LightReader

Chapter 39 - 39

ප්ප්....අනේ...මේ...අනේ....මේ...අපේ....

ම්හුක්....ම්ම්...හ්හ්....අනේ...අයියෝ...මේ...අනේ....

ඔව්..අනේ මේ මොනවද...ම්ම්ම්...

නිරූ....මේ අහන්....

ඔව් මොනවද මං අහන්න ඕනෙ ම්ම්.....රෑ එලිවෙනකන් ඵෝන් එකෙ එල්ලීගන ෆිල්ම් බලපු එකද....ඒකද තමුසෙගෙ පාඩම් කෙරිල්ල කියලද.....ම්ම්ම්

න්..නිර්...මේ...ඔයා....

සයාශ් ...සයාශ් ...සයා.....ශ්.....මට බොරු කියන්න කලින්.....එක වතාවට සියදහස් වතාවක් හිතපන් සයාශ් ..... කාට බොරු කිව්වත් බේරියන්...හැබැයි මගෙන් බේරෙන්න හිතන්න එපා ...

මං ඔලුව කැසුවා...ඉස්කෝලේ එන්න කලියෙන් පන දාගන ගෙදරදි හොයපු පරි ඇටයා බෑග් එක අස්සෙ රිංගන් මැරිලා වගේ නිදාගන උන්නා මදිවට රෑ තිස්සෙ පාඩම් කරනවා කියලා එලිවෙනකම්ම ෆිල්ම් බලපු මාව පුහුල කරේ ගෙනියපු හොරාව වගේ එක පාරම අහු උනා....ඒ කොහොමත...ඒ...?

ම්හුක්...එයා කොහොමද දන්නෙ.....??

එහෙන් මේ පරිගේසන් ...දැන් මූව කව්ද බලාගන්නෙ...අනේ...හ්....ඒ අස්සෙන් අද රැස්වීම.....මගෙ ඔලුව දැන් යකාගෙ කම්මල වේගන එන්නෙ....පූසව දන්නෙ නෑ වගේ ඉන්නත් බෑ මේ මෝඩ ඇටයා අපි දෙන්නව දැක්කම උගෙ නැට්ට උස්සන් දුවගන එනවා...අනික මේකා මාර බඩ්ඩ තමයි දවස් දෙකට හීලෑ උනානෙ වසී ගුරුකමක්වත් කරලා දුන්නතෝ මන්තා...

නිර්වා.....න්...මේ අනෙ.....

මට බැ.....

මොනවද....

ඔය කොහෙවත් යන පූසො බලාගන්න...

අම්මො නිර්වාන් ....මොකක්ද අනේ බලාගන්නකො.....ඇයි අනේ බෑ කියන්නෙ...?

......

ඔයා තාත්තා නේද...ආ නිර්වාන් ....මං බොරුවක් කිව්ව පලියට දරුපැටියගෙන් තරහව පිරිමහන්න එපා ඔයා.....මං එලිවෙනකන් ෆිල්ම් බැලුවා ඒක ඇත්ත...ඒ උනාට මං වෙනවෙන උන් එක්ක මුකුලු කරන්න ගියෙ නෑනෙ...එදායින් පස්සෙ මං වැරදි හදාගත්තානෙ....වටේ යන එකත් නැවැත්තුවා....

ඔයාට විතරනෙ මැසේජ් කරන්නෙ...එහෙම එකේ ෆිල්ම් එකක් බැලුවා කියලා මැරෙන්න එපා අනේ....අනික....හිතක් පපුව නැති විදිහට කොහෙවත් යන පූසො කියලා ගානක් නැතුව කියන්නෙ කොහොමද නිර්වාන් ....ආ....මම කට පුරාවටම පරී පරී....හ් කියනවා...ඔයාට බැරිද තාත්තා විදිහට දරුවව ටිකක් බලාගන්න...

ඇත්තද මං දැන් තාත්තද ම්ම්...එහෙනම් අම්මට හුස්ම හිර වෙලා මැරෙයි දැන්.....

න්..නිර්...මට බෑ...අම්මා වෙන්....න...

තාත්තලා දෙන්නෙක් ඉන්න බෑනෙ...නේ....ම්ම්ම්...දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා හුස්ම ගන්නවා.....

මාව පුපුරන්න ආවා.....ෆිල්ම් එකක් බැලුවා කියලා සැර වෙච්ච නිර්වාන් කොහෙවත් යන පූසා කියලා බෑග් එකේ උන්න පරිගේස ට නිගා කරලා අවසානෙදි මගෙ කටට බයවෙලාමද කොහෙද මෙච්චර වෙලාම ප්‍රතික්ශේප කරපු තාත්ත කම ඉක්මනට අරගන පරියගෙ තාත්තා උනා හැබැයි මගෙ තාත්තා පට්‍ටම උදුරගන මාව අම්මා කෙරුවා .....

යෝහ්...චින්තක...දෙවනි දරුපැටියා දැන් අම්මා කෙනෙක්.....ඔයා සීයා කෙනෙක් !

සයාශ් ...

ම්ම්ම්ම්...ඕ...ඇයි...

වාඩිවෙන්න....

මම බෑග් එක අස්සට බෙල්ල දාලා දිවත් චුට්ටක් එලියෙ දාන් මැරිලා වගේ නිදාගන උන්න පරී දිහා බැලුවා.....අඩු හතරම ගුලි කරන් ඒකා බුදියන් උන්න විදිහට මට හිතුනෙම මූ නම් මැරිලමයි කියල වෙනකොට මං ඒකගෙ එලියට ඇවිත් තිබුන දිව චුට්ටක් කෙනිත්තුව විතරයි ඒකා යී....ව්ව් ගාලා කෙදිරි ගෑවා.....

මැරිලා නෑ මැරිලා නෑ.....!

නිර්වාන් .....අනේ ඔයා මෙයාව ටිකක් තියා ගන්නවද.....අපේ පන්තියෙ තියාගන්න බෑ නිරූ...මේ ළමයා කොයි වෙලෙත් මගෙ පස්සෙන් එනවා....

......

අනික අපේ සැලා කෙල්ලො කට්ටියක් අල්ලන් ඩිපූටියට පොවන්න ග්ලූකෝස් බාල්දි ගනන හදවනවා...ඌ බිසී...ඌට බෑ...

...

මොනා උනත්...

ඇති සයාශ් ....ඇති...ඕකව මෙන්න මෙහෙන් තියනවා....

ම්හුක්....සැර උනා.....ඔයාට කියන්න තියෙන්නෙ මොනවද කියන්න ඔයාගෙත් සැර බලන්න බෑ ඕනාවට වඩා...තව දවස් දෙකයි....ඔන්න නිර්වාන් මං ඩ්‍රිල් එකට නම් යනවා...ආ....අපෙ සැලත් යනවා....අනික ඒක කරන්නෙත් අපේ ආර්ට් එකේ අයියලා....අක්කලා.....කොමර්ස් එකේ අයත් එනවා...මැත්ස් සයන්ස් නම් ගාව ගන්නෙත් නෑ කිව්වා...මොකද ඔයාලා තනිකරම ඇවිදින පුස්තකාලනෙ විහිලු තේරෙන්නෙ නැති...

මං කියෙව්වා ...නිර්වාන් මාව එයා ගාවින් ඉන්දවගන මගෙ දිහා බලාගන ඉන්නකොට මම නින්ද ගිහින් උන්න පරියව එලියට අරන් දෙපාරක් තුන් පාරක් හොලවලා පියවි සිහියට අරගත්තා ....

ඌව නිකන් භ්‍රමනය වෙනවා වගේ...පව්...ඌට හිතාගන්න බැරිව ඇති මේ ඉන්නෙ කොහෙද.කියලා

.යන්න පරි ඔයාගෙ දොස්තර තාත්තියා ගාවට...මේ නලු අම්මියට බෑ...

ඇයි ....අම්මා කාගෙ හරි දුක අහන්න යන්නද...ම්ම්ම්....

ආ..ආ..හරිම අගෙයි නිර්වාන් ...හරිම අගෙයි ආ....කටවහන් ඉදලා ඉදලා එක පාරම එලියට දාන වචන මාලාව නම් බොහෝම අගෙයි.....වචන මාලාවෙන් හදවත බිදින අයුරු නම් හරිම අගෙයි නිරූ... ....ප්‍රීතී...ඈ...

ලමයෝ.....

මං ආයමත් කියෙව්වා ...නිර්වාන් මගෙ පෙර වැරදි එලියට දදා මගෙ හිත බිදිනකොට මම නිර්වාන් ඉස්සරහා හුස්මක් කටක්වත් ගන්නෙ නැතුව හෑලි කියවද්දි එය ඇස් දෙක හීනි කරගන කරගන ඉදලා අවසානෙදි මම ඉදන් උන්න ස්ටූල් එක පිටින් ලගට ඇදලා අරගන අතකිනුත් අලගත්තා .....අනේ මාව සීතල වෙලා ගියා....

ඇයි ඔච්චර දඟ ම්ම්ම්ම්

න්....නිර්....නිරූ.....

ශ්ශ්...මං ඔයාව එක්ක ආවෙ....හුගාක් දේවල් කියන්න සයාශ් ...අහන් ඉන්න පුලුවන්ද මගෙ ලමයට....

එයා වෙනස් උනා...අර නපුරු ගල් මූනක් තියන් ඉන්න නිර්වාන් වෙනුවට එක තත්පර ගානකින් මගෙ ගාව උන්නෙ හරි සංවේදි වගේම සීරියස් වෙච්ච නිර්වාන් කෙනෙක් වෙනකොට මමත් හරිම කලාතුරකින් එලියට ගන්න සයාශ් ගෙ සංවේදි වගේම සීරියස් පැත්ත එලියට ගත්තා ...

කියන්න නිරු.....ඔයාට කියන්න ඕනෙ මොනවද ....අහන්න කෙනෙක් උන්නා හෝ නැතා....ඔයාගෙ සයාශ් ට ඔයා වෙනුවෙන් මුලු ජීවිත කාලෙම උනත් තියනවා නිර්වාන් ...

.......ස්තූතියි ....

ඇයි....ස්තූතියි කියන්නෙ....මං කවදාවත් අහලා නෑ නිර්වාන් අපේ අම්මා අප්පච්චි ඒ දෙන්නට දෙන්නා ස්තූතියි කියා ගන්නවා....ඔයා මට කියන්න යන්නෙ මොනවද කියන්න දන්නෙ නෑ නිර්වාන් ...ඔයා කියන්න හදන දේට මෙක අදාල නොවෙන්න පුලුවන් ....ඒත්...දන්නවද නිරූ.....අපි ආදරෙ කරන්න ඉගන ගත්තෙ අම්මා අප්පච්චිගෙ...ආදරෙ කරන මිනිස්සු වෙනුවෙන් අහන් ඉන්න එක...බලන් ඉන්න එක...දරාගන ඉන්න එකට කවදාවත් ස්තූතියි කියන්න එපා සයාශ් .....ඒකත් ආදරේ එක කොටසක්.....

පන්ඩිත වෙලා....

මන් ලාවට හිනා උනා.....කොච්චර වා.....ත් කච පච ගාන මම එක පාරම මෙහෙම කතා කරනකොට එයාගෙ ඇස් අමුතු උනා.....මෙච්චර වෙලාම පොතක් කකා උන්න කෙල්ලත් කොහෙට හරි වාශ්ප වෙලා ගිහින් තියනකොට කාත් කවුරුත් නැති ලැබ් එක අස්සෙ මමයි එයයි තනි උනා.....හැමදාමත් උදේ පාන්දරට ආර්ට් එකෙ කොමර්ස් එකේ අහු මුලු ගානෙ ඉන්න කුරුලු ජෝඩු දැක්කා උනත් මීට කලින් නිර්වාන් එක්ක අහු මුල්ලක තනි උන් නැති මට දැන් බඩ රිදීගන බඩ රිදීගන එන්න ආව....

දෙයක් අහන්නද....

මොනවද නිරූ...

එයා මගෙ අත එයාගෙ එක අතකින් අල්ලන් ඒ අතේම මහපට ඇගිල්ලෙන් මගෙ අතේ පිට අල්ල අතගෑවා...කියන්න යන දේ මොකක් උනත්...එයා මගෙ අත අතගාන විදිහෙන් මට මහ අමුත්තක් දැනුන.....කියන්න යන දේ හින්දා මගෙ හිත උනත් රිදෙයි කියන්න මට ඉවෙන් වගේ දැනුනා....

කවදම හරි...මොකක්ම හරි උනෝතින් ...මාව අත අරිනවද සයාශ්

නිර්වාන් !

මගෙ කටහඩ එක පාරම උස් උනා....කොච්චර උනත් විහිලුවට මට උඹව එපා කියලා කියන මම කොතනකවත් නිර්වාන් ව අත අරිනවා කියලා හීනෙකින් වත් හිතුවෙ නැති වෙනකොට මට තරහා ගියා විතරක් නෙවෙ මම නිර්වාන්ගෙ පිලිවලට ගැටගහන් උන්න ටයිගැටෙන් පවා මිරිකල අල්ලන් මම ඒ මූනට ලන් උනා...

නිර්වාන් ....මාත් එක්ක විහිලු කරපන්...හැබැයි මාව විහිලුවකට ගන්නෙ නැතුව...අහිංසක උන පලියට ඉඹ හදන්නෙ මගෙන් දරමිටි බදින්න නම්...මටත් වෙන්නෙ.....ඒ මොකාද නොකිය නොබලා අනිත් අතට කෙලල දාන්න....තේරුනාද .....

මට තරහ ගියා.....නිරූ...එපානෙ චූචිට බයින්න ගගා හුරතල් වෙන මට එක පාරම තරහ ගියා නිර්වාන්ගෙ ඇස් දෙක හීනි උනා....

වාඩි වෙන්න...

නිර්වාන් .....උඹ ඕන දෙයක් අහපන්..කියපන් .....හැබැයි ඔය වගේ දේවල් නාහා....

ම්න්....සයාශ් ...වටින් පිටින් ආරංචි කරනවෙලා හිත රිදවගන්නවට වඩා.....මගෙ කටින් කියලා මම හිත රිදවලා උඹව ලගට ගන්න එක අනිත් හැම දේටම වඩා හොදයි කියලා හිතලයි මං මේක කියන්නෙ සයාශ් ...උඹගෙ හිත රිදෙයි කියන බයට ඇත්ත හංගලා බොරු දාහක් කෙලින්න බෑ මට....මොකද...එක බොරුවක් වගන්න බොරු දාහක් ඕනෙ...කතාවලදි පෙන්නලෝකෙයි යතාර්තෙයි හරි පරස්පරයි චූටි. . .....මට එහෙම කරන්න ඕන් නෑ....

නිර්වාන් ..මොකක්ද කියන්න යන්නෙ.....??

හිත රිදුනා හෝ නොරිදුනා....මට අහන් ඉන්න තරම් හයියක් තියනව නිර්වාන් ...පිටින් පේන හැම මෘදු දෙයක්ම ඇත්තටම එහෙම නෙවෙ වෙන්නත් පුලුවන් නිර්වාන් ...ඒක නිසා ....මට කියන්න....

මං නැගිටලා හිටගන්න හැදුවා.....ඒත් එයා ආයම මාව ඇදලා ඉන්දෙව්වා ....එයා කිව්වා කොච්චර රිදුනත් කමක් නෑ එයාගෙම කටින් කියලා ඒක ඉවරකරනව නම් කියලා ....වටින් ගොඩින් ආරන්චි වෙලා හිත රිදවනවට වඩා හොදයි කියපු එයා අවසානෙදි මට දරාගන්න බැරි විදිහට මා දිහා බලාගන උන්නා...

නිර්වාන් ...කියන්න....ඔයා ඔහොම බලන් ඉන්න එකෙන් වෙන්නෙ මාව තවත් කලබල වෙන එක....

සයාශ් ...මගෙ ඔලුව නරක් වේගන එන්නෙ චූටි.....

නි...ර්වාන්.....

අප්පච්චි යන්න හදන්නෙ...අප්පච්චි ....හිතලම ට්‍රාන්සර් එකක් ඉල්ලලා...ඒකත්....මේ ලගපාතකට නෙවෙ ....ඒකත්.....මුලතිව් වලට.....මුලතිව් ....මෙච්චර මෙහෙ ඉදන්...අර වන්නියට...

ට්‍රාන්සර් එක මදිවට ...අප්පච්චි ඩිවෝර්ස් එකත් ඇප්ලයි කරලා .....

නොදරුවා කාලෙ ඉදන් අප්පච්චි අප්පච්චි කිය කිය කතා කෙරුවත්...ආදරේ කෙරුවත්.....අප්පච්චි කියන්නෙ මගෙ කවුරුත්ම නෙවෙ කියන එක රෑ දවල් තිස්සෙ මගෙ හිතට වද දෙනකොට මට ඒකත් මගෙ හිතට හරි වදයක් චූටි.....

ඒ අස්සෙන් අම්මා අර යකාව බදින්න හදනවා....උන් බැන්දත් එකයි...නැතත් එකයි...සයාශ් ....ඔතනින් වෙන්නෙ සංජන තව අවුල් යන එක....සංජනට කාත් කවුරුත් නැති හන්දා මං ඌට මගෙ ගෙදර එන්න කිව්වා..මොකද .....එඉන්නෙ උගෙ තාත්ත.....වගේම...

..........

මගෙ ඔලුව නිකන් මොනවදෝ වෙලා ගියා...මෙච්චර වෙලාම මගෙ අත හිමින් අත ගගා උන්න නිර්වාන් එයාගෙ හිතේ තියන වේදනාවට සමානව....මගෙ අත තද කරන්න ගත්තා ....ඒක...ඇත්තටම එයා හිතල කරපු නැති දෙයක්...එයාගෙ වේදනාවෙ තරංග උස් පහත් වෙන විදි අනුව එයා මගෙ අත මිරිකුවා....

උගෙ තාත්තා වගේම....කොච්චර පිලිගන්න අකමැති උනත්...ඒ ඉන්නෙ මගෙත් තාත්තා හන්දා මං ඌට එන්න කිව්වා....

සයාශ් ....මගෙ ජීවිතේ අවසානම තත්පරේදි වත් මං කවදාවත් අම්මට සමාවක් දෙන්නෙනැ වගේම...අප්පච්චි මාව අතෑරියොත්...මට එතනින් එහා වෙන අප්පච්චි ලා ඕනෙත් නෑ...අප්පච්චි යන්න එපා...අප්පච්චි මාව අතාරින්න එපා ගගා මම කොච්චර දේවල් කිව්වත්....යුනිෆෝම් එක ගැලෙව්වම මට ඉන්නෙ පුදුම තරම් හොද හිතක් තියන අප්පච්චි කෙනෙක් චූටි....මං හැමදාම ප්‍රාර්තනා කෙරුවා මටත් අප්පච්චි වගෙ ගතුගුන ලැබෙන්න කියලා ....ඒත්....දෙමව්පියන්ගෙ වේසෙන් කරුම ආවම...මට ගිහින් තියෙන්නෙම මහ ජඩ ගති සයාශ් ....

අනිත් දේ.....සංජන .....

චුටි.....මං උඹට ගහන්නෙ බනින්නෙ.....තරහවකට නෙවෙ සයාශ් ...ඌට ආපහු හැදෙන්න කාලෙ ඕනෙ...ඌට මාව භාරගන්නත්.....උගෙ අම්මව හිමින් අත අරින්නත් කාලෙ ඕනෙ.....මගෙ සතුට මගෙන් උදුරගන්නවා කියලා දහ අතේ පොරොන්දු උන ඌ අනිත් පාර උඹට අත තියයි කියන බය මට තියනවා සයාශ් ....

සයාශ් මාව මිනිමරුවෙක් වෙයි ඕයි...තමුසෙට පිට එකෙක්ගෙන් හුලගක් හරි වැදුනොති මං මරාගන මැරෙනවා සයාශ් ...තමුසෙට මොකක් හරි උනොත් මට උන්නත් එකයි මලත් එකයි සයාශ් ....මරලමයි පස්ස බලන්නෙ.....

නිර්..වාන්...ඔහොම...කේන්ති ගන්න එපා නිර්වාන් ....

එයා මගෙ අතේ ඇටකටු පොඩි පට්ටම් වෙන තැනටම මිරිකුවා....එයාට ගානක් නෑ....එයාගෙ හිතේ තියෙන්නෙ මේ දැන් පුපුරපු ලාවා කන්දක් තරම් උනුසුම් වෛරයක් වෙද්දි එයා මගෙ අත පුලුවන් තරම් තදින් මිරිකගත්තා ...

සයාශ් ....

නිරූ....

දවසක් මැසේජ් එකක් එවලා තිබුන නේද ගෙදර මිනිස්සු ආදරේ නෑ අරන් යන්න කියලා ...

ඔ..ඔව්.....ඔයාට..මාව අර..න් පැනලා යන්න...ඕනෙද...නිරූ....

ම්න්...එහෙම එන්න කිව්වොත් එනවද.....

නි....ර්..වාන්

බලකරන්නෙ නෑ...මොකද ....හේතුවක් හින්දා ඇහුවෙ....බැරි නම්

එනවා...අනේ එනවනෙ නිර්වාන් .....මං එනවනෙ නිරූ....

ම්ම්ම්....මගෙ ඔලුව හොදටම අවුල් වේගන එන්නෙ චූටි.....මෙ ඔක්කොම විකාර මැද.....අම්මා හදන්නෙ එක්සෑම් ඉවර උන ගමන්

අර ඉසකුඩිච්චියව උඹට බන්දලා දෙන්නද කියපන් නිර්වාන් .....

ම්න්.....

.......

මගෙන් අහන්න එපා චූටි ඇයි උඹ අම්මව දාලා නොයන්නෙ කියලා ...මං තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන කෙනෙක්.....ගෙදරින් යනවා කියලා හිතුමනාපෙට මට යන්නත් බෑ....පන්ඩිතයා වගේ උඹ මා එක්ක එනවද අහලා.මට හිතුමනාපෙට උඹව අරන් යන්නත් බෑ....මොකද.....උඹ එන්නෙ උඹගෙ හැමදේම දාල මාත් එක්ක ...ඒ මාව විස්වාස කරලා.....උඹට අඩුපාඩු කරන්න මට උඹව එක්ක යන්නත් බෑ සයාශ් ...

මට මේ අවුරුද්ද දෙක විතරයි තියෙන්නෙ....මට ඕන දේවල් උනාට පස්සෙ මන් අනිවාර්යයෙන්ම යනවා චූටි...

අන්න එදාට උඹගෙන් මම එනවද ඇහුවොත් උඹ එනවද සයාශ් ???? පැනලා යන්න නෙවෙ....උඹ හැමදේම දාලා මාත් එක්ක ජීවත් වෙන්න එනවද කියපන්....

මං බලාගන උන්නා...මාව වෙව්ලනවා....මට නිර්වාන්ගෙ අම්මව මරන්න තරම් කේන්තියක් ආවා...අරකිව ඇගේ ගස්සන්න හදනවා කියනවා එක්කම මට ඒ ගෑනිව මරන්න හිතුනා...මං අහගන උන්නා...එයා කියපු හැම දේම ඇත්ත....එයා කියන කතාව සීයට සීයක් ඇත්ත.....ෆිල්ම් වල වගෙ පැනලා ගිහින් වෙන තැන් වල ජීවත් වෙන්න කොහොමත් බෑ.....

නිර්වාන් ...මං එනවා....උඹට ඉතුරු මං විතරක් වෙනකොට මං උඹ එක්ක නෑවිදින් කොහොමද මගෙ නිර්වාන් .....

මං තමුසෙට මාර ආදරෙයි සයාශ් ..මං ඉල්ලන්නෙ එක දෙයයි.....මගෙ අම්මා කියන ගෑනු කෙනාගෙ චරිතෙ ගැන මම නොදන්න දෙයක් නෑ සයාශ් .....එයාගෙ සතුට වෙනුවෙන් ....මාව උනත් බිලි දේවි.....හරියටම ...නිස්කාරනේ සංජනහෙ අම්මව.මරාගත්තා වගේ...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මං ඔලුවට අත තියලා හරි දිවුරන්නම් සයාශ් .....මොන දේ උනත්...මාව අවිස්වාස කරන්න එපා සයාශ් ...මගෙන් පැනලා යන්නත් එපා...කරුනාකරලා ඒ දේ නම් කරන්න එපාමයි චූටි....මොකද .....

මම තමුසෙට ආදරේ කරන තරමටම...මට තමුසෙ එක්ක තරහා යනවා...එ වෙන මොක හින්ද වත් නෙවෙ චූටි.....මට වටිනම දේකට ඉන්නෙ උඹ....අන්න ඒක නම්.....ජීවිතේ කොතනක වත් අමතක කරන්න එපා සයාශ් මං තරම් යකෙක් මේ කොහෙවත් නැතිව යයි....මිනිස්සුන්ගෙ හැගීම් එක්ක ගනුදෙනු කරනකොට බොහෝම කලපනාවෙන් සයාශ් ...මං වගේ පිස්සෙක් නපුරෙක් වහ වැටීගන ආදරේ කරනවා කියන්නෙ....උඹ මාව අතෑරපු තැනක පුනරුත්ථාපනේකට දාලවත් ගොඩගන්න බැරිව යන එකෙක් වෙයි සයාශ්...

අන් කවදාවත් ...එහෙම...කරන්නෙ.....නෑ..

මගෙ නිරු.....මං ආදරෙයි අයියෙ...

මම මගෙ අත් වලින් ඒ අත් දෙක අල්ලගත්තා ...නහර පෑදුන පදම් වෙලා තිබුන අත මගෙ අත වගේ දෙකක් වෙනකොට මං එයාගෙ අත් අතගෑවා.....මං දාලා යන්නෙ නෑ කියනකොට එයා මගෙ දිහා බලාගන ඔලුව ඉහලට පහලට කෙරුවා ...

බඩගිනිද.....චූටිට ම්ම්ම්.....

ම්ම්ම්හුක්....ඔව්නෙ...නිරූ....

තව චුට්ටකින් බෙල් එක ගහයි....මං ෆ්‍රිෆෙක්ට් මීටින් එකෙන් පස්සෙ ඔයාව බලන්න එන්නම්...දග නොකර ඉන්න තේරුනාද....

ම්ම්ම්....තේරුනානෙ නිරූ.....එතකොට දැන් බඩගිනිද කියලා ඇහුවෙ .....ඔයා මට....

නිකන් ඇහුවෙ...විශේශ කරලා හිතන්න එපා...

ආ..ආ...නිර්...වාන්....

යන්න...යන්න උන්න ඇති දැන්....

එත කොට ...දරුපැටියා .....

ම්ම්ම් ඌ ඔය උන්න දෙන්....

ඌ...ආ..ආ..ආ..හරිම අගෙයි ආ නිර්වාන් ඌ මූ කියලාද අනේ කතා කරන්නෙ...හරිම අපූරුයි අපේ චින්තකගෙ බාල බෑණනුවන් මුනුබුරාට කතා කරන වාග් විලාසෙ නම්...යසයි නිර්වාන් යසයි..ඈ...හරිම අගෙයි...ප්‍රීති...දරු සෙනෙහස දෝරෙ ගලන අයුරු නම් මන බන්දනීයයි ඈ නිර්වාන් ....

.......

පරී....තාත්තියා එක්ක ඉන්න පුතේ.....අනේ නිරූ...දරුවව බලාගන්න නිරූ....අහුමුලු ගානෙ නම් යවන්න එපා ආ....

ම්න්...

මං එන්න ආවා....දාලා යන්නත් තැනක් නැති හන්දා තියාගන්නත් බැරි හන්දා උපදෙස් කෝටියක් දුන්න මං පරීව නිර්වාන් ගාවින් දාලා මං කෙලිම්ම අපේ පන්තියට ආවා..තව දවස් දෙකයි...ස්පෝර්ට් මීට් එකත් ඉවරයි.....එතනින් එහාට තියෙන්නෙ ආයම පන්ති වැඩ.....වාර ව්භහග....ට්‍රිප් එකක් වත් යන්නෙ නැද්ද දන්නෙ නෑ...අනේ යනවා නම් දවස් තුන හතරකටවත් යන්න ඕනා අප්පා...

ඒත් අපේ චින්තකලා ඉඩ දෙයිද....නිරූ එනවා කිව්වොත් නම් සුතර්මා එක පයින් එවයි...යෝහ්...ඇත්තමයි ට්‍රිප් එකක් ගිහින් මට යන්න නොදුන්නොතින්.....කඩේට යනවා කියලා හරි ගිහින් එනවා....ඇයි වදේ.....අනේ...අම්මෙ...ඒ යනකොට නම් මගෙ බෑග් එක සියවතාවක් බලලා යන්නෙ.....

ම්හුක්...පව්....මගෙ නිරූ...එයා මට පැනල යන්නත් එන්න කිව්වා ....

පැනල ගිහින්...

ඒ යනවා නම් යන්නෙත් රෑකනෙ....

එදා රෑට.....

අනෙ මුනිතාස අයියෙ .....සලුපොට අහසට නෙවෙ ....එයා..මගෙ....සලුපොටවල් ඔක්කොම....ගලවයි ....

ම්හුක්....අනෙ අප්පච්චි ....දෙවනි දරුපැටියට මධු සමයක් ඕනෙ වෙලානෙ ....

ම්හුක්...එයා මාවත් එක්කන් මොකේ යයිද ....යෝහ්...නිරූ...චූචියට ඉගන ගත්තා ඇති වගේනෙ ....

ඔය ලෙමන් ගෙනාපු ළමයි ඉන්නවා නම් තමුන්ගෙ නිවාසෙට ගිහින් බාර දෙන්න්.....ග්ලූකෝස් ගෙනාව දෙහි ගෙනාව ලමයි ඉන්නවා නම්...තම තමන් අදාල නිවාසෙට බාර දෙන්න...ලමායි....

යෝහ්....මගෙ කල්පනාව බින්දනෙ...මගෙ කල්පනාව එහෙන් පිටිම්ම කෑවනෙ මේ ගැටිස්සියො දෙන්නා.....රෙද්දෙ ග්ලූකෝසක් හොයන් ඇවිල්ලා .....

.

ලමායි.....ඇහෙනවද....ග්ලූකෝ...ස්..

අපො අක්කෙ එකපාරක් කිව්වම අහෙනවා ..අනික මෙතන කවුරුත් නෑත් එක්කනෙ බොරුවට ගිරිය පලාගන ග්ලූකෝස් ඉල්ලනවා ...

පන්තියටම උන්නෙ කෙල්ලො දෙතුන් දෙනෙක් වෙනකොට ඉහල ආර්ට් එකේ අක්කලා දෙන්නෙක් වාත වෙවි එකම එක එකම එක කියවනකොට මට පොඩ්ඩක් මල පැන්නා...එකම දේ....එකම දේ...මින වදයක්ද...අනික ඔය තරම් ලෙමන් ඉල්ලන්නෙ මුන් ලෙමන් මවනවද....අනේ දුවනවා නම් දුවපියව් නැත්තන් නිකන් හිටපියව් කියලා පාඩුවෙ ඉන්නෙ නැතූව ආවා මෙතන රෙද්දක් අහන්....

මං ආයම ඉදගත්තා ...උදේ රැස්වීමත් තිබුනා....මීටිමට ගිහින් එන්නම් කියපු නිර්වාන් තාමත් නෑ.....තව ටිකකින් ගිනි මද්දහනේ ඩිපූටියලගෙ තරග තියෙයි ඕකා රිලේ දුවන්න වෙන්න ඇති ඉන්නෙ නිර්වාන් එයාගෙ අත හින්දා මොකටවත් ගියෙ නෑ...ඒ තියා මට යන්න දුන්නෙත් නෑ....සැලා නම් එහා මෙහා දුව දුව ඒකගෙ මිනිහට පුද සත්කාර කෙරුවා ...

නිර්වාන් .....

මම මිමිනුවා.....නිර්වාන් ඉස්සරහා කොයි තරම් හිනා වෙලා උන්නා උනත්....එතනදි දරාගන්න හිත හයියයි කිව්වා උනත් තට්ට තනිවෙන වෙලාවලදි මගෙ හයිය නැති වෙලා ගියා ....

එයත් එක්ක යන්න එනවද....

ඒ වචන ඒ තීරන හරි බරයි නිර්වාන් .....අවුරුදු විස්සක් විසි එකක් වත් නැති....අවුරුදු දහනවයෙ දහ අටේ උන් අපි කොහොමද නිර්වාන් ඔච්චර ලොකු තීරනයක් ගන්නෙ?

මට උඹව අතාරින්නත් බෑ...

අතාරින්න බෑ කියන්නෙ මට උඹව කාටත් දෙන්න කොහොමත් බෑ...මට උඹව ඕනෙ....

ඇත්තටම ඇයි නිර්වාන් උඹට මේ තරම් නරක අම්මා තාත්තා කෙනෙක් හම්බ උනේ...?උඹ මොන පවක්ද ගිය ආත්මෙ කෙරුවෙ .....??

අනිත් පැත්තෙන් සංජන...කොච්චර උනත්...අනේ මන්දා නිර්වාන් ...උඹලා දෙන්නට දැන් ආදරේ කරන්න කව්ද ඔතන ඉන්නෙ....ඒ ගෑනියි මිනිහයි කෙරුවෙ අවසානෙදි උන් දෙන්නට ඕන දේ කරගත්තු එක....උඹලා දෙන්නව අසරන කරපු එක...අරකොල්ලට උන්නඑකම කෙනත් නැති උනා....

ඇත්තටම උගෙ තරහව සාදාරනයි නිර්වාන් ....

අනේ උඹ පව්....නිර්වාන් .....

චූටී.....

මං මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගන ඔලුව ඩෙස්ක් එකට ගහගත්තා .....ඒ එක්කම මගෙ ඔලුවට කවුරු හරි අත තිබ්බා වගේම ඇහෙන නෑහෙන ගානට කටහඩක් ඇහුනා...තතපරයක්....දෙකක් එහම්ම උන්න මට...ඒ ආව කෙනා කව්ද කියන්නෙ එක ස්පර්ශෙකින් පවා තේරුම් යද්දි මං එහෙම්ම මගෙ ඔලුව ඉස්සුවා.....

"නිර්වාන් ....."

මං හිතුවා...මට දැනුනා වගේම එතන උන්නෙ මගෙ නිර්වාන් .....ඒ ඇස් රතූ වෙලා...මූන මලානික වෙලා ගිහිල්ලා....ඉකමනට එන්නම් කියපු නිර්වාන් ආයම ආවෙ සෑහෙන්න වෙලාවක් ගිහින් වෙනකොට මනේ මූන දිහා බලාගන උන්නා.....

දෙමව්පියන්ගෙ ඉත්තෙක් උන නිර්වාන් .....

මට නිර්වාන් ගැන දුකයි..බයයි...එයාගෙ වචන ඕනාවටත් වඩා හරි බරයි...එයාට ඉන්නෙ මං විතරයි කියන එක එයා හැම වෙලේම මට මතක් කරන්නෙ හරියටම උඹවත් මට නැති උනොත් මං නරකයි කියන්න එපා කියන්න වගේ...එයාගෙ නපුරු කම වගේමයි....ඒ ආදරේ...

නිරූ .....

..ඇයි මේ ඔලුව ගහන් චූටි...ඔලුව කකියනවද.....

.නෑ...නිරු.....

එහෙනම්....කලපනා කරලා.හිත රිදවගන්නවද ම්ම්ම්....

නෑ...නිරූ...එහෙම නෑ.....නිකන්...මොනවා කල්පනා කරනන්ද....?

මගෙ හැටි දැන දැන බොරු කරන්න එපා චූටි....

නි...රූ

මට ඇත්ත කරන මිනිස්සු හම්බවෙලා තියෙන්නෙ හරි අඩුවෙන් සයාශ් ...එහෙම එකේ ....උඹත් බොරු කරන්න එපා චූටී.....

මට බයයි නිර්වාන් ....

ඇයි බය...මං වෙනස් වෙයි කියලද....

නෑ.....කවුරු වෙනස් උනත්...ඔයා වෙනස් වෙන්නෙ නෑ කියන්න මං දන්නවා නිරූ.....

ම්ම්...එහෙනම්.එච්චරයි ....

.....

බඩගිනිද....ම්ම්

....

ආ මේක...කන්න....කාල මේක බොන්න....

මට දුක හිතුනා...කලින් පාර බඩගිනිද අහපු එයා ගානක් නැතුව උන්නට මේ පාර ඇවිත් තිබුනෙ මයිලෝ එකක් එක්ක තවත් කන්න ජාති මොනවදෝ අරගන වෙනකොට මගෙ අතට ඒ මල්ල දුන්න නිර්වාන් මගෙ ගාවින්ම ඉදගත්තා .....

එයාහරි ලස්සනයි.....එකම කහට පැල්ලමක් වත් වැදුන් නැති යුනිෆෝම් එක....සිල්වර් පාට ඔරලෝසුව.....අඩුවක් අත දිග සුදු ශර්ට් එක එක්ක නිර්වාන් ඇත්තටම ඉස්කෝලෙ ලමයෙක්ට වඩා හරි පරිනත පාට වෙනකොට අනාගත දොස්තර කෙනෙක්ගෙ රූපයක් මං ඒ මූනෙන් ඒ පිපිවලින් ඒ හැසිරීමෙන් දැක්කා....

ලගට එන්න ඕනෙද.....

මං උන්නෙ එයා දිහා බලාගන.....අතට ගත්තු මයිලෝ එකේ සීතල ගතිය අල්ලම වහගන්නකොට එයා දිහාම බලන් උන්න මගෙන් එයා ලගට එන්න ඕනෙද අහනවත් එක්කම මං බිම බලාගත්තා ....හැබැයි ඒ තත්පරෙම්ම එයා මගෙ පුටුවත් එක්කම ඇදල එයා ගාවට අරගත්තා ....ඒ විතරක් නෙවෙ එයා මාව එයාගෙ කලවයක් උඩින් ඉන්දව ගත්තා ....

ඒත් විතරකුත් නෙවෙ...දෙවියනේ මට හුස්ම ගන්නත් අමතක උනා...නිර්වාන් කෙලිම්ම මගෙ ඉන වටේ අතකුත් දාගත්තා ....

මට නිකන් හුස්ම නෑ වගේ....එයා ගාවින් එන වැනිලා ෆර්ෆියුම් සුවද...එයාගෙ අත් වල හයිය...ඒ බැල්ම...මේ ඔක්කොම එක්ක මට එකම දෙයක් තදිම්ම.හිතට දැනෙනකොට මට හුස්ම හිර උනා...

මේ ඉන්නෙ මුලු ඉස්කෝලෙම කෙල්ලන්ගෙ ක්‍රශ් එකක් නේද...

මේ ඉන්නෙ හැමෝම නැති උනත් බාගෙට බාගයක් හරිතමන්ගෙ කොල්ලා කරගන්න හීන දකින කොල්ලා නේද හිතනකොට මට හුස්ම ගන්න අමතක උනා.....

එයා මගෙ.....!

ඉතින් මං කොහොම හුස්ම ගන්නද.....?

මා දිහා බලන් ඉන්නෙ නැතුව කන්න...

ම්හුක්....හුස්ම ගන්න...බෑනෙ...නිරූ...චූචිට...

ඇත්තද.....ඇයි ඒ.....ම්ම්....

ම්ම්ම්ම්👉👈

චූචිට හුස්ම ගන්න බැරි ඇයි...මගෙ චූචිට හුස්ම ගන්න බැරි ඇයි...ම්ම්ම්ම්

යෝ...හ්...සුතර්මා ....හ් .....අප්පච්චි ...ඒපාර මේ නපුරු නිර්වානයා දරු පැටියව හුරතල් කරනවනේ.....ම්හුක්...මහ හොද නෑ අප්පා...බැනල බැනලා...කකුල උඩතියන් හුරතල් කරනවා....එයාගෙ ආතරෙ අනේ.....

ආතරේ....මන්තිරේ....සදලු තල එලි වෙලා...

නිර්වාන් මගෙ මූන දිහා බලාගන ඇයි මගෙ චූටිට හුස්ම ගන්න බැරි අහනකොට තත්පරයක් දෙකක් බලන් ඉදපු මං එයා ගෙනත් තිබුන රෝල්ස් එක මං කුරුල්ලෙක් වගේ කොට කොට කන්න ගත්තා ..ගෙදර ඉන්නකොට නම් එක කටට කන මං අද ඒක පැත්තෙන් පැත්ත චූට්ට චූට්ට් කනකොට නිර්වාන් එක ඇහිබැමක් උඩ ඇරන් මා දිහා බලාගන ඉන්නා...

.ඔයිට වඩා කට අරින්න බැරිද....

බෑනෙ නිරූ චූචි කන්නෙ චුච්ච චුච්චනෙ...අනික මේක මහතයිනේ.....

මහත උනාට දිග නෑනෙ....ම්ම්ම්....

ඒ උනාට...මීට වඩා කට අරින්න බෑනෙ...

ම්ම්ම්....ම්ම්...එහෙනම්...නිරූට කටත් ලොකු කරන්න වෙයිද...ම්ම්ම්ම්

එ..ඇයිඑ.....කට ලොකු කරන්න වෙන්නෙ...

....

ඇයි..අනේ....ඒ ..මගෙ කට ලොකු මදිද අනෙ....

ම්ම්ම්...මදි.....ඔහොම බෑ කට ඇරලා උගුරටම වදින්න දාගන්න

එ....මො....ම්ම්....ඇයි...ඒ.....ඇ..ඇයි...නිරූ....

මෝඩ මගුල මගෙ...

නිර්වාන් අහක බලාගත්තා ...අතේ තිබුන රෝල්ස් එක දිහා බලපු එයා ඔහොම බෑ උගුරටම වදින්න දාගන්න කියනවත් එකම අහක බලාගත්තා විතරක් නෙවෙ මට මෝඩ මගුල කිව්වා...ඒ ඇයි අනේ ඒ...

ම්හුක්....ඒ ඇයි එ

මොනවා කියනවතෝ....මන්තා.....මේක උගුරටම දාගන්නලූ....තව කටාරින්නලු...ඒ මක්කටත අනේ...ඒ....

අහක බලාගන උන්න එයා දිහා බලපු මන් වටේට කොට කොට කනගමන් ඒ ඇයි ඒ ඇයි ගගා මගෙ මෝඩ මොලේ හොලව හොලව කල්පනා කර කර ඉන්නවත් එක්කම මගෙ මූන රතුම රතු උනා...

හත්තුක්කේ.....හ්....

අනේ මුනිතාස අයියෙ...හ්.....මේ හෙඩ් පොපිට් අයියා...

යෝ..නිරූ...ඔයා නම්..අනේ....මහ....

ඇයි ම්ම්ම්...

ඇයි අහන්නෙ.....ම්හුක්.....එපානෙ...නිරූ...චූචි..ට ලැජ්ජ හිතීගනනෙ එන්නෙ....

ඇයි ඔච්චර හුරතල් වෙන්නෙ....ම්ම්

ඈ.....මොනාත....නිරූ....

එපා ඔච්චර හුරතල් වෙන්න...

එ...අ..ඇයි.....

හපන්න හිතෙනවා...මේ කට....

සමනල්ලු ....

.හපන්න හිතෙනව කිව්වා....මගෙ යටි තොලට මහපට ඇගිල්ල තියපු එයා හපන්න හිතෙනවා කියනවත් එක්කම මගෙ බඩත් එක්ක මොනවද වෙලාගියා....

චූටි.....

න්...නි...රූ...

එයාගෙ ඇස් දෙක හීනි උනා....බලු බල්ලෙක් නැති පන්තිකාමර පේලියෙ උන්නෙ අපි දෙන්නා විතරක්ම වෙනකොට එයාමට චූටි කියල කෙදිරුවා ...

ලගට එන්න....

ලගනෙ....ඉන්..නෙ..නිරූ..

තව චුට්ටක් ...ලගට එන්න....

අනේ අප්පච්චි මට බඩ රිදෙනවනෙ....

එයගෙ කකුල උඩ ඉන්දන් උන්න මදිවට තවත් ලන් වෙන්න කියපු නිර්වාන් මගෙ ඔලුව පිටිපස්සෙන් අත දාලා තවචුට්ටක් ලගට එන්න කියන ගමන් මගෙ යටි තොල් දිහා බලාගන හිමීට මිමිනුවා..මාව වාශ්ප වෙන්න ආවා...

මං ආදරෙයි ලමයො....

න්..නි

ශ්ශ්....එපා කතා කරන්න.....මට ඕනෙ මේ මූන දිහා බලන් ඉන්න....

....

මගෙ නේද.....

නිර්වාන් මුමුනවා...අඩුම ගානෙ කටහඩ වත් එලියට එන්නෙ නැති තරම් හිමීට එයා මුමුනවා...මගෙ නේද අහනවා....අනේ දෙයියනේ මං එයාගෙ නේන්නම්....මේ හැමෝම.පිස්සුවෙන් පස්සෙන් යන නිර්වාන් මගෙ නේන්නම්.....

...

සයාශ් නිර්වාන්ගෙ නේද.....ම්ම්

ඔව්..නෙ....නිරූ.....සයාශ්....න්..නිර්වාන්ගෙ....නේ...න් භ්භ්...භ්භ්....භ්....

එයා මාව තුරුල් කරගත්තා ...අතේ තිබුන රෝල්ස් එකත් මගෙ අතින් අතෑරිලා යනකොට එයාගෙ එක කකුලක් උඩ ඉදන් උන්න මාව අනිත් පාර නිර්වාන් සම්පූරනම කකුල් දෙක උඩ ඉන්දවගත්ත මදිවට එයාගෙ පැත්තත් හරවන් අත්දෙකෙම්ම තුරුල් කරගත්තා .....

සයාශ් නිර්වාන්ගෙ නේද ඇහුවත් දෙන්න හදපු උත්තරේ සම්පූරනම දීගන්න බැරි උන මට කටවහන්නවත් හම්බ උනෙ නෑ.....හිතපු නැති වෙලේක පටන් ගත්තු හාදුවක් හිමින් හිමින් උනුසුම් වෙන්න ගත්තා ...පිලිවලට තිබුන මගෙ කොන්ඩෙ අහුරක්ම නිර්වාන්ගෙ අතට අහු වෙලා යද්දි මං එයාගෙ පලල් උරහිස් මිරිකගන ඇස් පියාගත්තා විතරයි කොහෙන්දෝ ආව කාලකන්නි දෙන්නෙක් එයාගෙයි මගෙයි රෝමාන්තික බාවෙ කඩාකප්පල් කෙරුවා ....

අ.ආහ්ව්...නිරූ...

කව්ද එනවා....

අපි දෙන්නම කරන්ට් වැදුන උන් දෙන්නෙක් වගේ දෙපැත්තට දිව්වා....දොස්තරකෙනෙක් වෙන්න ඉන්න නිර්වාන් එතන තිබුන පොතක් අරගන ඔලුවෙන් අතට හරවගන්නකොට කට කාගන උන්න මං පුලුවන් තරන් කට්පිහාගත්තා...

අපරාදෙ යකො...හ්....

මේන් මේ පූස් පැටියව ගනින්....ඒ අයියා මේ ක්ලාස් එකේ නේ බන්...?

කෝ දියන් ඒකව..... මන් බලන් උන්නා.....එයා ඉන්නෙ මේකෙ තමයි...

උඹට ශුවර්ද ඒ අයියට කෙල්ලෙක් නෑ කියලා ..අනික බන් ගමේ ඉදන් ආවා නම්...අනිවාර්යයෙන්ම ගමේ එකියක් ඇති..බලපන්කො උගෙ ලස්සන.....ඌත් එහෙමයි...උහෙ අයියත් එහෙමයි....

උඹ ඕන එකෙක් දිහා බලපන් මගෙ තාර පැටියා දිහා නොබලා...ඌට ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ...එදා ඩ්‍රාමා ක්ලාස් එකෙදි සින්දුවක් කිව්වා...

දැන් උඹ මේක දීලා මොනවද කියන්නෙ කියපන්කො....අනේ මන්දා බන් මට බයයි කොල්ලා ඕක කාටහරි කියයි කියලා .....

එහෙම නැති වෙයි..එයා හරි අහිංසක පාටයි...සයාශ් ....බලපන්කො...ඒ නම...

මගෙ මූන සුදු මැලිවේගන ආවා..මෙච්චර වෙලාම නිර්වාන් හන්දා රතු වෙගන ආව මාව එක පාරම සුදුමැලි වෙලා ගියා.....

මේ මොන හෙන ගෙඩියක්ද පාත් වෙන්නෙ එන්නෙ....

මොකීද මේ....අනික...පූස් පැටියෙක් ...

අපේ පරිද...???

මං නිර්වාන් දිහා බැලුවා....නිර්වාන් ඉන්නවා....අනේ දෙයියනේ....අපරාදෙ මං මේ මනුස්සයා දිහා බැලුවෙ...

මෙච්චර වෙලාම මගෙ ලමයා ගගා තුරුල් කරන් උන්න නිර්වාන් උන්නෙ අතත් මිටි මොලවන් වෙනකොට මං බලාගන එයා ඇස් හීනි කර මදිවට දත්මිටිත් කනවා....

අනේ යක්සනියොනෙ.....හ් ‍උඹලටයි මටයි දෙගොල්ලොන්ටම ගෞරවයෙන් බුදු සරනයි...

පරී....මේ ඉන්නෙ උඹ නම්....උඹත් ඉවරයි....

අනේ මුන්ට ගහන්න අලි වෙඩිවත් නෑනෙ...

මං පොත තියන් උන්න නිර්වාන් දිහා බලලා ඉක්මනටම කොට බිත්තියෙන් බෙල්ල එලියට දාලා මාව නැති කරන්න එන එකී මොකීද බැලුවා විතරයි මට මැරෙන්න හිතුනා...

අර ඉන්නෙ....

සයාශ් අයියෙ...චුට්ටක් එන්නකො...

අනේ....අප්පච්චි ....අන් ඉවරයි අප්පච්චි ...

කෙල්ලො දෙන්නාමාව දැක්කා....කෙල්ලො දෙන්නා විතරක් නෙවෙ....මගෙ වෙලාව හොද නෑ කියන්න අපේ පුතත් ඒකිලාගෙ අතේ උන්නා මදිවට උගෙ බෙල්ලය රිබන් පටියකුත් ගැටහලා.....

ඒකි අඩහගනවා...අතේ මොකක්ද මන්දා මගුලක් හංගගන උන්න ,තවමත් නිර්වාන්ව නොදැකපු කෙල්ල මට අඩගහනවා...මන් එහෙම්ම නිර්වාන් දිහා බලනවත් එක්කම එයා කටට ඇගිල්ල තියල කෑගහන්න එපා කිව්වා වගේම රහසින් මට කතා කෙරුවා ....

යමන්...

අනේ....නි.....

සද්ද නොකර ගිහින් වරෙන්...

මට යන්න...ඕන්....නෑනෙ...නිර්වාන් ...

නෑ උඹ යන්නම ඕනෙ..ගිහින් දෙන දේ අරන් වරෙන්....

මට යන්න....ඕන්.....

උඹ යනවද....නැත්තන්....මං ඒකි ඉස්සරහම උඹව කිස් කරන්නද.....ම්ම්ම්..කෝකද ඕනෙ...ම්ම්ම්.....

සයාශ් අයියා....

මේ...එනවා න...න්.....ගි...

😒....

ආය එන්නම්..

බායි....

ජොබී පුතුකියා....

MMWA

More Chapters