LightReader

Chapter 39 - 39

මං බලාගන උන්නා මගෙ නිම්නයා කන්ද උඩ හිටගන දෙපැත්තට පැද්දි පැද්දි සාදරයෙන් අපි ජනත් කුමරුව පිලිගමු කියනකොට මගෙ ළඟ උන්න රවිදුවා වන් මෝර් බුංජියො...වන් මෝර් ගාලා කෑ ගැහුවා විතරයි මං ඒකගෙ පිට මැදට සට පට සත්තපඩි වෙන්න දෙක තුනක්ම දඹ දඹ ගාලා දීලා අතාරිනකොට කොටා ඇඹරීගන දෙකට නැවීගන ගිහින් බිත්තියක ඇලුනා...

ඌව්...හ්..පකො.....ගහන්නෙ....ඇයි යකො.....අම්මො...පෙනහැල්ලටමයි වැදුනෙ සක්කිලියො....රිදුනා..මයුරයා.....

තොට මාන්දමද....කෑ ගහන්නෙ...ඇහුනනන් එහෙම...මගින් මගටම මගෙ ඔලුව කකා අරකා මොනාද කිව්වේ...මීක් ගාන්ඩ එපා කියලා නේ.....තොපිට ඕනෙ මෙතන මැරිලා යන්නද.....

කොට එවුන්ට නම් මොලේ නෑ කියන්නෙ ඇත්තම තමයි නෙ සෙනෙ...ඒ උනාට ඌ කෑ ගහපු එක සාදාරනයි මයුරයා....ඌ කෑ ගැහුවෙ උගෙ සතුටට...වුබර්ට තිබ්බා මූට පස්සෙ වෙලාවක ගහන්න...බලපන් කාටද ආඩම්බර...

බෙල්ලට මාලයක් දාලා පිලිගන්නකොට.....බලකො...අනික අපේ බුංජියගෙ ගායන හැකියාව...මං නම් කියන්නෙ අපි හැකියාවට අත දීලා අගයන්න ඕනෙ....අපරාදෙ බුංජියව හිරුස්ටාර් යවලා.....ජනාව යවන්න තිබ්බෙ සිරස මෑන් හන්ට් එකට....නේ සෙනේ...

කටවහන් ඉන්නවද කල්පන....මයුර කියපු කතාව ඇත්තනෙ.....අරූ කෑ ගහපු එක ඇහුන නම්...මොකද කරන්නෙ....මෝඩ කම තිබ්බට ප්‍රසිද්ද කරන්න එපා බබා...මටත් එක්ක ලැජ්ජයි ගොනෙක් එක්ක යාලු උනා කියන්න

මගෙන් ඩෑස් පාර කාපු රවිදුවා උනුවතුර වැටුන ප්ලාස්ටික් බෝතලයක් එකට ඇකිලෙනවා හා සමානව ඇලීගන ඉන්නකොට උගෙ පැත්ත ගන්න ගියපු කල්පනයටත් උගෙ මිනිහගෙන් හොදි නැතුව අහගන්නකොය කල්පනයා උදාරයා දිහා රවාගන බලාගන උන්නා.....හරියටම පොර කුකුලෙක් වගෙ....

ගොනෙක්....උඹ මොකක්ද උදාර කිව්වෙ...මං ගොනෙක් කියලද...එහෙනම් මේකත් මතක තියාගනින් ...මැටි වලට එකතු වෙන්නෙ මැටි වගේ.....ගොන්නුට එකතුවෙන්නෙත් ගොන්නු...අනික ඔය තරම් උඩ යන්න එපා උදාර..මොකද...මම ඇවිදින් ගොනෙක් නම්...උඹ ඇවිදින් ගොනෙක්ගෙ චොයිස් එකක්...උඹ ඇවිත් ගොන් බදින කනුවක්

මෙන්න මෙහෙ වරෙන් රවිදුවා...ගොන්නු එක්ක මොන රිලේශන්ශිප්ද ඒක හන්දා....උඹගෙයි මගෙයි ලව් එක හබක්...ඕකෙ.....lets breakup උදාර...

හරියටම හරි... ..UBA උන් දෙන්නා එක පැත්තකට යනකොට මායි උදාරයයි එක පැත්තකට වැටුනා ..ඒකත් නිකන් නෙවෙ....උගෙ සම්බන්දෙත් නැවතුනා...මන්දන්නෙ නෑ..... මුන්ගෙ සම්බන්දෙ මේ කීවෙනි පාරද නැවතුනේ කියන්න..කොහොමද හරි අදත් ඒක නැවතුනා....ඒ කියලා උදාරයට නම් ගානක් වත් තිබුන් නෑ...ඌ හැසිරුනේ ඌ කල්පනයා එක්ක සම්බන්දයක් තිබුනද...නැත්තන් කල්පනයව දන්නවද කියලා දන්නෙත් නැතුව වගේ වෙනකොට රවිදුවා ගාවට ගියපු කල්පනයා මං අහගන අරූගෙ පලු යව යව සදුනිකාගෙ හොද කියන්න ගන්නවා....

මං හිතන්නෙ මගෙ පොඩි එකාට කියන්න වෙයි වගේ අද හෙටම තවත් වෙල්කම් පාටියක් තියන්න වෙයි කියලා...වෙනකාගෙවත් නෙවෙ කල්පනයගෙ....

අපරාදෙ....මං අර සදුනිකාව අතෑරියෙ.....ඒකි දාහකින් හොයා ගන්න බැරි ලස්සන කෙල්ලෙක්.....නේ රවිදු....

මට අරූගෙ කට ගිහින් ගලක අතුල්ලන්න හිතෙනවා මයුර...ඔය කටින්ම නේද ඕකා ඒකිට බඩුව කියලා බැන්නෙ....දැන් ඒ කටින්ම දාහකින් හොයා ගන්න බෑලු.....ඒකියන්නෙ ඒකිගෙ ගාන දාහයි කියන එක නෙවෙද මූ ඔය කියන්නෙ....එන තරහට මට මූව...

.ගනන් ගන්න එපා...ඕකා ඔය ඉල්ලන්නෙ අවදානෙ....අපේ එකත් ඔය සැරින් සැරේම මගෙ අවදානේ ගන්න ඒකගෙ යාලුවෙක් ගැන කියන්නෙ...මේ ළඟ මිනිපිට්ටනියක අයියෙක්ලු.....ඔක්කොටම කලින් ඔය අයියා කියන එකාව හොයන් ඕකගෙ වල කොන්ක්‍රීට් කරලා දාන්න ඕනෙ...ඕක එච්චර හිතන්න එපා..ඌව යාලු කරගන්න බැරිම නම් කියපන්...උඹලා අතර මොකුත් වෙන්නෙ නෑ කියලා .....එටකොට කුක්කා වගේ එන්නෙ....

ශුවර්ද....??

ම්න්....අපේ එකාට කල්පනයා කොන්ඩම් එකකුට් දීලා පොසිශන් පවා කියලා දීලා තිබුනා...

මුගෙ...මම...

හාහා කලබල නොවී ඉදින්....කල්පනයා මෝඩයා වගේ කියලා දීලා එවලා තියෙන්නෙ සමනල ආර ක්‍රමය ගැන...

මො..මොකක්..සමනල ආර.....??.යකො..ඒක ස්වීම් කරන විදිහක්නෙ....මයුරයා...ඒක ඇවිදින් .....ආයිශ්..මූ....ඇයි මේ...

ම්න්...කවද හරි උඹටත් මූට ගහන්න වෙන්නෙ සමනල ආර ක්‍රමේට....දැන් උඹ හිතන්නෙ....මූ ඕක කනෙ තිබ්බෙ අපේ පොඩි එකාගෙ කියලා විතරද...අපෝ...නෑ....රවිදුවගෙත් කනේ තියනවා...දැන් ඌට ඕන වෙන්නෙත් සමනල ආර එකක්....හිතපන්...හයයි හතර ඇදක මූනින් අතට හරවන් මූට සමනල ආරෙට අරිනකොට ....අවුලක් නෑ.....එකම තාලෙය විශාල ශබ්ධදයක් ඇහෙයි...ඔව්ව ගනන් ගන්න එපා....ඕකට මොකුත් කියන්නත් එපා.....උඹට මං අපේ අප්පච්චි අපේ කමනි එක්ක..... මෙච්චර කාලයක් පවුල් කාපු එකේ රහස කියන්නද...

අරහෙන් නිම්නයලගෙ වෙල්කම් පාර්ටි එක නැගලම යනවා....ඒක හිතන්න අමාරුයි....ඇත්තටම මෙහෙම දෙයක් වෙනව කියලා හිතන්න කොහොමත් අමාරුයි...මෙතන ඉන්නෙ හැමෝම ජනත් ගාවට එනවා....වැලදගන්නවා....අවසානෙදි ඔයා ආවෙ කොහොමද අහනව.....

ඔයාට දුකද අහනවා....

සමහරු ජනත්ගෙ පිටට තට්ටු කරනවා...ඔව්වා ඔහොම තමයි...අපි එක්ක ඉන්න බය වෙන්න එපා කියනවා...

ජීවත් වෙන මනුස්සයො තරම් හොල්මන් ජාතියක් ,හිත් පිත් නැති ජාතියක් මේ ලෝකෙ කොහෙවත් නෑ කියලා කියනවා...

මම උදාරට කියලා දෙන්න හැදුවෙ සර්තකව පවුලක් ගෙනියන්නෙ කියන එක වෙනකොට ....මගෙ කතාව සම්පූරනම නැවතුනා.....මොකද....මලවුන්ගෙ

ලෝකෙට අලුතින් ආව ජනත් වෙනුවෙන් ඒ අය හිත හැදෙන්න කතා ගොඩක් කියන හැටි මගෙ කන් වලට ඇහුනා.....

තමන්ගෙ එකම පුතා වෙනුවෙන් කදුලක් හෙලන්න බැරිව ගිය අප්පට වඩා මෙතන ජනත් වෙනුවෙන් තව තාත්තලා සෑහෙන්න උන්නා....

කනත්තට ආවම අපි කරන්නෙ අපේ කන්ද පරිස්සම් කරන් අනිත් කදු උඩින් පැන පැන යන එක...නැත්තන් ඔහේ පාගන් යන එක....ඒත්...මෙතන නෑ.....මලවුන්ට පවා වේදනාවක් දැනෙනවා කියන්න....ඒ කවුරුත් ඒ කදු උඩින් පැන්නෙ නෑ....ඒ හැමොම කෙරුවෙ වටින් ගියපු එක....දෙන්න තුන්දෙනා එකට එකතු වෙලා ගුලි ගැහුන තැන්වලදි ඉඩක් තියන කොතක් උඩ ඉදගත්තට පස් කදු විතරක් තියන අයගෙ කදු උඩ කවුරුත් කට්ටි ගැහුන් නෑ....

ඒ මිනිස්සු එක එකගෙ ආගිය දේවල් ආය කතා කෙරුවා....සමහරු එයාලගෙ වල් වැදුන කදු දිහා බලාගන එයාලට දැන් අපිව මතක නෑ කිව්වා...

අපි වෙනුවෙන් එක තත්පරයක් නෑ කිව්වා..බුදුන් ගාවදි අපි වෙනුවෙන් යහපතක් ප්‍රාර්තනා කරන්න එ කාටත් මතක නෑ කිව්වා....ඒත්....අපි ජීවත් වුන මුලු කාලෙම කෙරුවෙ දරුවන්ගෙ යහපත විතරක් ප්‍රාර්තනා කරපු එක විතරයි කිව්වා.....

ඉතින් අපි උන්ගෙ හීනවලට ගිහින් උන්ව බය කරලා හරි පින් ඉල්ලන එක වැරදිද ඇහුවා ...

මං බලගන මගෙ නිම්නයා දිලිසෙනවා.....එයා හිනා වෙනවා...ජනත් හින වෙනවා....මේක මායාවක්...හරියටම ඇස් බැන්දුමක් වගේ.....මලවුන්ගෙ සාදයක්....ඒක විස්වාස කරන්නත් පුලුවන් ...ඒත්..සීයට පනහක් විශ්වාස කරන්න බෑ වගෙ දෙයක් ...ඒත් මට සිද්ද උනා...මේක ඇත්තක් කියලා පිලිගන්න.....

උදාර...අර මොකක්ද.....

ජනත්ගෙ කෝට් එකට බැජ් එකක් ගැහුවා නේද.....

ඔව්...අර බලපන්...බුංජියගෙත් ඒකම තියනවා ...ඒක අර....දේදුනු කොඩිය නේද...

ඔව්.....ඒක.....

මලවුන්ගෙ ලෝකෙ එයාලව කොන් කරන්න කවුරුත් නෑ මයුර...ජීවත් වෙන උන්ගෙ ලෝකෙදි පිලිකුල් කෙරුවට...අඩි හයක් යට වැලලුනාට පස්සෙ.....තව දුරටත් ඒ කවුරුත් ජීවත් වෙලා ඉන්න මිනිස්සු මවපු ඔලුවට පීඩාවක් දෙන කිසිම රාමුවක් අස්සෙ කොටු වෙලා නෑ කියන එක නෙවෙද ඒ කියන්නෙ.....

ජනත්ට වගේම...බුංජිට මෙතනදි වත් සතුටක් ලැබෙනවා නම්....

මුල්ලක උන්න කල්පනයයි රවිදුවයි ආයම අපි ගාවට ආව.....උදාර කිව්වත් වගේ එයාල ජන්ත්ගෙ ඇදුමට කොඩියක් ගැහුවා.....ඒකක්ම මගෙ නිම්නගෙත් තිබ්බා...එතනදි කවුරුත් එයාලාව රිදෙව්වෙ නෑ.....කොන් කෙරුවෙ නෑ...කොටින්ම..එයාලා ඒ දෙන්නව අමුතු ලෝකෙකින් ආව දෙන්නෙක් දිහා බලන්නා වගේ බැලුවෙ නෑ...ජීවත් වෙලා ඉන්න කාලෙදි සමාජෙ මිනිස්සු එයාලට දුන්න තැන....උසද පහතද බැලුවෙ නෑ...හැමෝම උන්නේ එකම රේඛාවක......

මං හිතන්නෙ...ඔතනින් අපිට එකම දෙයයි උගන්නන්නෙ උදාර.....ජීවත් වෙන කාලෙ මොන කෙරුම් කෙරුවත්...මලවුන්ගෙ ලෝකෙදි...හැමකෙනාම එකම සමානයි කියන එක....

මං උදාර දිහා හැරිලා බැලුවා.....රවිදුව ජනත් දිහා...ජනත්ගෙ හිනාව දිහා ඇහිපිල්ලම්ක් නොගහ බලන් ඉන්නකොට මං තරහ උන කල්පනයගෙ පිටට එකක් ගහලා උදාරයට කතා කෙරුවා ....

උඹට අහන්න ඕනෙද මගෙ අප්පච්චි කියපු කතාව.....හැමදාම සතුටින් ඉන්න නම්...පුලුවන් හැම වෙලාවෙදිම ආදරෙයි කියපන්...උඹ වෙනුවෙන් කරන පුංචි කැප කිරීමකටම...ස්තූතියි කියපන්.....උඹට ආදරේ කරන්න තෝර ගත්තු එකට උඹ ආඩම්බර වෙනවා කියන එක කියපන්.....උඹගෙ ආදරේ හිමි කරගන්න ලැබුන එක උඹගෙ වාසනාව කියපන්.....ඒ වගේම...ලැජ්ජාවක් නැතුව.....පැකිලීමක් නැතුව...සමාව ඉල්ලපන්...ඒ වගේම සමාව දීපන්...

මම එච්චරයි කිව්වෙ...කියලා උන්ට උන්ගෙ රන්ඩු විසදගන්න දීලා එනවත් එක්කම මෙච්චර වෙලාම මලාවු ආත්ම අතරෙ එහා මෙහා ගියපු මගෙ නිම්න මගෙ ගාවට ආවා...

අනූ....ම්හුක්....

ඒ පාර මොකද.....සින්දුව ලස්සනයි කිව්වද වස්තු...

 ..යෝ....අනූ....හරි ඉල්ලුම අනේ.....චූචි බුංජියගෙ සින්දුවට හරි ඉල්ලුම.....කව්ද ලිව්වෙ ඇහුවා...මං ඉතින් කිව්වා මගෙ හස්බන්ඩ් කියලා .....ඒක නෙවෙ අනූ.....බුංජියලාගෙ පාටිය තව වෙලා යනකන් තියනවා අනෙ...

 මො...කක්.....තව රෑ වෙනකන් කියන්නෙ...උඹලාගෙ මෙ වයසක බල ඇනි තවත් රෑවෙනකන් ඉන්නවද...මුන්ට නිදිමත නැද්ද...ඇයි යකො....

....යෝ අනෙ... අද අපේ වැඩිහිටි සමිති වාරෙ...ඕකට උන්නෙ නැත්තන් දඩ ගහනවා....ඊටත්...ජනත් අයියව තරුන සමිතියට බදවගන්නත් එපැයිනෙ....මමනෙ අනේ...ලේඛම්.....අර වෙච්ච කෙරිච්චා ඔක්කොම ලියාගන ඊලග සමිති වාරෙදි ඔව්වා කියන්නත් එපැයිනේ...

ආ බුංජියො.....එහෙ විතරක් නෙවෙ...මැරුනමත් සල්ලි ගෙවන්න එපැයිනෙ....එහෙයි මෙහෙයි වෙනසක් නෑනෙ අඩේ....හරි වේසයි ආ...පුක ඉරන් සල්ලි හොයන එකේ කෙරවලක් නෑනෙ.....

ඒකට තමයි කල්පි කියන්නෙ...මැරෙනකම්ම කඹුරන්න ඕනෙ කියලා ....පේනවනෙ....මැරුනත් සල්ලි ඕනෙ...ඒකට මුල ඉතින් මේ රජය තමයි...අනික...මිනියක් වලදාන්නත් බද්දක් ගනී හෙට අනිද්දා....බිම් අගලක් උනත් සෑහෙන්න ගනන්නේ දැන්....

ඒකෙන් වැඩක් නෑ.....දැන් උඹ ගෙදර එන්නෙ කීයටද වස්තු....?බලපන්....මෙතනම එකයි....කවුරු හරි අපිව දැක්කොත් හිතයි යකො පෙට්‍ටි හොරකමේ ආව උන් කියලා ...

...ම්හුක් යෝ.....පෙට්ටි හොරකම කියනකොට මතක් උනෙ....ඔයාට පේනවද අනූ...අර අතන ලස්සන දිග ගවුම ඇදන් ඉන්න අක්කා.....

ඉතින්...

මෙච්චර පාන්දර මේ පිට්ටනියෙ ඉන්නව දැක්කොත් අපි පෙට්ටි හොරකමේ ආව උන් කියලා හිතයි කියනවත් එක්කම නිම්න මට කෙල්ලෙක්ව පෙන්නුවා...එ අර ගෑනු ලමයා.....අර මගුල් ඇදුම ඇදන් උන්න ගෑනු ලමයා....

...බලන්න ඒයි ඒ අක්කගෙ පෙට්ටිය පෙරේදා හොරකම් කරන් ගිහින් අනූ.....පෙරේදා රෑ ඇවිත් අක්කව එලියට දාලා උන් ඇවිදින් පෙට්ටිය අරන් ගිහින්.....මෙහෙ ඉතින් මුරට කවුරුත් නෑනෙ...පේනවනේ....මැරිලත් සැනසීමක් නෑ.....ඇයි අනූ මිනිස්සු මෙහෙම කරන්නෙ....මලකදක් තමයි...ඒත්....මැරෙන්න කලින් අපි හැමෝම හුස්ම ගත්ත එවුන්නෙ...සල්ලි වලට ඇයි අනූ මිනිස්සු මේ තරම් තිරිසන් වෙන්නෙ...???මල්ශාලාවෙන්මයි අරන් ගිහින් තියෙන්නෙ...ඕකම දැන් වෙන කෙනෙක්ට දේවි.....ඉතින් කොහොමද සමාදානෙන් සැතපෙන්නෙ.....?? දැන් ඕක අරන් ගිහින් වෙන කෙනෙක්ට දෙයි.....රටෙ හැම දේම ගිනි ගනන් ඒක ඇත්ත....ඒ උනාට ඇයි මෙ නැති එකාටම ඔහොම කරන්නෙ....

 මගෙ ලගට ආව නිම්නගෙ කතාව එක්ක අපි තුන් දෙනාම මූනට මූන බලාගත්තා...මැරුනත් සැනසීමක් නෑ...ඒ කෙල්ලගෙ පෙට්ටිය මල්ශාලාවෙන්ම ආපිට හොරකන් කරන් ගිහින්....මුන් මලවුන්ටත් වංචා කරනවා...මං නිම්න දිහා බැලුවා.....මේකා මේ නොකියා කියන්නෙ.....පෙට්ටිය ආපිට අපිට ගෙනත් දෙන්න කියලද....??

...ආ...ආ..බුංජියො....උඹ ඔය වහෙන් ඔරෝ කියන්න හදන්නෙ අක්කගෙ පෙට්ටිය ආපිට ගෙනත් දෙන්න කියලද.....??අම්මට සිරිම මයුරයා...හෙට ඉස්කෝලේ මදිවට දැන් පෙට්ටිත් ගෙනත් දීලා සාදාරනයක් ඉශ්ට කරන්නද කියන්නෙ මේ.....

අනේ...කල්පි....මායි ජනත් අයියයි අක්කට පොරොන්දු උනානෙ.....අනිත් අය වගෙ නෙවෙ...ඔයාල අපිට සාධාරනයක් කරයි කියලා .....වෙන කාට කියලා නම් කියන්නද.....අනික මේක පලවෙනි එක නෙවෙ....තවත් කාරනාවක්.....තියනව අනූ...ඒක නම්....අක්කා ඔයාලට කියන්නත් එපා කිව්වා....දැන් ඉතින් ඒක වෙලා ඉවරනෙ කියලා ..ඒත්.....මේවා අපි නොකියා බෑනෙ...මේවා අදටත් හෙටත් වෙයිනෙ.....මේ රට මහ තිරිසන් අනූ.....අනික...මට ඉන්නෙත් අක්කෙක්.....මගෙ අම්මත් ගෑනියෙක්නෙ....මේ රට සමාජෙ....හරි තිරිසන් මයුර...වෙන්න ඕන හැම සක්කිලි වැඩේම උනාටත් පස්සෙ කලු අකුරින් ලොකුවට ගහනව....නැවත අප අතරම ඉපදේවා කියලා ...මොකටද.....ආය පව් ගෙවන්නද...????

.මං රවිදුවා දිහා බැලුවා....අනිත් උන් දෙන්නා නාවත් ඌටයි මටයි පෙට්ටි හොරකමේ අනිවාර්යයෙන්ම යන්න වෙනවා...මොකද මලගිය ප්‍රේමවන්තයො දෙන්නා අක්කට පොරොන්දු වෙලා අපි උන්ට සාධාරනයක් කරනවා කියලා ...

ඒ අස්සෙන් මේ හැම දේම කියපු නිම්න ආයම මූන ඇඹුල් කරගත්තා.....එයා අවසානෙදි බනින්න ගත්තා.....අක්කා අපිට කියන්නත් එපා කිව්වලු...

වට් කේස් බුංජියො....මොකෝ අවුල...ඇයි අක්කට මොකද...මොකාද යකො අපේ අක්කට අනම් මනම් කරපු පරභ්භ්භ්...අතෑරපන්...සෙනෙ...භ්භ්....

චුට්ටක් කියනකන් වත් ඉදින්කො බබා.....මෝඩයා වෙන්න එපා කල්පන...පොඩ්ඩක් ඉදපන්කො.....

නිමනයා හම්බ උනත් හරි....හැමෝටම වෙන අසාදාරනේට විරුද්දව නැගිටින සාදාරන සංගමේට බැදුන කල්පනයා අක්කට වෙච්ච දේ කියන්නත් කලින්ම මරාගන මැරෙන්න හදනකොට උදාරයා උගෙ කට වැහුවා....

මොකක්ද වස්තු වෙලා තියෙන්නෙ...ඇයි ඒ අක්කට මොකද....එයා මොනවා වෙලාද නැති වෙලා තියෙන්නෙ...?

නැති වෙලා තියෙන්නෙ නම් හාර්ට් ඇටෑක් එකකින්.....එයාගෙ මරනෙට කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ අනූ.....ඒත්...එයාගෙ මරනෙන් පස්සෙ උන දේ අනුමතක කරන්න බෑ....ඒක මහ තිරිසන්....ඒක මහ ලැජ්ජ නැති හිත් පපු නැති වැඩක්

.මොකක්ද උනේ කියලා අපි අහන්නෙ.....මොන මගුලද අක්කට කරල තියෙන්නෙ...ආ වස්තු ...මොකක්ද උනේ.....

බුංජියො....උඹ කියන්න නම් එපා අක්කව පැයට පන්සීයට විකුනලා කියලා...

අපි තුන් හතර දෙනාම රවිදු දිහා බැලුවා...පැයට පන්සීය..????මං ඇස් හීනි කරගත්තා.....පැයට පන්සීය කියන්නෙ මොකක්ද...?

මොකක්ද රවිදු පැයට පන්සීය කතාව.....???

පැයට පන්සීය කියන්නෙ...බන්...ජීවත් වෙලා ඉන්න ගෑනු කරන අර ඉපැරනිතම රස්සාව තමයි....උන් පැයට දාහක් හොයනකොට .....සමහර මානසීක විකෘති අසහනකාරයො එනවා පැයට පන්සීයක් දීලා මල කදන් එක්ක හැමනෙන්න....

මාව මොකක්ද වෙලා ගියා...රවිදුවගෙ කතාව එක්ක මගෙ බඩත් එක්ක කැලතෙන්න ගත්තා....කල්පනයගෙ මූන වගේම උදාරගෙ මුන කලු වෙලා ගියා.....මන් කටට අත තියාගන එයගෙ සොහොන උඩ ඉදන අතේ තියන මල්පොකුර දිහා බලන් ඉන්න ඒ ගෑනු ලමයා දිහා බැලුවා ....මට මහ කලකිරිමක් දැනුනා...මල කදක්...දෙයියනේ මල කදකට....???

අපි ජීවත් වෙන්නෙ මහ කැරි සමාජෙක මචන්....මලකදක් පැයට පන්සීයකට විකුනනවා කියන්නෙ...චුට්ටක් හිතපන් මයුර.....මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ මානසීක මට්ටම කොහොමද කියලා ...

..ඒක එක්තරා බිස්නස් එකක්.....සමහර තැන්වල.....මං හිතන්නෙ....මිනිසුන්ව මේ ලෝකෙන් සදහටම වඳ වෙනවා නම්.....ඒක හොදයි උදාර...මලකදක් උනත්...නාහෙන් හුස්ම ටික ගියත්.....අපි දකිනවා.....අපිට කරන කියන හැම දේම අපි බලන් ඉන්නවා...අසාදාරන හෙතුවලට මැරුන අපි.....සමහර වෙලාවට අපිට කියන කතා අහන් මැරිලත් විදවනවා....

පැයට පන්සීයක් දීලා....ඒ අක්කගෙ මලකද ඉදුල් කෙරුවත්...ආත්මෙට වේදනා දැනෙන්නෙ නැද්ද මයුර...?

....මොකාද...කොහෙදිද ඕක උනෙ....???

..අනූ....

.දැන් උඹ දුවගන ඇවිදින් ඕක අපේ කනේ තිබ්බෙ..... එයාට සාදාරනයක් කරයි කියන බලාපොරොත්තු උඩනෙ...මොකද මගෙ අම්මත් ගෑනියෙක්....මෙතන හැමගෙම අම්මලා ගෑනු...උදාරයගෙ නංගි තාම පොඩි එකියක්....උන් අද අත ගහන්නෙ මලකදකට.....හිතපන් වස්තු.....උන්ට පන්සීයක් වියදම් කරලා මලකදක් එක්ක හැමනෙන්න තරම් මොන තරම් අසහනයක්ද තියෙන්නෙ කියලා ...???අද මලකදක්....හෙට....ඌ හෙට වෙනකොට පාරෙ යන කෙල්ලෙක් ඇදන් යයි...

සහතික ඇත්ත මයුරයා....ඇත්ත බුංජියො මයුරයගෙ කතාව ඇත්ත....උඹල නෙවෙ බුංජි මානසීක ලෙඩ්ඩු....උඹලව නෙවෙ මේ සමාජෙන් මේ රටෙන් මේ ලෝකෙන් අතුගාන්න ඕනෙ.....එ වගේ උන්ව...උඹලව නෙවෙ නිස්කාරනේ මරන්න ඕනෙ...උඹලව නෙවෙ බන් හංවඩු ගහන්න ඕනෙ...කොටින්ම උඹලව නෙවෙ මේ සමාජෙ කතා බහ කරන්න ඕන මාතෘකා....මේ වගෙව් අසහන කාරයො ගැන...ඇයි අපේ රටට බැරි මුන්ව ප්‍රසිද්ද මාතෘකා කරලා මරල දාන්න..උඹලම දැක්කා..ඊයෙ පෙරේදා බස් එකේ රේප් උන ලමයව...උදාරයගෙ නංගිත් පොඩි එකී....ඒකි හැදෙන වයසෙ.....මෙහෙම ඒවා තියනකොට අපි කොහොමද බන් උඹලා වගෙ මිනිස්සුන්ව ලොකු කරන් කියවන්නෙ.....????

කල්පනයගෙ කතාව ඇත්ත .....අපේ සමාජෙ ඇතුලෙ අසාමාන්‍ය වෙන්න ඕන කාරනා මෙව්වා නෙවෙ....මහා ලොකු නිව්ස් වෙන්න ඕන කාරනා මෙව්වා නෙවෙ....ආදරේ කරන මිනිස්සුන්ව පිලිකුල් කරලා සමාජෙන් කොන් කරනවා ...ඒත් ස්ත්‍රී දූශකයන්ට....?????

 නිම්න වෙන්න ඕන කාරනාව කියන්න..

.....මොකක්ද වෙන්න ඕනෙ...පෙට්ටිය ගේන්නද....නැත්තන් ඌව අරන් එන්නද.....මොකද ....මෙතන කාටත් වඩා...මට බය හිතෙනවා.....මට ඉන්නෙ නංගි කෙනෙක්.....උඹලා වගෙ උන් නෙවෙ මැරෙන්න ඕන නිම්න...උන් වගෙ අසහන කාරයො.....ඌ අද මලකදක් එක්ක....හෙට??උගෙ ආසාව හෙට කොතනින් නවතීද??උඹලා හැමෝම අපිව තෝරගත්තෙ උඹලට සාදාරනයක් කරයි කියන බලාපොරොත්තු වෙන් නම්...වෙන්න ඕනෙ මොකක්ද කියපන් නිම්න

මගෙ ලගට ආව උදාරයා ඈත ඉන්න කෙල්ල දිහා බලාගන මගෙ නිම්නගෙන් ඇහුවා මොකක්ද වෙන්න ඕනෙ කියලා ...ඇත්ත...මෙතනින් කාටත් වඩා ඌට බය හිතෙන එක සාධාරනයි ...අයියෙක් විදිහට ඌ සාදාරනයි .....ජයවර්ධනලාට තිබුනෙ නිම්නලා වගෙ මිනිස්සුන්ව අතුගාලා දාන්න කලින් මේ වගෙ අසහනකාරයන්ව අතුගාලා දාන්න.....ජයවර්ධනයට තිබුනෙ උන්ගෙ පොත් අස්සට මේ වගෙ උන්ව ඔබලා මුලු ලෝකෙටම උන්ව පිලිකුල් කරන්න.....උදාරගෙ කතාව ඇත්ත....මෙතනින් වැඩිපුරම බය වෙන කෙනා ඌ.....

....පෙට්ටිය නැතත්.....ඌව ගෙනත් දෙනවද අනූ.....?

.....මූන විතරක් පෙන්නපන් බුංජියො...විසිහතර පැයක් ඇතුලත බඩු හෑව්...නේ සෙනෙ...??

හ්ම්....කියන්න නිම්න මොකාද ඌ.....

මං නිම්නගෙන් අහපු ප්‍රශ්නෙට වත් එයාට උත්තර බදින්න බැරි උන ඊට කලින් උදාරයයි කල්පනයත් එකම ප්‍රශ්නෙ අහනකොට ඒ චුට්ටකින්ම තවත් ප්‍රශ්නයක් උස්සන් ජනත් අයියා ආවා...වෙන මොකුත් නෙවෙ.....මහපොලවට පස් වෙලා ගියපු අම්මෙක්ගෙ කන්ද හදවන්න ඒ අම්මගෙ ගෙදර අයට කතාකරවන්න පුලුවන්ද අහන්න... සමහර දරුවො කෑවට පස්සෙ පිගාන විසි කරනවා....ඉහලට ආවට පස්සෙ උඩට නැග්ග ඉනිමගට පයින් ගහනවා...මේක මලවුන්ගෙ ලෝකෙ සාදයක් උනත් මොකද ...ඒ හැමෝම අපිට පෙන්නුවෙ මිනිස්සු නොදකින පැත්තක් වෙද්දි අපි කනත්ත පුරාවටම පාවෙන මලවුන්ගෙ ආත්ම දිහා බලාගන උන්නා....

*

*

*

අනූ

ම්න්...වස්තු...

අප්පච්චිට අහුවෙයිද අනේ... අප්පච්චි මටත් කෑ ගහයිද දන්නෙ නෑ ඒයි.....ඔයාට කරන දෙයක් හිමින් කරන්න බැරිද ඒයි....නැත්තන් අපි ඇද උස්සන් කොහෙට හරි ගිහින් වැඩේ උනාට පස්සෙ ආපහු ඇද කරේ තියන් එමුද ....

අප්පච්චි නැගිටින්න කලින් මාව ඇහරවපන් නැත්තන් මට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ.....අනෙ වස්තු ...අම්මෙ....සනීපේ....බෙල්ලට පහලින්....තව චූට්ටක් විතර මසාජ් කරපන්කො....

යෝහ් මල්ලි මේ....දැන් නම් අත් දෙක කැඩෙන්න වගෙ...උඹ ආව වෙලෙ ඉදන් මං ලව්වා අතන මෙතන අතගාව ගන්නව...මොකුත් කරන්නෙ නෑනෙ ...ඇත්තමයි අනූ මං දැන් ආවෙ දාහක් බලාපොරොත්තු තියාගන ඈ...ජනත් අයියා උනත් මට කියලා ගියේ ඕල්ද බෙස්ට් බුංජි කියලා .....මං පහුවදාට උන්ට උත්තර බදින්න ඕනා....

මං උන්නෙ තහනම් කලාපෙ අස්සෙ...වෙලාව මහ පාන්දර දෙකයි.....මලවුන්ගෙ ලෝකෙ සාදෙකට ගිහින් ආව මම එලිය ටැප් එකෙන් මූනෙ හම යනකම්ම සබන් දාලා හෝදන් සාලෙ සැටියට නොගිහින් කෙලින්ම කාමරෙ ඇද උඩට පත බෑවෙද්දි ඒ ආව වෙලේ ඉදම්ම මං එක එක අමාරු කිය කිය මගෙ නිම්නයා ලව්වා එක එක තැන් අත ගාවගත්තා .හැබැයි....පොඩි මයුරයව බේරලා...

මං උන්නෙ මූනින් අතට...නිම්න උන්නෙ මගෙ පස්ස උඩ.....අනූ අනූ ගගා එයා ප්‍රශ්න දාහක් විතර අහනකොට මං මේ මුලු වෙලාවෙම කෙරුවෙ කනත්තෙ උන්න ගෑනු ලමයා ගැන කල්පනා කරපු එක වෙනකොට අවසානෙදි මං උඩ බෙලි අතට හැරුනා.....දැන් නිම්න ඉන්නෙ මගෙ බඩ උඩ...

ඇයි අනූ...

....නෑ...උඹලගෙ අප්පච්චිට ඔය මොලේ අර වගෙ එවුන් වෙනුවෙන් පාවිච්චි කරන්න තිබුනා නම්...අද උඹලා ජනත්ලා ඉන්නව වස්තු.....උන් කල්ලි ගැහුනෙ අහිංසක උඹලා වෙනුවෙන් ...උන් මරලා දැම්මෙ අහිංසක උඹලව...උන් උදුරගත්තෙ අහිංසක ජීවිත....ආදරේ කරපු උඹලා මහපොලව යට....ඒත්...තිරිසන්නු....උන්????

..

....මිනිස්සුන්ට අපරාද කරන්න අයිතිය තිබුනට....ආදරේ කරන්න අයිතියක් නෑ අනූ....උන් ලැජ්ජ වෙන්න බය වෙන්න පිලිකුල් කරන්න කාරනා ඉතිරි කරගන.....මහ ලොකුවට උලුප්පන්න ඕන නැති කාරනා උලුප්පගන අසහන කාරයො කියන නම දුන්නෙ අපිට.... ..

මං මගෙ ඇග උඩ උන්න නිම්නව මගෙ ඇගෙන් බස්සවන් මගෙ අත උඩ නිදි කරවන් අපි දෙන්නවම වැහෙන්න බ්ලැන්කට් එක ඇගට දාන් මං මගෙ එක අතක් එයාගෙ බඩ හරහට දාන් තවත් චුට්ටක් ලගට ගන්නකොට එයත් තවත් ටිකක් මට ලන් උනා....දැන් අපි දෙන්නගෙම මූනු තියෙන්නෙ එකම රේඛාවක.....

මට දුක හිතුනා....මට රිදුනා....මට එකට සිය දහස් වාරයක් ගිහින් ජයවර්ධනයව මරන්න හිතුනා..ඒකව පන පිටින් හමගහන්න හිතුනා...උන් වෛර කරන්නෙ අදාල කාරනාවලට නොවෙනකොට මට මේ මුලු ලෝකෙ එක්කම තරහවක් වෛරයක් දැනුනා...උන් හැමෝම එකතු වෙලා මට නැති කෙරුවෙ පරවෙන්න හිතලවත් තිබුන් නැති මලක් වෙනකොට මං නිම්නව බදාගන ඒ බෙල්ල අස්සට මගෙ මූන තියා ගත්තා....

ඇයි මගෙ අනූ...

...ආදරෙයි...ඔයාට.....

මං ඒක දන්නවා වස්තුවෙ....

..ඒත්...මට ඒක ඔයාට කියන්න ඕනෙ...හැම විනාඩියක් ගානෙම නෙවෙ උනත්...මට ඒක ඔයාට මතක් කරලා දෙන්න ඕන නිම්න....මං ආදරෙයි කියලා .....මං ඔයා වෙනුවෙන් මගෙ අම්මා අප්පච්චි ඇරුනම...ඕනම දෙයක් කැපකරනවා නිම්න.....

මං කවදාවත් ඒ තරම් දරුනු දේවල් ඉල්ලන්නෙ නෑ මයුර...

..මට දුකයි...වේදනාවයි...හිතට බරයි ...උඹ සැරින් සැරේ....එක එක විදිහට මගෙ ගාවට ඇවිදින් පෙන්න පෙන්න යන්නෙ...මේ සමාජෙ තියන වැහුන පැති...ඒ හැම මොහොතකම මට මගෙ හිත කියන්නෙම එකම දෙයයි මගෙ නිම්න....මිනිස්සු හැමදාම කෙරුවෙ අනවශ්‍ය දේ අහක් කරලා...අවශ්‍ය දේ නැති කෙරුවා...හොද මිනිස්සු අයින් කරලා දුදනන්ව ඉහලින් තිබ්බා.....යහපතට වඩා..අයහපත ලන් කරගත්තා....

උන්ට වටින් නෑ නිම්න.....උන්ට වටින් නෑ.....වස්තු...මට පොඩ් නිම්න කියනවා එයාව කොහෙ හරි එක්ක යන්නලු....ඒක හරි අහිංසක ඉල්ලීමක් නිම්න...එයා හරි අහිංසක විදිහට අහන සමහර දේවල් මට හරියට රිදවනවා නිම්න.....

....ඔයා එයාව හෙට කොහෙ හරි එක්ක යනවද....

..මං පොරොන්දු උනා....නිම්න...මගෙ අප්පච්චි හෙට අර යක්සයව හම්බෙන්න යනව....ඌ ඉතුරු සල්ලි එක අහලා.....

මං දන්නවා...අහන් උන්නෙ....මයුරගෙ අප්පච්චි ඇහුවා සල්ලි හදිස්සිද කියලා ...

එතනදිත් ඌ හරි ලස්සනට උඹලව පාවලා දීලා...මෙච්චර හදිස්සි වෙන්නෙ උඹලා ගාවට යන්න තියන හදිස්සියට කිව්වලු...එතකොට ඌ හදන්නෙ...හැමදේම යට ගහලා මාරු වෙන්නද....ඌ හදන්නෙ...හැම දේම කරලා තනියෙන් සැප විදින්නද.....

..අප්පච්චිට සල්ලි දෙන්න එපා කියන්න.....කොහොමත් ඔය සල්ලි හදිසි කරන්නෙ අලුත් පොතක් එලියට දාන්න වෙන්න ඇති.....

.....ම්න්...වෙන්න පුලුවන් ...අලුත් පොත එලි දානව නම්...අනිවාර්යයෙන්ම මටයි කල්පනයටයි.....උගෙ ඔෆිස් එකට විසිට් එකකට ආරාධනාවක් ලැබේවි....

ඇරත් උඹ හිතනවද වස්තු...දැන් ඉතින් අප්පච්චි කොහොමත් සල්ලි දෙයි කියලා ....නෑ....දැන් ඉතින් කොහොමත් සල්ලි දෙන්නෙ නෑ.....වැඩිකල් නොයා...එයාට කොහොමත් මහ උලු ගෙදරට උලු ගනින්න වැඩ සෙට් වෙයි ...හැබැයි...මට හිතෙනවා....ඔවුන්ට මරන දන්ඩනේ දුන්නත්....අලු ගෝසුව නිවාඩු ගිහින් තියන එකේ...අපිම....ඌට.....

...අනූ....

...ඔය කතාව නවත්තමු.....අපි වෙනදෙයක් ගැන කතා කරමුද....ම්ම්

...

ඇයි...නිදිමත නැද්ද ඔයාට....කචපච ගගා ඉන්නෙ....මට ආසයි මයුරව චුට්ටක් හුරතල් කරන්න...

.....හුරතල් කරන්න හැදුවට වැඩක් නෑ...මට හුරතල් වෙන්න දන්නෙ නෑ වස්තු....ඇරත්.....ඔයා මගෙ ළඟ ඉන්නකොට නිදාගන්න එක අපරාදෙ හිතෙනව නිම්න....ඔයා මගෙ හැම හීනෙකටම ආව උනත්....මට වෙලාවකට උඹ ළඟ ඉන්නකොට නිදියන එක මහ අපරාදයක් කියලා හිතෙනවා....

මං එයාගෙ නලලට වගේම නහය උඩට පුංචි හාදු දෙකක් තියනකොට මං බලගන එයා ලාවට හිනා වෙනවා....හිනා වෙලා මාව චුට්ටක් හුරතල් කරන්න ආසයි කියපු එයා මගෙ ඔලුව අතගාන්න ගත්තා....

මගෙ පපී ඔයා...

ම්න්...ඔයාගෙ විතරයි....

...ඔය තරම්ම මට ආදරෙයිද මයුර....ම්ම් අහන්නෙ...ඇහේ මූනෙ තියන් රකින්න තරම්.....මන් කවදාවත් බිදුන මිනිස්සුන්ව පරිස්සම් කරපු මිනිස්සු දැකලා තිබුන් නෑ මයුර.....උඹව හම්බවෙනකන්....මට කවදාවත් හිත හොද මනුස්සයෙක් හම්බවෙලා තිබුන් නෑ මයුර.....

...දැන් හම්බ උනාද...වස්තු....දන්නවද.....බිදුන කෙනෙක්ට ආදරෙ කරන එක කොයි තරම් අමාරුද කියලා .....හැබැයි....මොන අමාරු කම් ආවා උනත්.....මං උඹට හරි ආදරෙයි නිම්න.....උඹගෙ වෙනස් වෙන චරිත අස්සෙ තියන ආදරේය මං හරි ලෝබයි නිම්න...මං දන්නවා...මේ ආදරේ පටන් ගත්තු තැනම උඹ කතාවෙ අවසානෙත් එකම පිටුවක ලියලා තිබුනා...මගෙ ආදරේ පටන් ගත්ත තැනම...මගෙ අහසින් දුරුතු හද කඩන් වැටිලා තිබුනා....

කමක් නෑ වස්තු ....මේ මයුර කියන්නෙ....වැටුන හදට උනත්...අප්‍රමානවම ආදරේ කරන මනුස්සයෙක් .....උඹ සැරින් සැරේට...එක එක...කෝලන් වචන උස්සන් එනකොට ....නිස්කාරනේ බැනගන්න හදනකොට ...මට උඹගෙ හිත පේනවා මගෙ නිම්න.....උඹ හදන්නෙ..මට මතක එකතු කරන එක....

අනූ...ඇයි...මගෙ මයුර මේ.....

.....වස්තු ...අහල තියනවද....ඇත්තටම ප්‍රේමයෙන් බැදෙන මිනිස්සුන්ට උන් උන්ව දැනෙනවා කියලා .....හුරතලේට....විහිලුවෙන් වගෙ හරි...උඹ සමහර දේවල් මං ලව්වා බලෙන් හරි කරවගන්න හදන්නෙ උඹ බයයි උඹ නිසා මගෙ ජීවිතෙ සමහර කාර්තු වලට අසාදාරනයක් වෙයි කියලා ...එහෙම නේද වස්තු...

මං එයාගෙ නිකටෙන් අල්ලගත්තා.....ඒ ඇස් මාව මග අරින්න හැදුවා.....කොන්ඩම් එකක් උස්සන් ආව නිම්න මගෙන් හැංගෙන්න හැදුවා.....ඒත් මම නෙවෙ ඒයාට හැංගෙන්න දුන්නෙ.....මම නෙවෙ එයාගෙ ඇස් මගෙන් හංගන්න දුන්නෙ.....

නිම්න.....ආදරෙ කරන මිනිස්සුන්ට ලිංගික සතුටක් ඕනෙ.....මේ ලෝකෙ සාන්තුවරු නෑ.....හැගීම් දැනීම් නැති මිනිස්සු ලාදුරු හැදුන උන් නෑ...ඒත්..... එහෙම දෙයක් මට ලැබුන් නෑ කියලා ... මට වෙන අසාදාරනේකුට් නෑ මගෙ නිම්න...උඹ ඔය තරම්ම ඕකට මහන්සි වෙන්නෙ....ඇත්තටම ....උඹට ඕනෙ...මං කවදා හරි දවසක පසුතැවෙයි කියන හේතුව උඩ නම්.....ඒක නිකන් හිස් දෙයක් වස්තු.....

මන් උඹට හරි ආදරෙයි .....ආදරෙ ඇතුලට සෘංගාරෙ ආවම තවත් ලස්සනයි.....එත්..හරි මහන්සී .....විනාඩි දෙකක්....තුනක් යාවි.....වට දෙකක් තුනක් යාවි...ඉනෙන් පහලින් ගේන සැපට වඩා ...මං ආසයි නිම්න...පරිනත වගේම නිවුන උඹගෙ පපුවට තුරුලු වෙන්න....ඒක මට හරි සැනසීමක්...උඹව මේ ලෝකෙය අයිති නැහැයි කියන එක මට දැනෙන්නෙම නැති තරම්.....

හති ලාගන...දාඩිය නාගන.....ඇග උඩ උස්පහත් වෙලා අවසානෙදි වෙව්ල වෙව්ල ඇග උඩට වැටෙනවට වඩා...මට උඹට තුරුල් වෙලා...අනන්තයක් නැති ආදරේ ගැන කතා කරන එක ලොකුයි නිම්න...

ගැලවුන ඇදුම් ඇදවිට්ටම උඩිනුයි....සිමෙන්‍ති පොලවෙනුයි ඇහිදනවය වඩා ....මට උඹ එක්ක සැනසීමෙන් හුස්ම ගන්න එක වටිනවා නිම්න...

ඉඩක් ලැබෙන හැම වෙලාවෙම එයාව තුරුල් කරගන්න මං....එයාට තුරුල් වෙලා හරි හිමීට කියවනකොට මන් බලාගන එයාගෙ ඇස්වල කදුලු බැදිලා තිබුනා...මට දුක හිතුන...මට පව් කියලා හිතුනා.....එයා එයාටම.දොස් පවරගන්නකොට එයාට වඩා මට රිදුනා....

වස්තු.....හැගීම් ගාවදි.....තපසුන්ගෙ සිල් බිදෙන්න වගේම.....ආදරේ ගාවදි....මිනිස්සුන්ට තපසුන් වෙන්නත් පුලුවන් ....මට ඕනෙ ඇදක් උඩ පෙරලගන උඹව තවත් තලලා පොඩි කරලා අඩවලා...රිදවලා....අවසානෙදි තුරුල් කරන් ආදරෙයි කියලා නලලට මතු උන දාඩිය පිහදාන් මලපෙරේතයා පොලොවෙ ගැහුවා වගේ නිදියන්න නෙවෙ...මට ඕනෙ හෙම්බත් වෙනකම්ම උඹට ආදරෙ කරන්න....ආදරෙයි කියලා කියන්න...

මට ඔය තරම්ම...ආදරෙ කරන්න එපා...මගෙ රත්තරන් ....

...බෑ...එහෙම කියන්න එපා....මට අයිතියක් තියනව ඔයාට ආදරෙ කරන්න...හිතුන වෙලාවක තොල්පෙත්තක් උඩ හාදුවක් තියලා ආදරෙයි වස්තු කියලා ඔයා ගාව සැනසීමෙන් හුස්ම ගන්න....වෙලාවකයට මට හිතෙනවා...මට හනහකි වැලදිලා කියලා ....උඹගෙ ආදරේ අවසානෙදි දැන දැනත් මම උඹට පුදුම විදිහට ඇබ්බැහි වෙලා නිම්න ..කැස්සත් එක්ක මල් පෙති පිට වෙනවා පෙනුන් නැති උනාට මොකද මගෙ හුස්මත් එක්ක මල් පොහොට්ටු වීසිවෙනවා මං දකිනවා නිම්න.....

නිම්න....මගෙ ආදරේ මාරාන්තිකයි....සුවකරන්න අමාරු රෝගයක් හා සමානයි.....

ඇයි අඩන්නෙ ...ම්ම්ම්...මන් මගෙ ආදරෙ පරිමාව ගැන මේ කියන්නෙ. 

මට ඔහොම කරන්න.....එපා...මගෙ...මයුර....

..ආදරෙයි මගෙ වස්තුවට....මන් කැමති නෑ අඩනවට...මන් උඹට ආදරෙයි .....දන්නවද මගෙ නිම්න...මිනිස්සු ආදරේ කර්නකොට ආදරේ කරන්න ඕනෙ ආදරේ ලබන අනිත් හෘද වස්තුවට දරාගන්න පුලුවන් තරමට...දවසක ඒ ආදරේ අහිමි උනත්....එයා නැතිව එයා එක්ක ජීවත් වෙන්න පුලුවන් තරමට...ඒ ආදරේ අහිමි උනත් හරි ඉක්මනට විරහවට සමු දීලා හිතෙ තුවාල සුව කරන් තවත් කෙනෙක් එක්ක ආයමත් ආදරෙන් බැදෙන්න පුලුවන් තරමට....අතීත කතාවස්තු ඇස්වලට කදුලක් ගේන්නෙ නැතිවෙබ තරමට .....

ඒත්...මම කියනවා නිම්න...ඔය කතාව...ඔය වචන මගෙ ගාවදි අවලංගු කරපන් වස්තුව...තව හිතක් එක්ක ආදරෙන් බැදෙන්න....ඇත්තටම මට කවදාවත් කරන්නම බැරිදෙයක් නිම්න....මගෙ දුරුතු හද ඔහෙ මහ පොවට වැටුනාවෙ...හදටත් වැඩියෙන් අහස උන මට රිදුනාවෙ...දරන්න බැරිව ආදරේ පරිමා ධාරිතා කුඩු පට්ටම් වෙනකන් මට ආදරෙ කරපන් මගෙ නිම්න....මොකද ....මගෙ මහලු කාලෙම මට ගෙවන්න ඕනෙ අසීමාන්තික ආදරේ එක්ක.....

අවසානෙදි මන් ලොකු හුස්මක් ගත්තා....එයාගෙ පපුවට මූන ඔබාගන කියවපු මං අවසානෙදි පපුව පිරෙන්නම හුස්මක් ගන්නවත් එක්කම මෙච්චර වෙලාම ඒ ඇස්වල තිබුන කදුලු කැට පේලියක් කඩාගන වැටෙනවා එක්ක මන් කරපු එකම දෙ එක මොහොතකට මගෙ කිලෝ හැත්තෑ පහක් බර ශරීර කූඩුවෙ බර එයාට උහුලන්න දීලා අර නා දල්ල පාට මෘදු තොල්පෙති එක්ක ගනු දෙන් කරපු එක....ප්‍රේමනීය හාදු ගොඩක් එක්ක හෘදයාංගමව වැලගත්ත එක .....හීන් නූලෙන් සෘංගාරෙට පාර කියන කැරමල් පාට පිරිමි තනපුඩුවකින් සැනසිලා හීන් කෙදිරුමක් ඇහෙනවා එක්කම එයාගෙ ඇගෙන් බැහැපු එක.....

මන් හිතන්නෙ....ඇලෙන ලාටු එක්කවෙරලුමල් සුවද නැතුවට කාරි නෑ....

...පිස්සු කොල්ලෙක් ඔයා....හැබැයි...හරි ආදරනියයි...මට කියන්න.....මං හෙට ඔයා නැතුව කොච්චර වෙලාවක් තනියෙන් ඉන්න ඕනද අනූ....

..ඒක තීරනේ කරන්නෙ....පොඩි මෑන්ගෙ ඉල්ලීම් අනුව....මන් පොරොන්දු උනා....එයාව කොහෙ හරි එක්ක යන්නම් කියලා ....ඒත්.....මට එයාට කියන්න වෙනවා....අප්පච්චි මගෙ බත් කාඩ් එක කැපුවා....ඔයයි මායි වෙන පවුලක්.....මට හවස අප්පච්චි ගෙ කඩේ කරන්න වෙනවා කියලා .පාඩම් කරන්න තියනවා කියලා ...එතකොට නාකියා ගැන බලන්න තියනවා කියලා ...බලමු.....වස්තු....පහට කලින් මං එන්නම්...මේ අතට ඒ චූටි අත පැටලුනාට පස්සෙ කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ...

කොහෙ ගියත්.....මට ඕනෙ අවසානෙදි උඹයි මායි කරක් ගහපු මේ හතර දිග්බාගෙ ප්‍රේමනීය නගරයක් වෙනවට නිම්න....ආදරෙ කරපු හැම පාරක්ම...කොටින්ම.....උඹයි මායි ජීවත් වෙන මේ නගරෙ මං දන්න ප්‍රේමනීයම නගරෙ කරපන් මගෙ නිම්න.....

මං හිනා උනා...හිනා වෙලා අවසානෙදි එයාගෙ නිකටට හාදුවක් තියන්න ගිහින් හාදුවක් නොතියා මගෙ කොටු දත් වලින් ඒ නිකට චුට්ටක් හැපුවා...වෙලාව තුනහමාරයි...අප්පච්චි නැගිටන්න කලින් මං නැගිටින්න ඕනෙ...

...එපා නිදා ගන්න...

ඒ පාර මොකද

බඩුවක් අහන්න ඕනෙ....

ඕන මගුලක් අහපන් වස්තු....පාන්දර හතරට හතු නැගිට්ටා කියලා sex කරන්න නම් කතා කරන්න එපා මිනිහා බ්‍රහ්මචාරියෙක්...ඒ වගේම මෙ අත එලියට ගන්න කියන්නත් එපා....සීයට පනහක් වලත්තයි....වල් තවුසෙක් කියලා හිතාගනින්...

..චිහ්....අත ගනින්කො මං එලදෙනක් නෙවෙ මෝඩයො....ඕකෙ කම්පැනිය විතරයි ප්‍රඩක්ශන් නෑ මල්ලි....ඇරත් කොහොමත් මට වල්කම් කරන්න ඕන් නෑ....උඹ හෙන බරයි ....එක ගහලා දෙක ගහනකොට මගෙ කොන්ද කැඩෙයි....

අනික බරේ සයිස් එකට ඒකෙ සයිස් එක හිතාගන්න පුලුවන් ...ඇරත් මං ඕක දැකලා තියනවා..මේකට හත්තක් සමාන කරන්න අමාරුයි....උඹගෙ කද ජපන් ඉනෙන් පහල දකුනු අප්‍රිකන් .....තනිකරම නේත්‍රපලමක් වගෙ අනූ....ඇයි අනේ ඒ.....වල්කමට නේද ඒ?

එයාගෙ බෙල්ල අස්සට මූන ඔබාගන එක විනාඩි පහකට ඇහැ පියවන්න ගියා විතරයි මගෙ නිම්නයා මාව ඇදලා අරන් බඩ්ඩක් කියවන්න තියනවා කියලා මගෙ ශරීරාංග වලට අපහස කරන්න ගත්තා ..

ඔය කිව්වට....හෑයියා හූයිය ගෑවට...ඊයා බීයා ගෑවට අයියට දුන්නොත් අම්මෙ...නිකන් ඉදි....අනිට නිලමෙ....තව අනින්ට ගායි.....බොරුව තොගෙ ...කුපාඩි නිම්නයා උඹ.....කියපන් මගෙ මෝඩ හොල්මන ඒපාර මොකක්ද

.මං අල්මාරියෙ ලාච්චුව ඇරියා....

සෝ??

...සව්කොල වගයක් හම්බ උනා...

..

සව්කොල ....???

හ්ම්.....මෙන්න මෙච්චරක් විතර ඇති....එකක් නෙවෙ අහුරක් ...ඔක්කොම එකම ගාන...එකම පලල

...ආ..මේ...මේ....ඔය...

වෙසක් කූඩු වලට ගෙනාපුවා කියන්න නම් කට අරින්න එපා අනූ.....උඹ වෙසක් කූඩු මිනිසීරිස් එකක්ද හැදුවෙ....නෑනෙ?

වස්තු.....අනූගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි....

මේ වම් හක්කත් කැක්කුමයි....ඇයි වස්තු ඒ.....

අතකුත් පන නෑ...

අතීත කාලෙ මලක් ඔතපු සව්කොල අහුරක් හොයාගත්තු නිම්නයා මාව මරන් කන්න වගෙ බලන් ඉන්නකොට මං හොරා වගේ හැංගෙන්න හැදුවා...චූචි බුංජියගෙ වදන් දෙක තුනක් අල්ලගන්න හැදුවා ....ඒත් මං අසාර්තක උනා.....

යෝ...හරි හරි බන්...කොල්ලොනෙ ඉතින්....අහිතකර නෑනෙ .....දවසක් දෙකක් හදට ගියා...ඔච්චර කොල ගොඩක් තිබ්බට ඔච්චර ගියෙ නෑ.....

.හරි බන්.....ආය හදට යන්නෙ නෑ.....අනෙ නිම්න ....අපෙ කමනිට කිව්වත් සුචිත්‍රම්මාට කියන්න නම් එපා මගෙ බෙල්ල දන් ගෙඩියට තියයි

. ඇත්තමයි මල්ලි....අපෙ අම්මා දන්නවා නම් ...මං දීග කන්නෙ කුඩ්ඩෙක් ගංජා කාරයෙක් එක්ක කියලා ...එක මොහොතක් මාව තියන්නෙ නෑ...

...කැනබිස් එක්ක කුඩු පටලවගන්න එපා මෝඩයා...මන් කුඩ්ඩෙක් නෙවෙ ඇයි යකො....කුඩ්ඩෙක් නම් මට සික් එක එන්න එපැයි....දන්න පුකක් නෑ..කියවනවා...අඩුම ගානෙ බීඩියක් වත් බීලා තියනවද නෑනෙ.....කටවහන් දොයියපන්....

.....අනූ.....

ප්‍රොමිස් ...ආය මලක් තියා....ඇහැක් ඇරලා බලන් නෑ....හරිනෙ ..උඹත් විනය භාර වගෙ වස්තු....දැන් වත් දොයියමුද ම්ම්.....ඉස්කෝලේ ගිහින් නිදා වැටුනොත් එතනත් කියවනවනෙ

ඔයා පොරොන්දු උනා.....

..

බිදින් නෑ...ආදරෙයි මගෙ පනට....ගුඩ් නයිට් කියන්නත් බෑ වෙලාවෙ හැටියට ...ඒත් කමක් නෑ....ගුඩ් නයිට් වස්තු....අප්පච්චි ඇහැරෙන්න කලින් මට ඇහැරවපන් වස්තු හොදද.....මැරෙනකන් ගහයි...කිව්වට පිලිගන්නෙ නෑනෙ මොකුත් උනෙ නෑ කියලා .....

ගුඩ් නයිට් මගෙ අනූ ...ආදරෙයි ඔයාටත්.....තව චුට්ටෙන් ඇහැරවන්නම්...වල් කම් නොකර නිදාගන්න . ...නැත්තන් මං අප්පච්චිට කියනවා වෙන්න ඕන ඔක්කොම උනා කියලා ...

යක්සයා උඹ.... !!!!

*

*

*

කොල්ලා.....

අප්පච්චි ....ඊ ..ඊ....ඊ ..ව්... අම්මෙ....හ්...ටෞ.....ආව්හ්.....අනෙ ....අප්පච්චි ....

ඇති යාන්තන් මං සෙටියට දුවලා මගෙ පන බේර ගත්තා උනත් දකුනු කකුලෙ චූටි ඇගිල්ල බේරගන්න බැරි උනා....කාමරෙ ඉදන් ආපහු සාලෙට දුවපු දිවිල්ලට මගෙ කකුලෙ චූටි ඇගිල්ල මේසෙ වැදිලා මට එක පාර භාශා සීයක් විතර කතා කරගන්න පුලුවන් උනා.....යන්තමට වගේ රෑ අහස තැඹිලි පාට ගහන් එනවා....මාව තුරුල් කරන් උන්න නිම්නයා අම්මෙ....කීකරු බෑනා වගෙ කමනිව හොයන් කුසියට යනකොට අප්පච්චි මේ පාන්දර හෙල්මට් එකත් දාගන මගෙ ගාවට ආවා...

වරෙන් යන්න

කොහෙ....මේ පාන්දර කොහෙද අප්පච්චි ..

හන්දියට යන්න...කල්පිටි බස් එක එනවා...මුදලාලි මේ කරවල ගෝනිය බස් එකට දාලා....ඉක්මනට වරෙන්....උඹලා ඉස්කෝලේ ද කොහෙද යන්න ඕනා කිව්වා නේ...මන්දා බන්.....උඹලා කියවනවා..අපි අහන් ඉන්නවා.....කමනිට පපුවෙ අමාරුව අල්ලයි උඹ එන්ඩ වෙලා ගියොත් ඒ හන්දා වෙනදා වෙලාවටම ගෙදර වර....

පිට්ටනි ගානෙ මායන් වෙලා.....රෑ පුරාවටම පෙම් කෙලපු මම අඩ නින්දෙ වගෙ අප්පච්චි අතට දුන්න පොතු ගිය කැත හෙල්මට් එකත් දාගන පරන බයික් එකට නගිනකොට මං බලාගන නිම්නයා මේ පාන්දර කොස්සක් අරන් මායන් වෙනවා....

.

.කොල්ලා....

අප්පච්චි ....

ඇත්ත කියපන්....

..ඒ පාර මොකක්ද....

උඹලා...අත.....ර

මේ අප්පච්චි ...යමුද...බස් එක ගියොත් මොකුත් නෑ...

හරි...හරි...ඉතින් .....මොකද උඹට ඕකට ඔච්චර ඩෝන් යන්නෙ...මං ඇහුවා විතරනෙ.....මට උඹගෙ ඇදෙන් කිසිම සද්දයක් නෑහුන හන්දා මං ඇහුවෙ.....උඹට මං යන්න එපා කිව්වට උඹ කොහොම හරි අපේ ඇස් වහලා ඕකට රිංගනව කියන්න මං නොදන්නවා නෙවෙනෙ මයුරයා....උඹ තාත්තගෙම පුතානෙ. . උඹලගෙ ආච්චියි සීයයි දෙපාරයි මට කිව්වෙ දූ ඩිංග එක්ක තියන සම්බන්දෙ නවත්තපන් තොපිට දෙන්න අපි ලමයි හැදුවෙ නෑ කියලා ...අනිත් පාර දුවව වඩාගන ආවෙ.....ඒකයි ඇහුවෙ...මගෙ ලේනෙ තියෙන්නෙ....

මං අහක බලාගත්තා ....අප්පච්චි අම්මව පන්නන් ආව විදිහ කිය කිය මටත් කින්ඩි නොද කින්ඩි දානකොට කට පියාගන ඉදලා තේරුමක් නෑ හිතුනා....

අප්පච්චි ....

පිටිපස්සෙන් ඉදන් උන්න මං අප්පච්චිගෙ උරහිස උඩට නිකට තියාගත්තා ....මද අන්දකාරෙයි පාන්දර සීතලයි මීදුමයි මේ ඔක්කෝම එකට එනකොට මට කිඹුහුමකුත් ගියා...

මොකද ....

අප්පච්චි මං ඊයෙ රෑ...නිදාගත්තෙ...

උඹ කියන්ඩ ඕන් නෑ මං දැක්කා....උඹ මාව රවට්ටන්ඩ සෙටිය උඩ කොට්ට තියලා පොරෝලා ගියාට මං දැනගත්තා තෝ කොලෙ වහලා කියලා .... මදැයි අම්මා නිදියනකන් ඉදලා ඇදට පලන් අම්මා දකින්න කලින් වරෙන් කියන්න ගියා...අනෙ ඉතින් නිකන්ද තොට මගෙ පුතා කියන්නෙ...බැහු බැහු...බැහලා බලපන් කොළඹ කල්පිටි බස් එක එනවද කියලා ...

රෙදි ඉල්ලෙ.....අපරාදෙ රෙදි ඇදන් ආවෙ.....අම්මට නින්දයනකන් උන්න අප්පච්චි මට ඇදට පලයන් කියන්න ආව උනත් ඊට කලින් ගියපු මාව අප්පච්චි දැකලා තිබ්බා....

මහපොලවට ඉර එලිය වැටුන වෙලේ ඉදන් නිවනක් නැති මහපාර තවමත් පාලුවට ගිහින් තියනකොට අතරින් පතර වාහනයක් දෙකක් ගියා වගේම දෙතුන් සැරයක්ම එබිකම් කරපු මං ඇවිදින් අප්පච්චි ගාවම ජැක් එකක් ගහනකොට ගල් ශෝටක් ගහන් ඇවිට් උන්න අප්පච්චි කකුල් වලට සීත වදින හන්දා අත් වලින් කකුල් අත ගාන්න ගත්තා වගේම මා දිහා බැලුවා

ආ කොල්ලා....උඹලා ඔය කියන විදිහට එහෙම යන්න පුලුවන්ද ...

ම්ම්ම්ම්න්....

ගිහින්....දැන් උඹ ගිහින් ඉන්නෙ පොඩි නිම්නයෙක් ගාවද.....??

ම්න්....එයාට දාහතයි ....

එතකොට අපෙ ගෙදර එකාට තිස් ගානක් නේ....

ම්න්...

වයස පේන්නෙ නෑ බන් උගෙ ...ලස්සන බලකො.....අර සක්කිලියා ඒ මූන බලන් කොහොම ඔහොම අපරාදයක් කෙරුවද්ස් මන්දා බන් මයුර.....ඌ පොත් ලියන එකෙක්ලු....ඒත්....ඌ මටත් වඩා නූගත් මිනිහෙක් විදිහට හැසිරෙන්නෙ ...

නිම්නගෙ තාත්තා ගේ කෙනෙක් අප්පච්චි ...

ඌත් එහෙම නම් මොන මගුලටද බැන්දෙ බන් නොබැද ඉන්න එපැයිනෙ.....හරිනම් මූවත් මුගෙ මහ උන් මරලා දාන්න තිබ්බෙ...

ඒක ප්‍රොපෝසල් එකක් අප්පච්චි .....සුචිත්‍රම්මා දැනන් ඉදලා නෑ.....උගෙ ඔලුව කාලා තියෙන්නෙත් මහ එකා.....

මොකා ඔලුව කෑවත්.....තමන්ගෙ ගෑනු ලමයිව මරනවද මයුර????...ඇයි මූට පැනලා ගිහින් හැංගෙන්න තිබුන් නැද්ද....ඌ පිරිමියෙක්නෙ...ඌට බදින්න බෑ කියලා මූනටම කිව්වා නම් වෙන්න තිබුන හැම සිද්දියක්ම සෑහෙන්න වෙනස් වෙන්න ගියා මයුර.....ඕකා නොබැද උන්නා නම්...අද ඔය මොන මගුලවත් නෑනෙ...පිම්පියා වෙන කවුරුත් නෙවෙ ඌනෙ තනිකර.....

.......

මං කටපියාගත්තා....මොකද අප්පච්චිගෙ හැම වචනයක්ම ඇත්ත.....ජයවර්ධනයා නොබැද උන්නා නම්.....

ඇත්තටම ....ජයවර්ධන නොබැද උන්නා නම්....????

ඒ අතීතෙට ගිහින් කසාදෙ වෙන දාට සුචිත්‍රම්මව ඉස්සුවා නම්....නැත්තන් ...මේක කරන්න එපා කිව්වා නම්........

ඇත්තටම ...නිම්නගෙවත්...නිම්නාගෙවත් ඉපදීමක් කොතනකවත් නෑ.....වර්තමානෙ මට ලැබුන් නැති උනත් කමක් නෑ දෙයියනේ අතීතේදි මිලේජ්ච මරනයක් හිමිවෙන්නෙ නැත්තන්....

අප්පච්චි ....

ම්ම්ම්

අප්පච්චි ...ඇත්තටම ...අපි යන්නෙ වැරදි අතීතෙකටද.....අපි වෙනස් කරන්න ඕනෙ....නිම්නගෙ අතීතෙද....නැත්තන් ...සුචිත්‍රම්මගෙ අතීතෙද...???

අප්පච්චි ගෙ කතාවත් එක්ක එකපාරම ඉද්ද ගහලා හිටගත්ත මං අප්පච්චෙගෙන් ඇහුවෙ එක ප්‍රශ්නයයි....අපි වෙනස් කරන්න ඕනෙ නිම්නගෙ අතීතෙද.....නැත්තන් ....සුචිත්‍රම්මගෙ අතීතෙද අහනවත් එක්කම අප්පච්චි මා දිහා බලලා ඇස් රැලිකරගත්තා....

.

මයුර....උඹ කී දොහක් පොඩි නිම්න ගාවට ගියාද.....

සෑහෙන දවසක්....

උඹට වෙනස් කරන්න පුලුවන් තැනක් හම්බ උනාද...

මං බිම බලාගත්තා....මට පුලුවන් උනේ එයා විදවන හැටි බලන් ඉදලා රිදවපු උන්ට දඩුවම් දෙන්න විතරයි .....එක පාරක් නෙවෙ...මං එක පාර සිය දහස් පාරක් සුචිත්‍රම්මගෙන් ඇහුවා....මට වෙනස් කරන්න බැරිමද කියලා ...ඒත් මට ලැබුනෙ හැමදාම හිත රිදෙන උත්තරයක් මිසක් බලාපොරොත්තු තියාගන්න පුලුවන් උත්තරයක් නෙවෙ.....

නෑ.අප්පච්චි ...මට හැමදාම උනේ එයාට රිදිලා ඉවර උනහම රිදවපු උන් රිදවන්න විතරයි....වෙනස් කිරීමක් කොතනක වත් බෑ....මං හැම වෙලාවෙම දකිනකොට එයාට රිදවලා ඉවරයි අප්පච්චි ....

.ඉතින් උඹට පුලුවන් නෙ...ආපිට වෙලාව පස්සට අරගන...අතීතෙ ඇතුලෙදිම අතීතේට ගිහින් වෙන්න කලින් නවත්තගන්න.....?

අප්පච්චි ...

උඹ දකිනකොටත් වෙන්න ඕන දේවල් වෙලා නම්...ඇයි උඹට බැරි ආපිට අතීතෙ ඇතුලෙදි අතීතෙට යන්න....උඹ දකිනකොට හැමදේම වෙලා විනාඩි දහයක් ගිහින් නම්...ඇයි උඹට ආපිට ඒ විනාඩි දහය ආපස්සට ගන්න බැරි.....?????

අතිතෙ....ඇතුලෙදිම....ආපිට...අතීතෙට...යමක්.....!!!!

බස් එක එනවා.....ගනින් බයික් එක....

සුචිත්‍රම්මෙ....අපිට අතීතෙ තුලෙදි ආපිට අතීතෙට යන්න බැරිද...????

මම උන්නෙ නිම්නගෙ කාමරේ....වෙනදා වගේම අපිහතර දෙනාම උන්නෙ යුනිෆෝම් එක පිටින්.....එකම කැලැන්ඩර් එක...එකම දිනේ....එකම වෙලාව හදාගන සෙට් කියන බට්න් එක ඔබන්න බලාගන වෙනකොට අපි හැමෝගෙම තිබුන එකම බලාපොරොත්තුව අතීතෙ ඇතුලෙදි අතීතෙ වෙනස් කරන්න පුලුවන්ද කියන කතාව වෙනකොට සුචිත්‍රම්මා මා දිහා බලාගන උන්නා....

...අතීතෙ...ඇතුලෙදි....අතීතෙ වෙනස් කිරීමක්.....?????

ඔව්...අපිට බැරිද සුචි....බුංජියට රිදෙන්න කලින් ආපිට එතන වෙනස් කරන්න....??

සුචිත්‍රම්මා එහාටත් යනවා මෙහාටත් යනවා....

මගෙ නිම්න ඇද උඩ ඉදගන ඇද වියල අල්ලගන බලාගන උන්නා....

නිම්නා කවදත් වගේ සධීර ගාවට හේත්තු වේගන ඉන්නකොට ඉස්කෝලේ යන්න බලන් උන්න අපි හතර දෙනා දිහාව අලුතින් මලවුන්ගෙ ලෝකෙට ඇතුල් උන ජනතුත් බලන් උන්නා....

..ඒක එහෙම කරන්න පුලුවන්ද අම්මා....මං අහන්නෙ...මට රිදවන හැම තැනක්ම...ආපිට මකල දාන්න පුලුවන්ද ?????

අම්මා හරිම වෙලාව අල්ල ගත්තොතින්....???මල්ලි කියනවා වගේ.....අතීතෙ ඇතුලෙදි....අතීතෙම මකන්න පුලුවන්ද ????

ජයවර්ධන පවුල එකාට එකා කියවගන්නකොට අපි හතර දෙනා බඩවල් වල බිත්තර තම්බන ගමං බලන් ඉන්නකොට සුචිත්‍රම්මා අර විනය බාර ගුරු පට්ටමේ ඇවිදින විදිහටම අත් දෙක පිටිපස්සට බැදන් කාමරේ පුරාවටම ඇවිදින්න ගත්තා....

ඇත්තටම එහෙම පුලුවන් උනොත්...

ඇත්තටම එහෙම දෙයක් පුලුවන් උනොත්.....

එහෙම දෙයක් පුලුවන් උනෝතින්....මුලින්ම මකන්න වෙන්නෙ...මගෙ කසාද දවස...

මයුර...හැබැයි...එතන මැකෙනව කියන්නෙ.....කවදාවත් නිම්න කෙනෙක් ඔය මතකෙ අස්සෙ කවදාවත් ඉන්නෙ නැතිවෙන්න පුලුවන් ...

එහෙම පුලුවන් කමක් තිබුනොතින් .....එතකොට ....අතීතෙ නිකම්ම මැකිල යනවද....කිසිම දඩුවමක් නැතිවම....???

නෑ...ඒක මකන්න පුලුවන් කමක් තිබුනත්...ඌ වේදනාවෙ තරම දැනගන්න ඕන.මයුර...මේ බිත්ති හතරෙ අස්සෙ තියන සුදු හුනු හීරුවොත්....උඹලා හැමෝටම බලාගන්න පුලුවන් තවමත් සුවද මැරුන් නැති ලේ පැල්ලම්.....

..මම ඇද වියල අල්ලගන මා දිහා බලන් ඉන්න නිම්න දිහා බැලුවා.....කවදාවත් එයා මගෙ මතකෙ ඉන්න එකක් නැති වේවි කිව්වා ....අතීතෙට ගිහින්...අතීතෙ මකලා දැම්මොතින් ...එයා කවදාවත් මගෙ මතකෙ ඉන්නෙ නැති වෙන්න පුලුවන්...හැබැයි ..එයාට ඒ අය කාටවත් මේ තරම් වේදනාත්මක මරනයක් උදා නොවෙන්න පුලුවන් ....

මං තත්පර ගානක් බලන් උන්නා...බලන් ඉදලා කරේ දාගන උන්න බෑග් එක ගලවලා දාලා සුචිත්‍රම්මා කිව්වා වගේ ගිහින් නිම්නගෙ කාමරෙ බිත්තියක් හූරලා බැලුවා ...

මගෙ ඇස් වල සියුම් ලේ නහර ඉලිප්පිලා ඇස් රත ගැහුවා...

ලේ වැදුන අත් පාරක් ....

තවමත් ලෙ සුවදවත් නොගියපු අත් පාරක්......

...ඕක....මගෙ....අනූ....

....මං උන්නෙ වේදනාව වැඩි කමට දත්මිටි කාගන...අනිත් තුන් දෙනා උන්නෙ හුස්ම හිරකරගන ලේ පැල්ලම දිහා බලාගන වෙනකොට මම ගිහින් සුචිත්‍රම්ම ළඟින් හිටගත්තා.....

එහෙම දෙයක් කරන්න පුලුවන් නම්....මට අමතක උනාට කමක් නෑ...තවදුරටත් අතීතෙට නොගිහින් .....අතිතේ මකන තාක්.....අපිට පුලුවන් උගෙ වර්තමානෙ දඩයම් කරන්න.....නිකම්ම නිකන් අතීතෙ මකලා දැම්මොතින්..කෝ අම්මේ සමාදානයක්...????

මට පුලුවන් ...හැම..දේම...දරාගන්න....මොකද....කොහෙන් ගියත්...මට එයාව අහිමි වෙලා ඉවරයි අම්මෙ....ඒත්

අතීතෙ...මකන්න...පුලුවන් කමක් ලැබුනොත්.....වර්තමානෙ ඇතුලෙ ඌ අනිවාර්යයෙන්ම ...දඩුවම් විදලා.....අතීතෙ සදහටම මකලා දාන්නම්.....නිකම්ම නිකන් මකල දැම්මොත්...කෝ නීතියක්...කෝ..සාධාරනයක් .....මට එතනට ගිහිනුත් නිම්න විදවනව බලන් ඉන්නවට වඩා හොදයි....විදවන්න ඕන එවුන් විදෙව්වට පස්සෙ....හැම දේම මකලා දාන එක.....සමහර විට....

සමහර...විට...අපිට..අපි...අමතක උනත්....උඹලා...ජීවත් වේවි...නේද..අම්මෙ....??

මගෙ ඇස් වලින් කදුලු වැටුනා...ඒකත් ලී පොලව වෙනුවට බිම තිබුන කාපර්ට් එකට වෙනකොට මගෙ නිම්න කාපට් එක දිහාව බලාගන ඉදල ඉදලා අවසානෙදි මගෙ ලගට ඇවිදින් අතේ තිබුන ඵෝන් එක අරගන වෙලාව හැදුවා......හරියටම මකන්න පුලුවන් නම්...මකලා බලන්න කියන්න වගේ.....

....ගිහින්...බලන්න.....පුලුවන් නම්....මකන්න...ඒ ඇවිදින්.....නිම්නගෙ හිත කියන දේ කරන්න....වාසනාව තිබුනොත් ...ඇදින්නෙ නැති උනත්...අපි ජීවත් වෙයි.....

🥺....ආයම...එනකන්...පයිස්සමින් ඉන්ඩ....

ආතරෙයි .....

මම ජොබි..බුංජියා

Nedeesha 🥺👉👈

👉👈

More Chapters