LightReader

Chapter 14 - 14

පින්නමලක්....

මගෙ ඔලුවෙන් පටන් ගත්තු හිරිය සර්වාගෙම වහගන්නවත් එක්කම මං පස්සට පැන්නා....කරුමෙටම මාව වැටෙන්න ගියා.....ඉන්ධර් හාමු මාව අල්ලගත්තා ....අතෙන් වත්...අත් ගොබෙන් වත්.....උරහෙන් වත් මේ කොහෙන් වත් නෙවෙ...කෙලිම්ම උකුල් ඇටවල්ට අගල් ගානක් උඩින්....ඒකත් තනි අතෙන් ....

ඉන්ධර් හාමුට මේ මොනවා වෙලාද දෙයියනෙ.....ඇහැල මලක් වගේ නෙවෙ...පින්න මලක් වගේ කියනකොට ඉන්ධර් හාමුගෙ කතා කරන ඇස් අද වෙන මොනවද කිව්වා...ඒ ඇස් තොරතෝංචියක් නැතුවම කියවනව...ඒත් මේ තත්පරේ වෙනකන් මට බැරි උනා ඒ කතා කරන ඇස් දෙක මොනවද කියන්නෙ කියලා හොයා ගන්න....ඊටත්.....ඉදලා ඉදලා කියන වචනවල බර.....

ඇසලට නැගිටින්ඩ හිතක් නැතිවද ම්ම්ම්ම්....මනාප නම් ඔහොම ඉන්ඩ...කාරි නෑ...මේ අත් හයියයි...ම්ම්....

බ්..බේබි හාමු....

මං හිතන්නෙ වික්ටර් මහත්තයටත් ලැජ්ජා හිතිලද මන්දා..මෙච්චර වෙලාම මියුරු කල්පනාවට තාලෙ අල්ලපු වික්ටර් මහත්තයා ඉන්ධර් හාමු හන්දා ගොලු වෙලා ගිහිල්ලා...

මං තවමත් උන්නෙ අර වැටෙන්ඩ ගිය විදිහටමයි.... නැගිටින්න හිතක් නැතුවද ඇහුවත් මට බැරි උනා තව නැගිටගන්න.....මාව නිකන් කාන්දමක් වගෙ ඇලිලා ගිහින්....එක්කො...හාමු මට නැගිටින්න දුන්නෙ නෑ.....මගෙ හිත ගැස්සෙන්නෙ නැතිද දෙවියනේ.....නිකටින් අල්ලන් මගෙ ඇහැල මල දැන් පින්න මලක් වගේ කියනකොට ....මෙච්චර කාලෙකට වරෙන් පලයන් කිය කිය නපුරු කම් කරපු ඉන්ධර් හාමු එක පාර මෙහෙම කියනකොට ....

මගෙ මූනට වතුර බින්දුවක් වැටුනා...ඒකත් නලලට...තවත් බින්දු දෙක තුනක්ම වැටුනා.....වෙනකොහෙවත් නෙවෙ.....නාපු හන්දම ඉත්තෑකූරු ගැහුන ඉන්ධර් හාමුගෙ තෙත කොන්ඩෙන්.....උඩුරැවුල උඩු අතට කරකවපු ඉන්ධර් හාමුගෙ ඝණ අහිබැම රැලි උනා...ඇස් දෙක හීනි උනා...මං ආයමත් දැක්කා...ඒ ඇස් මොනවදෝ කියන්න හදනවා...ඉස්සරහට නෙරාපු උගුරුගැටෙ දැන් දෙතුන් පාරකට වඩා ඉහල පහල ගියා....ඉන්ධර් හාමුගෙ සුවද මුලු කාමරේම පුරවගන්නකොට ලැජ්ජා හිතුන වික්ටර්මහත්තා නන්දසිරි මහත්තයට ඉන්ධර් හාමුවෙනුවෙන් තාලයක් අල්ලන්න කියලා තිබුනා...ඒකත්....මේ ප්‍රථම වසන්තයයි ...

මේ ප්‍රථම වසන්තයයි...

දිවි අරනේ මධු මල් පිපෙනා

බිඟු රැව් නැගෙනා

මේ ප්‍රථම වසන්තයයි....

තවත් පුංචි වතුර බින්දුවක්...ඒක වැටුනෙ හරියටම මගෙ යටි තොල උඩට.....ඉන්ධර් හාමුව ගැස්සුනා.....වතුර බින්දුව වැටුනෙ මගෙ යටි තොලට උනත් ගැස්සුනේ ඉන්ධර් හාමුව....

"හරියටම සුදු නෙලුමට පිනි වැටිලා වගේ...ඇයි එහෙම...ම්ම්ම්"

ඉන්ධර්...හ...හාමු ස්..සමාවෙන්න....

මං ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා..... යටි තොලට වැටුන වතුර බින්දුව නොහොතපු වෙලාවක මහපට ඇගිල්ලෙන් හරි හිමිහිට පිහදාපු ඉන්ධර් හාමු හැදුවෙ මට පපුවෙ අමාරුවක් හදවන්ඩ....ඒ තරමට ඒ කටින් පිට වෙන වචන හරි බරයි.....

මං ජනෙලෙ එපිට බැලුවා...කාත් කවුරුත් නැති වලව්වෙ මමයි බේබි හාමුයි තනිපංගලමෙ ...ඉස්සර වගේ වරෙන් කාපන් පලයන් නොගා එන්න එන්නම බර වචන කියන ඉන්ධර් හාමු මගෙ පපුවට පුදුම බරක් ගෙනවා.....ඒ බැල්ම පවා දැන් වෙනස් වෙලා....ඇස් යටින් බලලා කතා කරනවා මිසක්කා...පයට පෑගෙන දූවිල්ලකට මායම් නොකරපු ඉන්ධර් හාමු දැන් මගෙ මූන දිහා වරුවක් උනත් බලන් ඉන්න පුලුවන්ය කියනකොට මේ හැම දේම කරන්නෙ මං කසාදෙට අකමැතිවෙයි කියලා හිතාගනදෝ කියලා හිතෙනකොට අනේ ඇත්තටම එ රගපෑම ගාව මගෙ දුප්පත් හිත රිදෙනවා....

ඉන්ධර් හාමු....

ම්න්.....

හාමු...මට මේ විදිහට සලකන්නෙ....මං හාමුට බහ නොදී ඉදී කියලද බේබි හාමු....

ඒකෙ දෙන්ඩ දෙයක් නෑනෙ ඇසල...ම්ම්ම්ම්

හාමුට පුලුවන්...මට කලින් වගේම....වරෙන් පලයන් කාපන් බීපන් ගාන්ඩ.....

ම්න්...ඒක ඇත්ත....ඒත්....තව තුන්දොහකින් උඹ මේ වලව්වෙ ඉන්ධර් හාමුගෙ ....නමට උනත් ඇත්තට උනත්....මම උඹගෙ වාහෙ උනහම මට පුලුවන්ද ඇසල වර පල කියන්ඩ ම්ම්ම්....උඹගෙ කනට ඇහිලා තියනවද මහ හාමු කුමාරි හාමිට වර පල කියනවා.....

කුමාරි හාමියි....මමයි එකයි නෙවෙනෙ බේබි හාමු....මං...මං ඇවිදින්...මං....ඇවිදින්...ටික..දොහකින්..

ආයමත් පරන ඉලව්ව ... ආයමත් පරන ඉලව්ව ගනින් ඔය අල්මාරියෙන් කමිසයක් ....ගිහින් ඇරපන් රෑ කෑම මේසෙට...

ඉන්ධර්...හ්..හාමු

මාව ගැස්සිලා ගියා.....අහස ගිගිරුවා හා සමාන සද්දෙකින් ඉන්ධර් හාමු නොහිතන වෙලාවක මට සැර වෙනවත් එක්කම ජනේලෙ එල්ලීගන උන්න මං බයටම අඩි දෙක තුනක් පස්සට ගියා....මට ගොත ගැහුනා....

මෙච්චර වෙලාම මගෙ පින්න මල කිය කිය කනට නෑගෙන ගානට කතා කරපු ඉන්ධර් හාමු ළඟ තිබුන පුටුවට මහ හයියෙන් පයින් අනින ගමන් කමිසයක් ඉල්ලලා කෑම ඇරපන් මේසෙට කියලා ගුගුරද්දි අඩි දෙක තුනක් පස්සට ගියපු මං අර නපුරු ඉන්ධර් හාමු ඉස්සරහා බයෙ ගැහුනා....

ඇසල....

ඉ..ඉන්...අනේ...හ්..හා...මු

බලපන්.....මෙතන කොයි තරම් නම් වේගෙන් ගැහෙනවද ...උඹට ඕනෙ....ඒ වගේ ඉන්ධර් කෙනෙක්ද ම්ම්ම් ...දැක්කත් මේ පපුව ගැහෙන ඉන්ධර් කෙනෙක්.....පපුවක් හොද නිවෙන්න මිසක්...බයේ ගැහෙන්න නෙවෙ ඇසල....

හ්..හාමු....

සෙරෙප්පු දෙකක් වත් නැති නිරුවත් කකුල් වල ඇගිලි දහයම අර සීතල රතු සිමෙන්ති පොලව බදාගත්තා .....කොටිම්ම මගෙ යටි බඩ කොරවෙලා ගියා.....පුටුවට පයින් ඇනලා ගුගුරපු ඉන්ධර් හාමු ඇසල කියන ගමන් මාව ලගට ඇදලා ගත්තා ...නිකන් නෙවෙ...ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම ඇගට වඩා දෙතුන් ගුනයකින් ලොකු සීතල කාලෙට සීතල හොදටම දැනෙන....රස්නෙ කාලෙට දාඩිය හන්දම දියවෙලා යයි කියලා හිතෙන තරමට හෝදලා හෝදලම තුනීවෙලා ගියපු මගෙ බැනියම් කඩමාල්ල අස්සෙන් අත දාපු ඉන්ධර් හාමු කෙලිම්ම අත තිබ්බෙ මගෙ වම් "තන" උඩට....හැබැයි....ඇල්ලුවෙ මගෙ හදවත.....

ඒක ගැහෙනවා.....ඒක පුලුවන් උපරිම වේගෙන් ගැහෙනවා...

ඉන්ධර් හාමුගෙ අත තවමත් පපුව උඩ...වයසට වඩා ඇට්ටර ගැහුන පපුව උඩ අත තියන් උන්න ඉන්ධර් හාමු මගෙන් අහනවා උඹට ඕනෙ ඒ වගේ ඉන්ධර් කෙනෙක්ද කියලා ....

බ් .....බේබි...හාමු....

එකම..දේ....දහවංගියක් කියනවට මං මනාප නෑ ඇසල.....

සමාවෙන්ඩ හාමු.....

ම්න්...

හාමු මගෙ පපුවෙන් අත ගත්තා.. .මං එහෙම්ම හැරිලා කලුවර ලීයෙන් හදාපු කැටයම් කපපු අල්මාරිය ඇරලා බේබි හාමු රෑට අදින කමිසයක් තේරුවා.....මොන පාට එක අදීද කියන්න මං දන්නෙත් නෑ ..හැබැයි මං එකක් තේරුවා....හැම දේම පිලිවලයි....හරි සුවදයි....අපේ ගෙදර හතර දෙනාගෙම ඇදුම් තියෙන්නෙ එකම පෙට්ටගමක...සුවද එන්න දාන කපුරු බෝල ඇරුනම වෙන මොකුත්ම නෑ....

බේබි හාමු.....

ම්න්.....

මං ලාපාටට හුරු අත් කොට කමිසයක් අරන් ඇද උඩ තියනකොට ඉන්ධර් හාමු ඒක අරන් ඇදගත්තා ..මෙච්චර වෙලාම සින්දු කියපු කෝකිලයන්ටත් උගුරට නිවනක් දෙන්නද කොහෙදෝ බේබි හාමු දාලා තිබ්බ හැම සින්දුවක්ම වහලා දලා අර කමිසෙත් ඇදගන මොකුත් නොකියම එලියට ගියා....

ඇසල.....

බේබි හාමු....

කෑම එක මේසෙට ඇරියා නම්...

මං උන්නෙ තවමත් කාමරෙ....එදා අස්කරපු විදිහමයි....කිසිම ඇදුමක් එහා මෙහා වෙලා නැ...එල්ලා තිබ්බ කමිසෙ ඉතිරි කරපු හිස්තැන වහන්න මං කමිස ටික ලන් කරනකොට කාමරෙන් එලියට ගියපු ඉන්ධර් හාමු ආයම කෑ ගැහුවා...

මේ මිනිහට ගෙනාව දේ කන්ඩ බෑ...අත්දෙක කැඩිලද මන්දා ඔය තරම් අමාරුද පිගානක් අරගන ඕක දාගන්ඩ....බිබික්කම දොන්ත බිබික්කමක් වෙනඩ එනවා....

හිත අස්සෙන් ඉන්ධර් හාමුට බැනපු මන් කුසියට යනකොට කෑම මේසෙ ඉදන් උන්න ඉන්ධර් හාමු අත් දෙක පපුවට බැදගන මොනවා හරි කල්පනා කරනවා...වලව්ව ගැන වෙන්ඩ ඇති...ඇයි ඉතින් තියන වස්තු කාන්දරාවෙ හැටියට තනිපංගලමේ ඉන්නකොට බය හිතෙනවා ඇති හොරු පැනලා අරන් යයි කියලා ....බිබික්කමත් මහ ලෝභයෙක්ද කොහෙද ....

සුදුපාට වතුර වීදුරුව දෙතුන් වතාවක් හෝදපු මං ෆ්‍රිජ් එකේ දාලා සීතල කරනවට වඩා මැටි කලේ දාපුවාම එඅ සීතල වතුර බොන්ඩ මනාප බේබි හාමුට මැටි කලෙන් වතුර එකක් පුරවල වතුර වීදුරුවෙ පිටින් තිබුන හැම වතුර බින්දුවක්ම පිහදැම්මා.....නැත්තන් ආපිට හරවලා එවයි....ඒ තරම් සෝබනයක් තියෙන්නෙ ඔය බිබික්කමට...

පිගන් මැටියෙම්ම මල් වැලක් අඹලා තිබුන තනි සුදු පිගාන අරන් දෙපාරක් තුන්පාරක්ම පිහදපු මං අත් දෙකත් සියවතාවක් විතර හෝදගන පාන්පිටියෙන් තම්බපු ලා කහ පාටට හුරු ඉදිආප්ප පැත්තකට බෙදුවා.....පරිප්පු හොද්දයි මිරිස් මාලුවයි තිබුනෙ වෙන වෙනම පුංචි බෑග් වල දාලා වෙනකොට මං සුදුපාට පුංචි බෝල් එකක් ගත්තා

මක්ක කරනවද තවම....

බේබි හාමු

මෙච්චර විස්තර මොකටද....ඕන් ඕක පිටිම්ම අරන් එන්ඩ.....මේ කෙසෙල්න්කොලෙත් අයින් කරලා...පිගානෙ කන්ඩ ඕන..නම් කෙසෙල් කොලයක් තවන්ඩ කියනවද...ඔලුවෙ තියෙන්නෙ වෙන වෙන මනස්ගාත ....ඕක අරන් වරෙන්

බිබික්කමට සහගින්දර ඉහට ගහලද කොහෙද ...කෙසෙල් කෙලේ වෙනුවට පිගානට බෙදුවයි කියලා දොස්මුරයක් තියාපු ඉන්ධර් හාමු යන්න ගියා.....අත්දෙක වන වන ගිය වෙලේ මේකෙන් එකක් අරන් ගියා නම් මොකද මාවම කන්න තමයි ඉන්නෙ ඒ අස්සෙන් මගෙත් බඩ කෑගහනවා....

ඒත් කොහෙ යන්ඩද සුගලා දේවිගෙ රන්කදට හදිසියේ පිට උගුරෙ ගියොත් පිටට ගහන්ඩටත් එකෙක් ඉන්ඩ එපැයිනෙ...මැනිකෙ මෙ නාකියව බිබික්කමක් කරලා.....

.ඇසල....

මෙ එනවා හාමු....

කොයිවෙලෙත් කෑ ගහනවා...

බේබි හාමු.....

ම්න්...

මං ආයම කෙසෙල් කොලේට අර ඉදිආප්ප ටික අඩුක් කෙරුවා...හොදිපිනිත් අහ අහ බෙදුවා....අවසානෙදි අත හෝදන්න ගෙනාව වතුර භාජනෙට අතදාලා අතහෝදගත්තු හාමුට අත පිහන එකේ ඉදම්ම අතට පයට හැමදේම පූජා කරපු මන් මහ රජ බිබික්කම කන්න ගන්නකන් බලන් උන්නා....

ඉන්ධර් හාමු හිමින් කන්න ගත්තා ....ආයම මං දිහාවත් බැලුවෙ නෑ....ඇසල උඹට බඩගිනිද වත් ඇහුවෙ නැ...ඇගිලි තුඩුවලින් අරකෙන් චුට්ටයි මේකෙන් චුට්ටයි දදා මලක් වගේ රැල් තියන ඉදි ආප්පෙ මැදට තිය තිය කන හැටි මං බලාගන උන්නා.....ඒත් මං ආස ඔක්කොම ඇගිලි තුඩුවලින් අනලා අනලා චුට්ට චුට්ට කන්න...එහෙම රසයි ඔක්කෝටම වඩා...

ඇසල.....

බේබි හාමු.....

හාමු උන්නෙ කනගමන් උනත් මොකක් හරි කල්පනාවක කියන්න මට දෙතුන් වතාවකම දැනුනා.....ඒ කටහඩත් දැන් ටිකක් ආයම තදයි...පොල් ගනන් බැහැලා හන්දා වත් දෝ...ඇයි ඉතින් මුන්ට පොල් ගෙඩියක් රුපියලින් බැස්සත් හරි අමාරුයිනෙ...මහ නාකියා වගේම නැතෑ පොල් මත්තෙමයි.....

උඹ දැන් ඔය ඔච්චරම කටුගාන මගුලල් ගැන අහන්නෙ...ඇසලගෙ හිතේ තව කසාදයක් කරගන්ඩ අදහසක් වත් තියනවද.....

මො..මොක්කද හාමු...

අන් අහන්නෙ.....උඹ මේ කසාදෙ කටු ගෑවුනාට පස්සෙ උඹ වෙනකසාදයක් කරගන්නවද කියලා අහන්නෙ.....

කන්න ගත්තු ඉදිආප්පෙත් පැත්තක තියන් ඉන්ධර් හාමු මගෙන් තව කසාදයක් ගැන අහනවා.....බේබි හාමුගෙ අපලේ හමාරයි දැන් උඹ පලයන් කියලා කිව්වම ආව විදිහටම මං මගෙ පැලට නොයා මෙහෙ ඉන්ඩද...ඇරත්....තනිපන්ගලමෙ ඉන්ඩ මටත් පිස්සුද....මාත් ගෑනියෙක් ගේන්නෙ නැද්ද...?

මං බිම බලාගන ඉදලා ආයම ඉන්ධර් හාමු දිහා බලලා මිමිනුවා....

මටත්...කියලා යන කලදසාවක් තියෙන්ඩ....එපැයි....බේබි හාමු....

ආ...ඒකියනෙ ඇසල හිරයක් කරගන්නවා...

එ..එහමයි.....හාමු....

හහ්....!

බ්බ්...බ්....බේබි හාමු....

මක්ක උනාද....එකපාරටම...

ඉන්ධර් හාමු අතේ තිබුන ඉදිආප්පෙ ඇගිලි කරු වලින් එලියට එනකන් මිරිකුවා...හපන්ඩ බැරි දත්වල අමාරුවක් වත් දෝ....ඇරත් ඉති....න් දැන් දතුත් බුරුල් ඇති...අනේ.මන්දා....ගේන්ඩ ඉන්න එකි බිබික්කමව දාලා යයිද කියලත්....පව් ඉතින්.....අනේ මන්ද...වයසට ගියහමත් මාවම කයිද දන්නෙ නෑ...

ඇසල....

බේබි හාමු....

යමන් මහ හාමුගෙ කාමරේට.....ගිහින් ඇති දඩයම් තුවක්කුව...මැදපන් ගිහින්....

බ්.බේ...බි හාමු...මේ..දැන්...

උඹට වෙනදවක කරන්ඩ ඕනා නම් දැන් කියන්නෙ නෑනෙ...කලදසාව....උඹට දැනුත් හොද කලදසාවක්නෙ තියෙන්නෙ....කිව්වම අහල පලයන් මගෙ මූන කන්ඩ බලන් ඉන්නෙ....

මං පස්සෙන් පස්සට ගියා...හිටි හැටියෙ හාමුට මක්ක උනාද.....ඊටත් මේ රෑ...දඩයම් තුවක්කුව මදින්ඩ කියන්නෙ.....මේ ළඟදි වල් ඌරෙක් වත් ආවෙ නෑනෙ...ඇරත්.....හාමුට වල් ඌරු මස් ඕන නම් ඇලිසගෙ කොල්ලට කියනවනෙ.....

ඉන්ධර් හාමුගෙන් බැනුම් අහපු මං ලොකු හාමුගෙ කාමරේට ගියා...මේක එහෙම් පිටිම්ම වෙදගෙදරක්නෙ.....තනිකරම බෙහෙත් තෙල් ගදයි....ඉන්ධර් හාමුහෙ කාමරේට යනකොට මොන තරම් සුවදද....නාකි හාමුවට හන්දිපත් රුදාව නැති දවසක් නෑ....මැනිකෙටත් එහෙමයි...බිබික්කමට ඔලුවෙ රුදාව....රුදාවල් නැතිදවසක් නෑනෙ....මං මැරෙන හැටියට එහෙනම් මට උදේ හවා බෙහෙත් ඔරුවෙ බැහැල ඉන්න වේවි...

මොනව කරන්නද...ඇගට අමාරුයි කියලා අපි නොගිහින් ඉන්නද.....ගෙදර උන්නොතින් එදාට වලදක් වත් රත් වෙන්නෙ නැති දවසක්.....

ධර්මේන්ද්‍රන් හාමුගෙ දඩයම් තුවක්කුව අතට ගත්තු මං බිම ඉදගන හිමින් හිමින් පිහන්න ගත්තා ....මේකෙන් කීයකට නම් තියලා ඇතිද.....මුවෝ....ගෝන්නු.....වල් ඌරෝ...හාමුලනෙ....ඉතින් කවුදැයි මොකුත් කියන්නෙ....පොඩි මිනිහටනෙ කොහොන් උනත් නඩුවක් එන්නෙ...

ඇසල...

බේබි හාමු....

අඩ හෝරාවක් යන්න හම්බුන් නෑ.....ඉන්ධර් හාමු ආයම කෑගහන්න ගත්තා .....

මේ මොන වදයක්ද මන්දා....ඇසල..ඇසල...ඇසල.....

බිබික්කමට වතුර පොවාගන්නත් කතා කරනවා..අනෙ අම්මපා රෑට ගෙදර යන එක සැපයි.....මෙහෙ ඉන්ඩ ගියොත් නිදි පැදුරටවත් මට සැනසීමක් නැති වෙයිනේ....

මේ එනවා බේබි හාමු.....

මං මැද මැද උන්න දඩයම් තුවක්කුව අත් දෙකෙම්ම අල්ලන් හරි පරිස්සමට ආපහු බිත්තියෙ එල්ලුවා.....ආයම නිකන් වත් වැටුනොත් මාව දඬු කදේ ගහාවි....

බේබි හාමු....

ඉදි ආප්ප එකෙන් හරි අඩක්ම ඉතිරි කරලා.....මෙච්චර වෙලාම මට බෙරිහන්දුන්න ඉන්ධර් හාමු සුදු රෙදිකඩින් අත පිහදගන මා දිහා බැලුවා.....අර නපුරු මූන මැකිලා ගිහින් ....දැන් ආයමත් උන්නෙ කතා කරන ඇස් තියන ඉන්ධර් හාමු....

පිහදැම්මද....

එහෙමයි හාමු....

ම්න්....

බේබි හාමු අහවර නම් අස්කරන්ඩද.....

මං හරි අඩක් ඉදිආප්ප ඉතුරු කෙහෙල් කොලේ දිහා බලලා කෑම මේසේ අස්කරන්ඩද අහනකොට ඉන්ධර් හාමු මං තියාපු වතුර එකෙන් හරි අඩක් බීලා කටත් පිහදගත්තා ....

ඕක ඇසලට....

..ම්..මේක....මට.....අනේ..බේබි හාමු....මක්කටද මට ....ගෙදර තියනවනේ...

ම්න්...ඒක ඇත්ත....ඒත්...පව් නැද්ද ඇසල ඕක විසික් කරන්ඩ....නන්දගෙ අත් දෙක පව් නැද්ද ඕක විසික් කරන්ඩ...

මං ඉදිආප්ප එක දිහා බලන් උන්නා....ඇත්තටම මගෙ හිතේ කොනකවත් මේක විසිකරන්ඩ අදහසක් තිබුන් නෑ....කෑම මේසෙ අස් කරාපු මං හාමුගෙ ඇස්වලට වහන් කරන් අරන් යන්ඩ හිතන් උන්නෙ..ඉදිආප්ප වංගෙඩිය මිරිකන වාරය ගානෙම අම්මගෙ කටු පෑදුන අත්වල නහර වැල් ඉලිප්පුන හැටි මතක් වෙනකොට මං කොහොම නම් විසිකරන්නද.....ඇරත්.....බඩෙන් බාගෙට..බඩ රවට්ටගන්න කන අපි බත් පතෙන් අහකට දැම්මෙ කන්ඩ බැරි මාලු කටුවක් විතරයි ...

ඇසල.....

බේබි හාමු....

වාඩිවෙලා කන්ඩ...

.....

කොහෙද ඔය යන්නෙ....

වාඩිවෙලා කන්න කියනවත් එක්කම මං පරන කුසියට දුවන්න හැදුවා....ඉන්ධර් හාමු ආයම කෑ ගැහුව....

.බේබි හාමු මගෙ බෙලෙක්කෙ ගේන්ඩ....

ඇයි....උඹ ලොකු මැනිකෙ හාමු ඉතුරුකරපු එක ඒ පතේ තියානකොට කනව දැකලම නැද්ද...

.ඉන්...ධර් හාමු.....

දීග ආවම ඒ පතෙන් මේ පතට මාරුකරන සිරිතක් නෑ ඇසල.....අද දවස හෙට දවස ගෙවුනම...දවසකින් දෙකකින් ඇසල කියන්නෙ මෙ ඉරුගල්බන්ඩාර වලව්වෙ පොඩි මැනිකෙ.... ඉන්ධර් හාමුගෙ මැනිකෙ....ඒකත් මතක තියාගන්නවට මං බොහෝම මනාපයි ඇසල...නිස්කාරනේ හිත් රිදවන් අඩන්ඩ තියාගන්ඩ කලින් මං මේ මතක් කරන්නෙ....

මට හිටගන ඉන්න බැරි උනා.....අත්දෙක පිටිපස්සට බැදගන වෙන පැත්තක් බලාගන හරි බර වචන කියනකොට මට ඉන්ධර් හාමු දිහාබලන්නත් බයහිතුනා....ඇසල සෙනවිරත්න කියන දුප්පත් මම....ඉරුගල්බන්ඩාර වෙනවා කියන්නෙ...ඒකත්....වලව්වෙ එකම උරුමක්කාරයගෙ....

කූඩැල්ලව කොච්චර මෙට්ටෙ තියන්න බෑ කියනව වගේ....දුප්පත් කමේ පතුලෙ උන්න අපිට ඉරුගල්බන්ඩාර මහ මැනිකෙ සලකපු විදිහ එක්ක....ඉන්ධර් හාමු දෙන තානාන්තර දරාගන්න තරම් මගෙ හිත හයිය මදි උනා...හාමු වීදුරුවක් දුන්නත් මගෙ ඇස් හෙව්වෙ පතුරු ගියපු වයිරමක් වැටුන බෙලෙක්කෙ....

ඇසල...

මන් හිතන්නෙ මගෙ ඇස් වල යනතමට වගේ කදුලු පටලයක් බැදුනා...

ඇයි ඉතින් මේ...අඩන්ඩ තියාගන....ම්ම්ම්...උඹනෙ ඔය මනස්ගාත ඔලුවෙ දාන් කල්පනා කරන්නෙ.....වාහෙගෙ දේවල්....මැනිකෙට නැතුව මොකාටද....

ඉන්ධර් හා...මු...මේ වලව්වෙ අපිට පුරුදු තැන් තියනවනෙ හාමු....අහසින් පාත් උන උන් නෙවේනෙ හමු.....උඩ කුසියට එන්ඩත්...අවසරගන්ඩ ඕන අපි...එහෙව්...එකේ.....කාපු එකක් උනත්....ඒ පතේම තියාගන කන්ඩ....තරම්...

එපා... ඇසල....මේ ඇස්වල කදුලු පුරවන්ඩ....මහ පාන්දරක වැටෙන පිනි බින්දුවකට ඇරුනම...ඇහැල මල් කවදාවත් කදුලුවලට ලස්සන උනේ නෑ ඇසල....උඹ " මගෙ ඇහැල මල".....යමන් ගිහින් නිවාඩු පාඩුව කාපන්....මං මක්කවත් කියනවද උඹට....ම්ම්ම්ම්.....

ඉන්ධර් හාමු මගෙ ඇස් කොන් ඒ තිරිවානා පාට ඇගිලි තුඩුවලින් හරි පරිස්සමට පිහදැම්මා....දෙවනි වතාවටත් මගෙ ඇහල මල කියනකොට මට හාමුගෙ අත්වලම පන යන්න ආවා.....

හිටපු ගමන් තරහා යන...ආයමත් නිවෙන ඉන්ධර් හාමුගෙ පතුල් නොපෙන තරම් ගැඹුරු ඇස් දෙක මගෙ මුන පුරාවටම යනකොට ඇස්වල කදුළු විතරක් පිහපු හාමුට මක්ක උනාද කියන්න දන්නෙ නෑ....එක පාරම මගෙ මුලු මුනම අත් දෙකෙන් අල්ල ගත්තා ...මටත් වඩා උස....දෙගුනයක් විතර ඇගපත පලල ඉන්ධර් හාමු ඩිංගක් මගෙ මූන දිහාවට නැවිලා ඉද්දි මං බලාගන කමිසෙ බොත්තම් අස්සෙන් ඒ තිරිවානා පාට පලල් පපුව දිලිසෙනවා....

.ඇසල...

ඉන්ධර් හාමු මුමුනනවා.....මගෙ කටෙ කෙල හිදුනා...හාමු කලබල වෙලාවත්ද මන්දා....

මං වැරදි නෑ ඇසල.....උඹ හරියටම ....

මුව පැටියෙක් වගේ...ඇයි මේ තරමටම අහිංසක...ඇසල දන්නවද.....නිකන් මිනිස්සුන්ගෙ වගේ නෙවෙ....සිල් ගත්තු ඇත්තන්ගෙ සිල් බිදුනම...හරි අමාරුයි වෙලාවකට හිත ආපහු මෙල්ල කරගන්ඩ... කුමර බඹසර රැකන් උන්න එකෙක්ගෙ හිත කැඩුනම කොහොක නම් මෙල්ල කරන්නද ම්ම්ම්ම්....රැකපු සීලෙන් වැඩකුත් නෑ...උඹත් දැන් ඒ වගේමයි.....මං රැකපු සීලෙන් වැඩක් නෑ .....උඹ ඇවිදින් මගෙ හැම සීලයක්ම කෑලි කරලා දැම්මා...

බ්..බේබි....හාමු...

ඇසල බයද මට ම්ම්ම්....

මගෙ පපුව ගැහෙන්න ගත්තා .....සිල් ගත්තු ඇත්තන්ගෙ සිල් බිදුනම හිත මෙල්ල කරගන්න අමාරුයි කියපු ඉන්ධර් හාමුගෙ උනුසුම් හුස්ම කෙලිම්ම වැදුනෙ මගෙ බෙල්ලට වෙනකොට මාව ගිනිගන්නවා වගේ උනා...ඒ හුස්මයි...හාමුගෙ වචනයි....අර කතා කියන ඇස් දෙකයි එකතු වෙලා මගෙ යටි බඩ කලතවන්න ගත්තා.....

ඇසල...අහලා තියනද.....

උකුල ලැම හස

මලවිකරලිය.....

මුවා කල ඇගෙ දුහුල් සළුතිර

විවර කෙරුවා මනස්සලෙලුන්

උමතුවු දෙනුවන් රැහැන් ඇද

මා අභියස මැවෙන තුසිතය

සුරන් නැලවූ සුයාමය.....

ඉන්ධර් හාමු කුමරියක පාසලඹ සින්දුවෙ වචන දෙකතුනක් කිව්වා..ඒකත්...මගෙ දිහා බලාගන.....අහලා තිබුනත්....ඉන්ධර් හාමු කතා කරන විලාසෙ එක්ක මන් කොහොම කියලා නම්.උත්තර දෙන්නද...

..ඇසලත්...ඒ වගේමයි....හතලිස් ඇදිරියත් පනිනකන් සිල් රැකපු ඉන්ධර් ඉරුගල්බන්ඩාර ගෙ සීලේ ඇවිදින් කීතු කීතු කෙරුවා....දෙපිට නොපෙනන සලු පටක් නොතිබුනත්...හැමදාම දාඩිය මුගුරු දාන් නහින ඇසලව දැකපු හැමදාකම...මගෙ සීලෙ බිදුනා....වෙනසකට තියෙන්නෙ.....උඹට තියෙන්නෙ මුව පැටියෙක් වගේ ඇස් දෙකක් මිසක්...උමුතු ඇස් දෙකක් නොවුන එක විතරයි .....දන්නවද....ම්ම්ම්ම්ම්ම්

බ්..බේබි...හාමු....

මට දාඩියත් දානවා..... ඒ අස්සෙන් යටි බඩ ඇතුලෙන් වාන් දාපු මහවැලියෙ වතුර කද වගේ මොන මොනවදෝ වාන් දාන හැගීම් ගොඩක් මගෙ සර්වාංගෙම අඩපන කරනකොට ඉන්ධර් හාමුගෙ උගුරු ගැටෙ දෙතුන් පාරක්ම තවත් එහා මෙහා උනා.....

අහිංසක කමයි.....ඉදල හිටලා මතුවෙන චන්ඩකමයි....සම්පූරනම මේ ඉන්ධර් හාමුගෙ සීලෙ බිදලා දැම්මා ඇසල...උඹ ඒක දන්නවද.....දැන් ඉතින් මගෙ සිල් බිදිලා අහවරයි....මෙච්චර කල් රැකපු බඹසර තවත් රකින්නෙ මක්කටද ඇසල.....ම්ම්ම්ම්ම්...

ඉන්ධර්.....හ්....හ්හ්...හාමු.....

උඹ කරපු එකම වරද කවදාවත් නොදැකපු තුසිතය මගෙ ඇස් පනාපිට පෙන්නපු එක.....මං හිතනව දවසක.....ඇසලට පුලුවන් වෙයි...එ තුසිතෙම....මගෙ හතර වියන මැදම මවන්ඩ ....මං...හිතනවා...අද නැතත්.....දවසක...මේ ඇස් උමතු වෙයි කියලා....

මන් මනාපයි...අහිංසක ඇස්...මහ රෑක...උමතු වෙනවට....ඇසල....නෑ එක්කො ඕන් නෑ.....උඹ දැනටමත් පන බේරන් දුවන්න හදන මුව පැටියෙක් වගේ බයවෙලා.....ඒකෙන් වෙන්නෙ මේ ගැස්සෙන පපුව එක්ක තවත් සිල් බිදෙන එක.....

වැරදි වත්තක පිපුනත් මොකද.... මගෙ ඇහැල මල උඹ....

ඉන්ධර්....හාමු...මං...මං.....ග්..ගෙදර...ගිහින්...

බඩ පිරෙන්න කාපන්....මන් ගිහින් අරින්නම්....ම්ම්ම්....රෑ බෝවෙලා....වෙනදට තනියෙන් ගියාට මනාප නෑ දැන් තනියෙන් යවන්ඩ....

ඇසල.....මොනවද පුතෙ බේබි හාමු කිව්වෙ...

බේබි හාම මොනවද දෙයියනේ නොකිව්වේ.....මන් හුස්ම ගත්තා....පුදුමයි..මට කලන්තෙ නොදා තිබුනා...පන්දම් එලියයි.....හදපානයි දෙකම වැටුන පොල් වත්ත මැදින් අද මගෙ තනියට ඉරුගල්බන්ඩාර උරුමෙත් උන්නා.....මනාප නෑ කියාපු ඉන්ධර් හාමු මාව ගෙදරටම ඇරලාලා ගියෙ හෙට උදෙම්ම කඩ සාප්පු යන්ඩ.ලැහැස්ති වෙන්ඩ කියාගන වෙනකොට අම්මගෙ පැත්තට හැරුන ඉන්ධර් හාමු ආප්ප හදන්ඩ අන දීලා ආපිට මා දිහා බැල්මකින් වත් නොබලා යන්ඩ ගියා ....

විශේශ දෙයක් කිව්වෙ.නෑ අම්මෙ...බේබි හාමු මොනව කියල කියන්නද...දඩයම් තුවක්කුව නම්මං ලව්වා මද්ද වගත්තා...

මං පැදුරු කඩමාල්ලෙ ගුලිවෙලා ඉදන් ඇරලා තිබුන ජනේලෙන් රෑ අහස දිහා බලන් කියෙව්වා ...මං මොනවා කියලා නම් අම්මට කියන්නද...මං හන්දා ඉන්ධර් හාමුගෙ සිල් බිදිලා කියන්නද....

හෙට උදෙම්ම එනවයි කියපු එකේ දැන් උඹ ඇහැපියවපන්.....මං අර ආප්ප බජනේ වහලා එන්නම්

සුදුපාට සිනිදු සේල වගේ වලාකුලු ඇවිදින් දුප්පත් පැල්කොටෙ පහු කරන් කොහෙදෝ දුරකට පාවෙලා යන්න ගියා ..ඉන්ධර් හාමු

ඇහුවා සුදු කමිසයක් තියනවද කියලා ....සුදු කමිසෙ දැන් පැනිපාට ගහලා සෙන්කොට්ටන් දාලා මැදලා මැදල දෙන අපුල්ලන උන්දා කිව්වා ඊලග පාර නම් මේක දෙනවට වඩා එකක් අලුතෙන් ගනින් කියලා ....මිරිකන්ඩත් බයයිලු...ඒතරම් දැන් තුනීලු...

ලැබුන දෙයින් සතුටු උනා ඇර....අපේ දෛවය කවදාවත් ඉන් එහා අපිට කිසිම දෙයක් ඉතිරි කරලා තිබුන් නෑ.....අප්පච්චි අරුංගල් දෙක අරන් ගිහින් වික්කත්...කමක් නෑ....ඉතිරි කීය හරි අම්මගෙ අතට මිටිමෙලෙව්වා නම්.....

හද දිහාව බලාගන උන්න මං එහෙම්ම බෙල්ල හරවලා සුද්දි දිහා බැලුව...ඒකි නිදි....නිකන් නෙවෙ....බේබිහාමු ගෙනල්ලා දීලා තිබුන ක්‍රීම් බෝතලයක් තුරුල් කරගන....නොලැබීම කියන දේ ලැබිලා ලැබිලා පදම් වෙලා නිසාද මන්දා ඒකි අරුංගල් කුට්ටම නැති උනාට වචනයක් කිව්වෙ නෑ....එක්කො....ඒකි මොන තරම් බේබද්දා උනත් අම්මට වඩා ආදරෙ ඇති අප්පච්චි ට....

කොහොමත් .....දුවලා ආදරෙ අප්පච්චිට කියනවනෙ...

පපුව පිරෙන්න හුස්මක් පිට උන මට ඊලග පාර හද දිහා බලන්න බැරි උනා...අහි පිහාටු ඩිංග ඩිංග පහලට බරවෙලා...බර වෙලා... වැහිලා යනකොට අවසානෙදි මෙච්චර වෙලාම දුප්පත් පැල් කොටෙට අවුරුදු ගානක් තිස්සෙ නෑ බෑ නොකියා එලිය දුන්න ලාම්පුවත් නිවිලා ගියා...ඒකත්....දුම් කාගන නිදිමරාගන....සතුටක් නැතුව දුක් විතරක්ම විදින අම්මගෙ හුලගක් එක්ක.....!

නමෝ තස්ස...භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ....

චස්.....!ගාන සද්දෙත් එක්ක ඇවිලුන ගිනිකූරු පහන් පැලම එලිය කෙරුවා ....හැමදාම කටරොලු මලක් එක්ක වතුසුද්දයක් පූජා කරපු මං අද කවදාවත් නැතිවම සුවද පිරුන කෝපි මල් අහුරකටම පැන් ඉහලා පූජා කෙරුවා ...

ජීවිතේ නිවනක් කියලා දැනුනානම්....සැනසීමක් කියලා එක තත්පරේකට හරි ලැබුනා නම්....ඒ මෙතන විතරයි .....

ඇවිලෙන හදුන් කූරෙ සුවද මුලු හතර කොනම සුවද කරනකොට මං නැගිටින්නත් කලියෙන් ඉරුගල්බන්ඩාර වලව්වට බඩගාපු අම්මා ආපිට ආවෙ ඉන්ධර් හාමු තව විනාඩි පහෙන් එන පනිවොඩෙත් අරගන වෙනකොට බුදු පහන තියාපු මං කටට දෙකට ආප්පයක් කෑවා....

ඇදුම් සාප්පුවකට එක්ක යනව කිව්වා....මහ රෑත් ඇහැරුන වෙලේ මට මතක් උනේ මේක...පොලෙන් ගන්න ඇදුමක කවදාවත් සුවදක් මට නොදැනුනත්...ඒ හැම ලාබ රෙද්දකම තිබුනෙ දුප්පත් දාඩිය සුවදනෙ කියන්න දැනන් උන්න මං තියන එකම ඇදුම උනත් හරි ආදරෙන් පරිස්සම් කෙරුවා...අනුන්ගෙන් හම්බෙන එක පවා පරිස්සමින් ඇන්දා....

පොඩි වෙලා....

කපුරු සුවද ගහන හැම පැත්තෙම්ම පොඩි උන ඇදුම මම කරගැට හන්දා පදම් උන අත් වලින් සිය වතාවකට වඩා ඇතිල්ලුවා ....

ගුනේ මාමා එක්ක යන්ඩ වෙන්නෙ හැන්දෑවට තමයි....අපරාදෙ දෙදහ.....මක්ක කරන්ඩද.....

..ඇසල....!!

බේබි හාමු....

මාව උඩ ගියා.....දෙදහක් වෙනුවට ඒකෙන් අද බාගයයිනෙ හම්බෙන්නෙ කියන එකට කම්පා වෙවී වැටකඩුල්ල ගාව උන්න මාව ඉන්ධර් හාමුගෙ හෝන් එකත් එක්ක ගැස්සිලා ගියා...

නගින්ඩ...

වෙනදා වගේමයි...හැබැයි...ඊයෙ උන්න හාමු නෑ....ඒ වෙනුවට උන්නෙ ආයමත් අර නපුරු ඉන්ධර් හාමුම වෙනකොට ගෙදර ඉදන් බලාගන උන්න සුද්දියට අත වනපු මං ඊලග පාර කෑ ගහන්න කලින් මම නැග්ගා....නැගලා ශීට් බෙල්ට් එක දාගත්තා ....

ඇසල....වැඩි වෙලා ඉන්න බෑ...එක කඩේකට විතරයි යන්නෙ...ගිහින් ඔයාට කැමති එක ගන්න විච්චූරන ඇස් කඩන් යන සකරමොටන් පාට නැතුව ඕන දෙයක් ...විච්චූරන මෝස්තර වලට මගෙ කිසිම මනාපයක් නෑ.....තේරුනානෙ

එහෙමයි බේබි හාමු...

ඉන්ධර් හාමු කියාගන කියාගන ගියා.....ඊයෙ මගෙ මූනම අත් දෙකට ඉන්ධර් හාමුද මේ ඉන්නෙ කියලා හොයන්නත් බෑ...

ඉන්ධර් හාමුත් අහස වගෙ....වෙනස් වෙන්නෙ හිතන්නවත් බැරිම විදිහට...

මං ශීට් එකට ඔලුව තියාගත්තා ....ඇහෙන නෑහෙන ගානට අදත් සින්දුවක් දාලා තිබුනා....වැඩි කතා බහක් නැති ඉන්ධර් හාමු සැරයක් දෙකක් මගෙ දිහා බලලා නොහිතපු වෙලාවක මගෙ අත හමුගෙ අතට පටලවගත්තා.....එහෙන් උන්මාදවූ ප්‍රේමාදරේ යනකොට මගෙ ළඟ උන්න ඉන්ධර් හාමු මගෙ හුස්ම එක පාරම හිරකරලා දැම්මා....

.

ඒ...පිට අල්ලට තිබ්බ හාදුවක් එක්ක.....!!

බ්..බේබි..හාමු....

සුවදයි.....මල් සුවදයි...මේ....මං දුන්න ක්‍රීම් එකද මේ....ම්ම්ම්

ඔ..ඔව්...හාමු....මේ....ඒක....තමයි...ඒක....මල්...සුවදයි....තමයි....

ඇති යාන්තන් ....හාමු මගෙ අත අතෑරියා...ක්‍රීම් වල සුවද බලන්න ඕනා නම්..මට කිව්වනම් ඉවරනෙ දෙයියනේ....මේ පපුව හෙලවෙනවනෙ.....කොයි වෙලේ හරි හාමු මාව මරාගන්නවා...

මං අත් දෙක කිටි කිටියට තද කරගත්තා .....ක්‍රීම් එකෙ සුවද ඉවකරන්ඩයි කියලා ඒ අතට මගෙ අත පටලවන් පිට අල්ලට හාදුවක් තියපු ඉන්ධර් හාමු කට කොනින් හිනා වෙනගමන් තනි අතින් ඩ්‍රයිව් කරනකොට යන්තන් හුස්ම අල්ලන් උන්න මං මගෙ අත් දෙකම හාමුගෙන් හංගන් උන්නා.....

බහින්ඩ ඇසල.....

මගෙ දෙයියනේ...මේකෙ සුවද....

තට්ටු තුනහතරක් උස ඇදුම් කඩයක් ගාවින් නවත්තපු ඉන්ධර් හාමු එක්ක ඇතුලට ගියපු මට පයගහපු ඒ පලවෙනි තත්පරේම මට දැනුනෙ අලුත් ඇදුම් වල සුවද....

ගුඩ් මෝර්නින් සර්....මොනවද සර් බලන්නෙ....

අපි දෙන්නා ඇතුලට අඩි තුන හතරක් යන්න ඇති....තනි කලු දනිහෙන් වියත් එකහමාරක් කොට්ට උර සායක් ඇදන් අත් දිග සුදු ශර්ට් එකක් ඇදගන කොන්ඩෙත් පිටිපස්සට පීරලා ගෙඩිය ගහන් කට ලා රෝස කරන්....මූන පුරාවටම වත්සුන ගාපු කෙල්ලෙක් ඉන්ධර් හාමුගෙන් මොනවද බලම්නෙ කියනකොට බේබි හාමු මගෙ දිහා බලලා මාව පෙන්නුවා....

මෙයාට....මට තැන විතරක් කියන්න ඒ ඇති....

මෙතනින් උඩට යන්න සර්.....

අපි පස්සෙන් එන්න ආව කෙල්ලව ඉන්ධර් හාමු නැවැත්තුවා...එයාලා ඉන්නෙ ඉතින් උදව් කරන්නනෙ...ඇයි හාමු නැවැත්තුවෙ.....

මං උඩට නගින් පඩියක් ගානෙම කල්පනා කෙරුවෙ ඒක වෙනකොට පිරිමි ඇදුම් විතරක්ම පිරුන තට්ටුවට ආව මගෙකට ඇරුනා....පොලේ කවදද මෙහෙම තිබුනෙ....මේක එහෙන් පිටිම්ම.දිව්‍ය විමානයක්...අලුත් ඇදුම් මේ තරම් සුවදද.....

.ඇසල...

ඉන්ධර් හාමු.....

අතනින් තියන ලා පාට ශර්ට් ටිකක් මට ඇදලා පෙන්නන්න.....

.එහෙම කමක් නැද්ද හාමු.....මං අහන්නෙ ඇද ඇද බැලුවට

අදින්නෙ නැතුව කොහොමද දරුවො ගන්නෙ....යන්න...න්න අතන කලිසම් .....කලු විතරයි ගන්නෙ. වෙන පාට එපා.....

මට බය හිතුනා...ජරා වෙයි කියලා හිතුනා...දේදුනු පාට පාට පාට අත් දිග ශර්ට් ලෝකයක්.....ඉන්ධර් හාමු එතනම තිබුන සැප පහසු පුටුවට වෙලා ඉදන් අර පෙත්ත වගේ ඵෝන් එක ඔබනකොට මං එතන උන්න පිරිමි ලමයගෙත් උදව්වෙන් මගෙ පාටට හරියටන පාටක් හෙව්ව.....

ළා කහ පාට...

මන් අතට ගත්තු පලවෙනි එක ලා කහපාට ...ඇදන් උන්න ඇදුම ගලවලා දාපු මං හරි බයෙන්...හරි පරිස්සමින් ශර්ට් එක ඇදලා කලු කලිසමට යට කෙරුවා .....

ඉන්ධර් හාමු.....

වෙන එකක්.....

මං එලියට ආව තත්පරෙම්ම වෙන් එකක් කිව්වා .....මං හිතන්න හාමු අකමැති ඇති...

මං තව එකක් ඇන්දා....තව එකක් ඇන්දා.....තවත් එකක් ඇන්දා...අලුත් සුවද් පිරුන ඇදුම් දහයක් විතර ඇදපු මට ඉන්ධර් හාමුගෙන් ලැබුනෙ එකම උත්තරයයි.....

වෙන එකක්...වෙන එකක්...වෙන එකක්.....!

කකුලක් පිට කකුලක් දාගන මහ තැන වගෙ උන්න ඉන්ධර් හාමු මං එලියට එන්නත් කලින් තව එකක් කියනකොට අලුත් ඇදුම් සුවදත් අරහන් වේගන ආව මං අවසානෙදි සුදු ශර්ට් එක අතට ගත්තා ...අනිත් ඔක්කොටම වඩා පරිස්සමින් අදින්න ඕනෙ මේක.....කුනු ගෑවුනොත්.....

මන් සුදු ශර්ට් එක අතට ගත්තා අරගන හරි පරිස්සමින් ඇදලා මගෙ අවුල් උන කොන්ඩෙත් හදාගන එලියට ආවා.....

ඉන්ධර් හාමු...

මං හරි හිමීට මිමිනුවා ...

කකුලක් පිට කකුලක් දාගන ඵෝන් එකය මූන ඔබාගන උන්න ඉන්ධර් හාමු මගෙ දිහා බැලුවා....

"ඇ...ස...ල....."

මං හිතන්නෙ ඉන්ධර් හාමුව ඉබේට නැගිට්ටුනා...මෙච්චර වෙලාම අහන අහන එකට වෙන එකක් වෙන එකක් ගගා උන්න ඉන්ධර් හාමු අඩියට දෙකට මගෙ ගාවට ආව...

මේක..හොදයිද....බේබි හාමු....මේ...ස්...

ශ්ශ්...මට බලන්න දෙන්න...

ඉන්ධර් හාමු මගෙ කට වැහුවා.....සුදු ශර්ට් එකයි කලු කලිසමයි ඇදන් උන්න මගෙ දිහාව තත්පර ගානක් බලන් උන්න ඉන්ධර් හාමු අර කොල්ලා දිහා බැලුවා...හරියටම ඒ කොල්ලට මා දිහා බලන්න අකැපයි වගේ.....

මං මීක් නොගා උන්නා.....මෙච්චර වෙලාම ඇදුම් තෝරපු කොල්ලත් නැති හදිස්සිය මවාගන පහලට දුවනකොට ඉන්ධර් හාමුයි විතරක් මේ උඩ තට්ටුවෙ තනි වෙද්දි මා දිහා ඇහිපිල්ලමක් වත් නොගහ බලන් උන්න ඉන්ධර් හානු දිහා බලන් උන්න මං හරි බයෙන් උනත් හිනා උනා.....වෙනමොකටවත් නෙවෙ...අවුරුදු ගානකට පස්සෙ මට අලුත් ඇදුම් සුවද දැනෙන්න දුන්නට.....

ආයමත් ඒ උනුසුම.....ආයමත් ඒ සිනිදු අත් දෙක මගෙ කම්මුල් වලට උනුසුම දැනෙන්න දෙනගමන් මගෙ මූනම අත් දෙකෙන් අල්ලගන මගෙ දිහා බලාගන උන්නා...හරියටම හාමුට කතා කරන්න වචනත් අමතකයි වගේ....

ඉන්ධර් ..හාමු.....

ලෝභයි මට....ඇයි මේ තරම් ලස්සන උනෙ උඹ...ම්ම්ම්ම්...මේ හිනාව..හරි සාරසුභාවයි ඇසල....

මං....මේකට...ලස්සනයිද ...ඉන්ධර්.....

හාමුට හිනා ගියා....හැබැයි...මං පලවෙනි පාරට ඉන්ධර් හාමුගෙන් කට පුරා හිනාවක් දැක්කා....බය වෙලා උන්න මං දෙවනි වතාවටත් ඉන්ධර් කියනකොට ඉන්ධර් හාමුට හරි ලස්සන හිනාවක් ගියා...

දනන්වද ඇසල.....උන්මාද චිත්‍රව නෙවෙයි එක්ටැම් ගෙදරක හංගන්න තිබුනෙ.....ඇසල උඹවයි මට දැන් එකටැම් ගෙදරක හංගන්න හිතෙන්නෙ...!මටම විතරක් එන්න පුලුවන් ...මටම විතරක් බලන්න පුලුවන් ....!! ඒ වගේම....මටම විතරක් විදින්න පුලුවන් මගෙ ඇහල මල උඹ!!!.....

🌼🤭මගෙ කනක් ගිනිගන්නවා😂

🌼ආයමත් එන්නකන් පයිස්සමින් ඉන්ඩෝ....

🌼ආතරෙයි අනේ ගොඩක්

මම

ජොබී ඉරුගල්බන්ඩාර 😂👉👈

Nedeesha !

More Chapters