LightReader

Chapter 19 - 18

මුලු ගෙයින් එකයි කරගද.....

වෙනමොකටවත් නෙවෙ මොනරපෙදවලට ගිනි ඇවිලිලා....

අප්පච්චිගෙයි මගෙ එකාගෙයි කෙරුවාව හන්දා නප්පියටම නග්ගන් උන්න මායි අම්මයි දෙන්නම ඉනට අත් දෙකත් තියාගන අඩි හප්ප හප්ප නැහුනත් ප්‍රමානවත් අවධානයක් නොදුන්න හැන්දයි හැදි මාමන්ඩියයි එලියට යන්න ගියෙ අපෙ අම්මට මාවත් අරගනම මූදෙ පනින්න කියන් වෙද්දි මම රවාගන නප්පියටම තද කරගන බලාගන ඉදල ඉදලා අම්මා දිහාවට හැරුනා ..කොටින්ම දැන් මට කොල ගෙම්බා වැහිලා.....අඩි බාගයක් විතර පස්සට දික් කරන් උන්න පුක තවත් අඩි බාගයක් පස්සට අරගත්තු මං අලු ගොඩෙ ලැගන් උන්න කිකිලි පෙදේ ගසන්නා වගෙ පස්සට දාන් උන්න මොනර පෙදෙ වනලා අම්මා දිහා බලාගන රවාගන ඉන්නකොට අපෙ අම්මත් ඒ ආකරේටම මා දිහා බැලුවා...නිකන් නෙවෙ රවාගන....

ඔයා දැන් කර වෙලා රවලා වැඩක් නෑ අම්මෙ.....මට මගෙ මනුස්සයව හදාගන්න විදිහක් නෑ දැන්.....කොච්චරවත් ඔයාගෙ හුරතලේ...අහු මුලු ගානෙ කිචි බිචිය..... තැන් තැන් වල කිචි කිචිය.....ඔයාගෙ උවමානවක් නැති කම...ඕනාවට වඩා ඔය මිනිහව හුරතල් කරන්න එපා අම්මෙ.....

ඔයාට තිබුනා මේ මනුස්සයා පලවෙනි පාරම බොනකොට කට අප්ලන් බිත්තියකවත් අතුල්ලන්න.....අඩුම ගානෙ ගිනිපෙරෙල්ලක් අරන් කට පුච්චන්න...ඒකට මටයි කානුවටයි නම් හනසු අරන් එලව එලව ගහන්නෙ...

හරි සෝක්.....හරිම අගෙයි....බොහොම අපූරුයි මොනරවිල මැනිකෙ මිනිහව හදන අපූරුව...ඒකෙන් මේකෙන් මට මගෙ මිනිහව හදාගන්න බැරුව යන එකයි වෙන්නෙ....ඇයි වදෙ....පැයක් ගියාද ...නෑ.....දවසක් ගියාද....නෑ.....අහක බලන තත්පරේට මගෙ නොදරු මිනිහව අල්ලගන නෙ .....මෙහම ගිහින් අපි දරුපැටියෙක්ව වත් හදාගන්නෙ කොහොමද අම්මෙ....මගෙ එක්කෙනා ඔහොම බොන කෙනෙක් නෙවෙ...ඔයාගෙ මහත්තයා මගෙ අහිංසකයව නරක් කරනවා...

ඇත්තමයි මට දැන් ජීවිතේම එපා වේගන එන්නෙ....මට මහන වෙන්න හිතෙන වැඩ කරන්න හදන්න එපා...මගෙන් සාසනේට වෙන හොදක් නෑ අම්මෙ...

එක්කො ඔයාගෙ මනුස්සයා, අපෙ අප්පච්චිට කියන්නකො ඔය බොන්න නහස්ති කරන සල්ලි එකතු කරලා මට දෑවැද්දක් වත් දෙන්න කියලා....මමත් මෙහෙම උන්නට කලවයස හරිනෙ.....දීගයන්න ඉන්නෙ ඇයි ඔයාලට ඔව්වා හිතන්න් බැරි...ඔයා ගියෙ දහනවයෙන්....හෝව්...පොඩ්ඩක් හෝව්...ඈ අම්මෙ ඔයා දහනවයෙන් නෙවෙනේ ගියේ....මාව හම්බෙනකොට නේ දහ නමය....ඈ....මාස නවයක් හම්බෙන්න යනවා....එතකොට ...එතකොට ඈ අම්මෙ...දහ අටෙන්ද.....??ඒකියන්නෙ මං අවුරුද්දක් පරක්කුයි කියන එක.....මට මෙහෙම කරන්නෙ ඇයි අප්පා....මගෙ දෑවැද්දට වත් දැන් මොකුත් තියනවද.....අප්පච්චි දවසට බොන සිගරට් ගාන එකතු කෙරුවොත් මට සමුද්‍රලාගෙ ගෙට එහාපැත්තෙන් තියන හිස් ඉඩම් කෑල්ලෙන් පර්චස් බාගයක් වත් ගන්න පුලුවන් ..ඔහෙලට මෙව්වා විහිලු....

අනික මට හිස් අතින් යන්න කියන්න ද හිතන් ඉන්නෙ....මට දෑවැද්දට නිල් පාට එල්ප් එකක් පුරෝලා ලීබඩු ඕන අම්මෙ...

අනික මොරටු ලී බඩු හොදත් එක්ක...මං ඔන්ලයිනුත් බැලුවා....අර පේස් බුක් එකෙත් තිබුනා....අනෙ අම්මෙ මට අර රාජසිංහ කැටයම් කපාපු කෑම මේසෙයි පුටු සෙට් එකයි ඕනමයි ඈ..... මං ඒ පේජෙකටත් මැසේජ් එකක් දැම්මා ඇඩ්වාස්න් පේමන්ට් එකක් ගෙවන්න ඕනෙ කොහොමද අහලා...

ඇයි වදෙ....අනික මට බුරුත කකුල් ආව අල්මාරියකුයි ලුනුවිදැල්ලෙන් හදාපු කනප්පුවකුත් ඕන.....පිගන් බඩු දාන්න වයිරම අඩුවෙන් ගිය හොද කොස් වලින් හදාපු කබඩ් එකතුත් ඕනා...දැන් ඔයාගෙ මනුස්සයා ඔහොම බිව්වම මං හිස් අතින්ද අම්මෙ යන්නෙ ..ආ.....????

මට හරි කේන්තියි අම්මෙ..මෙහෙම ගියොත් මට මූදෙ නෙවෙ වහ කන්න වෙන්නෙ.....අනෙ අපූරුවට හිටිය මගෙ මනුස්සයා...අනික බෑනලා මාමන්ඩිලා බොනවද අම්මෙ වලව්කාරයන්යන්ට නෑකම් කියන ඈයො...ඈ.....අම්මෙ අමතක කරන්න එපා අපි වලව්කාරයො....ලැජ්ජයි අම්මෙ ඔයාගෙ මිනිස්සු හැදිල්ල ගැන.....හිටින්ඩකො මං අපෙ අත්තම්මා ආවම කියන්ඩ බෑනා හදන්නෙ මුනුබුරු බෑනව නොමග යවන්ඩ කියලා...මගෙ ඉහෙ ඇම්මත් වගේ අප්පා මට ඉගනගන්නයි මගෙ මිනිහා රකින්නයි දෙකක් බෑ අම්මෙ ඈ.....ඔලුව නිදහස් නොවුනොත් මට ඉගනගන්න බැරිවෙයි...

අම්මෙ මට ඩ්‍රොප්සිපින් වගේ...එක්කො කවුන්සිලින් වත් එක්ක යන්න...අනෙ සමුද්‍ර ජරාව බොන්ඩ එපා සමුද්‍ර...අනෙ ඇත්තමයි ඔක්කොම මට කියලා හමන්නගන්න තමයි ආය...

මගෙ පපුව ගැහෙනවා...ඩක ඩක ගානවා...තනිකරම සුද්දගෙ කාලෙ කන්ද උඩර කෝච්චිපාරවල් හදනකොට බඩු ඇදපු ඩක්කුවක් වගෙ...ඩක ඩක ගානවා....

මොනරි බලාගන ඉන්නකොට මොනා පැටියා උන මං මගෙ මොනර හොටෙ උල්කරගන බැනල බැනල බෙල්ල එලියට දාලා අප්පච්චි එක්ක තාප්පෙට හේත්තු වේගන මොන මොනාදො දොඩවන අපෙ මිනිහට යටගිරියෙන් කෑ ගැහුවා විතරයි හලූ හලූ ගගා සාගරිකව හුරතල් කර කර උන්න සුසන්ගතත් ඔලුව පැත්තට හරවලා මගෙ දිහා බැලුවා

අම්මෙ....මොනවා හරි කියන්නකො...ඇයි ඔයා මොකුත් නොකිය බයවෙලා වගෙ ඉන්නෙ..බයවෙන්න නෙවෙ අම්මෙ අපිට වෙන්නෙ අත් අල්ලන් මූදෙ පනින්න....ඔයාට ඔලුව කැක්කුම නැද්ද අම්මෙ...

කැක්කුමයි....උඹගෙ වක්කඩෙ අහන් ඉදලා මට ඉහෙ කැක්කුමයි.....දැන් උඹ කියන්නෙ මගෙ අහිංසකයා අර උඹගෙ පප්පට බොන්ඩ ඉගැන්නුවා කියලද...නිකන් ඉදින් සුදුමහත්තයා උඹගෙ එකා බොන්නෙ නැත්තන් මොකටද අර පෙට්ටි පෙට්ටි වැටෙන්නෙ....මගෙ අහිංසකයට බනින්න්ව් උඹගෙ එකාට අපේ එකා බොන්ඩ ඉගැන්නුව කියලද උඹ ඔය උඩ පැනපැන කියවන්නෙ....

ආ..එහෙම නැද්ද....එහෙම නෙවෙද උනෙ....අනික ඇදුම අස්සෙන් පෙට්ටිය වැටුනා කියලා එයාම බොන්න ගත්තා කියලා තහවුරු උනෙ නෑනෙ..මගෙ එකාට බොරුවට පද හදන්න එපා අම්මෙ....

අනික පප්පා.....පප්පා කියන්නෙ...නෑකම් කියන්න දන්නෙ නැද්ද අම්මෙ.....ඒ ඔයාගෙ බෑනා....අපි නුවර මිනිස්සු අම්මෙ....අපි වලව්කාරයො....අම්මට කොහොමද මගෙ නොදරුවා පප්පා වෙන්නෙ....අම්මා එයාට පුතා කියන්ඩ....එහෙම නැත්තන් අපෙ සීයත්තා කියන්නා වගේ නමෙ කෑල්ලකුයි පුතයි කියන්ඩ...මොනාද මේ වෙනස්කම්....ඔයා සාම්ප්‍රදායික නැන්දම්මෙක් වෙලා අපෙ පවුල් මෙව්වා එක කඩන්න බලනවද....අමතක කරන්න එපා අම්මෙ...තාත්තා නැති තැන මං ගෘහමූලික....කරුනාකරලා ඔයා අපෙ එක්කෙනාට නම්බු තියන්න...මොනරවිල මැනිකෙගෙ මුනුබුරා කියන්නෙ නිකන්ද අම්මෙ...එහෙද් ලමයගෙ මනුස්සයට පප්පා කියනකොට දිවන්ගත රදලයොත් වලවල් වලින් නැගිටියි.....

ඇත්තට....අපි නොදන්න මොනරතැන්න .....බෑනා පුතා කියන්ඩ නෑකම් කියන්ඩ උඹ තාම ඌ එක්ක දීගතුලා ගියෙ නෑනෙ සුදුමහත්තයා ....වලව්මැනිගෙ මුනුබුරා රෑට රෑවෙල ආප්ප කවාගන්නකොට අරහෙ මෙහෙ රවුන්ඩස් යනකොට ඔය නම්බුව පෙදේ අස්සෙද තිබුනෙ....මගෙන් අහගන්ඩ එපා උඹ මගෙ මනුස්සයට පද හදලා...

අනෙ අම්මෙ මේ...ඔයා හදන්න මා එක්ක අන්කරේට එන්ඩද.....ඇයි ඇහුන් නැද්ද මහ සෝලන්ගයා කියනවා රෑට සෙට්වෙමු මචන් යැයි යැයි කියලා....

එතකොට උඹත් බීරිවෙලාද උන්නෙ අර හැන්දත් හා කියලා නටාගන යනකොට ...උඹට මං හනස්ස ගත්තොත් හැන්දට උනගැනෙන්න ගහනවා....

ඇත්තට....ගහල බලන්නකො....ගහල බලන්නකො...හනස්සෙන් ගුට් කාගන උන්නෙ ඉස්සර අම්මෙ....දැන් මං එහෙම නෑ....හිතෙ ඇති...ගහන්න...ඔව්..ඔව්...ඔයාට හිතුමනාපෙට හනසු උස්සන්න දීලාමන් බලන් ඉදීනෙ....මැනිකෙලා කවදද ලමයිට ගැහුවෙ අම්මෙ....???බලාගමුකො අම්මෙ....

ඇයි උඹ මටත් ගහන්නද.....

නෑ.....මං පැනල යනවා.....

සුදු මහත්තයා උඹට මං .....

ඇයි ..ඇයි....ඇයි අම්මෙ...අම්මගෙ මනුස්සය හන්ද මට මගෙ මනුස්සයා හදාගන්නත් නැ...

උඹ මොකද කෑගහන්නෙ...ආ....අම්මටත් කෑ ගහනවද...අපි මැනිකෙලා ලමයිගෙන් බැනුම් අහන්නෙ නෑ....පේනවද මූ උරුම්පූට්ටු වෙනවා...ගහන්ඩද.....ගහපන් බලන්ඩ....

වදාපු අම්මට අත උස්සන පුතෙක් නෙවෙ අම්මෙ මං....මටත් දැන් යන්න තැන් නැතුව නෙවෙනෙ....ගහලා බලන්නකො අම්මෙ...පහුදාට පුතාගෙ ඇද උඩින් ලියුම් කෑල්ලක් හම්බෙයි...මට සමාවෙන්න අම්මෙ කියලා...මං නරකයි කියන්න එපා අම්මෙ හොදද...මං ඉවසන් ඉන්නෙ අපෙ නම්බුව මමවත් රකින්න ඕන හන්දා...ගහලා බලන්නකො....මේ ගෙදරින් මට පුදුම වදයක් දෙන්නෙ දෙයියනෙ.....මේ මිනිස්සුන් මට වද දෙන්නෙ ඇයි මෙහෙම....

ඇත්තට උඹට මම...

ටම....හිකිලා....අර....බල...කො...අම්...මෙ...සුකුමලා නිලමෙට මොකද බොල අර වෙලා තියෙන්නෙ...සුදු අක්කා එක්ක ඇරගන්ඩ යන්නෙ...ඒ හොද වැඩෙ නිලමෙට මොන්ගෙලේ ගහලයි....ඊටත් අර බලකො සුදු අක්කා...හිච්චෙක් හම්බෙන්ඩ ඉන්නවා කියල නෑ.....අපෙ ලියනගේ ඉවසන් ඉන්නවා වගේ සෝලංග බොසත් හෙන වදයක් විදිනවා ඇති...

ටම හැමනිලාමයයිද මන්දා කිරියා...ශේපට නැගිටපන්...වලව් තොයිලයක් යන්ඩ යන්නෙ....නිලමෙයි අශෝකමාලයි ඇරගන්න හදන්නෙ.....කිව්වත් වගේ මොන හුකන කරදරයක්ද කිරියා මෙ....මුන් කොයිවෙලෙත් නුවර වන්නමක් ගැන ගහනෙ..පලපල....කාපු බීපුවත් උඩට එනවා....අරුන්ගෙ පෙද විසික් වෙන්න යන්නෙ....මෙහෙ ගෑනු වලියක් ගියහම ගහගන්න බැරි හරියෙදි රෙද්ද උස්සලා පුක පෙන්නවා ඉවසන් ඉන්න පුලුවන් මේ අම්මන්ඩියි පුතයි නුවර ලබ්බක් දොඩන්ඩ අරන් බඩ යන්ඩ එනවා.....පසනා වර වර...නැගිටු නැගිටු ඉක්මනට

ඇයි.....මං සමනල් එක්ක ඉන්නම්කො...මටසමනල් එක්ක කෝඩියල් බොන්ඩ තියනවා....

ආ...ආ..කෝඩියල්ම හම්බෙයි දැන්...ටිකිරියත් වන්නම් නටන්න කලින් වර..නැගිටු නැගිටු.....අර බල අරහෙ පරංගි හටනයි ගන්නොරු හටනබලන හටන ඔක්කොම එකට එකතුවෙලා වෙනම හටනක් යන්ඩ යන්නෙ...ඔය අම්මලා පුතාලා අංගම්පොර අල්ලයි වර වර...

ප්..පසනෝ...ප්..පුතාව....ක්..කකුල...

ටිකිරියා ඔහෙව වඩන්ඩයි ....ටම සිරි.....ආන් ඔහෙලගෙ අම්මයි කැතයයි කාගන්ඩ යන්නෙ. . ...කිරියා වතුර එකක් වත් ගහමුද....අර බලකෝ....කැතයගෙ මූන....ඇයි....අම්...මෙ...ටිකිරි ඔහෙලගෙ කානුවට මොන්ගල්‍ය.....??

සුදු අක්කෙ අපි කැපුනා...ඔහෙල ඇතිපදම් කාගන්ඩ....

අ...ම්මියෙ ඔහෙ කාගන්ඩ පුතා ම්හුක්..පසනො මාව වැටෙන්ඩ වගේනෙ....වඩපල්ලකො....

මායි අම්මයි උන්නෙ තනිකරම පොර පිට්ටනියට දාපු කුකුල්ලු දෙන්නෙක් ගානට....වලිකාලා.....ගුටි කාලා බේත් දාලා බලු හුත්තා හන්දා අඩලා අවසානෙදි පොලිස් පොත්වලත් ලියාගන ඇවිදින් උන්න මම අම්මා එක්ක ඇවිලෙන්න ගත්තා ....

අපිට ඇතිපදම් කාගන්ඩ කියපු කිරියා සුකුමලා එක්ක යන්න යනවා...නොන්ඩි කොට කොට ඇවිදපු කානුවත් හමගහපු පොතුබරියා වගෙ පසනගෙ ඇගේ එල්ලීගන ඌතර කියපු එකම කියාගන එලියට හන්ද හැදුවා .....ඒ ටිකකින්ම ඌ මගෙ මූනත් අම්මගෙ මුනත් දිහා බලන් ඉදලා පසනගෙ අත්වලින් රූටලා බිමට බැහැලා ඔලුව කහ කහ කුසිය පැත්තට නොන්ඩි කෙටුවා...

දැන් උඹ එහෙමයි...

ඔව්...මං එහෙමයි ඇයි ඔයා...

එහෙනම් පුතේ...මේ අම්මගෙන් උඹට ආය බත් නෑ...අනික උඹගෙ අප්පච්චි අම්මගෙ මිනිහා උඹට කන්න දුන්නෙත් ඒ මිනිහා හම්බකරපුවයින්....උඹට යන්න තැන් තියනවා කිව්වනෙ....එහෙම්ම කාපන්....

ආ...දැන් අම්මත් එහෙමයි නේ.....අම්මා දැන් කියන්නෙ මෙහෙන් බත් නෑ කියලනෙ නේ අම්මෙ...

.ඔව්....උඹට තේරෙනවනෙ ඩ්...එහෙම්ම කාපන්...උදෙටත් මාලු රෑටත් මාලු දවල්ටත් මාලු....ඩෙසර්ට් එකටත් මාලු...

අම්මියෙ...

මොකද....

ආ හනස්ස...මේකෙන් කැතයට ගහන්ඩ.....කැතයො අම්මියට මේකෙන් ගහන්ඩ....

අනෙ උඹ වගේඑකෙක්....උඹත් පලයන් අර පසනා එක්කම

හුම්.....බායි.....

.මායි අම්මයි උන්නෙ අරූ අතට දුන්න හනසු දෙක අතේ තියාගන.....අම්මා රවාගන ඉන්නවා...ඒ අස්සෙන් දැන් දැන් ලාවට වගෙ දුකකුත් මෝදුවේගන එනවා....පැනලා යනවා කිව්වට මං ඇත්තටම යනවා කිව්වෙ නෑනෙ....ඒ උනාට දැන් මට කන්නදෙන්නත් බෑ කියනවා.....

හරි ඔයා එහෙමනෙ.....හා....එහෙමනෙ අම්මෙ....හා ඔයා කියනවා නම් මේ පුතාට බත් තියන්ඩත් එපා....මොකුත් එපා.....මං හිතුවෙ නෑ අම්මෙ ඔයා මෙහෙමයි කියලා....ඒ උනාට අම්මගෙ කසාද මිනිහා මගෙ වෙන්ඩ මිනිහව නරක් කරනකොට මට ඉවසන් ඉන්ඩ පුලුවන්ද අම්මෙ...අනික අම්මගෙ මනුස්සයට වටින්නෙ නෑ බොන්ඩ අඩගන්න...අනික මගෙ මනුස්සයා තාම පොඩි එකා...තිහවත් පැන්නෙ නෑ...අනික මාත් තාම නොදරුවා ...මං හිතුවෙ නෑ අම්මෙ ....

ඔව්...ඔව්...අම්මත් හිතුවෙ නෑ උඹත් මෙහෙම එකෙක් කියලා....අනික උඹට දහ අටක්....නොදරුවෙක් නෙමෙනෙ....උඹගෙ වයසෙ මට උඹව හම්බෙන්ඩත් උන්නා . .....අපෙ අම්මට...මොනරවිල මැනිකෙටත් මාව හම්බෙනකොටත් උඹගෙ වයසෙ...අනික අපෙ අම්මගෙ අම්මටත් අම්මව හම්බෙනකොට උඹගෙ වයස බලපන් එතනත් උඹ අපෙ නම්බුව කාලනෙ...උඹ තාම ගෙදර.....

ඇරත් දැන් උඹ නොදරුවෙක් කියමුකො නොදරුවො එහෙනම් නොදරුවො ගානට ඉන්නවා මිසක් ලව් ඉලව් පටලගන්නෙ නෑනෙ සුදු මහත්තයා .....උඹගෙ මිනිහත් බබා නෙමෙනෙ....මොකො මාත් ඇස් කන් පියාගන නෙවෙනෙ ඉන්නෙ....රෑට රැවෙනකන් බජව් අල්ලන්නෙ වතුර බීලා වෙන්ඩෑ....මගෙ කට...උඹට මා එක්ක කටගහන්ඩ වෙන්නෙනැ අමාකර.....

දැන් එහෙමයි නේ....

ඔව්...ආය අහන්ඩ එපා...ඔය කිව්ව උන් ගාවටම යමන් ...ආවා..මෙතන මගෙ මනුස්සයගෙ වැරදි කියාගන .....

අම්මියෙ....

මොකද?

..අප්පුච්චියා කිව්වා...දෙන්නට දොර හොදට වාගන කාගන්ඩ කියලා...කාගනඊර උනාට පස්සෙ පුනුවන්නම්....ම්හුක්.....මොනාත...කිව්වෙ....අප්පුච්චියෙ....මොනාත බදින්න කිව්වෙ....

කටලිස් කටලිස්.....ටිකිරියගෙ අම්මෙ...මහ එකා කටලිස් බදින්ඩ කිව්වා ඔහෙට ..අපි අද රෑට මෙහෙ බොන්ඩ යන්නෙ...අපෙ අප්පා අරූට ගැහුවනෙ.....ඔහෙලග තරු පායපු මහ එකා අපිට බොන්ඩ එන්ඩ කිව්වා.....පසනටත් බඩුවක් ගෙනත් දෙනෝ කිව්වා...පප්පා මාලු දෙන්නම් කිව්වා...බල මාලු...ලොකු මාලු එව්වයි කටු නෑ හරිය.....ඔහෙ තම්බන්ඩ දන්නවනෙ...අපෙ සිගිති නැන්දත් ඔව්ව දන්නවා.....බෝල බෝල හදලා ලිපෙ තියලා තෙල් දාන්ඩ

ඇත්තට ඒ ඇද්ද...මං අද ඔය පප්පලට මහ එකාලට තරුපායවන්නම්.....ලැජ්ජා නැතුව ලමයි අතේ බයිට් හදලා එවන්නත් කියනවා.....මේ මනුස්සයා මගෙ නම්බුව හෝදනවා....තේජක....!තේජක කන ඇහුනද තේජක!!මං ඔතනට ආවොත් හනස්සෙන් ගහන්නෙ තේජක.....!!!!හිටපන් ...මන් නරක ගෑනි කියන්ඩ එපා මට නම්බු ඇතුව ජීවත් වෙන්ඩ දෙන්නෙම නෑනෙ හෙට අනිද්දා අපෙ අම්මා එනවා තේජක....

මන් හිතන්නෙ අපෙ අම්මගෙ කසාද මනුස්සයා අද නම් ඉල්ලන් කනවද මන්දා.....එක අතකට හොද වැඩේ.....මට මගෙ මිනිහ හදාගන්න වෙන්නෙ නෑ . ...කාපු දෙන් ගුටි...

දොර වහන් ගියපු කානුවා ආයාම ඇවිදින් බයිට් එකට අප්පච්චි කට්ලට් හදන්න කිව්වා කියනවත් එක්කම මොනර කිකිලි මා එක්ක ඇවිලෙන එක පැත්තක තියලා ගවුමත් පැත්තකින් උස්සගන හනස්සත් උස්සන් එලියට දුවනවත් එක්කම මන් දොරකොඩ ඉදන් බෙල්ල දාන් බලාගන උන්නා.....

ඔය කිව්වට ගහයි මේන් කියලා....අපි නොදන්න මොනරතැන්න...අම්මෙ.....නියපොතු පාරක් වැදුනත් අනේ හයියෙ හුයියෙ ගාන් යන අපෙ අම්මාගහයි...

ඒඋනාට මගෙ හිත නම් රිදුනා අම්මෙ ඈ.....කන්ඩ දෙන්නෙත් නෑ කිව්වා...යන දිහාවක පලයන් කිව්වා...හිතත් කැක්කුමයි.....

කාලි වැහුනා වගේ හනස්ස උස්සන් එලියට දුවපු අම්මා දිහා තත්පර ගානක් බලන් උන්න මං අනිත්පාර මගෙ වෙන්ඩ ඒයිට මගෙ හිත් කැක්කුම ශෝකාන්තයක් විදිහට ලියන්න යැව්වා....

සුදු අයියෙ.....

දෙයක් කියන්න ඕන...මාව වැරදියට තේරුම් ගන්න එපා අයියෙ...මං ඔයාට බරක් වෙන්නහදනවා කියලා හිතන්න එපා.....අයියෙ මට ගෙදරින් කරදරයි.....

මට මේ ගෙදර කිසි නිදහසක් නෑ අයියෙ....අම්මගෙන් අප්පච්චි ගෙන් බලපෑම් හරියට ..මාත් තාම පොඩි එකෙක් ..හොයන්නෙ ආදරේ විතරයි ....අම්මටයි අප්පච්චි ටයි බනින්නත් බෑ...ළමයි හැදුවා කියලා ළමයි මත්තෙම නහින්න ඕනත් නෑනෙ ....ඒ උනාට මට දැන් දැන් ගෙදරින් එන පීඩණෙ වැඩී.....අම්මා අප්පච්චි ගැහුවෙ බැන්නෙ නැති උනාට මං හිතනව මට මොකක් හරි දෙයක් වේගන එනවා කියලා....

මා එක්ක පැනලා යමුද සමුද්‍ර....??

හරියටම දොලහා වෙනකොට මං රෙදි බෑග් එකත් අරන් එන්නම් අපි පැනලා යමුද.....මං ඔයාට බරක් වෙන්නෙ නෑ අයියෙ.....මන් බෝට්ටු රස්සාව පුරුදු වෙන්නම්...මං අරක මේක ඉල්ලනමනුස්සයෙකුත් නෙවෙ .....සතියක් විතර මූද මැද ඉදලා එමු....මේ අහල පහල ගියොත් අපෙ අප්පච්චි පොලිස් බල්ලො දාලා හරි හොයනවා.....

මාව අරන් ගිය ගමං මොනවා හරි කරන්න එහෙම උනාට පස්සෙ කොහොමත් මට ගෙදර එන්න බෑනෙ.....අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුවා කියලා වැඩක් නෑනෙ අයියෙ නේද....ඔයාට බැරි නම් මං හරි ඔයාට අතවරයක් කරන්නම්...ඒකට අතවරයක් කියන්නත් බෑනෙ...මං කැමත්තෙන්නෙ ඔව්වා කරගන්නෙ ඈ අයියෙ සුදු චූටියා ලොකු චූටියෙක් උනහම කාටත් අපිව වෙන් කරන්න බෑනෙ...

මං මෙ ඉවසලා ඉවසලා බැරිම තැන කියන්නෙ.....අයියෙ අමතක කරන්න එපා...දොලහ වෙනකොට මං බෑග් එකත් අරන් එනවා හන්දිය ගාවට

ආදරෙයු සුදු අයියෙ...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්...

සෙන්ඩ් උනා....ඒක හරි....හැබැයි ඒ එක්කම විසාල සබ්දයක් ඇහුනා.....!!දකුනු ලකෙ සිරි අපෙ මිදුල දිහාවෙන්!

දිවත් පැත්තට දාගන හෑල්ලක් ලියපු මං අවසානෙදි හරියටම දොලහා වෙනකොට මාව එක්ක යන්න කියලා මැසේජ් එක යවපු මට හුස්මක් ගන්න හම්බුන් නෑ...මට එකපාරම අප්පච්චි අම්මගෙ නම කියලා කෑගහනවා ඇහුනා....මෙච්චර වෙලාම කොට කොටා උන්න ඵෝන් එක සාක්කුවෙ ඔබාගත්ත මං එහෙම්ම එලියට දිව්වා...එලියට කියන්නෙ කෙලින්ම මං ගිහින් සුසංගතාගෙ කූඩුව ගාවින් හිටගත්තා....

දෙයියනෙ කිව්වත් වගේ අම්මා අප්පච්චි ට් ගහනවා...නියපොත්තක් වත් වද්දන්නෙ නැති මොනර කිකිලි අද ඕඅයිසිට තරුපායන්ඩ ගහනවා....

මට කියන්න ඕන මොනවද හිතාගන්න බෑ..කරන්න ඕන මොනවද හිතාගන්න බෑ...කොටින්ම මාව ගල් ගැහිලා.....මාව විතරක් නම් කමක් නෑ..කොටින්ම මගෙ හැන්දා පවා.....කිරියා සුකුමලා....කානුවා පසනා...පසනගෙ දත් නැති කට තනිකරම මෝයකට ඇරිලා වගේ ඇරිලා ගිහින් තිබුනා.....

අප්පච්චි කෑ ගහනවා....අම්මා තනිකරම හොරාවට මූදෙ නාන්න ගියපු පොඩි එකෙක්ට දෙසනවා වගෙ අප්පච්චි ට අර හනස්සෙන් පුකටම දීලා අතාරිනකොට මෙච්චර වෙලාම හලූ හලූ ගගා උන්න වේස සුසංගතත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නගත්තා.....

.."ජරාව බොන්ඩ එපා තේජක...හලූ...සාගරිකා..පුතේ.....

පඩත් ත ර...කැතයා....ජරාව බොන්ඩ එපා සමුජ්....ජ.....හ....ල්....ලූ...හලූ....සුදු පුතා...සාගරිකා...කැතයා....ප ඩ ත් ත ර බ ල් ලා....සුදු අයියෙ.....ඇතුළට එන්ඩ සුදු අයියෙ ....හැමනෙන්ඩ...හල්ලු...මාලෝ..මාලො.....හැමනෙන්ඩ මාලෝ...ජරාව බොන්ඩ එපා තේජක....තේජක.....ජරාව බොන්ඩ එපා සමුද්‍ර ....මැනිකෙ....මැනිකෙ.....සීදේවි....සමනා.....ල්....මගෙ සුදු පුතා සමනා....ල්ල්ල්...සාගරිකා..ප ඩ ත් ත ර බ ල් ලා....."

කටවහකො පකො ..ඇවිලෙන ගින්නට පිදුරු දාන්නෙ...තොට ඔච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද ....ඇයි යකො...කටවහපිය තටු කපලා මුල්ලෙන් තියනවා පරයව...පොඩි පකයා

"පරයා...පරයා...හලූ..පරයා....පරයා... "

සුසංගතා මෙහෙන් කෑ ගහනවා ඌ ගාව ඉදන් මං ඒකට බනිනවා...මේ ඔක්කොටම වඩා දකුනු ලක පුරාවටම සෝලංගගෙ නාදෙ පැතිරීගන යනවා...බැරිම තැන මාත් එලියට පැන්නා..

විහාරා....ව්...විහාරා.....ඒ..ඒ...හ්..ග්..ගෑනියේ...හනස්සෙන් ගහන්ඩ එපා යකො රැවුල වැවෙන්නෙ නෑ....ගහන්ඩ...එපා යකො....ඉක්...කෙ..මේ...ගෑ....නී....ගහනවා.....උ...ඌව්....හ්...සුදු එපා එපා ඕයි.....එක්කො මට විතරක් නෙවෙ අරුන්ටත් ගහනවකො.....මං තනියෙන් බොනවා කිව්වෙ නෑනෙ.....

ඇත්තට...උන්ටත් ගහන්ඩද...

ආ.....ආ.....අනෙ අම්මෙ මේ....ඔව්වට නම් එන්න එපා....ඔයා වෙන කාටහරි ගහගන්ඩ...එය....ඌයි.....ඌහ්.....අනෙ අම්මෙ....හ්.....අප්පච්චි ...අනෙ...පුක අම්මෙ...ඔච්චරයි තියෙන්නෙ.....ඌහ්.....අනෙ අම්මෙ හනස්සෙන් ගහන්ඩ එපා රැවුල වැවෙන්නෑ.....ඌයියා....පුකටම ගහන්ඩ එපා අම්මෙ....හ්හ්හ්හ්හ්...

මල්ලි....අනික ඔයා.....ඔයාට ඔයාට වටින්නෙ නෑ මල්ලි.....ඔයාට කොහොමත් වටින්නෙ නෑ..මං හිතන් උන්නෙ ඔය ළමයා හොදයි කියලා.....මගෙ මිනිහා එක්ක ගිහින් ජරාව බොන්ඩ පුරුදු වෙන්ඩ එපා මල්ලි.....

..අක්..ක්කෙ....ක්..කොහෙද...ඔය.....එ..ඒහ්...මාමෙ...එපා යකො.....ස්...සුදු අක්කෙ....ටම...හිකිලා...අක්කෙ ඔහෙ....මාමෙ...අක්කෙ....ස්..සුදු චූටී...අයියෙ මාමෙ.....ඌව්...යකො.....

ටම...අනෙ...අක්කෙ...අපෙ ලියනගෙගෙ මායියා වත්....ගහන්නෙ නෑ....ස්..සුකු.....හ්හ්....ඌයියා....අනෙ අක්කෙ.....

අක්කේඑ ඒ....ඒ..සරම....සරම අක්කෙ...ටම...හි....ක්.....නිලමෙත් කඩනවා..අක්කත් කඩනවා...

විහාරා ....

තේජක තව කන්ඩ ඕනද???.

මේ....ගෑනිගෙ සැර...මෙව්වා නම් අර ගැබ්බර කාලෙට එන විපරියාසද කොහෙද ..අරකොල්ලගෙ සරමත් කඩලා පිස්සුද ඕයි තමුසෙට...බලනවා ඕයි මාව පුපුරු ගහනවා...

මං උන්නෙ අඩාගන පුපුරු ගහන පුක අල්ලගන....පසනයි කානුවයි ඇරෙන්ඩ අපි ඔක්කොටම අම්මා හනස්ස කැඩෙනකම්ම ගැහුවා මදිවට සුකුමලාගෙ සරමත් කැඩුවා.....

මගෙ ඇස්වලින් කදුලු බේරෙනවා....තනිකරම පුකට කොච්චර අතුල්ලා වගේ....එහෙන් මගෙ හැන්දා හැන්දගෙ මූන රතු වෙලා සුකුමලගෙ කිරියගෙ මේ ඔක්කොටම හනසු පාර සැරටම වැදිලා තිබුනා.....

මීට තත්පර ගානකට කලින් ගමකට ගහන්න ආව චන්ඩි ඔක්කොම අම්ම්ගෙ හනස්ස ගාව නොන්ඩි වෙලා යනකොට මං මගෙ මොනර පුක අප්පච්චි ලව්වා අතගාවගන්නත් හදලා මගෙ හැන්ද දැක්කොත් ලැජ්ජාව හන්දා හීන් සීරුවට තාප්පෙ ගාවට හේත්තුවක් දාලා තාප්පෙ අතුල්ලගත්තා .

ම්හුක්....පුපුරු ගහනවා.....පලුත් දාලා ඇති අප්පා...ගෙදරින් යමන් කිව්වා මදිවට ගැහුවා....අද නම් යන එක යනවමයි අම්මෙ....හැබැයි නිකන් යන්නෙ නෑ අම්මෙ....අම්මගෙ පිගන් සෙට් එකක් වත් අරන්මයි යන්නෙ....හිස් අතින් පැනලා ගියොත් අපෙ නම්බුවට මොකද වෙන්නෙ...අපි නුවර මිනිස්සු....පැනලා ගියත් දෑවැද්ද ඇතුව....

විහාරා.....සුදූ....ඒහ්....ගෑනියෙ .....

ඕන් නෑ.....මෙහෙ ඇති විහාරෙක් නෑ.....

ඕන් නැති උනාට කමක් නෑ හෙමින් යමන් වැටෙන්නෙ නැතුව.... ගහලා අඩාගන යනවා මේ ගෑනිට පිස්සු දැන් ඇයි යකො මේක පුදුම පුකක් උනානෙ.....මුන්ට හුරතලෙ වැඩී.....ලාවට අඩියක් ගැහුවම මොකද වෙන්නෙ..මොනර නම්බුව රකින්ඩ වත් ඉන්නෙ මං විතරයි ඇයි ඕයි....විහාරා...මේ ඇහුනද...බොනවා ඈ....තමුසෙ අහන් නේද ඔන්නෙ ඔය දොර මුල්ලෙ ඉදන්.....තමුසෙගෙ අර මොනර උඩැක්කි දෙක ආවම ඇල්ටොත් නෑ....බොනවා ඈ...සුදු තමුසෙට ඇහෙනවා නේ....ඇගපත රිදෙනවා ගුටිකාලා....ඔන්න කිව්වා ආ....බොනවා හරිද.....මේ ගෑනිට කන් ඇහෙන්නෙ නෑ වගේ ඉන්න හැටි.....බිබික්කම

ලොකු උන්නැහැ...

කොල්ලා...රෑවෙලා වරෙන්..පොඩ්ඩක් යොමුවෙමු....කිරියා උඹ ඉදපන් උඹ හෙට ඉස්කෝලෙනෙ...ලියනගෙ ට එන්ඩ කියපන්....සුකුමලා උඹ වරෙන්.....

ඒත් බොසා සුදු අක්කා .....සුදු අක්කා කැමති නැවගෙ.....කිරියත් නැති එකෙ.....මාත් ඕන නෑ වගේ නෙ..වෙන අහක බලමු හරි...ඒකට අවුලක් නෑ....අනික ස්කීපර් අයියලගෙ අහ කොටහලුවක් පත්තුවෙලා...එහෙත් වැඩ ටිකක් තියේ...

ආ...ආ...උඹලගෙ සුදු අක්කාව ගනන් ගන්ඩ එපා බන්...තව විනාඩි පහකින් අඩාගන ඇවිත් මං හනස්සක් කැඩෙනකක් ගැහුවා වගෙ දුක කියයි....ඔය මායන් මං දැන් බලන්නෙ අවුරුදු ගානක ඉදන්...වලව් මායන්...උඹ වරෙන්....කිරියා පොඩි එකා.....සුදු මහත්තයා උඹට ඕනා නම් කිරියා එක්ක පාඩම් කරන්න යමන් .....

අප්පච්චි .....ඒත් මං මේ....අම්මත් බොන්න එපා කියපු එකේ බොන එක හොද නෑනෙ අප්පච්චි ...අනික ස්කීපර් අයියට හෙට පාන්දර වැඩනෙ...සුකුමලාටත් වැඩ...කිරියා ඉස්කෝලෙ යන්ඩ එපැයිනෙ...අනික ස්කීපර් අයියා එහෙම ජරාව බොන කෙනෙකුත් නෙවෙ...ඔව්වා.එයාට පුරුදු කරන්න එපා අප්පච්චි .....අනික අපි නුවර මිනිස්සු අප්පච්චි ඔහොම දුසිරිත් පුරුදු කරන්නෙ නෑ....

සුදු මහත්තයා කටවහකො....මට ඔය නුවර විලාපෙ අහලා ඇතිවෙලා ඇයි යකො...කටවහ ඔය වලව් ලබ්බ නොකියා.....ඉහ කරවෙන්ඩ එනවා

ආ...ආ...අප්පච්චි හරිම අගෙයි...ඔයාට නම්බුව වටින් නැති උනට අපිට වටිනවා...එහෙම නෙවෙ සමුද්‍ර අයියෙ ඔයා දන්නවනෙ අපි

ඔන්න පටන් ගත්තා..ඔන්න පටන් ගත්තා නුවර ලබ්බ....අයියෙ ඔහෙලා මෙයැයිව හැදුවෙ කොහෙ ඉදන්ද.....ඇයි අඩා ඔලුවත් ඇම්මට එන්ඩ වගේ.....මට මෙ මොනරට හමන්නලා එන්ඩ ඇත්නම්...

ලොකු දෙයක් බන්....ඔය මොකක් හරි කරලා වරෙන් ඇයි යකො

මංඔය දෙන්නට අපෙ වලව්වට බන්න්ඩ දෙයක් කිව්වෙ නෑ මං කිව්වෙ ජරාව බොන්ඩ පුරුදු වෙන්ඩ එපා කියල සමුද්‍ර.....කියන දේ නාහන උන් උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි ඇයි යකො....අනික කිරියා ඔයත් මගෙ වයසෙ ලමයක්නෙ ...

අනේ..අනේ...නිලමෙ උඹ දන්න පඥ්ඥෙ.....ස්කීපර් අයියා පදක්කම් ගහලා ඉන්නෙ...ඒ හොද වැඩෙ....ස්කීපර් අයියා ඔව්වා පුරුදු වෙන්ඩ කරන දේවල් නෙවෙ හරිය....ගල් කාලෙ ඉදම්ම්ම අමුවට ගහන්නෙ.....

අපි හැමෝටම නෙලපු අම්මා අන්තීමට අඩාගන ගස්සගන ගේ ඇතුලට දිව්වා.....කොච්චර ගුටි කෑවත් ලැජ්ජාවක් නැති අප්පච්චි ආය ආය බොන්ඩ අහලා මගෙ වෙන්ඩ මනුස්සයටත් එන්ඩ කිව්වා.....කිරියට විතරක් කාර්ඩ් කැපුනා.....මිනිහට අඩගහනව එක්කම මට ආයම ආවෙස උනත් මට සිද්ද උනෙත් තටු අකුලගන පැත්තකට වෙන්න වෙනඑ එක වෙද්දි කිරියා තනිකරම දැලෙන් පිට වීසි උන සාවාලයා වගේ පැන පැන කියවන්න ගත්තා විතරයි මං අපෙ මිනිහටත් රවාගන ගෙට ආවා....

හිටපන්කො....හිටපන්කො...මං උඹව අපෙ අප්පච්චිට බන්දලා දෙනවා ඇයි යකො...දැන්මම බෑනලා පුතාලගෙ කතාව මොනරට හමන්නන්න....මේක හරියන්නෙ නෑ...එක්කො වෙන දවසක පැනලා යනවා.....අදට විතරක් අම්මට සමාව දීලා මේකට මොකක් හරි කරනවා....

දකුනු අතෙ නියපොත්තකුත් කටේ ගහන් රව රව කුටු කුටු ගගා ආව මං ගේ පුරාවටම ඇස් කරකවලා අම්මව හොයලා අවසානෙදි දොර මුල්ලට රින්ගන් බලන් ඉන්න හැදුවා විතරයි මේ වෙනකොටත් අම්මත් දොර මුල්ලෙ රින්ගන් නියපොතු කනවා...ඒකත් දකුනු අතේ....

අම්මෙ.....මේක හරියන්නෙ නෑ අම්මෙ.....අපෙ එක්කෙනයි ඔයාගෙ එක්කෙනයි දැන් ඉදම්ම අපෙ නුවර මෙව්වා එක කන්න හදන්නෙ...

මාත් බලාගන ඉන්නෙ.....බජනෙ වැඩී සුදු මහත්තයා ..මෙහෙම ගියොත් උඹටයි මටයි රෙදි නැතිව ඉන්න වෙන්නෙ....අර මිනිහා හදන්නෙ අද රෑට බොන්න.....සුදු මහත්තයා ...අද රෑට නොයා වෙන දවසක පැනලා යන්න බැරිද අම්මා ගිහින් අරින්නම්...

ම්...මො...මොකක්ද....ම්...මොකක්ද අම්මියෙ ඔයා කිව්වෙ ඈ...පුතාට ඇහුන් නෑනෙ.....ඔවූ ..පුතාට ඇහුන් නෑනෙ....අම්මියෙ...

දොන්තෙ එපා සුදු මහත්තයා උඹ පැනල යන් කියලා අහල එවලා තියෙන්නෙ මට...මටත් එක්ක ලැජ්ජයි...ඔහොම කිව්වම එක්ක යන්නෙ නෑ.....මං කියලා දෙන්නම් පැනල යන්න ඕන මැසේජ් එක....වහ බොනවා කියපන්.....අම්මා ගියෙත් එහෙම...

ය්...යෝහ්.....අම්මෙ.... මොනාත අම්මෙ ඔයා දරු පැටියට උගන්නන්නෙ ...යෝහ්...මට ලැජ්ජයි අනේ...ඔව්වා ඔහොම කියන්න එපා.....මගෙ බඩ රිදෙනව අනෙ....අනික ඔයා ඔහොම කියන්නෙ අපෙ නම්බුවට මොකද වෙන්නෙ අම්මෙ..

ලැජ්ජා නම් මොකටද අර අතවර කරන්න කියලා තියෙන්නෙ....නම්බුව කොහොමත් උඹයි මල්ලියි කනවනෙ සුදු මහත්තයා ...

මට වහ බොන්න හිතුනා....ලැජ්ජාවටම පුක හපාගන මැරෙන්න හිතුනා...කොලගෙම්බා වැහුවා වගේ මං සන්නසක් වගේ මැසේජ් එක කොටලා තියෙන්නෙ අපෙ අම්මට අනේ දෙයියනෙ ඇයි මටම මෙහෙම ලැජ්ජා කරන්නෙ.....ඇම්මා ඔක්කොම කියවලනෙ........

මං ඇබරුනා....කකා උන්න නියපොත්තෙ නියමලත් කාලා ලෙත් මතු උනා...අම්මගෙ මූනබලන්නබැරිමකමට මන් මගෙ මූන රතු කරන් අම්මගෙ ගවුම කොනහන්න ගත්තා.....

යෝහ්....අම්මියෙ පුතා එහෙම නරක දෙයක් හිතලා නෙවෙ අම්මියෙ කිව්වෙ...ඔවූ ..පුතා එහෙම දෙයක් හිතුවනෑ....අම්මගෙ පුතා එහෙම නරකයෙක් නෙවෙනෙ.....

අර පේනවද....හැන්දා කරේ සුදු මහත්තයා ....මේක හරියන්නෙ නෑ...මං අදම අම්මට එන්න කියනව මේ මිනිහා බොන්ඩමයි මායන් වෙන්නෙ.....

හැන්දත් මාමන්ඩියගෙ කරෙ...ඔහොම ඉදලා ඉදාල හැන්දයි සුදු මහත්තයයි යාලුයි කියලා දැනගත්තොත් ගෙදර තියන පොල්කටු හැන්ද පවා අල්ලා වීසි කරයි..මං ඔය මිනිහා ගැන නොදන්නවා නෙවෙ..ඒත් මගෙ බෑනට බොන්නයි අපෙ නම්බුව හෝදන්නයි පුලුවන් හන්දා ඔය මිනිහට බෑන දෙයියා වෙයිද දන්නෙ නෑ සුදු මහත්තයා .....

ඒකනෙ අනේ...අපෙ එකත් බොනව අම්මෙ....අත්තම්මට කියන්ඩකො අම්මෙ අරක්කු ගුලිය ගේන්ඩ කියලා....මේක හරියන වැඩක් නෙවෙ.....ඒ කියලා සීයත්තත් පහු පහු වෙනකොට අපෙ අප්පච්චිව ඔලුවෙ තියාගත්තා වගේ මගෙ හැන්දවත් සීයත්තා ඔලුවෙ තියාගත්තොත් අත්තම්මටත් වෙන්නෙ අපි දෙන්නගෙ පැත්තට එන්න.....

මායි අම්මයි පුලුවන් තරම් කුටු කුටු ගෑවා.. අප්පච්චිටයි අපෙ එකාටයි අරක්කු පෙති ගිල්ලවන්න හැදුවා....ඒ අස්සෙන් එලියෙන් යන කතා බහ අහ අහත් අම්ම එක්ක පුලුවන් තරන් පුපුරන්න ගත්තා

අනික මට එන්ඩ එපා කියන්නෙ බිව්වෙ නැති උනාට මට බයිට් කන්ඩ තහනමක් නෑනෙ බොසා....අනික අපෙ ලියනගේව මායියා රෑ හතෙන් පස්සෙ තනියෙන් යවන්නෙ නෑ....දන්නවා දහම් කරුනු කතා කරන්ඩ යන්නෙ කියලා ....මං ආවොත් එන්න දෙයි....ලියනගෙගෙ මායියත් සුදු අක්කා වගේමයි...කන් අඩි නෑ..අපෙ මහ එකාගෑනු ගන්ඩ තැන් නැතුවට මහියන්ගනෙන් කැකුලියෙක් පන්නන් ඇවිත් මොකක් හරි වෙනකොට කිරිකොරහා නටනවා .....ඇයි අඩා කියලා පටන් ගත්තම අඩේ ආය ඉන්ඩ ඕන නෑ .....ඒක නම් පුදුමා....කාර කියවල්ලක්ම තමා ආය.....

හ්ම්...හ්ම්...කැමැත්තක්...සුකුමලා...

ලොක්කයියා...

ඉදි ආප්ප නෑ?

කීයක් ගන්ඩද...ගානක් තියේද ඔහෙට නැත්තන් ඕන පුකක් ප්‍රීති හෙටක් කියලා කදබැදන් එන්ඩද....ඕන රෙද්දක් මේ සුකුමලාට දැන් සල්ලි දුන්නත් එකයි නැතත් එකයි හරිය...බොසා ආය අපෙ බඩේ බත්ටික වගෙ තමයි...පන ඉල්ලපන් ලොක්කා ..පන දෙන්නම්...ඒත් පුලුවන් නම් අර බන්ඩාරයට කියහන්කො බොසා තිරිසන්නු වගේ දඩගහන්ඩ එපාය කියලා...අපිත් කොල්ලොනෙ...ආසාවට ලොකු වන්ඩියක් අතට අහු උනාම අරිනවනෙ දාලා....ඔහෙට කියන්ඩ මෙයැයිගෙ අහට ට්‍රැගර් එකක් ආවා...මෙයැයි ආසාවට පැද්දා...ආසාවනෙ....සිහිය පත ඉල්ලෙ....මුස්ලිම් බෝඩරෙ ගාවට වෙනකන් ගියා...උඩට හෙල්මටුත් ඉල්ලෙ...පයට පාවහනුත් ඉල්ලෙ.....ඇදිකඩ පමනයි ආය හරිය....ටමහිකිලා...බන්ඩාරයා එනවනේද.....ලිව්වා බොල...වදින්ඩ වදින්ඩ....ඒවා කැරි වැඩ ලොක්කා..අනුමත නෑ හරිය.....

නෑ...නෑ...පයට පාවහන් නැති උනාට කමක් නෑ....උඩට දාන් පලයන් ...තැරි ගැහිලා ගියහම තොපි ඉස්පිරිතාල ඇදන් උඩ දුක්විදිනකොට ගෙදර උන්ගෙ බඩ පපු රත්වෙනවා....ඒවට කමක් නෑ..දඩෙ ගෙවලා උසාවි පල....

අඩේ....අඩේ.....ලොක්කයියා....එහෙම එපා ඉතින්....

සුකුමලා...පල පල....අල්ලස් දෙන්ඩ හදනවා කියලා ලියනවා ආ....හෙල්මට් නැතුව ආතල් ඕනා නම් යමන් කොලඹ මහ ඉස්පිරිතාලෙ .....තොපි මට අයියා හුයියා ගෑවට ළමයි වගේ...ආතල් එක්ක නීතිය පටලන්ඩ එපා කොල්ලා....මගෙ එකාට උනත් එච්චරයි.....කෝ ඕකා....කොහෙ හරි මුල්ලක ඉදන් නියපොත්තක් කනවා ඇති ...අම්මන්ඩි වගේම නැතෑ....හැන්දා කොල්ලා.....

මාමෙ....

මචන් මං සිරාවට එන්ඩ කිව්වෙ....

හ්ම්.....ඒත් මේක සෙට් වෙන්ඩ ඕන වෙලාවක්ද....ඔහෙට පොලිසියෙ වැඩ නැතුව නෙවෙනෙ...

තියනවා...ඒත් මට අද නම් බොන්ඩම ඕන බන්.....මොකද ඔය ඈතින් ඉන්නෙ.....මෙහ වරෙන් බන් ලගට ..උඹ පට්ට කදක්නෙ...උසයි ඇගපත ගානයි.....සුදුයි.....නිල් ඇස්...මරු කද...කෙල්ලෙක් ඉන්නවද?

නෑ...

බොරුව එපා බන්..බොරුව එපා ඉතින්....

ඔය ඉතින් ආය මර්සිනෙ බන්...ඇත්ත කියපන්.....කෙල්ලෙක් ඉන්නවනෙ....උඹට කෙලෙක් නෙවෙ දහය වත් ඇති....මෙච්චර ලස්සන කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිවෙන්ඩ බෑ...

මං කිව්වෙ ඇත්ත ....අපි ළඟ ආය බොරුව නෑ ...කටෙ එකයි දිවෙ එකයි බොක්කෙ එකයි නෑ හරිය....මට කෙල්ලෙක් නෑ.....

අම්මෙ අප්පච්චි මගෙ ඒයිට මොකක්ද අනේ කරන්නෙ...

මට තේර්‍ර්න්නෙත් නෑ සුදු මහත්තයා ...මේ මිනිහා මගෙ ඔලුව කැක්කුම් කරවනවා....

මං අම්මා දිහා බැලුවා ...කිරියයි සුකුමලයි දෙන්නම නෑ... ඉතුරු උනෙ මගෙ සුදු අයියා විතරක්ම වෙද්දි අප්පච්චි සමුද්‍රව ලගට ඇදල අරගන කරට අතකුත් දාගත්තා...මං ඒ අතර්‍ර් මොකටත් කියකා අම්මගෙ අත අල්ලගත්තා...

කෙල්ලෙක් නෑ...එහෙමනෙ...

ඔව් ඉතින් ආය .....ඇයි ඔහෙට මාව ඕනෙද.....?

ඔව් කියන්ඩත් හිතෙනවා....උඹ මරුනෙ බන් ....අපෙ ගෑනියි මගෙ පොඩි ශොට් එකයි උඹට මැරීගනනෙ.....ලොකු එකා විතරයි උඹ ගැන කියවන්නෙ නැත්තෙ...ඒ උනාට උඹ උගෙ ෆේස්බුක් එකේ ඉන්නවා නේ....මං දකින්වා උඹ ඌට කමෙන්ට් දානවා...මරු මරු...උඹ ඌව ආතල් එකට අරන් දාන කමෙන්ට් ගෑනියි මිනිහ වගේ....සිරාවටම කෙල්ලෙක් නැද්ද බන්.....

හැමනෙනවනෙ දාලා මාමෙ.....ඔහෙට කිව්වනෙ බොසා..මට කවුරුත් නෑ...බොසා කිව්වා හරි සීදේවියි අක්කයි ඉන්නවා....

ඉදා....

මේඇයි....

මාවත් ඇඩ් කරගනින් ඉතින් ...ගෑනියි කොල්ලයි ඉන්නවා....මාවත් ගනින්....හැබැයි මටත් මොකක් හරි කමෙන්ට් එකක් දාපන්.....නිකන් යන්ඩ එපා.....

මොකක්ද බොසා නම

තේජක සෝලංගආරච්චි ....දාපන්.....දාපන්...මැසෙන්ජර් එකෙනුත් හායි කියලා දාපන්..

මගෙ අත ඉබේටම නලල උඩ නැවතුනා.....මායි අම්මයි හැදි එකවුන්ට් ඒකෙ ඉන්නවනෙ අහපු අප්පච්චි එයාගෙ ඵෝන් එක දික් කරලා එයාවත් ඇඩ් කරගන්න කියනවා එක්කම අම්මත් බිත්තියට හේත්තු උනා...

මං බලාගන උන්නා.....දැන් හැන්දා අපෙ mutual friend කෙනෙක් ...හැන්දා විතරක් නෙවෙ අපෙ අප්පච්චි එක තත්පරයක් ඇතුලත මුලු හැදි පරම්පරාවෙම mutual කෙනෙක් උනා...ඒ චූටකින්ම මන් ලස්සනයි සුදු අයියෙ කියලා කමෙන්ට් කරපු මගෙ ඒයිගෙ pp එකට අප්පච්චිත් කමෙන්‍ට් කරලා කියලා නොටිෆිකේශන් එක එනවත් එක්කා මට නිකන් අහස පොලව කැරකෙනවා වගෙ දැනෙන්න ගත්තා ...

❤️ආදරෙයි තෙරුවන්සරනයි cudda

අනේ....අම්මෙ.....හ්

.

එක තත්පරයක් යන්න ඇති....මට පොලව පලාගන මැරෙන්ඩ හිතුනා....අපෙ අම්මගෙ මනුස්සයයි මගෙ වෙන්ඩ මනුස්සයි දෙන්නට දෙන්නා කමෙන්ට් කරගන්නකොට මටයි අම්මටයි දැන් ඇත්තටම මූදෙ පනින්න හිතුනා...

අම්මෙ...අම්මගෙ කසාද මිනිහයි...මගෙ වෙන්ඩ මිනිහයි ශිප් වෙයිද අම්මෙ...

තෙමුද්‍ර කියලද සුදු මහත්තයා ???හිටපන් මං දැම්ම අම්මට කියන්නම් එනකොට නූලක් මතුරන් එන්න කියලා..මේක හරියන්නෙ නෑ සුදු මහත්තයා ..මාමන්ඩිලා පුතාලා එකට බොන්නෙ නෑ.....අපි නුවර මිනිස්සු සුදු මහත්තය.....අපි වලව්කාරයො....

ඒකනෙ අම්මෙ....

ලොකු මහත්තයා ...

අයියො මහත්තයා කියන්ඩ එපා බන්....සෙට් නැනෙ රත්තරන් ...අයියෙ කියපන්....

අයියෙ.....ඒක අවුලක් නැද්ද....

උඹ නිකන් මගෙ ලොකු පුතා වගේනෙ....ඒ උනාට කමක් නෑ....අයියෙ කියපන්.....මොකද මාත් නාකි නෑනෙබන්...තව ළමයි පහ හයක් හදන්ඩ පුලුවන් .....

.......

මොකො කේස් එක.....සුද්දා මොකො සයිඩ් ගහලා....

රඹුක්වැල්ලයා හොද එකෙක් නෙවෙ...ඌ හොද එකෙක් නෙවෙ කියන්නෙ ඌට හොදයි කියලාදෙයක් නෑ....ඌ තිරිසනෙක් ...මෙලෝ රහක් නෑ...හෙන පින්නයා.....අපි නම් ඔය වගේ හුත්තන්ව ඔය පුටුවල ඉන්දෙව්වෙ නෑ...අඩුම ගානෙ නමක් වත් ලියාගන්ඩ බෑ...අරක්කු සල්ලි විතරයි ...මිනිහා පැටලෙන්ඩ හොද ජාතියෙ එකෙක් නෙවෙ....

සුදු පුතා...දැන් උඹ කියන්නෙත් මට අරුන් කියපු පරන පිත්තමමද...???එහෙනම් කනට දෙකක් ගහල එලවන්ඩ කලින් පල පල ගෙදර පල....මං කිව්වනෙ...මට ඔය එක එක උන්ගෙන් වැඩක් නෑ....ඒරියා එකමගෙ නම්....ඕ අයිසි මමනම්.....කරන වැඩ වැරදි නම්...දෙයියො උනත් පොලිසියෙ...

එහෙම දෙයක් නෙවෙ බොසා...මං කියන්නෙ...ඔහෙට මන් දොඩන සීන් එක තේරෙන්නෙ නෑනෙ....

කියපන්කො....

මිනිහා අමු තිරිසනා...සල්ලියි බලෙයි වෙනුවෙන් ගෑනිත් විකුනයි....ඌ එහෙම එකෙක්....මට මැසේජ් එක ආව ගමන්මයි මාත් ආවෙ...අපි එක ගමේ බොසා..අපි මූදු කාරයො....බොසාලා ලොකු මිනිස්සු....නීතිය තියා අකුරක් හරියටබෑ..ඒත් මනුස්සකම තියනවා හරිය.....

හැබැයි ඌ මගෙ පවුලට අත තිබ්බොත්...සුදු පුතා වරෙන් මාව බලන්ඩ බත් එකක් අරන් බෝගම්බරට..සමහර විට මාව එල්ලා මරයි...මරන එක මරනවා එකෙක් තියන්නෙ නෑ....කුඩ්ඩක් වත් හොයන්ඩ බැරි වෙන්ඩම මං මරලා දානවා.....නීතිය රකින්ඩ මං ඉස්සරහට ආවට මගෙ පවුල රකින්ඩ නීතිය නාවොත් මට කරන්ඩ වෙන්නෙ මුලු ලෝකෙම මරලා හරි මගෙ උන්ව රකින එක...මොකද මට ලෝක දෙකක් නෑ සුදු පුතා...ඉන්නෙ එකයි....මගෙ ගෑනියි ළමයි තුනයි.....

එහෙම වෙන්නෙ කොහොමද බන්....පිස්සුද.....එව්වා හදේ බොසා...මොකො මෙව්වා උන්ට ගිය රටද...නෑනෙ.....මං කිව්වෙ මිනිහා සතා කියලා ඒ කියල නැට්ට අකුලන්ඩ කිව්වෙ නෑ..බොසා ගහන්ඩ ඕන තැන මරලා වරෙන් මරාගන්ඩ බැරි නම් මට කියපන් මේ අත්වලට මාලු පෙති ගහලා පුරුදුයි හොදට.....ඇස් වහන් හරි පෙති ගහන්ඩ පුලුවන් ...

කෝලක් ගහපන් ඕන වෙලාවක එන්නම්...හැබැයි තව දෙයක් කියන්නම්....කිරියගෙ මහ එකා...මිනිහා පට්ට හොද එකා....බඩෙ බත් ටිකත් හරි ලියනගේත් හරි....ඒ ඇරෙන්ඩ ඔය අනිත් හැම හුත්තම එකයි.....බොසා පොලිස් කාරයා මං මාලුකාරයා...දන්න රෙද්දක් නෑ නීතිය ගැන...හැබැයි මට ඉව තියනවා....මේක මං හැදුන තැන.....රජකාරියට උනත් ඕනාවට වඩා අවංක වෙන්ඩ එපා.....අවංක උන්ට මේ රටෙ ලෝකෙ ඉඩක් නෑ...අඩිහයක් යට මහපොලව මිසක්....මං දොඩන දේ ඔහෙට තේරෙනවා.....

හ්ම්.....දැන් සිරාවටම උඹට අපේ ගෑනි ගැන අදහසක් නෑ...

ආය හැමනෙනවනෙ ඔහෙ.....පිස්සුවක් ඇතෑ ...සුදුඅක්කා අපෙ අම්මා වගෙනෙ....මං කියන්නෙ එහෙම නෙවෙ...පිස්සුද අඩෙ ඔහෙට

ඒ උනාට අපෙ ගෑනි කෙල්ල වගේනෙ.....ඒකි ලස්සනද

ඔව්...අක්කා ලස්සනයි

......................හ්ම්....ඒකි ලස්සනයි තමයි.....මට ඒකි විතරයි ලස්සන කොහොමත්...වෙලාවකට මගෙ ත් අම්මා වගේ ...ගැහුවට ඒකි ආදරෙයි අහිතක් හිතන්ඩ එපා ඒකි ගැන.....මං හරි ආසයි ඒ ගෑනිගෙ ඇස් වල නුරාව වෙනුවට දයාව දකින්ඩ.....සුදු පුතා උඹගෙ කෑල්ල කව්ද?

එකෙක් ලස්සන උනාම කොහොමත් ඇති.....ඔහෙ දන්නවද බොක්කෙම්ම ආදරෙ කරන්ඩ ගත්තම මේ ලෝකෙ තව මිනිස්සු බිලියන ගානක් උන්නත් දැනෙන්නෙ එකාවයි.....ඒකා තරම් ලස්සන එකෙක් මේ හතර දිග්බාගෙම නෑ මචන්....කෑල්ලක් කියන්ඩත් බෑ...කොහොම හරි එකෙක් ඉන්නවා....මං හිකෙන ආදරෙයි හැබැයි....අක්කා ගැන මගෙ හිතෙ අහිකතක් නෑ මාමෙ....

මාමලු අයියලු බොසාලු පිස්සු තමයි.....සුදු පුතා උඹගෙ ගාන කීයද

මොනාටද...

අපෙ උන්ට බේත් දාපු

පිස්සෙක් වෙන්ඩ එපා බන්.....

මගෙ කන්පෙත්ත රත්වෙලා ගියා .....හරියටම කෙහෙල් දල්ලක් මැලවෙන්නා හා සමානව මාව මැලවීගන ගියා ...කෙහෙල් දල්ල මම නම්....වැදුන ගිනි දැල්ල මගෙ අම්මගෙ හුස්ම උනා....

මං එහෙම්ම අම්මා දිහා බැලුවා....මීට කලින් පුපුරපු කෑගහපු අම්මගෙ ඇස් තෙත්වෙලා තිබුනා....අම්මගෙ විතරක් නෙවෙ මගෙතැස් තෙත් උනා.....

කිව්වත් වගේ නුරාව වෙනුවට දයාව වෑස්සෙන මගෙ අම්මගෙ ලා දුඹුරුපාට ඇස්වලට අප්පච්චි ගෙන් අවසර නැතුවම කදුලු උනලා තිබුනා.....

මං එහෙම්ම දොරට හේත්තු උනා...අහස දිහා බලාගන මොන මොනවදෝ හුගාක් කතා මගෙ සුදුඅයියත් මගෙ අප්පච්චි ත් මාරු කරගන්නව.....වෙලාවකට හිනා වෙනවා..වෙලාවකට දෙන්නම මොකුත් නොකියා ඉන්නවා....වචන නැතුව කටවල් ගොලුවෙන තැන්වල කටට වඩා කතා කරන්න දන්න ඇස් නම් තොරතෝංචියක් නැතිවම හැගීම් වචන කරනවා...

මා දයාබර මානවිය...,

මගෙ දර්ශන පථය පුරාවටම මේ මොහොතේදි මා දකින්නෙ මේ මුලු විශ්වයෙම්ම ආදරනීය පිරිමි පරාන දෙක විතරක්ම වෙනකොට ඒ ආදරේට පාදපරිචාරිකාවක් වෙන්ඩ සංසාර ගානක් පෙරුම්පුරාන ආව මගෙ අම්මගෙත් සංසාර කන්න කල්ප ලක්ශයක් ඒ ආදර කෙත් අස්වද්දන්න පාරමිතා පුරාන ආව මගෙ ඇස් වලිනුත් මේ දෙන හැගීම් උහුලාගත නොහැකිම තැන ආදර කදුලු වරුසාවක් අනාරාධිතව කඩාවැටුනා....!

තේජක.....

හ්ම් සුදු....

අයියෙ රිදුනද....

පිස්සුද බන්.....

මගෙ සුදු අයියා යනවා...දවසම නැහුන ඉරත් මලගම් යන වෙලාවක අවරට යන ඉරට කෘතගුනයක් දෙන්නද කොහෙද ලා නිල්පාට අහස සම්පූරනම දම්පාටින් සැරසිලා උන්නා....ලැවැන්ඩර් මලක් වගේම දම් කටරොලු මලක් පොඩි උනා හා සමානව මුලු අහස පුරාවටම දම්පාට කලවම් වෙලා තිබුනා...වලාකැටි පවා සුදුපාට වෙනුවට ලා රතක් ගත්තා...

මෙච්චර වෙලාම දොර මුල්ලෙ උන්න අම්මට තව දුරටත් පපුවෙ බරම පැත්ත ඉවසන් ඉන්නම බැරිවද කොහෙද එලියට දිව්වා වගේම මගෙ සමුද්‍ර ඉන්නවා වත් නොබලම අම්මා ගිහින් අප්පච්චි ව බදාගන්නකොට මෙච්චර වෙලාම අප්පච්චි දිහා බලාගන උන්න මගෙ අයිය එකපාරම ගේ ඇතුල දිහා බැලුවා...මේ හැන්දෑයාමෙ ඒ නිල් ඇස් මගෙ අලුපාට ඇස් වලට බැල්මකින් හාදු තිබ්බා...ඒ එක්කම මගෙ මූනෙ ලාපාට හිනාවක් ඉපදුනා...

"සුදු අයියෙ...."

මටත් කලියෙන් මගෙ පපුවෙ ආදරෙ ඉපදෙන පැත්ත එයාට කතා කරනවා..... ලබ් ඩබ් ගාන පපුව අද සමුද්‍රට කතා කරනවා...

මැනිකෙ මං යන්නද....

අම්මා අප්පච්චි එයාලගෙම ලෝකෙක ඉදන් මොන මොනවදෝ ඉදන් මුමුන වෙලාවක ඒ පෙම්ලොව මැදින්ම අලුතෙම්ම පෙම් මලකට පූදින්න ඉඩ දෙන ගමන් දෙන්න පුලුවන් උපරිම ආදරෙ වචන අස්සට කව්වලා මගෙන් යන්නද අහනකොට මට එයා යන පස්ස පාරෙ යන්න හිතුනා...අප්පච්චි දිහාවට අඩ බැල්මක් හෙලාපු එයා ඇදන් උන්න සරමෙ කෙරවලක් අල්ලන් උන්න සමුද්‍ර එහෙම්ම යන්න හැරුනා....

තත්පරයක් දෙකක් යන්න ඇති මං ඒ පස්ස පාරෙ ගියා ..හැබැයි ගේට්ටු පියනෙන් එහාට මට යන්න අවසර නැති තැන මං දොරකඩනැවතුනා....සමුද්‍ර එලියෙ....මං ඇතුලෙ....

සුදු අයියෙ....යන්නද යන්නෙ...

මං එයා දිහා බලාගන උන්නා...ඇගිල්ලක් වත් පටලගන්න බැරි තරමට මං අසරන උනේම අප්පච්චි නිකන් හරි දකී කියන බය එක්ක වෙද්දි යන්න හදපු එයා ආපිට ගේට්ටු පලුවකට හේත්තු උනා...යන්නද යන්නෙ අහපු මං එයාට එක වතාවක් වත් තුරුල් වෙන්න බැරුව ලෝබකමේ ඒ මුන දිහා බලාගන උන්නා.....

මට ලෝබයි....පපුවම ඇදුන් කනවා...මට එක මොහොතකට වත් ඒ පපුවට තුරුල් වෙන්න ඇත්නම් කියන උවමනාව මාව තදින්ම මිරිකනකොට මගෙ ඇස් අහවරක් නැතුවම ඒ ඇස් එක්ක කියවගනම යන්න හදනවා...ඒ ඇස් වලින් එ හිත අස්සෙන් ඉපදෙන ආදරෙ මටම විතරක් බව දැන දැන මං මේ මනුස්සයගෙන් එයාවම ඉල්ලන් ඉන්නවා....

සමුද්‍ර මං උඹට හරි ආදරෙයි මගෙ රත්තරන් ..

රත්තරන් ඔහෙගෙ අප්පච්චි ඉන්නනෙ අම්බරෙ...ඔහොම බලන් ඉන්නෙ ඇයි කියපල්ලකො.....මා පුතා ඔහොම බලන් ඉන්ඩ එපා පනෙ...පප්පා උඹට හාච්චියක් වත් තියන්නෙ කොහොමදයි කියකො.....මයෙ අම්මගෙ ඔලුව කැක්කුමයි.....නාන්ඩ එපා හරිය .....මං උන්නා නම් ඔහොමවත් වෙන්ඩ දෙන්නෙ නෑ අමාකර ..මට දුක ඒකමයි...කාරි නෑ මං ආවනෙ...මගෙ පැටියා උඹ පරිස්සමින්නෙ.....ඒ ඇති පප්පට....

මගෙන් බර හුස්මක් පිට උනා ...මං හිතුව හරි....මගෙ ඇස් මේ ආදර සමුද්‍රෙ අසරන කරලා....

මට ලෝබයි අයියෙ.....දුකයි...මට තේරෙන්නෙ නෑ සමුද්‍ර මගෙ පපුව බරයි....

සිදේවි උඹට බයද?

එයා මගෙන් බයද අහනවා...බය නෑ කියලා මට බොරු කියන්න හිතකුත් නෑ...බයයි කියලා ඒ හිතට බරක් එකතු කරන්න මට මනාපෙකුත් නෑ.....

නිම්වල්ල පුරාවටම රත ගහලා...වලාපිය ගැට පෙලින් බැහන් ආව මල ඉර අවසානෙදි දියඹට හාදු තියනවෙලාවක ඒ ඉර එලිය ඇවිදින් සමුද්‍රට බාදු තියාන යනකොට මං බලාගන මලකඩ පාට කෙහෙ රැලි තව තව තඹපාට වෙනවා...

උඹ හරි ලස්සනයි මගෙ අයියෙ....

මන් මිමිනුවා.....මං බලාගන ඒ මොහොතෙම ඒ නිල් ඇස් අරවින්ද කැට ගිනිගන්නා හා සමානව දිලිහෙන්න ගත්තා...අහස්ඝර්බෙ හැඩකරන්න ස්වකැමැත්තෙම්ම ගිනිගන්න අරවින්ද කැට මොනවද දෙයියනෙ මේ ඇස් එක්ක බලනකොට .....

මැනිකෙ වරෙන් රත්තරන් ....ඇයි පනෙ උඹ මාව මෙහෙම අසරන කරන්නෙ කියාපන්කො ම්ම්ම්...මගෙ දිහා බලාන ඔහොම දොඩන්ඩ එපා රත්තරනෙ.....ගුටි කන්ඩ බලාන හරි මට උඹව අරන් යන්ඩ හිතෙනවා...උඹලා මක්කද කියන්නෙ කියාපන්...

මාව එකපාරම ඇදිලා ගියා....වෙනකොහෙටවත්ම නෙවෙ එයාගෙ පපු කදට....උඹ හරි ලස්සනයි අයියෙ කියලා මුමුනවත් එක්කම මං හිතන්නෙ මගෙ සමුද්‍රට මගෙ වචනත් බැල්මත් දරාගන්න බැරිව යන්න ඇති.අගෙඇස් වලට කදුලු උනනවා....

මොන කරුමයක්ද මන්දා....ආදරෙ වැඩිම තැන පවා මගෙ ඇස් අඩනවා...

ස්තූතියි ...

......

කසිංජි සුවදට තුරුල් වේගන බූමිතෙල් සුවද වෙනත් අහකට පාවේගන යනවා.....දවසපුරාවටම තටු කඩාගන පියාඹපු කාක් රැල අවසානෙදි කැදලි හොයාගන පියාඹන් යන මොහොතක මං බලාගන දරුපවුල් රකින්න අප්පච්චි ලා අහුරක් අරගත්තු ඔරුකදක් දෙවොල් පිහිටත් අරගන දියඹට යනවා ...උඹලට සරුවෙන්න ඕන...දෙවොල් පිහිට ලැබෙන්න ඕන....මේ රැල්ල හෙට ඉර එලිය එක්කම තම්බපන්නියට හාදු තියන මොහොතක උඹලත් පරිස්සමට ආපිට ගොඩට එන්න ඕන...නිකන් නෙවෙ දැල ඉරෙන තරමට පන්නෙ සරුකරගනම.....

මං ස්තූතියි කිව්වා....සමුද්‍ර ඇයි වත් නාහම මගෙ මූන දිහා බලාගන ඉන්නවා..අවසානෙදි ඇස් ගැට්‍ට පන්නපු මුරන්ඩු කදුලක් ඒ ගොරෝසු ඇගිලි තුඩකින් පිහන ගමන් ලාවට හිනා උනා...

මං ඇයි අහන්නෙ නෑ.....සුදු චූටි උඹ ඔය කදුලු හලන්නෙ උඹට කියාගන්න ඕන දේ කියාගන්න තේරෙන් නැතුව නම්....අම්බරෙ නවත්තපන්.....උඹගෙ ආදරෙ තරම මට තේරුම් කරන්ඩ නැහෙන්ඩ කදුලු හලන්ඩ ඕන නෑ...උඹගෙ සුදු අයියට උඹව තේරුම් ගන්ඩ පුලුවන් මයෙ අම්මෙ.....

සමුද්‍ර....මං ඔහෙට පුදුමාකාර විදිහට ආදරෙයි මගෙ අයියෙ....මං දන්නෙ නෑ බන් මට ආදරෙ ගාවදි හැම වෙලාවෙම ඇඩෙනවා...මට ගෙවෙන හැම මොහොතෙම උඹව මතක් වෙනවා...මිනිස්සු කවදාවත් අහම්බෙන් හම්බෙන්නෙ නැතුව ඇති මගෙ අයියෙ .....උන් සන්සාර ගානක් පුරාවටම පාරමි පුරනවා ඇති ...ආත්මෙන් ආත්මෙට උන් උන් ආය ආයම උන් උන්වම ප්‍රාර්තනා කරනවා ඇති.....

ඉරනැගන් එන වෙලාවක නාඹර ඉර එලිය යට මල් පෙති දිගෑරෙනකොට හරි ලස්සනයි සමුද්‍ර....මට ඕනෙ ඒ මොහොත උඹ එක්ක බලන්න...

ඉරබහින යාමෙක ආකාසෙම අවර්න පාට ගන්නකොට මට ඕනෙ මොහොතත් උඹ එක්ක විදින්න...සුදු අයියෙ.....කොටින්ම මට ඕනෙ...මේ හුස්ම කාර්තුව උඹ එක්කම අහවර කරන්න...ආයම කොහේ හරි ලෝකෙක උඹ එක්කම උපදින්න...

මගෙ සමුද්‍ර...

අයියෙ දන්නවද....මේ පපුවට තුරුල් වෙන හැමමොහොතකම මං දෙයක් දැනගත්තා.....ඒ මගෙ ආත්මෙට උඹගෙ ආත්මෙ සමාන්තරයි කියලා...උඹ මාව තුරුල් කරගන්න හැම මොහොතකම මගෙ ආත්මෙ පවා උඹට තුරුල් වෙනවා කියන එක මට දැනෙනවා අයියෙ...

උඹ මගෙ දිහා බලන විදිහට මට ලෝබ හිතෙනවා.....හිනා වෙනකොට මාව පිරෙනවා....දන්නවද සමුද්‍ර උඹව මවන වෙලාවෙ දෙවියො සුන්දරම දෙයක් දිහා බලාගන ඉන්න ඇති කියලා...

හරියටම මායාකාර පාට තවරපු හැන්දෑ අහස දිහාව වගේ....ඉරබැහැගන යාමෙ වගේ ...අංගාර අහසට සදුනැගෙන යාමෙ වගේ...කන්ද කපාගන පෙරෙන චන්දන රැලි මල්පෙති වලට හාදු තියන මොහොතක වගේ.....ඒ තරම් උඹ හරි කඩවසම් අයියෙ...මේක අතිශයෝක්තියක් නෙවෙ සමුද්‍ර ...උඹ හරි සුන්දර මනුස්සයෙක් රේඛාවක වත් ඇදක් කුදක් නැති....

එහෙම මනුස්සයෙක්ගෙ ආදරෙ වෙන එකම මට හරි බරයි මගෙ අයියෙ....ඉතින් මට ඇඩෙනවා.....

මේ පැටියට පිස්සු තනිකර .....ඔච්චර කියවන්ඩ එපා මයෙ අම්මෙ...පප්පට ඔහෙව ගිලින්ඩ හිතෙනවා....උඹ කියන විදිහට පප්පා මෙච්චර ලස්සන නම්...මේ සමුද්‍රගෙ පන උඹගෙ ලස්සන ගැන මං කොහොමද රත්තරන් වචන කරන්නෙ....?

සුදු අයියෙ .....

හ්ම්....පනෙ...

මං ඒ ඇස් දිහා බලාගන උන්නා.....ඒ ඇස් හිනා වෙනවා....මගෙ ඇස් එක්කලා මොන මොනවදෝ හරි හරියට කිය කිය ආදරෙ බෙදනවා.....මගතොට කව්ද යන්නෙ....අම්මා අප්පච්චි මොනවද කරන්නෙ...තත්පර ගානකට මේ බාහිර ලෝකෙ සම්පුර්නම අමතක කරපු මං මගෙ ආත්ම ශරීර හැම දේම ඒ නමට සින්න කරන් ගැහෙන පපුවය හාදුවක් තිබ්බා මට දැනුනා ඒ හදවත පුරාවටම විදුලි සැරක් යනවා...

මං වෙනුවෙන් සින්දුවක් කියපන් සමුද්‍ර....

සින්දුවක් ...

හ්ම්....ඕන එකක්...හිතන්න එපා....හිතට එන ඕන එකක්....ප්‍රේමනීය විරහා ඕන එකක්....හැබැයි මට වටින්නෙ ඒක මන්වෙනුවෙන් කියන එක විතරයි ...මගෙ ඉල්ලීමට කියන එක විතරයි ...

සමුද්‍රගෙ අත මගෙ ඉන වටේ පැටලුනා....මං ඒ ඇස් දිහාව බලාගන සින්දුවක් ඉල්ලනවත් එක්කම සප්ස්ත සාගරයක් ගා සමාන ඇස් දෙක අඩක් හීන් වෙලා ගියා.....තත්පරයක් දෙකක් මගෙ දිහා බලාගන උන්න එයා මගෙ කනට පහත් උනා....

කළුවර රෑ සදක් වගේ

අහසේ නුඹ ඉන්නවා නම්....

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න

තරහක් නෑ නුඹ බැසයන්න....!

උඹ මගෙ වියපත් බඹරද සමුද්‍ර

හ්ම්....පිස්සෙක් වගේ ළපටි මලකට වහවැටුන....නමක් ගමක් නැති....ඒ උනාට මං වෙනුවෙන් විතරක්ම පිපුන මල උඹ!අමාකර .....හද එලිය වැටුනම මහ මුහුද මොනතරම් ලස්සනද කියන්න උඹ දන්නවා මැනික....අදින් පස්සෙ අපි ඒකට ලස්සනයි නොකිය ප්‍ර්‍රෙමනීයයි කියමුද වස්තුව?උඹ මලක් නම්....මං වියපත් බඹරෙක් නම්....අමාකර මට ඕන සදාකාලිකවම උඹ සුවෙන් පිපෙනවා බලන්ඩ...

උඹව මන් මගෙ ජීවිතෙ පලවෙනිම පාරට දැකපු මොහොතේ මේ ඇස් වල තිබුනෙ හරි අහිංසක කමක් සුදු මැනිකෙ.....කොටින්ම මට කාවඩියෙ පපරෙ පවා කරච්චලයක් වෙලා ගියා ජීවිතෙපලවෙනි පාරටම...මං උඹට පුදුමාකාර විදිහට් බැදිලා මගෙ අමාකර...

මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් සමුද්‍ර...

දන්නෙ නෑ...මමත් කල්පනා කරනවා මනුස්සයෙක්ට් මේ තරම් ආදරෙ කරන්න.....බිලියන ගානක් මිනිස්සු අස්සෙන් එකම පපුවකට පිස්සෙක් වගෙ ආදරේ කරන්න.....මට ඕන උඹව හැම තත්පරේම මගෙ ඇස් අස්සෙ තියාගන්න...හැම මොහොතෙම මේ පපුවෙ තියාගන්න.....මැරෙන්ඩ තරමට මහන්සි මොහොතක උඹව හීනෙ වත් මට ඇහෙන්වා නම්....ඒකම සැනසීමක් අමාකර....

උඹ වගේ මගෙ අප්පච්චි වගේ මිනිස්සු තනිකරම පිරිත් පැන් වගේ සමුද්‍ර...පරිස්සමින් ගිහින් ආයම එන්න මගෙ අයියෙ සුදු චූටියා අයියා එනකන් බලන් ඉන්නවා....

මන් හිනා උනා....හාදුවක් තියාගන්න බැරිම මොහොතක් උනත් මුරන්ඩු හිතක් තිබුන ,හතර වටම ඇස් කරකවපු මන් එක නිමේශෙකදි ඇගිලි තුඩුවලින් ඉස්සිලා කම්මුලට හාදුවක් තියනවත් එක්කම එ මූන පුරාවටම හරි ලස්සන හිනාවක් ඇදිලා ගියා...

නිකන් නෙවෙ....ආදරේ පාට තවරගත්ත හිනාවක්....

එයා යන්න ගියා...මගෙ දිහා හරි ලෝබකමින් බලාගන උන්න මගෙ ආදර සමුදුර ආපිට යන්න ගියා....

ප්‍රේමිය.....මේ මනුස්සයට මේ හිත වහ වැටිලා ඉන්න තරම.....

මේ මනුස්සයා වෙනුවෙන් මගෙ හිත ප්‍රේමෙයෙන් ඔත්පල වෙලා ඉන්න තරම

මේ මනුස්සය වෙනුවෙන් මගෙ පපු කුහරෙ පුරාවටම ආදරේ ඉපදෙන තරම දන්නෙ මා විතරක්ම බව කොහොම කියන්නද...?

ඉතින් ප්‍රේමිය මං කියන්නෙ මෙච්චරයි ....

හුස්ම වැටෙන රේඛාවෙ දිග කොයිතරම්ද කියන්න උඹවත් මමවත් දන්නෙ නැති එකේ හුස්ම නතර වෙන්න කලින් ආදරෙ කරන්න.....!!!

එයා දිහා බලාගන උන්න මං අවසානෙදි එන්න ආවා....මගෙ චූටි මල්ලි කෑගහන සද්දෙත් පසනගෙ හිනාවත් ඒ දිහාවෙන් ඇහෙනවා....

බූමිතෙල් සුවදත් අහලපහල ගෙදරක හොදි රත්කරන සුවදත් අඩමානෙට පාලුවට ගියපු තාර පාරෙ ඈත කෙරවලකින් කඩලකරත්තෙකින් කූනිසි සුවද ගලාගන එනවා....මේ ඔක්කොම මැද මට ආදර් සුවදක් දැනෙනවා....

අප්පච්චි .....වෙනකවුරුත් නෙවෙ අඹගහ යට තිබුන ගල්බන්කුවෙ ඉදන් උන්න අම්මයි අප්පච්චියි හැන්දෑ අහස යට ආදරෙ කරනවා.....

මට ලෝබ හිතුනා.....අප්පච්චි අම්මට ආදරෙ කරන තරමම සමුද්‍රගෙනුත් විදින්න වරම් තිබුන මට මං එක්කම ලෝබ හිතුනා....

අප්පච්චි ගෙ එක අතක් අම්මගෙ ඉන වටෙ පැටලිලා තිබුනා.....සුසංගතා තව පැත්තකින් සාගරිකට සින්දුවක් කියනවා....ඌට මොනවා හිතිලද මන්දා අද ඌ පුදුම විදිහට සාගරිකට අනුකම්පා කරනවා...

දැන් ඔය ඇඩුවා ඇති ඕයි.....ඇයි ඉතින් මේ...සුදු ඇසුත් රතුවෙලා.....තමුසෙ දන්නවා මන් අකමැතිම දේ තමුසෙ අඩන එක බලන්න.....

මට බය හිතුනා....මං හරි බයයි අයියෙ....උඹට මොනවා හරි උනොත්....

වෙන්නෙ නෑ.....මන් දන්නවා ඒක.....මේ අත්වලින් හැමදාම උඹ බුදුන්ට පහන තියලා ඉල්ලන විදිහට බුදුන්ට වෙන කාගෙවත් ඉල්ලිම් වලට කන් දෙන්න වෙලාවක් නැතුව ඇති විහාරා.....සමාවෙනවා මන් ඇඩෙව්වා තමුසෙව....

විහාරා මන් උඹට හරි ආදරෙයි බන්.....අඩනකොට උඹ කැතවෙනවා....මට රිදෙනවා....මං හරි අකමැතියි මිනිස්සු අඩනවට....උඹ අඩනකොට මට රිදෙනවා....දන්නවද මං උඹට පිස්සෙක් වගේ ආදරෙයි ....

ත් ...තේ...ජක.....

උඹ තනිකරම ලේනකුලෙන් ආව ගෑනියෙක්....එහෙම ගෑනියෙක්ට බෝසත් කුලෙන් මිසක් දෙව්දත්කුලෙ මිනිස්සු පෑහෙන්නෙ නෑ නෙ මගෙ වලව් අම්මන්ඩියෙ.....ම්ම්ම්.....මන් උත්සහ කරනවා.....හැම වෙලාවෙම තමුසෙව සතුටින් තියන්න. .....තමුසෙ අම්මෙක්.....වගකීම් වැඩීයි.....මගෙ.....මගෙ ලමයිගෙ...ඒත් කාලෙකට කලින් තමුසෙත් ගෙදරක හුරතලේට හැදුන ළමයෙක් විහාර.....දහය පහුවෙනකන් නිදියන්න ඇති....දෙන දෙයක් කන්න ඇති.....ආස තැන්වලට යන්න ඇති.....ඒත් දැන් තමුසෙට දහය වෙනකන් නිදියන්න බෑ...කවුරු හරි උයලා දෙනකන් ඉන්නවා කියලා ඉන්න බෑ උයන්නම ඕන.....ආස තැනක හිතු මනාපෙය යන්න බෑ...ඒත් එහෙම කියලා එහෙම්ම ම හිතන්ඩත් එපා විහාරා....

දවසකට දහය වෙනකන් නිදාගන්නවා....උයන්න බෑ වගේ නම් කියනවා මන් උයන්නම්.....කොහෙ හරි යන්න ඕනා නම් ගිහින් එනවා මං ලමයි බලන් ඉන්නම්...ආස ඇදුම අදිනවා....අම්මෙක් ගෑනියෙක් උනා කියලා තමුසෙට තමුසෙව අමතක වෙන්න දෙන්න එපා....මන් කිව්වනෙ....තමුසෙ මගෙ පලවෙනි දුව...එක තැනක් ඇරුනම.....

මන් උඹට ආදරෙයි...මට වෙලාවකට හිතෙනවා උඹගෙ තරුනකාලෙ මන් උදුරගත්තද කියලා .....එහෙම නම් කියපන් සුදු නෝනා...

.....මාව අඩවන්න එපා තේජක.....

මන් ආදරෙයි තමුසෙට....කව්ද කියන්නෙ අංගොඩ ඉන්නෙ පිස්සො කියලා....මිනිස්සුන්ට පිස්සු හැදුනෙත්...මිනිස්සු තනි උනෙත් ආදරෙ කරන්න නොදැන නෙවෙ බන්....කරන ආදරේට සීමාවක් නොදන්න කමට...

සිමාවෙ කෙලවා මොකක්ද කියන්න උන්ට හොයාගන්න අමතක උන හන්දා...

මාත්‍රාව පනින හැම දේම වහ වෙනවා කියන්නෙ නිකන් නෙවෙ....තමුසෙව මට නොලැබුනා නම්....මාත් ඔතන ඉදී....කොන්ඩ කරල් දෙක ගොතාගන ලමාසාරිය ඇදන් මල්වට්ටියක් එක්ක පන්සලට එන උඹ හරි ලස්සනයි...

පිච්චමල් අස්සෙ සුදු නෙලුමක් මන් වෙනුවෙන් හන්ගන් එන උඹ බෝධියට එහාපැත්තෙ ඉදන් මගෙ දිහා බලන් ඉදල කාටත් හොරාවට ඇස් වලින් මට කතා කරනකොට මන් උඹ වෙනුවෙන් පහනක් අවුලලත් ඉවරයි...

මන් උඹට ඒ තරන් ආදර්‍ර් කෙරුවා...සුදු ඇදුම මගෙ අතින් මඩපාට කරන්න බය හන්දම මං ඈතින් උන්නා.....අවසානෙදි දවසක් ආවා මන් පිස්සුවෙන් වගෙ ආදරෙ කරන උඹ මගෙ ඇදේ පාලු කොටස උනුසුම් කෙරුවා.....මටයි තමුසෙටයි තව හුගක් දුර යන්න තියනවා හොදද...

තමුසෙ මගෙ අතීතෙ නොවුනට...මගෙ වර්තමානෙ‍යි අනාගතෙයි තමුසෙ විහාරා.....ඒත් දවසක් එනවා තමුසෙ මගෙ අතීතෙට එකතුවෙනවා.....ඒ මගෙ අන්තීම හුස්මෙදි...මගෙ ආදරෙ අතීත සැමරුම් එක්ක හුස්ම අරීවි ..එතකන් තමුසෙට අයිති මගෙ අනාගතෙයි වර්තමානෙයු විතරයි ..හොද ගෑනි වගේ ගිහින් තේ එකක් හදන් එනවකො...මන් ගිහින් ආයම එන්නම්.....ම්ම්ම්..

....

ආදරෙයි කියලා යනවකො...

මන් හුගක් ආදරෙයි තේජක...

දන්නවා....තමුසෙ මගෙ හොදද....?

*

*

*

*

""

චාස්....""

සුදු මහත්තයා ඕකට ඔච්චර කරපිංචා දාන්න එපා ලමයො ඔව්වා පුපුරනවා..මට මේ බැදිල්ලත් දැන් ඇති වෙලා....ගිහින් තෙල් තාච්චියෙන් ගහන්ඩ හිතෙනවා.....අර හැදි ළමයා මාලු කොච්චරක් ගෙනත්ද දෙයියනෙ.....

අම්මියෙ පුතාට තේ ටිකක් ...ම්හුක්...අම්මියෙ.....පුතාට කටලිස් කන්ස තේ ටිකක් දියල්ලකො....ඇයි යකො ඊයෙ ඉදන් ඉල්ලනවනෙ...පසනෝ.....පුතාට තේ ටිකක් ඉල්ලා දියල්ලකො.....

සුදු පුතා මොන තේද ලමයො මෙවෙලෙ...අර අප්පච්චි ගෙන් බීම ඉල්ලගන්ඩ කෝ පසන් එක්ක යන්ඩ....සුදු මහත්තයා ඕක හරිද....කරපිංචා අහක් කෙරුවද.....

මං හිතන්නෙ මගෙ මූන තනිකරම වෙල්ල සූඩයෙක් වගේ ඇති...කටත් ඔහෙක් වෙල...ඇසුත් මෙහෙක් වෙලා.....දිව බුරියෙ ...වෙලාව යන්තමින් අට පහු උනා විතරයි ...කිව්වත් වගේ රෑ බෝවෙගන එනවත් එක්කම අඹගහ යට පන් පැදුරු එලුනා...චල් වලලු ගෙම්බො(බොන්ගො) ඩොල්කි උස්සන් ආව කිරියා.....සුකුමලා.....බොනපාර්ට්ලාට සංගීත කටගැස්ම සපයනකොට අප්පච්චි කිරියගෙ මහ තැන වගේම මගෙ වෙන්ඩ මිනිහා සුරාමේරෙ සිලපද කඩන්න ගත්තා....

එකම සාජ්ජයයි.....අපෙ ගෙදරට නාව ගායකයෙක් නෑ...ක්ලැරන්ස් මහන්තයට මං හිතන්නෙ අද වලෙන් නැගිටලා එන්න වෙනවා....

හිස් වෙන බෝතලේට කාසි දෙකෙන් තට්ටුවෙන රටාව අහගන වීදුරු වදින සද්දෙ තෙමුද්‍ර කපල් එකගෙ සින්දු කියන සද්දෙ අහගන මං අපෙ මිනිහා තම්බන් ගෙනල්ලා දුන්න තල්මහෙක් තරම් ලොකු

බලයගෙන් හදාපු කට්ලට් මික්ස් එක ගුලි කර කර උන්නා....කොටින්ම දැන් දැන් ඒවා බලු බෙටි වගේ දික් වෙනවා....

ඒ අස්සෙන් බයිට් කකා මායන් වෙන කානුවයි මලකඩ කාපු බෙදුම් කට්ටයි මායන් වෙලා වෙලා ඇවිදින් අම්මගෙන් තේ ඉල්ලලා අම්මා උන් දෙන්නවත් කුසියෙන් එලවලා දැම්මා....

එකම දිගට හිටන් ඉදලා ඇති උන මං අනිත් පාර තනි අන්ඩට මාරු උනා...

කරපින්චා ....කරපින්ච මට දැන් පෙනිලා ඉන්නෙ අම්මෙ....දැන් කීයෙ ඉදන්ද මේ ලබ්බෙ ගුලි ගැහිල්ල.......අර මිනිහා දැන් ගල්බෝතලයක්ම හිස් කෙරුව අම්මෙ.....මට ඉහ රදේ වගෙ....අනෙ ලියනගේ නැන්දෙ මේන් මේ ලබ්බ ගුලි ගහන්ඩ අනේ මට මේවා බෝල වගේ නෙවෙ බලු බෙටි වගේ එන්නෙ...මගුල...මට නම් දැන්මවලව්වට කතා අරන්න හිතෙනව අම්මෙ...

ගුලි ගැහිල්ල් පැත්තක දාපු මං අනිත් පාර අම්මා මේ දැන් බැදලා දාපු කට්ලට් එකක් උන්වෙන් කටේ ඔබාගන්න ගිහින් කටත් පුච්චගත්තා....

මගෙ රස්සාවම පුපුරන එක...කරපිංචා වැඩිවෙලා කට්ලට් පුපුරනවට වඩා වේගෙන් මාව පිපිරෙනවා.....එලියෙන් වීදුරු වදින වදින වාරයක් පාසාම මාව ගිනිගන්නවා...සමුද්‍රයා අපෙ අප්පච්චි ගෙ කරෙ තව ටිකක් ගියොත් ඕකා අපෙ අප්පච්චිගෙ ඔඩොක්කෙ....ඊටත් කිරියා දැ කීපාරක් සුකුමලාගෙ කට පිහදැම්මද...ඒ මොන මගුලටද.....

අනිත් එක....කිරියගෙ මහ තැන...මිනිහා තනිකරම පේලාවක් වගේ....යකො ගෙදර්ට එනකොට ඕඅයිසි මහත්තයා ගාන් ආව එකා දැන් අපෙ අප්පච්චි ට තේජෝ කියලා කතා කරනෙ....අපෝ තේජෝ වායො වගේ...ම්හුක්...අපිලගෙ සීලගෙ ආන්ඩුව ආවා නම් ඕක තමයි වෙන්නෙ...

එහාට මෙහාට මායන් වෙවි දොර රෙදි අස්සෙන් එබි එබි ගිනි අවුල අවුල උන්න මං අනිත් පාර මස් ඩෙවල් එක එක්ක ඔට්ටු වෙවී උන්න කිරියග් මව් යානාව දිහා බැලුවා....

ම්ම්ම්...ගින්නක් අවුලන්න කියාපු නැන්දා.....

ලියනගේ නැන්දේ....ආන්...ආන්..කොස්තාපල් මාමා අපෙ අප්පච්චි එක්ක වීදුරු හප්පනවා...අම්මෙ ආන්....අම්මෙ....ආන්..ආන්...අර අර....පේනවද අම්මෙ සමුද්‍රයා තවත් වක්කරනවා.....නැන්දෙ ආන් සුකුමලා...

හරි....මං හිතුවා වගේම හරි...නැන්දා ඇවිලුනා....කුකුලව කප කප් උන්න කිරියගෙ අම්මා හැරුන හැරිල්ලට බය උන මං ශේපට අම්මා ගාවට කිට්ටු උනා.....පුතාට වැදුනොත් එහෙම පුතා පවූ...

ඇයි අඩා.....හ්හ්....

මේ මිනිහා.....මට ලැජ්ජා කරනවනෙ.....මට කිව්වෙ නම් කොහොමද තේ ටිකක් බීලා යන්ඩ ලොකු මහත්තයා එන්ඩ කිව්වා කියලා....අපි මෙහෙම කවදාවත් ලැජ්ජා උන මිනිස්සු නෙවෙ නංගියෙ...අපි දඹානෙ මිනිස්සු....දඹානෙ කිව්වට මගෙ අප්පොච්චා ගමේ ආරච්චි මහත්තයා ...මේව අපෙ ආරච්චි

පරම්පරාවට ලැජ්ජා කොරන වැඩ ...හිටපන්කො මං ඔය මිනිහව අද ගස් බදිනවා අප්පලා පුත්තු ඔක්කොම එකයි....මට ගමෙ ගිහින් මුන දෙන්න විදිහක් ඇත්තෙම නෑ...

ලියනගේ නැන්දා කිරියටයි ඒකගෙ පිය යානාවටයි දෙහි කපන්න ගත්තා...ගස් බදිනවා කියනකොට මං බලාගන තකට තක ඉන්න අපෙ අම්මත් ඔව් අක්කෙ...ඔව් ගානවා..ඒ අස්සෙන් පසනා අපෙ කානුව එක්ක වෙනම පාටියක් දානවා සාලෙ මැද....

නිකන් නෙවෙ අරහෙ සංගිත සාජ්ජෙ හෙළ බසින් උනාට කානු කපල් එක කෙලින්ම ඉන්ටර්නැසනල් ලෙවල් එකෙන් යන්නෙ තනකොල ගලවගන...

මන්බෙල්ල දාන් බලාගන උන්නා...කානුවා හාස් හූස් ගගා බයිට් කනවා....දිරාපු බෙදුම් කට්ට වගෙ උන්න පසනාඋගෙ දත් නැති කටෙන් තාලෙ අල්ලන ඇල්ලිල්ලට ඌට හුස්මම දිවෙන තැන්වල මං බලාගන මූ කෝන මානෙ වගේ දෙකට නැමුනා...දැන් මූට කලිමේ රෙවෙනවා ....

ටිකිරියා මං සින්දුව කියනකොට ඔහේ ආ....හ් ගාන්ඩ හරිය...

ආ.....හ්හ්

දැන්ම නෙවෙ..මැදින් ආහ් ගාන්ඩ...

අමොර්...අමොර්.....ඉන්දියානු විප්ලවෙ.....අර බලකො....පසනගෙ තාලෙ....තනිකරම නාකි බැල්ලියන්ට ගල් ගහනවා වගේ....

එනකු පුටින් දෝ පුටින්දී...

එමො නොවෙන්චෙ....මුචක පුටින්දී....

දැන් ඔහෙ ආහ් ගාන්ඩ....

ආ....හ්....!!

වෙරලු පුකාරෙ පුකාරෙ පුකල් කෙටාදේ අපඩි පකාදෙ.....

ආ.....හ්....

චුට්ට මලෙ....චුට්ටස් මලේ.....

ආ...හ්හ්!!!

මගෙ ඔලුව කරවෙන්න ආව.....ස්ප්‍රයිට් උගුරක් බීපු කානුවා උගෙ ගුඩිස් එක ඇරියෙත් ආහ් ගාලා වෙද්දි බොනපාර්ට් නඩේටත් මං එහෙම්ම ඇහැ දැම්මා....

අපෙ එකා බොනවා....නිකන් නෙවෙ මාමන්ඩියා හිටු කියලා බෑනට පොවනව...ඒ අස්සෙන් කිරියා ඩොල්කියට තල තල තව සින්දුවකට තාලෙ අල්ලනවා එක්කම කිරියට මේ ලෝකෙට පයගහන්ඩ ධාතුව දුන්න ඒකගෙ පිය යානාව කාගෙද ගොන් වස්සා පටන් ගන්නවත් එක්කම හිස් උන පිගානකට අඩුපාඩු පුරවගත්තු මව් යානාව එලියට ආවා...

කාගෙද ගොන් වස්සා...

මගෙ කුඹුරට බැස්සා ...

ඇහෙනවද නැන්දෙ කාගෙද ගොන්වස්සලු....ඒක කියලා ලියනගේ මාමා බැලුවෙ නැන්දා දිහාද මන්දා නැන්දෙ....නැන්දටද මන්දා ගොන් වස්සා කිව්වෙ.....ඔව්මයි නැන්දෙ....නැන්දට තමයි ද කොහෙද ....ඉතින් බලන්ඩකො...රත්තරන් ටිකට ඉන්න නැන්දටනෙ මේ ගොන් වස්සා කියන්නෙ....උයලකන්ඩ දෙනව මදි ඇති නේ නැන්දෙ....මං නම් කියන්නෙ හනස්සක් ගන්ඩ නැන්දෙ...

"ටම හැමනෙන්ඩ.....ගොන්....වස්සා...

කාගෙද....සාගරිකා....තේජක...ජරාව....ජරාව...බොන්ඩ එපා....තේජක....සුදු අයියෙ....සීදෙවි හලූ...."

මං ගිනි පිට ගිනි ඇවිලුවා...මොනර පිහාටු කරකුට්ටන් උනත් වැඩක් නෑ...උන්ගෙ සාජ්ජෙ නැගලම ගිහින් අවසානෙදි කේලම් කිය කිය ගියපු මගෙ උගුර කටත් වේලිලා යනකොට මන් අහගන අප්පච්චි ගෙයි මගෙ මිනිහයි එකතුවෙලා යුග ගීයක් කියනවා...

නිකන් නෙවෙ ආකාසෙ වලා පෙලෙ....බොරු කියන්න ඕන නෑ.....මගෙ අප්පච්චි ටත් සමුද්‍රටත් තිබුනෙ සින්දු කියන්නම සුසරකරාපු කටහඩවල් වෙනකොට මං හොරා වගෙ ගිහින් දොරකොඩ ගාව හිටගත්තා.....

කිරියා ඩොල්කිය එක්ක ගනුදෙනුවෙ....සුකුමලා අතේ මගෙ ගිටාර් එක.....චල් එක ලියනගේ අන්කල් අතේ තියෙද්දි අප්පච්චි හිස් බෝතලේකින් තාලෙ අල්ල අල්ල ආකාසෙ වලාපෙලින් කියන්න ගත්තා.....

අකාසෙ වලා පෙලින් ඈත එහා කොදෙව්වෙ...//

ඔබ හා මා රැදී ඉන්න

එන්න සීත දනව්වෙ.....

එයාලා සින්දුව කියනවා...මං අහගන උන්නා....මෙච්චර වෙලාම ගිනි අරන් උන්න මටත් නොදැනිම ඒ සංගීත සජ්ජෙට මගෙ කකුලෙ තාලෙ අල්ලන් එද්දි මං බලාගන අප්පච්චි ලියනගේ අංකල්ගෙන් මොනවදෝ අහනවා...

ලියා.....වස්තුව ලගට වරෙන්කොම්...

තේජෝ.....මගෙ පන.....උඹලා හැදුනෙ අපෙ අත්වල යකො...

නැතුව....නැතුව.....මං නොදන්නවද ඒක...රත්තරන් මේ....දැන් අපි ඇල්ලුවෙ තාම රඹුක්වැල්ලයව විතරනෙ.....

ම්ම්ම්ම්.....ඔ...වු.....රඹුක් වැල්ලයා....

ප ක යා....

ඔව්..ඒකනෙ..මාත් කියන්නෙ ඌ පකයා .....අපි දැන් වෙන පකයෙක් ගැන බලමු හොදද...

හුම්.....හා....රි...බොසා..මං ආදරෙයි හරිය...පන ඉල්ලපන්..පන දෙනවා....අඩෙ...

මාත් ආදරෙයිබන්...ඒක නෙවෙ ලියා....කව්ද බන් අර ඩ්‍රග්ස් ගෙන්නව කියන එකා....

ඇ...යි....

මටත් ටිකක් ගන්ඩ බන්.....කුඩු පොඩ්ඩක් ගැහුවට මැරෙන්නෙ නෑනෙ පන....වරෙන් වෙලාවක කුඩු පොඩ්ඩක් ගහලා ගලක් කපලා යන්....

ඔ..ඔයත් හරි හුත්තවල් තමයි අප්පා කියන්නෙ...මං දන්නවා....හැබැයි....ක්..කියන්...නෑ....

ම්ම්...අල්ලසක් දුන්නොත්....

බ්..බෑ...මං....ඒත්....කියන්නෙ නෑ....

අම්මෙ.....

මෙච්චර වෙලාම තාලෙ අල්ලපු මගෙ තාලෙ ඉබේම නැවතුනා...ලියනගේව ඔඩෙක්කට අරගන හුරතල් කර කර උන්න අපෙ අම්මගෙ සැමියා අනිත් පාර කිරියගෙ තාත්තගෙන් කුඩ්ඩෙක් ගැන අහනවත් එක්කම මට අම්මා දිහා බැලුනා.....

සුදු මහත්තයා ...උඹගෙ අප්පච්චි ගල් ආදා....මට හිතුනා මේ මිනිහා බොන්ඩ දෙනකොටම....

අප්පච්චිට වෙරි නැනෙ අම්මෙ.....

වෙරි වෙන්ඩ බොන්ඩ එපැයි...උඹගෙ හැන්දව දැම්ම පන්නපන් සුදු මහත්තයා ....

අනෙ අම්මෙ මේ....ඔව්වට නම් එන්ඩ එපා කියන්න අනෙ ඈ....අපෙ එක්කෙනා ගාව මොකුත් නෑ.....ඇයි යකො.....තරහ ගියොත් මං ගිහින් පැමිනිල්ලක් දානව අපෙ අප්පච්චි අහිංසකයන්ට බොන්ඩ දෙනවා කියලා ....

බෑ කියලා බෑනෙ...ලියනගේට මං පඩි පිට නිවාඩුවක් දුන්නොත්....

ම්.....එතකොට.....කියනවා...

හරි....නිවාඩුව ඇපෲ උනාලු ආ.....කෝ....මගෙ හොද කොල්ලා.....කියමු කො බලන්ඩ....

ට්...ටම...හැමනෙයි නේ...

ඒකනෙ.....හැමනෙයි නේන්නම්.....කව්ද බන්....කුඩ්ඩා....

විමල්.....

විමල් ...එච්චරද

න්...නෑ.....

සිල්වා.....

විමල් සිල්වා....මිනිහා ඇමතියෙක්ද...

න්...නෑ....තාම.....නෑ.....ඉල්ලන්ඩ...ඉන්නෙ.....

ශුවර්ද පොර ගෙන්නවා කියලා ...

ඔ...ඔව්...ආය.....අර...ඕන තරම් තියෙන්නෙ අනේ....ඔ..ඔව්වා....ආය....ඌටම දෙනවනෙ.....මෙහෙමනෙ.....කුඩු අල්ලනවා....හර්ත....

ඔව් හර්ත....හරි...හරි....ඉතින්...

අපිම.....ගානක් ගන්නවා.....

හ්...ම්...ඔව්.....අපිම ගන්නවා

පහු දාට අපිම ආය දෙනවා.....ආයම...අපිම අල්ලනවා.....ආයම ඒක දෙනවා.....මෙතනින් කුඩු ග්‍රෑම්...පනහක් අල්ලනවා.....පගාව....ගන්නවා.....හරිද...පකො...අහන්ද ඉන්නෙ...හුත්...ත.....මට වෙරි

අහන් ඉන්නෙ.....අහන් ඉන්නෙ....ඉතින්....

යකො...මේ අහපන්.....වදාපු අම්මට බන්නන්ඩ එපා....අපිට....බඩු පනහක් හම්බෙනවා....ගන්නවා...පගාව...යවනවා...ඌ යනවත් එක්කම.....අපි කෝල ගහනවා...ඉස්සරහා ඉන්න එකාට.....ඌත් මූව අල්ලනවා..ඌත් පගාව ගහනවා...එහෙමයි යකො...පඩියට...පඩිය හොයන්නෙ....

ලියනෙගේත් ඒක කරනවද...

ප්..පිසුද....අඩෙ....අම්මා.....පල්ලයි.....ජේසු පල්ලයි...බුදුන් පල්ලයි...මගෙ කොල්ලා පල්ලයි....මට පඩිය විතරයි .....අපි ගාව ඔව්වා.නෑ....ඒකනෙ....ලියනගේ...හැමදාම කොස්තාපල් ...දැන් හරි.....ආ.....

අනිවාර්යයෙන්ම මගෙ පුතා හෙට නිවාඩු....සුදු පුතා.....හැන්දා.....

ම්..මාමෙ...මගෙ කලු....මාමෙ....කලවානෙ....කලු මාමෙ...

ඔව්...ඔව්....මමා කලවානෙ...වරෙන්කො ආස්‍රෙ කරන්ඩ....

..මට...මාමා...විතරක් ආස්‍රෙ ක්රලා මදි හරිය.....ඔහෙට තේරෙනවනෙ....මං ...දොඩන දේ....

ක්‍ ර්ලා මදිද ....හා දොඩපන්කො බලන්ඩ.....දොඩන්ඩ කලින් මට කියපන් බලන්ඩ උඹත් ශේපට විකුනනවද කියලා...කෑල්ලක් ගන්ඩ....

අනෙ අම්මෙ....ඔයාග් මිනිහාමොනාද අර අහන්නෙ.....මගෙ නොදරුවා කුඩ්ඩෙක් නෙවෙ අම්මෙ...ඇත්තම්මයි අම්මෙ මං යනවා මානවහිමිකම් එකට ඈ.....

මං කුටු කුටු ගාන්න ගත්තා....එහෙන් අප්පච්චි මගෙ මිනිහව අල්ලන් කපටි කමින් ඕනඕන දේවල් ගන්න හදනකොට වමඇරපු කිරියගෙ මහ එකා තව මොනාදො දොඩවන්න ගත්තා....අපෙ අම්මගෙ මනුස්සයා මගෙ ඒයිට සුදු පුතා ගගා කතා කර කරගොනා කරවන්න හැදුවා...

කෑලි.....ක්..කෑලො කොහෙදබන්...මගෙ ගාව...

එහෙනම් උඹට මෙච්චර සල්ලි.....කිය කිය ඉතින් ..සුදු පුතා අපි යාලුවොනෙ.....ආ...

ටම හිකෙ...මාමා ඔහෙට මොන්ගල්‍ය?මේ....හොද.....වැඩේ....මේබලකො.....මෙයැයි....අහන..කතා...හුත්තො....මේ අහපන්...ලයිට්.....ආ....ව.....ආය..ගියා....මෙව්වා....මාලු...සල්ලි....මෙ..හැන්දා.....ඔව්වා....හෙව්වෙ....මූද....එක්ක....ඔට්ටු වෙලා...හරිය...අහපන්....යකො...

වැල්ලෙම්ම.....මං කව්ද....කියයි.....කව්ද....බොල....මූ...මාමෙ...

ඇයි....

මාමෙ.....මේ අහපන්.....

කියපන් ඉතින්.....

මගෙ මූන බැ...බැලුවම මාව....කු...කුඩ්ඩෙක් වගේ පේනවද....

නෑ....නෑ...උඹ හොද එකා....

එහෙනම්...පකද අහන්නෙ....ඇයි....යකො...හරි....

හුත්තවල්නෙ....ඔයා අහන්නෙ....මාමෙ.....

සුදු පුතා ඇයි බන්....ඇයි කිය.....හරි උඹව මාමා විස්වාස කරනවා ඈ.....හැබැයි පුතා අහු උනොත් මාමා කම් ඉල්ලෙ...

මාමෙ....අහපන්...මේ අහප....න්කො බන්....

අහන් ඉන්නෙ බන්....අහන් ඉන්නෙ...කියපන්...

මාමා....ඇහුවා.....අක්කට මං ආදරේද කියලා.....

පොඩ්ඩක් හිටපන්කො මේ කෝල ගන්නකම්.....හෙලෝ....රාජකරුනා.....හෙලෝ...මනුස්සයො අයිසෙ නිදිද ඕයි.....සුදු පුතා කෙලින් වෙයන්....හෙලො රාජකරුනා....එඩ්‍රස් එකක් දාන්නම් යමන්....සිවිල් හරි.....සිවිල්.....දෙක වදිනකොට අඩන් දුවන උන් එපා ආ.....

මාව දැන් රත් වෙලා...අප්පච්චි තරම් ලෝක අන්ඩයෙක් නොදැකපු මම සූර්වෙලා උන්න අපෙ මිනිහා වෙරියෙන් නටන නාඩගම දිහා බලාගන උන්න මං උන්නෙ අඩන්න ඔන්න මෙන්න වෙනකොට නම්බුව රකින්ඩ බැරි උන්ට මාව දෙන්නෙ නෑ ලෙට්ස් බ්‍රේකප් සමුද්‍ර කියලා මැසේජ් එකකුත් කොටල යවපු මං අම්මව මිරිකගත්තා....

අම්මෙ....අර මිනිහා මොකක්ද අම්මෙ කරන්න යන්නෙ....අනේ....කිරිය තනකොල ගලවන් යනවා...සුකුමලා වෙන කොහෙවත්....අප්පච්චි මොනාද අම්මෙ පොවලා තියෙන්නෙ.....මට මගෙ නම්බ්ව නැතිවෙන්න යන්නෙ...අපි මෙහෙම ලැජ්ජා උන මිනිස්සු නෙවෙ අම්මෙ.....අපි මොනරවිල මිනිස්සු අම්මෙ......

මොනරවිලලාගෙ සායම මුන් යවනවා සුදු මහත්තයා ...උඹගෙ නොදරුවට සද බොදවෙලානේද.....තව ටිකෙන් ඕකා මාලු ලෑලි ගලවන් යයි...මං මගෙ මිනිහගෙ හැටිත් නොදන්නවා නෙවෙ...මෙච්චර කල් ඇදේට බලලා බලාල අද බොන්ඩ අඩගැහුවා...හරිම බඩුවක් තමයි.....

මන් ලැජ්ජාවටම මූන හංගගත්තා.....මගෙ මිනිහා අප්පච්චිව අල්ලන් දමාගන ඉබිනකොට මට පුක හපාගන මැරෙන්න හිතුනා.....අප්පච්චි මුන් ඔක්කොටම බොන්ඩ දීලා හීන් නූලට බොරදියෙ මාලු බානකොට මගෙ මිනිහා හත් පොලෙ ගාගන්ඩ හැදුවා....

අනෙ යකො මං මුලු වැල්ලෙම සරම් කැඩුවත් නම්බුයිනෙ.....

මාමෙ.....

කියපන් සුදු පුතා...දැන් ඒපාර මොකද කියපන්කො....

මාමා ඇහුවා මගෙන් ...මන්...අක්කට...

ඔව්...දැන් අක්කව උඹට එපා කිව්වනෙ....

ඔව්...අක්කව...එපා...මට ඕනෙ...මට.....මට අක්කව එපා...මට ඕන....

මාවද....උඹට මාව නම් මාත් හා.....ශේපට මේක රන් කරමු....

ප්..පිස්සෙක්ද බන්....මාමෙ...මේ.අහපන්...මං හරි ආදරෙයි ආ....ආදරෙයි කියන්නෙ...ආය....හිකෙන ආදරයක් ආ...තියෙන්නෙ හරිය...මං ..මං ආදරෙයි යකො...මට දියන් මාමෙ....මං ඒකව ඇහැක් වගේ බලාගන්නම්....

දෙන්ඩ ඉතින් කාවද කියකො....මාවද...සුදු පුතා ටහුක්....මූ ඉඹිනවා නේද....හා..හා.....මාත් ආදරෙයි...මාත් ආදරෙයි....එක්කො උඹව මං වඩාගන ගෙදර ගිහින් දාන්ඩද...කාටද ආදරෙ.....

මං....මන්....ආදරෙයි...ඔහෙගෙ.....ප්....ප්....මගෙ....ස්..සී.....

අනෙ අම්මෙ.....මන් ඉවරයි අම්මෙ ...හැන්දා මාව හැදිගාවලම යවන්න යන්නෙ....

මං අම්මගෙ අතෙ එල්ලුනා.....අරකා.ගොත ගගහා සීදේවි කියන්න කට හදනකොට මං අම්මා දිහා බලාගන අම්මගෙ අතේ එල්ලෙනවත් එක්කම මේ මගුල් අස්සෙ අම්මටත් කලන්තෙ දැම්මා...මට උතුර දකුන මාරු උනා....

දෙයියනෙ අම්මට අරුන්ගෙ පාරක් වත් වැදිලද...

අනේ අම්මෙහ්...අම්මෙ...අම්මෙ.....අම්මෙ නැගිටින්ඩකො අම්මෙ.....අනේ අම්මෙ....

මං කෑ ගැහුවා....වැටුන අම්මගෙ ඔලුව ඔඩෙක්කට අරගන කම්මුල ට තට්ටු කර කර මං අම්මට කෑගහනවත් එක්කම ජබර කලන්තෙ ඇල්ලුවා හා සමානව වැටුන අම්මා ඇහැක් ඇරියා...

පැනලා යන්ඩ කතාව ...තැනේ හැටියට ඇනෙ ගහගන්ඩ බෑ....මෝඩයා වගේ අම්මෙ හුම්මෙ නොගා අප්පච්චි ට අඩගහපන් සුදු මහත්තයා ...උඹට දෑවැද්දට අම්මට මල් වඩමක් තමා දෙන්න වෙන්නෙමෙහෙම ගියොත්.....හැන්දා හදන්නෙ මාවත් හිරෙ යවන්ඩ.....මෝඩයා...කෑගහපන් කට උල් කරන් බලන් ඉන්නෙ මට මෙහම ඉන්ඩ බෑ

කොල්ලො.....

අ..අ..අම්මෙ....ඔ...ඔයා...

කෑගහපන්.....බෙරිහන්දීලා වත්..

මගෙ කට ඔහෙක් වෙලා ගියා.....මොනර වන්නම නටපු අම්මා අනිත් පාර ආයම කලන්තෙ දානකොට අම්මව ඔඩෙක්කෙ තියන් උන්න මං මට පුලුවන් උපරිමේටම කෑ ගැහුවා....

අනේ..අපි...ඉවරයි...අයි....යේහ්........!!අනේ..මගෙ....අම්............මේහ්....අප්පච්චි ....අපි....ඉව.....රා...යි....අනෙ.....අම්මෙ....හ්....ඇස් ඇරපල්ලකො...දෙයි....යා............හ්හ්

ව්...විහාරා....දෙයියනෙ....

ස්..සුදු.....අක්...අක්කෙ....මාමෙ....අපෙ...අක්...කා...අක්කෙ මගෙ...අක්..කා...

මාව අතෑරපන් බන් උඹලගෙ අක්කා වැටිලා....ටම සුදු පුතා අතෑරු යකො.....

අනේ....අප්පච්චි....මගෙ අම්මා....යෝහ්..හොදට උන්න මගෙ අම්මා...හ්...

🤌🤌🤌හිහි....

More Chapters