LightReader

Chapter 31 - 31

නිතේශ් ....උඹ....

මම වගේම එයා ගල්ගැහිලා ගියා....ඊටත් වඩා හොදම වචනෙ මගෙ ඇගම හිරිවැටිලා සර්වාංගෙම ලේ උනු උනා කිව්වා නම්.....ඒක තමා මට මෙවෙලෙ දෙන්න පුලුවන් හොදම වචනෙ.....

එලියට එනවා....

අප්...පච්චි....

උඹට මම කියන දේතේරුනානෙ...වරෙන් එලියට .....

අප්පච්චි ....එයාට බනින්න එපා ...

බනින්න එපා....???මම තවම පටන් ගන්නෙ නැතිව බනින්න එපා කියන්නෙ කොහොමද ආ විතේන් ....කරුනාකරලා තමුන් පැත්තකට වෙලා ඉන්නවා....නිතේශ් වරෙන් එලියට....මේ දැම්ම

අප්පච්චි බාතෲම් එකේ දොර දඩස් ගාලා වහලා යන්න ගියා වගෙම මම එහෙම්ම බිත්තියට පිට දීලා රූටලා බිම ඉදගත්තා ....

තේශී... 

මාව දාලා යන්න එපා ....මං එච්චරයි ඉල්ලන්නෙ.....

මම මගෙ ඔලුව කකුල් අස්සෙ ගහගත්තා ....

බොරු කියන්න ඕන් නෑ...මාව වෙව්ලනවා....මගෙ අප්පච්චි කවදාවත් සෙනාරිගෙ හුටපටේදිවත් මට ඔහොම කතා කෙරුවෙ නෑ...ලෝකයක් ඉස්සරහා මම උඹව දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්නම් කිය කිය මොන බයිලාව ගැහුවත්....ආදරෙ කරන මිනිස්සු හංගන් කරන ආදරෙ අහු වෙන මුල්ම වතාවෙ මම හිතනෙ කඩන් වැටෙනවා...මොනවා වෙයිද කියන්න නොදැන කඩන් වැටෙනවා....මට අප්පච්වචිට මූන දෙන්න බය හිතුනා...මම දෙවියෙක් නෙවෙ...මට බය දැනෙනවා....

විතේ...න්...

මං ගිහින් කතා කරන්නම්.....

එපා..

ඇයි.....

මොන තරම්...ආදරේ කෙරුවත්.....අසම්මතේදි....උඹ මම..මේකට මූන දෙන්නම ඕනා මගෙ විතේන් .....

මම එයාගෙ මූන දිහා බැලුවා....ඇත්ත..... මම වත්....කියවන උඹවත්.....කවුරුත් ජීවත් වෙන්නෙ යුරෝප් රටක නෙවෙ වෙනකොට .....අසම්මත කියලා ලේබල් කරපු ආදරයක් පටන් ගන්නකොටම හිතේ බයක් ඇතිවෙනවා...ආදරේ නාමෙන් හෙන ගැහුවත් දරා ගන්නම් කියන තැනම දරාගන්න බැරිවෙනවා.....අප්පච්චි කෙනෙක් විදිහට මගෙ අප්පච්චි හදවත ගලවලා අතට දෙන්න කිව්වත් අනිවාර්යයෙන්ම දෙනවා...ඒක ඉරහදටත් වඩා විස්වාස උනත්....මෙතනදි...මෙතනදි මගෙ අප්පච්චි මොන තැන ගනීද...

ඩියෝන්ලට වචනයක් නොකිව්වත්...මං වෙනුවෙන් කැමැත්ත දේවිද...???අප්පච්චි මං ගැන මොනවා හිතේ තියන් ඉන්න ඇතිද...මං අප්පච්චිගෙ බලාපොරොත්තු බින්දද.....???

දරුවෙක් විදිහට මම අසරනයි...

මගෙ විතේන් ...ආදරෙන් බැටකාලා.....බැට කාලා අවසානෙදි මං ගාව නැවතුනෙ මගෙන් එහා ලෝකයක් හිතන්න බැරි බව කියනකොට ....එයාව මට දාලා යන්න පුපුවන්ද...

පෙම්වතෙක් විදිහට මම අසරනයි...

මම ඔලුව බිත්තියට හේත්තු කරගත්තා එයා අහක බලන් ඉනන්වා....සැරින් සැරේම එයාගෙ උගුරු ගැටෙ පහල යනවා.....

මං පොරොන්දු උනා නිතේශ් තමුසෙව දාලා යන් නෑ කියලා ...මට ආය ආය මැරෙන්න වැටෙන්න බෑ නිතේශ් ....

එයා කියවනවා....මම වෙව්ලනවා...අම්මා සීයා තාත්තා ඉස්සරහා මොන තරම් මගෙ පැත්ත ගත්තා උනත්...අප්පච්චි මාව ඒ විදිහට දැක්කම....

මේක යුරෝප් රටක් උනා නම්...අනේ දෙයියනෙ ..අසම්මතෙ සම්මතේ කියලා නෑ...ආදරේ...කියන්නෙ ආදරේටමයි කියලා මට නිදහසේ හුස්ම ගන්න තිබුනා...ඉපදෙනකොටම දකුනු ආසියාතික රටක ඉපදෙනකොට බොරු විකාර සංස්කෘති එක්ක අපේ හීන බාගයක් උන් උදුර ගන්නවා.....ඒකත්...මේ අමුතු ඇටේ නම් ඉපදෙන්නෙ.....උන් ඉතුරු හරි අඩත් උදුර ගන්නවා....අමුතු ඇටේ ඇතුලෙ අපිට ජීවිතයක් නෑ.....

අත්තම්මගෙ අම්මගෙ වචන ආය ආයම ඔලුව ඇතුලෙ කැරකෙනකොට එයාගෙ බර හුස්ම වගේම සිකරට් ගදෙන් නානකාමරේ පිරිලා යනකොට මම අප්පච්චි ඉස්සරහා මොනවද කියන්නෙ කල්පනා කෙරුවා .....

විතේන් .....

....

ආදරෙ කරන එක වරදක්ද මගෙ විතේන් ...??

මම එයාගෙන් ප්‍රශ්ණයක් ඇහුවා එයා නෙවෙ මා දිහා බලන්නෙ.....

නෑ සුදු අප්පො...ආදරේ කරන එක වැරද්දක් නෙවෙ....හැබැයි...මිනිස්සු ආදරේට "ලේබල්" අලවපු එක වැරදි නිතේශ් .....

