LightReader

Chapter 36 - 35

අමාකර...මේ අහනවා සුදු හරිද....තවම උදේ .....මං ආස නෑ උදේ පාන්දර කෑ ගහන්න....මගෙ ඩෑඩ් උනත් මාම්ට උදෙම්ම කෑගහන් නෑ මොන වැරද්ද කෙරුවත් ....තමුසෙටත් මං කියන්නෙ එච්චරයි....කරුනාකරලා මල්ලිවත් එක්කන් වාහනේට නගිනවා අනික තමුසෙගෙ අම්මට.....මගෙත් අම්මනෙ එයා නේ.....බබෙක් හම්බෙන්න නේ...ඔය කාලෙට තරහ ගන්න හොද නෑ.....

තමුසෙ බ්‍රේකප් වෙමු කිව්වට කව්ද ඕයි ඒකට හා කිව්වෙ.....???තමුසෙට මාව කොටුවෙ බඩුවක් ගානට පේනවද??හා කියන්නයි බෑ කියන්නයි.....හහ්..තමුසෙ නෙවෙ...අපි දෙන්නා අතර තීන්දු තීරන ගන්නෙ මමයි....තේරුනාද...තමුසෙ ගැන තීන්දු ගන්නෙ මම.....තීරන ගන්නෙ මම...අපි ගැන තීරන ගන්නෙ මම...තේරුනාද?

ඒ හන්දා ඔය බ්‍රේකප් කතාව නවත්තනව හරි??

මං උන්නෙ දත්මිටි කාගන පුපුර පුපුර....මේවා මං ඉල්ලන් කාපුවා....මං කෙරුවෙම අහක යන නයෙක් අල්ලන් ජොකා අස්සෙ ඔබාගත්ත එක...

කොටින්ම ගොන්කමෙ තරම කියනව නම් හත් ගව්වක් දුරින් ගියපු ගූ මුට්ටියක් කෙක්කක් දාල ලගට ඇදල අරන් ඉහෙ හලාගත්ත එක...

කමක් නෑ..කුම්බලා මාලු කෑවම බලලට විදවන්නම වෙනවනෙ.....

දැන් ඉතින් නිවිහැනහිල්ලෙ විදවපන් අමාකර..

අරකගෙ හයිරන් කාර කතා අහගන පුපුර පුපුර උන්න මම යටි හිතින් මටම දෙහි කපාගත්තා...එක පැත්තකින් තවම ගෙම්බෙක් එක්ක මායන් වෙන සමනල්....උගෙ බෑග් එක එල්ලගන අපිව ඉස්කෝලෙ යවන්න බලාගන ඉන්න අම්මා...

අනිත් පැත්තෙන් උදෙම්ම වදුරු කුනුහර්ප මතක් කරන අරක්කු මිනාලායගෙ දයාසිරියා...ඌ ඔක්කොටම හපන්...මූට කනට දෙකක් ගහල රස්සාවත් දාලා පලකො...ගිහින් වෙන රස්සාවක් කරකො...අරක්කු වලින් රජකම් කරන සිපයියො ගාව නිකන් පීචන් වෙන්නෙ...

මට හුස්මක් පිට උනා....උදේ පානදරම ගෙදරින් ගියපු අප්පච්චිවත් මගෙන් වද විද විද මාව තුරුල් කරන් අවසානෙදි හැම හිත් වේදනාවක්ම අමතක කරපු මගෙ සුදු අයියවත් මතක් උනා.....

සුදු අයියෙ උඹට ආරන්චි උනොත් නම් මූ ආයම ඩෙගා නටනවා කියලා...මං දන්නවා...උඹගෙන් මාව තත්පර ගානකට හරි ඈත් උන වේදනාවටයි...මං උඹව එපා කියපු වේදනාවටයි හරියන්න මූව පනපිටින් මැකරල් කරනවා....

මං මිනාලයා දිහා බැලුව....ඌත් මාත් අතර තියෙන්නෙ අඩි හතර පහක පරතරයක් වෙනකොට ඉස්කෝලෙ ඇතුලෙ තුන්වේලම දකින ට්‍රැක් කිට් එක වෙනුවට කිරි සුදුපාට යුනිෆෝම් එකෙන් උන්න මිනාලයව දකින වාරයක් ගානෙම මට මතක් උනේම ඒකගෙ මහ අරක්කුවා ප්‍රාදේශිය සභාවට යනකොට ඇදන් යන කිරිපාට නැශනල් කිට් එක වෙද්දි අතේ බැදන් උන්න යකඩ ඔරලෝසුව දිහා බල බල ආයමත් මගෙ දිහා බලපු මිනාල්ට මං කතා කෙරුවා.....

නෑ මිනාල් මං කිව්වනෙ...මං එන්නෙ නෑ...තමුන් එක්ක මගෙ සම්බන්දෙකුත් නෑ....මන් බොහොම පැහැදිලිව කිව්වනෙ.....මට තමුසෙ එක්ක සම්බන්දයක් නෑ....මේක ඉවරයි ඕයි ...ආව විදිහට යනවකො වදයක් නොවි...මොකටද මේ හැටි පීචන් වෙන්නෙ.....??අපි අතර තීන්දු තීරන ගන්නෙ තමුසෙ කියන්නෙ මං තමුසෙගෙ කව්ද.....??

අනික තමුසෙ හිතුමනාපෙට අත උස්සනවා කියලා මට වර්නින් දෙන්නෙ තමුසෙ එක්ක යාලුවෙන එකා තමුසෙගෙන් බලාපොරොත්තු වෙන්නෙ ගුටිකන එකද.....ම්ම්ම්ම්???nah ..nah....එකක් ගහපන්.....එකට දෙකක් වදී...මගෙ සර්වාංගෙ පුරාවට මොනර පිහාටු තිබ්බට දකින සතා නෙවෙ ඇතුලෙ ඉන්නෙ.....

අනිකා දයාසිරි තමුන්ගෙ බේබිවත් අරන් යනව මනුස්සයො.....කොන්දක් නෑ වගේ එහෙටයි මෙහෙටයි නැවි නැවි ලැජ්ජා වෙවී ඉන්නෙ....තමුසෙත් පිරිමියෙක්නෙ.....අප්පෙක් වෙන්න ඇතිනෙ...මේ වගේ එවුන්ගෙ වචන ඉස්සරහා දෙකට නැවීගන බලු වෙන්න එපා...ඔව්වා තමුසෙගෙ ගෑනි ළමයි දැනගත්තොත් උන්ට වහ කන්න හිතෙයි....

Interesting තමුසෙගෙ කතාව මරු.......සුදු මූනයි හුරතලයයි හරි අවදානන් කියන්නෙ නිකන් නෙව්නෙ...හැබැයි ඉතින්

දයාසිරිට පඩි ගෙවන්නෙ මගෙ ඩෑඩ් බබා...මිනිහට මං හුස්ම ගන්න එපා කිව්වොත් ඌ ඒකත් කරන්න ඕන....දයාසිරිව අයින් කරනවකො....තමුසෙ මොකද මේ උදෙම්ම මගෙන් ගුටි කන්න හදන්නෙ.....??? ලොකු ටෝක් දාල කන පලාගන අඩාගන තුරුල් වෙන්නද ඕන?

අතට අත පටලන් බබා වගේ යන්න පුලුවන් ගමනනෙ තමුසෙ මගෙන් කන රත් කරන් ගුටි කාලා අඩාගන යන්න හදන්නෙ අමාකර??ගිහින් නගිනවා ආය ආය කියන්න තියන් නැතුව...ඔය ලොකු ටෝක්ස් වෙනකාට හරි දාන්න තියනවා....

අ...අම්මියෙ.....ක්..කැතයො...එපානෙ.....අම්මියෙ....සී...ය.....ත්..තෙ...අප්පුච්චියො.මේ බාන්නකො....කැතයට බයිනවනෙ.....පුතාගෙ කැතයට......

චූටි ...එන්න අයියා ගාවට...කෝ අයියා ගාවට එන්න සමනල්...ඇයි අඩන්නෙ.....අයියා ඉන්නවනෙ....

ක්..කැතයෝ....

මිනාලයා උරුම්පූට්ටු වෙනවා.....දයාසිරියා තනිකරම මඩේ ඉන්දවපු ඉන්න වගේ අරූගෙ වචන අහන් එහා මෙහා වෙනකොට මෙච්චර වෙලාම ගෙම්බෙක් එක්ක මායන් වෙවී උන්න සමනල් මිනාල්ගෙ කටට බය උනා...කොල්ලා අඩන්න හැදුවා...චූටි මූන පුරාවටම ගාලා තිබුන පව්ඩර් හෝදවන් යන්න ඒ ඇස්වලින් කදුලු කැට වැටෙන්න හැදුවා....

සීයත්තට .....අප්පච්චිට කතා කර කර මිනාල් දිහාව හොරෙන් බල බල සමනල් ඇස් වල කදුලු පුරවන් ආපිට දුවන්න හදනකොටම මං එයාව ලගට අරන් වඩාගන අම්මගෙ උරහිසෙ තිබුන සමනල්ගෙ බෑග් එක ඉල්ලන් කරේ දාගත්තා...

අමාකර....යනවද..අරන් යන්නද??

ඔය ලමයට අපෙ සුදු මහහ්තයා කියපු සින්හල හරියටම තේරිලා නැ වගේ...මෙතන උදේ පාන්දර කෑ කෝ ගහන් නිස්කාරනෙ නැති ප්‍රශ්න ඇති කරන්න එපා ලමයො...ඔය ළමයා ආව විදිහට ආපිට යන්න....සුදුමහත්තය වෙනදා වගේම එයි....එකම එක කියව කියව කාලෙ කන වෙලේ ඉස්කොලෙට ගියා නම් ඉවරනෙ??නිස්කාරනෙ මෙතන මරාගන්න හදනවා ..අනික ඔය ලමයගෙ වයසටද ඔය හැසිරිල්ල??

වයසට වඩා ඉහලින් හැසිරෙන එක කොහොමත් මගෙ හැටි ....අනික මොකක්ද ඔය කිව්ව වෙනද වගේ කෑල්ල.....??වෙනදා වගේ කියන්නෙ කොහොමද අම්මෙ.... ???අර පිලිහිඩ්ඩගෙ මාලු ලොරියෙ නැගන් .....???ඒත් නැත්තන් අර හන්දි හන්දිගානෙ ඉදිආප්ප විකුනන එකාගෙ හුචක්කුවෙ නැගන්.....එහෙමද.....අමාකර තමුසෙට මං දැන් සින්හලෙන් කිව්වා.....නැගපන් ගිහින් වාහනේට..මං එක පාරයි කියන්නෙ ඊලග පාර කටට කලින් මගෙ අත කතා කරයි.....

ආ...ඇත්තට...???හහ්.....අමාරු ඇති වෙන්න ඇමති පුතාට නේ???මෙ ලමයො...තමුන්ට අතපය උස්සන්න මං ළමයි හදලා නෑ...අනික ඔය ළමයා මට අම්මා අම්මා ගාන්නෙ මොන නෑකමටද.....???අම්මා කිව්වට කමක් නෑ...මොකද මගෙ දරුවා තමුන්ගෙ වයස හන්දා ...ළමයි තුනකගෙ අම්මා හන්දා...හැබැයි පුතෙ ඒ කියලා හිතන්න එපා මං මගෙ කොල්ලට කොහෙවත් යන එවුන් අත උස්සනකන් බලන් ඉදී කියලා..මේ අම්මා හොදට හොදයි නරකට නරකයි ආය....

කොහෙන් ආව හයියක්ද මම ඉන්න තැනම තමුන් ඔය විදිහට මගෙ ලමයිට අන දෙන්න.....ගහන්න බනින්න ඕනා නම් උගෙ අම්මා අප්පා ඉන්නවා...මැරිලා නෑ!!...අනික අමාකර කිව්වනෙ ඔය ලමයට කැමති නෑ කියලා...විසි හතර පැයක් වත් ගෙවුන් නැති සම්බන්දයක් අල්ලන් නටන්න හදන්න එපා මිනාල්...උඹටත් මම හනස්සක් කැඩෙන්න ගහලයි ආය නවතින්නෙ....දන් නැතුවයි.....ආවා මෙතන ....යකො කටවහන් ඉන්න ඉන්න එනවනෙ මුන් ඔලුවට නගින්න...

විසි හතර පැයක් වත් නොගිය සම්බන්දෙකට මෙහෙම නටනවා නම් තව ඉස්සරහට මොනවා කරන්න ගියාද....

දැන් එහෙමද අම්මෙ කතාව...???විසි හතර පැයක්ද....අවුරුදු විසි හතරක්ද ආත්ම වසි හතරක්ද ඔය මගුල් නෙවෙනෙ වටින්නෙ ආදරෙ විතරනෙ ....මං කිව්වනෙ...මං අමාකරට ආදරෙයි....

ආදරෙ කරන මිනිස්සු අතපය උස්සන්නෙ නෑ ලමයො.....අනික ඔය ලමය මැරකම් පෙන්නලනෙ ආදරෙ දිනාගන්න හදන්නෙ.....ඔතන ඇති ආදරයක් නෑ ඒක ඔය ළමයත් දන්නවා....නිකන් කාලෙ කන්න එපා.....සුදුමහත්තයා උඹ මේවා විහින් දාගත්ත ප්‍රශ්න.....පේනවනෙ උඹ මොකක්ද ඉහට දාගන තියෙන්නෙ කියලා.....තවත්කට දිහා බලාගන ඉන්නෙ නැතුව යන්න ලෑස්තිවෙයන්...හිටපන්කො උඹලට අපි සැර නොවුන එකයි මෙතන වැරද්ද...තවත් හුරතල් කරන එකයි වැරද්ද.....

මිනාලයා මගෙ දිහා බලාගන ඉන්නවා....එක අතකින් සමනල්ව වඩාගන උන්න මං මෙච්චර වෙලාම මිනාලයට බැනපු අම්මගෙන් බැනුම් අහන් පාරට යන්න හදනවත් එක්කම අඩියට දෙකට මගෙ ලගට ආව මිනාලයා මගෙ අත මිරිකලා අල්ලගත්තා....

මිනාල්...

තමුසෙට මං එක් චාන්ස් එකක් දෙනවා අමාකර.....නැගපන් වාහනේට....උඹ හිතනවද මං උඹව අරූට දෙයි කියලා....නෑ..බබා...නෑ....එක්කො මට...නැත්තන් මරනවා....මට හම්බෙන්නෙ නැත්තන් උඹ ජීවත් වෙලා තේරුමක් නෑ අමාකර

නෑ ඕන නෑ මිනාල්...ඒකත් උඹම තියාගනින්...උඹගෙ චාන්ස් මොකටද මට....???මං හිතුවා හරි ....උඹ නම් අහම්බෙන් සන්සේචනෙ උන එකෙක් මිනාල්.....අනික උඹ ඔය මරනවා කිය කිය මාව බයකරනවද ...???මරපන් ...මරල බලපන්....මගෙ පාංශුකුලෙ දෙන්නත් කලියෙන් උඹ බල්ලෙක් වගෙ මේ දික්වැල්ලෙ කොහෙ හරි අගලක මැරිලා ඉදී.....

ඇත්තට.....උඹ මෙ මිනාල් රඹුක්වැල්ලගෙ හැට් දන්නෙ නැතුව ඔය....

අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ....උඹට රෙදි නෑ කියන්න මං මෙ ටික දවසට හොදට තේරුම් ගත්තා....නැත්තන් මොකාද බන් මෙ තරම් ලැජ්ජා වෙන්නෙ....කිව්වනෙ මං කැමති නෑ....මේක නවත්තමු කිව්වනෙ....

ඒ උඹනෙ...මං හා කිව්වෙ නෑ.....

මං දත්මිට් කාගන අහක බලාගත්තා....මෙතනම දැන් අට වෙනවා...මේකගෙ අම්මා...සිරිනි රඹුක්වැල්ල මේකට තුන් වේලම කන්න දෙන්නෙ තනකොලද මන්දා....ඇයි යකො මෙච්චර කියලත් එකම රෙද්ද අහන්නෙ....

අනෙ මිනාල් මේ අහපන් දෝදුවෙක් වගේ හැසිරෙන්න එපා...අනික උඹට කෑල්ලක් දාගන්න එක නම් නතින්නෙ??නිකන් තව චා නොවි නම්බු තියන් යමන් බන්.....

හ්ම්ම්ම්ම්.....උඹ එහෙනම් එහෙමයි නෙද බබො....කමක් නෑ...මං අදට මේ අත අතාරිනවා...හොදට මතක තියාගනින් අමාකර මං උඹට බ්‍රේකප් වෙමු කියන එකට හා කිව්වෙ නෑ....ඒකියන්නෙ උඹ මගෙ කියන එක.....

අම්මො...අම්මො...හා...හා....උඹගෙ උඹගෙ.... ....විහිලු සපයන්න එපා බන් හුත්ත. ...එපා වෙනවා එකම තැටියනෙ...නිවාඩුව ඉන්න ගමන් ඕකට තව වචන ටිකක් එකතු කරගනින් .....

තනි අතින් වඩාගන උන්න සමනල්ව ටිකෙන් ටික පහලට රූටනකොට කොල්ලවත් ආපිට උස්සගත්ත මං අරූගෙ අත ගසලා දැම්මා...ගසලා දැම්මා විතරක් නෙවෙ මං ඒකව තල්ලු කරලා දැම්මා...ඒත් ඌට නෙවෙ ගානක් තිබ්බෙ.....ඌට නෙවෙ ලැජ්ජාවක් ගෑවිලා තිබුනෙ....අර නපුරු මූනෙ නපුරු හිනාව තවමත් එහෙම්මම තියෙද්දි හොදට තිබුන කොන්ඩෙ ආයමත් පාරක් අතින් හදාගත්ත මිනාල් දයා සිරි දිහාව බලලා යන්න ලෑස්ති වෙන්න කියනකොට මං බලාගන දයාසිරියා බූමිතෙල් වැදුන ගැරඩියා වගේ වාහනේට දුවනව.....

.එහෙනම් උඹ මෙහෙමයි...හොදයි...ඒකත් මරු....මන් කිව්වනෙ බබා....තමුසෙ ඉන්ටරෙස්ටින් ...එක්පාර හා කියනවට වඩා බෑ කිය කිය මාව රිජෙක්ට් කරනකොට මට තමුසෙව ඕනකරන ආසාව වැඩිවෙනවා.....

හ්ම්...හ්ම්....අහන්න සතුටුයි.....ස්වයංවින්දනෙ ගනින්කො..... ...අරන් ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් ඉස්කෝලේ පැත්තෙ වරෙන්....

උඹ නයාට ගහලා පොල්ල වරද්දගත්තා අමාකර....උඹ හිතනවද මං මේවා ලේසියෙන් අමතක කරයි කියලා.....උඹට ලේසියෙන් බේරෙන්න දෙයි කියල.....නෑ අමාකර....නෑ.....මං ආයමත් කියනවා උඹ නයාට ගහලා එසෙ මෙසෙ වරද්දගැනිල්ලක් නෙවෙ වරද්ද ගත්තෙ....

මොන නයාටද??? "ප" යන්න එහෙම තියනවද දන් නෑනෙ....???

නයා උනත් ඌට අදාල හුඹහට රින්ගන්ඩ එපැයිනෙ ....අනුන්ගෙ හුඹස්වලට රින්ගපුවාම පොලු පාර කන්න වෙනවා තමයි.....ඇරත් නයි නම් මොනාද බන්.....ඔය පනික්කියො ගාවත් නයි ඕනතරම් ඉන්නෙ....නයෙක් ඕනා නම් කියපන් වැව රව්මෙ ඕන තරම් පනික්කි ඉන්නවා...

මං හිනා උනා....අම්ම එක පැත්තකින් රවාගන බලාගන ඉන්නකොට බයවෙලා උන්න සමනල් මගෙ බෙල්ල බදාගන උරහෙට මූන ගහගත්තා.....

යන්න හැදුවත් ආයමත් මොකක් හරිම ලබ්බක් කියවන් එන මිනාලයා නයාට ගහලා පොල්ල වරද්ද ගත්තයි කියල කියනකොට ඌට ඒ කියපුවට දෙපිටින් යන්න කතාවක් කියපු මං මාව කන්න වගෙ බලාගන උන්න මිනාලයට මගෙ දත් තිස් දෙකම එලියට දාලා හිනාවක් දැම්මා අරූ දත් කුට්ටම කැඩෙන තරමට දත්මිටි කාගත්තා...

හරි හරි බබො....ඕන තරම් ගෑස් දාපන්කො....ඔය ගෑස් බහින දවස වැඩි ඈතක නෙවෙ අමාකර....

එහෙනම් පෙට්‍රලුත් ගනන් අඩුවෙයි නේ??නෑ මං කියන්නෙ ගෑසුත් බහිනවා නම් ඔව්වත් බහින්න එපැයි....පොල් ගනන් බහින් නැද්ද දන්නෙ නෑ මේ ගමන්ම නෙ???මේකනෙ ඔයාලා ඉතින් දේශපාලන කාරයොනෙ....

උඹට මාව ජෝක් එකක් ද??

ද නෙවෙ....එහෙම තමා ඉතින් ආය....මම උඹ උනා නම් එකට දෙකක් ලයින් කරන් ....මෙච්චර වෙලත් උඹට ලැජ්ජාවක් නෑ කියන්නෙ උඹ ඇවිත් පට්ට ජෝකර් කෙනෙක්...

.......පිලිහිඩ්ඩගෙ රැස් ද ඔය දාන්නෙ...

...අනෙ නෑ...මේ මගෙ රැස්....ඒ රැස් වැටුනා නම් මං හිරබත් කනවා....මං වගෙ කියව කියව ඉන්නෙ නෑනෙ...ඇදලා අරිනවා ....

හ්ම්...හ්ම්...මන් යන්නම්....උඹ අදට බේරුනා අමාකර ....හොදට මතක තියාගනින් අමාකර...මෙ මිනාල් රඹුක්වැල්ල කියන්නෙ දෙපාරක් හම්බෙන මනුස්සයෙක් නෙවෙ .....

ඉතින් මට පුකද බන්.....දෙපාරකට හම්බුනා කියලත් මට වැඩක් නෑනෙ....දෙපාරක් නෙවෙ මට නම් උඹව එකපාරක් වත් එපා....

......කමක් නෑ...වටේ ගියත් බල්ලා අන්තීමට එන්නෙ කනුවට කියනවනෙ....සද්දෙ දාලා..දාලා....උඹට මගෙ ගාවට එන්නම වෙනවා....බලපන් උඹව මං අනිවාර්යයෙන්ම මගෙ ගාවට ගන්නව....අම්මෙ තමුන්ටත් බොහෝම ඉක්මනට මේ මිනාල් රඹුක්වැල්ලට ඔය කටින්ම පුතා කියන්න වෙනවා....

මං නම් ඉතින් දැනුත් පුතේ කියලා කියනවා...කාගෙ උනත් ලමයෙක්නෙ.....ඔය ලමයා දැන් දහවතාවක් විතර යන්න හැරුනා.....තව ගියෙ නෑ .....කීයටද ලමයො ඉස්කෝලෙ යන්නෙ...උඹලගෙ වැඩ හින්දා මේ පොඩි එකත් යන්න බෑ කියලා අඩන්න ගත්තොත් තමයි මං උඹටත් ඇමති තාත්තට උන ගැනෙන්න ගහන්නෙ...පවුල් කන්න කතාව...ඊට කලින් පොතක පතක දෙයක් ඉගනගනියව්....

මොකො ඔය ළමයා හිතන් ඉන්නෙ අප්පගෙ හොර අරක්කු බිස්නස් එක අතට ගන්නද...?

හරිනෙ මිනාලයා කට හෝදලම අහගත්තනෙ.....මූට නම්බු තියන් යන්න තිබ්බ චාන්ස් එකනෙ මූ නැති කරගත්තෙ.....කොහෙද ලේ දෙන්න පුලුවන් කම තිබ්බට මොලෙ දෙන්න පුලුවන් කමක් නෑනෙ ...ගොබ්බයා....ආව මෙතන මගුල් තුලා කතා කරන්න...බබාකොබා ගාන්.....

බලාගමු....හරි....මං කොහොමත් ලේසියෙන් පස්සට යන මනුස්සයෙක් නෙවෙ...පොර කුකුලා වගේ තමයි....වලල්ලට ගියාට පස්සෙ එක්කො අරූව කොටලම මරලා මිසක්...දිනාගන්න බැරු උනෝතින් ඌවත් එක්ක මරාගන මැරෙනවා මිසක් ලේසියට දෙන්නෙ නෑ...බලාගමු...

.

හුම්...හුම්....හාරි...හාරි...බලාගමු.....

කුකුලා මොන ජාතියෙද දන්නෙ නෑ.....නෑ මං ඇහුවෙ ගම් කුකුල් මස් මැටි හට්ටියෙ ඉව්වම පට්ට රහයි ඒකයි...බොයිලස් කනව වගේ නෙවෙ ගම් කුකුලෙක් කනකොට...ඒකයි....මගුලක් කියනවා තවත්...

.........උඹවත් මරාගනමයි මං මැරෙන්නෙ ඒක මතක තියාගන වරෙන්.....

මිනලයව වෙව්ලනවා...බැන බැන ඉන්නවා මිසක් ඌට ඉස්කෝලෙ යන්න උවමනාවක් ඇත්තෙම නැති වෙද්දි මන් අහක බලාගත්තා...මූට සින්හල ආය මුල ඉදන් උගන්නන ඕනා....එක අතකට මූට පුලුවන් අරක්කු language එක විතරයි වෙන්න ඇති...මූ එක්ක දීග ගියොත් මට වෙන්නෙත් බැරල් කරේ තියන් දුවන්න තමයි....

හ්ම්....මං මතක තියාගන්නම්.....මිනාල් මං මෙච්චර වෙලාම උඹ එක්ක එකට එක කිව්වා...උඹව පඩේට මායින් නොකර් මාත් ලයින් ඇල්ලුවා.....හැබැයි මන් මේ වචන ටික කියන්නෙ පට්ටම සීරියස් විදිහට මිනාල්.....මම උඹව ඕනා කිව්වා...ඒක තමයි කරගත්ත ලොකුම ගොන් කම....හිතේ ආවේගෙට මං උඹව ඕන කිව්වා....

හැබැයි මන් උඹට වචනෙකින් වත් බලාපොරොත්තුවක් දීලා නෑ මිනාල්....

උඹම හිතපන් උඹගෙ ඔය ගතිගුන එක්ක කාටද ඉන්න පුලුවන් කියලා....අනික උඹට මන් ගැන ආදරයක් නෑ...ඒක උඹගෙ හිත දන්නවා මිනාල්.....ආදරෙ කියන වචනෙ ඉස්සරහට දාගන උඹ මාව පාවිච්චි කරන්න හදන එක විතරයි කරන්නෙ....

ආදරෙ කරන මනුස්සයව දකින්න නිතර දෙවෙලෙ දකින්න ඕන නෑ....ඒ මනුස්සයගෙ රූපෙ මතක් උනත් නිවීමක් දැනෙන්න ඕන....හිතට සැනසීමක් දැනෙන්න ඕනා....ඒ දෙකම මට අර පිලිහිඩ්ඩගෙන් ඕනාවට වඩා දැනෙනවා...ඒක නිසා නිස්කාරනෙ මේ කරන මෝඩ වැඩේ නවත්තපන්...උඹගෙ අප්පගෙ රස්සාව පැත්තකට දැම්මත් උඹ ඉස්කෝලෙ ඇතුලෙ ඩීසන්ට් පිට ඉන්නවනෙ.....උඹ මොන තරම් මා එක්ක නරක විදිහට හැප්පෙන්න ආවත් ඉස්කෝලෙ ඇතුලෙ ගැම්මක් තියන් ඉන්නවනෙ....ඒක තියන් පාඩුවෙ ඉදින්....

උඹ පොඩි එකෙක් නෙවෙනෙ...යන්න ඕන පාත් එක මොකක්ද කියලා උඹට තීරනෙ කරන්න පුලුවන් ...මට ඕනා නම් මගෙ අප්පච්චි ගෙ පාරෙ යන්නත් පුලුවන් ....නැත්තන් ශෝටක් ගහන් වැල්ලට බහින්නත් පුලුවන් ...පිලිහිඩ්ඩෙක් වෙන එක ඔය කියන තරම් ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙ...හැබැයි උඹ නිකන් නාස්ති වෙනවා...අම්මා අප්පා උනත් වැරදි නම් මූනට කියලා උඹට උඹගෙ ගමන යන්න පුලුවන් මිනාල්.....

මන් උඹට නේ දේවල් කියන්නෙ වෙන මොකටත් නෙවෙ උඹයි මායි එකම වයසෙ හින්දා...මගෙ අප්පච්චි ඕ අයිසී වෙලා උඹගෙ අප්පච්චි පස්සෙ පන්නනවා වගේ මාත් දවසක ඕඅයිසි කෙනෙක් වෙලා උඹගෙ පස්සෙ පන්නන සෙට් උනොත්....ඒක එච්චර හොද දෙයක් නෙවෙ බන් .....ඒ හන්දා නොකෙරෙන මගුල් නොහිතා උඹට ප්‍රයෝජනයක් වෙනදෙයක් කරපන්...හතත් පහුවෙලා මං යනවා.....

බන කිනයවද....කොටුවෙ හාමුදුරුවොද උඹ....??මට ඔය බන වැඩක් නෑ අමාකර.....බන කියන වෙලාවෙ මට වචනෙ දියන්...හරි උඹ ඉස්කෝලෙට වරෙන්කො....කාගෙන් හරි අහල බලපන් මේ මිනාල්ට ඕන කියන දේ නොලැබුනොත් මොකද වෙන්නෙ කියල...නැන්දම්මෙ....ගිහින් එන්නම් ආ....!!!

ටිකිරියෝ...ගුඩුම් වේවා......ආ.....කැත තාත්තෙ .....ඔහෙ මක්කදයි මේ උදෙම්ම මගෙ ටිකිරියව වඩන් ඉන්නෙ.......ආ....ඇන්නා නේද.....මක්කද සුදු ඔහෙ අපෙ කැත තාත්තගෙ ඔලුවට ඇන්නෙ?

ආ..සුසා...අඩෙ...සුසා..අද බුදි........

උ...ඌව්...හ්....ඌ....යියා.....අනෙ...ම්හුක්....මොකද අනෙ ඔලුව හිල් කරන්න යන්නෙ.......අනෙ...අම්මෙ...උච්චිය ගාවින් ගිලා බැස්සද මන්දා අනේ....මූවත් වඩාගන ඉන්නකොට ගහන්නෙ ඇයි අප්පා...අර අරුත් එනවා....ළමයි ඉස්සරහා තාත්තලාට ගහන් නෑ අම්මෙ....

ඇද්ද උඹට... ඇද්ද දැන්....තාත්තා කම දෙපිටින් යන්ඩ ගහන්න හිතෙනවා මට උඹට...අරකා තනිකර කුලප්පුන ඇතා වගෙ...සුදු මහත්තයා උඹ නම් කරගත්තොත් ගොන් වැඩක්මයි .....මට එන තරහට උඹව හමගහන්න හිතෙනවා සුදුමහත්තයා.....

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....පස.....නා.....ම්ම්ම්ම්ම්ම්....ම්ම්ම්....සුසා....."

මිනලයා යන්න ගියා...හැබැයි ඒකා වාහනේට නැගලා දොර වහගත්තටත් වඩා සද්දෙන් මගෙ ඉහ උඩ හෙනයක් පිපිරුවා....මොනතරම් සද්දෙන් පිපිරුවද කියනවා නම් මගෙ ඇස් වලට කදුලු පිරිලා කිඹුහුමකුත් ගියා...

අම්මා....

වෙන කවුරුත් නෙවෙ....අකාල හෙන පාත් කරලා තිබුනෙ අප්පච්චිගෙ මොනර ලමාතැනී.....මිනාලයා ගාවදි ඉවසීම උපරිමෙ තියන් කතා කරපු සමනලීගෙ සමනල තටු හැලිලා දෙබර තටු ඇවිදින් තිබුනා....

ටොක්ක කාපු වේදනාවට හිතේ හැටියට මට ආව් කියන්නවත් හම්බුන් නෑ...ඌටත් වඩා බර බාගයක් උන ඉස්කෝලෙ බෑග් එකත් එල්ලගන බෙදුම් කට්ට වගේ පසනත් ආවා....මෙච්චර වෙලාම කරමත ගහල උන්න අප්පච්චිගෙ හොර ගෑනිත් ලාවට වගේ කුටු කුටු ගාලා ආයම නිදිය ගත්තා..ඌට නයිට් ඩියුටිනෙ.....

හරි හරි අනෙ...මං ඌ එක්ක ඒක බලගන්නම්....ඌට ගිය රටද....සමනල් බැහැපන්....උඹවත් එල්ලගන බෑගුත් එල්ලගන මං නිකන් නාට්ටාමියෙක් වගේ.....ඌ ඔය කියෙව්ව්ට ඌට පුලුවන් මගුලක් නෑ.....මිනිස්සුන්ට එහෙම බලෙන් යාලුවෙන්න පුලුවන්ද...ඔයා බය නොවී ඉන්න....ඕ....හ්හ්...ඔලුවට හෙන ගැහුවා වගේ අප්පා...නොකියා ගහන්නෙ ...කියලා ගහන්නකො අනෙ....ඉහෙ ඇම්මට වගේ...මොලෙත් එක්ක බැස්සා....

බහින්ඩවත් මොලයක් තියනවද සිහත් උඹට...මට ඒක කියලා ඉදින්.....බහින්ඩ වත් උඹට මොලයක් තියනවද...ඉදලා ඉදල දාගත්ත ඔලුවට කුන්ඩාවාලයක්...උඹත් උඹගෙ මහ එකා වගේ මට ගිනිම දීපන්.....උඹයි අප්පච්චියි දෙන්නම එකයි...සැනසිමක් දෙන්නෙම නෑ....දුන්නොත් ගින්දරක්.....අද දවසම ඉවරයි.....දවසම ඉවරයි....

ඇති අනෙ...ඇති දැන් ඕක...ඌ ගියානෙ .....ඕකා ඔය කියවන තරම් ඇටකිරිඥ්ඥාවක් කරන් නෑ.....අනික යකො ගැලපෙන්නෙ නැත්තන් ලෝකෙට පේන්න පවුල් කනවට වඩා හොද නැද්ද එක එකාගෙ කයි කතන්දර අහන් හරි වෙන් වෙන එක.....අනෙ අම්මෙ.....ඌ කියන විදිහට මට ඕකා එක්ක ගිහින් වටේ මිනිස්සුන්ට පේන්න හිනා වෙලා ඉන්න මනුස්සයෙක්ගෙ කැරැක්ටර් එක මේන් ටේන් කර කර රෑට රෑට තනියෙන් අඩන්න බෑ...ඌ ඒක තේරුම් නොගත්තට මට කරන්න දෙයක් නෑ..අනික මොකක්ද අනෙ ගින්දර දෙනවා කියන්නෙ...සමනල් සාදු කියපන් අම්මට කිරියලා එනවා ඇති...මෝ.....මෙයත් දැන් ලගකදි ඉදන් පුදුම විදිහට නපුරු වෙලා අනෙ...

මං කිව්වෙ...කාට පූනියෙක් තමයි මේ පාර ඔයා හම්බකරන්න ඉන්නෙ...මටයි මූටයි හොද කලදසාවක් යයි...මං නම් දීග හරි යනවා..මට දුක මේ පොඩි එකා ගැන.....මෝ...වස අනෙ ඔයාගෙ.....මූනත් එක්ක මොනාශ වෙලා...කුරුනෑගල කිරි අම්මා වගේ ඔයාගෙ මුනත්...කොරහක් වෙලා....අනික ඔයා මට ඔහොම සැර දාන්න එපා...ඔයාගෙ සමුනා නැති වෙලාවට මමනෙ මේ ගෙදර ගෘහමූලිකයා.....ඩිපියුටි මමයි අම්මෙ....ඒක අමතක කරන්න එපා

සුදු මහත්තයා...උඹ කන්ඩ තමයි මගෙන්

ගෘහමූලික....ආවා මෙතන....ගිනි දෙයියා කියලා දාගනින් ඕකට...

.අම්මියෙ...පුතත් ගිනි දෙන්නද....කැතයා වගේ පුතත් ගිනි ටිකක් දෙන්නද අම්මියෙ....

ඔව්...ඔව්....උඹ විතරයි ගිනි දෙන්න අඩු...උඹත් දියන්කො....උඹත් දියන් එතකොට සර්වසම්පූර්නයි...උඹල දෙන්නම මහ එකාගෙම අච්චු.....මහ එකාවම අඹලා...මාත් අර ලියනගේ අක්කා වගෙ තදට ඉන්නෙ නැති හන්දනෙ මේ ඔක්කොම....හිටපල්ලකො....උඹත් ගිනි දියන්කො.....

හා...පුතත් දෙන්නම්කො ඒනම්...සුදු අම්මියෙ සාදූ....පයිස්සමින් ඉන්ඩ ....අම්මියෙ පුතාට තේ ටිකක් හදා තියන්ඩ හාද.....

හා...හා....හදල තියන්නම්...අම්මගෙ සුදු පුතා හොදට ඉගන ගන්න ඕනා...යාලුවො එක්ක ගහගන්නෙ නැතුව හොදට ඉන්න ඕන තේරුනාද...අම්මගෙ රත්තරන් පැටියනෙ.....පරිස්සමින් ගිහින් එන්න ඕනා...කෑමපෙට්ටියට දාපු ඔක්කොම කන්න හොදද...යාලුවොත් එක්ක බෙදාගන්න....ගහගන්න යන්න එපා...

ම්ම්ම්...හුම්...හුම්...ඒ උනාට ගැහුවොත්...

නෑ...නෑ.හොද ළමයි ගහගන්නෙ නැ.....

කටත් ඔහෙක් කරන් ඔලුවත් අත ගගා උන්න මං අම්මටත් උත්තර බැදල ඔලුව කහ කහ පසනා එක්ක කුටු කුටු ගගා ඉන්න සමනලයවත් අම්මා ගාවට තල්ලු කරලා වදින්න කියව්වා...බොගවන්තලාව කහට තේ කාරයා එතනත් තේ ඉල්ලනකොට මමත් අම්මට වැන්දා.....

තෙරුවන් සරනයි සුදු මහත්තයා...පරිස්සමින්...උඹටත් මට කියන්න තියෙන්නෙ මල්ලිට කියපු දේම තමයි.....එක එකා එක්ක අන්කරේට පැටලෙන්නෙ නැතුව වරෙන්...මොනරවිල පරම්පරාවෙ නම්බුව කන්න හදන්නෙ නැතුව...අපි පරම්පරාගත වලව් කාරයො..නුවර මිනිස්සු සුදු මහත්තයා....

තේරුනා...තේරුනා අනෙ....තේරුනා.....ඔයා දන්නවනෙ....මං වලව්වෙ නම්බුව රකිනව කියල...ඇදිවත ගැලවුනත් මං අපෙ වලව් නම්බුව තියනවා අම්මෙ..... නුවර ආඩම්බරෙ මගෙ ලේ වල තියනවා....ආ දෙන්කො ඕකා ආයම හුචු හුචු ගාන්ඩ..මන් ඕකට කියන්නම් කසිප්පු කාරයන්ව අපෙ වලව්පැලන්තියට ගැලපෙන්නෙ නෑ කියලා.....ඔයා දන්නවනෙ අම්මෙ මම අපෙ වලව්ව ගැන හිතන තරම් අපෙ සීයත්ත වත් හිතන් නෑ....සීයත්තා කියනකොට මතක් උනෙ....අම්මෙ...අත්තම්මගෙ සෝක් හවඩියක් තිබ්බා ...ඒක ඉල්ලා දෙන්ඩකො අනෙ....පෙරේදා බැදන් උන්න අගස්තිමාලෙත් සෝක් අනෙ...මට කියලත් දෙයක් එයලත් දෙන්න එපැයිනෙ...

.ඔන්..ඕන්...පටන් ගත්තා...වන්නම වනන්න .....ඔහෙලට ඔය නුවර ලබ්බෙන් එහා දෙයක් නැද්දැයි හැබෑට....අපෙ පප්පා තාත්තට ඉහ රදෙ ඕක අහල...පසනටත් දැන් ඉහ රදෙ අඩෙ ඕක අහලා...ඇයි..බල....ඉති....ම්....

උදෙම්ම පටන්..ගත්තනෙ.....සුදු ඔහෙත් අපෙ කැත තාත්තා වගෙ නුවර ලබ්බක් දොඩන්ඩ ගත්තද...ඕවා මගෙ ටිකිරියත් පුරුදු වෙයි හරි සෝක්...මෙයැයිත් ඔව්වා දොඩන්ඩ ගත්තොත්....

.ඇත්තට..මේ ලමයො....උඹ මට ගෙදරදි තාත්තා කිව්වට කමක් නෑ ඉස්කෝලෙදි නම් ඔය තාත්තා කතාව කියන්ඩ තියාගන්ඩ එපා තේරුනාද....ඉස්කෝලෙ වෙනයි ගෙදර වෙනයි.....අනික උඹලගෙ තාත්තත් හේත්තු උනෙ හොද වලව්වකටනෙ....ආඩම්බර නැද්ද.....මොනරවිල බෑනෙක් වෙන්න පින් කරලා මදි බෝධි පූජාත් තියලා පාරමි පුරන්න ඕන....උඹලගෙ තාත්‍තගෙ පින මං වගෙ රන්කදක් අහු උන එක...

මිනාලයට දාපු පාර්ට් ඔක්කොම අහවරයි...මිනාලයා ගාවදි වෙනම චරිතයක් ආරූඪ කරන් උන්න මට ඒකා යන්න යනවත් එක්කම රදල ලේ දුවන සර්වාංගෙ පුරාවටම අර පරන මොනර ආත්මෙම අරක් ගද්දි මෙච්චර වෙලාම පිරිමි පපුව ඉස්සරහට දාන් එඩිතර සින්හයා වගේ උන්න මගෙ පුක අඩි බාගයි අගල් දොලහක් විතර පස්සට දික් වෙලා අර පිල් ටික මතුවෙන්න ගත්තා.....

පපුවත් ග්‍රෑම් පන්සීයකින් විතර වැඩිකරගන ඉනට අත් දෙක තියාගත්ත මම අනිත් පාර අපෙ වලව් පැලැන්තියට දෙස් තිය තිය නෑකම් කියන් ආව පොඩි හැන්දටත් හොද හැටි රවාගන දෙස් තියාගන අම්මා ගාවින් හිටගත්තා ...

.ඇයි ඉතින් මූ දැන් මටත් වදින්න එපැයිනෙ.....

පසනා.....

මොකො ?

පසනාගෙ වැඩේම කොන්ඩෙ හදන එක.....කසිංජියට දිරාපු නටරාජ් බෙදුම් කට්ටක් වගෙ ඇගක් තිබුන පසනගෙ කකුලෙ තිබුන ඩී එස් අයි කලු සපත්තුව උගෙ ඇගටත් වඩා ලොකුවට තියෙද්දි මූ මේස් දේකේම පොට යනකම්ම ඒක ඉහලට ඇදලා තිබුනා...ඒක බලාගනම අපෙ එකත් උගෙ මේස් දෙකේ ගාටස් එක ගලවලා අතට එනකම්ම ඇදලා උගෙත් පැත්තට පීරපු අපූරු කොන්ඩෙ කූරූගාන්න ගද්දි පසනා මගෙ දිහා නක්කලේට වගේ බලලා මොකො ගෑවා.....

මොකො අහන්නෙ.....පසනා දැක්කෙ නැද්ද මායි සමනලුයි අපෙ අම්මට වැන්දා....

දැක්කා....ඉතින්....?මට මොකො කරන්ඩයි කියන්නෙ ඔහෙ?

ඉතින් කියන්නෙ ඔය ලමයා වදින් නැද්ද....

ඔහෙ දැන් ඔය තටම තටම දොඩන්නෙ මං මෙයැයිට වදින්න ඕන කියලද....???

නැතුව....

ම්ම්ම්...අවුලක් නෑ...අපෙ පප්පා තාත්තා උනත් මෙයැයිට හරි කිචියිනෙ.....ටම.....මේකෙ බර....අපෙ තාත්තට හැමදාම කියනෝ පසනගෙ බෑග්ගෙකට ඔක්කොම ඔබන්ඩ එපාය කියල..අහන්...නෑනෙ...බල...මට මේ ඉස්කෝලෙ කෙරුවාව ඇති වෙලා...තාත්තා එක්ක ලොරියෙ ගියා නම් සල්ලිත් හම්බෙනෝ...මං නම් සල්ලි හම්බුනාම ඒ ඔක්කොම අපෙ තාත්තට දෙනො...පප්පා තාත්තා පසනගෙනෙ....

පසනව වැනෙනවා.....මුට අම්මව පෙන්නල වදින්න කිව්වම ඌටත් වඩා දහගුනයක් විසාල බෑග් එකත් පටිවලින් අල්ලන් එහා මෙහා කර කර බෑග් එකටත් බැනලා අවසානෙදි ඌට සල්ලි හම්බකරන්න ඕන කතාවත් කියලා අම්මා ගාවට ගිහින් හිටගන මයින්ද මාත්තයා පොලව ඉම්බ වගේ බිම බඩගාලා නැගිටගත්තා...

තෙරුවන් සරනයි.....පසනුත් හොද පුතා වගේ ඉගන ගන්න ඕන....තේරුනාද....පප්පා එක්ක ලොරියෙ යන්න කලින් ඉගන ගන්න ඕනා...එතකොට තමයි පප්පට සතුටු....අත්තම්මා කෑම පෙට්ටියට දාපු ඔක්කොම කන්න ඕනා තේරුනාද....ඉතුරු කරන් එන්නෙනෑ.....පසනත් ඔක්කොම කෑවම තමා පප්පා තාත්තා වගෙ ලස්සන වෙන්නෙ...හොදට ඉගන ගන්න...පසනගෙ තාත්තා ආදරෙයිනෙ පසනට...පසන හන්දා තමා තාත්තා ඔය මහන්සි වෙන්නෙ.....තේරුනාද....

සිරාවට??ඔහෙ කියන්නෙ අපෙ පප්පා තාත්තා මේ ඉස්කෝල කෙරුවාවට කැමතියි කියලද සුදූ ...??ඒ උනාට පසනට ඕනෙ පන්නෙට අත ගහන්ඩ ඒයි...ඔහෙ දන්නෙ නෑ ඒකෙ තියන මෙව්වා එක..... ...අවුලක් නෑ...ඔහෙ මගෙ ටිකිරියගෙ මව් යානාවනෙ....අපෙ කැත තාත්තගෙත් නෑයෙක්නෙ....සලකා බලන්නම් හරිය...ඔහෙට ජයවේවා ඈ...ඔහෙ ගාව සුවදයි සුදු....අපෙ පප්පා තාත්තා වගෙ සෙන්ට් ගානවද...

මං බලාගන හිනාව කාගන යටි තොල හපාගත්ත අම්මා අහක බලාගන්නවා.....මාලු වෙලෙන්දන්ගෙ සද්දෙයි.....අයිස් වාහනවල හෝන් කරච්චලෙයි එක්ක සුදු අයියලාගෙ ගෙවල් පැත්තෙන් අහස් වෙඩි දෙකතුනකුත් හූ .....තියාගන උඩ ගිහින් ඩෝන් ගාලා පුපුරනවා...

පසනයි කානුවයි කොලඹ කාක්කො දෙන්නා වගේ කටත් ඇරන් අහස දිහා බැලුවා.....

යකො සයුරියා නාවන්නෙ හෙටනෙ....අද ඉදන් ට්‍රෑල් බලනවද....??තනිකරම වෙසක් තොරනෙ වගේ ගෙදරත්....පාරෙ ඉදල සරසලා.....අපෙ මිනිහා පාන්දර ජාමෙ ඇබිත්‍තන් උම්මියක් දීලා කෙලවල්ලො ගන්ඩ කියල බෝට්ටු ගාවට දිව්වා.....

හෙට මාලු මන්ගල්ලයක් තියෙයි...

ටම....හැමිනිලා.....අපෙ සයුරියව එලියට අරන්ද?....කැත තාත්තෙ මේහ් ..

හ්ම්...

අපෙ අක්ක බතලිව එලියට අරන් වගේ...ඇයි...ය...කො...අපෙ...අත්තමගෙ..කට....කෙබ්බ දොඩනානෙ....යකො...පප්ප තාත්තත් නෑ...මේකිව දැන් එලියට ගත්තෙ ඇයි....ලොකු පප්පත් නෑ....ආන්..ආන්...වෙඩි පත්තු කරනෝ...

මං යනෝ අඩෙ ගෙදර....

නෑ...නෑ....අක්කව හෙට එලියට ගන්නෙ....කොහෙ යන්ඩද.....මෙහෙ එනවා ලමයො....අර කිරියලාගෙ වීල් එකත් එනවා.....කෝ ඔය ලමයා වදින් නැද්ද??

කාට.....ඇයි අඩො මං දැන් වැන්දෙ....තාත්තෙ ඔහෙට මොන්ගල්‍ය?සුදුවො මේ බලනො...මෙයැයිට අමතකෙ අපෙ අත්තම්මටත් ලගකදි ඉදන් අමතකෙ ...අපෙ තාත්තා නම් කිව්වා එයැයිට සල්ලි ඇරෙන්ඩ අනිත් ඔක්කොම අමතකයි කියලා....

අනෙ අම්මා පා...මුගෙ පුක පුපුරන්න දෙකක් ගහගන්න බැරි හැටියක්....මූ අපෙ අම්මා දිහාවට හැරි හැරි කියවගනම ඉන්නකොට සීරුවෙන් උන්න මං අරූ ලව්වා කොහොම හරි වන්දවගන්න අදිස්ටානෙන් තාත්තා කැරැක්ටර් එක එලියට දැම්ම විතරයි කිරියලාගෙ මිදිවැල් ප්ලාස්ටික් කෑලි.....පාට ලයිට් වැල්..කොටින්ම කතරගම දෙයියන්ගෙ වාහනෙ වගේ දිස්නෙ ගහන ආටා එකෙ හෝන් එක වැදුනා මාව උඩ ගියා.....

ටම.....!!

ඒ හ්....නිලමේ.......!!!

මෙ එනවා සුකුමල්ලයියෙ....සමනල් යන්න....ඒ එ...පසනා....පසනා.කොහෙද යන්නෙ....

ආටා එකට....අපෙ සුකුමලා ආවා....

යන්න කලින් වැදලා යන්නෙ නැද්ද.....??

කාට....

මට....

ඔහෙට .....ඔහෙට වදින්නෙ මොන බිබික්කමටැයි?මේන් මෙයැයිට පිස්සුද මන්දා...මක්කදයි ඔහෙ දොඩන්නෙ....

දොඩන් බිබික්කමක් නෙවෙ පසනා මං ඔහෙගෙ තාත්තා ඒක අමතක උනාද....ඉස්කෝලේ යන්නෙ දෙමව්පියන්ට වැදලා....ඒක දන්නෙ නැද්ද....

සුදු....ඔහෙ මක්කද දොඩන්නෙ දැන්...

සුදු.....මොන සුදු.....මේ පසන් මේ....තමුන් මගෙ පුතානෙ.....ඒ උනාට එයාට අත්තම්මා කියන්න වයස ඒ තරම් නෑනෙ....සුදු අම්මා කියනවා....සුදූ මොන සුදූ.....ඒක කියන්නෙ අපෙ අප්පච්චි විතරයි.....

සුදු අම්මා....????

ඔව්.....සුදු අම්මා ...දැන් ඔය කියවිල්ල නවත්තලා වදිනවා ලමයො.....ඉස්කෝලේ යන්නෙ කීයටද...

මන් බලාගන මගෙ දරුපැටියගෙ මූන දෙක වෙනවා....අරහෙන් සුකුමලා හෝන් එක උඩ ඉදගන වගේ එකම දිගට හෝන් එක ගහන් ඉන්නකොට දැලට අහු උන කටත් ඇදේ ගියපු පතා මැඩියා වගේ කටත් ඔහෙක් කරගත්ත පසනා අනිත් පාර කලපු කක්කුට්ටෙක් වගේ පැත්තට පැත්තට ඇවිදින් මට වදිනකොට තාත්තා කැරක්ටර් එක සහලවන් උන්න මන් ඒකගෙ ඔලුව අතගෑවා...

ඔහෙට ජයවේවා කැත තාත්තෙ.....

තෙරුවන් සරනයි ලමයො..හොදට ඉගනගන හොද මනුස්සයෙක් වෙන්න ඕනා තේරුනාද....

හුම්...හුම්...

කැතයො...පුතත් වදින්න ඕනද.....ඈ....ඔවු....පුතත් කැතයට වදින්න ඕනද.....?

නෑ....නෑ...මං පසනගෙ තාත්තා හින්දා පසනා මට වැන්දෙ.....

ම්ම්ම්....අම්මියෙ.....පුතාට ඈක්කා බරයිනෙ....බඩ සිදෙනානෙ අම්මියෙ...පුතාට ඈක්කා දාන්න ඕනනෙ...

සමනල් අම්මගෙන් ගුටි කන්න එපා.....බොරුවට නහයෙන් අඩන්න ගන්නවා.....බොරු නොකර ඉස්කෝලේ යන්න....කෝ අම්මගෙ රත්තරන්...අම්මියා ආදරෙයි පුතාට....

සමනල් යන්....යන්....පසනා බෑග් එක බරනම් අයියා ගන්නද.....කෝ ....

එපා පසනට ඇහැක්...ඔහෙට මගෙ බෑග්ගෙක බරයි...ඔහෙ අයියද මගෙ තාත්තද ..හරියට එකක් කියනෝකො...අයියා ගානවා...තාත්තා ගානවා මොනගල් වගේ අප්පා....

ගෙදරට තාත්තා.....ඉස්කෝලෙට අයියා.....ඕක මතක තියාගන්නවා....සමනල් පස්ස ගහන්නෙ යන් යන්...

ම්හුක්...කැතයො...

බොරු නොකර දුවපිය....ඔය බොරුව මං දන්නවා.....ඇක්ක බර..ගෙයින් එලි බහින හැමදාම ඈක්ක බර....

ටිකිරි කුමාරයා මොකො හුචු හුකුව...සුකු ඔහෙ ගාව සීයක් මාරු නෑ?

සීයක් තියේ නම් දෙනෝ මං දෙන්නම්....පසනා එනො මගෙ ගාවට....නැත්තන් නිලමෙටයි ටිකිරියටයි ඉඩ මදි....සුකු දෙනවකො පනේ....

සීයක්..මොන සීයක්ද...ඔහේ හැමදාම සීයක් මාරු නැද්ද අහ අහ දැන් සීයෙ ඒවා දාහක් විතර ගත්තා....ආ....පනෙ ඔඅනෙ ගගා මායම ඔහෙගෙ...අනෙ පනෙ තනෙ වැනෙ වගේ පනෙ පනෙ ගගා මොත්තෙ දදා ඇට දෙකේ ඉදම්ම ගන්නවා....

මන් හොර ගෑනුන්ට දෙන්ඩ ගන්නවද යකො.....තමුසෙ ගාව ඕනාවට වඩා සල්ලි තිබුනම අපෙ මහ එකා එක්ක අතුරුදහන් වෙනවනෙ....

සුකුමලා උදෙම්ම කන්න වගේ යන්නෙ.....

නාහෙන් අඩන සමනල්වත් අතින් අල්ලගත්ත මන් ඒකගෙ බෑග් එකත් දාගන වීල් එකට ආවා...එන මගදිම කිරියා පසනට අඩගහලා එකව කකුල් දෙක උඩ ඉන්දවගද්දි මං සමනල්ව කිරියගෙයි මගෙයි මැද ඉන්දවගත්තා....

ආටා එකට ගොඩ උනත් හරි කිට මරලා උන්න හෙඩ් පොපිට් ලියනගේ සුකුමලා එක්ක පවුල් ප්‍රශනයක් ඇදගන්නකොට මං උන්ගෙ රන්ඩු උන්ටම බේරගන්න දීලා ගේ දිහාවට එබිලා බලනකොට අනෙ අම්මා ගේට්ටුව ගාවටම ඇවිත් අපි දිහා බලාගන උන්නා....

අම්මෙ....පරිස්සමින් යන්න...අප්පච්චි ආවෙ නැත්තන් සීයත්තා එක්ක යන්න තනියෙන් යන්න එපා...

පියාජියො එන්ජිමෙ සද්දෙ නැවකට අන්ත වෙද්දි මං ඒ සද්දෙ මැදම ගේට්ටුවෙ එල්ලීගන උන්න මගෙ අම්මට කෑ ගැහුවා...අද අම්මගෙ ක්ලිනික් දවස කියන්න අම්මා වගේම මාත් මතක තියන් ඉන්නකොට අම්මා එක්ක කොච්චර එකට එක කියවන් ආවත් යන්න යන මොහොතෙ අපි දිහාව බලන් උන්න අම්මගෙ මූන දැකලා මට දුක හිතුනා...

අම්මා අත වනලා හිනා උනත් මට හිනා වෙන්න අමතක උනා....

මං අම්මට හුගක් ආදරෙයි අම්මෙ....!

යටි හිත අම්මට හුගක් ආදරෙයි කියනකොට එකාකාරෙට එහා මෙහා යන වාහන මැද සුකුමලා ඇස්ලේටරෙ තද කෙරුවා...

ආටා එකෙන් එකයි ඉදිආප්ප සුවද...මෙච්චර වෙලාම උන් උන්ගෙ දේවල් වලට ඇරගත්ත සුකුමල් නැව එක තත්පරයක් යන්න කලින් සමාදාන වෙනකොට පසනව කකුල උඩ ඉන්දන් උන්න කිරියා මන් බලාගන සුකුමලාගෙ ඵෝන් එක කොට කොට මොනවද බල බල තනියෙන් කුටු කුටූ ගානවා...

සුකූ....මේ.....

ඕ ....

ඇල්බටාගෙ ගෙදරින් දැන් පන්දහ පන්නලා ඉදිආප්ප කාලා තියෙනො හරිය...අද වෙනකන් එක රුපියලක් දීලා නෑ....නයට ඉදි ආප්ප කන්ඩ ඇයි ඌ අලිපුකෙන්ද..

හ්ම්..හ්ම්...දෙන්නම් කිව්වා...දෙන්නම් කිව්වා.....

දෙන්නම් කිව්වා දෙන්නම් කිව්වා නෙවෙ සුකු.....එක්කො තමුසෙ යනවා.....නැත්තන් මං යනවා.....හැබැයි සුකු මන් ගියොත් දන්නවනෙ.....මං ඔහෙට කියලා තියනවනෙ ඔය නයට දෙන ලබ්බ කරන්ඩ බෑය කියලා.....අරකිගෙ මුනට උලන විච්චුම්බර තොරොම්බල් වලට යටකරන සල්ලිවලින් නය ගෙවකො....ලෑල්ලෙන් සල්ලි එන්නෙ නැතුවද ...නැති කම නෙවෙනේ හොරකමනෙ....

හ්ම්...හ්ම්...මං යන්නම්....ඔහෙ ඔව්වා නොහිතා ඉස්කෝලෙ යමන් වදෙ...මේ වාහෙගෙ කටනෙ උදෙම්ම...

කටනෙ කියන්නෙ...පුක ඉරාගන ඉදිආප්ප මිරිකන්නෙ නයට ගිල්ලන්ඩද....හිටපන්කො මම ම යන්නම්...හැබැයි මං ගියොත් ඇල්බටාගෙ පවුලම බඩ කරලා ඇල්බටටාත් ඇරලා එන්නෙ.....මේ අනිකි..මේ....

ආය කව්ද....

බුරුසු මැකියගෙ ගෑනි .....මේකි හොද්දෙ ලුනු ඇබුල් ගැන කිය කිය යනවා.....මේකිත් නයටමයි කෙලින්නෙ....අනිකා බකට් ඇන්ටගෙ දෝනි...සුකු තමුසෙගෙ මේ හිත හොද කෙරුවාව නම් හරියන් නෑ ආ....හිතහොද ගෑනි හැමදාම බඩින් වගේ තමයි.....හැමදාම මේ ආටා කට්ටෙ ඉදිආප්ප අදින්ඩද...ආන් මහ එකා කඩකෑල්ල බලලා...මන් අද ගෙදර එන්න කලින් ඔහෙ මෙව්වා එකතු කරන් එනවා හරිය....ආය කියන් නෑ....මේ වාහෙ ටත් කවුරු හරි අනෙ සුකමලා ගාලා ඇද්දම කිරි එරෙනවා....

ඇයි හුගක් නයද කිරියො.....

මේක කරන්ඩ බෑනෙ නිලමෙ....දැන් වතාවක් ස්කීපර් අයියත් මේ වාහෙට කිව්වා....බිස්නස් එකක් කරනකොට හිත හොද කම ඕවර් ගියහම හැමදාම එකම තැන.....මෙයැයි නහින හැට් මන් නෙ දන්නෙ...පොල් ගාගන පිට් අනාගන....ලිපගාව කර වෙන හැටි මන්නෙ දන්නෙ.....පාන්දර ජාමෙ නැගිටින නැගිටිල්ලනෙ.....මේ එනගමනුත් මේ දිගටම දාගන ආවෙ...නින්දක් නෑ.....ඇයි අඩෙ රෑ එලිවෙනකම්ම ලියනගෙ නාඩගන් නැටුවා...මෙයැයි එලිවෙනකන් ඒවත් අස්කෙරුවා...

මේ වාහෙට සැනසීමක් නෑනෙ...

මන් සුකුමලාට බනින කිරියා දිහා බලගන උන්නා..මෙච්චර වෙලාම සුකුමලා එක්ක ඇරගත්ත කිරියා අනිත් පාර කියවන්න ගත්ත ඒවා එක්ක මගෙ බඩ පපුව අවුලවන්න ගත්තා...

වචන පනහක් කතා කෙරුවත් බාගෙට බාගයක් කුනුහර්පයි කා ගත්තා උනත් කිරියා කියන්නෙ සුකුමලාගෙන් ගැලවිලා වැටෙන ඇහිපිහාට්ටට පවා ආදරෙ කරන මනුස්සයෙක් කියන්න මට අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැති වෙද්දි කොච්චර සමාව ඉල්ලන් දහ වතාවට වඩා ආදරෙයි කිව්වත් මට මන් ගැනම ලැජ්ජාවක් වගේම තරහවක් දැනෙන්න ගත්තා...

මම මටම අවංක වෙනවා නම්.....හේතුව මොකක් උඩ උනත් ..එයාට කරදරයක් නොවෙන්න එයාව එපා කිව්වා උනත් මගෙ හිතෙ එක කොනක එයා ආවෙ නෑ කියන හැගීම මේ තත්පරෙ ඇතුලෙත් මගෙ හිත අස්සෙ සක්මන් කර කර කාටත් හොරාවට මගෙ සුදු අයියට දෝශාරෝපනෙ කරද්දි කිරියගෙ වචන එක්ක මට මැරෙන්න තරම් ලැජ්ජාවක් දැනුනා....

මට මන් ගැනම මහ පුදුමාකාර තරහවක් වගේම ලැජ්ජාවක් දැනුනා.....

මගෙ අප්පච්චි මාව උඹ යන හැමතැනටම අරන් ගිහින් උඹ නැහෙන හැටි පෙන්නුවා....උඹගෙ නින්දෙ සාදාරන අසාදාරන කම පෙන්නුවා....

මට සමාවෙයන් මගෙ රත්තරන් සමුද්‍ර....සාගරයක් තරම් ආදරයක් දෙන උඹ එක්ක මන් රහසිනුත් තරහ බැන්දා....

ඒ අතින් කිරියා කියන්නෙ සුකුමලාට අම්බරයක්....

තනි තනියෙන් රජවෙනවට වඩා කිරියට ඕන ඌ රජ වෙනදාක සුකුමලාවත් රජ කරන්න...

මන් දවසක උඹවත් දිනවලමයි නවතින්නෙ මගෙ සමුද්‍ර....

නිලමෙ ඔහෙගෙ බෑග් එකෙ නීති විරෝදි මොකුත් නෑනෙ.....අද බෑග් චෙක් කරනවා...සුකු මෙන්න මේ මුද්ද අරන් යනවා මාව චෙක් කරන්න කවුරුත් නෑ කිව්වට හිටපු ගමන් පිනා මාව බලනවා....

හ්ම්....

මෙතනින් එහා ගෙවුන හැම තත්පරයක්ම කැප උනේ සුකුමලාට වගේම කිරියට.....පසනට වගේම සමනල්ට....මගෙ මුලු කල්පනාවම තිබුනෙ මගෙ සමුද්‍රගෙ ගාව....කසිංජි සුවද එක්ක එන හීන් ලුනු රහ මගෙ දෙතොලම වහගද්දි මට ඒ ලුනු රස අංශුවක් අංශුවක් ගානෙම මට එයාව තව තව මතක් කරනකොට මට මගෙ ඇස් තෙත්වෙලා යන එක ඕනාවටත් දැනෙනකොට මට මගෙ කදුලු හන්ගගන්න ඕන උනා...

මට කාටත් හොරාවට අඩන්න ඕන උනා.....

කොටින්ම කිරියා දහවතාවක් නිලමෙ නිලමෙ ගෑවත් මම කරපු එකම දේ නම් ඌ දිහාවත් නොබලා යන්තමට ඔලුව වනපු එක විතරක්ම වෙනකොට මාලු ලෑලිවලට අරක් ගත්ත එවුන් ඇස් පියාගන මාලු කපනව දකිනකොට මට එයාව මතක් උනා....

නිල් අහස දිහාව බලනකොටත් මට එයාව මතක් උනා.....

මහ මුහුද දකින වාරයක් පාසම මට එයාව මතක් උනා....

කොටින්ම මට ඉහල පහල වැටෙන හුස්මක් පාසම එයාව මතක් උනා.....

සුකුමල්.....

නිලමෙ....වට් කේස් බොසා...

මට ඵෝන් එක චුට්ටක් දෙනවද ...

මං එක ප්‍රශ්නයයි ඇහුවෙ ...ආය ගන්නෙ කාටද කිනද මන්ද මොකුත්ම නාහපු සුකුමල් එයාගෙ ඵෝන් එක මගෙ දිහාවත් නොබලම මගෙ දිහාවට දික් කරනකොට මං බලාගන ඒ ස්ක්‍රින් එක පුරාවටම කිරියගෙ හිනාව බේරෙන පින්තූරයක් තිබුනා...

ස්කීපර් අයියා....

හිතේ මතකෙන් සට සට ගාලා ඩයල් කරපු නම්බර් එක ස්ක්‍රින් එකෙ වැටුනෙ ස්කීපර් අයියා නමින් සේව් වෙලා වෙද්දි මං කෝල් එකක් ගන්න ගමන් ඵෝන් එක කනේ තියාගත්තා .. ...

රින්ග් වෙනවා....

ඉස්කෝල ගේට්ටුව ළඟ ලගම පේනවා...

අනෙ එකම එකවතාවක් උඹගෙ කටහඩ අහලා යන්න තිබුනා නම් මගෙ අයියෙ.....ආය උඹව දකිනකන් මේ වචන ටිකම ඇති සමුද්‍ර...

තනි රතු ටයි එක ගැටගහන් සුදෝ සුදු ගවුමින් හැඩ උන බාලිකාවියො උන් උන්ගෙ ලෝකවල ඉදන් හිනා වෙවි උන් උන්ගෙ කතා එක්කම ගේට්ටුවෙන් ඇතුලට යනවා..බයිසිකල් වලින් එන ළමයි වෙනම ගේට්ටුවකින් ඇතුලට යනකොට මං බලාගන ගේට්ටුව ගාව උන්න ඩිපියුටියා කොල්ලෙක් අල්ලන් ඒකගෙ කලිසමෙ ෆෝල්ඩරෙ මනිනවා....

ගේට්ටුව ලන් ලන් වෙනවත් එක්කම මගෙ පපුව ලබ් ඩබ් ගගා ගැහෙන වේගෙත් වැඩි උනා.....අනෙ අවසානම තත්පරේදී පාටත් පුච්චන් පෙති මැලවුන හද එලියට විකසිතවෙන ප්‍රේමාන්විත මලක් කසිංජි වතුරෙන් පන ගැහුවා...

"සුකුමලා කියපන් කොල්ලා"

හෙලෝවත් නොකියම එයා කතා කෙරුවෙ සුකුමල්ට.....සාධාරනයි....නම්බරෙ සුකුමල්ගෙ වෙද්දි එයා කතා කරන්නෙ සුකුමල්ට නේන්නම්.....

..සුදු අයියෙ ..

තත්පරයක් විතර ගොලු වෙලා උන්න මන් සුදු අයියෙ කියලා එයාට කතා කෙරුවා...

අම්බරෙ.....සීදේවි....

ආදර නම් දෙකයි....ආදරෙ ඉහවහම යන තැන ඒ කටහඩ ඕනාවටත් වඩා දෘඩ වෙන හැටි මං අනන්තවත් අත්විදලා තියනවා...මේ තත්පරෙත් එහෙමයි...අම්බරේ සීදේවි කියපු එයාටත් කතා කරගන්න හිතාගන්න බැරිව යනකොට මං කිසිම දෙයක් නොහිතම බර හුස්මක් අරගත්තා.....මන් හිතන්නෙ මගෙන් පිටවුන බරම හුස්ම වැටුනෙ අද වෙන්න ඇති .....

Love you indheevar!මං හුගක් ආදරෙයි ඉන්ධීවර්...මට උඹ ගාව නවතින්න ඕන ඔය හුස්මට තුරුල් වෙලා .....පරිස්සමින් ඉන්න...වචන කරන්න බැරි තරමට ආදර කන්දක් මගෙ ළඟ තියාගන මං අකුරු දෙකතුනක් ගලපගත්තා උඹ වෙනුවෙන්....උඹගෙ හුස්ම පවා මට පුදුමාකාර සුවදයි.....ආදර සුවදයි ඉන්ධීවර්...පරිස්සමින්...දෙවොල් දෙවි පිහිටයි ...!

*

*

.*

සමනල් පසන් අයියා එක්ක පන්තියට යන්න...පසන් සමනල් ව එක්ක යනවද...?ඉනටවල් එකට අයියා එන්නම්..අයියා එනකන් කොහෙවත් යන්න එපා චූටි තේරුනාද...

හුම්....චුට්ටක්...

චුට්ටක් කියන්නෙ මොනවද....අයියා එනකන් කොහෙවත් යන්න එපා..මතකනෙ එදා...පසන් එක්ක යන්න

ටිකිරි එනෝ...තාත්තෙ ඔහෙ ඉන්ටොල් එකට මොනා හරි අරන් දෙනෝද.....?පප්පා තාත්තා පසනට සල්ලි දුන්නා...ඔහෙත් තාත්තනෙ.....ඔහෙත් කීයක් හරි දෙනෝද තාත්තෙ. .....ඈ...ඔහෙත් පසනට දෙනෝද තා...භ්භ්....භ්භ්....භ්භ්....

ඒ...ඒහ්....ඉව්...ඉවි....ඉවූ....හ්හ්...පසනා...මං කිව්වනෙ තාත්තා කම් ගෙදරට විතරයි මෝඩයො.....මෙහෙ කොහෙද තාත්තලා....අයියා කියපන් මෝඩයො...කාටහරි ඇහුනද දන්නෙත් නෑ....ඇත්තමයි ලමයො මං උඹට ගහනවා ආ...

...මං හිතන්නෙ මං මගෙ සමුද්‍රගෙ හුස්ම නැවැත්තුවා....නොහිතපු වෙලාවක කෝල් එකක් අරගන ආදරෙයි කියපු මං එයාගෙන් උත්තරයක් වත් එනකන් නොයිද කෝල් එක කට් කරල සමනල්වත් අතින් අල්ලන් බැස්සා....

මේ ජීවිතේ තිබුන රහම ආදර තත්පර ගාන ඒකද කොහෙද....!!!

මගෙ තුන් හිතම ආයම ආදරෙන් පිරුනා.....ආටා එකෙන් බැහැපු කිරියා ගේට් එක ගාවට දිව්වෙ තනිකරම හිට්ලර්ට අන්ත විදිහට වෙනකොට පසනට කියලා දුන්න හැම එකම අමතක කරන් ගේට්ටුව ගාවදිම මට මහ සද්දෙටම තාත්තෙ කිව්ව විතරයි මං ඒකගෙ කට මිරිකුවා...

ඌව්හ්...කටත් එක්ක කැඩුනද මන්දා .පසනට අමතක උනානෙ....ඔහෙ ඉන්ටෝල් එකට මොනා හරි අරන් දෙනො හරිද.....

හා බන්...හා.....

දාහක් ජාති ඉල්ලපු පසනා අවසානෙදි කානුවගෙ අතතින් අල්ලන් උන්ගෙ ප්‍රාතමිකෙට යනකොට කිරියගෙත් බෑග් එක එල්ලන් මන් එන්න ආවා....මං අහගන කිරියට දඹානෙ හූරෙක් වැහිලා වගේ එන එන එකාට දෙස් තියනවා...

අමොර්...අමොර්.....හිම්චි පිනානෙ...

...ඒ ඒ..මේ...මල්ලි උඹ විජේකුමාරතුංගද නැත්තන් ගාමිනි පෝන්සේකද කියකො.....?

ඇ...ඇයි අයියෙ.....

ඇයි අහන්නෙ...බලපන් උඹගෙ කලිසම....මොකො බොසා ඩිස්කො නටන්නද ආවෙ...උඩ ඔක්කොම හීනියි යට මලක් වගේ ලොකු වෙලා...යකො මුන් එක එක ජාතියෙ කලිසන් ඇදන් එනවනෙ.....අර එකෙක්ගෙ කකුල් දෙක බීඩි බට දෙකක් වගේ...තව එකෙක්ගෙ කොඩෙ ඉත්තැක්කුරු වෙලා....මූ එන එමට ඉත්තෑ ගුලකට රින්ගලා....නටන්ඩ ලෑස්ති වෙන්ඩ එපා හරිය.....

ආ...නංගී...මොකො නලල දෙපැත්තෙන් වෝටර්ෆෝල් දෙකක් කඩන් වැටෙනවද....???සමනල කන්දෙන් මහවැලිය ගලනවා වගේ මොකො නලල දෙපැත්තෙන් රැලි හැලෙන්නෙ....???

නෑ....අයියෙ.....මේක...මේ...කොට කෑලි...

ඒක තමයි කොට කෑලි.....ක්‍රේල් කටු නැත්තන් මාලු කට්ටක් හරි අටවගනින් නංගි ....යකො ඉස්කෝලෙට එන්නෙ ත්‍රිකලගෙ ක්ලාස් යනව වගේනෙ...ඕකට මොක හරි කට්ටක් ගහගන්නවා...කීය වසරද....

..අට බී....

අට බී නම් හරි...ඒක තනිකරම විලාසිතා මඩුවක්.....උඹලා තමයි අඩුවයසින් ලෝකෙ ජයගන්ඩ ටික්ටොක් නටන්නෙ.....ඔය විලාසිතා නම් බෑ ආ....පවනි....පවනි....ඔය දහය සී එකෙ හිටපු මොනිටර් නංගි.....

කල්ප අයියෙ.....

මොකො බබා ඉන තියෙන්නෙ දනිහෙද...?ගවුම බඩවැල වගෙ.....ඔහොම්ම අතනට යන්න ආ...මේක තුන්වෙනි දවසනෙ...ඔහෙලා බෑන්ඩ්වල ඉන්නවා කියලා.....ඩාන්සින් කරනවා කියලා වෙන හැන්දෙන් බෙදන්න බෑනෙ හරිය...හැන්ද නන්...හැන්දමයි....ඔහොම්ම හැරෙමු දෝනි.....එක්කො ගෙදර යන්න පුලුවන් ....නැත්තන් ඉස්කෝලෙදිම ඉන ලිහලා ආයම අතෙ මහන්ඩ පුලුවන් ....

කිරියා නෙවෙ මූ නන් තනිකරම කැරියා...අර හෙඩාට ඉන්න අක්කටත් වඩා.මූ කෙල්ලන්ට බනිනවා..ඒ උනාට හෙඩා එන්නෙත් මග දිගට ඇගෙ එල්ලන් ඉන්න බෙරලියන්තු ගලව ගලව....

පරල වෙච්ච දඹානෙ පොඩි ආරච්චිල දිහා බලන් උන්න මං උගෙ බෑග් එකත් දාගන අරලිය ගස් පේලිය යටින් පන්තියට එන්න ආවා...

හතයි පහලවයි...තව චුට්ටෙන් බෙල් කරනවා.....

මිදුල් අතුගාන උන් තවම මිදුල් අතුගානව...පන්ති අතුගාන එවුන් ගෙන් සමහරෙක් තවම පන්තිඅතුගානවා..... උදේ කියලා ගානක් නැතුව පොඩි පන්තිවල උන් බෙරිහන් දිහගන දුවනවා....ප්‍රැක්ටිස් ආව සමහරෙක් යුනිෆෝම් උස්සන් බාතෲම් පැත්තට දුවනවා...මේ ඔක්කොම බලාගන මං අර අරලිය ගස් පේලියට යටින් ඇවිදන් එනගමන් අතුගාලා තිබුන මිදුලට වැටිලා තිබ්බ අරලිය මලක් ඇහිදගත්තා. 

.

සුවදයි ...දහවතාවක් ඉම්බොත් ඒ දහවතාවෙදිම සුවද නාහෙට නොදැනෙන වතාවක් දෙවතාවක් ඇතුලෙදි සුවද දෙන අරලිය මලෙ සුවදින් මගෙ හිතම නිවිලා යනකොට අනෙ මට මගෙ සුදු අයියගෙන් එන සුවද මතක් උනා...

අරලිය මලේ සුවදටත් වඩා මාව උඹගෙ සුවදින් නිවෙනවා සමුද්‍ර.....

ආඩම්බරයි....බැලුවම නම්....

හොරහින් බලන්නෙ ඇයි එහෙනම්....

කම්මුල් සිඹින්න මගෙ හොද නම්....

ආලෙන් වෙලෙන්න ඇයි තහනම්...

ඔය රුව දුටු විට....හද කිති කැවෙනවා සත්තයි.....ඒ ගිහානි.....නිසල් අරකට උත්තරෙ ඇහුවා....

අමුතුවෙන් දෙන්න උත්තරයක් නෑ...ඒ කාවයියට මන් කැමති නෑ කියනවා...ආය ආය අහන් ආවොත් ඕකට මං කුඩෙ කැඩෙනකන් ගහනවා....

මම ඇහැව්වා...හොරෙන් හදවතින්.....

මම ඇත්‍තට ඔයාට ආදරේ දෝ....කියා.....

අහුලගත්ත අරලිය මල ආපිට වීසි නොකරම මලත් එක්කම පන්තියට ආව මං පඩිපෙලේ අවසානම පඩියත් නැගලා කොරිඩෝව දිගෙ මුලින්ම හම්බුන ක්ලාස් එක පහු කරන් ආවා විතරයි...

අතරින් පතර ඇහෙන සින්දු කෑලි...කොරිඩොවෙ එහා මෙහා යන කෙල්ලනට හුරුවම් බාන සද්ද එක්ක මං බලාගන අපෙ පන්තියෙ කොට බිත්තිය මැත්ස් එකෙ උන් කුලියට අරන් තියනවා...

මං හිතන්නෙ මෙච්චර වෙලාම අරලිය මල දිහා බලාගන සුදු අයියා ගැන කල්පනා කර කර ආව මගෙ කල්පනාවට හෙන ගැහුවා.....මගෙ මුන පුරාවට ඇදිලා තිබ්බ හිනාව හිතන්නත් කලින් මැරිලා ගියා 

මිනාල්.....එහා මෙහා යන කෙල්ලන්ට සින්දු කිය කිය හුරුවම් බබා කොලු කමට ආතල් එකක් ගන්නකොට මං බලාගන අපෙ පන්තියට ඇතුල් වෙන තැනම අත් දෙකත් සාක්කුවට ඔබාගන කොට බිත්තියට ජැක් එකක් ගහගන මිනාල් ඉන්නවා.....

ඒකා බබල් ගම් එකක් හපනවා.අනිත් උන් එහා මෙහා යන කෙල්ලන්ව කොලොප්පමට ගත්තා උනත් ඒකා නෙවෙ වචනයක් කියන්නෙ...ඒ තියා ඌ ළඟින් යන කෙල්ලෙක් දිහා බලන්නෙ.....කකා උන්න බබල් ගම් එකෙන් බෝලයක් පුම්බ පුම්බ සාක්කු දෙකට අත් දෙකත් දාගන උන්න මිනාල්ගගෙ කල්පනාව තිබ්බෙ එක පෙලට හිටවලා තිබ්බ පිහිඹියා ගස් යායෙනුත් එහාට වෙනකොට මාව දැකපු මිනාලයගෙ සගයෙක් ඒකගෙ ඉල ඇටේට වැලමිටෙන් අනින ගමන් මාව පෙන්නුව විතරයි ඒකා අර බෝල පිම්බිල්ල නවත්තලා මගෙ දිහා බලාගන උන්නා...

කොටින්ම දැන් මුලු නඩේම ඇස් තියෙන්නෙ ගල් ගිලපු එකා වගෙ මල අත් තියන් ඉන්න මගෙ දිහාවටත් මාව අමුවෙන් කටෙ දාගන්න වගෙ බලන් ඉන්න මිනාලයා දිහාවටත් වෙනකොට මේ වෙනකොටත් මිනාලයගෙ කපුටු නඩෙ උන් මගෙන් අවසරයක් නැතුවම මාව උගෙ කෑල්ල විදිහට ලේබල් කරලා තිබුනා වගේම

අර සින්දු කියකිය උන්න වන්දිබට්ටයා මගෙ දිහාවත් මගෙ අතෙ තිබුන මල දිහාවත් බලලා දෙවනිරාජසින්හ වගෙ උන්න මිනාලයටත් ඇහැක් ගහන ගමන් උගෙ හාලි කට ඇරියා....

..සුදු අරලියා...මල.....පිපුනෙ....ඇයි...

තනිව.....

ලින්ගික....ඇසුරකට....මට දැන් අවසරද.....???

මුලු කොරිඩෝ එකෙන් එකයි හිනාව.....අරලියා මල තවමත් අතෙ තියන් උන්න මගෙ මුන විතරක් හැගීම් දැනීම් විරහිත පත්තරපිටුවකට සමානව සුදුමැලි වෙලා ගියා.....

මිනාලයගෙ නඩේම ඇස් තිබුනෙ මගෙ ගාව.... අනිත් උන් කොච්චර හිනා උනා උනත් මිනාල්ගෙ මූනෙ විතරක් හිනාව කියන දේ අංශුමාත්‍රයක් වත් නැති උනා ....ඒ ඇස් ඇහිපිල්ලමක් වත් නොගහම මගෙ දිහාව බලන් උන්නා...ඒත් ඒකා නෙවෙ වචනයක් කතා කෙරුවෙ.....ඒ වෙනුවට කරපු එකම දේ නම් ආයමත් සින්දුවක් කියන්න හදපු එකා දිහාවට හැරිලා එක රැවිල්ලකින් උගෙ කට වහල දාපු එක වෙද්දි තවත් කොරිඩෝව මැද නොයිදම මං පන්තියට එන්න ආවා ...අවසානම තත්පරේදි දොරකොඩ උන්න මිනාල් මාව අතින් අල්ලගත්තා.....

කා එක්කද ආවෙ.....

ඇයි අහන්නෙ....

මට දැනගන්න ඕන....

මං ආවෙ කා එක්කද....කොහොමද කියන්න ඔයාට වැඩක් නෑ මිනාල්.....

වැඩක් තියනවා...මං තමුසෙ එනකන් බලාගන උන්නා....

මං ඉන්න කිව්වෙ නෑ...

වන් තර්ට් වෙනකොට මාම් එනවා....ලෑස්ති වෙලා ඉන්නවා ලන්ච් අවුට් එකක් යන්න...මාම්ට තමුසෙව බලන්න ඕනා කිව්වා....." ලස්සනයි.....තමුසෙයි මලයි දෙකම"

මට යකා ආරූඩ වෙන්න ආවා....මිනාලයා එක්ක ආව උගෙ නඩෙ උන් හරියටම අපි දිහා බලන් උන්නෙ සිනමැක්ස් එකට ආව විජෙ තලපතාගෙයි දනුශ්ගෙයි ෆිල්ම් එකක් බලන්නා වගේ වෙනකොට මොඅ තරන් තරහවක් හිතට ආවත් මං මිනාල්ට විතරක් ඇහෙන්න කතා කෙරුවා වගේම ඌත් ඉස්කෝලෙ ඇතුලෙ ඌට තියන ඉමේජ් එක ඩැමේජ් කරගන්න ඉඩක් නොතියම මට විතරක් ඇහෙන්න කතා කරන ගමන් උගෙ හයිය පෙන්නනද කොහෙද මගෙ අතේ තිබුන අරලිය මල අරගන ඒකෙ සුවද බලලා ඒ මලම මගෙ කනේ රදවන ගමන් ලස්සනයි කිව්වා....

මං මගෙ අතෙ ඇගිලි දහයම කිටි කිටියට මිරිකගත්තා...එකහමාරවෙනකොට ඒකගෙ අම්මා එනවලු ...සිරිනි රඹුක්වැල්ල.....සිරිනි එක්ක ලන්ච් අවුට් යන්න....මොන මගුලට.....මගෙ මොනවා බලන්නද...මිනාල් උඹ හදන්නෙ මාව බය කරවන් මාව උඹගෙ පැත්තට නම්මගන්න නම්.....සිරිනි නෙවෙ...සුන්දර සිරිබරිනි ආවත් මෙ මොනර පැටියා උඹට අහුවෙන් නෑ.....මං ඇවිදින් හැන්දෙක්ට වහවැටුන වලව් ලබ්බක්!

විකාරද...ඔලුව කොහෙ හරි වැදුනද....???මිනාල් මං තමුන්ට කියන්න පුලුවන් සරලවම කිව්වා....මේක ඉවරයි...මේක ඉවරයි...අපි අතරෙ සම්බන්දයක් නෑ කියන මං කිව්වා මිනාල්....මේක ඉස්කෝලෙ.....තමුන් හදන්නෙ තමුන්වත් ලැජ්ජා කරවන් මාවත් ලැජ්ජා කරවන්න...තමුසෙගෙ අම්මා නෙවෙ තමුසෙගෙ අප්පයි මුලු ප්‍රාදේශිය සභාවම ආවත් මං එන්නෙ නෑ....නිකන් වෙන්නෙ නැති දේවල් ගැන හින මවන්න එපා මිනාල්...වද දෙන එක සීමාවක් තියනවා...

ඉතින් තමුසෙටනෙ සැප ගන්න පින නැත්තෙ.....බබා මේ අහනවා...මං තමුසෙට කියන්නෙ මෙච්චරයි...තමුසෙ කොච්චර මේක නවත්තමු කිව්වත් මං මේක නවත්තන්නෙ නෑ...තමුසෙ අර හැන්නදිගේ කාරයා එක්ක දීග ගිහින් පවුල් කෑවත් මං තමුසෙව උස්සනවා...තමුසෙදිහා බලාගන ඉදල ඉදලා...දවසක අනිවාර්යයෙන්ම මං තමුසෙව ලබාගන්නවමයි අමාකර.....මතක තියාගන්නවා.....එහෙම බැරි උනොත් මං උඹව මරනවා....ඉතුරු කරන්නෙ නෑ....මට නොලැබුන දෙයක් අරූ වැලදගන්නවා බලන්න තරම් මගෙ හිත මෙලෙක් නෑ අමාකර....මං ඌව මරන් නෑ....

ඌව ඉතුරුකරලා උඹව මරනවා...එතකොට මට පුලුවන් තමුසෙ නැතුව ඌ මැරි මැරි ජීවත් වෙන හැටි ආතල් එකෙ බලන් ඉන්න...

තමුසෙට පිස්සු මිනාල්....තමුසෙට සයිකො...අයිසෙ තමුසෙ ලෙඩෙක් ඕයි....

බැරිම තැන මන් මගෙ මග අහුරගන උන්න මිනාලයව තල්ලු කරලා ඇරියා....ඒත් ඌ නෙවෙ පස්සට ගියෙ....ඌ නෙවෙ මගෙ තල්ලුවෙන් තරහවක් ගත්තෙ....

ඒ වෙනුවට කරපු එකම දේ නන් ලාවට වගේ හිනා වෙලා ආයම මගෙ ගාවට ආව එක විතරක් වෙනකොට මුලු ක්ලාස් එකක් බලාගන ඉන්නකොට මිනාලයා මට උගෙ හයියෙ තරම පෙන්නන ගත්තා

ඒකා කියවනවා....

යෙස්.....මට සයිකො....ඒ තමුසෙ හන්දා.....කොටින්ම මම ඇස් වැහුවත් මං දකින්නෙ තමුසෙව....ඇස් ඇරියත් දකින්නෙ තමුසෙව....ඉතින් තමුසෙ කිව්වා වගේම මට සයිකො.....!

ස්වීට් බට් සයිකො වගේ සීන් එකක්...

මිනාල්....නිකන් වාතයක් නොවී යනවා ඕයි...තමුසෙට ඕන මෙතන ටිකට් නැතුව ෆ්‍රී ශෝ එකක් පෙන්නනද.....???අහකට යනවා ඕයි....බෙල් එකත් ගැහුවා....

.......හරි...තමුසෙට බුදුන් වදින්න ඔය තරන් හදිස්සිද....මා එක්ක වදිනවා ඉතින්.....

වැඩක් නැති උනා...මං කියන වචන තනිකරම ගගට කපපු ඉනි හා සමාන වෙද්දි මුලු පන්තියම බලන් ඉන්නකොට මිනාලයත් ඉදිකට්ට පස්සෙන් ඇදෙන නූල වගේ මගෙ පස්සෙම්ම ඇවිදින් මගෙ මේසෙ ගාවින් හිටගත්තා....

මෙච්චර වෙලාම කෑකෝ සද්දෙන් පිරුන මුලු ඉස්කෝලෙම මීයට පිම්බා වගේ උනා.....අතුගාන දවසෙ වත් වේලාසන නාපු එවුන් අන්තිම විනාඩියෙදි අතුගාපු අතුගෑම්වලට උන්ගෙ කොසු ඉදල්වලට රයිගම් සම්මාන දීලත් මදි වෙද්දි මං බලාගන සියඹලා ගහ යට උන්න පොඩි කෙල්ලො ටික එකතු කරගත්ත කුනු බකට් උස්සගන දිව්වා....

අපරාදෙ එවුන් පනකඩාගන අතුගෑවෙ අතුගාපු මිදුල පුරාවටම ආයමත් කොල ඉහිරිලා ගියා.....

මං හිතන්න ඒ සිද්දිය දැක්කයින් පස්සෙ මගෙ හිත තවත් කලකිරුනා...

මං කරගත්තෙත් ඔය වගේම දෙයක්.....කුනු බිදක් නැතිව හරි පිරිසිදුවට තිබුන මගෙ ජීවිතෙයි...මගෙ හිතෙ නිදහසයි මමම කිලිටි කරගත්තා....

අනෙ අප්පච්චි උඹලගෙ වචන සීයට දාහක් හරි අප්පච්චි ....

මං දැන් මොනතරම් කම්පා උනත් වැඩක් නෑ...මං දැන් මොන තරම් තනියෙන් මනස්තාපනෙ උනත් තේරුමක් නෑ ....වීසි කරපු ඊතලයක්...වීසි කරපු ගලක් ආපිට පස්සට ඇදල ගන්න බෑ වගේම මගෙ වචන....

ඇත්ත අප්පච්චි උඹගෙ කතාව සීයට දාහක් ඇත්ත...තනියෙන් වීරකන් කරන්න හිතෙන එක මේ වයසෙ වැරද්ද....

උඹගෙ වචනත් සීයට දාහක් හරි මගෙ සුදු අයියෙ....උඹව බේරන්න කියලා මං විහින් මාවම නහගන උඹව බේරන එක නෙවෙ උත්තරෙ...

එ තත්පර ගාන එ විනාඩි ගාන ඇතුලෙ උඹලා හැමෝම මගෙන් දහා වතාවක් ඇහුවා...හිතේ තිබුන වේදනාව එක්ක ආව මුරන්ඩු කමත්.....සමුද්‍රට තියන ආදරෙත් හන්දා මං කරලා තියෙන්නෙ දෙබර කූඩෙකට ගල් ගහපු එක....

මට ඉහ රදෙ වගේ.....මගෙ ඇතුලාන්තය තනිකරම යකාගෙ කම්මල වගෙ.....

මගෙ තුන් හිතම කම්පා වෙනවා...අර තරම් අම්මා අප්පච්චි අහලත් උඹ මේ ගන්න තීරනෙ හරිද අහලත් තනියෙන් තීරන ගන්න ගියපු මං කරගත්තෙ මට ආයම ලේසියකට හදන්න බැරි වැරද්දක් වෙද්දි මං බලාගන මෙච්චර වෙලාම මගෙ ඒකගෙ හුස්ම පවා මගෙ බෙල්ලට වදින තරමට ලන් වේගන මගෙ පස්සෙන් උන්න මිනාලයා අනිත් පාර මට සමාන්තරව හිටගත්තා.....

තමුසෙ හෙන චූටි ඕයි.....

........බලනවකො මගෙ උරහිස ගානට ඉන්නෙ...තමුසෙ අර හැන්න්දිගේ කාරයා ගාව නොදරුවෙක් වගෙ හුරතල් වෙනවා ඇතිනේ?????හහ්....මට ඉවසන්නම බැරි ඒක තමයි අමාකර....තමුසෙ ඌ දිහා ආදරෙන් බලන විදිහ තරම් මාව අමනුස්සයෙක් කරන දෙයක් නෑ.....මට තමුසෙගෙ ඇස් උගුල්ලන්න හිතෙනවා අමාකර...තමුසෙ ඌ දිහා බලන විදිහට ඇයි තමුසෙට මගෙ දිහා බලන්න බැරි කියනවා...තමුසෙගෙ මේ වැඩ හින්දමයි මාව සයිකො කාරයෙක් වෙන්නෙ

......

තමුසෙට හුරතල් වෙන්න ඕනා නම් එනවා මගෙ ගාවට....ඌට වඩා මට පුලුවන් තමුසෙව හුරතල් කරන්න.....තමුසෙ හොදට මතක තියාගන්නවා අමාකර මේ මිනාල්ට දෙයක් ඕනම කිව්වොත් මුලු ලෝකෙම ගිනිතියලා හරි මං එක ලබාගන්නවා.....

මං තමුසෙට එක චාන්ස් එකක් දෙන්නම් අර පිලිහිඩ්ඩට කියනව මෙතන ඉදන් ප්‍රේමවන්තයගෙ කැරක්ටර් එක කරන්නෙ නේ මිනාල් ඒක හන්දා පැත්තකට වෙලා වෙනදා වගේම ඔය මාලුවෙක් දෙන්නෙක් විකුනන් ඉන්න කියලා....

ඉවසලා ඉවසලා බැරිම තැන මන් පියාගන උන්න ඇස් දෙක ඇරියා....මිනලයගෙ වැඩේම බුදුන් වැද වැදත් දේවදත්ත වැඩකරන එක වෙන එක වෙද්දි මන් ඇස් ඇරියා...මං හිතන්නෙ මෙ වෙනකොටත් මගෙ ඇස් වල සියුම්ම ලේ නහර කදුලුත් එක්කම එකට ඉලිපිල්ලා තිබුනා...

වැදන් උන්න අත් වල ඇගිලි කිටි කිටියට මිරිකිලා ගියත් අනිත් උන්ටත් නිවනට යන මග අහුරන්න බැරි හන්දා අඩියක් පස්සට ගත්ත මං මුලු පන්තියම වැදගන ඉද්දි මිනාල්ව ඇදගන පන්තියෙන් එලියට ආවා...ඇවිදින් පඩිපෙල දිහාවට තල්ලු කෙරුවා....

මෙන්න වැන්දා....මෙන්න මං මගෙ අත් දෙක එකතුකරලම වැන්දා....

බුදුන් වැද වැදත් පව් පුරවගන්න එපා අයිසෙ ...තමුසෙ තනියෙන් අපාගත නොවී මටත් පව් පුරවනවා...මිනාල් තමුසෙ දන්නවද මන් මගෙ තුන් හිතින්ම කම්පා වෙනවා ඕයි එක මොහොතකට හරි අර රත්තරන් මනුස්සයව එපා කියලා තමුසෙ වගේ තෙතමනක් නැති එකෙක්ව තෝරගත්තට...

මං මටම සාප තියාගන්නවා ඕයි....තමුසෙ දකින දකින දේ තමුසෙට සින්නකරගත්තට හිතන්න එපා මාවත් තමුසෙට ලැබෙයි කියලා...අතක් තියල බලපන් මගෙ මනුස්සයට....මං තොපි ඔක්කොම මරලා හිනා වෙවී එල්ලුම්ගස් යනවා.....

උඹ හිතන් ඉන්නෙ මං පඹයෙක් කියලද....ආ???උඹ අල්ලන ලයින් ඔක්කොම ඉවසන් ඉන්නකොට උඹ හිතන්නෙ මං පොන්නයෙක් කියලද???මිනාල්....මේ අමාකර කියන මනුස්සයා බොහෝම අහිංසක...ඒ වගේම හුරතල් ආදරේ පිරුන හිටපු ගමන් වක්කඩක් වගේ කියවන් යන සරල මනුස්සයෙක්....හැබැයි ඒ මනුස්සයව මරලා දාලා හිට්ලර් කෙනෙක් මතු කරගන්න එපා මිනාල්.....

මේ තත්පරේ වෙනකනුත් මං සාමාන්‍ය මනුස්සයෙක්....වෙන උන් වගේම අර ෆස්ට් ලව් එක රහටම විදින මනුස්සයෙක් ...හැබැයි උඹ සැරින් සැරේම මගෙ පවුලෙ උන්ව ගාවන් මාවත් මගෙ හැගීමුත් බ්ලැක්මේල් කරන්න එපා ....එකපාරක් මගෙ සන්වේදි මනුස්සයව මරලා බලපන්.....

සෝලංගාරච්චිට තියා හැන්නදිගේට වත් ආය මෙල්ල කරන්න බැරිවෙයි.....අන්න ඒක දැනන් මට වද දියන්....උඹ අර කතාවක් අහලා තියනවනෙ.....දුශ්ටයො කවදාවත් බිහි උනෙ නෑ...දුශ්ඨයන්ව නිර්මානය කෙරුවා මිසක් කියලා...

උඹ එදා මගෙ මල්ලිවත් අල්ලගත්තා...හිතන්ඩ එපා මං ඔව්වා අමතක කරලා ඉන්නෙ කියලා...දැනගනින්....මරනවා....ආය රඹුක්වැල්ල කියලා උන් උන්නද හොයන්නවත් බැරි වෙන්න මං මරලා දානවා....

මගෙ එකෙක්ට හීරීමක් කරපන්.....

නොදැකපු අපාය මං උඹට නේ මිහිපිටම පෙන්නන කැමතියි මිනාල්...

මං හිතන්නෙ මගෙ හදවත ගැහෙන ගැහිල්ලට වම් පැත්තෙ මස ඉරාගන එලියට පනින්න හැදුවා...ඉවසන එකෙ උපරිමේට ඉවසන් උන්න මං මිනාලයව පඩිපෙල ගාවට ඇදන් ඇවිත් දත්මිටි කාපු කෑම් එක්ක මං බලාගන මිනාලයා වචනයක් නොකියම මගෙ දිහා ඇස් යට්න් බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ ගාවට ඇවිදින් ලැජ්ජාවක් නැතුවම මගෙ ඔලුව අතගෑවා....

මගෙ වෙනවා.....එතකොට ඔය කාටත් හීරිමක් වත් වෙන්නෙ නෑ....

බොහුකාපන් පකො....

කියනවට වඩා ඕක කරනකොට රසයි...තමුසෙට මං එ රහ ලගදිම විදල බලන්න දෙන්නම්...

උඹ මහ පිස්සු හුත්තෙක් බන්....

උඹ හින්දා...උඹට ඒක තේරුම් ගන්න බෑ...ඒක තේරුම් නොගන්න තාක් උඹට විදවන්න වෙයි අමාකර..ක්ලාස් එකට යනවා....මතක තියාගන්නවා එකහමාර වෙනකොට ගේට් එක ගාවට මාම් එනවා..

මං අහක බලාගත්තා...අහක බලාගත්තා කියන්නෙ හිතේ තිබුන තරහවටම මන් මගෙ අත මිටමොලවලම ඇගේම හයිය දාලා බිත්තියට ගැහුවා..මගෙ අතම හිරිවැටිගන ගියා...මගෙ තරහවවත් මගෙ හැගීම් වත් තුට්ටුවකට මායිම් නොකරම මිනාලයා යන්න යනකොට මං එහෙම්ම බිත්තිය දිගෙ රූටල ගිහින් බිම ඉදගත්තා.....

*

*

මං නැති එක විනාඩියට ඔහෙ මොන මගුලද කරගත්තෙ නිලමෙ...අතම ඉදිමිලා....බලකො දකුනු අතටම නෙ කෙලවන් තියෙන්නෙ ....ඇගිලිත් එක්ක තඩිස්සි වෙලා....පික් එකවත් අල්ලන්න පුලුවන්ද...?

මට අද එන්න බෑ කිරියා...මං ගිටාර් එක ගෙනාවෙත් නෑ...

ඔහෙ ගෙනාව නැති බව දැක්ක හන්දා තමයි මං මෙතනට එන්න කලින් ස්කීපර් අයියට කෝලක් ගහලා සුදු අක්කගෙන් බඩු ඉල්ලන් එන්න කිව්වෙ...ඉන්ටර්වල් එකෙන් පස්සෙනෙ....දහයාමාර වෙනකොට බඩු හම්බෙයි...

උඹ කියන්නෙ සුදු අයියට එන්න කිව්ව කියලද.....??

ඇයි උඹ දන්න තව ස්කීපර් අයියලා ඉන්නවද....ගොන් වාහෙ....බලකො මේ අත....එක්කො මාව අතෑරු මැත්ස් එකට ගිහින් අරුගෙ කන් ගැට්ට පලලා වර්ගඵලෙ හොයලා එන්ඩ....මේක නම් ස්කීපර් අයියා දැක්කොත් ඕකව කයි කොනක ඉදන්....නිලමෙ....ඔහෙ තවම අපෙ එකාගෙ හැටි දන්නෙ නෑ...ඔහෙ හිතන් ඉන්නෙ අපෙ එකා ඔහෙ ගාව ඉන්නවා වගෙ නිවුන හාවෙක් කියලයි...පිස්සු තමයි එහෙනම්....

කිරියා....ඒ..එව....ඒ.....කියන්න නම් එපා ...මේක ගානක් නෑ බන්...තව චුට්ටෙන් හරියයි...අවුලක් නෑ....ප්ලේකරන්න පුලුවන් ...

.........හැමනියන්....ලිමිට් එකකට.....ඇයි අඩෙ..බලකො...

පලවෙනි පීරියඩ් දෙකම අහවරයි...පුදුමාකාර ගේමක් දීලා කිරියගෙන් හන්ගන් උන්න අත අවසානෙදි ඒකගෙ අතටම අහුවෙනකොට මට විසුමක් නැති උනා....

කිරියා දත් මිටි කාගන සුද්ද සින්හලෙන්ම දෙහි කප කප ඉදිමුන මගෙ අත අතගහා සුදුඅයිය දැක්කොත් අරූව කයි කියනවා එක්කම මං මගෙ අත් අරගන ගානක් නෑ...අවුලක් නෑ කිය කිය අත පෙන්න් පෙන්න මේක සුදු අයියගෙ කනේ නන් තියන්න එපා කියනකොට කිරියා මගෙ ඔලුවටත් ඇනගනම පුටු පත්තට හේත්තු වේහන නිල් පෑන ඇගිලි අතර රදවගන කරකවන්න ගත්තා.... ඒ චුට්ටකින්ම පිටිපස්සෙම පේලියෙ එකෙක් අලුතෙන් ආව සින්දුවක් කියන්න ගත්තා විතරයි මාරයා නැගලා උන්න කිරියා කෑගැහුව....

මාගෙ....කුල්ලා...ගී.....ගුලිකන...දෑත...

අල්ලාවී....

අඩේ....මොකාද ඔය කනට රෙන්නා වගේ සින්දු කියන එකා ...නවත්තපිය ඕක...!මගුල් කියනවා...

එක සද්දයයි ....සින්දුවම මැකිලා ගියා...

එයා එනවලු.....අතම ඇදුම් කකා වේදනා දුන්නත් කිරියගෙ වචන දෙක තුන මගෙ හිතට පුදුමකාර සතුටක් සැනසීමක් ගේනකොට ඊලග පීරියඩ් එකට ආව මදුසංක සර්ට ආයුබොවන් කියලා ඉදගත්ත මන් කොට බිත්තියත් පන්නන් ඈතින් පේන අරලිය ගස් යාය දිහා බලාගන උන්නා....

හිතම එක තැන තියාගන ඉගන ගන්න හැදුවත් මට අද ඉගන ගන්න හිතක් නැත්තටම නැති උනා.....

ගිනිගත්ත කම්මලක් පපු කුහරෙ තියාගන උන්න මට මැරුම් කාගන දිනලා දුන්න නිදහස් අද්‍යාපනෙ හදාරන්න අද වරම් නැති උනා.....

...මට උඹව දකින්න ඕන තරම් උඹගෙ හිතවත් විස්වාස කරන එකක් නෑ සුදු අයියෙ ....

උඹ ගාව හැමවේලාවෙම හුරතල් වෙන...අහවරක් නැතුව ඔහේ කියවන මට උඹට හීරිමක් හරි උනෝතින් පෙරෙලෙන වෙස මොකක්ද කියන්න මං වත් දන්නෙ නැතිව යයි සමුද්‍ර...අම්මා අප්පච්චි මගෙ චූටි මල්ලි කියන්නෙ මගෙ හුස්ම ටික වගේමයි උඹ කියන්නෙම මගෙ ආත්මෙ සමුද්‍ර....

කමක් නෑ...ලින් කටට වැටුන මට ආපිට උඩ එන්න වෙන්නෙම ලින් කටින්මනෙ.....

අ..ආව්හ්...හ්හ්හ්

නොහිතපු වෙලාවක මට කෑ ගැස්සුනා...

අත් දෙකෙම්ම නලල අල්ලගත්ත මන් පියවිලෝකෙට ආවෙම චෝක් කෑල්ලක පාරෙ සැරෙන් වෙනකොට මන් බලාගන කලු ලෑල්ල ගාව උන්න මදුසංක සර් මගෙ දිහාව බලාගන ඉන්නවා....

...සුදු පුතා මොකො කේස් එක....?

ස්...සර්....

මොකො වෙන්නෙ ..ආ.....දෝනි ගැනද කල්පනාව....??ආ....දෝනි ගැනද හිතන්නෙ ...සුදු පුතා...මොකො මොකො....ආ....මෙහෙ මෙහෙ ...අනන්තයට යන පාර දිගේ ...ඇය එනවා ප්‍රාර්තනාවෙ වගෙ දෝනි ගැනද කල්පනාව....

නෑ සර්.....දෝනිගැන නෙවෙ.....

මට යන එනමන් නෑ...චෝක් කෑල්ල වැදුනා නම් කමක් නෑ.....එතනින් එහාට සර්කාරයා අල්ලගත්තෙ මගෙ බෙල්ල මුලින්ම වෙනකොට සුදු පුතා මොකො දෝනි ගැනද කල්පනාව අහනවත් එක්කම මං ඇඹරුනා...

කල්පනාවෙන් හිටපන් හරිය ...පාඩුවෙ වැඩෙ කරගන්ඩ ඕනා ආ.....උඹ පුක කඩාගන දෝනි ගැන කල්පනා කෙරුව කියලා ඕක බදින්ඩ වෙන්නෙත් නෑනෙ බන්.....ඒක හින්දා පාඩුවෙ වැඩේ කරගන්ඩ ඕනා හරි....

හරි සර්...

*

*

*

කිරියා....මේකට අපෙ සමනල්ටයි පසන්ටයි මොනවා හරි අරන් දියන්කො....සමහර විට සුදු අයියා ඇවිත් ඇති....

සල්ලි එපා...ඕක තියාගනි ..නිලමෙ ඔහෙට මොනාද....

මගෙ එක බෑග් එකේ...

එළ....ඉක්මනට වරෙන්...

සුසානයක් උන මගෙ පපුව පුරාවටම රෝසමල් පිපුනා...වෙච්ච් කෙරිච්ච දේවල් එක්ක හදවතම සුසානයක් වෙලා ගියත් මොකද මිනිමල් වෙනුවට ඒ සුසානෙ පුරාවටම රෝසමල් පූදින්න පටන් ගත්තා.....

දහයාමාරෙ කනිසම ලබනවත් එක්කම වැදුන බෙල් සද්දෙත් එක්ක තදියමෙන් උන්න මන් සර් පන්තියෙන් එලියට යනවත් එක්කම එලියට දිව්වා....

මුලු ඉස්කෝලෙම තනිකරම කඩි ගුලක් වගෙ...කෑකෝ සද්දෙ මැද...නානාප්‍රකාර සුවදවල් මැද මං අරලිය මල් යාය පහු කරගන ගේට්ටුව ගාවට දිව්වා.....ඒ වෙනකොටත් ගේට්ටුවෙ උන්න සිකියුරිටි අංකල් ගාව එයා හිටගන උන්නා....

අනෙ මගෙ පපුව ගැහෙනවා....හනහාකි නොහැදුනත් පපුව පුරාවටම පිපුන රෝස වල පේති මගෙ හුස්මත් එක්ක එලියට පනින්න හදනවා.....

මගෙ සුදු අයියා.....

මගෙ සමුද්‍ර...ප්‍රේමනීයම සප්ත සාගරෙ ...

මගෙ ප්‍රේම විමානෙ...!!

මං හිතන්නෙ වචන වලට කලියෙන් මගෙ ඇස් කතා කෙරුවා.....

වෙනදට අදින සරම ශර්ට් එක වෙනුවට ඩෙනිමකින් උන්න එයා වෙනදටත් වඩා කඩවසම් වෙනකොට මන් ස්වර්ගමන්ඩලේට චෝදනා කෙරුවා.....

වෙන මොකටවත් නෙවෙ.....මොකට මේ හැටි මගෙ වස්තුවව නිවිහැනහිල්ලෙ මැව්වද අහලා.....

දෙයියන්ට නොතේරුනාට මගෙ මනුස්සයට මගෙනුත් ඇස්වහ වදිනවා...

අයියෙ...

එකම පිම්මට දුවන් ආව මගෙ අවසානම නැවතුම උනෙ එයාගෙ ඉස්සරහා වෙනකොට මෙච්චර වෙලාම ඇහිබැම රැලි වට්ටන් උන්න එයා හිනා උනා.....අනෙ අර නිල්මහ සාගරේම හිනා උනා...

කෝ සුදු අයියෙ ලොරිය...මේක කාගද අනෙ.....ඈ ඒයි....මේකෙ ලස්සන අප්පා.....

සීදේවි කැමතිද ම්ම්ම්ම්....??

මේක ලස්සනයිනෙ අප්පා...සීදේවියා මනාපයිනෙ පප්පියෙ...සීදේවියා හුගාක් මනාපයිනෙ ඒයි .....මේක කාගෙද සුදු අයියෙ....

ගේට්ටුව ගාව නැවතුනාට මොකද හීන් සීරුවට එලියට පැනගත්ත මං උන්නෙ තනි කලු පාට ඩිෆෙන්ඩර් එකක් ඉස්සරහා....නිතර දෙවේලෙ ලොරියෙම මිසක් වෙන මොකකවත් යනවා නොදකින මං අර කලුපාට ඩිෆෙන්ඩර් එක දිහා හරිආසාවෙන් බල බල මේක කාගෙද අහනකොට එයා වෙනදා වගේම ලාවට හිනා වෙන ගමන් ඒ පිට අල්ලන් මගෙ නලලට උනාපු දාබින්දුවක් දෙකක් අහක් කෙරුවා.....

වෙනකාගෙද...ඔහෙගෙ සුදු අයියගෙ ම්සක්....

මේක ඔයාගෙද ....?

ම්න්....මගෙ.....

කොහෙද ගියෙ අයියෙ.....

වෝග් එකට ගියා සුදු චූටි.....අරකිව නාවල ගේනකොට මොනවත් නොදා බෑනෙ....

මොකක්ද ගත්තෙ...

මාලයක්.....මයෙ අම්බරේට බලන්ඩ ඕනද ම්ම්ම්ම්ම්ම්....?

.....හුම්...

මන් ඔලුව හෙලෙව්වා....කොහෙද ගියෙ අහනකොට ගියපු දිහාවයි කාරනාවයි කියන ගමන් අරන් ආව මාලෙ බලන්න ඕනද අහනවත් එක්කම උත්තරයක් වෙනුවට හීන් හූමිටියක් එක්ක මම ඔලුව වනනවත් එක්කම එයා ඉස්සරහා දොර ඇරලා වෝග් ජුවලර්ස් කියල ගහපු පුංචි බෑග් එකක් අරන් ඒකෙන් පෙට්ටියක් අතට අරන් ඇරලා පෙන්නුවා...

මගෙ දෙයියො....ඒක තනිකරම රත්තරන් කඹයක්....අඹරපු රත්තරන් කඹයක් එක්ක මාලෙටත් වඩා හපන් රත්තරන් නැංගුරමක හැඩෙ ගත්ත පෙන්ඩන්ඩ් එකක්.....

ලස්සනද සුදු චූටි මේක....?

ලස්සනයි ගොඩක්...ඒත් මේක දාපු ගමන් අරකිගෙ බෙල්ල කැඩෙයි අයියෙ ...මේකෙ ලොකු...

එයා හිනා වෙනවා.....මාලෙ තරම දැකලා ඇගිලි තුඩින් හීන් සීරුවට අතගානවත් එක්කම අරකිගෙ බෙල්ල කැඩෙයි කියනවත් එක්කම අනෙ එයාට ලස්සන හිනාවක් ගියා...

මෝඩ හුරතලෙ.....සීදේවි ..ඒකිට අප්පා නෑ...මයෙ අම්බරෙ ඔහෙ ඒක දන්නවනෙ....මොනව උනත් ඒකිගෙ අම්මට ඔය බර හිතේ තියනවනෙ....පසනට අප්පා උන මට ඒකි වැඩි නෑ කියන්න සීදේවි ඔහෙ දන්නවනෙ...

මං හිනා උනා...හිනා වෙන ගමන් අර පෙට්ටිය ඒයා අතින් තියලා එයා දිහා පුදුමාකාර ලෝබකමින් බලාගන පපුවටත් බර හුස්මක් පාතට දානවා එක්කම එයා තවත් පුංචි පෙට්ටියක් ගත්තා.....

ම්න් ...මේක මගෙ කොල්ලට

ම්...මට???

ම්න්...සීදේ....අතට මොකද උනෙ කියපන්???????

අ..ආහ්හ්..ආහ්...අයියෙ.....

අමාකර....මේ අත ඇයි කියපන්????.

මට පුලුවන් උනෙ මගෙ අත දික් කරන්න විතරයි ...මෙච්චර වෙලාම මගෙ දිහා හරි ආදරෙන් බලාගන උන්න ඒ මූනෙ තිබුන හිනාමල් වලට මැහිතෙල් ගැහුවා වගේ කරකුට්ටන් වෙලා ගියා.....එයාව දැක්කත් හරි හන්ග හන්ග උන්න අත මටත් සිහි කල්පනාවක් නැතුවම එලියට ඇවිදින් තියනකොට ඉදිමුන අතම මිරිකල අල්ලපු එයා මේ අතට මොකද කියලා අහපු සැරට මගෙ තොල කට පවා වේලිලා ගියා .....

සුදු චූටි...සීදේවි රටෙම නැති ආදර නම්වලින් හුරතල් කරපු එයාට ඒ හුරතල් කතා අමතක වෙලා යනවත් එක්කම මගෙ දිහා බැලුවෙ මාරාවේස වෙච්ච එකෙක් ගානට වෙද්දි මං බලාගන අර නිල් පාට ඇස් අස්සෙ සුනාමි තරංග ඇදෙනවා....

අමාකර.....උඹගෙන් මං ප්‍රශ්නයක් ඇහුවා...උඹ මට උත්තර දෙනවද ...නැත්තන් මං අනුමාන කරන් ගිහින් පෙති ගහලා එන්ඩද....ම්ම්ම්ම්...ඕල්‍ රෙඩි බඩු හෑව් හරි...

අ..අයියෙ ...අනෙ.....අයියෙ....හ්....එහෙම දෙයක් නෙවෙ අයියෙ...එහෙම දෙයක් නෙවෙ...

මාව සීතල වෙලා ගියා.....ඕල් රෙඩි බඩු හෑව් කියපු එයා අනිත් පැත්ත හැරෙනවත් එක්කම අත් දෙකෙන් අල්ලගත්ත මම ගොත ගගහා...ගොත ගගහා කටට එන බොරු වැලක්ම අතාරින්කොට එයා මගෙ දිහා බලාගන ඉදලා ඉදල අවසානෙදි දත්මිටි කාගන වගේ මගෙ අත අරගන හීන් සීරුවට අතගෑවා...

උඹ දැන් කියන්නෙ මේ අතට මල්පෝච්චියක් අතෑරුනා කියලද රත්තරන් ම්ම්ම්ම්ම්ම්???

.සත්තයි....අයියෙ...

දිවුර දිවුර බොරු කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා සුදු චූටි...පෙන්නන් ඉන්න දේවදූතයා නෙවෙ....නිදාගන ඉන්න සාතන් ඇහැරුනෝතින් හරි...

නෑ...අයියෙ....සත්තයි . .එතන කිරියත් උන්නා...උගෙන් අහන්න....ඌ උත්තරදෙයි....මල්පෝච්චිය අල්ලන් උන්න එකාගෙ අතින් මං ස්ටෑන්ඩ් එක තියලා අතගන්නත් කලින් ඒක.අතෑරුනා අයියෙ.... 

ම්න්......ම්න්....

එයා රවනවා...කොච්චර බොරු කිව්වත් දිවුර දිවුර බොරු කිව්වත් එයාග් මුනෙ තිබුනෙම මාව අවිස්වාස කරන හැගීමක් වෙනකොට අනෙ මට කරන්නම දෙයක් නැති තැන මං මගෙ නමින් දිවුරනවත් එක්කම මං බලාගන ඒ ඇස් ගැස්සෙනවා...

මං පල්ලයි සුදු අයියෙ...මං බොරුවක් නෙවෙ කියන්නෙ.....

උඹගෙ නමින් දිවුරන්න එපා අමාකර.....මං මීට වඩා තරහා ගන්නෙ නැ....හැබැයි උඹගෙ නමින් දිවුරන්න එපා...මට ඉන්නෙ උඹ විතරයි රත්තරන්...

මට දුක හිතුනා...එක තත්පරේට වෙස් පෙරලුන් එයාම අනිත් පාර ආයමත් අර ආදරෙ උතුරන මගෙ සුදු අයියම වෙනකොට දොරට මුවාවෙන ගමන් මං ඒ ගොරහැඩි අත මගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා...

මං...ආදරෙයි අයියෙ....

ආදරෙ දේව රූපෙ මං දකින්නෙම උඹගෙන් මගෙ අයියෙ....අනිත් මිනිස්සු ගැන මං දන්නෙ නෑ...ඒත් සමුද්‍ර මට අනුව මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා මමයි අයියෙ...

මං හුගාක් පින්කාරයි....මලවි මට විද්ද හීසැරෙ පුරාවටම තියෙන්නෙ පිටාර ගලන ආදරයක් විතරමයි අයියෙ.....

තමන්ගෙ අම්මා අප්පට පවා වෙනස් කම් කරන කාලෙක අප්පෙක් නොවීම අප්පෙක් වෙලා ඒ අඩුව පුරවනවා...එහෙම මිනිස්සු හරි අඩුයි අයියෙ... ..

මිනිස්සුන්ට මේ හැටි දන් දෙන්න බෑ...මිනිස්සුන්ට මේ හැටි වෙස්සන්තරලා වෙන්න බෑ...උඹගෙ මේ අත්වලට හරියන්නම ඕන සුදු අයියෙ....

උඹ දවසක මේ මුලු ලෝකම දිනන්න ඕන මගෙ සමුද්‍ර....වරදින්න නම් එපා කවදාවත්...

මගෙ ඇස් තෙත් උනා....ආදරෙ තරම කොයි විදිහට අකුරුකරන්න හැදුවත් වචන මදිවෙලා මගදි ඉකි ගැහෙන මට කරන්න පුලුවන් එකම දේ හිතට කතා කරගන්න බැරි වචන ඇස් ලව්වා කතා කරවන එක වෙනකොට මගෙ ඇස් වලින් වැටුන උනුසුම් කදුලු ඒ පිට අල්ල තෙත් කෙරුවා...

නාඩපන් ....සීදේවි...මේ සමුද්‍ර දැනටමත් ලෝකෙ දිනලා අහවරයි අමාකර....

අ...අයියෙ....

" ඔහේ නෙවෙද මගෙ මුලු ලෝකෙම සීදේවි???උඹ ඇවිදින් මට ඉල්ලමක් රත්තරන් ...නාඩපන්...මට ඔය කදුලුත් වටිනවා....ඉදල්ලා....මේක ගන්නකොට මට මයෙ නුවර ලබ්බ මතක් උනා.....

මොකක්ද අනෙ...

මං කදුලු අස්සෙම්ම හිනා උනා.....එයාගෙ මුලු ලෝකෙම මම කියන ගමන් ආයමත් අර පුංචි පෙට්ටිය මගෙ අතට දෙනවත් එක්කම මං ඒ පෙට්‍ටිය ඇරලා බැලුවා....අඩ අඩ උන්න මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා...මෙහෙක් උනා....

අනෙ ..අයියෙ ....මොනරෙක්...!!! ඔයා සීදේවියට මොනරෙක් ගෙනාවද අයියෙ ....යෝහ් ..ඉතින්...ඔයා දන්නවනෙ අනෙ....සුදු චූටියලා නුවර මිනිස්සු නෙ...නුවර අය මේ ආකා භ්භ්භ්.....භ්භ්.....

....හ්ම්...හ්ම්...වන්නම නවත්තලා පන්තියට පල...කට ඇරියොත් මොනර පඩංගුව...ඉහ රදෙ ඕක නවත්තකො සුදු චූටි...මොන කරච්චලයක්ද අඩෙ මේ...දීපිය ඕකත් යනගමං මූදට විහික් කරන් යන්ඩ.....

අ..අනෙ...අනෙ...ඔය මොනරව දීපල්ලකො අප්පා....

පල පල...පලකො අඩා...සීදේවියා....අම්බරෙ පලකො පුතා පන්තියට....

*

*.

.

*

.

*

*.

අදුරෙ....වෙලී....

තනි වී....ලා....මෙසෙ...නාඩන්...ඉතින්.....සොදු..රියෙ...මගෙ.....නොසිතා....යෝ....හ්...ම්හුක්...මේකෙ ලස්සන....

සීදෙවියට මොනරෙක් ඉන්න පෙන්ඩන් එකක් හම්බුනානෙ.....අයි....අයි.....ඔවූ...පුතාට ...සුතු...පුතුකියට ..පෙන්ඩන් එකක් හම්බුනානෙ....

දැක්කනෙ...මගෙ හුජ්ජ දෙබරා දස්සයා.....!!

" ...ආ....ආ....හලූ....හ...ල්....ලූ....හ්...

ජරාව බොන්ඩ එපා කැතයො.....ජංගිය බේසමෙ ....ජංගිය බේසමෙ...මොනර පඩංගූඌ....ඌඋ....ඌ...මොනර...පඩංගූ....ඌ.....සාගරිකා.....පඩත්...තර...බල්...ලා...ජරාව බොන්ඩ එපා තේජක..."

වෙලාව හරියටම දෙකේ කනිසම පහු උනා විතරයි ..සුදු අයියා ඇවිදින් ගියත් හරි එතනින් එහා කාලෙ ගෙවුනද...පියෑඹුවද කියන්න දන්නෙ ඔරලෝසු කටු විතරක්ම වෙනකොට ආපිට එයා එක්කම ගෙදර ආව මං ගේට්ටුවෙන් ඇතුලට ආවෙම එයා දුන්න රත්තරන් මොනරගෙ දිස්නෙත් එක්ක වෙනකොට වෙනදා වගේම මාව දැක්ක ගමං සූස වෙසංගතා මගෙ පටි රෝල් කෙරුවා...

ඒත් මට නෙවෙ අද ඒ පරට්ටයට වචනයක් කියන්න හිතුනෙ...මගෙ මුලු හිතම තිබ්බෙ මොනර ගාව වෙද්දි මං ඒකගෙ පිල් ගනින්න ගත්තා...

මේක නම් අපෙ ඒයි අද හදවපු එකක් නෙවෙ.....මීට කලින් හදවලා මාව සපාසිස් කරවලා....යෝහ්.....හොර දෙබරා මගෙ.....

ම්හුක්...එයාගෙ පින තමා.....නැත්තන් ඉතින් මොනරවිල බෑනෙක් වෙන්න හම්බෙයිද...අනික නුවර වලව් කියන්නෙ නිකන්ද......මොනරවිල.....

මොනරවිල.....

සුදූ...මේ අහනවකෝ.....

නෑ ...නෑ....තේජක මට අහන්න දෙයක් නෑ....

අහන්න දෙයක් නැ කියන්නෙ.....ඇයි ඕයි මං දැන් තමුසෙට අදින්න ගවුමුත් අරන් දුන්නා...පොඩ්ඩක් අහනවකො....

දෙයියන්ගෙ නාමෙට...පින් අයිති වෙයි ..තේජක වලන් පාර නොකා පලයන් මිනිහො.....අනෙ...අම්මෙ.....මාව මේ මිනිහගෙන් ගලවන්න...මට බෑ දෙයියනෙ.....ඇයි තේජක....ඇයි.....ඇයි දෙයියනෙ...ඇයි.....

.ඇයි අහන්නෙ....ඇයි අහන්නෙ ඇයි සුදූ.....මේ අහනවකො.....සුදු මැනිකෙ...කෝ....ඉතින්.....මගෙ වලව් අම්මන්ඩි අඩනවනෙ....හරි..හරි....ඔය කදුලු පිහදගන්නවකො...

එපා තේජක...මට පාඩුවෙ ඉන්න දෙන්න....

හරි....ඕයි...පාඩුවෙ ඉන්න දෙන්නම්....අඩන්නෙ මොන ලබ්බටද කියනවකො....මමනෙ අඩන්න ඕන හරිනම්....විහාරා...මේ අහනවකො....සුදු ඔහොම තරහා ගන්න එපා ඕයි....බලනවකො....තරහා ගියහම තමුසෙ old වෙනවා....old උනහම අපෙ looks යනවා...

දෙයියන්ගෙ නාමෙට තේජක...පලයන් මිනිහො අහකට....අනෙ ඇත්තම්‍යි මං පනිනවා දෙයියනෙ මූදෙ....

ම්ම්ම්...දැන් ඉස්සර වෙලා තමුසෙ කිව්වා ඩිවෝර්ස් වෙනවා කියලා...දැන් කියනවා මූදෙ පනිනවා කියලා....ඩිවෝර්ස් උනහම සමතමන්ඩලේට දානවාඕයි.....ඒකෙ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියහම මටත් එපා වෙනවා...ඒක නිසා තමුසෙ ගිහින්.මූදෙ පනිනවා....අමතක නොකර බල්ටියක් ගහල වටයක් කැරකිලාම පනිනවා...

නිකන් ඉදින් යකො මිරිකන්නෙ....තේජක නිකන් ඉදින් අයියෙ...

ආදරේටනෙ ඕයි....ආදරේටනෙ....ඇයි තමුසෙ මා එක්ක තරහා....

මට පාඩුවෙ ඉන්න දෙන්න....

මෝ...හ්...මොකද අනෙ ඔයාලා දෙන්නා බල්ලො බලල්ලු වගේ කාගන්නෙ.....අර පාරට ඇහෙනවා සද්දෙ.....ආ අම්මෙ....ඔයා මැනිකෙක් නේද...නුවර මිනිස්සු ඔයාකාර කෑගහනවද අනෙ....අනික අප්පච්චි ....ඔයා දන්නවනෙ අපි.....

සුදු මහත්තයා උඹත් හදන්නෙ මගෙන් වලන් පාර කන්න තමයි ....මට පාඩුවෙ ඉන්න දීලා උඹලා ඔක්ලොමල්ලා යමල්ලා...

මාව තක් බීර් වෙලා ගියා...සුසාගෙ කරච්චලේ මායිම් නොකර ආවට මොකද ගෙට ගොඩවෙනකොටම සාලෙ පුරාවටම මොනරපිල් හැලිලා තිබ්බා.....

මොනර මැනිකෙයි සුසංගතාගෙ හොරමිනිහයි කාගන්නවා.....හේතුව ක් නොදන්න මං උඩින් පියාඹගන ගියපු කරමූඩියෙන් ඔලුවත් බේරන් අඩියට දෙකට ආරක්ශක ස්ථානයක් බලා දිව්වා....

මේ මොකද අනෙ....මේ...වලන් පියාඹනවා...ලෝක යුද්දෙ වගේ.....

ආ...පොඩි මොනරා ආවද...උඹ ආව එක හොදයි...උඹගෙ මිනිහට කියපන් හෙට ඉදන් අප්පච්චිත් පාර්ට් ටයිම් එකට මාලු කපන්න එනවා කියලා.....උඹලගෙ අම්මා යුද අභ්‍යාස පුරුදු වෙනවා...

කෝ ...අත්තම්මා....

උඹගෙ මිනිහගෙ ගෙදර ගියා....හැන්දට කියපන් මට මාලු ඔතන්ඩ හරි රස්සාව දෙන්ඩ කියලා...

මො...මොකක්....????ඒ ඇයි...

ඇයි අහන්නෙ.....සුදූ...මූට සුභාරාංචිය මං කියන්ඩද....තමුසෙ කිය...ඕන්....පිගානක් එනවා...කොල්ලා නැමිය....

අ..අ...අනෙ....අප්...පප්ච්චී.....හ්හ්හ්....අ...

අයියො....මගෙ....සෝක්...පිගා....න...අනෙ...අම්මෙ....ඔය මගෙ දෑවැද්ද...

සලාන්....!

මට ඩිවෝර්ස් එක දියන් තේජක...

පියාඹගන ආව මගෙ දෑවැද්ද බිත්තියෙ වැදිලා කුඩුපට්ටන් වෙනවත් එක්කම මන් අහගන බරපතල හේතුවකටද මන්දා පරල වෙලා උන්න අම්මා අප්පච්චිගෙන් ඩිවෝර්ස් එක ඉල්ලනකොට් බිම බඩගාගන වගේ මගෙ ගාවට ආව අප්පච්චි මගෙ දිහාවට ස්කෑන් කරපු කොලයක් පෙන්නුවා....

උඹගෙ අප්පච්චි මේ පාරත් පරාදයි බන්.....කානු කෑලි තුනක් ඔන්ද වේලු...!

අ...අනෙ.....අනෙ...අප්පච්චි ...ත්....තුන...ක්...???.

අනේ...අපි ...ඉවරයි ...බන්........ස්..සුදූ...මේහ්....ත්‍රීපෝ....

සලා.....න්!!!

🙂🙂🙂🙂

ගුට් නයිම්ට්!

More Chapters