LightReader

Chapter 17 - 17

තේශි...

සෙනාරිට ගාපු ලිප්ස්ටික් එක මේසේ උඩට විසික් කරපු මම එලියට එනකොට එයාගෙ කට හඩ ඇහුනා...ඒ උනත් මම නෙවෙ නැවතුනෙ....මෙවෙලෙ මගෙ හිතේ තිබුනෙ මහ අමුතු හැගීමක් වේදනාවක් නොවුන වේදනාවක්....එයාගෙ වචන මගෙ හිත පෑරුවා...

තේශි.....

එයා දුවගන ඇවිත් මගෙ අතේ එල්ලුනා වගේම මම අනිත් පැත්තට හැරුනා....හැරිලා එයාගෙ උරහිස්වලින් තදින් ඇලුවා....

විතේන් ....කනාමැදිරියෙක් වගේ ලාම්පුව වටේ කැරකිලා නිරපරාදෙ මැරිලා යන්න එපා විතේන් ....

මගෙ වචන සැර උනා....මගෙ සැර වචන ඉස්සරහා ඒ ඇස් ගැස්සෙනවා මම දැක්කා...හිත රිදුනා නොසෑහෙන්න.....නොසෑහෙන්න...මම ඒ ඇස්වල වේදනාව දැක්කා...මොන දේ උනත්...ගියපු කෙනෙක් ආයම ලන් වෙනවා දකින්න...ඒ වේදනාව උහුලන්න සක්කරයටත් බැරි වේවි.....

තේශී...ඔයාට...මාව...වදයක්ද....

මට ඔයාව වත්...කාවවත් වදයක් නෙවෙ විතේන් ...මට වදේ මාවමයි...මාවමයි මට වදේ....කොන්දක් නැති කම මට තියන එකම වදේ.....මම ඔයා වගේ නෙවෙ විතේ....මෙන්නෙ මේ ඵෝන් එක එකම එක පැයකට තියාගන බලන්න....මම විදින වේදනාව...

විතේන් ....සැරින් සැරේ එන කෝල් වලින් විදවන තරම දන්නෙ මම...සැරින් සැරෙ ඔලුවට දෙන ප්‍රෙශර් එකේ තරම දන්නෙ මම....එක විනාඩි පහකට මගෙ ඵෝන් එකෙන් මගෙ ගෙදර මිනිස්සු මගෙ ඔලුවට දෙන වද හිංසන ගැන පොඩ්ඩක් අහලා බලපන් විතේන් ...

මම කෑ ගැහුවා.....එයා ඉස්සරහා කෑ ගැහුවා..මොකද.....කාත් කවුරුත් නොදන්නවා උනාට...පොඩී බදින්න ඉන්න හාමු මහත්තයගෙ නංගිව මට තීන්දු කරලා කියන පනිවිඩේ ආවෙ මහ රෑක වෙනකොට මම මගෙ හැගිම් හංගන් උන්නා.....

වලව්වකින් නෙවෙ....කොහෙන් වත් ගෑනියෙක් එපා කිය කිය කට කැඩෙනකන් අම්මට ගතු කිව්වත්....වලව් නීතිය ඉස්සරහා රටේ ඉන්න මහ නඩු කාර හාමුදුරුවො පවා පරදින කොට ඊයේ රෑ මග ඇරපු පිටුවක දුක වේදනාව මම එයාගෙන් පිට කෙරුවා...අවංකවම මට ඒ පපුව උඩ තිබුන නිදහස මහ රෑ ආව අම්මගෙ කටහඩත් එක්ක දිය උනත්...ජීවිතේ පලවෙනි පාරට වගේම අවසානම පාරට මට විතේන් කියන ආදරනීයම මනුස්සයගෙ පිරිමි පපුව උඩ නිදහසෙ ඇස් පියා ගන්න ඕනා උනා.....

විතේන් ..මම.....ගේද....බයිද....ස්ට්‍රේද අදාල නෑ....ආදරේට ආදරේ කරන්න කවුද විතේන් අකමැති....උඹ කෙල්ලෙක් නොවුනත්...උඹ ගාව කප්පරක් තරම් සෙනෙහසක්...ආදරයක් තියනවා කියන එක මගෙ පපුවට දැනුනා විතේන්...ගැනියෙක්ගෙ පිරුන පපුවක සියුමැලි කම වගේම....ලෑල්ලක් උන පිරිමි පපුවෙත් තිබුන හැගීම් මම ඊයෙ රෑ වින්දා ඒත් පිච්චි පිච්චි .....උඹ මට මගෙ පන...මගෙ පන කියන වාරයක් ගානෙම ඇස්වලට කදුලු ඉනුවා...මේ ගල් හිත උනු උනා.....ඒත්....මම උන්න වේදනාව දැනන් උන්නෙ මම විතරයි විතේන්.....මම විතරයි ...

හුස්මක් කටක් නොගෙනම කියාගන...කියාගන ගියපු වචන එක්ක මගෙ ඵෝන් එක එයාගෙ අතට හිරවෙලා තියනකොට කොල්ලවත් බය කරවගන මගෙ ඵෝන් එක රින්ග් උනා.....

වලව්වෙ මැනිකෙ...අත්තම්මා ...

මම අහස දිහා බලලා ලොකු හුස්මක් අරන් ඵෝන් එක ගන්න ගියත් එයා ඵෝන් එක ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කෙරුවා ....

සුදු මහත්තයා .....

.........

සුදු මහත්තයා .....

අත්තම්මා.....

උඹ මොනවද අම්මට අර කියලා තියෙන්නෙ....

මම විතේන් දිහා බැලුවා...ඊයෙ රෑ ඇවිලුන ගින්න ලැව් ගින්න වගේ ආයම ඇවිලෙනකොට මම එහෙම්ම එතන තිබුන බිත්තියට හේත්තු උනා....

මම කිව්වෙ මොනවද කියන්න අත්තම්මා දන්නවා ඇතිනෙ.....

උඹට ඕනෙ පොඩීගෙ මගුලත් කඩා ගන්නද....

අත්තම්මා ..මං සැරයක් කිව්වනෙ...මට ඕන ගෑනියෙක් නෑ යකො....

මට ඒ ගැස්සෙන ඇස් ඉස්සරහ මගෙ වේදනාව තරහව පාලනේ කරගන්න බැරි උනා....ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසීම පුපුරපු සුදූ හුස්ම ඇරියා වගේ මගෙ තරහවත් එලියට පැන්නා....

නිතේශ් .....උඹ ඔය කතා කරන්නෙ අත්තම්මට.....උඹට මොන යකාද නිතේශ් වැහිලා ඉන්නෙ...ආ...උඹට මොන යකාද වැහිලා ඉන්නේ.....

අත්තම්මෙ...පින් අයිති වෙයි....පින් අයිති වෙයි ...මං පොඩීගෙ හැම දේම කරන්නම්.....මගෙ සේසතම වියදම් කරල හරි....සුදුගේ තැන ගන්න පොඩීව උඹලා ආස විදිහට මාල හත දම්මපු මැනිකෙ කෙනෙක් විදිහට පෝරුවට නග්ගන්නම්...මාව අතෑරපල්ලකො දෙයි හාමුදුරුවනේ.....ඇයි මට මෙහෙම වද දෙන්නෙ.....මට ඕන ගෑනියෙක් නෑ මට ඕන ගෑනියෙක් නෑ.....උඹලට මාව මරා ගන්න ඔනා නම්....මරා ගනිල්ලා...මට උඹලගෙ රෙද්ද අස්සෙ හැංගිලා ඉදලා ඇති වෙලා...

ඵෝන් එක අල්ලන් උන්න එයාගෙ අත වෙව්ලනකොට මම හති ඇර ඇර කෑ ගැහුවා.... එලියෙ තිබුන සීතලත් එක්ක වැඩි වේගෙකින් කෑ ගහගන්න බැරි උන මට අත්තම්මගෙ සීයා තාත්තගෙ ගොරනාඩුව ඇහි ඇහිම මම ඇදුම් කන පපුවට ගගහත්තා වගේම බය උන එයා මගෙ ගාවට ආවා උනත් මම එයාව මගෙන් ඈත් කරලා ආයම අත්තම්මට උත්තර බදින්න ගත්තා ....

නිතේශ් ...උඹ ඔහොම මුරන්ඩු කම් කරන්න ගියෝතින් උඹට සතපහක දෙයක් හම්බෙන්නෙ නෑ නිතේශ් .....

අනේ.....අම්මෙ...මට ඔය ඉලව්වෙන් සතපහක් වත් ඕන් නෑ අත්තම්මෙ.....මම ඉල්ලන්නෙ මෙච්චරයි ..මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්න දෙන්න කියලා විතරමයි....උඹලා අපි දෙන්නවම ඔය වලව්වට කර ගස්සවන්න හදන්නෙ බූදලේ පිට යවන්නෙ නැතිව ඉන්න කියන එක මම නොදන්නවා නෙවෙ අත්තම්මෙ...මං නොදන්නවා නෙවේ...මොකද රන්දෙනිගල හාමු කියන්නෙ අත්තම්මගෙ උන් මිසක්...සීයා තාත්තගෙ උන් නෙවෙනෙ....උඹලා අපිව විකුනනවා...උඹලා ලැජ්ජා නැති හැත්ත...උඹලා අපිව විකුනන් කනවා අත්තම්මේ...උඹලා මහ සාපයක් මට.....

මං හති වැටෙන පපුව අල්ලන් කෑ ගැහුවා ....මොල්ලිගොඩ හාමුගෙ ගෑනි උන දා ඉදන් අත්තම්මා මොල්ලිගොඩ මැනිකෙ උනාට රන්දෙනිගල ගල වලව්වෙ මැනිකෙ කෙනෙක් උන අත්තම්මා වලව් බූදලේ පිට නොයන්න අපිව විකුනන්න හැදුවා ....

එහා පැත්තෙන් මට දෙස් දෙවොල් තියන අත්තම්මා වගේම ඇගේම හයිය එකතු කරන් කෑ ගහන මගෙ මැද උන්න එයා අසරනව මං දිහා බලන් උන්නා..

නිතේශ් .....දැන් උඹ මේ කටයුත්තට බෑමද කියන්නෙ...

මට ...බෑ....වලව්වෙ උන් .....මාව මැරුවත් බෑ....කෑලි කපලා ...හතර වහල් කඩෙ එල්ලුවත් බෑ...බෙල්ලට ....ගලක් බැදලා නුවර වැවෙ ගිල්ලලා..... මැරුවත් මට....බෑ....අත්....අම්....මං කවදාවත් කවමදාවත් ඔය මැනිකෙව බදින් නෑ.....

උඹ මේකට බෑ කියන්නෙ අර වහනත්රාව හින්දද නිතේශ් ..ආ....

නෑ දෙයියනේ නෑ....අනේ මාව අතෑරපල්ලකො...මට උඹලා ...එක්ක පොර බදින්න බෑ .....අත්තම්මෙ.....මට ඔය එක ගෑනියෙක් වත් එපා....එපා...කියන්නෙ..මට...ඔය වලව් හැතිකරේම එපා.....දෙයියන්ගෙ...නාමෙට...එපා....

තේ...ශී ...අනේහ්....නිතේ...ශ්....නිතේශ් ......

බිත්තියට වාරු දීලා උන්න මාව එහෙම්ම රූට්ටගන වගේ බිමට ඇදන් වැටෙනකොට එයා කෑ ගැහුවා....මාව හොලව හොලව කෑ ගැහුවා ....හයියෙන් හයියෙන් හුස්ම අල්ලපු මං බැරි බැරි ගාතෙ එයාගෙ අතෙ තිබුන ඵොන් එක කනේ තියා ගත්තා ...

අත්...අත්තම්මෙ....එක...දවසක්...හරි..මේ...සුදු..මහත්තයට...ආදරේ කෙරුවා..නම්...මාව ..අතෑරපන්...

වදින්නම්....

නිතේශ් .....සුදු මහත්තයා....

මාව...ආතැරපන්.....අත්තම්..මෙ.....වදින්න...ම්...

මම එහෙම්ම පපුව අල්ලගන මිරිකන් එහෙම්ම නැවුනා වගේම අතේ තිබුන ඵෝන් එක බිමට වැටුනා.....

තේශි....තේශී...අනේ...තේශි......

ස්ටෙෆාන්.....ටෙෆාන්.....එපානෙ....තේශි....අනේහ්.....

එයා බය උනා.....එදා හා සමානවම එයා බය උනා....කොච්චර කොහොම උනත් ඒ ඇස් වලින් කදුලු වැටෙන කොට මම එයාගෙ අත් දෙක අල්ල ගත්තා ....

තේ ..ශි...එපා..අනේ...ඔයාට..මහන්සි....එපානෙ....අනේ....

වි...තේ...න්.....

එපා...එපා...කතා කරන්න එපා.....කතා කරන්න...එපානෙ....

ගහක් ගලක් වගේ උන්න එයා අවසානෙදි මාව ලගට අරන් අඩනකොට මම අමාරුවෙන් හිනා උනා....හිනා වෙලා ඒ ඇස් වල කදුලු පිහ දැම්මා...

නා..ඩා ඉන්න....

මම එයාට අඩන්න එපා කිය කිය අමාරුවෙන් හුස්ම අල්ල ගන්න හැදුවා වගෙම එයා මගෙ කලිසම්සාක්කුවෙන් ගත්තු ඉන්හේලර් එක කටට හිර කෙරුවා...

විනාඩි ගානක්....යනකන් මම එයාගෙ ඇගට වාරු වෙලා උන්නා....ඒ ඇස්වල තිබුන වේදනා ටොන් ගානක් වෙනකොට කොල් එක කට් වෙලා ගියපු ඵෝන් එක මහන්සි ඇරියා....

වේදනා දුන්න පපුව හිමින් සැරේ හති අරිනකොට මම උන්නෙ එයාගෙ උකුල උඩ ඔලුව තියන් වෙද්දි මං බලාගන සේනාරි ඈත ඉදන් බලන් ඉන්නවා....ඒ උනත් ඒ ඇස්මග ඇරපු මම ආයම බැලුවෙ විතේන් දිහා වෙනකොට එයා "එපානෙ....මාව දාලා යන්න එපා...නෙ...."කිය කිය මුමුන ගමන් මගෙ ගැහුන පපුව පිරිමැද්ද...

එදා හුස්ම අතෑරපු අදීශ් නැකිටිනකන් අත් දෙක කඩාගන පපුව අත ගාපු විතේන්ම අද මටත් යන්න එපානෙ ගගා පපුව අත ගෑවා.....ගහල් ගලක් වගේ මිනිස්සු ඉස්සරහා රගපාන...රෑට නොදරුවෙක් වගේ උනුහුම හොයන විතේන් ආයමත් මගෙන් දැක්කෙ එයාගෙ අදීශ්ගෙ වේදනාව වෙනකොට එයා කිව්වෙම හුස්ම ගන්න.....හිමින් හුස්ම ගන්න...අනේ යන්න එපානෙ කියන එක වෙනකොට මගෙ ඇස් කොනකින් කදුලු බින්ංදුවක් එලියට ආවා...

විතේ..න් ....

කියන්න..මැනික....අහ...න්...ඉන්නෙ.....

එයා අඩනවා.....ඒ ඇස් වලින් කදුලු එලියට ආවා උනත් එයා කෙරුවෙ මගෙ පපුව අත ගාපු එක වෙනකොට උඩට ඇදන් උන්න එක ගලවලා මාව පොරවන්න හදනකොට මම එපා කිව්වා...එලිය සීතලයි....එයා ඒක ගැලෙව්වොත්...මොකුත්ම නෑ...මමම තවරපු වත්සුනු හෝදන් පහලට වැටුන මුන වේදනාවෙන් පිරිලා තියනකොට මං කතා කෙරුවා ....

විතේන් ...මම බයයි.....

මං..බයයි...හැම...දේටම...

නැති...වෙයි..කියලා...ජීවිතේ....

නැතිවෙයි...කියලා...ආදරෙ.....

නැතිවෙයි...කියලා....මට...ආදරේ..දෙන...

මිනිස්සු.....

කවදම හරි...දවසක...ඒ නැති වෙන ගොඩේ....උඹත්...ඉදියි....කියලා...මට...

බයයි...විතේ....න්........දැන...දැන.....

ගින්නට...පැනලා...නැති...වෙන්න...එපා...විතේන් ....

...ඒත්...දැන්...මට...දැනෙනවා...මං...දැන...ටම...නැති...වෙලා...ඉවරයි...කිය...ලා.....

තේ...ශි.....

නා..ඩා....ඉන්...න...නා...ඩා...ඉන්...න.....

අතේ හිර උන ඉන් හේලර් එක ඇගිලිවලින් ලෙස්සිලා.යනකොට මම ඇගේම හයිය එකතු කරලා ලොකුම ලොකු හුස්මක් ගන්න ගමන් වෙව්ලන අත දිගෑරලා එයාගෙ ඇස්වල කදුලු පිහදැම්මා....වගේම අඩන එයා දිහා බලන් ලාවට ..හිනා උනා...

තේශි...මැනික...

ඒ එයා.....ඇස්වහන් හිමින් හුස්ම ගන්න ගමන් උන්න මම ඇස් දෙක ඇරියා.....අඩලම ඒ මූනෙ තිබුන වත්සුනු දිය වෙලා යනකොට මම අමාරුවෙන් උනත් නැකිටගන වෙව්ලන අතින් එයාගෙ මූනට ආයම පාට ගාන්න ගත්තා .....

මේ ඇස් දෙක...කවදාවත් ...අඩන්න....හොද...නෑ...විතේන්....

වේදනාව හංගන් මම එයාට මිමිනුවා...ඈතින් උන්න ස්ටෙෆාන් එයා දිහා බලන් ඉන්නකොට මම එයාට ඇස්වලින් අඩ ගැහුවා...මමම රිදවපු මූන රතුවෙලා තියනකොට මමම ඒ මූන ආය පාට කෙරුවා ...

හැම පැත්තෙම්ම තැලුන මම හිතේ වේදනාව හංගන් මොකුත් නොකියම හිත ගල් කරන් එයාගෙ මූන පාට කෙරුවා......

ඒ දෙන්නගෙ කපල් ඵොටෝ ශූට් එක පටන් ගන්න තව තත්පර ගානයි...ආයම ඒ ඇස් කොන්වලට මතු උන කදුලු බින්දුවක් මම මගෙ ඇගිලි තුඩුවලින් ගන්න ගමන් අඩන්න එපා කියන එක ඇස්වලින් කියනකොට එයා හිත ගල් කරන් ස්ටෙෆාන් එක්ක යන්න ගියා වගේම එයාගෙ ඇස්වලින් වැටුන කදුලු බිංදුවක් මගෙ පිට අල්ලෙ තිබුනා....

මං හින්දා කවදාවත් ක

දුළු සලන්නට එපා...

නුඹ හින්දා මං වින්ද දුක

නුඹට දැනෙනු එපා.....

ඒ වේදනාව බර වැඩීයී....

ඒ....වේදනාව බර වැඩී...

එය නුඹට උහුලන්න බෑ.....

මතකයිද නුඹ දුන්න මුල්

හාදුව...

මගෙ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට...

ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව.....

නුඹ ඉන්න යන තැනක

සතුටින් හෙට...

අතේ තිබුන පින්සල අතටම තද වෙනකොට ඒ දෙන්නගෙ එක එක මෝස්තර වල ඵොටෝ වදිනකොට මම හන්තාන අහස දිහා බලන් උන්නා...

එයාගෙ ඇස් කොච්චරවත් තිබුනෙ මං ගාවට වෙනකොට ඇදුමෙන් එලියට පැනපු තිරිවානා පපුවෙ තිබුන උනුසුම මට ආයම මතක් උනා වගේම මේ වෙනකොට ස්ටෙෆාන් එයාව එක අතකින් අල්ලන් උන්නා.....

ඒ අතට..මේ අතට...වදින වදින ඵොටෝ ගානෙ මම යටි තොල හපන් ඉන්නකොට එයා ඵොටො ගන්න එක නවත්තන්න කියලා කොහෙ හරි ගියා වගේම ආයම ආවා..හැබැයි... ඒ ආවෙ ඇගම වැහෙන්න ඇදුමක් ඇදන් වෙනකොට එයා මගෙ දිහා බැලුවා....වගේම ඒ ඇස් කතා කෙරුවා...හරියටම "දැන් හරිද තේශි" කියලා අහනවා වගේ...මං මොකුත් නොකියා උන්නත් මගෙ මූනට ලාවට හිනාවක් එනකොට එයා හිනා උනා වගේම මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා...

ඒක එයාගෙන් ...

මගෙ මැනික...අඩන්න හේතු දාහක් තිබ්බත් හිනාවෙන්න එකම හේතුවක් තිබුනොත්...අවසානය මොකක් උනත්...අපි හිනාවෙමු...යන්න....ඔයා ඉන්න ඕනෙ මගෙ ගාව...මං එනකන් ලැහැස්ති වෙන්න....

ඒ මැසේජ් එක දැකපු මම රිප්ලයි එකක් වත් නොදාම ආයම එයා දිහා බලනකොට එයාගෙ ස්ටාෆ් එකේ ගෑනු ලමයෙක් ආයම මගෙ ගාවට අවා...හැබැයි නිකන් නෙවෙ.....

මිස්ටර් නිතේශ් ...මේක සර් විතේන් දෙන්න කිව්වා .....

වචනයක් නොකියම එයා අතට දුන්න ෆුල් සූට් දාන කවර් එක මගෙ අතට දෙනකොට මං ආයම එයා බැලුවා වගේම එයා මේ තත්පර ගානට ආයම පෝස්ට් එකක් දාලා තිබ්බා ලස්සනම හිනාවක් එක්ක....

https://www.youtube.com/watch?v=sARyYZfigec

ඔයාගෙන් එහා දැන්...

නෑ ලොවක් මට නම්...

හිනාවයි ඔබේ දැන්

පේන්නෙ හැම තැනනම් ...

සංසාර පුරුදු හමුවීමකී..

සත්තමයි මේ ආදරේ අරුමෙකී...

ඔයා ජීවිතේ වී හුගක් කල් ගිහින්...

සත්තයි...ඔයා මාගෙ පණවී හුගක් කල් ගිහින් ....

පෝස්ට් එක දිහා බලන් උන්න මන් කෙලින්ම රූම් එකට ගිහින් මම උනුවතුරෙම්ම ඇගසෝදගන ටවල් එක පිටින් එලියට ආවා....ඒ එනකොටත් ඇද උඩ තිබුන මගෙ ඵෝන් එක ආයම කැ ගහනවා...

කෝල් එක ශොනෝන්ගෙ ගඩාපියගෙන්...

මං එහෙම්ම ආන්ස්වර් කෙරුවා ....

හලෝ.....නිතේස්...

ම්ම්ම්...

ඔයා හොදින් නේත....

ඔව්....ඇයි අද වැඩ නැද්ද ..

තියනවා...ඒ උනාට....ඔයා නැතිව මට වැඩ කරන්න තරම් ඇගට මෙව්වා එකක් නෑ ඒයි....

ඇත්තට ....

හුම්....සෙනෝන් පල්ලයි....

ම්ම්ම්

ඔයා මොකද ඒයි කරන්නෙ..

අදිනවා...

මොකක්ද ...පෙන්නන්න...පෙන්නන්න....ම්හුක්....අනී...හ්....අනීහ්.....අනියේ.....හ්හ්හ්

හා..පොඩ්ඩක් ඉන්නවකො...කලිසම දාගන්නකන්....මැරෙන්න හදනවා ...

එහා පැත්තෙ උන්න ගඩාපියා මැරෙන්න හදනකොට මන් ට්‍රව්සර් එක විතරක් ඇදන් වීඩියෝ එක ඔන් කෙරුවා විතරයි මේකා කාක් පැටියා වගෙ කටත් ඇරන් මස් දිහා බලන් උන්නා...

අම්මේ....ඒයි....ඔයාගෙ සුදු අනෙ....හරි සුදුයි අප්පා...අපෙ සෙනෝන් වත් ඔච්චර සුදු නෑනේ....අර...චුම්චු.....හීහි.....සෝස පාටයි අප්පා.....

ඒ උඹ ..පෙරේතයා ....

ඉතින්.....ඒකත්..මගෙනෙ ...සෙනෝන්ගෙ එකත්...ඩියෝන් බබාගෙ...නිතේස් ගෙ...එකත්...ඩියෝන්...බබාගේ...තව...

හුගා...රියක් කල් ගියහම විතේන් අයියගෙ එකත්.....ඩියෝන් බබාගෙ...

කටවහප්....ඌරා...ඇගට පන නෑ ගෑවට ගිලිනවා නේද ආ බොල...

ඒකා එබි එබි බැලුවා වගේම මගෙ ඇගපතෙ ගුන දොස් කියන්න ගත්තා .... හැමදාම වගේ අදත් චුච්චුවක් අල්ලන් කෑ ගහපු ගඩාපියා ඇගට පන නෑ ගගා මැරෙන්න හැදුවා උනත් ඌ දැන් උන්නෙත් මොනවා හරි ගිල ගිල වගේම කට පුරවන් බිබී උනා....

ආ...මේ..දිවුල් කිරි ඒයි....ලුනු චුට්ටක් මදි....අපෙ සෙනෝන් හැදුවෙ...

මට නෑ...

තියනවා මං ඒක ප්‍රිජ් එකට දාලා ඉබ්බෙක් දැම්මා...සෙනෝන්ගෙන් බේරන්න බෑ ඒයි...

කෝ දැන් මිනිහා...

අර කුසියෙ උයනවා.....අද සෙනෝන් උයන දවස මං වලන් හෝදන දවස....හෙට ඔයා උයන දවස ඈ....

ම්ම්ම්..මොනාද උයන්නෙ...

අපි අද.....උම්මලකඩ තෙල් දාලා...පයිප්පුයි...තව...මැල්ලුනුයි....ඔයා නෑනෙ ඉතින්.....ආ..තව මල් පපඩනුයි..

මං එහා මෙහා වෙවි ඇදගන්නකොට අරකා ගුන දොස් කිය කිය කට පුරව පුරව බිව්වා වගෙම මං අහනකොට දවල්ට කන එව්වත් කියෙව්වා ...වෙලහට ඕකා උම්මලකඩෙන් බාගයක් අමුවෙන් ගිලින්න ඇති....ඌ ඉතින් වෙලාවකට මගෙත් ගෑනි වගෙ හුරතල් වෙන්නයි කන් බෙර පැලෙනකන් කියවන්නයි ඌට ඕනෙ....ඒ කොච්චර කොහොම උනත්....ඩියෝන් මං ගැන හෙව්වා ...උගෙ ආදරේ මට දැනුනා...වලව්වෙ මැනිකෙලාගෙ අහංකාර උද්දච්ච ආදරේට වඩා කෝටි ගනන් පොත්වල නැති උනත් මනුස්ස කම තිබුනා ඒ හැමදේටම වඩා ඉහලින්...ජීවිතේට ඉන්න ඕනෙ ඩියෝන් කෙනෙක්....ශෙනෝන් කෙනෙක්....මොකද හොදම යාලුවො කියන්නෙම කලු නික හා සමානයි.....

ඩියෝන් බබා....

ඕ...සෙනෝන් මෙහේ...මේ...මෙහේ...නිතේස් එක්ක....

යටට ඇදපු සුදු ශර්ට් එකෙ බට්න් එක දදා ඉද්දි උය උය උන්න ශෙනෝන් පොල්කටු හැන්දත් අරන් එනකොට අරු කට පිහදගත්තා

නිතේශයා ...ආව්..ආව්....කොල්ලගෙ ලස්සන....

මාව දැකපු ශෙනෝන් මට කතා කරලා ගඩාපියගෙ පැත්තට හැරෙනකොට ඌ හිනා උනා 

 

කෝ උම්මලකඩ කෑල්ල...

අර ඇතිලියෙ....

මොන.....

අර තිබ්බ එකේ තමා සෙනෝන්....

බොරු නම් කියන්න එපා ඩියොන් ඇත්ත කියපන් පුක පුපුරන්න ගහන්න කලින් කටේ ඔබා ගත්තා නේද.....බඩ රිදෙනවා ගාන් වරකො අද

අනේ ...ඒයි මේ බලන්නකො...බයිනවනේ...මං කාපු උම්මලකඩ්ඩක් නෑ මිනියො....ජනෙල් ඇරලා දාලා මායන් වෙනකොට මං කිව්වා අර එහා ගෙදර පූසා එයි කියල අහන් නෑනෙ...

අනේ..ඩියෝන් මේ බොරු නොකියා හිටු ඒ පූසා මෙහෙ කොහෙ එන්නද...ඇත්ත කියපන් කෑවා නේ...

කෑවෙ නෑ අප්පා...අනේ...නිතේ...ස්..මේ බාන්නකො....මූ බයිනානෙ.....

ඕකා කාලා තමා..මට උගෙ හොර මූන දැක්ක ගමන්ම තේරුනා . ....පොල්කටු හැන්ද උරුක් කර කර ශෙනෝන් උම්මල කඩෙ අහනකොට අරු බොරු මැව්වා වගේම අවසානෙදි ශෙනෝන් ඒකගෙ කට බලෙන් ඇරලා ඉඹලා බැලුවා

ඇරපිය කට...ඔය..මං කිව්වෙ...කාලා කියලා....

ම්ම්ම්..හු....ඌ...ව් ඌයියා ඌයි....යා.....නි...තේ....ස්ස්......

මං කිව්වා වගේම ඒකා කාලා තමා.....අරූගෙ පස්ස හරහා වැදුන හැදි පාර එක්ක ඩියෝන් මැරෙන්න හදනකොට ඒකාබේර ගන්න ගාග මැරෙන්න හැදුවා...

නිතේස්....අනේ...ඉක්මනට....වරෙන්කො...ඒයි..මට මේ මිනියා එක්ක ඉන්න බෑ....

.........

නිතේ.....ස්...

ඇයි බොල ඇයි....මැරෙන්න යන්නෙ...ඇයි....

ඔයා කවදද එන්නෙ නිතේ...ස්....

අද...රෑ වෙනකොට එනවා....

අනේ...නිතේස්....ඉක්මනට...වරෙන් ...ඒයි...මේ මිනියව මට එපානෙ....ගහනවා හැම වෙලෙම....සෙ....නෝන්....මං...නිතේස් ගාවට යනවා..මට එපා...උඹව....

හැදි පාර කාපු ඩියොන් ඒ පාර අඩන්න කට හැදුවා වගේම අවසානෙදි මන් ගාවට යනවා කියාගන අඩන්න ගත්තා .....පව්...ඒකට අරූ ගහනවමයි වැඩෙ...

ආ..ආඅඩන්න..එපා....මං ඔයාට එනකොට මොනව හරි ගේන්නම්.....

කෝප්පෙත් අත් දෙකෙම්ම අල්ලන් කදුලු පෙරපු ඩියෝන් ඒ පාර කදුලු අස්සෙම්ම හිනා උනා.....

මො..නාත...ගේන්නෙ.....ඩියෝන් බබාට....කලු..දොදොල්....

ම්ම්ම්....

තව.....අර කනකොට ඇදෙන චුයින් ගම් වගේ මස්කට්....ඒවත් ගේනවද ඒයි.....

නිතේශ් එන ගමන් ඔහෙන් මොලයක් අරන් වරන් මේ ඌරට

තෝ කටවහපන් මරියා...මට උඹව එපා.....මං යනවා ...නිතේස් ගාවට....ඔයා එනකොට අරන් එන්න....ඒයි හාත...

ම්න්..හා....

නිතේස්...මේහ්....හුහ්..ඔයා බෙහෙත් බිව්වානේ ඒයි.....පයිස්සමින්...ඉක්මනට එන්න ඒයි....අපේ විතේන් අයියව මතක් කරා කියන්න...තව මේ.....එනකොට බෝගන් විලා අත්තකුයි....ඇන්තූරියම් ගහකුයි ඔය කොහෙ හරි ගලවන් එන්න හාද නිතේස්....මං යනවා...අර මිනියා එක්ක බෑ...ආතරෙයි නිතේස්....උම්මා...මේ මිනියා හරි ලස්සනයි අප්පා...පයිස්සමින් ඒයි...ඔය එක එක උඩැක්කියො බැලුවට අහුවෙන්න එපා...විතේන් අයියා දිහා විතරක් බලන්න...

තවත් මොන මොනවදෝ....හෑල්ලක් කියපු ඩියෝන් අවසානෙදි අඩාගන හොටු පෙරාගන ආදරෙයි කියලා ගියා වගේම කොන්ඩෙ ජෙල් කරපු මම එයා එවපු ෆුල් සූට් එකත් ඇදන් මම කන්නාඩියෙන් මා දිහා බලලා එහෙම්ම එලියට ආවා...

ඕන නම්...අඩි දෙක තුනක් යන්න ඇති....මෙච්චර වෙලාම අර ශූට් කරන්න උන්න ඇදුමෙන් උන්න එයත් තනි කලු ෆුල් සූට් එකක් ඇදන් මගෙ ඉස්සරහට ආවා වගේම ඒ ඇස් මා දිහා බලාගන උන්නා වගේම මාත් එයා දිහා බලන් උන්නා.....

ඇහෙන නෑහෙන ගානට එයාගෙ කටින් පුරුදු විදිහටම තේශි කියලා නම මිමිනෙනකොට මම වචනයක් නොකියම එයා දිහා බලන් උන්නා.....අවංකවම ලස්සනයි...කඩවසම්........ කවුරු කොහොම අපි දිහා බලන් උන්නා උනත් මම පලවෙනි පාරට හිතේ ගින්දර ඔහේ ඇවිලෙන්න දීලා එයාගෙ මුන දිහා බලන් හිනා උනා...මං වෙනුවෙන් අඩපු එයා වෙනුවෙන් මම හිනාවක් දුන්නා...පිරිමි පපුවෙ උනුසුම මැද හිතේ ගින්න තියන් උනත් එක මොහොතකට මාව නිදි කරවපු එයා වෙනුවෙන් මම හිනාවක් දුන්නා......මොකද මට හැම වෙලේම ඒ හිත රිදවන්න බෑ....මම හිනා වෙනකොට එයත් හිනා උනා.....

එයා මගෙ ගාවට එනකොට සාක්කුවට අත් දෙක දාන් උන්න මාත් එයා ගාවට එනකොට අපි දෙන්නා එන පාර මැදින් දෙන්නෙක් එයාගෙයි මගෙයි ලොකුම ලොකු එඩිට් කරපු පෝස්ටර් එකක් අරන් ගියා....

ඒක තිබුනෙ cosmetics එකයි මේකප් ආර්ටීස්ටයි වෙනකොට පැය ගානක් මගෙ අතින් හැඩ උන එයාගෙ මොඩල්ස්ලා ටික ඒ පිලිවලට පැජන්ට් එක තියන තැනට ගියා වගේම එයා මගෙ ගාවට ඇවිත් හිටගන මොකුත් නොකියම බලන් උන්නා..ඒඋනත් ඒ ඇස් දෙක අද හුගක් දේවල් කතා කෙරුවා.....

ලා කහපාට ලයිට් එළ අස්සෙ....කොස්මැටික්ස් බ්‍රෑන්ඩ් වල අයිතිකාරයො වගේම ඩිසයිනරලා...beautician ලා ඉදගන ඉන්නකොට මම වගේම එයා එක තැනක ඉදන් උන්නා...

Tramp එක දිගෙ එන උඩරට මනාලියො එක එක විදිහට ඇදගන ආවා...සමහරක් අය traditional විදිහට...සමහරක් අය modern kandyan සමහරක් අය බට හිර පන්නෙට එනකොට එ ඒ එන අය එයාලා පාවිච්චි කරපු කොස්මෙටික්ස් බ්‍රෑන්ඩ් එක පිටිපස්සෙන් තිබුනෙ තිරේ වැටෙනකොට මං බලන් උන්නා.....

Cat walk එකෙන් එන මනාලියන්ගෙ මූනෙ තිබුන හිනාව එක්ක එයාලා හිමින් හිමින් ඇවිත් ආපහු හැරිලා යනකොට ජජ් බෝර්ඩ් එක එයාලගෙ ගුන දොස් හොරෙන් හොරෙන් එයාලා එයාලා කතා කරගත්තා ....

කට්ටිය එනවා..යනවා....මානාලියො..මනාලයෝ.....මේ ඔක්කොම අස්සෙ සෙනාරිව වගේ රවින්ව තෝර ගත්තු කොස්මැටික්ස් බ්‍රෑන්ඩ් එකේ අයත් එයාලගෙ අය එනකන් බලන් උන්නා වගේම එයාලගෙ මේන් කපල් එක උනේ සෙනාරි වගේම රවීන් වෙනකොට මම ඒ මූන මග ඇරල මගෙ ඵෝන් එක ඔබන්න ගත්තා ....

තේශි....

ම්ම්ම්...

ඔයාට මෙතන අමාරුද....

නෑ විතේන් ....

මෙතන සීතලයිනෙ...අපි වෙනතැනකට යමුද...ඔයාට සීතල හොද නෑනෙ

එයා..කොහොම මොන දේ කෙරුව උනත් පොඩි දෙයින් පවා හිතන්නෙ මම ගැන වෙනකොට සෙනාරි ඉස්සරහට එනවා දැක දැක මම විතේන්ගෙ මුන දිහා බලලා ඔලුව හෙලෙව්වා.....මොකද යන්න දීපු අයව යැව්වෙ ආයම ගෙන්නගන්න නෙවේ වෙද්දි මම විතේන් එක්ක නැගිටලා වෙන දිහාවකට ගියා...

ආදරේ දුන්නත්..නැත්ත්...මම පොරොන්දු උනා...ආය ඒ ඇස් අඩවන්නෙ නෑ කියලා....වේදනාවක් නොදි ඉන්න ආදරෙ කරන්නම ඕන නෑ.....

1st place Avon cosmetics ...

එයා ඒක දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා...

පැය ගානකට පස්වෙ හැම දේම ඉවර වෙනකොට හොටෙල් හන්තාන එන්න එන්න පාලුවට ගියා... ඇවිත් උන්න අය එකා දෙන්න ඒකා දෙන්නා හිස් වෙනකොට එයාගෙ ස්ටාෆ් එකේ අය මොඩල්ස්ලාගෙ කොස්ටියුම් වගේම ජුවලරීස් එකතුකරගන යනකොට මං අහගන එයා එයාගෙ ස්ටාෆ් එකේ ගෑනු ලමයෙක්ට කතා කරලා රෙස්ටුරන්ට් එකක නමක් කියලා හැමෝටම ඩිනර් එකට ඒ රෙස්ටුරන්ට් එකට යන්න කිව්වා....අවසානෙදි ඒ හැමෝම යන්න යනකොට මමයි එයයි විතරක් ඉතිරි උනා.....

තේශි.....

ම්න්..

අපි යනවද...ඔයාට මහන්සි නම්...අපි ඉමුද....

උදේ පායපු ඉර හවස් වරුවෙ බැහැගන යනකොට එයා මගෙන් අපි යමුද ඉන්නවද අහනකොට මම එයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් නොදි මම එයාගෙන් ප්‍රශ්‍නයක් ඇහුවා....

හන්තා අහස දම්පාට වෙලා තිබුනා.....තව චුට්ටෙන් හද පායාවි.....මට මෙතන ඉන්න කොයිම විදිහයටවත් හිත නොදුන්න රූපයක් ඈතම ඈත කෙරවලේ අත් පටලවන් එහා මෙහා යනකොට එක බැල්මෙන් උනත් මගෙ ගාව ඉන්න එයාගෙ ඇස් වල කදුලු බැදෙන්න ඉඩකඩ වැඩි නිසා මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා....

ඔයාට වැව රවුමට යන්න ඕනා කිව්වා නේද...

එක්ක යනවද ..

ම්න්...

එයාගෙම කාර් එකේ කී එක ඉල්ලගත්තු මම එහෙම්ම අපේ බැගේජ් දෙකම පිටිපස්සට දැම්මා.....

හන්තාන කදු ගැටි පුරාවටම සීතල වලාකුලු පාවෙනකොට එයා ඇදන් උන්න ජැකට් එක ගලවලා මට ඇන්දෙව්වා .....

ඔයාට සීතලයි මැනික...

එයා හැම වෙලේම එහෙමයි....මම ඉල්ලුවෙ නැති උනත්..මගේ ගාව ඇදුම් තිබුනා උනත්...එයා ඇදිවත හරි ගලවලා මට පෙරෙව්වා....

ඇත්තටම ..අදීශ් උඹ නම් පින්කදක්....

මට ඒ ඇස් දෙක දැක්කම එච්චරයි හිතුනේ.....ආදරේ කියයිද නොකියයිද කියල නොදැන එයා ආදරේ කරන තරම් මට හිතන්න බැරි උනා....

අන්දකාර වේගන එන අහසෙ තරු පායලා තිබුනා වගේම මිනිස්සුන්ව පිස්සු වට්ටවන හන්තාන හද කහපාටින් නැගගන එනකොට මං බලාගන එයා ඈත අහස දිහා බලන් උන්නා වගේම මොකුත් නොකියම තරු ගොඩක් අස්සෙ පායපු...හැමෝගෙම්ම ඈත් වෙච්ච චූටිම චූටි තරුවකට ඇගිල්ල දික් කෙරුවා....

" තනි තරුවක්...මගෙ තේශි වගේ...."

තරුව දිහා බලන් උන්න එයාට මම දොර ඇරලා දෙනකොට එයා වෙනදා වගේම මුනිවත රකින ගමන් කාර් එක ඇතුලෙන් ඉදගත්තා ...ඒ උනත් එයා ඵෝන් එක අතට ගත්තා .....මන් දන්නවා.....තව තත්පර ගානකින් අනිවාර්යයෙන්ම මගෙ වෝල් එකේ එයාගෙ පොස්ට් එකක් තියේවි...

සීට් බෙල්ට් එක දාගන්න....

මම ඇහෙන නෑහෙන ගානට එයාට ශීට් බෙල්ට් එක දාගන්න කිව්වා උනත් එයා උන්නෙ අකුරු ගොඩක් එක්ක අතරමං වෙලාවෙනකොට මමම නැවිලා ශේට් බෙල්ට් එක දැම්මුවා වගේම එයාගෙ උනුසුම් සුසුම් මගෙ කම්මුල් තෙමුවා....

මං කැමති තරුවක් තිබුනා...

හිටිහැටියෙ දවසක

අහම්බෙන් වගේ මගේ අමාවක අහසෙ

තරුවක් පෑයුවා.....

එලියක් නොදැක

අදුරට හුරුවෙලා හිටි මමත් ඒ තරු එලිය යට සැනසෙන්න හුරුවුනා....

පෝයක් ඇර පෝයක්

කදුලට අතවනපු හිත ඒ තරු එලිය යට

හිනාව උගන ගත්තා .....

අමාවක උනත්,පුර හද පායන දවසක වුනත් මගෙ අහසෙ ඉඩ ඒ තරුවට වෙන් වුනා...

රෑ අහසෙ කොච්චර තරු තිබුනත්

ඒ අහසෙ මං හොයපු එකම තරුව

නුඹ වුනා...

දවසක.....මටත් නොකියම මගෙ අහසෙන් බැස ගියත්....උඹ හිටපු තැන

හැමදාටම මගෙ හිතේ රැදුනා...

මේ අහසෙ කොතැනක උඹ හිටියත්

උඹ සතුටින් ඇතැයි සිතා හිත සනසන

ප්‍රේමයක් උඹ මට කියා දුන්නා....

(උපුටා ගැනීමකි...)

සැහෙන්න වෙලාවකට පස්සෙ ඵෝන් එක දිහා බලන් උන්න එයා අවසානෙදි ඵෝන් එකෙන් ඇස් දෙක අහකට වචනයක් වත් නොකියම ශටර් එකෙන් එලිය බලන් උන්නා..... වගේම මම එයාට නොපෙන්නෙන්න මගෙ ඵෝන් එකෙන් එයාගෙ එකවුන්ට් එකට රිංගුවා....හිතුවා වගේම එයා එයාගෙ තරුවට කතාවක් ලියලා.....කතා කරන අකුරු ගොඩක්.....

දම්පාට අහස සම්පූරනම කලු වෙලා තියනකොට කහපාට ලයිට් එලි පාලුව තනිකම මැකුවා...යන එන අයට මග කිව්වා ...සෑහෙන වෙලාවක් යනකන් වත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා නොකරඖ කොට මම එහෙම්ම එයාගේ මූන දිහා බැලුවා වගේම ඇරලා තිබුන ශටර් වලින් ආව සීතල හුලන් පාරට එයාව නිදි කරවලා තිබුනා...පව්...එයාට මහන්සි ඇති.....

අතේ තිබුන ඵෝන් එක එයාටත් නොදැනිම අතෑරෙනකොට එකම අතට බෙල්ල තියන් අමාරු නිසාමද කොහෙද එයා කෙදිරිගාගනම මගෙ පැත්තට හැරුනා වගේම මම හිමීට එයාව මගෙ අත් ගොබේට හේත්තු කරගත්තා ...

එයාගෙ සුවද .....ඒ සුසුම්...ඇරුනම මම විතරක් කාර් එකේ තනිවෙනකොට එයාට මගෙ අතේ උනුසුම දැනිලද කොහෙද එයා මහෙ අත් ගොබේ අත් දෙකෙම්ම බදා ගත්තා වගේම කෙදිරි ගෑවා..හරියටම ඩියෝන් වගේම...නින්දෙත් උපරිම නින්දට ගියහම ඌත් කෙදිරි ගානවා වගේම එයත් කෙදිරි ගෑවා....

ම්ම්හුක්.....ම්ම්ම්..හුක්....

ආ..හරි..හරි...දොයියන්න ...දොයියන්න....

බඩගින්නටමද කොහෙද මට ඈනුමක් දෙකක් යනකොට පාලුව යන්නත් එක්කම එයාගෙ නින්ද නොකැඩෙන්න ලාවට සිංදුවක් දැම්මා...

සුලග නුඹ වගෙයි...

සිත් මල වටා එබෙයි...

මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි....

වැස්ස නුඹ වගෙයි....

සිත් මලට ඇදහැලෙයි....

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.....

සිත හැදිනුවෙත් නුඹයි...

පසු පසම එලව එලවාවිත්

සැනසුවෙත් නුඹයි....

නුඹ මගේ හිත අරන් ගියා....

පුදුමයක් නොවෙයි....

එයා නිදි.....එයාට හොදටම නින්ද ගිහින්...හන්තාන අහසෙන් සෙංකඩගල අහසට එනකොටත් එයා මගෙ අතට තුරුල් වෙලා නිදාගන උන්නා ...

කහපාට ලයිට් වලි වලින් මුලු දලදාවම වහගන තියනකොට රෑ කියල නැතිව සෙංකඩගල පුරාවටම එහා මෙහා යන මිනිස්සු එයාලගෙ ලෝකවල උන්නා....රෑ ලයිට් එලිය අස්සෙ වැව රවුම පුරාවටම එහා මෙහා යනකොට මම එයාගෙ මූන දිහා බැලුවා ....

විතේන් ... 

ඇහෙන නෑහෙන ගානට මම දෙපරක් තුන්පාරක්ම කතා කරාට පස්සෙ එයා ඇහැරුනා වගේම සෑහෙන්න වෙලාවක් යනකන් ඇස් දෙක පොඩි කෙරුවා...

එලියට යන්න ඕනෙද ...

එක්ක යනවද .....

එක්ක යනවද....

ම්න්...

මම එහෙම්ම බැහැලා එයා එනකන් බලන් උන්නා වගේම මම එයා ඇස් දෙක පිහ පිහ මබ් ගාවට ආවා.....

පාර පනින්න යනකොට මම එයාගෙ අතින් අල්ල ගත්තා වගේම එයා නිකන් පුදුම වෙලා වගෙ මගෙ මූන දිහා බැලුවා වගේම මම මොකුත් නොවුන විදිහට ඒ අත අල්ලන් ඇවිත් ඊට පස්සෙ අතෑරියා...

ඈතින් පේන දළදාව කහපාටින් බබලන කොට එයයි මායි බෙංච් එකක ඉදගත්තා ....

එයාගෙ ඇස් දෙක තිබුනෙ නුවර වැව දිහාවට වෙනකොට මම වටපිට බැලුවා වගේම අදත් අර කඩල කරත්තෙ දැක්කා.....

තේශි ...

ඔහොම ඉන්න.....

එයාව එතනම තනිකරපු මම එහෙම්ම කඩල කරත්තෙ ගාවට දිව්වා..කූනුස්සම්ගෙ වගේම පොඩියට කපලා තිබුන පොල්, මිරිස් කරල් මේ ඔක්කොම දැක්කම මගෙ කටට කෙල උනන කොට මම ලොකු කඩල මල්ලක් අරන් එයා ගාවට ගියා ...

විතේන් ....

මාව දැක්ක ගමන් එයාගෙ ඇස් දෙක දිලිසුනා වගේම මම එයා ගාවින් ඉදගත්තම එයා කඩල ඇටයක් අරන් මං බලාගම ඉද්දි අතින් පොඩි කෙරුවා.....

ආ ගාන්න..

.....?????

ආ ගාන්න කො....

එයා අතින් පොඩි කරපු කඩල ඇටේ මගෙ කටට ලන් කරනකොට සෙනග ගොඩේ උන්න මම හොරාවට කට අරිනකොට එයා හිනා උනා වගේම මම ඉක්මනට අහක බැලුවා.....

තේ..ශී....

ඔයා කන්න...මට ඇති.....

කන්න උවමනාව තිබ්බත් ඉන්නෙ නුවර නිසාම මම පස්ස ගැහුවා වගේම එයා කඩල ඇටයක් දෙකක් කාලා බෑග් එක පැත්තකට කරලා එයා ඈතින් පේන දළදාව දිහා බලන් උන්නා....

හිතම නිවෙනවා තේශි...

එයා මුමුනවා.....

තේශි...දෙයක් ඉල්ලන්නම්..දෙනවද.....

ඈතින් පේන දළදාව දිහා බලන් උන්න එයා මගෙ ඇස් දෙක දිහා බලන් දෙයක් ඉල්ලන් දෙනවද අහනකොට ඉල්ලන දේ නොදැන උනත් මට ඉබේටම ඔලුව හෙළ උනා.....

මම මෙතනින් ටිකක් ඔලුව තියා ගන්නද....

එයා මගෙ උරහිස පෙන්නලා එතනින් ඔලුව තියා ගන්නද අහනකොට මම මොකුත් නොකියම ඉන්නකොට එයා මගෙ ලගට ඇවිත් බයෙන් වගේ මගෙ උරහිස උඩ ඔලුව තියා ගත්තා වගෙම මටත් හොරාවට මගෙ අත අරන් එයාගෙ අතට පටලවන් මගෙපිට අල්ලට හාදුවක් තිබ්බා...ඒ හාදුව කොයි තරම් සියුම්ද කියනවා නම්...මගෙ හදවතට විදුලි සැරක් වැදුනා හා සමාන උනා.....

එයා ලොකුම ලොකු හුස්මක් ගත්තා...ලයිට් ඓලිය වැටුන නුවර වැව දිලිසනකොට දලදාවෙ හෙවනැල්ල පෙනන නොපෙන ගානට වතුරෙ සිතුවම් උනා...

සිය ගානක් මිනිස්සු වහගත්තු වැව රවුමෙ මිනිස්සු ....ආදරේ කරන පෙම්වත්තු උන්ගෙම ලෝකවල ඉන්නකොට නිතේශ් වගේම විතේන් වචන නැතිව හැගීම් අස්සෙ හිර වෙලා උන්නා.....

නුවර අහසට පායපු හද දලදාවෙ මුදුනෙන් තියනකොට වැවේ වතුරවල සුවද වගේම මල් වල වගේම හ්ඩුන් කූරුවල සුවද උඩුහුලගෙ ගහන් යනකොට හිතටකියන්න අමාරු හැගීමක් එක්ක මට එයාගෙ සුවද ආත්මෙටම දැනුනා.....

නුවර වැවට හාදු දිදි

මානෙල් මල් පිපුන තරම්...

සොඳුරු සිතැට රුවැත්තීයෙ නුඹ එනවද හාදු අරන්.....

මැදියම් රෑ සීතල සදට ..

සිසිල දෙන්න තාරකා ඉතින්....

සිසිල වෙන්න තාරකා....ඉතින්....

සෑහෙන්න වෙලාවක් යනකන් එයා වගේම මම ඔහේ බලන් උන්න වගේම එයා ආයම මගෙ අතට දැනෙන නොදැනන ගානට හාදුවක් තිබ්බා....

තේශි....

........

එයා මොනවා හරි කියන්න කට හැදුවා වගෙම මං ඒ මුන දිහා බැලුවා...ඈතින් ඇහුන දලදවෙ තේවා හඩ හිතට කියන්න අමාරු හැගීමක් ගේනකොට එයා මගෙ ඇස් මග ඇරලා දළදාව දිහා බැලුවා....

තේශි....දළදා හාමුදුරුවො පල්ලයි.....මං..උඹට මහ හුගක් ආදරෙයි මගෙ මැනික.....හිමි උනා..නොවුනා....මං...උඹට මහ හුගක් ආදරෙයි මගෙ නිතේශ් ....මේ නුවර අහස පල්ලයි....

එයා මට ආදරෙයි කිව්වා..දළදා හාමුදුරුවො පල්ලයි මට ආදරෙයි කියනකොට ඒ ඇස් වලින් ආදරේ දරන්නම බැරි තැනමද කොහෙද කදුලු බිංදු පේලියක් සෙංකඩ ගල මහපොලවට වැටෙනකොට මම එයා දිහා බලන් කට ඇරියා උනත් මගෙ උරහිසට කවුරු හරි අත තිබ්බා වගේම කව්ද කියලා බලන්න හැරෙනකොට මගෙ උගුර කට වේලිලා ගියා.....

නිතේශ් ...

🙂බෝනස් නෑ....ඉහික්.....🤭

🙂ආයම හෙට එන්නම්....

ඔන්න ඉතින්.....ෆලෝවර්ස්ලා 1k වෙලා...ඉතින්..අවුරුද්ද පිරෙන්න දවස් දෙකක් තුනක්.තියෙනකොට ඔයාලා.මට තෑග්ගක් දීලා...මේ දෙන ආදරේට ස්තූතියි වගේම ආදරෙයි මහ හුගක්......❤️❤️😘😘

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters