LightReader

Chapter 33 - රන් කුරහන් මල

"අහ් සවේන්, රවිහස් පුතාලා පොඩ්ඩක් ඔහොම ඉන්න!" Dancing period එක ඉවර වෙලා සර් මටයි, රවිහස්ටයි කතා කරාම අපි ආපිට හැරිලා සර් ළඟට ගියාම,

"පුතා ඔයාලා දෙන්නගෙන් අවුරුදු උත්සවයට අයිටම් එකක් ඕනා. වෙනස් දෙයක් කරන්න ඕන. හිතලා බලලා මට කියන්න" රවිහස් මන් දිහා බැලුවම මන් 'හා' කියලා ඔලුව වැනුවා.

"හරි සර්" රවිහස් කිව්වම සර් අපිට යන්න කිව්වා.

"මොන වගේ එකක්ද බන් කරන්න හොඳ?" මන් පන්තියට යන ගමන් රවිහස්ගෙන් ඇහුවම,

"මචං උඹ දැක්කද අවුරුදු උත්සවයකට කොල්ලෝ වගයක් කපල් වෙලා ඩාන්ස් එකක් දාලා ඒ වීඩියෝ ඒක වයිරල් ගියා?"

"ඔව් ඔව් මට මතකයි." 

"කොහොමද ඒවගේ එකක් කලොත්?" 

"නියමයිනේ බන්!" එහෙම එකක් කලොත් නම් නියමෙට තියෙයි තමයි. මන් පොත් ටික මේසේ උඩින් තියලා ඉඳගන්නකොට රවිහස්,

"සින්දුවක් තෝරමු එහෙනම්" ඌත් මගේ ළඟින් වාඩි වුනා

"හ්ම් හා. ගොඩක්ම පරණ එකකුත් නැතුව 2000 වගේ එකක් ගමුද? සෙන්ට්‍රිග්‍රේඩ්ස් ලා වගේ?"

"අපෝ උන්ගේ සින්දුව පට්ට ගහනවා බන් අවුරුදු උත්සව වල. අවුරුදුම නැතුව නිකන් ගමේ වයිබ් එකට යන එකක් හොඳ නැද්ද?" ඇත්ත ඇත්ත. අවුරුදු සින්දුම ගත්තොත් මේ කාලේට ඔව්ව බඩ යනවා. කිව්වත් වගේ වෙනම එකක් තෝරගත්තොත් හොඳයි.

"මේ සවේන් අර BnS ලගේ සින්දුව මොකක්ද අර නානානේ නා" 

"අහ්! රන් කුරහන් මල" 

"අන්න හරි! ඒක හොඳ නැද්ද?" රවිහස් මේසෙටත් එකක් ගහලා කිව්වම,

"කවුද දැන් රන් කුරහන් මල? උඹද මමද?" කියලා මන් හිනා වුනාම

"තෝනේ ඉන්නෙ ඔය බැබැලි බැබලි රත්තරන් පාටට. තෝ තමයි රන් කුරහන් මල" ලැජ්ජයි නේ ඉතින්! 

"හරි එහෙනම්. යකෝ කල් නෑ. තව දවස් හතරයි තියෙන්නේ!" රවිහස් ඇඟිලි ගනන් කරලා කිව්වම මාවත් රත් වුනා.

"මේ එහෙනම් අද හවසට ඉඳලා ප්‍රැක්ටිස් කරමු?" මන් කිව්වම

"හා මටත් අද ක්ලාස් නෑ." 

"එල!" අනික් එවුන් කන්නත් පටන් අරන් තුර්ශ කොට තාප්පෙන් ඔලුව දැම්මා.

"මස්සිනා කන්න එන්න වඩම්මන්න ඕනද?"

"එනවා එනවා!" මන් රවිහස්ට පිටට තට්ටුවක් දාලා කෑම එකත් අරන් එහා පැත්තට යනකොටත් වැඩේ පටන් අරන්.

"‍මන් දැක්කා සයෝද් මල්ලි අද උදේ ඉඳන් බාස්කට් බෝල් කෝට් එකේ" දේශාන් මගේ කටේ රොටි කෑල්ලක් ඔබන ගමන් කිව්වම

"හතර ටූනමන්ට් නේ බන්. ඒකයි"

"සවේන් මට ස්ක්‍රිප්ට් එක ලියලා දීපං හොඳ එකා වගේ!" තුර්ශට මේ සැරෙත් නිවේදනය බාර වෙලා. ඌට සිංහලෙන් වචන දෙක තුනක් ලියන්න හත් අවුරුද්දක් යනවා. බෝල කර කර, හිත හිතනේ ලියන්නේ. 

"අහ් මේ උඹටත් මොකක් හරි අයිටම් එකක් තියනවද කරන්න?" තුර්ශ ඇහුවම මන් ඔලුව වැනුවා.

"රවිහසුයි මමයි නටනව. මේ තුර්ශයා මන් අද හවස ප්‍රැක්ටිස් ඉන්නවා. මන් එනකන් ඉන්න එපා උඹ පලයං" 

"හ්ම් හරි!" 

"මන් යනවා!" ඉක්මනට කාලා යන්න හැරුනම, 

"කොහෙද උඹ දුවන්නේ?" 

"මගේ මල්ලි බබා බලන්න!!!!" මන් දේශාන් ට ඇහැක් ගහලා දිව්වා.

කෝට් එකට යනකොට කට්ටිය ප්‍රැක්ටිස්. මන් හෙමින් ගිහින් පැවිලියන් එකෙන් ඉඳගත්තේ ක්‍රීම් සෝඩා බෝතලෙත් එහා පැත්තෙන් තියන්. රෙශඛ්‍ය මාව දැක්කේ නෑ. ඒත් එයාගෙන් මටනම් ඇස් අහකට ගන්නම බෑ. එයා බාස්කට් බෝල් ප්ලේ කරනකොට එයාගේ වටේ තියෙන්නේ වෙනමම බ්‍යාමප්‍රභාවක්.

"ok ok boys! C'mon!!! ඔහොම නම් බෑ මල්ලි!"

"සයෝද් අයියේ මේ පොඩි බ්‍රේක් එකක් ගමුද?"

"බ්‍රේක්? මොන බ්‍රේක් ද? බ්‍රේක් කරනවා මන් උඹලගේ ඇට . මල්ලි මේ බාස්කට් බෝල් ප්ලේ කරන්නද නැත්තම් ඩිනර් ඩාන්ස් එකකටද ආවේ? බැරිනම් පලයංකෝ පවු නොදී! මේක පැරදුනොත් කනවා කැ... සුදයියේ?" 

මට හිනා දැන්. මන් අත කටේ තියන් ඇහි බැමක් උඩට කරලා 'මොකෝ' ඇහුවම, ආයේ කොල්ලෝ පැත්තට හැරිලා

"බ්‍රේක් එකක් ගත්තනම් හොඳයි තමයි මල්ලි. ඔයාලට මහන්සි පාටයි. " මට දැන් හිනාව නවත්තගන්න බැරි නිසා කකුල් දෙක අස්සේ මූන ඔබාගත්තා. 

"ගොඩක් වෙලාද ඇවිල්ලා?" රෙශඛ්‍ය මගේ ළඟින් වාඩි වෙලා ක්‍රීම් සෝඩා එක අතට ගත්තා.

"මට අර දරුවන්ගේ දුක් ගැනවිල්ල දෙයියෝ ඇවිල්ලා කියපු නිසා තමයි තකහනියක් දුවන් ආවේ. රෙශඛ්‍ය ඔයා ඒ ළමයිව මරෝනවා!" මන් දිහා බලාගෙන හිනා වෙවී වැඳ වැඳ යන ළමයිව බලන් හිනා වෙවී කිව්වම 

"ආහ්... දැන් මේ මගෙන් අරුන්ව බේරගන්නද තවුසේ ආවේ? මාව බලන්න නෙමෙයි?"

"කවුද රෙශඛ්‍ය ඔයාව බලන්න ආවේ?" මන් හිනාව තද කරන් කිව්වම

"එහෙමද? හිටපංකෝ!" කියලා නැගිටලා යනන් හදද්දි මන් එයාගේ ශෝර්ට් එකෙන් අල්ලගත්තා.

"තරහා ගියාම තමයි මගේ බබා වැඩියෙන්ම ලස්සන!" එහෙම කිව්වම දබර ඇඟිල්ලේන් නහය පිහිදන් පැත්තක් බලන් හිනා වෙලා ඇස් දෙකත් කරකවලා ආයේ තව ටිකක් ළඟට වෙලා ඉඳගෙන අත් දෙක දණිස්ස වටේ බැඳන් ඉන්න මන් දිහා බලාගෙනම ඉඳලා,

"ඉඹින්න ඕනා උඹව!" එහෙම කිව්වම මන් මගේ පිට අල්ල එයාගේ තොල් ඉස්සරහට ගෙනාවම එයා මගේ අතට උම්මා එකක් දුන්නා. 

"මට අද හවස ඩාන්සින් ප්‍රැක්ටිස් රෙශඛ්‍ය" 

"මට කිව්වේ නෑ නේ?"

"අද තමයි කිව්වේ අවුරුදු උත්සවයට අයිටම් එකක් ලෑස්ති කරගන්න කියලා" 

"හ්ම්ම්ම්. මන් ඉන්නම් ඔයා එනකන්" 

"ඔයා යන්න රෙශඛ්‍ය. දවසම ප්‍රැක්ටිස් කරලා ඔයාට මහන්සී" 

"පැහෙන්න එපා සුදයියේ! මට උඹ වෙනුවෙන් ඉන්න එක මහන්සියක් නෙමෙයි. උඹ ඒක දන්නවා." 

"අත දෙන්න!" මන් රෙශක්‍යගේ අත ඉල්ලුවම එයා මට අත දික් කරාම මන් එයාගේ පිට අල්ලෙන් තොත්තුවක් තියලා යන්න නැගිට්ටා.

"යනවද මැණික?" ආ! මාව දියවෙනවා

"කන්න ඔයා. බෙල් එක ගැහුවා. ඊළඟට මීඩියා. මන් යන්න ඕනා" 

"නෑ මන් මෙහෙම අඩිය තියලා යනකොට උඹ මගේ අතින් ඇදලා ගනින්!" 

"අහ් හරි ආයේ කරමු" රවිහස් ආයේ ගිහින් සින්දුව ප්ලේ කරා

නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා

"සුදයියේ!!!!" අම්බෝ බය හිතෙනවානේ නැටුම් කාමරේ දැල් අස්සෙන් අත් දෙකත් ඉනට තියන් යස්සාවේස වෙලා කෑ ගහන දොන්ත පතන් මල යස්සයාව දැක්කම

"‍රෙශඛ්‍ය!" එසැනින් දුවන් ඇවිත් සපත්තු දෙකත් ගලෝලා වීසි කරලා නැටුම් කාමරේට වැදුන මල යකා,

"මෙහාට වරෙං!" 

"රවිහස් පොඩ්ඩක් හිටපං. මන් විනාඩියෙන් එන්නම්!" මන් තක්බීර් වෙලා ඉන්න රවිහස්ට ස්මයිල් ඉන් පේන් එකක් දාලා රෙශඛ්‍යව ඇදන් එලියට ගියා.

"රෙශඛ්‍ය ඔයාට පිස්සුද?" 

"මොනාද අර ඇතුලේ වෙන්නේ?" 

"මේ අවුරුදු උත්සවයට රවිහස් එක්ක ඩාන්ස් එකක් තියනවා"

"Dance? You want to dance with another guy? Is, is,is that so? why? Why I can't dance? Ah sweet heart? Your boyfriend can't dance?"

"රෙශඛ්‍ය!" 

"නෑ නෑ! තවුසේ ඩාන්ස් කරන්නේ නෑ රවිහස් එක්ක. මෙතන! හැමදාම ටෙක්ස්ට් කරනවයි, කුණුහරුප වීඩියෝ එවනවයි! මන් දන්නවා පොල් පැලේ හැරෙන්නේ ගොනාට කියලා!"

"රෙශඛ්‍ය ඒක ගොනා හැරෙන්නේ පොල් පැලේට"

"අහ් හරි හරි whatever!" දැන් උඩ බලන් කොන්ඩෙට පිම්බා.

"රෙශඛ්‍ය මේ සර්ගේ උවමනාවකට නටන්නේ" මන් ඉනේ තිබ්බ අතක් අල්ලගත්තම,

"I don't like it! Hell no!" මට හිනා යනවා. මූ කියුට්!

"සවේන්?" රවිහස් එලියට ඇවිල්ලා මට කතා කරාම මන් ආයේ ඌට බොරු හිනාවක් දැම්මා.

"සයෝද් මල්ලි මොකක්ද අවුල?" රවිහස් ඇහුවම රෙශඛ්‍ය මහ කැත හිනාවක් දාලා,

"අවුලද? අවුල තමයි..."

"රෙශඛ්‍ය දැන් ඇති!" මන් තදින්ම කිව්වත් රවිහස් ට හිනා ගියා.

"සයෝද් උඹේ ලව් එකත් එක්ක මන් නටන්න යන නිසාදෙ මේ දෙන්නගේ වලිය?" 

"රවිහස්?" මොනාද මට මේ ඇහෙන්නේ?

"මුලු ඉස්කෝලේම දන්නවා උඹලා දෙන්නගේ මොකක් හරි එව්වා මෙව්වා එකක් තියනවා කියලා." එහෙම කියලා රවිහස් හක හක ගගා හිනා වුනාම මෙච්චර වෙලා පුම්බන් හිටපු රෙශ්ඛ්‍යටත් හිනා ගියා. 

"හරි හරි උඹ නටපන්කෝ මන් වෙනුවට ඉවරයිනේ ප්‍රශ්නේ! මන් ස්ට්‍රේට් යකෝ. මට අවුරුදු තුනක love එකකුත් තියනවා අපේ ගර්ල් ස්කූල් එකේ කෙල්ලෙක් එක්ක! හැරෙනවා මන් පොල් පැලේට පම්කක්!" රවිහස් වම් අතේ අල්ල උඩට දකුණු අතේ පිට අල්ල් තියලා ගැහුවාම රෙශඛ්‍යගේ ලැජ්ජාව බාල්දියෙන් එකයි. මට හිනාව නවත්තගන්න බෑ දැන්. 

"අඩෝ සොරි අයියේ!" රෙශඛ්‍ය ඔලුව කස කස කියන්කොට රවිහස්,

"ඔව් ඔව් මේකා කෙල්ලෙක් තරම් පරිස්සන් කරන්න ඕනා බඩ්ඩක් තමයි. අර එහා ඉස්කෝලේ එවුනුත් මූට පැණි හලනවා" 

"ඒකනේ ඒකනේ අයියේ! දැක්කනේ සුදයියේ!"

"දැක්කා දැක්කා" මන් ගැස්සුවා

"හරි එහෙනම් උඹලා දෙන්න නටපන්. මන් සර්ට කියන්නම් මගේ කකුලේ අමාරුවක් කියලා. ඉවරයිනේ ප්‍රශ්නේ." 

"තෑන්ක්ස් බොම්ක!" රෙශඛ්‍ය රවිහස්ගේ උරහිසට තට්ටුවක් දැම්මම රවිහස් බෑග් එකත් අරන් මටත් සැලියුට් එකක් දාන් යන්න ගියා. 

මන් හොඳ හුස්මක් පහල දාලා නැටුම් කාමරේට ගිහින් බිත්තියටම අල්ලලා තිබ්බ සිමෙන්ති බංකුවේ ඉඳගෙන වතුර බොනකොට රෙශඛ්‍ය ඇවිත් මගේ එහා පැත්තෙන් ඉඳගත්තා.

"මාත් එක්ක තරහද සුදයියේ?" ඔන්න ඉතින් ඇස් දෙක ලොකු කරන් බලු පැටියෙක් වගේ

මන් රෙශඛ්‍යගේ ඔලුව පිටිපස්සෙන් අත තියලා මගේ නලලට එයාගේ නලල හේත්තු කරගත්තා. 

"මන් තරහා නෑ. හැබැයි ඕනවට වඩා possessive වෙන්න එපා බබා. ඒකෙන් අපහසුතාවයට පත් වෙන්නේ අපිමයි" එහෙම කිව්වම රෙශඛ්‍ය මගේ අත අල්ලගෙන මගේ මූණට නැවුනා

"සොරි මැණික. ඒත් මන් ආස නෑ ඔයාව කවුරුත් අල්ලනවටවත්" 

"මන් ඒක මතක තියා ගන්නම්. ඒත් මන් ඩාන්සර් කෙනෙක් නේ බබා. එතකොට ඒ නීතිය කඩන්න වෙන වෙලාවල් එනවා. ඔයාට තේරුම් ගන්න පුලුවන් නම් මන් කැමතී."

"ඇත්ත. මන් තේරුම් ගන්නම්. සොරි සුදයියේ!" රෙශඛ්‍යව හපන්නමයි මට හිතෙන්නේ දැන්. මන් නැගිටලා එයාගේ කකුලක් උඩ ඉඳගෙන එයාගේ කර වටේ අත් දෙකම දාගෙන,

"මන් කාත් එක්ක නැටුවත් මගේ හිතයි, ගතයි දෙකම අයිති සයෝද් රෙශඛ්‍ය, ඔයාට විතරයි. ඒක වෙනස් වෙන්නේ නෑ!" 

"සුදයියේ!"

"මන් ඔයාට ආදරෙයි බබෝ!" 

"මාත් උඹට පැලෙන්න ආදරෙයි සුදයියේ!"

බාස්කට් බෝල් ටූනර්මන්ට් එකට ගිහින් යටි ගිරියෙන් කෑ ගහලා මට කතා කරගන්නත් බෑ. රෙශඛ්‍ය ගෝල් ගන්න ගන්න පාර පපුවට ඇඟිල්ලෙන් ඇනන් ඒ ඇඟිල්ලම මට දික් කරනකොට මට පිස්සු හැදුනේ නැති ටික විතරයි. අම්මා මගේ එහා පැත්තේ හිටපු නිසා කවුරුත් හිතුවේ රෙශඛ්‍ය එහෙම කරන්නේ අම්මට කියලා. ඒ අස්සේ අම්මා මගේ අත දාගෙන මිරිකනවා. කොහොමහරි මගේ බබා ටූනර්මන්ට් එක දින්නා. ඉවර වෙලා මමයි, රෙශඛ්‍යයි, අම්මයි, සයුලුයි සිනමන් ලේක්සයිඩ් ගිහින් බඩ පැලෙන්න කෑවා. චයිනා වලින් ගෙනාපු බඩු ගෙදර ආවම දෙන්නම් කිව්වට මට නම් ඒවා බලනකන් ඉවසිල්ලක් නෑ. 

"සූර්ය සිංහල මංගල්ලය රාජකීයත්වයෙන් සමරණ අද දින තවත් වර්ණවත් කරන්න.... සවේන් දෙනෙත් පෙරේරා සහ සයෝද් රෙශ්ඛ්‍ය ඩි සේරම්!!!." කන් බීරි කරවන විසිල් සද්දේ, අත්පොලසන් නාදය මැද්දේ තුර්ශ ස්ටේජ් එකෙන් බිමට බැස්සේ මගේ පිටට තට්ටුවක් දීගෙන.

නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා 

"කමෝන් සවේ!!!" ඉස්සරහෙන් ඇහෙන ප්‍රේක්ශක ප්‍රතිචාර නම් නියමයි. රෙශඛ්‍ය මගේ අතින් ඇදලා කරකවනකොට මන් තව තාලෙට ඇඹරුවා.

රන් කුරහන් මල සේමා

සුපිපුණු ඔබේ වත බෝමා

දැක්ක ගමන් සිත සැලෙනා

ප්‍රේමි නුඹේ අත ඕනා

"සයෝද් අත අරින්න එපා මල්ලි අත!!!"

සෘංගාරේ උතුරන බෝමා

නෙරිය අගින් ඉඟ පෙන්නා

පාන සිනාවෙන් පේනා

නිල්මිණි කැලුමන් සේනා

පාන සිනාවෙන් පේනා

නිල්මිණි කැලුමන් සේනා

හිරිමල් හිත හිරිවැටුණා

කුළුදුල් සිත කිතිකැවුණා

නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා

නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා

සින්දුව ඉවර වුනේ මන් රෙශඛ්‍යගේ කකුලක් උඩ ඉඳගත්තම. ප්‍රේක්ශක ප්‍රතිචාර වලට කන් දෙක බීරි වෙලා. ඒ අස්සෙන් photos ගන්නවා වීඩියෝ ගන්නවා එක යමරයයි. රෙශඛ්‍යගේ මූනේ මල් හතයි. මටත් එහෙමයි. රෙශඛ්‍ය එක්ක නටපු එක හොඳයි රවිහස් එක්ක නටනවට වඩා. 

මතු සම්බන්ධයි.....

More Chapters