LightReader

Chapter 20 - 21

මම කොලුවව මගෙ ඇග උඩට ගත්තා.....මෙච්චර වෙලාම අප්පච්චිලා දෙන්නෙක්ගෙ කතන්දර අහපු ලමයට නිදා වැටෙනකොට මම අග්නිට පොත එක්ක ඉන්න දීලා ලමයව මගෙ ඇග උඩට ගත්තා ...

" අනේ මැනිකෙ ඕකව බඩගින්නෙ බුදි කරවන්න එපා..."

ඇදන් උන්න ඇදුම එයාම කෙදිරි ගගා ගලවන් පැම්පර්ස් එක පිටින් මගෙ පපුව උඩ පස්සත් උඩ දාන් නිදා ගන ඉන්නකොට අග්නි නිදා වැටෙන ලමයගෙ ඔලුව අත ගගා ලමයව බඩගින්නෙ නිදි කරවන්න එපා කිව්වා...

චුට්ටක් මෙහම උන්න දෙන්....නින්ද ගියහම සූප්පු බෝතලේ කටේ ගහනවා....දැන් පොවන්න ගියෝතින් අඩනවා..

" ම්න්.....පව් අප්පා....ඕකව මැද්දෙන් තියපන්කො...."

මං අග්නිදිහා බැලුවා... එයා උන්නෙ බිත්තිය කෙරවලේ...මෙච්චර වෙලාම ඉදගන කතන්දර වලට රන්ඩු උන අග්නි වෙනස් වෙලැ උන්න්..මිනිසු වෙනෙස් වෙන්නෙ හිමින්.....ඒත් එයා එයාට පුලුවන් එක තත්පරෙන් වෙනස් වෙන්න...මා එක්ක රන්ඩු වෙන එයාට පුලුවන් ආයම එක තත්පරෙන් ආදරේ කරන්න....

මං අග්නි දිහා බලන් උන්නා....එයා කොල්ලව ඉල්ලනවා .....එයාට ඕනා පුංචි එකාව මැදින් තියා ගන්න....හැබැයි ඊටත් වඩා එයාට ඕනේ ඒ ලොකු අත් දෙකෙන් අපි දෙන්නවම තුරුල් කරගන්න...

අග්නි කියන්නෙ මහ පර්වතයක් ....හිතන්න බැරි තරම් හයියක් ...

එයා දරුවව අත ගානවා රෙද්ද අරන් පොරවන්න හදනවා මං කොල්ලව ඇදෙන් තිබ්බා...හරියටම එයාගෙ කිහිල්ල වගේම පපුවෙ පැති කඩට මැදි වෙන්න....ඊලග තත්තපරේදි එයා මාවත් ඇදලා ගත්තා .....මං හිතුවා වගේම එයා අපි දෙන්නවම තුරුල් කරගත්තා . .

එලියෙ ඉන්න මිනිස්සු මගෙ ගෑනිගෙ ඉලව් රකිනවා....මගෙ ගෑනි....ඇත්තටම ....සාරාන්‍යා....එයා මගෙ ගෑනී කියනකොට පපුවට හැගීමක් දැනුනා...ඒත්...දැන්....

අවංකවම මට දැන් එයා ගැන බැදීමක්...හැගිමක් නැහැයි වගේ දැනුනා.....ඇත්ත මම අත නෑරියොත් කොහොමද එයා එයාගෙ තැනට යන්නෙ.....වෛරයක්....තරහවක්...අඩුම ගානෙ සාරන්‍යා මට උඹ නැතුව පාලුයි....මේ කිසිම දෙයක්.....එය ගැන හැගීම් අංශු මාත්‍රයක් වත් නැති උනා...කොටිම්ම....එයා මගෙ ජීවිතේ කවදාවත්ම නොයිදපු කෙනෙක් වගේ උනා...

" මගෙ පැංචා.....දන්නවද ශිවන්....කිරි සප්පයා කාලෙ..උඹත් මේකා වගේමයි....මේම මූන කට.....මේම හැඩ රුව ..මට තාම මතකයි උඹගෙ අම්මා චීත්තපටයි...නිල් පාට ලොකු හැට්ටෙකුයි ඇදන් උඹව එකටම ගෙදර ගෙනාව දවස....උඹව රෙදි ගොඩාරියකින් ඔතල තිබුනා..මුලු ගෙදරම සුවදේ බෑ.....උඹ මූනත් රතු කරන්..ඔහෑ.....ඔහෑ...ගාල අඩනවා....උඹගෙ කට තනිකරම රැහැයියෙක් වගේ ....උඹ නොදන්නව උනාට මගෙ මැනික.....මේ යකා..කල්පයක් තිස්සෙ..උඹ ඉපදි ඉපදි නැති වෙන එක බලන් උන්නා...."

අනේ..අග්...

"ශ්ශ් ..අහගන ඉදපන්...ඇයි මගෙ ශිවන්...අහම්බෙන් දැකපු මාව ඕනමයි කියල කිව්වෙ .....ඇයි ..අහම්බෙන් දැකපු මාව ඕනමයි ගාලා...කඩවර ගාව වැද වැටුනෙ...."

මම අහන් උන්නා...එයා වෙනස් වෙන්වා....ඒ ඇස් වලට කදුලු පිරෙනවා...එයා කියනවා එයා මම ඉපදි ඉපදි මැරෙන හැටි බලන් උන්නලු .....ඒ කියන්නෙ...අනේ දෙයියනේ....අග්නී අග්නි මගෙ ගාව ඉන්නෙ අදක ඊයෙක නෙවෙද.....

" එක එක කාලවලදි උඹ එක එක තැන් වල ඉපදුනා...මේ ලන්කාව පුරාවටම උඹ උන්නා මගෙ ශිවන්.....සිද්දාර්තයො බුදු වෙන තාක් කල්ම බිම්බාව පන්සිය හතලිස් හතරක්ම ලගින් ඉන්න පාරමිතා පිරුව වගෙ ....උඹත් මගෙ ගාව ඉන්න ඕනා කියලා ඉල්ලුවෙ උඹයි මගෙ ශිවන්....මේ ලෝකෙ කාටත් වඩා...." බලන් ඉන්නවා" කියන එකේ තේරුම මම දන්නවා මගෙ මැනිකෙ.....

උඹ කිරිසප්පයා කාලෙ ඉදන් හැම තැනකම මම උන්නා..... මුල්ම අඩිය ගහනකොට මමයි හැමදාකම උඹට වාරු උනේ.....මැරිලා යන්න පුලුවන් කමක් තිබුනත්....උඹයි මට මේ විදිහට බලන් ඉන්නතැනට වැඩ කෙරුවෙ මගෙ ශිවන් .....

ම...ම....

එයා කියවනව..අනේ එ ඇස්වල කදුලු පිරිලා ...එය සැරින් සැරේම මාව අත ගානවා..මගෙ කොල්ලව පොරවනවා...ඒකව ඉඹිනවා...අහිතක් නැතුවම මගෙ පුතා කියනවා...

"මට..මීට වඩ බලන් ඉන්න තරම් හයියක් නෑ මගෙ ශිවන්.....අටුවාටිකා කියන්න....උඹලගෙ මිනිස්සු වගෙ හැංගිලා ඉදලා එකපාර මල් ගොඩක් උස්සන් එන මගට පැනලා කෑ ගහලා කරන දේවල් කරන්න මම දන්නෙ නෑ මගෙ ශිවන්...ඒත් ....දැන් වත් උඹට මේ යකාගෙ වෙන්න පුලුවන්ද මගෙ රත්තරනේ.....??"

එයා මගෙන් අහනවා...දැන් වත් මට එයාගෙ වෙන්න පුලුවන්ද කියලා ....යකෙක් එක්ක මනුස්සයෙක්....??එයාගෙ අම්මා මනුස්සයෙක්.....තාත්තා අමනුස්සයෙක්...අග්නි ඉපදුනෙ බඩ වැල නැතිව.. .බඩ වැල නැතිව ඉපදෙනව කියන එකේ තේරුම....එයා ඉපදෙන්නෙ වෛරයත් එක්ක....ඇත්ත ...එයාගෙ අම්මට යකෙක්ගෙන් දරුවෙක් ලැබෙන්න ආවම...සතුටක් තියේවිද.....නව මාසයක් විදින්න ඕනා දේවල් එක මාසෙකින් දරාගන්න ඕනා කියන්නෙ....

අග්නී....

මම කතා කෙරුවා ...හරිම හිමීට.....හරීම හිමීට....මම කතා කරපු වචනෙ මටම ඇහෙන්න නැතිව ඇති....ඒත් එයා හැරිලා බැලුවා. ..මූන උඩ අතට හරවන් උන්න එයා මගෙ පැත්තට හැරුනා...

බඩවැල නැතිව ඉපදුන උඹ කොහෙන්ද අග්නි ආදරෙ කරන්න ඉගනගත්තෙ....

මම එයාගෙන් ඇහුවා ආදරේ කරන්න ඉගනගත්තෙ කොහෙන්ද කියලා .....එයා හිනා උනා....

"උඹෙන් .....පිලිගන්නවද ඒක.....මං ආදරේ කරන්න ඉගන ගත්තෙ උඹෙන් කියලා කිව්වොත්.....උඹ ඒක පිලිගන්නවද ශිවන් නිශ්මික...??බාලගිරිදෝසෙ අද නෙවෙ හෙට කියලා උලුවැස්සෙ ගහලා යක්කු රැවැට්ටුවට...උඹව රැක්කෙත් යකෙක් මැනිකෙ.....යකෙක් බව නොදැන ...පුංචි කමට මට ලන් වෙච්ච උඹ මාව වෙනස් කෙරුවා ශිවන් .....උඹ මාව මුලිම්ම දකිනකොට උඹට ඇති...අවුරුදු හයක් හතක්.....මෙන්න මෙච්චරයි ....උඹ රටකජු ගොට්ටක් බදාගන දේවාලෙ පෙරහැර බලනවා ....උඹලා දන්නවද තෙල් පුලුටු වලට යක්කු එනවයි කියන්ඩ.....උඹට ගහන්ඩ ආව මාව දැකපු උඹ කෙරුවෙ මට ගොට්ටම දීපු එක.....උඹගෙ අම්මා අප්පා උඹව හොයන් එනකනුත් උඹ උන්නෙ මං ළඟ....ඉතින්....උඹ නෙවෙද මාව වෙනස් කෙරුවෙ මගෙ ශිවන් ....

උඹගෙ අප්පා දේවාලෙ ඇත් ගොව්වා.....උඹගෙ අම්මා කාවඩි පෙරහැරෙ නටාපු එකියක් ....උඹ හැදුනෙම දෙවාලෙ...උඹ රටකජු ගොට්ට දීපු දා ඉදන් මගෙ ඇස් උඹ පස්සෙ දිව්වා ...යකෙක් බව නොදැන උඹ මාව හෙව්වා....."

දෙවියනේ....ඒක කතන්දරයක් ....ආත්ම ගානකට උඩින් උන දෙයක් ආය ආයම එයා කියනකොට මටත් නොදැනි මගෙ අතක් අග්නිගෙ බද වටේ එතුනා ....අපි දෙන්නට මැදි උන කොලු පැටියට අප්පච්චිලාගෙ උනුහුමට තදිම්ම නින්ද යනකොට මම නොදන්න අග්නිවම ඉල්ලලා පරසක්වල ගහපු මගෙ කතාව මම එයාට තුරුල් වෙලා අහන් උන්නා...

"උඹ දවසින් දවස ලොකු උනා....ලස්සන ඉලන්දාරියෙක් උනා.....උඹටයි කියලා උඹලගෙ අප්පා අලි පැටියෙක් රැහෙන් වෙන් කෙරුවා ...යකෙක් බව නොදැන උඹ මට ආදරේ කරන්ඩ ගත්තා ....ඔය කතරගම පුරාවටම උඹේ අඩි පාරවල් ඇති මගෙ ශිවන් ...උඹ මාව දාලා යයි කියන බයට මම යකෙක් බව නොකියා උඹට ආදරේ කෙරුවා ...දවසක් ආවා...හැම දේම එලි උනා....උඹ යන්ඩ ගියා .....මාව කොටු උනා...මං ඇඩුවා ...මං කෑ ගැහුවා .....මං හිතුවා ....මං....හිතුවා...."

