LightReader

Chapter 20 - 19

අයියෝ.....අම්....කැහ්....කැහ්....ටම හැමනිලා කැස්සකුත් ආවා....මේ.....හ්හ්හ්.....

මං උන්නෙ අම්මා ගාව වැටීගන දෙකටම නැවීගන කිඹුල් කදුලු හලාගන...ඒඋනාට අවසානෙදි අඩන පදමත් මටම වැරදුනා වගෙ...උච්චෙම්ම අඩන්න ගත්තු ඇඩිල්ලෙ ට්‍රැක පැනලා මට කැස්සක් ඇල්ලුවා....

එහෙන් කානුවයි බෙදුම් කට්ටයි උන්ගෙ ඉන්දියානු විප්ලවෙ අහවර කරලා මොකට හරි ඇරගන්න ගමන් උන්නා.....කානුවා අරූගෙ කොන්ඩෙන් ඇදගන මැරෙන්ඩ හදනවා...මං බලාගන පසනත් අපේ එකාට දෑත බදලම හිස් උන ස්ප්‍රයිට් උන බෝතලේකින් කෙලලා අරිනවා....හොදම වැඩෙ පොඩි http ට ...ඒත් අපේ එකත් පව්....අරුත් පව්...

අනිත් පැත්තෙන් කිරියගෙ මව් යානාව ලියනගේගෙ කන් ගොඩවෙනකන් දඹානෙ වන්නම වන වන උන්නා...මං හිතන්නෙ ලියනගේට දැන් වැදුන ඒවත් බහිනවා...

මොමියා මොමියා මෝ දෙයියා!!

තව පැත්තකින් කිරියයි සුකුමලයි....සුකුමලාගෙ මූන තනිකරම බූරු කූට්ටමෙ ඉන්න ඉස්කෝප්ප ආසියා වගේ...ඒත් මිනිහගෙ ගමන තනිකරම රුවිත අට වගේ....කොහෙ බලන් කොහෙ යනවද මන්දා.....කිරියා කෑගහන්ඩ කෑ ගහන්ඩ රුවිතෙට ගියපු සුකුමලා අනිත් පාර අම්මගෙ පන හා සමාන ඇන්තූරියම් පෝච්චි පෙරලන් හොම්බෙන් ගියා...දෙයියනට කියන්ඩ සූකුමලාගෙ කකුල් දෙක උඩ ගිය...සරම ආපිට පහතට රීටුවා.....සුකුමලාව ගොඩ ගන්ඩ ගියපු ලියනගෙ ගෙ පලවෙනි වගේම අන්තිම පුත්‍ර රත්නෙත් වෙරි නැතුවම ඒ උඩට වැටුනා....

කිරියගෙ කකුල් දෙක සුකුමලාගෙ එකට වඩා වැඩියෙන් උඩ ඉස්සුනා....

එකම මගුලයි....ගිරියෙන් කෑගහල කැහැපු මට දැන් වචන නෑ..... මගෙ කට ඇරිලා ගියා....කට තනිකරම අමු අඹ එක්ක ගැට සියඹලා කැවා වගේ ඔහෙක් වෙලා ඇස් දෙකත් මෙහෙක් වෙලා ගියා..... අනිත් පාර මෙච්චර වෙලාම ඇස් වහන් උන්න අම්මත් ඇස් ඇරියා.....

ආ බන් සුදු මහත්තයා මාව කවුරුත් උස්සන්න එන්නෙ නැද්ද....??

.නෑනෙ අම්මෙ...හරි හුත්තවල් තමයි අම්මියෙ එලියෙ වෙන්නෙ.....ආන් බලන්ඩකො එලිය....හරි ජවුසන් නේද අනෙ....ලැජ්ජහෙ බෑ...අනෙ අම්මෙ.....මොනරවිල මුනුබුරු බෑනා ඔයාගෙ කසාද මනුස්සයගෙ කරේ...ඒ මිනිහා මගෙ නම්බුව කනවා....නිකන් නෙවෙ අම්මෙ අනාගනම කනවා....

අනෙ ඇත්තමයි අම්මෙ මං අද නම් පැනලා යන එක යනවා මෙච්චර දෙයක් වෙලත් කොහොමද අම්මෙ මන් හෙට උදේට අප්පච්චි ගෙ මුන බලන්නෙ....අපෙ පරම්පරාව මන් වත් රකින්ඩ ඕන අම්මෙ...අම්මගෙ මනුස්සයත් දැන් කීපරක් බෑන කියලා නොබලා පුකට ගැහුවද ....

ඇත්තමයිඅම්මෙ ඔව්වා චයිල්ඩ් ඇබ්‍යූස් වලටවැටෙන්නෙ හොදද...මේවට නම් දිවන්ගත රදලයොත් අපිට සාපකරයි දෙයියනෙ....අනේ මොනරවිල කිරි මුත්තෙ මුන්ගෙ ඔලු පාදන්ඩකො...ආ අම්මෙ ..යනකොට අර තේක්ක අල්මාරියෙ තියන තේ කෝප්ප සෙට් එකවත් අරන් යන්නම් නේ.....නිකන් පැනල යන්ඩ ලැජ්ජයි වගේ...අනික පැනලා ගියා කියලා නෑ...දෑවැද්ද නම් ඕනෙමයි අම්මෙ...මේ මිනිහ මගෙ නම්බුව කෑවට ඔයාලාට බෑනෙ මාව හිස් අතින් යවන්න....නේ අම්මෙ ඈ....

අර බුරුතකකුල් අල්මාරියයි අත්තම්මලාගෙ වලව්වෙන් කවිච්චියයි නම් අනිවාර්යයෙන්ම ඕනා අම්මෙ ඈ.....හතර වියන් ඇදත් තිබ්බ නම් ඔක්කොම සම්පූර්නයි අම්මෙ...

ආ අම්මෙ.....

අර..අර...පේනවද...අප්පච්චි ට මොකද වෙලා තියෙන්නෙ ඇත්තමයි අම්මෙ මං දැන්ම යනවා පොලිසියට....මිනිහෙක් හදාගන්ඩ බෑනෙ මෙහෙම මාමන්ඩියෙක් එක්ක....ඇයි යකො ..මං මෙහෙ නැහීගන පවුල් මෙව්වා එක මෙව්වා කරගන්න හදනවා....අනේ අම්මෙ ඔයාගෙ මනුස්සයට මොකක් හරි කියන්නකො අපිට බනින කට මෙව්වට නැද්ද අම්මෙ...ආ....

ආ ඇත්තට....උඹගෙ දොන්තයත් මාමෙ මාමෙ ගගා කී පාරක් මගෙ මිනිහව ඉම්බද ..එතකොට ඔව්ව මොකට දන්නෙ නෑ අයිතිවෙන්නෙ ...මගෙන් ලුනු ඇබුල් නැතුව අහගන්ඩ තමයි ඔය උඹ හදන්නෙ ....කිව්වත් වගේ මේ මිනිහා මගෙ නම්බුව කනවා.....ලමයා හම්බෙන්න ඉන්න ගෑනිට වඩා උඹගෙ හැන්දව ලොකු වෙලා.....මොනරවිලලා කවදාවත් ඕනාවට වඩා මිනිස්සු කරට ගත්තෙ නෑ සුදු මහත්තයා....බලන් ඉන්නෙ නැතුව මොකක් හරි කුඩු කරලා වත් අවදානෙ ගනින් සුදු මහත්තයා ....උඹට බුරුත කකුල් නෙවෙ තියන කකුලුත් නැතුව යන්න වෙන්නෙ.....කවිච්යි බුරුතයි ගන්ඩ කලින් ඔය හැදි ලමයට වෙන ගෙයක් ගන්ඩ කියපන් උඹ හදන්නෙ ලුනු පොල්කට්ටෙ ඉදන් ඩැහගන යන්ඩ.....මොකක් හරි කරපන් සුදු මහත්තයා ....

එක්කො මාත් කලන්තේ දාන්නද අම්මෙ...

උඹටයි මටයි හෙට එලිවෙනකන් ඉන්න වෙන්නෙ මෙහෙම තමයි....අර හැන්ද හදන්නෙ මගෙ කසාදෙත් කටු ගාලා උඹවත් පරිවාසෙට දාන වැඩක් කරන්න....මොකක් හරි කරපන් සුදු මහත්තයා....අත්තම්මලා ලව්වා නූලක් වත් මතුරවගන ගෙන්න ගන්න ඕන.....

ඒක තමයි අම්මෙ.....අපෙ මිනිහට ඉනට සුරයක් වත් දම්මන්න ඕනා...ඇබ්බැහි උනොත් අඩපන වෙලා යයි අම්මෙ....මට ඇඩූ කදුලෙන් පවුල් කන්න පුලුවන්ද අම්මෙ....

මෙහෙම ගියොත් නම් උඹට ඒ පවුල නැතත් මේ පවුල නම් ශෝක් එකට කන්න පුලුවන් වෙයි සුදු මහත්තයා ...මගෙ කොන්ද ඇදුම් කනවා බන්...කෑගහපන්කො.....

ඕනාවට වඩා කම්ෆර්ටබල් වෙන්න ගිහින් අමුවටම අම්මා ඉස්සරහා කුනුහර්පයක් කියවුන මගෙ කට ඔහෙක් වෙලා ගියා.....හතර අත දාලා උන්න අම්මා අනිත්පාර ඇගවිතරක් එක ගානට තියාගන ඔලුව විතරක් යන්තමට උස්සන් අනිත් පාර මා එක්කත් ඇරගන්න හැදුවා..ආයම මා එක්කම එකතුවෙලා අපෙ මිනිස්සුන්ට බනින්න ගත්තා....අවදානෙ නැතිම වෙලා ගිහින් තියන වෙලාවක මං මගෙ ඇස් කරකව කරකව අවදානෙ ගන්න දෙයක් කරන්න ගිහින් තවටිකෙන් හොම්බෙන් ගිහින් මගෙත් දත් ලෙෆ්ට් වෙනවා.....

කොටින්ම අපෙ ගෙදර තනිකරම පප්පා ගම වෙලා.....එහෙන් දඹානෙ වරුනෙ....අම්මගෙයි මගෙයි මොනර වන්නම...කාට කාටත් හොරා මූදට දාපු කිරිමල් නැවෙ ඈඩියාව...පසනලාගෙ හොටු පෙරන් ඇඩිල්ල...මේ ඔක්කොම එක්ක මොනර වරුනෙ හෝදලම දාන තෙමුද්‍ර කපල් එක මාවයි අම්මවයි අපේ පාරම්පරික නම්බුවයි හෝදලම දැම්මා.....

සුදු පුතා....අහකටවෙයකො...මාමා උඹව වඩාගන්ඩද....එක්කො වඩාගන ගහන්ඩද ...අහකට වෙය සුදු පුතා අර ගෑනිට කලන්‍තයක් අල්ලාල අරූ කෑගහනවා....

පි...ස්සෙක්නෙ බන් උඹ...මාමෙ....මේ අහපන්කො....සුදු අක්කා වැටුනට.....මම වැටෙන්නෙ නෑ.....මේ අහප...න්...මේ අහපන්කො...මං ආදරෙයි....හරිය....ඒක මතක තියාගන්ඩ ඕන හරිය...

හරි බන්...හරි.....උඹ මට ආදරෙයි කියන්ඩ දන්නවා...මාත් ආදරෙයි.....හැබැයි උඹ දන්නවනෙ.....මගෙ මාමා කාම් අහවරවෙයි රෝන් සයිඩ් ගියොත් ආ...

ප්...පිස්සුවක් ඇතෑ...ආය.....මාමගෙ....සුදු....පුතා...මගෙ ඔරුකදත්...දිරාලා....කොල්ලෑවෙ....ලනු කැඩීලා...මාලු එක.....චූටියා...දෙක...ඌ....එක....

උනොත්...කන්ඩ...දෙන්නෙ....වැලිද...එ..ඒ...හොද....වැඩේ...

මාව අතෑරුකො......සුදු මහත්තයා ...ඒහ්....සුදු මහත්තයා ...ඔය අම්මට වතුර ටිකක් වත් ගාපන් පුක කඩාගන එහා මෙහා නොදුහා මේ ගෑනිත් දැම්ම වැටුනා ..ශිහ්.....ඒහ්....හැන්දා.....

ම්ම්ම්....හැන්දා නෙවෙ...හැ.....න්...න...දිගෙ....ඒත්...මං ...ආ...සයි...මට....හැන්දා....කියනවට....හු....ර්තල්....

අනේ අම්මෙ.....හ්හ්...ඔයාව බලන්න අප්පච්චි එන්නෙ නෑ අම්මෙ....මගෙ මිනිහව අප්පච්චි වඩාගත්තා....මොන ලැජ්ජාවක්ද අම්මෙ...ඇත්තමයි මං දැන් පනිනවා මූදෙ...අපි නුවර මිනිස්සු දෙයියනෙ.....කවදාවත් නුවර උන් මෙහෙම ලැජ්ජා උනේ නෑ....මං නම් පනින එක පනිවාමයි අම්මෙ.....

මං මැරෙන්න හැදුවා....මගෙ මොනර පුක වන වන නැහුනා.....අතපය ගසන ගසන වාරයක් ගානෙම මොනර පිහාටු වීසිවෙනකොට මෙච්චර වෙලාම වැටිලා උන්න මොනරිත් රවාගන පිල් විදහගන නැගිට්ටා...නැගිටලා මොනර පෙදෙ ගසලා මගෙ දිහා බලාගන ඉදලා ඉදල ගස්සගන වගෙ එලියට බැස්සා....

එ එක්කම මෙච්චර වෙලාම පප්පා ගමේ කොයි පැත්තෙන් කියන එකටද කන් දෙන්න ඕන කියලා හිතාගන්න බැරිව මොන්ගලේ ගහල වගේ උන්න "සූසවෙසංගතා"අනිත් පාර සාගරිකට කතා කරන එකත් නවත්තලා තටු ගගහා තටු ගගහා අම්මට කෑගහන්න ගත්තා...

ඌ කෑගැහුවට වැඩක් නෑ....මහ මොනරි ගස්සපු ගැස්සිලට මගෙ කටත් ඔහෙක් වෙලා ඇසුත් මෙහෙක් උනා...ඒ තරම් අම්මගෙ ගැස්සිල්ලයි පැද්දිල්ලයි...

ම්හුක්...මෙයාව එයාගෙ කසාද මනුස්සයා සැපට තියන් ඉන්නවනෙ .....පද්දන හැටි...

"අම්මියෙ......අම්මියේ...සුදු පුතාගෙ....අම්මියා...."

තේජක!!

අ..ආ...සුදු.....ඔයාට සිහිය ආවද... මං එන්න උන්නෙ.....මූට වැදිලනෙ බන්....මොකද කරන්නෙ....මේකා හෙන ලපටියෙක්නෙ...බොමු කිව්වට වදිනවනෙ....කෙලින් කටින් ඉන්න බෑනෙ මූට...සුදු පුතා කෙලින් ඉදුකො

වදිනවනෙ.....වදිනවනෙ තමයි....!!දෙයියන්ගෙ නාමෙට මට ලැජ්ජා නොකර ඔය නාඩගම නවත්තනවද තේජක...මොන නාඩගමක්ද මේ නටන්නෙ.... වදිනවනෙ අහන්නෙ ඔයා මේ කොල්ලට බෝතල් කියක් අමුවට පෙව්වද.....???මට නම් ඔයා ගැන ලැජ්ජයි තෙජක....ඔය කපටි මායම් දාලමයි මාවත් රවට්ටගත්තෙ .....ඔය ළමයා අනිකා....බොන්ඩ බැරි මගුල් බීලා නිකන් නාස්ති වෙනවා...ජරාව බොන්ඩ එපා ලමයො.....මං මගෙ ජීවිතෙ මේ තරම් ලැජ්ජා වෙලා නෑ ...අපේ වලව් නම්බුවට මොකද වෙන්නෙ තේජක....මොනරවිලලා මෙහෙම නෑ තේජක.....මට වෙන්නෙ මූදෙ පනින්න

අරූවත් ඇදම්ම පැනපන් .....අනේ පින් අයිති වෙයි ඔය නුවර වැනුම නවත්තනවා විහාරා.....මගුලක් කියනවා ඒ අස්සෙ...මට ඔය මොනරු පේන්ඩ බෑ ඕයි...ආ ඕයි අනික මූට වෙරි උන එකෙයි තමුසෙව මං දාගත්ත එකෙයි සම්බන්දෙ මොකක්ද කියනවකො....??

තමුසෙනෙ ඕයි සියවතාවක් විතර දන්සලේදි මගෙ දිහා බැලුවෙ.....ඒ හින්දා නෙවෙද මං දන්සලෙ කොල්ලා ලව්වා තමුසෙට මඥ්ඥොක්කා මුල් දෙකකක්ම දුන්නෙ ..තමුසෙත් විරිත්තල ගත්තනෙ...තව උන්නා නම් ඕයි මට මඥ්ඥොක්කා කොටුවකට බහින්න වෙනවා.....

 . හරි මගුල් තමයි දැන් කියන්නෙ....සුදු පුතා කෙලින් වෙය.....උඹලගෙ අක්කා උඹට ජරාව බොන්ඩ එපාලු ඇහෙනවද ....

හ්...ම්...හ්ම්...හා...රි....අක්කා...කියනවා...නම්....හා.....මාමෙ....එ උනාට...අක්කෙ....මාමට....බනින්ඩ එපා හරිය...මාමා...මගෙ....මං....මාමගෙ.....හරිය.......ජරාව....මේවා...පුරුදුවෙන්ඩ....බොන්නෙ...නෑ...කියපන්....මචන්...

පිස්සුනෙ...අක්කට....

ඒකනෙ...සුද්දා මේවා පුරුදු වෙන්ඩ බොන්නෙ නෑ.....හරිය...ඇහුනනෙ...විහාරා....

හරිය...මුගෙ හුරතලේ යකො හරිය තමයි...

අනේ ඇත්තට....හරිම සෝක්.....හරිම සෝක්....අප්පච්චි ලාගෙ....හැන්දයියලාගෙ කෙරුවාව හරිම අපූරු‍යි ඈ.....මං මේ බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන ආවෙ...

මොන ලැජ්ජාවක්ද අයියෙ මේක....මොන ලැජ්ජාවක්ද....ආ හැන්නදිගයියෙ ....ඔයා පීනන්ඩ තරන් සල්ලි හෙව්වත් වැඩක් තියනවද ආ...ඔයා පීනන්ඩ තරන් සල්ලි හෙව්වත් වැඩක් නෑනෙ අයියෙ ඔයා මේ විදිහට නම්බුව නැති කරගන්නව නම්...හොදට මතක තියාගන්න හැන්නදිගයියෙ අපි වංශවත් පරම්පරාවකින් එන උදාර මොනරවිලලා....අපි නුවර මිනිස්සු කවදාවත් මෙහෙම ලැජ්ජා වෙන්නෙ නෑ ....

ඕහ්.....පටන් ගත්තා...මගෙ....වෙරිත් බහිනවා.....මාමෙ...ඔය වලව්ව සමතලා කරපියව්කො කවෘ හරි....මොනර හැත්තට හමන්නන්න දාලා...මාමෙ.....!!

මං තනිකරම නිකන් හතරකන්මන්ත්‍රනේට කන් දුන්න ජූතක බමුනා වගේ....මොනර පිල් විදහාගන තටුගසාගන ගියපු අම්මා මගෙ වෙන්ඩ මිනිහව බදාගන වගේ උන්න අප්පච්චිට අර උරහිස්වල පායපු තරුවලට ආපිට අහසට යන්න පාර කපනකොට බිත්තර දාපු කිකිලගෙ පුක එහා මෙහා කරන්නා වගේ මොනර පෙදේ එහා මෙහා කර කර උන්න මමත් අනිත් පාර ඒ මැදට පැනලා හිටගත්තා....

නිකන් නෙවෙ මොනර පුක උඩ ෆුඩ් සිටි දෙකක් එක්ක එකපාරම බර්ගකින්ග් එකක් ගහන්න පුලුවන් තරමට මගෙ පුක දික් කරන් මං අත් දෙකත් ඉනට තියන් ලෑල්ල වගේ තියන පපුව ඉස්සරහට දාලා රවාගත්තා...රවාගන කෙලින්ම අපෙ අප්පච්චි යි මගෙ මිනිහයි දිහාව සුරාජ් රාටිගෙ අම්මා සප්නා දිහා බලන්නා වගේ ඇස් ලොකු කරන් රවාගන බලාගන ඉදලා මගෙ මොනර හොටෙ ඇරියා...

ඒ එක්කම මගෙ වෙන්න මිනිහත් පයර් උනා....අපෙ අම්මත් පයර් උනා... සූසවෙසංගතත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා....ඔක්කොටම පොවලා ගිනිතියපු අම්මගෙ කසාද මිනිහා විතරක් මාරු උනා...!!!

මාමෙ...මාමෙ තමයි...ඔය ලමයට නම් ලැජ්ජාවක් ගෑවිලා වත් නෑ.... නම්බුවක් ගැන වගෙ වගක් නෑ.....අපි නුවර මිනිස්සු ලමයො...

මා...මේ....මාව...බේරපන්.....මාමෙ...

ටහුක්....මොනර කරදරෙ .....ඇත්තමයි මං ඔය වලව්ව....ගිනි....තියනවා...මාමෙ...

ගින්දර මගෙ ගානෙ සුද්දා!!!උඹට එච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද මෙතන.....

"ඌ...ජරාව බොන්ඩ එපා ලමයො.....නාඩගම....නාඩගම.....ජරාව බොන්ඩ එපා ලමයො....තේජක ජරාව බොන්ඩ එපා තේජක....අපි නුවර මිනිස්සු....එව්...වහංගතේ....වහංගතෙ....නුවර වහංගතෙ.....හැමනෙන්න තේජක.....වහන්ගතෙ....සමනා.....ල්ල්.....සුදු පුතා මගෙ....කැතයා වහංගතෙ...."

*

*

*

විහාරා....තමුසෙට මොකද සුදු....

මොකද අහන්නෙ....වෙන්න ඕන එව්වා ඔක්කොම උනාට පස්සෙද අහන්නෙ තේජක....සුදු මහත්තයා ඔය කොල්ලගෙ ඉහ මුදුනට දෙහිගාපන් කටට නොගා....කටත් මොකක්ද කරන් ඔහේ අතුල්ලනවා.....දෙහිම තමයි දැන් අතුල්ලන්න ඕන...

කොහොමෙන් කොහොම හරි පප්පා ගමේ වලි මලි ඔක්කොම අහවර උනා...දඹානෙ මැනිකෙ ලියනගේව අරන් ගියේ දඩු කඩේ ගහනවා කිය කිය වෙද්දි සුකුමලා මොනාට හරි කිරියට දනගහලා වැදලා සමාවෙන්න" කිරි කැටියෝ" කිව්වා...

ඩෝප් වෙලා උන්න සුකුමලාගෙ නාඩගම් දිහා බලාගන ඉන්න කිරියගෙ මූන නම් එවෙලෙ කිරි කැටියෙක් කෙසේ වෙතත් කැරි කිටියෙක් වගෙ වෙලා තිබුනා..

කාකොටාගත්ත පසනල් කපල් එකත් මරාගන කාගෙන අඩලා අඩලා අවසානෙදි පින්කි ප්‍රොමිස් එකෙන් යාලු වෙලා කානුවා උගෙ ගෙම්බා කතන්දර පොත පසනට පෙන්නන අම්මලාගෙ කාමරේට එක්ක ගියා...

හ්...හා ඉතින්....මෙයාට වමනෙට වගේලු අම්මෙ....හරි මගුල් තමයි....මෙයාලා බොන්නයි අපි දෙහි ගාන්නයි.....ඇත්තමයි අප්පච්චි ඔයාට වත් අපේ නම්බුව රකින්න බැරිද අප්පා....නිකන්ද අප්පා

මේ සිහත්...මං උඹව අනිත් පාර කූඩු කරනවා මොන මගුලක්ද යකො මේක...මගෙ කනුත් කැක්කුමයි ,ආය වලව් කස්තිරමක් ගහන්ඩ ගත්තා...යකො මේ අම්මන්ඩිටයි මූටයි වලව් වන්නම ඇරුනම වෙන මොකුත් නෑනෙ....පුදුම කරදරයක්නෙ මේක....සුදු පුතා මේ දෙහි එක ගහපන්....උඹට වෙරි මදිවට පිස්සු හැදෙයි නැත්තන්.....උඹ කිව්වා වගේ ඔය වලව්ව ගිනි තියන්ඩ ඕන.....මහ උන් දෙන්නා මෙහෙ ආවම මමම ඕඩරයක් දීලා ඕක ගිනිතියලා පස්සෙ හිස් ඉඩමෙ ගංජා වවනවා...ඇයි හු...

..අනේ මේ තේජක....මගෙන් අහගන්න එපා...

ඇයි...ඇයි...අනේ නිකන් ඉන්නවා ඕයි...අවුරුදු ගානක් තිස්සෙ ඔය ලබ්බ අහනවනෙ ඕයි....ඕක රාජසන්තක වෙන්නෙ නෑනෙ....මගුල...මූට මගෙන් කියලා මොකුත් ගිහින් නෑ....තමුසෙගෙ වන්නම නම් එහෙම්ම ගිහින් තියනවා....මගුල...සුදුපුතා කෙලින් වෙයකො.....

ම්...මාමෙ...මගෙ කොල්ලා...කෝ....පසනා....තාත්තා.....

ඩෝප් වෙලා...ඉන්නෙ....කෝ..මගෙ...කොල්ලා...

පසනා ඉන්නවා...පසනා ඉන්නවා...ඌ නිදි ...

ප්...පිස්සු...ඌට මං නැතුව නින්ද යන්නෙ නෑ....ඌට....පප්පා තාත්තව ඕන....පසනා....වරෙන්...තාත්තා.....උඹව...දොයි ...කරවන්න.....

හරි හරි මේක බීලා ඉදපන්කො.....පුත්තු නලවන බෑනෙ වෙරි පිටින්....ඒවා හොද නෑ..... ..