අහක බලන් උනත් එයා කියවනවා...

මම නැකිට්ටා....නැකිටලා ගිහින් එයාගෙ ඉස්සරහි හිටගත්තා ...සිකරට් එක දත් වලට හිර වෙලා තිබුනා වගේම කදුලු නැතුවම ඒ ඇස් රතු වෙලා තිබුනා.....

උඹමයි කිව්වෙ ජීවිතේ කියන්නෙ ප්‍රාතිහාර්‍ය පිරුන තැනක් කියලා ....එහෙම එකේ....ප්‍රාතිහාර්‍යක් වෙන්න කියලාවත් ප්‍රාර්තනා කරපන් මගෙ විතේන් ....මාව දරුවෙක් විදිහටවත්.....උඹගෙ මිනිහා විදිහටවත් අසරන කරන්න එපා කියපන්...මට බැදීමක් තියෙන්නෙ.....උඹ ගාව වගේම මගෙ අප්පච්චි ගාව විතරයි විතේන් ...මට ඒක නැති කරන්න එපා...

අහක බලන් සිගරට් එක උරවපු එයා ඊලග පාර මගෙ දිහා බැලුවා.....එයා ඉන්නෙ බය වෙලා මං දන්නවා...මොන දේ උනත්...දොරෙන් පිට ඉන්න මොල්ලිගොඩ හැත්තගෙ ගති ගුන එක්ක එයා උන්නෙ බයවෙලා...හැබැයි...මට සීයට දාහක් ශුවර් එයා බය මං ගැන මිසක් එයාගෙ ගැන නෙවෙ කියන එක මගෙ පපුවට දැනුනා...ආදරෙ කරන හැමොම කියන්නෙ " අනේ එයාට ගහන්න එපා....එයාට බනින්න එපා කියලා" මිසක් කවදාවත් කිසිම තැනකදි කියන්නෙ නෑනෙ මට ගහන්න එපා කියලා ....එයා මගෙ අප්පච්චිගෙනුත් ඉල්ලුවෙ මට බනින්න එපා කියන එක වෙනකොට මට දැනුනා එයා ඉන්නෙ මං ගැන බය වෙලා කියලා .....

නිතේශ් ..අඩන්න එපා...මාව දුර්වල කරන එකම තැන...උඹගෙ කදුලු මගෙ නිතේශ් ...

එයා මට අඩන්න එපා කියනකොට මම එයාගෙ නලලට මගෙ නලල ගහගත්තා ...අප්පච්චි බලන් ඇති.....නඩුවෙ චූදිතයා උන මට මෙවෙලෙ දැනෙන හැගීම හරියටම එල්ලුම් ගහට යන්න ඉන්න හිර කාරයෙක් හා සමානවම දැනෙනකොට මම එයාව තියල එහෙම්ම එලියට ආවා.....

දිසානායක වලව්වෙ හාමු අත් දෙක පිටිපස්සට බැදගන බැල්කනි එකට වෙලා පාර දිහා බලන් ඉන්නවා.....පොඩි කාලෙ වැරද්දක් කරපු හැම දාකම අපි කෙරුවෙ ගහන්න කලින්....උන් අපිට දනගහන්න කියන්න කලින් දනගහලා අල්ල පුපුරු ගහන කන් වේවැල් පාර කන්න අත දික් කරන් ඉන්න එක වෙනකොට මම ගිහින් මගෙ අප්පච්චි ගාව දන ගැහුවා.. ...

නිතේශ් ....

අප්පච්චි ....කියන ඕන දඩුවමක්...මං විදින්නම්....මට එයාව නැති කරන්න එපා...වදින්නම්...අප්පච්චි .....

එයා කොච්චර අඩන්න එපා කිව්වා උනත් අප්පච්චිගෙ මූන ඉස්සරහා මම අසරන උනා. .....

නැකිටපන්.....

මම නැකිට්ටා .....හැබැයි නැකිටලා මට හිටගන්න හම්බුන් නෑ...අප්පච්චි කන පුරවලම ගහපු පාරට මාව අඩියක් පස්සට විසික් උනා

අප්...පච්...චි....

ලගට වරෙන්.... 

එයා ආයම මට එන්න කිව්වා...එතනින් එහාමට කත කරන්න අයිතියක් නෑ කියන එක අත්දැකීමෙන්ම දන්න මම ඊලග කම්මුල් පාර කන්නබලන් ඔලුව පාත් කරන් උන්නා වගේම පිට පිට කම්මුල රත් වෙන්න පාර පිට පාරවල් දෙක තුනක් වැදුනා අවසානෙදි අප්පච්චි මාව තල්ලු කරලා දැම්මා....අම්මා අත්තම්මා සීයා තාත්තගෙන් ඉහෙ කෙස් ගානට ගුටිකෑවත්...මේ අවුරුදු තිහටම මට රිදෙන්න අතකින් වත් අල්ලපු නැති අප්පච්චි මට පලවෙනි පාරට අත ඉස්සුවා ....මට හැම වේදනාවක්ම එකට එකතුවෙලා පපුවට දැනෙනකොට මං කදුලු පුරවන් අප්පච්චි දිහා බලන් උන්නා....

අප්...පච්චි...

උඹට...එක මොහොතක් ඉවසන්න තිබ්බා...එක තත්පරයක්.....

අප්...

කටවහපන්.....කට වහපන්....ආ නිතේශ් ...උඹට....උඹට ඔය ඔලුවෙ මැටිද තියෙන්නෙ.. අර කොල්ලට කියපු හුප්පද අහගන උඹ මගුල් අහන්නෙ....නිකමට හිතපන්.....මම වෙනුවෙට ඔතනට අම්මා ආවා නම්.....මොකද වෙන්නෙ...ආ....???මොලෙ නැති හරක් කරලා තොපිව.....

......

මං අහන් උන්නා...අප්පච්චි මට බනින වාරයක් ගානෙම මගෙ ඔලුවට ඇන්නා....

නිතේශ් ...මට ඉන්නෙ උඹ විතරයි..කරුනාකරලා මට උඹව නැති කරලා...මගෙ අත්වලින් උඹගෙ අම්මව මරාගන්න තැනට වැඩ නොකර ඔය මගුල මේ දැම්ම වහාම අදම නවත්තලා දාපන් ....

අප්පච්චි .....

එයා මට මගෙ විතේන්ව අතාරින්න කිව්වා...මට බෑ...මටබෑ....මට මගෙ විතේන්ව නැතිව ජීවත් වෙන්න කොහොමටත් බෑ...මම අප්පච්චි ගෙ අත තදකරලා අල්ල ගත්තා ...

අප්පච්චි ...වදින්නම්....අනේ...මගෙ ..රත්තරන් අප්පච්චි මට එයාව නැති කරන්න එපා අප්පච්චි .....මට විතේනව නැති කරන්න එපා ....මං කකුල් දෙක අල්ලලා වදින්නම්...මට මගෙ ජීවිතේ නැති කරන්න එපා මගෙ අප්පච්චි ...ඌ හින්දයි මම ජීවත් වෙන්නෙ.....

අප්පච්චිග් අත අතෑරපු මම කකුල් දෙක බදාගත්තා ....ඒ හැමෝගෙම කීමට මම සෙනාරිව අතෑරියා ...ඒඋනත්....ඒඋනත්...මට මගෙ විතේන්ව....විතේනව අතාරිනවා තියා හිතන්නවත් බැරි වෙනකොට මම මගෙ අප්පච්චිගෙ කකුල් අල්ලා වැන්දා . .

මාව ගොඩගත්තෙ ඌ මගෙ අප්පච්චි ...මට මෙහෙම කරන්න එපා.....අප්පච්චි මට තව විදවන්න බෑ...මට ජීවත් වෙන්න ආසයි අප්පච්චි ..මට හිනා වෙන්න ආසයි....

අප්පච්චි ...මට....හීන දකින්න් ආසයි මගෙ අප්පච්චි ....මට ජීවත් වෙන්න දෙන්න....

මම ඒ කකුල් ගාව වැද වැටෙන එක එයා දැක්කා....ඒ ඇස් රතුවෙලා තිබුනා...එකම එක මොහොතකින් හැම දේන උඩු යටි කුරු වෙනකොට මම අප්පච්චිගෙන් එයාව මගෙන් ඈත් කරන්න එපා කිය කිය ඉල්ලනකොට අප්පච්චි ගහක් ගලක් වගේ අහන් උන්නා

නිතේශ් .....ඇඩුවා කියලා තීරනේ වෙනස් වෙන්නෙ නෑ නිතේශ් ...උඹට හැම දේම නැතිවෙයි ...ඒත් කමක් නැද්ද.....උඹට අහන්න බැරි කතා අහන් ඉන්න වෙයි....කමක් නැද්ද.. ...ආ නිතේශ් ඒ කොල්ලට රටේ ඉන්න බැරි කරයි...ඌට ආදරයක් තියනවා නම් ඌව අතෑරපන් ....

අප්පච්චි ....මම ආදරේ කරපු හැමෝවම මටනැති උනා....නැති උන් නෑ..මට නැති කෙරුවා ....මගෙ ඇස්වල වේදනාව නොදකින....මගෙ හදවතේ වේදනාව නොදකින මිනිස්සු වෙනුවෙන් මාව මරා ගන්න එපා අප්පච්චි ....මට ඌව අතාරින්න බෑ....මට ඌව අතාරින්න බෑ...මාව ඔහොම රිදවන්න එපා...මට උහුලන්න පුලුවන් උපරිම මං ඉහිලුවා ....මට තවත් නම් බෑ අප්පච්චි මාව මැරේවි....

එයා බලාගන උන්නා...මං එයාව මට නැති කරන්න එපා කිය කිය ගතු කිව්වා ...අප්පච්චිගෙ ඇස් දෙක තිබුනෙ කොළඹ අහසෙ වෙනකොට මගෙ හයියට විතේන් ඇරෙන්න අහසෙ වලාකුලක් වත් තිබුන් නෑ....

නිතේශ් ....

මං නිකල් වැට මිරිකගන උන්නා....අප්පච්චි මට කතා කෙරුවා උනත් මම උන්නෙ මේ ලෝකෙ නොවෙනකොට මම ඔහේ උන්නා.....

සමහර විට මාව මේ ලෝකෙට ඉපදෙන්න ඇත්තෙ ආදරෙ නැතිව දුක වේදනාව විතරක් උහුලන්න වෙන්න ඇති අප්පච්චි ...

මං ඔහේ කියෙව්වා ...

නිතේශ් ...තමුන් ඒ ලමය එක්ක සම්බන්ද කමක් පටන් ගත්තෙ අර කෙල්ලගෙ අඩුව පුරවගන්නද ....??

අප්පච්චි ....

මම අහන දේට උත්තර දීපන්...උඹ ඒ කොල්ලව ලන් කරගත්තෙ හරි..උඹ ඌට ලන් උනේ හරි....අර කෙල්ලගෙ අඩුව උගෙන් පිරිමහන්නද ...ආ නිතේශ් ....

කවදාවත් නෑ අප්පච්චි ....කෙනෙක්ගෙ හිස්තැනක් කවදාවත් කාටවත් පුරවන්න බෑ....හිස්තැන ඉතුරු වෙන්නෙ...මම එයා වෙනුවෙන් බලන් ඉන්නවා නම් විතර නේද අප්පච්චි .....

එහෙනම්...උඹ කියන්නෙ උඹ ඌට ආදරෙයි....

ඔව් අප්පච්චි ...මං...අදරෙයි.....පන වගේ ආදරෙයි...අප්පචි...

මට කියපන්කො දැන් උඹලා පිරිමි පිරිමි එකතු වෙලා කරන්නෙ මොනවද කියලා.....

අප්පච්චි

උඹගෙ අනිත් උනුත් ඔය ප්‍රශ්නෙම අහනකොට උඹ මොන උත්තරේද දෙන්නෙ නිතේශ් ....?

මම එයා දිහා හැරිල බැලුවා...අප්පච්චි අහනවා පිරිමි පිරිමි එකතු වෙලා මොනවද කරන්නෙ කියලා.....

නිතේශ් .....උඹට උත්තරයක් නැද්ද....??

අප්පච්චි ...පිරිමි පිරිමි එකතුවෙලා කරන දේට වඩා .මම ඌට ආදරෙයිනම්..ඌ මට ආදරෙයි නම්.....ඒකම මදිද අප්පච්චි ජීවත් වෙන්න...

නිතේශ් මේ රටේ මිනිස්සු ඔය වගෙ දෙයක් උනගමන්ම අහන පලවෙනි ප්‍රශ්නෙ උඹ ඌට ආදරේද කියන එක නෙවෙ නිතේශ් උන් අහණ්නෙ උඹලා දෙන්නා මොකද කරන්නෙ කියන එක....මිනිස්සුන්ට ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා ආදරේද නැද්ද කියන එක නෙවෙ නිතේශ් ..කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනත් අහන්නෙ උඹලා ගෑනු ගෑනු මොකද කරන්නෙ කියල....උඹගෙ අම්මා පවා අර කොලුවගෙන් ඇහුවෙ පිරිමි පිරිමි මොකද කරන්නෙ කියලා .....එහෙම දෙයක්....මිනිස්සු දාහක් ඉදිරියෙ තියලා උඹගෙන් ඇහුවොත් ...එදාට උන්ට උඹට ආපිට උත්තර බදින්න හයියක් තියනවද නිතේශ් ????

අප්පච්චි ...මට රටේ මිනිස්සුන්ව සනසව සනසව ඉන්න බෑ අප්පචි.....

ඔව්...උඹට උන්ව සනසවන්න බෑ..හැබැයි....උඹට සිද්ද වෙනවා උඹව උන්ගෙන් බේරගන්න...උඹට උන් වෙනුවෙන් උත්තර බදින්න සිද්ද වෙනවා...

අප්පච්චි කියන කතාව ඇත්ත..මිනිස්සුන්ට ඕනෙ අපි ආදරේද නැද්ද කියලා නෙවෙ...මිනිස්සුන්ට ඕනෙ....අපි උන්ට පෙන්නන්නෙ නැති පැත්ත රස විදින්න ....

අප්පච්චි ....

කතා ඇති...තමුනුත් එනවා මෙතනට.....ලැජ්ජ නැති කොල්ලා.....

අප්පච්චි මම වැරද්ද කෙරුවෙ....එපා එයාට බනින්න.....

පැත්තකට වෙයන්.....උඹට තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ.....දෙන්න වැරද්ද කෙරුවා නම්..දෙන්නමබැනුම් අහපියව්...

අප්පච්චි බනින කොට එයා බිම බලන් අහන් උන්නා..එයාව බේරන්න හදපු මමත් බැනුම් ඇහුවා ....මම ඉවසන් උන්නා.....අප්පච්චිගෙ කේන්තිය ගාව එයයි මායි දෙන්නම කට පියා ගත්තා ..

විතේන් .....

අප්පච්චි ...

තමුන් අදින් මේක මෙතනින් නවත්තන්න ඕනෙ. .

අප්පච්චි ....මටඑක හේතුවක් දෙන්න...ඇයි මං එයාව අතරින්න ඕනෙ ...මං කොල්ලෙක් නිසාද ...නැතිනම්....අපිත්....කුලයක් නැති උන් නිසාද ....අප්පච්චි ආදරේ කියන්නෙ ආදරේට නෙවෙද අප්පච්චි ??මට එයාව අතාරින්න බෑ..මට සමා වෙන්න.....

එයා අප්පච්චිගෙන් මාව ඇතාරින්න හේතු ඉල්ලුවා ...අප්පච්චි එයා දිහා ඇස්පිල්ලමක් වත් නොගහම බලන් උන්නා වගේම එයා ඉවරයක් නැතිවම හුස්මක් නොගෙනම කියෙව්වා ....අවසානෙදි අප්පච්චි එයාව කොලර් එකෙන් ඇදලා ලගට ගත්තා ...

අප්පච්චි ...

පැත්තට වෙයන් නිතේශ් .....විතේන් මට ඉන්නෙ මෙච්චරයි .....අන්න ඒක හොදට මතක තියා ගනින්..... මං මගෙ කොල්ලව හිගන්නෙක්ට උනත් දෙනවා ....හැබැයි උගෙ ඇත්ත ජාතකෙ කිව්වට පස්සෙ .....

අප්පච්චි ..

ඇයි කියන සිංහල තේරෙන්නෙ නැතිද....

එයා විතේන්ව අතෑරියා....එයා මං දිහා බලන් උන්නා වගේම මං අප්පච්චි දිහා බලන් උන්නා...

විතේන් සූරියබන්ඩාර නේ???

සමාවෙන්න අප්පච්චි .....මං...මං..සූරියබන්ඩාර කෙනෙක් නෙවෙ ...මං....විතේන් .....විතේන් ද සිල්වා...මං...සිල්වා කෙනෙක් අප්පච්චි ...මට....

අම්මා තාත්තා .....???

මගෙ අප්පච්චි එයාගෙන් පන්න පන්න ප්‍රශ්න කරන්න ගත්තා වගේම එයා එයාගෙ නම සූරියබන්ඩාර නෙවෙ සිල්වා කියනකොට අප්පච්චි ඇස් දෙක හීනි උනා ....

තාත්තා ...පහන්...පහන්ද සිල්වා....

අම්මා.....රසානි....පෙරේරා..

ර....සා...නි?පෙරේරා....?

ඔව් අප්පච්චි ....රසානි....

මං බලාග ඉන්නකොට අප්පච්චිගෙ ඇස් දෙක වෙනස් උනා වගේම එයා ඒනම ඇහෙන නෑහෙන ගානට මිමිනුවා වගේම මගෙ විතේන් එයාගෙ ඵෝන් එක අරන් එයාගෙ අම්මා තාත්තගෙ ඵොටො එක පෙන්නනකොට විතේන් නොදැක්කා උනත් අප්පච්චිගෙ මූන වෙනස්වෙනවා මං බලන් උන්නා.....

අප්පච්චි මගෙ අම්මව දන්නවද ...

ඔයා එයා ...වගේමයි....

අප්පච්චි .....ඔයා විතේන්ගෙ අම්මව දන්නවද .....

එයා....සතුටින්....ඉන්නවද ....??

විතේන් වගේම මම අප්පච්චි දිහා බලන් උන්නා වගේම එයාගෙ අම්මා තාත්තගෙ ඵොටෝ එක දිහා බලන් උන්න අප්පච්චිගෙ ඇස් නොහිතපු තැනකදි තෙත් වෙලා ගියා....

විතේන් .....

අප්පච්චි .....

එයා....හොදින්....ද....

මගෙ අප්පච්චි ඇහැව්වෙ එච්චරයි . ....උදෙ තිබුන විරහ වේදනාව ඒ ඇස්වල අලුත්වෙනකොට අවුරුදු ගානකට කලින් නිතේශ් කෙනෙක් වෙලා උන්න අප්පච්චි එයා හොදින්ද අහනකොට විතේන් පවා ගොලුවෙලා ගියා...

අප්පච්චි ...ඔයා විතේන්ගෙ අම්මව දන්නවද ...

මගෙ අප්පච්චි විතේන් අතට ඵෝන් එක දීලා අහක බලාගත්තා වගේම මං ඒ උරහිස උඩ අත තිබ්බා ...

නිතේශ් .....දන්නවද ..සමහර මිනුස්සුන්ට ..හමුවෙන්න පින තිබුනට හිමිවෙන්න පින නෑ ...

අප්පච්චි .....ඒ කියන්නෙ....ඔයයි.....

වෙන්න බෑනෙ විතේන් කිව්වෙ අර සුද්දා ෆස්ට් ලව් එක කියලනෙ.....එ උනත්.....ජීවිතෙ අමතකම නොවෙන ආදරෙ පලමු ආදරෙ උනාට ....හිතට දැනුනම ආදරෙ පලවෙනිම ආදරේ නොවෙන්න පුලුවන් ....

අප්පච්චි ....ඔයා මගෙ අම්මව

විතේන් ....

එයා මගෙ විතේන්ව නැවැත්තුවා .....එ මූන අත ගෑවා.....අවුල් උන කොන්ඩෙ හැදුවා .....මන් ගාවදි විතරක් ආදරෙන් පිරුන ඇස් විතේන් ගාවත් ආදරෙන් පිරෙනකොට මගෙ අසරන අප්පච්චිට නැති කරපු ආදරේ පුරුකක් දකිනකොට ඒ ඇස් තෙත් වෙලා ගියා....

ඔයා....එයා...වගේමයි.....ඔයා.....එයා....වගේමයි....

අප්පච්චි ...

අවුරුදු ගානක් නොගැලපෙන දීගෙකින් බැට කාපු අප්පච්චි මේතාක් වෙනකන් කෙරුවෙ ආදරෙ අංශුවක් නොලබාම වේදනාව විදපු එක වෙනකොට අන්සතු වෙච්ච එයාගෙ අම්මගෙ මූන ගාව ආයමත් ඒ ඇස් දිලිසුනා.....ඇත්ත....මිනිස්සු ගියාට මතක මරන්න බෑ.....ආදරේ මරන්න බෑ.....දිසානායක වලව්වත් මගෙ අප්පච්චිව නිතේශ් කෙනෙක් කරලා...

අප්පච්චි ...මං..තවමත්.....මගෙ සුදු අප්පොට පෑහෙන්නෙ නැතිද අප්පච්චි ....මං....වලව්කාරයෙක් නෙවෙ ....ඒත්....මට පුලුවන් අප්පච්චි .....මගෙ නිතේශ්ට දුකක් නොදී බලා ගන්න.....මට...පුලුවන් .....හිත පිරෙන්න ආදරෙ දෙන්න .....

අප්පච්චි බලන් ඉන්නවා . ..එයා කියවනවා .....එයා ඇහිපිල්ලමක් නොගහම විතේන් දිහා බලන් ඉන්නවා මිනිස්සු ආදරේ නොමර ආදරෙ කරනවා කියන්නෙ මේකට වෙන්න ඇති.....

විතේන් .....මට ඉන්නෙ මෙච්චරයි ....මට තියන එකම සේසත මගෙ කොල්ලා විතරමයි....මට බැරි උනා මගෙ.....මට...බැරි උනා.....

අප්පච්චි .....අනේ....

විතේන් .....මූව පරිස්සම් කරපන්....මූට දන්නෙ නෑ....මේලෝකෙ දෙයක් ....ඒත්...මගෙ කොල්ලා ගාව...මේ අප්පච්චි වගේම හොද හිතක් තියනවා..ඌ උඹට ආදරේ කරයි.....ඌ උඹට නොසෑහෙන්න ආදරෙ කරයි...මට ඕනෙ මෙච්චරයි විතේන් ..මට නොලැබුන දෙ මගෙ කොල්ලට හරි ලැබෙන්න එච්චරයි .....තවත් දහම් කෙනෙක් වෙලා හූල්ල හූල්ල නොමැරි මැරි මැරි ජීවත් වෙනවට වඩා.....සුදූ වගෙ බාල්කෙක එල්ලෙනවට වඩා මට ඕනෙ මේ මූනෙ හිනාව දමින්න විතරයි .. උඹට මගෙ ලමයව අතාරින්නෙ නැතිව ඉන්න පුලුවන් නම් ඉදපන්.....එහෙම ඉන්න බැරි නම් ....මේ දැම්ම මූව දාලා යමන් විතේන්

.මගෙ කොල්ලා පව්...

මම දැකපු හීන ...උඹවත් සැබෑකරගනින් නිතේශ් ...මං උඹට ගැහුවෙ තරහට නෙවෙ නිතේශ් ..... කවදාවත් උඹට නියපිටින් පාරක් නොගහපු අප්පච්චි උඹට අද ගැහුවෙ තරහට නෙවෙ මගෙ පුතෙ....මට උඹව නැතිවෙයි කියන බයට...

මෙච්චර වෙලාම මට බැනපු අප්පච්චි අවසානෙදි එයාම ගහපු කම්මුල් එයාම අත ගෑවා වගේම කාටත් නොපෙනෙන්න මගෙ අතට විතේන්ගෙ අත පැටලෙව්වා...පපුවෙ තිබුන ගින්දර නිවිලා යනකොට මගෙ තනියට අපේ හයියට අප්පච්චි ඉන්නවා කියන එක දැනෙනකොට සතුටටම මගෙ ඇස්වලින් කදුලු වැටෙනකොට අප්පච්චි යන්න ගියා වගේම මගෙ විතේන් අප්පච්චිට කතා කෙරුවා ...

අප්පච්චි ...ඔයා....තවම එයාට ආදරෙයිද...

මගෙ අප්පච්චිගෙ මූනෙ හිනාවක් ඇදුනා....කලාතුරකින් ඇදෙන හිනාවක් ...සමහර විට මගෙ අප්පච්චිට අද සැනසීමක් දැනේවි....එයා විතේන් දිහා බලන් උන්නා...

අයිති උනත් ..නොවුනත්....ආදරෙ මරන්න බෑනෙ නේද....විතේන් ...

කාලෙකට කලින් පිපුන ආදරනීයම මතක මලක සුවද පරවෙලා ගිහිනුත් සුවද බෙදනකොට මං බලගන අප්පච්චි පපුව පිරෙන්න හුස්මක් ගත්තා .....

එයයාට කියන්න එපා...එ ඇස් සතුටින් නම්...එච්චරයි .....මට මගෑරුන හීනෙට උඹ යමන්.....

මගෙ අප්පච්චි යන්න ගියා.....එයා මට එයාට කැමැත්ත දුන්න සතුටට වඩා වේදනාවක් පපුවෙ හිර උනා වගෙ දැනුනා ...

මගෙ අප්පච්චිගෙ අතෑරුන හීනෙ උඹගෙ අම්මයි පන.....

එයා මං දිහා බලන් උන්නා.....ඒ ඇස් වල හැගීම් ගොන්නක් විතර තිබුනා නාස් පුඩුවලින් පපුවටත් බර හුස්මක් පිට උනා....

උඹගෙ අප්පච්චිට ...මගෙ අම්මට

මගඇරුන හීනෙ...ඒ හීනෙට අපි පන දෙමු මගෙ තේශි....කවදකම හරි.....

සෙවනැල්ලත් මගහැර යන

අදුරේදිත් මා ළඟින් රැදී

නුඹ හිටියද හැම සංසාරෙත්

මේ වාගෙ මගෙ ලගටම වී

ඔබ හින්දා මං ගැයු පෙම් වදන්

දෝරේ ගලා ගියා දැන්

නුඹෙන් මං විදිමි හැගුමන්

මා හද නිවාලනා....

දවසක් ඒවි අපිත්...අපෙ හීනවලට යාවි.....ඒ හැම මොහොතේ ලගින්

"නුඹ හිටියොතින් ඇති..."

සුදු මහත්තයා ....

මේ පොඩීගෙ වැඩකටයුතු කොහොමද දැන් වෙන්නෙ.....උඹ අයියනෙ.....

එතනින් පස්සෙ අප්පච්චිගෙන් කාපු කම්මුල් පාරවල් වල සැර මතක් වෙලාම මම එයා හරීම අමාරුවෙන් පැත්තකට වෙලා උන්නා...එයා ලැප් එක දිගෑරගන මොන මොනවද බලනකොට මම මගෙ ලැප් එකට මුන ඔබාගන පොඩීට හරියන හෙයාර් ස්ටයිල් එකක් බැලුවා ....අත්තමම දන්න දේකුත් නැති උනත් මහන්තත කමට ඔසරි පොට ඉනේ ගහන් එබි එබි උපදෙස් දෙනකොට " ඉදා උඹ එහෙනම් මේක කරපන් " කියන්න කටට ආවා උනත් මම පුදුමාකාර තරම් ඉවසීමකින් කට පාලනේ කරන් උන්නා.....

හෙලො...මිස්ටර් නලින්....මං එවපු ටික කොහොමද බලන්න.....මට ඒකෙන් ඕනෙ...මට ඒ හතරට යන කොස්ට් එක කියන්න...ඒ ටික එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකෙ චමත් ඩිපොසිට් කරයි.....

....

නෑ...නෑ...ඔය කලර් එක එහෙමම තියන්න.....

ඈ සුදුමහත්තයා ...

ම්ම්ම්ම්

මේ දරුවාගෙ දැරිවිට....දරුවෙක් ලැබෙන්න කිව්වනෙ...මං නම් හිතන්නෙ බොරුවක්ද කොහෙද

මං අත්තම්මා දිහා බැලුවා....ඒ පාර ආයම නාඩගමක් නටන්න හදනවා ....එයා සැරින් සැරේ ඵෝන් එක කනෙ ගහන් මොන මොනවද කිය කිය ලැප් එකට එබෙනකොට පවුලක් කඩලා හරි හාමුවෙක් කරගහන්න හදන අත්තම්මා මගෙ විතේන් ගාවට කිට්ටු උනා වගේම මම මේසෙ යටින් ඉදන් කකුල පෑගුවා ...

ඌව්හ්....

ඇයි දරුවො....ඇයි...

ආ....මේහ් ...මොකෙක් හරි ඇන්නා අත්තම්මා ....

ඒකත් එහෙමද...

පොඩී...පොඩී.....

සුදු අයියෙ ..

මේන් මේක....මේක හොදද ඔයාගෙ අර අනිත් සෙට් එකට....ඔයාට ඔනෙ මේ විදිහටනෙ නේ.....

අත්තම්මා මොනවා හරි අහන්න තෙපර බානකොටම මං පොඩීට කෑගැහුවා වගේම අත්තම්මා මා දිහා බැලුවා .....මගෙ කොල්ලව දෙන්න...මගුල....

ඈ දරුවො....ඔය දරුවගෙ දැරිවිට දරුවෙක් ලැබෙන්න කිව්වා නේද...

වයිෆ් බබා හම්බෙන්න ගිහින් මැරුනා...

සංසාරේ....

මොනා කරන්නද අත්තම්මා බබා හිර වෙලා .....

සීවරන් හාමුදුරුවනෙ.....ඉතින්....දැන් අර දරුවො දෙන්නට යන කලදසාව මොකක්....පොඩි උන්ට අම්මෙක් එපැයිනෙ....

ආ...ඒ දෙන්නව වයිෆ්ගෙ අම්ම බලා ගන්නවා ...

ඒ උනාට ඉතින්....ඔය දරුවත්.....තවම තරුන එකේ....නරකද...මෙහෙන්.....

මන් ආයම කකුල පෑගුවා....අත්තමා ආය ආය වටින් ගොඩින් මගෙ තේශීව බිනරිට පංගරාත්තු කරන්න හදනකොට මම මගෙ කකුල දිගැරලා එයාගෙ කලවෙට උඩින් නිරුවත් යටි පතුල තිබ්බා වගේම යටිපතුලෙ සීතල කොට කලිසමෙන් එලියට ආව කලවෙට දැනෙද්දි මං බලාගන ඒකා යටි තොල හපාගන්නවා.....

ආය නම් කසාදයක් කරගන්න නෑ අත්තම්මා.....

ඒ ඇයි දරුවො....අනික...සූරියබන්ඩාරලා කිව්වම කව්ද....ඉතින් අකමැති....

මගෙ නම් අකමැත්තක් නෑ....මාත් කැමති.....ඒඋනත්

....පොඩි ප්‍රශ්නයක් තියනව අත්තම්මා....

මොකක්ද...

මං බලන් උන්නා...මූ කිව්වා උගෙ අකමැත්තක් නෑ කියලා .....එහෙමද උඹ....මම් මගෙ කකුල තවත් දික් කරලා....එකම සිතුවිල්ලකින් උනත් ඉහලට ඔසවන්න පුලුවන් සැහැල්ලුම දේ උඩින් මගෙ කකුල තියලා ඇගිලි වලින් තද කෙරුවා විතරයි එයා ලැප් එක දඩස් ගාලා වහලා දැම්මා....ආවා මෙතන ....

මොකක්ද දරුවො ප්‍රශ්නෙ....

ප්‍රශ්නෙද.....අත්තම්මා ....මේකයි...මට ආය....බබාලා හදන්න බෑ කිව්වා...අනික...මගෙ කේන්දරෙ තියනවලු මගෙ නෝනට එච්චර ආයුශ පිහිටන් නෑ කියලා ...රාහු පච වෙලාද මොකක්දලු.....ඒ උනාට මං නම් ඔව්වා විස්වාස කරන්නෙ නෑ අත්තම්මා ....ඇයි...අත්තම්මා එහෙම ඇහුවෙ....කවුරු හරි ඉන්නවද .....

ආ...ආ..න්...නෑ...නෑ....අපෙ කවුරුත් නෑ දරුවො....මං...මේ නිකන් ඇහුවෙ....අපිට කොහෙන්ද තව මිනිබිරියො .....

ඇයි ඔය ඉන්නෙ....

නෑ...එයාලා හැමෝටම පරස්තාවල් කතාකරලා තියෙන්නෙ.....

මං යටි තොල හපාගන හිනාව කාගන උන්නා . අත්තම්මා මිසයිලයක් ගැහුවා වගේ මගෙ පැත්තට ඇවිත් ඉදගන්නකොට මං බලාගන මගෙ අසංවර කකුල එයාගෙ ඇස් කොන් දෙක රතුපාට කරලා තිබුනා....ඒ එක්කම එයා ඵෝන් එකට එබුන වගේම මේස උඩ තිබුන ඵෝන් එක දෙදුරුවා.....මගෙ පනගෙන් මැසේජ් එකක්....

තේශී....හ්හ් එපා යකො මට නගී....

ඒකගෙ අසික්කිත මැසේජ් එකක්...මම ගානක් නැතිවම මගෙ කකුල තවත් එහා මෙහා කරන ගමන් එයා දිහා බලනකොට එයා ආයම මට මැසේජ් එකක් ඒව්වා.....

ඔය හරියෙ නෙවෙ මැනික...තව චුට්ටක් ඇතුලට දාන්න.....

වලා තෝ....

මම හිනා උනා වගේම එයාගෙ ඊලග මැසේජ් එකට මගෙ කන් දෙක රතුවෙලා යනකොට මම ඉක්මනටම කකුල පහතට දැම්මා මොකද මටත් දැනුනා මගෙ බොටමට බඩු හරි කියලා ..ඒ එක්කම එයා මට රව රව දෙකට නැමීගන වගේ බාතෲම් එකට දිව්වා.....

හෙලෝ....ඩියෝන්....ඩියෝන් මොකද කරන්නෙ.... 

අත්තම්මා යන්න නැකිටිනවා එක්කම මම ඩියෝන්ට කෝල් එකක් ගත්තා ...මෙතන ඉන්න නාකි මැනිලගෙ කොන්ඩා ඔක්කොම එහෙන් මෙහෙන් සුදුවෙලා...අත්තම්මගෙ මාන්නෙ තිබ්බට ඔලුව පොල් මුඩ්ඩ වෙලා.....

මං ගෙදර නිතේස්...මේ දෝනියට කුක්කු පිටි හදනවා...ළමයා බඩගින්නෙනෙ ඒයි.....

මුගෙ වැඩේම බැලි කික්කිට කිරි පොවනවා...එක්කො ඕකිගෙ බඩ පැලිලා මැරෙනවා....

හා.....කිරි හදලා දීලා පොඩ්ඩක් එන්න..... වැඩක් තියනවා ...

මං එහෙම්ම ඵෝන් එක කට් කෙරුවා වගේම අත්තම්මා මා දිහා බලන් උන්නා..

සුදු මහත්තයා උඹ ආයම අරූව ගෙන්න ගන්නද හදන්නෙ...

නැතිව...මං කොහොමද ඔයාලා හැත්ත බුරුත්තවම තනියම බලන්නෙ....

ඇයි....අනිත් උන් ඉන්නෙ....

උනුත් අඩුකුලෙ උන් තමයි....

සුදු මහත්තයා මේ ඕකා මට කියපු කතා එක්ක මට ඕකව මේ හතර මායමක වද්දගන්න බෑ....රොඩි හැත්ත....අර පහල උන්ට කියපන්....

පහල උන්??? කව්ද අත්තම්මා පහල උන්.....??එතන ඉන්නෙ මගෙ ළමයි මිසක් ඉබාගාතෙ යන උන් නෙවෙ ....අනික බාරගත්තු වැඩ අතරමග නවතලා ඔයාලගෙ ඒවා කරවන්න කොහොමත් බෑ...ඔයා අකමැති නම් කියන්න මං පොඩීව විතරක් අරන් ඔයාලව වෙන සැලෝන් එකකට දෙන්නම්....අත්තම්මා හිතන්නෙ මේක වලව්ව කියලද පස්සෙ දොරෙන් ඇවිත් කොන්ඩෙ කපලා යන්න හිතුන හිතුන වෙලාවට වැඩ කරන්න....

මට මලපැන්නා..... අප්පච්චි අච්චර කියලත් අත්තම්මලාගෙ මනස්ගාත නවතින්නෙ නැති කොට මං අත්තම්මට සැර කෙරුවා වගේම අනීත මැනිකෙයි සුනීතයි කුයු කුටු ගෑවා වගේම සීයා තාත්තා කියව කියව උන්න පත්තරෙ පුටුවට දමල ගහලා බැල්කනියට ගියා .....

නිතේස්.....නිතේස් .....

ඩියෝන් මං මෙහෙ....

ආ....මේ ඉන්නෙ.....පලිගුවෝ.....දගනොකර ඉන්න්ව් ඕනා තේරුනානෙ දෝනියො.....

අරූ ආයමත් ඇබිත්තන් බැලි කික්කිව වඩාගන ඇවිත් තිබ්බා වගේම අත්තම්මට ඇහෙන්නම පලිගුවො ගානකොට මං බලන් අත්තම්මා කුටු කුටු ගගා හෙන ඉල්ලුවා ....

ඩියෝන් ....තියන appointments මොනවද ....

ඔක්කොම පහලට ඒයි තියෙන්නෙ....සෙනෝන්ගෙ එකක් තියනවා....හවස හයට....සෙනෝන්ට උදෙ ඇවිත් මහන්සිනෙ ඒයි....ඒක නිසා ඒක මං ගන්නම්.....ඒ ඇරෙන්න මොකුත් නෑ..

එහෙනම් ...ඔයාට පුලුවන්ද අත්තම්මලාගෙ ඩයි එකයි...අනිත් ටිකයි බලන්න...මට හෙට පිඩීගෙ ට්‍රීට්මන්ට් එක තියනවා .....

අත්තමලාගෙ....

ම්න්....

මං ඒක දිහා බලලා අත්තම්මලාගෙ වැඩටික ගන්නවද අහනකොට උගෙ මූන බෙරි වෙලා ගියා...අවසානෙදි ලාවට ඔලුව වැනුවා ...මං හිනා උනා....හරිටයට ඩයි කරන්න බැරිනම් ඔලුව කාපන් කියන්න වගෙ.....

අත්තම්මෙ කෝ බලන්න

උඹ කොන්ඩෙ බලනවා නම් කොන්ඩෙ බලපන් නෑදෑකම් නොකියා ...

හරි හරි අප්පා...යෝ....චමුදිතයගෙ ගෑනි වගෙ කොයි වෙලෙත් හැච හැච ගාන්න එපා අත්තම්මෙ නහරයක් ගහලා ගිහින් මෙතන මැරිලා යයි

තූ තොගෙ කට පරයා....

ඒකා අත්තමාගෙ මුඩ්ඩ වගේ තිබුන කොන්ඩ ගෙඩිය ගලවන්න හදන ගමන් ආයම ටික ටික කා ගන්න පටන් ගත්තා වගේම මෙච්චර වෙලාම බාතෲම් එකෙව් උන්න මගෙ විතේන් පැත්තට පැත්තට වගේ ඇවිදන් ඇවිත් පුටුවෙන් ඉදගත්තා ඒ මුන රතු වෙලා.....

යෝ....අත්තම්මෙ ...මොනවද අනේ මේ ගාන් ඉන්නෙ ....මුලු ඔලුවම කරවල තෙල් ගදයිනෙ....අනේ නිතේස් මටනම් බෑ මේක අල්ලන්න...බලන්න ඒයි මේක...

ඇ බොල පරයො.....තොට කොව්වා නෙ මට නෑදෑ කම් කියන්න එපා කියලා ආ....දැන් තෝ කියන්නෙ මගෙ ඔලුව කරවල තෙල් ගදයි කියලද.....

අත්තමම්ට අත්තම්මා නොකියා පියුමි හංසමාලි කියන්නද....මල සමයම් අප්පා මේ ගෑනුන්ගෙත්... ඇත්තටම මේ ඔලුව කරවල තෙල් ගදයි අප්පා...අත්තම්මෙ ඔන්න දැම්ම කිව්වා හෙට එන්න කලින් වරුවක් වත් නාගන්න මේ කරවල තෙල් ගද යන්න.....මේවා ඇවිත් ඔය නිකම්ම නිකන් බාබර් සාප්පු නෙවෙ...මේවා ඇවිත් සැලෝන් .....මේ බලන්න ඒයි...මොකක්ද මේ මුඩ්ඩ.....

අහකට ගන් තොගෙ හඩු අත....මේවා මේ වලව්වෙ හිදින හොද පොල්තෙල් ....තොපි දන්නවද එව්වා.....

අනෙ..හැව් හැව් අපි ජන්නෙ ඥෑනෙ...අපි ජන්නෙම ඥෑ...

සුදුමහත්තයා මෙන්න මූට කියපන් ආවා නම් වැඩෙ කරලා ආව දිහාවටම යන්න කියලා ....උඹ මුන්ව කරට අරන් වැඩි ලැජ්ජා නැති හැත්ත ....අඩුකුලෙ පර හැත්ත ....

ආ.....මේ බලපල්ලකො...කව්ද මල්ලි මෑ.....අනෙ අත්තම්මෙ.....මගුලක් නොකිය ඉන්න අනෙ.....අපෙ නිතේස් අපිව කරට ගත්තෙ නෑ.....ඉදලා හිටලා වඩා ගත්තට ඒ ළමයා මොකටද අපිව කරට ගන්නෙ....නැද්ද විතේ අයියෙ.....

අනේ නිතේස්....ඔන්න ඒයි මං දැම්මම කිව්වා මම ගාවට එන්න කලින් ඔය ඉන්න මැනිකෙලාව නාවල එවන්න...ඒකට මොකද අපිට උරුලෑවලු....ඔලුවෙන් එකයි ගන්දස්සාරෙ ....මල සමයන් බෝල සබන් තමයි අප්පා...

අරූ ඉනට අත්දෙක තියන් බිත්තර දාපු කිකිලි පෙදෙ ගසනවා වගෙ ඒකගෙ පොඩි පස්සත් ගස ගස අත්තම්මට පුලුවන් තරම් ඇනුම් පද කිව්වා වගේම චූටි පලිගුවා අත්තම්මගෙ මූන දිහා බලන් බැරි බැරි ගාතෙ බිරුවා .මට පේන්නෙ මූ බුරන්න උගන්නලාවගෙ කික්කිට

පලිගු මැනිකේ.....එන්න අම්මියා ගාවට .....අත්තම්මෙ ඔන්න එහෙනම් හෙට නාගන කරගන එන්න...මට නාව නාව ඉන්න වෙලා නෑ මට හරියට වැඩ.....මම මේ ළමයා ගැනත් බලන්න එපැයි.....තාම හැදෙන ලමයනෙ....නිතේස් ගැන හිතන්නත් ඕනෙ....විතේන් ගැන හිතන්නත් ඕනේ.....සෙනෝන් ගැන හිතන්නත් ඕනෙ....ඉතින් මට කොච්චර වැඩද...ම්හුක්.....නිතේස් මං යනවා ඒයි....විතේන් අයියේ මං යනවා ඒයි.....

මෙච්චර වෙලාම කියවපු ඩියෝනයා බැල්ලි පැටියව අරගන යන්න යනකොට මං බලාගන නැමි පනාව ඔලුවෙ ගහන් උන්න හාමුවා හොරාවට හොරාවට අර බලු නැට්ට වගේ කොන්ඩෙට ඉව කරනවා...

🙂ආයම කොටසකින් හෙට එන්නම්.....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters