LightReader

Chapter 35 - 35

සුදු....මහ..ත්තයා...

මං එයා දිහා බැලුවා....ක්ලාන්ත වෙලා වැටෙන්න ගියපු මාව අල්ලගත්තු එයා දිහා බැලුවා...එයා දැනටමත් උන්නෙ එයාගෙ උඩ බ්ලේසර් එක ගලවලා...එයාගෙ නලලෙන් පහලට පෙරුන උනුසුම් ලේ බින්දුවක් කෙලිම්ම මගෙ මුනට වැටෙනකොට අමාරුවෙන් උනත් වැටෙන්න ගියපු මාව එයා අත් දෙකෙම්ම අල්ලන් උන්නා...

වි....තේ....න්....

මං...මං....හොදින්....මං....හො....දින්....සුදු අ...ප්...පො...බය ..වෙන්න...එපා...මං....මං.....හො.....දින්

එයා කියනවා එයා හොදින් කියලා....ඒත් එයා හොදින් නෙවෙ...එයා චුට්ටක් වත් හොදින් නෙවෙ...මම ඒක දැක්කා...මට ඒක පෙනුනා....ඇම්බියුලන්ස් වල සද්දෙ කන් දෙක පහුරු ගාන් යනකොට බැරි උනත් එයා මාව අල්ලන් උන්නා වගේම වැටෙන්න ගිය මම බලෙන් හරි මගෙ සිහිය අරන් නැකිටින්න හැදුව වගේම එයාට හිටන් ඉන්න බැරි කමටද කොහෙද එයා පැත්තක් චප්ප උන කාර් එකට හේත්තු උනා.. එයාගෙ මූන.....අනේ...මගෙ ...විතේන්ගෙ....මූන.....

 

තේශී...මට....

එපා කතා කරන්න එපා....විතේන්....විතේන්.....විතේ...න්න්....අනේ...මෙයාව...මෙයාව....විතේන්....අනේ..පන...විතේ ..න්න්න්...විතේන්.....මෙයාව දාගන්න....ඉඩදෙන්න....මෙයාව...දාගන්න....ඉඩ..දෙන්නකො.....අනේ....මෙයාව...

අරන්...යන්න.....විතේන් අනේ රත්තරන් ...විතේ ....න්න්න්....අනේ..

දෙයියනේ.....

නිතේස් ....අයියේ .. විතේන් කෝ...අපේ ....විතේන් ..අනේ...සෙනෝන්...සෙනෝන් ..ඔයත් ..ඔයත් යන්නකො...ඔයත්...යන්නකො...

මම උන්නෙ ඔලුවට පොල්ලකින් ගැහුවා හා සමාන හැහීමකින් වෙනකොට මගෙ ඇස් ඉස්සරහදිම එයාව ඇම්බුලන්ස් එකට දාගන්න හැටි මමබලන් උන්නා...එයාගෙ ලේ වැදුන අත පන නැතිව පහලට වැටෙන හැටි මම බලන් උන්නා....සාක්කුවෙ තිබුන ඵෝන් එක බිමට වැටෙන හැටි මම බලන් උන්නා .... වැටුන ඵෝන් එකේ ඩිස්ප්ලේ එක් පුරාවටම උන්න හිනා වෙච්ච මගෙ මූන දිහා මම බලන් උන්නා..ඇම්බ්‍යුලන්ස් එකට දාගන්නකොටම එයගෙ ඇස් දෙක වැහිලා යන හැටි මම බලන් උන්නා...

අප්පච්චියො....අප්පච්චියො ..අනේ ..

අපිට...කරදරයක් වෙලානෙ ...අපේ නිතේස්ගෙ.. .විතේන් අයියට කරදරයක් වෙලානෙ .. එන්නකො...එන්නකො...එන්නකෝ....අනේ...අප්පච්චියෝ...

තෙරපෙන සෙන්ග ගොඩෙ ආතක් පාතක් නැති එකෙක් වගේ මම එහා මෙහා විසි වෙවි චප්ප උන කාර් එක දිහා බලන් උන්නා.....ඩියෝන් ඉවරයක් නැතිවම අප්පච්චිට කතා කර කර එන්න කියනවා...

මම එයාට යන්න කිව්වා.....අනේ...මං ..එයාට යන්න කිව්වා..... " මිනිස්සු මැරුනට ආදරේ මැරෙන් නෑ සුදු මහත්තයා " ඒ එයාගෙ අවසානම වචන ටික....ඒක එයාගෙ අවසානම වචන ටික....උපන්දිනේ දා තනි කලු ඇදන් උන්න එයාගෙ කටින් පැනපු අවසානම වචන ටික.....

විතේන්...විතේන්...අනේ...විතේන් .....මම යන්න කිව්වා...මම...යන්න...කිව්වා...අනේ..

රත්තරන් ...මම...උඹට ..ඔය විදිහට නෙවෙ මගෙ විතෙන් යන්න කිව්වෙ .....

මම කෑ ගැහුවා ...සෙනග මං දිහා බලන් උන්නා...කෑගහලා අඩාගන්න ඕන කම තිබුනා උනත් ඊයේ රෑම මගෙ කදුලු ඉවර වෙලා තියනකොට මට පුලුවන් උනෙ විලාප තියන්න වෙන එක විතරක්ම වෙනකොට මම කාර් එකේ බොනට් එකට හිතේ වේදනාවටම අත මිටිමොලවලම ගැහුවා....ඊයෙ වේලුන තුවාලා අයම හොද වෙනකොට මම එක දිගට ගැහුවා..."කියපු වචනයක් ආයම ගන්න බෑ යකො....."මගෙ හදවත කෑ ගහනවා .....

නිතේස් අනේ...එපා...නිතේස්...

ඩියෝන්...මම...මම ...එයාට යන්න කිව්වා....මම එයාට යන්න කිව්වා...ගිහින්...කියපන් ..ගිහින් කියපන්කො..මගෙ පනට...මම එහෙම නෙවෙ යන්න කිව්වෙ කියලා...ගිහින්...කියපන්කො....ඩියෝන්...මගෙ විතේන්ට මම යන්න කිව්වෙ එහෙම නෙවෙ කියල ..අනේ.....මගෙ කොල්ලට මම යන්න කිව්වා යකෝ.....උගෙ උපන්දිනේ දවසෙම මම ඌට යන්න එපා කිව්වා..අහපන්...උඹට කට චූටි මැනික කියන මගෙ විතේන්ගෙන් අහපන්....ඇයි...ඇයි ..උපන්දිනේ දාම කලු ඇන්දෙ කියලා...ඇයි...ඌ ජීවිතෙන් හතරෙන් එකක් ගෙවලා ඉවරය් කිව්වෙ කියලා...අහපන් ...ඉතුරුහැත්තෑ පහට මොකද වෙන්නෙ කියල...අහපන්...අහපන්....ගිහින් අහපන්...උගෙ සුදු අප්පො මෙහෙ කෑ ගහනවා කියපන්.....අනේ....ඩියෝන්...මම ඌට සමාව දුන්නෙ නෑ...

මම මාව අල්ලගන්න ආව ඩියෝන්ගෙ උරහිස් වලින් අල්ලගන හොලව හොලව කෑ ගැහුවා....ගිහින් කියන්න කිව්වා එයාට මම එහෙම නෙවෙ යන්න කිව්වෙ කියලා...මට කරන්න ඕන දේ මොකක්ද වත් නොතේරෙන තරමට මට එයා කියපු අවසානම වචන ටික මගෙ කන් දෙක ඇතුලෙ දෝන්කාර දෙනකොට මම ඔලුව බදාගන කෑ ගැහුවා මිසක් එයාගෙ පස්සෙන් ඉස්පිරිතාලෙට වත් යන්න මට සිහියක් නැති උනා...

මං උඹට යන්න කිව්වට යන්නම යන්න කිව්වෙ නෑ....යන්නම යන්න කිව්වෙ නෑ...මගෙ විතේන්.....

මගෙ රත්තරනේ....මම යන්නම යන්න කිව්වෙ නෑ.....

නිතේශ් ....සුදු පුතා ...වි....තේ....න්...මගෙ...

කොල්...ලා....

 

අප්පච්චි ...අප්පච්චි ...මට..පරිස්සම් කරන්න බැරි උනා...අප්පච්චි පටලවපු අත මට තද කරලා අල්ලගන්න බැරි උනා...අනෙ...අප්පච්චි ...උඹගෙ ආදරේ....වගෙ...මගෙ ..ආදරෙත්...මට...තදින් අල්ලගන්න ..බැරි....උනා...මගෙ...අප්පච්චි....

නිතේශ් නැකිටපන්...නැකිටපන්...නිතේශ් ...

මගෙ කොල්ලව ඉතිරිවෙයිද...අනෙ අප්පච්චි ....

පැත්තක් ගන්න දෙයක් නැතිඋන කාර් එක දිහා බලන් උන්න අප්පච්චි මාව කෙලින් කරගත්තා ....

අප්පච්චි ...එයාව...එයාව...නවලෝකෙට....

මට එයා ගාව ඉන්න ඕනා...මට...එයා ගාවම ඉන්න ඕනා අප්පච්චි ..අනේ .මට එයා ගාවම ඉන්න් ඕන....

මම අප්පච්චිගෙන් එයාව ගෙවන වාට්ටුවකට දාන්න ඉල්ලුවා..මහ ඉස්පිරිතාලෙට දැම්මොත් මට එයා ගාව ඉන්න පුලුවන් උනත් මට එයා ගාව තනිවෙන්න බැරිවෙනකොට මම එයාව වෙන තැනකට දාලා දෙන්න ඉල්ලුවා .....

මම කම්පා උනා...මගෙ කටින් පිට උන වචන ගැන කම්පා උනා...කේක් එකක් ගෙනත් ඉටිපන්දම් අවුලලා ප්‍රාර්තනාවක් කරන්න බලන් උන්න මගෙ විතේන්ව මම එලව ගත්තා .....අද මගෙ උපන්දිනේ කියලා කියනකොට මගෙ අහිංසකයා බලාපොරොත්තු උනා මම ඌව තුරුල් කර ගනී කියලා.....ඌ බලාපොරොත්තු උනා " සුභ උපන්දිනයක් මගෙ පන මම උඹට ආදරෙයි කියයි කියලා" ඒ උනත්..මම කිව්වේ මොකක්ද....මම කිව්වෙ මොන මගුලක්ද.....

මම අප්පච්චිගෙ කාර් එක ඇතුලෙ එයාගෙ ඵෝන් එක අත් දෙකෙම්ම මිරිකන් හිතින් ඇඩුවා.....මට කතා කරගන්න බෑ.....ඩියෝන් එහෙන් ඉවරයක් නැතිවම ශෙනෝන්ට ගන්නවා....

අප්පච්චි ....අද ...උගෙ උපන්දිනේ ....අප්පච්චි මම..මගෙකොල්ලව...තුරුල් කරගත්තෙ නෑ..... වෙන උන් වගේ උගෙ නලලට හාදුවක් තියලා...මම උඹට ආදරෙයි මගෙ පන කිව්වෙ නෑ....අප්පච්චි රැයක් ගෙවිලත්....මම පරන තරහා පිරි මහ මහ ඌටදුක් දුන්නා මිසක්.....ඌ වගේ හැම දේම හිනා වෙලා අහන් උන් නෑමගෙ අප්පච්චි .....අනේ...අප්පච්චි මට බැරුව ගියා .....උඹ පටලවපු අත අතාරුන් නැතිව ඉන්න....ඇයි අහන්න. .ඇයි අහන්න...ඌ අදම කලු ඇන්දේ ...ඇයි අහන්න.....ඌ අරහෙම කිව්වෙ.....කොච්චර බැරි උනත් වැටෙන්න ගියපු මාව අල්ලගත්තු මගෙ විතේන් කිව්වෙ.....මෙච්චරයි මගෙ අප්පච්චි මන් හොදින් කියල විතරයි ....ඌ අච්චර වේදනා විදලා උනත්...මගෙ ඉස්සරහ කිව්වෙ...මං හොදින් කියලා විතරයි...අප්පච්චි ....

උන්ගෙ හිත් හයියයි .....උන්ගෙ හිත්...අපිටත් වඩා හයියයි....නිතේශ් ...උන් ඉන්නෙ...කොහෙන්දෝ දුර ඈතක ඉදන්.....අපේ ජීවිතවලට ඇවිත්....මග ඇරුන තැන් කියලා දෙන්න...හෙන ගැහුවත් දරාගන්න හැටි කියලා දෙන්න....අඩ අඩ උනත්...හිනා වෙන හැටි කියලා..දෙන්න...අවසානෙදි උඹගෙ....මගෙ...කදුලු ඉස්සරහ...උන්ගෙ වේදනාව හංගන්...." මං හොදින් සුදු මහත්තයා කියන්න....."

අප්...පච්චි.....

මම අප්පච්චි දිහා බැලුවා ...කෑ ගහලා ඇඩුවෙ නැති උන්ත් අප්පච්චිගෙ කදුලු පාරවල් මම දැක්කා....." මං හොදින් සුදු මහත්තයා කියන්න....." අප්පච්චි ....එතකොට...එයත් මගෙ අප්පච්චිට සුදු මහත්තයා කියලද ...???මම අහන් උන්නා...අප්පච්චි තව කතා කරයි කියලා ඒ උනත්....මගෙ අප්පච්චි එයින් එහා කතා කලේ නෑ...මගෙ අප්පච්චිත් සුදු මහත්තයෙක් කියලා.....මම එහෙම්ම ඔලුව ශීට් එකට ගහගන්නකොට ඩියෝනයා අප්පච්චිට කතා කලා....

අප්පච්චියෝ....නවලෝකෙට ....

වෙනදට කට කැඩුන කතා කියන ඩියෝනයා කදුලු පිහ පිහ බලන් උන්නා....මම ඇස්වලින් නාඩා පුලුවන් තරම් හිතින් ඇඩුවා...

මහපාරෙ වාහන පෝලිමට යනකොට මොන කරුමෙටද මන්දා මගෙ ඵොටෝ එක ගහපු ලොකු ඩිලිවරි ලොරියක් කලර් ලයිට් එක ගාවින් අනිත් අතට යනකොට මම බලාගන අප්පච්චි ඒ දිහා බලන් උන්නා.. ..

V&N.....විතේන්....නිතේශ්ද....ඒ.....??ඒ උඹගෙ නමද...සුදුමහත්තයා...

අප්පච්චි මගෙන් අහනවා....මට දෙන්න උත්තර නෑ ....මගෙම ඵොටො ගහපු ඩිලිවරි ලොරි ටික දැකලා මම සතුටින් කෑ ගහයි කියලා එයා බාලාපොරොත්තු උනා.....මම එයාව බදාගනී කියලා බලාපොරොත්තු උනා .....ඒත්...මම මොකක්ද කෙරුවෙ....

අප්පච්චි ....කෙනෙක්ගෙන්....අපිට...දරන්න...අමාරු ....වැරද්දක්....උනෝතින්...මොකද...කරන්නෙ...මගෙ ...අප්පච්චි ...

සමහර වැරදි තියනවා දරන්න බැරි උනත් ...අත්වැරදීම් වෙන තැන් නිතේශ් .....මං වගේ...මුරන්ඩු වෙලා....ඒ හිත රිදවන්න එපා....උඹත්...මම කරපු දේම කරන්න එපා නිතේශ් වස්වදීවි...

මගෙ අප්පච්චි කතා කරනවා.....එයා කිව්වා..කකුල් අල්ල අල්ල වැද වැද කිව්වා....මට සමාවෙන්න තේශි කිව්වා...මට සමාව දීපන් මගෙ සුදු අප්පො හිතලා නෙවෙ කිව්වෙ කිව්වා....ඒ උනත්...මම...මම...???

මම මගෙ කම්මුලට ගහගත්තා .....අප්පච්චි නැවැත්තුවෙත් නෑ....ඇයි කියල ඇහුවෙත් නෑ...හැබැයි අප්පච්චි දන්නවා....මම උන්නෙ දරන්න බැරි තැනක කියලා.....

මගෙ අතේ තිබුන එයාග් ඵෝන් එක රින්ග් වෙනකොට මාව ගැස්සිලා ගියා උනත් මම ආන්ස්වර් කෙරුවා ...හෙලෝ කියන්නවත් කට ඇරගන්න බැරි උනත් එහා පැත්තෙ එක්කෙනා කතා කරන එක මම අහන් උන්නා....

විතේන් මහත්තයා ...අර පරන ටික අයින් කෙරුවා....මේ ඔක්කොටම මෙ එවලා තියන ඵොටෝ එක ගහලා එවෝන් කොස්මැටික්ස් එක දාන්න නෙ තියෙන්නෙ නේද ....

...

හෙලෝ.....හෙලෝ...මහත්තයා ....

මට අහන් ඉන්න හයියක් නැත්තටම නැති උනා .. ....ඒ එක්කම එයාට වට්සැප් එකට මැසේජ් එකක් ආවා වගේම මම ඕපන් කරලා බැලුවා...

දෙයි....යනේ.....ඒක....එඩිට් එකක්.....මේලෝකෙ යකෙක්ට හොයන්න බැරිවෙන එඩිට් එකක්....මගෙ පපුව හිර උනා ....අදීශ් වෙනුවට උන්නෙ මම වෙනකොට මාව තනි නොකරන්න එයා උන්නා....

අනේ ..මගෙ අප්පච්චි .....

දරන්නම අමාරු තැන මම මගෙ අප්පච්චිගෙ අත් ගොබේට ඔලුව ගහ ගත්තා ...

මගෙ...විතේන් ....

නුඹ දකිනා වාරයේ- පහුගිය ඒ කාලයේ

මතකය මා පෑරුවෙ -හිත රිදවා.....

වෙනසක් නෑ ආදරේ- රිදුමක් වූ ජීවිතේ

නුඹමයි මේ හිත නිවනා-හුස්ම උනේ

නිතේශ් බහින්න.....

මම ඔහේ උන්නා....navaloka hospital කියලා ගහපු දඩාරියන් සයිස් බෝර්ඩ් එක දිහා මම බලන් උන්නා....එයාලව ගෙනාව ඇම්බියුලන්ස් යන්න යනවා.....ඒ එක්කම ශෙනෝන් ඵෝන් එක කනෙ ගහන් එලියට දුවන් ආවා....

ශෙනෝන් ..මගෙ කොල්ලා...මගෙ විතේනට ....

දෙන්නවම ඇතුලට ගත්තා .....

එච්චරයි එයා කිව්වේ ඊට එහා මොකුත් නොකිපු ශෙනොන් ඩියෝන්ගෙ තෙත කම්මුල් දෙක පිහිදනකොට අප්පච්චි ඇතුලට ගියා....

මම කල්පනා කරා....ඒත් මට කල්පනා කරන්න දෙයක් වත් ඔලුවට නොඑනකොට එයාගෙ අවසානම වචන මාව නොමරා මරන්න ගත්තා ...ඒ අස්සෙන් මගෙ ඵෝන් එකට ඉවරයක් නැතිවම මුතුකරුප්පන් එකෙන් කෝල් එනකොට නන් ආන්ස්වර් කෙරුවා ...

ඔයාලට පුලුවන් නම් මට ඕක නවලෝක එක ගාවට ගෙනත් දෙන්න....අතරමගින් නැති උනත් වියදම් කරපු සල්ලි නැති උනත් කමක් නෑ එයා නැති උනොත් මට ඔය මුද්දෙන් වැඩක් නෑ...

මං ඵෝන් එක කට්කරලා දැම්මා...උදේ පායපු ඉර උනත් පිට හම කරකුට්ටන් වෙන්න පිච්චුනත් ඇතුලට යන්නවත් මට හිතක් නැතිවෙනකොට මං කට්ට අව්වෙ එතනම බිත්තියට පිට දීලා හිට ගත්තා ....මං හිතන්නෙ මං මේ වෙනකොට උඩ ඉන්න දෙවිවරු තිස්තුන් කෝටියටම වැන්දලා ඇති.....

අනේ බුදු හාමුදුරුවනෙ මට නම් නොමල ගේ කින් අබමිටක් හොයන් එන්න මගෙ කකුල් වාරු නෑ අපෙ හාමුදුරුවනෙ...මට ඉතුරු උනෙ ඔච්චරයි ..මට ඉතුරු උනේම ඔච්චරයි ....

මන් ගිනි පූටක අව්වෙ ඉදන් හීල්ලුවා .....ඉස්පිරිතාලයක් කියන්නෙම පන්සලක් පල්ලියක් අස්සෙදිවත් නෑහෙන තරම් යාතිකා ඇහෙන තැනක් වෙනකොට මං දෙවියන්ට මගෙ දුක කිව්වා ....

නිතේස්.....නිතේස්.....අපෙ...අපෙ විතේන්...

ඇ...යි...මගෙ....විතේන්ට.....

පැය ගානකට පස්සෙ මාව හොයන් දුවගන ආව ඩියෝන් අපෙ විතෙන් ගානකොට මොන කරුමෙටද මන්දන්නෙ නෑ ජයරත්න මල්ශාලාවෙ තනි සුදු වෑන් එකක් නවලෝකෙන් මිනියක් අරන් යනකොට මං පපුවම මිරිකගත්තා ....

අනෙ ඩියෝන් මගෙ අහිංසකයා....අනේ..මගෙ කොල්ලා.....ඌ...අනේ....මගෙ ඔලුව

නිතේස් ...නිතේස්....අනෙ....අහපියකො...අපේ...විතේන් අයියව... රූම් එකට දැම්මා....

ජයරත්න මල්ශාලවෙ වාහනෙ මගෙ ඔලුව සම්පූරනම අනිත් පැත්ත හරවනකොට මං එයාටවත් කතා කරන්න ඉඩක් නොදී බහුභූත කියෙව්වා වගේම ඩියෝනයා මැරෙන්න හැදුවා .....

ඩියෝන් ඇතුලට යනකොට මාත් ඒ පස්සෙම්ම දිව්වා ...තනි සුදු පාට ලයිට් වල එලිය එහා මෙහා යන නර්ස්ලා මේ ඔක්කොම මැද මං මගෙ පනව හොයන් යනකොට අප්පච්චි ඇදගාවට වෙලා බලන් උන්නා....මං මුලිම්ම එයාගෙ මූන වෙනුවට දැක්කෙ සේලයින් බෝතලේ වෙනකොට මං ලගට නොයා බලන් උන්නා.....මට යන්න ඕනා ඒ උනත් මෙච්චර වෙලාම කදුලු නැතිව අඩපු මට එයාව දැක්කොත් උහුලන් ඉන්න අමාරු වෙයි කියන එක දැනෙනකොට මන් පස්ස ගැහුවා උනත් මට පිටිපස්ස හරවන් උන්න අප්පච්චි මා දිහා නොබලම අඩගහනකොට මට තවත් ඒ මූන නොදැක ඉන්න බැරි උනා...

ප..න.....

මගෙ වචන ගොලු උනා ...

බැන්ඩේජ් කරපු ඔලුව වගේම අතේ තිබුන තුවාල....අඩලා ඉදිමිලා තිබුන ඇහිපිහාටු එක්ක මගෙ විතේන් උපන්දිනෙ දා උන්නෙ ඇදක් උඩ වෙනකොට මං කෑ ගහලා ඇඩුවෙ නැති උනත් එයාගෙ කකුල් දෙක මගෙ අත් වලින් අල්ලන් ඔලුව ගහගත්තා ....

මට...සමා...වෙයන්.....මගෙ පන...මං...යන්න කිව්වා මන්...උඹට යන්න කිව්වා ....ඒත් මං හීනෙකදි වත් මෙහෙම හිතුවෙ නෑ මගෙ රත්තරන් ....උඹ මගෙ කකුල් අල්ල අල්ල වදිනකොට මං උඹට සමාව නොදී උන්නා.....අනෙ මැනික ඇස් ඇරලා මට බැනපන් මගෙ විතේන් ....

මං එයාගෙ කකුල් උඩට මගෙ මූන තියාගන ඇඩුවා ....සද්ද බද්ද නැතිව ඉන්න පොඩි ගඩාපියා නහය හූරන සද්දෙ වගේම අප්පච්චිගෙ බර වෙච්ච සුසුම් වල සද්දෙ ඇහෙනකොට මං එයාට සමාව දුන්නා නැලිටින්න කිව්වා .....ඒත් මගෙ පන අද තරහා වෙලා....

හිතේ වේදනාව ඇගෙ වේදනාව අහස උසට තියාගන බය වෙලා උන්න මං ඉස්සරහා මගෙ හිත රිදවන්න බැරි කමට බයවෙන්න එපා සුදු අප්පො මං හොදින් ...මං හොදින් ගාපු එයා අද ඇස් වහන් .....

මට සමාව ඉල්ලන්නවත් හිතක් නෑ මගෙ විතේන් ....මං උඹට කියපු වචනයක් ගානෙම පසු තැවෙනවා රත්තරන් ...අද උඹගෙ උපන්දිනේ නේද මගෙ විතේන් .....අනෙ අප්පච්චි .....මගෙ විතේන්ට ඇස් අරින්න කියන්න මගෙ අප්පච්චි ...මගෙ විතේන්ට කියන්න...ඩියෝන්....ඩියෝන්.....උඹගෙ විතේන්ට කියපන් ඩියෝන්....නිතේස්ට විතේන් නැතිව බෑ කියලා .....

මං නොදරුවෙක් හා සමානවම ඇඩුවා .....එයාගෙ මලානික මූන ගාව මං ඇඩුවා ....ඒ උනත් ඒ උනත් එයා මා එක්ක තරහා වෙලා....

අප්පච්චි ...මගෙ...විතේන් .....තරහා වෙලා....මගෙ අප්පච්චි .....

.උන් කවදාවත් අපි එක්ක තරහා උනේ නෑ නිතේශ් ...අපි....උන්ව ...අතරමග....දාලා ගියා මිසක්.....අපිට ..අතරමග...හැරෙන්න....උනා...මිසක්...උන්..කවදාවත් ...අපි...එක්ක තරහා උන් නෑ.....

මම බලන් උන්නා...අවුරුදු ගානකට කලින් මරපු ආදරේක මල කදන් මගෙ අප්පච්චිට නොදැනිම උඩට එනකොට මම අප්පච්චි දිහා බලන් උන්නා...

මං අහන් උන්නා....මට අහන් ඉන්න සිද්ද උනා ...ඒ මලානික උන මුන දිහා බලන් මට හූල්ලනවා ඇරෙන්න කරන්න දෙයක් නැතින්වෙනකොට මම ඒ ඉදිමුන ඇහි පිහාටු ආයම ඇරෙන කන් බලන් උන්නා....

විතේන් ...මං...ආය...බයින්..නෑනෙ....ඒයි...නැකිටින්නකො....අපේ....නිතේස් හරි ..ආදරෙයිනෙ....අපේ නිතේස් අඩනවනෙ...ඔයාට රිදෙනකොට එයාටනෙ රිදෙන්නෙ...අපි කැමති නෑනෙ ඔයාට රිදෙනවට.....

ඩියෝන් එන්න බබා අපි යමු .....

මං බලාගන ඉන්නකොට ඩියෝන් මගෙ විතේන්ගෙ මූන අත ගගා නැකිටින්න කියනවා ...ඒ උනත් මගෙ පන මා එක්ක තරහා වෙලා ....එයාට ඇහෙන් නෑ ....එයාට මං නැකිටින්න කිව්වට එයා අහන් නෑ..

මං කකුල් අල්ල අල්ල වැද කිව්වා...හරියටම ඊයෙ රෑ එයා මගෙන් වැද වැද සමාව ගත්තා වගේ...මම ගනන් නොගෙන උන්නා වගෙම එයත් ඇස් පියන් මාව ගනන් නොගෙන උන්නා...

මම අඩ අඩ ඒ මූන අත ගෑවා....ඉම්බා....තුරුල් කර ගත්තා ...ඒත්...එයා නෙවෙයි මාව තුරුල් කර ගත්තෙ....එයා ඔහේ උන්නා..හරියටම ඊයෙ රෑ මම එයාට කෙරුවා වගෙ.....

මම අඩ අඩ මට උඹ නැතිව ඉන්න බෑ මගෙ පන කිව්වා....ඒ උනත් එයාට නෙවෙ ඇහුනෙ....හරියටම එයා අඩ අඩ එයාව දාලා යන්න එපා...එයාට මම නැතිව බෑ කියනකොට මම එයාව දාලා ආවා වගේ.....

මම එයාට යන්න කිව්වා....අවසානෙදි එයා කිව්වා...යන්නම කියනවා නම් යන්නම් කියලා ....

එයා යන්න ගිහිල්ලා...

අප්පච්චි ....මගෙ ..පන....මාව දාලා ගිහින්ද අප්පච්චි .....මගෙ....විතේන්ට මම නැතිව ඉන්න බෑ මගෙ අප්පච්චි ....මං...සමාව දුන්නා අප්පච්චි ...මම ...කියපු...වචන ඒ හිතට බර ඇති අප්පච්චි ...අහන්න අප්පච්චි ....ඌට මාව දාලා යන්නම ඕන නිසාද කලු ඇන්දේ කියලා .....අහන්න අප්පච්චි මාව දාලා යන්නම ඕනෙ නිසාමද මිනිස්සු මැරුනත් ආදරේ මැරෙන් නෑ කිව්වෙ කියලා....අප්පච්චි මට ඌව ඇහැරවලා දෙන්න....අනේ..වදින්නම්...අප්පා....මට...මෙහෙම කරන්න එපා...කියපන් මගෙ අප්පච්චි ...මට ඒ අත තදින් අල්ලගන්න බැරි උනා...මගෙ අප්පච්චි .....මට ඒ අත අතෑරුනා...මගෙ අප්පච්චි ....

හරියටම මට වගේ.....උඹත් ඒ අත අතෑරියද.....

මගෙ අප්පච්චි ඇස්පිල්ලමක් වත් නොගහම මගෙ විතේන් දිහා බලන් ඉන්නවා මං අප්පච්චි ඉන්න තැන කියලා නොබලා ඒ මූන පුලුවන් තරම් අඩ අඩ ඉම්බා..ඌ ඇස් ඇරන් ඉන්න වෙලේ සුභ උපන්දිනයක් මගෙ පන කියලා ඉම්බෙ නැති මං ඇස්වහන් ඉන්න ඌව මූන දියවෙනකම්ම ඉම්බා...අවසානෙදි මං හෙම්බත් උනා....

විතේන් .....මගෙ මැනික...

අඩන්න නහින ...නහින්න හදන මාව එයා ගාව තනිකරපු අප්පච්චි එලියට යනකොට ඩියෝන්ලා මගෙ ඇදුම් ගේන්න ගියා එයාව එකම මොහොතකටවත් තනිකරන්න හිතක් නැති මම හරිම හිමින් උස්පහත් වෙන පපුව උඩින් මම ඔලුව ගහගත්තා .....

මං...ආයා...ම...කවදාවත් ....යන්න...කියන්..නෑ...මගෙ...රත්තරන් ....කියපු...

වචනයක් ...ආපිට..ගන්න..බැරි බව..දැන...මම උඹට මගෙන් යන්න කිව්ව එකට...මම සමාව වත් ඉල්ලන්නෙ කොහොමද මගෙ පන....උඹ....කියන්න ඕන් නෑ..පන...මම....උඹේ උපන්දිනේ....ගැන දන්නවා.....මං උඹව තුරුල් කරන් ඉටිපන්දම් නිවන්න බලන් උන්නා.....උඹ ආසයි කියන තැනකට එක්ක යන්න බලන් උන්නා....

මං...කොහොමද පන උඹව තුරුල් කරන් ඉටිපන්දම් නිවන්නෙ . මං කොහොමද පන උඹව එක්කන් කොහෙවත් යන්නෙ ...උඹ මා එක්ක මෙහෙම තරහා උනාම ...කව්ද මගෙ පන උඹගෙ කේක් එක කපන්නෙ....

මං එයාව අත ගගා දුක කිව්වා ...මලානික උන මූන පිරෙන්න හාදු තිබ්බා ...උගුරෙන් පහලට ඇල්වතුර උගුරක් වත් නොගියපු කොට මං මගෙ අත එයාගෙ අතට පටලවගන්නකොට වෙනදට තද වෙන ඇගිලි අද දිගෑරිලා තිබ්බා..

මාව රිදවන්න බැරි හින්දද පන දරන් ඉන්න බැරි බව හංග හංග උඹ හොදින් කිව්වෙ ...මාව අඩවන්න බැරි කමටද උඹ බැරි උනත් උඹ හොදින් කිව්වෙ ...මගෙ....විතේන් උඹගෙ සුදුමහත්තයා දිහා බලපන් රත්තරනෙ.....

මං එයාගෙ පපුවට ඔලුව ගහන් නැකිටින්න කියන් එක පැය ගානක් කිව්වා ....ඇස්වලින් වැටෙන කදුලු වලට පපුවම තෙමෙන කොට මං බලන් උන්නා....එයා කොයිම මොහොතෙ හරි ඇස් අරීවි කියලා.....මම කියෙව්වා ඒත් එයා අහන් න්න ඇරෙන්න වෙන මොකුත් කිව්වෙ නෑ....ඇස්වල කදුලු එක්ක මම තනි උනා....

පපු තුරින් මුව තියන්

අහන් ඉන්නට එපා

කියන්නට දෙයක් නෑ

ඉතිරි වී මට කියා..

මගෙ සිනා ඔබගෙ

මගෙ කතා ඔබගෙ

ළඟ තියා ගන්න ආදරෙන්....

දෑසේ ගෑවු සෙනෙහෙ මේ...

මා හැරදා සුලගේ පාවු ...

ආදරේනම් කවුරුන් වේදෝ...

මා තරමින් ඔය සිත සෑදු.....

මම සෑහෙන්න වෙලා එහෙම්ම උන්නා...මද්දහනත් පහුවෙලා යනකොට මගෙ ඵෝන් එකටන්කෝල් එකක් ආවා...

මං එන්නම්.....ඉස්සරහට.....

එහා පැත්තෙ එක්කෙනාට කෙටි උත්තරයක් දීපු මම මගෙ විතේන්ගෙ නලලට හාදුවක් තියල කාමරෙන් එලියට ආවා..

මට...සමාවෙන්න .....එයා...මගෙ ගාවට ඇවිල්ලත් බලාගන්න බැරි උනාට...මම...වැරදි...මම...වැරදි ...මට...බැරි...උනා එයාලට...කියලා ...දෙන්න...

කොරිඩෝවෙදි ඇහුන අප්පච්චිගෙ කටහඩ මගෙ කකුල් නවත්තනකොට මං අහන් උන්නා.....අප්පච්චි කතා කරන්නෙ මගෙ විතේන්ගෙ...??

එයා....ඔයා....වගේමයි...එයා....ඔයාගෙම කපාපු පලුවක්...මට....සමාවෙන්න ....අයිති....

නැති දෙයක්....කියවෙනවට ....

මට...ඔයාව...මතක්....වෙනවා.....අදටත්.. ..නොසෑහෙන්න....ඒ...උනාට..... මං...අද ...පොඩිවත්...සැනසීමක්...ලබනවා ...එයාව....මගෙ....පුතාට...හම්බුනාට.....එයා කියලා දේවි....එයා කියලා දේවි..කොහොම පපුව පිරෙන්න හුස්ම ගන්නෙ කියලා....එයා කියලා දේවි.....කොහොමද දුක හංගන් හිනා වෙන්නෙ කියලා .....එයා කියලා දේවි.....වැව රවුම ඉදන්...කන කඩල ගොට්ටක් ....කොච්චර ...රසද කියලා....එයා කියල දේවි.... නුවර....වැවත්....හරි...ගැඹුරුයි කියලා...

හරියටම.....ඔයා....මට.....ඉගැ..න්නුවා....

වගේම...මගෙ..පපුවට....දැනෙන...

ලොකුම...වේදනාව....එයා.....මට..හැම වෙලේම...මටතක්...කරන්නෙ...ඔයාව...මමත්....නිතේශ් කෙනෙක්...මොකුත්ම නොදන්න....දන්නවද.....එයා...කතා...

කතා කරන්නෙ.....මගෙ...පුතාට....තේශි....

කියලා ...හරියටම...ඔයා....මට....කතා...කෙරුවා ..වගේ...."ලක්...ශි...."ඇයි....

එහෙම...හැම දේම.....මං..පොරොන්දු වෙනවා....මගෙ පුතාගෙ...පනව....බලාගන්නවා...කියලා...මට...තව..කතා..කරන්න...තරම්..හයියක් නෑ....ඉන්න...තැනක....පරිස්සමින් ඉන්න...

මම අහන් උන්නා.....හිත පාරවන වචන ගොඩක් මගෙ අප්පච්චි හුස්ම අල්ල අල්ල කියන හැටි මම අහන් උන්නා...මගෙ විතේන් මට නිතේශ් නොකියා තේශි කියනවා වගේ එයාගෙ අම්මත් මගෙ අප්පච්චිට ලක්ශි කියනවලු...මගෙ අප්පච්චිගෙ දෙවනි නම..."ලක්ශිත..."

අවුරුදු ගානක් ගිහිනුත් අප්පච්චි මේ තරම් විදවනවා කියන්නෙ...

මම බිත්තියට හේත්තු වෙලා ඔලුව ගහගත්තා .. නුවර වැව ගැඹුරුයි කියලා කියලා දෙයි කියන්නෙ....මගෙ අප්පච්චිත්....නෑ...ඒක වෙන්න බෑ...

මම අප්පච්චි දිහා බලනවා කෙරවලේ පුටුවක ඉදන් එයා එයාගෙ ආදරනීයම කෙනාගෙ පුතා ඇස් අරිනකන් බලන් ඉන්නවා.....මම අප්පච්චිට නොදැනෙන්න එහෙම්ම එලියට ගියා...

කලු පාට මරුටියක උන්න දෙමල මනිස්සයා අත වනනකොට එතනට ගිය මම " මුතුකරුප්පන් චෙට්ටියාර්" කියලා ගහපු පොඩි බෑග් එක ඉල්ලන් එන්න හැරුනා.....

අප්පච්චි ..... 

මම මගෙ පන ගාවට නොයා කෙලිම්ම අප්පච්චි ගාවට ගියා ..බඩ ගින්න හොයන්න දැල් දාන්න ඕන වෙනකොට අනීතා කුමාරි හාමිහෙ කෝල් එකේ උන්න අප්පච්චිගෙ මුන අර කලින් මූනට වඩා වෙනස් වෙලා තිබුනා....

අනීතා ...මට මගෙ දරුවවත්...ඒ දරුවවත් දාලා එන්න බෑ..අනික නිතේශ් දැන් කොහොමද එන්නෙ ..එයා විතේන් ගාව ඉන්නම ඕනා ...

නිතේශ් නැතුව අපි කොහොමද දහම් ස්ලෝන් එකට යන්නෙ...ඒකෙ උන් දැනගන්න ඕනා අපියි නිතේශ්ගෙ අම්මලා කියලා .....

ඇයි අනීතා නිතේශ්ගෙ අම්මා කියලා දෙවියෙක් නෙවෙනෙ....මහන්තත්ත කම පැත්තක දාලා ඔන්න ඔය වැඩේ කරගන්නවා අනීතා තව දවස් කීයද .හැම මගුලටම මගෙ කොල්ලගෙ ඔලුව නොකා තනියම දෙයක් කරන්න පුරුදු වෙනවා....

මං බලන් උන්නා...අප්පච්චි අම්මට සැර වෙනවා.....සමහර විට ඔතන අනීතා වෙනුවට එයා උන්නා නම්....

මම අප්පච්චිගෙ අත උඩින් මගෙ අත තිබ්බා....

ගෑනියෙක් විදිහට උඹගෙ අම්මා හැමදාමත් අසාර්තකයි නිතේශ් ....අම්මෙක් විදිහටත් අසාර්තකයි ...මට සමාවෙයන් නිතේශ් ...මට තව දුරටත් මොල්ලිගොජ මැනිකෙට ආදරේ කරන්න උත්සහ කරන්න බෑ...ගෙයි ගිනි පිටට දෙන්න බැරි කමට ඉහගහන් උන්නා උනත්... මෙ තාක් මම ඉවසන් උන්නා....දැන් මටත් මහන්සී....

මං අහන් උන්නා....මට කිසිම සාදාරන හේතුවක් තිබුන් නෑ අප්පච්චි අම්මට ආදරෙ කරන්න කියලා ....මොකද...මං මේ තාක් වෙනකන් දැක්කා අප්පච්චි අම්මට ආදරෙ කරන්න උත්සහා කෙරුවා .....

මම වගේම අප්පච්චි විදපු තරමක් වින්දේ දුක් වෙනකොට අපි දෙන්නම සෑහෙන්න වෙලාවක් කතා නොකර්ස් උන්නා....ඇවිදගන්නත් බැරි පිරිමි කෙනෙක්ව ඇගෙ හයිය කියන දේ නාමයක් නැති ගෑනු කෙනෙක් හිතේ හයියෙන් රෝදපුටුවක තියාගන ඉන්දන් යනවා අපි දෙන්නම් දැක්කා මොන දේ උනත් ඒ අම්මගෙ මූනෙ හිනාවක් තිබ්බා....ඒ තාත්තගෙ මූනෙ හිනාවක් තිබ්බා.....

සුදු පුතා.....අහල තියනවද ...." මහමායා වගේ ගැහැනු හින්දා...සිද්දාර්ත පරපුරෙ පිරිමි ඉපදෙනකොට යශෝධරා වගේ ගැහැනු නිසා ඒ පිරිමි ලොව්තුරා බුදු උනා කියලා "

මං අප්පච්චිගෙ මූන දිහා බල්ස්න් උන්නා....අප්පච්චිටත් ඒ සොඳුරු යශෝදරා කුලෙ ගැහැනිය මගෑරිලා තිබුනා .....එහෙම නොවුනා නම්...මේ ඇස්වල කදුලු නොතිබෙන්න තිබ්බා....අප්පච්චිගෙ කල්පනාව ඈතට යන්න යනකොට උපන්දිනෙ දවසෙ ඇස්පියාගන උන්න එයා ගාවට ගියපු මං ඒ මූන දිහාබැලුවා ...කැනියුලාව ගහපු අත ඉදිමිලා තියනකොට මං එයාගෙ දකුනු අත ගත්තා ....

ඉරත් බැහගන යන්න ලගයි.....උඹ නැතිව සුදුමහත්තයට පාලුයි...මං ආයම කවදාවත් කියන්නෙ නෑ මගෙන් ඈතට යන්න කියලා....උඹගෙ සුදු මහත්තා උඹ ඇස් අරිනකන් බලන් ඉන්නවා.....

උඹට සුභම සුභ උපන්දිනයක් මගෙ පන....සුදු මහත්තයා ආදරෙයි මගෙ විතේන්.....උඹට මම මහ ගොඩක් ආදරෙයි ...ඉක්මනට ඇහැරිලා ආයමත් මට තේශි කියපන් මගෙ පන.....

.

🥺මට දුකයි යකො.....

🥺ආය හෙට එන්නම්...

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters