LightReader

Chapter 60 - 60

අට්ටා පිටිය ගග දෙපස බුරුත නැමී...

පැංචාවියක් දිය කෙලිනා සැටි දුටිමි...

පිපුණු මලක්නම් තළලා මිස නොයමි...

කැකුළු මල නොසා නොතළා යන්ට යමී...

වනන්තරේ වැසි නැත ගස් මුල්වලට...

නිරන්තරේ දුකමය හිමි උනෙ අපට...

පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට..

කැකුළු මල නිසා තලපන් පිපෙන්නට....

ඇහුනද සෙනෝන්..... ඈ...ඇහුනතේ...කැකුළු මල නිසා තලපන් පිපෙන්නට....ඉතින් තලපන් සෙනෝන්.....

ආ ගාපන් ගුටි නොකා....රෑට තලාගන්න තරම මදිද.....කොච්චර තැලුවත් ඒ මල එච්චරම තමයි....ආ ගාපිය පුක පුපුරන්න ගහන්න කලින්....

ම්ම්ම්...හුක්....ඌයියා....අර....මස් කියලා ගොරකා ගිල්ලන්ඩ එපා මිනියෝ...ව්ව්ව්....ඒව්ව්....කටත් එක්ක මොකක්ද වෙලා ගියා...ම්හුක්...

මම බිත්තියට හේත්තුවෙලා අහන් උන්නා...අරු අට්ටාපිටිය එක සියවතාවකට වඩා කිව්වා.....ඒ ඔක්කොම මැදින් මට පිල්ලිය මතක් වෙනවා.....

.පිල්ලියක් යවන්න තරම්....කව්ද ඒකිට පිල්ලි යවන්න ඉන්නෙ....?

මම ගරාදි වැට මිරිකන් කල්පනා කෙරුවා ....

මැ....නි...කා.....???

අතේ තිබුන ගැට නවයේ රෙතු නූල දැකපු ගමන් මට මතක් උනේ මැනිකා වෙනකොට මම නලලට අත ගැහුවා.....ඒකියන්නෙ...ඒකයි ඒකි මගෙන් සමාව ඉල්ලුවෙ.....

සුදු මහත්තයා....කව්ද.....

මැනිකා පිල්ලියක් යැව්වද නැතිද කියන ප්‍රශ්නෙ මාවත් අතරමන් කරලා දානකොට මේ මොකුත් නොදන්න මගෙ විතේන් මාව හොයන් ආවා....එයාට මම කියන්වද නැද්ද.....ඇරත්...ක්‍රිස්ටියන් මිනිස්සු හැමෝමත් නෙවෙ..බහුතරයක් ඔය අන වින කොඩිවින පිලිගන්නෙත් නෑ...ඒ පිලිගත්තත් උන් බය වෙනවා.....එයාට මේවල තේරුමක් නැති උනොත්...ඒත් කමක් නෑ...තේරුමක් නැති තැන තමයි වැඩියෙම්ම බය වෙන්නෙත්.....

හොදම දේ නොකියාම ඉන්න එක....

මම එයා දිහා බැලුවා....එයාමගෙන් උත්තර හොයනකොට මම එයාට හොරාවාට එයාව රවට්ටන්න බොරු හෙව්වා...

අප්පච්චි .....

අප්පච්චි ....මොනවද කියන්නෙ

පොඩී ගැන තමයි.....

මොනවා උනත්...වෙලාවකට පව්...කියලත් හිතෙනව තේශී.....ඒකි කෙරුවෙ හොද දෙයක් නම් නෙවෙ කොහොම උනත්...අහින්සක නොදරුව පව්....කොහොම අපි හිතුවා උනත් .....පන යනකොට ඒකත් ඇතුලෙ ඉදන් අඩන්න ඇතිනෙ.....

එයා කියවනවා මං අහන්...ඉන්නවා මගෙ හිතට නිවනක් ඇත්තෙම්ම නැති උනා...හතර වටිම්ම මගෙ ඔලුවට ගිනි පත්තුවෙන්න ගත්තා .....

වලව්වට යන්නවෙනවා...අප්පච්චි කියනවා ආරක්ශාවක් කරන්ඩ තොයිලයක් නටවන්න ඕනා කියලා .....තොවිලයක් නටවනවා නම්....

මං එයා දිහා බැලුවා ..

මැනිකෙ....

ම්ම්ම්.....

ටික දවසකට මං නැතිව ඉන්න පුලුවන්ද ...?

අනේ...

එයා කන් කෙදිරි ගානවා..මට බයයි...මොන මොන දිශ්ටි නටයිදෝ කියලා....ගුරුන්වහන්සෙ මාමා කියනවා නම් පිල්ලියක් කියලා...ඔය හූනියම් පිල්ලියම ආපිට කප්පවයි....ඕක ආපිට කප්පවනකොට හෙන ගහන්න මොන මගුල ඉල්ලයිද කව්ද දන්නෙ..මොන මලපෙරේතයව බන්දනවදකව්ද දන්නෙ ....?හෙන ගහන්න නර බිල්ලක් ඉල්ලුවොත් ....නැනෙ...නර බිල්ලක් ඉල්ලනෙ නිදන් ගොඩ දානකොට විතරනෙ....පෙරේත තටුවට පුලුටු තියලා ගම්භාර දෙයියන්ට හත් දොහක් කිරි කලදීලා ...සත් පත්තිනි මෑනියන්ට පූජාවක් කරලා.....පොඩීට ආරක්ශාවක් කරල....පිල්ලිය ආපිට කපවලා යවන්න කුකුලු බිල්ලක් ඉල්ලයි...

මම කල්පනා කෙරුවා .....

සෙව්වන්දි මෑනියන්ගෙ මුඩ්ඩෙ පිහිටවත් නැතිවෙන දෙයක් දැන් වෙන්නෙ.....

ඒත්.....ඉතින් පිල්ලියක් එවන්නෙ කොහොමද ....අත්තම්මා සුනියම් අප්පච්චිට පහන තියනවනෙ....?? මැනිකා කෙරුවා නම් කව්ද දන්නෙ ඒකි බල බින්දද කියලා.....ඇරත් ඒකිලා බෙන්තරෙන් එහාලුනෙ.....

ඒකි ඒකිගෙ වැඩේ කරගන්න මොනවා දුන්නද කව්ද දන්නෙ....කෙල්ලගෙ පනට ඒකි මොනවා දෙන්නම් කිව්වද කව්ද දන්නෙ...??

මොන දේ උනත් පිල්ලිය කපන්න නම්....

පිල්ලියක් යවන්න ගෙන්නන ආත්මෙට ගෙවන්න වේවි සෑහෙන්ඩ.....යමලෝකෙන් ගැලවෙන්ඩ දැන මාන ඉල්ලුවොත් කමක් නෑ....

