LightReader

Chapter 9 - 09

ලමයට නින්ද ගියා....ඔයත් ටිකක් නිද ගන්න..."

සූප්පුවත් කටේ ගහන් උන්න පොඩි එකාට සෑහෙන්න වෙලාවකට පස්සෙ නින්ද යනකොට එයා මට කිව්වා මටත් ටිකක් නිදා ගන්න කියලා ...ඒ උනත් මන් කොහොමද නිදා ගන්නෙ....මගෙ ඇස්වලට කොහෙන්ද නින්ද එන්නෙ....

බෑ අග්නි....මං මිනිකොඩි වලට බට දඩු කපන්න යන්න ඕනා...

"මේ මහ රෑ යන්න උඹට ඔලුව හොද නැද්ද....."

මම නොයා කොහොමද .....අනිත් උන් යනකොට මම ගේ අස්සෙ ඉදන්නිදා ගන්නද කියන්නෙ අග්නි...ටිකක් තේරුම්ගන්න...

" තේරුම් ගන්න...තෙරුම් ගන්න කියන්නෙ උඹ මහ රෑ බට කපන්න කියලා යන්නෙ පහල වෙලට....වෙල ගාව උන පදුරු ගාවට...උඹගෙ මොලේ කියන දේ කලදක් වත් තියනවද කියපන්...යක්කු විමානෙ මඥ්ඥොක්කා සිනී ගදෙන් වත් ඔය ඔලුවට තේරෙන්නෙ නැද්ද ඒක ආ...

පහලින් මට්ට වල.....මට්ට මෝලෙ එකෙක් ඔය මට්ටා වලට වැටුනා ඒවත් මතක නැද්ද කියපන් මට...."

එයා දිගින් දිගටම බැන්නා...වෙන කාටවත් නෑ හෙන හින්ද හොදයි ...බර අඩි තිය තිය එහා මෙහා යන එයාගෙ මූන තනිකරම කොරහක් වෙලා තිබුනා....

යක්කු විමානෙ උනාට මොකද....

මම පොඩි කාලෙ ඉදන් හැදුනෙත් යක්කු එක්ක වෙනකොට .....

මම උත්තර බැන්දා...බැදලා අහක බලාගත්තා ...අඩලා හෙම්බත් වෙලා පයින් ඇවිදින් හෙම්බත් වෙලා උන්න මට දැන් නම් ඒ අතින් පාරක් කෑවොත් මගෙ පපු කැහුතු ගලවන් යන්නම එයා ගහන බව දන්න නිසාම මම අහක බලා ගත්තා ...ඒ උනත් ඊලග තත්පරේදි උල් නියපොතු වැවුන ඇගිලි මගෙ අත් ගොබේ හිල් කරන් යනකොට මාව ඇදලා එයා එයාගෙ පැත්තට හරවගත්තා වගේම මලගෙ කියලා එයා බැලුවෙ නෑ.....මගෙ ගෑනි මැරිලා මම ඉන්නෙ ඒ දුකෙන් කියලා බැලුවෙ නෑ....මම ඉන්නෙ හිත් වේදනාවෙන් කියලා බැලුවෙ නෑ මගෙ කන් ගැටෙ පුපුරලා යන්න පාරක් වදිනකොට මට තත්පර ගානකට ඇහෙන් නැති උනා...

" උඹ කවදා ඉදන්ද අනිත් උන්වත් මගෙ මිම්මට දාලා මනින්න ගත්තෙ ආ.....ආ ශිවන්....ආ....

අනේ අග්නී ....අට ඔයා එක්ක පොර බදන්න....රන්ඩු කරන්න හයියක් නෑ අග්නි ....මං ඉන්නෙ වේදනාවෙන්.....මං ඉන්නෙ හිතේ දුකෙන්....ඔයාට තරහා නම්...මට ඕන තරම් ගහන්න අග්නි...මට ඕන තරම් ගහල...ගහලා.....

"බලන්ඩ කියපන් ඔය අසික්කිත වචනෙ.....බලන්ඩ කියපන්.....උඹට හයියක් තියනව නම් බලන්ඩ කියපන්.....මම...මම....."

එයා මාව නැවැත්තුවා...ගගහලා ගහලා මරපන් කියන්න යනකොට එයා මගෙ කට දෙපැත්තෙන් අල්ලන් තද කරගත්තා මට බය හිතුනා...මගෙ කම්මුල් දෙක හිල් පෙනේරෙයක් වේවි කියලා ....මට බය හිතුනා නින්දෙන් ඉන්න්ස් පුංචි එකා ඇහැරේවි කියලා ...මම මීක් නොගා හුස්මත් අල්ලන් බලන් උන්නා...මටම කියන්න එපා කියපු වචනෙ එයාගෙ කටින් පිට වෙයි කියලා .....

ඒත් එයා ඒක පිට කෙරුවෙ නැ...ඒ වෙනුවට කෙරුවෙ මගෙ උරහිස හපපු එක....නිකන් නෙවෙ තදිම්ම හපපු එක ....ලාවට නෙවෙ උරහිස් ඇට පහු කරන් රතු පාට ලේ උඩට එන්නම...

ආහ් ....ව්ව් ..ක්ක්ක් ..අග් ..නී...හ්හ්.....

"හරි ...දැන් පලයන් ....උඹට යන්නෙ ඕනේ....උඹ ගාවින් මගෙ කුයිලෙ එනකොට මොකෙක් වත් ලන් වෙන්නෙ නෑ.....හැබැයි එකක් මතක තියා ගනින්...මට්ට වල කිට්ටුවට විතරක් යන්න එපා....

"හ්හ්...හා....."

එයා අවසානෙදි මට යන්න කිව්වා...නිකන් නෙවෙ එයාගෙ දත් පාර ..එයාගෙ කුයිලෙ මගෙ ගාව තියලා.....එයා සැරින් සැරේම මට මට්ටවල ගාවට යන්න එපා එපා කියනකොට මම වේදනා දෙන මගෙ හකු පාඩා වගේම හපපු පාර වේදනා දෙනකොට මම හොරා වගේ කෙදිරි ගගා එලියට එනවත් එක්කම සාලෙට වෙලා ඵෝන් එක කකා උන්න දැහැමිනීව පුටුව පිටින් කඩන් වැටුනා...

අනේ..ලොකු අම්මා.....හ්හ්...ආව්...ආව්...ආව්..හ්...මගෙ

..කොන්ද.....

මගෙ දෙයියනේ මේ යකා...මේකි ඉල්ලන් කනවා....මොන මගුලටද මේකි අම්මා කම් පාන්න ගියේ....

ඒකි ඉදන් උන්නෙත් වේවැල් පුටුවක...පුටුවෙ ඉදගන්න රවුමම ගැලවිලා ඒකිව පිට්ටුවක් බැස්සුවා වගේ පුටු අච්චුවෙන් ඇතුලට වැටෙනකොට ඒකි කොන්ද කොන්ද ගගා බෙරිහන් දුන්නා උනත් මට නම් විහිලුවට වත් අතවත් තියන්න යන්න පුලුවන් කමක් නැති උනා මොකද මමත් ඉන්නෙ අබලන් වෙලා....

ඒකී කෑ ගහනවා.....එයා ඉන්නෙ කොතනද කියලා හොයා ගන්නත් බෑ....මේ යක්ස කෙල්ලගෙ කොන්ද කැඩෙයි ද....

මල ගෙවල් අස්සෙ මේ කෙල්ල කොන්ද කඩාගන ඒකත් අම්මා පිටින් යාවිද....

මම අරූ මාව මැරුවත් කමක් නෑයි කියලා යන්න හැදුවා හැබැයි යන්න තියපු කකුල මම කරන්ට් එක වදිනවටත් වඩා වෙගෙන් ආපිට ගත්තා ...

" පලයන්කො බලන්න....අර නොදරුවට අම්මා තාත්තා දෙන්නම නැති කරන්න ඕනා නම් පලයන්..."

මම ආපිට හැරුනා ...අරකී යටි ගිරියෙන් බෙරිහන් දෙනකොට මම ඉක්මනට එලියට පැන්නා වගේම මං බලාගන ඇවිත් උන්න කොල්ලො කුරුට්ටො දෙන්නෙක් අරකිව ඇදලා ගන්නවා....

" හොද වැඩේ ඒකිට...උඹලගෙ ජාතියෙ ගෑනු ගාව තියෙන්නෙම මායම....."

ඇයි ...ඔයාලගෙ යකින්නියො ගාව නැද්ද....

" උඹට මොකටද ඒවා....."

ඒකත් ඇත්ත... මට මොකටද....මම යකින්නකට ආදරෙ කෙරුවොත් පහුව දාට ඒ යකින්නත් නැති වෙයි අග්නි.....ඒ තරම් වාසනාවක් මට තියෙන්නෙ...

" අර මක්කටැයි උඹ යකින්නියො එක්ක යාලුවෙන්නෙ....අනික පින පව කෙසේවෙතත් ගෙනාව ආයුශ ඉවර නම්...මැරෙන්න හේතුව අදාල වෙන්නෙ නෑ ශිවන් ....මොකෙක් හරි කිව්වොත්....උඹගෙ ගෑනිගෙ පින් මදි කියලා .. උඹ හිතින් හිතා ගනින්... ඔඉන් මදි කම නෙවෙ ඒකිගෙ ආයුශ ඉවරයි කියලා නැත්තන් උබ ඔඉන් පව් ගැන හිතන්න ගිහින් පිස්සෙක් වෙනවා..."

එයා ආයම මට ඇගිල්ලෙන් ඇන ඇන බනින්න ගත්තා .....

අග්නී.....

"ම්ම්න්"

ඔයාලටත් දරු පවුල් කාරයො වෙන එක අමාරුද...ඒ උනත් ඔයාලව ආය ආයම නරෙන්නෙ නැති ....

මං දන්නෙ නෑ...මිනිස්සු අසරන උනාම මොන තරන් මෝඩ කතා කියනවද කියලා මට තේරුන් නෑ...හැබැයි ..හිතේ තියන වෙදනාවටද කොහෙද මම ඇහුවෙම මෝඩ කතාවක් ..එයා මේ පාර නම් බැන්නෙ නෑ...අහන් උන්නා.....වත්ත පුරාවටම කොල්ලො කුරුටො එහා මෙහා යනකොට මරනාදාර සමිතියෙ අය කොඩි වැල් අදින්න සුදු පාට ඉටිකොල කපන ගමන් උන්නා ....

තව පැයක්....දෙකක්...එයාව අරන් ඒවි...

අග්නී....

"ම්ම්...."

දරුවා තනියම ....

"දන්නවා...."

ලගට යනවද ....

" ම්න් .. ."

එයා වැට මායිම ගාව නැවතුනා...ඒක මට දැනුනා...මෙතනින් එහාට එයාගෙ සීතල සුසුම් වත්.....සීතල කටහඩවත් ඇහුන් නෑ...මම එහෙම්ම ඉටිකොල කපන අය ගාවට ගියා....

අයියෙ මේ කොල ටික නම් ගෙනාවා....තව ටිකෙන් අලවන්න කියල බැලුවෙ.. ..වෙදහාමිනෙ නැන්දා පාප්ප එක දුන්නා නම් හරි...

ඒත් හන කෝටුවත් කපන් ආවෙ නෑනෙද....

ඒවා ගේන්න අරුන් ගියා...මේවා ඇගිල්ලෙ ඇන ඇන කරන්න ඕනා දේවල් නෙවෙනෙ....

මම අහන් උන්නා ....උන් කියනවා මේවා ඇගගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනා දේවල් නෙවෙ කියලා .....මලගෙයක් උන ගමන් මරනාදාර සමිතියෙන් යන කොට මේක ඒ කොල්ලන්ට අලුත් දෙයක් නෙවෙ වෙන්න ඇති .

මම බලන් උන්නා...ඇට්ලස් කියලා ගහපු පාට පාට මිටවල් තියන පොඩි කතුරු කිස් කිස් ගාලා සුදු පාට ඉටිකොලේ කපාගම යනකොට සමහරු දිග නූලට සුදු පාට ඉටිකොල රැලි ගැටගහනකොට මම තවම කඩලවත් නැති එයාගෙ රූපෙ ගත්තු මරන දැන්වීම් කොල බන්ඩල් එකට අත තිබ්බා...

මගෙ ඇගිලි ආයම ගැහෙන්න ගත්තා ...පිටුව පුරාවටම ඇත්තෙ එයාගෙ නම එක්ක අනිච්චාවත සංඛාරා කියලා ලියපු අකුරු විතරක් කියන එක දැන දැන මම ඒ උරේ කැඩුවා....

මම බලන් උන්නා...ඇස් පිල්ලමක් නොගහම.....ඒ හිනාව..ඒ ඇස් තවමත් මා එක්ක හිනා වෙනකොට මම මගෙ ඇගිලි තුඩු වලින් ඒ මුන අත ගෑවා...

දන්නවද මැනික ...සමහරක් කියනවා උඹට උන දේ හිතා ගන්න බෑලු...

සමහරක් කියනවා උඹ උන්නෙ මැරෙන්න ඕන වයසක නෙවලු.....

තවත් උන් උඹගෙයි මගෙයි වස්තුව දිහා බලන් ඉදල කියනවා අම්මා නැති දරු පැටියලු උන් ඒකගෙන් අම්මා කෝ ක්‍ය කිය අහලා අඩවනව.....උන් කෙරුවෙ අපිව අඩවපු එක විතරයි සාරන්‍යා .....

මට කියපන්...උඹ නැතුව අපි කොහොමද ඉන්නෙ කියලා....අම්මිගෙ වස්තුව....අම්මිගෙ වස්තුව ගාපු උඹ සදහටම කට පියාගත්තම මට කියපන් මම කොහොමද උඹ නැහැයි කියන්නෙ කියලා ...අනේ ඌ තවම නොදරුවා මැනිකේ ..ඒකා උඹව අහනවා....අප්පුච්චියො ගගා අකුරු එකතු කෙරුවත් ඒකා අහන්නෙ උඹව...මම.මොනවද කියන්නෙ....

මම ඒ පින්තූරෙ දිහා බලාගන කතා කෙරුවා .....පපුව හිර වෙන්න වගෙ වේදනාවක් දැනෙනකොට මම ඒක එහෙම්ම පපුවට තුරුල් කරගත්තා ....

මට උඹව සදහටම අතෑරුනා මගෙ සාරන්‍යා.....

මම හිත තද කරගත්තා ..මොකද....කවි කතා ...පද හෑලි ලියන සමහරක් උන්ගෙ ඇස් වලට මගෙ කදුලු පිරිමියෙක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු හරි ආදරනීය වෙන්න පුලුවන් ...සංවේදි වෙන්න පුලුවන් ...උන් එකම එක කදුලු බින්දුවක් අරන් සාගරයක් තරම් ආදරේ හිතෙන වචන ගොඩක් ඒ කදුලු බින්දුව මුල් කරන් ලියාවි....

ඒත් තවත් සමහරු ඒ කදුලු බින්දුවම මුල් කරන් මට කොන්දක් නැති.....හයියහිතක් නැති...ගෑනියෙක් වගේ... ..රටේ නැති නම් දදා මගෙ ඇස් වලින් වැටුන හැගීම් බින්දුව ගැන උන්ට හිතෙන හැගීම් නැති අකුරු වචන කරාවි ...

එපා...අනේ ඒක එහෙම වෙන්න එපා....හිනාවක් හාසමානවම...සමහර විට ..හිනාවකට වඩා හැගීම් ගොඩාක් කදුලු බ්න්දුවක් අස්සෙ තියනවා....තියෙන්නෙ පුලුවන් ....

ඒකයි මිනිස්සු අඩ අඩ හිනාවෙනකොට ඒ තරම්ම ලස්සන ....

කන ගාවින් ගියපු මදුරුවා ආව පාඩුවෙ ලේ බිද බීලා යන්නෙ නැතුව උගෙ ස්තූති කතාව කියන්න ගත්තා ....මට ගහන්න හිතුනා...ඒත්....මට එක පාරම හිතුනා ඌත් මගෙ සාරන්‍යා වගේ දරුවෙක් ඉන්න අම්මෙක්ද කියලා ...මිනිස්සු ජීවිතේ අවසානම අඩියටම සන්වේදී උනාම නොකරන දෙයක් නෑ...නැත්තන් වතුරට වැටුන කූඹි බේරන මිනිස්සු කොහෙද....

මම ඌට ඇති තරම් මගෙ ලේ බොන්න දීලා එයාගෙ හිනාව පිරුන පින්තූරෙ තිබුන මරන දැන්වීම් කොල හන කෝටුවල අලවන්න ගත්තා ....කොල්ලො හන කෝටු මිටි ගනන් ගෙනල්ලා...උන් මගෙ මලගෙදරටත් එක්ක ගෙනාවදෝ මන්දන්නෙ නෑ .....

ඒ...වෙද හාමිනෙ නැන්දා අන්න පාන් කන්න එන්න කිව්වා....

කාගෙ කව්ද...කොහෙන් ආව පොඩි එකෙක්ද කියන්න දන්නෙ නෑ..ඉලව්වෙ තනි රකින්න ආව.....වැඩ කරන්න ආව අයට පාන් එක්ක පරිප්පුවක් වත් හැදි ගාලද කොහෙද කොල්ලෙක් ඇවිත් වෙද හාමිනේ නැන්දා පාන් කන්න එන්න කිව්වා කියනකොට එකා දෙන්නා එකා දෙන්නා මාව ලී මේසේ තනිකරලා යන්න යනකොට මෙච්චර වෙලාම කඩුල්ල ලගට වෙලා එලි පනින්න බලන් උන්න කදුලු කැට එයාගෙ හිනාවෙන මූන වහගත්තා ...

"මන් උඹව තුරුලු කරගන්නද මගෙ ශිවන්...."

මං ඇඩුවා ....මරනයේ වේදනාව මිය යන්නාට නොවෙ ජීවත් වෙන්නාට කියන්නෙ තනිකරම බොරුවක් දෙයියනේ....ඒ වේදනාව දෙන්නටම පොදුයි....ඒ වේදනාව දෙන්නටම උරුමයි....එයා ඇඩුවා...අම්මව ඉල්ලන් පුංචි එකා දිහා බලාගන ඇඩුවා...යන්න එපා කියන මා දිහා බලාගන ඇඩුවා ...ඉතින් කොහොමද මරනයේ වේදනාව එකෙක්ට අයිති වෙන්නෙ ...

එයා ආවා..මෙච්ච වෙලාම මගෙ ගාවට නාව එයා ඇවිදින් මාව තුරුල් කරගන්නද අහනකොට අවංකවම මට වාරුවක් ඕනා උනා....

මං හැරුනා...මං එයාගෙ දිහාවට හැරුනා....කාටත් නොපෙනන මට විතරක් පේන එයා මා දිහා බලන් ඉන්නවා.....

අග්නී....බැදීම් හරි බරයි අග්නී...බැදීම් අතෑරුනොත් හරි වේදනයි.....

" හැම බැදීමක්ම තියෙන්නෙ කවදම හරි අතෑරෙන්න ....ඒකට මැරෙන්නම ඕන් නෑ...හැබැයි නොමැරිත් බෑ...එහෙමයි කියලා ...උඹ අඩනවා මං බලන් ඉන්නෙ කොහොමද ....."

එයා මගෙ ඔලුව අත ගෑවා....මා දිහා බලන් උන්නා..සීතල ඇගිලි වලින් මගෙ කදුලු පිහ දැම්මා...

" බැදීම් කියන්නෙ දුකක්...ඒක හරි.....ඒත්.....දන්නවද...මොන බැදීමක් උනත් දුකක් කියන එක අමතක වෙනවා ජීවත් වෙන්න ආස කරන මිනිස්සු හම්බුනාම.....මිනිස්සු එනවා...යනවා....එනවා...යනවා.....ඒක තමා හැටි.....ඉපදෙන හැම දේම මැරෙනවා මගෙ රත්තරන් ....බලපන්....ඇහැට පෙන්නෙ නැති මල් පොහොට්ටුවක් දිහා .....පිපෙනවා..පරවෙනවා.....හරියටම බැලුවොත් ...මේ මුලු ලෝකෙ හැම දේම...ඉපදි ඉපදි මැරෙනවා.....ආයම ඉපදෙනවා...ආයම මැරෙනවා....තේරුනාද..."

එයා මගෙ හිත හදනවා.....වෙලාවකට මම මගෙ පුංචි එකාව තුරුල් කරන් දෙපැත්තට පැද්දෙනවා වගේ මාවත් තුරුල් කරන් පැද්දුනා.....ඇත්තටම අග්නිට වයස කීයක් ඇද්ද.....?එයාටත් ජීවත් වෙන්න ආස කරන කෙනෙක් ඇති.....මම කොච්චර කොහොම ඇනුම් පද කියලා රන්ඩුවට ගියත්....අවංකවම ....අග්නිගෙ යකඩ පලිහක් හා සමාන පපුවට ඇතුලෙන් හරි ආදරනීය හදවතක් තිබුනා.....

අග්නී ...

ම්න්....

ඔයාටත්...ජිවත් වෙන්න ආස කරනන් කෙනෙක් ඉන්නවද.....

"ම්න්..."

කොහෙද ...මෙහෙ මේ ළඟ පාතක.....

මගෙඇස් වල තවම කදුලු වේලිලා තිබුන් නෑ .බැදුන කදුලු පටලේ ඇහේ තනියට නවතිනකොට වෙරලු ගහේ තැඹිලින්පාටින් ඉදුන කොලයක් ඇවිත් හිමින් සීරුවෙ එයාගෙ ඇගේ හැප්පිගන බිමට වැටුනා...

"ම්න්..."

ලස්සනයිද ...

මම එයාගෙන් එයාට ජීවත් වෙන්න ආස කරන කෙනෙක් ඉන්නවද අහනකොට එයා ම්න් ගෑවා .....මොන හේතුවටද දන්නෙ නෑ...මෙච්චර හිත් අමාරු කම් අස්සෙ මට අග්නිගෙ යකින්න වෙනුවට ගින්දරී එකෙ පබෝදව මතක් උනා.....එයාටත් උල් දත් තියනවද දන්නෙ නෑ ... ....ඇති නේ ....

අග්නී ...

මම ආයම මගෙ තෙත් වෙච්ච කටහඩින් එයාට කතා කරනකොට මේ පාර එයා මගෙන් ඇයි කියන එක නාහා ඇහි බැම රැල් කරගත්තා ... .

ඔයාගෙ එයාටත් උල් වෙච්ච දත් එනවද .හරියටම අර ගින්දරී වගේ.. .

" උඹට මසක්කන්ද.....?"

ම්ම්ම්...මසක්කන් උනත් කමක් නෑ....මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා....ඔයාගෙ ආදරේ කවදාවත් අතෑරෙන්න එපා කියලා ...හරියටම මට වගෙ...ඔයාව නම් තනි වෙන්න එපා කියලා මම වගේ....මං ප්‍රාර්තනා කරනවා....ඔය දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා .....

" ම්න්...අනිත් මසක්කන් කතා කෙසේ වෙතත්...ඒක වත් හැබෑ උනොත් ඇති..."

මම එයා දිහා බැලුවා...මෙ යකා මිනිස්සු කියවන දේවල්.අහන් ඉදලා දැන් නැති කුනු හර්පයක් දන්නෙ නෑ....

"දැන් නාඩා ඉන්න...නාඩා ඉන්න කිව්වට මම දන්නවා...උඹට උඹව වාවන්නෙ නෑ කියලා ....ඒත්....අමාරුවෙන් හරි හිත හදාගනින් ....මට උඹගෙ කදුලු හරි බරයි ශිවන්....උඹගෙ කදුලු ලෝදිය හා සමානයි.....වේදනාව උපරිමයි.....උඹට තියෙන්නෙ හිනාවෙන ඇස් දෙකක්.....අඩන එක අඩලා අඩලා හරි අවසානෙදි ආය කදුලු නොඑන්නම ඒ කදුලු ඉවර කරපන් ශිවන්..."

එයා මට කියනවා අඩලා අඩලා අවසානෙදි කදුලු නොඑන්නම ඒ කදුලු ඉවර කරන්න කියලා .....මට ලොකු හුස්මක් පිට උනා ...දැන් නම් මහ පාන්දර එකත් පහුවෙලා ඇති ..නැත්තන් එකේ කෑලිත් හොයන්න නැතිව ඇති....පාන් කන්න ගිය උන් ගියාම වෙනකොට කෝපි මුට්ටි වල සුවද උඩු හුලගෙ ගහන් ගියා .....

වෙන්දට නම් මට එයා එක්ක කතා කරන්න වචන ගගක් වගේ ගලන් ආවට අද එහෙම නැ ....අද මම ගොලු වෙලා....එයා නම් තවත් මොනවද මොනවද කියනකොට අදත් ඈතින් අර උල ලේනියගෙ ඈඩියාව ඇහෙනකොට මගෙ තුන් හිතම පීරි ගෑවිලා යනවා එක්කම එයා මගෙ කන් දෙක වැහුවා හරියටම ඒ සද්දෙ මං අහන්න ඕන් නෑ කියලා කියන්න වගේ .....ඒ කොහොම උනත් ගෙව්ල් පැත්තට එන කහ පාට රවුම් ලාම්පු එලි මගෙ පපුවෙ ගැස්ම වැඩි කරන්න ගත්තු පාරට මම බය උනා....මගෙ පපුව පැලිලා මැරිලා ගිහින් මගෙ කොල්ලා තනිවෙයි කියලා මම බය උනා...

ශ්‍රී සිරිපුර අවමංගල්‍ය අධක්‍ශකවරු කියල ගහලා තිබුන අකුරු මගෙ සර්වාංගෙම පන නැති කරනකොට දුඹුරු පාට හර්ස් එකක් ඇවිත් ගේ ඉස්සරහින් නැවැත්තුව....

අනේ...අග්....නී....

මට හීල්ලුනා ...කලු එක වෙනුවට මුලිම්ම ආවෙ ඇත් දල..පිත්තල පහන් දාගත්තු දුඹුරු පාට එක උනත් තව පැයකින් එයාව ගේනවා කියලා කියන්න ආව මිනිස්සු කලු කාර්පට් එලලා ඒ මිනිපෙට්ටිය තියන්න ඕන කරන හැම දේම හදන හැටි මම බලන් උන්නා...

අග්..නී.....මට....දරාගන්නම බැරි...තැන මගෙ පපුව...පිපිරුනෝතින්....පි...න්...අයිතිවෙයි...මගෙ කොල්ලව...බලා...ගනින් ..අග්....නී...

මට කතා කරගන්න පවා බැරි උනා.....උගුර ඇතුලට ගල් එබුවා හා සමානවම හිර වෙනකොට ඇත් දල දැකපු මට තුන් මුනින් දාඩිය දැම්මා.....

"මැනික උඹට හිටන් ඉන්නවත් අමාරු නම් ඇතුලට යමුද මගෙ ශිවන්...උඹට කලන්තෙ වත් දැම්මොතින් ....මේ මිනිස්සු ගොඩෙ මම කොහොමද උඹව උස්සන් යන්නෙ වත්...."

ඇයි....අග්නී....මට මෙහෙම උනේ...මම කාට මොන වරදරදක් කෙරුවටද.....

මිනිය ගේනවා....මිනිය ගේනවා...

"මට අරූගෙ බොටුව මිරිකන්ඩ ඇත නම්"

මෙච්චර වෙලාම පිත්තල පහන් හින්දා නහින්න හදපු මාව කලු පාට හර්ස් එක දකිනකොට වීසි වෙලා ගිහින් වැටුන පාරට එයාටවත් මාව අලගන්න බැරි උනා...

අනෙ....හ්...අග්නී .එයව...එයාව....ගෙනාවා...එයාව...ගෙනාවා අග්නී... එයාව ගෙනාවා.....

මම වැටුන තැන ඉදගනම එයාව ගෙනාවා ගානකොට මීට පැය කාලකට බාගෙකට කලින් ආව සාරන්‍යගෙ අම්මා තාත්තා නංගි ලතෝනි තිබ්බා...මගෙ කොලුවා කාමරේ අස්සෙ තට්ට තනියම නිදාගන්නකොට ආව උන් පන ගියපු වෙදහාමිනේගෙ ලේලිව බලන්න ආවා.....

ඇස් වලින් කදුලු ආයමත් වැටෙන්න ගත්තා ....එයා කිව්වා කදුලු හිදෙනකන් උනත් අඩන්න කියලා ....

ජීවිතේ සමහර නික්මීමවල් තියනවා කවදා මතක් උනත් ඇස් වලින් කදුලු වටෙන..හරියටම එයා වගෙ.....සාරන්‍යා ....වචනයේ පරිසමාප්තියෙන්ම පුදුමාකාර තරම් ආදරනීය අම්මෙක් බිරිදක්...වගේම මගෙ අම්මට ලේලියක් නොවී අම්මෙක් උනා....එහෙම කෙනෙක්ගෙ නික්මීමක් පපුවට බරක් එකතු කරනකොට මම අඩ අඩම දිව්වා....

මිනි පෙට්ටියෙ හතර පැත්තෙන් වට උන කොල්ලො හතර දෙනා එක පාර නැතුව සැරින් සැරේ පියන් හතර ඇර ඇර වහනකොට එයාගෙ අම්මව වත්තම් කරන්න කාටත් බැරි උනා.....

ඒ අම්මා කෙහෙවලුකඩාගන හූ තිබ්බා...මගෙ ඇගෙ එල්ලි එලි මොකද පුතේ මේ උනේ ඇහුවා...දරන්න බැරි තැන මට ගැහුවා .....

අයියෝ...අයි....යෝ...මගෙ....පුතේ....අර කිරි සප්පයා උඹ නැතුව කොහොමද ඉන්නෙ.මගෙ....පුතේ....මට බෑ ..මට බෑ....මට ..බෑ....හ්...අනේ....අනේ....නැගිටපල්ලා...නැගිටපල්ලකො...මේ අම්මව මැරෙයි.....

මම ඒ මූන දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....ඇස්වලින් කදුලු වැටෙනවා ඇරෙන්න මගෙ කට හඩ පවා මට නැතිවෙලා යනකොට මට.ලමයා අඩන සද්දයක් ලාවට වගේ ඇහෙනකොට මම කාමරේට දිව්වා....

අම්ම්....මියේ.....හ්හ්....අම්ම්..මී...යේහ්.....

සුදු පුතා..අප්පච්චි ගෙ පන...ඇයි මගෙ රත්තරන් ....

ලමයා නින්දෙන් ඇහැරිලා....එලියෙන් ඇහෙන විලාප එක්ක අපූරුවට නිදාගන උන්න මගෙ පුංචි එකා අම්මියේ ගගා අඩන්න ගන්නකොට වෙනදට ලමයා චුට්ටක් අඩපු ගමන් අම්මිගෙ වස්තුව ගාන් එන එයා ආය කවදාවත් එන්නෙ නැතිව ඉන්න යන ගමනක් යන්න යන හැටි මතක් වෙලා මම අඩන කොල්ලව මගෙ උරහෙට තද කර ගත්තා ....

නාඩා ඉදින් මගෙ රත්තරනේ....මට වත් උඹටවත් ආයම කවදාවත් අම්මියෙක් දකින්න වෙන්නෙ නෑ මගෙ පුතේ....

මම කොලු පැටියගෙ පිට දිගේ අත ගගා කාමරේ පුරාවටම ඇවිදලා හිත ගලක් කරන් කොල්ලව අරන් කාමරෙන් එලියට ආවා...

"කොහෙද යන්නෙ"

එයාට වගේම මට නැති උන එයාව බලන්න....

"එපා කොලුවව අඩවන්න...ඇයි උඹ දැන දැන අඩවන්න හදන්නෙ..."

එතකොට වත් මෙතන ඉන්න සමහර් හැත්ත මාවයි මගෙ කොල්ලවයි අතාරියි....අම්මා කෝ කියලා නාහා ඉදී...මගෙ මූනට මගෙ ගෑනිට උන දෙ හිතා ගන්න බෑ කියන එක නොකියා ඉදී...

එයා බැන්නා....එයා බැන බැන මා දිහා බලාගන රවාගන ඉන්නකොට මම එන්න හැරුනා..ඒ එක්කම අර කෙල්ල නොන්ඩි කොට කොට සාලෙ ඇතුලට ආවා.....

" බලන්න ඒකි එක්ක කතා කරපන්කො..."

අග්නී.....

එයා මාව ආයම කෙනිත්තුවා....මම උන්නෙ කා එක්කවත් කතා කරන මානසිකත්වෙක නොවුනත් එයා මාව කොනොත්තලා කන්න හැදුවා ....

ආ....මේ චූටි පුතා නැගිටලා තියෙන්නෙ....අම්මියව බලන්න යනවද.....

..ම්ම්...

අම්මියව බලන්න යනවද....

අම්මි..යව.....

ඔව්...අර අතන....

නංගි ඇති .....එයාට කියන්න ඕන ටික මම කියලා දෙන්නම්....අනික පොඩි එකෙක්ගෙන් අම්මා කෝ කිය කිය අහන්න තරම් හිතක් පපුවක් නැද්ද නැත්තන් දරුකැක්කුම කියලා එකක් නැද්ද..

අ..යියේ...

මම මගෙ කොල්ලව ඒකිට අල්ලන්නවත් දුන්නෙ නෑ.... අල්ලන්න හදපු අත අහකට කරල මම කට්ටියම වට කරන් ඉන්න එයා ගාවට ගියා...

සුදු පුතා....අප්පච්චිගෙ ව...ස්තුව...මේ අම්මියා.....

.මම කවදාවත් ඇහැරෙන්නෙ නැති වෙන්නම නිදා ගන ඉන්න එයාව පෙන්නලා අම්මිය කියනකොට කොල්ලා ඇස් දෙක ලොකු කර්ලා බලන් උන්නා....

අම්..මියේ.....අප්පු...ච්චියො...අම්මියා...අම්මියා....බයිය ....පුතා....

මම අහන් උන්නා කොල්ලා බයිය පුතා වෙච්ච අම්මා දිහා බල බල පහලට නැවුනා...අම්මා ගාවට යන්න හැදුවා...අම්මී ...කියලා කෑ ගැහුවා ...ඒත් එයාට නෙවෙ ඇහුනෙ...එය නෙවෙ කතා කෙරුවෙ....

අම්මියේ....අම්මියේ....හ්හ්....ම්හුක්...අම්මියේ...බයිය...පුතා...කියන්න....අම්මිහෙ...අස්තුව කියන්න....

මම ලමයව අරගන එන්න හැරුනා...කොල්ලා එකම අම්මියෙ අම්මියෙ ගානකොට බලන් ඉන්න මිනිස්සුන්ගෙ ඇස් වලට කදුලු ඉනුවා...

අම්...මියේ.....හ්...අම්....මියේහ්.....බයිය....පුතා...කිය...න්න....

උඹගෙ අම්මා ආයම කවදාවත් එන්නෙ නෑ නිඛිල්....අපි දෙන්නම අම්මව දකින අවසානම පාර...

මම ලමයගෙ කනට මුමුනලා කාමරේට එන්න ආවා...වෙනමොකටවත් නෙවෙ....අඩන්න ගත්තම හෙම්බත් වෙනකම්ම අඩන නොදරුවට මොනව හරි වෙයි කියලා ...මට ඉතුරු මෙච්චරයි...

බබා අඩනවා නේද අයියෙ දෙන්න මං ගන්නම්...පව් පොඩි එකාට අම්ම නැති සාංකාව...

" උඹග් ගෑනිගෙ මලගේ අස්සෙ මට තව මල ගෙවල් දෙක තුනක් කරන්න හිතෙනෙවා දෙන්නෙහෙම නෑ කොල්ලව ඔය එක අම්මන්ඩියෙක්ට වත් ...උඹලා මුන්ට යකින්නියො කියලා බනින එක සාදාරනයි යක්කුන්ගෙන් වත් මෙහෙම කරදරයක් නෑ"

මම කොල්ලව අරන් හැරෙනවා එක්කම ආයමත් අරකි ආවා...ඒකි විතරක් නෙවෙ ඒ පාර ඒකිට තව නැට්ටක් එල්ලිලා.....ඇත්ත අග්නි කියනවා යකුන්ගෙන්වත් මෙහෙම කරදරයක් නෑලු..මුන්ට ඕනා අනුකම්පා කරනවා වගේ පෙන්නනා.....මුල්ලකට අරන් ගිහින් අම්මා නැනේද අහන්න...අඩන්න එපා අපි ඉන්නවනෙ කිය කිය තව රිදවන්න.....

මම ලමයව අත් දෙකෙම්ම බදා ගත්තා ... .....පොඩි එකා අම්මී අම්මි කිය කිය එයා ඉන්න පැත්තට යන් යන් කිය කිය ඒ පැත්තට නැවෙනවා....ලමයට ඕනෙ එයා ගාව නිදා ගන්න...අනේ දෙයියනෙ පොඩි එකා හිතන්නෙ අම්මා නිදි කියලා ...

අප්පුච්චියෝ....බයියන්න...අම්මියා..අම්මියේහ්....බයියන්න.....බයිය...කරන්න...

අයියෙ....චූටියව දෙන්න.....

අනේ ආරන්‍යා මෙයාව නිදි කරවන්න කොහේවත් අරන් යන්න එපා....කාටත් දෙන්නත් එපා...

අරුන් දෙන්නා අඩන ලමයට අත දික් කරනකොට මම පොඩි එකාව චුට්ටක් හෙලෙව්වා ..මගෙම වෙලාවට සාරන්‍යා ගෙ නංගි ආවා වගේම මම කොල්ලව එයාගෙ අතට දුන්නා...

සුදු පුතා...පුංචිගෙ පැටියා....අපි බයිය කරමු...පුංචියා ගාව බයිය කරමු.....

අම්මියා...ගාව...

අම්මියා දොයිනෙ...මගෙ පුතා ඇඩුවම අම්මියා ඇහැරෙනවනෙ.ඒක හින්දා මගෙ පුතත් බයියමු හාද....පුංචියා බයිය කරන්නම්....

හාත...බයිය...මු....පුන්තියා...ගාවත....

ඔව්...පුංචියා ගාව....බයිය කරමු.....

අඩන ලමයා චුට්ට චුට්ට ආරන්‍යට හුරු වෙලා යනකොට මං බලාගන කෙල්ල කොට්ටයක් අරන් ඇවිත් කකුලෙ දාලා නලවන්න ගත්තා .....චූටි ඇස්වලට කදුලු පුරවන් අම්මව ඉල්ලනකොට මට අදින් පස්සෙ හැමදාමත් කොල්ලව රවට්‍ටන්න බොරු ආකරයක් කියන්න වෙනවා කියන මතක් උනා....කාලයක් යනකොට කොල්ලට අම්මව අමතක වෙයි..ඒත් ඒ කාලෙ ගෙවෙනකොට ...???

"ඒකි විතරයි කොල්ලට ආදරෙ...අනිත් එකීලගෙ මුනිච්චාව....මුන්ව අපායට යැව්වත් ගන්නෙ නෑ....."

අනුන්ට මලකදක් උන මට තවමත් මගෙ වස්තුව උන එයාගෙ සර්වාංගෙම පුරාවටම මිනී සෙන්ට් සුවද හතර අත යනකොට මම උන්නෙ එයා ගාව පුටුවක් තියන් ඉදගන..... අග්නි එනවා බනිනවා යනවා...ආයම එනවා...බනිනවා යනවා....එයා මොනවා කියලා බැන්නත් මම නෙවෙ කටක් ඇරියෙ ....වෙලාවකට එයාටත් දරන්න බැරිම තැන්ද කොහෙද මාව ඇද්දා....කෙනිත්තුවා ....අවසානෙදි අරකි යන මගට එහෙන් මෙහෙන් කකුල් දාලා වට්ටවන්න හැදුවා ...උඹ කෑවෙ නැත්තන් මරනවා කිව්වා.....නැත්තන් මැරෙන්න ගහනවා කිව්වා....මරපන් කිව්වා විතරයි මට ගහන්න බැරි කමට මං බලාගන අම්මගෙ ඇන්තූරියම් පැලයක් මුලින් උගුල්ලලා ඒකෙ තිබුන ගොමත් එක්ක තැන් තැන් වල විසික් කරලා දැම්මා....

මම බලන් උන්නා...එයා එක්ක කතා කෙරුවා...

සුදු මැනික දැන් නිදා ගත්තා ඇති නේද .....ඇයි අම්මා උඹට නැගිටින්න බැරි...අනේ නැගිටපන්කො.....

මම කතා කෙරුවෙ එය එක්ක...මගෙ ඔලුව යකාගෙ කම්මල වගෙ..... ඒ එක්කම අග්නි ආයම එනවා...ඔලුව අත ගානවා ලමයා ගාවට යනවා...ආයම එනවා...සාරන්‍යා ගෙ මලකදේ ඉහට උඩින් පත්තු කරලා තිබුන මිනිපහනට වහන පුච්චො එලවනවා යනවා...ආයම එනවා මොනව හරි බීපන්කො මගෙ ශිවන් කියනවා යනවා...මා එක්ක රන්ඩු කර කර උනත් එයා ඇවිත් ඇවිත් යනවා...

" උඹ යකෙක්ට වත් සැනසීමක් දෙන්නෙ නෑ...මොනව හරි කාලා බීපියකො මගෙ කකුල් කැක්කුමයි....."

එයා මගෙ කන මිරිකුවා...මට රිදුන්නෑ...මොකද...මට රිදෙන්න ඕන උපරිම තැන රිදිලා තියනකොමට තියනකොට මට රිදෙන්න දෙයක් තව තිබුන් නෑ...

තව පැය කීයද එලි වෙන්න...උඹ හෙට උදේ වරුවත් මෙහෙම ඉදී...දවල් වරුවත් මෙහෙම ඉදී....ඒත්...හතරෙ කනිසම පැන්නම.....මට කියපන්...හෙටින් පස්සෙ මම කවුරු එනකන්ද බලන් ඉන්නෙ සාරන්‍යා .....ආය කවදාවත් සුදුපාට වෑන් එක අපේ ගේ ගාව නවත්තන් නැතුව යන්න යනකොට ....මම මෝඩයෙක් වගේ උඹ නැති බව දැන දැනම බලන් ඉදී සාරන්‍යා .....

උඹ නැති බව දැන දැනම...උඹේ ඇදුම් අයින් කරලා තියයි...සාරන්‍යා ....

මම එයාගෙ මූන දිහා බලාගන කදුලු පුරවන් මිමිනුවා....අඩන්න හිතුනත් එයාගෙ අම්මා අප්පච්චි දිහා බලාගන මම හිත ගල් කරගත්තා .....මට එයාව නැති උනා...එයගෙ අම්මා අප්පච්චිට මට....මේ හැමොටම එයාව සදහටම නැති උනා....

ඉපදීම දුකක්...බැදීම් දුකක්....මේ හැම දේම දුකක් නම්...අපිව මැව්වෙ...?

තව පැය ගානයි ....මල ඉර බහිනකොට එයත් යන්නම යනවා.....එතනින් එහාට....

මට හුස්මක් පිට උනා...සීතලම සීතල ඇගිලි ගොඩාක් පිට කොන්දෙ නාරටිය දිගේ යනකොට කම්මුලට තෙත හාදුවක් හා සමාන දෙයක් තිබ්බා වගේ දැනෙද්දි මන් බලාගන මෙච්චර වෙලා දුකෙන් තිබුන එයාගෙ මුනේ ලාවට හිනාවක් ඇදිලා තියනවා.....

සා...රන්‍යා ...

🥺ආය වෙලාවක එන්නම්...

😒මේ ලමයා බුජි නෑ...ඔය ලමයිනුත් බුජියන්න එපා....ම්හුක්.....ඇයි යකො.....ව්

ආතරෙයි.....චුක්...චුක්....චුක්.....😘😘😘

මං යනවා.....

ම්හුක්...

බායි.....

🙄

Ferdeesha ❤️💚😘 .....

More Chapters