ම්ම්....හොද....නෑ....මං ..ඌව හෙට....ඉස්කෝලෙ අරින්ඩ ඕනා...මාමෙ....පව්...ඌ...පප්පා වගේ මෝඩයා වෙන්ඩ හොද නෑ...හරිය ...පසනා....ඌ....ඌ....ලොකු...

මහත්තයෙක්...වෙන්ඩ ඕනා....ඒත්...හැබැයි ඌ...මනුස්සයෙක් වෙන්ඩ....ඕනා...ඔක්කොටම...කලින්....පව්....ඌට.....පසනා....වරෙන් තාත්තා...ගාවට....

මට දුක හිතුනා...කොච්චර කොහොම උනත් අවසානෙදි ගෙදරට ඉතුරු උන හැදි බෑනව ලගට කරගන අප්පච්චි දෙහි පෙව්වා...අම්මම මගෙ අතට දෙහි බෑවක් දීලා ඉහට අතුල්ලන්න කිව්වා ...දෙහි බෑව අතුල්ලන වාරයක් වාරයක් ගානෙ මං මගෙ එකාට හොර හොරාවට ටොකු ඇන්නත්...දෙහි බෑව කටේ ඇතිල්ලුවත් වෙරියෙන් ඉදන් කියවපු කතාව එක්ක මට දුක හිතුනා....

වෙරියෙන් උන්නත් එයා එකපාරම කිව්වෙ පසනට එයා නැතුව නින්ද යන්නෙ නෑ කියලා....

මෙහෙම ආදරයක් දෙනකොට පසනා උනත් මගෙ සමුද්‍රගෙ පුංචිම වෙනසකින් හිත රිදවගන්නෙ නැද්ද දෙයියනෙ.....

සුදු පුතා...කෝ මේක බීපන්...උඹට මෙහෙම ගෙදර යන්ඩ බෑනෙ.....පසනා මෙහෙ නිදියෑවදෙන් පව්නෙ කොල්ලව ඇහැරවන් ගිහින් උගෙ නින්ද කැඩෙනවනෙ.....

ප්..ප්..පිස්සු ..මට ඌ නැතුව නින්ද යන්නෙ නෑ...බන්.....ඌටත්....එහෙමයි...ඌ...මගෙ....කොල්ලනෙ.....ක්..කවුරු...කවුරු....මගෙ.....ඇදට....ආවත්...පසනා...ඉන්ඩ...ඕනෙ....මෙ....ස්කීපර් අයියා...ගාව...හරිය.....මං...උගෙ තාත්තා....ප්..පව්....ඌට....මං ....විතරනෙ...තා..ත්තා.....ඌව...දියන්...මට....ගෙදර යන්ඩ ඕන...ස්...සීදේවි.....පප්ප යන්ඩ...ඕන.....ම්..මාපුතා...කොල්ලව...

දියන්...

අප්පච්චි .....

ගිහින් බලපන් කොහෙද කියලා....

මං අතේ තිබුන දෙහි බෑව ආපිට අප්පච්චි අතට දීලා මං එහෙම්ම උඩට දිව්ව....එයා යන්න බෑම කියනවා..පසනව අරගනම යන්න ඕන කියනවා..එයාගෙ ඇදට කවුරු ආවත් පසනා ඉන්න ඕන එයා ගාව කිව්වා...එයයි පසනගෙ තාත්තා කිව්වා...

පසන්...උඹ මටත් වඩා වාසනාවන්තයිද කොහෙද ...

මං උඩට දිව්වා....වෙනකොහෙටවත්ම නෙවෙ කෙලින්ම අම්මලාගෙ කාමර්‍ර්ට.....ඒ යනකොටත් පසනයි මගෙ චූටිමල්ලියි දෙන්නම උන්නෙ ඇද උඩ....අනේ උන් දෙන්නට පොතත් මූනට වැටිලා තියෙනකොටම නින්ද ගිහින්...ගහගන...මරාගන...අඩාගන...අවසානෙදි උන් දෙන්නා ආයම යාලු වෙලා.....

සමනල් දගලනවා...එහෙන් පසනා නින්දෙන් කෙදිරි ගානව...පොත අහකට කරපු මන් පසනා දිහා බැලුවා...ඒකගෙ චූටි අතක ඇගිලි ඇතුලට ගුලි වෙලා තිබුනා...

වෙනමොකුත් නෙවෙ සමනල් මටවත් සුවද නොබලන්න දෙන උගෙ ගෙම්බෙක් ඉන්න මකන කෑල්ල.....ඌට ඒක තනිකරම නිදානයක් වගේ.....ඒත් ලොබකමක් නැතුවම පසනට දීලා....

හොදම යාලුවො පන හරි දෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති...මටවත් නොදෙන දෙයක් පසනට දෙන්න හිත හදාගත්තා කියන්නෙ....සමනල්ට ඉන්න හොදම යාලුවා පසන් කියන එක නෙවෙද....

ම්ම්...ත්..තා..ත්...

හරි...හරි.....තාත්තා ඉන්නවා...අපි ගෙදර යන්.....අඩන්න එපා.....අපි ගෙදර ගිහින් තාත්තා එක්ක දොයියමු...

මං පසනව වඩා ගත්තා..ඇහැරන් ඉන්නකොට කොච්චර අන්කරේට ගියත් එහෙන් මෙහෙන් උරුම් පූට්ටු වෙවී බැන්නත් ..අපහස නම් කෝටියක් කිය කිය මැතිරුවත් පසනව වඩාගත්තු මං නින්දෙන් අඩාගන එන ලමයගෙ පස්සට තට්ටු කෙරුවා..හරියටම සමනල්ව නිදි කරවන්නා වගේම මන් මට ලේ නෑකමක් ගෑවිලා වත් නැති නේ පොඩි කොල්ලව ඇහැරෙන්නෙ නැති වෙන්න නැලැව්වා....

අප්පච්චි ....

නින්දගිහින්ද.....

ඔව්.....

සුදු පුතා....මෙ ඇහෙනවද...

ඔ..ඔව්..බන්....ඔව්...මාමෙ...මට..බීරි...නෑ....බොසා....සීදේවි....කොල්...ලා..දියන්...

නෑනෑ...සුදු මහත්තයා කොල්ලව අරන් යමන්.....

මං ගියාටකමක් නැද්ද අප්පච්චි ...

කමක් නැද්ද අහන්නෙ...උඹ‍යි අරුයි කොයි වෙලෙත් එහෙ රිනගනවනෙ....ඔය බතුත් කවාගන ආවා කියන්නෙ....උඹලගෙ හැන්දා වම බලන් දකුනට යන්නෙ....කොල්ලා එක්ක හොම්බෙන් යන්න තමයි.....එක්ක යමන්.....

මටත් තනිකරම ඉබ්බා දියට දානකොට දැන් නෑවෙ කියන්නා වගේ උනා....බොරුවට පස්ස ගැහුවත් මට ඕන උනේම එක තත්පරයක් හරි එයා ගාව තනිවෙන්න වෙනකොට එකපාරක් බෑ කියපු මං අනිත් පාර එයාව අතින් අල්ලන් අනිත් අතින් පසනව වඩාගන එයාගෙ ගෙදර එන්න ලෑස්ති උනා...

අයියෙ.....

පසනව...දියන් සීදේවි...

..ඔයාට බෑ සමුද්‍ර....වැටෙන්න තමයි..කෙලින් ඉන්ඩ බෑ වෙරි...තව මේ ලමයවත් ඉල්ලනවා වැටිලා තුවාල කරගන්නද ..

ප්..පිස්සු....උඹ...මගෙ ගැන දන්න....තරම...රුයිතෙට....ගියත්.....මාව....වැටුනත්...මං ..ඕකව තුවාල...කරන්නෙ....නෑ....දියන් සුදු චූටි ලමයව....

ඒ තරම්ම උඹ පසනට ආදරෙයිද අයියෙ ....??

ගේට්ටු පලුව පහු කරලා අඩියක් දෙකක් වත් එන්න හම්බුනෙ නෑ....එයා මගෙ අතින් පසනව උදුරගන වඩාගන අත් දෙකෙම්ම තුරුල් කරගත්තා...එයාව වැටුනත් ලමයව තුවාල වෙන්න දෙන්නෙ නෑ කියනවත් එක්කම මං එයාගෙන් ඒ තරම්ම පසනට ආදරේද ඇහුව.....

ඒත් එයා නෙවෙ මට උත්තරයක් දුන්නෙ. ..එ වෙනුවට කෙරුවෙ පසනව අත් දෙකෙම්ම තුරුල් කරන් මටත් වඩා අඩියක් වේගෙන් ඉස්සරහට ගියපු එක ....

වෙලාව දොලහෙ කනිසමත් පහු වෙලා...එකටත් කිට්ටුයි.....එයාගෙ ගෙදර ටීවි එක තවම වැඩකරනවා....ඒත් ටීවි බලන එකෙක් නෑ....

මේ රෑ පානෙ චූ බරක් අල්ලපු සයුරියව ඉහෙ ඉදන් පොරවගන එලියට අරන් ගියපු අත්තම්මා ආයම ඒකිව එක්කන් කාමරේට ගිහින් දොර වහගත්තා...

එයා නෙවෙ ආය කතා කෙරුවෙ.....පසනව වඩාගන ආව එයාම කොල්ලව ඇදේ බිත්තිය අයින පැත්තට කරලා පොරවපු එයා එහෙම්ම ඇදට වැටුනා....එ වැටෙනවත් එක්කම මං වචනයක් වත් කතා නොකරම ඇදෙන් එලියට වැටුන කකුල ආපිට ඇදෙන් තියලා පසනවත් එයාවත් වැහිලා යන්න බෙඩ් ශීට් එකෙන් පෙරෙව්වා....

එයා නෙවෙ ඇස් ඇරියෙ ...සුදු චූටි යනවද ඇහුවෙ...බිව්ව එකට බැන්න තරහත් මගෙන් ටිකින් ටික හිතින් මැකීගන මැකීගන යන මොහොතක ආපිට ගෙදරය යන්න ලෑස්ති උන මං ඇස් පියාගන උන්න එයාගෙ ඔලුව අතගෑවා...පොකුට්ට ගැහුන කෙස් කැරලි අස්සෙන් මගෙ ඇගිලි හරි සීරුවට අරගන ගිහින් අවසානෙදි නලලට හාදුවක් තියල එන්න හැරුනා....

හැබැයි මට පුලුවන් උනෙ හැරෙන්න විතරයි ....එන්න හම්බුන් නෑ....මාව එකපාරම ඇද උඩට වැටුනා...ඒකත් එයාගෙ ඇග උඩට....හැබැයි තත්පරයක් වත් මට එයාගෙ ඇග උඩ ඉන්න බැරි උනා.....තත්පරයක් යන්නත් කලින් එයා මාව යටකරගත්තා...නොහිතන වෙලාවක...නොහිතපූ උනුහුම් සුසුම් මූන පුරාවටම පැතිරීගන යන මොහොතක මටත් මගෙ වචන අමතක කෙරුවා....

අ...අයියෙ.....

ශ්ශ්......

......

මැනික...මගෙ...සමුද්‍රගෙ.....වස්...තුව...සමුද්‍රගෙ ආදරෙ...

මාව ගොලු උනා....ගොත ගගහා අයියෙ කියන්න අමාරුවෙන් අකුරු ඇහින්ද මගෙ තොල උඩින් එයාගෙ දබරැගිල්ල තිබ්බා....

කවුරුත් නොබලන ටීවි එකෙ මොකක් හරි වැඩසටහනක සින්දු යනවා....සැරින් සැරේම ටීවි එලිය අන්දකාර කාමරේට එබිකම් කර කර අඩ අන්දකාර කරවන් යනවා....

සම්පූරනම බර නැතිනුනත් අඩක් එ බර දරාගන උන්න මට ඉහලට ගත්ත හුස්ම ආපිට පහතට දාගන්න වත් බැරි තරමට මාව ගල් වෙලා ගියා....

සුදු චූටි ...සීදේවි...නුවර ලබ්බ...ම් පුතා...කියන්න ඕන හැම නමින්ම කතා කරන එයා හරි ගැඹුරට මැනික මගෙ කිව්වා...ඊටත් වඩා බරට සමුද්‍රගෙ වස්තුව කිව්වා...සමුද්‍ර්ගෙ ආදරෙ කිව්ව....මලගම් නොයාම මං ඒ ආදර වචන ඇතුලෙන් නිවන දැක්කා.....ඒ තරමට සමුද්‍රගෙ වස්තුව සමුද්‍රගෙ ආදරෙ කියන වචන මට බරට දැනුනා...

එයාගෙ හුස්ම මගෙ මූන වදිනවා....උනුසුම් සුසුම පුරාවටම මදුවිතේ සැර මුහුවෙලා තිබුනත් ප්‍ර්‍රෙම කුටීර්‍ර්න් ඉපදෙන ආදර වචන හන්දමද මන්දා මදුවිතේ සැර කුයිලෙට වඩා මට මේ රෑයාමෙ ආදර සුවද දැනෙන්න ගත්තා.....

පසනට ඔය තරම්ම.....ආදරේද අහනකොට ...අහන්න...අමතක උනාද....මටත්....මේතරම්....ආදරේද කියලා....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

අ...යි....යෙ...

මගෙ..නේද...ම්ම්.....මගෙ.....වස්තුව....නේද....අමාකර ...කියන්නෙ.....සමුද්‍රෙ ...වහගන.....වැටුන...හද....එලියට ...නම්....මේ...වස්තුව.....මගෙ...විතරයි ..නේද.....ම්ම්ම්....

මට වචන නෑ.....මෙච්චර වෙලාම අප්පච්චි එක්ක පිස්සු නටපු.....කෙලින් කටින් හිටන් ඉන්න බැරිව වැනුන මේ මනුස්සයා මාව අඩමානෙට යට කරගන මාව අසරන කරනවා....අන්ත අසරන වෙන්න ඔන්න මෙන්න උන්න මං එ විසල් ඇදේ ඇද රෙද්ද මිරිකගත්තා....

එයා මං එයාගෙද අහනවා...එයාගෙ විතරමද අහනවා...ඒ මදිවට බඩ පපුව කලතවන් ම්ම්ම්ම්...ගානවා...මගෙන් උත්තර වෙනුවට උනුසුම් සුසුම් විතරක් පිට වෙනව....

සැරින් සැරේම නිල් රතු එලි ඇවිදින් කාමරේට එබි එබියනවා...එ එබෙන වාරයක් වාරයක් පාසාම මං මගෙ ආදර පරානගෙ මූන දකිනවා..මදුවිතෙන් අඩවන් වෙච්ච ඇස් තවත් අඩවන් වෙනවා....පුදුමයි.....මදුවිතෙන් මත්වෙන උන්ගෙ ඇස් එක සීරුවට සරාගි වෙනවා කියලා අහලා තිබුනත් අඩ අන්දකාරෙ උනත් මට බැරි උනා ආදරයක් වෙනුවට තවමත් සෘංගාරෙ තවරාපු බැල්මක් ඒ ඇස් වලින් ඉපදෙනවා බලන්න.....

මගෙ....විතරයි.....කියපන්...සීදේවි.....

ම්...මං උඹගෙ ....ව්...විතරයි...ස්...සුදු අයියෙ.....හැමදාමත්....

අමාකර....මට උඹව ඉඹින්ඩ...දෙනවද.....කාරි නැත්තන් හාදුවක් තියන්ඩද...?

....

පුරුදු විදිහටම...මා...පුතා කියලා නලලට....තියන්ඩද...නැ...ත්තන්...මගෙ වස්තුව...කියන..ගමන්...නලල පහු කරන්.....මෙතනින් නවතින්ඩද....??

මං උන්නෙ ජීවිතෙත් මරනෙත් අතර සටනක..

ප්‍රේමිය...සුරක්ශාව ඉහවහ යන නලල් හාදුවද....ආදරෙත් සෘංගාර රසෙත් කැටි කරාපු ප්‍රංශ හාදුවද.....???

මට උත්තර නැතිඋනා...නලල් තලාවෙන් අගලක් පහලට බැහැගන යන්න මාත් ආස උනා...තත්පර මටත් එයාටත් හොරාවට විනාඩි වලට හැරිගන යනමොහොතක අඩමානෙට මාව යටකරන් උන්න මට තවත් එයාගෙ බර දැනෙන්න ගත්තා....

ප්‍රේම කුටීරය=ප්‍රේමනීය සමුද්‍ර!

මං හිතන්නෙ මගෙපපුවට දැන් තියන එකම කාරිය ලන් ඩබ් ගාන ගමන් ගැහෙන එක නෙව්ද කොහෙද.....මේ පිරිම පරානෙ වෙනුවෙන් ආදරෙ උපද්දවන එකද කොහෙද මගෙ ප්‍රේම කුටීරයට තියන එකම රාජකාරිය.....

ඉන්ධීවර්...

දරාගන්න බැරිම හැගීම් හරි අමාරුවෙන් දරාගන උන්න මං අවසානෙදි එයාගෙ නම මිමිනුවා...

සමුද්‍ර වෙනුවට ඉන්ධිවර් !!

මං බලාගන ඒ ඇස් පවා ගැස්සෙනවා...

නිදිබර නෙත් ඇහැරවන මා දකින සුන්දරම දසුන මා දයාබර සත්සමුදුර....!සන්සාරෙම සුවද කරන ප්‍රේම පරානය දයාබර සමුද්‍ර.....!!

ආදරෙත් ස්නෙහයත් ලෝබකමක් නැතුවම දන්දෙන ප්‍රේමනීය ඉන්ධීවර්!

.සුදු අයියෙ.....පනපිටින්ම මං මෙ සර්වාංගෙ උඹට දන් දීලා ඉන්ධීවර්....ඒ තරමට මං උඹට ආදරෙයි....අදට විතරක් අපිට බැරිද රත්තරන් ....එක තත්පරේකට....වැටකඩුල්ල පැනලා බලන්න.....

පුලුවන් ....මල් නොතලා...රොන්ගන්න දන්න බඹරුත් ඉන්නවනෙ ම්ම්ම්ම්.....නලල පහුකරගන....අගලක් පහලට යන්න කියලද මැනික ඔය නොකියා කියන්නෙ ම්ම්ම්....

මං ඇහැපිල්ලම් ගැහුවා.....එයාගෙ සුවද තැවරුන ඇද රෙද්දෙ එතුන පසනා උන්නෙ ගැඹුරම නින්දක .....අදට විතරක් වැටකඩුල්ල පනිමුද අහනවා එක්කම ඒ ගොරෝසු දබැරැගිල්ල මගෙ නලල උඩ වැදී නොවැදි හීන් සීරුවට දෙතොල උඩ නවතිනවත් එක්කම මටත් නොදැනිඅ මගෙ පපුව ඉලිප්පිලාම හුස්මක් පිටවෙනවා.....

මහ මුහුද රැල්ල ගහනවා...රැයක් දවාලක් නෑ....රැල්ල විසිහත්ර පැයම වැල්ලට හාදු තියනවා....සංසාර ගානක් පුරාවටම රැල්ල ඇවිදින් වැල්ලට ප්‍රේම කතා මුමුනන් යනවා.....මහමුහුදෙ ආදරෙත් මේ තඹ වැල්ල කල්ප කාලාන්තරයක් දරාගන ඉන්නවා...

මන් ප්‍රාර්තනා කරන්නෙත් කල්ප කාලාන්තරේකට මේ ආදරෙ දරන්න්න මගෙ හද කුටිවලට පින් ලැබෙන්න ඕන....

එහෙන් මහමුහුදෙ රැලි බිදෙනකොට....සද එලියක් මහ මුහුද පුරාවට වැටෙන්වා වෙනුවට...මහ මුහුදක් යටකරන් මහමුහුදක් ගලන්න ගන්න තත්පරේක මටත් නොදැනි නුහුරු...නුපුරුදු අඩ සෘංගාර් හැගීම් රැලි යටිබඩපුරාවටම බිදෙන්න ගත්තා......

ස්...සමුද්‍ර.....

ම්ම්ම්ම්....ඇයි...හදිස්සිද....එහෙම දෙන්න බෑනෙ....මැනික....හදිසි හාදුවල කොහෙද රසක්.....උඹ තනිකරම කවියක් වගේ සුදු මැනික....තුන් තිස් පැයම මට උඹව මුමුනන්න හිතෙන....

තත්පර හැටක් ගෙවිලා ගියා....තත්පර කටුවත් මගෙ දිහා බල බල තව වටයක් කැරකිලා ගියා.....කෝ උඹගෙ හාදුව තවම නැද්ද අහන්නා වගේ තත්පර කටුව තවපාරක් කැරකුනා...

කසිංජි රහත්...මහමුහුදෙ සුවදත් තවරගත්ත රෑ හුලන් පාර හීන් සීරුවට හමාගන යනවා....දෙපලු උන ජනෙල් පියන් වලින් කාමරේට එබිකම් කරන් යන හුලන් රැල්ල ජනෙල් තිර පවා අවුස්සන් යනවා...මේ ඔක්කොම එක්ක රෑ අහසත් එක්ක කුටුම්භගත උන වටකුරු හද එලියත් අපේ තනියටන් චන්දන රැලි එවනකොට ටීවි එකේ රතු නිල් එලියට වඩා ලස්සනට මං එයාව හද එලිය යට දැක්කා....

ඉහලට ගන්න හුස්ම ආපිට පාතට දාන වාරයක් පාසම මාව ඒ උනුසුම් සුසුමෙන් නෑවිලා යනවා....ප්‍රංශ හාදුව පමා කරන වාරයක් වාරයක් ගානෙම හාදුව වෙනුවෙන් බලන් ඉන්න මාව අඩපන වෙනවා.....හදිසි වෙන්න වරම් නැති මට සිද්ද උනේම හාදුව නොවිදම හාදුව වෙනුවෙන් බලාගන ඉදලා තෙහෙට්‍ටු වෙලා යන්න වෙනකොට බැරිම තැන මං මගෙ ඇගිලි තුඩුවලින් ඒ ගන ඇහිබැමක් පිරිමැද්දා.....

ඉතින්....දෙන්නෙ නැද්ද සමුද්‍ර....

විදින්නද...බලන්නද.....අගෙ හිත දෙගිඩියාවෙන් ඉනන් වෙලාවක උඹට හදිස්සිය ගහලා වස්තුව...ඔය තරම්ම කැදරද මගෙ හාදුවට ම්ම්.....මට ඕන වරුවක් විතර බලන් ඉදලා උඹව මහන්සි කරවන්න.....අවසානෙදි හාදුව තියලා ඊටත් වඩා අඩපන කරන....

අමාකර....විදින එක මට උඹව විදින ඕන.....රැයවල් දුසිමක් ගෙවිලා යනකම්ම...!මට උඹව අදම ඕන වගේ අමාකර....ඒත්....පොරොන්දු තියෙන්නෙ රකින්න වස්තුව....පිපෙන්න තියන මල....මගෙම්ම තලන්නෙ කොහොමද....ඒත්.....හාදුවකට එහා නොයා උඹව විදින්න මට අවසර තියනවනෙ නේද.....ම්ම්ම්...??උඹව මටම සින්නකරයි කියන්න මේ ඇසුත් කොදුරනකොට අවසර නැතුව නෙවෙනෙ අමාකර එහෙම නේද ම්ම්ම්...

දෙයියනෙ ඉන්ධිවර්....

මං හිතන්නෙ මගෙ යටි බඩෙ මටත් නොදැනි බිත්තර තැම්බෙනවද කොහෙද ...විදින එක විදින්න ඕනා රැයවල් දුසිමක් විතර කියනවත් එක්කම මෙච්චර වෙලාම මගෙ උඩු තොල්...යටි තොල් වල උනුහුම අයිතිකරන් උන්න දබැරැගිල්ල හිමි හිමීට පල්ලම් බැහැගන ඇවිදින් කෙලින්ම මගෙ බෙල්ල පාමුල නැවතිලා....මාවත් හිරිවට්ටවගනම තවත් දශමෙන් දශමෙ පල්ලම් බැහැන් යනවත් එක්කම

 "ඉන්ධීවර් නම් වූ ප්‍රේමවන්තයා මා අභියස තුසිතයක් හාදුවකකින් මැව්වා....."

ඉන් .....ම්ම්ම්....

මගෙ වචන වලට පින් මදි උනා....ස්වර තන්තු කලඹවන් ඒ නම ඉපදුනත් මක්කද උඩු තොල් යටි තොල් පහු කරන් ඒ නම මුමුනන්න මගෙ වචන වලට පින් මද උනා.....කැරලි ගැහුන කෙහෙ රැල් තනිකරම සමනොල මුදුනින් ගලා හැලෙන දියැල්ලක අසිරිය ගන්නකොට ලෝබ නැතුවම ඒ දිය ඇලි රහ බලන්න මගෙ වුවන පින් කරලා තිබුනා ..

ඝන රැවුල ඇවිදින් තවමත් හරි හැටි ඉදුල් නොවුන දෙතොල කිතිකවාගන ගියාට හාදුවක් නොදීම ඉන්ධීවර් මාව මුලා කෙරුවා...මගෙ ඇස් අඩවන් වෙනවා...හාදුවක රහ බලන්න ආරාධනා කරපු පෙම්වත ඇස් පනාපිට බලාපොරොත්තු බිදලා අවසානෙදි ආඩම්බරේට හිනා උනා....

මගෙ යටි හිත මෙ කසිංජි පුසුඹ කාන්දු කරන මනමාලයා එක්ක් තරහා ගන්නවා...දරාගන්නම බැරිම තැන මං ඒ මූන අල්ල ගත්තා...

සුදු මහත්තයා .....

පප්පා...ස්කීපර් පප්පා...හැන්දා ....පන්නලා මං සුදු අයියා කිව්වා...මීටත් එහා නම් ප්‍ර්‍රෙමෙන් වෙලෙන්න නම් සුදු අයිය කියන වැටකඩුල්ල පනින්නම ඕන බව මගෙ හිත කන්කෙදිරි ගාන යාමෙක අත් දෙකෙම්ම අල්ලන් උන්න මූන මගෙ මූන ගාවට පහත් කරගත්ත මං ඒ කනට කෙදිරුවා.....නිකම්ම නිකන් වචන ගොඩක් ප්‍රේම කුටීරෙ ඇතුලෙ පොගවලා පොගවලා අවසානෙදි ආදරෙන්ම තෙත් කරලා ඒ කන් පෙති වලට මං සුදු මහත්තයා කියලා කිව්වා...

ඒ ඇස් ගැස්සිලා ගියා....

බෙල්ල පාමුලින් දශමයක් පහලට ගියපු ඇගිලි වලට තව නම් ලතවෙන්න බැහැමයි කියල් හිතුනද කොහෙද .....

චන්දන මල් ඇතිරුන විසල් යහන උඩ ප්‍රේමයෙන් සර්වාංගෙ බරකරන් උන්න ඉන්දීවර්ව මගෙ ඇසුත් ...මගෙවචනත් මගෙ හැගීමුත් අනන්තයක් නැතිවම මෙලෙක් කෙරුවද කොහෙද ...

ගොරෝසු අත මගෙ ඇදිවත දෙබෑ කරන් ඉන වට පැටලෙන යාමෙක අනග හී සර ඇවිදින් ප්‍රේම මර්මස්තානෙ වැලදගන්න මොහොතක ඝන රැවුලෙන් කිතිකැවුන මගෙ ළපටි දෙතොලට හාදුවක රස දැනුනා.....!

මානවිය ඒ සර්වාංගෙ බර අඩක් උහුලාන උන්න මාව ඊලග තත්පරේදි යටවෙලාම ගියා.....!!

හද එලිය ලෝබ නැතිවම මහපොලවට හාදු තියන මොහොතක මාව ඒ විසල් පපුවට හිර උනා...

චන්ද්‍රකාන්තියෙන් කඩුපුල් ඇහැරෙන වෙලාවක මහ මුහුද එක්ක ඔට්ටු වෙන ගොරෝසු අත් සියුම්වට මගෙ ඉනවටා එතිලා ගියා....

මහරෑයාමෙක සේපාලිකාවන් සුවද රෑ හුලගට මුහු කරන මොහොතක මගෙ ආත්මයම කසිංජි සුවදක් වෙනුවෙන් පේ උනා...

මං උඹලට නොසෑහෙන්න ආදරෙයි මගෙ රත්තරන්.....

ඉන්ධීවර් මුමුනවා....තෙතහාදුවක් හන්දමද මන්දා මල් පෙති උඩ රැදුන පිනි බිදු හා සමානව මගෙන් උදුර ගත්ත කෙල බිදුවක් ඒ යටි තොල උඩ තවමත් හතිඅරින ගමන් උන්නා.....

මගෙ පපුව ගැහෙනවා.....හාදුවකින් එහා නොයන්න පොරොන්දු දුන්නට කොයි කොටහෙද රත්තරන් මේ මනුස්සයා මාව හාදුවකින් හෙම්බත් නොකර මාව අතාරින බවට පොරොන්දු දුන්නෙ...

ඉ...න්ධීවර්....

ම්ම්ම්ම්ම්ම්...මක්කද.....මදිද....නැත්තන්....මහන්සිද.....උඹට පන ඉතුරු වෙන එකක් නෑ අමාකර....හිතකුත් නෑ මට රිදවන්න....ඒත්.....මේ මුරන්ඩු ඇස් කියන්නෙම තව තව රහ බලන්න ...මක්කද මගෙ වලව් කෝලම මට මේ කරන්න හදන්නෙ ...ම්ම්ම්ම්ම්...උඹ මාව අසරන කරනවා අමාකර .....මං දැනන් උන්නෙ නෑ...රෑ බෝවෙන්න රෑ බෝවෙන්න උඹ මේ තරම් ලස්සන බව...උඹ තනිකරම මත් බදුනක් වගේ....මගෙ ගාව වචන නෑ උඹව විස්තර කරන්න.....

පිරුන පපු මැද විතරක් නෙවෙ.....අතට අහුනොවි අහුවෙන පපු මැදත් උනුහුම් කියන්න උඹ මට උගන්නවා අමාකර...

තරහා නැත්තන් .....නිකටෙනුත් පහල බිම් අගලක රහ බලන්නද ම්ම්ම්ම්.....

උස් පහත් වෙන පපුව තනිකරම පිස්සට හැතැප්ම නෑ වගේ.....එයා මගෙ මූන පුරාවටම අර රැව්ල කොටවලින් සිතුවම් අදිනවා...මගෙ පපු පදාසෙ ගිනිගහන ෆූජිය නම්...ඉන්ධීවර් නම් මේ මායාකාරයා ඒ මතුපිට සකුරා මල්වලට පිපෙන්න පාර කියා දෙන ගමන් උන්නා....

මං පපුවෙන් ඉස්සුනා....කරගන්න දෙයක් නැතිම මොහොතක මටත් නොදැනිම මාව පපුවෙන් ඉස්සුනා....ඉගවටා එතුන අත තවමත් එහෙම්ම උනත් ඒ අතේ ඇගිලි කෙරුවෙම මාව අඩවන්න පාර කප කප ඉනපදාසෙ පිරිමැදපු එක....හරියටම සිතාරයක තත් පිරිමදින්නා හා සමානව ඉන්ධීවර් කෙරුවෙම ඒ ඇගිලි මගෙ ඉනෙන් ඉහල පහලට අරන් ගියපු එක..

උඹ...මගෙන් අවසර....ඉල්ලනවද.....ඉන්....ධීවර්....

හ්ම්...ඒක එහෙම වෙන්නත් පුලුවන් .....හැබැයි....උඹව අසරන කරනවා වෙන්නත් පුලුවන් ...මට පුලුවන් අවසර අරන් උඹව ගනන් නොගෙන ඉන්නත්....!

දෙයියනෙ....

මට කෑගැස්සුනා.....ලාපාට වලාපටක් හදටත් හාදුවත් දෙන්න ඇවිදින් හාදුව නොදී යනවත් එක්කම පපුවෙන් පවා ඉස්සීගන තුසිතය අඩමානෙට හරි විදින්න බලාගන උන්න මාව මුලා කරපු එයා හිනා උනා ....බෙල්ලෙන් පහල බිම් අගලක රහ බලන්න අහපු එයා කෙරුවෙම මට බලාපොරොත්තු දිලා එක තත්පරෙන් මගෙන් ආපිට උදුර ගත්ත එක...

තරහ ගියාද ම්ම්ම්....

.......

ඉතින් ඇයි තරහා ගන්නෙ.....මං කිව්වෙ පුලුවන් කියලා මිසක්...නොදී ඉන්නවා කියන එක නෙවේනෙ....

.......

මගෙ ආමාකර....උඹ දැකල තියනවද උඹගෙ සමුද්‍ර කවදාවත් එක පාර මදුවිතක් උගුරට හලාගන්න එක....ම්ම්ම්ම්ම්ම්

ඉන්....ධි.....වර්....

මට කෙදිරි ගෑවුනා.....දශමෙන් දශමෙ උඩුකය වහන් උන්න ඇදුම් වලටත් ලැජ්ජා හිතුනද මන්දා...දැකලා තියනවද කිසිම දවසක මදුවිතක් වත් එක පාර රහ බලනවා කියපු කෙරුවෙම සුනාමියට පෙරාතුව මහ මුහුදම නිවිලා ගියා හා සමානව ඉදල හාදුවක් තියාපු එක...

වෙනකොහෙටවත්න නෙවෙ මගෙ යටි බඩට !!

පැතලි යටිබඩට අගල් බාගෙකට ඉහලින් තිබුන වටකුරු හදටත් වඩා වටකුරු නාඹිය උනුහුමින් වගේම හාදුවෙ තෙතින් තෙත්වෙලා යනවත් එක්කම මට හීල්ලුන්නා....වදින නොවදින දත් පාරවල්....මුරන්ඩු රැවුල කෙරුවෙම මාව නොමරා මර මර අසරන කරාපු එක වෙනකොට සුනාමියට පෙරාතුව මහ මුහුද මොනතරම් නිස්කලන්ක උනත් හාදු රැල්ලට මට මූන දෙන්න බැරි උනා...

මාව දියාරු වෙන්න ආවා....විසල් සයන උඩ උතුරාන යන සද දියෙන් නාපු ඇද රෙදි අහුරු අහුරු මට මිරිකෙනකොට තෙත් කාපු නාභිය හාදු සුනාමියට අහුවෙලා යන එනමන් නැතුව අවතැන් වෙලා උන්නා....

ඉන්ධීවර් හාදු තියනවා....කොහෙන් කොහෙට රැල්ල වදීද නොදැන සෘංගාරෙ හරිආකර නොවිදම අවතැන් උන මට බැරිම තැන නැගිටින්න හැදුවා උනත් ආපිටම මාව ඇදට තදවෙලා ගියා.....

මෙතනිනුත් උඩහට පීනන්න්න මට අවසරද මගෙ හද එලිය ම්ම්ම්ම්...

ඉ....න්ධීවර් .....අනේ....බන්.....

මං හිතන්නෙ උඩු බඩ ..යටි බඩ තනිකරම තෙත් කාපු මහපොලවක් වගේ...හාදුවෙ තෙත කොච්චරද කියනවා නම් හද එලියට පවා මාව දිලිසුනා...සැරින් සැරේම ඉහල පහල යන ජනෙල් තිරේටත් සංයමයක් තිබුනා මගෙ සර්වාංගෙට වඩා....

මං මිමිනුවා.....ඇඹරුනා...බැරිම තැනදි ඒ උරහිස් වල එල්ලුනා.....මෙතනිනුත් ඉහලට එන්නද අහනවත් එක්කම අනේ මට මැරෙන එක සැපයි හිතුනා....

සමුද්‍රගෙ වස්තුව.....!

නීලවලාව මේ ප්‍රේම කතා අහන මොහොතක මගෙ පපුවෙ බරම පැත්ත ඝනරැවුලක් හන්දම දුක් විද විද අවසානෙදි සුනාමි රැල්ලක් එක්ක මගෙ හුස්ම ඇද උඩදිම අඩපන වෙලා ගිහින් මගෙ ආත්මෙ දරාගන්න බැරි ප්‍රේමය කියන විශය කාරනාව ඇතුලෙදි අවතැන් වෙලා ගියා...

ඉන්ධීවර් ගෙ දෘඩ හැගීම්.....මගෙ මෘදු හැගීම් මේ හද එලිය යට මැව්වෙම කෙලවරක් නැති උනත් පරිස්සම් සහගත සෘංගාරයක් වෙනකොට ලාඹුරුපාට සංවේදි මන්සල් තෙත් හාදුවලින් ඉලිප්පිලාතව තව ඉන්ධීවර්ම ඉල්ලගන උන්නා....!!

මං උඹට හුගාක් ආදරෙයි මයෙ අම්මෙ....!

තත්පර කටුවලට යන එනමන් නැතිවෙලා උනුත් තනිතනියෙන් සෘංගාරයක් වින්දලද මන්දා....හාදු රැලි කප්පරකින් පස්සෙ ඇදිවතෙනුත් අඩක් නැති කරගන උන්න මං උන්නෙ ඒ පපුවෙ හති අරින ගමන්.....හුස්මක් කටක් ගන්න ඉඩක් නැතිම වෙන්න ආදර සමුදුරම කලතවන් ප්‍රේම නෞකාද පදවපු මේ නැවියා මාව හෙම්බත් කෙරුවා....

මැනික...

මං උන්නෙ ආපිට අපේ ගෙට්ටු පියන් ගාව....යනකොට කකුල් හතරෙන් ගියත් මොකද එනකොට එයා උන්නෙම රටක් රාජ්‍යක් දිනාපු එකෙක්ටවත් නැති ආඩම්බර කාර හැගීමකින් වෙද්දි ආපිට ඇතුලට යනවත් එක්කම එයා මාව අතින් අල්ලගත්තා.....

.එයා මැනිකලු.....ඒත් මට නෙවෙ කතා කරන්න ඕන....මට ඕනමදැන් ඉහෙ ඉදන් පොරවන් ආයම ආයම බඩකලතවන් සමන්නලු පියාඹපු මතක මල්ල ඇතුලෙ ගිලෙන්න වෙද්දි මම වචන එලියට නොදා එයා එක්ක කතා කරන්න ඇස් වලට ඉඩ දුන්නා...

ආදරෙයි කියලා යනවද...??මට උඹ නැතුව ආයම ඒ ඇදෙ තට්ට තනියෙන් නිදියන්ඩ බෑ වගෙ අමාකර...

අනේ...අයියෙ.....

හ්ම්...සීමාවකුත් නෑ...මායිමකුත් නෑ....ආදරේ කරන්න අරගන...මේ කූඩුවෙන් හොරාගන අරගන යන්න හිතෙනවා මගෙ කූඩුවට....ඒත් යන්නෙ කොහොමද .....මගෙ හිත දැන් දැන් මුරන්ඩු වෙනවා අමාකර...මන්දා උඹ මට මක්කද මේ කරලා තියෙන්නෙ කියාපන් ...

හ්ම්...කාරි නෑ....මගෙ වස්තුව ගිහින් නිදාගනින්...පුලුවන් නම්.....සුදු අයියව හීනෙන් දැකපන්....මට පුලුවන් තව පාරක් උඹවහීන වලිනුත් අඩපන කරන්න.....

මං හුගාක් ආදරෙයි මගෙ ඉන්ධීවර් ....මං හුගාක් ආදරෙයි...

එයාගෙ ගාවටදුවපු මන් ඇගිලිතුඩුවලින් ඉස්සුනා....ඒ උරහිස් මගෙ අත්වලින් තද වෙලාගියා....නලල උඩ හාදුවක් නවතින මොහොතක මං බලාගන ඒ ඇස් පියවිලා යනවා...අවසානෙදි මගෙ ඔලුව අතගාපු එයා මටත් හාදුවක් තිබ්බා.....

නලල වෙනුවට ඉහ මුදුනටම...

මේ ඉන්නෙ මගෙ රත්තරන් !!

ඉතින් පෙම්වත...අහම්බයකින් හදි ගැහුන මේ සංසාරික ප්‍රේම සුවද සදාකාලිකම මේ විශ්වය පුරා විහිදෙන්නයි මා පාරමි පුරමි!

*

*

*

ඉක්කෙ...ඉක්කෙ.....මේ කොල්ලා හෙලිවැල්ලෙන් නේද....ආ..ආ.....අම්මා කුක්කු බොනවා නේද බොල...ඇයි බීලා ඉවරද ..ම්ම්.අම්මා කුක්කු බොන්නෙ ඇයි අර පසනා එක්ක බීලා ඉවරද...

ම්හ්....ම්හු.....ක්ක්

තේජක නිකන් ඉන්න අනෙ ආය ඇහැරවන්නෙ නැතුව.... මගෙ කට රිදෙනවා මේ කොල්ලට උත්තර බැදලම....නිකන් ඉන්න අනේ ඇයි අවුස්සන්නෙ....

හරි ඉතින් දැන් මට වඩා කෑගහන්නෙ තමුසෙනෙ ඕයි ...මූ උදේ ඉදන් රෑ වෙනකන් තේ ඉල්ලනවා...රෑ එලිවෙනකන් අම්මා කුක්කු හොයනවා....ඔන්න අද කිව්වා කියලා හිතාගන්නවා..මූ තමයි තමුසෙලාගෙ ඔය මොනර පඩංගුව කනපිට ගහන්නෙ....

කට පියන් ඉන්නවද ඇදට ආවත් අන්කරේ....ඔයාට ඒ මිනිස්සු මොනවද කෙරුවෙ තේජක....මුලින් මුලින් හිත් නොහොදකම් තිබුනට ඒ උනාට දැන් ඒ මිනිස්සු ඔයාට මොනවත් කියනවද....

හරි ඉතින් ඇයි දැන් තමුසෙ අඩන්නෙ....මන්දැන් අඩන්න දෙයක් කිව්වද.....

මං ඇඩුවෙ නෑ...

නෑ කිව්වට අඩනවනෙ....මොනරුන්ට පොඩ්ඩ ඇත්නම් ඇඩෙනවනෙ....

තේජක මට පියන් නිදාගන්නවද....මේ මිනිහාගෙන් තියන වදේ....මෙ ළමයි හෙට ඉස්කෝලේ යන්න ඕන...

ඉතින් ඇයි ඕයි අඩන්නෙ තමුසෙ.....

........(බීල මට වදදෙනවා....)

සුදූ....මේ....

......

ගෑනියෙ.....

.......

බබා....විහාරා.....සුදු දෝනි....

......

හරි හරි එනවා එනවා ඉතින් ලගට පොඩ්ඩක්....

ඌව්හ්...කකුල් දාන්න එපා තේජක....අලි කකුල් වගේ....බර....ගන්නකො අනෙ...වද දෙන්නෙ ඇයි....

අලියගෙ කොයි කකුලද...මැද එකද

චිහ්...කිව්වොත් කට වලත්ත කතාවක්...

අනේ...අනේ.....වලව්බිබික්කම....එනවකො ලගට...

........මොන.....ව...ද....ළමයා අනේ...

හරි ඉතින්...මට තමුසෙව තුරුල් කරගන්න ඕනනෙ....මූත් ඉතින් කොයිවෙලෙත් තමුසෙව අල්ලගන මට කියලා ගෑනියෙක් නෑනෙ....මහන්සිද...?

නිකන් ඉන්න අනේ....දැන් කියවනවා...

උදෙම්ම නැගිටින්න එපා...මං මූවයි අරූවයි ලෑස්ති කරන්නම්...නිදාගන්නවා...පව් තමුසෙ.....

.........

සුදූ.....

ම්ම්ම්.....

අර බුලට් එක ගැන මොකද හිතෙන්නෙ.....

කව්ද ....

අත උඩට එනවකො කොහෙද යන්නෙ...හරි දැන් ඔහොම ඉන්නවා....කව්ද අහන්නෙ...අර හැන්ද.....මිනිහා කොහොමද .....

.....වරදක් නෑ...හොදයි සල්ලි තිබ්බ පලියට හැම මනුස්සයම කුඩ්ඩෙක් වත් අරක්කු කාරයෙක් වත් වෙන්නෙ නෑ තේජක....

ඔව්....එක හරි....සමහර වෙලාවට මට අගෙ ඇදුම හින්දද මන්දා ඕයි සැකයක් එනවා...මිනිහා හොදයි.....ඌ මරු බඩුව මං ඌට කැමතියි ....පොර මරු....බොරු ශෝ නෑ....මර්සි නෑ...අපරාදෙ ඕයි අපිට කෙල්ලෙක් උන්නා නම් කෙල්ලට ඌව දීලා බෑනා කරගන්න තිබුනා....ශිහ් ඌ නම් මගෙ බෑනා වෙන්නම ඕනා එකෙක්...පට්ට ආය....බය නැතුව ගෑනිව උනත් දීලා මචන් පොඩ්ඩක් බලාගනින් කියන්න පුලුවන් බඩුව ඈ....මං ඌට ආදරෙයි....පිනනෑ ඉතින් මට

......

කොහෙද....තමුසෙට හැමදාම ඔලුව කැක්කුමනෙ.....දෙක හදාගත්තෙත් වැදල වගේ..... තුන හදාගත්තෙන් අඩලා වගේ....නාගන සුවද නාගන ඇදට එනකොටම....අඥේ චේජක අජ බෑ ඔලුව රිජෙනවා...බජ රිජෙනවා....මච අමාරුයි චේජක...මගුල...තරහත් යනවා ඕයි.....

ඔහොම බොරු කියන්න එපා මනුස්සයො පනපිටින් අපායට යයි ..නිකම්ම උන්න මනුස්සයා....මගෙකට අවුස්සගන්න එපා තේජක් බොරු කියලා.....මට ඔය මොකුත් නොකර නිකන් උන්න දවසක් කියන්න පුලුවන්ද.....මොන ලැජ්ජ නැති මනුස්සයෙක්ද මන්දා....ලැජ්ජාවක් ගෑවිලා නෑ...කරපුවා තව කියන්නත් එනවා...කට පියන් නිදාගන්නකො මගෙ ඔලුව රිදෙනවා....

ඔය මං කිව්වෙ ඔලුව රිදෙනව..........හරි ඉතින් ඕකට තරහා ගන්නෙ ඇයි ...බේකරියක් ගෙදර ගේන්නෙ දවස ගානෙ බනිස් කන්න මිසක් වේලෙන්නෙ ණෙවෙනෙ ඕයි...තමුසෙ මගෙ බේකරිය...ඉතින් බක්කරකාරයා ආස නැද්ද දවසගානෙ බනිස් කන්න...ඔන්න මං පිට බනිස් කන්න ගිය නම් තමා වැරද්ද...මං පිට ගියෙ නෑනෙ.....

..........

හරි හරි අවුස්සන්න අවුස්සන්න කිව්වෙ ඉතින්.....කොච්චර කියෙව්වත් මං ආදරෙයි තමුසෙට....ඇත්තටම කිව්වෙ...හෙට නැගිටින්න එපා...මං තමුසෙව හුගක් මහන්සි කෙරෙව්වා අද.....පව්.....මං ආදරෙයි ඕයි තමුසෙට....

දන්නවා....මං කවදාවත් ඔයා මට ආදරේ නෑ කියලා තියනවද.....

නෑ.....එහෙම වෙන්නත් බෑ....මොකද මගෙ හිතම කියනවා මං කවදාවත් තමුසෙට දුන්න ආදරෙ බිදක් වත් අඩු කරලා නෑ වැඩියෙන් දුන්නා මිසක් කියලා....මට මගෙ ජීවිතෙ තියෙන එකම සතුට තමුසෙ....සැනසීමත් තමුසෙ...

සුදු තමුසෙ දන්නවා මං වලව්කාරයෙක් වත් .....සල්ලිකාරයෙක් වත් නෙවෙ...තමුසෙ දන්නවා මං හරි දුප්පත් මනුස්සයෙක්....මහ ලොකු ඇදුම් තිබුනෙත් නෑ...හරිහමන් කෑමක් බීමක් තිබුනෙත් නෑ....මට තිබුන එකම ලැබීම ඉගනගන්න එක විතරයි ...එක අතකින් තමුසෙලාගෙ වලව් කාරයො මට තමුසෙව දෙන්න බැ කියපු එක සාදාරනයි...

කවුරු නැති උනත් තමුසෙ දන්නවා මං මෙතනට එන්න කාපු කට්‍ට....පොඩි කාලෙ මං හරියට දුක් විදපු මනුස්සයෙක්....ආසකරන දේවල් ලැබුන් නැති උනාට...මං ලැබුන දේවල් වලින් සතුටු වෙන්න හිත හදාගත්තා.....

සුදු තමුසෙ.....මා එක්ක රන්ඩුවට එනවා....මට බනිනවා...වද වෙනවා..ඒ හැමදේම ආදරේ හින්දා කියන්න දන්නවා...ඒත් මේ අහනවකො විහාරා...තමුසෙගෙ සුදු අයියා ඉගනගත්තෙ මේ රටේ දුප්පත් මනුස්සයගෙනුත් සල්ලි අරගන....නිදහස් අද්‍යාපනේ කියන එක හරි බර දෙයක් විහාරා...

තමුසෙ කියන්නෙ මං රටේ ඉන්න දුප්පත් අසරන මිනිස්සුන්ගෙ සල්ලිවලිනුත් ඉගනගන මේ ඇදුමට වස්වද්දන්න කියලද...

නෑ ඕයි...ඒක වෙන්නෙ නෑ.....මං තමුසෙ ආස දේවල් ඉල්ලන්න කලින් ගේනවා...මගෙ ළමයි ඉල්ලන්නෙ මොනවද මං අරන් දෙනවා....තමුසෙම දන්නවා ලොකු එකා හම්බෙන්නත් කලිනුයි මං ඌට සෙල්ලම්බඩු ගෙනාවෙ....තමුසෙලා මට බනිනවා...ඒත් ඕයි මං සෙල්ලම්බඩුවක් වත් තිබුන් නෑ...එහෙව් මම මගෙ ලමයිටත් ඒ වේදනාව දෙන්නද...නෑ ඕයි....මං මගෙ ලමයිට මට නොතිබ්බ ලමා කාලෙ දෙනවා....

මගෙ අප්පච්චි ට ඕන උනත් වත්කමක් නැති උනා අම්මව ලස්සනට තියන්න....

ඒත් මගෙ අප්පච්චි මට ඉගැන්නුවා ගන්න ගෑනිව ආදරෙන් තියාගන්න....

මං මේ හැම දේම කරන්න සල්ලි හොයන්නෙ දුප්පත් මනුස්සයත් දායක උන නිදහස් අද්‍යාපනෙ පිහිටෙන්....ඒක නිසා තමුසෙ දුක් වෙන්න වත්...හිත රිදවගන්නවත් එපා...මගෙ උරහිස් පටිවල නිකන් තරු පෑව්වෙ නෑ.....

මං තමුසෙට හුගාක් ආදරෙයි....තමුසෙට වඩා ලස්සන ගෑනුත් මං දැකලා තියනවා....ඒත් මං හිතන්නෙ නෑ තමුසෙ තරම් ආදරෙ පිරුන ගෑනියෙක් මට හම්බෙයි කියාල....මට මේ ආත්මෙ විතරක් නෙවෙ හැම ආත්මෙම තමුසෙව ඕන.....ගෙදරට හොරාවට බත් මුලක් ගහන් පාරට ආව පොඩි කෙල්ල ....මට හරි දුකයි ඔව්වා මතක් වෙනකොට ...

මට දෙන්න පුලුවන් එකම දේ තමුසෙට ආදරෙ දෙන එක විතරයි ....දැන් නිදාගන්නවා...දුප්පත් මම අද මෙහෙම ඉන්න එකම හේතුව තමුසෙ....මගෙ පිටිපස්සෙ එකම හෙවනැල්ල තමුසෙ.....තමුසෙට තිබුනා හොද සල්ලිකාරයෙක් එක්ක යන්න.....ඒත් තමුසෙ මාව විස්වාස කෙරුවා...ඉතින් එහෙම ගෑනිව සැපෙන් තියන එක නෙවෙද මගෙ වගකීම....

......ඔය තරන් කියවන්න එපා අයියෙ ...

ම්ම්ම්ම්....ආදරෙයි නිදාගන්නවා...

වාහනෙ ඇතුලෙ තමුසෙට බඩුවක් ඇති...

මොනවද....

ඔය නියපොතු වල උලන එකක්....

ගාන්න දෙන්නෙ නෑ අනේ.....ක්ලිනික් එකෙන් බනිනවා...

ඉතින් නියපොතු වලට ගාන්න එපා.....මං බොරු නියපොතු එකක් ගෙනාව....මං ඔය මගුල් දන්නෑ බන්....ස්ටේශන් එකේ අලුතෙන් ආව කෙල්ලෙක් ඉන්නවා ඒකිත් ඔව්වා දානවා...මට තමුසෙ මතක් උනා....

......පිස්සු අනේ...කොහෙද ඔය යන්නෙ....

අරූව බලලා එන්නම්.....තමුසෙ දන්නවනෙ....මං නිදාගන්න කලින් ඌවත් ඉඹිනවා කියාල....ඌ ලොකු වෙලා ඒ උනාට මට අදටත් ඌඅර කලු මොට්ටුව තියන් උන්න පොඩි එකාමයි...

"මගෙ පුතා...උඹ ලොකු වෙලා.....අප්පච්චිට උඹ තාම අර පොඩි එකාමයි....හැබැයි වෙලාවක මන් උඹව අල්ලගන්ම්....පරිස්සමින් ඉදපන් පොඩි මොනරා.....

ම්ම්ම්ම්...හ්හ්...

හරි..හරි...නිදියපන්...අම්ම වගෙම බිබික්කමක්....අම්මවත් අල්ලගන්නම් මං ....ඔහොම යන්කො....මන් තේජක සෝලංග ආරච්චි පුතේ....ම්ම්ම්...

*

*

*

සුදුමහත්තයා මල්ලිටත් මොනවා හරි අරන් දියන්.....

අප්පුච්චියෙ පුතාට තුට්ටුවක්.....පසනටත් ඕනනෙ....පුතාගෙ පසනටත් ඕනනෙ.....

පුතාගෙ තුට්ටුවත් අයියා ගාව.....පසනටත් අයියා අරන් දෙයි ...කෝ මූන ....පියරු වැඩිද මන්දා...සුදු මහත්තයා බලපන් මුගෙ මූන අඩුවට දාපු එම්බාම් එකක් වගේද ...නෑනෙ....සුදු මහත්තයා නූඩ්ල්ස් එක කර උනාද මන්ද බන් කන්ඩ බැරි නම් මොනවා හරිගනින්....

නෑ අප්පච්චි මට ඒක හොදයි....

හ්ම්.....පරිස්සමින් ...එනකොට කිරියා එක්ක බස් එකේ එනවද...කොහොමද නැත්තන් ....??

මං ඒක මොකක් හරි කරගන්නම් අප්පච්චි ..සුකුමලා එනවනෙ....

ම්ම්ම්....ම්ම්ම්...හා.....පසනව ගන්ඩ අර හැන්දා එනවද.....

එනවා .....පසනව ගන්නෙ ගේන්නෙ දෙකම ඒ අයියා.....

හ්හ්ම්ම්ම්....ම්ම්...පොඩ්ඩක් ඉදින්.....

මං උන්නෙ ඉකෝලෙ ඉස්සරහා....මට නින්ද ගියේ රැයෙ මොන යාමෙද කියන්න දන්නෙ නෑ...ප්‍රේමනිය සමුද්‍රගෙ ආදරෙන් මත්වෙලා උන්න මගෙ හීනවල පවා උන්නෙ එයම විතරක් වෙනකොට මං හිතන්නෙ මගෙ හීනවල පවා එයාගෙසුවද තිබුනා.....

ඉස්කෝලෙ පටන් ගන්න තව පැයකාලක් විතරද කොහෙද තියෙන්නෙ....වෙනදට ඉරට කලින් කුසියට යන අම්මා වෙනුවට උන්නෙ අප්පච්චි .....සියවතාවක් එහා මෙහා යන අම්මා වෙනුවට අද කුසිය අරක් ගත්තෙ අප්පච්චි ....මායි කානුවයි මරාගන්න ගමන් ඇදගන්නකොට හදපු කිරිඑක අරන් පස්ස පාරෙ පැන්නුවෙ අප්පච්චි .....ඊයෙ මහන්සි උන හන්දමද කොහෙද අප්පච්චි අම්මට අද කුසියතහනම් කලාපයක් කරලා තිබුනා....

නූඩ්ල්ස් එක කර රහ නම් මොනවා හරි කාපන් කියලා අප්පච්චි සල්ලි කොලයක් අරන් මගෙ අතට ගුලි කරනවා...කර රහ උනත් කමක් නෑ....මට කවදාවත් අම්මා අප්පච්චි දෙන දෙයක් අහක් කරන්න හිතුන් නැතිඋනා.....මං ආපිට එ සල්ලි කොලේ අප්පච්චි දිහාවට තල්ලු කරනකොට මං බලාගන හෝන්දු මාන්දුවෙලා උන්න හිච්චි පින උන කිරියා කොල්ලෙක්ට උගෙ අම්මා අප්පා මතක් වෙන්න බනිනවා....

මං හිතන්නෙ මූ සුකුමලා එක්ක තියන තරහා අද පිනාගෙනුත් පිරිමහනවා.....

මොකද උඹගෙ කලිසම පුකෙනුත් පහල....ගොල්පිය දනිහෙනෙ....උඹ ත්‍රිකලගෙ ෆැශන් ශෝ එකට නෙවෙනෙ ආවෙ....කලිසමෙ ෆෝල්ඩරෙ කියද.....ඒ තුසිතයා මූව බලපන්....

නෑ අයියෙ...මේ කලිසම මං මහන්ඩ කිව්වෙ මෙහෙම නෙවෙ...

ආ...ආ....ඔයා බොරු මර්සිදාන්ඩ එපා...ඔයා දාන මර්සි අපිට තේරෙනවා...

යමන්...යමන් ..උඹ ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා කියලා වෙන හැදි නෑ...යම යම...ඔය කෑදැත්තා වගෙ පෙදේ තියන් ඉන්න මල්ලි...ක්ලාස් එක කියද.....අටෙ.....???මෙහෙට මෙහෙට...මොනාද ගාලා ඉන්නෙ...ජෙල්ද....

නෑ..අයියෙ වතුර....

ඇයි උඹට පීනසෙ හදාගන්ඩ ඕනද...පැත්තට පීරන් පන්තියට පල.....

ඒ...ඒ..ඔය බොටම ඇදන් ඉන්න එකා...ටම...හැමනෙ...ස්..සොරි...සර්....මං හිතුවෙ වෙන එකෙක් කියලා.....ඇයි අඩේ වක ගහන් උන්න විදිහට හොයාගන්න බැරි උනා...

ඔකො යාපා උඹට අද මොකක් හරි පෑගුනාද.....

නෑ....සර්....දන්නෙ නැද්ද...ඔය ඉදලා හිටලා පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා...ඩූම් වෙනවා....හෙටද මැච් එක...අනිද්දද.....සර් ඇයි මේ පාරෙ වාත වෙන්නෙ....??

අනිද්දා...අනිද්දා.....මං මේ මිනාලයා එනකන් ඉන්නෙ බන්..... තාම නෑ....මුන්ට වෙලාවල් නෑනෙ ඉස්කෝලේ එන්ඩ...

උන් ඉතින් අලිපුකෙන් වැඩපු උන්නෙ....හැබැයි වැඩි දවස් ඔය නාඩගම් නටන්න බැරිවෙයි....පොස් පුස් වෙන්න යන්න.....

ඇයි.....

..අපෙ ලියනගේගෙ මහ තැන මිනාලයගෙ පිය යානාව අල්ලලා...ඒහ්...ඔය චුයින්ගම් කන නංගි....මොකො කකුලෙ බාරයක් ගැටගහලද...කෝ සපත්තු.....???සර් වන් සෙකන්ඩ්....අපිවත් මුන්ව හදන්ඩ එපැයිනෙ සර්.....

මං බලාගන උන්නා...කිරියා කොල්ලෙක් කියලා හිතාගන තව පොඩ්ඩෙන් සර් කෙනෙක්ට කෙලලා අරිනවා.....ඌ කියවනවා....ආය කාට හරි කෑගහනවා...ඒ අස්සෙන් පොඩ්ඩක් ඉදින් කියපු අප්පච්චි ඵෝන් එක කනේ තියාගනම කානුවගෙ මූන පිහනවා....

කාට ගන්නවද මන්දා.....ම්හුක්...මට එයාට හරියට මැසෙජ් එකක්වත් දාලා එන්න බැරි උනා...සුදු අයියෙ පුතා නැගිට්ටා කියලා විතරයි දාන්න පුලුවන් උනේ...ඇයි යකො එහා පැත්තට පෙරලිලා මෙහාපැත්ත හැරෙද්දි උදේ වෙලානෙ.....ම්හුක්.....මගෙ සමුජ්ජයා....නරකයා අනේ.....

එයාව මතක් උනා විතරයි මං ආයම නියපොත්තක් කන්න ගත්තා...දුන්න හාදුව මතක් වෙන්න මතක් වෙන්න මගෙ බඩ රිදෙන්න ගත්තා.....ම්හුක්...අප්පච්චි පුතා නරකයෙක් වෙලානෙ අප්පච්චි ....

හෙලො.....සුදු පුතා.....උඹ කොහෙද ....?තාම ගෙදර....නෑ...නෑ...හදිසියක් නෙවෙ...දවල්ට පසනව ගන්නකොටම අපෙ පොඩි මොනරවත් ගනින්.....නැ...නෑ...ඌ බස් එකේ ද කිරියා එක්කද කොහෙද එනවලු....හා...හා....හරි සුද්දා....මාමා ආදරෙයි ආ...

ටම...හැම....නියමල...

මං හිතන්නෙ මගෙ නියමලත් එක්ක ගැලවිලා ගියා...ම්හුක්...හුකුක් ගගා මායන් වෙවි එයාව මතක් කර කර ඇබරි ඇබරි උන්න මගෙ කට ඔහෙක් වෙලා ඇසුත් මෙහෙක් වෙලා ගියා...කොටින්ම මගෙ මූන නිකන් අලුදාල මදින සාවාලයෙක් වගෙ ඇදවෙලා ගියා...

යකො අප්පච්චි ඵෝන් එක අරන් අමතලා තියෙන්නෙ මගෙ මිනිහට ....යෝහ්....අම්මියෙ.....අම්මියගෙ කසාද මනුස්සයා මගෙ වෙන්න මිනිහට ආදරෙයි කිව්ව මදිවට සුද්දා කිව්වනෙ...ඔය සුද්දා නෙවෙ අප්පච්චි පුතාගෙ පප්පනෙ...

මං බලාගන උන්නා.....හැන්දට අමතපු අප්පච්චි අනිත්පාර හිනාවෙගනම මගෙ දිහා බලනවත් එක්කම් මං ඇස් හීන් කෙරුවා...යකො....මේක.....මට මගෙ මිනිහා දැන් අම්මගෙන් නෙවෙ අප්පච්චි ගෙනුත් බේරගන්න වෙයිද මන්දා.....මෙහෙම ගියොත් නම්....නුවර නම්බුව බම්බුව වෙනවා.....

සුදු මහත්තයා ...

අප්පච්චි ...

මූව හැන්දා ගනී....උඹ බස් එකේ නෙ යන්නෙ...ඒ යනවා නන් ඒ යමන්...නැත්තන් හැන්දා එක්කම යමන්...

හ්...හා අප්පච්චි .....අප්පච්චි මේ...

ම්ම්ම්...

මේ ඒ උනාට ඔයා එයාට ඔය බොසා සුද්දා කියන එක නම් වැරදි නේ අප්පච්චි එයා ඔයාට පුතා වගෙ...අපි වලව් කාරයොනෙ අප්පච්චි ...

සිහත් මේ...මගෙ ලේ කෝපනොකර මූවත් අරන් යමන්....පටන් ගත්තා වලව් වන්නම නටන්න. ..

අප්පුච්චියො අපි වලව්...කාරයො ද..පුතාට එපානෙ .පුතාට ඕනෙ පසනව

නෑ නෑ...අපි උන් නෙවෙ.....ඒකනෙ මගෙ පුතාට උන් එපා...හා පසනව ගනින් ඒත් මොනරු එපා....

ඇත්තමයි අප්පච්චි ...!!!

ඔන්න ඔන්න.....සුදු පුතා අප්පච්චි ට උම්මා එකක් දීලා ඔය වලව් ලබ්බ එක්ක යමන්...

අප්පුච්චියො ටටා...උම්මා බායි...සීවු.....

ටටා...ටටා.....හරි හරියමන් සීයූ....

*

*

*

කිරියා...,

නිලමෙ.....අම්මට ටිකිරි කුමාරයත් ඉන්නෙ....ගුඩුම් ටිකිරියා....මං ඩියුටි නිලමෙ...ශේපට ක්ලාස් එකට යමන් බොසා මං එන්නම්...ඔලුවත් කැක්කුමයි.....හුත්ත ලියනගේගෙ මහ එකා මොනාද අඩා පෙව්වෙ...

අප්පච්චි යන්න ගියා....කානුවව එක අතකින් අල්ලන් අනිකෙන් උගෙ බෑග් එක එල්ලන් උන්න මං එහා මෙහා යනගමන් අන දෙන හිච්චි පිනා ගාව නැවතුනා...මං දැනුයි දැක්කෙ උගෙ ඇසුත් රතු වෙලා. ....

මන්දා මං ඔයාලට කිව්වනෙ එන්න එපා කියලා ....කෝ ඔයාලගෙ අප්පච්චි ....

ලියනගෙ තාම දොයි...අද නිවාඩුලු...මන්දා ...හැබැයි මව් බිසව නම් තාම කිරිකොරහා නටනව...දඹානෙ පඥ්ඥෙ අහලා මට කනුත් ඇහෙන් නෑ රෙද්ද ....අපෙ ලියනගේට වෙන තැන් තිබිලා නෑ ආරච්චිගෙ දුවව උස්සලා තියෙන්නෙ....නිලමෙ උඹ යමන් මං එන්නම්...අද ස්කීපර් අයියටත් ඇහැරිලා නෑ...

හ්ම්...

එයාටත් අද නින්ද ගිහින් කියලා කියනවත් එක්කම මං එන්න ආවා...කිරියා තනිකරම කතරගම දෙයියා වගෙ....එහාටත්‍ යනව මෙහාටත් යනවා.....කානුවව උගෙ පන්තියට දාපු මං බෙල් එක ගහනවත් එක්කම පන්තියට ගියා.....පන්තියට එනවත් එක්කම කල්ලි කල්ලි ගැහිලා කියව කියව උන්න කොල්ලො කෙල්ලො සෙට් එකම එකපාර කියවිල්ල නවත්තලා මගෙ දිහා බැලුවා....

ඒ මොන මගුලටද...මගෙ ශිපර් එක ඇරිලද...

මචන් ඔහොම්ම ස්ලැබ් එකට පලයන්....

ඇදුමෙ අඩුපාඩුවක් තියනවද හැරි ඇරි උන්න මං අනිත් පාර මගෙ දිහා බලාගන උන්න උන්ව ගනන් ගන්නෙ නැතුව බෑග් එක තියනවත් එක්කම මගෙ ගාවට ආව කොල්ලා මචන් ඔහොම්ම ස්ලැබ් එකට යමන් කියනකොට මං කොල්ලගෙන් අයි ඇහුවා....

ඇයි....

ඒක මන්දන්නෙ නෑ බොසා....ඒක උඩ එකාගෙම්ම තමයි අහන්න වෙන්නෙ....

උඩ....කව්ද උඩ ඉන්නෙ....

මිනාලයා...

මිනාල්....

හ්ම්...මැත්ස් එකේ ....කියන්න ඕන දේ කිව්වා.....මෙතන්න් එහා මං දන්නෙ නෑ බොසා....

හ්ම්....

සීනුව වැදුනා.....මට පනිවිඩෙ කියපු එකාටත් හූමිටි තියාපු මං සාක්කුවෙ තිබුන ඔරලෝසුවත් බැදගන ස්ලැබ් එකට යන පඩිපෙල නගිනවත් එක්කම සීනුව වැදුනා...

කව්ද මැත්ස් එකේ මිනල්.....???මන්දා...ගිහින් බලනවා.....යකො හම්බෙන්න තැන් නැතුවටද ස්ලබ් එකට එන්න කියන්නෙ....හැමනෙන්න ....

සක්කු දෙකට අත් දෙකත්දාගන මං උත්තර නැති ප්‍රශ්න ගොඩක් හිතින් හිතම ස්ලැබ් එකට නැග්ගා.....

මිනාලයා....ආවා.....ආවා.....පොඩි ඕ අයිසී ආවා....

මං හිතන්නෙ අරූ මට විස්තරේ බැගෙටද කොහෙද කියලා තියෙන්නෙ...මිනාලයෙක් ගැන කිව්වට මෙතන මිනාලයා පැටව් ගහලනෙ...

කොල්ලො පහ හයක්....ස්ලැබ් එක උඩ පුටු දෙක තුනක් තියාගම කොල්ලො පහ හයක් උන්නා...මං එනවත් එක්කම එතන උන්න පාටින් වැඩිම එකාට ඇනලා මිනාලයා ආවා...ආවා..පොඩි ඕ අයි සී ආවා කියනවත් එක්කම මං බලාගන මිනාලයා කියන එකා සූප්පු කර කර ඉන්න ලොලි පොප් එක කටින් එලියට අරගන මා දිහා බලාගන උන්නා.....

මිනිහා මගෙ දිහා බලනවා...උන්ට අඩි දෙකතුනක් දුරින් උන්න මං දිහා බලාගන උන්නා...ඉස්කෝලේ නම ලියාපු ටීශර්ට් එකක් එක්ක කොටකලිසමක් ගහන් උන්න මිනාල් කියන එකා එක කකුලක් ෆුට් බෝලයක් උඩට තියාගන උන්නා....මූ එහෙනම් ෆුට් බෝල් ගහනවා...

තත්පර දෙකතුනක් මගෙ දිහා බලාගන උන්න ඒකා අනිත් පාර ආයම අර සූප්පු කර කර උන්න ලොලි පොප් එක කටේ දාගන මං නොහිතපු වෙලාවක අර ෆුට් බෝලෙට පයින් ගැහුවා...කෙලින්ම මගෙ දිහාවට .....

හැබැයි ඌට වැරදුනා.....ඌ ගහපු පාර මගෙ මූන දිහාවට එනවත් එක්කම පැත්තට හැරිලා දනිහ ගාවින් කලිසම පොඩ්ඩක් උස්සලා අල්ලගන බෝලෙට ගහලා බෝලෙ නවත්තගත්තා ...

(මිනාල් රඹුක්වැල්ල)

ඌ.....මිනාලයා....මන් හිතන්නෙ මෑන්ව ටීම් එකට ගත්තා නම් හරි...

මං බෝලෙ නවත්තගත්තා....නවත්තපු බෝලෙ එහෙම්ම කලුලෙන් පාගන් ඉදල බෝලෙටවත් රිදෙන්නෙ නැති පාරක් එක්ක ආපිට ඒකා ගාවටම තල්ලු කරනවත් එක්කම ඒකගාව උන්න එකෙක් මාව උන්ගෙ ටීමට ගත්තා නම් හරි කිව්වා...

අනේ ඔව්....මට බෝල ගහන්ඩ තමයි දැන් ඕන....

මට එන්න කිව්වෙ.....??

එන්න කියපු කාරනාව අහන්න කලින් මාව අදුනගන්නෙ නැද්ද ...

......නම මිනාල් කියන්න විතරයි දන්නෙ....ඊටඑහා මොනවත් තියනවද.....මං අහන්නෙ නමට ඉස්සරහින් හරි පස්සෙන් හරි එකතුවෙන ලොකු දෙයක්...??

සීන් එකෙන් වගේ....මිනාලයා අලුත් කෑල්ලගෙ ඝනකම බලලො.....

පහලට යමල්ලා....මං කතා කරන්නම්....

කොල්ලො රෑනමයන්න ගියා.....කටකොනින් හිනාවක් දාපු මිනාල් අනිත් පාර මගෙ දිහාවට පුටුවක් තල්ලු කරනගමන් සක්කුවෙ තිබුන ඵෝන් එක එලියට ගත්තා....

මිනාල්...මිනාල් රඹුක්වැල්ල....

ඒකා මට නම කිව්වා.... ඒ විතරක් නෙවෙ මට අතට අත දෙන්න අත දික් කෙරුවා...රඹුක්වැල්ල .....අවසාන වාසගම කියනවත් එක්කම මං ලාවට හිනා උනා...එහෙනම් මේ පොලිස් කේස් එකක්...හ්ම්ම්ම්...හ්ම්...

සිහත් සෝලංගආරච්චි ...

මං ඒ අත අල්ලගත්තා.....සෝලංගආරච්චි කියනවත් එක්කම ඒකා මගෙ අත් මිරිකඅ අල්ලගත්තා... ඒචුට්ටකින්ම අත අතෑරපු ඒකා අර ඵෝන් එකට ඇනලා ඇනලා මගෙ පැත්තට හැරෙව්වා ....සමනල්....වෙන කවුරුත් නෙවෙ ඒකෙ උන්නෙ මගෙ චූටි මල්ලි....මූ ඒ එක්කම තව පින්තූරයක් පෙන්නුවා.....මගෙ අම්මා.....මූ මගෙ ඉස්සරහට අම්මගෙයි මල්ලිගෙයි පින්තූර දෙකක් පෙන්නලා කටකොනින් හිනා උනා....

ලස්සන මල්ලි බබෙක් ඉන්නවා...ඒ විතරක් නෙවෙ....ලස්සනම ලස්සන අම්මෙකුත් ඉන්නවා.....

........හ්ම්.....ඔයා අපි නොදන්න දුර නෑදෑයෙක්ද....??

විහිලු කරනවද.....

මමද....මං හිතන්නෙ මම විහිලු කෙරුවෙ නෑ....මට එන්න කිව්වා....මං ආවා....ආවට පස්සෙ අම්මගෙයි මල්ලිගෙයි පින්තූර පෙන්නනවා...

........ලස්සන පවුලක්.....ගාන කීයක් ඕනද....කේස් එක වහලා සාමකාමීව ජීවත් වෙමු.....මගෙ අප්පච්චි ගෙදර ආවෙ නෑ...පොලිස් කූඩුව ඒ තරම් සැපත් නෑ....කියක්ද ඕනෙ.....කීය උනත් ඕකෙ...මේක ගොඩින් බේරලා පාඩුවෙ පැත්තකට යන්න පුලුවන් .....මේක දකුන....රගන්නෙ අපි මිසක්....වටෙන් එන උන් නෙවෙ....

මං ඔලුව හෙලෙව්වා.....කාක්කා වගේ සෙට් එකක වටකරන් උන්න එකා රාජාලියා වගේ තනියෙන් ආව මට සද්ද දානවා.....මං හිතන්නෙ..මූට මගෙ වාසගම වැරදියට ඇහුනද කොහෙද .....අප්පත් පගාව දෙනවා...පුතත් පගාව දෙනවා...හරි පුකවල් තමයි වෙන්නෙ....

මොකද...හිනාවෙනවද.....නැත්තන් හිනා යන්නවද....මන් ගාව එක වචනයයි දෙපාරක් නෑ සිහත්.....මෙන්න ඵෝන් එක....උඹ මේ ඉස්කෝලේ ඉන්න ඕන....පොඩි එකා ඉන්න ඕන....උඹලා මේ ගමේ ඉන්ඩ ඕන....ඕඅයිසි මහත්තයා ඉන්ඩ ඕන...හැබැයි ඒක තියෙන්නෙ උඹගෙ අතේ....එක කෝලයි.....තව තතපරෙන් මගෙ අප්පච්චි ගෙදර...හැබැයි නොවුනොත්...මං හිතන්නෙ නෑ.....අපිට මෙහෙම කතා කරන්න වෙයි කියලා.....

මන් නැගිට්ටා.....මෙච්චර වෙලාම ඉදන් උන්න මං අනිත්පාර මගෙ අත් ඔරලෝසුව දිහා බැලුවා.....පලවෙනි පීරියඩ් එකෙන් විනාඩි දහයක් ඉවර වෙලා...අපරාදෙ .....

උඹ ඔය යන්ඩද ...

හ්ම්.....මන් හිතුවෙ වැදගත් දෙයක් කියන්ඩ යන්නෙ කියලා...විනාඩි දහයක් ඉවරයි ...නිදහස් අද්‍යාපනෙ අවුරුදු කීයක් දෙනවද.....අපරාදෙ මට විනාඩියත් වටිනවා.....පොලිස් කේස් මට අදාල නෑ.....

හ්ම්...හ්ම්...ඒකියන්නෙ උඹට බෑ....කෝලක් ගහලා වැඩේ ගොඩ දාන්න බෑ....වන කරගන්නද ඕන....ගාන කියපන්....ඕන ගානක් ශේප්...මන් කිව්වනෙ...මචන් ...සමාකාමිව අපි ජීවත් වෙමු.....ගාන ගනින් අප්පච්චි එලියට දාපන්.....විහිලු කරන එක වෙලාවෙ හැටියට ගැලපෙන්නෙ නෑ.....වෙන වෙලාවක කරමු.....

...නෑ.....මචන් උඹට මගෙ වාසගම හරි නම වැරදියට ඇහුනද ....මං ෆ්‍රෙඩී සිල්වා නෙවෙ විහිලු සපයන්ඩ.....සෝලංගආරච්චි කියලා කිව්වෙ...අනික...මට විතරක් නෙවෙ උඹටත් නංගි කෙනෙක් ඉන්නවනෙ...ම්ම්ම්....ගාන කීය උනත් මේක ඩිලීට් scene එකට ඇඩ් කරලා චැප්ටර් එක ක්ලෝස් කරලා ක්ලාස් එකට යන්....ම්ම්ම්.....තවත් විනාඩියක් ඉරවයි.....!

🥲🥲හා....එහෙනම්.....!

More Chapters