මම ඇහුවා එයාගෙන් මගෙ දත් ඒවි නේද කියලා .....එයා මා දිහා බලන් උන්නා.....රොබින් කුරුල්ලගෙ මූන පුරාවටම පොඩි පොඩි රැවුල් කොටත් වැවිලා.....එකාට දුක ඇති....එක්කො මගෙ දත් ආය කවදාවත් එන්නෙ නැතිව ඇති....
මම මගෙ සීරුම් පාරවල් තිබුන අත් දෙක දිහා බැලුවා....
මොනා කරන්නද ...දත් එන්නෙ නැත්තන් ...ඒ කොහොම උනත්...දත් ආවෙ නැත්තන් හොදයි එක අතකට...දත් තිබ්බමනෙ අරුනි අක්කා බනින්නෙ " උඹට කට පන නැද්ද හයියෙන් හපලා කාපන්කො කියලා ...." දැන් ඉතින් මගෙ කට පන නෑනෙ.....
මම එයා දිහා බැලුවා ...රොබින් කුරුල්ලා මගෙ ඔලුව අත ගෑවා....
ක්ක්..කමක්...න්න්...නෑ.....දත්...ආ...වෙ...න්න්..න්න්න්...නැතුවට....ඒ...ඒ ...ඒ...ත....එත ....කොට..අ...අ....අරුනි...අක්...
මට මහන්සී....මට එච්චර දුරට කියා ගන්න බැරි උනා ..මගෙ කටම කැක්කුම හැදුනා.....යටි තොල උඩ මොනවා හරි බරක් එල්ලලා වගේ....මම කියන්න හදපු දේ මගින් නවත්තලා ඔහේ උන්නා....
ඔයාගෙ දත් එනවා ඇබිත්තමෝ....දත් එන්නෙ නැතුව තියෙනවද....මේ චූටි මූනට දත් නාවොත් කැතයිනෙ...
.....
එයා කිව්වා මගෙ දත් එනවා කියලා ...මෙච්චර ගොඩක් එකපාර ගැලවිලත් එනවා කියන්නෙ.....එහෙනමේක ලෝක පුදුමයක් තමයි.....එක්කො රොබින් කුරුල්ලා මගෙ හිත හදන්න බොරු කියනවා ඇති නේ... ..
ඔයාට රහසක් කියන්නද හැබැයි ඉතින් කාටත් කියන්ඩ බෑ... හරිද .අර එහා ඇදේ ඉන්න එකාටවත් බෑ ආ....
මේන් බලන්නකො මෙයා... මෙයත් අහනවා රහසක් කියන්ඩද කියලා .....හරි වැඩේ ..දැන් බැට්මෑනුත් රහසක් කිව්වා..මෙයත් කියනවා....යහපතත් ඇවිත් කිව්වොත්.....රහස් තුනයි.....බාප්පා....සුදු බාප්පා නම් රහස් ගුහාවක්නෙ.....ආච්චම්මා බනින්නෙම එහෙමනෙ...උඹ ඔක්කොම හංග හංග හොර රහසෙ කරපන්කො කියනවනෙ....ඒ උනාට අපේ සුදු බාප්පා ආච්චම්මව ගනන් ගන්නෙම නෑනෙ...ඇහුනා නෑ හුනා වගේ යනවනෙ.....ඒත් ඉතින් යෙවීන්ට එහෙම බෑනෙ...හිටු කිව්වොත් හිටපු තැන උන්නෙ නැත්ත පොල් කොලයල් නවලා ගන්නවනෙ....
මම ලොකු හුස්මක් අරන් එලියට දැම්මා.....රොබින් කුරුල්ලා කිව්වා රහසක් කියන්න තියනවලු හැබැයි සංධීර්ට කියන්න එපාලු....සංධීර්.....එයාට කව්ද දන්නෙ නෑ ඒ නම දැම්මෙ....යෙවීන්ට වගේ අම්මයි බාප්පයිද දන්නෙ නෑ....එයාටත් සයන්නක් තියනවා....මටත් නමට සයන්නක් තියනවා....ඇයි අපේ බාප්පට...නෙහාන් සධීර...ඇයි අපේ තාත්තට. ...රෙහාන් සුධීර....සයනුම කොච්චරක්ද .....සංධීර්.....සංජාන...
හරි ලස්සනයි අප්පා...
මම හා කියලා කියන්න එයාගෙ මූන බැලුවා...ඒ කොහොම උනත් බාප්පට නම් නොකියා බෑනෙ..අපේ බාප්පා කියනවනෙ කාට හැංගුවත් බාප්පට නම් හංගන්ඩ එපා කියලා ....බැට්මෑන්ගෙ රහසත් කියන එකේ.....රොබින් කුරුල්ලගෙ එක නොකියා කොහොමද ....
ඔයාගෙ දත් හතර ගැලෙව්වට...මං ඒකගෙත් දත් ඇන්දම ගැලෙව්වා.....ශ්ශ්....හැබැයි ඔන්න රහසක් ආ...
සන්තානම් මෑනියනේ....මේ රොබින් කුරුල්ලා.....
මම අතින් මගෙ කට වහගත්තා ...එයා මගෙ කනට ලන් වෙලා කිව්වා මගෙ දත් හතර ගැලෙව්වට එයා ඒකගෙ දත් ඇන්දම ගැලෙව්වා කියලා ....දැන් ඉතින් ඒකට දත් නැතුව බත් කන්න වෙන්නෙ....මගෙ අම්මෝ...මෙයාලා හරි වසයි අප්පා....ඒ උනාට සුපිරි වීරයෝ එහෙම නේන්නම්...
දැන් ඉතින් දත් ගැන බය වෙන්න දෙයක් නෑනෙ...දත් ඒවි...හැබැයි බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්ඩ ඕනා.... තේරුනාද...
ම්ම්ම්.....
රොබින් කුරුල්ලා මගෙ ඔලුව අත ගාලා නලුවා ගාවට ගිහින් එයා මොන මොනවදෝ කියලා යන්න යන්නකොට මෙච්චර වෙලාම ඵෝන් එකේ එල්ලීගන් උන්න නලුවා ඵෝන් එක පැත්තකට දාලා ඈනුමක් ඇරලා මා. දිහා බලලා ලාවට හිනා වෙලා ඇස් පියා ගත්තා ..මා එක්ක කතා වත් කෙරුවෙ නෑ....
සමහර විට එයාගෙත් කට කැක්කුම ඇතිනේ...මොනවා කරන්නද ...එයත් නිදිනෙ ....මටත් වෙන්නෙ නිදා ගන්න තමයි....ඒත් මට දැන් චූ බරයිනෙ ...යහපතාවත් ආවා නම්....බාප්පා ගිහින්නෙ ඇදුම් අරන් එන්න.....මගෙ අත් වලට බටත් ගහලනෙ ....
මම අනිත් අතෙන් ඔලුව කස කස බිම බැලුවා...ඇදෙන් බැහැ ගන්න පුලුවන් ඒත් මේ වයර් එක.....
මම මාව පොරවලා තිබුන රෙද්ද අහකට කෙරුවා.....මගෙ කකුල් තැන් තැන් වල රතු වෙලා තිබුනා...මං හිතන්නෙ වැටුන පාරවල් වෙන්න ඇති...
තාත්තා එයිද දන්නෙ නෑ...අම්මව බලන්න ගියාද.....අම්මත් එයිද දන්නෙ නෑ.....බාප්පා නම් ඒවි...ඒත් ආච්චම්මා නම් එන එකක් නෑ.....අරුනි අක්කයි නැන්දත් එන එකක් නෑ...එයාලට නම් මගෙන් වැඩක් නෑනෙ.....නේද...
මම මගෙ කකුල් දෙක ඇදෙන් පහතට දැම්මා...දාලා හෙමින් හෙමින් ඇද ගැට්ට ගාවට රීට්ටුවා...
ආ...ව්හ්....
රිදෙනවනෙ.... මගෙ පිට පපුව වැහෙන්න බැන්ඩේජ් කර්ලා තිබුන පැත්තම්ම වේදනා දෙන්න ගන්නකොට මම හරි අමාරුවෙන් හොරාවට කෙදිරි ගෑවා....
මොකද ඔය දගලන්නෙ ම්ම්ම්ම්....
ඒ නලුවා.....ඒත් එයා නිදි ....එයා ඇස් දෙක වහගන උනත් මගෙන් මොකද ඔය දගලන්නෙ අහනකොට මම හොරා වගේ ඔලුව කැසුවා....
ච්ච්....චූ...බ්බ්..බරයිනෙ....
මොනවා කරනන්ද...ඇදේම ගියෝතින් එහෙම.....
එයා ඇස් දෙක වහගන උන්න හින්දම මම ඉක්මනට ගොත ගගහා චූ බරයි කියනකොට එයා ඇස් ඇරලා මා දිහා බලලා මොකුත් නොකියා එයා පොරවන් උන්න රෙද්ද අයින් කරල එයාගෙ වයරුත් එල්ලන් මගෙ ගාවට ආවා...
වඩාගන්න නම් බෑ.....මේ ....අත කැඩිලා...අත උස්සගන්නත් බෑ.....
ම්ම්ම්....
එයා එයාගෙ අත කැඩිලා කිව්වා.....ඒත් අනේ අත හොදට තිබ්බා.....එක්කො අත ඇතුලෙන් වෙන්න ඇති කැඩිලා තියෙන්නෙ ....එයා මාව හිමීට බැස්සුවා..බස්සලා මගෙත් වයර් ටික එයාගෙ අතට පටලව ගත්තා ...හරි වැඩේ කියන්නෙ අපි දෙන්නටම දැන් බැනියම් නැ...කොට කලිසම් දෙක විතරයි....
මම මී පැටියා වගෙ ඉස්සරහින් නොන්ඩි ගහනකොට එයා ලොකු මීයා වගේ මගෙ පිටිපස්සෙන් නොන්ඩි ගැහුවා.....
තනියම යන්න පුලුවන්ද මං එන්නද.....
එ..එ...එපා....මට....ප්ප්...ප්පුලුවන්නෙ...
හා....එහෙනම් අත පාරවගන්න එපා...ඔය කට්ට ගැල උනොතින් ආයම ගහයි....
එයා මගෙ වයර් එක අමුනපු අත පෙන්නලා අත පාරවගන්න එපා කියනකොට මම මගෙ අත දිහා බැලුවා....ඒක රිදෙනවා.....ඇතුලෙන් කට්ටක් ඇනෙනවා වගේ....ඒක එහා මෙහා වෙනකොට මට ඒක පුදුම විදිහට කැක්කුම් දැනුනා වගේම මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු ආවා..කදුලු ආවා විතරයි නහයත් බුරුල් උනා....
ඇයි බබී...ඇයි අඩන්නෙ....අත පෑරුනාද.....
එයා මගෙන් අහනවා අත පෑරුනාද කියලා ....පව්...මම.ඔව් කියල කිව්වොත් එයාටත් දුක හිතේවිනෙ...
ග්
මම කදුලු පිරුන ඇස් වලිම්ම එය දිහා බලලා ඔලුව වනනකොට එයා මගෙ ඇස් දෙක පිහලා නහයත් අතින් පිහ දැම්මා...එයා කොච්චර නම් හොදද.....මගෙ හොටුත් ඇල්ලුවා....අපේ ආච්චම්ම වත් අල්ලන්නෙ නෑනෙ....ඒකට නලුවා...
එයා මගෙ නහය පිහදැම්මට පස්සෙ මම මගෙ කලිසම ඉස්සරහින් පාත් කරලා එයා දිහා බැලුවා....බලන් ඉන්නවද කියලා ..අපේ බාප්පා නම් මම ඇගහෝදන් එනකොට පොඩ්ඩක් ඉස්සරහින් මිරිකලා යනවා....නැත්තන් ඕකෙ චූටි බන් කියනවා....එක්කො කියනවා උඹට ඕක තියාගන නම් කෑල්ලක් හොයාගන්ඩ බෑ කාලා ලොකු වෙයන් කියලා ...ඒත් ඉතින් මේකෙයි කෑල්ලක් හොයා ගන්න එකේ තියන සම්බන්දෙ මොකක්ද....
එයා උන්නෙ අහක බලාගන....මට චූ දාන්නත් ඕනේ....සද්දෙ ඇහෙනකොට ලැජ්ජත් එක්ක.....ඒත් ඉතින් එයාට එලියට යන්න කියන්නත් බෑ....මගෙ වයර් ටික පටලවන් ඉන්නෙ එයානෙ.....
එයත් අපෙ බාප්පා වගේ මිරිකයිද.....??
නෑනෙ නලුවෙක්නෙ.....එයා ඔව්වා අල්ලන්නෙ නෑ....
යෝ....හ්...කොල්ලො....ඔය පොඩි බෝලෙ මම ගලවගන්නෙ නෑ...ඉක්මනට චූ කරපන් මටත් චූ බරයි ඕකම තමා මටත් තියෙන්නෙ....
ම්ම්...මෙ...මෙච්...මෙච්...චර චූ...ටි...එක...එක..ක්???
.....!!!#$$$
මට මහා මොක්කද වගේ උනා....එයා මම ඇඹරෙන හැටි බලන් ඉදල ඔය පොඩි බෝලෙ ගලවගන්නෙ නෑ එයාටත් තියෙන්නෙ මේකක්මයි කියලා කියනකොට මම එයාගෙනුත් මෙච්චර චූටි එකක්ද අහනකොට එක පාරම එයාගෙ කනක් රතු උනා එයා යටි තොල හපා ගත්තා ....
අනේ ඉතින්...මම වැරදි දෙයක් ඇහුවෙ නෑනෙ....මට ඕනා උනේ...එයාටත් ඉක්මනට කාලා ලොකු වෙන්ඩ කියන්නනෙ....බාප්පා කිව්වනෙ කෑල්ලක් හොයා ගන්ඩ බැරිවෙනවා කියලා ...තේරුම මොක උනත් බාප්පලා බොරු කියන් නෑනෙ...
එතනින් පස්සෙ මම එයා දිහා බැලුවෙ නෑ...මම එක අතකින් අල්ලන්.චූ දැම්මා...කොමඩ් එක වටේ ගෑවුනොත් අපේ ආච්චම්මා කෑ ගහනවනෙ ඕක කපනවා කියලා ....ඒක හින්දා මම ඉස්සරහට වෙලා වටේ වද්දන්නෙ නැතුව කරලා වතුරත් ගහලා අතත් හෝදන් හරි අමාරුවෙන් කලිසමත් දාගත්තා ...මගෙ අත කොර වෙලා නෑනෙ...එක අතනෙ කැඩිලා තියෙන්නෙ...අනිත් අතෙන් එලියට ගන්න ඇතුලට දාගන්න පුලුවන්නෙ....අනික ඉතින් මේක ඇහැට පේන්නෙත් නෑනෙ කියලා අපේ බාප්පත් කියනවනෙ.....
අපේ බාප්පා නොදන්න දෙයක් ණෑ අප්පා...
යෙවීන්...මෙන්න මේක මෙහෙම්ම අල්ලගන්න....දෙකම අල්ලන් ඉන්න ඔයාට බෑනෙ...
හ්හ්...හ්හ්..හා....
එලියට යන්න ඕන් නෑ...ඔහොම්ම ඇතුලෙන් ඉන්න...
...ක්ක්...කමක්...න්න්...නැ...ද්ද....
මොකටද....
ම්ම්...ම්ම්..මම....උ...උ..න්නට....
උන්නට කමක් නෑ..අනිත් පැත්ත හැරියන්....
ඉ..ඉ...ඉතින්..මාත්....ඕක..ග්ග්...ග්ග්..ගලවගන්නෙ...න්න්...නෑනෙ....
අනෙ අනේ....පොඩි පකෝ...
සන්තානම් මෑනියනේ....මේ නලුවා...කුනු කතාත් කියනවා.....නලුවො උනාට කියනවා ඇති නේ...
කොච්චර කට රිදුනා උනත් මම ගොත ගගහා එයා කියපු එකම කියනකොට එයා හිනා උනා....හිනා වෙලා මගෙ කම්මුල අල්ලන්න හැදුවා විතරයි මගෙ කට ඉදිමිලා හින්දා නහය උඩට තට්ටුවක් දලා අනිත් පැත්ත හැරෙනකොට මම අහක බලා ගත්තා ....
දැන් ඉතින් හරි ...දොයියන්ඩ ඕනා....ආය බැහැ බැහැ යන්ඩ එපා තේරුනාද.....තාම උදේ ....අම්මලාට බලන්ඩ එන්න පුලුවන් දවල්ට ....තව චුට්ටෙන් මොනවා හරි ගෙනල්ලා ඔයාට පොවයි ....හොද ළමයා වගේ අකීකරු කම් නොකර මෙහෙම ඉන්ඩ ඕනා ආ ...
ම්ම්ම්ම්....
එයා මාව ඇදට නැග්ගුව....ඒ විතරක් නෙවෙ මම තනියම බහීවි කියලා මගෙ ඇද එයාගෙ එකට හේත්තු කෙරුවා ..දැන් අපි දෙන්නම ඉන්නෙ ලොකූ ඇදක වගේ .. හොද වෙලේට එයාගෙ නම් වයර් එක අමුනලා තියෙන්නෙ බත් කන අතට නෙවෙ...ඒ උනාට අනෙ..එයාගෙ වයර් එක තියන්නෙ කක්කි හෝදන අතටනෙ....දැන් කොහොමද හෝද ගන්නෙ.....
යෙවින්ට හෝදන්න කියයිද දන්නෙ නෑ....
ඒත් ඉතින් නලුවෙක් හින්දා අපිට වගේ බඩ රිදෙන් නැතුව ඇති....
ඒත් ඉතින් ඔව්වා කොයන්න අමාරුයිනෙ.....
මම එක එක විකාර ගොඩාක් හිතුවා....එයා ආයම ඵෝන් එක දිහා බලල බල වතුර වගේ ඉංග්රීසි කතා කර කර කාට කාට හරි මොනවදෝ කියනකොට මම එයාගෙ අනිත් පැත්තෙ ඉදන් වෙන වෙන බහුබූත හිතුවා . අපි දෙන්නම දැන් පොරවන් ඉන්නෙත් එක රේද්ද වෙනකොට නලුවා ගාවින් එන අමුතු සුවදට මම හොරාවට හොරාවට ඉව අල්ල අල්ල උන්නා විතරයි ඇගේ මහන්සියටද කොහෙද මට ආයම නින්ද යන්න ආවා උනත් බාප්පා ආවොත් කියලා මම ඇහැරන් උන්නා...
මම නලුවා දිහා බැලුවා .එයා කියවනවා...ආය කෑ ගහනවා...ඒ ටිකකිම්ම ආයම කට හඩේ සද්දෙ අඩුකරගන්නවා...මොනවා උනත්....ලොකූ දෙයක් වෙලා වගෙ.....
එයාට මා එක්ක වත් කතා කරන්න ඉඩක් නැති වෙන තරමට එයාගෙ ඵෝන් එලට කෝල් ආවා....මෙච්චර වෙලාම වැඩකට නැති දේවල් හිත හිත ඉන්න මට එක පාරම කසාදෙ කටු ගානවා කියන වචනේ ආයාම මතක් වෙනකොට මෙච්චර වෙලා ඵෝන් එකේ උන්න නලුවා ඒ පාර ඵෝන් එකට කොටන්න ගන්නකොට මම බෙල්ල දාලා එබිලා බැලුවා....
මැසේජ් මැසේජ් .....
අපේ සුදු බාප්පට පුලුවන් බත් කන ගමන් මැසේජ් කොටන්න...එයාට කෑල්ලක් ඉන්නවලුනෙ....ඒ කෑල්ල කන්නෙ නෑලු මෙයා කනකන්....අපේ අරුනි අක්කා තමා ඔව්වා කියන්නෙ....කෑල්ලට මම කෑවෙ නෑ කියලා මැසේජ් එක කොටන්නෙත් බත් කනගමන්නෙ.....මට ඔව්වා තේරෙන්නෙ නෑ...
මොකද...ම්ම්ම්...
එයා මගෙ දිහාවත් නොබලා ඵෝන් එක දිහා බලාගන මොකද කියලා අහනකොට මම මට ඕනා කරන දෙ අහන්න කට හැදුවා...කතා කරන්නත් බෑ.....මගෙ කට රිදෙනවා...ඒත් නාහත් බෑ....මම අහන්න කලින් ඇස් හීනිකර ගත්තා ...හැම දාම වගේ මගෙ ඔලුව හෙල්ලෙනකොට අද මගෙ කට සම්පූරනම වේදනා දුන්නා... .
ක්ක්...ක්ක්..කසාද....යක්....ක්ක්...කටු ගානවා කියන්නෙ ම්ම්....මොකක්ද.....
මම ඇහැව්වා...එයාට තේරුනාද නැද්ද දන්නෙ නෑ...එයා මගෙන් මොකද කියලා අහලා කෙරුවෙත් ඵෝන් එක් දිහා බලන් උන්න එක වෙනකොට එයාට ඒක තේරෙනවා තියා ඇහුනද කියන්නත් මට සැක ඇති වෙනකොට මම බලන් උන්නා....
ඩිවෝර්ස් වෙන එකට....
...
දික්කසාද වෙන එකට....
...
බැදපු දෙන්නෙක් වෙන් වෙන එකට....
එයා ඵෝන් එකේ සිහියෙන් ඉදන් එක දිගට දිගට කියාගන කියාගන යනකොට අවසානම වචන ටික මගෙ පපුව පෑරුවා.....එයා කිව්වා බැදපු දෙන්නෙක් වෙන් වෙන එකට කියලා...හිතට දැනුන වේදනාව වැඩි කමට අස් වලට කදුලු පිරෙන්න කලින් මගෙ යටි තොල නාස් පුඩු ඉහල පහල යනකොට මම අනිත් අතින් මගෙ පපුව අල්ල ගත්තා .....ආච්චම්මා කසාදෙ කටු ගාවන්න හදන්නෙ අම්මවයි තාත්තවයි වෙන් කරන්න හදන එකට.....
අම්මයි තාත්තයි වෙන් උනොත් මට මොකද වෙන්නෙ....මට අම්ම තාත්තා දෙන්නම ඕනෙ....
මට ඇඩුනා...මට හයියෙම්ම ඇඩුනා.....
බබී .....බබී...ඇයි පුතේ මේ...ඇයි මේ...ඇයි...මේ අඩන්නෙ...
එයා එක පාර අඩන මා දිහා බැලුවා ...මෙච්චර වෙලාම ඵෝන් එකේ උන්න එයා ඵෝන් එක පැත්තට දාලා මා දිහා බලන් ඇයි ඇයි කියලා අහනකොට තුවාල වේදනාව හින්දා මට අඩන හේතුව වත් කියා ගන්න බැරි උනා.....
අනේ ඇයි යෙවීන්.....ඇයි කියන්නකො.....තුවාල පෑරුනාද.....නැත්තන් මෙ අත කැක්කමද...කට්ට ඇනුනාද...නැත්තන් කට රිදෙනවද.....
න්න්....න්න්...නෑ.....
නෑ..එහෙනම්....එහෙනම් ඇයි....ඇයි මේ අඩන්නෙ.....කෝ....හොද ලමයනේ....නාඩා ඉන්ඩකො...මේ කටේ තියන තුවාලෙ පෑරෙවිනෙ වස්තුවෙ...
එයා මගෙ මූන අත ගගා අඩන්න එපා....අඩන්න එපා අඩන්න හේතුව අහනකොට මම දුක වැඩි කමට එයාගෙන් අහන්නෙ වත් නැතුව එයාට තුරුල් වෙනකොට අනේ එයා මාව තුරුල් කර ගත්තා....
බබී...බබී.....හොද දරුවා නෙ....කියන්නකෝ...
අම්ම්....අම්ම්...ට.....කිය...කියන්ඩ....කිය....න්ඩකො.....ත්ත්....තාත්තව....ද්ද්....ද්ද්...දාලා...යන්ඩ...එපා....කියලා.....
මම ඇඩුවා...අම්මට තාත්තව දාලා යන්න එපා කියන්නකො කියලා අඩපු මම අනිත් අතට කටේ තිබුන තුවාල පාරන් අම්මවත් දාලා යන්න එපා කියල තාත්තට කියන්න කිය කිය අඩන්න ගත්තා .....
මම දැගලුවා...අම්මා තාත්තා වෙන් වෙනවා කියන එක මගෙ පොඩි හිතට හිතුවෙ වත් නැති තරම් බරක් එකතු කරනකොට ආච්චම්මා සැරින් සැරේම කියපු කතා මතක් වෙනකොට මගෙ හිතට තව වේදනාව වැඩි වෙන්න ගත්තා ...එයා අහනවා අඩන්න හේතුව ..පස්සෙ ඇහුවා...කව්ද ඔය කතාව කිව්වෙ කියලා ....මොකාද මගෙ පුතාට කසාද කටු ගානවා කිව්වෙ අහන ගමං මගෙ මූන කෙලින් කරනකොට එයා දැක්කා මගෙ යටි තොලට දාපු මැහුම් කැඩිලා සෙවල එක්ක ලේ පෙරෙනවා....
දෙයිය්නේ....යෙවීන්.....යෙවීන්...අනේ....
උඹ මැහුම් කඩාගන නේද දරුවෝ.....
නාඩා ඉදින්කෝ.... යෙවීන්...නාඩා ඉදින්කෝ....මේ කටින් ලේත් එනවා.....උඹට කව්ද ඔය මගුල් කිව්වෙ යෙවීන්.....මොකාද උඹගෙ ඔලුවට ඔය ව්ස බීජ දැම්මෙ....නඩා ඉදින්කො....මේ කට ඔක්කොම පැරුනා...
එයා මගෙ කට පිහ පිහ කෑ ගැහුවා...මගෙ යටි තොලේ පැලුන මස එකට කරපු නූල් එකින් එක ගැල්විලා යනකොට පෑරුන තුවාල වල ලේ ඉදිමුන කටින් සෙවලත් එක්ක වැක්කෙරෙනකොට මම ගොත ගගහා හුසම් අල්ල අල්ල කොන්ඩෙන් ඇද ඇද කෑ ගැහුවා....අම්මා තාත්තා දෙපැත්තකට උනෝතින් මට අම්මා තාත්තා නැති වෙලා යනවා කියන එක තේරෙනකොට ආච්චම්මා කොයි වෙලෙත් අම්මට බැන බැන තාත්තට කසාදෙ කටු ගාපන් කිය කිය ඔලුවට විස පුරවන එක මතක් වෙන වාරයක් ගානෙම මම දගල දගල ඇඩුවා...අම්මව දාලා යන්න එපා කියන්න කිය කිය ඇඩුවා...කියන්ඩ ඕනා කරන වචනෙ හරියටම කියා ගන්න බැරි වෙනකොට මම මගෙ අතෙ තිබුන වයර් ගලවගන දුවන්න හැදුව ..ඒත් එයා මාව අත් දෙකෙම්ම තද කරලා අල්ලගන්නකොට මම එයාගෙ වයර් එක පවා ඇදල දැම්මා...අම්මව තාත්තව ඉල්ලුව...දාලා යන්න එපා කිය කිය ගොත ගැහුවා...සුදු පාට ඇද රෙදි රතු පාට වෙනකොට යහපතා තව නර්ස් කෙනෙක් එක්ක දුවන් ආවා.....මම අඩ අඩෝම අම්මා තාත්තව ඉල්ලුවා...
අම්මව....අම්මව...ද්ද්..ද්දාලා ...ය....න්....ඩ....එපා....එපා....තා....ත්තේ.....හ්...තා.....ත්.....තේ ....අනේ...හ්...අ...අ....අ...නේහ්...ත්....ත් ..ත්.....තා...ත්....තේ...හ්හ්හ්හ්....ම්ම්...මගෙ.....ත්ත් ...තා...ත්ත්...ති...යෝහ්.....
🥺ආයම රෑට එන්නම්....
ජොබී නිදහස් උනානෙ...🥺
මේ ළමයා බයියන්න යන්නෙ...ඔය ලමයිනුට් බයියන්න.....
මම
Ferdeesha ❤️💚😘 ....