LightReader

Chapter 25 - 25

අග් ....අනේ...අග්නී ...හ්හ්...

අග්නි මාව යට කර ගත්තා ...එයාගෙ හයිය හත්තිය පිරුන අත් තනිකරම යකඩ හා සමාන වෙනකොට මට ඒ ඇගේ බර දරන්න බැරි තරම් උනා....මම කතා කරන්න හැදුවා ඒත් අග්නිගෙ බරත් එක්ක හුස්මක් කටක් වත් ගන්න බැරි තැන කට අරින එක පවා හීනයක් වෙලා ගියා

" මගෙ කොට මගුල ...ගමකට ගහන්න කට ඒ උනාට තමුන්ගෙ යකාව උස්ස ගන්න බෑ ..."

අනේ ...අග්නී....උඹ හරි බරයිනේ ....

" කෝ වරෙන් ඉතින් මෙහාට ...මගෙ බිබික්කම...බය වෙන්න එපා ....මං උඹට දැන්ම මොකුත් කරන් නෑ...මොකද දැන් මොකක් හරි කෙරුවොතින් උඹ ගම් හතක් හොලවයි මම පහුවදාට අර වෙරලු අත්ත උඩ ඉදගන්න ඕනා....උඹට රෙදි නෑ කියලා මට රෙදි නැති කරගන්න බෑනෙ මගෙ පුක බරියො ....."

අනේ දෙයියනේ ....මට පිස්ස පිස්සු හැදෙන්න ආවා අග්නි එක එක වෙලාවට එක එක නම් හොයන් ඇවිත් මගෙ සායම යැව්වා . ...

මොනවද අග්නි ඔය කියවන්නෙ .....මොනවද ඔය කියවන්නෙ...ඇත්තටම ඔය කටට සීමාවක් නැද්ද .....ආ අග්නි .

" ම්හ්ක්ක්ක් ..නෑ....ඇයි ..මගෙ කොට බරියට ලැජ්ජා හිතුනද .....ඇත්තනෙ....උඹ ඇවිදිනකොට බරි කරන්නෙ ඇවිදින්නෙ....උඹ නොදන්නවා උනාට රස්තියාදුවෙ යන්ඩ පුරුදු උන යක්කු....ඕප දූප අහන් ඉන්ඩ පුරුදු උන යක්කු ඔව්වා අහන් ඇවිත් අර වෙරලු අත්ත උඩ පේලියට ඉදගන උඹලා එහා මෙහා යනකොට උඹලට අනන් මනන් කියනවා...මරු කද කියයි ..මරු පුක කියයි ..... "

ඉක්කෙ අග්නී....හ්හ්....

මම එයාව හැපුවා ...එයාට යට වෙලා උන මාව පත්තරයක් වෙන්න ඔන්න මෙන්න තියනකොට එයා උඩ බෙලි අතට හැරිලා මාව ආයම එයාගෙ ඇග උඩට අරන් වෙරලු ගහ අයිති කරන් ඉන්න යක්කු කියන නොහොබිනා කතා කියනකොට මම සද්දෙ නෑහෙන්න කෙදිරි කෑ ගහන ගමං අග්නියව හැපුවා ...මම කෙසෙ වෙතත් අග්නියා නම් මරු කදක් කියලා කියන්න කටින් කියන්න බැරි උනත් මං හිතින් මුමුන මුමුන ඒයාගෙ ඇග උඩ දපනෙ දාන් උන්නා...

"ඉතින් ඇත්තනෙ මැනිකෙ....උඹම බලපන් අර බෝක්කු කට ගාව කොල්ලො කුරුට්ටො කී දෙනෙක් නම් මාලු අල්ලනවද ...ඔව්වා එතනම තියන් පුච්චනවද...ආ....රා කට්ටක් තියාගන එවුන් එතනට වෙලා පුලුටු ගිලිනවා.....බෝක්කු කට අස්ස මොන තරම් අන්දකාරද බලපන්....උඹලා අහලා නැද්ද අන්දකාර තැන් වල යක්කු පෙරේතයො වැහි වහින්ඩ ඉන්නවා කියලා ඔවුන් ගොම්මනේදි කනවා...ඒ පතටම යක්කුත් අත දානවා මොකද යක්කුන්ට වඩා එවුන් පෙරේත හැත්තක්නෙ....ඇහැට පේන් නැති මාලු පිලිහිඩ්ඩක් දානවා ...ඕක කන්ඩ කට අරින්ඩ යකාට ගානක් දෙන්ඩ ඕනා...ඕන් ඔය වෙලාවට ඔතනින් කෙල්ලෙක්....ගෑනියෙක් ....පන තියන ගෑනු සරුවාලයක් ගියෝතින් ඔවුන් කියන්නෙම ඔව්වා.....

ඉතින් උඹ හිතන්නෙ යක්කුන්ට ඇස් කන් නෑ කියලාද....?හොදට මතක තියාගනින් මගෙ මැනිකෙ යක්කුන්ට හැගීම් දැනීම් තියනවා...නැත්තන් ඉතින්...කලු කුමාරයා අතිනුත් බඩ උන ගෑනු ඉන්න විදිහක් නෑනෙ...."

මං එයා දිහා බලන් උන්නා...යක්කුන්ට හැගීම් දැනීම් තියනවා කිව්වා විතරයි මගෙ කොන්ද දිගේ හීනියට හිරි වැටීමක් ගියා ...ඉන්නෙත් යකෙක් එක්ක....ඒ උනත් මගෙ අග්නිම කිව්වා හැම යකාම එයා වගෙ නෙවෙ කියලා ඒක ඇත්ත ....එයා වගේ හැම යකාම මට ලෙංගතුද නෑනෙ....ආදරේද නෑනෙ....

අග්නී....

"ම්ම්ම්න්...."

කලු කුමාරයා කොයි වගේද.....

" මොකටද?"

කියන්නකො අනෙ.....ම්හුක්...

" යෝ ....තියන දොන්තෙ..."

මම වචන පොඩ්ඩක ඇද්දා .....මූන කොයින් වගේද කියලා බලාගන්න ලයිට් එලියක් නැති වෙනකොට මට හුරතල් වෙන්න එයාව නම්ම ගන්න පුලුවන් එකම විදිහ මගෙ කට හඩ විතරක්ම වෙනකොට මම ඇදලා කතා කෙරුවා විතරයි එයා මගෙ පස්සට තට්ටුවක් දාලා මාව අත් දෙකෙම්ම තුරුල් කරන් පැත්තෙ ඇලේට හැරුන....

අනේ කියන්නකො....ඒකා කොයි වගේද අග්නි .....මගෙ අග්නි වගේද.....

" නෑ.....ඇයි උඹ හිතුවද කුමාරයෙක් කියනකොට ඒකත් උඹේ අග්නි වගෙ එකෙක් කියලා ...?උඹලගෙ කතන්දර පොත්වල එන කුමාර වරු වගේ නෙවෙ උන් .....උඹලගෙ පොත් වල තියෙන්නෙම බොරුනෙ මැනිකෙ ..චික්කෙ මට තාම මතකයි ..උඹට යන්තන් මගෙ කොලු පැටියගෙ වයස තරම් ඇති ...."

මං එයාගෙන් කලු කුමාරයා ගැන ඇහුවා එයා අදත් වෙනදා වගේම කෙරුවෙ මගෙ යටගියාව උඩට ගන්න හදපු එක....මගෙ එක අතක් තිබුනෙ එයගෙ සීතල මූන උඩ වෙනකොට කකුල් දෙකම එයා එයාගෙ එක කකුලකින් යට කරන් උන්නා ...එයා මගෙ නිඛිල්ට මගෙ කොලු පැටියා කිව්වා ...එයා කට පුරාවටම මගෙ ලමයට මගෙ කියලා කියනවා...තරහා ගියහම අග්නි කියන්නෙ අමු මෘගයෙක් උනත් අග්නිගෙ ආදරනීයම පැත්ත ඇත්තටම වචනවලට කියන්න බැරි තරම් ආදරනීයයි ..ඒ පලල් පපුවට මූන තියාගන එයා උඩට ගන්න මගෙ යටගියාව අහන් ඉන්න ආස හිතෙනකොට මම කෙරුවෙ ලෝබ හිතෙන, සාගරයක් තරමට ආදරේ තියන අග්නිට තව තව තුරුල් වෙච්ච එක...

"උඹලට යන්තන් අවුරුදු දෙක පහු උනා විතරමද කොහෙද .... හෙන මෝඩයා...මෝඩ කම අතේ අරන් ඉපදිලා තියෙන්නෙ ..උඹටත් මේන් මේ ....මයෙ පොඩි එකාටවගේම ලොකු අකුරු තියන කතන්දර පොතක් තිබ්බා ...උඹට තිබ්බෙ ඒක විතරමයි..මොකද උඹ ආසත් එකට විතරමයි....අනික උඹලගෙ අම්මා උඹට කතන්දර කියන්නෙත් නෑ ..කිව්වොත් ඕක විතරමයි .....මට මතකත් ඕක විතරමයි...

හැමදාම යක්කු ගස් නගින වෙලේ උඹලගෙ අම්මා උඹව බුදි කොරෝනවා...ඇදට උඩින් තවත් රෙද්දක් එලල....ඒක වටේටම කොට්ට තියලා නාවපු උඹව එ මැදින් තියනවා . ..උඹ හරි හොරා ..මහ කපටියා .උඹට ඕනෙම නටන්ඩ ...උඹලගෙ අම්මා උඹට බොරු පන්සීයක් විතර කිය කිය කකුල් බෝරිච්චි කරපු ජංගි පොඩියක් අන්දලා නලල මැදම කලු පාටින් ලොකු තිතක් තියනවා අයියෝ ...පියරු නාවනවා.....හොර පාට මූනෙන් වැක්කෙරෙනවා...අයියෝ ඉතින් හුරතලෙ බෑ ..මං බලන් ඉන්නවා...උඹේ නාඩගම් දිහා ....උඹට නිදා ගන්ඩ සූප්පුවකුත් කටේ ඔබලා අර ලොකු අකුරු තියන පොත උඹලගෙ අම්මා ඕක කියවනවා....ඒකෙ ඉන්න කුමාරි ගෙම්බෙක් අල්ලන් හාදුවක් තිබ්බම ඒකා කුමාරයෙක් වෙනවා .....උඹගෙත් පොඩි ඔලුවට වැටෙන දේවල් කියන්නෙ.....ඕක කියවලා...කියවලමද කොහෙදො දවසක් දා උඹ මහ නසරානි වැඩක් කෙරුවා ...

උඹලගෙ ඉස්සරහා හරියෙ තිබුනා අල පැල හිටවපු පෝච්චි වගයක්..... ඔව්වා යට ගෙම්බො ඉන්නවා දහක් පහලවක් විතර.....උඹව බුදි කරවන්ඩ ආව අම්මව රවට්ටන්ඩ ඇස් වහන් උන්න උඹ ඇද දිගේ රූටලා....රූටලා ගිහින් බිමට බැස්සා...ඇවිදගන්ඩත් බෑ හරියටම ....පොඩි කාලෙ තොපි ඔක්කොගෙම කකුල් බකල් නෙ....බකල් ගගහා බිත්ති අල්ල අල්ල උඹ එලියට බඩ ගැවා ..පොඩි එකා හින්දා බය කරන්ඩත් බෑ .... බඩ ගාගන වැටි වැටි එලියට ආව උඹ කෙලීම්ම අර අල පැල ගාවට දිව්වා දුවල මල් පෝච්චි යටට රිංගුවා ....".

මට ලැජ්ජා හිතුනා....ඊලගට වෙන්න යනදේ ඉවෙන් වගෙ දැනෙන කොට මම අග්නිගෙ කටට අත තිබ්බා

අනෙ අග්නී ....

"ඇයි ඉතින්. ..."

එපා කියන්ඩ.....ඔය කියන්ඩ හදන්නෙ මම ගෙම්බෙක් අල්ලන් ඉම්බා කියලනෙ.....

"ඉම්බ නම් කමක් නෑ.....උඹ දන්නවනෙ එ යක්ස ගෙම්බොත් ගොම්බෙටි වගෙ...අහස කඩන් වැටුනත් එවුන් නෙවෙ එහා මෙහා වෙන්නෙ ..යෝ ඉතින්....අර නාවලා කරලා උන්න උඹ පොඩි කමට අර අහුමුලු අස්සෙ රිංගන් නාකි ගෙම්බර් කෙනෙක් අල්ල ගත්තා නිකන් නෙවෙ අත් දෙකෙම්ම.....අල්ලන් කොල්ලට සන්තෝසෙ වැඩි කමට අප්පුචිචෙ ගගා කෑ ගැහුවා මේකා කෑ ගහනවා වගේම ..."

අනෙ අග්නී...ඇති...මට ඕනෙ කලු කුමාරයා ගැන අහන්ඩ....

"ඇයි මගෙ ගොන් බිජ්ජට ලැජ්ජද ...ම්ම්...ආ... මගෙ කොට මගුලට ලැජ්ජද අර නාකි ගෙම්බ්ව කටෙ ඔබා ගත්තා ...ඒකව හෙලෙව්වා ....අප්පුච්චියේ....කුමායයා...කොඑත...කොඑත ගගා කෑ ගැහුවා කියලා කියන කොට අහන් ඉන්න අමාරුද...".

චික්කෙ....මට බඩ කැලතෙන්න ආවා....ගොරහැඩි හමක් තියන ගෙම්බව කටේ ඔබා ගත්ත කියන කොට මට දුවන්න හිතුනා ...එයා කියවනවා බැරිම තැන මම ඒ කටට අත තිබ්බා . ...

"මගෙ මෝඩ මගුල.....මේ රෑ තිස්සෙ ඔවුන් ගැන අගලා හිත ගැස්සෙන්නද"

අනෙ අග්නී.....කියන්නකො....මං ඉතින් බය වෙන්නෙ මොකටද මගෙ අග්නි ඉන්නවනෙ ....

මං ආයම තවත් ටිකක් එයාගෙ අත් දෙක අස්සට රිංගුවා හරියටම කුකුල් පැටියෙක් වගෙ...එයා ඔහොම්ම උන්නා....ටික වෙලාවක් යනකන් සද්දයක් නොකර ඉදලා මගෙ කම්මුලකට හාදුවක් තිබ්බා...

"කලු කුමාර ගැන කියනවා නම් ...ඒකගෙ උප්පත්තියට හුගා කතා තියනවා ශිවන්..... ඇස් දෙක ගොරකා ලෙලි පාටයි දත් විලිස්සන් .....ඒකගෙත් ඇගපත හයිය හත්තියට තියනවා ඒකා වෙසමුනි රජ්ජරුවන් වහන්සගෙන් වරයක් ගත්තලු.....සමහරෙක් කියනවා එක්කගෙ අම්මා දෙමලියක්ය කියලා ...සමහරක් කියනවා ඒකගෙ අම්මා රජ වාසලෙ පිරුවට ගේන උන්දැගෙ කියලා ...එත් රජ්ජුරුවන් වහන්සගෙයි පිරුවට ගන්ඩ එන ගෑනිගෙයි පලහිලව්වක් තිබිලා මූ බඩට ආවා කියලා ..ඒ කොහොම උනත් කලු කුමාර කියන්නෙම කාම සල්ලාලයෙක්.....

අහගනිල්ලා මැනිකෙ...උඹලා නොදන්නවා උනාට යක්ඛ ලෝකෙ විත්ති බොහෝමයි මගෙ ශිවන්....."

මගෙ අධීර කිය කිය උන්න එයා ඊලග පාර මගෙ ශිවන් කිව්වා මගෙ මැනිකෙ කිව්වා....මගෙ කොට මගුල...කොට බරියා ..එයාට මං වෙනුවෙන් කියන්න ලෝකෙ නැති නම් හුගක් තිබ්බා...ඒ කොහොම උනත් මගෙ අග්නිගෙ පපුව අස්සෙ තිබුනෙ වචන කරන්න බැරි තරන් ආදරයක් විතරමයි කියන්න මම මේ වෙනකොටත් දැනන් උන්නා....එයා කියවනවා...කලු කුමාරයා කියන්නෙම කාම සල්ලලායෙක්ලු.....ඇත්ත ඌ ඉන්නෙම නාන මංකඩවල් ලග....

" උඹලගෙ ගැටිස්සියො කොටහලු උනහම ඇයි තනි කරන්ඩ එපාය කියන්නෙ....ඒකා ඒ පිලී ලේ ගදට කෑදරයි ...ඒකා සුවදට කෑදරයි .....මතක තියා ගනින් මැනිකෙ....ගැටිස්සියක් කොටහලු උනාම අනිවාර්යයෙන්ම ඒකි නාවලා ගෙට අරන් ටික දොහක් යනකන් ඒකිගෙ ලගට යකඩ කෑල්ලක් තියපන්....වප් පිහියක්....ඇනයක් හරි ගිරයක් හරි....මොකක් හරි.....අලුත කොටහලු වෙන ලමිස්සියන්ට තනිකන් දෝසෙ ගහන්නෙ ඒකයි.....ඕකා එනවා ඒ කුයිලෙට...උඹ අහලා දැකලා නැද්ද ඔවුන් මහ රෑට බය වෙලා කෑ ගහනවා....."

....එයා අහනවා කොටහලු උන කෙල්ලො බය උනහම මහ රෑට කෑ ගහනවා අහලා නැද්ද කියලා ...අහලා තිබුනත් මම තනිකන්දෝසෙට අහු උන එකියක් දැකලා තිබුන් නැතිවෙන කොට නෑයි කියලා කියන්ඩ හිමීට කෙදිරි ගාන ගමන් බය හින්දා තවත් ලන් උනා...

" මැනිකෙ ඔය කොටහලු වෙච්ච ලමිස්සියො තනිකන්දෝසෙට අහු උනාම මහ රෑ...මැද හූතියාගන නැගිටිනවා....ඇයි දන්නවද මේකා ඇග උඩ නගිනවා...අතපත ගානවා...මිරිකනවා...හරියටම ගෑනු මිනිස්සු අහවල් කාරිය කරන්ඩ යනවා වගේ මූත් නගිනවා.....අහල බලාපන් ඔය ගැටිස්සියො කියාවි ඒකිලාගෙ අතට එකගෙ ඇගේ රෝම කූප පවා දැනුනයි කියලා .... .උඹලගෙ ගෑනු මහ මෝඩයි....නාන්ඩ යන්නෙම ගොම්මනෙ.... බලපන් ඔය නාන මන්කඩවල් ගාව....අන්ද කාර තැන් වල ඕකිලා අදන කඩේ ගලවන්නෙ කොහාට හැරිලද කියලා...පදුරක් දිහාවට හැරිලා ..ඔය නානමන්කඩ ගාව පදුරු අස්සෙ ඕකා ඉන්නවා ගෑනු අදන කඩේ ගලවලා වෙන එකක් අදිනකොට බලන් ඉන්නවා...මේකා ගස් වැල් අස්සෙන් බලන් ඉදලා කෙල හලනවා...මේකිට දිශ්ටිය ගහනවා....උන විකාරෙ ඔල්මාදේ ....තනියෙන් ඉන්ඩ හදනවා ..අන්දකාරෙට රිංගන්ඩ හදනවා බලන් ඉන්නකොට විරූපි වෙනවා ...

ඒකි බැදපු එකියක් නම්.....ඒකිට කලු කුමාර දිශ්ටිය වැහුනොතින් ඒකිට මිනිහා එක්ක නිදිවදින්ඩ බැරි වෙනවා ..මිනිහව එපා වෙනවා ...පේන්ඩ බැරි වෙනවා ...ඒකා කැමති නෑ ගෑනු බඩ වෙනවට වෙනමොකටවත් නෙවෙ ..ගෑනු බඩ උනාම එවුන්ට මාසෙන් මාසෙට කිලි පිටවෙන් නැති හන්දා ...බඩ වෙන ගෑනුගෙ දරු ගැබ මාසෙන් දෙකෙන් හෝදලා දානවා ...ඊට පස්සෙ ඒකට දෙන පුද පූජා සත්කාර බාර අරන් පැත්තකට වෙනවා ...

අනිත් එක උඹලගෙ ගැටිස්සියො දැන් ඔය නානකොටු අස්සෙ තනි පන්ංගලමෙ අමු හේලුවෙන් නානවා ..ඒකිලා නාන්ඩ ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම කරන්නෙ සංගීත සාජ්ජ දාන එක ....ගෑනු ලමිස්සියො ..ගෑනු පරාන නානකොට නාන්ඩ ඕනෙ සද්ද නොකර . .එවුන්මයි අරකව ගෙන්න ගන්නෙ ..හිත දුර්වල එකියක් උන්නොතින් ඉතින් තනි ක්නදෝසෙ ගහලම තමා නවතින්නෙ...තේරුනාද මගෙ මැනිකෙට ..."

ම්ම්ම්....

" දැන් ඉතින් නිදාගනිල්ලා ...හිත බය කරගඩ එපා...ඉතිස්පිසෝව කියහන් ...කියලා ඇස් පියවපන් ...බුදු බන ගාව මොන යකත් හීලයි....මම ඔය බුදු බන අහන්නෙ අදක ඊයෙක නෙවෙ මගෙ ශිවන්...කෝ....ඇහැ පියවන්කො..මං අරකවත් ලගට ගන්ඩ...ඒකා පව් ..තට්ට තනියෙන් .....ඔන්න ඉතින්...උඹල එක්ක මොකක් හරි අඩව්වක් වත් අල්ලන්ඩ තිබ්බා නම් ඒකට අදට තනියෙන් නිදාගන්ඩ දෙන්ඩ තිබ්බා.කොහෙද .....මයෙ අප්ප්පොච්චා උඹලගෙ කොන්ද කඩලා...ඇරත් උඹට පනත් නෑ .....ගමටම ඇහෙන්ඩ නහින්ඩ හැදුවොත් මේ තනි රකින්ඩ ආව ගනු බඩ වේවි.....උඹ කියන්නෙ මට ඒකිලාටත් ලමයි වදන්ඩ කියලද...බෑනෙ .

අනේ අග්නී ....ඇයිඅග්නි මේ....

" ඉතින් ඇත්තනෙ මැනිකෙ ....උඹලගෙ එකීල ඔය අහු මුලු ගානෙ සහවාසෙ ඉන්නකොට අපි දකිනවනෙ ඒකි නහිඩ හදනවා...එව්වා දැකලදො කොහෙදො මෙතුවක් කාලෙට දත් මිටිකාන් කට තදකරන් උන්න අපේ එකිලත් දැන් නහිඩ හදනවා ...ඒකිලා එහෙම නහිනවා නම්..උඹ.....උඹ කෑ නොගහා ඉදීද නෑනෙ.....එක්කො උඹව කුදලන් මගෙ විමානෙට යන්ඩ ඕනා....ඒත් බෑ... ගල් ඇද උඩ උඹව තියලා මමත් ඇගට නැග්ගම උඹව පත්තර පිටුවක් වේවි ....."....

මට වහ කන්න හිතුනා...මේ අග්නියෙක් දකින කියන දේවල්.....අපි අතරෙ මොකුත් අඩව්වක් වෙන්නෙ නැහැනෙ කියපු අග්නියා කලුවරේන බැහැලා ගිහින් තොටිල්ලෙ උන්න මගෙ කොල්ලව ගෙනත් ඇද මැදින් තිබ්බා...මාව බිත්තියෙ කොනට දැම්මා....ඒකගෙ බරම බර අත් දෙක අස්සට හිර උන මායි කොලු පැටියයි කිකිලි අම්මෙක්ගෙ අත්තටු යට උනුහුම හොයපු පොඩි උන් දෙන්නෙක් වගේ වෙනකොට අග්නිගෙ සීතල සුසුම් වගේම ආදරේ මැද මටත් වඩා මගෙ ....නෑ..

එයා අපේ....අපේ පුංචි එකාට නින්ද ගිහින් තිබුනා.....

ශිවන් ....

ම්ම්ම්....

ශිවන්.....නැගිටපල්ලා.....

ම්ම්හ්...අනේ....තව චුට්ටක් ....

ශිවන් . ...

මට නින්ද ගියා නිකන් නෙවෙ හුස්මගන්නත් අමතක වෙන තරමට ගැඹුරුම ගැඹුරු නින්දක්....ශිවන් නැගිටපල්ලා.....ශිවන් නැගිටපල්ලා ගගා කවුරු හරි මට කතා කරනවා හීනෙන් වගෙ ඇහෙනකොට මං තව චුට්ටක් කියන ගමන් රෙද්දෙන් එලියට ආව කකුල් රෙද්දෙ අස්සට ඔබාගන ආයමත් මගෙ ලමයව තුරුල් කරන් ඇස් පියෙව්වා ....ඒත්.තත්පර ගානයි.....මග පාන්දර කුකුලා අඩන කනිසම එක්ක මගෙ යටි පතුල් වලට තෙතක් දැනුනා ...ඒ තෙතම කලවා වලට....ඒ තෙතම කොදු නාරටියට වගේම පැත්තට හැරිලා උන්න මාව කවුරු හරි අනිත් පැත්ත හැරෙව්වා ..

දැන් ඒ තෙත හුස්ම මගෙ මූන පුරාවටම වදිනවා ...මාව් හොලවනවා....තත්පර දෙකක්....ඕනා නම් තුනක් යන්න ඇති....මට හුස්ම ගන්න බැරි උනා මගෙ නහය හිර උනා...මම දැගලුවා ....අග්නිව අල්ලන්න හැදුවා ...කකුල් අත පය හතරම ගැසුවා .....කුකුල්ලු එකා කාරෙට කෑ ගහනකොට ලාවට ආව දම් වැල් සද්දෙ එක්ක මං ඇස් ඇරලා බැලුවා...

ල්..ලවන්.....

දෙයියනේ ඒ උන්නෙ ලවන්....ඒකා මාව ඇහැරවන්න මගෙ නහය උගෙ හොඩේ ඇතුලට දාන් නාස් පුඩු හිර කරවලා තිබුනා .....කන් දෙක වන වන මූ පැද්දෙනවා...අනෙ දෙයියනෙ මූ කොහොමද ඇතුලට ආවෙ...ජනෙල් බිත්ති මේ මොකුත් කැඩිලා නෑ.....ඒකා එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා ...ඌ පැද්දෙන වාරයක් වාරයක් ගානෙම බෙල්ලෙ තියන සීනුව් ටිලින් ටිලින් ගෑවා වගේම කකුල් වල දම් වැල් සිමෙන්ති පොලවෙ එහා මෙහා වැදුනා....

ල්..ලවන්....අහකට ..අහකට පලයන්...

මං මිමිනුවා ....අහකට පලයන් ගගා ඒකගෙ හොඩේ අරන් පැත්තකට කෙරුවා ....උගෙ හොඩවැල තනිකරම පිඹුරෙක් වගෙ...ඇවිත් ඇවිත් එතෙන්නෙම මගෙ බෙල්ල වටේට වෙනකොට මං අඩ අන්දකාරෙ කොල්ලව හෙව්වා ..කොල්ලා නෑ...කොල්ලා විතරක් නෙවෙ අග්නිත් නෑ....ඒ ඔක්කොමත් එක්ක මගෙ ඇස් පිය වෙනවා...

ල්...ල්ල්...ලව....න්..ල්ල්ලව....න්...මො..මොකද ...මොන...මගුල....ආව්හ්...ආව්හ්....අම්මා.....

මෙච්චර වෙලාම දෙපැත්තට පැද්දි පැද්දි උන්න ඇත් පැටියා ඊලග පාර මගෙ බද ඒකගෙ හොඩ වැලෙන් ඔතා ගත්තා ...මං දගලන්න දගලන්නම ම්‍රෙකා මාව උස්සගන ග්‍රීල් නොගහපු ජනේලෙන් මාව එලියට විසික් කෙරුවා ....

ආව්හ් ...අම්මාහ්...මගෙ....වැල මිට....

මං මූනින් අතට වැටිලා උන්නා...

අරූ විසික් කෙරුවෙ කොහොමද මාත් ඒ විදිහටම උන්නා

පාන්දර පහෙ කනිසම වැදුනා කියන්ඩ කුකුල්.කූඩුවෙ ඉන්න කුකුලා ගිරිය පුප්පන් නහින්ඩ හදනකොට මට ගිහින් කුකුලගෙ බොටුව මිරිකන්ඩ හිතුනා උනත් මගෙ පිටිපස්සෙන් ආව දම්වැල් සද්දෙ ඇහෙන නෑහෙන ගානට ආව හුස්ම පිඹින සද්දෙ එක්ක මං කිහිල්ලට යටින් ඇස් කරකවලා බැලුවා .....

ලවන්...ඒකා ආයමත් එලියට ඇවිත්....ඒකගෙ හොඩෙන් මාව කූරු ගාන්න ගත්තා....හොඩෙන් එන උනුසුම් වගේම සීතල ..නමක් දෙන්න නොතෙරෙන හුස්ම මගෙ සර්වාංගෙම පුරාවටම වදිනකොට උස්සලා විසික්කරපු මං අඩ අන්දකාරෙ මැරිලා වගෙ උන්නා.....යක්කු මදිවට අලිත් හොල්මන් කරන්නෙ මාත් එක්ක වෙනකොට ලවන් මගෙන් අධීරව හොයන්න හැදුවා ...

එකා මගෙ වටේ කැරකෙනවා ....හොරාවට පිඹිනවා....ඉස්සරහා අතෙන් මාව හොලවනවා ....කියන්න තේරුන් නෑ...කලින් ආත්මෙ මං එයාගෙ ඇත් ගොව්වා උනත් මේ ආත්මෙ ආසාවට අලියෙක් ගාවට යන්න බය මං...කතරගන ඇතාගෙ බඩ යටින් රිංගන්න බය මන් එයාට බය නොවී උන්නා....

දන්නවද ..ජීවිතේ හැමදාමත් පුදුම වීම් වලින් පිරුන මැජික් පොතක්...සංසාර බැදීම් ආයමත් හොයන් එන්නෙ හිතන්නෙ වත් නැති විදිහට.....ආදරේ කියන වචනෙට ඇත්තටම පන දීපු මිනිස්සු නැතුවම නෙවෙ....නැති නම්..කොහොමද මගෙන් ගිලිහුන හැම දේම ආය ආයම මගෙ ගාවට එන්නෙ....

මං මැරිලා....

මං බිම ඉදගන මැරිලා වගේ රගපෑවා...ඒකා හොඩ වැල දදා මගෙ මූනම අතපත ගානවා ....අවසානෙදි ඒකා මාව හොලවලා හොලවලා උගෙම හොඩ වැලෙන් මාව උස්සලා හිට ගැස්සෙව්වා..හිට ගස්සවලා නිකනුන්නෙ නෑ ඒකා මට හොඩවැලෙන් පස්සට ගහපු පාරට මාව අඩි දෙක තුනක් ඉස්සරහට විසි වෙලා ගියා....

යකෝ...

මම කෑ ගැහුවා...කෑගහලා ඒකගෙ පැත්තට හැරුනා ....

උඹත් ඒ පාර ගහන්න ගත්තද අරුත් ගහන්නෙ පුකට...උඹත් ගහන්නෙ පුකට....උඹකා දෙන්නටම ඕනේ මාවද නැත්තන් . ....

මම ඒකට බැන්නා ..මූ නෙවෙ ගනන් ගන්නෙ ඌ කකුලක් ඉස්සරහට තියනවා පස්සට පස්සට තියනවා ...මොන මගුලට මේ හොල්මන් පාන්දර මාව හොයන් එනවද කියන්න මම වත් නොදන්න කොට ඒකා කන් පට ගගහා වට පිට විපරන් කෙරුවා ....

ඒ..ඒ....ඕක නම් කඩන්ඩ එපා .....ඕක නම් එපා ..අප්පච්චි ඊයෙත් ඕක අල්ලලා බලලා ගියෙ .....ඕක....ඒ ..හ්...

වටපිට බල බල උන්න ලවන් ඊලග පාර හොඩෙ දික් කෙරුවෙ ගස් ලබු ගහට .....ඉදුනම මදෙ රතුම රතු වෙන මේ ගස්ලබු කන්ඩ අප්පච්චි ආස බව දන්න මම ඒකට කෑ ගැහුවා .....ඒත් වැඩක් උනේ නෑ....මම කෑගහනකොටත් ඒකා එක කඩාගන කටේ දාන් ඉවරයි ....

ඇත්තටම ඇයි බන් උඹල දෙන්නා වද දෙන්නෙ....

මම බිමට වැටුන ගස් ලබු පොතු දිහා බලාගන කියවලා ඒකා දිහා බැලුවා ....ලවන්ගෙ ඇස් තිබුනෙ මා ගාවට ...ඌ හොඩ වැල දික් කරලා මාව ඇදලා වගෙ ලගට ගත්තා ....අඩ අන්දකාරෙ වගේම ඇවිලෙන ලයිට් එලි වලින් මං ඒකගෙ ඇස්දිහා හොදට බලන් උන්නා.....ඌ බලන් උන්නෙ මගෙ බෙල්ල දිහා බෙල්ලෙ තිබුන දිවි දත දිහා .....ඒ ඇස් පිහාට ගහනකොට මං බලාගන කදුලු බින්දුවක් පහලට වැටෙනවා.

නාඩා ඉදින්....උඹ හිතලා මාව මැරුවෙ නෑලුනෙ ...නේද ....උඹ හොද සිහියෙන් උන්නා නම් කවදාවත් මාව මරන් නෑනෙ නේද....

මම ඒකගෙ හොඩේ අත ගෑවා.....මට දැනුනා.....ඒ හිතෙ වේදනාව..පපුව පැලිලා මැරෙන්න තරම් කොයිතරන් ආදරයක් තියෙන්න ඇතිද...

ලවන්....

මම හරී හිමීට කතා කෙරුවා .....මාව මරපු පව නිසාමද කොහෙද ලවන් තවමත් සංසාරෙ කැරකුනා...යන්න එන්න තැනක් නැතිව ඒ ආත්මෙ ඉබාගාතෙ කැරකුනා...එකයි මගෙ අග්නි කිව්වෙ එය වෙනුවෙන් පින් කරන්න කියලා....

..උඹ දන්නවද ...නේරංජනාවෙදි සිද්දාර්තයො යන්න යනකොට ජන්නට පුලුවන් උනාලු දරාගන්න.....දුක වේදනාවට කදුලු හැලුවත් ජන්නට පුලුවන් උනාලු හුස්ම ගන්න .....ඒත් කන්ඨකට බැරි උනාලු දරාගන්න.....පපුව පැලිලා මැරෙන්න තරම් .....මම අදටත් අහන්නෙ ලවන්...කන්ඨකගෙ පපුව පැලිලා මැරෙන්න තරම් ආදරයක් තිබ්බා නම්....ජන්නට වඩා හැමදාමත් කන්ඨක ඉස්සරහින් නේද....?ඒ වගේමයි ලවන් උඹත් පපුව පලලා ආදරෙ තරම බලබ්න කියලා මිනිස්සු කිව්වත්....පපුව පැලෙන්න ආදරේ කෙරුවා කියලා ඔප්පු කරන්න පුලුවන්....දූවිලි අංශුවකටත් වඩා අඩු මිනිස්සු ප්‍රමානෙකට....

මම එකගෙ හොඩේ අත ගෑවා....ඒකා ලාවට පිඹ පිඹ අහන් ඉදලා මාව ඉස්සරහට තල්ලු කෙරුවා ...යන්නෙ කොහෙද කින්ද මන්ද නොදැන මම ඒ අඩ අන්දකාරෙ එයා තල්ලු කරපු දිහාවට එන්න එන්න ආව...වැල යටින් යන්න යනකොට ඊයෙ හවස හෝදලා දාපු පුංචි එකාගෙ කලිසමක් බිම වැටිලා තිබ්බා වගෙම මගෙ දිහා බලන් ආව ඇත් පැටියට මගෙ කොලුවගෙ ඇදුම පෑගෙන්න ගියා ...

මං දැන් අප්පච්චි කෙනෙක්.....

මම වචන මිමිනුවා .....කලිසම පාගන්න බිමට ගහන්න ගියපු අත ඌ උස්ස ගත්තා ...මම දැන් අප්පච්චි කෙනෙක් කියන වචන එක්ක ඒකා ඒ කකුල උස්සගත්තා ....උස්සගන හොඩෙන් මගෙ කොලුවගෙ කලිසම අරගන මගෙ ඔලුව උඩින් දැම්මා...

මේන් ඉඹලා බලපන්....මගෙ එකාගෙ සුවද ....

මම කලිසමෙන් එන ලදරු සබන් සුවද ඒකට ඉව කරන්න දුන්නා ...දල දෙක අඩක් මතු උන ලවන් ඒක අරන් ඒකගෙ දලක් උඩ දාගත්තා ....

මං දන්නවා .උඹලට කල්ප කාලාන්තරයක් උනත් සුවද මතක තියා ගන්න පුලුවන් කියලා .....නැත්තන්....උඹ කොහොමද මගෙ සුවද අදුනන්නෙ .....

.මම ලවන් එක්ක කතා කෙරුවා ....පෙරහැරේ නටලමද කොහෙද ඒකට නම් කෙලින් ඉන්ඩම බෑ.....ඒකා එහාට නටනවා ..මෙහාට නටනවා...

මට කියපන්....ඉබාගාතෙ යන උඹව මම කොහොමද නිදහස් කරන්ඩ ඕනේ කියලා ...ආතක් පාතක් නැතිව තනියම දුක් විදින තැනින් උඹව බේර ගන්න ඕනෙ කොහොමද කියපන් ලවන්.....

ඒකා මාව හොඩෙන් තල්ලු කර කරෝම ඉස්සරහට ගෙනිච්චා ...යන්නෙ යක්කු ඉන්න මූකලානට කියන එක දන්නවා උනත්...අග්නි කොහේ හරි ඇති කියන සිතුවිල්ල මගෙ හිත ඇතුලෙ හොල්මන් කරනකොට බිම් කරුවල අඩක් නැතිව යනකොට මම ඒකා එක්ක ඉස්සරහට ගියා....ගිහින් ගිහින් ඌ අවසානෙදි නැවතුනෙ අග්නි මාව තුරුල් කන් ඉදන් උන්න කටු දිවුල් ගහ ගාව වෙනකොට ඒකා හොඩ වැල උස්ස ගත්තා ....

දිවුල් ගිලින්ඩ....මේ උදේ පාන්දර.....??ඔව්වා ගිලින්ඩ හොද නෑ .....යමං මං කොස් අත්තක් කපලා දෙන්නම්....මෙව්වා සැරයි උදේට .....

" ඇයි උඹ හිතුවද උන් උදේට නෙස්ටමෝල්ට් බීලා පානුයි පරිප්පුයි කනවා කියලා අනේ ඉතින් මගෙ කොට මගුල ".

අග්නීහ්....

මම හිතුවා හරි ....මගෙ අග්නි ඉන්නවා.....මම දිවුල් ගහ දිහා බලාගන ලවන්ට එක එක ඒවා කියනකොට කන පිටිපස්සෙන් අග්න්ගෙ කට හඩ ඇහුනා.....මම හැරිලා බැලුවා ...ඒත් එයා නෑ....කට හඩ විතරයි ... .....

"උන්ට උඹලට වගේ චූන් පාන් කාරයො එන්නෙ නෑ.....මුදුනා නොවි ඕක කඩල දියන්....උඹ ඌට ඉන්න කාලෙ උදේට ගිල්ලල තියෙන්නෙ ඔව්වා තමා ...."

දිවුල්....???

මම ඔලුව කැසුවා.....හැබැයි එතනින් එහාට කතා කරන්න ගියෙ නෑ ...මොකද මම ඉන්නෙ යකෙක්ට වගේම හොල්මනකට මැදිවෙලා...උන් ගැහුවොත් එක්කො මැරෙනවා .නැත්තන් මගෙ පුක රොටියක් වෙනවා ..ඒක හින්දම මම ගහ දිහා බලන් ඔලුව කැහුවා...

මේකට නගින්ට උස නෑනෙ ...

" ඕනම උස ගහක් කපන්නෙ බිම දාලා....".

මොකක්.....

"මොකුත් නෑ....දෝදුවා....කියලා කට වහන්න කලින් මොකක් ගානවා....උඹට මොලේ නැද්ද බන්...".

අග්නීහ්.....ආව්හ්හ්...ආව්වා...

එයා මොනවා හරි කිව්වා...මගෙ වල් අග්නියා දෙපිට කැපෙන කතාවක් කිව්වා...ඒ කියල මං බලාගන ඉන්නකොට දිවුල් අත්තක් පාත් උනා .....ගැට දිවුලක් හිස් මුදුනමටම වැටෙනකොට මම බෙරිහන්දුන්නා....

මගෙ පුතා ....

අම්මා....ඉදල්ලා මේ පහන තියපන් ....

අග්නි ආයාම දේවාලෙට ගියා...අද බදාදාවක්...කෙම්මුරක්....බර දවසක්...උදේ පාන්දර මාව හොයන් ආව ලවන් දිවුල් ගිලලා කැලේ මැදම අතුරු දහන් වෙලා යනකොට මම පහන් පැලට තියන්න මල් කඩනකොට අප්පච්චි ඊයෙ රෑ ඉලව් රැකපු උන් කාපු බුලත් වට්ටි එකතු කරන ගමන් උන්නා ...

අම්මා ආවා...තෙල් පුරවපු මැටි පහන මං ලව්වා පහන් පැල අස්සට තියලා හදුන් කූරුත් පත්තු කෙරෙව්වා...

මයෙ පුතා ...

ම්න්....

උඹල වැඩට යන්නෙ නෑ .....

මං දන්නෙ නෑ අම්මා...මට....

ඒ ගියත් නේ නොදරුවා එක්ක තනිපන්ගලමෙ ඉන්ඩ ඕනෙ....මෙහෙ ඉදපල්ලා....මෙහෙ ඉදන් යමල්ලා.....

මම ඔලුව වැනුවා මිස්ටර් ඇතුගලගෙ මුන මතක් වෙනකොට මට රස්සාවක් ඕනෙමඩමද හිතුනා ...ඒත් නොයා බෑ...අග්නි කිව්ව මම කරන හැම දේම කරන්න ඕනෙ නොමිලෙ කියලා ....පූජා වට්ටියට ඉදම්ම මම වියදම් කරන්න නම්.....මම හම්බකරන්න එපැයි ..

මම අම්මා දිහා බලලා මොකුත් නොකියම එන්න ආවා උනත් අම්මා ආයම මාව නවත්ත ගත්තා

ශිවන්.....

අම්මා....

ඔහොම නැවතුනා නම්.....

කියන්න අම්මා....

මගෙ පුතා ...උඹලාගෙන් කාරනාවක් අහන්ඩ....ඇත්ත කියනවද....

මම දේවාලෙ දිහා බැලුවා ....තිර රෙද්ද ලාවට හෙළ උනා...

මොකක්ද අම්මා....කියන්ඩ....

අම්මා මා දිහා බලන් උන්නා.....තප්පර ගානක්.....මගෙ වටේ වටයක් කැරකුනා....කැරකිලා ආයම මගෙ ඉස්සරහට ඇවිත් නැවතුනා ....නැවතිලා අත් දෙක පිටිපස්සට බැදගත්තා ...මම ආයම දේවාලෙ දිහා බැලුවා ....අග්නි බලන් ඉන්නවා .....අම්මගෙ ඇස් දෙක මගෙ මුලු මූන පුරාවටම එහා මෙහා ගියා .

උඹලා මගෙන් මොනවා හරි වහන් කරනවද ශිවන් .....ම්ම්ම්ම්ම්ම්???

....

කායයියත දොයිය මත හැදිලලු....

🤭🤭

ගුත් නයිත්...

😶ආයම කොටසකින් එන්නම්.....

ආතරෙයි ...

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters