ජනප්‍රිය රංගන ශිල්පිනී ක්ලෙයාරා තොම්සන්ට මරණ තර්ජන...
Socks දාන ගමන් උන්නු කොල්ලා ශොක් වුණා වගේ. එහෙම්මම එයා බැලුවේ රේඩියෝ එක දිහා. කිව්වෙ මොකක් වුණත් ඒ ක්ලෙයාරා තොම්සන් ගැන කියලා නම් එයාගෙ දෙසවනට හොඳටම විශ්වාසයි. එයා එහෙම්මම රේඩියෝ එක ගාවට ගිහින් අහන් උන්නත් සිරස්තල කියල ඉවර වෙලා මොන මොනවදෝ news ටිකක් කියවනව එයාට හීනෙන් වගේ ඇහුණා.
ජනප්‍රිය රංගන ශිල්පිනී ක්ලෙයාරා තොම්සන්ට මරණ තර්ජන...
ආයෙමත් වතාවක් ඒ සිරස්තලය කියපු ප්‍රවෘත්ති නිවේදිකාව පුවත් සවිස්තරාත්මකව විස්තර කරන්න පටන් ගත්තා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ක්ලෙයාරා තොම්සන් මහත්මියට ඊයේ රාත්‍රියේදී කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා . ඇයගේ නිවසේ කාමරය තුළදීම මෙම සිද්ධිය සිදුව ඇති අතර මේ වන විට ක්ලෙයාරා තොම්සන් මහත්මිය පොලිස් ආරක්ෂාව යටතේ සිටිනවා. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ...
ඒ news එක අහන් ඉඳපු සත්සිඳු එහෙම්මම ඇවිත් ඇඳේ වාඩි වුණේ අසිහියෙන් වගේ. එයාට මොකුත් තේරුම් ගන්න බැරුවයි හිටියේ. ඒත් ක්ලෙයාරා තොම්සන්ට මරණ තර්ජන එල්ල වුණා කියලා එයා බයවෙන්නේ මොකටද ? බයවෙන්න හේතු නැතුව නෙවෙයි. එයා බය වුණේ ගැරඬියා ගැන. මොකද ගැරඬියයි , ක්ලෙයාරායි අතර තිබුණු සම්බන්ධය ගැන එයා නොදැන උන්නා නෙවෙයි. ඒත් එයා එයාගේ හිතේ ආදරයකුත් නොවන නමක් නැති බැඳීමකට ගැරඬියා වෙනුවෙන් ඉඩ හසර වෙන් කළා.
එයා බය වුණේ ක්ලෙයාරා තොම්සන් ගේ මේ සිදුවීමට කොහේ හරි කොණකින් මිගාන් සම්බන්ධ වෙයි කියලා. එයා බයෙන් උන්නේ ඒ ගැන.
රෑ පුරාවටම අච්චර සතුටින් ඉඳලා උදේ පාන්දරම කණ කොකා හැඬුවා වගේ මූසල විදියට හිත අවුල් කරන දෙයක් ඇහුවට පස්සේ කොල්ලට හිතුණෙම රේඩියෝ එකත් අල්ලලා පොළවේ ගහන්න.
ඒත් ඉතින් හොඳට නරකට දෙකට කටමය වගේ තියෙන එකම රේඩියෝ කබලත් පොළවේ ගහලා විනාස කරගන්නවට වඩා ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා රේඩියෝ එක පරිස්සම් කරන එක කොච්චර වැදගත්ද කියලා එයා ඒ මොහොතෙම තේරුම් ගත්තා.
Socks දෙකත් දාගෙන එදා දාගෙන යන්න තිබුණු කළු පාට ෂූස් දෙකත් දාගෙනම කොල්ලා ඇඳේ වාඩි වෙලා ඉතුරු news ටිකත් අහන්න වුණා.
News... news නෙවෙයි ඒවා තනිකරම ඕපාදූප වගේ. දේශපාලනය හැරෙන්න ප්‍රවෘත්ති කියලා කියවුණේ එකක් නැත්නම් දෙකක් විතරමයි. ඒත් ඒවා news ද එහෙමත් නැත්නම් අණ්ඩර දෙමළද කියලවත් එයාට නම් නොතේරුණු තරම්.
එයා උන්නේ ලොකු කල්පනාවක හිර වෙලා. ඒ කල්පනාව කොච්චරද කියනවා නම් ඔරලෝසුවේ තත්පර කටුවයි , පැය කටුවයි ලොකුම ලොකු සංග්‍රාමයක් කරලත් තිබුණා. ඒත් එයා නම් ඒ ගැන මොකුත්ම දන්නෙ නෑ වගේ. වෙලාව 6.30 වෙන්නත් කිට්ටුයි. කාල සංග්‍රාමය හරි දරුණුයි. තත්පර ඔක්කොම කරන්නේ එයාට ඕනි විදිහට විතරමයි.
අවසිහියත් සිහියත් අතර තැනක නතර වෙලා ලොකු කල්පනාව අස්සෙත් එයාට ඔළුවට ආවේ ගැරඬියා විතරමයි. ඒත් දැන් දැන් කොල්ලගේ හිත කොල්ලටත් හොරා මිගාන් ගැන ටිකෙන් ටික හිතන්න ගනිද්දි නම් කොල්ලට බයත් එක්ක. ඒත් එයාව කොහොම අත් හරින්නද. එච්චර ලස්සනට ආදරේ දෙන කෙනෙක්. පන්හිඳ අයියා වගේම, පන්හිඳ අයියගේ ආදරේට නොදෙවෙනි ආදරයක්..
හිත මහා ලෝභකමකින් පිරිලා යන්න අරන්. ඒත් හිත කරන්නේ ලොකුම ලොකු වැරැද්දක් බව ඒ හිතත් දන්නවා. එයාගෙ හිත එච්චරටම නපුරු ගැරඬියා ගැන වද වෙන්නේ ඇයි? ඒ ආදරේ හින්දද?
ඒක නම් එයාටත් ප්‍රශ්නයක්. නෑ නෑ නෑ.. කොහොමද එහෙම වෙන්නේ. දෙන්නෙකුට ආදරේ කරන්න හිතකට පුළුවන්ද? නෑ නෑ නෑ.. එහෙම වෙන්න බෑ. එහෙම නම් කොහොමටවත් වෙන්න බෑ. හිත මහා පෙරළියක. ඒත් ඒ පෙරළියත් එක්ක හිත ලතැවෙන විදිහ නම් එයාට හිතාගන්නවත් බෑ.
අර දිගම දිග තත්පර කටුව එයාට ඕනි විදිහට එයාගේ පාඩුවේ සංග්‍රාමයේ යෙදෙනවා. වෙලාව හොඳටෝම ගෙවිලා ගිහින්. සත්සිඳු එහෙම්මම ඔරලෝසුව දිහා බලද්දි වෙලාව උදේ 6.45 ට ත් වෙලා තිබුණා.
බස් එක හත වෙද්දි පන්නිපිටිය හරහා යන බව දන්න කොල්ලා side bag එකත් දාගෙනම කෑම එකත් ඒකට දාගන්න ගම්ස්න් එළියට පැන්නා. දොර lock කරගෙනම එයා ශ්‍රී සුමංගල පාර දිගේ වැටිලා බස් එක අල්ලගන්න ඕනි හින්දා පය ඉක්මන් කළා.
දෙපැත්තේ තියෙන ලොකු පොඩි ගෙවල්, පුංචි පුංචි ගස් වැල් ටික හරි අපූරුවට එයාගේ ඇස්වලට පෙනෙද්දි කොල්ලට අර සුපුරුදු හැඟීම නම් එහෙම්මම දැනෙනවා. හිත ආස කරන්නේ ඇත්තෙන්ම හරිත නිම්නයක නතර වෙන්න. බදුල්ල, නුවරඑළිය වගේ දිහාවක.. ඊටත් එහා නුවර වගේ පෞරාණිකත්වයක් ඇති නගරයක..
ඒවා හීන නෙවෙයි. ඒවා බලාපොරොත්තු . හිත අස්සේ ඔහේ ඉපදෙන සීමාවක් නැති අසීමාන්තික හැඟීම් ආවලියක්. ඒවා දම්වැලක පුරුක් වගේ එකිනෙක බැඳිලා තියෙන්නේ. සවිමත් පබළු වැලක් වගේ එයාගේ හිතේ බලාපොරොත්තු හැම එකකටම එයාට පණ දෙන්න හිතෙන්නෙම මේ වගේ හරිත පැහැයක් ඇස් මානයට මුණ ගැහෙද්දි.
තැනින් තැන වැවුණු රූස්ස ගස්වල අතු පතරින් පාර දිගට හෙවණ සපයලා තිබුණට මොකද ඒ අතු අතරින් උදේ ලා හිරු කිරණ පාර පුරාවටම වැටිලා. ඇස් මානෙම තියෙන ඒ සුන්දරත්වය විඳින ගමන් ශ්‍රී සුමංගල මාවත දිගේ ඇවිත් එයා හරියටම උදේ 6.55 වෙද්දි පන්නිපිටියට ආවා.
තත්පර එයාට ඕනි විදියට යුද්ධ කරමින් උන්නට මොකද කොල්ලත් එක්ක නම් ඒ මොහොතෙදි තත්පරවලට එච්චර හරියක් කරගන්න වුණේ නෑ. මිනිත්තු දහයක් යද්දිම පන්නිපිටියට ආව කොල්ලා ඔහේ බලන් උන්නේ බස් එකක් එනකන්.
කොල්ලා ප්‍රාර්ථනා කළේම අර හැමදාම පොල් පටවලා වගේ එන බදුල්ලේ බස් එක නම් එන්න එපාමයි කියලා.
' මල මඟුල.. ඕක ආවොත් නම් මං චොප්ප චුරුප්පං වෙනවා සිරාවටම.. මට මොන කෙංගෙඩිය වුනත් කමක් නෑ.. මගේ බත් එකයි, ගැරඬි මහත්තයා දීපු බර්ෆි ටිකටයි මොකුත් නොවී... '
ඒ එයාගෙ හිත. කලින් දවසේ ගැරඬි මහත්තයා ගෙනත් දීපු බර්ෆි කෑලි ටිකෙන් හතරක් පහක් තෙල් කඩදාසියක ඔතාගෙන එයා ඊයෙ රෑම බෑග් එකට දාගත්තේ tea time එකේදී කහට කෝප්පයක් බොන ගමන් බර්ෆි කෑල්ලක් කන්න හිතාගෙන .
ඈතින් ආව රත්නපුර කොළඹ බස් එකට ඈත තියාම අත දාපු කොල්ලා ටිකක් ඉස්සරහට වුණේ බස් එක නැවැත්තුවම නඟින්න හිතාගෙන. බස් එක ළඟ ළඟ එන හින්දා කොල්ලා හිනාවකුත් දාගෙන බස් එකට නගින්න ආවට මොකද සුපුරුදු බදුල්ල බස් එක වගේම පොල් පටවගෙන වගේ මිනිස්සු පුරවගෙන ආව රත්නපුර බස් එක කොල්ලව දැක්කෙ නැති ගානට එතනින් ඇදිලා ගියේ ගිනි වේගයෙන්.
" උගෙ අප්පට වාහෙ වෙන්න. අවලම් කැරියා.. උගෙ බස් එක නැවැත්තුවනම් ටයර් ගෙවෙයි මෙතන.. අනේ ඕකට.. කියන්න ඒවා නෑ මට.. ගෝත හෝතඹුවා.. හඃ... කොහොමත් ඔය රත්නපුරේ එව්වන්ගේ හෙණ සීන්.. පකටිල්ලා.. උගෙ බස් එක විතරයෑ මේ පාරේ දුවන්නේ.. අනේ මට පාඩු වෙයි..... "
යක්ෂාරූඪ වෙලා උන්නු කොල්ලා කියවගෙන කියවගෙන ගියේ පාරේ ඉන්නේ කවුද කියලවත් හරියකට බලන්නේ නැතුව. කියන්න ඕනි කතා ටික ඔක්කොම කියලා ඉවර වුණාට පස්සෙයි එයා දෙපැත්ත බැලුවේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ළමයෙක් අරන් යන අම්මා කෙනෙක් ඒ හරියේ තිබුණු සුදු වතුසුදු ගහකින් වට්ටියකට මල් කඩන ගමන් ඉඳලා කොල්ලට පිච්චෙන්න තරම් දරුණු විදිහට රවලා ළමයවත් අතින් ඇදගෙන ඉස්සරහට ගියා. කොල්ලා එහෙම්මම බිම බලාගත්තේ එයා කරාපු වැරැද්ද තේරුම් අරන් වගේ.
ඈතින් ආව අවිස්සාවේල්ල බස් එකට අත දාපු කොල්ලා බස් එක නවත්තපු හැටියෙම වගේ foot board එකට ගොඩ වෙලා ඔහේ එළිය බලාගෙනම යන්න වුණා.
Foot board එකේ යද්දි දැනෙන ඒ සුළං රැල්ල නම් හිත නිවනවා. හිත සුවපත් කරනවා. කිරුලපන කිට්ටුව වගේ වෙද්දි එයා පුරුදු කල්පනාවෙන් මිදිලා සිහියෙන් ආවේ ඊයේ දවසේ එයා එක්ක ඒ පාරේ ගෙවාගෙන ආව හැන්දෑව මතක් වෙලාමයි. කිරුලපන දී ඒ දෙන්නත් එක්ක කෑව ice cream එකේ රස.. ඒක නම් මතක් වෙද්දිත් ආස හිතෙනවා. ඉතින් ඒ cafe එක උදේම open කරලා තියෙන හැටි එයා දැක්කා. ඒ ලස්සන ඒ මොහොතේ වුණත් හරි ලස්සනට තිබුණා. රෑ තරම් ලස්සන නැති වුණත් කොළඹ අහස යට පිනිත් එක්ක මුහු වෙලා මීදුම් මවන අමුතු සිතුවමක් වගේ ඒ ඉසව්ව පෙණුනා.
වෙලාව නම් කොච්චර කොහොම කොයි විදිහට ගෙවුණද කියලා එයාට හරියට විශ්වාසයක් නෑ. ඒ විශ්වාසය කෙසේ වෙතත් එයා උන්නු කල්පනා ලෝකයෙන් මිදෙන තුරුම වෙලාවක් ගැන නම් එයාටත් කල්පනාවක් නැති ගානයි.
තුම්මුල්ල හංදිය පහු වෙලා එද්දි කුමාරතුංග මුනිදාස මාවතට බස් එක හරවනවත් එක්කම වගේ එයා බස් එකෙන් බැස්සා. බස් එකෙන් බැහැලා කුමාරතුංග මුනිදාස මාවත දිගේ ඉස්සරහට එන ගමන් එයා බලන් ආවේ එයාගේ දකුණු අත පැත්තේ පාර එහා පැත්තේ තියෙන විසල් නුග ගස් පේළිය දිහා. ඒ මං තීරුවේ සුපුරුදු නුග ගහ යට එයා බැලුවේ සුපුරුදු විදිහටම එයා ඇති කියලා වුණත් එයා පේන්න උන්නේ නෑ.
බලාපොරොත්තු දල්වගෙන ඒ හිත ඒ අඩවියට ආවෙම ඒ ඇස් දෙක දකින්න ආසාවෙන් වුණත් එයා පේන්න නැති වෙද්දි නම් එතුවක් වෙලා මූණේ රඳවගෙන ආව හිනාවත් එහෙම් පිටින්ම අතුරුදන් වෙලා ගියා. එයා ඇයි ආවේ නැත්තෙ කියන සිතුවිල්ල විතරක්ම හිත අස්සෙ පෙරළි කරන්න ගනිද්දි එයාට මතක් වුණේ උදේම අහපු news එක.
' අනේ ගැරඬියට මොකක් හරි කරදරයක්වත්ද ? එයා වෙනදා නම් මං එනකන් මෙතනට වෙලා බලන් ඉන්නවනේ . ඒ හිනාව උදේම දකිද්දි මගේ දවසම සුභයි අප්පා.. අද ඉතින් හිත එක තැනක තියාගෙන වැඩක් කරන්න වෙන්නෑ මට.. අනේ දෙයියනේ ක්ලෙයාරාට වගේම එයාටත් මොකක් හරි කරදරයක්වත්ද? අනේ... අනේ දෙයියනේ , එයාට නම් මොකුත් වෙන්න එපා.. එයා පව්.. ක්ලෙයාරා එක්ක මොනා තිබ්බත් දැන් ඒවා නෑනේ.. ඉතින් එයාට ප්‍රශ්නයක් නැතුව ඇති හැබැයි... නෑ නෑ නෑ... එයාට මොකුත් වෙන්නේ නෑ... '
එයා හිතුවේ එහෙම. තව ටික වෙලාවක් බලලම යන්න කියලා හිතාගෙන සත්සිඳු පාර පැනලා අර සුපුරුදු නුග ගහ යටට වෙලා මොහොතක් නැවතිලා ඉන්න තීරණය කළා.
එහෙම්මම පාර පැන්න එයා නුග ගහ යටට වෙලා බලන් උන්නේ මිගාන් එනතුරු. ඒත් එයා එන පාටක් නෑ. එයා කොයි යම් හෝ මොහොතක ඒවි කියලා බලාපොරොත්තුවක් විතරක් එයාගේ හිතේ තිබුණා. ඒත් නෑ.. එයා පේන තෙක් මානෙකවත් නෑ.
උදේ 8 පහු වෙලා විනාඩි දහයකුත් ගෙවිලා ගිහින් තිබුණා වුණත් මිගාන් නම් පේන තෙක් මානෙක නෑ. ඉතින් තවත් එතන රැඳිලා ඉන්න එකේ තේරුමක් නැති නිසාම එයා පාර පැනලා ගිහින් රැජින මාවතට වැටුණා.
එයා නැති තැන තවත් සත්සිඳුට එයාගේ සුපුරුදු පියවි සිහිය අස්සෙ ජීවත් වෙන්න පුළුවන්කමක් නම් තිබුණේ නෑ. ගිනි පුළිඟු දැවෙන්න වගේ පිච්චෙන දැවෙන හිතත් එක්ක සිහියත් අවසිහියත් අතර තැනක හිත රඳවගෙන එයා රැජින පාර දිගේ වැටුණා. පුරුදු සුපුරුදු ඉක්මන් වේගය කොහේදෝ ගිහින් තිබුණ නිසා හෙමින් හෙමින් තියන අඩිත් එක්ක තත්පර කටුව නම් දැන් දැන් කොල්ලව පරද්දන්න අරන් තිබුණේ.
පියවි ලෝකයෙන් ඈත් වෙලා කල්පනා ලෝකයේ තනිවෙලා උන්නු කොල්ලගේ අඩියක් අඩියක් ගානේ හදවත අස්සෙන් නැගෙන සියුම් තිගැස්ම එයාගේ හිත හරි හරියට කලබල කරවනවා.
' අනේ ඇයි ඔයා ආවෙ නැත්තේ ගැරඬියෝ ? දැන් දැන් මගෙ හිත ඔයාව ඉල්ලන්න අරන්.. මගෙ ඇස් දෙකට ඔයාව නොදැක දවස පටන් ගන්නවත් බැරි තරම්.. අනේ ඇයි සර් ආවේ නැත්තේ.. ඔයා හොඳින් නේද ? ඔයාට කරදරයක් නෑනේ... '
එයාගේ හිත ලතැවිල්ලෙන් බර වෙලා. දරාගන්නම බැරි අසීමාන්තික වේදනාවක් ආයෙමත් ඒ හිත ආක්‍රමණය කරන්න අරන් තිබුණා. දෙනුවර කලින් දවසේ රෑ කිව්ව අර අමුතු කතාව එයාට හරියටම තේරුම් ගියේ ඒ මොහොතෙදී. ඇත්ත, ඇබ්බැහි වෙන්න නරකම මිනිස්සුන්ට තමයි.
කවුරු හරි ලස්සනම ලස්සන හදවතක අයිතිකාරයෙක්ට පුරුදු වෙන , ඇබ්බැහි වෙන හිතකට කවදාවත්ම ඒ පුරුද්දෙන් , ඒ ඇබ්බැහියෙන් මිදෙන්න නම් බෑ. ඔහේ අවසිහියත් සිහියත් අතර තැනක හිත රඳවගෙන හීනෝන්මාදයෙන් වගේ ඇවිදගෙන යන එයාට හිතුණේ ඒ කාරණාව.
Daily Lanka ඔෆිස් එකට ගිය සත්සිඳු කැබින් එකට වෙලා ඔහේ බලා උන්නා හැරෙන්න ගොඩ වෙලාවක් යන තුරුම කිසිම රාජකාරියක් නම් නොකළ තරම්.
" කෑවා කෑවා කෑවා.. තෝ පර බල්ලා.. තෝ තෝ තෝ.. තෝ ඔක්කොම ඇවිත් මගෙ plans ඔක්කොම විනාස කළා.. මං තොට කිව්වේ ඒකිත් එක්ක මඟුල් කරන්න නෙවෙයි බල්ලෝ. මං තොට කිව්වෙ ඒකිව මරන්න කියලා.. තෝ තෝ තෝ... මං දැන් තෝව මරනවා... "
ශේන් කෑ ගහන්න වුණේ වියරුවෙන් අඩි පොළවෙ හප්පන ගමන්. ක්ලෙයාරාව මරන්න ගිය දර්ශන් ඔහේ බිම බලන් උන්නේ එකම එක වචනයක්වත් කතා කරන්නෙ නැතුව.
" දැන් දැන් දැන් ..දැන් මොකක්ද බල්ලෝ මං කරන්නේ? ආ.... කියපන් දැන් මං මොකක්ද කරන්නේ ? මං තොට කිව්වා ඒකිට එහෙම්මම ඇනලා දාපන් කියලා.. තෝ ඒකිගේ පුකක් බලන්න ගිහින් ඔක්කොම කෙලෝගත්තා.. දැන් තවත් මොකක්ද හුත්තෝ මෙතනට වෙලා බලන් ඉන්නේ..? පලයන්.... පලයන් ඉතින් මගේ දෑහැට නොපෙනි.... "
ශේන් වියරු වැටිලා කෑ ගහන්න වුණා. දර්ශන් උන්නේ කර කියාගන්න දෙයක් නැතුව. අඩි පොළවේ හප්පමින් පිස්සුවෙන් වගේ ඒ අත මේ අත ඇවිදිමින් උන්නු ශේන් එහෙම්මම සෝෆා එකට වැටිලා හේත්තු වෙන ගමන් සිවිලිම දිහාවට ඇස් යොමා ගත්තා.
" දර්ශන්... ඇයි බල්ලෝ මං උඹට මෙච්චර තේරෙන සිංහලෙන් කියලත් තොට බැරි වුණේ ඒකිව ඉවරයක් කරන්න.. ඇයි තොට බැරි වුණේ....? "
ශේන් එහෙම්මම ආයෙමත් නැඟිටලා දර්ශන් ගාවට එන ගමන් ඇහුවා. කළු පාටින්ම ඇඳගෙන උන්නු දර්ශන් තාමත් උන්නේ ඊයෙ ඇඳුම පිටින්මයි. මහ ලොකූ වැරැද්දක් කරපු වැරදිකාරයෙක් ගානට එයාගේ ඇස් යොමු වෙලා තිබුණේ පොළව දිහාවට.
" කුරේ.... "
ශේන් කතා කළේ කුරේට. ඒත් එක්කම වගේ කුරේ අඩියට දෙකට එතනට දුවගෙන ආවා.
" බොස්..... "
" මූට යන්න කියපන්.. නැත්නම් මට මේ හුත්තගේ මූණ කට සමතලා වෙන්නම නෙළන්න හිතෙනවා.. නිස්කාරණේ ගුටි නොකා මූට යන්න කියපං.... "
ශේන් කිව්වේ ඉවත බලාගෙනම වගේ. ඒත් එක්කම වගේ කුරේ ඇවිත් දර්ශන්ගේ කණට කරලා මොන මොනවදෝ මුමුණන්න වුණාම තවත් එක මොහොතක්වත් එතන නොරැදුණු දර්ශන් එහෙම්මම එතනින් පිටත් වෙලා ගියා.
" මං කිව්වනේ කුරේ.. මං අරූගෙන් පලි ගන්න එක ගන්නවාමයි.. ඕකගේ හැමදේම මං උදුර ගන්නවා... "
ශේන් වියරු හඬින් කියන ගමන් ආයෙමත් අර සෝෆා එකේ හාන්සි වුණා. කුරේ ශේන් ළඟට ඇවිත් කතා කළේ යටහත් පහත් විදිහට .
" ඒත් බොස්.. අර ගෑණිට ගේමක් සෙට් කළේ ඇයි... ? "
කුරේ ඇහුවේ නොදන්නාකමට. ශේන් ඒත් එක්කම ආයෙමත් අර සුපුරුදු වියරු හිනාවම පාලා කුරේ දිහාවට ඇස් යොමු කළා.
" ඌ ඒකිගෙ හොර මිනිහා යකෝ.... "
ශේන් එහෙම කියද්දි කුරේත් සමච්චල් හිනාවක් දාලා අහක බලා ගත්තා.
මිගාන් උදේම ආරංචිය අහපු හැටියෙම වගේ පිටත් වුණේ පොලීසියට . ඒත් එයාගෙත් ඇතැම් ජඩ වැඩත් එක්ක නම් කොල්ලට පොලීසියට යන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ. ඒත් කොල්ලා ජේකබ් ලවා හැම විස්තරයක්ම හොයාගෙන ක්ලෙයාරාව ජේකබ් එක්කම ජීප් එකෙන් ගෙදරට ගෙන්වා ගත්තා. කොල්ලට පොලීසියට යන්න බැරි නිසාම ආයෙමත් ගෙදරට ඇවිත් උන්නේ.
ජේකබ් එක්ක ජීප් එකෙන් කොල්ලගේ ගෙදරට ආව ක්ලෙයාරා ගෙට ගොඩ වුනත් හරි කළේ දුවගෙන ඇවිත් කොල්ලව බදාගත්තු එක. ගැරඬියවත් බදාගෙන අඬන් ගැරඬි ධේනුවට ඈත් වෙලා ඉන්න කියන්නත් බැරි නිසාම එයා හෙමින් සැරේ ක්ලෙයාරගේ හිස කෙස් අතරින් ඇඟිලි යවමින් පිරිමදින්න වුණා.
" අනේ ඩිනෝ... මට.. මට බයයි ඩිනෝ.. මට ගොඩක් බයයි.. මට.. මට ඔයා ගාවටම වෙලා මෙහෙම ඉන්න දෙන්න... please..... "
ක්ලෙයාරාගේ ඇඬිල්ල නම් ඉවරයක් නෑ. මිගාන් ඉස්සරහදී ඒ ඇඬිල්ලා තවත් වැඩි වෙනවද කොහෙද. ඒත් කොල්ලා උත්සාහ කළේම පුළුවන් තරම් එයාගේ හිත හදන්න.
" හරි හරි... ක්ලෙයාරා.. කෝ දැන් නාඬා ඉන්න.. කෝ.. කෝ ඉතින්... අන්න හරි කෝ... හොඳ ළමයා..... "
කොල්ලා ක්ලෙයාරාගේ කඳුළුත් පිහදාලා එයාව සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා. කොච්චර කළත් අතීතේ වෙච්චි සමහරක් දේවල් එක්ක ක්ලෙයාරා ගැන හිත වද දෙන නිසා මේ දේවල් කරනවා හැරෙන්න කොල්ලා මේවා කරන්න ගත්තේ ආසාවකින්වත් කැමැත්තෙන්වත් නම් නෙවෙයි. කොල්ලත් එහෙම්මම ක්ලෙයාරාගේ ඉස්සරහින් සෝෆා එකේ වාඩි වෙලා කතා කරන්න වුණා.
" ක්ලෙයාරා, දැන් ඔයාට මෙහෙම ඉන්න බෑ.. ඔයාට මං නුගේගොඩ appartement එකක් දෙන්නම්.. දැනට ඒකේ නතර වෙන්න.. ඊට පස්සේ ඔයාට හොඳයි කියලා හිතුණු දවසක ආපහු ගෙදර යන්න , හරිද? බයවෙන්න එපා.. මං මගේ ගාඩ් එකේ කොල්ලො දෙන්නෙක් දාන්නම් ඔයාගේ safety එක වෙනුවෙන්... "
මිගාන් කිව්වේ ක්ලෙයාරාගේ මූණ දිහාම බලාගෙන වුණත් ක්ලෙයාරා නම් උන්නේ යාන්තමට වගේ ඉකිබිඳින ගමන්..
මීළඟ කොටසට ...