LightReader

Chapter 1 - 01

මුලු ආකාස මන්ඩලේම නිල්පෑය වැටිලා...ඔහේ පාවෙන්නන් වාලෙ පාවෙන වලා ගුලි කොහෙ යනවදෝ කියන්ඩ අද වෙනතුරුත් මට හොයා ගන්න බැරි උනා.....

හතර වටම වැවුන කොලම කොලපාට රූස්ස ගස් යාන්ගෙත්. ..ගඩා ගෙඩි පිරුන කැලෑ ගස් දිහාවත් ඇස් කරකව කරකව බල බල ඇවිදින්

පාන්කඩ මල්ලක් වගේ උකුල් ඇටේ උඩ ඉන්දගන උන්න " කිරි බන්ඩියා"ව වඩාගනම මං මගෙ ඉහට උඩහින් පොකුර පිටින් දිලිහි දිලිහි තිවුන සෙන්කොට්ටන් අහුර උඩ පැනලම කඩාගත්තා....!!

"යෑ....ංං...හ්හ්හ්හ්හ්හ්හ්..."

සෙන්කොට්ටන් අහුර නම් එකක් වත් අතෙන් හැලෙන්නෙ නැතිවෙන්නෙ කඩාගත්තට මොකද මයෙ උකුල් ඇටෙ උන්න කිරිබන්ඩියා නම් වෙච්ච මේ ළඟ එන බක්මහට යනතන් අවුරුද්ද පිරෙන මයෙ මලයව බිම වැටිච්චි....

මේකා වැටුනෙම මගෙ සරම්කොටෙත් එක්ක කියාපියව්කො!!!

(සෙන්කොට්ටං)

ඒකා අඩනවා....අනෙ මන්දා...මූ අඩනකොට තනිකරෝම අර තිරික්කලේට ගැට ගහන ගොනා වගේමයි.....

සරමත් බිම...ඒකත් බිම....උරිස්සට සමනල් ගැටයක් ගහලා තියන කමිසෙත් සරමට යටින් අදින අමුඩ ලේන්සුවත් පිටින් උන්න මං එකම එක ගෙඩියක් වත් හැලෙන්නෙ නැතිවෙන්ඩ කොලත් දෙක තුනක් එක්ක අහුර පිටින් හූරගත්ත සෙන්කොට්ටන් අහුර දිහා බලලා අඩන කිරිබන්ඩියා දිහාට සෙන්කොට්‍ටන් අහුර පෙන්නලා විරිත්තුවා.....

අඩන්නෙ නැතුව හිටපන්....තව ඉස්සරහට යනකොට වලව්ව හම්බෙනවා...මං දැක්කා පුහුලන් පාට වැටිලා තිවුනා...උඹට කජ්ජක් කඩා දෙන්නම්.....

"ඊ.......ය්ය්ය්....යෑව්....."

උඹට තිබ්බනෙ මාව හයියෙන් අල්ලගන්ඩ.....මං උඩ පයිද්දි උඹ වැටුනා ....ඉතින් මං මක්කද කරන්නෙ...?බොරු ඇඩිල්ල....කපට් කමනෙ.....

මං නෙවෙ අරකව ඇහිදගත්තෙ ....යන්තමට යෑ....න් ගාලා....ඊ....ගාපු ඒකා අනිත්පාර වම් අත හැරිලා තනකොල ගොල්ලෙ දගලන්ඩ ගත්තා .....තුත්තිරි ගහක් දිහා බලාගන ඌ තුත්තිරි ගහට ඇබිති දබැරාගිල්ල දික් කරන්න ගත්තා මයෙ හිතෙ මං නැති අල්ලපනල්ලෙ මූට කුඩම්මා හප් කියන්ඩ උගන්නලා ...

"වූ....වූ....වූ....."

මං තවමත් අමුඩ ලේන්සුව පිටින්.....ගම්බද පලාතම සනහාගන යන හුලන් කැරැල්ල යන්ඩ ගියේම අමුඩ ලේන්සුව පිටින් උන්න මගෙ හෙලුවැලි තට්ටමටත් හාදු තියගන වෙනකොට ඇදන් උන්න කමිසෙම්ම කොනකින් ගොට්ටක් ගහගත්ත මං අර හූරගත්ත සෙන්කොට්ටන් අහුර කමිස ගොට්ටෙ ගහගන හුලන් පරවැදුන තට්ටමත් කසාගන තුත්තිරි ගහත් එක්ක මක්කදො දොඩො දොඩො සැරින් සැරේම මයෙ දිහා බලන කිරිබන්ඩියා ගාව වගේ වගක් නැතුව ඇනතියාගත්තා....

මක්කද උඹට මේන් මේ තුත්තිරි ගහ කියන්නෙ?...හරි කෝලිත්තමක් උනානෙ මේක...

(කිරි බන්ඩියා)

වූ....වූ....

උඹව අල්ලගන යන්ඩ යකෙක් එනවලුද.....ඔවු...ඔවු...උඹව නන් යකෙක් අල්ලන් ගියත් පාඩු නෑ...කුඩම්මගෙ වැඩේම උඹව මට පන්ගරාත්තු කරන එක...උඹව හොක්කෙ ගහන් ගිහින් මගෙ උකුලත් බැහැල.....

"ම්ම්ම්ම්ම්...බම්.....මම්...ම්ම්....මම්...."

කඩාගන හැලුන සරම සරමෙ ගාතෙ....ආය මේක ඇදගන්ඩ ඕන කියලා වත් නෙවෙ මට ගානක් උනෙ....බිම වැටුන කිරි බන්ඩියා මක්කද මන්දා හෑල්ලක් කියන්ඩ මුලපුරනකොට ඇන තියාගත්ත මගෙ තට්ටමට වදින තනකොල ගස්වල මුවහත් මුදුන හන්දා තට්ටමම කිචි කැවීගන යනකොට කස කසම මං ඒකගෙ ඇබිත්තකට නැති බුහිටි මූන දිහා බලාගන උන්නා...

මූට මොන රෙද්දට කිරි බණ්ඩියා කියලා කියනවද කල්පනා කෙරුවා.....

එක්කො මේකගෙ බඩ ගෙඩිය හන්දද...නැත්තන් මේක්ගෙ මේ කිරිපාට හන්දද...???කිරිපාටයි බඩගෙඩිය හන්දයි කිරි බණ්ඩියා කියනවදො?

වරෙල්ලා යන්ඩ.....ගෙදර පාන් නහට්ටක් තිවුනා ..තේ කහට ඩින්ගකට පොගාගන කන්ඩ පුලුවන් ...මට බඩගිනි...උඹව වඩාගන ගම්මැද්දෙ යන එකනෙ මගෙ රස්සාව....උඹව පරක් කරන එකනෙ මට තියන රස්සාව...උදෙම්ම ගමටම කිරි බෙදන එකයි....උඹ බලාගන්න එකයි.....තමයි මට තියන දේව කාරිය...

"මම්...මම්...."

චී...චී...තූ දාපන්...තනකොල කන්ඩ උඹ හරකෙක්ද තූ දාපන්...මේකා කුප්පමේනියා දල්ලක් කටෙ ඔබාගන....මොකෑ උඹ පූසෙක්ද ...කෝලිත්තම තමයි උඹගෙ...

මං කියවන් ඉන්නවා අරකා මයෙ දිහා බල බල තුත්තිරි ගහ එක්ක දොඩෝලා දොඩෝලා විදිල්ල වගේ කුප්පමේනියා දල්ලක් කඩාගන කටෙ ඔබාගන්නවා එක්කම මං මගෙ දබැරාගිල්ල කුඩික්කි කටක් තරම් ඇබිති උගෙ කටට ඔබලා අර කුප්පමේනියා දල්ල ඇදලා අරගන්නවා එක්කම කිරිබන්ඩියා අඩන්ඩ කට හැදුවා...

අඩපන්....උඹ දන්නේ ඔච්චරයි......

ඇන තියාගන උන්න මන් ආපිට නැගිටන ගමන් හැලුන සරමත් ඇදගන අඩන්ඩ කට හදන කිරිබන්ඩියව ආයම ඇහිදගන උකුල් ඇටෙ උඩ ඉන්දගත්තා....ඒකගෙ ඇඩිල්ල නැවතුනා.....

උඹට මං කොස්කොල ඔටුන්නක් හදා දෙන්නම්.....යමින් ගමන් පුහුලමකුත් කඩා දෙන්නම්....ඒත් උඹට පුහුලන් අගුනයි කියලා අප්පුච්චා කිව්වා මතකනෙ.....කමක් නෑ....මං අදට විතරක් හොරාවට උඹට ලෑටි ගාන්ඩ දෙන්නම්...

අරකගෙ මූන දිහා බලගන මං පුහුලමක් ලෑටි ගාන්ඩ දෙන පොරොන්දුව පිට පාළුවට ගියපු අක්කර ගාන කොයි තරම්ද කියන්න නොදන්න වතුයාන්ගෙ මැදින් හීන් සීරුවට ගාට ගාට එක්නැලිගොඩ වලව් වත්තට කිට්ටු කරන්ඩ ගත්තා.....

මන්දා....එක්නැලිගොඩ වලව්වට ආයම පදිංචියට එනවයි කියන්නෙ...එවුන් ආවම කොහොමදැයි මං ආය පුහුලමක් වත් කඩාගන්නෙ....අපරාදෙ...එකාකාරෙට පුස්බෙරි....එකාකාරෙට උගුරැස්ස...නමිනන්....බිලින් වලින් ගස් කදන් වැහිලා ගිහිල්ලා...ඒ විතරක්ද පේර ලන්ද...මදැයි මෙච්කරකල් හිතු මනාපෙට මං මේ වලව් වත්තෙ කරක් ගහලා ගහලා අතට අහුවෙන ඔක්කොම ගිල දැම්මත් බල්ලෙක් වත් උන්නැයි තහනම් දාන්ඩ....

මයෙ අප්පුච්චා කිව්වෙ වලව්වෙ ඈයො පිටගම් ගියාය කියලනෙ ...අර ලබ්බටද ආය එන්නෙ.....ඇරත් මේ බක්මහෙ.....???එවුන් ආවම මේවා කඩන්ඩ පුලුවනිද???

අපරාදෙ.....පැනිවරක ගහෙ එහෙම් පිටිම්ම වරකයක් තිබ්බා.....ඔවුන් ආවොත් නම් වරක ගහට හෙන ගහයි....

බලපන් කිරිබන්ඩියා....මෙවුන් ආය එනවයි කියන්නෙ....උන් ආවම හරියනවයි මං අහන්නෙ .....උඹටත් කොස්කොල ඔටුනු හදලා හමාරයි.....අල්ලපු වැට උනත් උඹ කියන්නෙ අපිට එන්ඩ පුලුවනෑ ආය.....කුඩම්මා මයියොකු ගලෝලත් හමාරයි.....අපරාදෙ මයියොකු දලු මැල්ලුම....මෙවුන්ට හෙන වැදිලයි ආය මෙහෙ ගාටන්නෙ....දැන් ඉතින් කුරුම්බැට්ටි මැසින් හදලත් අහවරයි....ඉතින් බලපන්කො...මේ බක්මහ කට තියානනෙ මෙවුන් එන්නෙ...

පුවක් පට්ටෙ පදින්නෙ කොහොමැයි....??ආය මෙවුන් ආවම අපිට මෙවුන්ගෙ ගස්වලින් පුවක් පට්ට රහින්ඩ දෙයියෑ .....??

හිටුකො මං ගිහින් මුලු ලිදටම කිතුල් ඇට තාලා දානවා...ආ දිහාවකටම දුහපියව් කියලා.....

පුදුම කෝලිත්තම් තමා මේවා...

මං උකුල් ඇටෙ රුවිතෙට වගෙ ඉන්දන් උන්න කිරිබන්ඩියව අනිත් උකුල් ඇටේට මාරු කරගත්තා....ළපටි කමට කියන්නෙ ඒකා කිරි බීලම ජම්බෝලයක් වගේ වෙලා තිවුනා...ඒකව වඩන වඩන පැත්තම ඒකත් එක්කම පාතට බර උනා...ඊටත් ඌ උගෙ කිරි මස් දාපු ඇබිත්තන් අතින් මයෙ කමිසෙත් මිරිකාන බස්සෙක් වගේ මයෙ කට දිහාව බලාගන කකුලකුත් වනන්ඩ ගත්තා....

කියන්ඩ ඕන ජාති කාරනා කිරිබන්ඩියා එක්කම කියවන් ගියපු වතුගොඩැලිවලින් පැන පැන මයෙ මතක ඇති කාලෙකට පාළුවට ගියපු ඉදහිටක මොකෙක් වත් ඇවිදින් පොල් ටික කඩාගන යන ඉදහිටක මකුනු දැලක් කඩාදාලා යන අම්බලමකට ත් වඩා පාළුවට ගියපු එක්නැලිගොඩ වලව් මායිම කිට්‍ටු කෙරුවා....

ආන් බලාපිය.....මයෙ කටට කාසියක් වත් දාපිය කිරි බණ්ඩියා....අර බලාපන් ගෙම්බා කාර් එකක් ඇවිදින් නේද???හහ්.....මෙවුන් අදම ඇවිදින්ද....??

මට දැන් තරහෙ බෑ...වලව්ව ඉස්සරහම නවත්තලා තිවුන කලුපාට ගත්ත ගෙම්ඹා කාර් එක දැක්ක විතරයි මාව පුපුරන්ඩ ආවා...මට දැන් ඌරු කේන්තිය

මයෙ ගෙපැල තිබුනෙම ඔය එක්නැලිගොඩ වලව්වට පිටිපස්සෙන් තිවුන වතුයාන්ගෙ කෙලවරක වෙනකොට යන්ඩ පුලුවන් හැම ගම්මැද්දෙම කිරිබන්ඩියවත් එල්ලන් ඇවිදලා ඇවිදලා බල්ලා කනුවට එන්නා වගේ කන වෙලාවට ගෙදට්ට ගාටන්නෙම මේ වලව් වත්ත ඉස්සරහින් වෙද්දි වලව් හාන්දුරුවන්ටවත් නැති මාන්නයක් මට ආරුඩ උනා.....

මට වෙනම සින්හ සෙයියාවක් පපුවට ගැහුවා....

ගඩාගෙඩියන් මලෙන් පොහොසත් උන මේ එක්නැලිගොඩ වලව් යාන්ගෙ කියන්නෙම එක්තරාකාරෙක පාරාදීසයක් වෙනකොට ඉස්සරහටම මුනිච්චි උන අකාස ගැබට හාදු තියන තරමට විසාල උන කොස් ගහක් තියෙද්දි මිදුල පුරාවටම සීසීකඩ යන කොස්කොල ඇහිදන් මං කෙරුවෙම කොස්කොල ඔටුනු හදාපු එක.....එ විතරක් නන් බැරියෑ....මයියොකු දඬුවලින් මාල හදාපු එක....මට විතරක් නම් බැරියෑ...කිරිබන්ඩියටත් හදාපි.....කුඩම්මා ගැන අමාවකට හදපායන්නා වගේ ආදරයක් මෝදු උන දාකට ඒකිටත් හදාපි....

ඒකිලා මට ආදරෙයි .....පන ඉල්ලුවොත් ඒකි පනත් දෙයි....ඒත් මයෙ නෑනෙ ඔය කාටත් ආලවන්තකම් පාන කෝලිත්තන්....

මට ඔව්වා කොරන්ඩ බෑ.....මට ඕන උදේට ගෙයින් ගෙට ගිහින් කිරිබෝතලෙ දීලා දවල් දවසම ගම්මැද්දෙ යන්ඩ...සෙන්කොට්ටමක් අර දොඩම් කට්ටෙන් හිල් කොරාලා අදාළ ගෙවල් වල එවුන්ගෙ නම් වලට අදාල මක්කවත් මුද්‍රාවක් කොටන්ඩ.....

ඒ නැත්තන් පීනසෙ හැදෙනකම්ම වැවෙ බැහල නාගන්ඩ.....නෙලුම් අලයක් උගුලගන්ඩ...ඔයතරම් රාජකාරි තියෙද්දි ආලෙ කොරන්ඩ කොයින්ද අම්මෙ වෙලාවක් මං අහන්නෙ???

වරෙන් යන්ඩ...මොකා ආවත් මයෙ මොකො...මේ අප්පුවා යන්නෙ මේ පාරෙම්මයි ඕන් මන් කිව්වා කියලා මතක තියාගනින් ....උඹලත් ඉදිල්ලකො ඉස්සරහට බර වෙන්නෙ...මොකො උඹ ඉස්සරහට බර උනාය කියලා මට කලියෙන් පියාඹන්ඩෑ...

කිරිබන්ඩියගෙ වැඩේම ඉස්සරහට බර වෙන එක....කකුල පුලුවාන් තරම් ඉස්සරහට වනන එක....ඒකා ඉස්සරහට බර වෙන වාරයක් පාසාම මාවත් ඉස්සරහට බර වෙද්දි මං කෙරුවෙම ඌ සැර උන එක වෙද්දි ගමනින් ගමන මටත් නොදැනිම මං ඒකවත් එල්ලගනම එක්නැලිගොඩ වලව් මායිමත් පන්නලා කොස්ගහ කිට්ටුවට ඇවිදින් උන්නා...

කොස්ගහ කිට්ටු කෙරුවා විතරයි මයෙ පන්චස්කන්දෙටම හෙන හතක් වැදුනා .....කිරි අප්පුච්චෙ...අර රත්තරන් වරකෙ!!!

වරකෙට හෙන ගහලා.....මගෙ අතෙ උන්න කිරි බණ්ඩියා දෙවනි වතාවටත් බිම වැටුනා...මගෙ අතින් හැලුන බන්ඩියා අනෙ කොස් කොල ගොඩ උඩ පත බෑවුනා...

"ඊ....යෑ.......යැයි....යැයි.....ඊහ්හ්...."

කාක්කා ශෝ....ශෝ.....කාක්කා....ශෝහ්...කාක්කා...ශෝහ්.....ඊව්...පරදේසක්කාර කාක්කා....ශෝහ්....ශෝහ්.....

මං අත්දෙකම වන වන මැරෙන්ඩ හැදුවා....කිරිබන්ඩියත් තනිකරම ගලිසෙක් වාගෙ...ඕකව අනන්ත අප්‍රමාන මයෙ අතින් හැලිලා තිවුනත් ඕකට නෙවෙ නූල්පටක තරම් ඇබැද්දියක් උනෙ....ඒකට මං .....මයෙ ඇගෙන් එකයි ලප කැලැල්.....වැටුනොත් ලෙල්ලක් නෑ....

මයෙ කුඩම්මා මට කියන්නෙම ඇම්බැට්යා කියල.....ඒ නැත්තන් ගඩාකුමාරයා කියලා....ලපවානරයා කියල...උන්දැට මයෙ මසබාදු වැඩ උහුලන්ඩම බැරි දාකනම් තෝ නම් යකෙක්මයි බොල කියලා මුන්ටම කියාපි.....ඒ උනාට ඒකිම ලෙලි ගිය දනපොල්කටු වලට බේත් උලාපි!

මයෙ බෑගිරියත් හරි වරකෙ උඩ වහලා උන්න කාක්කො දෙතුන් දෙනාම අහකට පියෑබුවා....මං බලාන මයෙ අතින් ජොග් ගලා හැලුන කිරිබන්ඩියා ඒ ගමන කොස්කොලයක් ඇහිදාන ඒකෙ නටුවෙන් අල්ලන් කරකෝ කරකො ඒක දිහා බල බල කකුල් ගහනවා...කට උල් කර කර ඒකට කියෝනවා.....කටෙ ඔබාගන්ඩ ගිහින් ආයම වරකෙ ගාව ඉදන් බයිරවයා වගේ වරකෙ රකින මයෙ දිහා බලල මටත් ඒක පෙන්නලා කොස්කොලෙ කටෙ ඔබාගන්ඩ හැදුවා...

උඹ නම් එලුවෙක්මයි.....දාපන් ඕක අහකට.....මෙතන වරකයක් තියෙද්දි කොල කන්ඩ උඹට පිස්සුයෑ????

වරකෙ දිහා බලාගනම පස්සෙන් පස්සට ගියපු මං බිම උන්න කිරිබන්ඩියව උස්සාන ඇවිදින් ඒකවත් වරකෙ ඉස්සරහා ඉන්දල මාත් ඌ ගාවින්ම ඉදගන අර වරකෙ කූරුගාන්ඩ ගත්තා...කොටින්ම ඉන්නෙ වලව් වත්තෙ...වලව්වෙ එවුන් දකීය ...මොකා හරි ඇවිදින් අච්චුකොරයි කියන කාරනා පනමකට නොගත්ත මං වලව්වත් පඩේට මායින් නොකර හොද මදුලක් හොයාගන දෙතුන් වතාවක් හපලා එහෙම්ම කිරි බන්ඩියගෙ කටට තිබ්බා විතරයි මූත් ආය මයෙම සෑම්පලේට ගියපු එකෙක්.....එකපාරක් යෑ....න් ගාපු එකා මේන් බොල වරකා ඉස්ම උරපි...

ඒකට වරකා ඉස්ම එක අතකින් පොවන මං අනිත් අතින් වරකෙ නූල් ගලවන් කටෙ ඔබාගත්තා ආයම මාරුවෙන් මාරුවට මදුලක් කටෙ ඔබාගත්තා...වලව්ව ඇතුලෙන් මේතාක් කාලෙකට නෑහුන මනුස්ස කටහඩවල් එලියට ගලාගන එනකොට වරකෙ පැනියෙන් නෑවුන කොස් ඇට දෙක තුනකුත් ගලවන් මයෙ කමිස ගොට්ටටම හලාගත්ත මං මොක ආවත් කාරි නෑය කියලා අරූට තවත් වරකාකැල්ලක ඉස්ම රහ කොරන්ඩ දුන්නා.....

" අපෙ මාත්තයා....මේන් බලන්ඩකො වැඩක්....අරකව්දැයි අර..."

මොකාද මැනිකෙ....

කොස් ගහ මුල කොලුගැටයි දෙන්නෙක්.....කාගෙ කව්ද.....???

වරක ගිලිනවා....යස අපූරූව.....අර කිරිදරුවටත් ගිල්ලනවා නේද....අපෙ එක්කෙනා කිට්ටුකරලා බැලුවා නම් මනාපයි...

හ්ම්ම්ම්....මැනිකෙත් ආවනම්.....මේ ගිනි මද්දහනෙ පෙරේත පරානයක්දෝ????

වලව්වෙ කුටු කුටුව....ඒත් මයෙ මොකද....ඊටවඩා රාජාකාරිය තිවුනම කාක්කො කොටලා කාබාසිනියා කරාපු මයෙ වරකෙ ගාව වෙනකොට වරකෙන් මත්වෙලා උන්න මට නෙවෙ කිරිබන්ඩියා කොහොල්ලෑ නානවා පෙනුනෙ...ඒකා කොහොල්ලෑ ගුලි ඔලුවෙ උලාන තියනවා පෙනුනෙ.....

ආ බොලව්.....මොක්කුද මේ???

අනෙ...ආරච්චිල මායියෙ....හ්!!!!

අයියො.....කොලුවගෙ ඉහෙන් එකයි කොහොල්ලෑ....!

මල වින්නැහියයි.....වරකෙට හෙන වැදුනා මදිවට මයෙ ඉහ උඩට හෙන පුපුරාපි....තවත් සුදු නූලක් අරන් කටෙ ඔබාගත්තා විතරයි...මයෙ කන පාමුලින් ඇහුන ගිගිරුමත් එක්ක කටෙ ඔබාගත්ත සුදු නූල බිම වැටුනා .....බිම දිගේම උඩහට බලාගන...බලාගන එනවත් එක්කම කෝරලෙ මහත්තයා තරන් වයසක උන්දෙක් අත්දෙකත් පස්සට බැදගන මයෙ දිහා බලන් උන්නා .....

උන්දැට එහාපැත්තෙන් කොරලෙ මැනිකෙ වයස තරම් ඇති ජේත්තුවට ඇදගත්තු මායියෙකුත් උන්නා....

වලව් හාන්දුරුවොයි මැනිකෙයිවත්ද .....??

වරෙල්ලා....

අඩියට දෙකට වරකෙන් අහකට උන මං කොහොල්ලෑ නාගන උන්න බන්ඩියව ඇදලා අරන් ආයමත් වතාවක් මයෙ උකුල් ඇටෙ උඩ ඉන්ද ගත්තා වගේම මේකා අරකොහොල්ලැ අතින්ම මයෙ ඔලුව ඇල්ලපි.....

කෝලිත්තන් නොකර ගනින් ඔය අතහකට.....මයෙ කොන්ඩෙ බූගාන්ඩ තමා වෙන්නෙ....

මන් බන්ඩියගෙ අත මයෙ ඉහෙන් අහකට කරන්ඩ හැදුවා වැඩක් නැ....ඒ වෙනකොටත් ඒකාමයෙ ඉහෙ කොහොල්ලෑ අපුල්ලලා අහවර වෙනකොට ඇහිබැම අකුලගනම මයෙ පාරාදීසෙ මයෙන් උදුරගන්ඩ ආව බයිරව පරාන දෙක දිහා මං කිසි ගරු සරුවක් නැතුවම බලාගන උන්නා...මන් බලාගන උන් දෙන්නා මූනට මූන බලාගන හිනා වෙනවා.....

හරි කෝලිත්තම...

මැනිකෙක් කිව්වට කෝ මුන්දැගෙ ඔසරිය.....??අගස්තිමාලෙ...කොන්ඩෙ ගෙඩියත් නෑනෙ...මිනිහෙක් වගේ කොටට කපලනෙ....???ඊටත් කකුල් දෙකටම ලෝන්ස් එකක් ඇදගන....චීචී....ගෑනු අදිනවයි ලෝන්ස්???ඊටත් කට මොකද අර ගොරක ලෙල්ලෙ පාටවෙලා....ගොරකා ලෙල්ලක් අතුල්ලන්ද....වෙන්ඩ බැ.....මක්කවත් විපරියාස විලම්බීතයක් වෙලා තියෙනවා...

තත්පරගානක් එක්නැලිගොඩ මැනිකෙයි කියලා හිතන්ඩ පුලුවන් ලෝන්ස් කාරි දිහාව බලාගන උන්න මං එහෙම්ම මට සැර උන මිනිහ දිහාව් බැලුවා.....

වක ගැහුන දුම් පයිප්පෙයි....ඉන්ගිරීසි කෝට් බෑයයි...කමිසෙට උඩින් ලෝන්ස් එක වැටෙන් නැතිවෙන්ඩ දාන පටි දෙකයි....

අපෙ අප්පෙ මේකා තනිකර පප්පා මහත්තයෙක් වගේ.....මුන් නන් වලව්වෙ හාන්දුරුවො වෙන්ඩ බෑ.....වලව්වෙ ඈයො නම් කොයි බස්තම....??ඊටත් නැමි පනාව.....

මොකා උනත් කාරි නෑ මෙව්වා මං ආ ගිය පාරවල්.....මන් හිතුමනාපෙට කරක්ගහපු තැන්...වලව්වෙ හාන්දුරුවො නෙවෙ සක්කරයා ආවත් මේ අප්පුවා නවත්තන්ඩ කාටත් බෑ....බලාගමු....හිටපල්ලකො....වෙලාවක් බලලා කිතුල් ඇට ටිකක් ඉහන්ඩ.....එතකොට නායි මේන් කියලා....

මං බලාගන උන්නා....කොටින්ම එවුන්ගෙ වත්තෙ ඉදන් මන් එවුන්ටම රැව්වා.....ඒත් උන් නෙවෙ මට සැර උනෙ...කරාපු එකම දේ පරදේසක්කාර බාසාවෙන් දෙන්නට දෙන්නා මුමුන මුමුන හිනා උන එක වෙනකොට මට ඌරු කේන්ති යාගන ආවා....

හරි කෝලිත්තන් තමයි...!

හ්ම්...ඉලන්දාරියා කව්දැයි කිව්ව නම්....

......ඒ අහවල් කාරියටෑ...?

දැනන් නැතුව කොහොමද.....මගෙම වත්තට රින්ගලා...මට අයිති වරකයක් මදුලු ගහනකොට.....මෙව්වා පොලීසියට කියන්ඩ වෙන වැඩ.....

මං ඉක්මනට අහක බලාගත්තා ...උකුල් ඇටෙ උන්න කිරිබන්ඩියගෙත් මොලෙ තරම කියන්නෙ මූත් නෙවෙ ආය මීක් ගාන්නෙ...

.මේවා පොලීසියට කියන්ඩ වෙන වැඩය කියන්නෙ .....යස...!මං වෑ වරකෙ බිම දැම්මෙ..... මන් විතරයෑ වරකෙ මදුලු ගැහුවෙ....එතකොට අර කාක්කන්ට???

යස!!එවුන්වත් පොලොස්සි ගානෙ දක්වනවයි....?

ඉතින් නම කිව්වෙ නෑනෙ....කව්ද කියමු නම....

දෙවනි වතාවටත් අර පප්පා ඇදුන් කාරයා මයෙ නම අහනවා....මගෙ වැඩෙ අහල බලාගන තනි අන්ඩෙන් කොස්කොල පහුරු ගානවා....ඒ අස්සෙන් වැලිවලට යටඋන අටුකොස් හම්බෙනවා....

මොනා කරන්ඩද.....දැන් ඉතින් නම කියන්ඩම වෙනවා...කාරි නෑ...මගෙ බල්ලවත් බය වෙයි....හිටපල්ලකො....කිතුල් මල බාගන්ඩ.....

තත්පර ගානක් අහක බලන් එහා මෙහා උන මං අනිත් පාර රවාගනම ඒපැත්ත බැලුවා....

පොලොස්සිපොතෙ ලියන්නෙ අහවල් කාරියටෑ.....ආය මං කෑවම මොකෑ.....මෙව්වා මං නිතර දෙවේලෙ යන එන තැන්...

ඇත්තට.....වලව්වෙ හාමුදුරුවන්ගෙ දරුවෙක් වෙන්ඩ ඇති එහෙනම්...ඒකනෙ නිතර දෙවේලෙ යන්නෙ එන්නෙ....

....කෝලිත්තන් නම් කරන්ඩ තියාගන්ඩ එපා...මං කොහෙද ඒකගෙ දරුවෙක් වෙන්නෙ...?

ඒකනෙ...ඒක ඇත්ත...වලව්හාමුදුරුවන්ගෙ දරුවෙක් නෙවෙ නම් නම කියන්ඩ එපැයිනෙ....

............රාලගාමිගෙ පොතෙ ලියනවැයි??

......හ්හ්....ම්ම්...නෑ.....නම කියන්ඩ ඕනා....

.......අප්පුවා...

තටමලා....තටමලා අවසානෙදි මං නම කියාගත්තා....ඕන් බලාපිය...ඕන් බලාපිය අර අර...ආයම එවුන් මූනට මූන බලන් හිනා වෙනවා...නෛයියාඩගන්...

අප්පුවා....??

හ්ම්ම්ම්...

අප්පුද....නැත්තන් අප්පුවාද.....

අප්පුවා...

අප්පුවා විතරද ??තව ඉස්සරහට පස්සට මොකවත් නැද්ද .?

ඉස්සරහට නම් තියෙයි.....

එහෙනම් ඉතින් බාග මොකටද.....සම්පූර්න නම කිව්වනම් ඉවරනෙ...

කිරි අප්පුවා...

කිරි අප්පුවා....උප්පැන්නෙ නම ඒකද....

උප්පැන්නෙ.....ඒ මොන අටමගලක්දැ....මන්දන් නෑ....කිරි අප්පුවා....මූ කිරිබන්ඩියා ...

කිරි අප්පුයි කිරි බන්ඩියි...

ම්ම්ම්ම් හුම්...හුම්.....

එතකොට වයස.....මං අහන්නෙ අප්පු ළමයගෙ...

වා...වා.....අප්පු කිව්වම හෙලිවැල්ලෙන් වගේ...

අ..හ්...හරි...හරි...අප්පුවා....ඉතින් අප්පුවො වයස කිව්වා නම්.....

මිහින්තලෙ වදින මහට දහතුනයි කියලා අප්පුච්චා කිව්වෙ....

දහතුනයි.....මිහින්තලෙ වදින මහට කියන්නෙ....පොසොන් මාසෙ....ජුනි වලට??

නෑ...මිහින්තලෙ වදින කාලෙට දහතුන....

අම්මා අප්පගෙ නම එතකොට....ගෙවල් දොරවල් කොහෙද කිව්ව නම්...

මං රවාගත්තා...මේ මක්කද මේ...ටක්කෙටම රාලාහාමි ගාව ලියන්ඩ තමා මේ නම්...

මං ආයම කොසොලයක් පයින් පොඩි කෙරුවා....

මොක්ටදෑ ගෙවල් දොරවල් අහන්නෙ....?? මගෙන් අහන්නෙ මටත් කිව්වා නම් හෙනගහයිය කටට??

දැනගන්ඩනෙ අහන්නෙ අප්පුවා ..හෙට අනිද්දා අපිත් මේ වලව්වට එනවා....හරි...හරි....අපි කොලඹ....කොලඹ හත ..කුරුදුවත්ත

මං බිම බලාගත්තා.....බිම බලාගත්තා කියන්නෙ මගෙ කටත් චුට්ටක් උල් උනා.....ජේත්තු කාරයා කියාපු වචනයක් ගානෙම මන් මටම විතරක් ඇහෙන්න ජපකරන්න ගත්තා...

කොලඹය කියන්නෙ.....ඒකත් හතේලු...ඇයි ඉතින් හතෙ උනේ....එකෙ වෙන්ඩ තිවුනනෙ.....කුරුදුවත්තලු.....වතුවැඩකාරයොද කොහෙද.....මයෙ අප්පුච්චා කුඩම්මා අරන් ආවෙත් ඔය වතුවැඩ කරන්ඩ ගිහින්නෙ.....ලැයිමෙන් ලැයිමෙන්.....

එහෙ නම් තේ තිවුනෙ.....මෙවුන්ට එහනම් කුරුදු වෙන්ඩෑ කඩන්ඩ තියෙන්නෙ...ලැයිමක වෙන්ඩ ඇති....

ඉතින් කොලඹ හතෙ උනෙ අහවල් එකටෑ.....එකෙ වෙන්ඩ තිබ්බෙ අපරාදෙ...

තත්පර දෙක තුනක් තනියෙන් කල්පනා කරපු මං පාතට රූටන කිරිබන්ඩියවත් ආපිට උස්සන් උන්ට කොලඹ එකෙ නොවුනට යන්තන් දෙස් තියාගන යනවත් එක්කම මං බලාගන ආයම උන් දෙන්නා හිනා උනා....

හිනා මුල් කාලදො ??

කොලඹ එකට වඩා කොලඹ හත හොදයි අප්පුවා.....ඉතින් අප්පුවා තව කිව්වෙ නෑනෙ....ගෙවල් කොහෙද කියලා.....

අරහෙ...අරහෙ....

අරහෙ කියන්නෙ....

අරහෙ ඉතින්.....වලව්ව පහුකරන් යන්ඩ ඕන.....

හ්ම්ම්ම්....එතකොට අම්මයි අප්පයි කව්ද කිව්වෙ නෑනෙ අප්පුවා ..අප්පුවගෙ අම්මගෙ නම කව්ද....

අම්මා නෑ....මුගෙ අම්මා ඉන්නෙ.....කුඩම්මා ඉන්නෙ...

කුඩම්මා....??

හු.....ම්ම්

කව්ද ඉතින් නම....

කුඩම්මා තමයි....

කුඩම්මගෙ නම කුඩම්මද??

ඔව්....කුඩම්මගෙ නම කුඩම්මා....

එතකොට අප්පච්චි??

අප්පච්චි තමයි.....

.....අප්පච්චි විතරද ඉස්සරහට පස්සට මොකුත් නැද්ද...ගමෙ එවුන් කියන්නෙත් අප්පච්චි කියලද කියන්නෙ අප්පුවො.....

අර මොකටදෑ ගමෙ එවුන් මයෙ අප්පොච්චට අප්පොච්චා කියන්නෙ....??උන් කියන්නෙ බබානිසා කියලා ....

බබානිසා...ද...නැත්තන් බබානිස්ද

බබානිසා!!බබානිසා.....ඕහ් කට කැක්කුම...මං මේ වරකෙ අරන් යනවා..ආය කාක්කො කන්ඩෑ මෙතන දාලා ගිහිලා.....මේවා මං ආගිය පාරවල්...වරකෙට කාක්කො කොටනකන් කොහෙදැයි උන්නෙ....

...........

අප්පුවො....

මොකැදෑ.....??

වරකෙට කූරූගාන්ඩ ගියපු මට අර පප්පා මහත්තයා ආය කතා කෙරුවා....

අප්පුවට බැරිද මේ වලව්ව අස් කරගන්ඩ උදව්වට එන්ඩ...නිකන් නෙවෙ හැබැයි....

වලව්ව අස්කරන්ඩ කියාපි...නිකන් නෙවෙලු කියන්නෙ.....???

තත්පර ගානක් බලන් උන්න මං එහෙම්ම කිරිබන්ඩියා දිහා බැලුවා....පුවක් පට්ටයක් හම්බුනොත් මට මූව දාන් අවුරුද්දට දුවන්ඩ පුලුවන්.....පුවක් පට්ටෙ පදින්ඩ මටත් පුලුවන්.....ඊටත් මං බලාගන උගුරැස්සත් පැහිලා.....

නිකන් නෙවෙද??

ඔව්....අප්පුවට මං ගෙවන්නම්

.....ම්ම්ම්...උගුරැස්ස ගෝණි බාගෙකුයි පුවක් පට්‍ටෙකුයි දෙනවා නම් එනවා...නැත්තන් බෑ!!

(කිරි අප්පු )

-VIJJU LATHA-

More Chapters