LightReader

Chapter 17 - 17

ලොකු මැනිකෙ .....

මං පිටි කොටන එක නවත්තලා ලොකු මැනිකෙ දිහා බැලුවා..මොකද ...බිබික්කමගෙ තේ එක අපේ අම්මා හැදුවෙත් කලාතුරකින්....ලොකු මැනිකේ බිබික්කමගෙ තේ එක හදන එක කරන්නෙ දේව කාරියකටත් එහා භක්තියකින් වෙනකොට මං කොහොම නම් හාමුගෙ තේ එක හදන්ඩද....මං හිතන්නෙ ඒ තේ එකට කට්ටකුම්ංජල් දාලා දුම් විතරයි අල්ලන්නෙ නැත්තෙ....ඒතරමට ඒකෙ රැස්....

.

ඇසල...

බේබි හාමු ආයම කෑ ගහනවා...ඇයි යකො ලපටියා කෑ ගහන්නෙ හරියටම හත් අවුරුද්දකින් කාපු නැති එකෙක් ගානටනෙ. ...හාගතේකට අහු වෙලා වගේ...උදෙත් වෙල්ල වැහුම් දුසිමක් විතර ගිලලා ගිහින් තියෙන්නෙ ...දවල්ටත් බත් ගෙඩියක් අරන් ගිහින් ..ඇයි ඉතින් ලපටියට කඩ කෑම අගුනයිනෙ... 

ලොකු මැනිකෙ.....බේබි හාමු

හිටින් මං මේ වතුර එක ලිපේ තිබ්බා...ගනින් ඔය ඉගුරු කෑල්ලක් තලලා...

.ඒ අනිත් අම්මන්ඩි...ඒ අනිත් සාපෙ....මං දැන් පිටි කොටන එක නවත්තලා ඉගුරු තලන්ඩ ඕනා....අම්මන්ඩි ලපටියට ඔය තරම්ම ආදරෙ නම් ආදරේ වැඩි වෙන්න එක්ක ඔය නාකි දත් ඇන්දෙම්ම ඉගුරු කෑල්ලත් හපලා දැම්ම නම් අහවරනෙ... මටම කියන්නෙ අනිත් දවසෙ බුදු පහන තියනකොට බුදුන්ගෙන් මටත් කතරගම දෙයියන්ට වගේ අත් දහයක් ඉල්ලන්ඩ ඕනා....

පිටි කොට කොට උන්න මං අතේ වැදුන පිටි ඇදන් උන්න ඇදුමෙන්ම පිහාගන ඉගුරු කෑල්ල තලන්න ගත්තා ...දැන් ඉතින් ඉගුරුයි.....වටවල කහට එකෙන් තේ හැදි එකයි කාලයි දාලා මැනිකෙ ලපටියට තේ උනුකරාවි...හැදිඑකයි කාලයි ඊට වඩා අඩුත් නෑ..වැඩිත් නෑ..මට දුන්න වගේ බලු හුජ්ජ නෙවෙ....

අම්මා...අම්මා....

මොකද පුතා මේ බෙරිහන් දෙන්නෙ..... 

ඉගුරු එක තලාපු මං උන්නෙ පිටි කොට කොට...මහ මැනිකෙ තේ එක උනුවෙනකන් කඩි ගුල උඩ හෙලුවෙන් ඉද ගත්තු එකා වගේ එහාටත් මෙහාටත් දුව දුව මූන කුන්ඩහට්ටියක් වෙලා තිබුන ඉන්ධර් හාමුට උත්තර බැන්දා ...

 

ආ ඇසල මං දැන් උඹට කිව්වෙ තේ එකක් හදන්ඩනෙ....උඹ මක්කද කරන්නෙ....???

ලපටියට මක්ක වෙලාද....එන ඒමටම මොන හරි පෑගුනා වත්ද. මෝල් ගහ අත් දෙකෙම්ම අල්ලන් වංගෙඩියට ඇන ඇන උන්න මා දිහා රවාගන වගෙ බලන් උන්න ඉන්ධර් හාමු මට දෙස් තියන්න ගත්තා .... පිටි කොටනවා පේන්නෙ නැද්ද .මක්කද කරන්නෙ අහන්නෙ මං හබල් ගානවනෙ මේ මෝල් ගහෙන්

ඒකා පිටිකොටනවනෙ පුතා...මං තේ එකක් ලිපේ තිබ්බා ..මක්කටද උඹලා ඔය හැටි කෑගහන්නෙ අද....

මට සෙමට වගේ නහය දනවා අම්මා හරියට ..ඉහේ ඇම්මත් වගෙ....

මං හොරා වගේ බිම බලන් ඉදලා ආපහු ඇස් දෙක ඉස්සුවා..ඉන්ධර් හාමු ගෙ නහය රතු වෙලා.....තිරිවානා පාට මූනෙ නහය විතරක් තනිකරම ජම්බු ගෙඩිය වගෙ රතු වෙලා...ඉහේ ඇම්මටත් ඇවිත්ලු....ලපටියට අව් රැස් වැදුනා වත්දො....?

මට ඕන තේ එකක් නෑ....ඇසල තම්බපන් පස්පංගුව ටිකක් හෙම්බිරිස්සාවට වගේ නහය දනව ඉවරයක් නෑ...

පිටි කොට කොට උන්න මට ලපටියට මෝල් ගහෙම්ම ගහන්න හිතුනා...දැන් ගෙට ගොඩ උනේම තේ එකක් තේ එකක් තේ එකක් ගාගන නේද...දැන් ඒපාර පස්පංගුවක් අහනව...මේ මොන මගුලක්ද....

තේ එපා ගගා පස් පංගුව ඉල්ලනකොට මහ තැනගෙ පන යනවා නාස්ති උන තේ කොල හැන්දට ... ....ඇයි ඉගුරු කෑල්ලට..අනේ අම්මෙ...අනිවාර්යයෙන්ම අද පොල් ගනන් අඩුවෙලා ඇති....කොප්පර ගනන් වත් බැහැලද....පොල් විතරක්යෑ....ඇයි..පොල්මට්ටෙත් විකුනන්නෙ රුපියලයට....පොල්ගෙඩි පනස් දහක් වික්කොත්.....ලෙල්ලට පනස් දහයි ඔක්කොම කීයද...

අනික මහ හාමුවට තියෙන්නෙ එසේමෙසේ පොල් ඉඩම්ද...නෑනෙ....අනික..මේ වත්තෙම්ම පොල්ගෙඩි කී දහක් කැඩෙනවද.....කුණු උන්ටමයි හරි යන්නෙ කියන්නද කොහෙද එක වල්ලකම තියනවා පොල් ගෙඩි පනහක් විතර....

ඇරත්...ධර්මේන්ද්‍රන් හාමුගෙ මට්ට මෝල.....පොල් මෝල...තෙල් මෝල...ඉරුගල්බන්ඩාර වලව්වම තනිකරම පොල් වලින් නේන්නම් ජීවත් වෙන්නෙ .එහෙම එකේ..ලපටියට තරහා යනවා නම්...සාදාරනයි ....

ඇසල...උඹට කන ඇහෙනවද ..නැත්තන් කන් ඇහෙන්නෙ නැද්ද..?

ඒකා පිටි කොටනවනෙ පුතා .. ...පස්පංගුවක් මං හදලා දෙන්නම්...ඉදල්ලා මේ තේ එක....

ඇති යාන්තන් මාරදූතිට කොහෙන් හරි අනුකම්පාවක් ඇවිදින්.....පිටි කොටන මා දිහා බලලා මං පිටි කොටනවනෙ පුතා කියනකොට ඇදන් උන්න කලිසමේ පිටි පිහදාපු පාරවල් කෝටියක් විතර තිබුන මං හිමී...න් සීරුවෙ යකා ආරූඪ උන ළපටි බිබික්කම දිහ බැලුවා.....

හාමු මගෙ දිහා බලාගන ඉන්නවා....ඒ එක්කම මොනවා හරි මිමිනුවා ...

".කෝ මගෙ තේ එක...."

ඒක ඊටත් හපන්...නහය රතු කරන් යකා ආරූඪෙන් උන්න ඉන්ධර් හාමු මහ තැනට හොරාවට අර තේ එක අතේ තියාගන මගෙන් කෝ තේ එක අහනවා....ඒකත් මුමුන මුමුන....ඉතින් දෙයියනෙ ඔය තියෙන්නෙ තේ නේන්නම්...

අනේ හාමු...

මමත් හාමු වගේම මිමිනුවා ...

"මට ඕන උඹ හදපු එකක්..."

මෙච්චර වෙලාම ගිණි කසෙන් බැට කාපු එකා වගේ පිටි කොටාගන කොටාගන ගියපු මගෙ අතේ වේගෙ බාල උනා...ඇදන් උන්න කෝට් එක ගලවලා අතට ගත්තු ඉන්ධර් හාමු මගෙ දිහා බලාගනම ගැට ගහන් උන්න ටයි එක හෙමින් බුරුල් කරන ගමන් මහ මැනිකෙට හොරාවට මට ඕනෙ උඹ හදපු එකක් කියලා රෝසපාට තොල්පට එහා මෙහා කර කර හොරාවට මුමුනන්න ගත්තා .....

අනේ හාමු...ඔය තියෙන්නෙ...

"හදනවද....නැද්ද...."

ඉන්ධර් හාමු මුරන්ඩු වෙන්න ගත්තා .....හිමි හිමීට අර බැදන් උන්න කුනු ලේ පාට ටයිගැටේ බුරුල් කරපු බේබි හාමු ටයි එක තියනකොටම යටට ඇදන් උන්න සුදුපාට අත් දිග ශර්ට් එකෙ බොත්තමෙන් ...බොත්තම ගලවන ගමන් හදනවද නැද්ද අහනකොට මට කරකියා ගන්න දෙයක් නැතු උනා....අම්මත් මෙතන.....මහ තැනත් මෙතන....අනේ හාමු මක්කද උඹ ඔය කරන්නෙ.....

අනේ හාමු...ඔය තේ එක බොන්නකො.....

මං ආයම කට හෙලෙව්වා ...ටයි එකත් බාගෙට ගලවපු....ශර්ට් එකෙත් බොත්තමක් දෙකක් විතරක් ගලවලා නැවතුන ඉන්ධර් හාමු මගෙ දිහා බලාගන උන්නා....

අනේ දෙයියනෙ ...අර ඇස් ආයම කතා කරනවා.....එහෙන් මැනිකෙ මායන් වෙනවා....කාට නැතත් මට මෝල්ගස් පාර කන්න වෙනවා.... .

තේ එක අතේ තියන් උන්න නපුරු ඉන්ධර් හාමු ලාවට වගේ බෙල්ල චූට්ටක් ඇල කෙරුවා ....

"මගෙ ඇහැල මල උඹ...."

අනේ දෙයියනේ මට දාඩිය දානවා...!!

ඉන්ධර් හාමු ආයම කට හෙලෙව්වා ...පුදුමෙ කියන්නෙ. ..අංශු මාත්‍රෙක වත් හඩක් නැතිව මට හාමු කියන එක තේරුම් ගන්න පුලුවන් උනා...!!!

උලුවැස්සට හේත්තු වේගන උන්න ඉන්ධර් හාමු ඇස් පිල්ලමක් වත් නොගහ මා දිහා බලාගන ආයමත් මගෙ ඇහල මල උඹ කිව්වා විතරයි මගෙ යටි බඩ අස්සෙන් අදත් මහ වැලිය වාන් දාන්න ගත්තා මතක ගුලිකරලා මහ වැලියට දානවට වඩා හොදයි දෙයියනේ මාව පන පිටින් මහ වැලියට විසික් කරන එක.....මේ බැල්මවල් දරාගන්නෙ කොහොමද මම....?

ඉන්ධර් හාමු බලාගන ඉන්නවා..මට මීට වැඩිය පිටි කොටාගන්නත් බෑ..... හාමු දිහා බලන්නත් බෑ ඒත්...කොච්චරවත් මග ඇරලා ඉන්න හැදුවත් හාමුගෙ ඇස් දෙක මග ඇරලා බිම බලන්නත් බෑ .....

මට මොන මගුලක්ද මේ වෙන්නෙ....??දැන් හාමුටද විකාර මටද විකාර...

ඉන්ධර් හාමු අවසානෙදි මැනිකෙ තියාපු තේ එක තොල ගාන්න ගත්තා හැබැයි ඇස් දෙක තිබුනෙ මගෙ ගාව....ඒ ඇස් බලන් උන්නෙ මගෙ ඇස් දිහාව....කතා කරන ඇස් දෙක හෝ....ගලා කියවනකොට මට ඒ ඇස් මග අරින්න ඔම්න මෙන්න තියලා ඉන්ධර් හාමු හිනා උනා.. ඒකත් කාටත් නොපෙනෙන්න ඇස් වලින් විතරක් .....

ආයම මිමිනුමක්.....

මගෙ දිහා බලාගන කාටත් හොරාවට හිනාවුන ඉන්ධර් හාමු උලුවැස්සට හේත්තු වේගන උගුරෙන් උගුර තේ එක තොල ගාන්න ගත්තා ..මේ මොකුත් නොදන්න මහ මැනිකෙ සුගලා දේවිය කුකුල්මස් බොරේට අරක දාන්න මේක දාන්න ගගා මගෙ දුප්පත් අම්මට අන දෙනකොට තේ එක තොල ගාපු ඉන්ධර් හාමු ඇස් වලින් තේ එක පෙන්නලා ආයම ඒක මේසෙ උඩින් තිබ්බා... එතනින් එහාට කටින් මුමුනන එක නතර කරපු ඉන්ධර් හාමු කෙලිම්ම ඇස් වලින් කතා කරන්න ගත්තා ....අනේ දෙයියනේ මාව දැන් කලන්තෙ දානවා.....

" මේ ටික උඹට..."

ආ...ආ....උඹ ඔය මක්කද කරන්නෙ....මෙ බලපිය පිටි එකෙන් බාගයක්ම බිම.....තොගෙ සිහිය කොහෙද??

චටාස් ...

මන් ඇඹරුනා.....

ඉන්ධර් හාමු බලන් ඉන්නකොටම මගෙ අම්මත් ඉන්න තැනම ලොකු මැනිකෙ මගෙ පිට මැදට හැදි මිටෙම්ම දමලා අත ඇරියා

.අපෙ...අප්පෙ...මේ බලපිය...හාල් සේරුවක පිටිනෙ මෙතන.... ආ ඇසල...උඹ මොන සිහියෙන්ද වැඩ කරන්නෙ....

ප්‍රේම කතා...රහස් කතා ඔක්කොම නැවතුනා....මේ ටික උඹට කියාපු ඉන්ධර් හාමුට මට ආයම ඇස්වලින් උත්තර බදින්න බැරි උනා...

අනේ ඒක මට රිදුනා..මං දන්නවා.අනිවාර්යයෙන්ම ....පිටේ පාර හිටලා ඇති හැදි පාර කාපු මං හාමු දිහාවත් ...මහ මැනිකෙ දිහාවත් නොබලා කෙලිම්ම මගෙ අම්මගෙ මූන දිහා බැලුවා...

බොරාපාට ඇස්වලට කදුලු බැදිලා...මැනිකෙ මේ ඇස් දැක්කොතින් හිතාවි නන්දගෙ ඇස්වලට පොල්කොල දුම ගිහින්ය කියලා ...ඒත්....මමයි දන්නෙ...හැදි මිටේ පාර වැදුන් මට උනත් ..රිදුනෙ මගෙ දුප්පත් අම්මට කියලා ....

මෙච්චර වෙලාම ඉන්ධර් හාමු එක්ක ඇස්වලින් කතා කරපු මං ඒ දිහාව නොබලා අම්ම දිහා බලලා අනේ අම්මෙ අඩන්න එපා කියලා ඇස් වලින් කියනකොට අම්ම ඇදන් උන්න චීත්තෙන් ඇස් පිහදැම්මා.....

ඉදුල් හෝදන එකාගෙ උනත්...මගෙ අම්මට මාව වටිනවා...රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදෙන්නෙ බැරි උනත්.....සුද්දි ඉපදෙන්ඩ කිට්ටු කරලත් ඔය දිරාපු දෙතනින් මට අම්මා කිරි දුන්නා..ආවෙ කිරි කදුලු වෙනුවට තනිකරම අම්මගෙ ඇස්වල කදුලු ...මං කවදාවත් මගෙ අම්මගෙන් පිරුන තනක් දැකලා තිබුනෙම නෑ...ඒවා නිකන් දිය ලබු වගෙ.....හැමදාම පහලට එල්ලන් වැටෙනවා.....වයසට ගියත් මොකද....මහ මැනිකෙට තවමත් තිබුනෙම ඔසරි කරෙන් එලියට පනින්ඩ හදන පිරුන දෙතනක්...අනේ.මගෙ අම්මගෙ පපුවෙ ඇට කටු එකයි දෙකයි කියලා ගනින්න පුලුවන් .....

අම්මා දිහා බලපු මං අඩන්න එපාය කියලා ආයමත් පිටි කොටන්න ගත්තා ...බිම ඉහිරිලා තිබුනෙම අවුසයක් තරම් වත් නැති පිටි ටිකක්..ඒත්...මැනිකෙගෙ කතාව වගේම හැදිපාර....නම්...පිටි ගෝනියක තරම් ...

...ඇසල...

බේබි හාමු...

මගෙ නහට ගාන වික්ස් එක කොහෙද බලපන්....

.හ්..හොදමයි හාමු....

.ඉන්ධර් හාමුගෙ මූන අමුතු වෙලා....මෙච්චර වෙලාම ඇස්වලින් කතා කර කර හිනා වෙවී උන්න ඉන්ධර් හාමුට ආයම තරහා ගිහින් තිබුනා.....මේසෙට තියාපු තේ එකක්ත් ගත්තු ඉන්ධර් හාමු යන්න ගියා...නිකන් නෙවේ...ඒ යනවත් එක්කම මොකක් හරි කුඩු වෙන සද්දෙකුත් ඇහුනා.....මහ මැනිකෙව උඩ ගියා...

සලා.....න්!!!

හත් දෙයියනෙ.... ඇසල....ඇසල.....ඔය කොස්ස අරගන මෙහෙ වරෙන් ඇසල.....

මං පිටි කෙටිල්ල අවසානෙදි ඉවරම කරල දැම්මා...ඉන්ධර් හාමු යන්න ගිහින් අඩහෝරාවක් යනකනුත් මං පිටි කෙටුවා.....අඩුම ගානෙ වික්ස් එකවත් හොයන්න ගියෙ නෑ....හිතේ තිබුන දුකටම මං අර මුලු හාල් හට්ටිටම කොටලා කොටලා අවසානෙදි කරගැට දාලා දැවිල්ල ගත්තු අත්දෙකට පිඹිනවත් එක්කම මෙච්චර වෙලාම.කුසියෙ මායන් උන මහ තැන සාලෙට යන්න ගිහින් ගිරියෙන් වගේ බෙරිහන් දුන්නා.....

ලොකු මැනිකේ.....

ඉක්මනට අතු ගාපන් මේක.....මේ ලමයට මක්ක වෙලාද මන්දා...මේ තේ එකනෙද මේ...බිත්තියෙ ඉදන් තේ කහට...තෙත රෙදි කඩකුත් ගෙනෙන්....

මං ආපිට කුසියට දිව්වා ..... ඉන්ධර් හාමු තේ කෝප්පෙ පොලවෙ ගහලා....තේ කහට සුඩු බිත්තියෙ එකයි ..දැන් ඕක මැදපන්කො....

හත් දෙයියනේ..පරම්පරා කීයක් නම් පරන පිරිසි කෝප්පෙද මේ පොලවෙ ගහලා තියෙන්නෙ...

මහ රැජිනගෙ කාලෙ එකකටත් වඩ පරනයිනෙ.....

Queen marry ....

මං ඒ අකුරු දැක්කා....කිව්වත් වගේ පට්ටම පරන වටිනා කම වැඩිම පීරිසි කෝප්පයක් ඉන්ධර් හාමු කුඩු පට්ටම් කරලා තිබුනා...එහෙන් මහ තැන මැරෙන්ඩ හදනවා...මහ රැජින.මහ රැජින ගගා...වික්ටෝරියා මහ රැජින තේ බිව්වෙ මේකෙන් කියලා හිතන් උන්නද දන්නෙ නෑ....අනේ අම්මපා...මට මේකිව වික්ටෝරියා වේල්ල උඩ හිටගස්සලා දෙන්ඩ හිතනවා පයින් එකක්....ගහපු හැදිමිට පාරෙ වේදනාවටම.....

ඇසල....

බ්....බේබි ..හාමු...

පීරිසි කෝප්ප කටු ඇහිදලා අතුගාපු මං උන්නෙ කොදු කඩාගන බිත්තිය අතුල්ලන ගමන්....ඉන්ධර් හාමු නාලා....

මගෙ ඇගත් එක්ක මොකක්ද වෙලා ගියා...අතේ ඇගිලිගාණටත් වඩා අඩුවෙන් තුවාය පිටින් ඉන්නවා දැකලා තිබ්බත් ..එ හැම දාකම හාමු උන්නෙ හත් ගව්වක් ඈතින් හන්දා මට කිසි ගානක් නොගියත්....අද ඇස් පිහාටුවක දුරක ඉන්න හාමුව දැකපු මට මොකක්ද වෙලා ගියා...පිරිමි ඇගට යන වී හැඩේ රේඛාව ඕනාවටත් වඩා වැඩියෙන් පේන තුවාය තිබුනෙම උකුල් ඇටවල පිහිටෙන් වෙනකොට අර තිරිවානා පාට විසල් පපුව පුරාවටම වතුර බින්දු රජකරන ගමන් උන්නා...වතුරෙ තියන සීතලටමද කොහෙද අල්ලකින් අල්ලුවත් අතට මස අහුවෙන පිරිමි තන වල රෝසපාට පුඩු ඉලිප්පිලා තිබුනෙ හරියටම පිපෙන්න හිතලවත් නැති රෝස පොහොට්ටු ගානට වෙනකොට මං බලාගන හාමුගෙ තුවායෙ පැල්ම තිබුනෙ ඉස්සරහට හන්දා ඇවිදින වාරයක් ගානෙම අර කිරිගරුඬ වගෙ සුදු කකුල එලියට පෙනුනා....

අනේ මන්දා ඉන්ධර් කියන්නෙම අහසින් පොලවට ආව සුරදූතයෙක්ද කොහෙද ..ඔක්කොටමත් වඩා..ඒ වතුර බින්දුබෙර්බි හාමුගෙ පලල් පපුව බදු අරගන වගේ ඉන්න විදිහ.....

ඇසල....

.....

මං ඇස් පිල්ලමක් වත් නොගහම මගෙ ඉස්සරහ ඉන්න ඉන්ධර් ඉරුගල්බන්ඩාර දිහා බලන් උනා.....

බලන් උන්න මදිද ම්ම්ම්ම්ම්.....

බ්..බේබි...හ්..හාමු....

යමන්....ගිහින් නාගන වරෙන්.....

හාමු...මෙක....

ඕක...තියලා..නාගන වරෙන්....ගොම්මනත් පහු උනා..ඔයිට වඩා උලන්නෙ....මොකද මේක මහ ඒජන්තගෙ වලව්වද.....

න්..නෑ...හාමු...ඒත්...

මගෙ මැනිකෙ...එකම වචනෙ දෙපාරක් කියන එකට මං හරි අමනාපයි...ම්ම්.....

මං බිම බලගත්තා ...මට බිම බැලුනා..මොකද ...මගෙ මුනට එකපාරම ලේ පිරුනා...හැදි මිට පාරට වඩා..අම්මගෙ බොර පාට ගැහුන ඇස් වලටබැදුන කදුලු පටලෙ දැකපු වෙලේ ඉදන් මගෙ පපුව ඇදුම් කනකොට ඉන්ධර් හාමු නොහිතුව වෙලාවකදි මට මගෙ මැනිකෙ කියලා කතා කෙරුවත් එක්කම මගෙ මූනට ලේ පිරුනා....

ඉන්ධර් ..හාමු....මං....

නාගන වරෙන්....නෑවිදින් ඉන්ඩ එපා....දෙයක් පෙන්නන්න තියනවා...

හ්..හොදමයි.....බේබි....හාමු

.

.

හාමු ගාව සුවදයි ...හාමු ගාවනම්...පුදුම තරම් සුවදයි...

මන් දන්නෙ නෑ..මං මටම මේක කියා ගත්තු කීවෙනි පාරද කියලා .....යකඩ පනිට්ටුව ලිදට වැටෙන වාරයක් වාරයක් ගානෙම චාස්....චාස් ගාලා සද්දයක් ඇහෙනකොට නාගන්න ආව මට ඉන්ධර් හාමුගෙ රූපෙ වද දෙන්න ගත්තා ... පලල් උරහිස් වගේම ඒ අත් වල හයිය අත අල්ලන්නෙ නැතිව බැලූ බැල්මටම කියන්න පුලුවන් ...ඊටත් නපුරු කම අස්සෙ තියන අමුතු බැල්ම.....

අනේ මන්දා....

.පලවෙනි දෙවනි වතුර බාල්දිය ඇට්ටර වෙලා කටු ගැහුන පිට පහු කරන් යනකොට හැදි මිට වැදුන පාර දැවිල්ල ගත්තා .....මක්ක කරන්නද....උන් දන්නෙ අපිට හරක්ට වගෙ තලන්ඩ වෙනකොට.....

වතුර බාල්දියක් ලින් ගැට්ටෙ තියාපු මං සමන්පිච්ච සබන් කැටේ අරගන ඇග පුරාවටම අතුල්ල ගත්තා ..මක්ක උනත්..අනේ ඉන්ධර් හාමුට පින් ....නැත්තන් කොහොමද මේ වගේ ලෝබ කමක් නැතුව සබන් කැටයක් වත් අතුල්ලන්නෙ...සබන් කැටෙ අතින් මිරිකන් අත ඇගේ අතුල්ලනවා මිසක්කා.....

කඩාපු ශැම්පු පැකට් එක ඔලුවෙ හලා ගත්තු මන් අත් දෙකෙම්ම ඔලුව කසලා...කසලා හොදට නාගත්තා...

මක්කට එන්න කිව්වද දන්නෙ නෑ...

පුරුදු විදිහටම ටියුලිප් උරෙ අස්සෙ තෙත ඇදුම් වෙනකොට ගෙදරින් එනකොට අරන් ආව ඇදුම මං මද අන්දකාරෙ ඉදන් ඇදගත්තා ...ඒ අදිනකොටත්....මන් කල්පනා කෙරුවෙ ඇයි හාමු මට එන්ඩ කිව්වෙ.....කියන එක....

රෑට මදුරුවො විමානෙ හන්දා මං අත් දිග ශර්ට් එකක් ඇදගත්තා ..මගෙ නම් නෙවෙ.....කාගෙන්දෝ හම්බ උන එකක්...බොත්තම් කාසත් ලොකු වෙලා හන්දද කොහෙද සමහර බොත්තම් ගැල වෙනවා...කමක් නෑ..බාච්චු උනත්...උන්ට මගෙ අතපය කාගන්න බැරි නම් එච්චරයි ....

කෑවත් කමක් නෑ...ඉස්තූති කතාවනෙ අහන් ඉන්න බැරි.....

ලොකු මැනිකේ.....

මං උන්නෙ උඩ කුසියෙ පඩිය උඩ....සැරින් සැර්‍රෙම ඇහෙන දඩන් බඩන් ගාන සද්ද...වගේම වලන් පෙරලන සද්ද එක්ක උඩ කුසියෙ ලොකු මැනිකෙ ඉන්නවා ඇත්තෙ කියන්න දන්න මං ආයම කතා කෙරුවා ....

ලොකු ම්නිකෙ.....

ආ...ඇසල මක්කද මේ රෑ වෙලා....

බේබි හාමු එන්ඩයි කිව්වා මැනිකෙ

අරමක්කටද

ඒකනම්...දන්නෙ නෑ මැනිකෙ...බේබි හාමු කනවද

මොන කනවද බන්...අද යකෙක් වැහිලා...ඔය ඉන්නෙ බඩු මුට්ටු පොඩි කර කර....ආන් අර කාමරෙ ඇති පලයන්.ගිහි බලපන්...කතා කරනකොට පරිස්සමින් කතා කරපන් උඹටත් අල්ලන් ගහයි නැත්තන්...

එහෙමයි මැනිකෙ.....

ඉන්ධර් හාමුට ආයම ඔලුවෙ රදේ වැඩි වෙලාවත්ද...මං එක්ක කතා කරනකොට හොදට උන්නනෙ.....

අනේ මන්දා...ලපටි බිබික්කම කාල ගුනෙ වගේ...මේ ඉන්නවා..මේ නහුතෙට නගිනවා....

මං හිමින් හිමින් ඉන්ධර් හාමුගෙ කාමරේට බඩ ගෑවා...

ඉන්ධර් හාමු......

.....

සින්දුවක් නම් ඇහෙනවා...කාමරේ නැතිව වත්දෝ.....

.බේබි හාමු....

මං දෙවනි පාරටත් ඉන්ධර් හාමුට කතා කෙරුවා ....

බේ

වරෙන් ඇතුලට....

දෙපාරයි....තුන්වෙනි පාරට කතා කරන්න හදපු මට ඉන්ධර් හාමුගෙ කටහඩ ඇහුනා...

මන් හිමින් සැරෙ දොර රෙද්ද ඈත් කරලා ඉන්ධර් හාමුගෙ කාමර්ට එබුනා....

කාමරේම මද අන්ධකාරයි....ඇයි ඒ හාමු අද ලයිට් නිවලා.....එ වෙනුවට ඉන්ධර් හාමු අද චිමිනි ලාම්පුවක් අව්ලවන්....ඇයි ඒ....

හාමු ඉන්නවා...තනි කලු සරම ඇදන් පුරුදු විදිහටම අත් දෙක පිටිපස්සට බැදගන ඉන්ධර් හාමු පුරුදු විදිහටම ඇරලා තිබුන ජනෙල් පියන් දෙකෙන් එලිය බලාගන ඉන්නවා....

ඉන්ධර් හානු ඉන්නවා හැබැයි තනියෙන් නෙවෙ 

තනියෙන් නෙවෙ.....මෝරන් එන ළපටි හදයි ....දිවුල්ගනේ මහත්තයත් එක්ක.....

ඉන්ධර් හාමු එන්න කියලා කිව්වා විතරයි හැබැයි හේතු කිව්වෙත් නෑ....මං දිහා හැරිලා බැලුවෙත් නෑ...මමත් ගිහින් හාමු ගාවින්ම සමාන්තරව හිටගන්නකොට මං බලාගන හාමුගෙ මේසෙ උඩ තිබුන චිමිනියෙ කහ එලිය අවසරයක් ගන්නෙත් නැතිවම හාමුගෙයි මගෙයි රූප දෙක බිත්තියෙ සිතුවම් කරලා තියනකොට දිවුල්ගනේ මහත්තයා හරි හිමීට ඇස් එක්ක වෙච්ච සුහද කතාවක් කියනවා...

මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...

තොරතුරු විමසනවා...ආ ගිය තැන් පවසනවා.....

සංසාරෙ හුරු පුරුදුයි කියලා තියනවා...

 ඇසල...

බේබි හාමු...

මෙච්චර වෙලාම අපි දෙන්නව නිහඩ කරවල උන්න දිවුල්ගනේ මහත්තයට තව දුරටත් තනියෙන් කියවන්න හම්බුන් නෑ.....ජනෙලෙන් එපිට බලාගන උන්න ඉන්ධර් හාමු.මගෙ දිහාවා හැරුනා....

.ලගට එන්න....

.හ්..හාමු...

සමාන්තරව උන්නත්..මං උන්නෙ ගව්වක් දුරින් වෙනකොට ඉන්ධර් හාමු මට ලගට අඩගැහුවා ...අනේ මං යන්නෙ කොහොමද .....

ඇයි....බයද ම්ම්ම්ම්ම්

න්..නෑ...හාමු.....

එහෙනම්...

එ..හෙම දෙයක්...නෑ...හාමු.....

සුවදයි මැනික ගාව.....

බ්..බේබි හාමු.....

මට කෙලත් හිර උනා...ලගට එන්න කියලා මුමුනපු ඉන්ධර් හාමුම බිම බලාගන උන්න මගෙ ලගට ඇවිදින් හැමදාම.කරන්නා වගෙ මගෙ නිකටෙන් අල්ලන් සුවදයි මැනික ගාව කියනකොට ගිලින්න ගියපු කෙල පිඩ මට හිර උනා.....

කහපාට ලාම්පු එලියයි....දිවුල්ගනෙ මහත්තයයි...වලාකුලු වටකරන් උන්න ලපටි හදයි මෙ ඔක්කොම ඉන්ධර් හාමුගෙ පැත්ත ගන්නකොට තනි උන මං මගෙ ඇගිලි දහයෙන් අදත් සීතල සිමෙන්තිය බදා ගද්දි ඉන්ධර් හාමුගෙ ඇස් දෙක හීනි වෙලා තිබුනා..වගේම ඒ ඇස් මගෙ මූන පුරාවටම එහාට මෙහාට ගියා සැරින් සැරේම උගුරු ගැටෙත් ඉහල පහක යනකොට මූන පුරා දුවපු ඇස් දෙක අනිත් පාර මගෙ මූන් පහු කරන් කෙලින්ම බෙල්ලෙනුත් පහලට ගිහින් නවතිනකොට මන් බලාගන මුනෙ හැගීම් හරී සියුම් විදිහට වෙනස් වෙනවා.....හාමුව ගස්සවන්න මොනවද උනේ....

මං හිමීට මගෙ දිහා බැලුවා....

බොත්තම් කාස දෙක තුනක්ම ගැලවිලා...කමිස පලුව එහා මෙහා වෙලා ගිහිල්ලා.....බෙල්ල ගාවම තියන බොත්තමට පහලින් තිබුන බොත්තම් දෙකම ගැලවිලා .. මගෙ පපුවෙ පැත්තක් එලියට ඇවිදින් තිබුනා....

"කෝපි පාටයි....."

මට මොකක්ද වෙලා ගියා....ඇස් අඩවන් කරන් උන්න ඉන්ධර් හාමු හිමීට මිමිනුවා....කෝපි පාටයි කිව්වා....මොනවද...මොනවද කෝපි පාට....

මන් හිමීට මගෙ පපුවෙ කෝපි පාට හෙව්වා...

.ඇත්ත.....ඉන්ධර් හාමුගෙ උකුසු ඇස් කිව්වෙ ඇත්තෙ...

බොත්තම් කාස ගැලවිලා...කමිස පලුව ඈත් උන තැනින් කහපාට චිමිනි එලිය වැටිල තිබුනෙ මගෙ තනක් උඩට වෙනකොට ඉන්ධර් හාමු කෝපි පාටයි කිව්වෙ මොකටද කියන්න දැනුන මන් අත් දෙකෙම්ම මගෙ පපුව වහගත්තා ...මොකද ...මට ලැජ්ජා හිතුනා....

...ඇයි....ම්ම්ම්

බ්.බේබි...හාමු....

මගෙනෙ.....ම්ම්ම්....වහන්නෙ....ඇයි ...මැනිකට...ලැජ්ජද.....බයද.....තලයි පොඩි කරයි රිදවයි කියලා ....

න්..නෑ..හාමු.....

එහෙනම්.....ලැජ්ජද...ඇහැල මල මගෙ...දන්නවද මගෙ ඇසල.....නිරුවතකට අයිතිවාසිකම් කියන්න පුලුවන් ...ආත්මෙට ආදරෙ කරන මින්ස්සුන්ට විතරයි...මං ආදරේ කරන්නෙ..උඹගෙ ආතෙමට නම්....ඇයි මට උඹගෙ නිරුවත තහනම් ඇසල....

මගෙ අත් දෙක තවම පපුවෙ.....ඉන්ධර් හාමු අහනවා...ඇයි හාමුට මගෙ නිරුවත අකැප කියලා .....අනේ දෙයියනේ මං කියන්නෙ කොහොමද ...හාමු මට උඹගෙ බැල්ම දරාගන්න බැරි බව.....

මන් හිමීට ඇස් උස්සලා හාමු දිහ බැලුවා....ඒ ඇස්වල හැගීම් පිටාර ගලනකොට මගෙ යටි බඩ කැලතෙන්න ගත්තා...

ඇසල දන්නවද...රමනයක් පටන් ගන්නෙම ඇස්වලින් බව.....මුලින්ම...විදින්න ඕනෙම ඇස්වලින්.....ඇගේ තියන හැම අංශුමාත්‍රයකම මිම්ම...දිග...පලල....මෙ හැම දේම විදින්න ඕන ඇස් වලින්...ආදරෙ පිරුන හාදුවක් තියන නලල කොයි තරම් පල්ලද.....හදවතේ කැඩපත කියන ඇස් දෙක මොන තරම් ලස්සනද කියන්න....සීතලට සට සට ගාන තොල්පෙති මොන තරම් මෘදුද කියන්න....මෙ හැම දේම විදින්න ඔනෙම ඇස් වලින් ...ඊට පස්සෙයි.....අත්වලින් විදින්නෙ....

උඹ දන්නවද ..ඇසල...මේ වයසක බඹරට පුලුවන් ...මගෙ ළපටි මලව එක බැල්මකින් සුරතාන්තෙකට ගෙනියන්න...මලක් උනත්..පිපෙන්න නම් තලන්නයි කියනවනෙ ඒත් ඒක හැමතැනටම ලස්සනත් නෑ ඇසල.....මට ඕනෙ උඹගෙ පෙති තලන්නෙ නැතිව දිග අරින්න....ඒත් උඹ මහ මුරන්ඩුයි මගෙ මැනික...උඹ හදන්නෙ මීක් නොගා ඉදලා....මං අතින් තැලෙන්න.....

උඹම කියපන්...මේ පපුව මෙච්චර උස් පහත් වෙනකොට මං උඹව නොතලා කොහොමද ඇසල...ම්ම්ම්ම්.....මගෙ ඇහල මල උඹ...හොද වෙලාවට...උඹ ඇහල උනෙ....නිකමට හිතපන්...උඹ රෝස උනා නම්...මේ වයසක හාමු පෙති කීයක් නම් තලන්නද....දුක නැද්ද උඹට....ම්ම්ම්ම්ම්...නාරිලතා මලම දැකපු තවුසන්ගෙ සිලෙ බිදුන නම්...අඩ නිරුවතින් ඉන්න උඹ ගාව මගෙ සිල් රැකෙයිද ඇසල...මනාපද..එක බැල්මකින් ඇගම හිරිවට්ටවන් යන සුරතාන්තෙට .....මගෙ ලපටි මල...උඹ ඉන්නෙ දැනටමත් අඩ ලෝකෙක....

.මාව හිරිවැටිලා ගියා...හාමු කියනව....හාමුට පුලුවන්ලු..... එක බැල්මකින් මාව සුරතාන්තෙට අරන් යන්න.....අනෙ මං කොහොම කියන්නද....මහවැලිය වාන් දානවා වගේ යටි බඩ ඇතුලෙන් රැලි ගහන්නේ ඒකට වග.....රෝස නොවී ඇහල උන එක හොදයිලු....නැත්තන් මේ වයසක හාමු පෙති කීයක් නම් තලන්නද අහනවා..මගෙ යටි හිත මේ වෙනකොට හෙම්බත්වෙලා...හාමුගෙ වචන අහන් ඉන්න බැරිව යටි හිත හෙම්බත් වෙලා ගිහින්.....

ඉන්ධ..ර්...හාමු...

මං දන්නවා.....රිදුනා කියලා ...ඒත්.....එවෙලෙ...රිදුනෙ මටනෙ....ම්ම්ම්ම්

මගෙ අත් දෙක කඩාගන වැටුනා.....හාමුට රිදුනලු...හාමුටත් රිදුනලු..හැදි මිට වැදුනෙ මට උනත් ..රිදුනෙ හාමුට කියනකොට කෝපි පාට ලප වහන් උන්න අත් දෙක මටත් හොරාවට කඩා වැටෙනකොට ඉන්ධර් හාමු අතින් මගෙ කමිසෙ තවත් බොත්තම් දෙක තුනක් ගැලවිලා ගියා විතරක් එක උරහිසකිනුත් පැන්නෙව්වා.....

දැන් මගෙ වම් උරහෙම නිරුවතින්.....පපුවෙ පදාසයක්ම අඩ නිරුවතින්.....කෝපි පාට ලප එහෙම් පිටිම්ම එලියෙ.....හාමුගෙ ඇස් දිව්වෙම ඒ හරහා වෙනකොට මං බලාගන අර අකීකරු උගුරු ගැටෙ ආයම උඩ පහල යනවා....

අනේ හාමු ඉඹ හදන්නෙ මන් ලව්වම මගෙ ඇදිවත ගලවගන්න....!!!

පිටිපස්ස හැරියන්...

ඉන්ධර් හාමු මිමිනුවා ... බොත්තම් පන්නපු හාමුම මාව පිටිපස්ස හරවනකොට හිතෙ තිබුන ගැස්මටම මන් වියන් බැදපු පබිලයන් ඇදේ කනුවක් කිටි කිටියටම මිරිකගන්නකොට මගෙ පිටි පස්සෙන් උන්න හාමුගෙ උනුසූම් හුස්ම වැදුන මම යටි තොල් හපාගත්තා .....

උඹට රිදෙනවා ඇති....රතුවෙලා ගිහින්.....

.මන් මීක් නොගා උන්නා....හාමුගෙ කට හඩේ දුකක් තිබුනත් ...උඩට ඉලිප්පිලා පලුවක් දලා තිබුන හැදි මිට පාර උඩ ඉන්ධ හාමුගෙ අර සිනිදු ඇගිලි තුඩු යනකොට යටිතොල් හපාගන උන්න මන් අර ඇද කනුව තවත් මම මිරිකගත්තා ...

අනේ මාව දිය වෙනවා.....!

මැනික....

ඉන්ධර් හාමු ආයම මුමුනනවා...අහන්න යන්නෙ කියන්න යන්නෙ මොනවද කියන්න දන්නෙ නෑ .....අනෙ ඒත් මට ඇයි අහන්නවත් කට ඇරගන්න බෑ.....මගෙ වචන මාව දැනටමත් දාලා ගිහිල්ලා...

අමනාපයක් නැති නම්....හාදුවක් තියන්නද ම්ම්ම්ම්...

මට ඇද කනුව තවත් හයියෙන් මිරිකුනා කොටිම්ම කියනවා නම් මං ඇද කනුව පහුරු ගෑවා..... ....අමනාපයක් නැතිනම් හාදුවක් තියන්නද අහපු ඉන්ධර් හාමුගෙ උනුසුම් හුස්ම වැදුනෙම මගෙ බෙල්ල පිටිපස්සට වෙනකොට අනේ මට උත්තරයක් දෙනවා වෙනුවට එක පාරටම හීල්ලුනා...මටත් නොදැනිම මගෙ ඇස් පිය උනා විතරක් නෙවෙ....වේල්ල.කඩාගන ගියපු මහ වැලිය දිගට හරහට පිටාර ගැලුවා....

හාදුවක් ....!!!!!

ඉන්ධර් හාමු හාදුවක් තිබ්බා...අමනාපයක් නැති නම් හාදුව තියන්නද අහපු ඉන්ධර් හාමු පොල්කටු හැදි මිට වැදුන පාර උඩින් හාදු තියනකොට පිටට වදින හාමුගෙ උඩු රැවුල හන්දම මට කෙදිරි ගෑවුනා....

අ..නේ....හ්....ඉන්ධ....ර්...

ම්ම්ම්ම්.....ඇයි...රිදුනද.....මගෙ මැනිකෙට....ම්ම්.....

මට දෙන්න උත්තරත් නෑ...ඇස් දෙක ඇරගන්නත් බෑ.....පලුවක් දාපු පිට මැදටම තියපු හාදුව එක්කම වෙනදටත් වඩා මගෙ බඩ කලතවනකොට මන් හරි අමාරුවෙන් ඉවසන් උන්නා....මට මෙතනින් දුවා ගන්නඕනා උනා...ඒත් ....එකම ස්පර්ශෙකිම්ම හාමු මාව වසඟ කරගන තියනකොට මං කොහෙ කියලා නම් යන්නද....

ඇයි....අමනාපද උඹ....නැති...නම්...මගෙ හාදුව රිදෙව්වද මැනිකව....ඒකත් නෙවෙනෙ...නම්.....වෙන කාරනාවක්ද.....ම්ම්ම්

මන් ඇද කනුවට නලල ගහ ගත්තා.....පිටට තියපු හාදුවත් එක්ක ඇගම පන නැතිව ගිය මගෙ කනට කරලා ඉන්ධර් හාමු අමනාපද නැත්තන් හාදුව රිදෙව්වද අහන ගමන් ආයමත් හාදුවක් තිබ්බා අනේ අහන්නෙ බලන්නෙත් නැතුවම....ඒකත් මගෙ බෙල්ල පිටිපස්සට වෙනකොට මීටත් වඩා නම් දරන් ඉන්න බැරි මන් හාමුගෙ පැත්ත හැරුනා...මට හැරෙන්න සිද්ද උනා...පපුවටත් ඉවසන්න බැරි තැන මං හාමුගෙ දිහාවට හැරුනා.....කහපාට ලාම්පු එලිය වැටුන ඉන්ධර් හාමුගෙ මූන තිබුනෙම මගෙ හුස්මක දුර වෙනකො කතා කරන ඒ ඇස්වලට අද නිවනක් ඇත්තෙම නැති උනා.....

"අනෙ....ඉන්ධ...ර් මාව...මැරෙයි..."

අවසානෙදි මන් හරි අමාරුවෙන් වචන ගැට ගහගත්තා .....

මන් මිමිනුවා...මාව වෙව්ලනව...අඩ හෙලුවෙන් වගේ උන්න මගෙ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනවා....කෝපි පාට ලපය බලන් ඉන්නකොට ඉලිප්පිලා යද්දි බය වෙලා උන්න මගෙ පපුව උස්පහත් වෙන හැටි කහපාට ලාම්පු එලියෙන් ඉන්ධර් හාමූ ඕනවටත් වඩා දැක්කා වගේම ඒ ඇස් දෙක මාව ඒ බැල්මෙන් මරන්න හැදුවා...

මුව පැටියෙක් වගේ.....ඇයි මෙච්චර ගැහෙන්නෙ...ම්ම්ම්....ඒතරම්ම බරද මගෙ හාදුව....නැතිනම්...මේ උඩු රැවුල උඹව රිදෙව්වද.....උඹව දැක්කමත් මට ලෝභයි...ඇසල...මං උඹ ළඟ නොසෑහෙන්න අසරන වෙනවා.....ඒක දන්නවද උඹ...ම්ම්ම්ම්ම්....ඇසල....උඹ කියන්නෙම තනිකරම ...තණ්හාවක්...මගෙ ඇස්වලට රතියක්....ඉතින්...මට කියපන්....ඇහැල කියන අධිමාත්‍රාව ළඟ මං පිස්සු නොවැටී ඉදීද ඇසල....

උඹම මාව අවුස්සන්...උඹම මැරෙයි කියනවා.....කමක් නෑ....උඹට අවසරයි මැරෙන්න .හැබැයි ඉතින්...උඹ මැරෙන්න ඕනෙ...මට යට වෙලා ...මගෙ ආදරෙට යට වෙලා...හෙටින් පස්සෙ ගෙවෙන හැම රෑකම..මම මනාප...උඹ අද වගේම...හරි අමාරුවෙන් වගේ...."අනේ...මාව මැරෙයි ඉන්ධර් කියලා අහන්න....."

මං හාමු දිහා බලාගන උන්නා..... හාමු මුමුනවා....එ අස්සෙ හදත් සැරින් සැරේම වලාකුලු අස්සෙ හැංහෙනවා...හදටත් ලැජ්ජ හිතිලද මන්දා....

මෙච්චර වෙලාම කියවපු ඉන්ධර් හාමු මගෙ අත් ගොබෙන් ඇදලා අරන් ආයම මාව පිටිපස්ස හැරෙව්වා.....ඒ එක්කම මගෙ පිටට සීතලක් වගේම නහයට බෙහෙත් සුවදක් දැනුනා.....මගෙ ඇස් තෙත් උනා.....මහ මැනිකෙ ගහපු හැදිමිට පාරට බේබිහාමු බෙහෙත් කෙරුවා ...

දැන් හරි.....

බේබි හාමු.....

හාමු දිහාවට හැරුන මගෙ ඇස් වලට කදුලු පිරුනා....

ඇයි මේ...ම්ම්....මං කිව්ව්නෙ....මනාප නෑ...කියලා ....කාරනාව කියපන්....මොන හේතුවටද...මට අයිති ඇස් අඩවන්නෙ?

බේ ..බි හාමු....කාරනාවක්...තියනවා...අනේ..හාමුම්....අමනාප ගන්නෙ නැතිනම්

මං මක්කටද අමනාප ගන්නෙ....ම්ම්...කියපන්.....

බේබි හාමු...මට කොච්චර බැන්නත් .....ගැහුවත් ..කාරි නෑ....මට පුලුවන් ඉවසන් ඉන්න...ඒත්..හාමු..අනෙ..මගෙ දුප්පත් අම්මගෙ ඇස් ඉස්සරහා මට තලන්ඩ.එපාය කියන්ඩ හාමු.....ඉදුල් හේදුවත්....කොච්චර දුප්පත්තු උනත්....මගෙ...අම්මට....මං...හරියට...වටිනවා හාමු...

මං බිම බලාගත්තා ...ඇස්වලින් කදුලු බින්දු සට සට ගාලා බිමට වැටුනෙ.මං හින්දා නෙවෙ..මගෙ අම්මගෙ ඇස් මතක් වෙලා හින්දා වෙනකොට මගෙ ඇස්වලට සීමාවක් නැති උනා....

නන්දට විතරද දැන් උඹව වටින්නෙ.....එතකොට මට....මට වටින්නෙ නැද්ද....ඇසල...

බ්..බේබි..හාමු.....

නාඩා තුරුල් වෙයන් මට....

බිම බලාගන උන්න මං ඔලුව ඉස්සුවා...නන්දට විතරද වටින්නෙ අහපු ඉන්ධර් හාමු නාඩා මට තුරුල් වෙයන් කියනකොට තුරුල් වෙන්නද...එපාද...කියලා හිතාගන්න බැරි මං බොත්තමක් දෙකක් ගලවපු කමිසෙන් එලියට පේන හාමුගෙ පලල් පපුව ගාව හොදටම අසරන උනා.....

මං ඉන්නෙ උඹව තුරුල් කරගන්න බලන් ඇසල.....

ඉන්ධර් හාමු මගෙ ගාවට තවත් අඩියකින් ලන් වෙලා ඇදලා අරන් මාව ඒ පපුවට තුරුල් කරගත්තා .....

.නාඩා ඉදින්....ආයම තලන්ඩ ඉඩ තියන්නෙ නෑ උඹට...තේරුනාද...ම්ම්ම්ම්...මේ ඇස් අඩනකොට මටයි රිදෙන්නෙ...

මං උන්නෙ ඇස් දෙක පියාගන...මොකද ඇස් ඇරියොතින් අනිවාර්යයෙන්ම මගෙ පන යනවා...පලල් වගේම සුවද ගහන පපුවට කම්මුල තියාගත්තු මං හාමුව ආපිට මගෙ අත්වලින් බදා ගත්තෙ නැති උනත්...ඉන්ධර් හාමු නම් මාව කිටි කිටියට තුරුල් කරන් උන්නා.....අවසානෙදි මාව ආයම ඈතට කෙරුවා ...

මගෙ ඇහල මල උඹ....දන්නවද ඇසල....කවුරු හරි මගෙන් ඇහුවොත් ....ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා ...මං පෙන්නන්නෙ මගෙ ළපටි මලව...ජීවිතේ කියන්නෙ මොකක්ද ඇහුවොත්...මට උඹට උනත් කියන්න තියෙන්නෙ උඹත් එක්ක ගෙවන තත්පර වලට කියලා ...

මං උඹට හරි ආදරෙයි ඇසල.....මගෙ හැම සීලයක්ම බින්දත්....මං උඹට හරි ආදරෙයි .......මට උඹව දැක්කම හරි ලෝභයි මැනික....උඹ හිතෙනවා ඇති..මේ නාකියට තියන විසේ කියලා ..ඒත්..මං මක්ක කරන්නද මැනික...උඹ ළඟ හිත මගෙ තරුනයි නම් ම්ම්ම්ම්....

කිව්වත් වගෙ මට උඹව අරන් ගිහින් හිරකන්න හිතුනොතින් .....උඹ මක්කද කරන්නෙ ඇසල...පැනලා යනවද....

මං මොකුත් නොකියා උන්නා ..ඉන්ධර් හාමු අහනවා මාව අරන් ගිහින් හිර කෙරුවොතින් මං පැනලා යනවද කියලා ....අනේ මං කොහොම කියන්නද....හාමු මට ඒකට උත්තරයක් හිතා ගන්න බෑ කියලා ....

මං උඹට වහ වැටිලා ඇසල.....රැයක් දවාලක් නැතිවම උඹ මට දැන් වද දෙනවා ඇසල...මහ රෑකත් මට මේ ඇහල මල් දකිනකොට මට මගෙ ඇහල මලවම මතක් වෙනවා.....

උඹ හරි නාඹරයි තවම...කොච්චර කිව්වත්...අනේ මන්දා....මට හෙටින් පස්සෙ නම්....සිල් ගන්න බෑ මැනික ..අනේ බන් මාත් මනුස්සයෙක්නෙ .....ඒත් ...හාදුවකට එහා නම්...උඹගෙ අකමැත්තෙන් මං යන්නෙ නෑ...තේරුනාද ම්ම්ම්ම්....

මං ලාවට ඔලුව වැනුවා.....ඉන්ධර් හාමු හෙටින් පස්සෙ නම් සිල් ගන්න බෑ කියනකොට මට ඉබේටම වියන් බැදපු ඇද දිහ බැලුනා....සිනිදු සේද වලින් වියන් බැදපු ඇද හතර කොනින්ම වහන්න පුලුවන් ....

ඇයි....උඹට හිතෙනවද ඇද හයිය මදියි කියලා ....

බ්..බේබි...හාමු.....

බය වෙලා...ආයමත්....ඇයි ඔච්චර මගෙ වචනවලටත් බය ඇසල....උඹ හදන්නෙ බය වෙන බය වෙන පාර ඔය පපුව ගස්සවලා මාව පිස්සු වට්ටවන්න...එහෙම කරන්න එපා ඇසල....තව හෝරා කීයද ම්ම්ම්...මේ රැය විතරයි මම තනියම...හෙටින් පස්සෙ උඹ ඉන්නෙ මගෙ ළඟ.....

උඹට පුලුවන් හෙට ඉදන්...පන පිටින් ස්වර්ගෙට යන්න....මනාපද.....ම්ම්ම්.....

ඉ..ඉන්ධර් ...හ්..හාමු...

ඇයි...අමනාපද...උඹ ආදරෙයි....රාගෙයි තනි තනියෙන් ගන්නෙ නැතිව..ඒ දෙකම එකට එකතු කරල බලපන් ඇසල...

ඉන්ධර් හාමු කිව්වා හෙට ඉදන් මය පුලුවන් පනපිටින් ස්වර්ගෙට යන්න කියලා .....මට පන පිටින් යන්න තියා දැන් හිටන් ඉන්නවත් පන නෑ...හද එලිය සැරින්සැරේම කරන්නෙ මුමුන මුමුන මගෙ ගාව ඉන්න ඉන්දර් හාමුගෙ තිරිවානා පාට පපුව කොයි තරම් සනීපද කියලා ආය ආයම මට ඒත්තු ගන්නන එක වෙනකොට මගෙ නිකටින් අල්ල ගත්තු බේබි හාමු ආදරෙයි රාගෙයි දෙකම එකට එකතු කරලා බලන්න කියලා අර කතා කරන ඇස් වලින් මගෙ බෙල්ල දිහා බලාගන උන්නා.....අනේ හාමු එපා....!!!

දන්නවද ඇසල....මිනිස්සු වයසට ගියාට කවදාවත් ආදරේ වයසට යන්නෙ නෑ කියලා ම්ම්ම්....වයසක මගෙ ආදරෙ හරි තරුනයි ඇසල.....උඹව දකින වාරයක් වාරයක් ගානෙම මගෙ හිත තරුන වෙනවා...උඹ බය නොවී ඉදපන්....මං උඹව රිදවන්න දෙන්නෙ නෑ....තේරුනාද ම්ම්ම්.....රිදවන්ඩත් ....ඒ මොන දේටත් අයිතිය තියෙන්නෙ උඹගෙ බේබි හාමුට විතරයි.....දැන් ඉතින්..මේ ලස්සන ඇස්වල කදුලු පිහදගනින්....මලක් උනත් ලස්සන කදුලු කැට වලට වඩා.....හිනාවෙනකොට ....තේරුනාද ඉන්ධර්ගෙ මැනිකට....

මං ඇස්වල කදුලු පිහදගත්තා ....ඉන්ධර් හාමු මගෙ ඔලුව අතගාලා මගෙ මූන දිහාම බලන් ඉදලා අවසානෙදි එහෙම්ම්ම් පායපු හද දිහා බැලුවා....

හදක් උනත් පරාදයි මගෙ ඇහල මලගාවදි.....ඒක උඹ දන්නවද.....සැරින් සැරේ බය වෙනකොට ....ඔය ඇස් දෙක පුංචි මුව පැයෙක්ට එහා ඇසල.....පාට පාට ඇදුම් වෙනුවට...උඹට ගැලපෙන්නම සුදු පාට....එතකොට මට මතක් වෙන්නෙම පින්න මල්.....අනේ මන්දා...උඹ හරි සාරසොභාවයි මගෙ ඇහල මල.......

දෙයක් තියනවා ඇසලට පෙන්නන්න...

මොකක්ද හාමු.....

හද දිහා බලාගන උන්න ඉන්ධර් හාමු ආයම මගෙ දිහාවට හැරුනා...දෙයක් පෙන්නන තියනවා කිව්වා.....හැබැයි මොකක්ක්ද නොකියම දාර කැටයම් කපාපු අල්මාරිය දිහාවට හැරෙනකොට මං අන්දකාර වුන පොල් වත්ත් දිහා බලගන උන්නා...අනේ හෙටින් පස්සෙ උන් දෙන්නම තනියම ....පරඩැලකට හරි කෙලින් උන්න එකම පිරිමි පරානෙ මම...සැපක් කියන දෙයක් ජීවිතේට නොවින්දත්...ඔය දිරාපු පැල් කොටෙ අස්සෙ කදුලු බින්දු අහුරු අස්සෙන් හිනා පොදක් තිබුන දවස් නොතිබුනාම නෙවෙ....

ඇසල.....

ඉන්ධර් හාමු මට කතා කරල අඩූ කරලා තිබුන චිමිනියෙ දැල්ල තවත් ටිකක් වැඩි කෙරුවා ...හාමුගෙ අතෙ පුංචි පෙට්ටියක් ....

මොකක්ද බේබි හාමු...

මෙන්න මේක...ඇසල මනාපද....

මට ඇස්පිල්ලම් ගහන්න අමතක උනා....ජීවිතේ කිසිම දවසක මං හිතුවද ඉරුගල්බන්ඩාර බේබි හාමු මගෙ අතට කසාද මුද්දක් දායි කියලා ....පුංචි පෙට්ටිය ඇතුලෙ කසාද මුදු දෙකක්...එකක් ලොකුයි...එකක් කුඩයි.....

බ්..බේබි...හාමු....

මගෙ මලව මතක් වෙන්නම...මං කහපාට ගලකුත් එබ්බුවා...තකහනක්ම එලි බහින්ඩ මේකත් කාරනාවක්....මානප නෑ...ඇගිල්ල පාලු කරලා තියන්ඩ...උඹ මගෙයි කියන්ඩ.....අයිතිය වැඩියෙනුත් පෙන්නඩ මට ඕන උනා ඇසල....කෝ..අල්ලපන්කො අත....

මන් මගෙ අත ඇදුමෙන් පිහ දැම්මා...එක පාරක් නෙවෙ..දහ දොලොස් වතවක්...අනේ කිව්වත් වගේ කහ පාට පුංචි ගලක් මුදුවෙ කොනක තිබුනා....මගෙ විතරක් නෙවෙ..බේබි හාමුගෙත්....ගල් ඇදලා..දර පලලා ගිර හැඩි වෙලා දුක් විදපු මගෙ අත අත් දෙකෙම්ම අල්ල ගත්තු බේබි හාමු ඒ සිනිදු ඇගිලි වලින් මගෙ ඇගිල්ලට මුදුව දානකොට මගෙ යටි තොල් වෙව්ලුවා...ඒ මුදුවෙ බර මගෙ අතටත් දැනුනා...මේ අවුරුදු ගානටම මං අතට අතගාපු එකම රත්තරන් පෙත්ත දතට අහු උනත් කඩලා යන තරම් සිනිදු පංචායුදෙ විතරක් වෙනකොට අනේ මගෙ ඇගිල්ල උඩ තිබුන රත්තරන් තලිය දැකල මගෙ පපුව ඇදුම් කන්න ගත්තා ....

මෙච්චර ...හුගක්....රත්තරන් .....ඇයි...බේබි...හාමු...මොකුත්ම...නැති මට...මෙච්චර ...දෙයක්....

.....

මගෙ...ජීවිතේට...ත්..වඩා...මේක..බරයි...හාමු....

ඇසල....පොතක...එක පිටුවක් ඉරලා දැම්මයි කියලා ..මුලු පොතම ඉරන්න පුලුවන්ද ම්ම්ම්ම්....

ඒත්..හාමු...මට....මේ වගේ දෙයක්...

මගෙ ඇහල මල...පින් කදක් වගේ....රන්කඳක් ලගතියන් ඉන්න මට...ලාබ රත්තරන් වලින් ඇති වැඩේ මොකක්ද ඇසල...උඹ කියන්නෙම මට රන්කදක් ඇසල.....මං උඹට හරි ලෝබ කමින් ආදරේ කරනවා ඇසල.....එහෙව් ආදරේ කරන මට...රත්තරන් පොත්තක් කියන්නෙ උඹ ගාවදි මොකක්ද හිතෙනවා....නාඩා ඉදින්...හෙට වෙනකොට මේ මුන කැතවෙයි...මට ඕනෙ.මේ මල හිනාවෙලා මගෙ ගාවට එනවා දකින්න.....

මං ඉන්ධර් හාමු දිහා බැලුවා.....කරගැට දාපු අත අල්ලන් උන්න ඉන්දර් හාමු අවසරයක් නැතිවම මගෙ අත අරගන පිට අල්ලට හාදුවක් තියලා හරි ආදරෙන් කතා කරනකොට අනේ මට මේ මනුස්සයට ආදරෙ නොකර ඉන්න හිත හදා ගන්න බැරි උනා.....ටිකක් කල් දෙන්න කියපු මටම තව මොකටද කල් කියලා හිතෙනකොට මං ඉන්ධර් හාමු දිහා බැලුවා...

සැරින් සැරේම වලාකුලු ඇවිදින් වහගත්තු හදට යන්තම් හුස්ම ගන්න ඉඩක් හම්බෙලා තිබුනා.....කහපාට චිමිනි දල්ල එහාට මෙහාට නැටුවා උනත්.....හාමුගෙයි මගෙයි රූපෙ බිත්තියෙ හරි ලස්සනය ඇදලා තිබුනා .හතර වියන් බැදපු විසාල පබිලියන් ඇද උඩ කහපාට පුංචි මලක් තනියෙන් උන්නා.....ඇත්තටම ඒ මල....ඒ මල ....

ඒක...මගෙ මැනිකගෙ උරහෙට වැටුන මල...මලේ සුවද වෙනුවට...උඹගෙ සුවද.එනකොට ...මං කොහොමද හිත හදාගන ඒ මල විසි කරන්නෙ ඇසල...???

.

අනේ මීටත් වඩා නම්...බෑ....මීටත් වඩා නම් බෑමයි ... තවත් පාරක් වලාකුලු ඇවිදින් හදවහගන්න කලියෙන් මං ඉන්ධර් හාමු දිහා බැලුවා.....මගෙ පපුව ආයම ගැහෙනවා...කියන්නෙ කරන්නෙ මොනවද කියලා හදත් අහගනන් ඉන්නකොට මොන අහම්බෙකටද මන්දා දිවුල්ගනේ මහත්තයට පස්සෙ අමරදේව මහත්තයා ආවා..නිකන් නෙවෙ.....ආදර වදන් මුමුනන මටයි ඉන්ධර් හාමුටයි අර රන්තැටිය ගැන කේලම් කියන්න....

හැමුගෙ විසල් පපුවයි...මගෙ ගැහෙන පපුවයි මේ වෙනකොටත් මටත් හොරාවට හාමුගෙ ලෝකෙට ඇවිදන් යනකොට ඈත පායපු හදට ඇහුනත් මොකෝ කියලා මං හාමුගෙ මූන දිහා බැලුවා....හාමුගෙ මූන මගෙ අත් දෙකෙම්ම ඇල්ලුවා ...ජීවිතේ පලවෙනි පාරට මං එ මුන මගෙන්"හදවතින්" ඇල්ලුවා.....ඉන්ධර් හාමුගෙ ඇස් ගැස්සුනා...

මං ආදරෙයි ඉන්ධර්!!!!!

සඳ හොරෙන් හොරෙන්

හොරෙන් බලා

වලා රොදක සැගවිලා.....

අපේ මියුරු පෙම් කතා.....

අසා සිටිනවා...

අසා...සිටිනවා....!

මැනික....

මාව ගැස්සිලා ගියා...

බේබි හාමු...

තවම මෙහෙමද.....

මං උන්නෙ හාමුගෙ කාමරේ...බේබිහාමුට ආදරෙයි කියලා මහරෑම පොල් වත්ත මැදින් දුවපු මං එලි වෙන යාමෙ වෙනකම්ම හාමු හන්දම දුක් වින්දා.....නිදි පැදුරට නින්ද කියන දේ අහලලවත් නාපු මට.....මං ආදරෙයි ඉන්ධර් කියපු විදිහ මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙම මුනට ලේ පිරුනා..හෝරාවෙන් හෝරාව ගෙවිලා ගියත්.....මහ පොලවට ර එලිය වැටෙනකනුත් නින්ද නොගියපු මට ඉන්ධර් හාමුගෙ හීනවලය මං රිංගලා දෙන වදෙ කොයි තරම්ද කියන්න එලිවෙන ජාමෙට තේරුම් ගත්තා .....

ඉරුගල්බන්ඩාර වලව්වෙ ඇහල මල් පිපිලා.....

රෑ පිපුන සේපාලිකාවො පර නොවුනත් ගහ යට සුවද බෙදුවා....

.රෑ එලිවෙනකනුත් නින්ද නොගියපු මං මහ පාන්දරම පහන් පැලට තියන්ඩ ගැට පිච්චි වට්ටියක්ම කඩලා බුදුන් ගාව වරුවක් උන්නා....මගුල් මේස රතිඤ්ඤා නැති උනත් ගෙයින් එලි බහිනකොට අනේ මගෙ දුප්පත් අම්මා වතුර වීදුරුවක් අරගන මගෙ ඉස්සරහට එනකොට මං කෙරුවෙ ඇට පෑදුන කකුල් දෙක ඉඹපු එක...සුද්දියා ඇඩුවා...හරියටම මං ගම රට දාලා යනවා වගෙ.....රෙජිස්ටාර් මහත්තයා වලව්වටම ඇවිදින් අවසානෙදි ඇස්ල ධනුද්දර සෙනවිරත්න කියන මාව තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර හාමුට සින්නකරවම ලියනකොට ඊයෙ රෑ හැඩ බාලපු කසාද මුදුව අද උදේ මගෙත් එක්ක හිනා උනා....

හෝරා ගානක්....ඊයෙ මහ රෑ මං ආදරෙයි ඉන්ධර් කියලා හාමුගෙන් පැනලා දුවපු මට අද දුවන්න පාරවල් නැති උනා.... ..මොකද...ඇසල කියන්නෙ තව දුරටත් නන්දගෙ කොල්ලට වඩා.....ඉන්ධර් ගෙ ඇහල මල හන්දා.....

ඇරපු ජනෙල් පියන් වලින් එන හුලන් රැල්ල හතර දිග්බාගෙම කරක් ගහලා බේබි හාමුගෙ කාමරේටත් එබීගන යන්න යනකොට තවමත් උදේ ඇදපු සුදු ශර්ට් එකයි කලු කලිසමයි පිටින් උන්න මාව දැකපු ඉන්ධර් හාමු තවම මෙහෙමද අහනකොට මං මගෙ උරහිස උඩින් බෙල්ල දාලා හාමු දිහාව බැලුවා.....

ඒ ඇස් හිනා වෙනවා...

ඒ ඇස් වෙනදටත් වඩා නොසෑහෙන්න කියවනවා.....

ගිනි මද්දහන හන්දමද කොහෙද දවල් බතෙන් පස්සෙ බේබි හාමු නාගන...ඊයෙ වහේමයි.....තනි සුදු පාට දනහටත් හුගාක් පහලට වැටෙන තුවාය ඇදගන උන්න ඉන්ධර් හාමු වතුර බින්දු පපුව උඩ ඔහේ තියෙන්න ඇරලා දොර ගාව හිටන මා දිහා බලන් උන්නා.....තෙත් ගැහුන කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා තියනකොට ගානට කපාපු රැවුලයි..පලල් පපුවයි... පෙනෙන නොපෙනගානට තිබුන තිරිවානා පාට කලවයි හැඩි දැඩි අඩ නිරුවත් ඉන්ධර් හාමුයි කියන්නෙ වෙනම ලෝකයක් වෙනකොට මාව මෝහනෙ වෙලා ගියා වගේ උනා....මං ඇහිපිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....

ඒ එක්කම මමත් ඇතුලෙ ඉන්නකොටම බේබි හාමු දොර වැහුවා..... ඇද දැකපු මාව රත් උනා.....!!!කටේ කෙලෙ හිදුනා....

අම්මලත් නිදි...පූටකේ එක්කයි.....හීන වලට එබිකම් කරන උඹ හින්ද රෑ එලිවෙනකන් නිදි මරලයි ඇගට හරි විඩාවයි .....

මගෙ මැනික එනවද ඩිංගකට ඇහැපියවන්න.....???

...

🌼කලන්තෙ වගෙ මට.....

ආයම එන්නම් ඈ.....

ජොබි ල'බික්කමා....

Nedeesha !!!

More Chapters