මං හිතන්නෙ මගෙ ඇස් වලින් මටත් නොදැනි සාගරයක් තරමට කදුලු ආවා එයා කතාවෙ දුක වැඩි තැන් වලදි මව අත් දෙකෙම්ම මාව තද කරගත්තා .වෙලාවකට මට බයත් හිතුනා කොලව චප්ප වෙයි කියලා ....ඒත් එයා ලමයව අහකින් තියන්න දුන්නෙම නෑ....මට බය හිතුනා ...ලමයව දෙකඩ කරපු කාලිව මතක් උනා ...ආදරේ වැඩි උනහමත් තරහා යනවනෙ කියන එක පපුවට දැනෙනකොට මං එයාට දරුවව තියාගන්ඩ දුන්නා....එයා ආයම පටන් ගත්තා මගෙ ඇස්වල කදුලු බල බල නාඩා ඉදින් නොකියා එයා කදුලු පිහදලා ආයම පටන් ගත්තා ....

"මං හිතුවා...උඹ ආයම නෑවිදින් ඉදීවිය කියලා ....ඒත්....උඹ ආවා....උඹ ආවා උනත් මාව ගනන් නොගෙන උන්නා .....ඒත් වරුවයි...අනෙ උඹ ආයම කවුරුත් නැති වෙලාවක් බලලා මට අඩගහනවා ...ගිහින් බලාපන් රත්තරනෙ..මැනික් ගග පුරාවටම උඹෙ මගෙ අඩි පාරවල් ඇති...මං උඹව ඇහේ මූනෙ තියන් රැක්කා මගෙ ශිවන්...."

එතකො..ටත්...මගෙ...නම...ශිවන්මද...

මගෙ...අග්නී...

මට තවත් ඉවසන්න බැරි උනා...මං අද හදවතිම්ම මගෙ ශිවන් කිව්වා ...එයා හිනා උනා...හැබැයි දත් පෙන්නලා නෙවෙ ...තොල්පට චූට්ටක් දෙපැත්තට ඇදලා....එයා මොකුත් නොකියම මගෙ අත අරගන පපුවෙ වම්පැත්තෙ තියා ගත්තා ....

"මගෙ අග්නි...උඹට දැනෙනවද ...ඒ වචනෙට මගෙ හදවත පිස්සු නටන තරම් ...බඩ වැල නැති උනත්...මට හදවතක් තියනවා මගෙ ශිවන්...."

ඇත්ත....එයා කියපු දේ සහතික ඇත්ත .ඒ පපුව ගැහෙනවා ....තනිකරම වයින් කරපු බෝනික්කෙ නටනවා වගෙ...එක වචනෙකට පුලුවන්ද මෙච්චර දේවල් කරන්න....මං මගෙ අත අහක් නොකර උන්නා....මට ඒ අත ගන්න උවමනාවක් තිබුන් නෑ...

රෝම කූප පිපුන පපුව උඩ මගෙ අත නැවතිලා ගැහෙන හදවතේ තාලෙ ඇහුවා ....

මගෙ නම...

මං ආයමත් ඇහුවා ...

"අධීර මහේන්ද්‍රන්....අධීර කියන්නෙ හදට.....උඹ ඇත්තටම හදක් මගෙ ශිවන් .....දන්නවද ....මට තිබුනෙ එක නමයි.....ඒත්....උඹට ඕනා උනා...උඹේ ළඟින් යන නමක් දෙන්න.....අධීර මහේන්ද්‍රන් ගාව උඹ හරි උජාරුවට අග්නි අමරේන්ද්‍රන් කියලා ලිව්වා .....ඒත්....ඒ සතුට තිබ්බෙ....තුන් දවසයි.....හරියටම තුන් දවසයි මගෙ ශිවන්...උඹලගෙ ඇත් පැටියට මොකෙක් හරි රා පොවලා .....එදා කපුවට මට හුස්මක් ගන්ඩවත් ඉඩක් දෙන්ඩ බැරි තරමට වැඩ තිබුනා ....මගෙ අම්මා...."රාමේශ්වරී"....ඒකි බඩ උනේ යකෙක්ගෙන්....ඒකිව රැක්කෙ කපුවෙක්....ඒ රැකපු ගුනේ තියන්ඩ මට බැරි උනා කපුවට ඉහලින් යන්ඩ ....

උඹලගෙ අප්පගෙ ඇතා"වරුන"ඒකව අරගන උඹලගෙ අප්පා ඇත් ගාලට ගියා....අනෙ උඹෙ එකා ලපටියා...වයසින් ලපටි උනත් ..ඒකා සද්දන්තයා....ඒකගෙ නම.....ඒකගෙ...නම....."ලවන්"ම්ම්ම්...ඒකගෙ ලවන් මැනිකෙ.....ඒකා හුරතලා.....උඹලට කීකරු සතා....හෙන්ඩුවක් ඕනෙත් නෑ...ඒත්...උඹලගෙ අප්පගෙ කටේ බලේට උඹලා හෙන්ඩුව අතට ගත්තා .....එදා...

