" සර්... සර්...."
අසරණ ජේකබ් දොරට තට්ටු කරනවා. හැබැයි සමරේ හොඳටම නිදි. ක්ලෙයාරා තොම්සන් කොල්ලගේ නිරුවත් පපුවට තුරුළු වෙලා නිදි.වෙලාව 8 ත් පහු වෙලා. ඒත් ගැරඬි ජෝඩුව තවමත් නිදි.
" සර්...සර්... නැඟිටින්නකෝ... සර්..."
" මොන මඟුලක්ද බං? ඩිංගක් ඉන්න දියන්කෝ..."
කොල්ලා කිව්වේ ක්ලෙයාරාව ආයෙමත් තුරුළු කර ගන්න ගමන්.
" සර් ලොකු හදිස්සියක්..."
ඔන්න ඒ වෙලාවෙ තමයි පුත්‍ර රත්නය පියවි සිහියට ආවේ. කොල්ලා ගැරඬි ධේනුව පැත්තකට විසි කරලා ඇඳෙන් නැගිට්ටේ හරියට නිකන් මීයෙක්, කුරුළු පැටියෙක් හෝ බිත්තරයක් ගිලින්න වගේ අවලම් ගමනක් ගිහින් එද්දී භූමි තෙල් කෑවා වගේ. ගැරඬියෙක්නේ, ඉතින් හරි හරියට භූමි තෙල් කනවා. දොර විවෘත කරපු කොල්ලා හිතුවෙම ශේන් සල්ගාදු ආයෙමත් මොකක් හරි අංචියක් ඇදලා ඇති කියලමයි.
" ඒ පාර මොකක්ද අර පකයා කරලා තියෙන්නේ? අම්මපා ජේකබ් , මං ඕකව මරන එක මරනවා..."
සමරේ කිව්වේ දත් මිටි කාගෙන .
" ශේන්ගේ වැඩක් නෙවෙයි සර්, මේ අර Daily Lanka එකේ වැඩක්..."
" මොකේ? "
" Daily Lanka... අර පත්තරේ..."
ජේකබ්ගෙන් phone එක උදුර ගත්තු ඩිනෝ මුළු ආර්ටිකල් එකම කියවලා ඉවර වෙද්දී කොල්ලව ගැහෙනවා. ඒ තරම් කේන්තියක් . දත් මිටි කාගෙන කොල්ලා මුළු ආර්ටිකල් එකම කියෙව්වා. පටන් ගත්තු තැන ඉඳන් ඉවර වුණු තැන වෙනකන් ගත්තොත් කොල්ලගේ මූණේ ඉරියව් ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙන විදිහ ජේකබ් හොඳාකාරවම දැක්කා.
" සයුරු... සයුරු... මූ තමයි ඩයල් එක. ජේකබ් , උඹ අද හවස් වෙද්දී කොහෙන් හරි මේ සයුරු කියන පකයව මට හොයලා ගෙනත් දීපන් . මගේ ඉස්සරහට ඕකව ගෙනත් දීපන් ජේකබ් . මං ඕකව මරන්නේ එල්ලලා. එහෙනම් සයුරු , උඹ කවුරු වුණත් වැරදි මිනිහා එක්කයි හැප්පුණේ... නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතා ගනින්..."
කොල්ලා මල යකා නැඟලා වගේ කාමරේට ගියේ ආයෙමත් කොළඹ යන්න ලෑස්ති වෙන්න .
" අනේ ඩිනෝ, ඇයි මේ හදිස්සියෙන් යන්නේ? අපි ආවේ ටික දවසක් ඉන්නනේ..."
" Sorry Baby, අපිට යන්න වෙනවා. එහේ පොඩි කේස් එකක්..."
" අනේ ඩිනෝ...."
ක්ලෙයාරා තොම්සන් නැළවෙනවා. ඒත් කොල්ලා තඹ දොයිතුවකට මායිම් නොකර ලෑස්ති වුණේ කොළඹ යන්න. අකමැත්තෙන් වුණත් ක්ලෙයාරත් ලෑස්ති වුණා . ගෙනාපු ඔක්කොම බඩු ටිකත් අරගෙන වාහනේට පටවගෙන කට්ටියම කොළඹ ආවා. ක්ලෙයාරා තොම්සන් ව එයාගේ ගේ ගාවින් බස්සලා ඩිනෝලා පිටත් වුණා .
"Good bye my handsome..."
ක්ලෙයාරා කිව්වේ කොල්ලගේ තොල් උඩ හාදුවක් තියලා.
" Good bye..."
කොල්ලත් යාන්තමට හිනාවෙලා කිව්වා.
ගෙදර ආ හැටියෙම bath room එකට වැදුණු ගැරඬියා භූමි තෙල් යනකන් නා ගත්තා . හරියටම පැය එක හමාරකට කිට්ටුව bath room එකේ හිටපු කොල්ලා එළියට ආවේ සුදු පාට ටවල් එකක් දවටගෙන. ඒත් එක්කම කොල්ලට කෝල් එකක් ආවා.
"Hello..."
" Hello සර්, මං ජේකබ් "
" ඔව් ජේකබ් , කියපන්..."
" සර් , එහෙම එකෙක් Daily Lanka එකේ නෑනේ සර්. "
" ආහ් ඒකත් එහෙමද? කොහොමත් ජේකබ් , ඔය වගේ දේකදී ඔව්වෝ ඇත්ත නම use කරන්නෑ. මොකක්ද උගේ නම කිව්වේ? "
" සයුරු සර්..."
" සයුරු...ම්....සයුරු කියන්නේ මුහුද නැත්නම් සාගරය...ජේකබ් මේ අහපන්කෝ."
" මොකක්ද සර්?"
"උඹ බලපන් ඕකේ ඉන්නවද කියලා මුහුදට සමාන නමක් තියෙන කොල්ලෙක්..."
" ඒ ඇයි සර්?"
" මෙහෙමයි බං, සයුරු කියලා එකෙක් නැත්නම් sure එකටම ඒ නමට සමාන නමක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කළේ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි ."
" හරි සර්, මං බලන්නම්."
සත්සිඳුගේ මොළේ බෙන්තර ගඟෙන් එහාට වුණාට මොකද සමරේ ඇවිල්ලා ඊටත් එහා ගියපු මොළේක අයිතිකාරයෙක් . කොටින්ම කිව්වොත් කට්ට කපටි කෛරාටික වෙට්ට පිත්තල පුත්‍ර රත්නයක්. කොල්ලා සුදු ටවල් එක අයින් කරලා සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා . ශෝර්ට් එකකුයි, ස්කිනියකුයි දාගෙන කොල්ලා ගියේ කණ්ණාඩිය ගාවට. කොල්ලා එයාගේ මූණ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. අලුතින් රැවුල කපලා තිබුණේ අලුත් style එකකට. ඒක නම් හරි පුදුමාකාර කඩවසම් බවක්. කොල්ලා තනියෙන්ම එයාගේ කඩවසම් බව වින්දා.
ටික වෙලාවක් තමන් දිහාම බලන් ඉද්දී කොල්ලට ජීවිතේ ගැන දැනුනේ හරි පුදුමාකාර හිස් ගතියක්. කොච්චර මිල මුදල්, යාන වාහන, ඉඩම් කඩම් තිබුණත් කොල්ලගේ ජිවිතේ හිස්. කෙල්ලෝ කොච්චර පස්සෙන් ආවත් කොල්ලට ඇත්තෙන්ම ආදරයක් කියලා දෙයක් නෑ. කොල්ලට ජීවිතේ ගැන දැනුනේ හරියට පිටින් ආටෝප කරලා සරසපු ඇතුළේ මොකුත්ම නැති රූල් නැති පොතක් වගේ හැඟීමක්. කොල්ලගෙ හිත දැන් දැන් ඉල්ලන්නේ ආදරයක්. අහස්වි කරුණාරත්න වගේ අහිංසක ආදරයක්. ඒ වගේ ලස්සන ආදරේකින් තමන්ගේ හිස් ජීවිතේ පුරවන්න පුළුවන් බව කොල්ලා දන්නවා. ක්ලෙයාරා තොම්සන්ගෙන් කොච්චර ලිංගික පහසක් ලැබුවත් කොල්ලට ආදරේ ලැබෙන්නෙ නෑ. ඒත් කොල්ලට ඕනි ආදරයක්. ලස්සන ආදරයක්. කණ්ණාඩිය ඉස්සරහට වෙලා කල්පනා කර කර ඉද්දී ආයෙමත් කොල්ලගේ පෝන් එක ring වෙන්න වුණා . ඇඳ උඩ තිබුණ පෝන් එක අතට අරන් බලද්දී හුරුපුරුදු අංකයක්. කොල්ලට ඌරු ජුවල්. ඒත් කොල්ලා ආන්ස්වර් කළා .
"Hello..."
" Hello මිස්ටර් ඩිනෝ සමරදිවාකර , කොහොමද ඉතින්? "
ඒ කොල්ලා ලෝකේ අහන්න අකමැතිම හඬ. ශේන් සල්ගාදු.
" ඉතින් ඉතින්... පත්තරේ එහෙම බැලුවද? "
ශේන් ඇහුවේ පල් එකට වගේ.
" ඔව්..."
කොල්ලා කිව්වේ අසරණ වෙලා වගේ.
" ඒකනේ මිස්ටර් ඩිනෝ මං කිව්වේ ඕක වහලා දාන්න කියලා , කෝ ඇහුවෙ නෑනේ..."
" අහ්... උඹ මේ club එක වහන්නද බලන් ඉන්නේ? එහෙනම් උඹ මේක මතක තියා ගනින්. මං club එක වහන්නෑ... එච්චරයි "
කොල්ලා පෝන් එක තිබ්බා. තියලා ඇඳ උඩින් වාඩි වෙලා දණහිස් දෙක අතර ඔළුව ඔබාගෙන කල්පනා කරන්න වුණා . කොල්ලට දැන් නම් මුළු ලෝකෙම ගැන තියෙන්නේ කලකිරීමක් . මේ වගේ වෙලාවක දුක කියන්න , හිතේ තියෙන දේවල් වචනවලට පෙරළද්දි අහන් ඉන්න කෙනෙක් කොල්ලා ගාව ඉන්නවනම් කියන හැඟීම කොල්ලට වද දෙන්න වුණා . ඒ වගේ වෙලාවක ඒ දේවල් අහ ගෙන ඉඳලා එක වචනෙකින් හරි හිත හදන්න පුළුවන් කෙනෙක්ට දැන් කොල්ලගේ හිතේ ඇබෑර්තු තියෙනවා .
ඒත් ඉතින් මේ සෙල්ලක්කාර කොල්ලට ආදරේ කරන්න පුළුවන් වෙයිද? තුන් සිය හැට පස් දවසෙම වගේ හැඟීම් ඇවිස්සිලා ඉන්න සමරෙට කොහෙන් නම් ආදරණීය අංගනාවියෝ හොයන්නද?
ඒත් ඒ වගේ ලස්සන ආදරයක් ලැබුනා නම් කොල්ලට හරි ලස්සනට ආදරේ කරන බව කොල්ලම දන්නවා. මොකද එයාගෙ හිත දන්නෙ එයානෙ ඉතින්. දණහිස් දෙක අස්සේ ඔළුව ඔබාගෙන ඉඳලා කොල්ලා එහෙම්මම ඇඳේ ඇලවුනා . නින්ද ගියපු සමරේ හරියටම පැයකට විතර පස්සේ නැඟිට්ටේ ජේකබ්ගෙන් ආව කෝල් එකකින්.
"හෙලෝ ජේකබ් ..."
" සර්..."
" ඔව් ජේකබ් , කියපන්..."
" සර්, එක පොරක් හම්බුනා ."
" අහ්, මොකක්ද නම? "
" සත්සිඳු සර්..."
" සත්සිඳු... "
කොල්ලා නම එක පාරක් කියවලා චූට්ටක් කල්පනා කරන්න ගත්තා .
"ඉතින් ඉතින්... මොනාද විස්තර? "
" සර්, පොර ගාල්ල පැත්තෙ කොල්ලෙක්. අවුරුදු විසිතුනයි. කොට්ටාවේ හරි පන්නිපිටියේ හරි තමයි බෝඩ් වෙලා ඉන්නේ..."
" ආ එහෙමත් එකක්ද?"
" ඔව් සර්..."
" හරි ජේකබ්... එහෙම නම් මං අමුතුවෙන් කියා දෙන්න ඕනි නෑනේ. කාටවත් දැනගන්න බැරි වෙන්න වැඩේ කරපන්. මට ඕකව පණ පිටින් ඕනි. මොකද ඕකා මැරෙන්න ඕනි උඹලා අතින් නෙවෙයි, මගෙ අතින්. මේ ඩිනෝගේ අතින්..."
කොල්ලා කිව්වේ වියරුවෙන් වගේ. ලේ පිපාසයෙන් පෙළෙන වියරු ත්‍රස්තවාදියෙක් වගේ කොල්ලා ආයෙමත් ඇඳේ හාන්සි වුණා .
Daily Lanka පුවත්පත උණු කැවුම් වගේ විකිණිලා. ලොක්කට ඉතින් full happy. ඔෆිස් එක ඇතුළේ ඔක්කොමලා කතා වෙන්නේ ඒ ගැන. ඒ ආර්ටිකල් එක ලිව්වේ සත්සිඳු මකරන්ද කියලා දන්නේ ලොක්කයි, සත්සිඳු කොල්ලයි විතරයි . ලොක්කා ඒක බොහොම අමාරුවෙන් වුණත් රහසක් විදිහට රකින්න උපරිම උත්සාහ කරනවා. ආර්ටිකල් එක නිසා ටිකක් පත්තරේ මිනිස්සු අතරත් hit වෙලා. ඒ හින්දා ඔන්න ලොක්කා ගානේ කොල්ලට පොඩි සංග්‍රහයක්.
සංග්‍රහය ඉවර වෙලා කොල්ලා ඔහේ පයින්ම වැටුණා . රැජින පාර දිගේ ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණ කොල්ලා ඉස්සරහට ඇවිදන් එනවා. කොල්ලා හිටියේ හොඳටම හෙම්බත් වෙලා . කුමාරතුංග මුනිදාස මාවතේ අයිනක බදන්න බැරි නුග ගහක් පාමුල තිබුණ සුදු පාට වෑන් රියක් ඇවිත් කොල්ලා ගාවින් නතර වුණා .
මීළඟ කොටසට ...