LightReader

Chapter 19 - 19

ම්හු...ක්ක්ක්...

ඉතින් දැන් ආය ඇයි.....දැන් ඉල්ලපුවත් ගෙනත් දුන්නා. ..රිදෙනවා කියපු අතත් අත ගෑවා...ඔලුවත් අත ගෑවා....දත කැක්කුමයි කිව්වම ඒකත් අත ගෑවා...ආය මොකද කියන්නෙ.....

...බයිනවා...සවුත්තු කමනෙ....

ඒකා අයාම කුනු කුනුගාන්න ගත්තා....ම්හුක් ගානවයි...හුකුක් ගානවයි....ආයම ඇස් දෙක හීනි කරනවා...ඇහිබැම අකුලවගන්නවා.....ඔක්කොමත් හොදයි අර ඇහෙන්නෙ නැතුව බනින එක තමයි හිස රදේ .කමනි හොදයි...කමනි බනින්නෙ ගමටම ඇහෙන්නනෙ...මූ බනින්නෙ කනට නෑහෙන්න...ඒක ඔක්කොටම හපන්...ඇයි ඉතින් මොන හේතුවටද බනින්නෙ කියන්න දන්නෙ නෑනෙ.....

මාත් ඉදලා ඉදලා අල්ලන් තියෙන්නෙ කොටි වල්ගයක්ද මන්දා...රොහාන් කමනිව බෙල්ලෙ එල්ලගත්තට හපන් මේක.....

හරි...දැන් ඇයි කියන්නකො...ආය මොනවද .....

ගමනක් වත් එක්ක යන්නෙ නෑනෙ මාව.....

කොහෙ යන්නද .....දඩාවතෙ ඇවිදින්න යන්නද 

දඩාවතේ නෙවෙ අප්පා.....කොහෙ හරි...මාව දාලා යනවා...අර පෙට්‍ටි කටයි...බුට්ටයි...අනිත් එකා...ඇග පුරාම පච්චා ගහන් ඉන්නෙ..කව්ද ...ඒ පච්ච සිරාවයි විතරයි එක්ක යන්නෙ.....

නිම්න තනියෙන්.....

කවුරුත් බලන්නෙ නෑනෙ නිම්නව....

කවුරුත් මතක් කරන්නෙ නෑනෙ.....

අනික....අප්පච්චි බෝතලේ තදකරලම වහන්න කිව්වා...

මං ඉතින් ඔය කෑවට සල්ලි දෙනවනෙ අනෙ...

ඉතින්..ඊටත් ඇයි සල්ලි.....ඔයා කිව්වනෙ.....එදා....ඔය ඕන තරම් තියෙන්නෙ කියලා ....

හරීයට රවටනවා....

නිම්නට බොරු කියනවා...

චපලයි දැන්....

සවුත්තුවෙක් වෙලා...

උදේ ඉදන් මගෙ මෙ කකුල කැක්කුමයි.....

ඔලුව කැක්කුමකුත් අල්ලන් එන්නෙ.....

තාම අත පන නෑ.....

ගමනක් වත් එක්ක යන්නකො...ආසයිනෙ....

අර බෝතලෙත් ඇරලා දෙන්නකො...හැම වෙලෙම පොල් ටොපිම කන්නත් බෑනෙ...

ඊටත්...ගල් බනිසුත් තියනවා.....

පපී....නිම්නට ඔලුව කැක්කුමක් හැදීගන වගේ එන්නෙ..මං හිතන්නෙ...මගෙ සීනි ලෙවල් එක අඩු වෙලා....පැනි රස දෙයක් දෙනවා නේද සීනි අඩු උනහම...?

මේ පේනවද..මේ...අත වෙව්ලනවා.....

ම්හුක්...යටි බඩත් යන්තන් කකියනවා.....

ආ..මේ...කොන්දත් රිදෙනවනෙ....

අනෙ අම්මො මූ වගේ නම්....

යටි බඩ රිදෙනවා නම් උඹ ඔය ලමිස්සියෙක් වෙන්න යන්නෙ...කොන්ද කැක්කුම්....අත පය කැක්කුම් ඔය ඔක්කොම එන්නෙ ඒ කාලෙට තමයි....මගෙ මතකෙ හොද නම් එහෙමයි...හතවසර සෞඛ පොතෙ තිබුනෙ එහෙම.....

මං කමනිට කියන්නද බෑනා ගෙට වෙන්න යන්නෙ කියලා .....

සුදු රෙද්දක් වත් ඕන වෙයිනෙ වහගන ගෙදර අරන් යන්න...ඇයි ඉතින් අපේ ඉස්කෝල වෙලාවෙත් කෙල්ලො ලොකු උනහම ඉස්කෝලෙ අස්සටම ත්‍රීවිල් එනවා.....සුදු රෙදි වලින් වහගන යනවා...ගෝනි බිල්ලො වගෙ...අම්මට සිරි...ඔයාට කියන්න වස්තු..ඒකි ආය සතියකින් දෙකකින් එනකොට මූන එහෙම ලාවට වගෙ වෙනස් වෙලා...උන් කැවුම් එහෙමත් ගේනවා..ඔක්කොමත් හොදයි...මුන් ඊට පස්සෙ පුටුවෙ ඉදගන්නෙ ගවුම උස්සලා..වෙනදට පුකට ඇලෙන්න රැලි ටික තද කරන් ඉදගන්න උන් පහු පහුවෙනකොට ඉදගන්නෙම ගවුම උස්සලා...ශිහ් ....

"......."

අපිටත් කැවුම් එහෙම පුච්චන්න වෙයි උඹත් දැන් කොයි වෙලේ ගෙට වෙයිද දන්නෙ නෑනෙ .....

මං කියවගන..කියවගන...කියවගන ගියා...අත පය කැක්කුම් ගත්තු නිම්නයගෙ මූන දැන් කොරහක් වෙලා.....පුපුරනවා.....පුපුරනවා.....

ගස්සනවා.....රවනවා.....පද්දනවා...එහෙට යනවා..මෙහෙට යනවා....ගිහින් ලිප් බොක්කෙත් ඉදගත්තා මගෙ ඇදුම් වලින් එකයි දැලි...ඕකෙ ඉදන් අනිත් පාර මූ පුක පුච්චගන්නවා...

මහ වරත්තුවෙක්.....

මං හිතුවෙ නැනෙ මෙහම වනචර ඇතින් කියලා...හරි කැත කටක් තියෙන්නෙ.....එව්වත් බලන් ඉදලා...අපේ අක්කවත් ගෙනාවෙ එහෙම තමයි.....ඒ උනාට.....මං ඔහොම බලන් උන්නෙ නෑනෙ....නිමන්ව එලෙව්වනෙ...

සවුත්තුවා....

ම්හ්හ්...මට ඔලුව කැක්කුමක් අල්ලන්නෙ එන්නෙ....

අරකා බනීනවා.....ඔක්කොමත් හොදයි මං ආසම මේ කොල්ලා කට කතුර වගේ තියන් ඇහෙන නෑහෙන ගානට බනින එකට සවුත්තුවලු....මට බනින්නෙම සවුත්තුවා කියලා ....

හරි දැන් කොහෙද මේ සවුත්තුවා ඔය ලමයව එක්ක යන්න ඕනෙ ම්ම්ම්....

මන් මගෙ කොට වෙන්න කපපු කොන්ඩෙත් අතින් එහා මෙහා කර කර එයාගෙන් කොහෙද යන්න ඕනෙ අහනකොට මෑන් ලිප් බොක්කෙ ඉදම්ම කල්පනා කරනවා ..ඔතන ඉදලා පුච්ච ගත්තොත් ඔක්කොටම හපන් කියලා වන්ඩු ආප්පයක් වගේ ලිප් බොක්කෙ උන්න ඒකව මං උස්සලා බිමින් තියලා බලන් උන්නා...

ඇස් දෙක එහාට කරකනවා...මෙහාට කරකනවා....දැන් මිනිහට යන්න ගමන් නෑ.....

ඔයාලගෙ කඩේ ඩයරි තියනවද අනූ...

ම්න්....ඔව්... අප්පච්චිට කමර්ශල් ඒකෙන් හම්බුන ඒවා තිබුනා...අලුත් එක නම් නැ...ගිය අවුරුද්දෙ එකක් ඇති...මෙ පාර දීලා නෑ..ඩයරි ගහලා නෑ කොල ගනන් හන්දා....

මට ඒකක් දෙන්නකො ...තව....ඇට්ලස් චූටි ඉන්නවද....

ඔව්..ඔව්.... ඉන්නව ඉන්නවා.....මෝඩ කම....තියනවද කියලා අහපන්....

බයින්නෙ.....මෙතන ඉන්නෙ චූටි නිම්නනෙ👉👈

මූ හෙන රට කපටියා.....ඉක්මනට මෙතන ඉන්නෙ චූටි නිම්න කිව්වා...ම්ම්ම්...චූටි නිම්න කිව්වම වැඩි වරප්‍රසාද ගන්න වෙන්න ඇතිනේ...හිටපන්කො...හිටපන්කො....

එහෙනම්.....

පිටුව පෙරලුවට සීතා...

පොත දන්නවා රාමා.....ම්ම්ම්...

හරි...මෙතන ඉන්න චූටි නිම්නට මන් ඩයරියකුයි ඇට්ලස් චූටි පෑනකුයි දෙකක්ම දෙන්නම්...හැබැයි....මෙහෙමයි....චූටි නිම්නට.....හම්බෙන වරප්‍රසාද නම් හුගාක් අඩුයි...මොකද..මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හරි කේස්....

කේ...ස්...?ඇයි ඒ.....

එහෙම තමයි.....ඇල්ලිලි....හුරතල් කෙරිලි...උම්මා දීම්....මේ මොකුත් නෑ.....ඔයා දන්නවනෙ ලොකු නිම්නගෙ හැටි ...ඒ කොල්ලා මට වඩා වැඩිමල්නෙ..මං එයා කියන දෙ අහන්න එපැයිනෙ ...ඒක නිසා....චූටි නිම්න අතේ දුරින් ඉන්න තේරුනාද.....අතේ දුරින් ඈ.....

අ..අතේ...දුරින්...?ම්ම්.....අතේ....ම්ම්ම්....ම්ම්ම්.....

හරි ....දැන් උඹට ඕන උනේ ඕකනෙ...මං ඔච්චර කිව්වානෙ උඹටම ඊරිසියා කරගන්න එපා කියලා ...ඕකට තමයි කියන්නෙ...ඌරගෙ මාලු...ඌරගෙ ඇගෙ තියලා කපනවා කියලා ....

ඇට්ලස් චූටි පෑනයි.ඩයරියයි ඉල්ලපු නිම්නයගෙ මූන පුක වෙලා...තනිකරම කුන්ඩ හට්ටියක් වගේ ..මිනිහට දැන් හරි අවුල...ඇයි ඉතින් මං අතේ දුරින් ඉන්න කිව්වනෙ....එකත් අමාරුයි...ඒකත් අමාරුයි.......

මට..එක පාර...දෙන්නම...වෙන්න බෑද...

අපො බෑ...එක පාර දෙන්නම වෙන්න බෑ...ඔයාට තේරෙනවනෙ...එයා මා එක්ක තරහා ගනී.....සවුත්තු කටක් තිබ්බට මොකද මං අවංක කොල්ලෙක්....කැපුවත් ලොකු නිම්නගෙ....මැරුවත් ලොකු නිම්නගෙ.....මිනිහා කියන දේ අහන්න එපැයි.....අනික නැන්දම්මා විනය බාර...ඔයාට තේරෙනවනෙ.....ම්ම්ම්

කැපුවත්....ලොකු....නිම්නගෙ.....ම්ම්ම්ම්.....එතෝට...මන්

ඔයාට මොනා වෙන්නද....ඔයා ඉතින් ඉල්ලන දෙයක් කන්න අරන් දෙන්නම්.....ඊට එහා නම් මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා ඉතින්....මොකද මං ලොකු නිම්නට පොරොන්දු උනානෙ ....

මං බලාගන...වයසක අයියගෙ මූන කොරොස් කට්ටක් උනා...මේකා ඒ කාලෙත් හුරතල් දැනුත් එහෙමයි.....ඒත්...එයා කොච්චර හුරතල් උනත්...පොඩි නිම්නගෙ ලාමක මූනෙත් මං හැංගුන වේදනාවක් දැක්කා...ලොකු නිම්නගෙ පරිනත මූනෙත් මං වේදනාවක් දැක්කා...කොච්චර සතුටින් ඉන්න හැදුවා උනත්.....නිම්න උන්නෙ වේදනාවක ගිලිලා....එයාගෙ ජීවිතේ සීයට අනූ නවයක්ම තියෙන්නෙ වේදනාව...ඉතින්...ඉතිරි සීයට එක විතරයි සතුට...

හරි.....වේදනාවට කැපිලා පේන එක සාදාරනයි ....

පොඩි නිම්නව දැන් කොහෙද එක්ක යන්න ඕනෙ...

කොහෙ හරි ගමනක්.....

ඒ උනාට මගෙ හිත කැක්කුම හැදීගන එන්නෙ....

අතේ දුරින් ඉන්න කිව්වනෙ.....

පපුවත් රිදෙනවා...

ඔව් ඉතින්...මට ලොකු නිම්නට බොරු කරන්න බෑනෙ.....ම්ම්ම්ම්ම්...මං ඔයාව ගමනක් එක්ක යන්නම්...හැබැයි....කාලා මට දැන් යකෙක් කන්න තරම් බඩගිනී.......

ම්ම්ම්....ම්ම්ම්....ම්ම්ම්....ම්ම්ම්ම්....

කල්පනා කරනවා..කල්පනා කරනවා...මිනිහට දැන් හිතෙනව ඇති කර ගත්තු මෝඩ කම කියලා ...කල්පනා කරන නිම්නයට එහෙම්ම ඉන්න දීලා මං හිමීට කුසියෙන් එලියට ඇවිදින් කැශියර් එකේ ලාච්චුව යට තිබුන ඩයරි අවුස්සන්න ගත්තා ...

අප්පච්චි .....

අප්පච්චි ...

මොකද බන් කෑ ගහන්නෙ...මේ ගානත් වැරදුනා . .උදාර ඕකට තව පන්දහක් එකතු කරපන්...

අප්පච්චි මේ ලාච්චුවෙ තිබුන ඩයරි කෝ.....

ඇස් ඇරලා බලපන් ඇස් කටේ දාන් බලන්නෙ නැතුව

ඇස් ඇරලා තමා බලන්නෙ කෝ නෑනෙ...

හැම මගුලම නෑ නොගා බලපන් කොල්ලා...

අප්පච්චි උදාරායා එක්ක ගනන් එකතු කරනකොට තුන් වරුවම බත් විකුනන අපිට අද බත් ඇටයක් වත් හොයා ගන්න නැතිව ගියපු හන්දම රවිදුවයි කල්පනයයි බත් ගේන්න ගිහින් තිබ්බා.....

සූකිරි ....

එව්....ඇයි...

ඇරපන් ඔය ලාච්චුව.....

මෙච්චර වෙලාම නයා මැරුන අහිකුන්‍ටකයා වගේ පැත්තක් බලන් උන්න අම්මා අප්පච්චි වයි...උදාරයවයි විතරක් නෙවෙ මාවත් ගැස්සිලා යන තරම් හයියෙන් කතා කරනකොට මන් බලාගන කුසියෙ ඇතුලෙ උන්න සූකිරියත් බෙල්ල දානවා....

ඇයි... දැන්....

බලපන් ඕකෙ මොනාද තියෙන්නෙ

සල්ලි....කොල කෑලි.....

තව ...

ආ..මේ...වෙඩින් කාර්ඩ් එකක්....

ගනින් එලියට .....

කාගෙද ...

කාගෙද අහන්නෙ...ඇරලා බලපන්....ඇරලා බලපන්....ඇස් කට අත් තියනවනෙ...

මගෙ මූන ඇඹුල් උනා..මේ ටිකේම අපේ වයසෙ උන්න උන් බැදගන බැදගන යනවා..වෙඩින් කාර්ඩ් එකක් එන දාට අම්මා කුලප්පු වෙනවා...අම්මා බය ඇති මට බදින්න ගෑනු නැති වෙයි කියලා ....

ආ...මේ...අර අරකිනෙ...

මොකී උනත්....දැන් බලපිය තොපෙ වයසෙ උන් කීයක් බැන්දද...කීයක් පවුල් පන්සල් උනාද....තොපිට තව කෙලින් ඉන්න පුලුවන් උනාද එනවා වෙඩින් කාර්ඩ් දෙනවා....යනවා.....අඩුම ගානෙ කෙල්ලෙක් වත් තොට ඉන්නවද....???

රොහානයො.....අපි...ආවා...බත්..ගෙනාව....රයිස්...රයිස්.....ඔක්කොටම...රයිස්...

ඔය එන්නෙ...ඔය එන්නෙ අනිත් පිස්සා...බත් ඇද ඇද ඉදපියව්...යකඩ වලට තට්ටු කර කර...එහා මෙහා වෙවි ඉදපියව්....ඉගන ගන්න කාලෙ ඉගන ගත්තෙ නෑ.....බදින්න ඕන කාලෙ ආයම ඉස්කෝලෙ යනවා....

මම හිමීට ඇස් කැරකෙව්වා...නිම්නයා බය වෙල වගේ බලන් ඉන්නවා....

අප්පච්චි නම් හැමදාම අහන තැටිය හන්දා ගානක් නැතුව ගනන් එකතු කරන්න ගන්නකොට කල්පනයා මොනව හරි කියන්න කට හැදුවා.....

ඔය බදින එවුන්ට හෙමින් බදින්න කියපල්ලකො..මෙ කමනිලා කුලප්පු වෙනවනෙ ඇරත් කමනී...පිස්සො කලබල උනාට දොස්තරලා කලබලද.....නෑනෙ...නෑනෙ...

මේ කලපනයා...මේහ්........තොපිට ඕනෙ ඔහොම්ම වයසට යන්ඩද ....උඹත් ගිහින් එල්ලුනෙ හොද සක්කරවට්ටමක් එක්ක....ආන්...ගෙයි අස්සෙ කොල්ලෙක් දාගන ඉදලා අහුවෙලාලු.....

මං ඉක්මනට කල්පනයා දිහා බැලුවා...උගෙ මූන බලාගන ඉන්නකොට නරක් වෙලා ගියා.....අරකි මූව එපා කියන්න හේතුව අම්මගෙ කටින් එලි බහිනකොට උගෙ අතේ තිබ්බ බත් පාර්සලේ ඌ තිබ්බා නෙවෙ ඌ බත් එකෙන් මේසෙට ගැහුවා....මං හිතන්නෙ....අපිට බොන්න තව හේතුවක් හමබ උනා...

ඔය එක එකීලා බදින්නන් වාලෙ ගාල කඩාගත්තු එවුන් වගේ බදින්න තරම් ගැට්ටෙ අමාරුවක් නෑ කමනි ....බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි...ඇරත්....හදිස්සි වෙලා බැදල නිවි හැනහිල්ලෙ විදවන්න වෙනවට වඩා.....නිවිහැනහිල්ලෙ ඉදලා කාව හරි බදිනවා..ඇරත් ඔයාලා ඔය කියන විදිහට වයසට යනකොට බැදපු නැති උන්ට වතුර නැතිව යන්නෙ නෑ...මොකද ජලසම්පාදනෙන් වතුර කපනවා කිව්වද නෑනෙ.....

අනික කව්ද දන්නෙ කමනි..මාත් මයුරයා වගේ කොල්ලෙක් එක්ක යාලුවෙයිද කියලා...පේනවනේ ..පේනවනේ...

ඇහේ මූනෙ තියන් රැකපු එකී...අනේ ..හුයියෙ...මච ඉගන ගන්ජ ඕනා ගාලා ඔය කරලා තියෙන්නෙ .. අපිට අහු උනොත්....හරිම උන් තමා සෙට් වෙන්නෙ....එක්කො අන් සතුයි....නැත්තන් ජන සතුයි.....අවුලක් නෑ...අවුලක් නෑ...කමනි...ගෑනු මහ චපලයි.....

මාව සීතල වෙලා ගියා ..අරූ සදුනිකාගෙ සිහියෙන් මාවත් පාවා දීලා ඌටත් කොල්ලෙක් ඕන කියනකොට අම්මා මාව කන්න වගේ බලන් උන්නා...කරන්න දෙයක් නෑ කමනි....එකම කොල්ලා කොල්ලෙක්ට බහ දීලා අහවරයි.....

හරි වේසයි...ආ....සදුනිකා....උඹ නම්.....කියල වැඩක් නෑ......කියලම...වැඩක් නෑ...කව්ද කමනි කිව්වෙ.....???

කලප්නයා අවුල් ගියා...කල්පනයව සම්පූර්නම අවුල් ගියා....

කව්ද පපී සදුනිකා කියන්නෙ.....

උගෙ කෙල්ල....

චපලයි වගේ නෙ...

ම්න්....ඒකි වෙන එකෙක්ව ගෙට දාගනලු...මං හිතන්නෙ...අපිට අද නොසෑහෙන්න මුගෙ දුක අහන්න වෙයි වගේ වස්තු....

ආදරෙ කරන එක හරි වේදනාවක් නේද අනූ.....කරපු ආදරේ නැති වෙනකොට .... ඒක හරි වේදනාවක් නේ අනූ.....

ම්න්....ආදරේ කරන එක වේදනාවක් නෙවෙ වස්තු ..හරි මනුස්සයට කරන තාක්..... ඒ ආදරේ කිසිම තැනක වේදනාවක් නෙවෙ....ළඟ උන්නෙ නැති උනත්...දුන්න ආදරේම විතරකුත් ඇති නිම්න...ජීවත් වෙන්න....

මං එයා දිහා බැලුවා...එයාගෙ අර දගකාර මූන නැති වෙලා...එයාගෙ මූන තිබුන අර හුරතලේ නැත්තටම නැති වෙලා ගිහින් තිබුනා.... .

ඔයාට කොහෙද යන්න ඕනා කිව්වා නේද.....

මයුරට ආදරේ කරන හොද කෙනෙක් හම්බ උනොත් බදින්න....ලස්සන පවුලක්...ඒක හරි ලස්සන හීනයක් මයුර.....ආදරෙ එක්කම වයසට යනවා කියන්නෙ....හරියටම මුහුදු වෙරලට ගිහින් ඉර බහින දිහාව බලන් ඉන්නවා වගෙ හරි සුන්දර දෙයක්...මිනිස්සුන්ගෙ සැදෑ සමේ රොමාන්තික වෙන්න ඕන මගෙ අනූ.....මගෙ අනූ ලස්සනයි....ආදරනීයයි...දන්නවද ..

අනූගෙ ආදරේ හිමි වෙනවා කියන එකත්..මට අනුව .....භාග්‍යක් වගේ.....මයුර....

මගෙන් කුනුහර්ප නාහා එනවද.....මගුල් කියවනවා....

ඒත්....ආදරේ කරනවා කියන එකේ තෙරුම එක හිතක් මත්තෙ සදහටම නැහෙන එකම නෙවෙ මගෙ මයුර....මං...ආයම..කවදාවත් නේන බව දැන දැන...මං වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නෙ.....ඒක....මට සැනසීමකුත් නැති වෙන දෙයක් මගෙ මයුර... මට ඕනෙ හිනාවකින් සමුදෙන්න මිසක්....වේදනාවකින් යන්න නෙවෙ....මගෙ මයුර...ඔයා.....

ආදරේ කරන්න..ආඅදරේ කරන්න..... කියන්න ලේසි උනත්....කියන්නන් වාලෙ ආදරේ කරන්න මේක සිල්ලර කඩේකින් ගිහින් බඩුවක් අරන් එනවා වගෙ වැඩක් නෙවෙනෙ නිම්න නේ.....??? තමුසෙම මගෙ ජීවිතේට ඇවිත්...තමුසෙම කියනවා වෙන එකෙක් හොයා ගන්න කියලා...මහ වේසයිනෙ ...නෙ??????හරියටම අවු ගානක් ආදරේ කරලා...මට වඩා ඔයාට හොද කෙනෙක් හම්බෙයි කියලා බ්‍රේකප් වෙනවා වගෙ වැඩක්නෙ ඕයි තමුසෙ කියන්නෙ.....

.අ..අනූ...

අනූ....ඔහොම...නවතින්නකො....

මං සැර උනා..එයා මට කාව හරි හොයාගන බදින්න කියනවත් එක්කම මගෙ ඇගේ මාලු නටන්න ගන්නකොට මං ඒ මුනටම බැනලා බැනල එයා ඉල්ලපු ඩයරියත් අරන් බයික් එකෙ යතුරත් අරන් එලියට එන්න ආව....

මයුර...කොල්ලා...කොහෙද ඔය යන්නෙ....

.ගෑනියෙක් හොයන්න යන්න...සමහර උන්ට මට ගෑනියෙක් කර ගස්සනකන් නින්දයන්නෙ නෑනෙ....මං යනවා ගෑනියෙක් අරන් එන්න.....මගෙ ඉස්සරහට හම්බෙන පලවෙනි ගෑනි මොකීද මං ඒකිව අරන් ගිහින් බදිනවා වයස උනත්...දික්කසාද උනත්...ළමයි උන්නා උනත් මට අදාල නෑ...අවසානෙදි ඇන්ටි කෝස් එකවත් කරනවා....

කොල්ලා....රොහාන් ....රොහාන්...අර කොල්ලව නවත්තනවකො රොහාන්...ඔහෙ බලන් ඉන්නෙ.....

තමුසෙගෙත් කට හොද නෑනෙ කමනි.....තමුසෙ හිතුවද මම තමුසෙව දට අටෙන් බැදගත්තට දැන් ඉන්න උන් හැමෝම දහනවයෙන් බදිනවා කියලා ..ඌට විසිපහයි...ඌ බදිනවා නම් එහෙමයි නැත්තන් ඒත් එහෙමයි...

අනූ.....අනේ...නවතිනකො.....

මම නෙවෙ නැවතුනෙ...එහෙන් අම්මට අප්පච්චි කන පුරවලා බනිනකොට මට ආදරෙයි ගාග එයා එක්කම ඊරිසියා කම් කරපු නිම්න මැරෙන්න හැදුවා...

ඔහොම මුරන්ඩු කම් කරන්න එපා මල්ලි....

ඉවසන එකේ සීමාවකුයි..ආදරේ හන්දා කියවිල්ල අහන් එකේ සීමාවකුයි තියනවා නිම්න...තමුසෙ කොහොමද ඕයි මාව වෙන එකෙට දෙන්නෙ...තමුසෙ තමුසෙ එක්කත් ඊරිසියයිනෙ.....

...ත...මුසෙ...

......

ඔහොම බනින්න...එපා...අනූ....මම...මැරුන මනුස්සයෙක්....ඒත්...මට.....රිදෙනවා....ඔහොම...සැර වෙන්නෙ...මම....නැති හින්දද...අනූ.....

මං හිතන්නෙ මගෙ කම්මුල රත් උනා...නිම්න මට ගැහුවෙ අතුල් පාරක්...අතුල් පාරකට වඩා..ඒක එයා තව දුරටත් මේ ලෝකෙ නෑ කියන එක ආය ආයම මතක් කරලා දීමක්...ඒක වැදුනෙ මගෙ හදවතට.....කම්මුල වෙනුවට ඒක වැදුනෙ මගෙ හදවතට වෙනකොට මං තත්පර ගානක් මං නිම්නගෙ මූන දිහා බලන් උන්නා...

එයා උන්නෙ ඇස් බිමට කරවගන...එයා උන්නෙ මගෙ අත් වලින් මිරිකගන....මම හදන්නෙ එයා මා එක්ක ඉන්නවා කියලා හිතාගන ජීවත් වෙන්න හදන එක උනත්..එයා කෙරුවෙ මට එයා තව දුරටත් මේලෝකෙ ජිවත් වෙන කෙනෙක් නෙවෙ කියලා ආය ආයම මතක් කරපු එක වෙනකොට මන් රවාගන වගේම වේදනාවෙන් තරහවෙන් දුකෙන් එයා දිහා බැලුවා... .

නිම්න...

.....

නිම්න...මගෙ දිහාව බලන්න.....

.......අනූ

රිදෙන්නෙ උඹට විතරද....වස්තු....මට රිදෙන්නෙ නැද්ද....මං.... මේ ගෙවෙන හැම විනාඩියෙම උත්සහ කරන්නෙ....උඹ මා එක්ක ජීවත් වෙනවා කියලා හිතාගන...උඹ අයිති මේ ලෝකෙට මිසක්...මලවුන්ගෙ ලෝකෙට නෙවෙ කියලා හිතාගන ..එහෙව් මට ඔහොම කරන්න එපා බන්....රිදෙන තැන් ගොඩයි.....මම අමතක කරන්න හදන දේම ආය ආය උඩට ගන්න එපා වස්තු....මට...රිදෙනවා බන්...

...මං...කරගත්තෙ වරදක්....අනූ...දවසක....තනි කරන්න වෙන බව දැන...දැනම.....ඇත්ත...දැන...දැනම....

ආදරේ කරන්න...ගත්ත...එක.....වරදක්....අනූ....උඹ තනිවෙයි...උඹ...මං..නැතුව තනිවෙයි.....

නෑ.....උඹගෙ ආදරේ විතරක් මා එක්ක තියලා යමන් වස්තු....ඒ ඇති...මට පුලුවන් ජීවත් වෙන්න...උඹ හිතන තරම් මං දුර්වල මනුස්සයෙක් නෙවෙ මගෙ නිම්න.....උඹයි..මායි...මේ ඇවිදන් යන පාරවල් වල...එදාටත් මල් පිපේවි....අද වගේම සුවද බෙදාවි....උඹ නැති උනා කියලා ඒ මල් පිපෙන්නෙ නැති වෙනෙන් නෑ වස්තු....ඒ මල් සුවද බෙදන්නෙ නැති වෙන්නෙත් නෑ.. .ඒත් .මතක...මතක වලට මැරෙන්න පුලුවන්ද .....බෑනෙ...මට හැමදාකාම...මේ ආදරේ මතක විතරක් මදිද මගෙ නිම්න.....????

අනූ.....ඒත් ..උඹමනේද..මගෙ අනූ..කිව්වෙ.....ප්‍රේමය කවදාවත් ශෝකාලාපයක් වෙන්න හොද නෑ කියලා .....

.ම්ම්...එත්..මං හිතන්නෙ....නෑ..මේක ශෝකාලාපයක් වෙයි කියලා ...මට ආදරනීයම මතක විතරක් දෙන්න...මගෙ මූනට හිනාවක් විතරක් ඉතිරි කරලා යන්න...ඒ ඇති මට..මගෙ අවසානම කාලෙ වෙනකන් සතුටින් ඉන්න...තේරුනාද.....

හ්.....ම්....අනූ.....ඔයා...එතකොට කිව්වෙ....මුලින්ම...හම්බෙන...ගෑනි.....යෙක්...ගැන....

ඔන්න අපටන් ගත්තා..මූ මහ දෙපිටකාට්ටුවෙක්...එක්කො මට නිදහසෙ අඩලා දොඩලා විරහා වේදනාව විදින්න දෙන්න ඕනෙ...ආයම ඇස් කරකවන්න ගත්තා....දැන් මෙතන ඉන්නෙ මොන නිම්නද දන්නෙ නෑ ....

ඔව්...මුලින් හම්බෙන ගෑනිව බදිනවා.....ආය මෙතන මේ එක එකාගෙ කුනු කතා අහන්නයි....

ඔලුව කැක්කුමක්..හැදීගන එන්නෙ ඇයි අනූ.....

එහෙම තමයි ඔය අන් තට්ටුවක් මතු වෙන්න එන්නෙ..... ....ඕනාවට වඩා ගොන් කතා කියන්න එපා කියන්නෙ ඕකට තමයි ...ගොන් කතාවල සීමාවක් නැති උනහම අන් මතු වෙනවා.....ඌ....හ්...කොනිත්තනවා නේද හොරාවට හොරාවට....

මං බැන්නා ආයම මං ඒකට බැන්නා....මූත් නිකන් ඉන්නෙ නෑ...ගලිසා වගේ කොහෙන් හරි කොනිත්තන්න හදනවා...

ඊරිසියාව ...කිව්වට මොකද දෙන්නත් බෑ.....බොරුව මේකගෙ

දැන් අපි යනවද අනූ....

කොහෙද ...

ගමන ....

ම්න්...ඔක්කොටම කලින් මට මෙතන ඉන්නෙ ලොකු නිම්නද පොඩි නිම්න්ද කියපන්කො එහෙනම්....මොකද ...ලොකු නිම්නව හුරතල් කරන්න බෑ.....ඒක වයසයි...පොඩි එකා උන්නොත්...

පොඩ්..පොඩ්....මෙතන ඉන්නෙ...පොඩි නිම්න.....මෙතන...ඉන්නෙ...පොඩි..

නිම්නනනෙ....මෙතන ඉන්නෙ...අර පොඩි එක්කෙනා.....

. ඕකට තමයි කියන්නෙ කට වරද්දගන්නවා කියලා ...මං කියන්න ගියෙ පොඩි නිම්නව හුරතල් කරන්න විතරයි පුලුවන් ..ලොකු නිම්න උන්නොත් තුරුල් කරගන්නත් පුලුවන් ආදරේ දෙන්නත් පුලුවන් කියලා ...කොහෙද මැදින් පැන්නනෙ...දැන් ඉතින් මට වෙන්නෙ ලදරුවෙක් එක්ක යන්න.....

මං දැන් අතේ තියන හෙල්මන්ට් එක අරගන මගෙ ඔලුවට දාගන්න ගමන් අරකා දිහා බැලුවා...ඩයරියත් තුරුල් කරන් උන්න එයා මම පොඩි නිම්න ගගා දගලනවා.....ඇත්තටම ඉස්කෝලේ උන්න පොඩි නිම්නට වඩා මගෙ ගාව ඉන්න පොඩි නිම්න කොච්චර වෙනස්ද....අහසට පොලව වගේ....ඒ ඇස් වල බය වේදනාව දුක විතරයි තිබුනෙ...

ආදරේට පුලුවන් වෙනස් කරන්න...වෙනස් වෙන්න...ආදරෙ හරියටම මල් පොහොට්ටු වගේ...ආදරෙ වැඩි වෙන්න වෙන්න...පෙති දිගෑරෙනවා...සුවද බෙදනාවා..මගෙ නිම්නත් මලක්...පරවෙලා ගියත්...මට සුවද විතරක් ඉතිරි කරලා යන.....

මොකද.....රවන් ඉන්නෙ...ම්ම්ම්හ්...රවන්න එපානෙ.....

ඌයි....අත...පන...නැති වෙන්නෙ එන්නෙ.....

තියන සෝබනෙ...

අපො..මේ...පොඩි එකේ නොයා...ලොකු එකල යමුකො...

මේක උසනෑනෙ...බිම ඉදන් යනව වගේනෙ....

මට ඕනෙ උස බයික් එකේ යන්නනෙ...

රවනවනෙ....

මගෙ....බඩ කැලතෙන්නෙ ඇයි අනෙ.....

රවන්න එපා....හැබැයි අම්මට කියනවා...

මට බෑ අප්පා...රවන් ඉන්නවා....හරි ආඩම්බරයි...

ඔලුවෙ කැක්කුමකුත් අල්ලන් එන්නෙ....

මයුර...ඇත්තම තමයි...මයුර කියන්නෙ මොනරටනෙ....ඌත් ආඩම්බරයිනෙ....

ඒ.උනාට...පිල් විදහන් නටනකොට උගෙ රෝස පාට පුක එලියෙනෙ.....

ඊටත් ඒක....ඉස්සරහට පස්සට තල්ලු වෙනවා ...ඇයි අනූ ....ඒ....???

ඌ හුස්ම ගන්නෙ පුකෙන් ඒකයි.....ඒකයි ඉස්සරහට පස්සට තල්ලු වෙන්නෙ...ගුටි නොගා නැගපන්....උස බයික් වල අරන් යන්නම බඩුවනෙ.....නැගපිය ගුටි නොකා....කට නම් තියනවා.....ඒත් මට විතරයි .......

මට හිනා යන්න එනවා...නිමන කියන්නෙම හරියටම තේරුම්.ගන්න මනුස්සයෙක් ගාවට වැටුනොත් හරි හුරතලෙන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.මනුස්සයෙක් කියන්න මං ඒ දැගලිලි වලින් බලන් උන්නා...

ඒත් කරුමෙ කියන්නෙ....මං ඉපදෙන්න පරක්කු උනා...

කරුමෙ කියන්නෙ.....මේ අහිංසක මනුස්සයව කාටත් තේරුම් ගන්න බැරි උනා....හොද දාහක් කෙරුවත්.....එක තැනක් වැරදුනොත්.....අර වැරදුන එක මිසක්....කරපු හොද නොදකින මිනිස්සු මගෙ නිම්නව පිපෙන්න කලින් පරකරලා දැම්මා....

අනූ ...කොහෙද අපි යන්නෙ.....?

හැන්දෑවෙලා.....දැන් හුගක් දුර යන්න බෑනෙ ඔයාව අරගන.....රැල්ලක් පාගවන්න එක්ක යන්නද.....

එයා හරි අහිංසක විදිහට කොහෙද යන්නෙ කියලා අහනකොට මං එයාව රැල්ලක් පාගන් යන්න ඇහුවමඅනෙ කොල්ලා අත්පුඩියකුත් ගැහුවා ...මන් අහන්න ගියෙ නෑ...මගෙ නිම්න....උඹ රැල්ලක් වත් පාගලා තියනවද කියලා .....

මොකද ආය ආය අහනවා කියන්නෙ..වලලපු මිනි ආපහු උඩට ගන්නවා වගෙ වේදනාවක් ...

හයියෙන් අල්ල ගන්න හොදද...

අතේ දුරින්නෙ මට ඉන්න කිව්වෙ....එහෙම කමක් නැද්ද....ඔයාගෙ නිම්න තරහ ගනීනෙ.....

අප්පච්චිගෙ සුපර් කප් එකට නැගපු එයා කපටි ප්‍රශ්න අහනකොට මං කොල්ලා දිහා සයිඩ් කන්නාඩියෙන් බලන් ඉදලා ඒකගෙ අත් දෙක අරන් මගෙ බද වටෙ ඔතාගන නිකටත් මගෙ උරහිස උඩ තියාගන්න කිව්වා ...

ඒක හරි රෝමාන්තිකයි....හරි ප්‍රේමනීය හැගීමක්.....දකින මිනිස්සුන්ට පේන්නෙ මාව විතරක් උනත්.....දැනෙන මට එයාව දැනුනෙ මගෙ පපුවටම වෙනකොට මං එයාගෙ එකට බැදුන අත් උඩින් මගෙ අත තිබ්බා...ආදරෙයි කියලා මිමිනුවා...

මට එයා වෙනුවෙන් දෙන්න පුලුවන් එච්චරයි!!

ආදරෙයි මගෙ නිම්නට....

.....ආදරෙයි.....අනූටත්.....

හිනාව ඇදුන මූනකින් එය මා දිහා බලන් ඉන්නකොට මං එහෙම්ම බයික් එක ස්ටාර්ට් කරන් මාරවිල හන්දියෙන් කෙලිම්ම වෙරල පාරට හැරෙව්වා....

කුරුස පල්ලිය.....මේරිස් එක....හෝලිෆැමිලි එක....මේ ඔක්කොම තියෙන්නෙ මාරවිල පහල පාරෙ .....

වැඩියමත් වාහන නොයන පාර පහලට යන්න යන්න සමහර තැන්වලදි පාලුපාටක් ගැහුවට මොකද ....මගෙ නිම්න එක්ක යන නිසාමද කොහෙද මට ඒ පාලු පාර පුරාවටම මල් පිපෙන්න ගත්තා ....

එයාගෙ සීතලට මන් පහු පහු වෙනකොට පුරුදු වෙද්දි.....ඒ සීතල පවා මට උනුහුමක් ගෙනාවා.....

එයා මට තුරුලු වෙනවා.....හොර හොරාවට හාදු තියනවා....

මන් බලාගන පාලුවට ගිය දෙවැට දිගෙ මල් පිපෙන්න ගන්නවා.....මගෙ නිම්න හිනා වෙනවා.....එයා එක අතකින් මාව අල්ලන් .....අනිත් අත දිගෑරන් හුලන් පාර අල්ලන්න හදනවා.....

දවසක ....මේ පාරෙම මන් තනියෙන් යාවි...

කිව්වත් වගේ...එදාටත් මේ මල් පිපේවි...

සුවද බෙදාවි...

ඒත්....මයුර ළඟ හිස් කමක් තියේවි.....

හමුවුන තැන් වල

මල් සුපිපේවි.....

හමුවන වෙන අය

ගැන හිතලා.....

අනූ...මෙ...

අනෙ...අනූ....මන් චුට්ටක් හිටගන්නම්....

මන් නිකන් සරුංගලයක් වගේ නේ අනූ.....

වැටේවි ලමයො.....

අපි උන්නෙ හරියටම මාරවිල පහල පාරෙන් ඇවිදින් වෙරල කිට්ටු කරලා....

කොටින්ම කුරුසපල්ලිය පහු කරලා මිනිපිට්ටනිය පාරෙ යනගමන් ....

එයා දගලනවා.....කෑ ගහනව.....මෙච්චර වෙලාම මාව බදාගන ආව එයා අනිත් පාර අත් දෙක දෙපැත්තට දිගෑරන් කෑ ගහනවා.....නැගිටින්න අහනවා.....අන් එයාට කෑ ගැහුවා....වැටෙන්නෙ නැති බව දැනත්.....වැටුනත් මොකුත් නොවෙන බව දැන දැනත්.....මන් එයාව පරිස්සම් කරන්න කෑ ගැහුවා....

මොකද ....නිම්න තාම ජීවත් වෙනවා....!!!

අනූ....අනේ....ඒක.....හරි....ශෝක්...නෙ...

මං..නිකන්...පියාඹනව වගේනෙ.....

මං කවදාවත් මෙහෙම ගිහින් නැ....අනූ.....

එයා උන්නෙ හිටගන...හොද වෙලාවට හලාවතට යන වෙරල පාරෙ මේවෙලෙ බලු බලු බල්ල්කෙ උන්නෙ නෑ...උන්නෙත් වයසක උන්දෙක් දෙන්නෙ විතරයි....එකට එකම හේතුව මේ ගෙවෙන්නෙ ඉර බැහන් එන දම්පාට හැන්දෑකාලෙ...ධීවර රස්සාව කරන හැම මනුස්සයම මෙවෙලෙ ඉන්නෙ වෙරලෙ වෙනකොට උන්ගෙ අඹු දරුවො පවා යනවා.....ඉතින්...එක මොහොතකට මේ පාර පාලුවට යනවා.....

එයා උන්නෙ සතුටින්....එයා හිනා වෙනවා.....

අනූ...අනූ...ගානවා....

එක මොහොතකට මං එ ඇස් වල තිබුන වේදනාව සදහටම තුරන් වෙලා ගිහින් තියනවා දැක්කා....

මං හිනා උනා...එයාට ඇති තරම් කෑගහන්න දීලා නටන්න දීලා මං අනන්තයක් නැතිවම ඔහේ ගියා....

...අනූ....මට..හරි...සතුටුයිනෙ.....

ඇයි...අනූ....මට...මෙච්චර සතුටූ....

අනෙ..මං හරි...ආදරෙයිනෙ...මගෙ...පපීට...!!!

එයා මට ආදරෙයි කිව්වා..ආපහු ඉදගත්තු එයා මාව බදලම අල්ලගත්තා.....මූහුදු හුලගෙ කසිංජිය තවර ගත්තු හැන්දෑ හුලග ඇගපත හිරි වට්ටවන් යනකොට කිලෝ මීටර් සීයක් ඈතින් ආවා උනත් මෙහාට සුවද එන කඩලකරත්ත කාරයෙක් අපිව පහු කරන් ගියා....

එයා අත පය වනනවා....හිටපු ගමන්.මට හෝන් එක ගහන්න කියනවා...

ඇස්ලේටරෙ මිරිකන් උන්න මගෙ අත උඩින් එයා අත තියන්න හදලා එක පාරම ආපිට අත ඇදලා ගත්තා.....

වස්තු....

මං බයික් එක ස්ලෝකරලා අවසානෙදි නැවැත්තුවා....

.ම්ම්ම්...

ඔයා ආසද ...

ඕක පදින්නද....

 ම්න්

කවදාවත් පැදලා නෑනෙ.....බයයිනෙ....

එන්න

..අ...අනේ..අනූ...

මාව විස්වාසයිනෙ.....එන්න...

මට හිතුනා...මට දැනුනා....එයා කවදාවත් මේ දේවල් කරලා නෑ කියලා .....ඉස්සරහා ශීට් එකෙ පොඩි ඉඩක ඉදගත්තු එයාගෙ කකුල් තියෙන්න ඕන විදිහ තියලා මං එයාගෙ අත අරන් ඇස්ලේටර් එකෙන් තියලා...මාත් ඒ අත උඩින් අත තියාගත්තා....ස්කූටර් වල වගෙ නෙවෙ.....සුපර්කප් වල ගියර් කඩන්න තියනවා.....

හරි...දැන්.....කඩන්න.....

කොහෙටද...

යෝ...මෝඩ කම....දැන් හිමීට..ආ....හීමිට...අල්ලන්න.....

ම්ම්ම්හ්....ක්....තදින්....මිරිකෙන්නනෙ...යන්නෙ....

තදින් මිරිකන්න වෙන එකක් දෙන්නම්...දැනට මේක හීමීට අල්ලපන්...නැත්තන් කානුවෙ ඉදී දෙන්නම....

වනචර කතා කියනවා....ඇත්තමයි මල්ලි....මං අම්මට කියනවා...

.මොනාද..මං මොනව හරි මිරිකන්න දෙනවා කිව්වා කියලද...එපා වස්තු....ඒ දේවල් කියන්න එපා...හරි නෑනෙ...ඒ උනාට....දැන් ඔයාට ලමයා හම්බෙන්න ඉන්න එකේ නම් අම්මා දැනගනී ඔයා මොකක් හරි වනචර වැඩක් කරගන කියලා ...බය නැතුව ලමයා මගෙ කියන්න...

මගෙ...බඩ රිදෙන්න්නෙ ඇයි...මයුර..අනේ...මට බෑ...මයුර වල්.....කතා කියනවා...නිම්නගෙ බඩ රිදෙනවා...මට මේක පදින්න බෑ....

ඔන්න ඕක පැදපන් වස්තු...මට උඹ ලව්වා පද්දවගන්න වෙන්නෙ මේක තමයි...වෙන මොනවත් පද්දන්න වෙන්නෙ නෑ.....ඒක හිනිදා ....හිමීට ඔය ඇස්ලේටරේ අල්ලපන්....හිමින් ආ....හිමින්....කට්ට විස්සට විතර ගිහම ඇති ...ඊට එහා ගියොත් වෙන්නෙ මටත් හෙට අනිද්දම සැතපෙන්න...

අනේ...මයුර...කටවහනවකො...මහ සවුත්තු කටක්.....මගෙ බඩ කොරවෙනවා...මං කිව්වනෙ...මට ළමයෙක් හම්බෙන්න නෑ.....යකො.....අනේ...ඔයා...හරි...වේස වේගන එන්නෙ.....මේක මට හයියෙන් මිරිකෙනවා....හිමින් අල්ලා දෙන්නකො .....

අරකව පුපුරනවා...ඊටත් මූ මට හොරාවට කල්පනයව ආස්‍රෙ කරලද මන්දා...මුලින් මුලින් හීබිජ්ජා වගේ උන්න මගෙ නිම්නයා යකෝ කිව්වා මදිවට මට වේසයිත් කිව්වා...

මගෙ මූන රතු වෙනවා.....එකා ඇබරෙනවා...ගියර් එක උඩ තියන්නෙ ඕන කකුල් මෙකා ආයම මහ පොලවට තියාගන ඇස් ලේටරෙ කරකවන්නෙ නැතුව ඒක මිරිකන් ඉන්නවා....එක්කො කෑ ගහනවා....මරු මිනිහට මං මේ බයික් එක පදින්න උගන්නන්නෙ....

ගනින් ඔය අඩු දෙක උඩට.....

එතකොට වැටෙයිනෙ...

අඩු එල්ලන් යන්නෙ... මේක ෆ්ලයිට් එකක්ද...ෆ්ලයිට් බානකොට රෝද තුන එලියට දානවා වගේ අඩු එල්ලන් යන්නෙ....කෝ උඩට...උඩට.....හරිද...

හිමින්...උගන්නන්න්කො....බයින්නෙ.....

දැන්....ඔය අත හිමීට පස්සට කරකවන්න...හැඩල් එක අත අතෑරලා අත කරකවන්න නෙවෙ කියන්නෙ....ඇස්ලේටර් එක..ආ.....ඔන්න.....හරි.....ඔය මොකද උරහිස් දෙක උස්සන්...අනේ...අගෙ පිස්සු නිම්නයො....උඹ බයික් එකේ බරත් කරට අරන්ද ඉන්නෙ...රිලැක්ස් වෙයන්.....

බයයිනෙ....අර ගෙවල් පැත්තට යයි

කියලා .....

මං නලලට අත ගහගත්තා...මගෙ පිස්සු නිම්නයාහෙ මූන දෙක වෙලා..හරියටම පීනන්න බැරි එකෙක්ව වතුරට වීසි කරලා වගේ...ගෙවල් තියෙන්නෙ හැතැප්පමයක් එහා....ඒත් මෙකා නහිනවා...

හරි..මං අත උඩින් අත තියන්නම්.....හොදද.....

 හා.....අනේ...අතාරින්න...එපා..මයුර....

නෑ....අතාරින්නෙ නෑ....හිමිට අල්ලන්න....

ගියර් එක කඩපු මන් එයාගෙ අත උඩින් අත තියාගන හෙමීට ඇස් ලේටරෙ කැරකෙව්වා....අඩු දෙක උඩින් තියන් උන්නට මොකද ..ඒකා ඉන්නෙ මගෙ කකුල් උඩ....

දෙයියනේ කියලා එක විනාඩි පහකට හරි අමාරුවෙන් හැඩල් එක කෙලින් තියන් ඇස් ලේටරෙත් හිමීට අල්ලන් ආව එයාගෙ අත මං අතෑරියා විතරයි ඈතින් එන කැන්ටර් එක දැකපු මෝඩ නිම්නයා ඇස්ලේටරේ අත ඇරලා....අත් දෙකෙම්ම මූන වහගත්තා...

...ඒ..ඒ...අනේ...මයුර...ටිපර්....එකක්.....ට්..ටිප.....ර්

.මෝඩයා...එක කැන්ටර් එකක්.....ටිපර් එකක් නෙවෙ....අල්ලපන් හිමීට ..ආය මූන වහගන්නෙ නැතුව....

එයා ආයම ඇස් ලේටරෙ අල්ල ගත්තා....ඒ අත උඩින් මම ආයම අත තියාගත්තා....කොච්චර අමාරු උනත්...අම්මෙක් දරුවන්ට වැටි වැටි නැගිටින්න කියලා දෙනවා වගේ මං මගෙ නිම්නට හිමි හිමීට ඉගැන්නුවා....

මුලින් මුලින් බය වෙලා උන්න එයා අවසානෙදි මගෙ පපුවට හේත්තු වෙලා....උස්සන් උන්න උරහිස් හරි හිමීට පහත දාගන එයාවම සංසුන් කරගන්නකොට මං දශමෙන් දශමෙ එයාව අතෑරියා....

ඔයාව මං විස්වාස කරනවා...වස්තුට පුලුවන් ඉස්සරහට යන්න.....

මං එච්චරයි කිව්වෙ...එයාගෙ අත් උඩ තිබුන මගෙ අත් මං සම්පූර්නම අහක් කරනකොට නිම්න හරි හිමීට .ඉස්සරහට ගියා....

එයාගෙ ගාව සුවදයි...මගෙ උරහිසට නිකට තිබ්බ එයාගෙ උරහිස උඩට මම නිකට තිය ගත්තා.....එයා මාව බදා ගත්තු විදිහට මම එයාව බදා ගත්තා.....මෙච්චර වෙලාම බයෙන් උන්න එයාගෙ මුනෙ ලස්සන් හිනාවක් ඇදෙන හැටි මං සයිඩ් කන්නාඩියෙන් බලන් ඉදලා ඒ මූනට හාදුවක් තිබ්බා....

මේකට තමයි ආදරෙ කරනවා කියන්නෙ....

වස්තූ....

ම්ම්ම්...

ඇතිද .....ඇති වෙනකන් වතුරෙ නැටුවද .....

ම්ම්ම්ම්ම්....

ඇයි දුකෙන් වගේ.....

ජීවිතෙ හරි ලස්සනයි නේද නිම්න....විදින්න දේවල්..හුගායි.....ඒත්....මට...මේ මොකුත් තිබුන් නෑ.....

.එයා නැටුවා....කෑ....ගැහුවා...වතුරෙ නෑවා...මම නෙවෙ එයාට මොනවත් කිව්වෙ...මන් කරපු එකම දේ එයා දිහා බලන් උන්න එක...සිල්ලු කොල වහගත්තු කහපාට මුදුහු වෙරලෙ වැල්ලෙ ඉදගන මං කෙරුවෙ වතුර නාන එයා දිහා බලන් උන්න එක....අවසානෙදි නටලා ආව එයා එක්ක එහෙම්ම සිල්ලු කොල ඇතිරිල්ල.උඩ දිගා උන එක.....

එයා කියවනවා..ඩයරිය පපුවට තුරුල් කරන් උන්න එයා හරී හිමීට මුමුනවා.....ජීවිතෙ ලස්සනයි කියනවා...කවදාවත් විදින්න හම්බ උනේ නෑ කියනවා.....මගෙ අත උඩ ඔලුව තියන් උන්න එයා උන්නෙ සම්පූරනම මූදු වතුර නාලා.....

අනූ...නිම්න...කවදාවත් ...මෙහෙම ඇවිල්ලා නෑ....

නිම්නට....නිදහස....තිබ්බෙ...හුස්ම...

ගන්න...විතරයි...ඒත්....අවසානෙදි ....ඒකත්....නැති කෙරුවා .....

අනූ...දම්පාට අහස...මෙච්චර ලස්සනද....

එයා කියවගනම ඉන්නවා....මම නෙවෙ ඒත් මැදින් නැවැත්තුවෙ....අද රෑ අපහු අපි එයාගෙ ගෙදර යන්න ඕනා.....ඒත්...ඊට කලින් මට එයාගෙ අම්මගෙන් දෙයක් අහන්න තියනවා....මට බලන් ඉන්න අමාරුයි....එයාට මොනව හරි උනත්...මට එයාව බෙරගන්න විදිහක් නෑ...වේදනාත්මක සිදුවීම්...හැම වෙලේම.මට කලින් ඉස්සර වෙනවා.....මට ඕනෙ නවත්තන්න.....මට ඕනෙ එයාව බේරන්න.....ඒත් .එයාගෙ අම්මා කියනවා.....අපිට තියෙන්නෙ බලන් ඉන්න කියලා .....අපිට තියෙන්නෙ...මේ සමාජෙ එයාලට කොයි තරම් වද දුන්නද කියලා බලන්.ඉන්න කියලා ....

වස්තු...

ම්ම්ම්ම්.....

ඒ මනුස්සයා උඹගෙ මහන්සිය විකුනන් කනවා වස්තු ..හත් පාට.....ඒක උඹගෙ...ඒ කතාව ඒ මහන්සිය...උඹගෙ නිම්න ....උඹව මැරුවා මදිවට.....උඹගෙ වචන වලට උගෙ නම පොරවලා මගෙ නිම්න...

....නිම්න....අප්පච්චිලාට පුලුවන්ද .....දරුවන්ට වෛර කරන්න.....මොනම හේතුව....උනත්.....එයාලට බෑනේද....අපිට වෛර කරන්න....අවසානෙදි .....එයා මගෙ මහන්සිය පවා....හොරකම් කරන්න අරගන ..ඒක..මං දන්නවා...අනූ....එයාගෙ මුල් කතාවල විදිහ නෙවෙ...දැන් තියෙන්නෙ....වචන...හැගීම්...පරස්පරයි.....

ඔයාලා...එ පොත් වලට මොකද කෙරුවෙ.....

. අවසානම පිටුව ඉරල දැම්මා.....ඒත් ....අපි කීයක කියලා නම්පිටු ඉරන්නද.....

මං හිතන්නෙ වස්තු ...පිටු ඉරනවට වඩා.....හොදයි ..මමම ..එ මකර කටට පනින එක....

අ...අනූ....එ..එපා...මයුර....අනේ...එපා...ඒක...කරන්න...එපා...කතා...කරන්න...කියලා...එක්ක...ගියපු...කිසිම...කෙනෙක්...ආපිට...ගෙදර....ගියෙ...නෑ..

අයුර.....එපා...එපා.....

ඒයා බය උනා.....එයා එක පාරම නැගිටලා ඉදගත්තා.....එයාගෙ අම්මා කියපු විදිහට නාසි කදවුරක් වගේ කඳවුර ක් නිම්නගෙ අප්පා කියන තිරිසනාටත් තිබුනා...හිටලර් කෙරුවෙ යුදෙව්වො මරලා ජර්මනිය සුද්ද කරපු එක වෙනකොට ...එයාගෙ අප්පච්චි කෙරුවෙ එකම වර්ගෙට ආදරෙ කරන උන් අල්ලන් ලංකාව සුද්ද කරන්න හදපු එක...මිනිහා තනි එකෙක් නෙවෙ....මිනිහා ඉන්නෙ තව කල්ලියක් එක්ක...

මට කරන්න පුලුවන් එකම දේ....මමම ඒ නම්බර් එකට කතා කරන එක....

මුලින්ම...ඒ මිනිහගෙ රසිකයෙක් වෙන එක....

පස්සෙ...ඌට කතා කරන එක....

ලියුම් ගනු දෙනු කරන එක.....අවසානෙදි සමරු සටහනක් ගන්න මිනිහා ලගට යන එක...

ගිහින්...

මන්දා....එතනින් එහා.....එතනින් එහා....

වස්තු...

.....එපා...අනූ

අහන එකට උත්තර දෙන්න...අහන්න කලින් එපා ගාන්නෙ නැතුව....මට උඹව නැති උනා.....උඹ වගේ තව කීයක් උන් මරයිද නිම්න.....මේක පාපයක් ගගා.උන් කී දෙනෙක් එකතු වෙලා කීදෙනෙක්ව උන්ගෙ වදකාගාරෙ අස්සෙ මරයිද නිම්න.....උඹගෙ අප්පච්චි උඹව පිලි නොගත්තට....හැම අම්මා අප්පච්චිම ඒ තරම් නරුම නෑ මගෙ නිම්න....

අපි මේක නවත්තන්න ඕන...ඒක නෙවෙද....උඹලා අපෙන් බලාපොරොත්තු වෙන එකම සදාරනේ...ඒක නෙවෙද වස්තු....තව කීයක් උන් බිලි ගනීද....උඹට රිදවන උන් වෙනම මගෙ ලැයිස්තුවෙ ඉදීවි....ඒත්.....හැම මලම අකාලෙ පර උනොත්...කෝ මගෙ නිම්න දේදුන්නට පාටක්....

ඌ පොත් අස්සෙ ලියන ආදරෙට් ඇයි යතාර්තෙදි සාදාරනයක් කරන්න අමාරු...උගෙ පොත් අස්සෙදි ඌ ලියනව ....දේදුනු පාට ආදරෙත්....උත්තරීතරයි කියලා.....

එහෙම ලියපු ඌම...ඇයි වස්තු....යතාර්තෙදි....ඒක සාපයක්....ඒක පාපයක් කියලා හන්වඩු ගහන්නෙ...මිනිස්සුන්ගෙ හැගීම් විකුනන් කාලා මදිවට....ඌ මේ කරන්නෙ හේතු නැති පලි ගැනීමක්නෙ...????

එහෙම කරන්නෙ...ඇයි මගෙ නිම්න...

ඕනම වෛරයක් පලිගැනීමක් පස්සෙ....හේතුවක් තියනවා මගෙ වස්තු.....කොහෙවත් නැති එකෙක්ට කරටි කැඩෙන්න ගහපු එකම හේතුව...මගෙ උඹව ඉවරයක් නැතුවම රිදවපු එක....මට ඌව මරලා දාන්නත් හේතුවක් තිබුනා....

උනුයි උඹගෙ ආත්මෙ මැරුවෙ.....

උනූයි උඹලගෙ හුස්ම උදුරන්න පාර කැපුවෙ....

මට කියපන් මගෙ නිම්න ....උඹගෙ මහ එකා...උඹලට මෙහෙම රිදවන්නත්.....අනිත් මිනිස්සුන්ගෙ ජීවිත නැතිනාස්ති කරන්නත් එකම හේතුව මොකක්ද ....

එයා ඔහේ බලාගන උන්නා.....එක අතකට එයාවත් දන්නෙ නැතිව ඇති.....එයාලට මෙහෙම කරන්න හේතුව....

වස්තු.....

එයා රැලි ගහන මහ මුහුද දිහා වේදනාවෙන් වගෙ බලන් ඉදලා එයාගෙ අතෙ තිබුන ඩයරිය දිගෑරියා ...

මං මේ මගෙ අනූට මතක එකතු කරනවා....දවසක.....පපීට මේ පිටු ආයම කියවද්දි.....මන් ළඟින් ඉන්නවා වගෙ දැනේවි....මගෙ හිනාව....මාත් එක්ක ගෙවපු හැම මතකෙම මන් මේ පොතට තියලා රාමු කරන්නම්.....පපීට පුලුවන් මේ පිටු අස්සෙන් .....ආයම නිම්නව හොයා ගන්න...

ඔයා හදන්නෙ.....ඔයා වෙනුවට.....මට මතක පොතක් ඉතිරි කරලා යන්නද වස්තු.....ඔයා හදන්නෙ.....උඹ නැති තනි මේ පොතෙන් පුරවන්නද වස්තු...????

ම්ම්ම්ම්ම්ම්ම්.....ආදරනීය මතක...තනි රකීවි .....උඹව කවදාවත් තනි නොකර....

පොඩි නිම්න ලගත්....ඩයරියක් ඇති.....පොත් අස්සෙ....හෙට ගිහින් හොරාවට අරන් කියවන්න...

මල් නොපිපුන නිම්නයක් මල් පිපෙන දවස් එනකන් ඇගිලි ගනින හැටි ඒ පිටු අස්සෙ ඇති මයුර.....

ඒ පොත ඇතුලෙ තියෙන්නෙ බලාපොරොත්තුවක් .....එක්ක වේදනාවක් ...

ඒත් මේ පොත අස්සෙ තියෙන්නෙ...ජීවිතයක් එක්ක ආදරයක්.....

මට ඕනෙ....මිහිරැතිම මතක එක්ක ආදරෙන් සුවද උනු අකුරු ගොඩක්....ඔයාට තියලා යන්න....මයුරගෙ නිම්නගෙ මූනෙ හැමදාම හිනා බෝ වෙන්න ඕනෙ කියලා ප්‍රාර්තනා කරන්න.....

මැරෙන බව දැන දැන ජීවත් වෙන්න තරම්.....අපි හයිය නම්.....

නිම්නගෙ මයුරත්.....නිම්න නැති හෙටක් දරා ගන්න හයියවෙන්න....

දන්නවද .....මයුරට තමයි හොදම හදවත තියෙන්නෙ.....

එයා කියෙව්වා...හිනා උනා....ඇස් අස්සෙ කදුලකුත් මෝදු වෙලා තිබුනා...මගෙ හිත තල තල එයාම පැලැස්තර අලවනකොට මන් මගෙ සාක්කුවට අත දැම්මා.....එයා හිස් පිටුවකට ආදරේ අකුරු කරන්න ලෑස්ති වෙනකොට මන් එයාව නැවැත්තුවා ...මොකද .....මේකත් ඒපිටුවට අකුරු වෙන්න ඕන හන්දා...මධුසමයක් නැති කසාදයක් උනත්.....මොකද ...මට නිම්නව මගෙ කරගන්න ඕන උනා.....

වස්තු....අපි බදිමුද....

අ...අනූ....

....කැමති නැද්ද...අනූගෙ මහත්තයා වෙන්න....මල්ලි උනාට කමක් නෑ....මල්ලිලාට තමයි....අයියලාව ආදරෙන් බලාගන්න පුලුවන්ම....

ඔ...ඔයාට....මාව.....

උත්තරයක් දෙනවද....

එයාබය උනා....ඒත්...ආයම පුදුම උනා...ඒ ඇස් වල කදුලු නලියෑවා.....එයා වතුරෙ නටන වෙලෙ එයා දිහා බලන් ඉන්න ගමන් කැලෑ මලකින් හදා ගත්තු පුංචි මුදුව අතෙ තියන් මං උත්තර දෙනකන් බලන් ඉන්නකොට එයා මට අත දික් කෙරුවා ....කදුලු පිරුනත් මොකද ....මං මගෙ අතෙ තිබුන පුංචි මලක් පිපුන නටුවෙන් ගොතාපු මුදුව එයාගෙ අතට දාලා ඒ අතට හාදුවක් තිබ්බා.....

වස්තු කියන්නද .....හස්බන්ඩ් කියන්නද.... නැත්තන් .... මයුරගෙ පන කියන්නද....රොහාන්ගෙ බෑන කියන්නද.....කමනිගෙ ලොකු සූකිරියා කියන්නද

එයා හිනා උනා. ..කොල්ලට ලැජ්ජ හිතුනා ....මං එහෙම්ම නලලට හාදුවක් තියලා ඒ මූන බලන් මයුරගෙ හස්බන්ඩ් කියනවත් එක්ක එයා අත් දෙකෙම්ම මූන වහන් ඉදලා ඩයරිය ලියන්න ගත්තා ...

2023.... ...

ජීවිතෙ පලවෙනි පාරට මං වැස්සට පෙරාතුව දේදුන්නක් පායනවා දැක්කා...

දම්පාට අහස ලස්සනයි....ලැවැන්ඩර් සුවදයි ..... ...

මහ මුහුද හරි ගැඹුරුයි....මිනිස්සුන්ගෙ හැගීම් වගේමයි....පතුල කොයිතරම් දුරද කියන්න දන්න කෙනෙක් නැති තරම්මයි....

ජීවිතෙ සුන්දරයි.....ප්‍රේමනීය හෝරාවන් මිලෙන් අධිකයි...

අසීමාන්තික ආදර හැගීම් කැටි වුන රෝමාන්තික හාදු තැවරෙන්නෙම නලල් තල මත...හිතන්නෙ නැති මොහොතවල් වල....

... අවසානෙදි ....එයාව මං හොයා ගත්තා ....

මග ඇරුන ජීවිතේ මොනතරම් සුන්දරද කියන්න එයාගෙන් ඉගන ගන්න තරම් මන් වාසනාවන්ත උනා.....

මයුර . ..උඹව ලැබීමත්.....මං උඹගෙ වීමත් . ...මගෙ ජීවිතෙ මට ලැබුන ලොකුම භාග්‍යක්.....!

"මයුරගෙ නිම්න..."

ඉතින් ...,

අදින් පස්සෙ....මට නිකම්ම නිම්න නොකියා...මිලෙන් අධික මේ විශේශනෙත් එකතු කරන්න අමතක නොකර ඉන්න....

මම නිම්න....

මයුරනිම්න.....

(විවාහකයි...!)

ආදරේ උතුරන තරම්...

සුභ දවස් තිබුනා

වින්ද...

🥺.......ආය එන්නම් අනේ. ..හාත 

පයිස්සමින් ඉන්ඩ ...

ආතරෙයි ...ආතරෙයි ආ....තරෙයි....!

මම ජොබී

Nedeesha ...

More Chapters