LightReader

Chapter 22 - 22

අග්නී....

"ම්න්..."

ලයිට් ගියානෙ....

" කොහෙද"

මගුලෙ....ඇයි යකො..පේන්නෙ නැද්ද අන්දකාරයි කියලා...

" පේනවා"

එහෙනම් ගොන් කතා අහන්නෙ...

" ඉතින් දැන් මටත් කරන්ට් එක නෑ කියලා පේනවා කියලා දැන දැන රෙද්දද අහන්නෙ...මෙන්න මෙතනට වෙලා හිටපන් වලිප්පුව හැදිලා දුවන්නෙ "

මම කටවහගත්තා .....අග්නි එක්ක බේරුමක් නෑ....එයාගෙන් දෙයක් ඇහුවොත්.....දෙයක් කිව්වොත් හරහටමයි කතා කරන්නෙ.....කරන්න දෙයක් නෑ....එයා මාව එයා ගාවට ඇදලා ගත්තා....දැන් ඉතින් ඉටිපන්දමක් හරි ලාම්පුවක් හරි හොයා ගන්නකන් මෙහෙම ඉන්න වෙනවා...

අප්පුච්චියේ .....ම්ම්හුක්

ම්ම්ම්ම්....ඇයි....

අග්නි උන්නෙ බිත්තියට හේත්තු වෙලා....මම උන්නෙ අග්නිට හේත්තු වෙලා...කොලුවා උන්නෙ මගෙ උකුල් ඇටේ උඩ ඉදගන ....මටත් වඩා උස අග්නිගෙ පපුවෙ ගානට මගෙ ඔලුව හිටනකොට මම ඒ පපුවට ඔලුව හේත්තු කරගත්තා වගේම මගෙ නිඛිල්ට බඩගිනි හැදිලද කොහෙද පොඩි එකා ඈනුමක් ඇරලා කෙදිරි ගාලා අප්පුච්චියේ ගාලා කෙදිරි ගෑවා...

අනේ පුතේ බඩගිනී කියලා නම් කියන්න එපා....මෙ පිටිපස්සෙ ඉන්න අප්පච්චි මගෙ බෙල්ල ගලවයි...මගෙ පුතාට ලයිට් ආවම කුක්කු එකක් හදලා දෙන්නම්.....

ම්ම්ම්...

මගෙ පුතාට..අප්පච්චි ලයිට් ආවම කුක්කුවක් හදලා දෙන්නම්...

ම්ම්ම්ම්....

අනේ කොල්ලො.....

" මොනවද උඹ ඔය කුටු කුටු ගාන්නෙ.."

ම්ම්හ්හ්....අප්පුච්චියේ.....

" ඕ....මැනික..."

මගෙන් කන් දෙක සීතල වෙලා ගියා.....කොලුවා නිදාගනි බඩගින්නෙ නිදිකරවන්න එපා කියපු අග්නිට මම පන්ඩිත කමට පස්සෙ කිරි එකක් පොවන්නම් කියලා කිව්වත් ලයිට් ගිය අස්සෙ කොල්ලා බඩ ගිනී කියනකොට මට හිතුනා අර යකා මගෙ බෙල්ල ගලවයි කියලා .....අග්නිට ඇහෙයි කියලම මම උකුල උඩ ඉදගන කකුල් පද්ද පද්ද ඉස්සරහට පස්සට වැනි වැනි ඈනුම් අරින මහෙ පොඩි එකාට මම කනට කෙදිරුව උනත් ඒකත් අග්නියටම හරියන එකා වගේ ම්ම්ම්..ම්ම්.ගගා දහපාරකට වඩා ම්ම් ගානකොට මට පිටිපස්සෙන් උන්න අග්නි මට සැර කෙරුවා වගේම මගෙ යක්ස පොඩි එකත් ඊලග පාර අග්නියට අප්පුච්චියෙ කිව්වා....

අප්පුච්චියේ....ම්හ්හ්....අප්පුච්චියේ....

"ඕ...ඕ. ..ඇයි....මොනාද මගෙ පුතාට ඕනෙ... "

පුතාත..

"ඔව් ...පුතාට ඕනෙ මොනවද ...බඩ ගිනිද. ..බයියන්න ඕනෙද .....?"

ම්හුක්..

කොල්ලට ඈනුමක් ගියා .....ඒ එක්කම අග්නියා මගෙ ඔලුව හිල් කරන්න හැදුවා

ඌයිහ්....

"මං කිව්වා තොට....කොල්ලව බඩගින්නෙ බුදි කරවන්ඩ එපා කියලා ..."

ඉතින් මං කිව්වෙ නින්ද ගියහම පොවන්නම් කියලනෙ යකො...අනික කව්ද දන්නෙ ලයිට් නැතිවෙයි කියලා .....ම්ම්හ්හ්...මගෙ ඔලුව අග්නී....හ්

අග්ගී.....යේ....නකෝ...

"ආ...ආ...එහෙම කියන්නෙ නෑ..අපි දන්නෙ නෑ....යකෙක් අල්ලන් ගියෝතින්...."

ම්ම්ම්...

මම උන්නෙ ඔලුව අත ගගා....අට බඹක් විතර උස අග්නියා මගෙ හිස් මුදුන හිල්වෙන්න ඇනපු ටොක්ක එක්ක මට නප්පියටම තද වෙනකොට මං අග්නියට යකො කියලා බැන්නා විතරයි මාව තවත් බැනුම් අස්සවන්න අර පොඩි ඇටයත් අග්නිට අග්ගියෙ නකෝ කිව්වා ....

"ඔය හදලා තියෙන්නෙ අපූරුවට ලමයවම්...මාන්දන් කාරයා....මහ ලොකු අප්පච්චි ලමයෙක් බලා ගන්ඩ බෑ..කට විතරයි...බක පන්ඩිත කම...මෙලෝ මගුලක් කර ගන්ඩ බෑ...ඒ උනාට ඔලුව....එන තරහට ගහන්ඩ හිතයි තොට පුක පුපුරන්ඩ...."

පුත....පුපුලන්න...තොත .....

මා...න්තන් ..කාලයත....පුපුලන්න...

දෙයියනෙ අග්නි....දැන් හරිනෙ...දැන් හරිනෙ ...ඔය කෙරුවෙ...ඔය කෙරුවෙ ....දැන් සැපද...සනීපත...

ඕ....සනීපත....අග්ගියෙ .....සැපත.....ඕ....

මම කට වහන් යටි තොල හපන් අග්නියගෙ කකුල පෑගුවා...දැන් එයාටවත් මටවත් කටින් බැනගන්න බෑ නිඛිල් ඇටයා ඔක්කොම ආපිට කියවනවා...මම අග්නියගෙ කකුල උඩ හිටන් එහාට මෙහාට ඇබරෙනකොට මේ වලත්ත යකා අත් දෙකෙම්ම මගෙ තට්ටම් දෙකම මිරිකුවා...

" මරු පුක ඈ...."

දෙයියනේ...අග්නීහ් ..අග්නීහ්...අග්නීහ්හ්....

මම දත්මිටි කෑවා ....හයියෙන් බැන ගන්න බැරි කමට දත් තද කරන් නැහින්න හැදුවා....

මට මේ කොල්ලව හදා ගන්න බෑ අග්නි මෙතන කෑ ගැහුවොත් .

" අනේ ඇත්තට.....පව් ..උඹ දන්නව ලමයි බලාගන්ඩම...අනේ නිකන් ඉදින් බන්.....කට තියනවා බෝක්කුවත් විතර ඒ උනාට ලමයා අඩන වෙලාවට නලවගන්න බෑ...".

දැන් මට කියන්නෙ තමුන්ට නලවගන්ඩ පුලුවන්ද අග්නී...ආ....තමුන්ට කතන්දරයක් වත් කියලා දෙන්න පුලුවන්ද බෑනෙ නේ...බෑ නෙ නේ.....

" ඇයි මට බැරි මොකටද...උඹලගෙ අම්මා නාන්ඩ උයන්ඩ ගියහම මම තමා අම්මය හොරෙන් තෝව නැලෙව්වෙ....රැහැයියෙක් වගෙ ඔහෑ...ඔහෑ ගාලා අඩනකොට කව්ද දන්නෙ නෑ කැකිරි ගෙඩියක් වගේ ඔතලා උන්න උඹව වඩාගන නැලෙව්වෙ මගෙන් අහගන්ඩ එපා දෝදුවා...."

මං කිව්වද මාව නලවන්ඩ කියලා....

" උඹ කිව්වෙ නෑ...ඒ උනාට උඹ අඩන්න ගත්තම අපිට කනක් ඇහෙන්ඩත් නෑ...උඹලගෙ අම්මා උයන එක පැත්තක දාලා උඹ ගාවට එනවා...උඹට නම් මොකද....කටත් උල්කරන් පුකත් එලොයෙ දාන් පැයක් විතර කිරි බීලා වරුවක් විතර ඇදි වතේ හුජ්ජ කරලා බීපු කිරි ඔක්කෝම අනිත් අතට රීගන ගූ නාගන අඩලා පස්සෙ නාවපුවාම නාපු සනිපෙට ආයම නිදා ගන්නවා මිසක්....ඒකෙන් වෙන්නෙ උඹලගෙ අම්මට මට කන්න දෙන්න වත් වෙලා නැති වෙන එක ...මාන්දන් කාරයා....දන්නවා ලබ්බක්"

ඕ....මාන්ත...න්...කායයා...ලබ්බක්...

මගෙ දෙයියනෙ අග්නි...අග්නී..අග්නී.....

අග්නියගෙ කට.....තනිකරම දෙමල මීටරයක් කරකවලා වගේ...ඒකා මාව හෝද හෝද මඩේ දාන්න ගත්තා මට ලමයව නලවන්න බෑ කියපු අග්නි මගෙ පොඩි කාලේ ගැන කියවන වචනයක් ගානෙම මගෙ ඔලුවට ඇන්නා....නැත්තන් තට්ටමක් මිරිකුවා...ඒ ඔක්කොමත් වෙලා අර කොල්ලා හීබිච්චා වගේ ඉදන් අග්නියා කියන ඔක්කෝම ආපිට කියෙව්වා ...

"මෙහෙට දීපන් කොල්ලව....ලමයි නලවන්න දන්නවා බම්බුව....."

ආ මෙච්චර කල් මම ලමයව බලා ගත්තෙ නෑනෙ...මහ ලොකු අප්පච්චිනෙ.....

" ඔව් මම මහ ලොකු අප්පච්චි තමා....තරහා ගියොත් මම උඹවත් බඩ කරලා තමා නවතින්නෙ අප්පච්චි ද නැද්ද පෙන්නන්න...."

මම කන් දෙක වහගත්තා ....අග්නියා කටට එන හැම කුනුකතාවම ගානක් නැතිවම කියවන් යනකොට මම කන් දෙක වහගන ටික වෙලාවක් උන්නා....

අග්නි....ඇත්තටම හොල්මන්ද.....?

" ඇයි ...උඹ හිතන්නෙ මට බෑ කියලද.....දැන් බලපන් උඹලගෙ මිනිස්සු කියනවා ඔය බැදපු නැති කෙල්ලෙක්ගෙ බඩ පොඩ්ඩ්ක්ක් ලොකු උනත් ඒකිට අජීර්නයක් හැදිලා වමනෙ දැම්මත් ලමයෙක් හම්බෙන්ඩද කියලා ...එතකොට ඒකි අහනවා ලමයි හම්බෙන්නෙ හුලගෙන්ද කියලා ...දැන් එතකොට අපේ අම්මට අපෙ තාත්තා මාව දුන්නෙ කොහොමද ....අම්මා තාත්තව දැකලා තියන්වද ..නැ....අන්න ඒ වගේ කරන්ඩ බැරි දේවලුත් වෙනවා .... මටත් ඉතින් කරන්න බැරි කමක් නෑ...ආ...."

අග්නීහ්හ්.....බහුබූත කතා නොකියා ඉදින්කො....මේ ගෙදර උන්ට ඉටිපන්දම් කොටයක් වත් බැරි උනාද..

එයා මාද කොනිත්ත කොනිත්ත විකාර කියවනවා.....ඇත්තටම එයගෙ අම්මා දකින්න නැතිව ඇති තමා...ඒකදැනුනට.....ඇස් දෙකට නොපෙනෙන යකෙක් අතින් බඩ උනාම....??කිව්වත් වගෙ හුලගෙන් බඩ වෙලා වගෙ.....

මගෙ අතෙ උන්න ලමයව අගිනි උදුරලා ගත්තා ....දේවාලෙ ඇවිලුන තිර රෙදි අන්දකාරෙම වතුර ගහලා නිවා ගත්තා උනත් ගෙයි අස්සෙ අන්දකාරෙ මකා ගන්න ඉටිපන්දම් කොටයක් තියා ටෝර්ච් එකක් හොයා ගන්න බැරි වෙනකොට එකෙක් මහ වැස්සෙම ගිහින් ලග පාත කඩේකින් බල්බ් අරන් ඇවිත් තිබුනා ....

" අනේ මැනිකෙ දැන් වත් මෙකට කන්න දීපල්ලා..පව්...මේ කට අරිනවා .."

පුපුරලා ගියපු ලයිට් වල වීදුරු කටු මම අතුගාල දැම්මා....ඇද උඩ එරමිනියා ගොතන් උන්න අග්නි කොලුවව කකුල් උඩ ඉන්දවන් එයාගෙ අතට ආයම හිම කුමාරි පොත දීලා තිබුනා..ඇත්ත. එය කිව්වා හරි ..පොඩි එකාට ඈනුම් යනවා.....

ඔයාටත් මොනව හරි ඕනෙද.....

වීදුරු කටු ටික ඔක්කෝම ඩස්ට්පෑන් එකට ගත්තු මම ලමයගෙ ඔලුව අත ගාන එයා දිහා බලලා ඔයාටත් මොනවා හරි ඕනෙද අහනකොට එයා මොකුත් නොකියා ආයම පොත දිහා බලා ගත්තා මම කාමරෙන් එලියට එන්න ආවා....

මගෙ අග්නි...

මට මිමිනුනා....මට බැරි උනා එයාට ආදරෙයි කියන්න....එයාටත් බැරි උනාමට ආදරෙයි කියන්න...ඒත්.....මම දැන් එයගෙ නෙවෙද.....එයා මන්වෙනුවෙන් බලන් ඉදලා තියෙන්නෙ සුලුපටු කාලයක් නෙවෙ...මම ඉපදි ඉපදි මැරෙනවා ඒ ඇස් වලින් කී පාරක් නම් දකින්න ඇතිද.....අනේ දෙයියනේ.....මාද මරලා දානකොට ඒ හිතට මොනවා දැන්නෙන්න ඇතිද....බේරගන්න බැරි වෙනකොට එයා කොච්චර අඩන්න ඇතිද ...

මට හුස්මක් පිට උනා....අග්නි කොයි තරම් යකෙක් උනත් ඒ හිත අස්සෙ පුදුමාකාර තරම් ආදරයක් හැංගිලා තිබුනා.....එයාගෙ අම්මා ආදරනීය කෙනෙක් වෙන්න ඇති .....නැත්තන් .....එයාට තිබුනනෙ අග්නිව මරලා දාන්න...ඒත් අග්නි ඉපදුනෙ බඩ වැල නැතිවනෙ ....බඩ වැල නෑ කියන්නෙ ..වෛරයත් එක්ක කියන එකනෙ.....

