LightReader

Chapter 3 - 03

" මොකද දැන් ආර්ටිකල් එකේ තත්වෙ එහෙම ? "

ලොක්කා ඇහුවේ කොල්ලා හිටපු ටේබල් එක ගාවට ඇවිත් මේසයට අත් දෙකෙන්ම බර වෙලා . කොල්ලා එහෙම්මම නැඟිට්ටේ ලොක්කට තියෙන ගෞරවය හින්දමයි .

" වාඩි වෙයන්, වාඩි වෙයන්..."

කොල්ලා ආයෙමත් වාඩි වුණා .

" මොකෝ, ලියන්න පටන් ගත්තද? "

" ලියන්න නම් පටන් ගත්තා සර්, ඒ වුණාට හරි හමන් තොරතුරක් නැතුව ලියන්න අමාරුයි. මට නම් හිතෙන්නේ මේක ගැන වෙනමම research එකක් කරන්න වෙයි වගේ..."

" ඒ කියන්නේ? "

" මං කියන්නෙ සර් අපි දන්නෑනේ සමරේ...සොරි සමරදිවාකර කියන්නෙ කවුද කියලවත්...ඒ නිසා පොඩ්ඩක් මිනිහගේ වටේ විස්තර හොයාගන්න වෙනවා. "

" ඒත් කොහොමද එහෙම කරන්නේ? "

" ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ සර්? "

ලොක්කා වගේම කොල්ලත් කල්පනා කරන්න වුණා . දෙන්නා හරියට සූටියයි, මාටියයි වගේ. ලොක්කගේ ඔළුවට නම් හිස් බඩ කිසිම අදහසක් එන්නැති තරම්.

" idea...."

කොල්ලා කිව්වේ සූටියා "පත්තු වුණා" කියන්න වගේ.

" මොකක්ද කොල්ලො? "

" මේකයි සර්, මං දන්නෑ මේක හරි යයිද කියලා . ඒත් සර් එක වෙලාවකට මට හිතෙනවා මේක හරි යයි කියලා . මේක ටිකක් dangerous වැඩක්. හැබැයි මේ ක්‍රමේ ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නෑ."

" මොකක්ද කියපන්කො අගේ නොකර..."

" මෙහෙමයි සර්, මං DMS night club එකට යනවා..."

"මොකක්...! "

" ඔව් සර්..."

ලොක්කට නම් නිකන් හීන් දාඩියත් දාලා වගේ.

" උඹට හොඳටම ශුවර් ද?"

" ඔව් සර්, මං යනවා..."

කොල්ලා කිව්වේ දැඩි ස්ථීර අධිෂ්ඨානයෙන් . සත්සිඳු කියන්නේ කොහොමත් කිව්ව දේ කරන කොල්ලෙක්. වැඩක් භාර ගන්න මුලදි කොච්චර අකමැති වුණත් ඒ වැඩේ භාර ගත්තට පස්සෙ නම් කොල්ල පුදුමාකාර විදිහට වෙහෙස මහන්සි වෙලා තමයි වැඩ කරන්නේ. වචනයේ පරිසමාප්තියෙන්ම සත්සිඳු හරියට මුහුදු හතක් වගේ තමයි .

කොල්ලා කිව්වට මොකද රැය ලං වෙන්න ලං වෙන්න කොල්ලට හරි බයයි. කොල්ලා කොහොම හරි එදා රෑම night club එකට යන්න තීරණය කරන් හිටියේ. වැඩ ඉවර වෙලා පයින්ම රැජින පාරෙ දිගේ ඇවිදගෙන ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණ කොල්ලා ටික දුරක් යනකන් පයින්ම ඇවිදගෙන ගියා. කොල්ලට ඇඟේ මහන්සියට වඩා හිතේ මහන්සිය. කල්පනා කරල කල්පනා කරලම හිත මොකක්ද වෙලා. ඒත් ඒ ගමන නොගිහින් කොහොමටවත්ම ආර්ටිකල් එක ලියන්න බෑ කියලා කොල්ලා දන්නවා. ඉතින් කොහොම හරි මේ ගමන යනවාමයි කියලා කොල්ලා තීරණය කළා .

බෝඩිමට ගිහින් සත්සිඳු ශවර් එක යටට වෙලා පැයක් විතර හිටියේ යන ගමනෙන් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව. කොල්ලා ඇඳන් හිටියේ සුදු පාටට හුරු underwear එක විතරයි.වෝටර් ශවර් එකෙන් වැටෙන සිනිඳු වතුර බින්දුවලට ඔහේ තමන්ගේ සිරුර සිපගන්න ඉඩ දීලා සත්සිඳු බලන් හිටියේ ඇස් පියාගෙන. සීතලම සීතල වතුර බිංදු කොල්ලගේ මුළු සිරුරම සිපගත්තේ හරි ආදරෙන් වගේ. අලුතින්ම ගත්තු බොඩි වොශ් එක ගාලා වොශ් එකක් දාගත්තු කොල්ලා බාත් රූම් එකේ තිබ්බ කණ්ණාඩියෙන් ටික වෙලාවක් තමන්ගේ මූණ දිහා බලන් හිටියා . හඳ පායලා වගේ. යාන්තමට වැවුණු රැවුල, රෝස පාට තොල් . හරියට නිකන් කොරියන් නළුවෙක් වගේ. ගෙදර ඉන්නකන් K dramas බලපු කොල්ලට ඌව පේන්නෙත් කොරියන් නළුවෙක් වගේම තමයි ඉතින්. අහන්නත් දෙයක්ද? කොල්ලා එයාව දැක්කේ True Beauty එකේ Lee Su - ho වුණු Cha Eun - woo වගේමයි . දැක්ක කෙනෙක්ට හිතෙන්නෙත් එහෙම්මම තමයි . ඇරපු අතක් නෑ. කොල්ලා හරියට Chan Eun - woo ගේ photo copy එකක් වගේමයි .

වොශ් එකක් දාගෙන කාමරයට ආව කොල්ලා මුළු කබඩ් එකම අනිත් පැත්ත ගහලා බැලුවේ රෑට night club එකට ඇඳන් යන්න හොඳ ඇඳුමක්. ඒත් ඉතින් කොල්ලට එකම එක ඇඳුමක්වත් සෙට් වෙන්නෙ නැති තරම්. අන්තිමට මුළු ඇඳුම් ටිකම අවුස්සලා අවුස්සලා කොල්ලා තෝරගත්තේ සුදු පාට ටී ශර්ට් එකකුයි, ඩෙනිම් ජැකට් එකකුයි, තද නිල් පාට ඩෙනිම් කලිසමකුයි. ඒකටම හරියන්න සුදු පාට sneakers දෙකක්. රාජකාරියකට යන ගමනක් වුණත් කොල්ලා යන්නෙ night club එකකට. ඒ නිසා පුංචි කළු පාට ear magnet එකකුත් දාගෙන කොල්ලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බැලුවා. සැර සුවඳවල්වලට කොල්ලා එච්චර කැමති නැති වුණත් වෙලාවෙ හැටියට කොල්ලා තිබ්බ සැරම perfume එක ගහගත්තා. කොල්ලට ලෑස්ති වෙන්නම පැය එක හමාරක් විතර ගියා.

රෑ 8 ට විතර කොල්ලා pick me එකෙන් vehicle එකක් දාගෙන එනකන් බලන් හිටියා. Vehicle එක ආවට පස්සෙ කොල්ලා vehicle එකට නැඟලා පිටත් වුණේ DMS night club එකට. වාහනේ ගිහින් නතර වුණේ ලොකු භූමි ප්‍රමාණයක් තිබුණු DMS hotel එක ගාවින්. සුදු පාට මාළිගාවක් වගේ හදපු ලස්සන හෝටලයක් ඒක. කහ පාට බල්බ් වැල්වලින් හෝටලයේ පිවිසුම් පරිශ්‍රය හරි ලස්සනට අලංකාර කරලා තිබුණා . කොල්ලට නම් දැක්ක ගමන් හිත ඇදිලා ගියා.

සත්සිඳු හෝටලේ ඇතුළට යද්දිම දැක්කේ පල්ලෙහා කහ පාට බල්බ් වලින් හරි ලස්සනට අලංකාර කරලා තියෙන විදිහ. ලොකු ලොකු බල්බ්වලින් හෝටලේ මුළු පල්ලෙහා කොටසම හරියට කහ පාට පාරාදීසයක් වගේ. හැබැයි ඒ කහ පාට පාරාදීසයෙ හිටියෙ නම් නපුරු මායාකාරයෝ ටිකක් . කළු පාටින්ම ඇඳගත්තු , සන් ග්ලාස් දාපු හයේ හතරේ සද්දන්ත පිරිමි ටිකක් . ඒ සමරේ අයියගේ ආරක්ෂක භට පිරිස. කොල්ලා උන් ටිකව දැක්ක ගමන් පොඩ්ඩක් තිගැස්සුණා. සත්සිඳු උන් ටිකව දැක්කෙ හරියට නින්ජලා ටිකක් වගේ.

' මුන් මං ගැන සැක හිතයිද? බුදු අම්මේ මුන්ගෙ ලොකු. සමරෙගෙ අහවල් එක ආරක්ෂා කරන්නද අප්පා මෙච්චර එව්වෝ තියන් ඉන්නේ? මුන් නම් අනේ මන්දා .' කොල්ලා එතනට ගියේ එහෙම හිත හිතා. කොල්ලා ගියාට පස්සෙ නින්ජලා ටික කොල්ලගේ අයි ඩී එක බැලුවා. ඊට පස්සෙ කොල්ලගේ මුළු ඇඟම චෙක් කරන්න ගත්තා. ඊට පස්සෙයි කොල්ලට උඩට යන්න අවසර ලැබුණේ. කොල්ලා පඩිපෙළ නැගගෙන උඩට ගියේ යාන්තමට හිතේ සැනසීමක් තියාගෙන . නින්ජලා ටික කොල්ලව චෙක් කරද්දි කොල්ලව පෙතියා ගැහෙන්න වගේ ගැහෙනවා. ඒත් ඉතින් පුරුෂ ධෛර්යය අරන් කොල්ලා කාගෙන හිටියා.

DMS night club එක තිබුණේ DMS hotel එකේ දෙවෙනි තට්ටුවේ. Club එකට ඇතුළු වෙන්න තියෙන main entrance එකෙන් අය කරන මුදලත් ගෙවලා කොල්ලා ඇතුළට ගියා. ඒක නම් මහ විච්චූරණ ලෝකයක් වගේ කොල්ලාට පෙණුනේ. බැලු බැලු හැම තැනම රතු පාටයි, නිල් පාටයි එළි කැරකෙනවා. වේග රිද්ම ගීතවලට හෙලුවෙන් නටන ගෑනු පිරිමි. ඒ මදිවට සැරම සැර සුවඳවල්. කොල්ලට දැණුනේ අපායකට ආවා වගේ හැඟීමක්.

' අයියෝ සමරේ, උඹ නම් තිරිසනෙක් බං. බලපන් මුන් නිකන් පිඹුරෝ වගේ. ඊයා...' කොල්ලා එහෙම හිතුවේ භාගෙට ඇඳන් නටන කෙල්ලන්ගෙ ඇඳුම් දිහා බලාගෙන . Club එකට ආවේ රාජකාරියකට වුණත් කොල්ලට දැන් කරන්න දෙයක් නෑ. ඉතින් සත්සිඳු එහෙම්මම ගියේ බියර් එකක් හරි විස්කි එකක් හරි බොන්න. එතනට ගිහින් කොල්ලා ටිකක් මිල අඩුවට තියෙන බියර් වීදුරුවක් අරන් බොන ගමන් වැඩේට බැස්සා. වේටර් කෙනෙක් වගේ ඇඳපු අවුරුදු 25 ක විතර කොල්ලෙක් තමයි සත්සිඳුට බියර් එක දුන්නේ. සත්සිඳු කොල්ලත් එක්ක කතාවට වැටුණා . වේග රිද්ම ගීතයත් එක්ක කියන මළ දානයක් ඇහෙන්නෙත් නැති තරම්. ඒත් කොල්ලා වැඩේ අත් නොහැරම කතාවට වැටුණා .

" ගොඩක් කල්ද මෙතන ජොබ් එකට ඇවිත්? "

සත්සිඳු ඇහුවේ බියර් උගුරක් බොන ගමන්.

" ඔව් සර්, අවුරුද්දක් විතර..."

" ආහ්...ඔයා කොහෙද ? "

" මං කිඹිස්සෙ සර්..."

කොල්ලට එක පාරටම බියර් උගුර හිර වුණා වගේ වුණා . හිනා යන්න ආවත් කොල්ලා හිනාව තද කරගෙන ඇහුවේ වෙන ප්‍රශ්නයක් .

