LightReader

Chapter 50 - 50

චූටියා....මුලු නිවසම අන්දකාරේ ගිලෙමින් පවතී...සුධා කොහෙන් හෝ අවියක් අමෝරාගන සිට ඉදිරියට පැන හිස කදෙන් වෙන්කර හරීතෝ.....මන්තා චූටියා .....ම්හ්ක්...සෙනූ....බබී වෙනුවෙන් මලක් පහනක් පූජා කරන්න....සෙනූ...ගිනි අවි....සහ....ගිණි කෙලි....බෝම්බ සහ රෝස.....පිටසක්වල සුධර්මයි පැංචො දෙකයි....

විකාරද බබී...

සැලාගෙ පෙට්ටි කට තනිකරම පාද කෝන පාද ත්‍රිකෝනයක් වෙලා තිබුනා....සයාශ් අබේසේකර කියලා එයාගෙම අකුරු වලින් ලියපු පොතේ මං පිටු දෙක තුනකම වැඩ කෙරුවා .....ඇගපත හෝදන් ආව එයාගෙන් මටයි කියලා ලැබුනෙ උනුසුම්ම උනුසුම් වැලදගැනීමක් එක්ක නලලට හාදුවක් විතරක්ම වෙනකොට එතනින් එහා ආයම පහල කෑම මේසෙදි වත් විශේශයෙන් කියල කිසීම දෙයක් උනේ නෑ...

වෙනසකට කියල දෙයක් සිද්ද උනා නම් සිද්ද උනේ.... ෆ්‍රෙශ් ජූස් එකක් හදන්න ගියපු මගෙ මදර් ඉන්ලෝ සුරේන් ඩැඩියගෙ ජූස් එකට සීනි වෙනුවට අමතක වෙලා ලුණු දාලා තිබුනා...නිකන් නෙවෙ ..පුත්තලම් ලුණු ලේවායක තරමට ....සුරේන් ඩැඩියා අතින් කක්ශ ගත උන ජූස් වීදුරුව කෑලි කෑලි වලට සුනු විසුනු වෙලා යනකොට කෑම මේසෙ උන්න අපි හැමෝගෙම සිත් යාය මත බලගන ඉන්නකොට මල්‍ යායවල් හිටු කියලා පිපෙන්න ගත්තා වගේම ..අනිත් විශේශ දේ නම්....එන්න එනකොට නිරූගෙ ඇමති ඩැඩාට ඩිපූටියා ඉස්සරහා මටත් ලට පුරාවටම ඩැඩියෝ ක්‍යන්න ගිහින් එන මග දිගට ගුටි කාපු එක....

මක්ක කරනන්ද අනේ....මං දැන් සුරේන් ඩැඩියට කිචි වේගනනෙ එන්නෙ.....

මං හිමීට නිර්වාන් දිහා බැලුවා.....එයා දාන් උන්න හෙල්මන්ට් එක ගලවන් කොන්ඩෙ හැදුවා...ආයම නිල් ගැහුන පාරවල් දිහා බැලුවා..ලොකුවා කිව්වත් වගේ අපේ මුලු ගෙදරම කට්ට කලුවරයි ...සුධර්මා අද නම් අපිට සමාව දෙනවා තියා මුනවත් බලන එකක් නෑ ආ..ය ටක්කෙටම කියන්න පුලුවන් අපි දෙන්නව හෙට උදෙම්ම හොරොව්පතානට එලවනවා...

ගේ දිහා බලාගන උන්න මන් අනිත් පාර නිර්වාන්ව කූරු ගෑවා....

ම්හුක්....නිරූ. ..චූචිගෙන් සද්දයක් නැති උනෝතින්....චූචියගෙන් ම්හු....ක්.....චූචියගෙ කලදසාව අන්තීම නරකයි.....නිරූ.....මුලු සෞරග්‍රහ මන්ඩලේම නීච වෙලා පච වෙලා ඉන්නෙ..කොටිම්ම හිරමනතලෙත් දැන් නයි පෙනේ වගේ වෙලා පේන්නෙ නිරූ....ම්හුක්.....නිරූ.......අපරාදෙ.....මටයි ලොකුවටයි තිබුනෙ අර ඕසන් ගේට් එකේ නැගලා යන්න...

ඒත් නැත්තන් අපිට තිබුනෙ සල්ලි ටිකක් එකතු කරලා අපේ අප්පච්චි ගෙ නෑදෑයන්ව ටයිටැනික් බලන්න යවන්න....දැන් ඉතින් අර අන්ධකාර රජධහනෙ කොහේ හෝ අදුරුමුල්ලක සුතර්මා හැංගිලා ඉදීවි....හරුයටම ..ගැඹුරු සාගර පත්ලෙ ඉන්න මෙගලඩෝන්ද මොන ඩෝන්ද කියන මෝරා වගේ....

මොනවද ලමයො ඔය කියවන්නෙ.....ම්ම්ම්

ම්හුක්..නිරූ....දරු පැංචො දෙන්නව බාර දෙන්නකො.....ඔයාලගෙ මූන දැක්කොත් ගහන්නෙ නෑනෙ...

ඇයි පොඩි මෝඩයා උඹට අමතකද උඹලා දෙන්නා හන්දා අපි දනත් ගැහුවා...මේ මේ පල පල...ඇතුලට නිර්වානයා ඔන්න ඕකට දෙකක් දීලා ඇතුලට යවපන් මෙතනම එකත් පහු වෙලා හෙට මට ක්ලාස් එකේ එක්සෑම් එකක් පාඩම් කරන්න ඕනෙ....බබී යනවා යනවා එල්ලි එල්ලි ඉන්නෙ නැතුව...

ආ...ආ...ආ හරිම ගෙයි ඩිපූටි...හරිම අගෙයි...මස්සිනා පොඩ්ඩගෙ බාසා කුසලතාව නම් හරිම අගෙයි...අමොර්...අමොර්....කාල් මාක්ස් නෙමැයිනෙ....පිච්චමල්බිසව්තමෝ .... ප්‍රීතී...ඈ....ලෙසටම ප්‍රීතී....උඹලට දැන් තමයි අපි දෙන්නව එලවගන්න ඕනෙ...මීට කලින් නම් උකුලෙන් බැස්සුවෙ නෑ....උඹ අපේ ලොකුවව උකුලෙ තියන් උන්න විදිහට මට හිතුනා ඊලග පාර මූ බහිනකොට මම මාම කෙනෙක් වෙලා ඉදී කියලා ..ඒතරම් අසභ්‍යයි...

මෙන්න මෙහෙ වර ලොකුවා යන්ඩ...අපෙ සුතර්මා ඔයිට වඩා අපිට ගහලා තියනවා...

අනෙද කියන්නෙ...ඇරපන් චූටියා ගේට් එක....ඔයිට වඩා අපිට කස කස දුවන්ඩ ගහලා තියනවා.....එහෙනම් සෙනු....උඹටත් සතියක් යනකන් හුලන්...ඕකෙ....පාඩම් කරපම්....පාඩම් කරලා කරල හොදට පාස් වෙලා මෙහෙ කැම්පස් නොයා කෙලිම්ම පලයන් ඔක්ස්ෆර්ඩ් සරසවියට...නේ චූටියා....

අමොර් ..අමොර්....සරසවි සිසුවා.....!!නිර්වාන් .....උඹටත් එච්චරයි .....හොදට පාඩම් කරලා උඹත් අඩුම ගානෙ කේම්බ්‍රිජ් වත් පලයන් අපි දෙන්නා යනවා හන්තානෙට පායන හද බලන්ඩ....එහෙනම්....ගෞරවයෙන් බුදුසරනයි.....අදින් පස්සෙ කිසිම කිචියක් නෑ...හරි...

ඇහුනනෙ ශෙනූ...මෙතනින් පස්සෙ කිචි ඔක්කොම හබක්....පන දෙන්නම් කිය කිය පස්සෙන් ඇවිත් දාගත්තට පස්සෙ අගේ නෑ...ඇරපන් චූටියා දොර....අපේ සුධා අපිට ආදරෙයි.....

මමයි අරුයි කියවන්න ගත්තා හරියටම මෙ ලෝකෙ වේගෙම්ම යන බුලට් ට්‍රේන් එකකටත් වඩා වේගෙන්.....නිර්වාන් වගේම ශෙනිරුවා අපි දෙන්නගෙ කටවල් දෙක දිහා බලන් උන්නෙ හරියටම හක්ක පැන්නොත් අල්ලගන්න වගේ වෙද්දි පුලුවන් උපරිමේම කියවපු මම යන්න හැරෙනවත් එක්කම නිර්වාන් මගෙ අතින් අල්ල ගත්තා .....

චූටි....

මොකද.....ම්හුක්

තරහා තියන් යන්න එපා චූටි....ඒක හොද නෑ....

එයා මාව ලගට ගත්තා....යන්න හදපු මාව අතින් අල්ලගත්තු නිර්වාන් මාව ලගට ගත්තා ඒ විතරක් නෙවෙ මාව තුරුල් කරගත්තා.....ඩිපියුටියා ඉන්නවවත් කියලා නොබලම මාව තුරුල් කරගත්තා....එයා කියනවා තරහා තියන් යන්න එපාය කියලා ...ඇත්ත.....කෙනෙක් තව කෙනෙක්ගෙන් සමු ගන්නකොට කවදාවත් තරහා තියා ගන්න හොද නෑ.....විශේශෙම්ම ආදරේ කරන මිනිස්සුන්ගෙන් සමු ගන්නකොට .....

නිර්වාන් ....

එපා චූටි...අවසානෙදි මේ තරහා නිදි කොට්ටෙත් තියෙවී.....ආයම හෙට උදේ නැගිටිනකොටත් තියේවි....දන්නවද...මං ආස මගෙ චූටි ගාව...එයාගෙ නිරූ ගැන ආදරනීයම මතක තියෙන්න ....ආදරේ පිරුන හැගීම් තියෙන්න.....නැතුව මේ වගේ තරහෙන් ගිහින් තරහෙන් එන්න නෙවෙ....

ම්හුක්...චූචියට තරහා ගියානෙ නිරූ....

ම්න්...ගුඩ් නයිට් ...ඵෝන් එක ඔබන්නෙ නැතිව නිදා ගන්න...

එතෝට....නිරූ.....දොයියන්නෙ නෑත නිරූ....මේ...මෙතන ඉන්න...චූචියගෙ නිරූ...බයියන්නෙ නෑත...ඔව්.....

අන්.ඇස් දෙක කැරකෙව්වා...තරහා වෙලා.යන්න එපාය කියපු හන්දම මං එයා ගාව ඉදන් චුට්ටක් හුරතල් උනා....ඒඅස්සෙන් මං බලාගන මගෙ පානෙම්ම එලිය බලන සැලටැනික් කපල් එකත් ආදරේට එහෙන් මෙහෙන් ඉගිබිගි පානවා....

එව්.....!

පරිස්සමින් ....ආදරෙයි මගෙ ලමයට ...

පයිස්සමින් මගෙ නිරූ.....නිරූගෙ ලමයත් කිචීනෙ ඔයාට...

චූටියා ඔය ඇති....වර දැන් වත් ..තෝව බඩවෙනවා දැන්....

පල ගොබිලයා යන්ඩ....හොරාවට හොරාවට කට කොන් කාගන දැන් එනවා ...

චූටියා

ම්ම්ම්...

සුධා දොරේ අගුලට කරන්ට් වයර් වත් ඇදලද දන්නෙ නෑනෙ....

නිර්වාන් යන්න ගියා ...ඩිපූටියත් යන්න ගියා ...වෙනදට ලෙහලා ඉන්න සුගත් නෑ ඉස්සරහා පුටුවෙ බුදියන පරිත් නෑකිව්වත් වගෙ සුතර්මා දොර අගුලට කරන්ට් එකවත් අමුනලතෝ....දන්නෙ නෑ...

ම්හුක්....අනේ මුනිතාස අයියෙ...!

චින්තකගෙ දරු පැටව් දෙන්නා සුතර්මව අදුනන්නෙ නෑ කිව්වනෙ.....

චූටියා ....දොරට තට්ටු කරපන්.....චූටි අයියාවත් දොර අරීනෙ.....

අ..අමේ...හ්...අම්මගෙ.....ක්...චූ....චු....චූටි....ප්....හු...අම්...මගෙ ....චූචි...ප්..පුතා....අ ..ආවා...දො...දොර....ඇරපන්....අමල්...බිසෝ....

චූටි අයියෙ....

චූටියා....මේ චූටි අයියා....!

අපි දෙන්නව තක් බීර් වෙලා ගියා....දොරට තට්ටු කරන්ඩ ගියපු අපි දෙන්නට දොරට තට්ටු කරගන්ඩ බැරි උනා...ගේ ඉස්සරහින් නවත්තපු බයික් සද්දෙ එක්ක අපි දෙන්නම හැරිලා බැලුවා ....

චූටියා...වෙනකවුරුත් නෙවෙ සද බොඳවෙන්ඩ බීලා හාන්නෙ සුධර්මගෙ එකම රන් කැටියා....ගෙදරට හොරෙන් බීලා ගමටම ඇහෙන්ඩ කෑ ගහන චූටියා...නිර්වාන්ගෙ ඇදුරු තුමා.....

චූටි...අයියේ....

අපි දිව්වා ..චූටියා හින්දා වත් සුධර්මගෙ දඩුවම් ලිහිල් වෙයි කියලා හිතපු අපි දෙන්නා බයික් එක ගාවට යනකොට ඒක එලවන් ආව එකාට ඊට එහා වෙරි...

වෙරි කියන්නෙ ගූ වෙරි...වෙරි ගුඩ්.

ආ....ස්ස්...සැලා...ම්ම්..මේ....අපෙ.....ස්ස්.

.සැල..ලිහිනියනෙ....

අ..අයාන් සර්.....චූටියා මේ උඹේ මහ නාඩගම් කාරයනෙ.....මුන්ට ගූ වෙරිනෙ චූටියා.....

ස්..සැල...ලිහිනියෝ....ඌරු දලෙන්......නුඹ..දන්නෙ....නෑ...මොන....ගජමුතු....නුඹ...දන්නෙ....නෑ...

අයාන් සර්.....අයාන්...සර්.....අඩේ.....කෙලින් හිටපන්කො අඩේ.....උඹලා දෙන්නා විදුහල් මාතාවගෙ නම කනවනේ....

ඕන් ඔය නාඩගම් කාරයව අල්ලගනින් චූටියා...මං චූටි අයියව ගන්නම්...

අපි හිර උනා...මේ විදිහට ගියෝතින් නම් අයාන් සර්ගෙ කෑලිවත් අහුලන්ඩ බැරි වෙන හන්දා හරි අමාරුවෙන් බයික් එක වත්තට දාපු අපි දෙන්නා වෙරියෙන් මත් වෙලා උන්න ඇදුරන්ව ඇදගන වගේ ආවා..ඇවිදින් ඉස්තෝප්පුවෙ පුටු උඩට දැම්මා...

චූටියා....මොකද කරන්නෙ බන්....ලොකු නැන්දා අද නම් ගන්න එකක් නෑ....

අපි දෙන්නා ලොකු නැන්දව අදුනන්නෙ නෑ කිව්වනෙ..

කරන්ඩ දෙයක් නෑ....දොරට ගහපන්....නම් ඇහුවොත් මොනවා හරි කියන්ඩ බැරි යෑ චූටියා....

නම ඇහුවොත්....කියපන් උඹ ඉරපායා නැගෙන හිරු....මං කියන්නම් සදුපායා හැරෙන සදු කියලා ....චූටියා තරුපායා දිලෙන තරු

.උඹගෙ නාඩගම් කාරයට වෙරි වීලා බහින තුරු කියලා දාපන්....දැන් නැන්දට කතා කරපන් ....මේ යක්කු දෙන්නා සින්දු කියන්ඩ ගත්තොත් මේ ඒරියා එකේම බල්ලො උඩ බුරයි....

මං මොකෙක්ද එකෙක් පොලවෙ ගැහුවා වගේ ඉන්න අයාන් සර් දිහායි අයාන් සර්ගෙ ඇගට කකුලක් දාන් තනියෙන් හිනා වෙන චූටි අයියා දිහායි බලලා මං හොද හුස්මක් අරන් දොරට තට්ටු කරන්න අත තියනවත් එක්කම දොර

ඇරුනා.....

සුන්තරයි සුතර්මා ...👉👈

මටත් කතා හැදුනා.....කඩප්පුලී කීවා...!

සුත...ර්මා...මේ....චින්තකගෙ දරු පැංචො දෙන්නා ගෙදර ආවා..මේ...බිම...ඉන්නෙ...ඔයාගෙ දරු පැංචා...ඌට එහායින් ඉන්නෙ...තවත් කාගෙ හරි දරු පැංචෙක්....විදුහල්මාතාවව රනින් බබලවන නාඩගම්කාරයෙක් සුතර්මා .....

මං හිමීට කුටු කුටු ගෑවා.....ලොකු මාමයි සුතර්මයි දෙන්නම ඉන්නවා....තැටිය රත් උන වෙලාවෙ රොටි පුච්චන්න කොහොමත් දන්න අපි දෙන්නා එන්න වෙලා ගිය එකට එකම හේතුව චූටි අයියයි මේ නාඩගම් කාරයයි හන්දා කියලා අපි දෙන්නා අත පය හතර දික් කර කර කට එහා මෙහා කර කර කියවනකොට සුතර්මයි සුතර්මගෙ සමුනයි අත් දෙකම පපුවට බැදගන අහගන ඉන්නකොට සෝෆාවට ගෙනල්ලා දාපු නාඩගම් කාරයා චූටි අයියව බදාගන ඉඹින්න ගත්තා ...එහෙන් චූටියා පිස්සෙක් වගෙ නාඩගම් කාරයට ආදරෙයි කියන්න ගත්තා

උ ..උඹලා.....හ්..හැදුනෙ....අපේ....අත්වල....යකො.....

ආ....දරෙයි...අයාන්...ආදරෙයි.....සු...දු...මහත්තයා....

ම්ම්ම්....යම්කිසි දෙයක් සිතුවෙනවාතෝ....මන්තා....චිම්තක....චිම්තක.....දරු පැංචො දෙන්නව භාර දුන්න මූසිලයට යම්කිසි දෙයක් සිතුවෙලා.....

ආතරේ....මන්තිරේ....සතලු තල එලිවෙලා... ඔහොම යන්.....මේ විභහග දවස් වල.....

චූටියා.....ලොකූ...

ඔව්...ඇයි සුතර්මා ...දරු පැටව් දෙන්නා අතින් තවත් යම් කිසි වගකීමක් සිතුවිය යුතුත...

කට වහපන් ගොබිලයො.....ලොකු නැන්දා අද ඉන්නෙ සීරියස් පිට....උඹවයි මාවයි එලවයිද මන්දා ලොකුවා....

මං ඇස් දෙක කැරකෙව්වා...මෙච්චර වෙලාම චූටි අයියගෙයි නාඩගම් කාරයගෙයි මලකෝලන් ආදරේ බල බල උන්න සුධර්මා ඇතුලට ගියා...හැබැයි ලොකු මාමා නෙවෙ....එක බැල්මකින් වත් රැව්වෙ...ගානකට වත් ගත්තෙ .....හොයලා බැලුවෙ...

අනේ...දෙයියනේ. ...අත ඇරලම දාලද මන්තා....

පෙට්ටි කටාගෙනුත් බැනුම් අහපු මං ඇතුලට ගියපු ලොකු නැන්දා එනකන් බිම බලාගන උන්නා...

ගනිල්ලා මේක....

සු...සුතර්මා ...මේ.....

ගනිල්ලා....

ලොකු නැන්දා අතේ සී ආර් පොත් දෙකක්...අතට දුන්නා....ඒකත් පිටු අසූවෙ එකක් නෙවෙ. ..පිටු එකසිය හැටේ...තනිහිස් පොතක්....

.ඇ...ඇයි...සුධා මේ.....

ඉදගනින් මෙතනින්...මං දැන් තොපි දෙන්නට ගහන්නෙ නෑ....තොපිට ගහලා තේරුමක් නෑ චූටියා....අපේ අරකා මැරෙනවා තොපි හින්දා...තොපි දන්නවද අම්මා කී පාරක් ගත්තද කියලා ...මේක මට කරන්ඩ බෑ .....ජයේ....මුන් දෙන්නගෙ බෑග් දෙක එලියට ගන්ඩ හෙට උදෙම්ම මුන් දෙන්නම යනවා...මට මේ කෙරුවාව කරන්ඩ බෑ.....උඹලා දෙන්නම ගමේ යමල්ලා....තව ඉන්ඩබැ.....ගිහින් කලින් උන්න වගේ ඉදිල්ලා.....පොඩි නංගි ඉන්නවනෙ....මට කරන්ඩ බෑ

ල්..ලොකු නැන්දෙ.....අනේ....

මට හුස්ම හිරවෙන්ඩ ආවා....ලොකු නැන්දා අපි දෙන්නව හෙට උදෙම්ම අපි දෙන්නව ගිහින් දානව කියනවත් එක්කම මට මතක් උනේ මගෙ නිර්වාන්ව...මං එහෙම්ම සැලා දිහා බැලුවා....වෙනසක් නෑ...උගෙ කට අටපට්ටම වෙලා....අනිවාර්යයෙන්ම ඌටත් මට වගේම උගෙ එකාව මතක් වෙන්ඩ ඇති.....සුධර්මා අපි දෙන්නව ගිහින් දැම්මොත් ....

මං බයටම සනාශ්ගෙ අත මිරිකුවා...අනේ සනාශ් මොනවා හරි කරපන් කියන්න වගෙ...වැරද්දක් කරපුවාම ගහලා කරලා ඉවර කෙරුවම පැයෙන් දෙකෙන් හැමදේම ඉවරයි..ඒත් මෙතන ගැහිලි නෑ බැනිලි නෑ.....ඒ කියන්නෙ මේක පැයෙන් දෙකෙන් ඉවර නෑ කියන එක...

සනාශ් ..අනේ මොනවා හරි කියපන්කො.....වැදලා හරි සමාව ගනින්කො...අපිව යවයිද බන්....

අනේ මන්දා චූටියා....අද නම් ලොකු නැන්දා එක්ක විහිලු කරන්නත් බැ..මේ පොත් දෙකක් දීලා මොනව කරන්ඩ යනවද මන්දා....

අම්..මේ....මගෙ...සුදු....අම්..මෙ...අම්මගෙ....බ්...බ්...බෑ...නා...අම්මගෙ.....ම්හ්

මට සනාශ්ගෙ අත මිරිකුනා.....චූටි අයියා බීමතින් එක පාරම නාඩගම්කාරයව බදාගන අම්මගෙ බෑනා...බෑනා ගගා ගොත ගහනකොට මමයි සනාශයයි මූනට මුන බලාගත්තා....මේ මොන හරුපයක්ද නේ ...

චින්තක...චින්තකගෙ ලොකුම දරු පැටියත් මොකක්..හෝ....පටලගනතෝ...මන්තා...

හරිම....අගෙයි.....හරිම...අගෙයි....චූටි...

අයියෙ...ගුරුසිත නොරිදවා....වෙලාව නොවරදවා...අකුරු උගනී කුමරු සොදවා කියලා කියන්නෙවත් කොහොමද....ම්ම්ම්...ප්‍රීතී....චූටි...අයියෙ....ප්‍රීතී....හ්

වැටිලා තියන වැටිල්ලෙ හැටියට උඹ දැන් කියවන ආකාරයත් හරිම අගෙයි චූටි අයියෙ....

පේනවනෙ....පේනවනෙ ජයේ...මහ එකා මෙහම හැදෙනකොට මුන් දෙන්නා මෙහෙම නැහැදෙන එක අහන්ඩ දෙයක් තියනවද.....මුන් එකෙක් ගෙන් වත් මට සැනසීමක් නෑ ජයේ....මුන් එකෙක්ගෙන් වත් සැනසීමක් නෑ..මුන් නැහැදෙන එක අහන්ඩ දෙයක්ද කනමදය වගේ බීගන.....මේ අනිකා..මූත් ගුරෙක් නේද.....අහකට පලයව්....බේබදු කමට බීගන කෙලින් කටින් ඉන්ඩ බෑ....

ඒකනෙ...සුතර්මා ....නේත ජයේ...මාමියේ...ලොකු එකා හැදෙන් නැතිව දරු පැංචො දෙන්නා හැදෙයිද....

කට වහපන් චූටියා.... ගනිව් ඔය පොත් දෙක..ලියපියව් මේ කියන එක....ඒ කරල හෙට උදෙම්මෙ ලොකු මාමා එක්ක පිටත් වෙයල්ලා....උඹලට මෙහෙ තව ඉදිලි නෑ....ලේ පුච්ච ලේ පුච්ච මගෙ....

අනේ ලොකු නැන්දෙ....සමාවෙන්න කො...ආය කරන්නෙ නෑනෙ ලොකු නැන්දෙ....අනේ ලොකු නැන්දේ...අදට විතරක් දෙන්නකො අනේ සමාව.....ආය මුරන්කම් කරන්නෙ නෑනෙ...අනේ....ආනේ කියපන්කො චූටියා....

අහකට යමන් සනාශ් ..ලියපන්...ඔය පොත පිරෙනකන් ලියපන්...ආය කවදාවත් මෙහෙම කරන්නෙ නෑ සමාවෙන්න කියලා ඔය මුලු පොත පිරෙන්ඩම ලියපියව්....

මම පොත අතට ගත්තා....මගෙ ඇස් වලට කදුලු පිරුනා...සනාශ් ලොකු නැන්දේ සමාවෙන්න කිය කිය කිව්වත් ලොකු නැන්දා සනාශ්ව තල්ලු කෙරුවා...

"ආය කවදාවත් මෙහෙම කරන්නෙ නෑ ලොකු නැන්දේ සමාවෙන්න...."

පොතත් අරන් බිම ඉදගත්තු මං කදුලු පුරවන් නිල් පාට රූල් උඩ ආය කවදාවත් මෙහෙම කරන්නෙ නැ ලොකු නැන්දෙ සමාවෙන්න කියලා ලියනකොට සනාශයත් ලියන්න ගත්තා....

ටික්....ටික්....ටික්.....ටික්.....

බිත්ති ඔරලෝසුවෙ කටු හිමින් හිමින් කැරකෙනකොට හෝරාවෙන් හෝරාව ගෙවි ගෙවි ගිහින් පහේ හෝරාවත් කිට්ටු වෙලා තිබ්බා....මුලින් මුලින් තිබුන බෝල අකුරු පොතෙ මැද හරියක් යනකොට ඇද වෙලා බලි කුරුටු වෙලා ගිහින් තියනකොට බීලා චොර වෙලා උන්න චූටි අයියගෙ වෙරිය ටිකෙන් ටික හිදීගන ආවා....හැබැයි ඒ වෙනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම චූටි අයියත් කරගන උන්නා... .

ආ...ව්ව්ශ්.....මගෙ....ඔලුව.....

චූටි අයියෙ...

ච්ච්....චූටියා....ම්..මේ...මොකද.....මේ....

මගෙ...ඔලුව.....අ

මොකද අහන්නෙ....උඹටත් වෙන්නෙ මේ ටික තමයි...උඹටයි උඹගෙ මේ නාඩගම් කාරයටත් දැන් යන්න එන්න තැන් හොයා ගනින් ...අපි දෙන්නවත් දැන් ගෙදරින් එලවලා ඉවරයි.....

පොතෙ අවසානම රූල ලියලා ඉවර කරපු මං අයාන් සර් දිහා බලාගන අපි හැමෝම ඉස්සරහා වෙරි මතෙන් මේ ඉන්නෙ අම්මගෙ බෑනා කිය කිය පුලුවන් තරන් ඉඹපු චූටි අයියටත් වෙච්ච කෙරිච්ච් දෙ අකුරක් නැරම කියනකොට ලාවට වෙරි හිදිලා උන්න චූටියට අවසානෙදි වෙරි තිතටම හිදිලා ගියා....ඒ මුනෙ ලේ ඔක්කෝම බලගන ඉන්නකොට හිදිලා ගියා.....කොටිම්ම චූටි අයියව සුදුමැලි වෙලා ගියා හරියටම ඇලි කිඹුලෙක් වගේම

.අයාන්.....අයාන්....

ම්ම්ම්ම්

අයාන් නැගිටපන්....අයාන්....අයාන් නැගිටපන් එලි වෙලා...අයාන්...

දැන් ඉතින් උඹ මෙතන බන් බොලං ගෑවට වැඩක් නෑ චූටි අයියෙ ....උඹත් උඹගේ කාර්ඩ් එක කුඩු කරන් ඉවරයි.....සුධර්මටයි චින්තකටයි කවදාවත් ලේලියෙක්ගෙ අතින් බත් කටක් වෙන්න වෙන්නෙ නෑ....දරුමුනුබුරෝ බලන්ඩ වෙන්නෙත් නෑ...

සනාශ් .....මොකක්ද...මොකක්ද උඹ කියන්නෙ....ආ..මොකක්ද උඹ කියන්නෙ කියපන්...විකාරද ලොකු උඹට....පිස්සු විකාර කියවනවා....අයාන් නැගිටපන් මනුස්සයො....තවත් බුදි මෙතන

මොනවද කියන්නෙ අහන්නෙ....නිකන් කොලේ වහන්නෙ නැතුව ඉදින් චූටි අයියෙ....අයාන් සර්ව බදාගන නාඩගම් නටලා දැන් මොනවද කියන්නෙ අහනවා.....උඹටත් වෙන්නෙ හොරොව්පතානට මාරුවක් ගන්ඩ...මටයි චූටියටයි ටිකට් කැපුනා.....දැන් ඉතින් මේකවත් අරන් යන්ඩ තැනක් හොයපන්...ගිහින් නාඩගම් නටපන්....උඹ එ අස්සෙන් වෙරි මරගාතෙ අපේ මගුලුත් කියන්න හැදුවා.....

සනාශයා උගෙ සමාව ඉල්ලලා ආයාචනා කරපු පොතේ පිටු පෙරල පෙරල කියවනකොට මමත් බිම ඉදන් ඒ හැම එකටම ඔලුව වැනුවා...වෙනදට මේ වෙලාව වෙනකොට කුසියෙන් ඇහෙන තේ හැදිලි....උදේට කෑම හැදිලි මොකුත් නෑ...ලොකු මාමා වැඩට ගියෙ උදේ තේ එක වත් නැතිව වෙනකොට මං හිමින් සැරේ නැගිටලා බාතෲම් එකට ගිහින් නාගන ඉස්කෝලේ යන්න ඇදගත්තා .....

රැයක් නිදි මරපු ලොකුවත් ඇදගත්තා .....වෙරියෙන් උන්න චූටි අයියයි අයාන් සරූයි ලොකු නැන්දා නඩු විසදන්න එනකන් බලන් ඉදලා ඉදලා අවසානෙදි අයාන් සර් බැනුම් අහන්ඩ කලින් ගිහින් මූන කට හෝදගන අපෙ කාමරේට ආවා...

සයාශ් ....

අයාන් සර්.....

මං කොහොමද බන් දැන් උඹලට වත් මුන දෙන්නෙ.....?මං කිව්ව අර යකාට ගානට බොමු කියලා ....දැන් ඔක්කොම ඉවරයි ..ශිහ් ...

කරන්ඩ දෙයක් නෑ සර්...දැන් ඉතින් රෙදි ඉල්ලෙ...මූන දෙන එකට නම් මොකක් හරි කරගන්ඩ බැරි යෑ...ඒත් .. ගැලවුන රෙදි.. !

ම්ම්ම්....මගෙත් රෙදි ඉල්ලෙ සර්....තාරාවගෙ මඩ දැන් හැමතැනම...මඩේ ලැගලත් හමාරයි සර් දැන්

සයාශ් ....

සර්....

උඹලගෙ නැන්දා වසද....මං අහන්නෙ...ගහනවද.....?

අපෝ....නෑ.....එකම දේ අවුරුද්දක් කිය කිය අපිට වද දෙනව විතරයි ...ගහන එක ගැන නම් මොනාද සර්...පුකෙ පලුදාන්ඩ ගහලා එයාම පොල් තෙල් අතුල්ලනවා ...ලොකු මාමටත් ගහන එකේ...මං හිතන්නෙ නෑ...සර්ව අතාරී කියලා ... ..

 

ඒකත් එහෙමද....දැන් එතකොට මමත් ගුටි කන්ඩ ඔනා....ම්ම්ම්න්..කමක් නෑ...ගුටි නම් කනවනෙ කොහෙන් උනත්....ඒකෙන් වැඩක් නෑ.....මට කියපන් කොල්ලො....ආරව් මොනවද කිව්වෙ....ඒ යකා මොනවද දෙඩෙව්වෙ..මං...මම මොනවද කිව්වෙ.....

ආරව් මොනවද නොකිව්වෙ සර්....

මායි සනාශුයි යුනිෆෝම් එක ඇදගන ඩ්‍රාමා සර් දිහා බලන් උන්නා....වෙරි හිදුනත් ඇස්වල රතු ගතිය එහෙම්ම තියනකොට මං අයාන් සර් ගාවට ලන් උනා....සර් උන්නෙ හෙන කල්පනාවක..කොටිම්ම සර්ගෙ යටි හිතේ තිබුන් කවුරුත් නොදන්න කාරනාවක් නොහිතපු වෙලාවක එලියට ආව හැගීමක්...

අයාන් සර්...

මං සර්ගෙ අතින් ඇල්ලුවා...

ම්ම්ම්...

දෙයක් අහන්නම්....ඇත්ත කියනවද...

චූටිඅයියා වෙරියෙන් කියපු කරපු හැමදේම බලන් උන්න මම අයාන් සර් හංගන්න හදන කාරනාව එලියට අදින්න ඕනෙමයි කියලා ඊයෙ රෑ ඉදම්ම හිතපු මං සර්ගෙ වෙනස් වෙන මුන දිහා තත්පර ගානක් බලන් උන්නා.....

අහපන්.....මොනවද....

සර් අපේ චූටි අයියා එක්ක මොකක් හරි තියනවද....?මං අහන්නෙ ..එහෙම දෙයක්...

මොකක් හරි තියනවද අහන්නෙ මොනවා තියෙන්නද විකාරද උඹට....මට කෙල්ලෙක් ඉන්නවා....විකාරද.....

හරි.... එහෙනම්....සර්ගැන මොකක් හරි දෙයක් අපේ චූටි අයියගෙ හිතේ තියනවද....මටවත් චූටියටවත් කොලේ වහලා තේරුමක් නෑ අයාන් සර්.....ලොකු නැන්දා නොදැක්කත් මූයි මායි දැකපු සමහර දේවල් තිබ්බා....මං දන්නවා...සර් අවිත් චූටියගෙ සර්...ඒත් ඒක ඉස්කෝලෙට ගුරු ගෝල බැදීම් පැත්තක දාලා ඇත්ත කිව්වා නම්...අපිට මෙතන හැංගිහොරා වැඩ ඕන් නෑනෙ.....

මම කෙටියෙන් අහපු දේම සනාශ් දිගෑරලා ඇහුවා....අයාන් සර් කියනවා අයාන් සර්ට කෙල්ලෙක් ඉන්නව කියලා ..ඒත් වෙරි මතෙන් උන්න චූටි අයියා මුලු රෑම අයාන් සර්ගෙ අත අල්ලන් විකාර දෙඩෙව්වා...අපි දන්නෙ නැ...අපිට බලකරන්නත් බෑ...හැබැයි අයාන් සර්ගෙ හිත කෙසේ වෙතත් චූටි අයියා ගෙ හිතේ මොනවම හරි තියෙනවා කියන්න අපි දෙන්නා දැනගත්තා .....

විකාර හිතන්න එපා සනාශ් ...ආර්ව් මගෙ යාලුවෙක් එච්චරයි ....අනික මං දන්න තරමට ආරව්ට කෙල්ලෙක් ඉන්නවා...මටත් ඉන්නවා..දැන් තමුසෙලා දෙන්නා ඔය වහෙන් ඔරෝ කියවන්නෙ තමුසෙලාටත් කවුරු හරි ඉන්නවා කියලද?

අපි ගාව ඔය හැංගිලි නෑනෙ සර්...මූ හෙඩා එක්ක යාලුයි...මං ඩිපූටුයා එක්ක යාලුයි...හැබැයි එහෙමයි කියලා අපි ගාව ඔය පච සීන් නෑ සර්...ලව් ලෙටර් ලැට් අස්සෙ රිංගන සීන් එව්වා නෑ....ඩීසන් පිට....නැද්ද චූටියා...

අනිවාර්යයෙන්ම ...එක්සෑම් අනා ගැනිලි මේමොකුත් නෑ.....හරි...අයාන් සර් දැන් කියන්නෙම සර්ට කෙල්ලෙක් ඉන්නවා...අපේ චූටි අයියා එක්ක මොකුත් නෑ කියලා එහෙමනෙ.....හරි අපේ චූටි අයියගෙ හිතේ සර් ගැන දෙයක් තියනවද....???

මං දැන් සැරයක් උඹලා දෙන්නට කිව්වනෙ....එහෙම දෙයක් නෑ....විකාර බහුභූත කතා නාහා ඉස්කෝලෙ යනවලා සනාශ් ..අනික සයාශ් ....බොටම් එකක්ටී ශර්ට් එකක් අරන් යනවා ඉන්ටර්වල් එකෙන් පස්සෙ එනව ප්‍රැක්ටිස් වලට....විකාර කියවනවා තමුසෙලත් ඉගන ගන්න තියන කාලෙ මගුල් නටන්ඩ තියාගන මොනවා හරි කරලා අනාගන්නවලකො....මොලේ හරි නෑ

මං ලොකුව දිහා බැලුවා..ඌ උරහිස් අකුලලා ලාවට ඔලුව වනලා යටි තොලත් පහලට පෙරලුවා....හරියටම ඔය කියන්නෙ අමු බොරු බන් කියන්න වගේ...ඇත්ත ..අයාන් සර් කියන්නෙ බොරු....

අයාන් සර්.....එහෙම දෙයක් නැති නම් කෙටියෙන් නෑ කියන්න තිබ්බනෙ ඇයි ඔච්චර කලබල...ඇත්ත කියන්න....අපේ ආරව් අයියා එක්ක

චූටි....

මට ප්‍රශ්නෙ අහන්න බැරි උනා...චූටි අයියා කාමරේට ආවා....ඒ ආවා විතරයි අයාන් සර් අහක බලාගත්තා .....චූටියා උනත් නිකමට වත් අයාන් සර්දිහා බැලුවෙ නැ.....කාටද බන් මුන් මේ බොරු කරන්නෙ .කමක් නෑ...කමක් නෑ....ආදරෙයි කැස්සයි හංගන්ඩ බෑ කියනවනෙ ..නේ....ඔහොම යමුකො...

