දැන් මොකද බන් කරන්නෙ.....

මොනා කරන්නද මූව ගෙදරට ගිහින් දාන්න වෙනවා....නැත්තන් මූ අනිවාර්යයෙන්ම අරකිගෙ ගේ ගාවට ගිහින් සින්දු කියනවා ...දන්නවනෙ.....මට්‍ටා සුජියගෙ සැර මූව කොහු මැශිමකට දායි...අරකවත් ගෙදර දාපන්.....ඌට නම් අවුලක් නෑ...ඒත් උදාරයා.....

බලපන්....මූ තනිකරම ගූ හැත්තෑවයි...

මං මගෙ ඇගට තියලා කල්පනවය ගැට ගස්ස්ව ගත්තා ..ඌට වෙරි කියන්නෙ ආය....වෙරි ගුට් ....නාග සලන්.....ගූ වෙරි....උදාරයා කිව්වත් වගෙ ගූ හැත්තෑවයි .....

ඌ එකම දොඩවන්නෙ අරකිගෙ ගේ ගාවට යන්ඩ.....වෙන මොකුත් එපාලු....ඌට කියන්න ඕනෙ මෙච්චරලු.....

විස්වාසෙ කඩකරපු උඹට හිත් දෙකක් සුදූ කියලා විතරක් ලු කියන්න ඕනෙ.....අරකිගෙ අප්පච්චි මූට ඕක කියන්න කට අරින්නවත් ඉඩ තියයිද දෙයියො තමයි දන්නෙ...ඒකිලාට කොහු මෝල් තියනවා.....මට්ටා සුජියා කිව්වම ගමම සැලැන්ඩර් අමුවෙන් කියනවා නම් මිනිහා දස කැරියා...

ඒකිගෙ අයියත් මූට කොච්චර ආදරේද කියනවා නම් දෙතුන් සැරයක්ම පරිස්සමින් ඉන්න කියලා කිව්වා....

මම උදාරයා දිහාව් බැලුවා ....ඌ හොද සිහියෙන් ...අරුත් ඔලුව කැක්කුම තිබ්බට හොදින්....මූට විතරයි අවසිහිය .....

මන්දා...මං කොහොම මුන්ට මේක තේරුම් කරන්නෙ...???

මට පිස්සු කියලා හිතයි....ඇත්ත දැනගත්තම්ස් නම් මේ පලාතෙ නෑවිත් ඉදී...ඊටත් අම්මා අප්පච්චිට මියන්නත් එපා කිව්වා...

රවිදුවා ...මොකද...උඹට හරිද....මේ..මගෙ කරාබු දෙක නෑ බන්....මගුල....හැමතැනම හෙව්වා...උඹ දැක්කද....?

මං දැක්ක කරාබුවක් නෑ බන්..මට කරාබු පෙනිලා ඉන්නෙ.....මාව අප්පච්චි මරයි...උදා...ර.....මාව එක්කො..උඹ අරන් යමන්කො....අප්පච්චි ..අද ගෙදර දවස....ඒ අස්සෙන් බඩ දානවා..ඇත්තටම මයුරයා උඹ මොනවද බන් ගෙනාවෙ...

මෙච්චර වෙලාම වමනෙ දාපු රවිදුවා කරන්ට් වැදිලා වගේ තිබුන කොන්ඩෙ අතින් ඇද ඇද වගෙ එනකොට උදාරයා පනදාගන උගෙ කාරබු හොයනවා.....වෙච්ච කෙරිච්ච දේවල් ඇස් දෙකෙම්ම දැක්ක මං ඕක කෙරුවෙ හොල්මනක් කියලා කියාගන්න බැරිව ලතවෙන ගමන්

නිකමට වගේ මගෙ කාමරේ දිහාව බැලුවා ....

වහපු ජනෙල් පියන් ආයම ඇරිලා...

මං දන්නවා....ඔතනට වෙලා බලන් ඇති....කරදරයක් නෑ....ඒත් හිත බයයිනෙ දෙයියනෙ....

එහෙන් රවිදුවා ඌව උදාරයට අරන් යමන් ගගා අඩනවා....ඇත්ත උගෙ අප්පච්චි කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්....මූව ඒ කොච්චියටම තියලා මරලා දායි...මන්දා උන්ගෙ අප්පච්චි මූව නීති ගොඩක් අස්සෙ හදන්නෙ.....ඒ හින්දමද කොහෙද රවිදුවා අහිංසක උනත් වෙලාවකට හෙන නසරානියා....

උදාර...ඌවත් ගනින්....මූවත් අරන් අපේ ගෙදර යන්...

උඹලගෙ ගෙදර .....අඩෙ හතරකටම...

උඹලා වෙනදට නිදියපු නැති තැනක් නෙවෙනෙ...මට උඹලා එක්ක දෙයක් කතා කරගන්න තියනවා උදාරයා ඕකව අරන් නැගපන්කො....

සතියක් කල් දෙන්නම් කිව්වත් මොකද මට ඒ වචන ටික මගෙ ඔලුවට මහා හිසරදරයක් වෙන්න ගත්තා ....හරියටම කියනවා නම්..මගෙ ඔලුව ඉඩ ගල් ගෙඩියක් තියන් ඉන්නව වගේ....හරියටම කියනවා නම්...මගෙ පපුව උඩ කවුරු හරි නැගන් වගේ ..මෙච්චර කල් සැනසීමෙන් නින්ද ගියපු මට ආය සැනසීමෙන් නිදාගන්න හම්බවෙන්නෙ නෑ කියන එක ලාවට පැද්ද වෙන ඔන්චිල්ලාව අනතුරු අගනවනකොට මං තත්පර ගානක් ඉහල තට්ටුව දිහා බලන් ඉදල බයික් එක ස්ටාර්ට් කරගත්තා.....

දැන් උඹ කියන්නෙ අපි උඹලගෙ ගෙදර යන් කියලද ....???

ඔව්....කාට නැති උනත්....උදාර මට උඹ එක්ක දෙයක් කතා කරන්න තියනවා...

ඇස්ලේටර් එක මිරිකන් උන්න මං උදාරට දෙන්න පුලුවන් හොදම උත්තරේ දීලා කෙලින්ම බයික් එක එලියට දැම්මා......

මට ඉස්සරහින් රවිදුව දාගත්තු උදාරයා ඇරලා යනවා....ඒත් අවසිහියෙන් ඉන්න කල්පන නිසා මට හරියට යාගන්න බැරු උනා...සැරින් සැරේම ඌව පහලට බර වෙනකොට මට මගින් මගට නවතින්න උනා.....මගින් මගටම ඒකව ලෙහ ලෙහ මගෙ ඇගට තියලා ගැට ගහගන්න වෙනකොට මගෙ ගාවින්ව ඇවිදින් බයික් එකක් නැවැත්තුවා.....මාව එක පාරම ගැස්සිලා ගියා...

ඔයා මෙතන....??

අර කෙල්ල...නිම්නව හොය එන කෙල්ල....වෙලාව කීයද...නවයටත් කිට්ටුයි....මෙ මහ රෑ ඒකි මොනවද කරන්නෙ.....???

මේ මෙයාට චුට්ටක් වැඩී.....මට අරන් යන්න අමාරුයි.....

ඒකි ඒකිගෙ අර ලොකු බයික් එකේම ඉදන් මම මග ඇගට තියලා ගැටගහන කල්පනය දිහාව බලන් ඉන්නකොට මට එකපාරම අර ගෑනු කෙනා කියපු දේ මතක් උනා...එයාට කියන්න කිව්වා...තව දුරටත් නිම්නා හොයාගන එන්න එපාය කියලා ....ඒත් මං දැන් කිව්වොත්....නිම්නව හොයන්න එපා කියලා ....

ඇයි ඇහුවොත් මං දෙන උත්තර මොනවද.....

මොකද...උදව් ඉල්ලුවට....ගෑනි උනත්...මට කතා කෙරුවෙ වචන හංග හංග......

ඔයාගෙ නම.....

සධීරා.....

සධී...රා...

හ්ම්....

සධීරා දෙයක් අහන්නද...

අර විකාර මිනිහා ඔයාගෙ ඔලුවට මොනවා හරි දැම්ම නම්...මචන්..මට මෙච්චරයි කියන්න තියෙන්නෙ...මං ඒ මිනිහගෙ දුවට ආදරෙ කරන්න පටන් ගත්තා.....අදටත් කරනවා...හෙටත් කරනවා....මට ඕනෙ මගෙ කෙල්ලව ආපහු...එහෙම කියන පලියට කිසිම දෙයක් නැතුව මනුස්සයෙක්ව රටින් පිට කරන්න බෑ බන්...

කෙල්ලෙක්...කෙල්ලෙක්ට ආදරේ කෙරුවා කියලා ඇති වැරද්ද මොකක්ද....එතකොට ඌ ඒ ආදරෙ ගැන නෙවෙද සර්වසාධාරනීකරනේ කරලා ලියන්නෙ....එතකොට ඌ කරන්නෙ බොරුවක්ද...???

.නෑ..ඌ කරන්නෙ මචන් ...අපි වගෙ මිනිස්සුන්ගෙ පානෙන් එලිය බලන එක...අපේ හැගීම් විකුනන් කන එක....ඌ මවන ෆැන්ටසි ලෝකෙ උගෙ ගේ ඇතුලෙ නෑ....

ඌගෙ වචන අස්සෙ තියන ආදරේ ඇත්ත ජීව්තෙ නෑ ...උගෙ ෆැන්ටසිය තියෙන්නෙ යතාර්තෙට කිට්ටු වෙන්නවත් බැරි දුරක....

හැබැයි....ඌ විකුනන් කන්නෙ..යතාර්තෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ හැගීම්....මචන් ..උඹම කියපන්....

කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද. ...?

කොල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරන එක වැරදිද... ?

මං හිතන්නෙ මන් අහන්න ගියෙ වෙන දෙයක්...ඒත් කෙල්ල මට උත්තර බැන්දෙ තව එකකට.....මාගලක් තරම් දුරට කෙල්ල කියාපු දේවල් ඒකි අවසාන කෙරුවෙ මගෙන් හොල්මන් වෙලා යන ප්‍රශ්න දෙකක් එක්ක වෙනකොට මං තත්පර් ගන්ක් කටපියන් උන්න...මොකද ...නිම්න ඇහුවෙත් ඔයම කතාව...

ඇත්තටම මගෙ කැමැත්ත අකමැත්තෙන් ඇතින් වැඩක් නෑ.....වෙන්න ඕන එක දෙයයි....ඒ මනුස්සයන්ටත් ගෞරව කරන එක....අපාහස නොකරන එක.....

සධීරා.....මේලෝකෙ හැම මනුස්සයම ඇවිදන් යන පාරෙ යන්න ඕනයි කියලා කිසිම තැනක නියමයක් නෑ ...කොහෙන් ගැලුවත්....අවසානෙදි හැම ගගක්ම මහ මුහුදට වැටෙනවා...ගගක අවසානෙ මහ මුහුද...මහ මුහුදට වැටෙනකම්ම ඒ අතර මැද මොන තරම් සෙල්ලම් දැම්මත්...අවසානම හෝල්ට් එක...මහ මුහුද.....මට ඔයාට උනත්...කාට උනත්...අවසානෙදි උරුම මහ පොලවට පස්වෙන එක....

අනිත් මිනිස්සු නොයන පාරක යන ඔයාට උරුමත් ඒ මහපොලව...

සධීරා..මට කතා කරන්න කට පන තිබ්බට ලස්සන වචන ගොතන්න කට පන නෑ...ඒත්....ඔය අහන දේට දෙන්න තියන එකම උත්තරේ.....ඔයාගෙ සැනසීම තියෙන්නෙ මොන ජාතිය ලගද නෙවෙ...මොන මනුස්සයා ගාවද කියන එක....එච්චරයි ...මං කකුල් මැද බලලා ආදරේ වර්ග කරන මනුස්සයෙක් නෙවෙ...

මං දන්නෙ නෑ මං මෙච්චර හෑල්ලක් කොහොම ගොතා ගත්තද කියන්න....ඒත්....අමනුස්ස පරානයක් බව අමතක කරලා අම්මෙක් විදිහට ඒ මනුස්සයා එලියට දාපු වේදනාව එක්ක මගෙ හිත මෙලෙක් වෙන්න ගත්තා .....අවුරුදු විසිපහක් උනාට මගෙ අප්පච්චිටම මන් තවම පොඩි එකා.....එකා යකා කියලා හදන්නෙම මට තියන ආදරේ කොයි තරම්ද පෙන්න පෙන්න...ඉතින් මම කියන්නෙ දරු දුක නොදන්න එකෙක් නෙවෙ වෙනකොට කොහොම නම් මම තවත් හිත රිදවන්නද.....????

සධීරා ....මං අහන්න හැදුවෙ ඕක නෙවෙ....මට අහන්න උවමනා උනෙත් ඕක නෙවෙ....

මොනවද ...අහන්න තියන දෙයක් අහන්න...

මම වැටෙන්න ගියපු කල්පනයව ආයම අල්ලගත්තා ....

නිම්න ගැන.....

නිම්න ගැන....මොනවද එයා ගැන.....

ඇයි එයා මට ඇත්ත නොකිව්වෙ ....නිම්නා කියම්නෙ එයාගෙ අක්කා කියලා ....

බයට.....

බයට...මොකට...

මිනිස්සු හූ කියාවි .....ආයම ලැජ්ජ කරාවි කියලා .....දන්නවද මයුර....මිනිස්සු අපිට හිටවලා පස් ගහපු නැති ටික විතරයි .....

මං මහ රෑඋනත් කෙල්ලගෙ මූන දිහා බලන් උන්නා ....මට එයාගෙන් අහන්න ලොකූ කතාවක් තියනවා....ඒත් මේ මහපාරෙ....ඇරත් රෑ...මං කොහොම නම් තවත් මග තියාගන්නද...ඒත්....නාහත් කොහොම .....

මයුර .....කියන්න කතාවක් තියනවා...අහන්න කෙනෙක් නෑ මයුර කැමති නම් අහන්න...

මට අහන්න ඕනෙ....ඒත් ඔයා කොහොම උනත් ගෑනු ළමයෙක්...

කෙල්ල හිනා උනා...කෙල්ල හිනා උනා කියන්නෙ ඒකිගෙ ලොකු බයික් එකෙ තෙල්ටැංකියට අතින් ගහන ගමන් ඒකි හිනා උනා...

මයුර....මේ රටෙ...අපි වගෙ මිනිස්සුන්ගෙ ආදර කතාවලට හංවඩු ගහනවට වඩා.....හදන්න තව හුගාක් දේවල් තියනවා මයුර ...උන්ට අපිවගෙ උන්ව පිලිකුල් උනාට...මහ රෑට තනියෙන් පාරෙ බැහැල යන කෙල්ලව ඇදන් යන සමාජයක් තියන් උන් හදන්නෙ අපි වගෙ අහිංසක උන්ව පිලිකාවක් කරලා පෙන්නන එක...අපි කොයි පැත්තෙන්ද අසාර්තක මයුර.....සම ආදරයක් හින්දා අපි සංස්කෘතිය කනවද .....නැත්තන් ආරක්ශාව අතින් අපි දුර්වල රටක්ද...???

මයුරට අහන්න ඕනෙ මොනවද අහන්න....මට මං ගැන බය නෑ.....

මන්දා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ....ඒකි යකඩ ගැහැනියක්....හිත හයිය එකියට ...

මයුර ඇහුවා ඇයි නිම්න ඇත්ත නොකිව්වෙ කියලා ....ඒක එයාට තියන ලැජ්ජාව නෙවෙ....ඒක එයාට තියන බය...මොකද දිගින් දිගටම ගුටි කාපු බල්ලෙක්ට ලගට ගිහින් පාන් නහට්ටක් දික් කෙරුවත් ඌ අඩාගන මූන හංගගන්නවා වගේමයි මයුර අපිත්...නිම්නත්....ඒ වගේම මගෙ නිම්නත්....

ස්කූල් බස් එකට නගින්ඩ බෑ....

පන්තියකට යන්ඩ බෑ...ආප්පේ.....ගාලා කෑ ගහනවා...මූනටම ආප්ප නෝනා කියනව....

මයුර....මිනිස්සු....එහෙම කියනකොට රිදෙනවා...

මූනටම පිම්පියා සමනලයා....ගෑනු බාගෙ කියනකොට පපුව කකියනවා....ඒක හරි වේදනාවක් ....ආදරේ කරන එක හරි වේදනාවක් ...

නිම්නව දැක්කත් මූනටම කෝ ආප්පෙ අහනවා....නිම්නාව දැක්කම ආප්ප දාමුද අහනවා.....

නිම්නගෙ මේසෙ පුරාවටම කුනුහර්ප විමානයක් තිබුනා ...නගින් නැද්ද අහලා ....උඹත් පිම්පිය නේද අහලා පන්තිය මැද ගොම නෑව්වා....

එක ගුරුවරයෙක් නැගිට්ටෙනෑ....මොන දුකක්ද කියනවා නම්.....නිම්නගෙ අම්මා...වයිස් ප්‍රින්සිපල් ...විනයබාර ......

සුචිත්‍රා මැඩම්....ඒ මනුස්සයගෙ ඇස් අස්සෙ කදුලු නැති දවසක් තිබුන් නෑ...කැලෑ පත්තර විමානයයි ඉස්කෝලේ .....සස්පෙන් වෙච්ච දවස් අනන්තයි මයුර.....

හැබැයි ....නිම්න වත්....නිම්නා වත්...මමවත් ...මාව පැත්තකින් තියලාඒ දෙන්නව ගත්තොත් ....හැම ටර්ම් ටෙස්ට් එකෙම්ම වැඩිම ලකුනු තිබ්බෙ ඒ දෙන්නට....

ඒ නවයක් තිබුනා ඒ දෙන්නටම ....ඒත්...ප්‍රසංසාවක් තිබුන් නෑ මයුර කිසිම තැනකින්...නිම්න ආසම ලියන්න....කවි කතා නිසදැස්.....

.....මයුර...,

,

මයුර ..දන්නවද...මනුස්සයෙක්ගෙ මානසීක නිදහස අමු අමුවෙම මරන එක තරම් පවක් මේ ලෝකෙ කොහෙවත් නෑ..මයුර....

මයුර ...අපි කෙරුවෙ ආදරේ....හැබැයි.....ඒ හිත් අස්සෙ අපි ගැන තිබුනෙ හරි විශ අදහස්...මයුර....මං.....ලුණුවිල සෙන්ට්‍රල් එකෙන් ට්‍රාන්සර් ආව කෙනෙක් මාදම්පෙ සෙන්ට්‍රල් එකට ...

මං....නිම්නගෙ ක්ලාස් එකෙ...නිම්නා කොමර්ස් එකෙ...

මගෙ ඔලුවත් එක්ක කැරකෙන්න ආවා ....මට නිම්නව මතක් උනා....මට අයියෙ කියලා කතා කරන්න කිය කිය බැන්නත්.....නිම්නට තිබුනෙ හරි අහිංසක ඇස් දෙකක්.....මලානික මූනක්...පන්තිය මැද ගොම නාවනවා කියන්නෙ....

මට මෙවෙලෙ ඕන කරන්නෙ එකම දෙයයි.....එකම එක දෙයයි.....දූවලා ගිහින් ඉන්න තැනකින් හොයාගන අත් දෙකෙම්ම බදා ගන්න....

නිම්න මට සමාවෙයන් කියන්න....මං උඹව කොලොප්පමකට ගත්තෙ නෑ නිම්න කියන්න...

මීට තත්පර ගානකට උඩින් මමම යකඩ ගැහැනියෙක් කියලා නම් දීපු එයාම බයික් හැන්ඩ්ල් එකට ඔලුව ගහන් ඉන්න විදිහ දැක්කම මගෙ පපුව පිච්චිලා ගියා....

සධීරා....

මං කෙල්ලගෙ පිටට අත තිබ්බා ....අත තියලා කතා කෙරුවා ....ඒ ඇස් රතු වෙලා ...රතුම රතුවෙලා...

ඔයා යන්න...දැන් රෑ වෙලා ....මට පුලුවන් උදව් කරන්න.....නිම්නාව හොයාගන්න...මට....පුලුවන් ....ඔයා...එක්ක.....එකතු....වෙලා ඔගාගෙ නිම්නව හොයා ගන්න උදව් කරන්න

දන්නවද මගෙ පපුව වීදුරු කටු වලින් හීරුවා හා සමාන වේදනාවක් දැනුනා.....නිම්නා නෑ.....අනෙ....දැනටමත් නිම්නා නෑ සධීරා කියලා කියන්න මට ඕන උනත් කොලු ටයිප් එකෙන් ඉන්න මේ කෙල්ලව මට අඩවන්න හිතන්නවත් අමාරු උනා....

මං එයාට බොරු කිව්වා....රැයක් දවාලක් නැතුව පිස්සුවෙන් වගේ තමන්ගෙ ආදරෙ හොයන මේ කෙල්ලගෙ හිත මට කඩන්න හිත හදාගන්න මට බැරිව ගියා....

මං කෙල්ලගෙ පිටට තට්ටු කෙරුවා ....ඇත්ත.....කැලේ ඇතුලෙම පරවෙනවා හුගක් මල් ජාති.....

මයුර.....කොඩි ගහ යට බලනවද.....??ඒකෙ ශානිව දකිනවද.....කලූව දකිනවද.....තිරේ ඇතුලෙදි මිනිස්සුන්ට...කලූ ශානි කියන්නෙ...සුපිරි චරිත උනත්...තිරෙන් පිටදි...අහවල් ජාතිය කියලා ලේබල් කරාපු චරිත...හරියටම .....නිමනාගෙ අප්පච්චි දුන්න තැන වගේමයි...පොතෙ පිටු අස්සෙ දැකපු දේදුන්නෙ ලස්සන.....එලියෙදි නෑ...පාට මැකිලා...පාට මකලා....

ඕකයි මයුර යතාර්තය...

සදු.....නිකා...මගෙ....දෝ....නී.....හ්.....උඹ...මහ.....පරට්ටි...යෙක්...දෝ....නි...පෙන්නලා....ආලේ...හැටි....උඹ...දුන්න...දුක ...

හොදටම...ඇති...

අනේ කට වහපන් හුත්තො....මොන සදුනිකෙක්ද....තෝත් ඔය කොහෙන් හරි කොල්ලෙක් හොයා ගන්...මාත් හොයා ගන්නම්...අරුන් දෙන්නටත් කාව හරි හොයා ගන්න බැරුව ගියොත් උන් දෙන්නට හරි සෙට් වෙන්න කියනවා....ආයම සදුනිකෙක් ගානවා...මොන මගුලක්ද බන්....වේසයිනෙ ඔහොම අඩනකොට .....

මං උන්නෙ ගෙවල් හරියට කිට්ටුවෙන්.....මගෙ පිටට ජැක ගහන් ආව අරූ මෙ එන මගදිගටම කෙරුවෙ ඒකගෙ සදුනියව ඉල්ලපු එක වෙනකොට මගෙ කල්පනාව අද කවදාවත් නැතුව නිම්න හොරකන් කරන් ගියා...

නිම්න.....ඒ තරමටම උඹව උන් රිදෙව්වද නිම්න...ඒ තරමටම....??????උඹ කොහොමද නිම්න ඔය හැටි දරා ගත්තෙ....

මට හිතන්න අමාරුයි..උනේ උඹට උනත්....දැන් රිදෙන්නෙ මට නිම්න...

මං මේ එන ටිකට කී පාරක් නම් හැන්ඩ්ල් එකට ගැහුවද කියන්න මම දන්නෙ නෑ...මට ඕන උනේ..වෙනදටත් වඩා වේලාසනින් හෙටට ඉරපායන්න...

මොකද මං දන්නවා...නිම්න හෙටත් එනවා...

මට ඕන මෙච්චරයි ...ආපහු අතීතෙට යාම කෙසේ වෙතත්...මේ දැන් හරි ගිහින් එවුන්ගෙ දත් ගලවලා අතට දෙන්න...

මයුරයා....මොන මගුලද බන් මෙච්චර වෙලා කෙරුවෙ.....අර අංකල් කාරයා මෙච්චර වෙලාම පාරෙ.....උඹලගෙ කමනි බයවෙලා.....

රොහානයො...මේන් මූ ආවා අංකලයෝ...කමනේ...හ්.....

සූකිරියා ආවා.....

මට එන්න හම්බුන් නෑ....මග දිගට දෝනියව ඉල්ල.ඉල්ල අඩන එකාවත් අරගන ගාට ගාට ආව මට ගෙදර වත්තටවත් බයික් එක දාන්න හම්බුන් නෑ.....උදාරයයි රවිදුවයි කෑ ගැහුවා....ඒ එක්කම අප්පච්චි එලියට ආවා....

ආ යකො.....උඹ ආවද නැත්තන් බයික් එක කරේ තියන් ආවද...

ඒකනෙ අංකල් මාත් මේ කියන්නෙ...අරූටත් නාගසලන්නෙ.....

මොනාද...මොනාද උඹ කියන්නෙ ඌට නෙවෙ උඹලා ඔක්කොටම නාගසලන්නෙ...යමන් ගිහින් අර දෙහි එක ඉල්ලන් බීපන්.....පලයන් දෙන්නම.....කොල්ලා උඹත් උන තියන් බිව්වද කියපිය....යැව්වෙ සුද්ද කරන්ඩ....එන්නෙ තොපි වමනෙ හලාගන....එව්වා සුද්ද කරන්ඩ අපි ඕනෙ....

ස්...සදු....නිකා...දෝ...නීහ්....වරෙන්...එලියට ....අප්ප...ච්චි...ආවා...

මං තවම හෙල්මන්ට් එක පිටින්...වෙනදට මං කොච්චර නම් අප්පච්චි එක්ක එකට එක කියනවද....කොච්චර නම් කියවගන්නවද...ඒත් අද මගෙ කට සීල් වෙලා....ඒත් අද මට අප්පච්චි එක්ක එකට එක කියන්ඩවත් හිතක් නෑ....

මන් හිතුවෙ නෑ.....ඇත්තටම මං මේ තත්පරේ වෙනකන් හිතුවෙ නෑ .. .හත්පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද අහන් මගෙ ඔලුව කුරුවල් කරාපු නිම්න මට මේ වගේ වේදනාවක් දෙයි කියලා ....

අවංකවම මට මහ මොකක්ද වගේ දැනුනා...පන්තියකම ළමයි එකතු වෙලා කොන් කරනවා කියන්නෙ

.....

ස්ස්.....ස්...ස.....දූ...උඹ...මහ....

කපටි...යි....දෝ....නීහ්.....

මට හුස්මක් පිට උනා...මේකා මැනික මැනික ගගා නහින කල්පනයා අරකිට කපටීයි කියන හමන් තවත් මගෙ ඇහේ ටැග් ගැහෙනකොට මං ඒකව අප්පච්චිට කරගැස්සුවා...

අප්පච්චි මෙන්න මේ පිස්සා ගන්ඩ....

දෝ.....නීහ්...ඇහි.....ධා....ර...පවා.....උඹ ..... හෙව්ව....නිසා....යකෝ.....ඇහි..දාරත් ...හෙව්වෙ.....උඹව...සදු..නිකා.....

ඒ..ඒ.....ඒ....විතරක් ....කට වහ බල්ල කුලප්පු නොකර.... මගෙ බෙල්ලත් කඩනවා දැන්.....කොල්ලා මූ මේ කාටද කතා කරන්නෙ...

දෝනියට දෝනියට අංකල් ....මුගෙ දෝනියට.....

මෙච්චර වෙලා වඩම්මන් ආව කල්පනයව මං අප්පගෙ ඇගට තල්ලු කරල ඇරියා....කන්න ඉන්න බූටෙ සැර කොහොමද කියනව නම් කල්පනයා දැන් ඉදම්ම විරහා ගී කිය කිය අප්පගෙ බෙල්ල කඩන්න යනකොට අප්පච්චි මහෙ දිහාව බලලා කල්පනයා අඩන්නෙ කවුරු වෙනුවෙන්ද අහපු අප්පච්චිට රවිදුවා උත්තර බැන්දා.....

ඒ...මූ තාම අර මට්ට සුජියගෙ ගැටිස්සි පස්සෙ යනවද....???

ම්න්....

ම්න්...තමයි...ම්න්.... උඹට හැමදාම ම්න් ගගා ඉන්ඩ වෙයි.....මූ මට්ටා කෑල්ලක් වත් හොයා ගත්තා...උඹ...උඹට වෙන්නෙ ඔහොම්ම නාකි වෙන්ඩ තමයි.....මේකගෙ ඔය අන්ඩ දාපන් පහලට...

ම්ම්ම්ම්....හ්...සදූ.....හ්

ඇයි....ඇයි...සදූ තමයි...සදූ...වරෙන් යන්ඩ.....සදූ දැක්කොත් උඹට ගල් ගහනවා.....මදැයි....වෙන ගෙවල් වල අප්පච්චි නාගසලන් වෙලා එන්නෙ....මෙහෙ එන්නෙ පුතාලා...කමනෙ...හ්....මේ ඉතුරු බේබද්දො දෙන්නත් ඇවිල්ලා...කමනේ .....හ්

අප්පච්චි ගෙට ගියා ....වෙරි හිදෙන්ඩ දෙහි බොන්ඩ ගියපු උදාරයා ගියා ගියාම වෙනකොට ...මගෙ ගාව උන්න රවිදුවා වමනෙ කරලම බඩ පපුව දනවා කිය කිය ඉදල ආපහු ගහක් යටට දිව්වා...මං එහෙම්ම හෙල්මට් එකත් අතෙ තියන් බයික් එකට හේත්තු උනා....

උඹට තියෙන්නෙ....හිතෙ අමාරුවක්ද....නැත්තන්...බීපු අමාරුවක්ද.....?

ද්..දෙයියනේ.....

මං එකපාරම පපුවට අත තියාගත්තා...මාව ගැස්සිලා ගියා...තට්ට තනීයම බයික් එක ගාව උන්න මගෙ ගාවට ආවෙ නිම්නගෙ අම්ම....

මෙච්චර වෙලාම අර ගෑනි...මේ ගෑනි.....අර හොල්මන...මෙ හොල්මන...අවසානෙදි නිම්නගෙ අම්මා කියන තැනට මගෙ හිත වෙනස් උනා...

නිම්නගෙ....අම්මෙ....

මම මිමිනුවා....දුවන්න ගියෙත් නෑ....බය උනෙත් නෑ...මොකද ....ඒ හැමදේටම වඩා මගෙ පපුව රිදිලා ඉවරයි...

මට තියෙන්නෙ .....හිතේ අමාරුව....

හ්....ම්ම්ම්ම් ඒ කෙල්ලව ආය හම්බ උනාද.....?

ම්න්.....හුගක් දේවල් කිව්වා.....

හිතෙන්නෙ මොනවද...

මට ගිහින් නිම්නව බදාගන්න හිතෙනවා .....මට ඒ ඇරෙන්න එයාගෙන් උඹට හුගක් රිදුනද අහන්නවත් හිතක් නෑ...

හ්ම්....ඇතුලට යමන්....පිනිබානවා....සෙම ඇවිස්සෙයි.....හිතලා බලපන්....මං ඉල්ලන්නෙ....සාධාරනයක්....ඒ ඇරෙන්න මං වෙන කිසි දෙයක් අහන්නෙනෑ මයුර....

මං....මන් තීරනයක් ගත්තා නිම්නගෙ අම්මෙ...කමක් නෑ.....මං උදව් කරන්නම්....අරුන්ව ....මට තියන එකම කොස්ස උන් තුන්දෙනා...ඒත් මං උත්සහ කරන්නම්.....

ම්න් එච්චරයි කිව්වෙ...මං උත්සහ කරන්නම් කියලා අනිත් අතට හැරිල ගෙට එනකොට අම්මා උදාරයට දෙහි ගිල්ලනවා අප්පච්චි අරකගෙ යටි පතුල් වලට දෙහි අතුල්ලනවා.....රවිදුවා විතරක් සංසාරෙ කලකිරුන එකා වගේ අපේ අම්මට දිව්රනවා ආය බොන්නෙ නෑ කියලා

ආය..බොන්නෙ...නෑ..කමනී...ඕ....බඩ පෙරලනවා...අප්පා....බඩ...පෙරලනවනේ.....

උඹගෙ තරම ගැන හිතලා වත් වැඩ කරපන්...එදත් බිම දනගාලා කිව්වා නේ ආය බොන්නෙ නෑ කියලා ....

වේදනා....වෙ.....කදුලු බින්දු......අප්පිරියයි යකො.....

ගිහින් කාපියව් එක්කො දැන් කීයෙ ඉදන්ද කියන්නෙ.....මොක්කුද වගේ නාහෙන් අඩනවා.....මට බල්ලට බත් අනන්ඩ ...පව්...අසරනයා.....දවල් ඉදන් බඩගින්නෙ.....සුදු මහත්තයා ....වරෙන් බත් දෙන්ඩ.....සුදු පුතා.....කෝ....ටූත්ලස් ....කූකූ....

මං සෝෆාවට වැටුනා...අම්මා සිය පාරකට වඩා කන්ඩ කන්ඩ කියලා අවසානෙදි බල්ලට බත් අනන්ඩ කුසියට යනකොට දෝනියව ඉල්ල ඉල්ල අඩපු අරූ ගොර අදින්න ගත්තා....

ආ කොල්ලා....

ම්න්.....

දැන් උඹලා ගේත් අතුපතු ගෑවද....

ඒ ගේ අතුගාලා ඉවරකරන්න පුලුවන් ගෙයක් නෙවෙ අප්පච්චි ....කාපට් කරලා....මැශින් එකක් අරන් ඇවිත් වැකුම් කරන්ඩ වෙයි....

හ්ම්.....අරකා හවස ඇවිත් දහයක් අරන් ගියා.....

ම්න්.....

බලමුකො....එහෙනම් හෙට දිහාවට කුලියට වැකුම් එකක් අරන් එන්ඩ....නැත්තන් කාපට් ගලවන් යන්ඩ වෙනවා.....

ම්න්...

අප්පච්චි කියවනවා....අරකා ඇවිල්ලා සල්ලිත් ගෙනියලා...කාලකන්නියා...

අප්පච්චි ...ජයවර්ධන කාරයා ගෙදර විස්තර ගැන කිව්වෙ නෑ.....

කිව්වා...කිව්වා....පම්පෝරි මගුලක්...දුව රට කිව්වා.....මොකක්ද කම්පැනි එකක වැඩ කිව්වා...පුතත් මෙහෙ මොකක්ද කරනවා කිව්වා...නෝනත් දුවගෙ තනියට ගියා කිව්වා...සෝබන රෙද්දක්...

දුව රට.කිව්වද...කොයි රටද දන්නෙ නෑ....දබරේරත් ආවද....?

හ්ම්...ඔය ආවෙ.....

උදාරයා...කාලා වරෙන්කො...රවිදුවා එක්කම....

ඉදන් උන්න තැනින් නැගිටපු මං බාතෲම් එකට යනගමන් අරුන් දෙන්නට කාලා එන්න කියලා කිව්වා ....

නිම්නා....

අම්මගෙ ෆේස් වොශ් එකට අත තියනවත් එක්කම මට එයාව මතක් උනා...එදා මට ගැහුවෙම හොර මල්ලිලාව පේන්ඩ බෑ කියලා ..ඒ කියන්නෙ...නිම්නත් හොරාවට අක්කගෙ දේවල් උලලා තියනවා....

ඒත්...අද ඒ අක්කා කෝ.....

නිම්නට අක්කා කෝ....

අම්මා කෝ....

මට කියපන් නිම්න...මෙච්චර හරියක් වෙලත්..උඹ කොහොමද මොකුත් නොවුනා වගේ ඉන්නෙ...

එක්කො....ඌ උඹටත් තර්ජනේ කරනවද නිම්න.....

උඹ.....ඕනාවටත් වඩා හරි අහිංසක ඇති නිම්න ...උඹගෙ මහ එකා තනිකරම ගෙනියලා තියෙන්නෙ හිට්ලර් පාලනයක්....හිටු කිව්වොත් හිටු කියන තැන...නැත්තන් උඹ දහය වෙනකොට ගෙදර දුවන්න ඕනා කියලා ගෙදර යයිද ....???????

මං අතට ගත්තු වතුර අහුරෙන් මූනට ගහගන මගෙ දිහා බලන් ඉදලා වතුර මල යටින් හිටගත්තා.....

මයුරයා....උඹට අමු කැවිලද බන්....අමු කාලාද...නැත්තන් ගංජා ගහලද ඉන්නෙ???ආය ඉස්කෝලේ යන්ඩ??අනික හොල්මන්....සිරාවටම උඹට තාම සූර්ද කියපන්.....

මං උඹට කිව්වා උදාරයා...ඔය මගුල් පටන් ගන්නකොටම.....දැන් හරිනෙ.....චාලි ....චාලි.....ඔය කරලා තියෙන්නෙ...ඒ..මෙ ඇද යටත් උන් ඉන්නවද දන්නෙ නෑ.....

සදුනි...කා.....ඉන්නවා..නම්.....ඔය...එක...යකෙක්ට....පදි...රි...නෑ...යකො...මේ...

කල්පනයා....

මං උන්නෙ කාමරේ ජනෙල් පට්‍ටමට හේත්තු වේගන....

අරුන් තුන් දෙනාම මගෙ ඇදේ ඉදගන මා දිහා බලන් උන්නා.....කලප්න ගැන කතා කරලා තේරුමක් නෑ...ඌ යන්නෙ කොහෙද මල්ලෙ සදුනිකා.....

උදාරයා මගෙන් පිස්සුද අහනවා...රවිදුවා දමාගන උදාරයට බනිනවා .....හොද සිහියෙන් උන්න මම අත්දෙක බැදගන උන් දිහා බලන් ඉන්නවා....

උඹලට මං කියන දේ තේරෙන්නෙ නෑ බන්.....උඹලට මාව විස්වාස නෑ...

හරි...මේ අහපන්....දැන් උඹ කියනවා....උබට ගෑනියෙක් කතා කෙරුවලු...උදව් ඉල්ලුවලු...ආයම ඉස්කෝලේ යන්නලු.....මේක ෆිල්ම් එකක්ද...ආපිට කාලෙ ආපස්සට ගන්න....උඹ හිතන්නෙ මේක මේ ෆැන්ටසි ෆිල්ම් එකක් කියලද....

සම සම ලව් අයින් කරපන්කො.....මට ඒක අදාල මයුරයා....උඹ කිව්වා වගේ..එකෙක් වෙජිටේරියන් උන පලියට .....හැමෝම එහෙම වෙන්න ඕනෙ නෑ.....ඒත් මේ අනිත් කතා....

ඒව හරි විහිලු වගේනෙ...ඇරත්.....බලපන්....හොල්මන් වලට අම්බානෙට බය උඹට.....හොල්මනක් කතා කෙරුවා කියන්නෙ.....උඹට හොද සිහිය තියෙයිද....

ඇරත් ඉස්කෝලේ යන්ඩ..අනේ..අම්මෙ.....මේ...හ්....මටනම් බෑ....ඔය නැන්දට කියපන් බෑ කිව්වා කියලා .....උඹගෙ බහු බූත.. පෑ හාදකම් යලි නෑ....බායි බී එස්...ගුන බුස...!

මං දෙපැත්තට ඔලුව වැනුවා.....රවිදුවා රෝල් වෙලා ගිහින් මලකද වගේ බිත්තියෙ ඇලීගන නිදියන් උන්න කල්පනයගෙ ඇගට කකුලක් දාන් නිදාගන්නකොට උදාරයත් මා දිහා බලලා රවිදුවා ගාවින්ම දිගා උනා....

මට අද බිම....

මුන් පිලිගන්නෙ නෑනෙ දෙයියනේ...මුන් පිලිගන්නෙ නෑනෙ....

අන් ජනේලෙන් එලිය බලාගන කල්පනා කරන්න ගත්තා .....අලුතින් කෙහෙල් ගහක් පීදිලා....කෙහෙල් මල් වල් උරන්න ආව වවුලෙක් මොටයියගෙ එල්ලීගන ඉන්නකොට කුනු ලේ පාට කෙහෙල් මල් පොත්තක් බිමට වැටුනා.....

මයුර.....

.....මගුලක්...කරනවා...

ඉතින්....උඹම කියපන් උඹව විස්වාස කරන්නෙ කොහොමද කියාලා...අතක් තිබ්බත් ගැස්සෙන උඹ කියන මගුල් අපි නෙවෙ...උඹලගෙ අම්මා අප්පච්චි වත් පිලිගන්නෙ නෑ බන්.....

මට එක අවස්තාවක් දියන් උදාර....මං උඹට ඔප්පු කරන්නම්....

උඹ කියන විදිහට ජයවර්ධනයා මිනිමරුවෙක් නම්....උන්ගෙ පවුලෙ අනිත් උන් හොයන්නෙ නැද්ද බන් මෙ අම්මවයි දුවවයි....ඇයි කතා නොකරන්නෙ කියන්න බලන්නෙ නැද්ද....

ඒවට ඌ ගාව අපි හිතනවට වඩා ලස්සන හේතු තියනවා උදාර....

මට උදව් වෙයන්...බෑ නොකියා....අනික...ආපිට ඉස්කෝලේ ...යන එක....ඇත්තටම උඹම හිතපන් අපි කාලකන්නි උනා වගේ නෙවෙද....විහින් බන්...අපි කාටත් වැඩ බැරි උන් නෙවෙ.....

කෙහෙල් මලේ එල්ලීගන උන්න වවුලා දිහා බලාගන උන්න මාව බය කරගන ඇවිදින් තිබුනෙ උදාර...අනිත් උන් දෙන්නා කෙසේ වෙතත් මං උදාරයව හැමදාම විස්වාස කෙරුවා ...ඌ මුලින් බෑ කිව්වත් පහු වෙලා එනවයි කියන්න මම වගේම ඌත් දන්නවා...

ජයවර්ධනගෙ ළමයි දෙන්නම ඒ ජාතියෙද...

එහෙම කියන්ඩ එපා බන්.....පව්...උනුත් මිනිස්සු...මම උනත් මුලින් කැමැත්තක් තිබුන එකෙක් නෙවෙ...ඒත්....

ඒත් දැන් කැමතියිද...ඒකද කියන්න හදන්නෙ...එහෙනම් ජයවර්ධනයගෙ පුතාව දාගනින්...මන් කල්පනයවයි රවිදුවයි දෙන්නවම දාගන්නම්.....අපි ඔක්කොම ඒ පාට උන් වෙමු...

විහිලු කරන්ඩ එපා බන්....විහිලු කරපන්.....මිනිස්සුන්ගෙ හැගීම් වලට එපා උදාරයා ...එක ගෙවල ඉවර කරන්ඩ අමාරු පවක්....

හ්ම්...හ්ම්...හරි ...උඹ දන්නවා...අනිත් උන් දෙන්නට වඩා...මමයි උඹට ළඟ...මං උඹව විස්වාස කරන්නම්...පුලුවන් නම්...ඒක රැකලා...මට ඔප්පු කරලා පෙන්නපන්....ඒ ඇති....

අවසානෙදි මට හරි සැනසීමක් දැනුනා....බලාගත්තු අත බලාගන කල්පනා කර කර උන්න මගෙ හිත හදපු උදාරයා මන් වෙනුවෙන් ඌ ඉන්නවා කියන එක නොකියා කියනකොට මට හරි සැනසීමක් දැනුනා වගෙම එක පාරම.මගෙ හිස කෙස් අස්සෙන් අතක ඇගිලි එහා මෙහා යනවා දැනුනා....

"ස්තූතියි....."

 කොල්ලා.....උඹ ඕක තාම පිහනවද...කීයටද බන් ඉවර කරන්නෙ.....මොන මගුලට පාර බලන් ඉනන්වද මන්දා...මොකද ....අපේ ලේලි වත් එනවා කිව්වද...

නෑ...මේ බෑනා එනකන් ඉන්නෙ...අප්පච්චි ගෙ බෑනා මටත් වඩා හතක් වැඩිමල්...මගුලක් කියනවා...ගෑනු තමයි මට දැන් අඩු

කමනේ....හ්...මෙන්න මූ...නොමග ගිහින්....කොල්ලෙක්ලු ඉන්නෙ...උදාරයා උඹටත් ඉන්නෙ කොල්ලෙක්ද....?

අනේ අම්මෙ...අපෙ අප්පච්චි මගෙ ඇට තලයි කොටයක් උඩ තියලා.....

මං උන්නෙ එලියෙ මෙසෙ පිහ පිහ...වෙලාව පහු වෙලා...උදාරයත් බලන් ඉන්නවා....ඒත්....නිම්න .....නිම්න...අද තාම නෑ....මට උදාරට ඔප්පු කරන්න තිබුන එකම සාක්කිය නිම්න...ඒත්...නිම්න අද තාම නෑ.....

 නිම්නට කරදරයක් වත්ද...???

මගෙ හිතට නිවනක් නෑ...ඇස් වලට නිවනකුත් නෑ.....

මයුරයා....කෝ බන්.....මේ එහෙන් අම්මා කෝල් ගහනවා බන්....නංගිව ශිශ්ත්තෙ පන්තියට එක්ක යන්න කියලා .....දැන් තුනත් පහුවෙලා...උදෙ ඉදන් ඉන්නවනෙ...

මන් පිහ පිහ උන්න රෙදි කෑල්ල මේසෙ උඩටම දාලා උදාරයා දිහ බැලුවා...මන්දා.....නිම්න අද තාම නෑ..මගෙ හිතට මහ අමුතුයි.....

ම්න්...කමක් නෑ...උඹ පලයන්....මං බලන්.....

හ්ම්...බලපන්කො.....

උදාර යන්න ගියා.....

එයාගෙ මේසෙ අද තවම හිස්...කිව්වට විස්වාස කරන්න මං එයා එයි කියලා හිතාගන එයාට දෙන්න කෝපි හදලා බෝතලේටත් දාලා තිබ්බා....

ඒත් නිමන් නෑ...

ඒත්...නිම්න නෑ...

මොකද උඹ හෝන්දු මාන්දු වෙලා.....

මොකුත් නෑ අප්පච්චි ...

හ්ම්....හ්ම්...පොඩ්ඩක් ඉස්සරහා ඉදපන්....කාලා එනකන්.....

ම්න්...

අප්පච්චි යන්න ගියා.....මම විතරයි දැන් කැරකෙන පුටුවෙ අම්මයි අප්පච්චි දෙන්නම පිටිපස්සෙ ...බත් දෙන වෙලාව පහු වෙලා හන්දා මුලු කඩෙම හිස්...

එක්කො..මට උඹගෙ නම්බර් එක වත් දීලා යන්ඩ තිබුන බන්.....

මං මගෙ අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගන ඔලුව කැශියර් මේසෙට ගහගත්තා...

මට.....කෝපි එකක්...දෙන්න පුලුවන්ද ...

නිම්න...නිම්න...ඔයා....ඔයා...ආවා...ඔයා...ආවා....ඇති...යන්තන් ....උඹ ආවා නිම්න...මන්..බය උනා...මං බලන්.....උන්නා.....

මයුර....

ස්..සොරි...සොරි.....

කැශියර් මේසෙට ඔලුව ගහන් උන්න මට එර් කටහඩ ඇහුනෙත් හරියටම ඈත ලෝකෙකින් වගේ..එයාට කරදරයක් වෙලා ඇති කියලා හිත හිත හිතින් වේදනා වින්ද මට එයාගෙ කට හඩ හරියටම ගිනි මැද ඉන්න එකෙක්ට දුන්න වතුර බින්දුවක් හා සමාන වෙනකොට මං කවදාවත් නැතුව පැනපු ගමන් එයාගෙ අත අල්ලන් කෑ ගැහුවා.....

ඇයි.....ඇයි නිම්න එන්න වෙලා ගියෙ...

බලන් උන්නද....

නැතුව...බලන් උන්න හන්දනෙ....නිමන.....විහිලුවට ගන්න එපා....ඇයි වෙලා ගියෙ.....

එයා පුරුදු විදිහටම එයා ඉදගන්න මේසෙ ගාවට ගිහින් අර කොල අහුර උඩට ගත්තා..නිල්පාට තීන්ත පෑන....

මේක කෙරුව එකම එක්කෙනා එයයි කියන්න මට මීට වඩා සාක්කි නැති උනත්.....මට සධීරගෙ වචන එක්ක. එයාගෙන් ඇයි උඹ තවත් බොරුකරන්නෙ කියලා අහන්න බැරි උනා ....

මොකද...එයා කිව්වා නිම්න බයයි කියලා ....

නිම්න....

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ඇයි වෙලා ගියෙ....

මං හරි හිමිට මුමුනනකොට එයා තීන්ත පෑන අරන් කහ ගැහුන කොලේ උඩ තියලා අකුරක් වත් නොලිය මා දිහා බැලුවා .....

ගෙදර වැඩ වගයක් තිබුනා...

ගෙදර....

හ්ම්....

මොනවද .....මොනවද තිබුන වැඩ....

ආ..මේ.....ඒක එච්චර ලොකු දෙයක් නෙවෙ...ගෙදරින් එලියට යන්න අවසර තියෙන්නෙ..ගෙදර වැඩ කෙරුවොත් විතරයි ...මටචුට්ටක් වෙලා ගියා.....

මන් අහන්නෙ...මොනවද කෙරුවෙ...

ප්..පොල්....ලෙලි ගැහුවා....

පොල්.....පොල් ලෙලි ගැහුවා.....

හ්ම්....

එයා පොල් ලෙලි ගැහුවලු...ඒ කියලා හෙන අහිංසක විදිහට හිනා උනා..මේ කොල්ලට වයස තිස් ගානක්....ඒත් ගෙදරින් එන්න ගෙදර වැඩ කරන්න ඕනා.....ඇරත් රස්තියාදුවෙ යන අපිවගේ නාහට නාහන නහර කාරයෙක් නම් කමක් නෑ....

මට මහ මොකක්ද වගේ දැනුනා....එයා හිනා වෙනවා....ඒක නිකන් අඩන්න බැරි කමට වගේ...මූනෙ ලේත් එක්ක හිදිලා ගිහිල්ලා...

පොල් ලෙලි ගැහුවා කියන්නෙ...හුගක් තිබුනද....

මං ආයම එයාගෙන් අර ප්‍රශ්නෙම ආය ඇහුවා....එයා කෙරුවෙ මට ආයම හිනාවක් දීපු එක...ඒත් ඒ හිනාව අස්සෙ හිනාවක් තිබුන් නෑ...මිනිස්සු හිනාවෙන්නෙ සතුටට....නැතුව වේදනාවට බයට නෙවෙ.....

නිම්න...මට...අහන්න ප්‍රශ්න වැලයි...ඒත්.....ඔහොම හිනා වෙලා මාව වටවන්දනාවෙ යවන්න එපා බන්...මම ඉන්නෙත් පඹ ගාලක පැටලිලා....මාවවත් ලෙහා ගන්න බැරිව...

කරත්තයක් .....

එයා එකපාරම කරත්තයක් කිව්වා....

මාව ඔහොම වට වන්දනාවෙ යවන්න එපා කිව්වත් එක්කම...එයා මට කිව්වා එයා පොල් කරත්තයක්ම ලෙලි ගැහුවා කියලා .....

හත් දෙයියනේ..දරුවො මෙ අත් දෙක.....

මට ආයම...පෑන අල්ලන්න ...හුගක්...කල්...යයි.....නේද...

ම..යුර.....

මට මොනවා හිතුනද කියන්න....ඇත්තටම මමවත් දැනන් උන්නෙ නෑ...එයා කරත්තයක් කිව්වා ව්තරයි ...ඒ අත් දෙකම මං අවසරයක් නැතිවම ඇදලා ගත්තා....ඒ අත් පුපුරු ගහවා දෙයියනේ...අනේ...ඒ අත් වල ඇගිලි කරු පුපුරු ගහනවා.....පොල්.කරත්තයක් ...මේඅත් වලින්...

ඊටත් එයා අහනවා එයාට ආයම පෑන අල්ලන්න හුගක් කල් යයි නේද කියලා .....

පෑන අල්ලනවා තියා ....ඒ ඇගිලි නවන්නවත් හයියක් නෑ...ඒත්...නිම්න තවම හිනා වෙනවා.....

ඇයි...හේතුව...දැනගන්න පුලුවන්ද ...ඔයා ලව්වා....කරත්තෙකම පොල් ලෙලිගස්සවපු එකට...හේතුව...

ලියන..එක.....

ලියන...එක.....

එයා...හේටර්....කෙනෙක්....එයාට....විතරයි ...ලියන්න...පුලුවන් ...ඒත්....ඒක...තනිකරම ....එයා....එලන....දැලක්....

නිම්න.....

එයා ඔය කියන්නෙ ජයවර්ධනයා ගැන...ඒක එයා එලන දැලක් කියලා කියනවත් එක්කම මං ඒ මූන දිහ බැලුවා...

හරියටම ....හිට්ලර්...කෙරුවා...වගේම....එයා...කරන්නෙ...සුද්ද...කිරීමක්....

මයුර....

මං ඒ අත් දෙක දිහා බලාගන උන්න....වේදනාවෙ තෙහෙට්ටුවෙ තරම එයාට වඩා මට දැනෙන්න ගන්නකොට මන් ඒ අත අත ගෑවා...එයාගෙන් අහන්නෙත් නැතුවම...

ඔයා ...වෙනුවට...මං ...අද ලියන්නද.....නිම්න...මගෙ අකුරු කැතයි....ඒත්....

හැගීම් ලස්සන මිනිස්සුන්ගෙ අකුරු ....කැත උනාට...කමක්...නෑ.....හිත අස්සෙ...කුහක...කමක්....නැතිනම්.....

ඔයාට පුලුවන් .....අකුරු කරන්න....හදවතට කතා කරන්න.....දැලක් එලනවා වෙනුවට.....හිතට කතා කරන්න.....ඔයා...වෙනස් වෙලාද...මයුර.....?

මට දුක හිතුනා...මට මහ වේදනාවක් දැනුනා....එයාගෙ අම්මා....සධීරා කියපු වචනයක් ගානෙම මතක් වෙනකොට මගෙ ඇස් වලින් කදුලු පැන්නා....පිරිමි අඩන්න හොද නෑ...දවසක් මගෙ අප්පච්චි මට එහෙම කිව්වා...ඒත්....මට ඇඩුනා.....

එයා අහනවා මං වෙනස් වෙලාද කියලා .....

මං

කොහොම කියන්නද බන්....මන් වෙනස් වෙන එක මටවත් දැනුන් නෑ කියලා .....

මන් එයාගෙ අතින් පෑන අරගත්තා .....මට ලියන්න ඕනෙ...ඒ උනාට එයාගෙන් අහන්නත් ඕනෙ....

මයුර අඩනවා....

නිම්න...කව්ද උන්....මොක්කුද උන්....මට එකපාරක් පෙන්නන්න...කොහෙද ඉන්නෙ කියලා එකපාරක් කියන්න...උඹට රිදෙව්වෙ මොක්කුද....මට පුලුවන් උන්ට පෙන්නන්න...මේ ලොකේ ඊට වඩා තව හුගාක් නරක දේවල් තියනවා කියලා ....මට එකපාරක් පෙන්නපන්...නිම්න.....

මට රිදෙනවා කියලා ....ඔයාටත් දැනෙනවද මයුර ....???

🥺....

LVE WOO

More Chapters