LightReader

Chapter 11 - 11

මො...මොකක්.....බ්ලොක් කෙරුවා නේත මාව....

හරිම ආනන්දජනකයි....හරිම ආනන්දජනකයි .....ප්‍රීතී....ප්‍රීති.....මන්ත්‍රී පුතුනුවන්ගෙ සත්ගුනවත් ක්‍රියාවලිය බොහොම අගෙයි.....

හෙඩා මාව බ්ලොක් කෙරුවා .....ස්ටඩි කරනවා කියලා කියපු හෙඩා මම පස්සෙ ටෙක්ස්ට් එකක් දාන්නම් කියලා මාව බ්ලොක් කෙරුවා ....

අමෝර්..අමෝර්...මාරි කියුරි නෙමැයි ඔච්චර ස්ටඩී කරන්න....හිටපන් හිටපන්...මාත් අතපල්ලෙන් වැටිලා නෙවෙනෙ...නේ.....

මම මගෙ දිව පැත්තට දාන් පොඩ්ඩක් හපාගන අර කොල ගෙම්බා වගේ ඉදන් ටුකු ටුකු ගාලා ඩිස්ප්ලේ එකට කොටන්න ගත්තා .....

You blocked NIRVAN ABEYSEKARA you can't message or call them in this chat...

ඉදා තොට....ඉදා...ඉදා තොට...දැන් හරිනෙ....අපිව බ්ලොක් කරනවා නම්....ඇයි අපි ආපිට බ්ලොක් නොකරන්නෙ........

අපි ඔය අනිත් උන් වගේ නෙවෙ හාන්දුරුවනෙ...අපිව බ්ලොක් කෙරුවොත් අනේ...හුනේ....ආයම අන්බ්ලොක් කරන්න ගගා නට නට යන්නෙ නෑ අපිත් ආපිට බ්ලොක් කරනවා මිසක්.....

හරිනෙ.....එහෙනම්...හෙඩා උඹට ගෞරවයෙන් බුදුසරනයි !

මං හෙඩාව බ්ලොක් කරලා එහෙම්ම වට්සැප් එක පැත්තට ගියා ..හැබැයි මට වට්සැප් එකේ ලෝගො එක විතරයි මගෙ නේත්තරා දෙකට දකින්න හම්බ උනේ.....ලොකු නැන්දගෙ උච්ච ස්වරෙ විශ්වය පුරා විහිදි යන්න ගත්තා

චූටියා........

යෝ....අදත් මොකක් හරි වැරද්දක්ද දන්නෙ නෑ...

චූටී....

ඇයි අනේ...ඇයි....මේ එන ගමන්...එන ගමන්...මග..මග....

මෙහෙ වරෙන්...මෙහාට වරෙන්....

මම ඔබ ඔබ උන්න ඵෝන් එක ඇද උඩට දාලා ආපහු සාලෙට යනකොට මලගෙදර යන්න සුදු වතින් සැරසී යක්සාවේසෙන් ඉන්න ලොකු නැන්දගෙ මුන කුන්ඩහට්ටියක් වෙලා තිබුනා.....සාලෙ කොනක ලොකුවා උගෙ අඩු දෙකත් මෑකරල් දෙකක් ඔතාගන වගෙ ඵෝන් එක කකා ඉන්නකොට මම ඇස් කරකවලා ලොකුවා දිහා බලන් උන්නා...

මං හිතන්නෙ මුගෙ ඵෝන් එබිල්ල ගැන රිපොර්ට් කරන්න වෙන්න ඇති මට අඩගහන්න ඇත්තෙ....

පෙනේද ලොකු නැන්දෙ පෙනේද.....ඉස්කෝලේ ගිහින් ආව වෙලේ ඉදන් ඔය බඩකඩිත්තුවම ඔබනවා නේන්නම්.....පොතක් පතක් අතට ගන්නෙම නෑනෙ...ඇයි...අම්මෙ.....පන්ති නම් යනවා ඒකට මොකද.....මුන්ට උගන්න නේද අර සල්ලි හම්බ කරන්නෙ.....අනේ....අම්මෙ....ගම්බාර දෙයියොම බලන්ඩ ඕනා මූගෙ හපම් කම....

........

අර අහරෙ අම්මයි අප්පච්චි නර දුක් විදිනවා...මූට මේවා පේන්නෙ නෑ...ඇරත් ලොකු නැන්දලා ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම නම් සැප හම්බුනෙ නෑ....නැද්ද මං අහන්නෙ.....අල්ලට සීනි ටිකක් අරන්...තෙ කහට බීලා...ඉස්කෝලේ ගියේ.....ආ නැද්ද...ලාම්පු එලියෙන් පාඩම් කෙරුවෙ.....සැප වැඩී මූට...සැප...වැඩී.....දෙන්න තියෙන්නෙ මූට

........

මම ඉනට අත් දෙකත් තියාගන මෙලෝ සන්සාරයක් නැතුව ඵෝන් එක ඔබන සැලලිහිනියට හිටු කියලා බනින්න ගන්නකොට කොන්ඩේ පීර පීර උන්න ලොකු නැන්දා පනාවත් අතේ තියාගන ලොකුවට බනින මා දිහා බලාගන උන්නා....යම්කිසි දෙයක් මග ඇරුනා වත්ද...?? නෑ ඉතින්...අපේ අම්මා අප්පච්චි ලාට අනුව මේ ලෝකෙ සැප විදිනම දෙන්නා අපි දෙන්නා...දුක් විදපුම උන් අපේ අප්පච්චිලා....ම්ම්ම්....වෙන්න බෑ....මං කියන්න ඕනා ටික ඒ විදිහටම කිව්වා.......

මං ආයම ලොකු නැන්දා දිහා බැලුවා.....

ඔයා හිත දෙගිඩියාවෙන් නැතුව ඔය යන ගමන යන්න අනේ...මං මූව ඔය ඵෝන් එබිල්ලෙන් ගලවගන්...ආ.....ආ..ව්ව්..අව්වූ.....හ්හ්.....ඇයි...අනේ....ඇයි...ම්හුක්...කතා කර කර ඉන්නකොට ...ගහන්නෙ...ඇයි.....

කටවහපිය....කට වහපිය...

පනා පාරක්....බැනියමක් වත් නැතුව උන්න මගෙ පිටට පනා පාරක් වැදුනා මං ඇබරිලා ගියා......නොකරපු වරදකට වත්දෝ......

ඇයී ඉතින්....

ඌ උගෙ පාඩුවෙ ඉන්නවනෙ...බලපන් ...ටීවි එක ගාව තාම ඉදුල් ....අස් කරපිය.....මේ දැම්ම....

යෝ.....හ්...අතපය පන නැතුව කලන්තෙ දාපු කොල්ලටනෙ මෙහෙම කරන්නෙ....අපෙ අම්මයි අප්පච්චි උන්නා නම් මෙහෙම වෙන්නෙ නෑනෙ........අපිත් අසරන කමට මෙහෙ ආවා මිසක් ....

ඇත්තමයි චූටියා.....මාව ගෙන්න ගන්න එපා....කට පියන් ඕක අස්කරපන්......අස්කරලා අතුගාලා මොප් කරලා දාපන්....කියවනවා කියවනවා ඉවරයක් නෑ...අප්පච්චි කිව්ව් උඹව හදන්න බැරි නම් මකන්න කියලා....

යෝහ්....යෝ...හ්හ්.....ය්.....එච්චර ...

එචර දෙයක් උනේ නෑනෙ......this is child abuse this is affecting me mentally ...

ඇත්තට මං දැන් ඔතනට ආවොත් උඹට physically ත් ඒ ටික තමයි වෙන්නෙ ඒක හින්දා ඕක අස්කරපන් ගේ ඉදුල් ගද ගස්සන්නෙ නැතුව......

මං උඩ පැන්නා.....බල්ලා ලව්වා ඉදුල් ටික කව්වලා පැත්තකට වෙන්න ගියපු මට ගේ අතුගාලා මොප් කරන්න කියනවත් එක්කම මම උඩ පැන්නා...උඩ පැන පැන ලොකු නැන්දට බනිනකොට මං බලාගන එයා ආයම පනාව උරුක් කරනවා....

ම්හුක්.....

අද නම් මහ නරක දවසක්....එහෙන් මගෙ ඉංග්‍රීසි මිස් වනගත වෙන්න යනවා...අනිත් පැත්තෙන් මට උදව් කරන්නම් කියපු හෙඩා මාව බ්ලොක් කෙරුවා ...

මගෙ කලදසාව හොදම නෑ....ග්‍රහමාරුවක් වත් වෙලාදෝ මන්දා....ලොකු නැන්දට දීලා කේන්දරේ ටිකක් බලවගන්න ඕනා යම්කිසි නරක කල දසාවක් වත් ලබලද කියලා ...

කොස්ස ගත්තු මම බත් ටික අතුගාලා ඒ ටික අරන් බල්ලව හොයන් ගියා....ලොකු නැන්දා යන්න කලින් ඌටත් බඩ පැලෙන්න ගිල්ලල තිබ්බ නිසාදො මන්දා ඒකත් මා දිහා බලලා මාව නොදැක්ක ගානට මාව පඩේකට වත් ගනන් නොගෙන අහක බලාගන්නකොට මම උගෙත් ඔලුවට එකක් ඇනලා කනත් අබරවලා බත් එක ඌට පේන්නම කාක්කන්ට විසික් කෙරුවා ...

දැන් තෝ දත්මිටි කාපන්...උඹලගෙ අම්මා එන්නෙ ආයම රෑ වෙලා.....කන් ඇහුනද...උඹලගෙ අම්මයි අප්පච්චි එන්නෙ හුගාක් රෑ වෙලා...මායි ලොකුවයි රෑට ගෙනත් කනවා...ඒත් උඹට නම් මෙහෙම කියලා කෑල්ලක් දෙන්නෙ නෑ කඩප්පුලියා ...ඇහුනද ඇටමදයට...උඹටයි කියලා....එක පාන් නහට්ටක් වත් දෙන්නෙ නෑ...උඹලගෙ අම්මා එනකම්ම බඩගින්නෙ හිටපිය ...ගොන් බිජ්ජා..

කන අබරපු බල්ලා ඒකගෙ සුදු ඉංගිරියාව උඩ ඇරන් ඌට බනින මා දිහා බලාගන ඉදලා ඉදලා කන්න දෙන්නෙ නෑ කිව්වා විතරයි හව්...ගාලා මගෙ අත ඇල්ලුවා...හැබැයි තුවාල උනේ නෑ......ඌත් දැන් ප්‍රෑන්ක් කරන්න පුරුදු වෙලා.....

මං ගෙට ආවා...කියපු විදිහටම අතුගාලා සිග්සැග් ක්‍රමේට මොප් කරලා දාපු මම ගිහින් මගෙ ඵෝන් එක අතට ගන්නකොට මං බලාගන ලොකුවා සන්සාරෙම එපා වෙලා වගේ සිවිලිම දිහා බලන් ඉන්නවා...

මොකද උඹ...

මම ලගට ගියා....ඇදේ හරස් අතට වැටීගන උන්න ලොකුවගෙ ඵෝන් එක දිහා බලපු මම ආයම උගෙ මුන දිහා බැලුවා...

එපා වෙලා ඉන්නෙ දැන් නම්....

ඇයි ලොකූ.....

උඹට හිතෙන්නෙ නැද්ද චූටි මේ හෙඩා වගේම ඩිෆියුටියා ගහන්නෙ වෙනම ගේමක් කියලා .....

අනිත් පාර මාත් ඇද උඩට වැටුනා...දැන් ඌයි මායි දෙන්නම උඩ බෙලි අතට...ටික වෙලාවකට කලින් මම බ්ලොක් කරලා දැම්ම හෙඩාවත් මට මතක් වෙනකොට මම නිකමට ලොකූගෙ ඵෝන් එක අතට අරන් බැලුවා....

ඩිපූටියා ගෙන් වට්සැප් මැසේජ් පෝලිමයි....උගෙයි මගෙයි අතර කිසිම හොරයක් බොරුවක් නැති හන්දා ගොරකා ලෙල්ලක් වගේ ඇකිලිලා තිබුන ලොකූගෙ මුන දිහා බලපු මම අනිත් පාර එහෙම්ම වට්සැප් මැසේජ් ටික කියවන්න ගත්තා ...

"කිව්ව දේ තේරුනානෙ.....ලබන සතියෙ ස්පෝර්ට් මීට් පටන් ගන්නවා.....ඔයාවත් මල්ලි වත් එන්න ඕන් නෑ....."

"ඇයි ඒ...."

"දෙයක් කිව්වම අහන්න සනාශ් ....දෙයක් කිව්වම ආපිට ප්‍රශ්න නොකර අහන්න පුරුදු වෙන්න...නිකන් ආය ආයම එකම දේ අහන්න තියන්න එපා....."

"හරි මං අහන්නෙ ඇයි හේතුව මොකක්ද කියලා ශෙනිරු...ඇයි ...අනික ඔයාට බෑ එයාටවත් මට වත් එහෙම එන්න එපා කියලා කියන්න..."

"එහෙමද හිතන් ඉන්නෙ?එහෙනම් බබෝ.....ඔයා මං ගැනවත්.....නිර්වාන් ගැනවත් මොකුත් දන්නෙ නැති කම....."

එවල තිබුන මැසේජ් තොගෙන් දෙක තුනක් කියවපු මම ලොකුවගෙ මුන දිහා බැලුවා... ඌ ඉන්නෙ මේ ලෝකෙ නෙවෙ...මං ආයම මැසේජ් කියවන්න ගත්තා ....

ශෙනිරු මං දන්නෙ නෑ ඔයාටයි ඔයාගෙ මල්ලි නිර්වාන්ටයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හැබැයි ඔය දෙන්නා කරන්නෙ අපි දෙන්නව මඩවන එක නම්...මෙන්න මේක මතක තියාගන්නවා..මේක මඩවන්න වත් රැග් දෙන්නවත් කැම්පස් එක නෙවෙ...තව දෙයක්....ඕන දෙයක් කරනවා හැබැයි සයාශ්ට නැතුව...

" ඇයි මේ තරහා ගිහින් ම්ම්...මම වත් නිර්වාන් වත් කිව්වද ඔය දෙන්නව අපි මඩවනවා කියලා .....නෑනෙ...මමවත් නිර්වාන් වත් කිව්වද ඔය දෙන්නට අපි රැග් කෙරුවයි කියලා ...නෑනෙ....නේ.....එහෙනම් ඇයි කේන්ති ගන්නෙ...නිර්වාන් වගේම මම කෙරුවෙ එක දෙයයි..."....

මොනවද....

මොනවද් කෙරුවෙ කියන්න දැන් නැති උනත් පහු කාලෙක තේරුම් ගනී..එතකන් බබෝ....පොඩ්ඩක් අකීකරු කම් නොකර ඉන්න හොදද...ම්ම්ම්....

කරුනාකරලා මට ඔය බබා කියන එක නවත්තනවා ශෙනිරු...මං කාගේවත් බබෙක් නෙවෙ ....

"ඇත්ත...කාගෙවත් බබාලා වෙන්න මම ඉඩක් දුන්නොත් ඇරෙන්න තමුන්ට කාගෙවත් බබෙක් වෙන්න බෑ තමයි සනාශ්....."

ලොකූ....මොනාද බන් මූ මෙ කියලා තියෙන්නෙ???

උඩ බෙලි අතට උන්න මම අනිත් පාර ඉදගත්තා ....ලොකුවගෙ මූන තනිකරම වහින්න ඔන්න මෙන්න තිබ්බ අහසක් වගේ කලු වෙලා ගිහින්....

චූටී......ලොකූ.....

ලොකූගෙ කලු උන මූන දිහා බලාගන උන්න මම ආයම මැසේජ් එක කියවන්න හැදුවා උනත් අනිත් පාර ලොකු නැන්දා කතා කෙරුවත් එක්කම මම හොර වැඩක් කෙරුව එකා වගේ ඵෝන් එක හංගගත්තා ....හංගගන ඇයී කියලා කෑගැහුවා ....

ඇයී.......

මම ලොකු මාමා එක්ක යනවා.....වැස්සක් එන්න වගේ එන්නෙ....වැලේ රෙදි ඇති ගන්ඩ ඕනා ආ...

ආ....හා.....ලොකු නැන්දේ...

වැස්සක් එන්න වගේලු යන්නෙ.....වැස්සොත් කරන්ට් එක යයිද ....? මම ජනේලෙන් බෙල්ල එලියට දැම්මා....අව්ව තියනවා හැබැයි වැහි මන්දාරමකුත් එක්කම....වැස්ස වහීද...ලොකු නැන්දලා එනකන් නම් වහින්න එපා...මූයි මායි අන්දකාරෙට පුදුම බයයි......

ලොකු නැන්දේ.....

ඵෝන් එක පැත්තකට දාපු මම ආපහු ඇදෙන් පැනලා ලොකු නැන්දා ගාවට දිව්වා..දැනටමත් වෙලාව හතරයි...දැ ඔය ගිහින් එනවා කියන්නෙම රෑ වෙනවා...අනික චූටි අයියා එන වෙලාව කව්ද දන්නෙ....

ඇයි.....

මම ලොකු නැන්දව හොයන් කුසියට යනකොට අනේ එයා යන්න කලින් තේ හදල උනුසුම් බෝතලේට පුරවන ගමන් උන්නා..මොනවා උනත් අර කොට බරි පොඩි නැන්දා වගේ නෙවෙ අප්පා..අපිට හරි ආදරෙයි ...සමහර විට අම්මයි අප්පච්චි සල්ලි දෙන්නම් කිව්වද දන්නෙ නෑ.....නෑ...නෑ...නොදී බෑනෙ....දැන් පාන් රාත්තලම කීයද.......

ලොකු නැන්දෙ...ඉටිපන්දම් තියනවද...

ඉටිපන්දම් මොකටද ....

වහිනකොට කරන්ට් එක වත් ගියෝතින්...චූටියි ලොකුයි බයයිනෙ ලොකු නැන්දෙ ...

උඹලගෙ කට නම් තියනවා ගමකට ගහන්න අන්දකාරෙට බයයි....අර කබඩ් එකෙ ඇති...

එපානෙ ඔහොම නින්දා අපහාස කරන්න...පුම්චි කමට දන්න දෙයක් තියනවද ....

උඹලා දන්න තරම ඇති

නැන්දා කබඩ් එකක් දිහාවට අත දික් කරලා අර කබඩ් එකේ කියනවත් එක්කම මම කබඩ් එක ගාවට දුවලා ඉටිපන්දම අරගත්තා ...කරුමෙටම එකයි තියෙන්නෙ.....අපි දෙන්නට අඩුම ගානෙ ඉටිපම්දම් සීයක් වත් ඕනෙ.....ඒඋනත් ඔය කිව්වට වහින එකක් නෑ.....

වහින්නෙ නැත්තන් කරන්ට් එක යන්න විදිහකුත් නෑ...නිකන් බොරුවටනෙ හිත කලබල කරගන්නෙ...

වැලේ තියන රෙදි එක ගන්න කියලා සිය පාරක් කියපු ලොකු නැන්දා මගින් හම්බෙන ලොකු මාමා එක්ක මලගෙදර යන්න යනකොට මායි ලොකුවයි තනි උනා....වැලේ තිබුන රෙදි පෝලිම හුලන් අතට එහා මෙහා වැනෙනකොට මම එහෙම්ම අපහු සැරයක් අහස දිහා බැලුවා....

හුලන් තිබුනොතින් නම් වැහි වලාකුලු ගහගන යාවි....එහෙම නැති උනෝතින්.....තමා අපි දෙන්නට ගෞරවයෙන් බුදුසරන වෙන්නෙ........

මං ආයම ගෙට ආවා.....මෙච්චර වෙලාම උඩ බෙලි අතට උන්න ලොකුවා අනිත් පාර මුනින් අතට උන්නෙ...

මොකක් නමුත් සිද්ද වෙලා වgay...මූට අරූ මොකක් හරි බලපෑමක් වත් කරලද....ලිංගික අල්ලසක් වත් ඉල්ලලද....????.

හත්තිකෙ...අපේ එකා අරූට මොකක් හරි ඵොටෝ එකක් වත් යවලද?

ලොකූ....

ලොකූ...

මම ආපහු ඇදට දිව්ව....මුනින් අතට පෙරලීගන ඉන්න සනාශයා කොට්ටෙ අස්සෙ මුන හංගන් ඉන්නකොට මම ආයම උන් දෙන්නගෙ චැට් එක පීරුවා අරු අපේ එකාට උගෙ මොකක් හරි එවලද නැත්තන් අපේ එකාව අරූ බ්ල්ක් මේල් කරන් මුගෙ ගාව තියන මොකක් හරි ඌට යවලද බලන්න....

.ඇති යාන්තන් ....චැට් එකේ කොතනකවත් රන්දිකගෙ ඵොටෝ එකක් නෑ.....

දෙපාරක් තුන් පාරක් හොලවලත් මැරිලා වගේ උන්න ලොකුවව අතෑරල දාපු මම ආයම මැසේජ් කියවන්න ගත්තා ...

සයාශ් නිර්වාන්ව බ්ලොක් කරලා නේද....

"දන්නෙ නෑ...වෙන්න ඇති ....හේතු නැතුව බ්ලොක් කරන්න යන්න නැතුව ඇතිනෙ ශෙනිරු....ඇයි දැන් අන්බ්ලොක් කරන්නලුද?"

නෑ....එයා එහෙම කිව්වෙ නෑ...වෙලාවට කලාවට බ්ලොක් කරපු මිනිස්සුම අන්බ්ලොක් කරාවි.....අනික තව දෙයක්...ඔයාගෙ ඔය චූටිට කියන්න...කෙරෙන්නෙ නැති දේවල් ගැන කල්පනා කරන එකෙන් තේරුමක් නෑ කියලා ...

මොනවද...මොනවද කවදද අපේ චුටි කෙරෙන්නෙ නැති දේවල් ගැන කල්පනා කෙරුවෙ.....

ඒක ඔයාලගෙ චූටිම දන්නවා ඇතිනෙ බබෝ.....මං කියන්නෙ.....චුටිට උනත්...චූටිගෙ ලොකූට උනත්....වෙන්නෙ නැති සම්බන්ද පස්සෙ දුවලා හිත රිදවගන්න තියන අවස්තා අඩු කරගන්න කියලා .....

මේ යකා මේ මොනවද මේ කියලා තියෙන්නෙ....ශෙනිරුවා අපේ එකාට කැමතී වත්ද.......

ලොකූ.... ලොකූ...

මං මුනින් අතට වැටිලා උන්න සනාශ්ව හෙලෙව්වා ......බැරිම තැන මම ඌව උඩබෙලි අතට හරවගත්තා ....

චූටි....උඹට හිතෙන්නෙ නැද්ද....උන් දෙන්නා අපි දෙන්නට...

උන් දෙන්නා...අපි දෙන්නට....ඉතින්...

මේ...උන්..දෙන්නා.....උඹටයි මටයි....

කියකො යකො එක පාර.....උන් දෙන්නා අපි දෙන්නා ගගා ඉන්නෙ ඉක්කා වැටෙනවද තොට.....

මම බලාගන අපේ එකාගෙ යට කර ගත්තු මූන රතූ වෙලා තිබ්බා....අරුන් දෙන්නා තරමට නැති උනත්...ඒ ලගට වෙනකම්ම පැහැපත් කමක් අපි දෙන්නටත් තිබුනා වගේම මං බලාගන මගෙ නිවුන්නව රතූ වෙලා ගිහින් තිබුනා.....

චූටි...මට හිතෙනවනෙ....සෙනිරු.....සෙනූ.....👉👈

ආ..ආ..ආ...හරිම අනර්ගයි....හරීම අනර්ගයි......අප්පච්චි ගෙ වැඩිමහල් පුත්ත රත්නෙගෙ කතවිලාසෙ හරීම අනර්ගයි....ප්‍රීතී...ප්‍රීතී........!!

මං බලන් උන්නා...මෙච්චර වෙලාම ශෙනිරු...ඩිෆියුටියා ගගා උන්න අපේ එකා දොන්ත බිබික්කමක් වෙලා සෙනිරු...සෙනූ ගානකොට උගෙ මුන තනිකරම බිබිකම් සවානක් වෙලා තිබ්බා....එව්ව්....එව්...එව්...විතරක් .....මේ මොකත මේ......

ඉතින්.....ඩිපූටියා මොකද....මේ...ලොකූ....උඹ නාඩගම් නටන්න නම් පටන් ගන්න එපා හරිතේ.......කියපන්...කියපන්...කියපන් ඉතින්.....ඩිපූටියා උඹගෙන් ලිංගික අල්ලසක් වත් ඉල්ලුවද....

.නෑ යකො....

එහෙනම්....රූම් එකකට වත් යන්න අඩගැහුවද....

මොනාද මූසලයො ඔය කියන කතා....උඹ හිතනවද උන් එහෙම දෙකයි පනහෙ උන් කියලා ...

ආ...ආ.....හරිම අගෙයි...හරිම අගෙයි පොඩි ගස්බල්ලා කියූ කතාව....ඇ....ආ බොල දැන් උඹ නේද ඒකාට කොයි වෙලෙත් බැන්නෙ..දැන් උඹ මොකද එකපාරම ඌට ගරු බුහුමන් දෙන්නෙ...අමෝර්...අමෝර්......රහසින් වත් පව් නොකෙරූ තැනැත්තා....!!පිච්චමල් බිසව්තමෝ!!!

කටපියන් ඉදින්කො චූටි කියලා ඉවර වෙනකන් .....

හා කියපන්කො බලන්න...

මමඌ ගාවින් ඉදගත්තා ....වැහිලා තිබුන පෙට්ටි කට දිහා බලන් උන්න මම දැන් මොනාවා හරි කියයි දැන් මොනවා හරි කියයි කියලා බලන් ඉන්නකොට සැලලිහිනියා මා දිහා බැලුවා .....

මං හිතන්නෙ චූටි.......ගහක මල් පිපිලා...පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී...වෙන්න යන්නෙ....

මොකක්....?

ම්ම්ම්...මං හිත්තන්නෙ.....අවාරේ.....පිපෙන මල් සුවදයි....වෙන්න යන්නෙ...

අනේ මේ ලොකු....කියන පුකක් තේරෙන්න කියනවද....

තෙරී...කස්තුරී......ම්ම්ම්...ම්ම්........මනමස්ත මගන්..මනමස්තමගන්....මං හිතන්නෙ චූටියා...උඹටයි මටයි...හෙඩයි ඩිෆියුටියයි කැමති වගේ....

මො...මොක්....මොකක්.......හෙඩයි ඩිපූටියයි....උඹටයි මටයි....හරි ශෝක් පොඩි ගස්බල්ලා කියපු කාරනාව........!!!!

මං කෑ ගැහුවා....හෙඩයි ඩිපූටියයි අපි දෙන්නට කැමතී කියලා කියනවත් එක්කමමම.කෑගහනකොට අරූ කොට්ටෙ හපාගත්තා .....

අනේ චූටියා....ඌයි මායි මල් ගස් වටේ දුවනවා පේනවනේ...

උඹට පිස්සුද සනාශ්....නයයි මුගටියයි වගේ ඉදලා බලු වෙන්නද හදන්නෙ....උඹට මොලේ හොද නෑ...

ඔව්.....ඒක ඇත්ත....ඒ උනාට...මට දැන් ඌවමනෙ හැම තැනම පේන්නෙ.......

උඹට මොනවද පේන්නෙ.....?

ඌයි මායි මල් වතු අස්සෙ දුවනවා....බැක් ග්‍රවුන්ඩ් සංගීතෙට දිල්වාලෙ එකේ ජනම්...ජනම්....සිංදුව ඇහෙනවා වගේ...ඒ අස්සෙන් බඩත් කොරවෙනවා යකො....

මම අහක බලාගත්තා .....තත්පර ගානකට කලින් ඩිපූටියව වහ කදුරු උන සනාශයා උන විකාර හැදුන එකා වගේ කියවනකොට මම නිකමට අහක බලාගන චිත්ත රූප මවන්න ගත්තා ...

සනාශයයි ඩිපූටියයි.....

කවුරු බොටමා වෙයිද...අපේ එකා නම් නෙවෙ.....අපේ එකාට පුලුවන්ද බොටම් වෙන්න...

මං නිකමට අරූ දිහා බැලුවා.....ඌ නියපොත්තකුත් කටේ ගහන් මොනවා හරි හිතනවා...එව්....http උඹට කවදාවත් ටොපෙක් නම් වෙන්න බෑ...ඇරත් ඩිපූටියා ඉන්නෙ ගමකට ගහන්න වගේ...අපේ එකාගෙත් කට නැත්තන් බල්ලො ඇදන් යනවා.....

මං ආයම චිත්ත රූප මවන්න ගත්තා....තැබිලි පාට ඇප් එකෙ තියන කතා කියවලා කියවලම අපායෙ දොරකොඩ ගාව උන්න මට මුන් දෙන්නගෙ ආදර කතාව තනිකරම පේන්න ගත්තෙ දහ අට දන මේල් ප්‍රෙග්නන්ට් එකකින් වෙනකොට ඩිපූටියා අපේ එකාගෙ කට කන එක පවා ඵේන්න ගත්තා...එව්...

මූයි මායි කොහොමත් ඔව්වා කියවනවා....ඔය ලියලා තියන කතා අස්සෙ බොටමට බබුච්චෙක් හම්බෙන්න ආවොත් බොටමටත් වඩා පිස්සු හැදෙන්නෙ අපිට......ඒ වගේ ...සැලලිහිනියටත් බබුච්චෙක් හම්බ උනොත්....!!!

.හත්තුක්කෙ...අනේ....සිරිසේන අයියෙ....

මට දැන් ෆිල්ම් එක වගේ ඒවත් පේනවා.....

අපේ එකා බඩ වෙනවා.....ඩිපූටියා උගෙ සතුට සමරනවා.....

එ විතරක් නෙවෙ....මට දැන් අනිත් පාර මාවත් පේන්න ගත්තා .....හෙඩාට කියන්න ඕනා මං නම් කැමති නෑ කියලා ..මට ඕනෙ මගෙ ඉංග්‍රීසි මිස්ව....අහම්බෙකින් වත් හිත වෙනස් උනොත් මට නම් බොටම් වෙන්න බෑ කියන්න ඕනා...අර කතාවල තියන විදිහට ඒක මහ වේදනාවක් අප්පා....

මගෙ මුනම දැන් රතූ වේගන ආවා..සර්වාංගෙම තියන ලේ එක තැනකට එකතු වෙන්නා හා සමානව හැගීමක් දැනෙනකොට සනාශයගෙ ආදර අන්දරේ ඇදුන විදිහටම මට දැන් මාවයි හෙඩාවයි මැවි මැවි පේන්න ගත්තා .....මං හෙඩාව උස්සන් එන ඒවා පේන්න ගත්තා ....

ඒ චූට්ටකින් ආයම හෙඩා මාව වඩාගන්නවා පේන්න ගත්තා .....ඔක්කොමත් හොදයි...මට එතනින් එහා පේන්න ගත්තෙම දහ අට දන ඒවා වෙනකොට මාව ඉටිපන්දමක් වගේ දියවෙලා වැක්කෙරෙන්න ආවා.......

අර කතාවල තියනවා වගේ මාත්...ඔයා අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ සුදු මහත්තයා ගාගන ස්ලෝමෝශන්ද දුවන හැටි පෙනුනා...නිර්වානයා සතුට දරාගන්න බැරිව පොලවෙ පස් කනහැටි පවා පේන්න ගත්තා ...තනිකරම සයාශ් නිර්වාන් මේල් ප්‍රෙග් එකක් දැකපු මාව ඇද උඩම නිවන් ගත වෙන්න එනකොට මාව භ්‍රමණය වෙන්න ආවා.....

එව්..යකෝ...එව්....හරිම අගෙයි....හරිම අගෙයි....අප්පච්චිගෙ නිවුන් දරු දෙදෙනා නටන නාඩගම

චූටි ....

ම්ම්ම්.....

මේ බලපන් ....

නියපොත්තකුත් කකා මනෝ පාර ගහ ගහ උන්න මට ආයම ලොකුවා කතා කෙරුවා ...උගෙ විකාර මූන ආයම යතා තත්වෙට පත්වෙලා ....

උඹ කොතනකදිවත් ඔය හෙඩාට කැමතී කියන්න බෑ තේරුනානෙ.....

මං විතරක් මොකද උඹත්.....උඹටත් බෑඌට කැමති වෙන්න.....කොටිම්ම අපිට උන් එක්ක ඇයි හොදැයි ඕන් නෑ ලොකූ....සුදු වෑන් සවාරියක් යන්න ආස නම්. ...කැමති වෙයන් ...

පිස්සුද චූටි උඹට....උඹයි මායි මෙහෙ ආවෙ මගුල් නටන්න නෙවෙනෙ....අම්මයි අප්පච්චි ගැන හිතපන්....ඇරත් ඔය කියන ආදරේ එහෙම ඒ තරම් සුන්දරත් නෑ චූටියා.....

ම්ම්ම්...ම්ම්...ඔව්....ඒක ඇත්ත .......හරි...ඒකෙන් වැඩක් නෑ පොරොන්දු වෙයන් උඹ ඩිපූටියා එක්ක අයථා සම්බන්ද කමක් කවදාවත් පටන් ගන්නෙ නෑ කියලා .....

හරි.....උඹ පල්ලයි....මං ඕකා එක්ක කවදාවත් අයථා සම්බන්දයක් පටන් ගන්නෙ නෑ....දැන් උඹත් පොරොන්දු වෙයන්....කවදාවත් හෙඩාව මගෙ මස්සිනා නම් කරන්නෙ නෑ කියලා ....

උඹ පල්ලයි...මං ඕකව උඹේ මස්සිනා කරගන්නෙ නෑ...

සනාශයා මගෙ ඔලුවට අතගහලා මං පල්ලයි කියලා පොරොන්දු වෙනකොට මාත් උගෙ ඔලුවට අත ගහලා ඌ පල්ලයි කියලා පොරොන්දු උනා...පොරොන්දු වෙලා ඌයි මායි මූනට බලාගන ටික වෙලාවක් උන්නා.....සනාශයා ආයම උගෙ පෙට්ටි කට ඇරියා ....

දැන් ඔය හෙඩා කීයටද චූටී එනවා කිව්වෙ....

කව්ද අම්මෙ දන්නෙ ....අටට විතර....කන වෙලාවත් ඇහුවෙ....මෙහෙන් කන්න එන්නද මන්දා ....

ඕකා එනවා කියන්නෙ අරුත් අනිවාර්යයෙන්ම එනවා.....

ම්ම්ම්...

මං ඇදේ ඉදගන බලන් උන්නා....මෙච්චර වෙලාම මීහරකෙක් පොලවෙ ගහලා වගේ ඇදේ උන්න ලොකුවා අරුත් අනිවාර්යයෙන්ම එනවා ඇතිනේ කියබ ගමන් නවලා තිබුන ටවල් එක අරන් කරේ දාගත්තා....ඒ මොකත ඒ.....

උඹ මොනවද කරන්න යන්නෙ ලොකූ...

ග්‍රීස්මයි හරීයට....නාගන්න කියලා බැලුවෙ චූටි........

ආ....ආ ...ආ....හරි වgay නේ...

මේ වැහි පෝරුව අස්සෙ නිවුන්නට ග්‍රීස්මෙ ඉහට ගහලා නාන්න යනකොට මාත් ඌයනකන් බලන් ඉදලා ඉක්මනට අල්මාරිය ඇරියා .....

ඔබ මගෙ හදවතේ පැලදුවා.....

හදවත දිව්‍ය භවනක් කලා....

ලොකූ ........

මොකද .....

උඹ නානවද පීනනවද . ....දැන් කීයෙ ඉදන්ද වරෙන්කො එලියට ... 

.නාන්න ගියපු සනාශයා ඇතුලෙ ඉදන් සංදර්ශන තියනකොට ඌට විතරක් ග්‍රීස්මෙ ගහන එක අස්වාභාවිකයිනෙ කියලා හිතපු මාත් තුවාය කරේ දාගන නාන්න එනකොට වෙලාව හවස පහත් පහුවෙලා තිබුනා...

වර වර ඇතුලට.....

උඹ එක්ක.....

අනේ....මේ වර ඇතුලට...ඕකම තමා මටත් තියෙන්නෙ...

සනාශයා ....සංගීත සාජ්ජයක් දාගන උන්න සනාශයා ජොකා පිටින් ඉදන් මාවත් ඇදලා ගත්තා ...අනේ උගෙයි මගෙයි ආය හංගන්න දේවල් තියනවද....මල විකාර ....

ඇතුලට ගියපු ඌයි මායි එකා මාරුවට එකා ශවර් එක යටට දිව්වා විතරක් නෙවෙ ලොකු නැන්දා රෙදි පෙගෙන්න දාන බේසමට පවා වතුර පුරවගන ඒකටත් බැස්සා..... 

අවුරුදු ආ....වා....

නව අවුරුදු .....ආ....වා.......

සනාශයා එකක් කියනකොට මං ඉතුරු පදේ කිව්වා...ග්‍රීස්මෙයි කියලා නාන්න ආවට මොකද වැහිමන්දාරම එක වතුරත් ටික ටික සීතල වේගන එනකොට ගිරිය කඩාගන සින්දු කියපු අපි දෙන්නව තක් බීර් කරගන එකපාරම හෙනයක් පුපුරලා යනවත් එක්කම සබන් පෙන ගොඩේ ලෙස්ස ලෙස්ස උන්න මාව ලොකු නැන්දගෙ බේසම කඩාගන බේස්ම අස්සට වැටුනා අරූව ගිහින් ටැප් එකේ ඇනුනා...

.ච්...ච්.....චූටියා....වහින්වද.. 

ඒ වගේ ..ගොරවන්නෙ... .වහිනවා ඇති

නාපිය නාපිය ඉක්මනට අහක යන හෙනයක් කම්බි දැල් අස්සෙන් හරි රිංගලා එන තරම් වාසනාවක් තියෙන්නෙ...

ලොකූ....බේසම...

..........දැන් ඉතින් හරි. .උඹ පිගානකුත් බින්ද නේද..... දන්නෙ නැති විදිහට තියපන්.....

මම දාරෙ ගාවින් පහලට පැලුන බේසෙම මොකුත් නොවුන ගානට හරවල ඉක්මනට ඉකමනට නාගන බාතෲම් එකෙන් එලියට එනකොට වහින්න බලන් උන්න අහස අම්බානෙට වහිනවා විතරක් නෙවෙ වැහි අන්දකාරෙ ගෙටත් ඇවිදින් මුලු ගේම කලුවර වෙලා තිබුනා....

අන්දකාරෙට කොහොමත් බය අපි දෙන්නා ලයිට් බිල අහස උසට නැග්ගත් කමක් නෑ කියලා වෙසක් තොරෙනෙට දාන ලයිට් වගේ මුලු ගේම ඒකාලෝක කරගන කරගන යනකොට යස අගේට වේලිලා තිබුන නැන්දගෙ රෙදි ටික වැලටම ඇලිලා කිරිපැනි වෙලා තියනවා දැකපු මට හින් දාඩිය දාන්න ගත්තා ...කොටිම්ම මේ පාර මට ඇත්තටම ග්‍රීස්මෙ හැදුනා...

අනේ ලොකූ....රෙදි ටික...

එතනින් එහාට උනේ වෙනම දෙයක්....ඉනට පටලන් උන්න තුවා දෙක අතින් අල්ල ගත්තු අපි දෙන්නා ආපහු තෙත රෙදි ගෙට ගන්න එක මෝඩකමක් කියලා දැන දැන උනත් අහන්න වෙන දේශනාවට බයේ ආයම රෙදි ගන්න දිව්වා..... .. .

ගන් ගන් ඔය ටික...චූටියා ගන් ඉක්මනට ගොරවනවා.....

සැරින් සැරේම විදුලි කොට කොට ගොරවන අහස අපි දෙන්නට ඕනාවටත් වඩා නපුරු කම් කරනකොට විදුලි කොටන්නෙ නැති වෙලාවක් බල බල අපි දෙන්නා මාගලක් වගේ දිගට තිබුන වැල ගාවට දුව දුව රෙදි ගත්තා වගේම අවසානම ටික අරන් මං ගෙට දුවන් ආව වගේම එල්ලාල තිබුන මේස් ටික ගන්න ගමන් උන්න සනාශයට මා එක්ක දුවන් එන්න බැරි වෙද්දි පලාතම එලිය කරන් ග්‍රීල් පවා හෙලවෙන තරමට අකුනක් පිපිරුව විතරයි අකුනට කලින් සනාශයා කෑ ගහන් ගෙට ඇවිත් තිබ්බා...හැබැයි ....උගෙ තුවාය නැතුව...

ඉනට ගැටගහන් උන්න තුවාය වැල ගාව වගේම තෙත බේරෙන මේස් ටික අත් දෙකේ උන්ඩි කරන් උන්න සනාශයා පුපුරපු හෙනේට බය වෙලා අමු හෙලුවෙන් සාලෙ මැද හිටන් මා දිහා බලන් ඉන්නවා එක්කම කරුමෙටම කරන්ට් එකත් ගියා.... 

ල්ල්...ල්...ලොකූ.....

ම්..මං...මෙතන....ෙ..එව්...එව්....ක්..කොහෙද....යකො...මිරිකන්නෙ....මං.....

අතෑරපන්...ඕක......ම්..මැරෙයි...මාව.....

මම අතපත ගෑවා...අමු හෙලුවෙන් සාලෙ මැද උන්න ලොකුවගෙ පිරිමිකම අහු උන මට බයටම මිරිකිලා යනකොට ඒකා කෑ ගැහුවා....මං ඉක්මනට අත ඇරියා .... 

චූටී...උඹ කොහෙද ...

උඹ ගාව... 

අපි දෙන්නා තාම සාලෙ මැද...එහාට යාගන්නත් බැ...මෙහාට යාගන්නත් බෑ...ඌ මාව හොයනවා මං ඌව හොයනවා....... අරූ අඩන්න ඔන්න මෙන්න.....ඒ තරම් අන්දකාර නැති උනත් මූසල කමක් වගේම ලොකු නැන්දලා ගියපු මලගෙදර පවා මතක් උන අපි දෙන්න කාමරේට යාගන්න බැරිව ඉන්නකොට උඩ ඉන්න දෙයියන්ට දුක හිතිලද කොහෙද එක පාරම ගියපු ලයිට් ආයම ආවා....

ආවා...ආවා......

ආය ගියා ...!!!

ලයිට් ආවා....ආවා.....

එන්න කලින් ගියා...

..චූටියා.....ඊලග පාර නම් තෝ ආවා ආවා ගන්න එපා.....ආවා....ආවා....

දැන් හරිනෙ ....එන්න කලින් ගියා.....

ලොකූ....

තුන් හතර පාරක් විදුලි බලමන්ඩලෙත් අහිංසක අපි දෙන්නගෙන් තරහවක් පිරිමහල තිබුනා....අවසානෙදි ලයිට් ආවා උනත් අපි දෙන්නා දැක්කෙ නැති ගානට උන්න හන්දමද කොහෙද නිවුන ලයිට් ඇවිලිලාම තිබ්බා ...වැස්සෙ එහා මෙහා දුවපු අපි දෙන්නා අවසානෙදි ගේත් ඌරු වලක් කරල තිබ්බා ....සීතල යන ඔලුවෙ ඉදන් ඇග වැහෙන ඇදුමක් ඇදගත්තු සනාශයයි මායි රෙදි ටික මිරික මිරික පුටු උඩින් වනනකොට උගෙයි මගෙයි ජොක්කු පෝලිමක් පාට පාට දේදුන්නක් වගේ පුටුවක් උඩ පායලා තිබුනා........

ලොකූ.....

ම්න්.....

චූටි අයියගෙන් මැසේජ් එකක් වත් නැද්ද....

නෑ....

මං උන්නෙ බිත්තියෙ ඇලීගන......වෙලාව හතත් පහුවෙලා .....බෙල්ල ගාවට වෙනකම්ම වහන් උන්න මං මේ වැස්ස වෙලෙත් ටුකු ටුකු ගගා ඵෝන් එකට කොටන ගගා ඵෝන් එකට කොටන සයාශ් දිහා බලපු මං චූටි අයියගෙන් මැසේජ් එකක් නැද්ද අහලා ආයම අනිත් පැත්තට හැරුනා....

ම්හුක්....මැසේජ් කරන්නවත් එකෙක් නෑනෙ....එක්කො වට්සැප් එකට ගිහින් මටම මැසේජ් කරගන්න ඔනා...

හෙඩාලටත් එන්න බැරි වෙයි....වහිනවනේ.....ඒකා ඔලුවෙ ඉදන් පොරවගන නිදි ඇති...අනික මාව බ්ලොක් කෙරුවත් එක්කනෙ.....

මැසේජ් කරන්න කවුරුත් නැ නෑ ගගා උන්න මම අවසානෙදි කුකුල් බෙටිත් බෙහෙතට ඕනවෙනවනෙ කියලා හිතාගන හෙඩාව අන්බ්ලොක් කෙරුවා .....

හී....හත්තුක්කෙ.....මාවත් අන්බොක් කරල නේතේ...

කොලපාට තිතක් එක්ක දිලිසි දිලිසි උන්න හෙඩා මාවත් අන්බ්ලොක් කරලා තියෙනකොට එකපාර මැසේජ් එකක් දාන්න බැරි කමට මං ඒකගෙ ප්‍රොපයිල් පික්කුවට එදා වැටුන ලයික්කුව වෙනුවට හාට් එකක් දාලා මාගෙ පැමිනීම දැනුම් දුන්නා....

ම්ම්ම්.කොමඩ් එකකුත් දාමු නෙ...

එයා දැකලා රිප්ලයි කරන්නත් ඉඩ තියනවා .....

හැබැයි එහෙම නොවී ඉන්නත් ඉඩ තියනවා .....

ඕන පුකක් ප්‍රීතී වෙසක් කියලා හිතපු මං ඊලග පාර හෙඩාට gammac bro කියලා කමෙන්ට් එකක් දැම්මා .....

ටින් ...

ආයි....අයි.....ඔන්න ටින් ගෑවා.... 

මැසේජ් එකක්.....හෙඩාගෙන් ...චුට්ට වෙලාවක් ඉදලා සීන් කරමු...බිසී කියලා පෙන්නන්න එපැයි...

මං තත්පර ගානක් ඉදලා මැසේජ් එක ඕපන් කෙරුවා ....

Bro??

ම්ම්..මොකක්ත නිරූ...අයියේ ...

මං ටින් ගාලා ආයම මැසේජ් එකක් දැම්මා...මොන මගුලක් අහලද කියන්න දන්නෙ නෑ...බ්‍රෝ කියලා අහල තිබ්බ එකට මොකක්ත අහලා යවපු මම බලන් උන්නා...එයාලා එනවද දන්නෙ නෑනෙ.... .

වැස්ස තියන එකේ ආවා නම්.....නේත....ම්ම්ම්.....

කරන්ට් යනවට බය වෙනදට වහකදුරු හෙඩාට අද ඇගෑලුකම් පාන්න ගත්තු 'ගුනමකු පන්තියෙ "මම පුදූම සහෝදර කමකින් හෙඩාට මැසේජ් කරන්න ගත්තා ...

මොකද නිරූ කරන්නෙ.....👉👈

"කෙනෙක් ගැන හිතනවා.."

යූ.....කාගැනද.....?

එකපාරම මගෙ සර්වාංගෙම නිකන් කිචි කැවීගන ගියා.....බඩ ඇතුලෙ සමනල්ලු කෝටියක් විතර ඉගිලෙන්න ගත්තා......එයා කිව්ව කෙනෙක් ගැන හිතනව කියලා .......ඒ එක්කම මට දවල් සයාශ් කියපු කතාවත් මතක් වෙලා මනමාල හිනාවක් යනකොට ඌට දුන්න පොරොන්දුත් අමතක කරලා

" කඩවුන පොරොන්දු පන්තියෙ" මන් ඇස් දෙකේ හාර්ට් දෙකක් පිපෙන ඌරව යැව්වා.....යවලා කා ගැනද ඇහුවා....

ඇයි අහන්නෙ ම්ම්...

නිකන්නෙ...දැනගන්නනෙ...එයා ලස්සන ඇති නේ.....

ම්න්.....

හුගාක් ලස්සන ඇති නේද නිරූ

ම්න්....

සුදුද...සුදුත් ඇතිනේ ...ඔව් ඉතින්...ඔයත් සුදුයිනෙ....

ම්න්...

මං දැන් එයාගෙන් එක එක දේවල් අහ අහ යැව්වා ...ඒහැම දේටම ම්න්..ම්න් ගගා උන්න එයාගෙන් මං එයා කොහෙ කෙනෙක්ද අහලා වයසත් අහලා බලන් උන්නා.....

එයා කොහෙ කෙනෙක්ද..අපේ schl එකේ කෙනෙක්ද....වයස කියද...

Girl school එකෙ..අපෙ වයසෙ bio එකේ...

මැසේජ් එක ආවා....එයාගෙන් මැසේජ් එක ආවා...හැබැයි....ඒක දැකපු මගෙ හිනාව හිදිලා ගියා....

හරිම අගෙයි...හරිම අගෙයි...මන්ත්‍රී පුතුනුවන්ගෙ ක්‍රියාකලාපෙ නම්..හරිම අගෙයි....අපේ එකාට අන්දකයිප්පු.....මුන්ට කෙල්ලො ඉන්නවා..........බාලිකාවෙ ඉන්න බාලිකාවක් නම් මූ අපිට කැමති වෙයිද.....අනිවාර්යයෙන්ම ඩිපූටියටත් කෙල්ලෙක් ඉන්නවා.......ඒකගෙ අහංකාර මැසේජ් එක දිහා බලන් උන්න මං ආයම හැරෙන තැපෑලෙන් මැසේජ් එකක් දැම්මා....දාලා බ්ලොක් කෙරුවා ......

උඹට මම සෙකන්ඩ් වෙන්න....

හරි ....නිර්වාන් ...මං පස්සෙ txt එකක් දාන්නම්...මගෙ gf online ආවා....bye!

You blocked nirvan abeysekara !

ම්හුක්...ගුඩ් නයිට් ලොකූ මං බුජි....ගුන නුස ටකෙ කරේ hnb boc dfc lolc ..

උඹ නිදියනවද....

ඔව්...නිදාගන්න දියන්....ආයම ඔය කොහෙවත් යන අනංගයො ගැන හිතන්න්‍ර් නැතුව උඹත් නිදියපන් ....

මම ඔලුවෙ ඉදන් පොරවගත්තා .....වැහි පිට වැහිවහින වෙලේක නිර්වානයගෙ කෙල්ලට හෙන ගහපන් කියලා ප්‍රාර්තනා කරපු මම ඔලුවෙ ඉදන් පොරවගන නිදා ගත්තා .....

ම්හුක්....

නින්ද යන්නෙ නෑ...අහේතුවකය හිත රිදෙනවා.....යො.....බූට් කාලත් නැ...ඒත් බූට් සින්දුවක් වත් අහලා මූඩ් ගහලා ඉන්න ඕනා....

මං ආයම ඔලුව දැම්මා....ලොකුවා වට්සැප් එකේ කා සමග හෝ කොයනවා...අහන අහන හැමපාරම කිව්වෙ සමාගම් ගිණුමක් විසදනවා කියලා වෙනකොට මම ආයම ගස්සලා අහක බලා ගත්තා ....

හරිම අගෙයි http මාව ගනන් ගන්නෙ නැතුව ගිණුම් විසදන අයුරු නම්.....දෙන්ඩ හිතයි මූට.....

මං ආයම ඔලුවෙ ඉදන් වහගත්තා ...සැරින් සැරේම බ්ලොක් කරපු නිර්වානයවත් මතක් වෙනවා.....මැසෙන්ජර් එකෙන් විතරනෙ ඕකව බ්ලොක් කෙරුවෙ ...පොඩ්ඩක් හිටපිය......පොඩ්ඩක් හිටපියකෝ..........

මං නිර්වානයට පේන්න වදනක් දාන්න ආපහු වෝල් එකට ගියා...දූවල ගිහින් වදනක් කෙටුවා.....

" මන්දාරම්...අදුර මැදින්....

වැහි හිරිකඩ වැටෙන වෙලේ....මා

හා ඇවිදන් යන්නට....ඔබ සිටියා නම්....

ඔබ සිටියා නම්.....miss you doni"

ඔන්න හරි.....මටත් දෝනියෙක් ඉන්නවා කියලා ඒකත් දැනගන්නෙ නැතැයි...........සින්දුවෙ වචන ඒ මේ අත වෙලාදවත් නොබලපු මම අරක අප්ලෝඩ් කරලා ඒකට වැටෙන කමෙන්ට් දිහා බල බල කුරිරු සතුටක් විදින්න ගත්තා ...

( sanash..)

කව්ද අඩේ දෝනි.....kiss you අපේ දෝනි....!

කව්ද බ්‍රෝ....දෝනි....

ආව්..ආව්...සයාශයා....කන්බැජුලේස්න් වුත්තො.....!!!

මට එහා පැත්තෙ ඉදන් ඉන්න සැලලිහිනියා පවා කමෙන්ට් දලා තිබුනා.....ම්ම්ම්ම්...ඔහොම යන්....ඔහොම යන්.....ඔහොම යන්.....

මේ දැන් දාපු පෝස්ට් එකට වහින වැස්ස වගේ කමෙන්ට් කදක් වැටෙනකොට කන්බැජුලේස්න් කියපු හැමෝටම මං තැන්කිව් කිය කිය මෙලෝ සිහියක් පතක් නැතුව ඵෝන් එක ඔබ ඔබ උන්නා වගේම හොදට නිදාගන උන්න සැලලිහිනියා හිටපු ගමන් කාමරෙන් ඉගිල්ලිලා ගියා......

මට වැඩක් නෑ...

තැන්කිව් බ්‍රෝ....

තැන්කිව් බ්‍රෝ....

දෝනි කේස් බ්‍රෝ....

මම නිකන් කොලපාට ගෙම්බා වගේ........හැමෝටම තැන්කිව් කොය කිය උන්නා.....වෙන්නෙ මොනාද....ගංවතුර ගලනවද වත් සිහියක් නෑ........අරු කොහෙද දිව්වෙ කියලා වත් ගානල් නෑ.... ඒත්...ඒ චුට්ටකිම්ම මගෙ ඇග උඩට මොනවා හරි තෙතක් දැනුනා...මෙච්චර වෙලාම නිදාගන උන්න මං අනිත් පාර ඇද විට්ටමට හෙත්තු වෙලා ඵෝන් එක කොටන්න අරන් තිබුනෙ මටත් නොදැනිම වෙනකොට මගෙ ඵෝන් එකෙ ඩිස්ප්ලේ එක උඩට වතුර බින්දුවක් දෙකක් වැටුනා.....

සිවිලිමෙන් වතුර එනවා වත්ද...

ඩිස්ප්ලේ එක ඇද රෙද්දෙ අතුල්ලපු මම සිවිලිම දිහා බලන්න ඔලුව ඉස්සුවා......හැබැයි එච්චරයි ....මට දෝනිලාව සිහි උනා....

.හෙඩා.....වෙන...කවුරුත් නෙවෙ....ඉහින් කනින් වතුර වක්කර වක්කර උන්නෙ හෙඩා.......

න්..නි...නිර්වා....න්.......

නිර්වානයව ගිනි ගන්නවා......වතුර වැක්කෙරි වැක්කෙරි උන්නත් නිර්වානයගෙන් දුම් දානවා....

න්..නිර්....නිර්වා...න්...ඔ...ඔයා...මෙ...නිර්වාන් ...එපා ...දෙන්නකො.....

ශ්ශ්......!

....කතාව දැම්මා...

අසනීපයි කියලා කියපුවෙලේ ඉක්මන් සුවය ප්‍රාර්තනා කරපු ඔයාල හැම කෙනෙක්‍ටම ස්තූතියි ....තවම චූට්ට චුට්ට සනීප වෙනගමන්...

හැමෝම පරිස්සමින් ඉන්න....රමදාන වලට මහන්සි වන අයත් ඔයාලත් හැමෝම ප්‍රවෙසමෙන් ඉන්න...නි

තරම වතුර බොන්න.....අව්වට යනකොට හොදට අතපය වහගන්න...අව්කන්නාඩියක් පාවිච්චි කරන්න...එක පාරම කූල් වතුර නොබී ඇග චුට්ටක් නිවෙනකන් ඉදලා බොන්න.......

ආයම කොටසකින් එන්නම්.....

ආදරෙයි .....

මං ජොබී....

Nedeesha ❤️❤️❤️

More Chapters