LightReader

Chapter 14 - මට මේ පවුල ගැන ලෝභයි

"සුදුමහත්තයා, මෙන්න ඔහෙට කෝල් එකක්!" තාත්තා එයාගේ phone එක මට දුන්නා. මගේ phone එක අලුතෙන් හම්බුන නිසා පරණ ඉස්කෝලේ අය තාම කතා කරන්නේ තාත්තගේ phone එකට.

"හෙලෝ! කවුද කතා කරන්නේ?"

"සවේන් මන් මෙතුල"

"අහ් මෙතුල, කියහන්"

"සවේන් දැන් කොළඹ 7ට ගිහින් අපිව පෑහෙන්නේ නෑ වගේ."

"ඉතිං උඹත් ගියේ කොළඹ 5ට"

"හරි හරි කොහොමද ඉතින්?"

"වරදක් නෑ ඉන්නවා. මන් උඹට මගේ එකෙන් කෝල් එකක් ගන්නම් හිටහන්" කියලා මන් කෝල් එක කට කරලා මගේ phone එකෙන් මෙතුලට රිං කරාම ඌ answer කරා

"මේක ඔයාගේ number එකද?"

"ඔව්. Save කර ගනිං"

"මේ සවේන් මන් කෝල් කරේ දෙයක් කියන්න"

"මොකක්ද?" 

"මේ, අයුශ්ගේ ගේත් විකුනලා බන්"

"අහ්?" ඒ කියන්නේ? එයා ආයේ එන්නේ නැද්ද? එයාගේ අප්පච්චි කවදාවත් ඔය මාන්නක්කාර වලව්ව විකුණයිද? කවදාවත් නෑ. ඒ කියන්නේ අයුශ් ආයේ එන්නේ නැද්ද?

"මෙතුල විහිලු කරන්න එපා!"

"විහිලු නෙමේ සවේන්. මන් මේ අලුතෙන් පදිංචි වෙච්ච මිනිස්සු එක්ක කතා කරලමයි ඔයාට කියන්නේ සවී. මන් ඉතින් හැමදාම පහු කරන් යන ගේනේ. සතරකුලසිංහයා ඕවා නිකන් මැරෙනකොට ගෙනියන ගානටනේ හිටියේ. මට හිතා ගන්න බෑ මූ ඕක විකුනලා කිව්වම. ඌගේ ගමේ ඒවත් විකුනලා ඇති නේ?" 

"අනේ මෙතුල!" මට දැන් කඳුලු නවත්තගන්න බෑ. මන් එලියට බැහැලා වත්ත පහලට දිව්වේ තාත්තාගේ ඇහැ ගැටෙන්න කලින්.

"සවී දැන් වත් ඔය විකාරේ නවත්තන්න. ගිය එකෙක් ගැන බලාපොරොත්තු තියන් කොහොමද ඉන්නේ?"

"මෙතුල please ඕක නවත්තගන්න!" ඔලුව ගිනි අරන් තියෙද්දි සුරුට්ටු පත්තු කරන්න එනවා! 

"මන් කියන දේ ටිකකට අහන්න සවී please?"

"කියන්න!" ගැලවීමක් නෑ මේක අහනකන්!

"ඔයාට ආදරේ ඕනේ. අයුශ් අවුරුදු 10ක් ඔයාව දැනන් හිටියා තමයි. ඒත් මාත් අවුරුදු 6ක්ම ඔයා එක්ක හිටියනේ සවී. මන් කරපු දේවල් වලට මට සමාවෙන්න. මන් ඔයාගේ කකුල් දෙක අල්ලලා වඳින්නම් ඕන්නම්. මන් ලැජ්ජ වෙනවා ඔයා වෙනුවෙන් පෙනී හිටියේ නැති එක ගැන. ඒත්, ඒත් සවී මට කේන්තී ගියා අයුශ්ට උඹ ආදරේ කරනවා කිව්වම. මම O/L ඉවර වෙනකන් හිටියේ මගේ ආදරේ ඔයාට කියන්නද සවී. Please මගේ ළඟට එන්න සවී!" 

"මෙතුල අයුශ්ගේ කටින් මට යන්න කියනකන් මන් එයාව අත අරින්නේ නෑ! මට කා ළඟටවත් යන්න ඕන නෑ. මට පුලුවන් තනියෙන් මාව බලාගන්න. මට ඕන ආදරේ තියෙන්නේ අයුශ් ළඟ විතරයි. මන් තව බලන් ඉන්නවා. එයා එනවා. මට විශ්වාසයි!" තවත් මුකුත් කියන්න කලින් මන් කෝල් එක කට් කරා.

ඇති වෙනකන් අඬලා අඬලා ටැප් එකෙන් මූනත් හෝදන් ගේ ඇතුලට යද්දි තාත්තා මන් දිහා බලනකොට මන් බොරු හිනාවක් දාලා කාමරේට ගියා. තාත්තා මට ප්‍රශ්නයක් කියලා දන්නවා. මගෙන් ඇහුවනම් 'ඇයි පුතේ ප්‍රශ්නයක්ද කියලා?' නෑ ඒත් එහෙම අහන්නේ නෑ. මගේ විරහ වේදනාව සනසවගන්න උරහිසක් මේ ගේ ඇතුලේ නෑ. 

"උඹට sure ද මෙතනට එනවා කිව්වේ කියලා?"

"ඔව් ඔව් බන් බලහන් message එක මේ!" දේශාන් තුර්ශට phone එක දික් කරා.

"එහෙනම් ටිකක් ඉමු. එයි. කෝල් එකක් ගනින් එක්කෝ!" මන් කිව්වම 

"හිටහං!" කියලා දේශාන් මගේ ගේ අතට මල් පොකුරත් දීලා පොඩ්ඩක් එහාට ගියා.

"ඒ ඒ අඩෝ දේශාන් අර ඒකී නේද?" කියලා තුර්ශ ඉස්සරහට ඇගිල්ල දික් කරපු පාර මාත් ඒ පැත්ත බැලුවා. කහපාට මල් වැටුනු සුදුපාට කොට ගවුමක් ඇඳලා, කහපාට හීල්ස් දෙකකුත් දලා. කහපාට පොඩි බෑග් එකකුත් අරන්. කෙල්ලෙක් අපිට හැව්ලොක් මෝල් එකේ Entrance එකේ ඉඳන් අත වැනුවා.

දේශාන් මගේ අතින් මල් පොකුරත් අරන් ඒකි ලඟට දුවලත් ඉවරයි. මමයි තුර්ශයි විතරයි දැන් එක තැන තුර්ශ මගේ කරකට අතත් දාගෙන දේශාන් ඉන්න තැනට ගියා.

"Halo, this is Thursha and this is Saven"

"Hi Rochelle!" මමයි තුර්ශයි දෙන්නම එක විට කිව්වම බෝකේ එකත් තුරුල් කරන් ඒ කෙල්ලත් අපි එක්ක කට පුරා හිනා වුනා. මට කෙල්ල දැක්කගමන් කාව හරි celebrity කෙනෙක් මතක් වෙනවා කවුද කියලා හරියට මීටරේට වැටුනෙම නෑ.

"Halo, where do you want to go?"

"Nimdinu shall we go to Spa Ceylon? I want to buy a perfume. Will you help me?" 

"yeah yeah sure why not?" දේශාන් අපිට යන් කියාගෙන රොශෙල් ගේ අතත් අල්ලන් ස්පා සිලෝන් එක පැත්තට යනකොට අපි ඌට තම්බ්ස් අප් එකක් දීලා අපි අනික් පැත්තට යනවා කියලා එන්න ආවා.

"උන් දෙන්නා සෙට් නේ බන්?" මන් අහනකොට තුර්ශ මගේ කර වටේ අත දාන්, 

"හ්ම් අපි රෝයල් එකට සෙට් වුන නිසා තමයි බන් ඒකිගෙත් රැස් බැස්සේ. තාම ගමේ ඉස්කෝලෙනම් දේශානයා තාම හේලෝ හේලෝ ගගා පස්සෙන් යනවා." මන් හිනා වුනා. ඇත්තට කෙල්ල ලස්සනයි.

"ඒකි ලස්සනයි නේ?"

"ඔව් ලස්සනයි. පොඩ්ඩක් මෙක්කේනා ග්‍රේස් වයිබ් එකක් තියනවා නේ බන්?" අම්මට සිරි දැන් නේ මීටර් වුනේ

"ඔව් නේ තුර්ශයා!" මන් තුර්ශගේ අතකට පාරක් ගැහුවා

"ඒත් මන් කල්පනා කරා කවුරු හරි වගේ කියලා"

"දේශානයා දැන් රගර් ටීම් එකෙත් කැපී පේන තරුවනේ බන්. ගර්ල්ස් ස්කූල් එකේ මූ ගැන හෙන ප්‍රසිද්ධයිලු. මටත් සුදූ කිව්වේ."

"ඒක තමයි හශිර පස්සේ ගිය එකීගේ රැස් බාල වෙලා නිම්දිනු, නිම්දිනු ගගා නැලවෙන්නේ දැන්." 

"මොක හරි! උන්ට හරියනව නම් එච්චරයි"

"එච්චරයි!" මන් තුර්ශට ෆිස්ට් බම්ප් එකක් දුන්නා. 

"උඹ සමස්ත ලංකා යනවා නේ? කොහොමද ප්‍රැක්ටිස්? වෙස් තිබ්බ එවුන්ට ඉන්නේ උඹයි තව කීදෙනෙක්ද?"

"තව 4යි බන්"

"හොඳට නටහං ඈ!"

"අනිවා!" මායි තුර්ශයි ෆුඩ් කෝට් එකේ Popeyes එක ඉස්සරහ ටේබල් එකකින් වාඩි වුනා. ෆුඩ් ස්ටෝල්ස් ටික දැක්කම බඩගින්නකුත් එනවා.

"අරුන් එනකං ඉන්නවද නැත්තම් අපි මොනා හරි හපමුද උන් එනකං?" මන් තුර්ශගෙන් ඇහුවම,

"මැජික් කෝන් ගමුද?" මැජික් කෝන්?

"මැජික් කෝන්?" පරණ මතක ඇවිස්සෙනකොට ඒක නිකන්ම කියවුනා.

"ඇයි? උඹට සෙට් නැද්ද? වෙන මොනා.." තුර්ශ කියද්දි,

"නෑ නෑ මැජික් කෝන් හොඳයි." අයුශ් මතක් වුන නිසාම මට මැජික් කෝන් කන්න ඕනා. එයා ගියාට පස්සේ මන් ආයේ මැජික් කෝන් කෑවෙම නෑ.

තුර්ශ ටිකක් වෙලා මන් දිහා බලන් ඉඳලා නැගිටලා ගිහින් මැජික් කෝන් දෙකක් අරන් ඇවිත් එකක් මට පාස් කරලා ඉඳගත්තාම මන් මැජික් කෝන් එක දිහා බලාගෙනම ඒක කූරු ගගා කල්පනා කරා

'සවී මන් ඔයාට මැජික් කෝන් අරන් දෙන්නම්?' 

'ඒ මොනාද?' මාවත් ඇදන් ෆුඩ් කෝල් එකට ඇවිල්ලා මැජික් කෝන් කප් දෙකක් අරන් එයාගේ අතේ තිබ්බ කප් එකෙන් මැජික් කෝන් හැන්දක් අරන් පිඹලා පිඹලා මගේ කට ඉස්සරහට දික් කරාම මන් පළවෙනි වතාවට මැජික් කෝන් කෑවා. ඊටපස්සේ මැජික් කෝන් මගේ ආසම කෑමක් වුනා. අයුශ් ක්ලාස් ඉවර වුනාම හැමදාම ආපිකෝ එකේ මැජික් කෝන් ස්ටෝල් එකෙන් මට මැජික් කෝන් එකක් අරන් දුන්නා. එයා කෑවේ නෑ. මොකද දෙකක් ගන්න සල්ලි තිබ්බේ නෑ. අනේ ත්‍රීවීල් එකට දෙන සල්ලි වලින් මට මැජික් කෝන් කවලා කී දවසක් බස් එකෙන් බැහැලා ගෙදරට පයින් ගිහින් ඇතිද අයුශ්? 

"කාපන් ඉතින් ඕක දිහා බලන් අනිමිසලෝචනය කරනවද?" තුර්ශගේ කටහඬට මාව ගැස්සුනා.