"මගෙ අධීර....."

අග්නි ඇදෙන් නැගිට්ටා .....නැගිටලා ඉද ගත්තා ...මං හිතන්නෙ.....එයාට එතනින් එහා වාවන්නෙ නැතිව ඇති ..... තුරුල් කරන් උන්න නොදරුවා අඩන්ඩ ගත්තා ....මෙච්චර වෙලා වැස්සක ලකුනක් වත් නොතිබුන අහස කාගෙන්වත් අහන් නැතිව ගහෙන් ගෙඩි එන්නා වගෙ අඩන්ඩ ගත්තා ...කුඩු පොතකින් වැස්ස පටන් ගත්තා උනත් අද වහින වැස්ස කුඩුපොතක් නැතිවම මහ වැස්සක් වෙනකොට ආව හුලගට මරනාදාර සමිතියෙ හට් එකක තහඩු දඩ දඩාන් ගාලා හුලගට විසී වෙලා ගියා .....

අග්නිට දුක හිතිලා..ඒ ඇස් රතුම රතු උනා...තොල්පට සට සට ගාලා වෙලන්ඩ ගත්තා ....

අග්නී...අනේ...

එයා කාමරෙ පුරාවටම ඇවිදිනවා ...

"නොසන්ඩාලයෙක්...උඹගෙ ඇතාට රා පොවලා.....නාලාගිරිට රා පෙව්වා හා සමානවම උඹලගෙ ඇත් පැටියට පරයෙක් රා පොවලා.....අනෙ උඹ මේ මොකුත් දන්නෙ නෑ....උඹේ කිසිම දෙයක් දන්නෙ නෑ මගෙ රත්තරනේ....අධීර....උඹ මේ මොකුත් දන්නෙ නෑ මගෙ මැනිකෙ....නාලාගිරිව මට්ටු කරන්ඩ බුදුන්ට පුලුවන් උනාට....රා බීපු ලවන්ව මට්ටු කරන්ඩ උඹට බැරි උනා මගෙ අධීර....අනේ....ඒකා... උඹව පොලවෙ ගහලා...නාවන්ඩ එක්ක යන්ඩ ආව උඹව ඒකා පොලවෙ ගහලා....ඒකට උඹේ කුයිලෙ අදුන ගන්න බැරි උනා...

උඹලව ඇතා පොලවෙ ගහලයි කියනකොට මමපූජා වට්ටි පාගන් පහන් බිදන් දුවන් එනකොට අනේ...අනේ...අහ්....අනේ...මගෙ.....

අසරනයා....උඹ....ඉන්නවා...උඹ ඉන්නවා...එකෙක්ට...එකෙක්ට බැරි උනා...උඹව ගන්න.....ඒකා කිපිලා....උඹ එක්කම හිටපු එකා කිපිලා....ඒකගෙ පය පාමුල බුදියන්ඩ තරම් විස්වාසවන්ත උන උඹව ඌ පොලවෙ ගහලා...අනේ...උඹ ඉන්නවා....මන් ආවා...අනේ මං මිනිස්සුන්ව පෙරලන් ආවා.....උඹ මාද දැක්කා.....අනේ..මගෙ මැනිකේ....උඹ මාව දැක්කා..... මන් කෑගැහුවා....මන්කෑ ගැහුවා...අනේ...උඹව ගහපු පාරට කතා කරගන්ඩවත් බෑ....ඒත් මගෙ රත්තරනේ උඹ හුස්ම එකතු කරන් ඉදලා.....කඩවර දිහා බැලුවා...අත්දෙකම එකතු කරලා....ජාති....ජාතිත්....මගෙම වෙන්ඩ කියලා කිව්වා විතරමයි.... අර තිරිසනා...උඹව පාගල දැම්මා...අනේ...දෙහි ගෙඩියක් කකුලට පෑගුනාම පැගිරි විසි වෙන්නා,වගෙ මගෙ ඇස් පනාපිට උඹගෙ ලේ විසික් උනා....උඹව චප්ප වෙලා ගියා ...අනෙහ්..අගෙ....මැනිකෙ...

අධීර....අනේ..හ් ..අනේ....හ්....

අග්නි කෑ ගැහුවා අත් දෙකෙම්ම කන් වහගත්තා... බිම ඉදගන අධීර අධීර ගගා උමතුවෙන් වගෙ බෙරිහන් දුන්නා...එයාගෙ ඇස් පනා පිට ආය ආයම ඒ දේවල් මැවිලා පේනකොට එයා වේදනාවෙන් බෙරිහන් දුන්නා.....

මුලු ගෙදරම ලයිට් පිපුරුවා...ඒ කෑ ගහපු කෑ ගැහිල්ලට අග්නි වෙනුවෙන් පත්තු කරන පහන් එක්ක දේවාලෙ අවුලපු පහන් සේරෝම කුඩුවෙලා ගිනි ගත්තා .... මගෙ අතේ උන්න නොදරුවා ඉවරයක් නැතිවම අඩනකොට පලාතම මහ දවල් වගේ එලිය කරන් විදුලි කොටන ගමන් කන් දෙක බීරි වෙන්න හෙන හතක් එක දිගටම පුපුරද්දි ඉෆ්‍රිගෙ පුතා උන " අග්නි අමරේන්ද්‍රන්" ගෙන් ගින්දර පිටවෙන්න ගත්තා .....

අග්...නී.....

"අධීර...උඹ මගෙ නේද....ජාති ...ජාතිත්....මගෙ වෙනවා කියපු....උඹ මගෙ...නේද....අධීර....."

එයා කතා කරනවා...ශිවන් කියන නම පැත්තකට විසික් වෙනකොට එයා මට කෙලිම්ම අධීර කියනකොට මං.ඒ ඇස් වලින් ගනින්ඩත් බැරි තරම් අවුරුදු ගානකට කලින් උන්න අග්නිව දැක්කා.....එයා අහනවා ...එයා අහනවා ...මං එයාගෙ නේද කියලා ...උකුලෙ උන්න කොලුවා බය වෙලා හුස්ම අල්ල අල්ල අඩනකොට ගිනි ගත්තු දේවාලෙට මිනිස්සු වතුර අදිනවා මම අන්දකාරෙම දැක්කා .....

අධීර ...ජාති ජාතිත් මං එයාගෙ වෙන්න කඩවර ඉස්සරහා පොරොන්දු දුන්න මම අද ශිවන් වෙනකොට එයා තවමත් මං වෙනුවෙන් බලන් ඉන්නවා ...

ඇත්ත ....අන් අයිති එයාට..

අධීර අයිති අග්නිට...

සර්වාංගෙන්ම ගින්දර පිට වෙන අග්නි මා දිහා බලන් උන්නා....එයා මගෙන් අහනවා මන් එයාගෙ නේද කියලා ...මං වචනයක් නොකියම බලන් ඉදලා කොල්ලවත් වඩාගනම එයා ගාවට යනකොට එයාගෙ ඇගෙන් පිට උන හැම ගිනිදල්ලක්ම නිවි නිවී ගියා.....

ඔව්....අධීර අයිති....මගෙ අග්නිට...

🥺ම්හුක්.....

🥺කායයියත කර මතේ ගහලා සෑහෙන්ඩ....

ම්හුක්....පුංචි පැටියගෙ මැසේජ් බෝර්ඩ් එකට මැසේජ් එකක් දැම්ම හැමෝටම ස්තූතියි ගොඩාක් ....

ඔන්න අහලා තිබ්බ මං කොහෙද කියලා ...මං වෙන්නප්පුවෙ...

බැදලද කියලා අහලා තිබුනා...බදින්ඩ හිතලවත් නෑ😂

කොව්වෙක් ඉන්නවද අහල තිබ්බා ..ඉස්සර උන්නා ..දැන් එයානෑ...🤭(ඒත් මං ඌට තාම ආතරෙයි.....ඒක වෙනම කතාවක්....😂😂)

ආගම අහලා තිබ්බා....රෝමානු කතෝලික...

ආ..තව හුගාක් දෙනෙක් කායයියත ආතරෙයි කියලා තිබ්බා....

කායයියත් ..හැමෝටම ආතරෙයි ගොඩාක් ....

ඒනම්....මැසේජ් එකක් දාපු හැමෝටම ස්තූතියි ආදරෙයි ..ම්

කායයියා බුජි....

!!!

DEESHA

More Chapters