LightReader

Chapter 61 - 61

මං සුදූගෙ කාමරේ පහු කරගන උඩහට යන සොල්දරේ ගාවට ගියා...

පඩි පෙල වෙන්දා වගේමයි.....එකම මකුනු දැලක් දූවිලි තුඩක් නොහොටින්න එතනා හැමදාම කොදුකඩාගන මේ පඩිපෙල පිහදැම්මා.....

මම පඩියෙන් පඩිය ඉහලට ගියා....පහලට ගියා...

වලව්ව අස්ස කඩි ගුල වගේ.....කොහොම කිනිත්තකින් කහ දියර ඉහ ඉහ යන වෙදාගෙ අතවැසියො වලව් කාමරවල අහුමුලු අස්සෙ වෙනකොට කවුරු හරි සුදු අක්කගෙ කාමරේ දොර ලොක් කරලා තිබුනා....

මම පඩි පෙල දිගෙ ඉහලට නැග්ගා...

සුදු පුතා....

ඉහල තිබුන පරන කාමරේ දොර් අරින්නවත් හම්බුන් නෑ අම්මා ආවා...අම්මගෙ මූන මැලවිලා ගිහින් තිබුනා....නපුරු කම ඉහට උඩින් තිබ්බත් අම්මා කියන්නෙ රූපෙන් ලස්සන ගෑනියක් උනත් අද මහා මූසල.මුස්පේන්තු කමක් ඒ මූනෙ තිබුනා...වත්සුනු අතුල්ලන්න ඕන් නැති ගානට සුදු උනත් ඒ මුන කලු වෙලා තිබුනා.....

මම පහලට බැස්සෙ නෑ ඒ උනත් අම්මාගෙ ඇස් දෙක මට පහලට බහින්න කියනකොට මම වෙන්දට දාන සද්ද ඔක්කොම නවත්තලා පහලට බැස්සා ...

පුලුටු එහෙම කනවා නෙවෙ ඕන්...අප්පච්චිලා පුතාලා එකතු වෙලා ගිනිවතුර ගිලිනවා නෙවෙ තේරුනාද....

අම්මා මට තරවටු කරන්න ගත්තා ...මම අම්මා කියන දේටවඩා ඒ මූන දිහා බලන් උන්නා...ඒ හැමෝගෙම මූනවල් අමුතු වෙලා...මට කියන්න නොතේරෙන දෙයක් ඒ මූනවල් වල තියනකොට නාද්‍යා තේ බන්දේසියක් උස්සන් එහෙ යනව මෙහෙ යනවා...ඒකි හිතන් ඉන්නෙ එයාර් හොස්ටර් කෙනෙක් කියලා....ඔක්කොමත් හොදයි මට ඔය බොරු මවා පෑම් තමා අල්ලන් නැත්තෙ ..

අම්මා ඇදන් උන්න ඔසරි පටෙම්ම මූන මූන පිහිදගත්තා....

මොකක්ද අම්මා ඔය කරන්නෙ...ඕකෙම්ම මූන පිහින්නෙ...හඩු ගදේ බෑ...ශිහ් ...

මගෙ ජීවිත කාලෙටම අම්මා ඔහොම කෙරුවමයි....අවංකවම මැනිකෙලා ජීවත් උනේම මහ බිබික්කම් වගේ වෙනකොට උන් ගාව සිනිදු අත්පිස්නා විසි හතර පැයේම තිබුනා ....අද ඒ වෙනුවට අම්මා කෙරුවෙ ඇදන් උන්න ඔසරිපටෙම්ම මූන පිහිද ගත්තා ...පෙරේතයෙක් වැහිලාද...??

අම්මටත් සිහි කල්පනාව නැති වෙන්ඩ යනවදෝ මන්දා ..මම බලන් උන්නා නාද්‍යා උරහිස උඩ දාන් උන්න ඔසරි පට ආයම හැලිලා වැටුනා .....බැරි මගුල් නොකර ඉන්න ඕනා..ඇවිදින බෝ පැල වගේ පොලවට රිදෙයි කියලා ඇවිදිනවා....මුන්ට මේ හොද නම ගන්නද කොහෙද .....

නැන්දා ..තේ එකක් ...

දෙන්න....මගෙ ඇගපතටත් පන නෑ දරුවො....සුදු පුතා තේ එකක් ..

එපා...මට බඩගිනි නෑ මං සීනිකන බොන එක නැවත්තුවා....

ඒකි තේ එක දිහා බලලා මා දිහා බලනකොට මම අහක බැලුවා ..අම්මට අද කත කරන්නවත් පන නැද්ද මන්දා....

සීදේවි කෙල්ල...ඒකි තමයි දුවලා පැනල වැඩ කරන්නෙ....

අම්මා නැලවි නැලවි යන නාද්‍යගෙ ගුන වයන්න ගන්නකොට මට දැනුනා ඇග ඇතුලෙ ඉන්න විතේන් නැකිටගන එනවා....

හැම රෙද්දටම යැයි යැයි ගාන්ඩ එපා අම්මා.....ඕකිට දැන් තමයි තේ බන්දේසිය උස්සන් යන්න අමාරු....මිනි මරන්න උල්පන්දම් දෙනකොට ඒවට අමාරු නෑ.....සීදේවි....සීදෙවි කම පේන්න ගියා මේකි අර කෙල්ලට කියපු කියුම් ඇහුනා නම්....කොයි වෙලෙත් අහිංසකී අහිංසකී ගාගන ඒකිටම ඒකි කියවගන්න තැනට වැඩ කරනවා නම්....හොදට මතක තියා ගන්ඩ ඇතුලෙ ඉන්නෙ අමු සතෙක්...මං ගෑනු ගැන දන්නවා අම්මා...මං ගෑනු ගොඩක් මැද හැදුනේ..ගෑනුන්ට මායම් හැට හතරක් නෙවෙ...හැට හතර...හැට හතරෙනුත් වැඩි කරලා ගන්න ඕනා....

අනික...ඒකිට වටින් නෑනෙ අරකිගෙ ඔලුවට තව වහ පුරවන්න....ඇදුමක් ගෙනත් දුන්න පලියට ඕකිලාට මිනියක් මරන්න පුලුවන් නම්...තව මොන මොන සෙල්ලම් දායිද...ඒකි අම්මලාව රවට්ටන් ඉන්නෙ...ඒකි ඉන්නෙ මේ දැන් රහත් උනා වගේ....කතා කරොත් කනටඇහෙන් නෑ ඒතරම් ඒකිගෙ ශුද්ද වන්ත කම...ඒ උනාට හොදට ඇස් දෙක ඇරලා බැලුවොත් පෙනේවි ඒකි අමුවෙන් overacting දගලානා කෙනෙක් කියලා..ඒක නිසා ඔය කුමාරි හාමිලත් හරී පරිස්සම්න් ඉන්ඩ...ඊලග යක්කු වැහෙන්නෙ උඹලට....

මම නාද්‍යගෙ සැබෑ ස්වරූපෙ පුංචි පුංචි පැති එලියට දැකපුවා එක්ක ඒකි අනිත් උන් ඉස්සරහා රගපාන හැටි බලන් ඉදලා හිනා උනා...මටම.....මොකද මිනිස්සු මාරම විදිහට දක්ශයි තව එකෙක්ව අන්දවන්න....නාද්‍යා මං ගාව කොහොම ලැජ්ජා බයට හැදුන එකී වගේ උන්නත් ඒකිගෙ ඇත්ත ස්වරූපෙ කොයි වගේද කියන්න මම අහම්බෙන් දැකපු ටැටු එකෙන් හියා ගත්තා .....ඒකි නොදන්නවා උනාට ...ඒකිගෙ පපුවෙ වම් පැත්තෙ ගහලා තිබුන ටැටූ එක මම දවසක් අහම්බෙන් දැක්කා...ඒකත් පොඩීගෙ වෙඩිම දා ..මෙහෙ එනකොට අදින ඔසරිවල කර කපන්නෙ උරහිසේ ගානට උනත් වෙඩිම දා ඇදන් උන්න ඔසරියෙ කර කපලා තිබුන කැපිල්ලට මම දැක්කා.....ඒ මැනිකෙගෙත් රෙද්දෙ තුත්තිරි ඇති .....

මම අම්මා දිහා බැලුවා..අම්මා නාද්‍යගෙ ගුන වයනවා.....හිතන් ඇති මගෙ හිත වෙනස් වෙයි කියලා ....

අම්මා.....අම්මට ඔය තරමට ඕකිව හිතට අල්ලන්නෙ ඇයි අම්මා...

උඹගෙ අඹුව වෙන්න ඕනා ඒ වගේ කෙල්ලෙක් සුදු පුතා...ඒකි යහපත්...සන්වරයි.....අහිංසකයි....

ඇත්තට .....අහින්සකයි මං බබෙක් වගේ තොත්තද.....?පිට රූපෙ බලලා මිනිස්සු මයින්න එපා අම්මා..මොකද පිටින් පෙන්නන තරම් මිනිස්සු අහින්සක නෑ....සන්වර නෑ.....අම්මා enid blyton ව දන්නවද ???

මන් අම්ම දිහා බැලුවා ....ඵෝන් එක අතට ගත්තු මම enid blyton ගෙ පින්තූරයක් අම්මගෙ මූනට ලන් කෙරුවා ...අම්මා මේ ගෑනු කෙනාව දන්නවද ....නොදැන උන්නත් අවුලක් නෑ මොකද අප්පච්චි ඇරුනම අම්ම මට කතන්දර පොතක් ගෙනත් දීලා නෑනෙ....කමක් නෑ මං අම්මට කියලා දෙන්නම්...අම්මා enid තමයි ළමයි වෙනුවෙන් පොත් වැඩි පුරම ලියපු කෙනා....ඒ පොත් අස්සෙ තියෙන්නෙම තනිකරම හිතන්න අමාරුම ලෝකයක්...කියවන කෙනෙක්ට හිතෙන්න ගියා මේ ඕතර් ලමයිට පට්ටම ආදරේ කෙනෙක් කියලා...එහෙම නෙවෙ...එයා එයාගෙ රීඩර්ස්ලාව ඒ විදිහට හිතන තැනට නම්ම ගන්න තරම් පුදුමාකාර දක්ශ ඕතර් කෙනෙක්...ඒ පොතක් කිඋඅවන්න ගත්තොත් පිස්සුවක් වේවි...ලෝරා ඉන්ගල්ස්....ජේකේ රොලින්....ඔය වගේ අයට වඩා...enid ගෙ පොත් ලෝකෙම ප්‍රසිද්ද උනා...භාශා ගානකට පිටපත් කෝටි ගනන් විකිනුනා...

ලමා ලෝකෙ ගැන ලියලා තියනවා...ආය අම්මට සිරිවෙන්නම....පොඩි හිත්වලට දැනෙන දේ ...අම්මා තාත්තගෙ ආදරෙ මේ හැම දේම ලියලා තියනවා....ඒක ඇස් ඉස්සරහ මැවෙන්නෙ...එක නම් පුදුමාකාර දක්ශ කමක්.....අපිටත් එහෙම වෙන්න ඇත්නම් හිතෙන්න ලියලා තියනවා...

ඒත් අම්මා.....අම්ම දන්නවද...එනීඩ්ට ඇත්ත ජීවිතේදි ලමයිව පේන්න බැරි කෙනෙක් කියලා....ගෙට එහා පැත්තෙ ඉන්න පුංචි දරුවටවත් කැමති උන් නෑ කියලා .....තමන්ගෙම දරුවො දෙන්නට දෙවිදිහකට සැලකුවා කියලා ....මනුස්ස්‍යා එනීඩ් ව අතෑරියා කියලා .....ලමයිගෙ අයිතිය ඉල්ලුවත්....එයා දුන්නෙනෑ කියලා ...හැබැයි ඒකට හේතුව....එයාට ලමයිව පේන්න බැරි උන හේතුවත් එයාගෙ තාත්තමයි...අපිට වැඩක් නෑ..හැබැයි මට කියන්න ඕනා උනෙ මෙච්චරයි .....අම්මා.....උඩින් පෙන්න කිසිම දෙයක්....ඇතුලතින් ඇත්ත නොවෙන්න පුලුවන් ..අම්මලා හිතනවා නාද්‍යා තමා හොදම කියලා ....හොදට මතක තියා ගන්න...ගෑනුන්ට තරම් මැජික් කාරයෙක්ට වත් එච්චර ඉක්මනට වෙස් පෙරලන්න බැරි විත්තිය...

මං තීරනයක් ගත්තා අම්මා...

මං කියවලා කියවලා අවසානෙදි අම්මා දිහා බලන් උන්නා....වැඩක් නෑ...අම්මත් අනතමනතෙන් ඉන්නෙ ...මැනිකා කිව්වා හරි....වලව්වට වස් වැදෙන්න පටන් අරන් ඉවරයි....උන් කරපු පව් ආපිට උන්ටම කැපෙන්න පටන් අරන්....

මොකක්ද.....මොනවා ගැනද තීරනයක් ගත්තෙ.....

මං කවදාවත් කසාද බදින් නෑ කියලා ..මොකද ...නොබැද උන්නා කියලා මැරෙන්නෑ නෙ...හැබැයි.....මැරි මැරි ජීවත් වෙනවට වඩා හොදයි ඒක....

සුදු පුතා ....

කෑ නොගහා ඉන්න වෙච්ච මගුල් මදිවෙලාද කෑ ගහන්නෙ.....

මම එන්න හැරුනා....අනීතා මැනිකේ ආයම පරල වෙන්න ගත්තා ....උන් හැමෝගෙම ඔලුව හොද නැති වේගන එනකොට වලව් වත්තට මුලු සෙංකඩ ගලම තිබුන ගොක් කොල මදි උනා ..ගෙදර ඉන්න ගානට පෙරේත තටු හදවන්න ගුරාට ගෝලයො මදි උනා 

 

ගෙයි පිටිපස්සෙන් එක කරවල පුච්චන සුවද එක්ක මට ග්‍රැම ඵෝන් එකේ සිංදුවක් යනවා ඇහුනා....

සුදූගෙ කාමරේට පොඩ්ඩක් එහායින් තිබුන පොඩීගෙ කාමරෙ ඇතුලෙන් ඇස් මහින්දයන්ගෙ ජාතික තොටිල්ලෙ තිබුන "මුනි සිරිපා කරමින්නෙ....සමනොල ගිරි පෙදෙසින්නෙ.....මදසුලගයි මේ එන්නෙ.....මගේ පුතා නැලවෙන්නෙ" කියන එක ලාවට ඇහෙන කොට ග්‍රැම ෆෝන් තැටිය පරදවලා පොඩීගෙ කට හඩ ඇහුනා....සුදුගෙ කාමරේට යන්න ඕනා කම ඕනාවටත් වඩා තිබුනත් පොඩීගෙ සින්දුව එක්ක මගෙ කකුල් නැවතුනා.....ඒත් එක්කම ඒකිගෙ කාමරේ රේන්ද අල්ලපු දොර රෙද්ද ඈත් උනා....

මාව ගැස්සුනා...කටේ එක කොනකින් සෙවල පෙරුන පොඩී....කොන්ඩේ පිස්සිගෙ පලාමල්ලක් උන පොඩී....බෙඩ් ජැකට් එකේ බොත්තම් වත් නොදාපු පොඩි අවසිහියෙන් බෝනික්කෙක් නලවනව....

ඒකි ඇවිදිනවා....බොන්නික්කට කිරි පොවනවා ....ඇස් යට කලුවෙලා ගිහිල්ල ඒකි මාව පහු කරන් සොල්දරේ ගාවට යන්න ගියා...එකි මාව දැක්කෙවත් නෑ....

සිනි ගදයි....පිලි ගදයි...

මට ඉබේටම කිය උනා....ඒකි මගෙ ළඟින් මාරු වෙනකොට ඒකි ගාවින් සිනි ගද වගේම පිලී ගදක් ආවා...සිනී ගද කිරි වලින් එනකොට පිලී ගද කොහෙන්ද එන්නෙ කොහෙන්ද කියලා කල්පනා කලත් මට තත්පරයක් යන්නත් කලින් සිවිලිමේ ඉදල " චොක්" ගාලා බිමට වැටුන පැටියා ඉන්න හූනු බිත්තරේ උත්‍තරේ දුන්නා....

සිමෙන්ති පොලව පුරාවටම ලේ බින්දු ..මං එහෙම්ම ලේ බින්දු දිගේ ඇස් ගෙනිච්චා ....

දොයි.....දොයි....දොයි....නාඩා...ඉන්න...අම්මා.....ඉන්නවනේ...ළඟ....

පොඩී බෝනික්කා එක්ක හිනා වෙනවා...නාඩ ඉන්න කියනවා...විකාර දොඩවනවා.....කිලිටි වෙලාගියපු චීත්තෙන් එලියට ආව කකුල් දිගෙ ළදරු මල ලේ තවමත් කකුල් දිගේ පහලට පෙරි පෙරි යනකොට මට සුදූව මතක් උනා.....එදත් එහෙමයි....ඒකිගෙ කකුල් දිගේ මල දරුවගෙ ලේ පෙරුනෙ මෙහෙම්මමයි.....

මම ඒකිගෙ මූන දිහා බලන් උන්නා...ඒකිලා සුදූට දුන්න දහ දුකම අද වලව්වෙ ගැබ්බරී විදවනගමං උන්නා....

වැටුන හූනු බිත්තරේ උන්න පැටියා වැටුන ගමන්ම මැරිලා ගිහුන් තිබුනා..හරියටම එලියට එන්න ඔන්න මෙන්න ඉදපු දරු පැටියා මැරිලා ගියා වගේ ....කොහෙන් බැලුවත් වලව්වෙ වස් වල සලකුනු එලියට එනකොට වැහුන දොරෙන් ආව හුලන් පාර මාව කරකවලා ඇතෑරියාවගේ උනා...

ඒක ආවෙ සුදූගෙ කාමරෙන් .....එහෙන් පොඩි ..අනිත් පැත්තෙන් පොඩීගෙ කාමරේ.....

නාද්‍යා .....

මම කටහඩ උස් කරලා පත්තිනි බිසවට කතා කෙරුවා ....

නිතේශ් .....

මෙන්න මෙයාව එක්ක යන්න...කරන්න ඕන මොනවද කියන්න ඕන් නෑනෙ නාද්‍යා නෙ...තමුනුත් හොදට පරිස්සම් වෙලා ඉන්නවා...තමුන්ල දෙන්නා කරපු දේ එක්ක වෙන්න තියන නරකම දෙවල් පවා වෙන්න පටන් අරන් තියෙන්නෙ ....

මම නාද්‍යට සැර නොකලත් කියන්න ඕනා ටික ඇද නැතිව අතාරිනකොට ඒකිගෙ මුන කජුලෙල්ල වගේ උනා වගේම අපිලිවල වෙලා උන්න පොඩී ගාවදි ඒ මූන ඇකිලුනා...

කරපන් ඉතින්...මොකද උඹලා දෙන්නා එකතු වෙලානෙ ඔව්වා කෙරුවෙ එකෙක් විදවනකොට උඹ ගිනි කිකිලි වගේ ඉන්න ඕන් නෑනෙ...

මං...කිව්වා...මං..කිව්වා..නිතේශ් ....

මොනවද....මොනවද නාද්‍යා තමුන් කිව්වෙ....වෙන එකෙක් ලව්වා තමුන්ට ඔන එක කරවගන අවසානෙදි මං කිව්වා මං කිව්වා ගාන් එන්න එපා නාද්‍යා...මහ සාපයක්.....ඇත්තෙම්ම උඹට ඕන උනෙත් ඒකිව මගෙන් ගලවන්න නෙවේද නාද්‍යා.....කට බොරු කිව්වත් හිත බොරු කියන් නෑ...අපේ උන් උඹට වහ වැටිලා...උඹේ බොරුවලට අහු වෙලා...ඒත් හොදට මතක තියාගනින් නාද්‍යා අනිත් උන්ව කුලප්පු කරලා උඹත් කරගත්තේ එසේ මෙසේ පවක් නෙවෙනෙ විත්තිය..හරි....මේකිව ඇවිස්සුවෙ උඹ....උඹත් දැනන් උන්නා ඒකිග් හිතේ මට කැමැත්තක් තිබ්බා කියන්ඩ.....දැනන් උන්නා නෙවෙ. .ඒකි ගොන් කමට උඹගෙ ඔයා අහිංසක මුනට රැවටිලා ඒකි කිව්වා....ඒකිටත් මාව ඕනා...උඹටත් මාව ඕනා....උඹල දිහස් නොබලන මම අර පොඩි එකීට ආදරෙන් සලකනකොට උඹලා උහුලන්න අමාරු උනා...ඒකනෙ උනේ...නේ...උඹලට මට ලන් වෙන්න බැරි වෙනකොට උඹලා කසාදෙක තේරුම වත් නොදන්න පොඩි එකීගෙන් පලි ගන්න හැදුවා...

නිතේශ් මේ අහන්න...

අහන්න...මං මොනවද අහන්න ඕනෙ....මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ....උඹගෙ හිතේ තියන දේ වෙන උන් ලව්වා කරවලා අවසානෙදි මං කිව්වා මං කිව්වා ගාලා හොද මූන පෙන්නන්න එපා කියන එක විතරයි මොකද වලවේ හැත්ත උඹට රැවටුනාට මම රැවටෙන් නෑ...අන්න ඒක මතක තියන් හොද පරිස්සමින් ඉදපන් ....

මම නාද්‍යගෙ කරට පෝඩීව ගැහුවා...ඒකිලා විදවන්න ඕනෙ....ටිකක් නෙවෙ නොසෑහෙන්න....අම්මෙක් පලි ගන්නෙ අම්මෙක්ගෙන් වෙනකොට මට බැරි උනා කාටත් ඇගිල්ල දික් කරන්න.....

මම හිමින් සැරෙ වහලා දාපු සුදූගෙ කාමරේ අගුල අරින්න හැදුවා.....

යතුරු දාලා....මෙකෙ යතුර තියෙන්නෙ පිත්තල ගාපු පෙට්ටියෙ අනික අත්තමා ඉනේ බැදන් ඉන්න යතුරු කැරැල්ලෙ.....කාමරේ ඇතුලෙ තියන අමුත්ත පපුවටත් දැනෙනකොට සෙංකඩගලට නවයේ කනිසම පහුවෙලා තිබුනා.....

ටික්.....ටික්.....ටික්.....ටික්.....ටික්.....

නවසිය බරගනන්වල හදපු බිග්බෙන් බට්ටා ඔරලෝසුවෙ බට්ටෙ දෙපැත්තට පැද්දෙනකොට පිදේනියට කලින් වත්තෙ මායිම්වල...අහු මුලු අස්සෙ ඉන්න අවසර නැතිවම ආව ප්‍රේත ආත්මලට කරවල පිච්චෙනකොට බොම්බිලි කරවල පුලුටු ගද ඔලුවම කැරකෙව්වා.....

ක්ලික්....ක්ලික්.....

මං පරන කාලෙ යතුර ගෙනත් යතුරු කටට දාලා දොර ඇරියා....

මටත් නොදැනිම...මගෙ නහය ඇකිලිලා යනකොට ඇතුලට එන්නත් කලින් දොර වැහුනා...හරියටම මම එනකන් බලන් උන්නා කියන්න වගේ මම ඇතුලට ආවත් එක්කම දොර වැහෙනකොට මාව ගැස්සිලා ගියා.....

එයා මට දීපු පුංචි යාක්ඥා පොත වගේම නවගැටෙ රතුනූල මගෙ පිහිටට ඉන්නකොට මගෙ හිතින් ඉතිපිසෝව මම හිමින් මිමිනුවා....වෙන මොකටත් නෙවෙ මටම දැනුනා කාමරේ ඇතුලෙ මොනවා හරි වෙලා කියලා ...

මම කාමරේ පුරාවටම ඇවිද්දා....අමනුස්ස ගද හරියටම වෙලවල් අයිනෙන් යනකොට එන මහ පැනිරස එක්ක එන පිලිහිඩි ගදක් වගෙ වෙනකොට මම කාමරේ අහු මුලු දිහා බැලුව වගේම කොහෙන්දෝ ආව හුලගක් එක්ක සිවිලිම නැති වහලෙන් බිමට වැටුනා...

තඹ කොලයක් .....

දෙවියනෙ...

මටත් නොදැනිම මගෙ කට අතට යනකොට මම තඹ තහඩුව දිහා බලන් උන්නා...ඒකෙ කොටලා තිබුන ගෑනු රූපෙට යටින් තිබුනෙ සුදු අක්කගෙ නම වෙනකොට මම තඹ කොලේ ආව දිහාව බැලුවා....ඒක වලව්වෙ මුදුන් ලීයක් උන මහ පරාලෙ උඩින් වැටුනකොට එදා සුදු අක්කා එල්ලිලා උන්නෙත් මේකෙම වෙනකොට මාව කරකවලා අතෑරියා නෙවෙ මාව කවුරු හරි තල්ලු කරලා ඇරියා වගේ දැනුනා.....

අතේ තිබුන තඹ තහඩුව අතේම තියනකොට මම උඩු වියන් බැදපුඇදෙ ඉදන් මගෙ ඔලුවම අල්ලගත්තා ....

මැනිකා....මැනිකා...

මට වෙලා තියන දේ ටිකෙන් ටික තේරුම් යනකොට මං ඒකි එල්ලිලා උන්න පරාලෙ දිහා බැලුවා ...ඒකි සුදු අක්කවයි ගෙනත් තියෙන්නෙ...

අතේ තිබුන තඹ කොලේ වෙන ඒවට වඩා ගන වෙනකොට තඹ උනුකරලා අතින් තලලා පදම් කරලා දිගැරිය එකක් උනා.....ඒකෙ කඩතොලු තිබ්බා.....කාමරේ ඇතුලෙ මෙච්චර කල් නොදැකපු දේවල් දැන් දැන් චුට්ට චුට්ට පේන්න ගන්නකොට මගෙ අත උඩට සීතලම.සීතල වතුර බින්දුවක් වැටුනා.....

මටත් නොදැනිම මම අඩනවා....ඇයිද කියන්න දන්නෙ නෑ..හැබැයි මගෙ ඔලුවට බර ගතියක් එනකොට මගෙ ඇස් වලින් කදුලු වැටුනා....

සරාස්.....

මගෙ ඇගම කීරි ගැහිල යනකොට ඔලුවේ එක පැත්තක් වේදනා දෙන්න ගත්තා ...මගෙ කකුල් දෙක මටත් නොදැනොම මාව හිට ගස්සවනකොට ඇරුන නැදුන් අල්මාරිය ගාවට මම ගියා ..

ඒකිගෙ ඔසරි..අගස්තිමාල.....හවඩි....වගේම හැම දේම තිබුන ලාච්චුවෙ එක තැන හිස් වෙලා තිබුනා....ගජමුතුවක් ඔබ්බලා තිබුන පිත්තල වලලු දොලහා...ඒ වලලු සෙට් එක සම්පූරනම අතුර් දහන් වෙලා තුබුනා....ඒ වගේම අරුමෝසන් බඩු ගොඩේ ගිනි පෙට්ටියක් තිබුනා..මං එහෙම්ම ගිනිපෙට්ටිය ඇරලා බැලුවා...ගජමුතුව.....

වලලු දුසිම නැති නැති උනත් ගජමුතුව තිබුන...ඒකිගෙම වලලු උනු කරලා තඹ තහඩුව හදවලා...එකිවම ගෙන්නවලා...

මම ඒ දිහා බලන් උන්නා ....මැනිකා ඒකිව ගෙන්නවලා...මැනිකා සුදුව ගෙන්නවලා...මගෙ ඇස් දෙක ගියේම තඹ තහඩුවට වෙනකොට ලාච්චුවෙ එක කොනක හතරහට නවපු පොඩි කොල කෑල්ලක් තිබුනා...මං ඒක අරන් දිගෑරියා...

ශෙලානි මෙත්මා අතුකෝරල...

ශෙවිනි මහිමා....අතුකෝරල....

ඔනෙලි සවිත්මා අතුකෝරල...

දැහැමි ආලෝකා අතුකෝරල..(මේක අපේ දහම් අප්පච්චිගෙ නම වගේ)

නිතේශි සෙයෝනා අතුකෝරල(මේක මගෙ සුදු මල්ලිගෙ වගෙ)

සුදු මහත්තයා...කෙල්ලක්.හම්බුනොතින්....දැහැමි සෙයෝනා අතුකෝරල කියලා දාමුද....?මං වෙනුවෙන් මේ වලව්වෙ ඉන්නෙ දහම් අප්පච්චි මගෙ සුදු මල්ලියි විතරයි .....උඹ මාව දුරකට අරන් ගියත්...මට ඒ දෙන්නව මතක් වෙවි...

මගෙ පපුව පැලෙන්න ආවා....

අනේ ඒකි අර ඇබිත්තන් කලලෙට නමකුත් හොයලා...අතුකෝරල...ඒක පැංචගෙ අප්පගෙ වාස ගම....

දැහැමි සෙයෝනා...

අප්පච්චි දහම්....මම...සෙයෝන්....අනේ සුදු අක්කෙ.....උඹ ඇයි දෙයියනෙ.....උඹ පලිගනින් මැනිකෙ....උඹ පලිගනින්...උඹ වැරදි නෑ මගෙ සුදු අක්කෙ....උඹ එක අතකට වැරදි නෑ...උඹත් අම්මෙක් දරුවෙක් මැරුන...මැනිකත් අම්මෙක්...උඹලගෙ කදුලු නිරිදෝශයි සුදු අක්කෙ...

මම කොලේ පපුවට උන්ඩි කරන් තැනින් තැන මිනී අලු තිබුන කාමරේ බිම ඉනද ගත්තා ...හුලගක් වත් නැතිවම තිර රෙදි එහා මෙහා වැනුනා.....

වෙලාවකට කිසී...හැලහොලමනක් නෑ....වෙලාවකට පුංචි කකුලකින් අනිනවා ඒකත් හරියට මාත් උඹලත් එක්ක ඉන්නෙ කියලා මතක් කොරන්ට වගේ.....

ඔය හැටිම දාන්ගලේ නම් මං හිතන්නෙ සරමක් වගේ....

මගෙ හිත කියන්නෙම කම්බායෙක් කියල.....එහෙම උනොත් අපි ඒකිට "ගුණාදරී" කියල කතා කරමු....ඒ නම වල් ඌරා ගහලා මියැදිච්ච මගෙ පුංචි අම්මගෙ නම....මම ගේ මුල්ලට උන වෙලාවෙ මට දැනමුතු කම් දුන්නෙ ඒ ගෑනි.....

මට පිච්චිව මතක් උනා...ඒකිත්...ඒකිගෙ කෙලීට නම තිබ්බෙ ඒකිව ගෙට උන වෙලේ ඒකිගෙ හයියට උන්න පුංචි අම්මගෙ නම....

සුදු මහත්තයා උඹ මේ රෑ තිස්සෙ කොහෙද ඔයදුවන්නෙ.....

එතනින් එහාට මම ඒ කාමරෙ එක මොහොතක් රැදුන් නෑ....මං දිව්වා ...ගොක්කොල රැහැන් ගොතන මැදින් මං දිව්වා කහ වතුර ඉහන මැදින් මං දිව්වා .....කරවල පුච්චන පුලුටු මැදින් මං දිව්වා ...බිල්ලට ගෙනාව කරමල රතු කුකුල්ලු මැදින් මං දිව්වා .....

කොහාටද ...මේ මහ රෑ...

කැරකොප්පුවට...මොල්ලිගොඩ කැරකොප්පුවට...

පට්ට පරන වෙලා ගියපු මොල්ලිගොඩ කැර කොප්පුවට.....කලාතුරකින් ඉබ්බ ඇරෙන මොල්ලිගොඩ කාර කොප්පුවට....සුදු අක්කව තියන් ඉන්න...රන් මලියටත් ඉඩක් දුන්න කැරකොප්පුවට.....

නිතේශ් ....නිතේශ් .....ඔහොම නැවතියන් නිතේශ්...නිතේශ් .....

මට ඇහුනා....අප්පචි මගෙ පස්සෙන් පන්නනවා...

නිතේශ් ....නිතේශ් ....නැවතියන්....නිතේශ් .....

හාමු මහත්තයා...අල්ලගන්ට....අල්ලගන්ට....කොලුවව අල්ලගන්ට.....කොල්ලා කැරකොප්පුවට ගියෝතින් බෙල්ල කඩයි...කොල්ලො...අල්ලපිය අරූව ...අල්ලපිය....වෙන එකෙක්..වෙන එකෙක්....අල්ලපිය විගහට.....

මට ඇහෙනවා....උන් කෑ ගහනවා..ගුරා ගෝලයො එක්ක උන් මගෙ පස්සෙ පන්නන්නෙ බලු රැලක්වගෙ වෙනකොට මම මේ රෑ රන්මලියලාගෙ ගෙවල්වලට යන අඩි පාරෙන් දුවලා ගොරකා කැලේට පැනලා එතනින් රූටන්න ගත්තා .....මගෙ කකුල් දෙක නෙවෙ නවතින්නේ....කකුල් දෙක මගෙ නෙවේ වගේ ..ඒක වෙන එකෙක්ගෙ වගේ.....

නිතේශ් ...කිව්වම අහලා නැවතියන්...

මගෙ කකුල් නෙවෙ නවතින්නෙ...හිත කියන්නෙම කැරකොප්පුවට පල කැරකොප්පුවට පල කියලා වෙනකොට මම ගොරකා කැලෙන් මේ අන්දකාරෙම දිව්වා..මෙලෝ මලදානයක් නොපෙනුනත් මම දුවන්නෙ ඉව පාරක් පස්සෙ වගේ දැනෙනකොට අප්පච්චි කෑ ගහනවා ඇහිම මම දිව්වා.....

නිතේශ් ...නැවතියන්.....කොල්ලො...

ඔහොම...නැවතියක්...තොගෙ අම්මට .....මගෙ කොල්ලව දීලා පල...

එතනින් එහාට ඇහුනෙ අමුම අමු තිත්ත කුනුහරුප වැලක් වෙනකොට පිට හරහා වැදුන පාරක් එක්ක මාව ඇඹරිලා ගියා වගේම කන් අඩිය දෙදරන්න හම්බුන කම්මුල් පාර එක්ක මාව ගොරකා බදක හැප්පෙනකොට ගොරකා ගස් පේලියක් හෙල්ලීගන අත්තක් කඩාගන වැටුනා වගේම ගුරා කියපු මන්තරේ එක්ක ඈතින් කෑරලෙක්ගෙ සද්දෙ ඇහුනා.....

අප්ප....ච්චි....මගෙ...ඔලුව.....ආව්....හ්හ්හ්.....

හිටින්....උඹව අල්ලගන්න.....ඔහොම හිටින් පුතේ 

ගුරුන් වහන්සෙ පිට මැදටම ගහපු පාරට පුවක් මල කෑලිවලට කැඩිලා ගිහින් තිබුනා.....ජයසෙනයට දොල පිදේනි දෙන්න කලින් පුලුටු සුවදට ඉව අල්ලපු කැරකොප්පුවෙ පෙරේතයෙක් මිනි අකු පස්සෙ ඇවිදින් මට වැහිලා තිබුන වගේම සුදූගෙ කාමරේදි මාව තල්ලු වෙලා ගියපු පාර නිකන් එකක් නෙවෙ අතේ තිබුන ගැට නවයෙ නූලත් ගැලවිලා යන එකක් වෙනකොට ඒ නූලෙ බල බිදිලා කියලා මතක් උනේ උදේ මම බිත්තර රොටිඑක්ක මස් ගිලපු හින්දා බව මතක් උන මම වේදනා දෙන ඔලුව අල්ල ගත්තා ....

සුදු මහත්තයා .....අනේ සුදු මහත්තයා ....

සුදු පුතා...දහම් අනේ...මගෙ කොල්ලට....

අනීතා පුටුවක්....පුටුවක්.....

එච්චරයි අප්පච්චි කිව්වෙ..වෙනදට මොන දේ උනත් අනුකම්පාවක් පෙන්නපු නැති අම්මා අද පුටුවක් උස්සන් එනකොට මං ඔහේ හිටන් උන්නා...උන දේ මොකක්ද වත් නොදන්න මට එයා දීපු පොත විතරක් මගෙ නැති බව දැනෙනකොට මං ආය නැකිට්ටා

ඔය ළමයා ඉදගත්තා නම්...

මම නැකිට්ටා උනත් මට යාගන්නවත් පනක් තිබුන් නෑ..කකු දෙකම නෑ වගේ....නිකන් නෙවෙ ඒ ටික වෙලාව උනත් මාව බිම දාලා පාගලා වගේ හැගීමක් මට දැනෙන කොට මම ආයම පුටුවට කඩාගන වැටුනා.....