"අහ්! හරි!" මන් යන්තන් ටිකක් හැන්දට අරන් කෑව

"මොකෝ අවුල?" තුර්ශට මගේ වෙනස තේරෙන්න ඇති.

"මමයි අයුශුයි අන්තිමට හම්බු වෙලා Majestic City එකේදි කෑවේ Magic Corn."

"ඌ ගැන ආරන්චියක් නැද්ද බන්?" තුර්ශ ඇහුවම මෙතුල දීපු ආරංචිය මට තුර්ශට කියන්න හිතුනා.

"තියනවා"

"මොකක්ද?"

"එයාගේ මෙහේ ඉතුරු වෙලා තිබ්බ ගේත් විකුනලා"

"ශිට්!" තුර්ශ මේසෙට අත මිටමොලෝලා ගැහුවා.

"එයා ආයෙ එන එකක් නැද්ද තුර්ශ?" මට ඇඬෙන්න වගේ! තුර්ශ ළඟදි අඬන්නේ නැතුව ඉන්න අමාරුයි. ඒත් මන් පුලුවන් තරම් ඉවසුවා.

"ඕක අත ඇරලා දාහන් බන්. උඹට හිත ගිය වෙන එකෙක් නැද්ද බන්? තුර්ශ එහෙම ඇහුවම මට මතක් වුනේ සයෝද් ව. ඒත්, ඒත් මන් කොහොමද එහෙම හිතන්නෙවත්! ඒක නිකං ආකර්ශණයක් විතරයි. 

"ඌ ගැන දන්න විස්තර ටික හරි මට කියපන්. හොයමු ඔය ප$යාව කොහෙන් හරි ඇයි රෙද්ද!" තුර්ශගේ කුකුල් කේන්තිය! එහෙම කිව්වට අපි කොහෙන්ද අයුශ් හොයන්නේ. මන් හිනා වුනා. එයාට ඕන නම් මට කතා කරන්න පුලුවන්. එයාට මාව contact කර ගන්න පුලුවන් හැම විදිහම මන් ලෑස්ති කරලා දීලයි මේ මඟ බලන් ඉන්නේ. මට මතක් වුනේ සයෝද්ගේ සරුංගල් කතාව.

"එහෙම ඕන නෑ බන්. එයාට අවශ්‍ය නම් මට කතා කරයි. එයාට මාව හොයාගන්න ලේසියෙන්ම පුලුවන්. එයා මගේ ගෙදර address එක දන්නවා. මේල් එක දන්නවා. ඉන්ස්ටග්‍රෑම් පවා මන් පබ්ලික් දාලා තියෙන්නේ එයාට මාව හොයා ගන්න ඕන නම් මාව හොයා ගනී තුර්ශ."

"ඒ කියන්නේ ඌට හොයාගන්න ඕන නෑ කියන එක නේ බන්?" ඉතින් උඹ ඌ එනකන් නැහෙන්නේ ඇයි?" තුර්ශ කියන කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි ඒත් මන් අයුශ්ට ආදරෙයි. මට අමතක කරන්න බෑ!

"මන් එයාට ආදරෙයි! මට ආපිට මුකුත් ඕන නෑ"

"උඹට නම් පෛත්තියන්!" තුර්ශ මට අතක් දික කරලා ඇද කරා.

"අන්න අරුන් එනවා!" මන් දේශානුයි රොශෙලුයි එනවා දැකලා උන්ට අත වැනුවා.

"අපි නම් තනියම මැජික් කෝන් ගත්තා. රොශෙල් තරහා නෑනේ?" තුර්ශ කියනකොට දේශානුයි රොශෙලුයි අපේ ටේබ්ල් එකෙන්ම ඇවිත් වාඩි වුනා.

"ඔහ් අනේ ඕක මොකක්ද? ඔයා ඇත්තටම තුර්ශ්‍යා නංගි වගේමයි" රොශෙල් තුර්ශට කිව්වත්, මන් තුර්ශගේ නංගිව දැකලා නෑ. අර සයෝද් කියපු මනරු සහෝ ගැන දන්න නංගි වෙන්න ඕන ඔය.

"අහ්! ඔයා මගේ නංගිව දන්නවද?"තුර්ශ ඇහුවම,

"අපෝ! අපේ ස්කූල් එකේ එයාව නොදන්නේ කවුද අනේ? She is the Odette of our school. එයා තරම් ලස්සනට බැලේ perform කරන කෙනෙක් අපේ ස්කූල් එකේ ඉඳලම නෑ" 

"Oh! Feels like, I'm getting compliments. Thank you Rochelle!" තුර්ශ දැන් ඉන්නේ සීලිමේ මන් හිතන්නේ.

මේ තියෙන්නේ අපි නුවර එලියේ ගිහින් ගත්ත photos." සයෝද් කැමරා එක මගේ අතට දුන්නා. අපි දෙන්නම හිටියේ මගේ ඩාන්සින් රූම් එකේ. ප්‍රැක්ටිස් කරලා පොඩි බ්රේක් එකක් හම්බුනාම සයෝද් මට එයාගේ කැම් එකේ photos පෙන්නනවා. එයාට අද photography club එක. 

"තාන්‍ය අයියගෙයි තුර්ශගෙයි මේ photo එක ලස්සනයි." මන් එක photo එකක් පෙන්නුවම,

"අහ් ඔය photo එක හෝර්ටන් ප්ලේන්ස් වලදි ගත්තේ තාන්‍ය අයියා ලොකූව ලුනු ගෙනියනකොට" සයෝද් තව එකක් ස්වයිප් කරා

"මන් ආසම මේකට. මේක ගත්තේ රෝයල් ටර්ෆ් ක්ලබ් එකේදි උන් දෙන්නා සෙල්ෆියක් ගන්නකොට තානය අයියා ලොකූව ඉඹිනකොට. මේක මන් උන් දෙන්නා බදිනකොට ලොකු කරලා දෙන්න ඉන්නේ" 

"බඳිනකොට?" මට පුදුමයි! කොහොමද බඳින්නේ? 

"ඔව්. එයාලගේ හඳහනුත් ගැලපෙනවා. අම්මා නම් කිව්වේ studies ඉවර වෙච්ච ගමන් උන් දෙන්නව බන්දනවා කියලා" ඈ? බන්දනවා කියලා අම්මා කිව්වා? මට හරියට ඇහුනද?

"ඒ කිව්වේ ලොකු අය දන්නවද?"

"අහ් ඔව්. ඇයි තවුසේ දන්නේ නැද්ද එයාලා දන්නවා කියලා?" මොනවා? තුර්ශ මට ඔහොම එකක් කිව්වේ නෑ නේ. 

"නෑ මන් දන්නේ නෑ. එතකොට, එතකොට ඔයාලාගේ පවුලේ අය ඒකට විරුද්ධ නැද්ද?" එහෙම කිව්වම සයෝද් හිනා වෙන්න ගත්තා.

"දැන් ඉතින් උන් දෙන්නා විරුද්ධ උනත් මයුරවංශලා උන් දෙන්නව කසාද බන්දලා දෙන සීන් එකේ ඉන්නේ!" මොනවා? මේ පවුල මහ පුදුම පවුලක්නේ. සමහරවිට තුර්ශ මට දුක හිතෙයි කියලා හිතලා කියන්නේ නැතුව ඇති.

"ඒ කියන්නේ සමලිංගික විවාහ වලට ඔයාලගේ පවුලේ අකමැත්තක් නෑ?"

"රිවිර බාප්පා කියන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා අදාල නෑ, එලියම තැන ඉඳලා අදුරුම තැනට වෙනකම් අල්ලන් ඉන්න පුලුවන්, තමන්ට සතුට, සැනසුම ගේන කෙනා ළඟ නවතින්න ඕනා කියලා" 

"ඔයාලා හරි පුදුම මිනිස්සු සයෝද්!" 

"එහෙම තමයි මයුරවංශලා ලෝකෙටම එකයි! හැමදාම නෑ, හැමතැනම නෑ!" කියලා ශර්ට් එකේ කොලර් එක උස්සලා ආඩම්බර ලීලාවක් දැම්මා.

මට මේ පවුල ගැන ලෝභයි! එයාලව හම්බවෙන්න ආසයි. මටත්, අයුශ්ටත් ඒ වගේ තේරුම් ගන්න පවුලක් හිටියනම්.....

මතු සම්බන්ධයි....

More Chapters