LightReader

Chapter 6 - 06

මට කර කියා ගන්න දෙයක් නැති උනා ....තට්ටම පුපුරන්න පාර පිට පාර වැදි වැදි කිව්වම තොට ගත්තු දෙයක් ආපිට තියන්ඩ බැරිද. ....ඇදුමක් ගත්තොත් නමලා දාන්ඩ බැරිද කියලා වෙනකොට මං වැටි වැටි අර මුලු අල්මාරියෙම රෙදි නමන්න ගත්තා....

අනිත් පැත්තෙන් මට ඇඩුනා.....

බය...ඔක්කොටම හපන්...කට ඇරගන්න බෑ...අනිත් පැත්තෙන් කතා කරන එකා ඇහැට පේන්නෙ නෑ...

ගෑනියෙක් කියලා තේරුනත් කෝ දෙයියනේ මූන කට....කෝ දෙයියනේ....ඇගපත.....

ඊටත් කතා කරන වාරයක් පාසාම ගහනවා..වෙන කොහෙටවත් නෙවෙ...මං දන්නවා ..අනේ මගෙ තට්ටම දැන් ඉදිලා වැඩි උන ගස් ලබ්බක් වගේ ඥක්ක ඥරස් වෙලා ඇති.....

" ගනින් ඕක....නමපන් හරියට.....මං කිව්වෙ නමන්ට මිසක් උන්ඩි කරන්ඩ නෙවෙ..නමපිය"

 ආයෙත් වැදුනා...ආයෙත් වැදුනා....මට දුක බයට වඩා දැන් තරහව.....එක්කො මටත් කතා කරන්න අවස්තාවක් දෙන්න ඕනේ.....දොර ගාවට යන්නත් බෑ....දොරට අත තියන වාරයක් ගානෙම මට වැදුනා.....මුලු අල්මාරියෙම ඇදුම් නමනකන් මට ඒකි අල්ලන් ගැහුවා....

" දැන් දාපන් කලිසම් මෙතනට"

 ගුටිත් කාල කටහඩ නැතුව අඩලා...නය වෙලා වැලපිලා උන්න මං නිකන් විය ගහ කරට ගත්තු මී හරකා වගේ ...කලිසම් මෙතනට දාපන් කියනකොට ගුටි කකා නමපු ඩෙනිම් ඔක්කෝම මං උඩින් දාලා බලන් උන්නා....ඇයි කියනකන් අත තියන්නත් බෑ...ආයම ගහනවා....

කොහෙන් කතා කරයිද කියන්න දන්නෙත් නැති නිසාමට අත පයක් වත් වනා ගන්නත් බැරි වෙනකොට මං ඊලග විදානෙ හම්බෙනකන් මං පූසා වගේ නවපු රෙදි කද දිහා බලන් උන්නා...කවදා නමපුවද....අනේ.....අප්පච්චි ..ඉන්න තැනකින් වරෙල්ලකො....කොල්ලා ගුටි කනවා...

"බැනියම් දාපන් මෙතනට"

තත්පර ගානක් ගියා....මෙච්චර වෙලාම මීක් නැතිව තිබුන කාමරෙන් ආයම ඒ ගෑනු කටහඩ ඇහුනා....නිකන් නෙවෙ.....එහාටත් ඇවිදින සද්දෙ ඇහුනා...ආයම මෙහාටත් ඇවිදින සද්දෙ ඇහුනා....බැනියම් දාපන් මෙතනට කියලා කලිසම් ගාවට තට්ටුවක් දාපු මං හොර පූසා වගේ කදුලු පිහ පිහ බැනියම් ටික දැම්මා..ඒකත්...පාට පිලිවලට...කලු සුදු කහ රතු කොල දම් ඔක්කොම එක ගාවට...කලුන් නම් කලු විතරයි...ආය මැදට සුදු නෑ...

හරිනෙ....මං ආයම වට පිට බැලුවා....ඇද උඩ තිබුන ඔක්කොම ටී ශර්ට් ටික තියන්ඩ කියපු තැනින් තියපු මං ඊලග පාර බලන් උන්නා....ඒකි ආයම කතා කෙරුවා හැබැයි මට මැරෙන්ඩ හිතුනා.....

"කෝ ලන්කට්.....ඒ ටික දාපන් මෙතට....ඔය හිල් වැටිච්චා තියනවා නම් විසි කරපන්.....හිල් ලන්කට් දාපන් දැලි අල්ලන්ඩ"

සත්තයි මට මගෙ ඔලුව ගහගන්න හිතුනා බිත්තියෙ ඊටත්...ලන්කට්....දෙයියනේ ..අම්මා කියන්නෙත් උඹගෙ බොක්සර් කියලා..අප්පච්චි නම් අමුඩෙ කියලමයි කියන්නෙ...ඒත්...ඒ අප්පච්චි .....මේ කොහෙවත් යන මල පෙරේතියක් මගෙ පස්සෙ පන්නන් එනවා මදිවට අම්මා වගෙ මට ගහ ගහ අරකමේක කරන්න කියනකොට මං කොහොමද ඉවසන් ඉන්නෙ....ඇරත්...

ලන්කට්...ඒ ගෑනි කිව්වෙ එහෙම...හිල් තියන ඒවා විසි කරන්න කිව්වා....හිල් තිබ්බට මොකද...ගෙදරට අදිනවනෙ...ඒත් මං කියන්නෙ කොහොමද...

කෝ මගෙ කට.....

ඊටත් මේ ගෑනි ගහන පාරවල්....

හිල් වැටුනත් මොකද ගෙදරට අදින්න ආසම ජොකාව හරි අමාරුවෙන් පැත්තක තියපු මං ඒක දිහා බලන් උන්නා.....මේක අම්මට දැලි අල්ලන්න දුන්නොත් කලිසම ඔලුවෙන් දායි...

දැන් තියෙන්නෙ යට බැනියම්...ඩෙනිම් ළඟින් ටී ශර්ට් දම්මපු හන්දා මං යට බැනියමක් අරන් ජොක්කු ගාවින් තියලා හතර වටේට ඔලුව කැරකෙව්වා..හරියටම උඹට මේක පේනවඩ අහන්න....

"හ්.....ම්...ඔව්...යට බැනියම් ඔතන"

ඇති යන්තන්....එකක් හරි ගියා.....දැන් යට බැනියම් ඔතන කියපු එකී මං අහගගන ආයම වටේ කැරකෙනවා....කැරකි කැරකි ඉදලා ඇද උඩ තිබ්බ මේස් එකකට ඇන්නා....

"මේස්....හ්ම්...කෝ ගෙදරට අදින ඒවා.....හ්ම්....දාපන්....."

 මේස්...ගෙදරට අදින ඇදුම් ඔක්කෝම පිලිවලට අඩුක් කරපු මන් මීට කලින් හත් මාලුව වගේ තිබුන අල්මාරිය දිහා බලන් උන්න මං හරි ආඩම්බරේට මගෙ අත් දෙක සාක්කුවට ඔබාගන අල්මාරියෙ හැඩ බලනවා එක්කම ආයම මගෙ පිට මැදෑවට ඩෑස් එකක් වැදුනා මාව කොර වෙලා ගියා..... ගෑනි ආයම මගෙ ලගට ඇවිදින් ඔලුවට ඇන ඇන ආඩපාලි කියන්න ගත්තා...

" දැන් බලපිය මේකෙ පිලිවල.....ඇදුමක් ගන්නකොට එකක් උස්සලා එකක් ගන්...තියන ඔක්කොම ඇදලා අරන් ගුලි ගගහා වීසි නොකර.....මොකක් හරි හොයා ගන්ඩ බැරි උන ගමන් අම්මෙ හුම්මෙ ගානවා ඇස් කටේ දාන් බලන්නෙ....."

මට දැන් මාරයා....මේ ටික වෙලාවට මේකි මට කීයක් හැහුවද...ඇරත්...මොන රෙද්දට මගෙ පස්සෙ එනවද.....එක්කො....එන එක එකපාර මූනට පේන්න එන්න ඕනෙ....ඒ මොකුත් නෑ...හැංගි හැංගි ඉදන් අන දෙනවා.....නාන්න ගියහම එකෙක් බලන් ඉන්නවා..ඒ එක වනචරියෙක් ඒ....එලියට ගියහම වෙන එකෙක් ඉන්නවා....

ඒකි කියන එකට කට ඇරලා කතා කතා කරගන්න බෑ....එක්කො මගෙ කට අරින්න දෙන්න ඕනා....මටත් අත පය නැතුව නෙවෙනෙ....ඒඋනාට ඒකි කොහෙ ඉන්නවද මං දන්නවද.....????

සද්ද බද්ද මොකුත් නෑ....හැම දේම ඉවරයි....ඒකි ආපිට ගියාදො.....

මං හිමීට මගෙ කට අත ගාලා හූ කියලා බැලුවා....

නෑ.....අනේ දෙයියනේ මේකි ගිහින් තියෙන්නෙ මාව ගොලු කරලද....

අනෙ අම්මේ....අප්පච්චි ...හ්හ්

කොච්චර කට ඇරියත් මෙලෝ සද්දයක් නැති මම අනිත් පාර බය වෙලා එලියට දුවන්න හැදුනා....හැබැයි.....මගෙ කරුමෙ තවම ඉවර වෙලා නෑ....

දුවන්න හදපු මාව ආයම ගල් ගැහුනා...

අනේ දෙයියනේ මේකි ගිහින් නෑ.....මේකි තාම ඉන්නවා....මේකි තාම මාව කන්න ඉන්නවා.....

" කොහෙද උඹ ඔය දුවන්නෙ...?"

යන්න හදපු මං ඇරෙන්නෙ නැති දොර අගුලට අත තියන් එහෙම්ම උන්නා....

මට ඇහෙනවා..ඒකි මුලු කාමරේ පුරාවටම ඇවිදිනවා....

එහාට යනවා.....

ආයම මෙහාට යනවා....තියන්නෙ බර අඩි.....

තියන්නෙම බර අඩි......

" මෙහෙ වරෙන්...නැවියන් මෙතන....."

මං හැරුනා.....ඇද ගාවින් ආව තට්ටුව එක්ක ඒකි මට කියනව එතනට ඇවිත් නැවෙන්න කියලා...ඒ මොන මගුලටද.....

මම බයයි ...ඒක ඇත්ත....ඒ උනත් එතනට ඇවිත් දෙකට නැවෙන්නෙ....

මට බෑ..මරපිය මාව...ඊට වඩා හොදයි.....

වනචරී....උඹ මහ වනචරියෙක්....ලගට ඇවිත් දෙකට නැවෙන්නෙ කියන්නෙ.....

බයෙ පන යන්න ආවට මොකද ඒකි කියපු කතාව එක්ක මට මාරයා නැග්ගා...ඉන්නෙ කොතනද නොදැන මට ඒකිට ගහගන්නත් බැරි කමට මං අවසානෙදි මගෙ අඩි පොලවෙ ගැහුවා ...කට ඇරගන්න පුලුවන් කමක් තිබ්බා නම්....වෙව්ල වෙව්ල හරි බනින්න තිබ්බා උනත් ඒකත් බැරි වෙනකොට මං මගෙ තරහව අඩි ගගහා පිට කරන්න හැදුවා..ඒ ඒ එක්කම ඒකිටත් තරහ ගියා....

" අඩි හප්පන්නෙ මාව බය කරන්නද.....දැන් උඹට කිව්වෙ නැවෙන්න කියලා නේද.... වරෙන් මෙහාට...උඹට කලින් දීපුවා නෙවෙ මන් අනිත් පාර දෙන්නෙ...."

මං දැන් පඹයා වගේ ..උන්නෙත් ඇද ගාව බිත්තිය දිහා බලාගන..කලින් දීපුවා නෙවෙ අනිත් පාර දෙන්නෙ කියපු එකී මට "සාම්පල් ඩෑස්"එකක් දීලා ඇද ගාවට තල්ලු කරනකොට මං ඇද ගාව දෙකට නැවුනා.....

" බලපිය....ඔය ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා ...ඇද...යටින්...එකයි...තේ කෝප්ප.....ගන්....ගන් ඔක්කොම එලියට .....හෙට ඉදන් පොල් කට්ටෙ බොන්න ආස නම්...තියපන්..."

මට දුවන්න හිතුනා.....මට මගෙ අම්මවත් සැක හිතුනා..මාව හදාගන්න බැරි කමට අම්මා හූනියමක් වත් ගෙන්නුවද හිතෙන තරමට මට අම්මව සැක හිතුනා...

ඇද යටට බඩ ගාපු මං ලන්කා පිගන් සංස්තාවෙන් නිකුත් කරපු පලවෙනි කෝප්පෙ තරන් පරන කෝප්පත් උස්සන් හිටගන්නකොට ඒකි මාව කුසියට පලයන් කියල තල්ලු කෙරුවා ..

"ඔය ඔක්කොම අරන් පලයන් දැන් කුසියට ....."

යන්නෙ කොහොමද ඉතින් දොර වහලනෙ.....දොර ගාවට ගිහින් මන් රවාගන වගේ වට පිට බැලුවා...දොරට පයින් අනින්න හදලත් ආය කෝප්පෙකින්ම කෙලලා අරී කියන බයට මං දොර ගාව හිටන් ඉන්නකොට දොර ඇරුනා වගේම කෝප්පා ටිකත් එතනම දාලා දුවන්න හදපු මට හිස් මුදුනටම ටොකු පාරක් හම්බුනා විතරයි මං වයින් කරපු එකා වගේ කුසියට යනකොට මං බලාගන කමනි ඔලුවෙ ඉදන් ටීවි එක බලනවා.....කැඩුනත් මොකද...කමනි බලනව...

අනේ....අම්මෙ...

කුසියට යන එක නවත්තපු මං කටින් කතා කරගන්න බැරි කමට උඩ පනින්න හැදුවා...කෝප්පා ටික එකට සද්ද කරනන හැදුවා.....ඒත් මං අද අසරනයි ..මං නොසෑහෙන්නම අසරන වෙලා ගිහින්...

කරගන්න දෙයක් නැතිම කමට අම්මා ගාවට යන්න් හදපු මං ආයම ඉහලට හූල්ල හූල්ල් ගිහින් සින්ක් එක්ට කෝප්ප ටික අතෑරලා දාල හැරෙන තැපෑලෙන් දිව්වා විතරයි මට මතක....

කිව්වට විස්වාස කරන්න අරකි මගෙ බැනියම් කරෙන් ඇදලා ගත්තු පාරට මගෙ ආදම්ගෙ ඇපල් ගෙඩිය දෙකට මැදින් වෙන් වෙන්න ආවා....

"කොහෙද ඔය මාරු වෙන්නෙ...මෙහාට වර.....මාරු වෙනවා...ඉන්නවනෙ මෙහෙ දාසියො ..අතට පයට වැඩ කරන්න...හෝදපිය..අත පය කොර වෙලාද..."

 අනේ ඇයි දෙයියනේ...ඇයි...ඇයි මටම මෙහෙම වෙන්නෙ... ...මොන වරදක් කරාටද...කාට කෙරුවටද....මොකටද.....

මට තිබුන තරහවටම ලග ඉදන් මුමුනන එකීගෙ මූන හොයා ගන්නත් බැරි කමට තරහව පිට දාන්න විදිහකුත් නැතුව මං ටැප් එක ගැලවිලා යන්නම වතුර ඇරියා ....ආයමත් ඩෑස් එකක් වැදුනා.. 

ඇයි යකෝ මාව දැන් මැරෙනවා.....

"හිමීට...හිමීට වතුර ඇරු.....කාබාසිනියා කරනවා..ඔව් උඹලට මොකද ඉන්නවනෙ මෙහෙ ගෙවන්ඩ....."

ගුටි කාපු මං ආයම වතුර නූලටඇරියා ....කෝප්පයක් ගන්නවා ....හෝදනවා....රාක්කෙට නවනවා....ඒ එකකම අරකිඅර හෝදපු කෝප්පා ටිකා අයම සින්ක් එකට හැලුවා....

මොන...ලබ්බක්ද...මේ.....

කටින් කතා කරගන්න බැරි මං ඒකිට පේන්න හතර වටටම රව රව මුරන්ඩු කමට හෝදන්නෙ නැතුව උන්නා...මරපිය මාව....මරපිය .....මං නෙවෙ හෝදන්නෙ.....මරපිය.....

" ගාපන් සබන්....වතුරෙන් අල්ලලා තියනවා...ඕක පන ඇතිව අතුල්ලපිය....කෝපි බදාම අඩියම අල්ලල....."

මොනව කරන්නද...මුරන්ඩු කමට උන්නා උනත් සබන් බෝතලෙ උඩට ඉස්සෙනවා එක්කම මං ආයම කෝප්පයක් අතට ගන්නවා එක්කම දියර සබන් තලියක් කෝප්පෙට වැටුනා....

මේකි නම් යුද්දෙ කාලෙ ආමි එකේ ඉදලා මැරුන එකියක්ද කොහෙද....ඇයි යකො...තිතටනෙ ඔක්කොම....ටක්කටෙම මේකි කෝප්‍රල් කෙනෙක් වෙන්න ඇති....

හරි ..ඔන්න...ඔකොම හේදුවා මගුල.....

හෝදපු කෝප්ප පිලිවලට තියපු මං දැන් අත් වල වතුර පෙර පෙර බලන් උන්නා.....

"හරි...දැන් පිහපන් සින්ක් එක....."

ඔන්න..ආයම අනක්...ආයම විධානයක්.....

මං ස්පොන්ජ් කෑල්ල මිරිකලා අරන් මුලු සින් ඒකම පිහදල ඕන මගුලක් කියලා දොර රෙද්දෙන් අත පිහදාන්න ගත්තා ...මං හිතන්නෙ මගෙ ජීවිතේ උපන් දා ඉදන් මෙ මොහොත වෙනකන් වෙච්ච හැම සිද්දියක්ම මතක් වෙන තරම් සැර ඩෑස් එකක් ආයම මගෙ තට්ටම හරහා ගියා මගෙ ඇස් වලින් කදුලු බේරුනා...

අනේ...හ්...අප්පච්චි ...අම්මා...හූනියන්....කරලා....ඉලන්දා...රියට....!

" තොට...මම..පිහපිය ගිහින් අත් දෙක රෙදි කෑල්ලෙන්....දොරෙ රෙද්දෙ අතුල්ලනවා අත් දෙක.....මකනවා උඹව මම....."

අරකි බනිනවා...අරකි පුපුර පුපුර බැන්න විතරක් නෙවෙ ....මගෙ මූනටම අත පිහන රෙදි කෑල්ලකින් දමලා ගැහුවා....අවසානෙදි මං අත්දෙක පිහන් ආයම ගුටි කන්න හයියක් නැති කමට මං අත පිහපු රෙදි කෑල්ල පුටු ඇන්ද උඩ දාලා "කෝප්‍රල් හූනියම" ඊලගට අණ දෙනකන් බලන් උන්නා.....

" හරිද...හ්ම්....උඹට අහන්න දෙයක් තියනවද.....??"

අහන්ඩ දෙයක් තියනවද අහන්නෙ...මගෙ කට ගොලු කරලා..කට තිබුනා නම් මම උඹට කියනවා හොද කුනුහර්පයක් දෙකක්...ආය පලාතෙ නොඑන්නම....

ඇයි යකො කතා කරන්ඩ කියන්නෙ...මගෙ කට වහල තොට.....ම්....මේ...අනේ...අම්මෙ..

මගෙ...කට...වැඩනෙ.....

මං කටට අත තියා ගත්තා....මුලින් කොටස හිතින් කියපු මං අවසාන හරිය හඩ නැති කටෙන් කියන් ගියා විතරයි මට තුන් මුනින් දාඩිය දැම්මා.....අනේමේ කෝප්‍රල් හූනියම මාව මරනව දැන්....

"අහන එකක් අහපන්...උඹට තියෙන්නෙ මහ සවුත්තු කටක්...."

 සවුත්තු කටක් කියන්නෙ.....ඇයි වදේ....තමුන්....න්..නෑ...නෑ...ඇ..ඇන්ටි..

කියලා...කියන්නම්..නේ...ඔයාට ..අපෙ....

අම්මගෙ...වයස....වත් ඇතිනෙ...මට මෙච්චරයි ඇන්ටි දැන ගන්න ඕනෙ...මොන...ලබ්බට...නෑ...මොන...

හේතුව උඩද මට මෙහෙම වද දෙන්නෙ.....

මම මොනවා කෙරුවටද.....මං කරපු ලබ්බකුත්...නෑ..මං කියන්නෙ මම කරපු වරදක් නැතුව ඔහේට මාව මෙහෙම පාගන්න අයිතියක් නෑ.....මොන හේතුවටද මට මෙහෙම කරන්නෙ...පස්සෙ පන්නන්නෙ....????

අනික මට ගහන්න.....මගෙ අම්මා අප්පච්චිද...නෑනෙ...??

මගෙ ඉන්ශුවරන්ස් එකටත් වඩා ශුවර්...මං මොකෙක්ට වත් වරදක් කෙරුවෙ නෑ....ඔහොම කරන්ඩ එපා...මං හරි බයයි යකො...!

මෙච්චර වෙලාම මගෙ කට වහලා තිබ්බටයි.....මට ගහපුවටත් එක්කම මං ඇහැට නොපෙනන කෝප්‍රල් හූනියමට ගේම කෝල් කරලා අවසානෙදි කට පියාගන එතන තිබුන වතුර බෝතලේ කටෙ තියන් බොන්න්න් ගත්තා විතරයි මට වතුර පිට උගුරෙ යන්න පාරක් වැදුනා.....

"ඌරා වගේ කට ගහන් බොනවා...ගන් වීදුරුවක්...ගනින්...ගනින් වීදුරුවක්.... උඹ අහන ඒවට උත්තර ....නෑ...වෙලාව ආවම...මං උඹගෙ ප්‍රශ්න වලට උත්තර බදින්නම්....පරිස්සම් වෙලා ඉදපන්....කටක් හොලවන්නෙ නැතුව.....උඹ...පරිස්සම් වෙලා හිටපන්.....උඹගෙ ඔය කට මං තලනවා කටක් හරි හොලවල තිබ්බොත්....තේරුනානෙ....."

ම්න්....

මං නෙවෙ ආය මීක් ගෑවෙ....වතුර බෝතලෙ කයෙ ගහන් බිව්වට පස්සෙ ඒකි මට බනින්න ගත්ත විදිහ එක්ක මන් මගෙ බ්‍රේක් නැති කට පියා ගත්තා....

ඒකිත් මට සවුත්තු කට කිව්වා ....

අරකත් මට සවුත්තු කට කිව්වා.....

"මම කියපු එක උඹට තේරුනා නේ..."

ඔව්....ඉතින්....ඒකටනේ...ම්න්...ගැවෙ...

ඇයි ...යකො.....රිදෙනවා අනින්නෙ...ගහන්නෙ....ඇත්තමයි...න්න්..නෑ..නෑ...මොකුත් නෑ..මට තේරුනා.....අනේ ..අප්පච්චි .....

මං උඹව අප්පච්චිට කියනවා..හැබැයි....

රිදෙනවා..ඇනපුවා.....

මට දැන් ඇඩෙන්න වගෙ....අරකි එහෙන් මෙහෙන් ඇනපුවට උන ගන්න වගෙ පොඩි කාලෙ පුරුද්ද....පොඩි කාලෙ ඉදම්ම මගෙ ලෝකෙ උම්න එකම සුපර් හීරො මගෙ අප්පච්චි විතරක්ම වෙනකොට ඇහැට නොපෙනන අමනුස්ස පරානෙට බය වෙලා උන්න අවුරුදු විසිපහක මං ඉස්සර වගේම අප්පච්චිට උඹව කියනවා කියලා මගෙ කන අත ගගා ඇස්වල කදුලු පුරවගත්තා.....

"උඹට තියෙන්නෙ..මං කියන්නෙ මොනවද ..ඒක කරන්න....උඹට තියෙන්නෙ...උදව් කරන්න....හැබැයි...උඹ හැදුවොත් පැනලා යන්න....උදව් ඉල්ලන්න....මේ හැම දේම නරක අතට හැරේවි.....උඹට තේරෙනවනෙ....???"

ම්න්...

"පලයන්....දැන් ගිහින් ඇග හෝදපන්...මෙ රෑ නාලා මැරුම් කන්න හදන්නෙ නැතුව....."

ම්න්.....

මාව කුසිය මැදම ඉන්දවුනා....මෙච්චර වෙලාම මාව බාගෙට මරාපු අමනුස්ස පරානෙ කුසියෙ ජනෙල් පලුවක් තල්ලු කරන් යන්න යනකොට මං එහෙම්ම බිම ඉන්දවුනා...

මගෙ ඔලුව නෑ වගේ...මට විකාරයි වගේ ...අනේ...අම්මෙ....මට බෑ...මට නම්..තනියෙන් නානවා තියා නිදියන්ඩ වත් නෑ.......

කොල්ලො....ඉක්මන් කරකො...දැන් කීයෙ ඉදන්ද මං මේ හිටගන.....ශිහ් ....මං උඹටනෙ ගෑනු හොයන්නෙ.....කීපාරක් දැන් උඹ හූ තිබ්බද....

අනේ අප්පච්චි ...යන්ඩ එපා...සබන් ගාපු ගමන් ඉවරයි...අනේ...යන්න..නම්..එපා...අප්පා.....යන්න නම්..එපා...අනේ.....අප්පච්චි ..තරහා නැත්තන් මං කුනුහර්පයක් කියන්නම්.....?

උඹ මගෙන් කනවා කොල්ලා දැන්...කමනී.....මුගෙ තුවාය ගේනවා...උබ කවදාවත් හැදෙන්නෙ නෑ....අදත් තුවාය නැතුව නේ ආවෙ....උඹව හදන්නෙම ගෑනියෙක්....බලපන්කො.....

මං හිතන්නෙ මං කවදාවත් නැතුව අද හොරට ඇග හේදුවා..... කවදාවත් නැතුව මං ඇදුම් පිටින් ඇග හේදුවා.....

වෙන මොකටත් නෙවෙ...මම බාතෲම් එකට ඇවිදිනුත් හූ තිබ්බා....අම්මගෙ ෆේශ් වොශ් එක අදත් හොරෙන් ගාන්න ගියපු මගෙ ඔලුව කවුරු හරි එකියක් හිල් කෙරුවා.....

අනේ....දෙයියනේ....මේකිලා කීයක්ද...මාව මරව මරව රෙදි නවපු එකීගෙ කටහඩ නෙවෙ මේක ටිකක් ලාමකයි.....ඒකි බැන්නෙම තොපි වගේ හොර මල්ලිලා පේන්න බෑ...තොට අතපය නැද්ද තුවාය ගේන්න කියල අහ අහමයි...අනේ...මං කොහෙද ඒකිට මල්ලි වෙන්නෙ.....??

" බලන්න ගාපිය ඕක.....මට තොපි වගේ හොර මල්ලිලා පේන්න බෑ....."

"තොට අතපය නැද්ද නාන්න එනකොට තුවාය ගේන්න ...'

අ..ප්පච්චි.....

ඒපාර මොකද බන්....උඹ මට මේ බිල් ටික එකතු කරගන්න දෙනවද නැද්ද...කෑවා නම් බිව්වා නම් ගිහින් බුදියපන්කො කොල්ලො...ඇත්තමයි මයුරයා...උඹ ටැග් ගැහි ගැහි ඉදල හෙට වත්ත සුද්ද කරන්ඩ නොගියොත්නෙ...

මං උන්නෙ හේ බාගෙන...මගෙ ඇගට යක්කු සීයක් ගහලා වගේ...කෑවෙත් මං හොරට...අප්පච්චි කියනවා ගිහින් නිදියපන් කියලා ...මොන...මට මොන නින්ද යනවද....

කඩේ බිල් පොත් එකතු කරන අප්පච්චි ලගම තිබුන බියර් කෑන් එක ගත්තු මං බියර් උගුරක් කටේ හලාගන මගෙ කකුල් දෙක උඩට ගහගත්තා...මාව මැරුවත් මං නම් තනියෙන් නිදාගන්න යන්නෙ නෑ...

අප්පච්චි ...

ම්ම්ම්ම්ම්ම්

මගෙ කේන්දරේ ...ටිකක් බලවන්ඩ...බැරිද.....

ඒ මොකටද....ඇයි....උඹ අපිට නොකියා කොහෙන් හරි එකියක් හොයා ගත්තද.....

විකාරද අප්පච්චි ...විකාරද....

.එහෙනම් මොකටද කේන්දර....ගෑනුන්ගෙ ගෙවල් වලින් තමයි කේන්දර ඉල්ලන්නෙ...කෙන්දරේ ගැලපුන් නැතත් කෙල්ල ගැලපෙනව නම් අප්පච්චිට කියපන්...ඒකිගෙ කේන්දරේට ගැලපෙන කේන්දරයක් මං හදවලා දෙන්නම්.....

රොහාන් මොනවද රොහාන් ඔය කියවන්නෙ....විකාරද එහෙම...

කටවහන් ඉන්නවා කමනි....මමත් මගෙ කේන්දරේ මාරු නොකරා නම් තමුසෙටත් වෙන්නෙ අර පොලිසියෙ බඩාව බැදන් ඉන්ඩ තමයි...කොල්ලා...එකතු කරපන් මේ ගනන් ටික...

මං මගෙ අඩු දෙක තවත් අකුල ගත්තා..මට උන ගැනෙන්න වගේ....අප්පච්චිගෙන්මන් කේන්දරේ ඉල්ලුවෙ වෙන දේකට.....ඒත් කතාව අහවර උනෙ අප්පච්චි ගෙ පරන කෙරුවාවල් වල අවසානෙත් එක්ක වෙනකොට මං ඇස් දෙක අඩවන් කරන් කැල් එකට කොටන්න ගත්තා....

අර පන්සීයටම...තව එකතු කරපන්.....තව දෙසීය හැටක්....මේක නම් හරියන් නෑ කමනි.....

මං පලවෙනි බිල් පොතේ ගාන පොත උඩින් ලියලා අප්පච්චි දිහාව බලනකොට අප්පච්චි කලින් ගනන් එක්ක මේ බිල් පොතෙ ගනන් බල බල ඉදලා පෑන පැත්තකට දැම්මා.....

ඇත්ත....ඉස්සර වගේ නෙවෙ....දැන් මිනිස්සු කෑම දිහා බලලා සුවද විතරක් ඉහලට උරවන් යන්න යනවා....

කොහෙද....අම්මයි පුතයි මහ පාන්දරම ගිහින් ගහලා ආවෙ කතිරෙ ...දැන් හරිනෙ...අදුරු වලා පට අතාරින් නැගිට්ටද උඹලා දෙන්නා...

කමනි.....හෙට උදේට ගෑස් එනවා... ...මේපාර දෙකක් අඩුවෙන් ගන්නවා....බිස්නසුත් නෑ....ගෑස් පුපුරවන් මැර්‍ර්න්ඩ තමයි වෙන්නෙ....කොල්ලා...මේ මාසෙ උඹ ඉල්ලපු ගාන දෙන්න වෙන්නෙත් නෑ....යකඩ කෑලි ගන්ඩ කලින් කාලා බීලා ජීවත් වෙලා ඉන්ඩ එපැයි.....

මගෙ මුන දෙක උනා...ඒත් අප්පච්චි දීපන් දීපන් ගගා මට අප්පච්චි එක්ක වාද කරන්න හිතකුත් නැති උනා...ඔය කොච්චර බැන්නත් තියන වෙලාවට මොන අඩුපාඩුව හරි ගන්න කීයක් හරි අප්පච්චි අත මිටමෙලෙව්වා....ඒත් මේ මාසෙ බෑ....බාගෙට බාගයක් සමහර දාට ඉතුරු වෙනවා.....

ඉස්කෝලේ ලමයිට අවුරුදු ගානක ඉදන් මොන දේ ඉහල ගියත් 120 ට දුන්න රයිස් එකත් 150 කෙරුවා...ඒකත් කැමැත්තකින් නෙවෙ..මොනවා කරන්නද....බිත්තරේ ගනන් හැටියට..මස් බිත්තර ගන්නෙ මැක්සීස් එකෙන් උනත්...ඒකෙ වෙනසකුත් නැති වෙනකොට අතින් කාලා හරක් බලන්නද.....????

හවස පන්ති යන සේවියර් කොල්ලො එන්නෙම අපේ කඩේට...පව්.....තිහ උනත්....

අප්පච්චි මං මේ බාගෙ ගන්නවා.....

බිල් පොත් දිහා බලන් අම්මා එක්ක අනිත් දවසෙ මෙවා අඩු කරල මේව ගන්ඩ මේවා ගන්ඩ කියන අප්පච්චි ගෙ බියර් කෑන් එකේ ඉතුරු ටිකත් අරගත්තු මං හෙමි හෙමින් කාමරේට ආවා....

මගෙ ඔලුව පුපුරන වගේ....බයයි කියලා මට පුලුවන්ද අම්මා අප්පච්චි මැදට රිංගන්න...පව්.....අතපය දිගෑරන් නිදියන පැය දෙක තුන.....

කාමරේට ගියපු මං හිමින් සැරේ දොර ඇරියා.....

මීක් නෑ...හැම දේම සාමාකාමියි.....

මං ඇද රෙද්ද දිහා බැලුවා...එක රැල්ලක් හිටින්නෙ නැති වෙන්න මං ලව්වම හදවපු ඇද රෙද්ද....

නිදාගන්න ඕන කම තිබ්බත්.....හිතේ බයට මට නින්ද යයිද....

කාමරෙ ඇතුලට ආව මං දොර වහල මේසෙ උඩ තිබුන මගෙ බොක්ස් ගිටාර් එක අතට ගත්තා....

නින්ද යනකන් සින්දුවක් වත් කියනවා.....

මං ගිටාර් එක අරන් හිමින් සැරේ එක පාරක් බ්‍රා...ස් ගාලා අදින ගමන් ජනේලෙ ඇරලා බල්ලා ඉන්නවද බැලුවා ...නැත්තන් ඕකා රෑට උඩ බුරනවා....

රමනීයයි ඒ මදුර ජවනිකා....

වන පෙත එකලු කරයි කුරුළු ගීතිකා....!!!

 මයුරයා ..අඩො...අඩෝ.....සක්කිලි වැඩ කරන්ඩ එපා.....හුප්තො.....මේ බල උදාරයා..මං අලුත්ම ටිඔ ශර්ට් එක ඇදන් ආවෙ...

කිරි අම්මා දානයක් කියලා තෝ අපිව ලැට් වල් කප්පවන්ඩයි මේ මගුල් සුද්ද කරවන්ඩද එක්ක ආවෙ....

ඒ.....ඒ..හරි..හරි බන්....අප්පච්චි උඹලට උදේ දවල් දෙකටම කන්ඩ දෙනවනෙ.....මොකක්ද බන්...අනික ඔහොම කෑ ගහන්ඩ් එපා උඹගෙ කටත් ඉදිමිලානෙ...

පලයන් අඩේ යන්ඩ...උඹලගෙ ගෙදර කිරි අම්මා දානයක් කිව්වා වෙලෙව් ඉදන් ඉදන් සදුනියා කිරියා අරන් එන්න ගගා මැසේජ් එවනවා..මේ බල...මං ඒකිට කොහොම කියන්ඩද තෝ කිරි අම්මා දානයක් කියලා අපිව එක්ක ඇවිත් තියෙන්නෙ වතු සුද්ද කරගන්ඩ කියලා ...

කල්පනයට මල පැනලා.....මූව මුනින් අත වැටිලත් කට තාර පුකක් වගෙ ඉදිමිලත් ඒ කට නෙවෙ අඩු වෙලා තියෙන්නෙ....කිරි අම්මා දානෙ කියලා වත්ත සුද්ද කරන්ඩ එක්ක ආව වෙලේ ඉදන් මං මුන්ගෙ දෝශාරෝපනේට ලක් වෙන්ඩ ගත්තා.....අනිත් උන් නම් අඩේ.....අඩේ.....ධාතු වැඩ එපා කියලා අවසානෙදි කට වහ ගත්තා උනත් කල්පනයා නම් තාමත් කියවන් උන්නා...

වෙන මොකුත් නෙවෙ..ඒකගෙ සුදු අම්මි...ඒකිට කිරියා නැති එකට....

ඒකිට කිරියා ගිහින් දෙන්න කලින් ඕලෙවල් පාස් පේපර්ස් පොතක් අරන් දියන් .....

අරකගෙ කියවිල්ල අහන් ඉදල අහන් ඉදලා බැරිම තැන උදාරයා අර අඹ අත්තෙ තිබුන ඔන්චිල්ලාවෙ ඉදගන්න ගමන් කල්පනයට ඒකගෙ සුදු අම්මිට ඕලෙවල් පාස් පේපර්ස් ටිකක් අරන් දෙන්න කියනකොට මූ මෙහෙන් දෝනිව බලන්න එන්න වෙන්නෙ නෑ මයුරයගෙ ගෙදර ලැට් වලක් කපනවා කියලා මාව පාවා දුන්නා...

මයුරයා...

ම්ම්ම්....

කීයටද බන් එ මිනිහා යතුර අරන් එනවා කිව්වෙ...දාඩියයි ආ....දැන් නම්...ඉදගන්න තැනක් වත් නෑ....පිලේ ඉදගන්නත් බෑ...උඹලගෙ අප්පච්චි මේවා ගෙනත් දුන්නෙ කූල් පිට මේ බලපන් ෆැන්ටා එක දැන් කොදිච්චි වෙනවා...

මං උන්නෙ විසි කැත්තට මගෙ බර දීගන මගන්සි ඇර ඇර....මගෙ ඇගපතට පන නෑ වගේ....කොච්චර ආඩපාලි කියෙව්වා උනත් අරුන් ඇදන් ආව ටී ශර්ට් ගලවලා මා එක්ක හරියට වැඩ කර කර ගෙයි ගුන දොස් කිව්වා....

හැබැයි බන්...තට්ටු දෙකට තියන එකේ.....අතන මෙතන ප්‍රැක්ටිස් නොවී....උඹලගෙ ගෙදරම කරන්ඩත් ඉඩ තියනවා නේ මයුරයා....උදාරයලාගෙ ගෙදර බෑනෙ බන්...නංගි එක්සෑම් .....කල්පනයගෙ ගෙදර ඉඩනෑ....මෙ රවිදුවගෙ තාත්තට කොහොමත් අපිව පේන්න බෑ..පේන්නෙ නැද්ද මූව ගෙට කරන් හදන්නෙ...

මං අතේ තිබ්බ විසිකැත්ත පැත්තක දලා පැනි පාට රැවුල තියන අයිතිකාරයා ගෙදර යතුර අරන් එනකන් පිල උඩ ඉදගත්තා....

උන් කිව්වා හරි....අනිත් උන්ගෙ තැන්වලට වඩා අපේ ගෙදර නිදහස් ...ඇරත්....රවිදුගෙ ගෙදර ඉඩ තිබ්බත් උගෙ අප්පච්චි අපි එක්ක ඇරියස් ...අපිව පේන්ඩ බෑ.....අප්පච්චි හිටු කිව්වොත් එක තැන ගල් ගැහිලා හිටගන්න තරමට රවිදුවා බයයි...කී පෑඩ් එක ආය ඌට ගේමක් නැති උනත්....රවිදු කියන්නෙ හරි අහිංසක තැම්පත් කොල්ලෙක් වෙච්ච කොට ඌ අපි කියන හැම මගුලටම ඔලුව වැනුවා...

.කල්පනයා ඔය වතුර එක දාපන්.....අර නාකියා තාම නෑ.....

නලලෙන් පහලට වැටුන දාඩිය රැල්ලට ඔහේ පහලට ගලන්න දීපු මං කල්පන පාස් කරපු වතුර බෝතලේට කට ගහන්න හැදුවත් එකපාර නැවැත්තුවා....

ඔය වීදුරුව දීපන්...

මට උන ගැනෙන්න ආවා....පිට පුපුරන්න පුක පුපුරන්න කෑව පාරවල් වල සැර මතක් උන මන් වීදුරුවක් අරන් වීදුරුවට වතුර එකක් දාගත්තා.....

උදාරයා....අර අතන ඉන්න එකාව පේනවද.....

කොතන....

අර පාරට එහා පැත්තෙ කාක් බෝ ගහ යට ඉන්නෙ බන්...මං බලාගන මෑන් දැන් සෑහෙන්න වෙලා ඉදන් මේ පැත්ත බලන් ඉන්නවා....හැබැයි තාමත් ඉන්නවා...

වතුර බිබී උන්න මම නිකමට වගේ පාර පැත්ත බැලුවා...

මේ අර කෙල්ල ....

ඊයෙ රෑ මට මචන් කියලා කතා කරපු කෙල්ල නිම්නගෙ යාලුවා...

තනි කලු බයික් එකකට හේත්තු වෙලා ඉන්න ඒකි සාක්කුවට අත් දෙක දාන් මේ පැත්ත බලාගන ඉන්න ගමන් එකපාරම මට අඩ ගැහුවා...

හරිනෙ...ඔය කෙරුවෙ....

ඒ ඌ අඩගනනවා...මයුරයා...උඹටද මන්දා....

ඒ ඉන්නෙ කෙල්ලෙක් බව නොදැන උදාරයා මගෙ දිහාව බලන් ඌ අඩගහන්නෙ මට කියනකොට මොනා උනත් නිම්නගේ යාලුවනෙ කියලා හිතපු මං ගලවන් උන්න ටී ශර්ට් එක ආපිට ඇදගන ඒකි ගාවට ගියා...

ඔයා....මෙහෙ...

හ්ම්....ගෙ විකුනන්ඩ දාලා කියලා ආරන්චි උනහම ආවෙ....මචන් උඹලද මේ ගේ ගන්නෙ....??

මට නිකන් මොකක්ද වගේ..මේ කෙල්ල කොල්ලෙක් වගෙ උඹ බන් බොලන් ගානකොට මං ඒකිට ඔයා මෙයා කිව්වා...ඊයෙ රෑ දැක්කෙ අඩ අන්දකාරෙ උනත් මේ මද්දහනෙ ඒකිව හරියටම දැක්ක මට මොනවද කියන්න ඕනෙ හිතන්න බැරි උනා....ඒකි ගැන මට දෙන්න පුලුවන් එකම දේ...ඒකි තනිකරම කොලු බාගයක් කියන එක විතරයි .....ඇදන් උන්න හැම ඇදුමම කොලු ඇදුම්....කකුල ලොකු ඩෙනිමක් චෙස් ශර්ට් එකක්...කොන්ඩ කට් එක.....ඇහිබැමේ ඉර.....අතට බැදන් උන්න වොච....බයික් එක...මේකි තනිකරම.....සෙලිබ්‍රේටියෙක් වගේ....කොලු බාගෙ උනාට ඒකි ගැම්ම...ඒක මට පිලිගන්න වෙනවා...

ඔව්...අපි ගන්නෙ....ඒකයි මේ සුද්ධ කරන්න ආවෙ ....අයිතිකාර මනුස්සයා එනකන් බලන් ඉන්නෙ යතුර ඉල්ලගන්න...

මං පාර දෙපැත්ත බල බල අයිතිකාර මනුස්සයා එනකන් ඉන්නෙ කියනකොට ඒකි ඇහිබැමක් උඩ ඇරන් ගේ දිහාව බලන් උන්නා....

ජයවර්ධනයද....

ඔව්.....

ම්ම්ම්...මට ඌ එක්ක විසදගන්න ගනු දෙනුවක් තියනවා...බ්‍රෝ....කෝල් එකක් ගහලා බලපන්....ඌ දැම්ම එනවද....නැද්ද කියලා .....

අවංකවම මට පොඩ්ඩක් ලැජ්ජ හිතුනා.....බ්‍රෝ කෝල් එකක් ගහලා බලපන් කියලා කියපු ලයින් එකට මගෙ කනත් රත් උනා.....මොකද ..මේතාක් කාලෙකට මං දැක්කෙ හූනෙක් දැක්කත් හෑ....යියා...ගාන කෙල්ලො වෙනකොට මෙ කෙල්ල කියන්නෙ....මට වෙනම සබ්ජෙක්ට් එකක් වගෙ පෙනුනා.....

මං සාක්කුවට අත දාලා ඵෝන් එක ගත්තා.....

ඕකා..මගෙ කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ...අහන එකට උත්තර දෙන්නෙ නෑ...මූනට හම්බ උනාම මගාරිනවා.....ඒකා හරි ලේසියෙන් ගේ මාරු කරලා පවුල පිටින් රට පනින්ඩ වෙන්ඩ ඇති හිතන් ඉන්නෙ.....ඒවා කොහෙද බ්‍රෝ මා එක්ක....ඒකා යන ඕන මගුලක ගිය දෙන් හැබැයි...මට ඕන උත්තර ලැබුනම....

මං නම්බර් එක ඩයල් කරලා ඵෝන් එක කනේ තියාගන්න ගමන් කෙල්ල දිහා බලනකොට ඒකි බයික් එකෙ හැන්ඩල් එකට හේත්තු වේගන එකි හෙන නගරන් ලයිනක් අල්ලන ගමන් බබල් ගම් එකක් කටේ ඔබාගත්තා .හැබැයි එකක් මටත් දික් කෙරුවා...

ගන්නද ..එපා කියන්නද...

ගත්තොත් බබල් ගමක්..නොගත්තොත් එකිගෙන් වදන් පෙලක්.....

ඔන්න ඔහෙ ගමු....

තැන්කිව් .....මේ....ආන්ස්වර් කරන්නෙ නෑනෙ...

ආන්ස්වර් කරන්න දෙයක් නෑ මචන් ...අර එන්න්.....උපාසක ඩයල් එක....මචන්...සුදු ඇදගන...කලු එනව දැකලා නැත්තන්.....බලාගනින් ඕකව.....

මං ඔලුව කැසුවා....ඒකි ඇත්තටම පාතාල කල්ලියක එකියක්ද මන්දා...ඇතින් එන ජයවර්ධනයව දැක්කා විතරයි ....කටේ තිබුන බබල් ගම් එකෙන් බෝලෙකුත් පුම්බ පුම්බ දත් මිටි කන්න ගන්නකොට මටත් ටිකක් බයහිතුනා..මොකද යකා වගේ ලයින් ඇල්ලුවට මේකි කෙල්ලෙක්.....අතක් වත් ඉස්සුවොත් මට ඉන්න වෙන්නෙ හිරේ...ඇයි ඉතින් කාන්තා හින්සනෙ.....

ජයවර්ධනයා ආවා..හැබැයි....මිනිහගෙ මූන අමුතු උනා....ගේට්ටුවෙන් ඇතුලට දාන්න ආව බයික් එක ඇතුලට නොදා මගින් නවත්ට්ගපු ජයවර්ධනයා එන ඒමට මට යතුර දීලා අරකි ගාවට ගියා.....

උඹ මොකද මෙතන කරන්නෙ.....

හැමදාම අහන ප්‍රශ්නෙ අහන්න...කෝ නිම්නා....?මං අහන්නෙ...කෝ මගෙ නිම්නා...මං හැමදාම අහන්නෙ මේක...

උඹට මං එදත් කිව්වනෙ....නිම්නා රට ගියා....ඒකිව මං රට යැව්වා...අනික...මෙහෙ උඹගෙ නිම්නෙක් නෑ.....මං උඹට...ඒක එදත් අදත් හෙටත් කියනව...මගෙ දුවව අතෑරලා පාඩුවෙ ඉදපන්...

උඹගෙ දුව....ඒක පැත්තකින් දාමු.....දැනට.....මේකට උත්තර දීපන්...මෙච්චර ඉක්මනට...උදේ මාව හම්බවෙලා ගියපු කෙල්ල...හවස වෙනකොට රට යන්න....උඹ කියන්නෙ බොරුවක්...උඹ කියන්නෙ....අමූලික බොරුවක්...මං ඒකිව හෙව්වා....ඒකි ගියා කියලා කියපු දා එදන්...මං ඒකි ගියාද නැද්ද කියන එක පවා හෙව්වා.....හැබැයි...ඒකි ගිහින් නෑ....කෝ...මට උත්තර ලැබෙනකන්..මං එනවා....

උඹට මං කිව්වනෙ .....ඒකිව හොයන්ඩ එපා...කෑලි කපලා ගගේ මූදෙ එබුවත් ..මං ඒකිව උඹට දෙන්නෙත් නෑ....

යතුර ගත්තු මම තවමත් උන්නෙ එතන....ජයවර්ධනයා එනවත් එක්කම බයික් එකට හේත්තු වේගන උන්න කෙල්ල හැසිරුනේ නයාට අදුකොල ගානට වෙනකොට ඇහුවෙ මගෙ නිම්නා කෝ කියලා.....මගෙ නිම්නා...

නිම්න- නිම්නා.....

නිම්න කිව්වෙ.....මේ කෙල්ල එයාගෙ යාලුවෙක් කියලා ....එතකොට නිම්නා කියන්නෙ.....නිම්නගෙ අක්ක හරි...නංගි හරිද.....????

මං යතුර අතට මිරිකන් කල්පනා කෙරුවා .....

ලමයො...යතුර ගත්තා නම් ඕක අරන් යනවා...මෙතන ඉන්නෙ මොන මගුලටද.....කට දිහා බලන් ඉන්නවා

යතුර ගුලි කරන් කල්පනා කර කර උන්න මාව ගැස්සිලා ගියා.....ඒ ජයවර්ධනයා හන්දා...ලැජ්ජා හිතුනා.....ඒ වගේම මේ කෙල්ල ඉස්සරහා මට කතා කරපු විදිහට මට තරහා ගියා...

මිස්ටර් ජයවර්ධන ..... පලවෙනි දේ...එනවා යනවා කනවා බොනවා කියන්ඩ....මං තමුසෙගෙ ලමයෙක් නෙවෙ...අපි ගෙ ගන්ඩ පොරොන්දු උනා විතරයි .හැබැයි....තමුසෙගෙ කට හින්දා මට හිතෙනවා ඕනෙ නෑ කියලා .....මොකද ..තමුසෙ මට ඊයෙත් ලයිනක් ඇල්ලුවා..... අදත් එහෙමයි....කට බලන් ඉදලා කට කන්ඩ නෙවෙනෙ....ගන්නව මේ යතුර....මේ මගුලට වඩා....වෙන ගෙයක් නැතුව නෙවෙනෙ...

මං අරකගෙ යතුර ආපිට උගෙ අතට මිට මොලවලා එන්න හැරෙනවත් එක්කම එකගෙ මුන බලාගන ඉන්නකොට අලු පාට උනා..මං එහෙම්ම උදාරයලාට කෑ ගැහුවා.....

උදාරයා ....ගනින් ඔය ලට්ටපට්ට...අපිට මෙහෙන් ගන්න ගෙවල් නෑ..... 

ඒ...ඒ..ලමයො....දරුවො..... .......දරුවෝ.....

යක්ශනී...උඹ...මාව තවමත් කන්ඩ එනවද....???

ලමයො....මේ යතුර....!

🦚ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි...

🦚මම ජොබී...

Nedeesha ❤💐😘

More Chapters