බඩම පෙරලවගන ඔලුව කැක්කුම එනකොට ගුරා මොන මොන්වදෝ කියලා මතුරලා මතුරලා....දෙහි ගෙඩි අටක් එකට මිරිකලා තනි දෙහි.යුශ අරන් ඒකට තවත් මතුරලා එක හුස්මට මට ගහලා අරින්න කිව්වා වගේම අප්පච්චි ඉතිපිසෝව කිය කිය මගෙ පිට දිගෙ අතගෑවා....

අනේ...අප්පච්චි ...මගෙ...ඔලුවට බරයි...දෙයියනේ 

ඕක හෝරා දෙක තුනකින් ඇරිලා යාවි....ඔය ළමයා ගිහින් බුදිය ගන්ඩ....

තතොඅර ගානකට අනත මනත උන මගෙ ඔලු කට්ට පුපුරවන්න වගේ කැක්කුම එනකොට වත්තෙ කොන් වල කරවල පුලුටු කරන ගදට මට තවත් ඔලුව කැක්කුම වැඩි කෙරෙව්වා වගේම මම කාමරේට යන්න නැකිට්ටා....

මේන් මේ මුල කොට්ටෙ යටින් තියා ගත්තා නම්...

ගුරුන් වහන්සේ ආයමත් මගෙ ගාවට ආව...මතුරපු ඇනයක් එක්ක තවත් ප්‍රානයක්... දෙහි වලින් පේ කරපු බිත්තරක් මගෙ අතට දෙනකොට මම අප්පච්චි එක්ක කාමරේට එන්න ආවා....

ඕන් ...ඔහොම දිගෑදියන්.....

අප්පච්චි ....සුදූ ....

උඹ මොන එහෙකටද ඒකට රිංගුවෙ...දන්නෙ නැද්ද මුන් අද මැරුන උන්ව වලවල් වලිනුත් ගෙන්නනවා කියලා....

න්..නෑ...අප්පචි.....සුදූ.....

මට කියාගන්න ගොඩක් දේවල් තිබ්බත් කියා ගන්න හයියක් නැතිවෙනකොට ඇනේ කොට්ටෙ යටින් තියන් මම ඔලුව ගහගත්තා වගේම සුදූ දරුවට නම් හොයපු කොලේ මං අප්පච්චි අතට මිටිමෙලෙව්වා.....

මේක.....

අප්පච්චි ....ඕක....සුදූගෙ කාමරෙන්.....ඒකිව...ඒකිව....මැනිකා...ගෙන්නවලා....අප්පච්චි ....

මම අමාරුවෙන් වචන ඇහින්දා....අප්පච්චි කොලේ දිහා බලන් උන්න වහේම ගුරාගෙ ගෝලයෙක් මගෙ කාමරෙට ආවා 

බේබි...හාමු..මේන්..මේක මගදි වැටිලා..එක දිගට අඩනකොට සද්දෙට බැලුවෙ ....

ගෝලයගෙ අතේ තිබුනෙ මගෙ ඵෝන් එක වෙනකොට කිව්වත් වගේම ඵෝන් එක ආයමත් රින්ග් උනා.....

මගෙ විතේන්...

අනේ අප්පච්චි මේකට කතා කරන්නකො....මං නානවා කියන්න...කියන්න..නම් එපා අප්පච්චි මෙහෙ ඒවි....රෑ දෙගොඩ හරියෙ ජාමෙ හරි...

එයාගෙන් ආව කෝල් එක මම අප්පච්චිට දුන්නෙ මගෙ හුස්මක පවා වෙනසක් මගෙ විතේන් දන්න නිසාම උනා...අප්පච්චි වෙනසක් නොකරම විතේන්ට කතා කරනකොට මම ඇදන් උන්න ටීශර්ට් එකත් ගලවලා විසික් කෙරුවා .....

ගුරුන්වහන්සේ....මේ "අහු " මල්ල....

පිටිපස්සෙන් තියහන් තලන් නැතුව ...

මම අහන් උන්නා.....හූනියම් කපන්න ගන්න...ආපිට හූනියම කරකවන්න ගන්න "අහු" මල්ලක් ගැන ගුරා ගෝලයෝ කතා වෙනකොට ජයසේන බිල්ලට ගෙනාව කුකුල්ලු බෙරිහන් ගන්න කොට මං අහගන ගුරුන්වහන්සෙ කියනවා පුලූටු කරවල පිගානක් රන්මලියගෙ ගෙදරින් තියන්න කියලා .....

ඒකි දැනටමත් අඩි ගානක් ඉස්සරහට ගිහින් තිබුනොත් ගුරා මොනවා කියලා කරන්නද....??

ඔලුවෙ කැක්කුම කෙසේ වෙතත් ඇගෙ අමාරුව එක්ක හිටගන්නවත් පනක් නැතිවෙනකොට පොඩී හයියෙන් හිනාවෙන සද්දෙ එක්ක මම ඇස්පියාගත්තා ....

🙂හෙට එන්නා.....ම්ම්ම්ම්ම්ම්ම්

මං....යනවා...වෙලාව...හතයි නේත ....අද බදාදා . ඈ....අපිජන්...නෑ.....හ්හ්හ්හ්හ්!!!

😂😂

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters