LightReader

Chapter 9 - 09

" ගෝත ගැරඬියා... දික් හොඹු ගස් මැඩියා... එහෙනම් මේක උගෙ අම්මට අප්පට ගියපු රට. වල් මූසල මකබාවා. දෙන්න හිතයි ඇට දෙක පුක වටේ කැරකෙන්න. අහිංසක මගේ කණත් පලලා , තොලත් පිපිරෙන්න ගහලා තව එනවා බෙහෙත් ගාන්න. මෙව්වට තමයි නරි නාටක කියන්නේ. අනේ අම්මපා වැල්ලේ වගේ වුණානම් කපන්නෙ පෙති පෙති. හරියට මාළු කපන්න වගේ. උන්දැ තාම දන්නෑ මේ සත්සිඳු කියන්නෙ කවුද කියලා. අවාරෙට අහු වෙච්ච පරා මාළුවා. මූ තාම දන්නෑ වැල්ලෙ එව්වන්ගේ හැටි. හිතන් ඇති අහිංසකකමට ඉද්දි ගමක හැදිච්ච අසරණයෙක් කියලා . දුප්පත්කම හින්දා ආවට අපිත් පොඩි කාලේ යසට කාලා ඇඳලා හිටිය එව්වෝ. මූ හිතන් ඇති උගෙ දෙපතුල් ලෙව කයි කියලා . පාන් කිරිත්තා. අනේ හැබෑටම මූ මට ගැහුවා නේද ඊයේ? අනේ ලොකු අප්පච්චිවත් හිටියා නම් මූව කපන්නෙ මාළු මන්නෙන්..."

කොල්ලා රැජින පාර දිගේ පයින් යන්නේ කොර ගහ ගහා. ඒ ගමන් බැනිල්ලේ අඩුවකුත් නෑ. තොල පැලිලා කොච්චර වේදනා වුණත් බැනිල්ල නැවතුමක් නෑ. දකුණු පළාතේ ගාල්ලේ ගමකින් ආවා කිය කියා පුරසාරම් දෙඩුවට මොකද කොල්ලා වැල්ලේ කොල්ලෙක්. වැල්ලෙ හුරුවෙන් බොහොම අමාරුවෙන් අයින් වෙලා කොළඹ හෙණ පොශ් ජීවිතයක් ගෙවන බව පෙන්නන කොල්ලෙක්.

කොල්ලා Daily Lanka පුවත්පතේ ප්‍රධාන කාර්‍යාලය ළඟට ළඟා වුණා . කට්ටිය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හරි අපූරුවට ගැටගහගත්තු බොරු කන්දරාව කොල්ලා ආයෙමත් ඔළුවට ගත්‍තා. ' ඊයේ මං බෝඩිමට යනකොට ත්‍රීවීලර් එකක හැප්පුණානේ. තොලත් පැළුනා. කකුලත් පොඩ්ඩක් තැලිලා වගේ. බෙල්ලත් වැලි කැටවලට සීරුණා. කම්මුලේ මේ පැත්තට තමා වැදුණේ ' කට පාඩම් කරගත්තු බොරුව ආයෙමත් මතකයට නඟා ගෙන කොල්ලා ඔෆිස් එක ඇතුළට ගියා. කට්ටියම වගේ ඇවිත්. කොල්ලා මොකුත් නොවුණු ගානට ගිහින් ටේබල් එකෙන් වාඩි වුණා .

" අහ් කොල්ලෝ, good morning "

" සර් ,good morning "

" ඊයෙ පත්තරේ නම් සුපිරියටම ගියා. තව ඒ වගේ දෙක තුනක් ලියා ගත්තනම් මාත් ගොඩ. උඹත් ගොඩ."

ලොක්කා එන්නෙ හොඳකට නොවෙන බව කොල්ලට තේරුණා . තව ඔය වගේ ආර්ටිකල් ලියන්න ගිහින් අනිවාර්යයෙන්ම නපුරු ගැරඬියා අඝින් මැරුම් කන්න වෙන බව කොල්ලාදැනන් හිටියා.

" අනේ බුදු සර්, මෙන්න වැන්දා. මට නම් කියන්න එපා ආයෙත් ඕව ලියන්න කියලා . සර් දන්නෑනේ අර මඟුලේ night club එකට ගිහින් මං විඳපු දුක..."

කොල්ලට මතක් වුණේ ඒ දුක නෙවෙයි. ගුටි කාලා බඩගින්නෙම නිදාගත්තු දුක. අනේ එවන් දුකක් වනේ වන සතුරෙකුටවත් අත් නොවේවා!

" බයවෙන්න එපා බං..."

" අනේ මේ සර්, මගෙන් කුණුහරප නාහා ඉන්නවද ? "

" ඒ කොල්ලො උඹේ තොල පැලිලා නේද ? අප්පට සිරි බෙල්ලත් සීරිලා. මොකෝ වුණේ බං? "

කොල්ලා ගොළු වුණා . ගොත ගහ ගහා වුණත් කොල්ලා පාඩම් කරගත්තු සුපුරුදු බොරුව ඒ විදිහටම කිව්වා.

" අහ්...ඒක මේ.. මේ පොඩි ඇක්සිඩන්ට් එකක්..."

" මොකක්ද ? "

" ඊයේ මං බෝඩිමට යනකොට ත්‍රීවීලර් එකක හැප්පුණානේ. තොලත් පැළුනා. කකුලත් පොඩ්ඩක් තැලිලා වගේ. බෙල්ලත් වැලි කැටවලට සීරුණා. කම්මුලේ මේ පැත්තට තමා වැදුණේ "

එහෙමත් කට පාඩම් කිරිල්ලක්. තොල පැලෙන්න ගුටි දීපු මිනිහා ගැන කියලා ප්‍රශ්නේ දුර දිග ගියොත් මරනවා නිසැකයි. ඉතින් ඇත්ත කියන්න කට කහනවා කහනවා වගේ වුණත් කොල්ලා බොහොම අමාරුවෙන් කට වහගෙන හිටියා.

වෙලාව දවල් 12 යි. ඔව්, හරියටම දවල් 12 යි. මධ්‍යහ්න 12 ත් පහු වෙන්න වෙලාව ආවත් නපුරු ගැරඬියා නම් තවමත් බඩගින්නේ. කොල්ලට බඩගින්න ආවත් කන්න පිරියක් නෑ. ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම. අහිංසකයාට නිකන් නිරපරාදේ තලලා බඩගින්නේ ඉන්න සලස්වපු පවට ලැබෙන දඬුවම්. කොහොමින් කොහොම හරි කොල්ලා පඩි පෙළ බැහැ ගෙන පහළට ආවේ කෑම කන්න. බාබු අන්කල් හදලා තිබුණ ඉඳි ආප්ප ටික නම් තාමත් ටිකක් රස්නෙයි. සුදු පාටට ඉඳිආප්ප බෝල් එකේ තියෙන්නේ පුර හඳ පායලා වගේ. සැර පාට පොල් සම්බෝලයි, පරිප්පුයි, කිරි හොදියි එක්ක . මීට වඩා දිව පිනවන රස බොජුන් තියෙනවද ? මේවා තමා හරිම රසට දැනෙන ආහාර. කොල්ලා කටට කෙළ උනාගෙන එද්දී කෑම මේසයේ පුටුවක් ඇදලා අරන් වාඩි වෙලා ඉඳිආප්ප කන්න ලෑස්ති වුණා .

ඉඳිආප්ප බෙදාගෙන කන්න හැදුවට මොකද කොල්ලට මතක් වෙන්නෙම අහිංසකයාව.

' පව් පොඩි එකා. ඊයේ රෑට කාලත් නෑ කිව්වා. දැන්වත් කාලද දන්නෑ. මට මොන මඟුලක් ලිව්වත් අහිංසක කොල්ලෙක්නේ. කොහෙද පෝන් නම්බර් එකක්වත් නෑනේ කතා කරලා බලන්න.චිඃ...'

හීතින් හිත හිතා කන්න ගත්තට කන්නත් බෑ. මතක් වෙන්නෙම අහිංසකයගේ ඇස් දෙකමයි. මොනා වුණත් දැන් දැන් නපුරු ගැරඬියගේ හිත නම් මලක් වගේ මෙලෙක් වෙලා. එච්චරමත් නෙවෙයි ටිකක් විතර . කොච්චර කොහොම කොයි විදියට වුණත් ජන්ම ගති අරින්න බෑනේ. හරියට බලු වලිගේ උණ පුරුකේ දැම්මත් කෙළින් කරන්න බෑ වගේ. අමාරුවෙන් වුණත් කොල්ලා පොල් සම්බෝලයි , පරිප්පුයි , කිරි හොදියි එක්ක ඉඳිආප්ප හතක් නැත්නම් අටක් ගිලලා දැම්මා. කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන කන ගමන් කොල්ලා කුස්සියට ගියා.

" බාබු අන්කල්..."

" සුදු මහත්තයා... "

බාබු අන්කල් සර්වියට් එකකින් අත පිහ දාන ගමන් මිගාන් ගාවට ආවා.

" අද හවසට මට බත් එකක් බැඳලා දෙනවද? "

" බත් එකක්... ඇයි සුදු මහත්තයා ? "

" බාබු අන්කල් බැඳලා දෙන්නකෝ. මොනාද උයන්න තියෙන්නේ ? "

" ආ.....චිකන් තිබුණා . පෙරේදා මං මාර්කට් ගිහින් එද්දී බලමාළුත් ගෙනාවා..."

" එහෙම නෙවෙයි , පුළුවන් නම් ගමේ රහට කෑම ටිකක් හදලා දෙන්න. ඔය මොනා හරි එළවළුවක් දෙකක් හදලා. බලමාළුත් උයන්න. පපඩම් තිබ්බද? "

" ඔව් සුදු මහත්තයා..."

" එහෙනම් පපඩම් ටිකකුත් බැදලා ගන්න..."

" හරි සුදු මහත්තයා "

" මට 4 ට කලින් ඕනි..."

මිගාන් කිව්වේ කිචන් එකෙන් එළියට යන ගමන්.

' බඩගිනියි දෙයියනේ , කන්නවත් දෙයක් නෑ. වෙනදනම් හැමදාම උදේට මොනා හරි ඩිංගක් රත් කර ගන්නවා. ඒකට අද... මේව නම් පූරුවෙ කරුම. සෙවල ගැරඬියා , උඹ නැති කළේ මගේ කෑම වේල. එකක් නෙවෙයි දෙක තුනක්ම. උයාගන්නවත් පණක් තිබ්බෙ නෑ මට. වල් හිවලා, තෝ නම් ගිලිනවා ඇති දැන් ගජරාමෙට. මං දන්නැද්ද ? ලොකු ලොක්කෝ ඔහොම්මමනේ. අහිංසක දුප්පත් අපි තමයි තැලෙන්නේ. ඒ මදිවට ලොක්කා. ඌටත් මං ලව්වා වැඩ ටික කරගන්න තිබ්බොත් ඇති. ඌටත් මොකද? කෑම් බීම් සේරම දෙපා මුලට පහළ වෙනවනේ.තොපි ඔක්කොටම හෙණ ගහලා මකබෑවිලාම යන්න ඕනි අසරණ මට බඩගින්නේ ඉන්න සැලැස්සුවට. තව ටිකකින් මට ගෑස් අවම ඒකටත් විඳවන්න ඕනි මම... කනවා තොපි ඔක්කොමලව... හාල්පාරු හැත්ත...'

කොල්ලා හිතින් බනින්නේ නපුරු ගැරඬියාට විතරක් නෙවෙයි. ලොක්කටත් බනිනවා. බෑ බෑ කියද්දී බලෙන් ආර්ටිකල් එකක් කරන්න කියලා ඇඟේ ගහලා ඔක්කොම කළේ ලොක්කා හින්දා කොල්ලට ලොක්කවත් මරන් කන්න තරම් කේන්තියි.

සත්සිඳු දවසෙම බඩගින්නේ. දවසටම එක බත් කටක් නෑ. හරියටම හවස 4 වෙද්දී කොල්ලා ඔෆිස් එකෙන් එළියට බැහැලා රැජින පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන එනවා. කොල්ලා දැන් ඉන්නේ කුමාරතුංග මුනිදාස මාවතේ . බඩගින්න නම් ඉහවහා ගිහින්. කොල්ලට මතක් වුණේ අම්මව. අනේ අම්මා හිටියනම් මොනා හරි ටිකක් එක්ක බත් කටක් අනලා කවනවා නේද කියලා . කොල්ලට අම්මව මතක් වුණාම ඉබේටම ඇස්වලට කඳුළු උනනවා. කමිස අතින් කඳුළු පිහිද ගෙන අසරණයා ඉස්සරහටම ඇදෙනවා.

කොළඹ අහස කළු වෙලා . වැහි වලාකුළු රංචු ගැහිලා. ඉර එළියක් යාන්තමටවත් පේන මානෙක නෑ. මහ විසල් රූස්ස නුග ගස් පේළියට බලන් ඉන්නේ යෝධයෝ වගේ. අඳුරු පැහැ වලාකුළු රංචු හරි හරියට එකිනෙකා පරයා සෙල්ලම් කරනවා. අඳුර අහිංසකයට ඔච්චම් කරනවා වගේ. කොල්ලගේ ඇස් එහෙම්මම නැවතුණේ එක තැනක. සුපුරුදු හුරු පුරුදු වාහනේ. කළු පාට ෆෙජරෝ එක. ඒ කියන්නෙම නපුරු ගැරඬියා ආයෙමත් ඇවිත්. පොරොන්දුවක් වුණොත් කවදාවත්ම එයා කඩ කරන්නේ නෑ. ඒක පණ වගේ රකිනවා. කොල්ලා වාහනේ දැක දැකත් ඉස්සරහට ඇදෙන්න වුණේ වාහනේ නොදැක්ක ගාණට. ඒත් කොල්ලට නම් බේරුමක් නෑ. නපුරු ගැරඬියා පස්සෙන්ම පන්නනවා. එච්චර විෂ නැති වුණත් දෂ්ඨ කළොත් එහෙම සර්පයෙක්නේ. ඒ හින්දා කොර ගහ ගහාම කොල්ලා අඩිය ඉක්මන් කළා. කොහේ බේරෙන්නද? වාහනේ කොල්ලගෙ ළඟමයි. යන්න විදිහක් නෑ. වාහනේ පිටිපස්සෙ සීට් එක ගාවින් වීදුරුව පහත් වුණා . ඒ සුපුරුදු මුහුණ . කහ පාට ටී ෂර්ට් එකක් ඇඳලා අද නම් කහ ගැරඬියෙක් වගේ.

" නඟින්න..."

මීළඟ කොටසට ...

More Chapters