LightReader

Chapter 32 - 31

අප්ප....ච්චි......මන්....මං ඉස්කෝලෙ යන්නම් අප්පච්චි ....ම්..මාව ඉස්කෝලෙට ගිහින් දාන්න...අනික...සංගීත සර් අද එන්නම කිව්වා...අප්පච්චි ....

මං ගොත ගැහුවා.....අද ඉස්කෝලෙ යන්න ඕනා නෑ කියපු අප්පච්චි මගෙන් අහපු ප්‍රශ්න එක්කම මට දැනුනෙම මාව කාන්තාරෙකට ගිහින් අතෑරලා දාපු හැගීමක් විතරක්ම වෙනකොට අනෙ මට මිනිස්සු අහුරක් මැද අතරමන් වෙලා මේ දැනන තනිකම දරන්න අමාරු පාලුව වේදනාවට බෙහෙත් හොයාගන්න ඕන උනා...

ඒත් මං වැරදි.....බිලියන ගානක් මිනිස්සු ජීවත් වෙන මේ ලෝකෙන් මං තෝරගත්තෙ එකම හදවතක් විතරක් වෙනකොට මං කොහොම කියලා නම් තව මිනිස්සු දාහක් මැදින් ඒ මනුස්ස පරානෙ මං වෙනුවෙන් උපද්දවපු හැගීම් හොයන්නද?

සිහත්.....මුරන්ඩුකම් කරන එකට සීමාවක් තියාගනින් සුදුමහත්තයා...උඹට දැන් ඉස්කෝලේ ගියා කියලා මොකො උඹලගෙ ඉස්කෝලෙ පිනා එනවද දුක අහන්න.....නෑනෙ....පන්තිබාර මිස් හරි සර් හරි එනවද.....ඒත් නෑ.....අඩුම ගානෙ උඹට කිරියට වත් කියන්ඩ පුලුවන්ද...

හරි...කාට නැති උනත් ඌට කියාගත්තා කියමු....උඹට ඉස්කෝලෙ ඇතුලෙ ඉදන් ඔලුව කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් වෙයිද....?

උගන්නන ඒවා ඔලුවට යයිද...?නෑ....මං උඹගෙ අප්පච්චි සිහත්.....කාටත් වඩා මට උඹව දැනෙනවා.....උඹට ඕන මෙවෙලෙ කෑගහලා අඩන්න..උඹ දැන් කොච්චර ඉස්කෝලෙ යන්න ඕනා කිව්වත් උඹට අද සරස්වති දේවි ඇවිල්ලා ඉගැන්නුවත් ඔය කිසි දෙයක් ඔලුවට යන්නෙ නෑ සුදු මහත්තයා...උඹට අප්පච්චි ඉන්නවා.....හිතේ තියන ඕන එකක් මට කියපන්.....මං අද නිවාඩු දැම්මෙත් උඹ හන්දා...

මෙහෙමයි සිහත් අඩන්න ඕනා නම් අඩපන්.....පිරිමිත් අඩන්න ඕන ගෑනුන්ට විතරක් නෙවෙ අඩන්න අවසර තියෙන්නෙ...උන් නාඩා දරාගන උන්නා කියල ඇටයක් වැඩිවෙන්නෙ නෑ...උඹ දන්නවද අඩන්නත් ගටක් තියන්න ඕන...දුක නම් අඩපන් ...කෑගලා අඩපන්...උඹට ඔය කදුලුයි ඉකියයි හිරකරගන ඉදලා පපුවයි උගුරයි ඇසුයි තුනම පුපුරන්න පුලුවන් ...

ඒහින්දා උඹ අඩපන්....අඩලා අඩලා අවසානෙදි ඔය බර කදුලුවලින් ඇස් නිදහස් කරන් මා එක්ක කතා කරපන්...අරවගෙ රන්කදක් ඉන්නකොට කොහෙවත් යන අලගුඩුවෙක් ඕනා කියන්න තරම් උඹට මොකද උනේ කියලා කියපන් ....

උඹට මං කිව්වනෙ.....ශොට් එකක් ගහන්න ඕනා නම් ගහමු.....උඹට මං අප්පච්චි හින්දා ඔය හන්ගන් ඉන්න හේතු කියන්න බය නම්....හරි...මං උඹගෙ යාලුවා කියලා හිතපන්කො....ඔන්න මං උඹ හින්දා අප්පච්චි පට්ටම අතෑරියා...උඹට මෙතන ඉදන් මාව යාලුවෙක් කියලා හිතාගන ඕන පුකක් ප්‍රීති හෙටක් කියලා කියන්න පුලුවන් ...හරිද.....

මං නෙවෙ වචනයක් කිව්වෙ.....තනි අතින් ඩ්‍රයිව් කරන අප්පච්චි සැරින් සැරේම අනිත් අතින් කොන්ඩෙ හැදුවා...

මං උන්නෙම ඇස්වලටත් අඩන්න තව කදුලු නැති තරම් වේදනාවක් අස්සෙ උනත් වේදනාබර මගෙ ඇස් වලින් මං මාව ජාතක කරපු පිරිමියගෙ කඩවසම් කම දිහා බලාගන උන්නා...දවසගානෙම රැවුල කපන අප්පච්චිගෙ සුදුමූනෙ අද පුංචි පුංචි රැවුල් කොට වැවිලා තිබුනා....දනිහෙන් උඩට තිබුන ශෝටට තනි කලු ටීශර්ට් එකක් ඇදලා පොල්ගහ ලකුන සෙරෙප්පු දැම්ම අප්පච්චි වම් අතට ඔරලෝසුවක් බැදගන උන්නා...

කඩවසම්....මගෙ සුදු අයියා දකිනතාක් මේ ලෝකෙ මං දැක්ක කඩවසම්ම මනුස්සයා මගෙ අප්පච්චි උනා...

උදේ වරුව කියන්නෙම මුලු වැල්ලකරේම යකාගෙ කම්මලට අන්ත තැනක් වෙද්දි මුලුපාරම බදු අරගන උන්න මාලු පෙට්ටි බැදගත්ත තැපැල් නයින්ටි අහුවෙන අහුවෙන හැම මුල්ලකින්ම ඉස්සර කරන් ඉගිල්ලෙන්න හැදුවා....

පියාජියො ත්‍රිවීල්කරදරෙ..මාලු ලොරිවල කරදරෙ...මාලු ලෑලිවල ඉන්නමාලු කපන උන්ගෙ කදරෙ....බලුවලි..කාක්කන්ගෙ කන්කරච්චලෙ...කේවල් කරනගෑනුන්ගෙ කරදරෙ...මේ ඔක්කොකම එකකට එකක් අඩු වැඩි නැති වෙරලපාර දිගෙ අප්පච්චි ඩ්‍රයිව්කෙරුවෙම පයින් යන එකෙක්ටත් ජිප් එක පහු කරන් යන්න පුලුවන් තරම් හිමීට වෙනකොට මම අප්පච්චි හන්දා උඹට ඔය හන්ගන් ඉන්න ඒවා කියන්න අමාරු නම් මෙතන ඉදන් මං උඹගෙ අප්පච්චි නෙවෙ යාලුවෙක් කියලා හිතාගනින් කියපු අප්පච්චි අනිත් පාර කොන්ඩෙ හදන එක නවත්තලා සින්දුවක් දානගමන් සිගරැට් එකක් අවුලගන මා දිහාවට හැරිලා ඒම සිගරැට් එක මගෙ දිහාවට දික් කෙරුවා...

ඉදා.....එකපාර දමලා අදින්නෙ නැතුව ශේපට ඇදපන් නැත්තන් කැස්ස හැදෙයි උඹට....

අ....අප්....

එක උගුරක් ඇදපන්...

මං උන්නෙ මැරෙන්න තරම් දුකක් හිරකරන් ...ඒ අස්සෙන් කවදාවත් නැතුව අප්පච්චි මට බලෙන් සිගරැට් එකක් දික් කරනකොට අඩන්න කදුලු රෙඩි කරන් උන්න මං අනිත් පාර සිගරට් එක බයෙන් බයෙන් වගේ ඇගිලි දෙකකින් අල්ලගන්නකොට අප්පච්චි මගෙ දිහාවට හිනාවක් දානගමං කැසට් එක ඇතුලෙ ඉදන් කෑගහන ශැගී එක්කම බොම්බස්ටික් කියන්න ගත්තා...ජීවිතෙ පලවෙනි පාරට සිගරට් එකක් කටෙ ගහපු මං ඉන්හේලර් එකක් අදින්න හා සමානව එකපාරෙන් කෙලල ඇරියා විතරයි මගෙ පපු කැහුතු එලියට එනතරම් කැස්සක් ඇල්ලුවා.....ඇස්වලින් අර රෙඩි පිට තිබුන කදුලු කැට කඩන් වැටුනා...

She call mi mr boombastic

Tell mi fantastic ඒ....ඒ....හ්....කොල්ලා...

ටෞකන්ඩ....කැහ්...කැහ්...ම්...මොකක්ද...හුත්තො....ම්....ම්...මේහ්....කැහ්...කෑහ්.....කැහ්...අන්..අනෙ.....කැහ්...

ඕන්න ඕකයි ප්‍රශ්නෙ.....නිකන් විහිලුවට වගේ යාලුවෙක් කියලා හිතන් කතා කරපන් විතරයි ජාතක කරපු එකාටත් හුත්තා කිව්වා.....ඇයි උඹට මේ හුත්තා කියලා නේද දුන්නෙ හිමීට ඇදපන් කියලා.....ලිපට පිඹිනවා වගේ එක පාරින් දාලා අදිනවද හරකා...

කැහ්....කැහ්...අන්..අනෙ....අප්....කැහ්..කැහ්....

හරි හරි...හරි...

කැහ්....කැහ්.......කැහ්.....

දැක්කනෙ....මේවලින් එන ආතල් එකක් නෑ...පපුවට ලෙඩයි ඇස්වලට කදුලු එන කැස්සයි විතරයි...හරි...හරි මගෙ පුතාට කැස්ස ආවෙ නෑ...ඒක නිකන් ගැස්මක් විතරයි ...හරි හරි...

එ..එහනම්.....බිපන්...බීපන්...කැහ්...කැහ්...ගගා.කියෙව්වෙ.....මොකද...යකො...අනෙ...අම්මෙ...මගෙ කන්දෙකත් රිදෙනවා....

බැරිම තැන මං කහින එක පැත්තක දාලා මගෙ කන්දෙකට ඇගිලි දෙක ගහගන ශීට් එක උඩ ඇඹරුනා...මගෙම වෙලාවටද මන්දා මෙච්චර වෙලාම බෝම්බයක් ගැන කිය කිය උන්න ශැගියා මැකිලා ගිහින් බොබ්මාර්ලිගෙ every little thing gonna be alright පටන් ගත්තා අප්පච්චිට මගෙ කැස්ස ගැනගානක් නැතුව ගියාට බොබ්මාර්ලිගෙ සින්දුව විතරක් හිතට ඇල්ලුවා...

උ...ඌව්....හ්....ගහන්නෙ...

මෝඩයා....මං උඹට කිව්වෙ හීමිට ඇදපන් කියලනෙ....

ඉ...ඉතින් අප්පා.....කැහ්....මගෙ පපුව රිදෙනවා...

හ්ම්...පපුව විතරනෙ...තව ඉස්සරහට පපුවට හුගක් පහලින් තියන ඒවා රිදෙයි.....

මො..මොකක්....කැහ්...

මොකුත් නෑ.....ඇද්ද උඹට තව පාරක් ඕනද...?

මට ඕනරෙද්දක් නෑ........ඇයි යකො.....උඹලා ඇයි දෙයියනෙ මට මෙහෙම කරන්නෙ...

..හිනා වෙන්න හොද නෑ විපතක්නෙ වෙලා තියෙන්නෙ...ඒත් ඉතින් ඇයි බන් එහෙම කියන්නෙ....සිගරැට් එකක් එපා කියන්නෙ කව්ද.....?

මම....ඇයි යකො...ඕකෙ ඇති ලබ්බක් නැනෙ....

අන්න පොයින්ට් එක මා පුතා.....උඹට දැන් තේරෙනවනෙ දකින තරම් සුන්දර නෑ හැබැයි විනෝදයි......උඹට එක ශොට් එකෙන් තේරුනා මේකෙ මහ දෙයක් නෑ කියල ...උඹට තේරුනා මේකෙන් අමුතුදෙයක් වෙන්නෙ නෑ කියලා....ඒක උඹට තේරුන නම් එච්චරයි...මං උඹට පොඩි එක්ස්පීරියන්ස් එකක් දුන්නෙ....උඹට ආයම මේ ආතල් එක ගන්න ඕනා නම් ජෙනුයින් විදිහට ඇවිත් කියපන් අප්පච්චි මට සිගරට් එකක් ගහන්න ඕන කියලා...බඩු මේස උඩ තියෙයි......

මට ඕන සිගරටක් නෑ දෙයියනෙ...

ශුවර්?

ඔව්...ඔව්.....අනෙ ඔව්.....මට ඕනමගුලක් නෑ අප්පච්චි ....මට මේ වෙලා තියන මගුල් එක්ක මට මගුල් බීලා මොනවා හම්බෙනවද ....මට හම්බෙන දෙයක් නෑ දෙයියනෙ.....

උඹට තේරුනාද?

.......අප්පච්චි ....

හිත රිදුනම මිනිස්සු හුගක් වෙලාවට කරන්නෙම දුක තුනිකරගන්න සිගරට් එකක් ලෝට් කරගන්න එක....සිහත් මං උඹට මේක පෙව්වෙ වෙන දේකටනෙවෙ...මං දන්නවා මං උඹගෙ වයස පහු කෙරුවා.....හිතේ දුක එක්ක උඹට ඕන මොකක්ම හරි මගුලක් කරලා දුක පිටකරගන්න...උඹට හිතෙනවා හිතේ දුකටත් එක්ක කවදාවත් නොබීපු සිගරට් එකක් ඇදලා බලන්න.....දුකට නෙවෙ උනත් උඹලාමේ වයස පහු කරන්නෙම කුතුහලේ එක්ක.....

මෙහෙම කෙරුවොත් කොහොම වෙයිද...අරක කෙරුවොත් මොකක් වෙයිද....උඹලට ඕන මේ කාලෙ ඔය අවසානෙට වෙන දේ බලන්න.....

දන්නවද පුතේ.....පලවෙනි පාරෙන්ම ඇබ්බැහි වෙන්න ඕන දේවල් තියනවා...නැති දේවල් තියනවා...උඹ දැන් දන්නවා එකෙක් සිගරැට් එකක් අදින එක බලන් ඉන්නකොට දැනෙනන ලල් එක ඕක අදිනකොට දැනෙන්නෙ නෑ කියලා..උඹට දැන් තීරනෙ කරන්න පුලුවන් උඹ ආට සිගරැට් එකක් ගහනවද..නැද්ද කියලා....

ම්...මට ඕන නෑ......

හ්ම් බොන්ඩ ඕනද.....උඹට දුක එලියට දාගන්ඩ බොන්ඩ ඕන වගේ නම් කියපන්..ළඟ බාර් එකක් තියනවා.......මං කිව්වනෙ....මං අප්පච්චි නෙවෙ යාලුවෙක් කියලා හිතපන්....උඹට බොන්න ඕනා නම්...අද චාන්ස් එක තියනව......

මං නෙවෙ කටක් ඇරියෙ..... තනිපාට චීත්තපටක්....සුදුපාට හැට්ටයක් ඇදගත්ත ඒතරම්ම වයස කියන්නත් බැරි ගෑනියක් මාලු කූඩයක් ඔලුවෙ තියාගන පාර මාරුවෙනවත් එක්කම මාලු කූඩෙ තිබුන මාලුන්ට් කෙල හලන්න කාක්කො රෑනල් ඉහ උඩ තිබුන වට්ටිය වටෙ කැරකෙන යාමෙක මං බලගන සිගිතියගෙ මිනිහා ඒකගෙ ඇග වගෙ දහගුනයක් විතර ලොකු මාලුවෙල් එක්ක ඔට්‍ටුවෙනවා....ඒ තත්පරෙම්ම මගෙ පපුව නැවතුනා.....

දෙයියනෙ මගෙ සුදු අයියා....

අතක් තරම් දිග මාලු කපන මන්නයක් මාලු කපන ලෑල්ලක තියාගන මුවහත් කර කර ඉදලා සිගිතියගෙ මිනිහා ඔට්‍ටු වෙවි උන්න මාලුවගෙ උඩට අර මන්නෙ තිබ්බා.....

සිහත්..

.............

සිහත්....

අප්පච්චි මට කතා කරනවා....දෙපාරක්ම මගෙ නම කියනවා...වාහන හෝන් සද්දෙ එකාකාරෙට කන් දෙකම අගුල්දානකොට මං ඇස් වල කදුලු පුරවන් අර මාලුවෙක් එක්ක ඔට්ටු වෙන එයා දිහා බලගන උන්නා.....මාලු කපන උන්ට තනිකරම කතරගම් දෙයියො වැහිලා වගෙ...චරස් චුරුස් ගගා මන්නෙ මුවහත් කර කර උන් පාරෙ යන උන්ට ගනන් කිය කිය කෑගහනවා...

ආ එන්ඩ හොදබඩු මේවා....අලුත්ම කෙන්දා....අලුත් පරවා..සප්පරු කියයි කිරිමෝරු කියයි....ආය බලයි කෙලවල්ලො කියයි....එක ජාතියකින් කප කප ආයම තව තලපත් කෑල්ලකුත් මෙහෙම්ම කපන්ඩද අහයි......උන්ගෙ කටවල් වලටයි අත්වලටයි සැනසිමක් නැති තරම්....

කපන මාලුන්ගෙ කොරපොතු ගහන ගැහිල්ලට මාලු හමෙන් වීසිවෙලා යන කොරපොතු මාලු ලෑල්ල පුරාවටත් බිමත් ඉහිරෙනවා මදිවට සමහර කොරපොතුවෙන උන් නිල්පාට කහපාට රෝස්පාටට තියන රබර් ගල්වුස් දාගන මාලු කපනවා.....ඒත් එයා නෙවෙ රබර් ග්ලවුස් දෙකක් දාගන උන්නෙ ....එයා වෙන්දා වගේමයි..පුරුදු සරමමයි.....බොත්තමක් දෙකක් ඇරලා තිබුන හවායි මල් වැටුන ශර්ට් එක.....අව්වට පාට පිච්චුන පාට කරපු කොන්ඩෙත් ඇබිත්තන් කුරුල්ලෙක් බැදන් උන්න එයාගෙ නලල දෙපැත්තෙන් කෙස් ගස් රෑනක් පහලට වැටිලා තිබුනා....

දෙපාරක්ම මට කතා කරලත් මගෙන් සද්දයක් නැති අප්පච්චි අනිත් පාර වට පිට බලබල එන යන වාහන බේර බේර අවසානෙදි කැබ් මෙච්චර වෙලාම නවත්තලා තිබුන ලොරියක් එතනින් යන්න යනවත් එක්කම ඒ හිස් උන ඉඩෙන් පාර්ක් කෙරුවා...දැන් මට එයාව තවත් ළඟින් පේනවා.....

මං බලාගන උන්නා.....කටින් වචන පිට නොවුනත් මගෙ ඇස් අඩනවා...පපුවට දැනෙන දුක තනිකරම මේ දැන් පිපිරුව විසුවියස් ගිනි කන්දට අන්ත ගිනිදරක් වෙනකොට ඉකිගැහෙන්න එන මං මගෙ අත හපාගත්තා......

උඹට අඩන්න ඕනා නම් මොක හරි සින්හල සින්දුවක් දාන්නද.....

................

අම්මගෙ කැමැත්ත ලොකු පුතා දෙන්නයි...

තාත්තගෙ කැමැත්ත පොඩි පුතා දෙන්නයි...

මගෙ නම් කැමැත්ත දෙන්නම දෙන්නයි

දෙන්නම දීලා අම්මත් දෙන්නයි.....

මං උන්නෙ ඉකිගහන්න හදන පපුව මිරික මිරික...කැබ් එක පර්ක් කරපු අප්පච්චි අතේ තිබුන සිගරැට් එක උරව උරව අර යන සින්දුවත් සැරින් සැරේම මුමුන මුමුන ඉදලා අවසානෙදි මගෙ දිහාවට හැරිලා උඹට අඩන්න ඕනා නම් සින්හල සින්දුවක් දාන්නද අහනකොට මං දත්මිටි කාගහත්තා.....ඒත් අප්පච්චි ට නෙවෙගානක් උනෙ...රේඩියො එකෙ යන ශැගීගෙ girl you my angel එකේ තාලෙටම සින්හල බහුබූත කිය කිය උන්න අප්පච්චි අනිත් පාර අතේ තිබුන සිගර්ට් එක දිහා බලලා එහෙම්ම වෙට් ටිශූ එකක් අරන් ඒක නිවලා දැම්මා....

මාව....ම්....මාව විහිලුවක්ද අප්පච්චි ....මෙච්චර වේදනාවෙන් ඉන්න මාව විහිලුවක්ද අප්පච්චි ...මගෙ ඇස් වලින් වැටෙන කදුලු.....මේ හැමදේම විහිලුවක්ද.....?

ඉවසලා....ඉවසලා බැරිම තැන මං අප්පච්චි දිහා බලාගන එකම් දිගට කියවන් කියවන් යනකොට මගෙ දිහා බලාගන උන්න අප්පච්චි සින්දුව මාරු කෙරුවා......show me the meaning of being lonely ....ඒක තනිකරම අඩන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක්....මගෙ ඇස් මානෙම ඉන්න මගෙ ආදරෙ.....මෙතන එයාව ප්‍රතික්ශේප කරපු මම........

තේරුම ගැන හිතන්න එපා...මං උඹට අඩන්න පුලුවන් මෙලඩියක් ඔය දාලා දුන්නෙ....මට උඹව විහිලුවක් නෙවෙ සිහත්....හැබැයි සමහර කදුලු තියනවා ඒවා හරි මුරන්ඩුයි පුතේ....හරි ලේසියට ඇස් අස්සෙන් එලියට පනින කදුලු වගේ නෙවෙ එලියට පනින්නෙ නැති කදුලු...සෙම උනත් නහයෙන් කටින් එලියට එනවා වගේ නෙවෙ පපුවෙ බැදුනම සෙම නරක් කරනවා....පස්සෙ ඔය වේදනාව දෙක වෙනවා..අන්න ඒ වගේමයි ඔය පපුවෙ බැදෙන කදුලුත්.....

මං උඹට කියල දෙන්නෙ දැනෙන වේදනාව චුට්ට චුට්ට හරි එලියට දාලා උඹව නිදහස් කරගන්න පුලුවන් චූටි ට්‍රික්ස් ටිකක් ....අඩපන්..මං කියන්නෙ උඹට කියව කියව අඩන්න ඕනා නම් අඩපන්.....මං අහන් ඉන්නම්....

මට බය උඹගෙ හුස්ම හිරවෙයි කියලා.....මගෙ ඉස්සරහා අඩපන් සිහත්...මං හරි බයයි උඹ හොරාවට අඩලා හුස්ම හිරකරගනී කියලා....උඹ දන්නවා මං උඹව හැදුවෙම අඩවන්නෙ නැතුව...අඩන්න තහනමක් නෑ....මගෙ ඉස්සරහා අඩපන් මොන මගුල උනත් අප්පච්චි ලග ඉන්නවනෙ...

උඹ නානකනුත් නෑවට වඩා ඇඩුවා....උඹ හිතන්නෙ මට උඹ ගැන ගානක් නෑ කියලා....උඹ හිතන්නෙ උඹ එලියෙ උන්න ටිකට අරකා ආවෙ නෑ මොනව හරි උනා නම් කවුරුත් දන්නෙ නෑ කියලා...උඹට ඔය දුකත් තියනවා.....

ආදරෙ බව හැබෑව...ඒත් ඌට වඩා තවම අයිතිය තියෙන්නෙ මට සිහත්...මමයි තවම උඹගෙ අයිතිකාරයා...ඌට නින්ද යන්න ඇති ....උගෙ නින්ද සාදාරනයි.....ඕකා ඔය හැටි නැහුනට ඌත් කොල්ලෙක්නෙ බන්.... කමක් නෑ...උඹගෙ පැත්තෙන් ඌ තමයි ඔක්කොටම වැරදි කියලා හිතන් ඉදින්...ඒත් ඔය දුක අඩු උනහම උඹට තේරෙයි...උඹ මුරන්ඩුයි....මට උඹට වත් ඌට වත් වැරදි කියන්න බෑ පුතෙ.....මොකද ඌත් උඹත් උඹලගෙ පැතිවලින් සාදාරනයි...

හැබැයි මගෙ කොල්ලා ඌට වඩා වැරදි.......උඹට තිබුනා බන් ඌ එන්නෙ නැත්‍තන් ආපිට ගෙදර එන්න.....උඹට අඩි දෙක තුනක් ගෙවාගන එන්න තිබුනා........හරි.....ඒකෙන් වැඩක් නෑ...උඹ අඩාන්කො...අඩලා ඔය හිතේ තියනවේදනාව එලියට දාපන්කො ...

උඹට තුරුල් වෙන්න ඕන නම්....තුරුල් වෙයන් සුදුමහත්තයා...කරදඩු උස් උනාට මගෙ ඇස් ආස්සෙ උඹ මගෙ නොදරුවාමයි.....උඹ අඩන හැමදාකම මං උඹව වඩාගන තුරුල් කරගත්තා....ඔලුව අතගෑවා..පිටට තට්ටුවක් දදා මුලු වත්ත වටේම ඇවිද ඇවිද සමනල්ලු පෙන්න පෙන්න මං උඹගෙ ඇඩිල්ල නවත්තගත්තා...සමනල්ලු නැති උනාට කාරි නෑ සිහත් මේ අප්පච්චි ට තවම උඹව වඩාගන්න පුලුවන් ...කකුල් මහ පොලවට වැදුනත් මට උඹ තවම මගෙ නොදරුවමයි.....

සිහත්....

...අ....අප්ප...ච්චි...

උඹට නිකන් වත් මැරෙන්න හිතෙනවද...?

මන් අප්පච්චි දිහා බලාගන උන්නා....මගෙ අප්පච්චි හාත්පසිම්ම වෙනස් වෙලා...තව දුරටත් මෙතන ඉන්නෙ උදේ පාන්දර සමුද්‍රගෙ පැත්ත අරන් මට කෑගහපු අප්පච්චි නෙවෙ...තව දුරටත් මෙතන ඉන්නෙ මිනාලයට නම්කැමති ආය වචන වෙනස් කරන්න එපා කියපු අප්පච්චි නෙවෙ.....

මං ඒ මූන දිහා බලාගන උන්නා...මෙච්චර වෙලාම මාව අවුස්සපු අප්පච්චි අනිත්පාර මගෙ අත්දෙකෙම්ම අල්ලගන උඹට නිකන් වත් මැරෙන්න හිතෙනවද අහනවත් එක්කම මගෙ බඩබොකුත් එක්ක රත් වෙලාගියා.....

න්.....න්....නෑ.....අප්පච්චි ....

එහෙම හිතෙනවා නම්...මට කියපන් සිහත්.....උඹට නිකන් වත් එහෙම දෙයක් හිතුනොත්.....ඕන වෙලාවක....අප්පච්චිට කියපන් පුතේ....මං මගෙ කිසිම ලමයෙක් ආතල් එකට හදපු උන් වත් උඹ ඇවිත් හිතපු නැති ...මට උඹට කියන්න....

Unexpected pregnancy ...අප්පච්චි ...

මං හිතන්නෙ අප්පච්චි හිර උනා....මං මගෙ කිසිමළමයෙක් ආතල් එකට හැදුවෙ නෑ කියපු අප්පච්චි තවත් මොනවා හරි කියන්න ගිහින් මට උඹට කියන්න තේරෙන්නෙ නෑ කියපු එක කියාගන්න ගිහින් වචන නැතුව හිරවෙනකොට මම හරිද..නැද්ද කියන්නවත් නොහිතා කටට ආව එක කියනවත් එක්කම අප්පච්චි ලාවට ඔලුව වැනුවා....

ඔව්....උඹ හරි...උඹවත්....සමනල් වත්....තවම කෙල්ලෙක්ද...කොල්ලෙක්ද කියන්නවත් නොදන්න අර නොදරුව වත් අනපේක්ෂිත උන් නෙවෙ සිහත්.....ලෝකෙ ගිනිගත්තා උනත් මට කමක් නෑ...හැබැයි මගෙ ලෝකෙ ගත්තොත් මට ඉදල වැඩක් නෑ සිහත්...මං නෙවෙ...මේ ලෝකෙ හැම අප්පච්චි ම හිතන්නෙ එහෙම........දරාගන්න බැහැයි කියලා මෝඩ වැඩ නම් කරන්න හදන්න එපා සිහත්...මං අමාරුවෙන් වවාගත්ත මල්වත්ත දලඹුවො කාලා ගියොත් ඊට වඩා ලේසියි මල් මැරෙන්න කලින් මං කුරෑට බොන එක.....

උඹට මෙව්ව තෙරෙන්නෙ නෑ සිහත්....උඹ හිතනවා අපිට උඹව තේරෙන්නෙ නෑ කියලා..නෑ පුතෙ...තේරෙනවා...උඹට මං කොතනකවත් කිව්වද ඕක නවත්තපන් කියලා.....නෑ....උඹව මං හිර කෙරුවද.....උඹගෙ ඵෝන් එක ගත්තද....ඔය මොකුත් කෙරුවෙ නෑ......මං උඹට කිව්වෙ ඉගනගන අහවර කරපන්....මොකද උඹත් උඹලගෙ අම්මා වගෙ හැන්ගි හැන්ගි හූල්ලන්න ගත්තොත් මට වගේම අරූටත් පහු කාලෙක වහ කන්න හිතෙයි.....

දෙන්නෙක් ආදරෙ කරලා එකෙක්ව වැරදි කාරයෙක් උනොත් ඒකට නින්ද නැති වෙනවා....ඒකට සැනසීම නැතිවෙනවා...මං උඹගෙ අම්මවත් රස්තියාදු කරලා ඇති.....ඒ ගෑනිත් උඹ වගේම මුරන්ඩුයි.....කොච්චර කිව්වත් අහන් නෑ....හැබැයි මං ඒගෑනිට දෙයියො බුදුන්ට වගේ ගරු කරනවා සිහත් මගෙ පර්ස් එක හිස් කාලෙත් මුරන්ඩු වෙවී හරි මගෙ ගාව උන්නා....එහෙම ගෑනිව තියන කාලෙ මන් රැජිනක් වගෙ තියන්නෙ ඒහේතුවටමයි.....ඒත් උඹගෙ අම්මටත් පහු කාලෙක අමාරු තැන්එන්න ඇති...මට නොකියා උන්නට ඒ ගෑනිටත් ආපහුපරන විදිහට යාලුවො රැලට වැටෙන්න ආසා හිතෙන්න ඇති...

උඹගෙ අම්මගෙ වයසෙ උන් උන්ගෙ ජිවිත දින්න තව තව ඉගනගන්නකොට උඹලගෙ අම්මා බඩ උස්සන් ක්ලිනික් ගියා....

උඹට තේරෙන්නෙ නෑ සිහත්....උඹ ඔය බඩු බැදන් දිව්වෙ හැන්දා එක්ක පවුල් වෙන්න හිතන් නම්.....උඹ හිතන තරම් ලේසි යුද්දයක්නෙවෙ සිහත් ඕක....උඹලා හිතන තරන් පැනිරහක් නෑ..පලවෙනි ළමයා එනවත් එක්කම මිනිස්සුන් කනපිට හැරෙනවා...කෙල්ලන්ගෙ කෙලිකමත් ඉවරයි...පිරිමින්ගෙ කොලු කමත් ඉවරයි.....උඹ දන්නෙ නෑ උඹ එක්ක අපි අල්ලපු යුද්දයක්...මං නම් උඹගෙ අම්මට වඩා මෝරපු මිනිහෙක් සිහත් ...ආදරෙ වැඩිකමට දරුවෙක් හැදුවා තමයි....ඒත් උඹගෙ අම්මට උඹට කිරි ටික පොවාගන්න දන්නෙ නෑ...

උඹ කිරි බිව්වෙ නැත්තන් ඒත් අඩනවා...උඹට වැඩියෙන් චූ ගියොත් ඒත් අඩනවා... දවසට දහ වතාවක් කතා කර කර අඩනවා..අනෙ අයියෙ බබා අරහෙමයි ගානවා...නැත්තන් බබා මෙහෙමයි ගානවා....නාවගන්න දන්නෙ නෑ වතුර යයි කියලා බයයි ගානවා....මං ගෙදර එන්නෙ බාගෙට මැරිලා උනත් වැට කඩුල්ල පනින්න කලින් උඹගෙ සුවද ඈත තියාම දැනෙනකොට උඹ දන්නෙ නෑ සිහත් මන් නිකන් අපායෙන් දිව්‍යලෝකෙට වැටුනා වගෙ.....උඹට තිබුනෙ හරි අහිංසක මුනක්...ඇබිත්තකට නෑ......

මූනට තියන මොට්ටුව මූනෙන් එකයි.....පිට පලුව දෙකට පලාපු අර ඇබිත්තන් හැට්ට කෑල්ල වගේ එකක් අන්දලා පොඩි පැම්පර්ස් එකක් ගහන් උඹ ඉන්නවා....

ඇස් කරකනවා.....උඹට වැඩ ගොඩයි....අතේ ඇගිලි දහය එක්ක වැඩ කෝටියයි.....ඩින්ග ඩින්ග ලොකුවෙනකොට ඔලුව ටිකක් කෙලින් කරගන්න පුලුවන් වෙනකොට උඹව අම්මා වඩාගන දොරකඩට වෙලා මං එනකන් බලාගන ඉන්නවා...අදටත් උඹට දුන්න පලවෙනිම සූප්පුව ඇති ....උඹට දාපු පලවෙනි සපත්තුදෙක.....උඹට බේත් විදිනකොට මටයි කදුලු එන්නෙ...

සිහත් සමනල් කටර් එක වගේ අප්පච්චි අප්පච්චි ගගා පස්සෙන් එනවා....දෙමපියන්ට කොයි දරුවත් එකයි....ඒත් ....ඒත් ඌ වගේ නෙවෙ.....උඹ....උඹ අප්පච්චි කියනකොට අදටත් මගෙ පපුවට කරන්ට් වදිනවා....වෙනමොකටත් නෙවෙ ...ඌට කලින් උඹයි මේ මුලු ලෝකෙටම මාව අප්පච්චි කෙනෙක් කෙරුවෙ.........පින්සිද්දවෙයි...උඹ විකාර නටන්න එපා.....

ඒකයි මං අහන්නෙ උඹට කොයිම වෙලාවක වත් අඩාගන්න බෑ දරාගන්නබෑ කියලා හිතිලා මැරෙන්න හිතෙනවද කියලා....උඹට එහෙම මැරෙන්ඩ අයිතියක්නෑ සුදුමහත්තයා....උඹටමැරෙන්න ඕනා නම්.....අර ගෑනිගෙන් බීපු කිරිකල හත බේරපන්...මගෙ දාඩිය මහන්සිය මෙව්වට නය් නොවිමැරියන්.....

උඹට පුලුවන් ද.....??

උඹට කවදාවත් ඕක කරන්ඩබෑ සිහත්.....උඹ තවම පොඩි එකා...පරිනත වෙන එක හිමින් වෙයන්...උඹගෙ වයසය දරන්න පුලුවන් වගකීම් විතරක් දැනට ගනින්...

තේරුම් ගනින්....උඹට තව ජීවිතෙන් අංශුවක් වත් රහ විදින්න ලැබිලානෑ....

වගකීම් ගන්න..කැපකිරීම් කරන්න කලින් උඹත් කොලු කම විදලා ඉදින් සිහත්......අනික ඌ උනත් තවම කොල්ලෙක්...ඕකා මහ එකා වගේ ටෝක් දුන්නට ඒකත් කොල්ලෙක්නෙ බන්......

ඌටත් ආසවල් ඇතිනෙ ..පොඩ්ඩක් හිතපන් ඔය පවුලක් වෙන්න කලින් ගන්න ආතල් කොච්චර තියනවද ඉදලා හිටලා කොටුවක් පැනපන්...මං ඒ තරම් අමානුශිය මනුස්සයෙක් නෙවෙනෙ....මං කියෙන්නෙ නෑ උඹට වෙන වෙන මගුල් කරන්න කියලා.....එහෙම උනොත් උගෙයි උඹගෙයි දෙන්නගෙම ඇට තලනවා කෝට්ටන් තලනවා වගේ...

එහෙම නෙවෙමන් කියන්නෙ...ඇදකට ළඟින් එකම නෙවෙ සිහත් ආදරෙ කරනවා කියන්නෙ...මං උඹට ඌව තහනම් කරලා නෑනෙ ....මටත් තිබුනා අගෙ කොල්ලගෙ දරුවෙක් බලන්න ඕන සමාජ සම්මත අරක මේක රකින්න ඕනා ගගා උඹට ජීවිතෙ එපා කරවන්න...ආත්මාර්තකාමි වෙන්න....මං උඹගෙ තෝරගැනීමට ගරු කෙරුවා සිහත්...මං ෆ්‍රේම් එක ඇතුලෙ උන්නට මගෙ පුතත් ඒක ඇතුලෙමෛන්න ඕන කියලා නීතියක් දැම්මෙ නෑ.....හැබැයි ඒ කියලාමන් උඹට අනවශ්‍ය අවධානයක් දීලා උඹව වෙනම ලෙවල් එකකින් තිබ්බෙත් නෑ.....මගෙ කොල්ල අදරෙ අහවලාට....අහවලත් ආදරෙ මගෙ කොල්ලට...රයිට් මගෙන් අවුලක් නෑ....හැබැයි ඉගනගනින්.....එච්චරයි මං කියන්නෙ....

මං ආස නෑ මගෙ කොල්ලා අඩුවයසෙන් ජාතික වීරයො වෙලා රෙන එකේ ඉදම්ම වීඩියො හද හද ඔව්වා අර නලේට දදා ලැජ්ජවෙනවට...ඌ එක්ක ජීවත් වෙයන් රෙස්පට් පිට.....

ඔය ඔක්කොමකරන්න පුලුවන් සිහත් හරි පිලිවලට පහු කරන්න තියන බැරියර්ස් ටික පහුකරගත්තොත්...උඹදන්නවා සමාජෙ කොයිවගේද කියලා....සෝලංගාරච්චිගෙ පුතා අහවල් ජාතියෙක් එකෙක් කියනවට වඩා...සෝලංගාරච්චිට ඉන්නෙ පට්ට පුතෙක්....මිනිහගෙ බෑනත් මරු ඩයල් එක කියලා හරි උජාරුවට කතා කරනවා අහන්නයි මට ඕන...

හදිස්සි වෙන්න එපා ....

උඹ දවසකට ඇවිදින්න යමන්....උඹ නොගියපු තැන් ඕන තරම් තියනවා සිහත්...

උගෙ අතට උඹගෙ අතපටලවන් යන්න තැන් කොච්චරද බන්.....හැන්දෑවේගන එනකොට ඔය බෝට්ටු ඇනියක් උඩ ඉදන් රෝස්පාන් කාලක් එක්ක මිරිස් මාලු හොද්දක් පොල්ටිකක් කාලාබලපන්...ඔව්වට තමයි බන් ආදරෙ කරනවා කියන්නෙ....උඹට ඌ එක්ක වරු ගනන් කියවන්න වචන උනයි.....ගෙදර ඉදන් ෆිල්ම් එකක් බලනවට වඩා පලයන් හෝල් එකට...ගිහින් බලපන්......අන්දකාර වැටීගන එන වෙලාවෙ හොරාවට හාදුවක් තියපන්....හොරාවට කියවපන්.......උඹම දැකලා ඇති උඹගෙ අම්මා මගෙ ගාව වරුගනන් කියවනවා....

සිහත්,ආදරෙ කරන මිනිස්සු ගාව කවදාවත් මිනිස්සු ගොලු වෙන්නෙ නෑ...හැබැයි මිනිස්සුන්ට පුලුවන් මිනිස්සුන්ව ගොලු කරවන්නත්.....උඹ අද කෙරුවෙත් ඒක....

සුදුමහත්තයා....මිනිස්සුන්ට නින්ද යන්නෙ නැතිවෙන්නත් මැරිලා වගේ නින්ද යන්නත් හේතු තියනවා...එක්කො උන්ට ආදරෙ වැඩියෙන් දැනුනමත් නින්ද යන්නෙ නෑ.....ආදරෙ නැති උනහමත් එ වේදනාවට නින්ද යන්නෙ නෑ....හුස්මක් කටක් නැතුව වැඩකරනකොට මැරුනා වගෙ නින්ද යනවා....හැබැයි අරකට අද ඉදන් නින්දයන එකක් නෑ බන්....

ඌට දැන් ඉතින් මැරෙන්ඩ තරම් මහන්සි දැනුනත් නින්ද යන්නෙ නැතුව යයි....උඹටත් ඔය ටිකම තමයි සුදුමහත්තයා වෙන්නෙ.....

මිනිස්සු ආදරෙ කරන්න ඕන හිතෙ නිදහසක් එක්ක.....ඒක නැතිකරගන්න එපා.....අරූට නැති කරන්නත් එපා....මේ විනාඩිගානට උඹයි මායි කතා කරකර ඉන්න ටිකට අරූ අතන මොන තරම් නැහුනද ......

ආදරේ කරනකොට රන්ඩු වෙයන් මරාගනින්.....ඒත් ඔය තරම් අමානුශිය වෙන්න එපා සුදුමහත්තයා....මට උඹව එපා කියන්ඩ තරම් දරුනුවෙන්න එපා.....උඹගෙ අම්මා ඇවිත් ආදරෙ කදක් වගේ ගෑනියෙක්....මන් හිතන්නෙ නෑ...එහෙම ගෑනියෙක්ගෙ පුතෙක් ඔහොම කියයි කියලා......අරවගෙ එකෙක්ගෙ කටින් මේ වගේ එකෙක්ට ලැජ්ජ කරවන්න එපා සිහත්...මූපව්....

මං මූට පට්ට ආදරෙය් සුදුමහත්තයා.....මහමූද එක්ක නැහිලා නැහිලා ගොඩට එන හැන්දා කියන්නෙ පට්ට ගේමක් ගහන එකෙක්.....

චන්ඩි ලයින් තියනවා...ඒක ඇත්ත.....මාලු කාරයෙක් උනහම ලයිනක් තියන්න ඕන.....නැතුව මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න් බෑ බන්........මැරලයිනක් තිබ්බත් ඌ නීතිවිරෝධී නැති හන්දා මට ඌට පොලිස් ලයින් අල්ලන්නත් බෑ...ඇරත් මුන් මෙහෙම නැහිලා නැහිලා ඔය හම්බකරන ඒවා කුට්ටි කරලා කතරගමට දෙනවා...දෙවොල් පිහිටයි කාලිඅම්මාපිහිටයි කියල බරගනන් වියදම් කරලා කාවඩියක් නටනවා....ඒක ඇවිත් මුන්ගෙ ලේවල තියන එකක්.....

මූ දාහකින් හොයාගන්න බැරි මිනිහෙක් සිහත්....නැති කරගත්තොත් නම් අපරාදෙ උඹම තේරුම් ගනින්......උඹම බලන් ඉදලා උගෙ පැත්තෙනුත් ඌ සාදරනද කියපන්...උඹගෙ දුකත් සාදාරනයි...ඒඋඹගෙ පැත්තෙන්.......

මන් නෙවෙ හුස්මක් ගත්තෙ....මං නෙවෙ ආය වචනයක් කතා කෙරුවෙ.......අප්පච්චි කියන්න ඕන දේවල් කියලා කියලා අවසානෙදි ඉස්සරහා හැරෙනවත් එක්කම මෙච්චර වෙලාම මාලු කප කප උන්න මගෙ සුදු අයියා එයාලගෙමාලු ලෑල්ල ඉස්සරහින් නවත්තපු හැන්නදිගෙ ඇන්ඩ් සන්ස් කියලා ලියවුන සුදු පාට ලොකු ලොරියක් අස්සට නැගන් උන්නා....

එයා මාලු කූඩ අදිනවා...සමහර තැන්වලින් වෙරල කිට්ටුවටම වාහන ගන්න පුලුවන් කම තිබුනත් වාහන වැඩි වෙනදාට ගන්න බැරිවෙනවා.....අදත් එහෙම දවසක්ද කොහෙද...කොල්ලො දෙතුන් දෙනෙක් කඩියො වගේ කරෙ තියාගන එන මාලු කූඩ එයා ලොරියට පටවනවා....අපිට එයා එතන කොල්ලෙක් එක්ක තැනමාරු කරගන වෙරලෙ ඉදන් ගොඩට අරන් එනවා.....

මන් දන්නෙ නෑ එයා අර උරිස්සෙ තියාගන කීයක් නම් ගෙනාවද කියලා....මෙච්චර වෙලාම කියවපු අප්පච්චි මීක්නැතුව යනකොට මං හලන්න පුලුවන් කදුලු උපරිමේට හල හල එයා දිහා බලාගන උන්නා...

අනෙ දෙයියනෙ ඒ උරහිස් කැඩෙයි.....

මට ඉකි ගැහෙනවා.....මෙච්චර වෙලාම මාලු කූඩ ඇද්ද එයා අනිත් පාර සිගිතියගෙ මිනිහට මොනවද මොනවද කියලා ලොරියට නගිනවත් එක්කම අප්පච්චි ආපිට කැබ් එක ස්ටාර්ට් කරගත්තා......

උඹට පේනවද...

අනෙ.....අප්....පච්චි.....

නෑ..නෑ...උඹ බලන් ඉදින්...උඹට බලන් ඉදලා ඔච්චර රිදෙනවා නම් හිතපන්කො ඔය අතපය කොච්චර කැක්කුම ඇතිද කියල........

හැන්නදිගෙ ඇන්ඩ් සන්ස්

අයිස්

එයාගෙ ලොරිය පස්සෙ ආව මායි අප්පච්චියි උන්නෙ එයාලගෙ අයිස් මෝල ගාව......නයින්ටි වල මාලු පෙට්ටි බැදගත්ත මාලුකාරයො ලගපාත තියන කැන්ද ගස් වලින් කැන්ද කොල කඩ කඩ මිටි බැදගන්නවා...ඒ ගමන්ම අර බැදගත්ත පෙට්ටියෙ තියන මාලු වලටත් අයිස් ටිකක් ගහගන්නවා.....

මාලු වෙලෙන්දන්ගෙ සද්දෙ වගේමයි අයිස් මෝලෙ සද්දෙත්.....මාලු පිලිහිඩි ගද හතර අතම කැරකෙනකොට මන් බලාගන බූට් ඇදපු කොල්ලො අයිස් කුට්ටි බිමදිගේ ඇදගන ඇදගන ඇවිත් අයිස් මැශින් එකට උස්ස උස්ස දානවා...සමහරක් කර උඩ තියාගන ඇවිදින් මැශින් එකට දානව ඒ ටිකකින්ම මහ සද්දෙට අර අයිස් කුට්ටිය කෑලි වෙනවා.....

මගෙ නහය හිර වෙනවා.....හලපු කදුලු මටම දරාගන්න බැරිව නගෙ හුස්මත් නතර වෙන්න එනවා......ඇදන් උන්න සරම කැහපට ගහන් උන්න එයා අයිස් කුට්ටු දෙකක් කර තියාගන ඇවිත් මැශිමට දාලා ආයම ඇතුලට යනකොට මට දුවල ගිහින් ඒ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනා.......

උඹ තවමත් අර කවුඩව ඕන කියනවද සිහත්....ඒක එහෙමනම්........

අප්පච්චි ....අනෙ....අප්පච්චි ....

බැරිම තැන....මෙච්චර වෙලා හිරකරගන ඉදලා...ඉවසගන්න බැරිම තැන අප්පච්චි ගෙ උරහිස උඩ ඔලුව ගහගත්තා.....

අනෙ....අප්...පච්චි.....ම්..මගෙ සමුද්‍රව....බ්..බේරගන්න....එ..එයාට...මොකුත්....වෙන්...න...දෙන්න එපා....අප්පච්චි ....අනෙ...මගෙ සුදු අයියට මොකුත් වෙන්න දෙන්න එපා..අප්පච්චි ..අ....නේ....අනෙ....වදින්නම්....අප්පච්චි .....

මං ඉකිගැහුවා.....අප්පච්චි ගෙ පපුවට අත් දෙකෙම්ම ගැහුවා...අනෙ මගෙ සුදු අයියව බේරගන්න එයාට මොනවත් වෙන්න දෙන්න එපා කිය කිය මං අත් එකතු කරලා වැද වැටුනා...

සිහත්....සුදුමහත්තයා....මේ බලපන්.....කෝ.....කෝ.....නාඩ බලපන්කො.......උඹ අඩන එක නවත්තලා අප්පච්චි දිහා බලපන් සුදුමහත්තයා....

මං ඉකි ගැහුවා.....අප්පච්චි කොච්චර නවත්තන්න කිව්වත් වැඩක් නැති වෙනකොට මෙච්චර වෙලාම අයිස් මෝල ගාව නවත්තලා තිබ්බ කැබ් එක ආපිට ස්ටාර්ට් කරගත්ත අප්පච්චි මොකුත්ම නොකියා එහෙම්ම ඉස්සරහට ආවා.....

සැහෙන දුරක්.....මේන් රෝඩ් එක දිගෙත් සෑහෙන දුරකට ඇවිදින් අප්පච්චි අවසානෙදි නැවතුනා.....ඒකත් බාර් එකක් ගාව...

වරෙන්....මෙව්වා හොද සිහියෙන් කතා කරන්න ඕන දේවල් නෙවෙ...වරෙන්....උඹගෙන් මං දැන් එකවතාවට සියවතාවක් ඇහුවා කාගෙන්ද උඹගෙ හැන්දව බේරගන්න ඕන කියලා...ඇඩිල්ල මිසක් උඹ තව වත් උත්තරයක් දුන්නෙ නෑ සුදුමහත්තයා...මෙහෙමයි....පුතේ.....උඹ අර කවුඩට කැමතියි කිව්වෙ වෙන හේතුවකට නම්.....මේ කරන වැඩෙ එච්චර හොද නෑ....එච්චර කියන්නෙ කොහොමත් හොද නෑ...

අපි දැනගන්නම ඕන දේවල් උඹ හිතේ හන්ගන් තට්ට තනියෙන් ගේමක් ගහන්න ඉන්නවා නම්...උඹට හුගක් දේවල් නැතිවෙයි...උඹ අරකව එපා කිව්වෙත් ඒකව බේරගන්න නම්...ඒක තමයි ලොකුමගොන් වැඩෙ.....

වෙන්න ඕන හැමදේම උනාට පස්සෙ උඹව බේරගන්නයි මං මෙහෙම දෙයක් කෙරුවෙ...අරහෙම දෙයක් කෙරුවෙ කිව්වට වැඩක් නෑ සුදුමහත්තයා........ඒක හින්දා දැන් ඔය හන්ගන් ඉන්න ඒවා වමෑරපන්.....

*

*

සුදු මහත්තයා...හොදට බලපන්..මේ ජාතියෙ එව්වද උන්ගාව තිබ්බෙ.....

ම්...මේක....අප්පච්චි ...මිනාල් මේකක් අතේ අලවගත්තා....මේක මොකක්ද...

ඩ්‍රග් පැච් එකක්.......මේ තියෙන්නෙ අයිස්....උඹ මෙ ජාතියත් දැක්කද....?

මං උන්නෙ බියර් බෝතලෙ ලේබලේ කොනහා කොනහා.....මාවඇතුලට එක්ක ආව අප්පච්චි ගාව මං මෙච්චර වෙලාම හන්ගන් උන්න දේවල් තටම තටම එලි දානකොට අප්පච්චි ඵෝන් එක අරන් මට පින්තූර වගයක් පෙන්නන ගත්තා....රෑ පානෙ බෝට්‍ටු ගාවට ආව මිනාලයා අතෙ තිබ්බෙ මොන ජාතිද කිය කිය අහනකොට මං අඩ අන්දකාරෙට දැකපු එක දෙයක් විතරක් අප්පච්චිගෙ ඵෝන් එකෙන් පෙන්නනකොට අප්පච්චි ලාවට ඔලුව වනන ගමන් ඵෝන් එක දිහා බලාගන උන්නා මං එහෙම්ම අර බියර් බෝතලෙ කටෙ තියාගත්තා....

අප්...අප්පච්....නැ...නෑ....තේජක.....හුත්තො....කෝ.....කෝ ...උඹ..............

අප්පච්චි කම්නෑ කිව්වා..හරි...ය....ඇහුනනෙ......අප්පච්චි කම්...නෑ කිව්වා...හදවතෙ...ඉන්නෙ....එක අප්පච්චියි...ඒ..මයින්ද මාත්තයා විතරයි....හරිය....ඔහෙ කෝ අඩෙ......සෝලංහාරච්චි....ලියාගනින්..මේ පැමිනිල්ල......පඩ...ලයින් එපා හරිය...අපි....ත් ඇවිත්.හොද...හොද.....ම්හුක්....චූබරයි ...අප්පා....අඩෙහ්.....අඩෝහ්...කෝ.බන්......සද....බොද...වී....යන...විටදි....හැඩුවා.....ආකා...සෙ........

නැන්දම්මෙ...දුව දෙනවද...කියලා...මහපාරෙ..දනගහලා.වැන්දා........දුව එපා...දුව..එපා.....පුතා...සොරි...වෙන්ඩ ඕන.......

සම්බුදු....සරනයි....

ඇන්ජිම පරනයි....

සර්කස්....පැසිපියා...

වැරදුනොත්....ලෙලි...ගියා...හරිය....

තේජක...........

මේ ළඟ මේ ළඟ බන්...බියර් මූඩියයි පෑගුනෙ පොඩි පගයට කෙලින් ඉන්ඩ බෑ...හොද සිහියෙන් ඉන්නකොට ඕක කිව්ව නම් ඉවරනෙ.....දැන් බලපන් මං උඹව එක්කන් යන්කොට අරුන් අරහෙ පිල් විදහන් මොනර වන්නම නටන්න ගත්තම මටත් සැනසීමක් නෑනෙ.......කටවහන් ඉදගනින්කො පොඩ්ඩක්...

කට වහන්ඩ.......ඒහ්....මචන්...

හ්ම්...

පුක...සුදුද ඉතින්....

සුදුමහත්තයා පොඩ්ඩක් ඉදගනින්කො බන්.......උඹත් හෙන වදයක්නෙ....කො හොද කොල්ලා වගෙ ඉදගන මේක බලපන්.....

නොබැලුවොත්....මොකත...ඔයා....අඩෙ...මට දුකයි......මගෙ...හැන්දා....අප්පච්චි .....මගෙ.....සුදු...අයියා...අප්පච්චි ...මං...මං...ඌට...පැලෙන්ඩ ආදරෙයි....අප්පච්චි ...මං....ඌවඑපා කිව්වෙ...මං....ඌව.....මට අර...කවුඩගෙන් වැඩක් නෑ........

මාමෙ....

ආහ්...සුදුපුතා උඹ ආවද...දෑවැද්දට පොඩ්ඩක් වෙරි.......ඔහොම්ම ඉදගනින්කො....මේ මූ අඩනවා පොඩ්ඩක් අල්ලගනින්...

මං උන්නෙ වැනි වැනි......ජීවිතෙ පලවෙනි පාරට බියර් බෝතලයක් බීපු මට මේ හැමදේම පෙනුනෙ බොද වෙවී වෙනකොට මාව අතින් අල්ලන් උන්න අප්පච්චි දිහා බල බල මං කෑ ගැහුවා...වෙලාවකට ඇඩුවා......මිනිස්සු එනවා යනවා.......කව්ද එන්නෙ කව්ද යන්නෙ කියන්න ගානක් නැති උන මන් මතුරපු එකම දේ මගෙ සමුද්‍රගෙ නමවිතරක් වෙනකොට මෙච්චර වෙලාම මාව මිරිකගන වගේ උන්න අප්පච්චි තව කා එක්ක හරි කතා කෙරුවා.....

මන්දා.......මනුස්සයගෙ මූන ඇගපත මට පේන්නෙම බොද වෙලා ....ඇස් දෙක කොච්චර ඇරගන්න හැදුවත් මගෙ ඇස් දෙක වැහි වැහි යනකොට මට දැනුනා මාව කාගෙ හරි අත් දෙකක් අස්සට හිර වෙලා යනවා.....

ම්හුක්....චූ බරයි.........අඩෙ...බො....සා.....බොසා...කොල්ලට...චූබරයි....මං....

සෝලංගාරච්චිගෙ කොල්ලා....හරි......එක...පකෙක්...මට ලොකු නෑ අඩෙ...

ඔහෙ මගෙ කොල්ලට මොන මගුලද පෙව්වෙ....

මූට මෙ හතරයි අටක් ඔරොත්තු දෙන්නෙ නැතිවෙයි කියලා කව්ද හිතුවෙ....

ඔහෙත් හැමනෙනවා අනෙ........ඔහෙට මොන්ගල්‍ය.....කොල්ලට උදෙම්ම පොවන්ඩ....

ඕන්න...ඕක තමයි ප්‍රස්නෙ....පවුල් ප්‍රශ්න විසදන්න ආව මට උඹ ඔහොම කතා කරලා මදි සුදුපුතා...ඕකව පොඩ්ඩක් තියාගනින්.....

තියාගනින් කියන්නෙ කොල්ලට වෙරි හොදටම..පුදුම අප්පෙක් තමයි ඔහෙත් නම්......

හරි..හරි...ඔහොම තමයි බන්....පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා....තව ටිකෙන් ඕක හරියයි.......ඕකව තියාගනින්කො ඉතින් පොඩ්ඩක්...උඹත් තනිකර අයිටීඑන් එකෙන් වගෙ මැදින් ඇඩ් දානවනෙ...

ම්න්....

සුදු...අයියේ......හ්හ්...සමුද්‍ර.....කෝ..අගෙ සමුද්‍රයා....හුජ්ජ...දෙබරා...ඕකා....

සමුද්‍රයො.......හ්..දාලා යන්ඩ එපා බන්...මං....උඹට බොක්කෙම්ම....ආදරෙයිනෙ.......මං ආදරෙයි....මට.....මට උඹ විතරක් ඇති...සුදු චූටියා....ආදරෙයිනෙ..බන්...

ම්න්.....

සමුද්‍රයො....හ්හ්

මං කියවගනම උන්නා...මෙලෝ සන්සාරයක් තේර්‍ර්න්නෙ නැති මං කාගෙ හරි අතකට වාරුවෙලා ඔහෙ කියෙව්වා.....ඇඩුවා...හිනා උනා...ආයම එයාගෙ නම කිය කිය කෑගැහුවා......අතරින් පතරින් මට අප්පච්චි ගෙකටහඩ විතරක් අදුනගන්නපුලුවන් වෙනකොට මං අඩ අඩ එයාට කතා කෙරුවා....ඒ චුට්ටකින්ම අනෙ...මගෙ කටහඩට උත්තරයක් මගෙ ලගින්ම ඇහුනා...

සුදු....අයි....යෙ....

ම්ම්....සීදේවි.....

..ද්..දාලා...යන්ඩ....එපා.....බන්....ම්...මං....ඌට....නෙවෙ......මං...උඹට...මොකුත් වෙන්න දෙන්නෙ නෑ හරිද.....සු..සුදු...අයියෙ........ස්..සමුද්‍ර.....අ..ආදරෙයි....බන්....මං...ආදරෙයිනෙ.......

.................

මං....හුගක්....ආදරෙයි...බන්.......දාලා...

යන්ඩ...එප....දාලා...යන්ඩ...එපාබන්....

ම්න්...

මො...මොකාද.....හුත්තො....අතපත්තු.....

අත...පත්තු...අතපත්තු...මං...මෙච්චර වෙලාම.....කතා....කෙරුවා...විතරයි....මං..දැන් ඔතනට..එනවා...හරිද......අතපත්තුගෙ...අතේ...පත්තු....වෙයි.....සුදු....අයියා...

මගෙ.....ඇහුනනෙ....ඌ...මගෙ...හරිය....

ම්න්..හරි....දැන් කෑගහන්ඩ එපා....

චු....චු....චුට්ටක්.....කෑගහන්ඩද...?අතෑරපම්.....මගෙ.....අප්පච්චි .....කෝ...සුදු....අයියෙ.........ම්හුක්...අතැරපන්..කො.....සීදේවියා.....සුදු....අයියගෙ....විතරයි.......

මන් හිනා උනා....අතපත්තුවට බැනපු මං ඊලග පාර මාව අල්ලන් උන්න එකාටත් බැනබැන එහා මෙහා වැනෙනකොට මං අප්පච්චිගෙ චායාව දැක්කා....

හෙලෝ...මගෙ රත්තරන් යාලුවෙ....ඉතින් කොහොමද......?

"මොන හොදදක්ද සර්...මට මේ කෙරුවාව ඇති වෙලා.....එක්කො මාව හන්ගපු ආයුද බලන්ඩ යනවා කියලවත් අරන් යන්ඩකො සර්....."

වට් කේස් රත්තරන් ...බැලුවොත් අඩාගත්ත ගමන්නෙ....මොකො වෙන්නෙ....?

" මේ උදේ ඉදන් කොස් ගෙඩියක කොහිල්ලෑ ගලවනවා....ආරච්චිලයට කොස් කන්ඩ ආස හිතිලා...මේක.පුදුමාකාර දුකක් සර්.....අනෙ සර්....."

ෆකින් සොසයිටි එක නේද රත්තරන්....කොහොම නමුත් කනගාටුයි...මට මෙවෙලාවෙ හැටියට ඔයාට දෙන්න වෙන්නෙ මගෙ අයිඩෙන්ටි කාර්ඩ් නම්බරෙ විතරයි....

ඔහෙට මාව විහිලුවක්ද සර්......

නෑ..නෑ....ආදරේටනෙ විහිලු කෙරුවෙ....ඉතින් බෑනාපොඩ්ඩට දියන්කො ඔව්වා කරන්ඩ....

ඌ අර අරහෙ දෙල් වගයක් බදිනවා.......ඌට කතා කරන්ඩ ගියොත් තෙල් හැන්දෙ අච්චුව පිටෙ හිටියි.......ඌටයි මටයි අපල සර්.......

ඔව්වා ඔහොම තමයි රත්තරන් ...කොහෙද.....ඔයාව මට හම්බ උනෙ පරක්කු වෙලානෙ........

අනෙ...රෙද්ද අප්පා.....රෙද්ද....ඔහෙට මෙව්වයි ගානක් නෑ...

හරි..හරි...සීරියස් වෙයන්.....ලියනගේ..අර වැඩේට මොකද උනෙ කියපන්....

මොන වැඩේද සර්.....

පාන්දර ගිය වැඩේ....

සර් පොට් එකට යනකොට වඩිය ගාව ඉදල තියෙන්නෙ ගෑනි විතරයි....මේකි එතනම ඇදන් උන්න නයිටිය ඉරාගන කෑගහන්න අරන් දූසනේ කරනෝ....දූසනේ කරනෝ කියලා....වටේම උන් වට වෙලා තත්පරේට....අපෙ උන්ට අපි අහවල්ලු කියන්නවත් හම්බෙලානෑ....නෙලාගන ගිහින්...

ශිහ් ...ඕන්න ඕකයි අවුල....හරි.....හරි....මං වරුවෙන් එනවා.....තමුසෙත් එනවා ලියනගේ......ආවම දෙයක් කතා කරගන්න තියනවා...

එහෙමයි සර්....එහෙමයි....

ආ.....මේ..ලියනග්.....

සර්...

එනගමන් ඔය බැදපු දෙල් ටිකකුත් අරන් එනවා...ඔව්වා පැනිදාලා මරු....බෑනගෙ අත්ගුනෙ බලන්නත් එපැයිනෙ.....

ඒක අරු බලනවා සර්.....

Beep beep!!!

*

*

*

මාමෙ.....ඔහෙ මගුල් අහලනෙ ඉතින්..මෙයැයි වමනෙ හලනවා අහවරක් නෑ...

හරි හරි.....ඕක ඇරෙනව..දෙහිත් පෙව්වනෙ.....වරෙන්කො යන්ඩ සුදුපුතා මට උඹ එක්ක ගනුදෙනුවක් තියනවා .......

ම්හුක්.....ඔලුව රිදෙනවා.....අප්පා.....

හරි...හරි...සුදුමහත්තයා...උඹට අප්පච්ව පේනවද...

ඔව්....දෙයි.....යනෙ...ඔව්.....අනෙ....අම්මෙ......හ්....මගෙ බඩ...මට...ආය.....බ්....බ්බ්..බ්.....

මොනර...විල.....මිනිස්සු...ම්...ම්..මෙහෙම.....බොන්නෙ....නෑ....බ්බ්...බ්බ්...බ්වෑක්.....අපි....න්...නුවර....

ආ...ආපො...දාපන්..දාප...න්..ආය පටන් ගන්ඩයන්නෙ....දාපන්...මා අම්මට බියර් මූඩියයි පෑගුනෙ.....

බ්වෑක්......බ්...බ්...බ්වෑක්.....ස්...සුදු.....අයියෙ....මගෙ...පපුව....අපි.....අපි....මෙහෙම...ම්...මිනිස්...ස්.......

මටත් ඉහ ඇම්මට වගේ....ඔය වන්නම නවත්තලා ඕක දාකො සීදේවි....

අපි....නුවර...මිනිස්සු.....ක්...ක්...බ්බ්බ්බ්...න්වෑක්.......බ්වෑක්.....කවදාවත්...

අනෙ බඩත්...යන්න වගෙ...හ්........හ්..අනෙ...සීයත්තෙ......හ්....බ්වෑ....................................ක්ක්ක්ක්ක්ක්ක්

එන්නම් ඈ....

ආතරෙයි හර්තේහ්........

More Chapters