කේතලේ නටන උනුවතුර එක දිහා මම බලාගන උන්නා.....මීට කලින් කඩි ගුලක් උන ගෙදර මේ වෙනකොට ආයමත් තිබුනා වගේ සාමකාමි වෙනකොට මන්බලාගන ලිප් ගල් තුනක් උඩ තිබුන ලොකු ඇලුමීනියම් ඇතිලියෙ රතු පාට සැමන් හොද්දක් බුබුලු දානවා.....

"මැනිකෙ...."

දෙයියනේ අග්නි.....

මාව් සීතල වෙලා ගියා....එයාගෙ සිහියෙන් එහා මෙහා බලබල උන්න මට එයාගෙ කටහඩ එක්ක ඒ අත් වල සීතල දැනෙනකොට මාව ගැස්ස්ලිලා ගියා .....

අග්නි අනේ කවුරු හරි දකීවි....

මම පිටිපස්ස හැරුනා ..ඇති යාන්තන් ....දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ....එයා උන්නා හැබැයි ඇස් වලට පේන්නෙ නැති වෙන්න.....

"මගෙ කොට මගුල...."

එයා කියවනවා....මට කොට මගුලලු.....ඉතින් එයා බඹ අටක් විතර උස ගියාට මම මොනවා කරන්නද..ඇරත් ඕකගෙ බොරුව...හිටපු ගමන් එයාට එක එක විදිහට වෙනස් වෙන්න පුලුවන් නෙ.....පොඩ්ඩක් උස අඩු කරගත්තා නම් මොකද....

එහා මගෙ කන ගාවට පහත් වෙවි එක එක මගුල් කියනකොට මම ලමයගෙ පිගානට කෝන්ෆ්ලෙක්ස් ටිකක් දාලා කිරි දැම්මා....අග්නියගෙ වලත්ත අත් දෙක ඇදුම ඇතුලෙන් එහා මෙහා යනකොට මට හුස්ම හිර වෙන්න ආවා...

"මරු කද ආ....."

අග්නීහ්.....අතගනින්කෝ...උඹට මොන මගුලද වෙලා තියෙනෙන් අග්නි...

"අග්නි නැහැදිලා ඉන්නෙ....ශිහ්....උඹලා අපිව නරක් කරනවා..."

එයා ආයම කියවනවා.මෙ වලත්තඅග්නියා කොයි වෙලාවෙ හරි මගෙ තට්ටම් දෙක අතට ගන්නවා..අනේ දෙයියනෙ දැනටමත් ඒකෙන් එකක් ලොකුයි වගේ.....

අග්නි අහට පලයන්කො...

මම කෙදිරි ගෑවා...මම ඇඹරුනා....කෝපි හදන්න.....පාන් කපන්න ආව කෙල්ලො ඇඹරෙන මං දිහා බලලා සැරින් සැරේම උන් උන් රහස් කියා ගන්නකොට මට වහ බොන්න හිතුනා....

අනේ අග්නීහ්හ්....

" ඇයි ඉතින්....."

නිශ්මිකයා.....මේ කොල්ලා අඩනවා....මේකට නිදිමත්ද කොහෙද නංගි ගාවට යනෙත් නෑ....

" ඔන්න...ඔන්න ඉතින් එනවා හුත්තිගෙ පුතා"

මට අර උනුවතුර එක ඔලුවෙ හලාගන්න හිතුනා.....එයා එහෙන් කූරු ගානව මෙහෙන් කූරුගානව....ඒ අස්සෙන් බඩගින්නෙ උන්න කොල්ලා අඩනවා .....අග්නියහෙ අඩත්තේට්ටම් ඔවසන් උන්න මම ඊලග පාර ඒකට බනින්න කට ගන්නකොටම නිශ්මික කොල්ලව අරන් කුසියට ආවා විතරයි අග්නියා ආයම කුනු හර්ප කිව්වා...

මූව හදන්ඩ බෑ.....

අප්පුච්චියේ .. ...

ඕ...ඕ...මේ අප්පච්චි ඉන්නෙ.....

අප්පුච්චියේ...

ඕ.....මේ මගෙ පුතාට අප්පච්චි කුක්කු හදනවා....කෝ එන්න මෙතනින් ඉන්දවන්න....

පොඩ්ඩක් ඉදින් උඹට කොන්ද එක්ක කොල්ලව උස්සන්න බෑනෙ නේද.....

"ඇයි කොල්ලා ඇතෙක් වගේ බරද නෑනෙ.....මූ රගනවා"

මම කට තද කරන් උන්නා....අග්නියා මහ ඊරිසියා කාර යකෙක්....ආරද්‍ය මොන දේ කෙරුවත් මූව පුපුරන්න එනවා.....

කොන්ද එක්ක බෑනෙ කියපු ආරද්‍ය ලමයව ගිහින් එයාගේ පුටුවෙන් ඉන්දවලා කිරි එකයි කෝන්ෆ්ලෙක්ස් එකයි දීලා කවන්න හදනකොට මගෙ එකා මූන හරවලා එයාට තනියෙන් කන්න හැන්ද ඉල්ලුවා...

ම්හුක්....අපානෙ....පුතා...ත...පුතා...ත...

" අන්න හරි...මගෙ කොල්ලා.....ආවා මෙතන ලකුනු දාගන්න.....".

මම නෙවෙ වචනයක් කිව්වෙ අග්නියට පුදුම අමාරුවක් තිබුනෙ....යකොඩො දැන්ම මෙහෙම නම්....පස්සට??

අප්පච්චිගෙ පුතා කෝ...හව් හව් ගාලා කන්න ඉතින් ...ඔහොම අත ගගා උන්නොත් නම් ලොකු බබෙක් වෙන්නෙ නෑ .....

...ම්ම්ම්...

ඔහොම අත ගගා උන්නොත් මගෙපුතාව ලොකු වෙන්නෙ නෑ.....හව්...හව්....ගාලා කන්න...

" අනේ නිකන් ඉදින් බන්...ඔය පිගාන කෑවා කියලා දැන් ඌ ලොකු වෙනවද.....ඌට පාඩුවෙ කන්න දියන්කො...උඹලා ඔක්කොටම පෛත්තියන් හොදටොම පොඩි උන් තනියම කන්න ඉල්ලලා අනිත් තප්පරෙම්ම කන එක පැත්තට දාන්නෙ උඹලගෙ මේ කරච්චලෙ හන්දා..."

මම නෙවෙ ආයම වචනයක් කතා කෙරුවෙ ....වෙනමොකටවත් නෙවෙ මඅ මේ අග්නියගෙ කුනු කතා අහලා අහලම දැන් තෙහෙට්ටුයි ඒකයි.....

මන් හෙට කුරුනැගල යනවා...

හෙට .....

ම්න්.....

ගිහින් ..

කඩේකි බත් පැකට් ටිකක් හරි අරන් පාරෙ ඉන්න මිනිස්සුන්ට බෙදනවා...මට ඒකගෙ මිනිවල ගාවට යන්නවත් හයියක් නෑ බන්...පව්....මට තවමත් ඒ කටහඩ ඇහෙනව නිශ්මිකයා....කිරි මහත්තයා කියලා ඌ නොතේරුම් කමට මට රැවටුන හැටි මතක් වෙනවා.....

මම අහන් උන්නා ආරද්‍ය උන්නෙ කලකිරීමෙන් .නොතේරුම් කමට රැවටුන හැටි මතක් වෙනවා කියනකොට මම බලාගන ඒ ඇස් වලට කදුලු උනනවා...

" ඒකට කියපන් මැනිකෙ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කරලා ඒකා වෙනුවෙන් පින් දෙන්න කියලා ..... "

අග්නි වෙනස් වෙලා....මෙච්චර වෙලාම රන්ඩුවට ආව අග්නි වෙනස් වෙලා.....එයා කියනවා උක්කුවා වෙනුවෙන් මලක් පහනක් පූජා කරලා පින් දෙන්ඩ කියලා...

ආරාද්‍ය ...එමින් ගමන් පන්සලකට ගිහින්.....උක්කුවා නමින් මලක්පහනක් පත්තු කරපන් ..ආය කවදාවත් ඔය වගේ වෙන්න එපාය කියලා ප්‍රාර්තනා කරපන්...උන් වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න ඕනා අපියි....මොකද මල උන්ට පින්කරන්න බෑනෙ ...

මම ජනේලෙන් එලිය දිහා බලාගන කතා කෙරුවා ...සමහර මිනිස්සු ජීවත් වෙලා ඉන්න තාක් කුඹියෙක්ට වත් සීනි කැටයක් දාන්නෙ නෑ...ඒතරම් ලෝභයි ...ඒ තරම් කෑදරයි....ඉතින් මැරිලා ගියහම උන්ට පින් මදි වෙනවා..පින් මදිවෙන්නෙ නැතැයි .....ඒ ලෝකෙ ඉදගනත් උන්ට සැනසීමක් නෑ.....

" ඒකට කියපන් උගෙ හිතෙ උක්කුවා වෙනුවෙන් තියන දේවල් නෙවෙ...උක්කුවගෙ හිතේ තියන ප්‍රාර්තනා ඉශ්ට කරල දෙන්න කියලා පහනක් පත්තු කරන්ඩ කියලා ..නැත්‍තන් උඹලා මලගිය ඇත්තො වෙනුවෙන් ප්‍රාර්තනා කොච්චර කෙරුවත් වැඩක් නෑ....උන්ගෙ හිතේ තියන දේවල් ඉශ්ට උනේ නැත්තන් ..ඒකෙන් වෙන්නෙ උන්ගෙ හිතෙ තියන දේ ඉශ්ට වෙනතාක් උන් උඹලගෙ හීන හොරකම් කරන එක...."

මෙච්චර වෙලාම පුපුරපු අග්නි ආයම නිවෙන්න අරන් තිබුනා....එයා කතා කරන ගමන් මාව ඇගට හේත්තු කරගත්තා ....මගෙ ඔලුව අත ගෑවා.....අග්නි ගාව මම හිටගත්තම මම නිකන් මහමෙරු පර්වතය ගාව හිටගන්න කූඹියෙක් හා සමාන උනා.....

ආරාද්‍ය සැරින් සැරේම පොඩි එකාගෙ කට පිහදැම්මා....සැරින් සැරේම බිත්ති ඔරලෝසුව දිහා බැලුවා ....

මම මහ අපරාද කාරයෙක් නිශ්මික.....අගෙ හිතට සැනසීමක් ඇත්තෙම්ම නැ....මම ඒකව මරා ගත්ත වගේ.....මම දැන් කොච්චර දේවල් කලත් වැඩක් නෑ....මම මොනතරම් උගෙ වල උඩට මල් තිබ්බත් වැඩක් නෑ....ඌ දකින් නෑ...ඌට දැන් ඒ මල් වලින් වැඩක් නෑ...

මිනිස්සු කියන කතාව ඇත්ත නිශ්මික...මිනිස්සුන්ට මැරුනට පස්සෙ සලකළා වැඩක් නෑ....ජීවත් වෙලා ඉන්න කාලෙ කන්න නොදුන්න බත් පිඩ මැරුනට පස්සෙ හැලි ගනන් උයලා ඌ නමින් දුන්නත් මොකටද නිශ්මික...

සමහර මිනිස්සු ඉන්නව...ජීවිතේ කිසිම දාක මලක් හම්බවෙලා නෑ...ඒත් බලපන් මැරුනම.....පෙට්ටිය වටේට සුවද බෙදන මල් කොච්චරද.....සමහර මිනිස්සු ඉන්නව...ජීවිතෙ කිසිම දාක හොදක් අහලා නෑ....මිනිස්සු හොදක් කියලත් නෑ...ඒත් මැරුනම බලපන්.....මිනිස්සු මැරෙන්නම ඕනද නිශ්මික මලක් ගන්න...හොදක් අහන්න...එක වැලල ගැනීමක් ලැබෙන්න....

මට තේරෙන්නෙ නෑ බන්.....ඌ ඉන්න තැනක ඉදන් මෙවා බලන් ඉන්නවද කියන්න මම දන්නෙ නෑ...ඒ උනත් ...ඒ උනත් ...මට කියපන්.....ඒකා....මම කියලා නොදැන කිරිමහත්තයා කෑවද පුතෙ...කිරිමහත්තා.....ඔයා මාව බලන්න එන්නෙ නැත්‍තෙ ඇයි...

ඔය වගේ මැසේජ් පන්සීයක් මගෙ ඵෝන් එකට එනකොට මම එ මැසේජ් අස්සේ උගෙ ආදරේ තරම දැක්කා...උගෙ ආදරේ හරියටම කහට පැල්ලමක් වගේ...උනුවතුරෙ දාලා තම්බලා ගලක ඇතිල්ලුවත් යන්නෙ නැති.....

ඇයි බන්....ඌ මට මෙහෙම වේදනාවක් දුන්නෙ.....කාටත් වඩා මට වේදනාවක් දැනෙන්නෙ ඇයි ....

මම අහන් උන්නා...අග්නි කිව්වා මට වචනයක් නොකියා අහන් ඉන්න කියලා ...මොකද මිනිස්සුන්ට දරාගන ඉදලා ඉදලා අවසානෙදි දරාගන්න බැරිම තැන එනකොට උන්ට කෑ ගහලා අඩන්න ඕන වෙනවා කියලා ....ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැන උනත් ඉවසන්න ඕනම තැන....ඉවසීමත් වෙලාවකට පිම්බුන බැලුමක් හා සමාන වෙනවා....පිම්බිලා පිම්බිලා අවසානෙදි දරන්න බැරි තැන පිපිරිලා යනවා

...

මට තේරෙන්නෙ නෑ...ඌ යන්න ගියා...කාටත් වඩා දුකක් මට ඉතිරි කරලා .....

තුන් මහක් පහු වෙලත් ඌ හීනෙනෙනුත් කිරි මහත්තයා කියලා අඩගහනකොට ...මට හිතෙනවා ...මට කොතන හරි වැරදුනාවත් දෝ කියලා ....කවෘ හරි...මට මග වැරද්දුවදො කියලා ...

උගෙ මතක මට වද දෙනවා....උගෙ හිනාව...උගෙ කතාව.....උගෙ පිස්සු හැදෙන හුරතල් කතාව....මම අනුන්ට අයිති උනේ කොහොමද ...ඌ විසලගෙ නේ කොහොමද කියන්න දන්නෙ නෑ...ඒත් ...ඌ මට වද දෙනවා නොසෑහෙන්න ...

මම අහන් උන්නා...ඌ ඔලුවට අතගහගත්තා ....මගෙන් ඵෝන් එක ඇහුවා....ඒත් මගෙ ඵෝන් එකටත් වෙන්න ඕන හැම මගුලම වෙලා තියනකොට ඌ එතන උන්න කෙල්ලෙක්ගෙන් ඵෝන් එකක් ඇහුවා හේතුව නොදැන උනත් අග්නි මට කිව්වා පාඩුවෙ ඉන්න එයා කරන දෙ බලන්න කියලා .....අවසානෙදි එයා එතන උන්න කෙල්ලගෙන් ඵෝන් එකක් ඉල්ලගන කාට හරි කතා කරන්න හැදුවා.....කාට හරි මැසේජ් කරන්න හැදුවා ....ආය ආයම ගන්න හැදුවා....

"ඔබ ඇමතු ඩයලොග් දුරකතනය ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න...."

ඩයලොග් එකේ රෙකෝඩින් එක දහපාරක් විතර යනකොට ඌ එහෙම්ම බිම ඉදගත්තා .....ඇස්වලට උනපු කදුලු බින්දු දෙක තුනක් සට සට ගාලා ඵෝන් එක උඩට වැටුනා...මම එ අතින් ඵෝන් එක අරන් මැසේජ් කෙරුවෙ කාටද බැලුවා...

" චූටි මැනික....මම කිරිමහත්තයා "

" මිනිස්සු ආදරේ කරන්නෙ ජීවිතේටම එක පාරයි.....ඒකත්...සමහර විට හිමි වෙන්නෙ සීයට එක්කයි...නැත්තන් දෙකයි ..මිනිස්සු මුලු ජීවිතකාලෙම කරන්නෙ ආදරෙන් හෙම්බත් වෙලා අවසානෙදි ඉතිරි වෙන එකාට ආදරෙ කරන්න ගන්න එක මැනිකෙ...සමහර මිනිස්සු ආදරෙ කරලා නෑ...හැබැයි ආදර්‍ර් කරන උන් දිහා බලන් උන්නා...සමහර මිනිස්සු ආදරෙ කෙරුවා ...හැබැයි ...අගයක් නෑ.....ආදරේ කියන්නෙ කනාට හම්බෙන මැනික වගේ මැනිකෙ ...මිනිස්සු ආදරේ කරන්න දන්නෙ නෑ...උන් කරන්නෙ දිග පලල හොයන එක ...කකුල් මැද තියන එකෙන් අධීර උන් ආදරෙ මනින්නෙ....ආදරේ කිටන වචනෙ සුදු පිටුවක සුදු අකුරින් ලියලා බලපන්....උඹට පේන් නෑ....ඒත් අත ගාලා බල ඒ අකුරු පපුවෙන් තියන් බලපන් මගෙ අධීර..ඒවට හුස්ම වැටෙනවා....ඒකයි ආදරේ ගාවදි යක්කුත් මෙල්ල වෙන්නෙ.."

මතක එනකොට නොදැනීම

බරවෙලා ඇත් නම් ඇස් දෙකක්

අයිති නැති බව දැන දැනට්ග් හිත

හොයයි නම් එක උණුසුමක්

"කොතැනක උන්නත් තුටින් ඉනු මැන"

කියා ඇත්නම් හීනයක්

ඉතින් අත් අතහැරුන පසුවත්

තිබිය නොහැකිද ප්‍රේමයක්....

(අම්මපයි මං කඩුව දුන්නා...)

ආරාද්‍ය යන්න ගියා....ඌ උන්නෙ තෝන්තුවෙන් වගේ....අග්නි ඔහේ බලන් උන්නා.....මගෙ කොල්ලා කනවට වඩා නාලා තිබුනා...දේවාලෙ ගිනි ගත්තට පස්සෙ අම්මා ආයම දේවාලෙ අස්ස හුස්මක් කටක් නොගෙ තනියමම සුද්ද කරන්න ගත්තා ...

සැමන් හොද්ද ලිපේ උතුරනකොට හුලිහුලගට ගහගන ගියපු ටකරන් කෑලි ආයම කොල්ලෙක් දෙන්නෙක් උස්සන් ආවා....මම එහෙම්ම බිත්තර පෙට්ටියට එබිලා බිත්තර හය හතක් එලියට ගත්තා ...

" අද සෙනසුරාදා බදින්නෙහෙම නෑ....."

මා දිහා නොබලා අහක බලන් උන්න අග්නි ඊලග තත්පරේදි ආයම මට සැර වෙනකොට මම බිත්තර ගෙඩි දෙක තුනක් උඩින් පිපිරෙව්වා....

මේක ඔයාට...

මම රහස් කෙදිරුවා....එයා ඒක දිහා බලන් උන්නා...

"උඹ ගමනක් යන්න ඕනා මැනිකෙ...හත්දොහෙ පහු උනාම....උඹ ගමනක් යන්ඩ ඕනා...."

කොහෙද අග්නී....

එයා මාව ආයම ලගට ගත්තා ...බිත්තර ගෙඩිය බලාගන ඉද්දි හිදීගන ගියා...ඒ කියන්නෙ දැන් එයාට කන්න බොන්න පුලුවන්ද .....සුවද විතරක් උරපු එයාට දැන් බිත්තරයක් බොන්න පුලුවන් කියන එක දැකපු මට සැනසීමක් දැනුනා....

"බඩගින්නෙ නොයිද කාපල්ලා රත්තරනෙ.."

කනවට වඩා කෑම හලාගන ඇගේ නාපු කොල්ලව මං සින්ක් එකෙන් හෝදවන් නොකාම එන්න හදනකොට එයා මාව අල්ල ගත්තා ....ඒත් මං ඔලුව වැනුවා ....

ආරාද්‍ය මගෙ පපුව පෑරුවා....ආරදගෙ අස්සෙන් මං අග්නිව දැක්කා.....ඇදට ගියපු මන් ඇද විට්ටමට හේත්තු වෙලා කකුල් දිගෑරන් කොට්ටයක් තියලා ඒ උඩ කොල්ලව තියාගන නලවන්න ගත්තා ...

නුඹෙ අම්මා කිරට ගියා කියන වචන හරියෙදි මට වචන පැටලෙන්න ආවා ....

අම්මි...යේ.....කෝත...අප්පුච්චියෝ....

මට හැගීමක් දැන් දැන් දැනුන් නැති උනත් නිදා වැටෙන ලමයා අම්මා කෝ අහනකොට මන් ගොලු උනා....

"මෙහෙ දියන් ...මං නලවන්න...."

අග්නි ලමයව ගත්තා .....අරන් කර උඩින් නිදි කරවගත්තා .....සින්දුවක් නැති උනත් අග්නිගෙ අත පුංචි එකාගෙ තට්ටමට වදින වාරයක් ගානෙ අනේ එකා ඇගිල්ලක් කටේ දාන් උරව උරව නිදා ගන්න හදනවා...

ම්හුක්.....අම්..මියෙ.....

"මගෙ පුතා දොයියපල්ලා...."

මන් බලන් උන්නා....අග්නි ලමයව නිදි කරවන හැටි මම ඇහි පිල්ලමක් නොබලා බලන් උන්නා.....අවසානෙදි මගෙ පුතාට නින්ද ගියා....මට සැනසීමක් දැනුනා....

"නින්ද ගියා එලපන් රෙදදක්.....නිකම්ම තියන්ඩ එපා.....පව්"

මම රෙදි කඩක් එලුවා එලල ලමයව තිබ්බා තියලා පෙරෙව්වා ...පුංචි එකා බිත්තිය අයිනෙ.....අග්නි අනිත් පැත්‍තෙ මම මැද්දෙ....ඒත් තප්පරයක් ගියෙ නෑ..එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ....

"මගෙ අධීර ...මැනිකෙ..උඹලට කරන්ඩ දැන් වැඩ රාජ කාරි ගොඩයි....උඹලා පේ වෙන්ඩ ඕනා...උඹලා මන්තර ඉගන ගන්ඩ ඕනා....ඔක්කොටම කලින්...උඹ කඩවරට ගොටුවක් දෙන්ඩ ඕනා...උඹලා පලි ගැහුවෙ කඩවර ගාව...උඹට වරම ගන්ඩ වෙන්නෙ කඩවරගෙන්..."

කඩවර ..දෙයියො...

"ම්න්...මගේ අධීර.....හොදට මතක තියාගනින්.....කඩවර.....අර්ධ දෙවියෙක්....හොදට හොදයි...නරකට නරකයි....උඹල වැඩ වරද්ද ගත්තොතින් උඹලටත් කලුම්බිලි දෙයියන්ට වගෙ මුහුදු වෙරලෙ ඉදලා කිල්ලෝටෙකින් වැලි අරන් ගිහින් බිංගිරියෙ රජමහාවිහාරයෙ විහාර මළුව පුරවන්ඩ උනා වගේ වෙයි...උඹලා කිල්ලෝටෙක තරම දන්නවනෙද මයෙ අධීර.....ඒක හන්දා....උඹලා ප්‍රවේසමෙන්...

මේ හත්දොහෙ පහු උනාම...උඹලා යන්ඩ ඕනා කතරගමට....ගිහින් මුලින් නාපන් මැනික් ගගෙන්.....පස්සෙ දේවාලෙ මුරුතැන් බතට අත ගහපන් .....උඹලා දන්නව...මුරුතැනක් හදන්නෙ පිරිමි විතරයි කියල....මුඛවාඩාමක් බැදන්.....ඉහට ජටාවක් බැදන් ස්‍රද්දාවෙන් එකට අත ගහලා...කඩවරට පුජාව දීපන්....

ඊට පස්සෙ ...කලා වැවට....වෙන්ඩ ඕන දේ මං හෙමින් කියන්නම්....උඹලා හිතට හයිය ගන්ඩ ඕනා...උඹලට මන්තර නම් තියේවි පාඩන් කරන්ඩ.....වචන වරද්දන්නෙ නැතුව ඒ දේව ආරදනා කරන්ඩ ඉගන ගනින්...යක්ස ආරාධනාව කරන්ඩ ඉගන ගනින්.....උඹලා වරම ගත්තට කවදාවත් පනමක් වත් ගන්ඩ බෑ..."

මම අහන් උන්නා...අග්නි මාව තුරුල් කරන් මගෙ ඔලුව අත ගගා කියවනවා.....එයාගෙ සමහර බර වචන ගාව මගෙ හිත හෙල්ලෙනකොට මම ඒ පපුවට මූන ඔබා ගත්තා...

" බය වෙන්ඩ කාරි නෑනෙ ...මං ඉන්නවනෙ මැනිකෙ....මේ කොන්ද ඉක්මනට සනීප කරගනින්.....උඹට කරන්ඩ වැඩ ගොඩයි... මගෙ මැනිකෙ.....උඹට කුණ්ඩලනි ශක්තිය මතුකරගන්ඩ වෙනවා...."

කුණ්ඩල යෝණී හයිය....අනේ අග්නී...මාව මැරේවි...මාව මැරේවි ..

" බය නොවී ඉදිල්ලා.....මම ඉන්නවා...මම හැම පාරම උඹව නැති කර ගත්තා ...ඒත් ආය නෑ මගෙ අධීර.....

උඹ මේ කාට ශිවන් උනත්....උඹ මට මගෙ අධිර...දැන් නිදාගනින්....මන් උඹගාව ඉන්නවා ..."

😘ආයම කොටසකින් එන්නාම්....

මුව කායයිට අලුතින් කවර් එකක් හම්බුනෝ.....තැම්කිව් පාස්තෝ🥺🥺😘😘😘😘

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters