LightReader

Chapter 37 - 36

සලාන්...!!!

අති සාර්තකව තවත් අපූරු පිගානක් සුදුපාට බිත්තියෙ හැප්පිලා කෑලි කුඩුවෙලා ගියා....ඔව්...මේ අවස්තාවෙදි තුන් ඉරියව්වෙන්ම බෝලින් කරන්න පුලුවන් හැකියාවක් තියනවා කියන කාරනාව හදිසියේ පෙන්නපු විහාරා සමනලි සෝලංගාරච්චි තව පිගානක් අතට ගන්නවා එක්කම එල්ලන් උන්න කෑලි බෑලි බිම දාපු මං ඊලග පන්දුව නම් බිදෙන්න නොදී අල්ලනවා කියන ඒකායන ප්‍රාර්තනාව එක්ක ඇට්ලස් යෝදයා ලෝක ගෝලෙ අල්ලගන්න අත් දෙක බොකුටු කරනවා වගේ අත් දෙකත් බොකුටු කරන් ඩින්ගිරිත්තක් මැන්ඩියට පාත් වෙලා මොනර පුක වම් පැත්තට දෙකහා මාරකුයි.....දකුනු පැත්තට දෙකහමාරකුයි වනපු මං ත්‍රීපෝශ ඉල්ලන්න කට ඇරලා කටත් ඔහෙක් කරන් උන්න තැනම ඉදන් ගල්ටික් වෙලා උන්න අප්පච්චි දිහා බැලුවා....

ස්....සුදු...මේහ්....මේ අහනවකො.....

තේජක .....උඹ සින්හල නෙවෙද තේජක....සින්හල කියන දේ තේරෙනවද....තුනක් තේජක...තුනක්.....කමක් නෑ...මන් අම්මා කෙනෙක්නෙ...දරුවො වැඩි නෑනෙ....

ඔව්....ඒකනෙ.....මාත් කියන්නෙ..දරුවො වැඩි නෑ....අනික මේ අහනවකො සුදු....සින්හල ජාතිය එන්න එන්නම අඩුවෙනවා...තමුසෙට සතුටු නැද්ද දේශය නගා සිටුවීමට තමුසෙගෙ මේ හැන්ඩ්සම් මනුස්සයාත් පුරෝගාමියෙක් උනාට....ආ මොනර මැනිකෙ...??කොල්ලො පහක් හදල.....පහු කාලීනව කෙල්ලෙක් හදන එක වැරදි නෑනෙ ...අනික තමුසෙ අහල තියනවනෙ...පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු..එක පුන්සදින් දුරුවෙයි ලොව ගන අදුරු කියලා.....

ත්....තේජක....හ්හ්හ්හ්හ්...උඹ ජාතියෙ පියාද කියපන්.......උඹට මං....උඹට මං...උඹට ඕන ජාතියෙ පියා වෙලා ගිනා පොතට යන්නද?

අම්මිය්.....යේ....හ්...හ්හ්...ඇයි අනෙ....එක පැත්තකට දමලා ගහන්නකො...පැත්තක් බලාගන තව පැත්තකට දාන්නෙ...ඇයි යකො....කන ගාවින් සූ...හ්හ්ගෑවා......ඔය දෙන්නා රන්ඩු වෙනවා නම් කාමරේකට යන්නකො අප්පා....යෝහ්..අනෙ..අනේ...හ්...අම්මෙ...ඕකෙන් නන් අප්පච්චිට ගහන්ඩ එපා...අයි...අයි...අයියෛයෝහ්...සෝක් පිගාන...හ්හ්...බෙලෙක්කෙන් ගහන්ඩකො....යෝහ්....ඔයලා දෙමාපියො නේද අනෙ....චෝල පාණ්ඩ්‍ය වගෙ කාගන්නෙ ...සොලියො වගේ...

අයියොහ්.....අම්මෙ කහ මල ඇදපු කෝපෙ එපා....

එහෙනම්.....ඉක්මනට කියපන් සුදුමහත්තයා...

වෙන....වෙන එකක් ගන්ඩ...අර රතුපාට ජෝගුවෙන් ගහන්ඩකො.....ඇයි අනෙ කාගන්නෙ....දරුවො සම්පතක්නෙ අප්පා...දරුවො එපා කියන්නෙ නෑ අනේ...

යෝහ්...කාලින්ග මාග ආක්‍රමනෙවත් මෙච්චර දරුනු නෑ....කඩොල් ඇතෙක් නැති එකෙ කිරි මෝරෙක් වත් ගේනකන් ඉදපල්ලකො..අර අනිකෙන්....ඔව්...ඔව්....ඕකෙන් ගහන්ඩ අම්මියෙ...ඒ....ඒහ්...මො..මොකක්...කිව්වා....තව නංගියෙක් ඕනා කිව්වා...අනෙ අප්පච්චි ....බො...හු...නෑ..නෑ...යෝහ්.....ස්ට්‍රේස්ස්...ස්ස්ස්...

පොඩි පගයා...තටමලා තටමලා ලොකුම එකක් කිව්වා..සුදු එපා.....එපා...ඕකෙන් නම් එපා...

සලාන්...!!!!!

මං මැරෙන්ඩ හැදුවා.....අප්පච්චියි අම්මයි තවමත් වචන හරඹෙන් මරාගන්න ගමන් ඉන්න අම්මයි අප්පච්චි මුලු ගේම ගාසා තීරෙට හපන් කෙරුවා...මෙච්චර වෙලාම මැන්ඩියට ඉදන් අප්පච්චි ගෙ පැත්තටයි අම්මගෙ පැත්තටයි ඇදි ඇදි සමත මන්ඩලෙ එකාවගෙ සපෝර්ට් කර කර උන්න මගෙ මැන්ඩිය වාශ්ප උනා....කොටින්ම මාව ඉදිකට්ටක් වගෙ කෙලින් උනා....කම්පියුස් උන්ගා බුන්ගා උන මට තව ටිකෙක් ජාතක් කරපු පියයානවටත් කුනුහර්ප කියවෙනවා....

යකො....කොල්ලො පහකට තව කෙල්ලෙක් ඉල්ලන්න.....??????අම්මා කිව්වත් වගෙ අප්පච්චි හදන්නෙ ජාතියෙ පියා වෙන්නද...

අනෙ අප්පච්චි මේහ්......ඇයි අනෙ ඔයා හදන්නෙ අපි කසාද බැදලා පවුල් වෙලා ගියාට පස්සෙත් දරුවො හදන්නද ....???බදින වයසෙ ඉලන්දාරියෙක් ගෙයි ඇතුලෙ වේලෙනවා....ඒවා ගැන වගේ වගක් නැතුව ඔයා තව ලමයි හම්බකරන්න හදන්නෙ....

ඔයාලා හරි නන් මගෙ දෑවැද්දට දෙන ඒවත් ලක ලැහැස්ති කරගන සුදු අයියලාගෙ යන්න ඕනා....ඒවා හිතන් නැතුව තව ලමයි ගැන කියනවා...

අනික...අනික අපෙ අම්මියට පුලුවන්ද ඔයාකාර ළමයි හම්බකරන්න...ඔයත් ටිකක් මානුසිය වෙන්නකො අනෙ....ඉන්නෙත් කුලි ගෙදරක....ඔයාගෙ ඉස්ටේශම මාරුවෙනකොට අපිත් යනවා...ඔයාට මේ අපිට කන්නදෙන්නයි.....අපෙ දේවල් කරන්නයි...මගෙ දෑවැද්ද හදන්නයි ඔක්කොම තියන් ඔය තව බබ්බු ගැන කියන්නෙ.... අම්මියගෙ තරහව සාදාරනයි අප්පච්චි .....ඒක සර්ව සාධාරනයි ඈ....අනික මගෙ කෙස් ගහකුත් ඉදීගන එනවා දැක්කා....ඔයාලා මරාගන්න ඕන දේවල් ඕවා නෙවෙ අනේ....

කොච්චර කිව්වත් වැඩක් නෑ...හැමදාම එකම තැටිය.....මට දැන් ඩොප්සිපින් වගේ...හැමදාම මේ ගෙදර මොකක් හරි දෙයක්නෙ අනෙ.....සැනසීමකින් ගෙදර එන්න නෑ...මැරිලා මැරිලා ගෙදර එන්නෙ ...ඒ එනකොට අම්මා අප්පා ගහමරාගන්නවා....මෙව්වා තනිකරම චයිල්ඩ් ඇබ්‍යූස් අප්පා ඊටත් ඔයාලට නිකන් වත් හිතෙන් නැද්ද ඔයාලා ඔහොම මරාගන්නකොට අපෙ එක්කෙනාගෙ ගෙවල් වලටත් ඇහෙනවා කියලා...???

වෙනගෙවල් වල දෙමාපියො මෙහෙම නෑ අප්පා....මේක කන්දොස්කිරියාවෙ බෑනෙ...නැහිල නැහිලා ගෙදර එන්නෙ....

.......

........???

මන් හිතන්නෙ මගෙ කට තනිකරම වක්කඩක්...හැබැයි හකුරු කෑල්ලක් ලේසියට හන්ගන්න බැරි...මෙච්චර වෙලාම අප්පච්චි ගෙ පැත්තට උන්න මං ඒ හැම දේම නවත්තලා අතපය වන වන කෑ ගහන්න ගත්තා ...

වෙලාවකට අත් දෙකම ඉනට තියාගත්තා ....

වෙලාවකට අඩි හැප්පුවා....

වෙලාවකට බැදපු අම්මන්ඩි කෙනෙක් වගේ පපුවට ගහගත්තා.....

පිගන් පාවීම් අහවරයි.....මෙච්චර වෙලාම මරාගත්ත අම්මයි අප්පච්චියි හිටපු තැන්වලම ගල් උනා මදිවට මං බලාගන මෙච්චර වෙලාම ඊශ්‍රායෙලයයි පලස්තීනෙයි වගෙ මරාගත්ත දෙන්නා හීන් සීරුවෙ එක පිලකට එනවා.....

ඒ මොකත ඒ.....දෙන්නා දෙමහල්ලො ඩබල් බනිස් වගේ ඇලෙන්න හදන්නෙ...

ඇයි දැන් අප්පච්චිට හම්බෙන පඩිය මදිද උඹට නඩත්තු වෙන්ඩ.....???මෙච්චර කලුත් කුලි ගෙවල් වල තමයි උන්නෙ.....ඒ කියලා අර යස අගේට වලව්වක් නැතුව නෙවෙනෙ....

උඹ ඊට කලින් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙයන්කො...උඹගෙ සිහියම පවුල් කන්ඩ....උඹගෙ සිහියම පවුල් කන්ඩ.....ඔක්කොටම කලින් උඹ ඉස්කෝලෙ යෑම අහවර කරලා උඹගෙ වියදම හරි කවර් කරගන්ඩ රස්සාවක් හොයාගනින්කො....

ඇරත් මොකක්ද උඹ අර කියපු චයිල්ඩ් ඇබ්‍යූස් කතාව....?උඹ තවම ළමයෙක් කියලා හිතන් ඉන්නවා නම් ලමයි පැනල යන්නෙ නෑ...අනික උඹගෙ හැන්දගෙ ගෙදර උන්ට අපි දෙන්නගෙ සද්දෙ ඇහෙන්ඩ කොහොමත් විදිහක් නෑ...ඒ ගේ ඇතුලට ගියහම ඉහ රදේ එන තරම් කියවිල්ල....උඹට මොනව හරි තව කියන්ඩ තියනවද?

අ....අ..අම්මියෙ...ම්ම්මෝ....අනෙ.....

ඔයාට මොකත අනෙ හිටිහැටියෙ උනෙ...මේ අප්පච්චි මේ බලන්නකො අනෙ....මෙයා හුස්මක් ගන්නෙත් නෑ....නැවතීම් තිතක් තියන්නෙත් නෑ..අනන්තයට යන පාර දිගෙ වගේ කියවගනම යනවා....බලන්නකො අප්පච්චි මෙයා.....

....බලන්න දෙයක් නෑ....මගෙ සුදු නෝනා කියපු කතා සීයට සීයක් හරි.....ඇරත් උඹ නැහිලා නැහිලා ගෙදර එනවා කියන්නෙ උඹ යන්නෙ ඉස්කෝලෙනෙ බන්.....මැට් අනන්න නෙවෙනෙ....නේ දෝනි....?

මගෙ කට ඔහෙක් වෙලා....ඇස් දෙක මෙහෙක් වෙලා ගියා...මෙච්චර වෙලාම එලාර දුටුගැමුනු වගේ කාගත්ත අම්මයි අප්පච්චියි ඇහිපිල්ලමක් ගහන පමාවට එක පැත්තක් අරන් ඒ දෙන්නටම මුට්ට් අල්ලපු මාව තනි කෙරුවා විතරයි මාව තනිකරම සූඩ දැලට අහු උන කක්කුට්ටා වගේ කොර වෙලා ගියා....

මං අහක බලගත්තා....පස්ස පස්සට දාගන කුලප්පු උන හරකා වගේ අහක බලන් හොර හොරාවට තැපිල්ලුවා ..අවසානෙදි ඉනට අත තියන් ඉන්න තට්ටයා වගෙ මෙ දැන් බැදපු කපල් එකක් වගේ කුටු කුටු ගගා මට පේන්න උම්මා දිදී හුරතල් වෙන අම්මයි අප්පච්චියි දිහා බලන් ඇස් හීනි කරන් කටත් කෝනමාණයක් වගේ පාතට බරකරගන කියවන්න ගත්තා....

අම්මො අනෙ...ඔයාලගෙත් පුදුම ද්‍රෝහි කම්තමයි...ඔය කිරියි පැනියි කුටු උටු ගාන්න නම් මොකටද අනෙ මේ පිගන් පොලවෙ ගගහා නාඩගම් පෙන්නුවෙ....අපරාදෙ අප්පා....අපූරු පිගන් ටික...සෝක් පිගන් ටික...මං මේවා ඇස් වගේ පරිස්සම් කරන් උන්නෙ මටයි කියලා දෙයක් මමවත් ඉතුරු කරගන්න නෙ...

ම්හුක්.....ඒ අස්සෙන් ඔලුවත් කැක්කුමයි අප්පා...පිගන් පාරට මගෙ ඔලුවත් දෙදරුවා....

යෝහ්....දෙන්නගෙන් එකෙක් වත් මාව ගනන් ගන්නෙ නැතුව හුරතල් වෙනවා නේත.....මෝ අනෙ..ඔයාලා තමා දවසකටත් මිනිස්සු.....මොකද අම්මෙ ඔයාගෙ සෝබනෙ කානු කෑලි තුනක් හම්බෙන්න ඉන්න හින්දද.....??

සෝබනෙ දාන්න එපා..මටත් දරුපැටියෙක් ඉන්නවා හරිතේ....හ්....අම්මියෙ......අම්මෙ.....යෝහ්....මේවා දකින්ඩ මාත් ජීවත් උනානෙ....යෝහ්...ඔය දෙන්නා ආලෙන් වෙලන් කෝලම් කරන්නෙ නැතුව මං ගැනත් බල්න්නකො අනෙ...

එකෙක් නෑනෙ මට ඩින්ගිරිත්තක් අවදානෙ දෙන්න ....අර කතාව ඇත්ත.....බාල උන් එන්න එන්න ලොකු එකාව පඩේකට මායින් නැතුව යනවා කියන කතාව ඇත්ත.....

ඔය නම් උඹ දත් ඇන්දම ගලවගන්ඩ තමයි ...ඉදලා ඉදලා ලැව් ගින්න නිවුන වෙලේ මටත් ටිකක් නිවෙන්ඩ දියන්කො සුදු මහත්තයා..... මෙතනට වෙලා නාහෙන් අඩන්නෙ එක්කො ගිහින් නාගන වරෙන්....නැත්තන් කන්ඩ වරෙන්.....නේ දෝනී...

ම්ම්ම්ම්....කෝ බලන්න....මෙතනටත් වැදුනද ...නලල නිල් වෙලා අයියෙ.....

ඔව් ඉතින්.....හිරමනයක් වීසි කරලා ගැහුවම නිල් වෙනවා නේන්නම්...උඹගෙත් බොරු මායන් දැන් තමයි..මම නොදන්න මොනර කිකිලි....

මං නෙවෙ ආය කටක් හෙලෙව්වෙ...ඔය රන්ඩු විසදන්න යනවට වඩා හොදයි නිකන් ඉන්නවා.....මේ කාගන්නවා....ඒ චුට්ටෙන් මේ උම්මා දීගන යාලුවෙනවා...අවසානෙදි කතා කරපු මන් නරක මිනිහා වෙනවා...පුදුම සමස්තරංගනයක් තමයි මෙ දෙන්නා රගපාන්නෙ....බොරු අවදානෙ...අපරාදෙ පිගන් ටික....

සුදු මහත්තයා... බත් බෙදන්නද...?

මං බිම තිබ්බ පිගන් කට්ටකට හීන් සීරුවෙ පයින් එකක් ඇන්නා...මෙච්චර වෙලාම පිගන් සංදර්ශන පෙන්නපු අම්මා අප්පච්චි එක්ක පුලුවන් තරන් හුරතල් වෙලා....කුටු කුටු ගාගන මූන දියවෙනකන් හාදුත් ඉල්ලගන දැන් හැසිරෙන්නෙ මේ ගෙදර කිසිම කාලගෝට්ටියක් තිබුන් නැති ගානට වෙනකොට මං බලාගන අප්පච්චි හුරුවමක් බානගමන් අම්මගෙ පස්සට හිමීට තට්ටුවක් දාගන කොස්ස අරගන පිගන් කටු අතුගාන්න ගන්නවා.....

ඇහෙන නෑහෙන ගානට සින්දුවක් මුමුන මුමුන බත් බෙදන අම්මා ගාවට ගිහින් සැරින් සැරේම එයාට විතරක් ඇහෙන්න පුංචි පුංචි විහිලු කරනවා...

ආදර මල්වල....

පාට කියන්න....ද.....ඒ වගේ..ලස්සන....තව නෑ...

තමුසෙව බෝලයක් වෙයි නේ ආයමත්....මේ සුදු කම්මුල් පිරෙයි විහාරා....."මගෙ ගැබ්බර පෙම්බරී..."

පිස්සු අනෙ...නිකන් ඉන්න තේජක...ලමයට බත් එක බෙදන්ඩ දෙන්ඩ අනෙ....

මගෙ අප්පච්චි මගෙ අම්මට පුදුම තරම් ආදරෙයි දෙයියනෙ....

මං අම්මයි අප්පච්චියි දිහා බලාගන උන්නා....එක අතකට මාත් වක්කඩ කැඩුවා වගේ කියවන් ගියාට මටත් ඕන මෙච්චරයිම නෙවෙද....මට ඕනත් මගෙ අම්මයි අප්පච්චි යි හැමදාම ආදරෙන් ඉන්නවා දකින්න නෙවෙද....???

මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු පටලයක් බැදුනා.....රෝමියො ජුලියට් ගාව වත්....ජැක් රෝස් ගාවවත්...ඉසුරුමුණිය ගාව වත්...සාලිය අසෝකමාලා ගාව වත්...මේකාගාවවත් නෙවෙ දෝරෙ ගලන ප්‍රේමයක් මං දෑහින් දැක්කෙ.....බහතේර්‍ර්න දා ඉදන් මං ප්‍රේම මුද්‍රාව විදියට දැක්කෙම මගෙ අම්මවයි අප්පච්චි වයි විතරක්ම වෙනකොට ආදරේ බරම තැනකදි මගෙ ඇස්වලට ප්‍රේමයත් ස්නෙහයත් වෙනුවෙන් කදුලක් ඉනුවා....

සමහර විට මගෙ පපුව පුරවන් ආදරෙ ඉපදෙන්න එකම හේතුව මගෙ අම්මයි අප්පච්චි යි වෙන්න ඇති....

ඉක්මනට කාලා ලෑස්තිවෙයන්.....

ඇයි....

ඇයි අහන්නෙ උඹට මොකක්වත් ඇදුමක් ඕන නැද්ද....?

අප්පච්චි ...

කාලා ලෑස්ති වෙයන් ...

මං උන්නෙ අත හෝද හෝද....හැඩිවෙලා තිබුන සාලෙ එක තත්පර ගානින් ආයමත් පුරුදු තුසිතයම උනා....කෑලි උන පිගන් කටුවක අංශුමාත්‍රයක් වත් නැති වෙන්න අතුගාපු අප්පච්චි පිගන් කටු ටික එලියට අරන් යන ගමන් මගෙ කොන්ඩෙත් අවුල් කරන් කාලා ලෑස්ති වෙයන් කියනකොට බත් එක බෙදපු අම්මා මේසෙ උඩින් තියලා වතුර එකකුත් ඒ ලගට තිබ්බා...

ඔයා කෑවද අම්මෙ.....

කෑම මේසෙන් ඉදගත්ත ම්න් මට ඉස්සරහින් ඉදගත්තු අම්මා දිහා බලාගන කෑවද ඇහුවා....මං දන්නවා...මොන තරම් රහට උයාගත්තා උනත් මගෙ අම්මට බත් කටක් වත් කාගන්න පිරියක් නැතුව ඇති....කොච්චර කියවන් ගියත්...මොන තරම් මෝඩ වැඩ කර කර හුරතල් වෙන්න හැදුවත් අම්මගෙ අප්පච්චි ගෙ ලොකු පුතා උන මට අප්පච්චිගෙන් පස්සෙ අම්මව රකින වගකීම යුතුකම තියෙන්නෙ මට බව මගෙ තුන් හිතම පිලිගත්ත දෙයක් වෙද්දි අම්මගෙ හිනාවත් එක්ක මං දැනගත්තා අම්මා කාලා නෑ කියන්න.....

ඔය මැල්ලුම් අනාගන්න සුදු මහත්තයා.....ඔය මාලු අනාගන්නකො...එකින් එක කියන්ඩ ඕන...මඩු මාලු....මං ඔය මාලු මීට කලින් උයලත් නෑ.... අපෙ ගෙවල් වලට ගෙනල්ලත් නෑනෙ..හැමදාම ක්න එකම මාලුව මිසක්....

සමුද්‍රලාගෙ අත්තම්මා ගෙනත් දුන්නෙ .....අනෙ අපරාදෙ කියන්න බෑ....උන්දා මට උයන හැට් අකුරෙන් අකුරම කියලා දුන්නා සුදුමහත්තයා...මැටි හට්ටියෙ දාල තෙල් පෑදෙන්න උයනකොට තමයි රහ කිය කිය කියලා දුන්නෙ.....

කටවල් සැර උනාට...බාගෙට බාගයක් කුනුහර්ප කිව්වත් මේ මිනිස්සුන්ගෙ හිත් පුදුම හොදයි සුදුමහත්තයා.....මේ කාලෙට හොදට කන්ඩ ඕන කිය කිය මට දහයක් ජාති කිව්වා...

කුනුහර්පයක් දෙකක් කිව්වට ඒ මිනිස්සුන්ගෙ පපුව පුදුම හොදයි ...ඔක්කොම කන්න..දරුවො ලොකු උනා කියලා නෑ.....මුලු බත් එකම කාලා පිගාන හිස් කරපුවාම අම්මලාට හැමදාම සතුටුයි...කොඩෙත් වැවිලා නේද?අප්පච්චි එක්ක එනගමං කපාගන එන්න...

මට නිකන් ඇඩෙන්න වගෙ...මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....මූනට මූන දාල ඉදගන උන්න අම්මා අතදිගෑරලා මගෙ ඔලුව අත ගගා තව තවත් කියෙව්වා....

ඇත්ත අම්මගෙ කතාව සම්පූර්නම ඇත්ත....කොච්චර ලොකු උනත් බෙදලා දෙන බත් එක ඇටයක් ඉතුරු නොකර කන දවසට මගෙ අම්මා හිනා වෙන්නෙ මුලු ලෝකෙම දින්න වගේ හැගීමකින්...ඇයි දෙයියනෙ අම්මලාට මෙච්චර ලොකු හදවතක් දෙන්නෙ...පුංචිම දේකින් උනත් කප්පරක් තරම් සතුටු වෙන්න පුලුවන් තරමට?

අම්මා මොන ජාති කිව්වත් මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....මීට විනාඩි ගානකට උඩදි උන්න කන්කරච්චල් කාරි අමාකර වෙනුවෙට මෙතන උන්නෙ අම්මා අප්පච්ච්ගෙ නිධානෙ උන නිවිච්ච ලොකු පුතෙක් විතරක්ම වෙනකොට මං නෙවෙ ආය හූ මිටියක් වත් තිබ්බෙ...

මං කරපු එකම දේ නන් බත් පිගාන දිහා බලාගන බත් කටක් අනපු එක...සුදු බත් එකට අම්මා කිව්වා වගේම මඩු මාලු හින්දුමක් තිබ්බා...තදම රතුපාට හින්දවපු මඩුමාලුවෙ තෙල පවා පෑදිලා තිබුනා...කා ගැහුන පරිප්පුවත් කොලම කොලපාට මැල්ලුමත් බැදපු පපඩමුත් එකට ඇනෙනවා කියන්නෙ ඒරසට ආය දිව්‍ය විමානෙන් එවාපු අමෘතෙ පවා පරාදයි.....

ආ ගාන්න.....

සුදු මහත්තයා.....

මෙච්චර වෙලාම බත්පත දිහා බලාගන උන්න මං අවසානෙදි ඔලුව ඉස්සුවා....ඇගිලිතුඩුවලින් අනාපු පලවෙනිම බත් කට....මං කෙලින්ම මගෙ ඉස්සරහින් උන්න අම්මා දිහාවට දික් කෙරුවා විතරයි ඒ ඇස් ගැස්සුනා...

හැමදාම ඔයා කවනවනෙ...

එපා පුතෙ...අම්ම කෑවා...

බොරු කියන්න එපා...ඔයා කවදාවත් අපිට කලින් කන්නෙ නෑ....ආ ගාන්න .....උන ගැනුනම ඔයා කවදාවත් මාව වත් මල්ලිව වත් අප්පච්චි ව වත් බඩගින්නෙ නිදි කරවන්නෙ නෑ අම්මෙ....කොච්චර කට තිත්තයි කිව්වත් ඔයා අතින් කවන බත් කටට තමයි අපි සනීප උනේ.....ලෙඩක් හැදුනමබෙහෙත් ඕන...ඒත්...බෙහෙත් වේලක් එක්ක අම්මගෙ ආදරෙ පෙවුනම බෙහෙතට වඩා අම්මගෙ ආදරෙ අපිව සනිප කෙරුව...

කොච්චර කට කියෙව්වා උනත්...මං අම්මගෙ ලොකු පුතා.....ආ ගාන්න...ඔයා ඔහොම ඉන්නකොට මට කන එක දිරවන්නෙ නෑ....

ස්....ස්...සි...හත්....මගෙ දරුවා...

මගෙ පපුවම හෙලවිලා ගියා.....මං බලාගන ඉන්නකොට අම්මගෙ කදුලුවලින් තෙමුන ඇස්වලින් පහලට කඩා වැටුන කදුලු කැටයක් ඒ සුදු කම්මුල් තෙමාගන පහලට වැටෙනවත් එක්කම අනෙ අම්මා කට ඇරියා....

අනෙ මගෙ අම්මට ඔය බත්කට දිරවපන්.....

කෝ....ආගන්න....

ඇති රත්තරන් ඇති...අම්මට කන්න බෑ.....මගෙ පුතා කන්න...තව මාලු බෙදන්නද...

ම්ම්ම්හ්...එපා...

එපාලු....පලවෙනි කටෙන් පස්සෙ තවත් කටවල් දෙකක් මගෙ අතින් කාපු අම්ම ඊලග පාර අම්මා එපා කියලා මට කන්න කියනකොට අනෙ මං බලකෙරුවෙ නැ...කවපු බත් කටවල් දෙකතුනත් ආපිට එලියට දායි කියන බයට මං සද්ද නැතුව මගෙ පාඩුවෙ බත් කන්න ගත්තා... එ එක්කම වීදුරු කටු වීසි කරන්න කියලා එලියට ගිහින් පැය බාගයක් විතර අතුරුදහන් උන අප්පච්චි ආයමත් මතු උනා....

නිකන් නෙවෙ...අතෙ ශොපින් මල්ලකුත් එල්ලගනම.....

අ....ආ....මෙන්න...තෝස පාරක්.....හොද සයිවර් කඩේකින් ගෙනාවෙ.....සුදු මේක කනවා...උනුවෙන් තියෙන්නෙ.....සුදුමහත්තයා ඉදා උලුදු වඩ.....ඕකෙන් දෙක තුනක් අරූටයි උගෙ වල්ගෙටයි තියපන් ...වැඩිය එපා....අනන් මනන් කාලා.ඕකා රෑට කන එකක් නෑ....සුදු ආ මේක....කරපින්චා සම්බෝල ද.....අරකද මේකද....ගොඩක් හෑව් හරි.....

අ..අනෙ....තේජක...

ම්ම්ම්...ආසයි ආසයි ගගා දවස් ගානක ඉදන් කියනවනෙ...සමාවෙනවා හොදද.....

ම්ම්ම්...ඇයි...

අමතක උනා නෙවෙ සුදු නෝනා.....වැඩ වැඩි උනා.......කමක් නෑ....මං හිතන්නෙ දෙවියො කැමති නැතිව ඇති තව එක පාරක් තමුසෙගෙ ලමාකාලෙ මට පෙන්නන්න.....

අයි...යෙ.....

ඇයි අහලා නැද්ද....අප්පච්චි ලා ඔය තරම්ම කෙල්ලො ඉල්ලන්නෙ.....උන් ලෝකෙන් වැඩියෙන්ම ආදරෙ කරන ගෑනිගෙ නොදැකපු ලමා කාලෙ දරුවන්ගෙන් බලන්නයි කියල...ම්ම්ම්.....දුවෙක් නැති උනාට කමක් නෑ.....ඇත්තු වගෙ පුත්තු පහක් ඉන්නවනෙ...අනිත් උන් හතර කෙසේ වෙතත් මට මූ නම් ඇතෙක් තමයි ඕයි...වෙලාවකට මූට වයර් ශෝට් උනාට...මූ මට ඇතෙක් වගේ පුතෙක්.....කාපිය කාපිය ඕක අතගගා ඉන්නෙ නැතුව...කාල වරෙන් යන්න...

මං ඔලුව හෙලෙව්වා....

මුලු කුසියෙන් එකයි සයිවර් කඩ සුවද...ඇත්ත අප්පච්චි කිව්වා වගේම අම්මට තෝස ගිලින දොලදුක ගහලා තිබුනෙ දවස් ගානකට උඩදි ඉදන්.....ඒත් මටවත් අප්පච්චි ට වත් බැරි උනා අම්මට තෝසයක් ගෙනත් දෙන්න....

ඒත් මට බැරි උනත් අප්පච්චි ට පොරොන්දු රකින්න මතක තියෙද්දි අනෙ බත් කටට කට අපුල කරන් උන්න අම්මා මං බලාගන ආසාවෙන් අර සයිවර් තෝසෙ ගිලිනවා....

සුදු මහත්තයා තෝසයක් දෙන්නද...

.එපා අනෙ...ඔයා කන්න මට මේ වඩත් තියනවා.....මේක අරූට තියන්ඩ ඕකගෙ තේ මේනියාව තව පැයබාගෙකින් ඉහට ගහයි...

අනෙ පව් සුදුමහත්තයා..

ඇත්තනෙ අනෙ...මං මේ බයෙ ඉන්නෙ...අර අරක්කුවා මූට තේ බෝතලයක් දීලා ආපහු රවට්ටගනී කියලා....මූ තේ වෙනුවෙන් ඉහත් දන් දෙන එකෙක් .....

........ඒ අනික...බත් කටක් කවාගන්ඩම බෑ....අනෙ සුදුමහත්තයා අර මල්පෝච්චිය යට ඉන්න ගෙම්බව කොහෙට හරි වීසිකරපන්.....මගෙ ඉහ කැක්කුමයි දවල් තිස්සෙම ඒ යක්ස ගෙම්බා එක්ක....අනිත් පැත්තෙන් පොඩි හැන්දා...සුදූ සුදු ගගා මගෙත් අප්පච්චි වගේ....

ඌ පව් අම්මෙ...ඌ අපෙ සුපිරින්ටන් කාරයට පන ඇරලා....එක අතකට ඒක හොදයි....මූට මෙහෙම හරි යාලුවෙක් ඉන්නවා....මට ඔය කාලෙ යාලුවො උන්නෙත් නෑ.....

මට බය මල්ලි ඒ ළමයා කියන කුනුහර්ප කියන්ඩ ගනී කියලා....දවල් මගෙ ඇගත් එක්ක හිරිවැටිල උන්නෙ....පසන් සීයත්ත එක්ක හරි හරියට කියවිල්ල...නිකන් හරි කුනුහර්පයක් කිව්වා නම් මටත් කනක් ඇහෙන්න නෑ...

.......ඒක උගෙ හැටි ....උන් හිතලා කුනුහර්ප කියන්නෙ නෑ අනෙ...

අනෙ සුදුමහත්තයා නිකන් ඉදින්....වෙන්ඩ පුතා හින්දා උඹ සුද්ද කරනවද...ඕක පුරුද්දට යවන්ඩ දෙන්ඩ එපා සුදුමහත්තයා....තැනක් නොතැනක් නැතුව කියවයි....ආ සුදු මහත්තය.....උඹ දැන් කිව්වෙ මේ අත උඩට මල්පෝච්චියක් වැටුනා කියලනෙ....මෙ අත තවත් චුට්ටක් තඩිස්සි වෙලාද මන්දා...

හා..හා...මං කියන්නම්.....අනෙ....අම්මෙ.....ඌව්....හ්.....අනෙ....මල්...පෝච්චියක්...අනෙ.....මල්....අනෙ....ඌයි තදින් අල්ලන්න එපා අනෙ..

මගෙ බත් එකෙන් හරි අඩක් තවමත් එහෙම්ම...සයිවරෙ වඩේට රහ වැටුන මන් දෙකට මැදින් පලල කොච්චි සම්බෝල ඔබාපු උලුදු වඩෙන් කෑල්ලක් කටේ ඔබාගන්නවා එක්කම අම්මා මගෙ තඩිස්සි වෙලා තිබ්බ අත ආයමත් අල්ලගත්තා.....

අතේ තඩිස්සියට හේතු අහපු අම්මට අප්පච්චිට මං දුන්නෙ මගෙ සුදු අයියට දුන්න හේතුවම වෙනකොට සුදු අයියට දිවුරලා ගොත ගගහා බොරු කියාගත්තා උනත් මට අම්මගෙ මූන බලන්න හයියක් නැති උනා...

.ඇත්ත කියපන් සුදුමහත්තයා..... ..මේක නන් මල්පෝච්චියක් වැටිල නෙවෙ සිහත්.....

නැ අම්මෙ...එහෙම තමයි....

අතම රතු වෙලා....අප්පච්චි ගානක් නෑ වගෙ අහන් උන්නට උඹ හිතන්නෙ අප්පච්චි මෝඩයා කියලද...උඹ දැන් හැන්දටත් ඔය බොරුවම කිව්වට උඹ හිතනවද සිහත් ඒකා මේක විස්වාස කරයි කියලා....

.......

මල්පෝච්චියක් තියනකොට මොකාවත් ස්ටෑන්ඩ් එක උඩ අත තියන් නෑ සුදුමහත්තයා....බදෙන් අල්ලනවා මිසක්...උඹ මගෙ පුතා...බොරු කියන්න කලින් හිතපන්....අම්මට හුස්මත් දැනෙනවා සිහත්...මට කියපන් අරකා ඉස්කෝලෙ ඇතුලෙ අඩව්වක් ඇල්ලුව නේද....මං ඕකට හනස්සක් කැඩෙනකන් ගහලයි පස්ස බලන්නෙ සුදුමහත්තයා....උගෙ අම්මට හදන්න බැරි එක මං වත් ඕකව හදන්නම්..... .

අනෙ අම්මෙ.....අප්පච්චි ට ඇහෙයි....

කියවන් කියවන් යන වචනයක් වචනයක් ගානෙම කටෙ සද්දෙ වැඩිකරන් ආව අම්මා අනිත් පාර මිනාල්ට ගහනවා කියන ගමන් මේසෙට පාරක් ගහනවා එක්කම මං ඒ අත අල්ලගන ඉක්මනට පඩිපෙල දිහාව බැලුවා...අප්පච්චි ට ඇහෙයි කියපු මං අම්මගෙ අත මිරිකගත්තා....

අනෙ අම්මෙ...ඔයා අප්පච්චි ට වත් මගෙ සුදු අයියට වත් කිව්වෙ නෑනේද.....කියන්න එපා අම්මෙ...

මොනවද ම්ම්ම්ම්....සුදු අයියට වත් අප්පච්චි ට වත් කියන්න එපා කියලා ඔහෙ ඔය බඩදරු අම්මගෙන් පොරොන්දු ගන්නෙ මොනවටද මගෙ අමාකර ම්ම්ම්...

ද්...දෙයි....යනෙ...ස්...සමුද්‍ර....

මං හිතන්නෙ මගෙ සර්වාංගෙ පුරාවටම හදිසි නියඟයක් හමාගන ගියා.....මගෙ හුස්ම වැටෙනකොටම හදවත වේලුම් කෑවා....ඒ ගොරෝසු කටහඩත්...ඒ මූන පුරාවටම තිබුන බැල්මත් මාව උත්තර නැතුව නන්නත්තාර කරනකොට මට කටට ඔබගන උන්න වඩ කෑල්ල පවා පිට උගුරෙ ගියා...

සුදු අයියා.....වෙන කවුරුත් නෙවෙ.....පෙර දැනුන් දීමක් තොරවම මුහුදම දෙගොඩ තලවාගන යන සුනාමි තරංග අහුරක් වගේ ඇවිදින් උන්නෙ මගෙ සමුද්‍ර වෙනකොට මං බලාගන එයාගෙ අතේ මොනවා හරි දාගන ආව පිගානක් තිබුනා වගේම එයා ඒ පිගාන දෙකට කැඩෙන්න තරම්.තරහවකින් මිරිකන් උන්නා....

අ...අයියෙ.....

මට ගොත ගැහුනා.....එ ඇහිබැම රැලි වැටුනා....කොටින්ම වෙනදට සුදු අයියගෙ හේයාවක් පවා දැක්ක ගමන් වැල්වටාරම් කියවන් යන සුසංගතා පවා අද මගෙම කරුමෙට මුනිවත රකිනකොට මට ඉදන් උන්න තැනින් නැගිටලා එයා ගාවට යාගන්න කකුල් වලට පනක් නැති උනා...

අනෙ දෙයියනෙ...අනෙ...අරූව මරයි....අරකව මරලා දායි....

මගෙ යටි හිත මටත් කලියෙන් බය වෙලා....ඒ ඇස්වල තියන නපුරු පාට දැක දැක මට කතා කරගන්න පව වචන නැති වෙද්දි අනෙ මං අම්මගෙ මූන දිහා බැලුවා.....

මේ...මේලමයනෙ....මල්ලි අපෙ සමනල් මොකද කරන්නෙ....

..........උදෙ මොකක් හරි උනාද??ම්ම්ම්....අක්කෙ.....මං හිතනවා ඔහෙ නම් මට දිවුර දිවුර බොරු කියන එකක් නෑය කියලා....

සමුද්‍ර....

මේන්....අත්තම්මා මේක ඔහෙලට දෙන්ඩ කිව්වෙ....හිච්චා ගැන නම් අහන්නෙ....ඒකා පසනා එක්ක නටනවා උගෙන් වදයක් නෑ....හැබැයි මට මුගෙන් තමා දැන් වදේ.....මං මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර බැන්ද....දැන් මගෙ ප්‍රශ්නෙට උත්තර බදිමු නේ.....ම්ම්...අක්කෙ කියලා උත්තර අහනවට වඩා...මාත් අද ඉදන් ඔහෙට අම්මෙ කියලම කතා කරන්නම් හරි...අම්මලාට බෑනෙ පුත්තුන්ට බොරු කියන්න.....නේ අමාකර...ම්ම්ම්ම්...එහෙම නේ.....?ඒක එහෙමයි නෙ...ඇරත් ඔහෙලා උඩරට රදල නම්බුකාර වලව්පැලැන්තියෙ මැනිකෙලනෙ.....ම්ම්ම්...මැනිකෙලා කෙබ්බ තලන් නෑ ලු ඕන්.....නුවර බාසාවෙම්ම මං වචනයක් දෙකක් දෙඩුවෙ ඔහෙට මං කියන කාරනාව ලේසියෙන්ම තේරුන් යන්ඩ හරිය...

මට නෙවෙ කටක් හොලව ගන්න පුලුවන් උනේ. .....මේක අත්තම්මා දෙන්න කිව්වයි කියන ගමන් එයා අතේ තිබුන පිගාන මේසෙ උඩින් තිබ්බා....උඩින් තිබ්බට වඩා එයා පිගාන පොලවෙ ගැහුවද මන්දා....අනෙ සමනල් හරි පසනා හරි මොනවා හරි කනේ තියලද.....පසනා දැක්කෙ නෑ..ඒත් සමනල්....

කූරට ගහලා බිස්කට් කුඩු තවරලා බැදපු ඉස්සො...එකෙක් දෙන්නෙක් නෙවෙ....හෙන පිගානක් පුරවලම...අයියට හොටෙල් එකක් තිබුනත් මොකද සයුරියගෙ කොටහලුව ගන්නෙ මුලු වැල්ලම හෙල්ලෙන්න ගෙදර වෙනකොට හෙට තියන මගුලට අද ඉදම්ම සුදුඅයියලාගෙ ගෙදර ලිප් වලට සැනසීමක් නැති උනා...නානාප්‍රකාර සුවදවල් ආවත් මොකද දැන් නම් මට පිරිය නැති උනා...

එයා මගෙ අම්මට සැර නොවී සැර වෙනවා.....මෙච්චර කල් අම්මට අක්කෙ කියපු එයා අද අම්මට අම්මෙ කියලා කතා කරන්නද අහනකොට මං බලාගන අම්මත් මගෙ දිහාව බලලා බයෙ බයෙන් වගේ ඔලුව වැනුවා...එ එක්මම මහ සද්දෙට පුටුවක් ඇදපු සමුද්‍ර මගෙ ගාවින් ඉදගන කකුලක් පිට කකුලක් දාගන මගෙ දිහා බලාගන උන්නා.....හරියටම එයා මගෙ දිහා බලාගන උන්නෙ මීට කලින් කිසිම දවසක මාව දැකලා නැති එකෙක් ගානට වෙද්දි මට ඒ ඇස් මගාරින්නවත් හයියක් නැති උනා.....

එහෙම කිව්වට කමක් නෑනෙ නේ අම්මෙ....ම්ම්ම්....මොකද නැත්තන් වටේම උන් නෑ කම් කියන්ඩ එනවා....වටෙම්ම බෑනලා ලව්වා අම්මා කියවගන්ඩ ආසාවක් නෑනේ....???

අයියෙ...

ම්න්.....ම්න්...ඔව්...අයියා නන් තමයි ....ඉතින්...අතට මල්පෝච්චියක් වැටුනා කියලා උඹ මට බොරු කිව්වෙ දිවුරලා නේහ්.....අයියට උඹ බොරු කියන්නෙ දිවුරලා නේ....මං එදත් උඹට කිව්වනෙ....නේ පුතේ ම්ම්ම්....උඹට මං එදත් කිව්වා.....මාව බේරන්ඩ හිතන් හරි.....උඹට බේරෙන්ඩ හිතන් හරි බොරු වැඩ කරන්ඩ එපාය කියලා හරි...දැන් කියන්ඩ එපා මගෙන් ඇත්ත හන්ගන්නෙ ඔයාට මොකක් හරි වෙයි කියන බයට....නැත්තන් ඔයා රන්ඩුවට යයි කියන බයට.....ඔය අනන් මනන් ලබ්බවල් කියන්ඩ මොකො උඹට දැන් මේක මෙගා නාට්ටියක් වගේ පේනවද...???රකින්ඩ බලන් පච අතාරින්ඩ එපා..හරී.....උඹට මං මේ කියන එක තේරෙනවනෙ පුතා ම්ම්ම්ම්...??

සමුද්‍ර...පුතේ....මේ අහන්නකො දරුවො

මේ....මේ....මේ...හ්හ්හ්......!!!ඇඩ් එපා හරිය...අනන් මනන් වානා....ඇඩ් කතා වානා...බන වෙනයි...බයිලා වෙනයි.....ඇඩ් වෙනවයි....ප්‍රශ්න අහන අයිතිය තියෙන්නෙ මට හරි.....,ඔහෙටයි පුතාටයි තියෙන්නෙ කතන්දර වැල් වටාරම් ගොතන් නැතුව ඇත්ත කියලා පැත්තකට වෙන්ඩ...

අනෙ දෙයියනෙ...මිනාල්....උඹ අද නම් ඉවරෙටම ඉවර වෙයි මිනාල්.....උඹට මන් කිව්වා....උඹට මං කට කැඩෙනකන් කිව්වා ....පාඩුවෙ ඉදින් කියලා...උඹ මගෙ ජීවිතෙත් කාලා.....උඹත් මැරිලා යන වැඩක් බන් මේ කරන්නෙ...

මං මගෙ අත් දෙකම මිරිකගත්තා.....ඇදන් උන්න යුනිෆෝම් කමිසෙ තෙමාගන පිට කොදු නාරටිට දිගේ දාඩිට බින්දුවක් රූටලා ගිහින් කලිසම් ගැට්ටට වැටිලා අතුරුදහන් වෙලා යද්දි මං මගෙ අත් දෙකම මිරිකන් යටි තොල හපාගත්තා....

මගෙ ඉහ පුපුරන්ඩ වගේ...මගෙ ඔලුව කැක්කුමයි...ඒත් දැන්....ඔලුව නෙවෙ මගෙ පපුව පුපුරන්ඩ වගෙ...අප්පච්චි තවම උඩ....අප්පච්චි ආවොත්...මේ උඩටම අප්පච්චි ත් ආවොත්???

අමාකර....උදෙ...මිනාල් ආවද....නැද්ද...???ආ|ව|ද...නැ|ද්|ද...ඔව් නම්...ඔවු ..නෑ නම්...නෑ...දෙකෙන් එකක් ...දැන් කියන්ඩ හදන්ඩ එපා රන්ඩු වෙලා මං කොහොමද පහුදා ඉස්කෝලෙ යන්නෙ කියලා.....ඔය වැල් බයිලා එපා.....මොකො මේ දික්වැල්ලටම තියෙන්නෙ එක ඉස්කෝලයයි නෙවෙනෙ...????උඹ හිතන්නෙ මං හැම එකටම අත උස්ස උස්ස යන එකෙක් කියලද...අත උස්සන්ඩ කලින් මට ඕන තරම් ක්‍රම තියනවා අමාකර හරි.....හැම ලබ්බටම අත උස්සන්ඩ අහන එක උගෙ හැටියක් මිසක්...මේ සමුද්‍ර හැන්නදිගේගෙ හැටියක් නෙවෙ...

මේ දික්වැල්ල පහුවෙලත් ඕනතරම් ඉස්කෝල තියනවා.....උත්තර දෙනවද කොහොමද....නිකන් කාලෙ කන්ඩ එපා...

ම්...මගෙ ඔලුව රිදෙනවා අයියෙ.....

එයාගෙ වම් අතෙ ඇගිලි පහම තාලෙකට මේසෙට තට්ටු කර කර එය මගෙන් ප්‍රශ්න අහනවා...අර ඇගිලි මේසෙට වදින වදින වාරයක් වාරයක් පාසාම මට දැනෙන්නෙම මගෙ පපුවට කිනිස්සක් බස්සනාවා හා සමාන හැගීමක් වෙද්දි උඹ මේ හැමදේම හන්ගන්නෙ ඉස්කෝලෙ යන්න බැරි බයට නම් දික්වැල්ලෙ ඕනතරම් ඉස්කෝල තියනවා කියපු එයා මගෙ දිහා බලාගන ඇස් හීනි කරනවත් එක්කම මං අහන දේට උත්තරයක් දෙනවා වෙනුවට ඔලුව රිදෙනවා කිව්වා....

එච්චරයි ....එයා පුටුවෙන් නැගිට්ටා....ඒකත් මහ සද්දෙම්ම පුටුව තල්ලු කරගන...

මේ ගෙදර කොහෙද පැනඩෝල් තියෙන්නෙ????

අර...පැන්ට්‍රි කබඩ් එකෙ....

අර කබඩ් එක කියන්නෙ.....කබඩ් දහයක් විතර තියනවනෙ.....දහයම ඇරලා බල බල වාත වෙන්ඩ ඕන නෑනෙ...දන්න උත්තරෙ හිතේ තියාගන නේ අම්මෙ.....

වම්පැත්තෙ පලවෙනි එකෙ ....

ම්න්...

අනෙ ...අනෙ...අම්මෙ...සමනල් මොනවා හරි කියලද මන්දා අම්මෙ.....

අනෙ අම්මෙ...මොනවද කරන්නෙ කියන්නකො

සුදු මහත්තයා ඇත්ත කියපන්.....කිව්වත් වගෙ දික්වැල්ලට තියෙන්නෙ එක ඉස්කෝලයයි නෙවෙ....උඹ ඔහොම අපි නොදකින දේවල් හන්ග හන්ග කරන්නෙ ඒ කොල්ලව තවත් කේන්ති ගස්සන එක අමාකර....

මං කුටු කුටු ගෑවා.....පෙනඩෝල් දෙකක් ගේන්න එයා කබඩ් එක ගාවට යනවත් එක්කම ලැබුන චාන්ස් එකෙදි කට පනගහගත්ත මං අම්ම දිහාවට නැවිලා

අම්මගෙන් උත්තර හෙව්වා...

ම්න්....ආ....ඔය බත් එක එහෙම්මයි ඕක කාලා මේක බොන්ඩ.....

කන්න බෑ අයියෙ.....

සුදු චූටිහ්හ්...නිකන් ප්‍රශ්න වගාකරගන කන්ඩ හදන්ඩ එප හරි.....හිස්බඩ පැනඩෝල් ගිලල බඩ දැවිල්ල අල්ලන්ඩ ඕන නෑනෙ....හ්ම් හ්ම්...කාලා කාලා....ප්‍රශ්න වලට උත්ත බදිනකොට ප්‍රශ්නෙන් පිට යන්ඩ අතුරුපාරවල් හොයන්ඩ ලෑස්ති වෙන්ඩ එපා අමාකර හරි...නිකන් ඇදලා පැදලා කතා කෙරුවට මං හාවෙක් නෙවෙ හරි...

දැන් ඔයා කියන්නෙ මං ප්‍රශ්නෙන් පිට පනින්න ඔලුව කැක්කුමයි කිව්වා කියලද සුදු අයියෙ??ආ.....???ඔයා.දැන් එහෙමද කියන්නෙ සමුද්‍ර?

අපො නෑ....එහෙම නම් මමම නැගිටලා ගිහින් පැනඩෝල් පෙති දෙකක් දෙන්නෙ නෑනෙ...මං කිව්වෙ තමුන්ට ඔලුව කැක්කුමත් තියන එකෙ.....නිකන් බඩේ දැවිල්ලත් හදාගන්ඩ ඕන නෑ කියලනෙ....මොනාටත් කලින් කාලා ඉන්ඩ ඕන.....ඔලුව කැක්කුම කොහොම තිබුනත් මං ප්‍රශ්නෙට උත්තරෙ ගන්නවා....ම්ම්ම්...

මට කන්න බෑ සමුද්‍ර...

ම්න්...කන්න බෑ.....එහෙමද....කැව්වොත්?කැව්වොත් කනවද.....???නොකා උන්නා කියලා ඔලුව කැක්කුම සනීප වෙන්නෙත් නෑ....අරූගෙ ප්‍රශ්නෙ ට උත්තරයක් ලැබෙන්නෙත් නෑ...

මගෙ අතට පෙනඩෝල් දෙකක් දුන්න එයා ආයම ගියා...ගිහින් අත් දෙක හෝදගන ඇවිදින්.මගෙ ගාවින් ඉදගන මට එපා කියලා පැත්තකට කරපු බත් එක අතට ගත්තා....

අයියෙ.....අනෙ....එපා අයියෙ.....

ආගපන්...උඹට සල්ලි උනනනවද උයලා අහකට දාන්ඩ??බෙදපු එක කාපන්....කන්ඩ නැති උන් අනන්තවත් ඉන්නවා....තියන හින්දද අහක දාන්නෙ....???නිකන් නාස්තිකාරයෙක් වෙන්ඩ එපා හරි....ආ ගාපන් අමාකර

මං ආ ගෑවා...ආගෑවා නෙවෙ ඒ ඇස් දැකපු මට නිකම්ම කටඇරුනා...අනෙ මං එයා ලව්වා අනන්තවත් බත් කවාගන තියනවා.....බත් කටක් කවන වාරයක් ගානෙම පසනව හුරතල් කරන්නා හා සමානව එයා මාවත් හුරතල් කෙරුවා....සුදු චූටි මයෙ අම්බරෙ ගගා දාහක් කතා කිය කිය මට බත් කැව්වා...ඒත් අද එහෙම නෑ....එයා වෙනස් වෙලා...එයා නපුරු වෙලා....එකම හොදකට තිබුනෙ එයා කන තරම් අලි කටවල් නැතුව පොඩි පොඩි බත් කටවල් අනපු එක විතරක් වෙනකොට මං ඇස් වල කදුලු පුරවන් ආ ගෑවා...

අරූ ආව උදේ එහෙම නේ?

ම්...ම්....අ..ආවා...

හ්ම්...ඇවිදින් උඹට එන්ඩ කිව්වා....

ඔ...ඔව්.....

ම්න්....හරි.....කියපු කතා අහන්ඩ යන්නෙ නෑ..මොකද වැල්වටාරම් කියව කියව එකම හුප්පදෙ ගහන එක උගෙ විදිහ....ආ....

ඇ...ඇති අයියෙ ....

ආ ගාපන් අමාකර....වහ අනලා කවන් නෑ.....ආගාපන්...

ගිලින බත් කටක් ගානෙම උගුරෙ හිරවෙනවා...කවන කවන කටට ආ ගෑවත් මොකද මින් එහා නම් කටක් වත් කා ගන්න බැරිව උන්න මම අවසානෙදි අවසානම බත් කටට කට අරින් නැතුවමූන අහකට හැරෙව්වා විතරයි එයා කෑ ගැහුවා...

මට....ක්...

ආ ...කෑ ගස්සවන්ඩ එපා...ගිලපන්....ගිලල වතුර බීපන්...බීලා ඉදා මේ පෙනඩෝල් දෙක බීපන්...උඹට ඔලුවෙ අමාරුව එන්නෙ දැන් නෙවෙ....හැම රෙද්දම හන්ග හන්ග ඉදලා නියපොත්තෙන් කපන්ඩ තියන ප්‍රශ්නෙ පොරවෙන් වත් කපාගන්ඩබැරිව ගිය දාට...උඹගෙ අතේ අමාරුවට ඔය ඇග රිදෙන්නෙ ...තව බොරු නොකර හිටපන්...මට ඔය බොරුව තමයි පේන්ඩ බැරි....හරි....ඕන මගුලක්...හැබැයි ඔය දිවුරලා බොරු කීම නවත්තපන්...

කොලු කමට ගහගන්න එක වෙනයි...හැබැයි උඹ දැනගනින් විහිලු කරන මිනිහා අනුව විහිලුවෙ තේරුමයි...තරමයි වෙනස් වෙනවා කියන්ඩ...හරිද...???.උඹගෙ අතට මල්පෝච්චියක් වත් මොන මගුලක් වත් වැටුන් නෑ හරිද .....??මං හරිනෙ....ම්ම්ම්.....

හ්...හරි.....

වතුර වීදුරුව දෑතින්ම මිරිකගන උන්න මං ඇහෙන නෑහෙන ගානට හරි කිව්වා...මීටත් එහා මං බොරු කියන්නෙ කොහොමද....මීටත් එහා මං නෑ කිය කිය බොරු කියන්නෙ කොහොමද.....ආදරෙන් කතා කරන හැම වචනෙම අමතක කරලා උන්න මගෙ සුදු අයියා මට කතා කෙරුවෙම උඹ බන් කියල විතරක්ම වෙනකොට අම්මා ඉන්නවා කියන එක වත් මායිම්.නොකර එයා මට කෑ ගහන්න ගත්තා....

බොරු කියන්නෙ ඇයි කියපන්...ම්ම්ම්...උඹ බොරු කියන්නෙ ඇයි කියපන් එහෙනම් ...මං අහන්නෙ ඇයි????යකො ගොත ගොත කියන්නෙ බොරුනෙ??

අමාකර...මේ බලපන්.....මේ මෙහෙ...මෙහෙ...මං කතා කරන්නෙ උඹට මිසක් අම්මට නෙවෙ...මේ අහගනින්.....මට පොලිසි ගානෙ ලැගලා පොලිස්පොතෙ නම ලියවගන පීචන් වෙන්ඩ බෑ හරිද ...??

එකක් පසනා ලොකු වෙනවා...උගෙ තාත්තගෙ නම පොලිස්පොතෙ ලිය උනොත් මගෙ කොල්ලට හරි නෑ....මට ලැජ්ජාව නම්බුව තියනවා....

අනික උඹ......හරිද ..???උඹගෙ මහ එකාගෙ රෙදි ගලවන්ඩ මට බෑ...ඒ මිනිහා එතන රෙද්දක් ඇදන් නීතියක් ගැන කියන්නෙ කොහොමද කියපන් උගෙ පුතා හොයාගත්ත එකාගෙනම පොලිස් පොතෙ ලියවුනොත්????උත්තර දියන්...උත්තර දියන්....උඹ හිතන්නෙ මට පිස්සු කියලද තද වෙන වාරයක් ගානෙ ගහල එන්ඩ....යකො මන් හරකෙක් නෙවෙ.....මොලයක් කියන එකක් තියනවා.....

මාව ගැස්සිලා ගියා.....බොරු කියන්නෙ ඇයි අහ අහ බොරු කියන්නෙ ඇයි අහ අහ කෑගහපු එයා අවසානෙදි යකො මන් හරකෙක් නෙවෙ කියනවත් එක්කම එයා මේසෙට ගහපු පාරත් එක්ක මාව ගැස්සිලා ගියා වගේම පඩිපෙල දිහාවින් සෙරෙප්පු සද්දයක් ඇහුනා....

අප්පච්චි ...නාගන්න ගියපු අප්පච්චි ...

දෙයියනෙ.....මං ඉවරයි....

සුදු පුතා...මොකද බන් ඔය මූව කන්ඩ හදන්නෙ....??මොකද යකො මේ ...සුදු මහත්තයා ඇයි මේ...??සුදු මොකද ඕයි මේ?? තමුසෙත් අඩනවා මූත් අඩනවා.....මොකද කියපල්ලකො....

ආ...ඔහෙත් ආවද .....හරි...හරි...අඩුවට උන්නෙ ඔහෙ විතරනෙ...ඔහෙගෙ පුතා හිතන් ඉන්නෙ දෙයක් උනහම ඒක මට කිව්වොත් මං හැම ලබ්බටම අත උස්සලා තියන ප්‍රශ්න වැඩි කරගන්න ගොනෙක් කියලනෙ...ඇයි අහන්නෙ.....??මේ ඉන්නෙ.....අහගලා බලන්ඩ පුලුවන්නෙ...මගෙන් අහන්නෙ...මාත් අහන්නෙ ඇයි කියන එක තමයි..මගෙන් අහල හරියනවද ඔහෙ මුගෙන් අහන්ඩ ඕන එක????අඩන්ඩ....දන්නෙ අඩන්ඩ විතරයි....හිතන් ඉන්නෙ අඩපුවාම ඔක්කොම හරි කියලනෙ....අඩලා ජය ගන්ඩ උඹ හිතන් ඇති මා එක්ක අඩලා දිනන්න නේ.....???

හරි බන් හරි ....පොඩ්ඩක් ඔය තරහව නිවාගනින්කො...මොකද දැන්....?සුදුමහත්තයා කිව්වත් වගෙ ඇඩිල්ල නවත්තලා කියපන්කො....සුදු පුතා...උඹවත් කියපන් මොකද කියලා....?

මං නෙවෙ ආය ඔලුවක් ඉස්සුවෙ...මං නෙවෙ ආය අප්පච්චි මේකයි හේතුව කියල කටක් ඇරියෙ.....මේවල වැරද්ද තනිකරම මගෙ...මිනාලයා පස්සෙන් ආව එක හරි...ඒත් මාත් පහුවෙලා කෙරුවෙ ඌට කැමතියි කියලා ආපිට බෑ කියපු එක.....උගෙ හැටියට ඌත් නිකන් ලේසියෙන් අතාරින එකෙක් නෙවෙ බව දැන දැන ප්‍රශ්න වවාගන කාපු එක...

මොකද දැන් අහන්නෙ..මං දැන් යනවා අරකගෙ ගෙදර...හරි .....ගිහින් මනුස්සයෙක් විදිහට කියලා එන්නම් වද දෙන එක සීමාකරගනින් කියලා....මේන් අත....මේ ඉදිමිලා තියන තරම පේනවද....??

ඔය මල් පෝච්චියක් වට්ටගන බන්...මට කිව්වා කොල්ලා...

රෙද්ද ...!!!රෙද්ද කියලා තමයි මට කියන්න වෙන්න්....ඔහෙ අත උස්සලද ඕඅයිසි උනෙ එහෙමවත් අහන්ඩ...

යකො මට කියපු එක මිසක් මං දැක්කද???අත උස්සලද අහන්නෙ.....මුගෙන් ඇහුවම අතට මල්පෝච්චියක් වැටුනා කිව්වා.....

ඇත්තට....මරුවට හිටි....දැන් ඔහෙත් පුදුම ගොන් වාහෙ කෙනෙක්නෙ බලන් ගියහම....මූ කියනවා අතට මල් පෝච්චියක් වැටුනා කියලා...

ඔව්.....මූ එහෙමනෙ කිව්වෙ...විහාරා මුගෙන් අහනකොට මූ එහෙම නෙවෙද කිව්වෙ.....???පුප්පන්නෙ රෙද්ද...යකො මගෙ ගෙදර ඉදන් මටම දාන සද්ද බලපන්කො....

තනිකර දෝදු...පිස්සු බන් උඹට තේජක එහෙම වත් කියන්ඩ....සද්ද කියන්නෙ ඕයි කියන හැම දේම හිතට ගන්නෙ නැතුව ඔලුවෙනුත් කල්පනා කරනවා අයිසෙ..මේක මෙහෙම උනොත් මෙහෙමමද වෙන්නෙ කියලා...මූ ඇවිත් මටත් දිවුරලා බොරු කියපු එකෙක්

සුදුපුතා මේ...!!

ඇයි අයිසෙ ඔය පොලිස් මොලෙන් ඔය තරම් සරලව හිතන්නෙ...මං එහෙමවත් ආහන්ඩ...සෝලංගාරච්චී.....

තමුන්ගෙ පුතා හිතන්නෙ මාලු කාරයා උන පලියට මං ගොනා කියලා....හැම රෙද්දම අතින් පයින් විසදගන්න හදන නූගත් තිරිසනෙක් කියලා...මට මෙච්චර තරහා යන්නෙ මං තමුන්ගෙ පුතාට වචනෙ දීලා තියන හන්දා....මං මුට අදරෙ කරන එකානෙ....මන් මූ ගැන හොයන බලන එක මගෙ වගකීම....ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලෙ කොලු කමට පාරක් දෙකක් ඇනගත්තට මට කමක් නෑ...මොකො ඕක හැම එකාටම පොදුයි .....හැබැයි මේ වගේ දේවල් වලට මං හාකියන්නෙ නෑ...

කැමැත්ත අහන එක සාමාන්‍යයි...යාලුවෙන්ඩ අහන එක සාමාන්‍යයි...හැබැයි...සැරයක් දෙසැරයක් කැමති නෑ කියලත්....මූට එකෙක් ඉන්න බව දැන දැනත් ගෙදරට ඇවිල්ලත් හයිරම් කම්පාන්න යනවා නම්...වහාම එයාට ප්‍රතිකාර කරන්න ඕන හරි...කැමැත්ත ඇහුවා....බෑ කිව්වා නම් පැත්තකට වෙන්න ඕන....මිනිස්සු වෙච්චම කොලිටියක් තියෙන්ඩ ඕන...ප්‍රතික්ශේප වීම දරාගන්ඩ ඕන...මූ විතරද කොල්ලෙක්ට ඉන්නෙ....??නෑනෙ...නෑ...ඌ කරන්නෙ සැරින් සැරේම එකම රෙද්ද හෝද හෝද මඩේ දාන එක.....ජම්ම ගතිනෙ.....ගහෙ කටු උල්කරන්ඩ ඕන නැ....

මොකක්.....ගෙදරට.....විහාරා.....

මොනාද ඕයි මේ කියන්නෙ???තොපිදෙන්නම ඔය කදුලු හැලිල්ල නවත්තපියව්....සිහත් ඔය කදුලු පිහදගනින්...මේ ඇත්තද කියන්නෙ....????ඒකා උදෙ ආවද.....????

මං අම්මා දිහා බැලුවා...අම්ම නෙවෙ ඔලුවක් උස්සන්නෙ.....නේ මුලු ලෝකෙම්ම දෙන්න පුලුවන් ආදරනීයම වචන කිය කිය ආදරෙ දෙන පිරිමි පරාන දෙකම එකම මොහෙතෙ ඇවිලෙනකොට මටයි අම්මටයි කදුලු එන එක අහන්ඩ දෙයක්ද???

ඔ...ව්...ආවා

ආවා...එතකොට ඔය අත....???

බිත්තියට ගැහුවා...

නිකන් ගහන්නෙ උඹට තෙලේද නෑනෙ....??

ඌට ගහන්න බැරි කමට මං බිත්තියට ගැහුවා අප්පච්චි .....මං වෙන මොනවා කරන්නද...

එතකොට ඔය ඉස්කෝලෙ ගුරුවරු නෑ...උඹට අම්මා අප්පා නෑ....???යකො මෙ අලුත් සෙල්ලමක්නෙ ඉස්කෝල අස්සෙත් එකාට එකා කාගන්න එක...ආ.....???...දැන් උඹ ඕක නොකිව්වෙ මොකද.....???

නොකියා උන්නා නම් නම්බුයි.....දිවුර දිවුර බොරු කියනවට වඩා...ඔහෙත් දැන් ඕක බොරුවට සද්දෙ දදා ඇහුවට වැඩක්නෑ...මුගෙ මහා එකානෙ...කොන්ද තියනවනෙ...අරකගෙ මහ එකාට කියන්ඩ...රඹුක්වැල්ල තමුන්ගෙ පුතා මෙහෙමයි.....මන් ආවෙ සිහත්ගෙ අප්පච්චි විදිහට දරුවට අවවාද කරන්ඩ කියන්ඩ කියලා කියන්ඩ හරි....ඔය ටික කියන එක ඔහෙගෙ යුතුකම....අහන නාහන එක උගෙ අතෙ...සර්පයා උනත් දශ්ට කරන්ඩ කලියෙන් අනතුරු අගවනවා සෝලංග ආරච්චි.....ඒක හන්දා ගොඩින් බේරන්ඩ පුලුවන්ද බලන එක ඔහෙගෙ වගේම මගෙ වගකීම....

හැබැයි ඉතින් ඒ කියලත් අප්පලා පුත්තු අහන්නෙ නැත්තන්...නීතිය අන්දයි කියලා කටපුක වහන් පැත්තට වෙන්ඩ හරිද?????

හැන්නදිගේ....තමුන් දැන් මට කරන්න ඕන දේ කියනවද??

ඔව්....ඇයි අවුල්ද.....ඕ අයි සී මහත්තයට අවුල් ඇති මේ මාලු කාරයා වෙන්ඩ ඕන රාජකාරිය කියලා දෙනකොට නෙ...පොඩ්ඩක් ලැජ්ජද.....ගමට කලින් ගෙදර ගැනත් බලමු නේ....සෝලංගාරච්චි...දෙයක් ගැන තීරනෙ කරන්න පට්‍ටම අදාල නෑ හරිය.....මං වෙන්ඩ ඕන කාරනාව කිව්වා...කරනවද නැද්ද ඔහෙගෙ කැමැත්ත.....මොකද අද අත කඩාගන ආවා....හෙට බෙල්ල ....

එ...ඒ....සුදු පුතා....නැවතියන්...කොහෙද උඹ යන්නෙ...

මං මෙතන ඉදල තව මොනවා කරන්ඩද????මං මෙතන උන්නම ඔහෙද මගෙ අර කපලා දාලා තියන අලුත්ම දැල්පන්නෙ ගැන බලන්නෙ ඔහෙද..මල් පෝච්ච් වැටුනලු....රෙද්දක් වැටෙන්ඩ ඇති.....කට ඇරියොත් නුවර වන්නම....නුවර වලව්කාරයො බොරු කියන්නෙ දිවුරලා...හහ්.....බොරු කියපන් ගානට....!අම්මෙ මං යනවා.....ඕන මගුලක් කරගන්ඩ කියන එකයි

*

*

*

හරිද...දැන් හරිද උඹට දැන් සතුටුද????උඹගෙ ඔය බොරු කිවිල්ල නවත්තපන්...තවත් අඩලා වැඩක් නෑ සුදුමහත්තයා....තව අඩලා දොඩලා හූල්ලල වැඩක් නෑ...උඹ දවස ගානෙ දවසගානෙ මොක හරි දාගන්නවා....මූ දැන් මා එක්ක කතා කරන්නෙත් නෑ.....

අපි ගෙදර යන් අප්පච්චි ...මට ඇදුම් එපා....මගෙ ඔලුව කැක්කුමයි අප්පච්චි මට නිදාගන්න ඕන.....

ඇදුම් එපා කියන්නෙ උඹ දැන් හෙලුවෙන්ද යන්නෙ??උඹට දැන් ඔලුව කැක්කුමක් නෙවෙ තියෙන්නෙ හිතෙ කැක්කුමක්...අරහෙන් උඹලගෙ අම්මත් අඩනවා...උඹලට මට කියන්ඩ තිබ්බා.....දැන් ඉතින් අඩ අඩ ඉදපල්ලා...මට මේ හිතෙ අමාරුව අරූ මාව බ්ලොක් කරලා බන්....මැසෙන්ජර් එකෙනුත් බ්ලොක් වට්සැප් එකෙනුත් බ්ලොක්.....උඹවත් බ්ලොක් කරලද කියල....

.අප්පච්චි ....සුදු අයියගෙ දැල් පන්න කපලලු අප්පච්චි ......

........දෑහින් නොදැක මට අරූව ගිහින් කුදලන් එන්න බෑ අමාකර...හැබැයි අරූගෙ කල්කිරියාව එක්ක මට ඒකව සැක නොකරත් බෑ.....මේ බලපන් සුදුමහත්තයා මේ පාට ලස්සනද කියලා උඹගෙ හැන්දට...මූව යාලු කරගත්තෙ නැත්තන් මගෙ පපුව ගහලා යයි....බලපන් උඹගෙ මෝඩ වැඩ හන්දා වෙච්ච දෙ....දැන් ඔය කදුලු පිහදගන මේක බලපන්කො.....මිනිහා උස හන්දා ලස්සනයි.....ඩෙනිමට මේ කොටු ශර්ට් එක ඇදලා අත් දෙක වැලමිට ගාවට නැමුවම ගැම්මට ඉදී.....නැත්තන් මේ සුදු ශර්ට් එක.....පෝලෝ එකක්.....මේක ගන්ඩද...ඩීසන් හැබැයි....

මං දන්නෙ නෑ අප්පච්චි ඔයාට කැමති එක ගන්න....මට ගෙදර යන්න ඕන....

පොඩ්ඩක් ඉදින් බන්.....ආව වෙලේ ඉදන් යන් යන් ගානවා...මගුල....මේක අරන් ගිහින් දීලා කියපන් මාව අන්බ්ලොක් කරන්ඩ කියලා....

.........

මං උන්නෙ තනිකරම හූල්ලගන...මීට හොරා ගානකට උඩදි මගෙ ගෙදර යුද්දයක් උනා.....සුදු පුතා මාමෙ ගගා උන්න අප්පච්චි යි මගෙ සුදු අයියයි පවා අද කටින් කට ගියා.....අතට මල්පෝච්චිය වැටුනා කියල බොරුවක් ගෙතුවත් විසි හතර පැයක් යන්න කලින් අතට උන දේ හොයාගත්ත එයා මගෙ ගෙදරින් ගියෙ ගේම දෙවනත් කරන් වෙනකොට එයා මගෙ අප්පච්චි ව පවා බ්ලොක් කරල තිබුනා.....

ඔක්කොමත් හරි...මොකාද දෙයියනෙ ලක්ශ ගනන් වටින දැල් පන්න් කපාපු එකා....මොකාද.....ඒකත් කෙරුවෙ මිනාල් උඹමද කියපන්....

අප්පච්චි .....

හ්ම්ම්...බලපන් මේක ලස්සනද...ඇයි බන් කැද බීලා වගෙ නොයිද කෙලින් ඉදපන්කො...ඇඩුවා කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ සුදුමහත්තයා.....අර කිව්වත් වගේ ඌ නූගතෙක් නෙවෙනෙ හැම මගුලටම කා කොටා ගන්න.....අල්ලපන් ඔය බෑග් එක....උඹලගෙ අම්මත් උඹගෙ පැත්ත අරන් හැම මගුලම හන්ගනවා...දැන් ඒ ගෑනිත් තරහයි....මමනෙ හරි නම් තරහා වෙන්න ඕන...ඒ ගෑනි තරහා උනෙ මොකටද.....?

මේක කොට වැඩිද කියපන්....නෑනෙ....කොට වැඩි නැ....මේ ගාන ලස්සනයි.....පාටියකට මිසක් යන්නෙ බනකට නෙවෙනෙ.....

මගෙ අතෙ තිබුන බෑග් එක කට මට්ටන් වෙනකන් දැන් රෙදි....කොච්චර එන්න බෑ කිව්වත් අප්පච්චි කෙරුවෙ මාව ඇදගන ඇදුම් ගන්න ආව එක.....මට ඕන උනෙ පැත්තකට වෙලා අඩාගන්න උනත් අප්පච්චි කෙරුවෙ මගෙ අතට දාහක් ජාති ඇදුම් දීලා ඇදුමින් ඇදුම අන්ද අන්ද හැඩ බල බල ඕක එපා..අරක ගනින් ගගා මාව තෙහෙට්ටු කරවපු එක....

ඒත්...ඒත් ඇත්තටම ඒක තෙහෙට්ටු කරවීමක්මද....???

මගෙ යටි හිත දන්නව...මගෙ යටි හිත ඉහ මුදුනින්ම පිලිගන්නවා....අප්පච්චි මේ කරන්නෙ තෙහෙට්ටු කිරිල්ලක් නෙවෙ මගෙ හිත අස්සෙ තෙරපෙන වේදනාව අමතක කරවන්න හදන එකක් බව.....

මේක අරන් උඹලගෙ මහ මොනරු දෙන්නා මට කොටයිද මන්දා බන්..මැනිකෙව හෙලුවෙන් අරන් යමන් කියයිද දන්නෙ නෑ...ඒත් බන් මේක අම්මා ඇන්දම ලස්සනයිනෙ.....

හ්ම්.....

ම්ම්ම්....මේක නම් හිරයි...බඩ ගාවින් හුගක් හිරයි...එක්කො මේක ගමුද...ස්කිනර් පටි ආව බතික් ගවුම...ඒත් මේකෙ පිට පලුව නෑනෙ කියයිද දන්නෙ නැ මොනර හාමුවා....ම්ම්ම්....ඕන මගුලක් මගෙ ගෑනිනෙ...මට ලස්සන නම් ඇති.....අදාල තැනට අදාල විදිහට ඇන්දෙ නැත්තන් තම අවුල....මේක ඇදන් සිල්ගන්න යනවා නෙව්නෙ....

හ්ම්.....

පොඩ්ඩක් ඉදින්...අම්මට ගත්තා.....මහ මොනරු දෙන්නට හරි...සුපිරින්ටන් කාරයට ගත්තා...උඹටයි මටයි.....මේක උඹගෙ පුතාට...උගෙ ඉන තමයි ශුවර් නැත්තෙ...කට තිබ්බට පොඩි හැන්දට ඇග නෑනෙ....මේක උඹට...මේක මගෙ රත්තරන්ට....මූ මට ලයිනක් ඇල්ලුවා.....ඒකමයි මං උඹගෙ හැන්දට මෙච්චර ආදරෙ.....මගෙනුත් ගේම ඉල්ලනවා නම් ඌ තමයි බන් මිනිහා.....හරි....

...හ්ම්...

සුදුමහත්තයා ජොක්කු ඕනද.....?

......

ඉදා එකක් මට එකක් උඹට...උඹට අලුත් ලේන්සුවක් ඕනා නම් කියපන්....අර මෙට්ටෙ යට තියන කලිසම දැන් පට්ට පරනයිනෙ බන්...

මං නෙවෙ ආය වචනයක් කිව්වෙ...මගෙ මූනට හිනාවක් ගන්න අප්පච්චි නොකියපු දෙයක් නැති තරම්.....ගත්ත ඇදුම් එකින් එක බල බල දහසක් කතා කිව්වත් මට හැගීමක් දැනුන් නැති තරම්...පසනට සමනල්ට එකම වගේ අරන් තිබ්බට මං ඒවල කැතක් ලස්සනක් නොකිව්ව තරම්.....මන් කරපු එකම දේ නම් මුනිවත රැක රැක අර රෙදි බෑග් එක උස්සන් අප්පච්චි පස්සෙ ගිහින් කැශියර් එකට දීලා පැත්තකට උන එක වෙද්දි මන් බලගන අප්පච්චි මා දිහලා බලලා බර හුස්මක් ගන්නවා...

සුදු අයියෙ...ඔයා කොහෙද අයියෙ.....?අපි ඇදුම් අරන් ඉවරයි.....අප්පච්චි ඔයාට කියන්න කිව්වා එයාව අන්බ්ලොක් කරන්න කියලා....පරිස්සමින් ඉන්න අයියෙ...මං හුගක් ආදරෙයි....

සෑහෙන වෙලාවකට පස්සෙ මන් අයමත් මැසේජ් එකක් දැම්මා....මන් මේ වෙනකොට එයාට මැසේජ් දාහක් විතර යවන්න ඇති..සුදු අයියෙ ඔයා කොහෙද...සුදු අයියෙ ඔයා මොකද කරන්නෙ....ඒත් මෙ වෙනකන් එයා නෙවෙ එක මැසෙජ් එකක් සීන් කෙරුවෙ....වෙන්දට නම් මේ වගේ වෙලාවක එයා මැසේජ් සීන් නොකර ඉන්න එකට හැලි පිට හෑලි දාලා...ඒත් අද.....අද ඊට හාත්පසිම්ම වෙනස්....

මං නෙවෙ තරහා ගත්තෙ.....ඒ වෙනුවට මං කරපු එකම දේ නම් පරිස්සමින් ඉන්න මං හුගක් ආදරෙයි කියලා ඵෝන් එක සාක්කුවට ඔබාගන එලියට ආව එක...

සුදු මහත්තයා...

අප්පච්චි මන් හෙට ඉස්කෝලෙ නොයා ඉන්නම් අප්පච්චි ...?

අත පෙන්නපන්.....

......

හ්ම්...මං හැම වෙලාවෙම උගෙ පැත්තගන්නවා නෙවෙ සුදුමහත්තයා....ඒත් ඌට තරහ යන එක සාධාරනයිනෙ.....ඌට තරහා යන එක සාදාරනයි කියන්නෙ උඹට වඩා මේක ඌටයි රිදෙන්නෙ....හැබැයි උඹට මට වත් කියන්න තිබ්බා....ඌට තරහා යයි කියලා බයක් හිතුනා නම් මට කියන්න තිබ්බා...ඒත් ඌ අර පොඩි අරක්කුවා තරම් මෝඩයෙක් නෙවෙ ආවට ගියාට අතපය උසන්න....

....

උඹට ඔය ඉස්කෝලෙ ඉන්න අමාරු නම් වෙන එකකට මාරු කරන්නද....??

ඕන නෑ අප්පච්චි ...කමක් නැ.....

හ්ම්...මං හෙට ගිහින් උගෙ අම්මා අප්පච්චි හම්බෙන්නම්.....සිහත් හැබැයි....අහන නාහන එක උන්ගෙ අතෙ....ඒ කියලත් හැදුන් නැත්තන් මං ඒක් බලාගන්නම්....හ්ම්..හ්ම්...හෙට ගෙදර ඉදින්....උඹගෙ අත ඉදිමිලා ඔය ඇගට අමාරු මේ අතේ වේදනාවට ...

ම්ම්ම්ම්.....අම්මට බනින්න එපා අප්පච්චි ....අප්පච්චි බනී කියල මාව බේරගන්න අම්මා හන්ගන්නෙ...නැතුව අම්මගෙ හිතෙ අප්පච්චි ට බොරු කියන චේතනාවක් නෑ...

පිස්සුද බන්....මන් බනින් නෑ.....

මගෙ හිතට මාර වේදනාවයි අප්පච්චි ...අතට වඩා හිතට අමාරුයි අප්පච්චි...මං සමුද්‍රට හුගක් ආදරෙයි....මගෙ අතින් උන වැරද්ද අද හෙටක නම් මට ගැලවීමක් නැති වෙයි...

ඔව්වා නොහිත ඉදපන්...ඔයිට වඩා වලි යනවනෙ....උගෙ තරහව හිමීට නිවෙන්න දියන්.....උගෙ ආදරෙ තරම කාටත් වඩා දන්නෙ උඹ....මම වත් අම්මවත් නෙවෙ...උඹයි සිහත්.....ඒක නිසා ඔය තරහව නිවෙන්න දියන්....

*

*

*

*

සුදු මහත්තයා....අරූට කියපන් බ්ලොක් එක අරින්ඩ කියලා.....මූ මාව හැම එකෙන්ම බ්ලොක් කරලා.....

අප්පුච්චියො...පුතාගෙ තේ එකට සීනි මදිනෙ.....සීනි ඇටයක් දෙකක් දීපල්ලකො.....තේජක....පුතේ...

දියල්ලකො සුදු අයියෙ .....අම්මියෙ....පුතාගෙ තේ එකට සීනි ඇටයක් දියල්ලකො අම්මියෙ....හ්....ම්හුක්....අප්පුච්චියො...සීනි නෑනෙ...තේ එකට ඔවූ...පව් අප්පා.....දරු පැටියා...පවූ.....

මොන තෙයක්ද බන්...උඹ මගෙ තේ එක නේද බොන්නෙ...??

".ජරාව බොන්ඩ එපා තේජක....සුදුපුතා සමනාල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්....කැතයෝ....පඩත්තරයා.....

පඩත්තරයා...ඉහි....ඉහි....හිකි හිකි හිකි...සාගරිකා...පඩත්තර බ.....ල්

.....ල්..ලා...තුත්තිරි පුකේ....."

කටවහපන් බන්...මොන ජරාවද.....තේ ටිකක් වත් බොන්ඩ පිය නෑ දැන්....උදෙ ඉදන් බුදියල බුදියලා උඹට දැන් තමා කට අරින්ඩ මතක් උනෙ නේ....ආබන් සුසන්ංගතා....සුංගතා...බත් කෑවද බන්....රාජමාලිගේ...පරවියා වගේ...ජීවිතෙ ...මගෙ ගෙවෙනවා ඔහෙ...සුසා කෝ අප්පච්චි කියා දුන්න සින්දුව....අපි ආදරේට ඇති කරන්නෙ...ඉබ්බොයි.....ගෙම්බොයි....

"කෑවද බන්...කෑවද....කෑවද බන්.....තේජක....ඔහෙ...ඔහෙ...තේජක...ආ...ලා....යූ...ආ...ලා....යූ....අයි...අයි....අයි අයි.......අපි....ඇති කරන්නෙ ඉබ්බො....ඉබ්බො........තේජකක...තේ....ජ.....ක....."

ඇයි බන්...ඇයි...කෝ මෙ බයි එක කාලා නෑනෙ....උඹගෙත් අයියගෙ වගෙ ඔලුව රිදෙනවද.....ඔවු... සුසා පුතාගෙත් ඔලුව ඌයියා වෙලාද.....?

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්හ්හ්....ම්ම්ම්ම්...වා....හ්හ්හ්"

වෙලාව රෑ අටේ හෝරාව පහු උනා විතරයි....නිපාටට දිලිසුන මුලු ආකාසෙටම කලුවර අරක් අරන් තිබුනා....කලුවර ඇවිදින් මුලු හතර දිග්බාගෙම වහගත්තා උනත් මොකද මුලු අහස් ගර්භෙම එලිය කරගන පායපු වටකුරු හදත් එක්ක.....කලුවරට බැරි උනා තව දුරටත් ඒ අහස අන්දකාරෙන් ගිලිගන්න.....

මට මහන්සී....මගෙ ඇගපතම තලා දාල වගේ. ....අතම ඇදුම් කනවා.....ඔක්කොටම වඩා සැරින් සැරේම අල්ලන ඉහ කැක්කුම...

අප්පච්චි එක්කඇදුම් ගන්න ගිහින් ආව මම එයාට දෙන්න කියලා ගත්ත ඇදුම් උරෙත් පපුවට තුරුල් කරගන ගේට්ටුවෙන් එලියට එනවත් එක්කම අප්පච්චි ආයම කෑ ගැහුවා.....සුදු අයියට එයාව අන්බ්ලොක් කරන්න කියලා.....

තාර පාර දෙපැත්තෙම ලයිට් ඇවිලෙනවා.....මුහුදු සුවද තුරුල් කරගත්ත කසිංජි හුලග මැද අහලපහල ගෙදර කුසියක රත් වෙන මාලු හොද්දක සුවදත් උඩහට ගහගන යනකොට සුදු අයියගෙ ගෙදර තනිකරම මිහිබට වැඩි දිව්‍ය විමානෙ පරදල තිබුනා...

ලයිට් මන්ගල්ලයයි....වහලෙ ඉදම්ම ලයිට් වැල්....දම්පාට එලි විහිදෙන පුංචි පුංචි ලයිට්වැල් මුලු තාප්පෙම වහගන්නකොට මට ඒ ගෙදර හිඩැසක් හොයාගන්න බැරි උනා...ඒ තරමට ලයිට් වැල්....

ඒ විතරක්ද ...කන් අඩි පුපුරන්න තරම් සද්දෙන් දාලා තිබුන සින්දු...ගෙයි ඇතුලෙ තියෙන්න ඕන සෙටප් එක තිබුනෙ එලියෙ.....ඊටත් සෙට් කරලා තියන බෆල් එකෙ සයිස් එක...

තනිකරම ඉන්ග්‍රීසි සින්දු විතරමයි.....මාර්ක් ඇන්තනිගෙ මට ඉහලින් වහින්න සින්දුවෙ වදින බේස් පාරට මං බලාගන සබ්බූපරෙ දැල ගැලවෙන්න හදනවා....ජනෙල්වල ග්‍රීල් ද්‍ර...ර්...ගානවා.....

ගෑනු මිනිස්සු මංගල්ලයයි.....සුදු අයියව දන්නවා උනත්....අත්තම්මව දන්නවා උනත්.....මේ කාලගෝට්ටියෙ හැටියට මට දන්න කියන් එකෙක් හොයාගන්න බැරි උනා.....

ඇදුම් උරේ පපුවට තුරුල් කරගත්ත මම අනිත් පාර එයාව හොය හොය ඇස් කරකවනකොට මං සිතිජ අයියව දැක්කා...ඇදන් උන්න ශර්ට් එකෙ අත් දෙක වැලමිටට නවාගන බාගෙට බාගයක් බොත්තම් ඇරන් උන්න එයා පසනව එක අතකින් වඩාගන ඌට මොනවා හරි කියන ගමන් පිටට තට්ටු කරනවා...

පසනා....පසනා අද ලොකු පප්පා එක්ක යන්ඩ එනවද....පප්පට තරහා ගිහින් ඉන්නෙ කියලා මං කිව්වනෙ....ඔහෙ මක්කටද කියකො උගෙ අස්සෙ රින්ගන්ඩ ගියෙ. . ??

.........ල්..ලොකු...පප්පෙ.....ප්..පප්පා...තාත්තා.....පප්පා...තාත්ත....පසනව...පසනට.....දුව...දුවපිය...කිව්වා...පසනා...එක්ක....ප...ප්පා...තාත්තා.....තරහා.....වෙලා...

නෑ...නෑ..පසනා එක්ක පප්පා තාත්තා තරහ නෑ....අඩන්නෙ නැතුව හිටුකො අඩා....හොද කොල්ලනෙ....පසනට ලොකු පප්පා හෙට අදින්ඩ සූට් එකකුත් ගෙනාවනෙ...පසනා නලුවා වගෙ ඉන්ඩ එපැයිනෙ.....කො හොද කොල්ලනෙ.....අත්තම්මගෙන් බයි ඉල්ලන් කාලා දොයියන්ඩ යමු ආ.....

........පප්පා...

ආය පප්පෙක් ගානවා...ඌ අර දැල් ගොඩ ගාව....ඌව ගන්ඩ වෙන්නෙ නෑහෙට වෙනකන්...දැක්කෙ නැද්ද පප්පගෙ දැල් කපලා ?...ඕකා දැන් ඕක එලිවෙනක්ක මහලයි නැගිටින්නෙ.....පසනා පන ගිහින් බයි කාපල්ලා.....

අනෙ දෙයියනෙ....එයා තවම දැල් ගොඩ ගාව කියන්නෙ...මෙච්චර මෙහෙ වැඩ තියෙද්දි එයා තවම දැල් ගොඩ ගාවද ....??

පසනව වඩාගන උන්න සිතිජ අයියා අඩන පසනව නලව නලව කියවනකොට ඇදුමත් තුරුල් කරන් උන්න මන් එයාගාවට වත් නොයා වටපිට බල බල මගෙ සුදු අයියව හෙව්ව...සයුරියගෙ මගුලට හැමදේම අරහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන ගගා කියවපු එයා දැල් ගොඩක් එක්ක ඔට්ටු වෙනවලු....

අර ඉන්නෙ...අනෙ අර ඉන්නෙ.....සමුද්‍ර...අනෙ උඹ තට්ට තනියම දැල් කන්දක් එක්ක ඔට්ටු වෙනවද?

මගෙ පපුවත් එක්ක් හෝස් ගාලා ගියා....අනෙ මගෙ පපුවම ගින්දර වගේ ඇවිලෙන්න ගත්තා...තනි සුදුපාට දැල් ගොඩක් ගාව බිම ඉදන් උන්න එයා බෙල්ල පාත් කරගන ඉරුම් බදිනවා.....මහපට ඇගිල්ලකට දැලක කොන ඔතාගන් උන්න එයා ඔලුවක් වත් උස්සන්නෙ නැතුව අර දැල මහනවා.....

ස්....සුදු අයියෙ....

අඩියට දෙකට එයා ගාවට ගියත් මොකද....මට බැරි උන කනට අහෙන්ඩ කතා කරන්න.....මට බැරි උනා වෙනදා වගෙ එයාට කියන නම් කිය කිය වද දෙන්න...මහපට ඇගිල්ලට පටලන් උන්න දැලේ කොන වරු කීයක් ඒ ඇගිල්ලෙ පැටලිලා තිබුනද කියන්න මට ඒ ඇගිල්ලෙ රතුපාටින් හිතාගන්න පුලුවන් වෙනකොට එයා ගාවම දන ඔබාගත්ත මං අනිත් පාර එයාගෙ උරහිසට අත තිබ්බා....

අම්බරේගෙ...වස්තුවෙ.....

එච්චරයි .....එයාම කියන වචනෙකින් එයාටම කතා කෙරුවා විතරයි මෙච්චර වෙලාම බෙල්ල පාත් කරන් උන්න එයා මගෙ දිහා ඔලුව උස්සල බැලුවා....රතු වෙලා ඉදිමිලා තිබුන ඇස් වලින් කදුලු කැට අහුරක්ම කඩාගන වැටුනා.....

..සුදු...චූටි....කපපු එකා...මොකා උනත්...කපලා තියෙන්නෙ මෙ දැල නෙවෙ බන්....මාව....මාව...මෙ සමුද්‍ර හැන්නදිගේව....මේ මාව බන්...

අනෙ...අයියෙ...

මට මැරෙන්න හිතුනා...මට මැරෙන්න තරන් වේදනාවක් දැනුනා....යකා වගේ කෑගහපු එයා අසරනයෙක් ගානට කතා කරනකොට අනෙ මට දැලෙන්ම බෙල්ල වැල දාගන්න හිතුනා...

මේ එක නූල් කෑල්ලක පවා තියෙන්නෙ මේ අත්වල මහන්සිය බන් අමාකර....මේ හැම තැනකදිම තියෙන්නෙ මගෙ මහන්සිය බන්....මං මේවට මේ තරම් නහින්නෙ මං කරන රස්සාව සර්ව සාදාරනව කරන හන්දා සුදු චූටි...මොකා මට පිලිහිඩ්ඩා කිව්වත් මේක මට නම්බුයි බන්...මගෙ අතෙ තියන රුපියලක් ගානෙම තියෙන්නෙ මගෙ මහන්සිය....රත්තරන්...මේ බලපන්..මේක කවදා නම් මං මහල ඉවර කරන්ඩද...???

මං නෙවෙ වචනයක් කිව්වෙ....එයාගෙ වචන තනිකරම මන්නා පාරවල් වගෙ ඇවිදින් මගෙ හදවත තුනී පෙති වලට පෙති ගගන් යනකොට වචන කරන්න බැරි වේදනාව ඇස්වලින් පිට දාන්න ගන්නවා එක්කම මං ඒ අත් දෙක අල්ලගත්තා...අල්ලගන කෙලින්ම ඒ අත් දෙකට මූන ඔබාගත්තා....

මේ අත් පව් මගෙ අයියෙ...මේවට මහන්සී...මේවට හුගක් මහන්සි මගෙ සමුද්‍ර.....උඹට හුස්මක් කටක් නොගෙනම මේක එක්කම නැහෙන්ඩ ඕනා නම්...කියපන් සුදු අයියෙ...මන් එලිවෙනකම්ම උඹ ගාව නිදිමරන්නම්...

*

*

*

.......මේ අත රිදෙනවද...ම්ම්ම්ම්.....

......මට තව බොරු කරන්න බෑ අයියෙ...මට හුගක් රිදෙනවා....

දිවුර දිවුර බොරු කියන්ඩ එපා සීදේවි.....බොරුව කියන වචනෙ මට අපුලයි...ඒකත් උඹගෙ නමින්...තමුසෙ දන්නෙ නැ සුදු චූටි මං උඹට ආදරෙ තරම.....උඹ දන්නෙ නැ අමාකර මට උඹව වටින තරම...මං මිනිස්සු නැති කරගන්න බයයි අමාකර...මං ආදරෙ කරන උන් නැති කරගන්න හුගක් බයයි...එහෙව් එකෙ...උඹ උඹටම රිදවගද්දි මට ඊට වඩා රිදෙනවා....

සීදේවි....උඹ ඉලන්දාරියෙක් උනාට මට පොඩි එකෙක්...මෙව්වා තවම පොඩි අත් බන්......මං මේ අත්වලට ආදරෙයි රත්තරන්...

මට ආදරෙයිද සුදු අයියෙ....උඹ ඒ තරමට මට ආදරෙයිද.....

මං ඒ ඇස් දිහා බලාගන උන්නා...ඒ ඇස් අඩලා....තරහවෙන් රතුවෙන ඇස්ම අඩල රතුවෙලා තිබුනා...කොටින්ම මගෙ නපුරු සමුද්‍ර මේ කදුලු එක්ක අසරනයෙක් ගානට මගෙ දිහා බලාගන උන්නා.....

උඹ මගෙන් අහන්නෙ ආදරෙයි ද කියලද??

ඔ...ඔව්...

මං උඹට ආදරෙයි අමාකර.....උඹ වෙනුවෙන් මං මගෙ සංසාරෙම වෙන් කරලා අහවරයි අම්බරෙ.....ආදරෙ පරිමාව මෙච්චරයි කියල මනින්න පුලුවන් නන්....උඹට ගනින්න බැරි තරම් මං උඹට ආදරේ කරනවා අමාකර.....මේ ජීවිතෙදි විතරක් නෙවෙ...ඊලග ඉපදීමක් තිබුනොත්...මන් ඒ ජීවිතේටත් ඇතිවෙන්න දැන් ඉදම්ම ආදරෙ කරනවා අමාකර....

උඹ තනිකරම වාරෙට නෙවෙ අවාරෙට පිපෙන මලක් අමාකර.....තනිකරම අවාරෙ ප්‍රේමයක්...වාරෙට නෙවෙ....ඕනම දෙයක් අවාරෙදි ලැබෙනකොටයි අගේ වැඩි.....

සුදු චූටි...උඹ ඇවිත් ආල විමානයක් බන්....කොටින්ම අහස දිහා බැලුවත්.....රත්තරන් මට උඹව මතක් වෙනවා....උඹ මගෙ හිත අස්සෙ හැම තිස්සෙම පන ගහනවා.....

ආදරෙයිද අහපන්...මන් උත්තර දෙනවා.....ආදරෙ තරම නාහපන් අමාකර....උඹගෙ සුදු අයියට වචන මදිවෙනවා.....

අ....අයියෙ...මං තුරුල් වෙන්නම්....මං උඹට තුරුල් වෙන්නම් සුදු අයියෙ.....

අනෙ දෙයියනෙ මට ඒ පපුවට තුරුල් වෙන්න ඕන....මට ඒ පපුව මැදට මූන ගහගන්න ඕන....කොටින්ම මට ප්‍ර්‍රේම සමුදුරෙ ගිලිලාමැරිලා යන්න ඕන.....

.....උඹ ඇරුනම වෙන කවුරු තුරුල් වෙන්නද බන් මේ පපුවට ම්ම්ම්ම්...තුරුල් වෙයන් අමාකර.....මටත් නිවෙන්න ඕන..!

ම්හුක්....ම්ම්ම්ම්ම්හු...ක්

ඒ පාර මොකද...සුදු චූටියා...ඔහෙ ඔය දැල තවත් කනව...ගිහින් දොයියපන්....යමන්...වෙලාව කීයද....දෙකත් පහුවෙලා....මදෑ නාහෙන් අඩ අඩ උන්නා....පලකො අඩා....අර පප්පගෙ ඇදට පල.....පසනා එක්කම හෙට උදේට කූද්දන්නම්...

ඉතින්....ඔයත් එන්නකො.....සුජු චූචියා හෙට ඉස්කෝලෙ යන්නෙ නෑනෙ පප්පෙ.....සීදේවියා එක්කම පප්පත් දොයයියපත් වෙමුකො අප්පා....

ඇයි අඩා ඔහෙ ඔහොම...සුදු චූටි ඔහෙ හුරතල් වෙනවා අහවරක් නෑනෙ....ම්ම්ම්.....

ම්හුක්...ඒම නේන්නම්.....ඔයා එක්ක නැතුව මන් වෙන කා එක්ක හුරතක් වෙන්නද අප්පා...ඔයා දන්නවනෙ පප්පෙ....සීදේවිලා ඇවිල්ලා....නුවර අයනෙ...

නවත්තපන්...නවත්තපන්...දැල අරන් කටෙ ඔබන්ඩ කලින් නවත්තපන්....ඇබරෙන්නෙ වන්නම නටන්ඩ නේ....නවත්තකො අඩා.....

ම්හුක්...මෝ.....අනෙ....ඒ උනාට ඉතින්...

නෑ ඕන් නෑ...ඔහෙව මං මූදට විහික් කරනවා හරිය.....නවත්ත ඕක....

හා ඉතින්....දැන් ඔයා අපෙ අප්පච්චි ව අන්බොක් කරාත....ඈ.....

නෑ.....

ආ....ඒ ඇයි.....මං අහන්නෙ වයි...ඔවු....ඔයා එයාව අන්බොක් නොකරන්නෙ ඇයි....

මට ඕන හන්දා...මං බ්ලොක් එක අරින් නෑ කිව්වා කියපන් මහ එකාට...

යෝහ්....මේ...ඔය දෙන්නා ගෑනි මිනිහා වගේ කා ගන්ඩ නම් එපා ඇ....එපා වෙනවා මට පනිවිඩ අදින්ඩ බැ සමුජ්ජ හර්ත ..ඔයාගෙත් සමස්ත රංගනේනෙ...අවදානෙ ගන්නනෙ බ්ලොක් කරෙ.....

.ම්න්...

බ්ලොක් එක අරින්නකො.....මට ගෙදර කනක් ඇහෙන්න නෑ.....අනික ඔයාට එයා ශර්ට් එකකුත් ගත්තා.....

ඕන් නෑ කියපන්.....අහේනිය නෑ.....

මෝ...අනෙ...ඔයා නිකන් ලේලියි නැන්දම්මයි වගෙ ....මොකද අනෙ.....

සුදු චූටි ගෙදර ගිහින් නිදගනින්...නැත්තන් මෙහෙ නිදාගනින්....කියවනවා අහවරක් නෑ....

ආ...ආ..ඔයා.මට දැන් ඔය බයිනවත...??

ම්න්....

එහෙනම් අපෙ අප්පච්චිව අන්බ්ලොක් කරන්න...

කරන් නෑ.....කරන් නෑ කිව්වනෙ...

කරන් නෑ.....ආය ආය අහන්ඩ එපා හරිය...මං කරන් නෑ...

ඕන රෙද්දක් ඇයි යකො.....මට ගෙදර ඉන්න නැ...සුසංගතා නෙවෙ...උඹයි අපෙ අප්පච්චි ගෙ හොර ගෑනි....ඇයි යකො...

ම්න්...මමයි...දැන් හරිනෙ...

...ස්...ස්..සමුද්‍රයා.....හ්හ්!!

*

*

*

*

තේජක.....ඇයි තේජක ඔහොම...අටත් පහු වෙන්න එනවා...මීටත් පස්සෙ ගිහින් හරියනවද...??අම්මයි අප්පච්චි යි ගියා...අපි තවම මෙතන....

අම්මියෙ....පුතාගෙ කොන්ඩෙටත් ජෙලි ගාන්ඩ කියන්ඩකො....කැතයා පුතාට දෙන්නෙ නෑනෙ....පුතාටත් ඔලුවට කරන්ට් වද්දගන්ඩ ඕනනෙ.....

ඉතින් තමුසෙත් අම්මලා එක්ක යන්ඩ එපයිනෙ මං එපා කිව්වද....මං එන්නෙ නෑ....සුදු මහත්තයා.....අම්මලා එක්ක යමන්.....

..අප්පච්චි ඒන්නෙ නෑ.....

නෑ.....උඹ කවදාවත් දැකලා තියනවද මෙ සෝලංගාරච්චි කාටවත් පීචන් වෙනවා...????

ඔව්....ඔය ඕන තරම් අම්මා ගාව පීචන් වෙන්නෙ...ඔයත් රගන්න එපා අනෙ....එන්නකො.....මට දැන් ඔය දෙන්නගෙ පනිවිඩ ඇදිල්ල එපා වෙලා...මං දැන් මගෙ පලහිලව්ව නවත්තනව....ඇයි යකො....ඒ හුජ්ජ දෙබරා එහෙන් ගනන් උස්සනවා....ඔයා මෙහෙන් කියවනවා.......එන්ඩකො අප්පච්චි යන්ඩ....

හරි....මං ආය ඕකට අන්බ්ලොක් කරන්ඩ කියන් නෑ...ඕකට කියපන් ඌට දෙන්ඩ මෙහෙ කොල්ලො නෑ කියල.....විහාරා එනවා යන්ඩ...මං ඉන්නෙ විනාඩි පහයි....තමුසෙලා ඕන තරම් ඉදලා එනවා....

අම්මෙ...එයි....එයි....රගන් නැතුව ඉන්ඩ තේජක.....අවදානෙ උනත් ඉල්ලන සීමාවක් තියනවා....සමනල්....සුදුපුතා ඔය කුසියෙ රිනගන් මොකද කරන්නෙ....

මේ සීයත්තගෙ කෝප්පෙ තේ තීනා අම්මියෙ....පුතා තේ බොනානෙ.....පුතා තේ බොනා...

*

*

මගෙ දෙයියනෙ....සෙනග....පාරෙ ඉදම්ම සෙනගනෙ...බල්ලව ගෙට දාලා එන්න තිබ්බෙ පව් අයියෙ මෙ රතිඥ්ඥා කරදරේට ඒකගෙ කන් කැක්කුම ඇති....

මේක කොටහලුවක්ද මගුලක්ද සුදු....කොහෙද තමුසෙට උවමනාවක් නෑනෙ කෙල්ලෙක් ගේන්ඩ...එහෙම උනා නම් අපිටත් මගුලක් ගන්ඩ තිබ්බා...

විකාර නොකියා ඉන්ඩ අනෙ....

අම්මියෙ.....අර....අර සයුරි අක්කා.....අම්මො....දිලිසෙනවා...හී....අර ඔලුවෙ මලුත් පිපිලා...

සෙනග දැකපු මගෙ මූන හතැරැස් වෙලා ඇස් දෙක ඔහෙක් වෙලා කටත් මෙහෙක් උනා...අම්මගෙ අප්පච්චි ගෙ සමනල්ගෙ කතාව ඇත්ත.....මේක කොටහලුවක් නෙවෙ තනිකරම මගුලක්.....

තනිකරම කොටිකලබල කාලෙ පුදුකුඩිරුප්පු අහස වගේ ....මල්වෙඩි රතිඟ්ඥා පුපුරනව අහවරක් නැති වෙනකොට මං බලාගන් ගැඹුරු මුහුදෙ ඉන්න නිල් තල්මස්සු වගේ ඉන්න හැදි පවුලව රත්තරන් වලින් බැබලෙනවා...

මගුලට ඇවිදින් උන්නෙත් තනිකරම වැල්ලෙ ලයින් එක වෙනකොට ලයිට්වලට හපන් උන්ගෙත් කන කර දිලිසෙද්දි මගෙඇස් අන්ද වෙන්න ආව...

කෑම සුවදවල්...කෑකෝ සද්ද එකාකාරෙට වෙනකොට කානුවා සයුරියව දිලිසෙනවා කිව්ව විතරයි මං මගෙ දෝනිඇන්දව හෙව්ව.....

කතාව ඇත්ත...මනමාලයා විතරයි අඩු....සයුරියා මගුල් ජෝඩු ඉදගන්න මල් පුරවපු සෙටියක ඉදන් රත්තරන් පාටින් දිලිසෙනවා....!!!!

👉👈🙂🙏🙂🙏හායිම්ම්ම්....බායිම්ම්ම්...Bye

More Chapters