ඇයි චූටි අයියෙ

විකාර කතා නවත්තලා එලියට එනවා අම්මා කතා කරනවා...

.අපි දෙන්නට විතරද ..... .චූටි අයියෙ...ඔයාගෙ මෙයාට එන්න කිව්වෙ නැද්ද

ලොකු මං සැරයක් කිව්වා....විකාර කියවන්ඩ එපා කියලා ..

හරි ඉතින් ඔච්චර ඩෝන් යන්නෙ ඇයි ...ගනන් ගන්නෙ නැතුව ඉදින්කො..මොකද අපිට පුකේ අමාරුව නෑ උඹලා දෙන්නව ශිප් කරන්ඩ...මෙන්න මෙහෙ වරෙන් චූටියා...අපේ ගුරුවරු ඔක්කොටම කලින් නැහැදිලා.....

සනාශ් !!!!

කොච්චර ඇහුවත් දෙන්නම බේගල් අදිනකොට පොඩ්ඩ බැරි වෙනකොට නැට්ට පාගගන්න චූටියා අයාන් සර් ගුරුවරයෙක් කියලා නොබලම බැනල මාවත් ඇදන් එලියට ආවා...ඒ එනකොටම සාලෙ සෝෆාව උඩ ලොකු නැන්දා උන්නා හරියටම ඒකත්.....උදෙම්න දුම්මල වරම අතට අරගන.....

මට හුස්මක් පිට උනා....සැලාගෙ මුන දෙක වෙලා...මගෙ මූනත් ඉතින් වෙනසක් නෑ...ඒත් ලොකු නැන්දා උන්නෙ ඊයෙ රෑ....වෙලා ගිහින් ආවට වඩා වෙන තරහවක් හිතේ තියාගන වෙනකොට මගෙ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා ....ඒක හරියටම යටි බඩේ බිත්තර තැම්බෙනවා වගේ දෙයක්.....කොටිම්ම...විනයභාර්ට ලියුමක් අහු උනා වගේ හැගීමක්....

ටික වෙලාවක් තක්කු මුක්කු වෙලා උන්න මං ලොකු නැන්දගෙ මූන බලල මොකුත් නොවුන එකා වගේ පරන ගොන් චූටියගෙ චරිතෙම අදින ගමන් මම විරිත්ත ගත්තා.....

ස්...සුතර්මා ....සිත තුටින් ...බර වෙන ...පැතු ..පැතුම්...ඉටු. .වෙන . .

අසිරිමත්.....සුභ අනාගතයක් වේවා අනේ.....ම්හුක්....

ලොකු නැන්දේ මූයි මායි ආවා.....

සුතර්මා ...චින්තකගෙ දරුපැටව් දෙන්නා ආවා...කුමක් හෝ....යුතුකමක් විය යුතුයිත....

මම බහුභූත කියෙව්වා ..කටින් මොන මගුල කිව්වත්...වචනයක් කියනවා තියා මූනවත් නොබලන ලොකු නැන්දා ඉන්නෙ එසේ මෙසේ ගින්නක් පත්තු කරන් නෙවෙ කියන්න දැනුන මට හිත යටින් ලොකු බයක් දැනෙන්න ගත්තා .....

අනේ ලොකුවා...ලොකු නැන්දගෙ...මූන හොදනෑ....මට බයයි සනාශ්....

අනේ මන්දාබන්....මොනවා හරි දැනගනවත්ද දන්නෙ නෑ....

මාව සීතල වෙලා ගියා...ලොකුවා මගෙ අත මිරිකලා මොනවා හරි දැනගනවත්ද මන්දා කිව්වා විතරයි මට ඊයෙ රෑ නිර්වානව බදාගත්ත හැටි මතක් උනා...අනේ දෙයියනෙ ලොකු නැන්දා ජනේලේකින් වත් බලන් ඉදලද...අනේ...එහෙම වෙන්න එපා...අනේ එහෙම නම් වෙන්න එපා...දෙයියනේ.....

මම හිතයටින් දෙවියන්ට කිව්වා.....මෙච්චර වෙලාම අහක බලන් උන්න ලොකු නැන්දා අපි දිහාවට හැරුනා විතරයි මගෙ කටෙ කෙල හිදුනා....

උඹලා දෙන්නා අද ඉස්කෝලේ යන්නෙ නෑ.....චූටි....යමන් අරන් වරෙන් උඹලා දෙන්නගෙ ඵෝන් දෙක...හැබැයි....තොපි දෙන්නා එක මැසේජ් එකක් වත් මකන්නෙ නෑ...ආ.....මං හොයාගන්නම්කො මේකෙ ඇත්ත නැත්ත.....

ල්..ලොකු නැන්දෙ...

යමන් අරන් වරෙන්....තොපිව ඇහෙ කනේ තියන් හැදුවෙ ඔව්වටනෙ...යමන් අරන් වරෙන්.....ආරව්...අරන් වරෙන් මුන් දෙන්නගෙ ඔය හුචක්කු දෙක....මගුල් නටනවා!

😒ඔව්...උඹලව අපි හැදුවෙ ඔව්වටනෙ.....ගෙනෙන් ඵෝන් එක.....😂

ආයම අපෙ.මහත්තයා එක්ක එනකන් පරිස්සමින් ඉන්නලා බිබික්කම් ටික.....❤️❤️❤️😘😘😘

ආතරෙයි අනේ.....

ජොබී...පුතුකියා...!

Nedeesha ...

More Chapters