මගෙ අත ඉබේටම ගැට නවයෙ නූලට යනකොට තාප්පෙ අලවලා තිබුන පෝස්ටර් එක ගාවට ගියා.....

ජොන් ද සිල්වා සමරු රගහලේ නාට්‍ය ප්‍රදර්ශනයක් ...

තාරාවො ඉගිලෙති ....

බෙරහඩ....

වීරයා මැරිලා....

මගෙ ඇස් දෙක පෝස්ට් එක පුරාවටම යනකොට ඊටත් පහලින් ලමා නාට්‍ය තොගයක් ....

ඉර නිවාඩු...

හිනා වෙන්න මල් වගෙ...

වීරයන්ගෙත් වීරයා..

සෝමලතා සුභ සිංහගෙ තොප්පි වෙලෙන්දා....

මං කියෙව්වා .....ගිරිඋල්ලවික්‍රමශීලා ඉස්කෝලේ පාලිත ලොකුපෝතාගමගෙ ඉර නිවාඩු එකයි....ශ්‍යාම් ෆර්නැන්ඩො ගෙ හිනා වෙන්න මල් වගේ...මං ඔය දෙකම බලලා තියනවා...හරිම අහම්බෙන් .....ඒකත් වැස්සට අහු උන දාක ගොඩ වෙන්න තැනක් නැතිව ටවුන් හෝල් එකට දුවපු වෙලේක....

ලූශන් බුලත්සිංහලගෙ තාරාවෝ ඉගිලෙති එකේ මඩේ ලගින තාරාවො ගැන මර්සි එදිරිසිංහ ඇරුනම දැන් කවුරු කියනවද දන්නෙ නෑ.....මොනවා උන්ත් "මෝඩ ගෑනි මං "කියන කෑල්ල නම් ඇත්තටම හිතට වැදුනා මුලු සිංදුවෙම්ම මට ඇල්ලුවෙ මෝඩ ගෑනි මං ද මන්දා....එක අතකට ගෑනු මෝඩයි තමයි....

ඒ ඔක්කොමත් නාට්ටි වල සිංදුවෙන් සිංදුව මට නම් එක්ක මතක් වෙනකොට "බෙර හඩ" එකේ හනික වරෙව් කොල්ලනේ මතක් උනා....රොඩ්නි වර්නකුල කටහඩ එලියට දාලා කියනකොට යක් බෙර වල තාලෙ එක්ක "යකෝ" ගාන කොටස කට පන අරන් කියනකොට හිරිගඩු පිපිලා යනවා....

ඉර දෙයියන්ගෙ හරක් පට්ටිය රකින්ඩ නම් උන්ට කප්පම් දෙන්න උනා.... උන්ට වහල් කමෙන් නිදහස් කරවන්න වදන් ඉල්ලුවා....ඉර දෙයියන්ගෙනුත් උන් කප්පම් ගත්තා නම්...නරයන්ගෙන් මල උන් ප්‍රේතයො කප්පම් නොගනීද...

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව්.....

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.....

තොපිට හරිම වාසියක්

නට නටා වරෙව්....

තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...

යකෝ....!!!

මං ගිහින් එනකන් දවසක් දෙකක් තනියෙන් ඉන්න පුලුවන්ද .....ඉන්න පුලුවන්ද නෙවෙ...ඉන්න...මට උඹව එහෙ අරන් යන්න නම් බෑ ....

මං එයාව නලවන්නෙ නැතිව කෙලිම්ම විදානයක් දුන්නා....එයා මගෙ දිහා බලන් ඉන්නවා.....එයාට තනියෙන් ඉන්න බෑ කියල කියා ගන්න ඕනා උනත් මගෙ මුන දැක්කම කියා ගන්න බැරි කමට කටවහන් ඉන්නකොට මම එයාව බැල්කනි එකේ දාලා ඇතුලට ආවා.....එයා බැල්කනි එකේ ඉදන් ඉහල අහස දිහා බලන් ඉන්නවා...මැනිකා යන්න කලින් කියපුවා ඔලුවට වද දෙනවා . ..දැන් තමයි හරිම කතාව පටන් ගන්නෙ කියපු එක ආපහු ආපහු ඔලුවට වද දෙන්න ගන්නකොට මම මගෙ මූන සිය පාරක් විතර හොදගත්තා තිබුන බඩගින්නත් යන්න යනකොට මම ආයම අප්පච්චිට ගත්තා .....

හෙලො අප්පච්චි .....මොකද කරන්නෙ අප්පච්චි ...

මොනව කරන්නද නිතේශ් ....මෙන්න මෙහෙ උන්ට රටේම ගොක්කොල මදි වෙලා ඉන්නෙ පෙරේත තටු හදන්න....

අප්පච්චි එහා පැත්තෙ ඉදන් කියවනකොට මම අහන් උන්නා...අහන් උන්නා උනත් මට කියන්නෙ මොනවද කියන්නවත් තේරුමක් නෑ....ඇහුනෙ පොඩී විකාරෙන් ඉන්නවා කියන එකයි...අත්තම්මටත් ගුනයක් නෑ කියන එකයි වෙනකොට මම අවසානෙදි ඵෝන් එක ඕෆ් කරලා දැම්මා...

විතේන් .....

........

විතේන් ...

මම දෙපාරක් කතා කෙරුවා ...එයා එහෙන්...එයාව එක්ක යන්න බෑ කිව්ව වෙලේ ඉදන් එයා තරහා වෙලා ....එයාගෙ පැත්තෙන් එයා හරි වෙනකොට මගෙපැත්තෙන් මම හරි උනා.....

එයා බය උනා මට කරදරයක් වෙයි කියලා...මං බය උනා එයාට කරදරයක් වෙයි කියලා ..මොකද මිනිස්සු වැඩිපුරම පරිස්සම් කරන්නෙ තමුන් වැඩි පුරම ආදරේ කරන කෙනාට වෙනකොට එයාට එහෙම්ම ඉන්න දීලා උදේටත් නොකාම එන්න හැරුනා...

නිතේස්.....නිතේස්...අයියෙ....ඔයා ඇයි යන්නෙ...

මං යන්න යනවත් එක්කම ගඩාපි පැටියා මැරෙන්න හැදුවා ....ඒකාගෙ අතේ එල්ලෙනකොට මං ඒ අත මගෙ අතින් ගලවගත්තා ...

ඩියෝන්....මං දවස් දෙක තුනකට ගෙදර යනවා....මගෙ විතේන්ව බලා ගන්න....කීයටවත් එවන්න එපා එහාට....

නි...තේ....ස්...ඇයිඑ...ඇයි...ඒ ඒ යන්නෙ....ඇයි....අපෙ...විතේන් අයියව දාලා යන්නෙ....එයාව එක්ක යන්න බැරි ගමනක් නම් මාව එක්ක යන්නකො ඒයි....අපෙ සෙනෝන් විතේන් අයියව බලා ගනී...ඩියෝන් බබා ඔයාව බලා ගන්නම්කො....ඈ..ඒයි...

පිස්සු විකාර කියවන්න එපා ඩියෝන් ...

එයාව බලා ගන්න කියනකොට මාත් එක්ක එන්න අහපු පොඩි ගඩාපියා මගෙන් බැනුම් අහන් විතේන් ගාවට දුවනකොට මම හැරිලා එන්න ආවා...

විතේන් අයියේ....විතේන් අයියේ....අපේ නිතේස් ආන් නුවර යනවලු..මට ඔයාව බලා ගන්න කියලා ගියේ.....ඇහුනද ඒයි....ඈ....ඇහුනද.....

මම එන්න ආවා....පොඩි බැගේජ් එක අල්මාරිය ඇතුලෙන් ගත්තු මම අතට අහුවෙන ඇදුම් කැඩුම් දෙක තුනක් ඔබා ගත්තා .....ගෙදර දොර ඇරුනා...දඩාන් ගාලා වැහුනා..... එයා එනවා.....අඩි හප්ප හප්ප එනවා..ගෙදර බඩු මුට්ටු දඩ දඩ ගාලා එහා මෙහා කරනවා ෆ්‍රිජ් එකෙ දොර අරිනවා වහනවා..අරිනවා දඩාන් ගාලා වහනවා.....

එයා මට කෑ ගහන්න බැරි කමට බඩු එහාමෙහා විසි කරනවා....මට ගහගන්න බැරි කමට පිගන් කෝප්ප සින්ක් එකට විසික් කරනවා...

සලාන් .....

මං අහන් උන්නා....මං නෙවෙ ඇයි ඔයා ඔහොම කරන්නෙ කියලවත් ඇහුවෙ...

නිතේශ් ....

ඇයි...

අවසානෙදි එයා බඩු මුට්ටු පුලුවන් තරම් පොලවෙ ගහලා මට කුස්සියෙ ඉදන් කෑගැහුවා මං හැරිලා බැලුවා ...

තමුසෙ දවල්ට කාලද යන්නෙ...

එයා බනිනවා....හැම වෙලාවෙම ආදරේ උතුරන්න තියන ඇස් අස්සෙ තිබුනෙ තරහවක් විතරක් වෙනකොට එයා ඇවිලුන තැනදි මං නිවුනා...මං කර බෑවා...මොකද දෙන්නම එකපාර ඇවිලුන හැම තැනකම තිබුනෙ අවසානෙදි හිත් වේදනාවක් විතරක් වෙනකොට මං කර බාන් උන්නා....

කාලා යන්නම් මැනිකෙ...

මැනිකෙ ....මැනිකෙගෙ අම්මගෙ රෙද්ද...

එයා බනිනවා...කුටු කුටු ගගා බනිනවා...මං කාලා ගියත් වැරදි මං නොකා ගියත් වැරදි ..මැනිකගෙ කතා එකින් එක...එකින් එක ඇත්ත වෙන්න පටන් ගන්න තැනදි මං හිත හයිය කරන් ගුටි කන්න බලන් උනත් කුසියට ගියා....

එයා හාල් ටික හෝදලා රයිස් කුකර් එකට ගැහුවා ....මං බලන් ඉද්දි බත් එකට ලුනු කන්දක් විතර හැලුවා...කන්න බැරි උනා...නැතා මම කන්න හිතා ගත්තා .....මේසෙට හයි කරපුඅත් හිරමනේ තලේට හිර උන පොල් බෑව එක්ක එයා පලි ගත්තා ..... බැනුම් කෝටියක් .....අහස පොලව නූහන කතා කෝටියක් .කුනු හරුප විමානයක්...

මුලු මොල්ලිගොඩ වලව්වටම දෙස් තියන තරම්...හෙන ඉල්ලන තරන් මම කරබාගන අහන් උන්නා...

ඒකිලා කරන්න ඕනා හැම මගුලම කරලා මගෙ එකාව ගෙන්න ගන්නවා හැම හුත්තටම....

එයා එහාට යනවා..මෙහාට යනවා ...මාවත් තල්ලු කරනවා....

තමුසෙටත් කට පන නෑ...කොන්ද පන නෑ ..ඔය මගුල් වලට එන්න බෑ කියන්න.....

මම නෙවෙ කට ඇරියෙ...අඩුම ගානෙ මැනිකෙ එපා තරහා ගන්න කියන්නවත් මම ගියෙ නෑ....එයාට තරහා යන එක සාදාරනයි ...මටත් දමලා ගහලා ඉන්න තිබ්බා මොන දේ උනත් අප්පච්චි පව්....තනිවෙනවා ....මං බැනුම් අහන් උන්නා මිසක් එයාව අරන් යන්න විහිලුවටවත් හිතුවෙ නෑ.....

මැනිකෙ මං උඹව එක්ක යන්නම් කියලා බොරුවට වත් කිව්වෙ නෑ.....

රයිස් කුකර් එකේ ඉදෙන බත කුසියම සුවද ගහනකොට දුම් දාන බත් කොතක් එයා වීදුරු පිගානකට බෙදුවා බතුයි පොලුයි...වෙන මොකුත් නෑ....බත් එක මගෙ දිහාවට තල්ලු කරපු එයා ඉදගත්තා .....ඉදගන මම කනකන් බලන් උන්නා...බත් කටක් ඇගිලි වලට ගන්න බෑ දුම් දානවා...මන් ඇගිලි තුඩු වලින් බත් ඇට දහක් විතර පොල් එක්ක අනලා පිඹලා පිඹලා කටෙ දාගත්තා ...එක අතකට මම කටේ නොදා එක පාර බඩපලලා බඩ ඇතුලට ඔබා ගත්තා නම් හොදයි හිතුනා. .ලුනු...කියන්නෙ...ලුනු කායම්....ඒත් මම නෙවෙ වචනයක් කිව්වෙ..මම නෙවෙ උඹ මෙහෙමද උයන්නෙ ඇහුවෙ..මම නෙවෙ මේවා කන්න පුලුවන්ද යකො කියලා බත් එක මූනට ගැහුවෙ....ඒ හේතු දෙකක් හින්දා...එකක්....මම එයාට ආදරේ කරන්න එයා ලව්වා මට බත් තම්බගන්න නෙවෙ හින්දා දෙවනි එක...ඒ හිතේ තියන වේදනාවට මේ ලුනුකායම පවා දියවෙලා යන හින්දා..

මෙහෙට දෙනවා ඕක කන්න බැරි බව දැන දැන මගෙ හිත හදන්න ඒක ගිලිනවා....උඹ දැන් කරන්නෙත් ඒක...උඹ දැන් ගිහින් කරන්නෙත් ඒක....මගෙ හිත හදන්න කියලා කරන්න අමාරු දේවල් අමාරුවෙන් කරපුවාම හරියනවද නිතේශ් ආ....?? මං කොහොමද උඹව යවලා මෙහෙ ඉන්නෙ ...මට හැමතැනදිම බිබික්කමක් වගෙ ඉන්න බෑ....උඹ මාව ගත්තෙ ගෙට කරලා තියන්නද?ඇදට නැගලා උඹ ඇගට නැග්ගම කකුල පලල් කරගන්නද.....උඹ මගෙ ඇස් මානෙ ඉන්නවා නම් බයක් නෑ....අනික වැරදි කෙරුවෙ උන්....විදවන්න ඕනා උඹ...මේ මොන ජීවිතයක්ද....රොඩියො පවා මීට වඩා හිනා වෙලා ඉන්නවා දවසක් සතුටින් උන්නොත් ඊලග දවස හෙනයක්...මාව එක්ක පලයන් නිතේශ් .....

මේ අහපන් විතේන් ..මට උඹව ගෙනියන්න පුලුව නම්...මම අරන් යනවා හරි මට බෑ යකො මේ වෙලා තියන ඒවා අස්සෙ තොගෙයි මගෙයි පලහිලව්වත් එලියට දාගන්න....

මම කෑ ගැහුවා...එයා අවසානෙදි ගැස්සිලා ගියා..මාව් තල්ලු කරන් ගිය එයා බර අඩි ගගහා අවසානෙදි අපේ කාමරෙ දොර සරනේරු වලින් ගැලවිලා යන්න වහලා දැම්මා...

මේක මහ කරුමයක් .....

අන් සෑහෙන්න වෙලා කල්පනා කෙරුවා ....අවසානෙදි එයාට නිවෙන්න ...සම්පූරනම නැති උනත් අඩුම ගානෙ එක දශමෙකින් හරි නිවෙන්න දීපු මං දොර ඇරන් ඇතුලට ගියා....

එයා මුනින් අතට වැටිලා උන්නා.....

මගෙ ආදරනීයම විතේන් දුකෙන්....හැම රන්ඩුවකටම පස්සෙ ආදරවන්තයො හොයන්නෙම කලින් තිබ්බටත් වඩා ආදරයක් වෙනකොට මං හිමින් හිමින් ගිහින් ඇදට නැග්ගා..

කෝ ඉතින් නාඩා ඉන්නකො ...

........

සුදු මැනිකෙ ..

මං එයාගෙ ඔලුව අත ගෑවා...අත ගාලා බොහෝම අමාරුවෙන් මගෙ පැත්තට හරවගන එයාව මං අත උඩින් තියා ගත්තා .....ඒ මූන රතු වෙලා කම්මුල් තෙත් වෙලා...මං එයාගෙ ඇස්වලින් එලියට එන්න හදන කදුලු ආයම ඇස් අස්සට තල්ලු කරලා මගෙ කොල්ලව අඩවන ඇස් දෙකට තරවටු කරලා එයාව අත් දෙකෙම්ම තුරුලු කර ගත්තා ...

නාඩා ඉන්න මගෙ විතේන් ....මං දන්නවනෙ මැනික පරිස්සම් වෙන්න..අනික උඹලා ඔව්වා විස්වාස කරන්නෙත් නෑ...මට බයයි....මට නෙවෙ උඹට මොකක් හරි වෙයි කියාලා.....මාව රකින්න කියලා උඹ ඉස්සරහට පැනලා බිල්ලක් වෙන එක නෙවෙනෙ ආදරේ කියන්නෙ....උඹව පරිස්සම් කරන්න නම් මම දැන ගන්න ඕනා උඹව පැත්තකින් තියන්න....කෝ දැන් ඉතින් නාඩා ඉන්න මගෙ හොද දරුවනෙ.....

මං එයාව හරීම අමාරුවෙන් පරක් කරගත්තා....එයා එහෙම්ම මගෙ බෙල්ල ගාවට මූන ගහගන්නකොට මම එයාට ඇති අතරන් වෙලාවක් එහෙම ඉන්න දුන්නා...

තේශී....

ම්ම්ම්ම්ම්ම්ම්ම්

කීයටද යන්නෙ.....

හවස් වෙලා යනවා.....තවම දෙකයි නෙ....පහට විතර යනවා....

අනේ එතකොට රෑවෙවිනෙ.....

නෑ...එච්චර වෙලා යන් නෑ...

අනේ මේ....උඹ හදන්නෙ මහ පාරෙ රේස් යන්නද නිතේශ් නිකන් නැහෙන් නැතිව ඉදින්....

එයා ආයම බනිනවා...මගෙ මූන පුරාවටම වැවුන රැවුල් කොටවලින් මං එයාගෙ තෙත කම්මුල් පිරි මදිනකොට එයා මූන හංග ගත්තා....

මගෙ හොද ළමයා...නාඩා ඉන්න....මං කැමති නෑනෙ උඹ අඩනකොට ....

මූන හංගන් ඉන්න එයාව මම චුට්ටක් තුරුල් කෙරුවා...ඉම්බා..හැපුවා....ඔලුව අත ගෑවා...ඇග උඩට අරන් අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා....අවසානෙදි පද දාහක් විතර කියලා ඒ මූනට හරී අමාරුවෙන් හිනාවක් ගෙනාව මම එයාව ආයම මගෙ අත උඩට ගත්තා....

ම්හුක්.....මිනියෝ....

ඇයි ඉතින් මේ.....

අනේ...ඉක්මනට එන්න හරිද.....

හා...මං ඉක්මනට එන්නම්..මගෙ හොද විතේන් ප්‍රවේසමෙන්....තේරුනාද..මං නැති අඩුව පිරිමහන්න අර ඔෆිස් එකේ ඉන්න මනුස්සයගෙ බෙල්ල කන්න එපා.....තේරුනාද මගෙ මැනිකෙට.....

ම්හුක්....ඔව්....

මිනිහව බඩගින්නෙ යවන්නෙ නැතිව මොනවා හරි කන්න දියන්කො...

මං එයාගෙ කම්මුල හපනකොට එයා එහෙම්ම ඵෝන් එක අරන් ඒකදිහා බලන් උන්නා.....

මොනවද ඕනේ....

අනේ මට නම් බත් ඕනා ..දැන් ගියහමත්...සුදු මහත්තයා අරක...සුදු මහත්තයා මේක ගගා මට වැඩ සීයක් කියයි...එතකොට ඉතින් කන්නව වත් වෙලා නැතුවෙයි ....

මම එයාට එක එක ඒවා කියනකොට එයා කෑම ඕඩර් කරලා ආයම ඵෝන් එක පැත්තකට දාපු එයා හුරතල් වෙන්න ගත්තා .....මට බැනලා අඩලා අවසානෙදි එයාම මගෙ වචන එක්ක හිත හදන් ඉන්නකොට මට ඒක ලොකු සැනසීමක් වෙනකොට මම ණැවිලා එයාගෙ දෙතොලට පුංචි හාදුවක් තිබ්බා...

කෝ මැනික ආ ගාන්න....

අනේ...කටේ ...තවම..... ..පොඩ්ඩක් ඉන්නකො....

එයාට කවපු බත් කට තවම හක්කෙ වෙනකොට මම සුදු මාලු කුට්ටියෙන් කෑල්ලක් කටේ දාගත්තා ...එයා මාලු තියන එකක් ගෙන්න් තියෙන්නෙ...අලුත් මාලුන්ගෙ කිරි රස වගේම හොද්ද බානකොට දාපු දෙහි ඇබුළ රසට දැනෙනකොට මුකුනු වැන්න මැල්ලුමයි...බෝන්චිවල තවත් මොනවද.....දෙල්ද කොහෙද මං දන්නෙ නෑ මට හොයන්න බෑ.....උන් කොහොම ගලපලා උයනවද කියලා...ඒ කොහොම උනත් බත් එක නම් ඇත්තටම රස වෙනකොට බත් මුල් දෙක එයයි මමයි ඇටයක් ඉතිරි නොවෙන්න ගිලලා දැම්මා....

කෝ ඉතින්.....මං ලෑස්ති වෙන්න එපැයිනෙ.....ඔයාන් කිව්වෙ වෙලාසන යන්න කියලා .....කෝ අයින් වෙන්න...මගෙ හොද පුතානෙ...

එයාටත් කවලා..බඩ පිරෙන කාපු මම අවසානෙදි බාතෲම් එකට ගිහින් නාගන ටවල් එකත් ඉනට පටලන් එනකොට මං නැතිව ඉන්න බැරි එයා ඇවිත් මගෙ ඇගේ එල්ලුනා..හරියටම පුංචි එකෙක් වගේම..හිතක් නැති උනත්...අදරේ කරන දේවල් රකින්න නම් සමහර වේදනාවල් දරන්න වෙනවා වෙනකොට මම එයාව දවස් දෙක තුනකට තනි කරන්න හරි අමාරුවෙන් හිත හදා ගත්තා ...

සුදු අප්පො.....

ම්ම්ම්ම්ම්...කියන්න මැනිකේ.....

පරිස්සමින් හොදද....මට ගියහම කෝල් එකක් ගන්න තේශි...මං කෑ ගහනවා..මං බනිනවා...ඒ එක දෙයක් වත් හිතෙ තරහ්ටකරන දේවල් නෙවෙ...අවසානෙදි හැමෝටම තමන්ගෙම කියල කෙනෙක් ඉතිර් වෙනකොට මට මගෙ ඇස් දෙක වගෙ ඉන්න උඹව නම් හීනෙකින් වත් නැතින්කරගන්න හිතක් නෑ මගෙ සුදු අප්පො...

එයා මගෙ පස්සෙන් එනවා...බොක්සර් එක ටවල් එක යට්න් ඇදපු මම අවසානෙදි ටවල් එක ගලවල දාලා එයාම තෝරලා දුන්න ඩෙනිමක් ඇනදල ටීශර්ට් එකක් ඇන්දා...

සුදු මහත්තයා මේකත් දාගන යන්න ඔය නුවරට වහින් නැති දවසක් නෑ.....

එයා මගෙ අතට මහා ලොකුවට ගනකම් නැති උනත් පොඩ්ඩ බැරි වෙනකොට ගැහෙන පපුව හංගාන්න පුලුවන් ඩෙනිම් ජැකට් එකක් දුන්නා...

එයාම මගෙ කොන්ඩෙ හැදුවා...දහපාරක් විතර තෙත හින්දෙව්වා.....කොච්චර උනත් හැම පුංචි දෙයක් පිරෙන්නම තිබුනෙ මගෙ මැනිකෙගෙ ආදරේ වෙනකොට මගෙ අහිංසක අප්පච්චිගෙ මූනෙත් මේ දවස් වල කාටත් හොරෙන් හිනා මල් පිපෙන්න අරන් තිබුනා....

තහනම් ගස්වල ගෙඩි කන එක නරකයි....

ඒත්...මගෙ අප්පච්චිට තහනම් ගහකින් හරි සැනසිමක් හම්බෙනවා නම් මම කැමති.....හැමදාමත් අම්මහෙ මහන්තත්තකමින් තැලුනා මිසක්..මේ වෙනකන් කවදාවත් වෙන ගෑනියෙක් හොයන්න හීනෙකින් වත් හිතුවෙ නැති අප්පච්චි එයාගෙන් උදුරපු ආදරෙන් ආයම පන ගහන ගමන් උන්නා...මම මොකුත් කිව්වෙ නෑ...අඩුම ගානෙ මගෙ විතේන්වත් මොකුත් කිව්වෙනෑ...

අවසානෙදි උඩ ඉන්න දෙයියන්ටම දුක හිතිලද කොහෙද හැමදාම ගිනි ගත්තු අපි දෙන්නට නිවෙන්න පාරක් දීලා තිබුනා . ...ඇවිලෙන හැම හිතක්ම නිවෙන්න ඕනා කියන්නද කොහෙද දෙවියො පවා ස්වර්ගෙ ඉදන් ගිනි මැද උනත් අපිට සැනසෙන්න එක හේතුවක් දීලා එවලා.තිබුනා.....

මං එයාව දොරකොඩ ගාවදි පපුවට තුරුල් කරන් නලලට හාදුවක් තිබ්බා....ඊට පස්සෙ කම්මුල් වලය.....අවසානෙදි මට කෑ ගහන....ආයම මාව සනසවම හැගීම් වචන කරන ඒ මැජික් දෙතොලට මම හාදුවක් තිබ්බා...සුලුපටු එකක් නෙවෙ....දවස් දෙක තුනකටම මතක හිටින්න....එයාට කෙදිරි ගෑවිලා මට ලේ රස දැනෙන්න.....

පරිස්සමින් ඉන්න මගෙ විතේන් ...මන් ගිය ගමන් ගන්නම්....හොදද....

මං එයාගෙ මූන අත් දෙකෙම්ම අල්ලගත්තා ....එයා අවසානෙදි මගෙ අතට පුංචි පොතක් ගුලි කෙරුවා ...

විශ්වාසෙට ආගම අදාලා නෑ සුදු අප්පො.....

ආදරේට කුල මල අදාල නෑ....මම විස්වාස කරනවා..මෙච්චර කල්ම මං වෙනුවෙන් උන්න දෙවියොම උඹව බලාගනීවි කියලා....පරිස්සමින් ගිහින් වරෙන් මගෙ සුදු මහත්තයා ...

මම එයාගෙ මූන අත ගාලා එන්න හැරුනා....නාඩා ඉදින් මැනිකේ කියලා කියන්න කට පන තිබ්බත් ඒ වචන පවා අපරාදෙ හිතුනා....

මොකද....වෙලාවකට බැදිම් වලට වඩා හැගීම් පුදුමාකාර තරම් බර උන හින්දා...

නිතේශයා.....

මම හැරිලා බැලුවා....ශෙනෝන්....ඌ බලන් ඉන්නවා....මට කියන්න ඉතුරු මගෙ කොල්ලව බලා ගනින් කියන එක විතරක් වෙනකොට මම උගෙ උරහිසට මිරිකගත්තා ...

ඌ බොලද නෑ.....හිත හයියයි....ඒත්.....වැහි කුනාටුවලදි මුල් හයිය ගස් පවා ගලවන් වැටෙනවා....ඒකා බබෙක් නෙවෙ නලවන්න...ඒත් පුලුවන් නම් අඩවන් නැතිව තියා ගනින්..මොකද....හිස් උන ඇදක් උඩ මිනිස්සු වරුගනන් කොට්ටා තෙමුවා...ඌ නොදරුවෙක් නෙවෙ බත් පිඩක් ගිලගන්න බැරි වෙන්න....ඒත්.හිතේ ගින්දර වැඩි වෙනකොට දෙවියො පවා බඩේ ගින්දර උදුර ගත්තා ....මං එනකන්...බලාගනින්.....අඩවන්න එපා කිව්වත් අඩාවි...ඇතිවෙනකන් අඩන්න දීපන්...ඒත්....හූල්ලන්න දෙන්න එපා...මොකද.....විදවපු හිතක් ආයම විදවනකොට ව්දවන එකා මැරෙනවා...හුස්ම අල්ලන ගමන්ම....කොයි වෙලෙත් මම උඹට ආදරෙයි නොකිව්වත් මං ඌට ආදරෙයි පැලෙන්න ....ශෙනෝන්. .මම එනකන් බලාගනින්....මට කියන්න තියෙන්නෙ එච්චරයි උඹට....

මම බැගේජ් එක අරන් එන්න හැරුනා පලිගුවා බුරගන දුවන සද්දෙ එක්ක ඩියෝනයා අඩාගන දුවනව මං දැක්කා...අරකි හපලද කොහෙද ....

මං කාර් එකෙ රේඩියෝව ඇහෙන නෑහෙන ගානට සින්දුවක් යනකොට මං ඔහේ හැගිමක් නැතිව ස්ටියරින් වීල් එකට මගෙඅත් වල බර දුන්නා....

පොලීසිය -කොලඹ

නිල්පාට ජීප් දෙකක් මාව පහු කරන් යන්න ගියා...වාහන තද බදේ එක්ක ජීප් එක අස්සෙ ඉන්න උන්ව මට ඕනාවට වඩා පේනකොට මං බලන් උන්නා..ලේන්සු වලින් මූනු වහගන....

අදත් වටකරලා වගේ...

මට ඉබේටම කිය උනා.....ගෙන්දගම් පොලවෙ අහු මුලු පුරාවටම තිබුනෙ ගණිකා මඩම් වෙනකොට හැමදාම මූනු වහන් යන උන්ට ඊලගට වෙන්නෙ පොලීසියෙ මහත්තුරුන්ගෙ කුනු හර්ප අහන්න වගේම කූරු ගනින දවස් ගානට කාකි ඇදුම් වලටත් යටවෙන්න වෙනකොට මට හිතා ගන්න බැරි උනා කව්ද වැරදි කව්ද හරි කියලා .....

දුර ඈත ගම්වලින්....වැව් බැදි රාජ්‍යෙන් ඇවරිවත්තට...කටුනායක වෙලදකලාපෙට මැශින් පාගන්න එන කෙල්ලන්ගෙන් බාගයකටම උනෙ මුල් මාසවල මුකු ගැන්විලා නුපුරුදු සායම් උලන්න ගිහින් අවසානෙදි අඩුවට තියන කාමරයක් අස්සෙ වංක පෙම්වතෙක්ට යටවෙලා යන එනමන් නැතිවෙලා ගිහින් දුක අහන්න එන " මැඩම්" කෙනෙක් ගාව නවතින්න වෙනකොට මේ ඇස් වලට මේ කොළඹට ඔව්වා නුපුරුදු දේවල් නෙවෙ උනා...

කොළඹ කොටුවෙ බෝගහ යට....මහ පාන්දර ප්ලෝටින් මාකට්වෙකෙ හිස් උන කඩ කාමර අස්සෙ උන්නෙම පැයට සීයටත් පිරිමින්ට සුර ලෝකෙ පෙන්නන මාධවීලා වෙනකොට වෙලාවකට කොළඹ කියන්නෙත් මහ අමු අපායක් උනා...

කලර් ලයිට් එක ගාවදි මට එහා පැත්තෙන් ජීප් එක නවතිනකොට මං බලාගන එකියක් මාංචු වැටුන අත් එකතු කරලා කාකි ඇදුම ඇදන් උන්න තවත් ගැහැනියකට දුක කියනවා...

"දරුවො ඉන්නවනම් තමුන්ලා දැනගන්න එපැයි..."

මගෙ කනට ඇහුනෙ එච්චරක් වෙනකොට ජිප් එක වමට හැරුනා මං දකුනට හැරුනා.....

ඒකිට දරුවෙක් ඉන්නවලු....

මොනවා කරන්නද ...පයට පෑගෙන තවත් සදකඩපහන් නවතින්නෙම නැතිව හුලගත් එක්ක ගහගන යන වලාකුලකට ස්වර්ණ විමානෙ පෙන්නන්න ගිහින්.....

සදකඩ පහනක කැටයම් ඔපලා

පාවෙන දේදුණු ලැගුම් ගනී....

කැලැතුනු රසයක පැණ ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවී.....

වෙනදට එයාගෙ අතට පැටලෙන මගෙ අත පාලුවෙලා ගිහිල්ලා....ගෙන්දගම් පොලවෙ ගිනිගහන මද්දහන සැර අඩුකරපු වෙලාවක එන්න ආව මං කන්ද උඩ රටට එනකොට දම්පාට අහසත් යන්න ගිහින් වෙනසක් නැතිවම අජසෙ බරගතිය කෑගලු අහස යට ඉදලම තිබුනා...මාවනැල්ලෙ උසාවිය පහු කරන් මැයි මල් හැලුන මැයි ගස් පහු කරන් මම කුසුමාසන දේවිය ගිනි තිබ්බ කන්ද උඩ රටට එනකොට සමහරක් මිනිස්සු රෑ බතටලැහැස්ති උනා....

තනියම උන්නා නම් ලෑල්ලට පාගල එන්න තිබුනත් සැරින් සැරේටම සුදු මහත්තයා හිමින් යන්න පරිස්සමින් යන්න කියන එයාගෙ පපුව අවුලන්න බැරි කමටම මම හෙමින් ආවා....

මට දැන් ඒකා වෙනුවෙන් හුස්ම ඉතිරි කරගන්න ඕනා උනා.....ගෙන්දගම් පොලවෙ මිස්ටර් නිතේශ් කන්ද උඩරටදි බේබි හාමු වෙනකොට කනේ තිබුන අරුංගලේ හැඩ මම පැතිකන්නාඩියෙන් බැලුවා....

මොල්ලිගොඩ වලව්ව...

රටහුනු උලපු කහපාය ලයිට් එලියෙන් පාට උන මොල්ලිගොඩ වලව්ව පුරාවටම අද නන්නදුනන මූන බොහෝමයි...

හෙට බදාදාවක් ...බර දවසක්ලු....

මම එලියට බැස්සා ..ඇදුම් බෑග් එක එහෙම්ම තියෙන්න ඇරපු මම මෙච්චර වෙලාම කටේ පාලුව යැව්ව ඩන්හිල් එක තෙත් වෙලා තිබුන තනකොල ගොඩ උඩට දාලා පාගලා දානකොට ඊයෙ පෙරේදා ගං පතුලෙ හුස්ම ඇරපු නාඹරීගෙ ඉලව්වට ගහපු සුදු කොඩි වැල ඒකිව අරන් ගියපු පාර දිහා බලන් මොන මොනවද හුලගත් එක්ක කියවනකොට ඈත තිබුන පත්තිරිප්පුව දිහා මට ඉබේටම බැලුනා...

අතේ තිබුන නව ගැටේ රතුනූල එයාගෙ විශ්වාසෙ රැක්ක අර පුංචි යාක්ඥා පොත මගෙ හයිය වෙනකොට බතික් සරම ඇදන් අත් දෙක පිටිපස්සට බැදන් සූනියම් අප්පච්චි ගුරුන්වහන්සේ එක්ක මොන මොනවදෝ කියවන දිසානායක වලව්වෙ හාමු මහත්තයා උන දහම් දිසානායල අප්පච්චි ගාවට ගියපු මම උගුර පෑදුවා....

අප්පච්චි ...

සුදු පුතා...තනියෙන්ද ....

බේබි හාමු....

ගුරුන්වහන්සෙ මමා...

එහෙමයි බේබි හාමු...මේ සාත්තුවක් කරන්ට කියලා....

මොක්කද නටන්න හදන සන්නිය.....

මහසොහොන් සන්නිය නටවන්න කියල බැලුවෙ බේබි හාමු...මෙක පිල්ලියක් නොවැයි ..කපන එක කෙම්මුරේදි කපල දාන්න ඕනේ ..

ම්න්...එහෙමද මොකක්ද බිල්ල....

කුලුලු බිල්ලක් තමයි බේබි හාමු.....

ම්න්..ම්න්....

මට අප්පච්චි අහපු දේට උත්තරයක් බදින්න බැරි උනා....ගුරුන්වහන්සෙ මාත් එක්ක කතා කරන්න ගන්නකොට අප්පච්චි ගොබ් බඩයක් ඇදන් ආව මිනිස්සු ගාවට යන්නගියා .....

බේබි හාමු...

මම වලව්වට යන්න පය ගහනවා එක්ක සූනියම් අප්පච්චි ගුරුන්නාස්සෙ ආයම මට කතා කෙරුවා ....

ගුරුන්වහන්සෙ මාමේ.....

බේබි හාමු...අමනාපයක් නැතිනම් ඔය ගැට නවය එලියට පෙන්නුවා නම්....

මගෙ කන් දෙකත් එක්ක රත් උනා....සූනියම් අප්පච්චි ගුරා කියන්නෙ එසේ මෙසේ එකෙක් නොවෙනකොට උන්දට මගෙ අතේ තිබුන නව ගැට බල නූල දැනිලා තිබුනා....

මම අත පෙන්නුවා....උන්දැ ඇස් හීනිකරන් බලන් ඉදලා බුලත් කෙල පාරක් ගැහුවා..

ම්ම්ම්..කාරි නෑ..මේක ආරස්සාවක්....ගම්භාර දෙයියන්ගෙයි.....තුරුනුවන්ගෙ සරනයි...උඹලා ආරස්සාවෙන්ට ඕනා...

මට කියන්න දෙයක් තිබුන් නෑ...උන්දා තව මොනවදෝ මැතිරුවා . .

උඹලා හත් දොහක් යනකන් ප්‍රවේසම් වෙයල්ල බේබි හාමු...සාන්ති කර්මෙ කොරන්නෙ ඔක්කොටම එක්ක.....

එහෙමයි.....

උඹලා මූනෙන් කටෙන් අතපයෙන් ඇබිත්තක් විතර තිරුහන් වෙලා.....ඔය කරගන්න කාරියක්...හත්දොහ පැනලා කර ගත්තට කාරි නෑ ඕන්...

ම්..මොකක්..ද.....

මටතේරුන් නෑ .උන්දැගෙ ඇස් දෙක මගෙ සර්වාංගෙ පුරාවටම ගිහින් අවසානෙදි නතර උනේ අතේ තිබුන මුද්ද ගාවදි වෙනකොට එයත් එක්ක එක වහල යට උන්න දා ඉදන් ඇගෙන් පිටවෙන ධාතුත් එක්ක මාව චුට්ටක් වෙනස් වෙලා තිබ්බා...ඒක උන්දැටත් දැනිලා තිබ්බද කොහෙද .....ඒත් ඉතින් ගෑනියක්ද පිරිමියක්ද නොදැන උන්දා කොලේ වහලා මට අඹුසැමි ඇසුර නවත්තන්න කියනකොට වලව්වට තවම නොයිදුල් බේබි හාමු හොරාවට ඉදුල් වෙලා වග ගුරුන්වහන්සෙ දේහ ලක්ශන වලින් අල්ලගන්නකොට මගෙ විතේන්ව අරන් නාව එක දාහෙන් සම්පතයි කියල හිතුනා.....

තවත් බුලත් කෙල පාරක් වලව්වෙ මිදුලෙ සැතපෙනකොට පුවක් මල් දෙකක් ලපන් ගියපු ආව තේව කාරයා කලමනා ගොඩක් උස්සන් යන සියාතුසීයා පස්සෙන් යන්න යනකොට මම වලව්ව අස්සට රිංගුවා

සුදු මහත්තයා . උඹලා ආවද .

අත්තම්මා ....දලදා හාමුදුරුවනෙ....උඹලගෙ ඇහැට තවම ගුනයක් නැද්ද....

මං හිතන්නෙ මගෙ කටින් මටත් නොදැනි වචන පොට උනා ඒක හරියටම හිතන්න කලින් රෙද්දෙ රෙවුනා වගේ දෙයක් වෙනකොට නිල් ගැහුන මුනෙ රතු වෙලා තිබුන ඇහැ දැකපු මම මොල්ලිගොඩ මැනිකෙට කිට්ටු කෙරුවා....

තාම ගුනයක් නෑ සුදු මහත්තයා..පොඩ්ඩක්.හිටින්කො...තෙල් සාත්තුවෙන් පස්සෙ ගලේ දේවාලෙට ගිහින් අබ මිටක් එක්ක ගම්බිරිස් තලියක් උඩු අතට අබරලා එන්ට....මේක කරපු පරයව හැදිගෑවෙන්ඩම...

මට හුස්මක් පිට උනා..මම දන්නවා මෙතන මොන ශාන්ති කර්ම කරලා පිල්ලි කපල බන්දන බැන්දත් උන්දා අබ අබරන්න යනවමයි කියලා ....

පොඩී කෝ ...

අන්න එකි කාමරෙ...වැහලින්න වගෙ....ඒකිට ඉස්පිරිතාලෙ ඉදන් ආව දා ඉදන් පෙරේත දිස්ටිය ගහලා වගෙ ...

අත්තම්මා දරුවව ගත්තෙ...

කොහොම ගන්ඩද ...ඒකිට මල දරුවව තටමන්ඩ කිව්වා.....අපෙ අප්පේ...ඒකි හූ තියාපු තරම්....හෝරා කීයක් නම් තැටමුවද.....ඒකිට සිහිපත නැතුව හෝරා බාගයක් උන්නා.....සූනියම් අප්පච්චිම මේ අවනඩුව බලන්ඩ ඕනා..

මං වචන හිර කරගත්තා ...වෙන මොකටත් නෙවෙ.....ඒකි මල දරුවට තටමනකොට තව අම්මෙක් මිනි අලු මුට්ටිය ගාව හීල්ලුව හින්දා ....

මං එහෙම්ම පොඩීගෙ කාමරේට ගියා...

මේකිට ගේ දොර නෑ මෙහෙම රින්ගන් ඉන්නවා ...

රේන්ද අල්ලපු දොර රෙද්ද ඇතුලෙන්අන් රන්දෙනිගල මැනිකෙව දැක්කා.....ඒකි පොඩී ගාව තනි රකිනවා ...

බේබි හාමු....

මං කාමරේ ඇතුලට යන්න යනකොට සියාතු සීයගෙ කටහඩ ඇහුනා වගේම මන් හැරිලා බැලුවා ....

සියාතු සීයේ....

දහම් හාමු කිව්වා බේබි හාමුගෙ ඇදුම් කැඩුම් ටික ගෙට කොරන්ඩ කියලා...ඒත් අර ඔක්කොම වහල් දාලානෙ....

ආ ඒකට කමක් නෑ...මගෙ කාමරේ දොර වහලා මට යතුරු කැරල්ල ගෙනත් දියන්....ඕක අස්සට තව තව උන් රිංගන්ඩ කලින් එහෙම උනොත් තොයිලෙට කලින් මට ජයසේනයව( මහසෝනගෙ ඇත්ත නම) වැහුනොත් පිල්ලි එකට දහයක් බස්සවලා නර බිල්ලකුත් දෙන්ඩ වේවි...

මගෙ වචන එක්ක සියාතු කුදු උන කොන්ද තව කුදු කරන් යන්න යනකොට අගස්ති මාල හතෙන් දෙකක් දාන් උන්න නාද්‍යා එලියට ආවා....

මගෙන් ඩෑස් එක කාපුදා ඉදන් ලමා තැනි මගෙ මුන නොබලන්න හිතාගනද කොහෙද එතනින් යන්න යනකොට මම පොඩීගෙ කාමරේට ගියා...

මේකෙ ගද ....

මට කිය උනා....අත්තම්මා කිව්වා වගේම මේකිට පෙරේත දිස්ටිය ගහලද කොහෙද .....පලු දෙක ඈත් උන බෙඩ් ජැකට් එකෙන් එලියට පැනපු කිරි වලින් බර උන එක.තනකින් තවමත් කිරි බිංදු වෑස්සෙන ගමන් තිබුනා....මං හිතන්නෙ නාද්‍යා ගල්වෙන කිරි දොවලද කොහෙද නැති නම් ඒකිට උනගන්න ගියා ....

පිලිවලට උන්න පොඩි අපිලිවල වෙලා ඉන්නකොට බඩ තද වෙන්න ඇදපු චිත්තෙන් කිරි වල සිනිගද එනකොට මට " ලේ කිරි කදුලු" ෆිල්ම් එක මතක් උනා.....

ගැබ්බරි උන නිල්මිනී තෙන්නකෝන්ව ටෝනි රනසිංහ අතෙන් හැප්පිලා පුංචි එකා යන්න යනකොට ඒකිත් ඉස්පිරිතාලෙ මලදරුවව එලියට ගන්න තැටමුව එක මට පොඩී ආයම මතක් කෙරුවා .....නිල්මිනී අඩනවා...ඒකිඅහනවා ඒකි අම්මෙක් නෙවේ නම්....මේ එරෙන කිරි කදුලු මොකටද මොකක්ද ඔන්න ඔහොම එකක්....

මට කාගෙවත් පැත්තට කතා කරන බෑ...මොකද ..අම්මෙක් පලියක් අරන්තිබුනෙම අම්මෙක්ගෙන් වෙනකොට පිස්සු විකාරෙන් කියවන පොඩී ගාවින් අමනුස්ස කුයිලෙ එනකොට ඒකිට පිල්ලිය ගැහුව සොල්දරෙ බලන්න මං එලියට ආවා.....

🙂ආය එන්නම් ඈ...

🙂පයිස්සමින් ඉන්ට හොදෙ ....

😈😈

මම...

Ferdeesha ❤️💚😘 ....

More Chapters