LightReader

Chapter 14 - 14

අනේ....මයුරයා...මුන් සපත්තු ගනී මුන් සපත්තු ගනී යකෝ....අර අතන ඉන්න පාන් කිරිත්තා දැන් සැරයක් දෙසරැයක් තිස්සෙ අපේ කකුල් දිහාව බැලුවා...

ඔව්..මයුරයා....අර බලපන් වෙරලු ඇටයක් වගේ සූප්පු වෙච්ච මූනක් එක්ක ලොඹු කට තියන එකා.....ඒකා තමයි පෙන්නුවෙ...අනේ....යකෝ.....සතියක් වත් නෑ මේක අරගන.....

ඊටත් බලපිය මගෙ කලිසම...නවසිය හැත්තෑ ගනන් වල විජේ කුමාරතුංග මාලනීව බලන්න යනකොට ඇදන් ගියපු කලිසම වගේ....හෝ...හෝ....තුසාරා.....හෝ...හෝ....තුසාරා..අනේ.....මයුරයා...ඕක කරකවපිය.....ගිහින් එමු...වදින්නම්....

ඒ අස්සෙන් කක්කා බරකුත් ලෝඩ් වෙනවා.....මයුරයා....රත්ති කිරි බිව්වොත් බඩ බුරුල් වෙනවා...මිසිස් පෙරේරා හන්දා මට රෙද්දෙ රෙවෙන්න යන්නෙ....

අරුන් තුන් දෙනා මගෙ ඔලුව කනවා දාගන.....රෑ දොලොස් පැය පනිනවත් එක්කම නිම්නගෙ කාමරේ අස්සෙ උන විප්‍රයාස මොනවද කියන්න මටවත් තනියම ලිහා ගන්න නොදී අරුන් තුන් දෙනා මාව මෙතන තියන් කන්න ගත්තා.....

අපි හතර දෙනාගෙම කකුල් වල තිබුනෙ බෝට්ටු සපත්තු....කොටින්ම වෙඩින් වලට ඔෆිස් වලට දාන ජාති හොම්බ කිලෝමීටර එකහාමාරක් දිග සපත්තු වෙනකොට ඉස්කෝලේ අයිති කාර ෆ්‍රිෆෙක්ට්ලා අපි දිහා බල බල කුටු කුටු ගානකොට මං අනිත් උන්ගෙ කකුල් දිහා බැලුවා...

ඉතින් උන් අපිට බනින එක සාදාරනයි....ඩී එස් අයි අලවන සපත්තු.....කල්පනයා මාව කොනිත්තනවා...උදාරයා කලිසම අල්ලන් කියවනවා...ඒ අස්සෙන් රත්ති කුක්කු බීලා ආව කොට මගුල රවිදුවට බොකක් සෙට් වෙලා තියනකොට අහස ඔලුවට කඩන් වැටුනත් මම නිම්නව හෙව්වා........

අනේ පොඩ්ඩක් ඉදපල්ලකො හුත්තලනෙ...

අන් හොරාවට කුනුහර්පයක් බය නැතුවම කුටු කුටු ගෑවා...වෙන මොකටවත් නෙවෙ..මෙතනදි නිම්නගෙ අම්මා සුචිත්‍රා මැඩම් විදිහට ජීවත් වෙන හන්දා.....

අරුන්ගෙ කියවිල්ල එකා කාරෙට වෙනකොට මං මගෙ ළඟ උන්න එවුන්ව මරන් කන්න හදනවත් එක්කම මං බලාගන අරූ කිව්වත් වගෙ සූප්පපු වෙරලු ඇටයක් වගෙ මූන තියන එකා අපි ගාවට ආවා...නිකන් නෙවෙ...ඒකගෙ ටයි එකත් හද හද....

ඔය ඔතන ඉන්න මල්ලිලා.....අලුතෙන් ආව බැජ් එකේද....

ඔ...ඔව්...අයියෙ...අලුතින්.....

සතියට දවස් දෙකක් එන බැජ් එක අයියෙ .. ....

දෙයියන්ගෙ නාමෙට කට පියවන් කල්පනයා...

මං අරකව කෙනිත්තුවා...පරන බැජ් එක තවම හරියටම අවුට් නැති නිසා ආර්ට් කොමස් උන්ට සතියට දවස් දෙකක් ඉස්කෝලෙ එන බැජ් එකේ උන් කියපු කල්පනයා උගෙ පෙට්ටි කට දෙපැත්තට දාලා හිනා වෙනවත් එක්කම අපි ගාව උන්න ෆ්‍රිෆෙක්ට් කාරයා මහ නක්කලේට හිනාවක් දැම්මා....

මොන ලෝකෙද මල්ලි ඉන්නෙ.....මොන ඉස්කෝලෙන්ද ආවෙ.....??

අයියෙ....ම්..මේ...අපි ....ලුණුවිල සෙන්ට්‍රල් එකෙන්.....

ධම්මිස්සරෙන්

තෙල්මෝල ජාතිකෙන්.....

සෙබස්තියන් එකෙන්....

මං හිතන්නෙ මට දැම්ම කැලන්ඩර් එකෙ පිටු පෙරලලා ආපිට අනාගතේට ගිහින් මෙවුන් තුන් දෙනාට ආයම බොරු ටික කට පාඩම් කරවන්න වෙනවා...අපි පුරුදු උනේ ඔක්කොම ලුණුවිලෙන් කියන්න උනත් මේ යක්කු තුන් දෙනා ඉස්කෝල තුන හතරක නම් කියනකොට මට පොලව පලාගන යන්න හිතුනා...

නෑ අයියෙ...ලුණුවිල සෙන්‍ට්‍රල් එකෙන්...

අනුරුධ්දෙන්??

ඔව්.....

මල්ලි...මෙහෙ සතියට දවස් දෙකෙ සිස්ටම් ඉවරයි.....දැන් මේ ගෙවෙන්නෙ මේ අවුරුද්දෙත් අවසානෙ...එහෙම එකේ කොහෙද මල්ලි සතියට දවස් දෙකක් ඉස්කෝලෙ...හාල්ද ??එහෙටත් නෑ..මෙහෙටත් නෑ....

මම නෙවෙ මීක් කිව්වෙ...අරුන් තුන් දෙනාව අමුවෙන් මරලා දාන්න තරම් රවපු මං ගොනා වගේ ඔලුව පාත් කරන් අරකා දාන ඔක්කෝම කෝචෝක් අහන් උන්නා.....

තිළිණ....මේ වරෙන් ටිකක්....මේ මල්ලිලාව බලපන්..මං පහල පන්තියට ඩියුටි යනවා....අර එහාටත් නැති මෙහාටත් නැති එකා ඕලෙවල් එකට යනවා දැක්කා.....මොන මගුලට ගියාද දන්නෙ නෑ.....සස්පෙන් කරනවා ඉවරෙකුත් නෑ.....පිනත් රිසාල්ට් එක හින්දා ලැජ්ජා කරකර හරි තියා ගන්නවා.....උඹට කියන්නෙ....සක්‍යා එකට යනකොට අරකිට ඊයෙ ආප්පයා කියලා කොල්ලො හූ කියලා ...ඉස්කෝලෙත් එක්ක චා වෙනවා බන්.....මට නම් දැන් බැජ් එකත් ගලවලා පිනාගෙ කනට ගහල

ගෙදර යන්න හිතිලා තියෙන්නෙ....

පලවෙනි...දෙවනි....තුන්වෙනි ...හතර පස් වෙනි විනාඩියත් ගෙවිලා ගියා...හැබැයි....හයවෙනි විනාඩියෙදි මගෙ ඇස් කොන් වල සියුම් ලේ නහර රත ගහන්න ගන්නවා එක්කම උදාරයා ඉක්මනට මගෙ අත මිරිකුවා....

මයුර....තාම අපි එලියෙ....ඇතුලට ගියෙනෑ....උඹට මතකනෙ.....අපිට තියෙන්නෙ මෙතන බලන් ඉන්න...

........

උඹට මං කියන එක ඇහෙනවා නේ....මයුරයා.....දෙයියන්ගෙ නාමෙට...නිම්නගෙ අම්මගෙ වචන අමතක කරන්න එපා.....අපිට තියෙන්නෙ වේදනාව කාගන බලන් ඉදලා.....අපේ කාලෙ වර්තමානෙට ගිහින් කෙලලා එන්න...දෙයියන්ගෙ නාමෙට නවත්තපන්...

උදාර මාව අත් දෙකෙම්ම මිරිකනවා....එහෙටත් නැති...මෙහෙටත් නැති එකා ඕලෙවල් එකට ගියා කිය කිය ගරහගන්න ගත්තෙ.....මුලු පන්තියක් එකතු වෙලා ආප්පයා කියලා කෑගැහුවෙ කාටත් නෙවෙ...මගෙ නිම්නට වගේම සධීරගෙ නිම්නට වෙනකොට මං මට කියපුවා පවා අමතක කරලා අරකගෙ හොම්බ තලන්න හැදුවා.....

උදාර.....නම අහපන්...ඕකගෙ නම අහපන්කො....මට හුස්ම ගන්න එක උනත් අමතක කරලා ඉන්න පුලුවන් ..හැබැයි...මූව අමතක කරන්න බෑ...

මයුර...

මම උන්නෙ වෙව්ල වෙව්ල...උදාර උන්න මාව අල්ලගන වෙනකොට රවිදුවයි කල්පනයි බලන් ඉන්නකොට අපි හැමෝටම පිටිපස්සෙන් ඒ එක්කම්.ගෑනු කටහඩක් ඇහුනා...ඒකත් මගෙ නම.....මම ඒ එක්කම පස්ස හැරුනා...

සධීරා....!!!

අපි හතර දෙනාවම එකපාරම ගල් ගැහුනා...මොකද ....නිම්නගෙ අම්මා සධීරව එවන කතාවක් කිව්වෙ නෑ...කොල්ලා වගේ ඉන්න කෙල්ලගෙ කොන්ඩ දෙකක් බැදලා...කුනුලේපාට පීත්ත පටි ගැටගහලා.....බඩ මැදට ඉන තියාපු රැලි ගව්ම දනිස් පොල් කටුවෙන් පහලට වෙනකොට ඒකි උඩ බොත්තම ඇරලා ටයි ගැටේ පහතට ඇදලා තිබුනා...අර කොලු ගතිය එහෙම්මයි....

සධීරා...ඔයා...

ශිහ්....මේ ලබ්බෙ ගවුම ආයම අදින්න උනා...සාපයක් මේක....

එකි බනිනවා...සාපයක් ගගා රැලි හදනවා...කොලු බාගෙ...අපි හතර දෙනා ඒ කටට සැලැන්ඩර් වෙලා බලන් ඉන්නකොට ඩීසල් බෑග් ආව මුල් කාලෙ ඩීසල් බීසනෙත් නැගලම යද්දි ඒකිත් තනි අන්ඩෙන් එල්ලන් උන්න කලු පාටට හුරු ඩීසල් බෑග් එක අවසානෙදි අනිත් උරහිසට මාරු කරලා පහේ සෙන්ට් බට්ටා වැලක් බෑග් එකෙන් එලියට ඇදලා ගත්තා...

ස්ස්...සධීරා....එතකොට ....අර....අනිත් එක්කෙනා....

එයත් ඉන්නව....හැබැයි....එයාගෙ මීට වඩා තව කොන්ඩෙ දිගයි....පිලිවලයි....එයා නැතුව මට මොන පිලිවලක්ද බන්...උදාරයා...ආ.....රවිදුවා ඕනේද....

ආ..ආ...කමක් නෑ...දෙන්න.....ගනින් මයුරයා.....එයා කැමැත්තෙන් දෙන්නෙ...

මම හිතන්නෙ මට වැඩි කල් අපෙ නඩේගුරා වෙන්න බැරිවෙයි...මේකි මගෙ තැන උදුරයි....මොන මගුලටත් කලියෙන් අහන්න ඕනෙ කෙල්ලගෙ විභහගෙ කොහොමද කියලා .....මොකද .....අපි අනාගත්තට උන් අනාගත්තෙ නෑනෙ.....

සධීරා....

ම්ම්ම්..කියපන්....

මේ...ඔයාගෙ....ඒලෙලෙවල්....රිසාල්ට් .....එහෙම...

ඒ හතරයි.....

කැහ්....කැහ්....කැහ්....

මයුරයා....

මෙ...න්....මේ...මගුල...පිට උගුරෙ ගියා...බ්..බ්වෑක්....කැහ්...කැහ්....තිත්....ත...යකො.....

ඕක ඇගේ ගාන්න දුන්නෙ බූරුවා.....මොන සිහියෙන්ද කටෙ හලාගත්තෙ...මයුරයා.....උඹ වන කරන්ඩ යන්නෙ... මේ කල්පනයා....මූ වැඩේ ගොම කරනවා....ඔන්න උදාරයා උඹටත් කිව්වා ....මේ රවිදුවා දෙයක් කිව්වොත් හරි ගියා ඈ.....

මං හිතන්නෙ අපි හතර දෙනාගෙ අදුරුම යුගය පටන් ගත්තද කොහෙද ....ඒකිගෙ රිසාල්ට් අහලා ඇගෙ ගාන්න දුන්න සෙන්ට් බට්ටා පැකට් එක මං හලාගෙන තියෙන්නෙ කටට වෙනකොට මං කට පිහ පිහ කහිනකොට අරූ කොටට කොටේ ඉදන් කියවන්න ගත්තා

මොකද මෙතන.....වෙලාව හතයි කාලයිනෙ....

අර අරුන් අපිව නවත්ත ගත්තා....ඇයි දන්නෙ නෑ.....

ඔයා යන්න සධී...අපිට බනිනවා වගෙ නෙවෙනෙ ඔයාට බනිනකොට

එව්....ප්ලීස් මට ඔය සීනිබෝල නම් කියන්න එපා නමම කියන්න රවිදු.....

ඇද්ද අහගත්තා ඉල්ලන් ටින්කිරි පුකෙ උලා ගන්නවා කියන්නෙ ඔව්වට.....උඹට ඒකිව ටෝක් කරලා ලග තියන අර ඇගිලි පුරුක නැති කර ගන්න තමයි...

උසේ හැටියට කෑල්ල ටෝක් කරපන් රවිදුවා...

මං මගෙ යටි තොල හපාගන අහක බලා ගත්තා...මොකද ...කොට රවිදුවා නිම්නගෙ අක්කගෙ කෙල්ලට බාග නම් කියන්න ගිහින් විහින් චා වෙනකොට මම අහක බලන් හිනාව කාගන ඉන්නකොට ඒකි යන්න ගියා....අපිව නවත්ත ගත්තු ප්‍රිෆෙක්ට් එකා අපි ගාවට ඇවිදින් මහ අයියා ලයින් එකෙන් හිටගන්නකොට මොකටත් කියලා උදාරයා මගෙ අතින් අල්ල ගත්තා

මොකද මල්ලි අල්ල ගන්නෙ ...මූට කෙලින් ඉන්න අමාරුද

නෑ අයියෙ මූට සීනි අමාරුව දැනුයි ඉන්සියුලින් ශොට් එක දුන්නෙ වැටුනොත් කියලා මේ අල්ලන් ඉන්නෙ....

මට කලින් උදාර ඉක්මන් උනා....වෙන ලෙඩක් තිබුනෙම නැද්ද මන්දා .....

අයියෙ..අපිව නවත්තගත්තෙ....

නවත්තගත්තෙ හතර දෙනාගෙ සපත්තු හන්දා ...මල්ලි මේල අනුරුද්දෙ නෙවෙ....ඒ සෙන්ට්‍රල් එකෙ දාන පඩ ශෝ සේනානායකේට හරියන් නෑ.....විනය අකුරට....ගුරුවරු හැදුවෙ නැති උනාට අපිවත් අපේ ඉස්කෝලේ හදා ගන්න එපැයි...

අනේ සාදු එහෙමයි අයියෙ.....

අනෙ කල්පනයා....ඔය කොටාගෙ කට වහපන්....

මං අහගන උදාරයා කුටු කුටු ගානවා....

මේ බේසිකයට තියෙන්නෙම ගුටිකන පඩත්තර මූනක්....අනින්ඩමයි හිතෙන්නෙ...සටපට සත්ත පඩි වෙන්න...

දෙයියන්ගෙ නාමෙට....ඇතුලට යනකන් ඉදින් කල්පනයා.....

උදාරයා ආයම කුටු කුටු ගානකොට අරකගෙ දායක සභාවෙ උන් වගෙ අපි හතර දෙනා වැදගන අහන් උන්නා ...

මල්ලි...ඔය හතැරැස් කට තියන එකා..කොන්ඩෙ වැඩී...හෙට එනකොට කපපන්....

එහෙමයි අයියෙ.....

ඔය මිටි එකා....උඹ ශර්ට් වල අත් හිරයි...

අනේ..අයියෙ....මෙච්චර කල් මේවා ලූසට තිබ්බෙ...ඇග හැදෙන්නෙ නැතිව ඉදලා...ගිය සතියෙ ඌරු පෙත්තක් ගැහුවා....ඒ මහත් උන මහත් විල්ල මේ...

මං දන්නෙ නෑ මුගෙ කටට මේවා කොහොම එනවද කියලා ශර්ට් අත හිර රවිදුවා උගෙ නිදහසට කරුනු කාරනා කියනකොට අරූ අපි දෙන්නා ගාවට ඇවිත් හිටගත්තා ...

රැවුල් කපපල්ලා....උඹලා තාත්‍තලා නෙවෙනෙ....තාත්තලා උන කාලෙට වවපල්ලා මේක ඉස්කෝලෙනෙ.....

ඒකනෙ නේද අයියෙ....තාත්තලා වෙන්න බලාපොරොත්තුවෙන් තමයි හැබැයි ඉන්නෙ....ඒ උනාට මේ දවස් වල අලුත් ජනාධිපති කියනවනෙ ළමයි හදන එක පස්සට දාන්න කියලා ....කොච්චර දැම්මත් හිටින්නෙම නෑ...

මොකක්...

මට කියන්න උත්තර නෑ...රනිලා ළමයි හදන එක කල් දාන්න කියාපු එක කිව්වෙ ළමයි හදන එක පස්සට දාන්න කියලා වෙනකොට රැවුල් ගහක් වත් නැති මූනෙ තිබුන කිරි මයිලට අනම් මනම් කියපු එකාට අන්දුන් කුන්දුන් වෙන්න උදාරයා පස්සෙ දොරෙන් ඇතුලට යන සීන් එක තේරෙන නොතේරෙන ගානට කියනකොට මට ඇත්තටම සීනි අමාරුවට ආවා.....

හ්ම්...හ්ම්....අදට යනවලකො...මුල්ම දවසනෙ ....හැබැයි මල්ලි....මේ ඉස්කෝලේ විනය කියන තදයි....

හිරයිද අයියෙ....?

.....???

නෑ මං අහන්නෙ විනය..

අහගන්නවලා....ෆෝන් හංගන් අරන් එවිලි බෑ....කොන්ඩා මෝස්තර බෑ...පුකෙන් පහලට කලිසන් ඇදිලි බෑ....ඔය විච්චූරන විලාසිතා සපත්තු බැ....සුදු ඇදුම් වලට ගානට නිල් දානවා....මුලු ඔජාලා කම්පැනියම යුනිෆෝම් එකට හලන්නෙ නැතුව ....පලමුවත්....දෙවනුවත් ....

තුන්වනුවත් පාසලෙ විනය....තේරුනාද

එහෙමයි තුමෙනි!

අපි හතර දෙනා තනිකරම හමුදා ට්‍රේනින් එකක වගෙ...අරකා අනදෙන නිලදාරියා වගේ අරක එපා...මේක එපා කියනකොට මං මේ යකා වර්තමාන කාලෙ කොහෙ මගුලෙ ඉන්නවද කිය කිය කල්පනා කර කර උගෙ මූන තව පරිනත උනහම කොයි වගෙද කියලා මවන්න ගත්තා...මොකද ...මුන් අපිට මෙතන කෑගැහුවට.....අද ඉස්කෝලේ පැය අට අහවර කරලා...මුන්ට ටොපිය දෙන්න අපි ආපිට යන හන්දා මං හරී විමසිල්ලෙන් උගෙ ගෝත මූන බලන් උන්නා...

හ්ම්..හ්ම්...යනවලා...තව දෙයක්.....මෙන්න මේක මතක තියාගන්නවා.....අනවශ්‍ය සම්බන්ද බෑ...අහුමුලු ගානෙ රිංගිලි බෑ...මෙතන ආර්ට් එකේ උන් ඉන්නවද....

අපි දෙන්නා ආර්ට් එකෙ අයියෙ ...

මම ඉක්මනට මාවයි කල්පනයවයි පෙන්නලා අපි ආර්ට් එකේ කියනකොට ඌ ඇස් හීනි කෙරුවා ...කියපන්කො මොකක් හරි කට කැඩුන කතාවක්....තොගෙ ලැට් කට කඩනව මං....

හ්ම්....පරිස්සමින් ....ක්ලාස් එකෙ වෛරස් එකක් තියනවා...

මොකක්ද අයියෙ.....කොරෝනද....නැත්තම් ....

නීප ද??

මොනවද අයිසෙ අහන්නෙ...විකාරද...ආවෙ ඉගන ගන්න නම්....ඒක කරලා ඉස්කෝලෙට හොද රිසාල්ට් එකක් දාලා දෙනවා.....ඒ ඇති .....

මම ඇස් හීනි අරන් අත් වල ඇගිලි දහයම මිටි මොලවන් ඉන්නව දැක දැක කල්පනයා ඉක්මනට ඇවිලෙන්න හදාපු ගින්න නිවලා දැම්මා....මූ වෛරස් එකක් කිවේ...කාටත් නෙවෙ...නිම්නට...ඉස්කෝලෙට එන්න කලින් එන එකාගෙ හිතේම තරහවක් ඇති කරලා ඇතුලට ගන්නෙ....ඉතින් යකො කොහොමද මුන් ඉස්කෝලෙ විනේ හදන්නෙ....එන එන එකාගෙ ඔලු කනවනෙ...අර කොල්ලව ඇහැට නොදැක වෛර කරන පිලිකුල් කරන උන් හැදෙන්නෙ මුන් හින්දනෙ...

මචන්.....මයුර....

ඕකගෙ කක්කුස්සි කට මං ඉරනවා...කල්පනයා....

හරි..හරි...මේ අහපන්කො.....මෙ අහපන්...මුගෙයි...අරූගෙයි නම් දෙක හොයන් ශේප් එකේ ගේම දෙමු...හැබැයි....එකපාරම තරහව ඉවර කරන්නෙ නැතුව....ටිකටික මෙවුන්ට රිදවන්න ඕනෙ....හොද එකා වගේ වරෙන් කො....

කල්පන මාව තල්ලු කෙරුවා...මම අරක දිහා බලාගන ඉන්නකොට ඌ මාව ගේට්ටුවෙන් ඇතුලට තල්ලු කරගන ආවත් එක්කම බෙල් එක වැදුනා.....

උදාරයා ....මතක තියාගනින් හොයාගනින් ...උන් දෙන්නගෙ නම් දෙක...අනිවාර්යයෙන්ම ....හොයාගන...අද රෑට ගේම දෙන්න ඕනෙ.....එක දවසින් නෙවෙ.....කියන වචනයක් වචනයක් ගානෙ...දවස ..දවස....විදවන්න ඕනෙ...

මයුරයා....

මං උන්නෙ ගේට් එකෙන් ඇතුල් වෙනකොටම තිබුන මාර ගහ යට වෙනකොට මෙච්චර වෙලාම එහා මෙහා නට නට උන්න ලමයි එක තත්පරෙන් මිසින් වෙලා ගියා.....

මයුරයා...

ම්න්....

අරකගෙ මූනට රැවුලක් එක්ක...කාක්කා ටයිප් කොන්ඩයක් සෙට් කරලා බලපන්.....මොකාවද මතක් වෙන්නෙ කියලා .....

කාවද....

දැන් ඔය අපිට සද්දෙ දාපු ගෙවලයගෙ...උගෙ නම ඉඳුනිල් ලු....

ඉදුනිල් ගගුලැල්ද....???

පිස්සුද යකො...ඉඳුනිල් පවන් ද මොකක්ද කිව්වා.....මට අර ගිය පොඩි නංගි කිව්වෙ....උගෙ මූන දිහා බලලා.....රැවුලක් එක්ක පොකුටු කොන්ඩයක් මවපන්කො...

අපි හතර දෙනාම අපිට නැවතුනා... ...බෝගන් විලා මල් පාත්ති පේලියක්....බොස් වැටක් වගේම පැනි උරන රතු පාට මල් වැටවල් වලින් පිරුනු සේනානායකෙ මැදකට ආව අපි හතර දෙනා ගේට්ටුව ගාව උන්න ඉඳුනිල් පවන් දිහා බලාගන උගෙ මූනට රැවුල් කොන්ඩා අටව අටව මූන වෙනස් කර කර බලන වත් එක්කම අපි හතර දෙනාම එකපාරම මූනට මූන බලාගත්තා ....

මේ අර මහවැව කමිනිකේශන් එක කරන බුවා කියල නම් කියන්න එපා .....

මම අනිත් උන් තුන් දෙනා දිහා බලාගන මූ අහවලා කියනවත් එක්කම කල්පනයා ලාවට ඔලුව වැනුවා.....

බේසික් පුතා...පෙරේදා දාපු රීලෝඩ් එක.. තාම මග ...දැන් දෙන පඩි ටෝක් වල හැටියටඋඹ දන්නවා නම්.....තව අවුරුදු ගානකින් කොන්ඩා රැවුල් වවන් කමිනිකේශන් එකක ඵොටෝ කොපි කරනවා කියලා ...දෙකට නැවීගන පුක හපන් මැරෙන්නෙ.....

උඹලටත් මට වගේම ශුවර් නේ මේ ඉන්නෙ මහවැව බුවා කියලා .....

මේ ඉන්නෙ බාන්ඩෙ තමයි...අර බල්පන්...මුගෙ එක අතක ඇගිලි හයක් තියනවා...අරූගෙත් එහෙමයි මයුරයා....

ම්න්....කීයටද කමිනිකේශන් එක වහන්නෙ....?

දහයට....මූ යන්නෙ ඇතුල් පාරෙ.....

ම්න්.....

එහෙනම්...ඉඳුනිල්...උඹට අද ..33kdp..!!!

මං කල්පන එක්ක දොලහා ආර්ට් එකට යන්න හැරෙනකොට උදාරයි කොට මගුලයි කොමර්ස් එකට යන කොර්ඩෝවෙ නැවතුනා....අපි දෙපැත්තට බෙදෙන්න හදන්නෙ...සේනානායකෙ ළමයි...ඒ අත යනවා..මේ අත යනවා.....මේලමයි දැන් මොන මොන.තැන්වල...මොන.තරාතිරම් වල ඉන්නවද දන්නෙ නෑ..හැබැයි.....මේ හැම එකෙක්ම මේ අපරාද වලට වග කියන්න ඕනෙ....කට වහන් උන්නට උනුත් වන්දි ගෙවන්න ඕනෙ.....

උදාර...රවිදුවා...වෙන්න ඕන ටික....උඹලා දන්නවා...බලපන්...නිම්නාට හුස්මකින් උනත් රිදවන්නෙ මොකාද කියලා ....අද ලිස්‍ට් එකට ඇඩ් වෙන්නෙ මොකාද.....එකෙක් නෑර....ලියාගනින්....

මං උදාරයගෙ උරහිස මිරිකගත්තා....වෙන්න ඕන එක දෙයයි...ඇස් වලින් බලන් සාක්කි එකතු කරන් එන්න කියනකොට ඌ ලාවට ඔලුව වනලා මගෙ පිටට තට්ටු කරනකොට මම කල්පනය එක්ක එන්න හැරුනා....

විස්වාස කරන්න...මෙච්චර වෙලාම හොදට තිබුන මගෙ පපුව ගැහෙන්න ගත්තා....

මං දන්නවා...එයා ඉන්නවා.....

මං දන්නවා...මට එයාව අල්ලන්න පුලුවන් ....

මං දන්නවා...මට එයා එක්ක කතා කරන්න පුලුවන් ...

මං දන්නවා....පුලුවන් වෙලාවක...මට එයාව තුරුල් කරගන්න පුලුවන් ..මං උඹ වෙනුවෙන් ඉන්නවා කියන්න පුලුවන් ....

ඒත්..මම...සතුටු වෙන හේතුවම...දවසක මාව නොමරා මරනවා කියලා මතක් වෙනවත් එක්කම අර සතුට බලාගන ඉන්නකොට හේදිලා ගියා.....

උඹ මාව දාලා සදහටම යන්න යන දවසක් එනව කියලා මං කොහොම නම් හිත හදාගන්නද වස්තු...උඹලා සමාදානෙන් සැතපෙන දවස කියන්නෙ.....මයුරනිම්නයේ ආදරේ මලගමෙ පටන් ගැන්මයි කියලා මතක් වෙනකොට මම කොහොම නම් හුස්ම ගන්නද වස්තු.....

උඹ මාව එව්වෙම තහංචි දම්මලා නිම්න....ඒත්...මං කොහොම නම් බලන් ඉන්නද බන්...මේ මයුරයා වෙනස් උනා නිම්න.....

මයුරයා....

පන්තියට ඇතුල් වෙන්න අඩි දෙක තුනක් තියලා මං නැවතුනා....කල්පනත් එහෙම්ම නැවතිලා නැවතුන මා දිහා බැලුවා....

දවසක එයා මාව දාලා යන්නම යනවා කල්පන....

උ..උඹ....නිම්නට ආදරෙයිද....???මං..අහන්නෙ...මං..අහන්නෙ...බන්....

මට බෑ බන්...මාවම නවත්තගන්න මට බෑ.....ඇයි බන්....හිමිවීමක් නැති අකාලෙ මුනගැහීම් මේ තරම් රිදවන්නෙ....

උඹ දැන දැන මරු කටට පනිනවා බන්....

මට ඒකත් සැපක් කල්පන...දවසක්...ඒවි....උඹලා හැමෝම උඹලගෙම කූඩු වලට යාවි..ඒත්.....මම විතරක් සදහටම...තනිකඩයෙක් වෙලා එයාගෙ කන්ද ගාව ඔහේ බලන්.ඉදී කල්පන.....

ඒ..ඒ....ඔහොම කියන්න එපා පකො....මටත් ඇඩෙන්න එනවා.....

සමාදානෙන් සැතපෙන මිනිස්සු ආය අපි ගාවට එන්නෙ නෑ කල්පන... හිතට වේදනාව නම්....මන් මේ දුවන්නෙ මිරිගුවක් පස්සෙ බව දැන දැනම තවත් හයියෙන් ඒ පස්සෙ දුවන එක කල්පන....

කල්පන....මගෙ නිම්න කියන්නෙම.....කල්පාන්තෙක දකින ලස්සනම හීනයක් ... මයුර නිම්න කියන්නෙම හිමිවීමක් නැතුව අහිවීමක් විතරක් ම ලිය උන....සතුටක් වෙනුවට කදුලු කැට ව්තරක්ම ශේශ උන... ආදරේක ශෝකාන්තයක් කල්පන.....

මේ ආදරේ කොතනක වත් හිමිවීමක් නෑ...මොකද ....මගෙ පලවෙනි අදරේම අහිමිවීමකින් පටන් ගන්නෙ.....

දවසක මගෙ පපුව හත් කඩකට පැලෙයි කල්පන...අන්න එදාට මිනිස්සුන්ට කියපන්...කන්ඨකගෙ විතරක් නෙවෙ බන් පැලෙන්න පපුව කියලා .....

මේ හැම්දේටම සාදාරනයක් උන දාට....නිම්නට පුලුවන් සමාදානෙන් සැතපෙන්න...මට වෙන්නෙ තුරුල් කරන් ආදරෙයි කියනවා වෙනුවට...සමාදානෙන් සැතපියන් වස්තු කියන්න.....

දවසක් ඒවි මාව නැත්තටම නැති වෙන....අන්න එදාට....මාව අල්ලගනින් කල්පන...මගෙ ආදරෙ මලගම් යනදාට.....මාව අල්ලගනින්...මොකද ....මයුරයා වැටුනොත්.....ආය ගොඩ ඒමක් නෑ....මල් පොකුරක් තියලා....සුභ ගමන් මගෙ වස්තු කියලා සැනසීමෙන් ගෙදර එන තැනට මගෙ හිත හදපල්ලා කල්පන....කවදාවත් මගෙ මල කදේ බර අප්පච්චිගෙ උරහෙට දැනෙන්න දෙන්න එපා....නිම්න මැරුනයි කියලා ..මං මැරිලා බෑ...මං තව නිම්නලා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා කල්පන.....

කවදාවත් ....ඒ වගේ ආදරයක් වෙනුවෙන් ප්‍රසංසා කරන්න බැරිනම්....අඩුම ගානෙ අපහස නොකර ඉදින් කලපන.....

මයුරයා...

වරෙන් ඇතුලට යන්න....මං සතුටින් ඉන්න දවස් මතක තියාගනිල්ලා....අඩන වෙලාවට මට මතක් කරලා මාව හිනස්සවන්න.....මම පරක්කු වෙලා වැඩී ...

මයුරයා...මොන දේ උනත්...චරචුරු ගෑවත් මොකද...අපි ඉන්නවා බන් උඹට.....

ම්න්...

පපුව පුරවලම හුස්මක් ගත්තු මං දොලහෙ කලාවට ඇතුල් වෙන්න හිත හදාගත්තා...

කමක් නෑ වස්තු.....නැති වෙන බව දැන දැන උනත්...අපි ආදරේ කරමු!

ඉඟි බිඟි පානා නෙතු මානේ

හිදිමී...නැවතීලා.....

නොයිදුල් හාදුව ළග සෙව්වෙ

සෙනෙහේ නොවේද මා....

මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවෙ....

දනිමී..පමාවත් මගෙමයි....

නොහෙලුවා නම් මා මුලාවෙ..

අදටත් නුඹේ ලගමයි....

අහිමිව යන බැව් දැන බැදුනේ...

දැන දැනමයි නුඹ ළඟ බැදුනේ....

හිමි කම නැති ලැම මත හැඩුනේ

සනසනු හැකිදෝ කදුලට මේ...

ළමයි...කෑ නොගහා ඉදපියව්කො....මට මේ නම් ටික ලකුනු කරගන්න....කෝ...පවන් චාමර.....ඉන්නවද....ඉන්නවා නම් කටෙ පිට්ටු හිර කරගන්නෙ නැතුව කට ඇරලා කියපන් ඉන්නවා කියලා ....කෝ....ඔය පිටිපස්සෙ එකීලා අදත් තොපි අච්චාරු ගිලිනව නේද.....?

මායි කල්පනයයි උන්නෙ ගුරුමේසෙ ගාව.....පන්තියට ඇතුල් උන මුල්ම තත්පරේදිම මගෙ ඇස් හෙව්වෙ එයාව.....

එයා ඉන්නවා...මුලු පන්තියෙම්ම අවසානම පේලියෙ.....තට්ට තනියම.....දැල් ගහපු ජනේලෙට හේත්තු වෙලා එයා ඉන්නවා බර කල්පනාවක....

සතුටු වෙන්නද...

මං

දුක් වෙන්නද....

උන් උඹව මරාගත්තා වස්‍තු කියලා කෑ ගහලා අඩන්නද...ආපිට මං වර්තමානෙට නොයා ඉන්නද.....ඒත්...උඹ දැනටම.යන්න ගිහි අහවර වෙනකොට මට ඉතුරු උඹගෙ මතක විතරයි මැනික කියලා මං කොහොම හිත හදාගන්නද නිම්න....

ඔය ලමයගෙ නම

කල්පන ශිවංග කල්දේරා

හෙන්රි කල්දේරගෙ කවුරු හරිද බන්....

ඔව් සර්..මං මී මුනුබුරා...සින්දුවක් ඕනා නම්...කියල පෙන්නන්නත් පුලුවන්...සීයගෙ ආබාසෙ බිජ්ජෙ ඉදම්ම දුවනවා සර්....

ආ....මොකක්ද කිව්වෙ කොල්ලො....මේ යක්කුන්ගෙ සද්දෙ එක්ක ඇහෙන්නෙත් නෑ.....

නෑ...නෑ...මොකුත් කිව්වෙ නෑ සර්..මං කිව්වෙ...අපෙ එකාගෙ කොල්ලට ගහලා උඹත් පුලුවන් නම් වැඩ වරද්දගනින්කො කියලා ...

ලමයිගෙ සද්දෙ එකා කාරෙට වෙනකොට කල්පනයා අනේ.....මගෙ නැන්දම්මා නැති බව දන්න හන්දම දිවෙ කටෙ නොගෑවි කුනුහර්ප පල්නකොට අනේ මන් නිම්න දිහ බලන් උන්නා.....

උඹ කොයි තරම් ලස්සනද වස්තු....නිම්න උඹ කියන්නෙම.....හරිත නිම්නයක්....අකාලෙදි වේලිලා ගියපු.....අනෙ මට බැරි උනා නිම්න....උඹව පර නොකර රැකගන්න....

ඔය ලමයගෙ නම...

මූ මයුර සර්...මයුරපාද පරිවේනාදිපති බුද්ධපුත්‍ර හිමි නෙවෙ සර්.....මූ ඇවිදින්

මට ඇහිපිල්ලම් ගහන් එක පවා අමතක වෙච්ච මොහොතක මං අහගන කල්පනයා මං වෙනුවෙන් මගෙ නම කියනකොට මොකෙක් හරි විසි කරාපු පොතක් ගිහින් එයාගෙ ඔලුවෙ වැදුනා....

අනෙ එයා හිනා උනා....

ගහපු එකාට ගානක් වත් නැතුව සමාවක් වත් නොයිල්ලම පොත අරන් එනකොට මගෙ නිම්න ලාවට හිනාවෙන ගමන් ඔලුව අත ගාගන්න හැටි මන් මෙතන ඉදන් හරි වේදනාවෙන් බලන් ඉන්නකොට අනෙ එයා හරි අහම්බෙන් මාව දැක්කා....මට හිනා වෙන්න අමතක උනා...මට දුවලා ගිහින් එයාව තුරුල් කරගන්න හිතුනා ...

නිම්න....මාව දාලා යන්න එපා කියලා කැ ගහන්න හිතුනා....ඒත්...උඹ මාව දාලා හුගාක් දුර ගිහින් කියලා මතක් වෙනවත් එක්කම මගෙ පපුව ආයම ඇදුම් කෑවා වගේම මන් වේදානව හංගන් එයා එක්ක ආපිට හිනා උනා.....

මගෙ නිම්න...මයුරගෙ නිම්න....

ඇස් පවා හිනාවෙන මයුරගෙ හරිත නිම්නය....!!.

ඔය ළමයි දෙන්නා ....ඉදගන්නෙ.....නම්පොත ලකුනු කරාපු පන්ති බාර සර් දාන් උන්න කන්නාඩි දෙක යටින් බලන ගමන් හිස් තැන් දිහාව බලනකොට කල්පනයා සර්ට කියන්න ඉඩක් නොතියම නිම්නට ගහපු එකා ගාවින් ඉදගන්නකොට මං කෙලින්ම එය ගාව තිබුන හිස් තැන් බලන් උන්නා....

සර් මං කැමතියි...පිටිපස්සෙ පේලියෙන් ඉදගන්න!!!

මං එච්චරයි කිව්වෙ ගුරා කැමති උනා නැතා...පන්තියෙම උන් බලන් ඉන්නකොට මං ගිහින් නිම්න ගාවින් හිටගන්නවත් එක්කම එයා ගැස්සිලා ගියා ....එයාට විස්වාස කරන්න බැරි උනා....අවසානම මොහොතේ එයා ළඟින් කෙනෙක් ඉදගන්න කැමති උනා කියන එක මගෙ නිම්නට අදහගන්න බැරි වෙනකොට මං හරි නිවුන විදිහට එයාට කතා කෙරුවා ...මොකද .....අපි දෙන්නගෙ පලවෙනිම හමුවීම මේක!!!

කරදරයක් නැතිනම්...මං ඔයා ළඟින් ඉන්නද....

ම්....ම්...මා....ගාවින්....?

ම්න්.....මං ඔයා ළඟින් ඉන්නද...

මට අහන්න ඕන උනෙ මං ඔයාගෙ ලග ඩෙස්ක් එකට එන්නද කියන එක උනත්....යටිහිතෙ පිටාර ගලන ආදරේ මගෙ වචන වෙනස් කරවලා තිබ්බා වගේම නිම්නගෙ අහිංසක මූනෙ තිබුන ඇස් හරි කලබලෙන් එහා මෙහා දුවලා දුවලා ලාවට ඔලුව වනනවත් එක්කම මන් එයා ගාවින්ම ඉදගත්තා ....ඉදගන මං මගෙ අත එයාගෙ පැත්තට දික් කෙරුවා ...

මයුර....

එයා බලන් උන්නා .....මං එයා දිහාවට දික් කරපු මගෙ අත අල්ලන්න බයෙන් වගේම ළමයි මොනවා හරි කියයි කියලා පස්ස ගහනවත් එක්කම මං ඒ අත ඩැහැගන මගෙ අතට තද කරගත්තා.....

නිම්න.....එහෙම නේද

ඔ...ඔව්...ඔයා කොහොමද දන්නෙ....

රෙජිස්ටර් එකේ තියෙන්නෙ ලමයො!!!

එයා පුදුම උනා....

ඇසුත් ලොකු උනා කටත් චුට්ටක් ඇරුනා...

අනෙ අවසානෙදි එයා මා එක්ක හිනා උනා...

නිම්න නොදන්නවා උනාට..මයුරගෙ යටි හිත ඉකි ගහලම අඩන්න ගත්තා !

හිනහව මියැදි තරු නිවුනාලු.....

දෑලෙ වලාවන් යලි නෑලු...

ආදරේ නම් කවුරුන් වේදො...

මා තරමින් ඔය සිත සෑදූ....???

ජැම්මා....ජැම්මා...

කචාව ජැම්මා...

ආයම එනකන්....පයිස්සමින් ඉන්ඩෝ.....ආතරෙයි ....ආතරෙයි ....අහස තරම් ආතරෙයි ...

මම

ජොබී...

Nedeesha

More Chapters