" අ...මේ ඉතින් සැලරි එහෙම හොඳයිද? "

" ඔව් සර්, මාසෙට හැට පන්දාහක් වගේ ලැබෙනවා..."

කොල්ලට නිකන් හික් ගෑවුණා වගේ වුණා . ' යකෝ... මං පත්තරේක වැඩ කරලත් ගන්නේ පනස්දාහයි. මූ club එකක වැඩ කරලත් හැටපහක් ගන්නවා කියන්නෙ මරුනෙ. මටත් බැරිවෙයිද දන්නෑ සමරෙගෙන් ජොබක් ඉල්ලගන්න' කොල්ල හිතන්න ගත්තා . කොල්ලට ඕනි කොහොම හරි සමරදිවාකරකාරයාව බලාගන්නමයි.

" ඔයාලගෙ බොස් නම් හොඳ මනුස්සයෙක් වගේ..."

ඔන්න දැන් තමයි කොල්ලා හරියටම වැඩේට enter වුණේ .

" අනේ ඔව් සර්, හරි හොඳ මනුස්සයෙක් ."

' අනේ මගේ කට. කුඩ්ඩා, බේබද්දා, වලත්තයා , දික් හොඹු ගස් මැඩියා...' කොල්ලා හිතින් බැන බැන හිනාවෙලා ඉන්නේ බෙන්තර ගඟෙන් එහා සුපුරුදු නුවණ පාවිච්චි කරලා.

" ඒකනේ නේද ? ඔයාලගේ බොස් ඉතින් එන්නැද්ද මෙහෙට? "

" කවුද සමරදිවාකර සර්ද? "

"අහ්...ඔව් ඔව්. එයා තමයි."

" සර් ඇවිල්ලා ඉන්නේ...අර ඉන්නේ අපේ සර්..."

කොල්ලා අත දික් කරලා පෙන්නුවේ ඈතට වෙන්න දිග පුටු සෙටියක වාඩි වෙලා ඉන්න මනුස්සයෙක්ව. සත්සිඳු එහෙම්මම හැරිලා බැලුවේ අර කොල්ලා පෙන්නපු පැත්ත. දැක්ක ගමන් කොල්ලට සුපුරුදු විදිහටම හික් ගෑවුණා. ' යකෝ මූ නාකියෙක් නෙවෙයිනේ. තරුණ කොල්ලෙක්නේ' අඩි හයක් විතර උස, බ්ලේසර් කිට් එක ඇඳලා අතේ බියර් හරි විස්කි හරි පුරවපු වීදුරුවක් තියන් හිටපු අවුරුදු 30 ක් වුණු කඩවසම් තරුණයා දිහා බලාගෙන සත්සිඳු හිතන්න ගත්තා . ජීවිතේට දැකලා නැති සමරේ දැක්කට පස්සෙ කොල්ලගෙ හිත ගල් ගැහුණා .

' මූ හෙණ හැන්ඩි පොරක්නේ. සිරාවටම මං හිතුවෙ තට්ටෙ පෑදිච්චි නාකි තඩියෙක් කියලා . මූ නිකන් බොලිවුඩ් ඇක්ටර් කෙනෙක් වගේනේ. හරියට නිකන් විකී කෞශාල් වගේ. ' කොල්ලා සමරේ අයියා ගැන හිත හිත ඉද්දි වේටර් කොල්ලා සත්සිඳුගේ කල්පනාව බින්දා.

" සර් තමා මේකෙ අයිතිකාරයා . DMS hotel එකත් සර්ගේ. තව ගොඩක් බිස්නස් තියෙනවා ."

" ඔව් ඔව්, මං දන්නවා"

කොල්ලට නිකන් වැරදි දෙයක් කියවුණාද මන්දා. වේටර් කොල්ලා අමුතුවට බලද්දි කොල්ලා ඒක හරි ගැස්සුවේ හරි අපූරුවට .

" ඔව් මං අහලා තියෙනවා , සමරේ...මං කිව්වෙ මිස්ටර් සමරදිවාකර ගොඩක් බිස්නස් handle කරනවා කියලා..."

කොල්ලා කපටි හිනාවක් දාලා කිව්වා. රතු පාට, නිල් පාට එළි මැද්දේ කොල්ලට සමරදිවාකරකාරයාව හරියට පේන්නෙ නෑ. කොහොමත් කොල්ලගෙ ඇස්වල දෝෂ. කොහොම වුණත් සමරදිවාකර කියන්නේ නාකි මනුස්සයෙක් නෙවෙයි, කඩවසම් තරුණ හැන්ඩියෙක් කියන එක නම් කොල්ලට ෂුවර්.

" බොස්ගෙ නම සමරදිවාකරමද? "

සත්සිඳු ඇහුවේ සැකෙන් වගේ. කොහොමත් එච්චර තරුණ හැන්ඩියෙක්ට ඒ වගේ අජපල් නමක් මැච් වෙන්නෑ කියලා කොල්ලගේ නිර්මාණශීලී මොළේට වැටහුණා.

" නෑ..."

" ඈ..."

" හ්ම්..."

" එහෙනම් ? "

කොල්ලා ප්‍රශ්න කරන්නේ CID එකෙන් වගේ.

" ඩිනෝ මිගාන් සමරදිවාකර..."

වේටර් කොල්ලා උත්තර දුන්නා . ඒ නම නිකන් හරි අමුතු නමක් වගේ. තුඹ කරවිල සම්බෝලයි, කොහිල අල මාළුවයි වගේ. ' ඩිනෝ මිගාන් සමරදිවාකර...මොකක්ද යකෝ ඒ නම? හෙණ පොෂ් නමක්නේ. පුහ්...අනේ මුගෙ පොෂ් එක.පොෂ් නෙවෙයි පුස්. පුස් තාර පීප්පෙ. ' කොල්ලා එහෙම්මම හිත හිතා බැලුවේ කඩවසම් තරුණ දේහධාරී පිරිමියා දිහා.

ඒත් එක්කම කොල්ලා දැක්කේ පිරිසිදු බඹසර රකින හිත අපිරිසිදු වෙන විදිහේ අසභ්‍ය දර්ශනයක්. භාගෙට ඇඳගත්තු කෙල්ලො ටිකක් ඩිනෝ මිගාන් සමරදිවාකර වටේ වෙලෙමින්, දැවටෙමින්, ස්පර්ශ කරමින් ඉන්න ආකාරය. ' මුගේ අප්පට... ට හිකෙන වැඩක්නෙ මේක. මොන ඒසකමක්ද දෙයියනේ මේ? අර බලපන්කෝ අරූ අර අංගනාවියෝ ටිකත් එක්ක ඉන්න හැටි. නොදකින් විතරක් . ගැරඬි වෙලෙන්න වගේ. ඊයා... චිකේ විතරක් , මූ නම් පුදුමාකාර අසහනේකින් ඉන්න මෝල් නාම්බෙක්ද කොහෙද ? වමනෙටත් එනවා ' කොල්ල එහෙම හිතන්න ගත්තේ භාගෙට ඇඳන් ඩිනෝ මිගාන් සමරදිවාකර එක්ක හුරතල් වෙවී සරාගී විදිහට හැසිරෙන කෙල්ලො ටිකයි, උන්ගේ මූණවල් අත ගගා අසභ්‍ය දර්ශන රඟපාන ඩිනෝ මිගාන් සමරදිවාකර දිහායි අප්පිරියාවෙන් වගේ බලාගෙන .

එදා කොල්ලා බෝඩිමට ආවේ හොඳටම හෙම්බත් වෙලා. ඔක්කොටම වඩා කොල්ලට අප්පිරියයි . ගැරඬි වෙලෙන්න වගේ ඩිනෝ මිගාන් සමරදිවාකර එක්ක හිටපු කෙල්ලො ටික මතක් වෙද්දි කොල්ලට වමනෙටමයි එන්නේ. කොල්ලා ඒ හින්දම ටිකක් භාවනා කරන්න ගත්තේ යෝගා ක්‍රමයට . ඒකෙන් ටිකක් කොල්ලගේ හිත නිදහස් වුණා . අර අමුතු අමුතු රතු පාට නිල් පාට එළි එක්ක නිලංකාර වුණ ඇස් දෙක හින්දා ටික දවසක් යනකන්ම කොල්ලට දැණුනේ තමන් නිල් රතු මිශ්‍ර වෙච්චි ලෝකෙක ජීවත් වෙන්න වගේ.

මීළඟ කොටසට ...

More Chapters